බෞද්ධ අපගේ ජීවන මාර්ගයේ ප්‍රමුඛතාව ලැබිය යුතු ගුණාංගය වන්නේ සන්තුෂ්ටිය යි. සන්තුෂ්ටිය පරම ධනය යි. එසේ වුව ද අද අප බලාපොරොත්තු වන සංවර්ධන ඉලක්ක සහ අපගේ සන්තුෂ්ටිය අතර ඇති අසමතුලිතතාව පිළිබඳව පසුගිය කලාපයෙන් සඳහන් කළෙමි. දළ ජාතික සන්තුෂ්ටිය වැනි ඉලක්කයක් තාමත් අප රට තුළ නොමැති නමුත් රට තුළ ජීවත් වන අයගේ සන්තුෂ්ටිය ගැන සාකච්ඡුා කිරීමට අපට බාධාවක් නැත. අප ජීවත් වන්නේ සතුටින් ද? සතුටින් ජීවත් වීමේ ඉලක්කයක් රටට හෝ පුද්ගලයන් වශයෙන් අපට තිබේ ද? සංවර්ධනය ගැන ඉහළින් කතා කරන සැමගේ සිත් තුළට යා යුතු යථාර්ථයන් පිළිබඳව යළි අවධානය යොමු කළ යුතු කාලයක් එළඹ තිබෙන බව පෙනේ.
උදෑසන අවදි වන ඔබ ඕනෑම රූපවාහිනී හෝ ගුවන් විදුලි නාලිකාවක් ක්‍රියාත්මක කර බලන්න. ඔබට එක්කෝ පිරිත් දේශනයක් ඇසෙනු ඇත. නැත්නම් ධර්ම දේශනයක් ඇසෙනු ඇත. අප රට එ් තරමට ම ධර්මයට ලැදි ය. සවස රූපවාහිනී හෝ ගුවන් විදුලි නාලිකාවක ප්රවෘත්ති අසන්න. ඔබට ඇසෙන දේ විමසා බලන්න. වැඩිපුර එ්වායේ ඇත්තේ මිනීමැරුම්, මංකොල්ල කෑම්, වංචා, සොරකම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ගැන නො වේ ද? පුවත්පතක් ගෙන බලන්න. එහි වඩා ඉස්මතු කර දක්වා ඇත්තේ ඉහත සඳහන් ආකාරයේ අපරාධ ගැන වාර්තා නො වේ ද? කුමක් ද මේ විපරීතය?
අපට කොහේ හෝ වැරදිලා තිබෙන බව ඔබට නො වැටහේ ද? අපට වැරදුන තැන් බොහෝ ඇත. එ් ගැන බොහෝ දේ කතා කළ හැක. බෞද්ධ බහුතරයක් සහිත ජනතාවක් සිටින රටක් ලෙස අපට වැරදුන තැන් පිළිබඳව ආවර්ජනාවක් කිරීම මෙම වෙසක් සමයේ සැමට උපකාරී වන දෙයක් බව සිතමි.
අපට වැරදුන තැන්
ඔබේ ජීවිතයේ ඉලක්කය කුමක්දැයි යමෙකු ඇසුවොත් ඔබ එක් වර ම දෙන පිළිතුර විවිධ විය හැකි ය. එම පිළිතුර ඔබේ අනාගත අපේක්ෂා විස්තර කරනු ඇත. මුදල්, ඉහළ රැුකියාවක්, සමාජ තත්ත්වය, නිලතල, ඉඩ කඩම් දේපළ, නිවාස, වාහන, විදුලි උපකරණ මෙකී නො කී බොහෝ දෑ ඔබේ ලයිස්තුවට ඇතුළත් වනු ඇත. මෙම භෞතික සම්පත් ලයිස්තුව අප ජීවිතයට අත්‍යවශ්‍ය අංග ලෙස එක් කරනුයේ අපේ රටේ මෙන් ම වත්මන් ලෝකයේ මහත් ඉහළින් අගය කරනු ලබන සංවර්ධන දැක්ම විසිනි.
