යොදුන් සිය දහස් ගණනක් ගෙවාගෙන, සුන්දර කඳුහෙල් තැනිතලා අතරින් සහ ශුෂ්ක වාලූකා තලයන් සහ ගිරි හිස්වලින් ඇද වැටෙමින් ගලා යන ගංගා නම් නදිය සිය ගමන අවසන් කරමින් බෙංගාලයේ දී මහා සාගරය හා යා වේ. කෙතරම් ශුෂ්ක වුවත්, කෙතරම් කටුක වුවත්, දුරු කතරක් ඔස්සේ ගලා ගියත්, ගංගා නම් නදිය සෑම අතින් ම අපගේ ජීවිතවලට වඩා සුන්දර ය. වාසනාවන්ත ය. එනමුත්, අනන්ත සසර පුරාවට, කලාතුරකින් දෙව්ලොවත්, කලාතුරකින් මිනිසත් බවත් ලද අපේ දිවි ගමන සම්පුර්ණයෙන් ම වගේ ගලා ගියේ සා පිපාසාදියෙන් පිරීගිය පේ‍්‍රත ලෝකයත්, අසීමිත දුක්ඛස්කන්ධයකින් යුක්ත නිරයත්, බියත් තැතිගැනීමත් පාලනය කළ නො හැකි රාග ද්වේෂාදියෙන් ද පිරීගිය තිරිසන් ලෝකයත් හරහා ය.
මිනිස් ලොව ඉපදුණු අනන්ත අප‍්‍රමාණ වාර ගණන්වල දී, සමාජය පිළිගත් පියෙකු නො මැති උපතක් ලබා නින්දා අපහාස විඳි වාර ගණන මෙතෙකැයි කිව නො හැක. එවන් අතීතයක් හිමි අපි ම වත්මන් මිනිසෙකුට ‘අවජාතක’ යැයි පවසමින් කෙසේ නින්දා කරන්නෙමු ද?
මිනිස් ලොව ඉපදුණු අනන්ත අප‍්‍රමාණ වාර ගණන්වල දී, මන්දබුද්ධික උපතක් ලබා අපහාස උපහාසයන්ට ලක් වූ වාර ගණන මෙතෙකැයි කිව නො හැක. එවන් අතීතයක් හිමි අපි ම වත්මන් මිනිසෙකුට ‘පිස්සා’ යැයි පවසමින් කෙසේ නින්දා කරන්නෙමු ද?
මිනිස් ලොව ඉපදුණු අනන්ත අප‍්‍රමාණ වාර ගණන්වල දී, අපේ අකමැත්තෙන් ම අප ව මුදලට අනාචාරයේ යොදවා අසාධාරණ ලෙස නින්දා අපහාසයන්ට ලක් වූ වාර ගණන මෙතෙකැයි කිව නො හැක. එවන් අතීතයක් හිමි අපි ම වත්මන් ගැහැනියකට ‘ගණිකාව’ යැයි පවසමින් කෙසේ නින්දා කරන්නෙමු ද?
මිනිස් ලොව ඉපදුණු අනන්ත අප‍්‍රමාණ වාර ගණන්වල දී, දුෂ්ට ක්ෂණයක් ලෙස මිථ්‍යා දෘෂ්ටික ඇදහිල්ලකට ලක් වී විවිධ පීඩා හිරිහැරයන්ට ලක් වූ වාර ගණන මෙතෙකැයි කිව නො හැක. එවන් අතීතයක් හිමි අපි ම වත්මන් මිනිසෙකුට ‘මිථ්‍යා දෘෂ්ටිකයා’ යැයි පවසමින් කෙසේ නින්දා කරන්නෙමු ද?
මිනිස් ලොව ඉපදුණු අනන්ත අප‍්‍රමාණ වාර ගණන්වල දී, අපි අද අප දකින සෑම දුක්ඛිත චරිතයක් තුළ ම වාසය කොට ඇත්තෙමු. යම් නළුවෙක් සෑම භූමිකාවක් ම රඟපා ප‍්‍රවීණයෙකු වන්නේ යම් සේ ද, අප ද මෙම අනන්ත සසරේ ඉපදෙමින් සෑම තරාතිරමක ම මිනිසුන්ගේ සෑම භූමිකාවක් තුළ ම ජීවත් වී ඇත. නමුත්, තමා රඟපෑ චරිත සියල්ල සිහි කරමින් ප‍්‍රවීණත්වයට පත්වන නළුවකුට හාත්පසින් ම විරුද්ධ වූ, සියලූ චරිත අමතක කොට වත්මන් චරිතය තුළ රැඳෙමින් හීන මාන්නයට හෝ අධිමාන්නයට පත් වෙමින් සාංසාරික උම්මත්තකයින් සේ කටයුතු කරති. ‘‘සබ්බේ පුථජ්ජනා උම්මත්තකා” වශයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙතරම් සත්‍යයක් දැයි වැටහෙන්නේ මේ පෘථග්ජන භාවය කෙතරම් නම් උමතු දැයි තේරුම් යන විට යි.
