Author: Mahamegha

නමස්කාර වේවා මාහිමි මිහිඳු….!

“ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයන් වූ අප ඔබ හා ඔබේ රටවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු.” ඇත් පිය සටහන් දෙසුමෙන් තිසරණ ගන්වා දහම් දෙසද්දී රජු ඇතුළු පිරිසට දහම් මග විවර විය. අනුලා බිසවුන් ප‍්‍රමුඛ රාජ මහේෂිකාවන්ට පේ‍්‍රත වත්ථු – විමාන වත්ථු දෙසුමින් පවෙහි ආදීනව ද, පිනෙහි අනුසස් ද පහදා දුන් සේක.

Read More

දිඹුලාගල මහ කන්දේ සිහරජු

එදා සොරිවිල ග්‍රාමයෙන් ඇරඹි ගමනේ දී, රුහුණෙන් පැමිණි ගැමුණු කුමරු මෙරට එක්සේසත් ශ්‍රී ලංකාවක් බවට පත් කළාක් මෙන්, රුහුණු ජන්ම භූමි කොට ගෙන උපන් මහා විජයබාහු මහ රජු පොළොන්නරුව තම රාජධානිය කොට ගෙන මුළුමහත් ශ්‍රී ලංකාවේ ම අණසක පැතිරුවා මෙන්, විසිවන සියවසේ සිය රටේ උරුමය අහිමි වූ සිංහලයන්ට යළිත් පණ දුන්නේ දිඹුලාගල සිරි සීලාලංකාර හිමිපාණන් ය.

Read More

මෑත ඉතිහාසයේ විස්මිත රාජ්‍ය පාලකයා – ධර්මාශෝක

කාලිංග මාඝ ආදි දකුණු ඉන්දීය ආක්‍රමණයන්ගේ සිට ගාන්ධිලා, රා ඕලා, සිං ලා හරහා වත්මන් තමිල්නාඩු බලපෑම් දක්වා ඉන්දියාවෙන් ලක්දිවට සිදු වූයේ කෙනෙහිලිකම් ය. විනාශයන් ය. පළිගැනීම් ය. එදා මෙදා තුළ යම් ඉන්දීය රාජ්‍ය නායකයෙකුගෙන් ලක්දෙරණ සුවපත් වූවා නම්, අද පවා කෘතඥපූර්වක ව සිහිපත් කරන්නේ නම්, ඒ එකම නායකයා ‘ධර්මාශෝක අධිරාජයා’ ය.

Read More

හිතවත සෙනෙහසින් සටහන් තබමි මෙසේ

වසර දහතුනක් පුරාවට පාසැල් ගියෙමි. හැමදාමත් පාසැල අවසානයේ ඡත්ත මානවක ගාථා මන්තරයක් සේ ම මැතිරුවෙමි. අල්ප මාත්‍රයක හෝ තේරුමක් නම් දැන උන්නේ නැත. අහෝ! අඩු ම තරමින් එම ගාථාවන්ගේ නියමාකාර තේරුමවත් දැනගන්නට ලැබුණේ නම් අපේ මිනිසුන් මීට වඩා බොහෝ සුන්දර පිරිසක් වනු නො අනුමාන ය. තවමත් එයට අප පමා නැත.

Read More

සෝම හිමියන්ගේ සුවිශේෂී ගමන් මග

‘‘කාලකණ්ණි බෞද්ධයා යදිනවා, ඉල්ලනවා. ධර්මයට, සදාචාරයට කැමති නෑ. දුරාචාරය රජ කරනවා. ඔය ඇත්තො ධර්මයට කැමති වෙන්න. එතකොට දියුණු වේවි. ධර්මයට පිටුපෑම නිසයි මේ වින්නැහිය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up