වත්මන් ලෝකයේ සංවර්ධන දැක්ම කුමක් ද? අප අද සංවර්ධනය මනිනු ලබන්නේ භෞතික සාධකවලිනි. සංවර්ධනය ගැන කතා කරන අය එය විග්රහ කරන්නේ පාරවල්, වරාය ගුවන් තොටවල්, ගොඩනැගිලි සහ මහා පරිමාණ ව්‍යාපෘතිවලිනි. මෙම මහා පරිමාණ ඉදි කිරීම්වලින් සංවර්ධනය විදහා දැක්වීම ගැන අප විරුද්ධ විය යුතු නැත. එහෙත් එ්වා ද සමග මිනිසාගේ අභ්‍යන්තර අධ්‍යාත්මික දියුණුව පිළිබඳව කිසිදු සංවර්ධන සැලැස්මක් සකස් වී තිබේ ද? අවම වශයෙන් සංස්කෘතික හරයන්වත් සංරක්ෂණයට හෝ සංවර්ධනයට සැලසුම් සකස් වී තිබේ ද?
අපගේ සංවර්ධන ඉලක්කය විය යුත්තේ කුමක් ද?
බෞද්ධ දර්ශනය විග්රහ කරන්නේ අප සැම ම දුක උරුම කර ගෙන පැමිණි අය වශයෙනි. බෞද්ධ අපගේ අවසාන ඉලක්කය වනුයේ මෙම දුක නැති කර ගැනීම යි. එනම් නිවනට සම්ප්‍රාප්ත වීම ය. මෙම ජීවිතය යනු ඉපදී මිය යමින් අනන්ත සසරේ ගමන් ගන්නා අතරතුර තාවකාලික නැවැත්මක් පමණි. මෙම සංසාර යථාර්ථය පිළිබඳ අප පිළිගන්නා විග්‍රහය චතුරාර්ය සත්‍යය යි. නිවනට පැමිණීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් පැහැදිලිව සහ අංග සම්පූර්ණ වශයෙන් අප බුදු පියාණන් වහන්සේ විස්තර කර දී ඇත.
බෞද්ධ අපගේ සංවර්ධන ඉලක්කය තේරුම් ගත යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පදනම් කර ගෙන ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපගේ අධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමේ එ්කායන මාර්ගයයි.
බෞද්ධ අපගේ සංවර්ධන ඉලක්කය
අප මෙම ජීවිතයේ දී දියුණුව හෝ සංවර්ධනය මුවාවෙන් කරන ක්‍රියාකාරකම් හරහා හොඳ හෝ නරක කර්ම අපට එකතු කරයි. අප කරන ගොවිතැන, කර්මාන්තය හෝ රජයේ පෞද්ගලික අංශයේ රැුකියාව අප ජීවිතයට කර්ම එකතු කරයි. අප කරන රැුකියාව සම්මා ආජීවයක් නො වී මිච්ඡුා ආජීවයක් වන්නේ නම් අපගේ අධ්‍යාත්මික ඉලක්කයට එය බාධා කරයි. ධාර්මික නොවන මාර්ගවලින් ධනය එක් රැස් කර ගැනීම තුළ කෙටිකාලීන භෞතික සම්පතක් එකතු කර ගන්නා නමුත් එය අවසාන වශයෙන් සතර අපායට දොරගුලූ විවර කරයි.
ආර්යඅෂ්ටාංගික මාර්ගය වඩා ප්‍රායෝගිකව ගිහියකුට ක්‍රියාත්මක කිරීමට පහසු වීම සඳහා බුදුරජාණන් වහන්සේ පංච සීලය වදාළහ. ගිහියාට තම සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී නිර්ණායකයන් වශයෙන් මෙලෙස තමාගෙන් ම විමසා ගත හැකි ය.
1. සත්ව ඝාතනයක් සිදු වනවා ද?, ඊට අනුබලයක් වනවා ද?
2. අන් සතු දේපළක් තම පරිහරණයට ගනී ද? ඊට අනුබලයක් වනවා ද?
3. කාමයේ වරදවා හැසිරීම හෝ එබඳු ක්‍රියාවන්ට පෙළඹවීමක් වනවා ද?
4. අසත්‍ය ප්‍රකාශයන් කෙරේ ද? එ් සඳහා පොළඹවනවා ද?
5. මත් ද්‍රව්‍ය භාවිතයක් සිදු වේ ද? තව කෙනෙකු පොළඹවනවා ද?