වසරකට ආසන්න කාලයක් අසපු භූමිය ඉතා ම ගෞරවයෙන් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේ, නො සිතු නො පැතූ මොහොතක, මා ප‍්‍රිය මිත‍්‍ර අනන්ත තරුනෙත් ගිහි ජීවිතය හැර දමා පැවිදි දිවියට පත් වීමට තීරණය කළ නිසා ය. ඔහු අප කිසිවෙකුටත් නො කියා ම, භාවනා අසපුවේ නවාතැන් ගත්තෙන්, ඔහු බැලීමට යාමට මා තුළ බලවත් කැමැත්තක් ඉපදිණ. එබැවින් ම නිවැරදි ගමන් ම`ග සොයාගෙන භාවනා අසපුව වෙත පිටත් වූ මම ඊට පෙර කිසිදා නො දුටු පියකරු අසපු භූමිය වෙත ළඟා වීමි.
එදා සිට අද දක්වා ම, වදනින් කිව නොහැකි තරමේ ශාන්තියක් මාගේ ජීවිතයට අත්පත් වූයේ යම් පමණක් ද, එයින් කඳුළක් පමණක් මෙම සටහන් පොත දන්නේ ය. එමෙන් ම, මාත් මාගේ සටහන් පොතත් නො දන්නා තරම් ශාන්තියක් උදාකර ගත් මුනි හදවත් රාශියකින් යුක්ත සොඳුරු භූමියක තවත් රාත‍්‍රියක් ගෙවී ගොස් හිරු උදා වූයේ ය.
වෙනදාටත් වඩා උද්යෝගයෙන් අසපු භූමියේ කටයුතු සිදු වෙන්නට විය. බෞද්ධ ධජ පතාක සෑම අතකින් ම ඉහළට එසවෙන්නට විය. උදෑසන හීල දානයෙන් පසු දාන ශාලාවේ සිට පාත‍්‍ර ද අතැති ව සංඝාවාසයට වැඩම කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට පිටුපසින් සුදු පැහැති වලා රොදක් ඇදී යන්නා සේ, පැවිදි අපේක්ෂිත උපාසක පිරිස මනා කොට වසන ලද රෙදි කැබැල්ලකින් යුක්ත පාත‍්‍ර තැටිය ද අතින් දරාගෙන සන්සුන් ඉරියව්වෙන් ගමන් කරන්නට විය.
‘‘අහෝ… මොන තරම් නම් සොඳුරු දසුනක් ද…! සසරින් මිදෙන්නට මඟ කියන උතුම් සීලයත්, මහ රහතුන්ගේ අරහත් ධජයත් දරන්නට තවත් ඇත්තේ පැය කිහිපයකි. සසර පුරාවට ම අකුසල් කළ ගිහි දිවියත්, ගිහි වස්ත‍්‍රයත් අත් හරින්නට ඇත්තේ එවන් ම වූ හෝරා කිහිපයකි. අද සන්ධ්‍යාවේ ගෞතම බුද්ධ ශාසනයට පිවිසෙන සොඳුරු පින්බර හදවත් ඇත්තෝ සුවසේ ම පැවිදි දිවිය ගත කරත්වා…!! මාගේ කලණමිතුරු අනන්ත ද සුවසේ ම පැවිදි දිවිය ගත කරත්වා….!!!” දෑත් එකතු කරගෙන හදවතින් ම මම අනුමෝදන් වුණෙමි. සෙත් පැතුවෙමි.
‘‘කාමය කොයිතරම් නම් සුලභ ද බිනර. එ් අතින් බලද්දි පැවිද්ද. හිතාගන්න බැරි තරම් දුර්ලභයි. ඊටත් වඩා පිරිසිදු පැවිද්දක් ලැබීම අතිශයින් ම දුර්ලභයි…” හීල දානයෙන් පසු අනන්ත හමුවූ මා හට ඉතා සන්සුන් ස්වරයෙන් සහ ප‍්‍රීතිමත් සිතකින් යුතු සාරවත් වදන් පෙළක සංග‍්‍රහයක් ලැබිණ.