සම්මා ආජීවය විග්රහ කිරීමේ දී කෙනෙකු විසින් නො කළ යුතු වෙළඳාම් ලෙස සඳහන්ව ඇත්තේ මාංශ පිණිස සතුන් වෙළඳාම, වසවිස, අවි ආයුධ වෙළඳාම, වහල් සේවය පිණිස මිනිසුන් වෙළ`දාම, මත්පැන් වෙළඳාම යන එ්වා ය. වෙනත් ලෙසකින් විග්රහ කරන්නේ නම් පංච සීලය රැුකීමට බාධා වන අන්දමේ ජීවන මාර්ගයන් ය. ඉහත ප්‍රශ්නවලට ඔබට ඔබේ ම හදවතින් නැතැයි කීමට හැකි නම් එය කෙතරම් ආශ්චර්යයක් ද? ඔබ නිවැරදි ධර්ම මාර්ගයට පිළිපන් වෙමින් සිටිනවා යයි ඔබට සතුටු විය හැකි නො වේ ද?
මෙලොව යහපත පරලොව සුගතිය සංවර්ධන උපාය මාර්ග
බෞද්ධයාගේ සංවර්ධන ඉලක්කය මෙලොව යහපත – පරලොව සුගතිය සලසා ගැනීමට උපකාරී විය යුතු ය. ධාර්මික ක්‍රියාමාර්ගවලින් ධනය උපයා ගැනීම සම්මා ආජීවය යි. එසේ කිරීමේ දී අපට පරලොව සුගතිය සලසා ගැනීමේ මාර්ගය නිතැතින් ම වැඩේ.
පුද්ගල මෙන් ම රාජ්‍ය මට්ටමේ ද සංවර්ධන උපාය මාර්ග හඳුනා ගැනීමටත්, එ්වාට සාර්ථක විසඳුම් ලබා දීමටත් ඉතා ප්‍රබල විශ්ලේෂණ ක්‍රමවේදයන් අපට බුදු දහම විසින් දායාද කර දී ඇත. කරන්නන් වාලේ කරන්නට හෝ බටහිර ක්‍රම අනුකරණයට අපගේ නැමියාවක් ඇත. එ් තුළින් අවසන අපට ඉතිරි කර ඇත්තේ අසාර්ථක වැඩ සටහන් සහ පසුතැවීම ය. පාපකර්මවලට දැන දැන ම දායක වීම ය.
ගිහි අපගේ ද අවසාන සංවර්ධන ඉලක්කය චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම ය. එ් සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම හැර වෙනත් මගක් නැත. එම මගෙහි ගමන් කිරීමෙන් මෙලොව යහපත පරලොව සුගතිය අපට ළඟා කර ගැනීම ඔබ සැක කළ යුතු උපාය මාර්ගයක් නො වේ.
සංයුත්ත නිකායේ අස්සුතවත්තු සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද මුල ධර්මය විග්රහ කිරීමේ දී මෙසේ වදාළහ.
‘‘මෙය තිබුණොත් තමයි මෙය ඇති වන්නේ. මෙය ඉපදීමෙන් තමයි මෙය උපදින්නේ.
මෙය නැති වුණොත්් මෙය නැති වෙලා යනවා. මෙය නිරුද්ධ වෙනකොට මෙය නිරුද්ධ වෙලා යනවා.”
දුක නැති කර ගැනීමේ උපාය මාර්ගය හඳුනා ගැනීමට උපකාරී වන්නේ පටිච්චසමුප්පාදය යි. එහි පදනම හේතු ඵල විග්‍රහය යි. සැම දෙයක් ම පවතින්නේ හේතුවක් පදනම් කර ගෙන ය. නියම ලෙස හඳුනා ගෙන හේතු නිරුද්ධ කළ හොත් ඵලය පවතින්නේ නැත. චතුරාර්ය සත්‍යය මෙය යි. දුක යයි දෙයක් පවතී. එය පවතින්නේ හේතු ප්රත්යයෙනි. එය නිරෝධ කළ හැකි ය. එ් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙනි.
බෞද්ධ අපගේ සංවර්ධන සැලැස්මේ උපාය මාර්ගය ලෙස මෙම පරම සත්‍යය ඉතා කදිමට ගළපා ගත හැකි ය. එ් හේතු ඵල විග්‍රහය ප්‍රායෝගිකව තමනට ගළපා ගැනීමෙනි.