‘‘එ්ක ඇත්ත අනන්ත… අධි රූමත් ස්ත‍්‍රියක් සරණ පාවාගන්නට හෝ, කාමයේ යෙදෙන්නට කොයිතරම් නම් ක‍්‍රම තියෙනව ද? සමහර විට මුදල් ටිකක් සොයා ගත්ත නම්, එක රාත‍්‍රියකට රූ රැජිනක් වුණත් වෙන් කර ගන්න පුළුවන්. සුව පහසු යාන වාහන, කෑම බීම, ඇඳුම් පැලඳුම්, ගෙවල් දොරවල් කිසි දෙයක් දුර්ලභ නෑ. හොඳින් හෝ නරකින් මේ දේවල් ලබා ගන්න පුළුවන්. එ්ත් අද අනන්තට ලැබෙන මේ පැවිද්ද තරම් දුර්ලභ දෙයක් මම දකින්නෙ නෑ…”
‘‘ඊටත් වඩා දුර්ලභයි බිනර… ලැබුණ පිරිසිදු පැවිද්දට ගෞරවයෙන් යුතු ව වාසය කිරීම. එ් වගේ ම එ් පැවිද්ද ආරක්ෂා කරගෙන සීල සමාධි ප‍්‍රඥා වඩන පුද්ගලයා ඊටත් වඩා දුර්ලභයි…”
‘‘සාදු සාදු.. අනන්ත. එ් අති දුර්ලභ දේ පුරුදු පුහුණු කරන්න අනන්තට වාසනාව ලැබෙන්න ඕන…”
‘‘සාදු සාදු සාදු. එ්ත් බිනර… එ්ක පැතීමකින්වත්, අනුමෝදන් වීමකින්වත් සම්පුර්ණ වෙන්නෙ නෑ. එ් සඳහා ශ‍්‍රද්ධාවත්, සිහියත්, නුවණත්, වීර්යයත්, ප‍්‍රඥාවත් අඛණ්ඩව තියෙන්න ඕන. එතකොට තමයි සීලයත් සමාධියත් දියුණු වෙන්නේ…”
අනන්ත පැවසූ වදන්වලට සතුටු සිතින් එකඟ වූ මා හට, වෙනදා මෙන් ඔහු සමඟ කතා බහ කිරීමට කාලයක් නො වූ බැවින් ඔහුට සමු දී මම පිටව ගියෙමි. අනන්තගේ පැවිදි වීම පිළිබඳ කන වැකී ඔහුට සෙත් පැතීමටත්, අනුමෝදන් වීමටත් ඔහුගේ ඥාතීන් විශාල ප‍්‍රමාණයක් පැමිණ සිටියෙන් ඔහු ඔවුන් සමඟින් දහම් පිළිසඳරේ යෙදෙන්නට විය. එ් අතරේ මම අද දින පැවිද්ද අපේක්ෂාවෙන් සිටින උපාසක දරුවන්ගේ චර්යාවන් නරඹමින් මා නො ලද ඔවුන් ලද වාසනාව පිළිබඳ සිතමින් ‘මුදිතා මනසිකාරයේ’ යෙදෙන්නට වීමි.
එක් පැවිදි අපේක්ෂක උපාසකයෙක්, උපාධිධාරී රාජ්‍ය සේවකයෙකි. තවත් අයෙක් අසපුවේ රියදුරු රැුකියාවේ නිරත ව සැදැහැ සිත් උපදවා ගත්තෙකි. තවත් අයෙක් විවාහ වී සිට බිරිය ද සමඟින් පැවිදි වීමට පැමිණි අයෙකි. තවත් අයෙක් ඉතා කුඩා වයසේ පසු වූ ශිෂ්‍යයෙකි. එ් අතර තවත් එක් අයෙක් විහාරස්ථානයක පැවිදි ව සිට, ආරණ්‍ය පිළිවෙත කෙරෙහි පැහැදී අලූතෙන් ම පැවිදි වීමට පැමිණි පින්වතෙකි. මෙසේ නොයෙක් පළාත්වලින් පැමිණි පින්වතුන් දා හතර දෙනෙක් අද සන්ධ්‍යාවේ පැවිදි වීමට නියමිත ව සිටිති.
මේ මා දකින පළමු පැවිදි කරවීමේ පින්කම යි. ඇතැම් විට සංසාරයට ම මා දකින පළමු පැවිදි කරවීමේ පින්කම ද මෙය විය හැකි ය. එ් නිසා ම ඉහවහා ගිය නිරාමිස ප‍්‍රීතියකින් එහි සිරිය විඳගත් මම හිතේ හැටියට පින්වත් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය උපකාර ද කළෙමි. මා සංඝාවාසය අසල ම සිටි නිසා, එක් ස්වාමීන් වහන්සේනමක් පැමිණ, පැවිද්ද ලබා දෙන උපාධ්‍යායන් වහන්සේගේ ආසනය ධර්ම ශාලාවට රැුගෙන යාමට හැකි දැයි මා වෙතින් විමසුවේ ය. ලද අවස්ථාවේ ඵල උපරිමයෙන් ම නෙළා ගනිමින්, උපාධ්‍යායන් වහන්සේගේ ආසනය තනිව ම කරට ගත් මම ‘සිය දහස් ගණනක් පින්වතුන්ට පිරිසිදු පැවිද්ද ලබා දෙන පිරිසිදු මහා සංඝ රත්නයට කාය පූජාවක් කර ගත්තා’ යැයි සිතමින් එක හුස්මට ධර්ම ශාලාව කරා එය රැුගෙන ගියෙමි. එහි දී ද විවිධ කටයුතු රාශියකට සහභාගි වූ මම මඳ විවේකයකට පසෙක වූ සිමෙන්ති පඩියක් මත හිඳගත්තෙමි. වැඩි වෙලාවක් යාමට මත්තෙන් මා වෙත සිසිල් බීම කෝප්පයක් ද රැගෙන තරුණියක් පැමිණියා ය.
‘‘ආ අයියේ… දොඩම් ටිකක්…”
‘‘ගොඩක් පින්…” ඇයට පින් දුන් මම ඉවත බලාගෙන එය බීමට සැරසුණෙමි. නමුත් ඇය තවදුරටත් දොඩමළු වූවා ය.
‘‘අයියා කොහෙද? මම දැක්ක සෑහෙන්න මහන්සි වෙනවා. අයියගෙ මල්ලි කෙනෙක් මහණ වෙනව ද? අයිය නං හැබැයි ටිකක් දුර පළාතක වෙන්න ඕන…”
‘‘නංගි රහත් වෙලා දවස් කීය ද?” ඇගේ පැනයට පිළිතුරු නො දුන් මම ඇය නො සිතු විරු පැනයක් ම නැගීමි.
‘‘මොකද්ද අනේ. මං රහත් නෑ… මොනව කියනව ද මන්දා..”
‘‘නංගි රහත් වෙලා නැත්තං… නංගි සෝතාපන්නවත් ඇති නේ ද?”
‘‘පිස්සුද හලෝ…? මම මේ තාම ට‍්‍රයි කරනවා එතනට එන්න…”
‘‘එහෙනං නංගිත් තාම මාර්ගය හොයනවා… මමත් තාම මාර්ගයට වැටුණෙ නෑ. අතරමං වුණ කෙනෙක්ගෙන් ආ ගිය තොරතුරු ඇහුවට නංගිට වැඩකුත් නෑ… තොරතුරු කියන මට වැඩකුත් නෑ. පුක්කුසාති තාපසතුමාට බුදුරජාණන් වහන්සේ හමු වුණා වගේ සංවාදයෙන් ම නිවනට සමීප වෙන්නත් බෑ. මම දන්නව නංගි ආවෙ පින් කර ගන්න. එ් නිසා කල්‍යාණමිත‍්‍ර ශ‍්‍රී සද්ධර්මය ම සිහි කරගෙන වචනයෙනුත් කයෙනුත් එ් දේ පුරුදු කර ගන්න. සංසාරයේ සැරිසරන සත්වයෝ අඳුරගන්න යන්න එපා. සසරින් එතෙර වුණ උතුමන් ව හඳුනගන්න. එ් තමයි රහතන් වහන්සේලා…”
‘‘හ්ම්ම්ම්ම්…”
‘‘දොඩම් බීම එකට බොහෝ පින්…” ඉතා ඉක්මනින් බීම කෝප්පය හිස් කළ මම ඇගේ අතට හිස් කෝප්පය දී නැගී සිටියෙමි.
‘‘අයියට මම දුන්නෙ පුරවපු දොඩම් බීම කෝප්පයක්. අයිය මට ආපහු දුන්නෙ අමෘතය පුරවපු කෝප්පයක්. ගොඩක් පින් අයියෙ මගෙ සිහිය ඉපැද්දුවට. පාඩුවේ වත් පිළිවෙත් කරනව දැක්ක ම මට කතා කරන්න හිතුණා. එ්ත් එ්ක කොයි තරම් භයානක දෙයක් ද කියල මට දැන් තේරෙනවා. අයියා සංසාරයට ම නැවත මුණ නො ගැහේවා කියල මම පතනවා. මම සංසාරෙ ගමන් කළොත් මට මුනිවරුන් ම මුණ ගැහෙන්න ඕන. තෙරුවන් සරණයි අයියේ. මම යනවා…”
‘‘නමෝ බුද්ධාය…!” මම බුදුරජාණන් වහන්සේට නමස්කාර කළෙමි.
රැකවරණයත්, උගුලත් ඇත්තේ එක ම භූමියේ බව අප තේරුම් ගත යුතු ය. අපගේ සෑම අඩු ලූහුඬුකමක් ම නැති කොට අප සම්පුර්ණ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය යි. එවන් ධර්මයක් සොයා ආ අප එවන් තැනක දී ධර්මය ම කතා කළ යුතු ය. එකිනෙකාගේ පුද්ගලික ප‍්‍රශ්න කතා බහ කිරීමට යාමේ දී අප නො පැතූ අගාධයකට ඇද වැටීමට ඉඩ තිබේ. ගෞතම බුදු සසුනේ පිළිසරණ සොයා පැමිණි බොහෝ දෙනෙකු පෙර සසරේ මෙන් නැවත නැවතත් කාමය නම් වූ ගොහොරු මඩ වළට වැටුණු අවස්ථා මම බොහෝ අසා ඇත්තෙමි. එ් සියල්ලට ම හේතුව දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් හමු වූ විට ඔවුනොවුන් අතර දස කතාව සිදු නොවීම යි. යටත් පිරිසෙයින් එක් අයෙකු වත් සිහියෙන් නො සිටියහොත් සාංසාරිකව පුරුදු ඉඟි බිඟි පෙරට පැමිණ අප ව සුපුරුදු මඩ ගොහොරුවට ම ඇද දමයි. මා අද සිහියෙන් නුවණින් නො සිටියා නම්, එය මටත් මා කෙරෙහි ප‍්‍රිය භාවයෙන් පැමිණි ඇයටත් විපතක් වනු ඇත.
අප විසින් ඉතා හොඳින් සිහියේ තබා ගත යුතු කරුණක් පින්වත් ස්වාමීන් වහන්සේගේ සටහන් පොතේ ඉහළ ම දාරයක ලියා තිබුණා මා හට මතක ය.