උදාහරණයක් ආශ්රයෙන් සාකච්ඡුා කරමු. මුලින් ම ඔබේ ගැටලූ තත්ත්වය හඳුනා ගන්න. කුඹුරේ අස්වැන්න ප්‍රමාණවත් නො විය හැක. එසේත් නැති නම් වියදම්වල ප්‍රමාණයට ආදායම මදි විය හැක. එසේත් නැති නම් කරන ව්‍යාපාරයක් අසාර්ථක වෙමින් පවතිනවා වෙන්නට පුළුවන. ඔබේ ළමුන් නො මග යනවා වෙන්නට පුළුවන.
මුලින් ම කළ හැකි දෙය නම් මෙම ගැටලූව නිවැරදි ලෙස තේරුම් ගැනීම ය. මෙය ඉතා දුෂ්කර කටයුත්තකි. බොහෝ විට අප ගැටලූව වශයෙන් දකින්නේ එහි එක් පැත්තක් හෝ කොටසක් පමණක් විය හැකි ය. ඇතැම් විට අපගේ වාසියට ගැටලූව විග්රහ කර ගන්නවා විය හැකි ය. බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳ විග්‍රහය යාන්තමට මතුපිටින් ස්පර්ශ කළේ නැත. උන් වහන්සේ තරම් ගැඹුරට ගැටලූවක් අපට විග්රහ කර ගන්නට නො හැකි වුව ද හැකි උපරිම විශ්ලේෂණයක් ගැන අපට සිතන්නට පුළුවන.
අනතුරුව ඔබට එම ගැටලූවට බලපාන හේතු (සමුදය) විග්රහ කර ගන්නට හැකි ය. හේතු විග්‍රහය ද සංකීර්ණ ය. අපට හේතු ලෙස පෙනෙන්නේ මතු පිටින් යාන්තමට පෙනෙන දෙයකි. එසේත් නැතිනම් ඔබ ඔබව ම රවටා ගෙන ක්රියාත්මන කරන්නට කැමති දෙයකි. එසේ හේතු ලෙස මතුපිටට පෙනෙන දේ නොව ගැඹුරට විග්රහ කර නියම හේතු විග්‍රහයක් කර ගත යුතුව ඇත. දැන් ඔබට හේතු ඵල විග්‍රහයක් ලැබේ. ඔබ ගැටලූව හඳුනාගෙන ඇත. ඊට බලපෑ හේතු හඳුනාගෙන ඇත.
දැන් මෙයට ආර්ය න්‍යාය ගළපා ගන්න. ‘මෙය තිබුණොත් තමයි මෙය ඇති වන්නේ. මෙය නැති වුණොත්් මෙය නැති වෙලා යනවා.’ ඉදින් එම ගැටලූවලට බලපෑ හේතු ඉවත් කිරීමට එ්වා තවදුරටත් බල නො පාන ලෙසට ඉවත් කිරීමට ඔබට උපාය මාර්ගයන් ක්‍රියා පිළිවෙළවල් සකසා ගන්නට පුළුවන. එම උපාය මාර්ග සහ ක්‍රියාකාරකම් මා කලින් සඳහන් කළ සම්මා ආජීවය, පංච සීල ප්‍රතිපදා තුළ ක්‍රියාත්මක කරන්නේ නම් ‘මෙලොව යහපත සහ පරලොව සුගතිය’ පිළිබඳ ඔබේ සංවර්ධන ඉලක්කයන් ඉටු කර ගැනීමට හැකියාවක් ලැබීම සහතික ය.
දැන් අප නුවණින් විමසා බලන්නේ නම් අපගේ සංවර්ධන ඉලක්කය වන ‘මෙලොව යහපත සහ පරලොව සුගතිය’ ළඟා කර ගැනීමේ මාර්ගෝපදේශකත්වය බුදු දහමින් අපට ලැබී තිබෙන බව පැහැදිලි විය යුතු ය.
කරන්නන් වාලේ, යන්නන් වාලේ, භෞතික සම්පත් පමණක් ජීවිත ඉලක්කය කොට ගෙන දුකට පත් වනවා ද?, සන්තුෂ්ටිය පරම ධනය ලෙස සලකා අධ්‍යාත්මික දියුණුව ද ඔබගේ ජීවිත ඉලක්කයක් කර ගැනීමට පෙළ ගැසෙනවා ද?
මෙය ඔබට සිතන්නට කාලය යි.
මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK
හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව
හැපි ග්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.
Recent Comments