‘‘සීලයත් සමාධියත් ප‍්‍රඥාවත් වීර්යයෙන් යුතු ව වඩන්නට යැයි පැවසූ විට ‘මා සිද්ධාර්ථයන් නො වේ, සාමාන්‍ය මිනිසෙකි’ යැයි පවසමින් උකටලී වේ. නමුත් පුණ්‍යවන්ත තරුණ ස්ත‍්‍රියක් දුටු විට තමා සිද්ධාර්ථ බවට පත් වී ඇය ව බලෙන් ම යසෝදරා බවට පත් කර ගනී. නමුත් සත්‍යය නම්, ඇය පටාචාරාවකි. මම මට්ටකුණ්ඩලී ය. පටාචාරාවට ද දෙව්රම් වෙහෙරට යාමට ඉඩ දී, හාමතෙන් මිය යාමට පෙර මා ද තෙරුවන් සරණ යා යුතු ය. මාගේ එක ම රැකවරණය එයයි…”
ගලක කෙටුවාටත් වඩා ස්ථිර ලෙස මේ වදන් පෙළ මා සිතේ සටහන් වූ බැවින්, කෙතරම් පින්වන්තියන් වුව ද මම නිවන සොයා යන්නියන් වෙත ළං නො වීමි. එසේ තිබිය දී සසර සොයා යන්නියන්ට කෙසේ ළං වෙම් ද! එම මනසිකාරය විසින් ම මාගේ සිත අද ආරක්ෂා කළේ ය.
කාලය වේගයෙන් ගෙවී යද්දී, රැස් ව සිටි පිරිස තිසරණ සහිත පංච සීලයේ සමාදන් කරවූ පින්වත් ගුරු දේවයන් වහන්සේ විසින් සඟ ගුණ කවි සජ්ඣායනා කොට රැුස් ව සිටි පිරිසට දහම් කරුණුවලින් අනුශාසනාවක් පවත්වන්නට විය. නිහතමානීකමත්, කීකරුකමත්, ගුරු ගෞරවයත් පැවිදි දිවියක් ආරක්ෂා කරන ආකාරයත්, එ් සියල්ලෙන් බැහැර වූ පසු පැවිදි දිවිය තුළ පිරිහී ගිය අයෙකු බිහි වන බවත් උන්වහන්සේ ඉතා ම සුන්දර ලෙස පහදා දෙන්නට විය. පැවිදි බව යනු ප‍්‍රභූ ජීවිතයක් ලැබීමක් නොවන බවත්, තිබුණාටත් වඩා නිහතමානීකම ඇති කරගත යුතු තත්ත්වයක් බවත්, ගුණ ධර්මවලින් පිරිපුන් පිනෙන් පිරී ගිය දිවියක් බවත් කරුණු වශයෙන් උන්වහන්සේ පෙන්වා දුන්හ.
සුන්දර අනුශාසනාව අවසන් වූ පසු, උපාධ්‍යායන් වහන්සේ පෙරටු කර ගත් ගරුතර මහා සංඝරත්නය ධර්ම ශාලාව වෙත වැඩම කළ අතර, ඉතා ම සන්සුන් ව පෙළට වඩින ස්වාමීන් වහන්සේලාගේ දසුන නෙතට රසඳුනක් වැනි ය. ගිහි අපි සෑම සියලූ දෙනාම සඟ ගුණ සජ්ඣායනා කරමින් මහා සංඝරත්නය සාදරයෙන් ගෞරවයෙන් පිළිගත්තෙමු.
මහා සංඝරත්නය අසුන් ගැනීමෙන් පසු ගත වූ මඳ වේලාව තුළ නිවේදන කිහිපයක් ද සිදු විය. ඉන් අනතුරු ව, පාත‍්‍රා සහ චීවර අතැති ව පැවිදි අපේක්ෂක උපාසක දරුවන් පෙළට ධර්ම ශාලාව වෙත පැමිණියෝ ය. එ් අතර සිටි අනන්ත දෙස බලා මහත් වූ ප‍්‍රීතියෙන් මම ද අනුමෝදන් වුයෙමි. අද දින පැවිදි අපේක්ෂක දරුවන්ගේ මාපියන් ධර්ම ශාලාවට පැමිණ සියලූ දෙනාට ඉදිරියෙන් සිටි අතර පැවිදි අපේක්ෂක දරුවන් මහා සංඝරත්නය ඉදිරියේ පිළිවෙළින් අසුන්ගත් පසු ගිහි අපි සැම ද අසුන් ගත්තෙමු.
ඉන් අනතුරු ව උදා වූයේ වැඩමවා වදාළ උපාධ්‍යායන් වහන්සේට වන්දනා මාන කිරීම ය. පින්වත් ස්වාමීන් වහන්සේලා ද සමඟින් අපි සැම මූලාසනයේ වැඩ සිටි උපාධ්‍යායන් වහන්සේට වන්දනා කළෙමු. උන්වහන්සේ අප සැමට ආශීර්වාද කළහ. ඉන් අනතුරු ව සුළු අනුශාසනාවකින් පසු ගුරු දේවයන් වහන්සේ විසින් පින්කමේ කටයුතු ආරම්භ කරන ලදී.
මුලින් ම සිදු වූයේ, පැවිදි වීමට නියමිත උපාසක දරුවන් විසින් මහා සංඝරත්නය වෙතින් පැවිද්ද ඉල්ලීම යි. පැවිදි අපේක්ෂක දරුවන් සිවුරු කට්ටලය දෑතේ රඳවාගෙන එකට ම පැවිද්ද ඉල්ලන වාක්‍යය සජ්ඣායනා කරමින් පැවිද්ද ඉල්ලන්නට විය.
‘‘ඕකාස අහං භන්තේ. පබ්බජ්ජං යාචාමි. දුතියම්පි අහං භන්තේ. පබ්බජ්ජං යාචාමි. තතියම්පි අහං භන්තේ. පබ්බජ්ජං යාචාමි.” – ”අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. මම පැවිදි බව ඉල්ලා සිටිමි. දෙවනුව ද…. තෙවනුව ද පින්වත් ස්වාමීන් වහන්ස, මම පැවිදි බව ඉල්ලා සිටිමි…”
‘‘සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන සච්චිකරණත්තාය, ඉමං කාසාවං ගහෙත්වා, පබ්බාජේථ මං භන්තේ. අනුකම්පං උපාදාය…” මුළු මහත් ශාලාව ම නිහඬ ව සිටි බැවින් එ්ක නින්නාද කරමින් සසරේ අසන්නට ලැබෙන අති දුර්ලභ යාචනාවක්, නැතහොත් ආර්ය වූ ඉල්ලීමක් අපගේ සවන් පත් පුරවාගෙන පැතිර යන්නට විය. ”සියලූ දුකින් නිදහස් ව නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස, මේ සිවුරු පිළිගෙන, පින්වත් ස්වාමීන් වහන්ස අනුකම්පාව උපදවා මා පැවිදි කරවන සේක්වා….” යැයි එසේ තුන් වරක් පැවසීමෙන් පසු, එක් එක් දරුවා උපාධ්‍යායන් වහන්සේ වෙත ගොස් චීවර පිළිගැන්වූහ.
ඉන් අනතුරු ව දොහොත් මුදුන් දී උපාධ්‍යායන් වහන්සේට වන්දනා කොට, සංඝයාට ලබා දුන් සිවුරු තමා වෙත ලබා දී පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටියෝ ය. ඉන් අදහස් වන්නේ පැවිදි වන උපාසක පිරිස පළමු ව සිවුරු සංඝයාට පිරිනමා ඉන්පසු සංඝයාගේ අවසරයෙන් සිවුරු ලබා ගෙන පැවිදි විය යුතු බව යැයි මා හට සිතුණි. එ් තරම් ගෞරවනීය වටිනාකමක් කසාවතට පවතින බව දැනෙන විට බලවත් සතුටක් සිත තුළ ජනිත වන්නේ ය.
‘‘සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන සච්ýකරණත්ථාය, ඉමං කාසාවං දත්වා, පබ්බාජේථ මං භන්තේ. අනුකම්පං උපාදාය…” – ‘‘සියලූ දුකින් නිදහස් ව නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස, මේ සිවුරු ලබා දී, පින්වත් ස්වාමීන් වහන්ස අනුකම්පාව උපදවා මා පැවිදි කරවන සේක්වා…!”
පැවිදි වීමට නියමිත උපාසක පිරිස අතරින් පැවිදි වීමට පැමිණි අනුපිළිවෙළ ජ්‍යෙෂ්ඨත්වය තීරණය කළ අතර, ඊට අනුරූප ව පැවිදි කරවීම ද සිදු වනු ඇත. එ් අනුව අනුපිළිවෙළට දරුවන්ගේ නම් පැවසූ පසු එම දරුවන් උපාධ්‍යායන් වහන්සේගේ සමීපයට ගොස් වන්දනා කොට දණිස් දෙක මත හිඳ ගත් අතර, හොඳින් නමා සකස් කරන ලද තමාගේ සිවුරු කට්ටලය අසල සිටි වෙනත් ස්වාමීන් වහන්සේනමක් විසින් උපාසකයාගේ අතෙහි තැබී ය. ඉන් පසුව සිවුරු පටිය ගලවා ගත් උපාධ්‍යායන් වහන්සේ එහි එක් කොණක් තුන් සිවුරේ බැඳී පැවතිය දී අනෙක් කොණ උපාසකයාගේ ගෙල වටා දමා සිවුරු පටිය ගැට ගසමින්, තච පංචක ප‍්‍රත්‍යවේක්ෂාව සිහිපත් කරවූයේ ය. අනුලෝම වශයෙන් මෙන් ම ප‍්‍රතිලෝම වශයෙන් ද සිහිපත් කරවූයේ ය. තෙවරක් ම සිහිපත් කරවූයේ ය. මේ වන විටත් කෙස් රැුවුල් කපා සිටි උපාසක දරුවා ද උපාධ්‍යායන් වහන්සේ අනුව යමින් තච පංචකය අනුලෝම ප‍්‍රතිලෝම වශයෙන් තෙවරක් සජ්ඣායනා කළේ ය.
‘‘කේසා… ලෝමා… නඛා… දන්තා… තචෝ… තචෝ… දන්තා… නඛා…. ලෝමා… කේසා….” – ‘‘කෙස්…. ලොම්…. නිය…. දත්…. සම…. සම…. දත්…. නිය…. ලොම්… කෙස්…”
තච පංචකය සජ්ඣායනා කරවීමෙන් පසු, උපාසක දරුවාගේ ශරීරයට සම්බන්ධ කළ කසාවත ප‍්‍රත්‍යවේක්ෂා කරන මෙන් උපාධ්‍යායන් වහන්සේ සිහිපත් කරවූයේ ය. එ් අනුව යමින් අද පටන් මිය යන තුරු ම තම සිරුරේ දරා සිටින්නා වූ කසාවත නම් වූ වස්ත‍්‍රය අරමුණු කරගෙන ගාථාවක් සජ්ඣායනා කරමින් උපාසක දරුවා ප‍්‍රත්‍යවේක්ෂා කළේ ය.
‘‘පටිසංඛායෝනිසෝ චීවරං පටිසේවාමි. යාවදේව සීතස්ස පටිඝාතාය. උණ්හස්ස පටිඝාතාය. ඩංස මකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය. යාවදේව හිරිකෝපීන පටිච්ඡාදනත්ථං..” – ”නුවණින් සලකාගෙන කසාවත පරිහරණය කරන්නෙමි. එ්, ශීතල දුරු කිරීම, උෂ්ණය දුරුකිරීම, සපාකන මැසි, විද ලේ බොන මදුරු, සුළං සහ හිරුරැුස් ආදියෙන් දැනෙන පහසෙන් ආරක්ෂා වීම මෙන් ම, ලජ්ජා ස්ථාන වසාගැනීම ආදි අර්ථයන් පිණිස ය.”
මෙලෙස ප‍්‍රත්‍යවේක්ෂා කිරීමෙන් පසු, කය හා බන්ධනය කරන ලද කසාවත ද සහිත ව උපාසක දරුවා ව පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් වෙනත් ශාලාවකට රැගෙන යන ලදී. එ් අද දවසේ ලැබුණු කසාවත පෙරවීම උදෙසා ය. මේ ආකාරයෙන් සියලූ පින්වත් දරුවන්ගේ කය වෙත අනුපිළිවෙළින් කසාවත බන්ධනය කරනු ලැබුවේ ය.
ඉන් අනතුරු ව, එම දරුවන් නැවත ශාලාවට පැමිණෙන තුරු උපාධ්‍යායන් වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් පවත්වන ලදී. එ් අතර කසාවත දරන පැවිදි උතුමෙකු බවට පත් වීම පිළිබඳ වැදගත් කරුණු රැසක් විය.
‘‘පැවිදි බව ලැබීම සඳහා මාපිය අනුමැතියක් අවශ්‍ය යි. මාපිය අනුමැතියකින් තොර ව අපි පැවිදි කිරීමට දරුවන් භාරගන්නේ නෑ. එ් වගේ ම එ් දරුවාගේ වයස නුවණැති ව පැවිද්ද තෝරාගැනීමට තරම් සුදුසුයි කියල සංඝයා තීරණය කරන්නත් ඕන. නමුත්, භික්ෂුවකට සමාජයෙන් පැමිණිය හැකි කරදරවලින් ආරක්ෂා කරවීම උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් ගොළුවන්, බිහිරන්, අත්පා කොර වූ අය, ඇස් අන්ධ වූ අය, ප‍්‍රමාණයට වඩා මිටි කුරු අය, බරවා පාද ඇති, කුෂ්ට දද ආදි රෝගයන්ගෙන් පෙළෙන අයට පැවිදි විය නො හැකි බව විනය පිටකයේ දේශනා කරල තියෙනවා. එ් වගේ ම රජතුමාගේ අවසරයෙන් තොර ව පැවිදි වෙන්න එන රාජ භටයන්, සිරගෙදරින් පැන ගිය අය, නීත්‍යානුකූල ව නිර්දෝෂී නො වූ අය, විවිධ වැරදි නිසා අධිකරණයේ නම ලියැවී ඇති අය, වගේ ම හොරු, ණය නො ගෙවා පැමිණෙන අයටත් පැවිදි වෙන්න අවසරයක් නෑ. එ් වගේ ම බොහෝ මිනිසුන්ගේ මැද ප‍්‍රසිද්ධ කොට වරදකට කසපහර ලැබූවන් ද පැවිදි කිරීමට සංඝයාට අවසරයක් නෑ. එ් විදියට බුදුරජාණන් වහන්සේ පනවා තිබෙන්නේ නොයෙක් අදහස් නිසා ශාසනය කිලිටි කරන්නට බාහිරින් පැමිණෙන පළිබෝධ නවත්වන්න යි. එ් අය අතරේ ශ‍්‍රද්ධාවන්තයන් සිටින්න පුළුවන්. ඉතින් එබඳු අයට ධර්මය අවබෝධ කිරීම පිණිස සංඝයාගේ උපකාරය ලබාගන්න තහනමක් නෑ.
පැවිදි කිරීම සඳහා නොයෙක් චාරිත‍්‍ර පවතිනවා. පැවිදි කිරීමෙහි චාරිත‍්‍ර විදියට ඇතැම් ස්ථානවල පැවිද්ද අපේක්ෂා කරන දරුවා රජකුමරෙකු සේ රාජාභරණවලින් සරසා පැවිදි කරනු ලබන විහාරස්ථානයට කැඳවාගෙන යනවා. සිදුහත් කුමරුගේ මහාභිනික්මන සිහිගැන්වීමත් මෙම චාරිත‍්‍රයෙන් නිරූපණය වෙන බවයි අපි අහල තියෙන්නේ.
ඊට පස්සේ එ් විහාරයෙහි සිටින භික්ෂූන් වහන්සේලාට මේ දරුවා ව ඉදිරිපත් කළාට පස්සේ හිස මුඩු කිරීම හෙවත් පණ්ඩුකර්මය කරන්න මහා සංඝයා වෙතින් ඉල්ලීමක් කරනවා. දරුවාගේ හිසින් කපන මුල් ම කෙස් රොද අතට දීලා තච පංචක භාවනා කර්මස්ථානය කියවීම සිරිත යිි. එනම් කෙස්, ලොම්, නිය, දත්, සම කියන්නේ එ් තච පංචකය යි. දැන් මේ අසපු භූමියේ නේවාසිකව මාස දහයක් දොළහක් රැුඳී සිටින දරුවෙකු තමයි සංඝයා විසින් පැවිද්දට සුදුසු බව තෝරගත්තට පස්සේ පැවිදි කරවන්නේ. එ් අතරේ ගිහි ස්වභාවයෙන් කල් ඇතු ව ම වෙන් වූ නිසා කෙස් රැුවුල් කපා වාසය කරන නිසා තච පංචක භාවනාව චාරිත‍්‍රයක් විදියට සිවුරු පටිය බෙල්ලේ බඳින වෙලාවේ සිහිපත් කරවනවා. ඊට පස්සේ දරුවා තමන්ට ලැබුණු සිවුරු ප‍්‍රත්‍යවේක්ෂාවක් සිදු කරනවා. මේ සියලූ දේ ම කරන්නේ උපාසකයා විසින් විනයානුකූල වාක්‍යය සජ්ඣායනා කරල පැවිද්ද ඉල්ලා සිටියට පස්සෙයි. කිසි ම කෙනෙක් ව මව්පියන්ගෙන් බලහත්කාරයෙන් උදුරගෙන පැවිදි කරන්න ඉඩක් නැති වෙන විදියටයි මේ හැම දේ ම හැදිල තියෙන්නේ. එ් නිසා සිවුරු පටිය බෙල්ලේ ගැටගසා ගත්ත දරුවා තම කැමැත්තෙන් ම පැවිද්ද ලබාගත්ත කෙනෙක්…”
උපාධ්‍යායන් වහන්සේගේ අනුශාසනාවෙන් පසු රැුස්ව සිටි පිරිස සඟ ගුණ සජ්ඣායනා කරන අතරේ ගිහි වස්ත‍්‍ර හැරදමා කසාවත් දරාගත් පින්වත් පිරිස සන්සුන් ගමනින් ශාලාව වෙත වැඩම කරන ලදී. එ් අතරේ මා නෙත් සෙවූ දසුන කුමක් දැයි ඔබ ද හොඳාකාරව ම දනී. එ් වෙන කිසිවෙකු නො ව, මා ප‍්‍රිය මිත‍්‍ර ‘අනන්ත තරුනෙත්’ ය. අනන්ත තරුනෙත් යන නම, මේ පින්වතා වෙත භාවිතා වන අවසන් දිනය අද බව මම දනිමි. එ් නිසා ම ඉතා ගෞරවයෙන් එ් නම සටහන් කළෙමි.
වියළි දෙනෙතින් එ් දසුන දැකගත නො හැකි විය. මාගේ දෙනෙත් කඳුළින් පිරී ගියේ පාලනය කළ නො හැකි සතුටක් ඉහ වහා ගිය බැවිනි. වැඩම කරනා කසාවත් දරන්නන් අතරේ සන්සුන් ගමනින් වඩින කසාවත දැරූ මා ප‍්‍රිය මිත‍්‍රයා දකින විට… මාගේ ස්වරයට ද පාලනයක් නැති විය.
‘‘සා…දු…! සා….දු….!! සා…දු…!!! තෙරුවන් සරණින් කරදරයක් නැති ව මේ පැවිදි දිවිය ගත කරන්න මගේ මිත‍්‍රයාට වාසනාව ලැබේවා….!!!” මහ හඬින් මම කෑ ගැසුවෙමි. නමුත්, දහස් ගණනකගේ සජ්ඣායනා හඬ මැද මාගේ හඬ මහ සයුරට වැටුනු වැසි බිඳක් මෙන් ය. මා හට එ් කිසිත් වැදගත් නො වුණි. හිතේ හැටියට එ් පින්වතාටත්, අද දවසේ කසාවත් දැරූ සියලූ පින්වතුන්ටත් මම සෙත් පැතුවෙමි.
සඟ ගුණ මධ්‍යයේ මහා සංඝයා අසලට පැමිණි කසාවත් දැරූ පින්වත් පිරිස මහා සංඝයාට වන්දනා කොට දෙදණ මත හිඳ ගනිමින් පැවිදි දස සීලය ඉල්ලා සිටියෝ ය. මහා සංඝයා වෙනුවෙන් උපාධ්‍යායන් වහන්සේ විසින් පැවිදි දස සීලය සමාදන් කරවූ පසු එම පිරිසට සාමණේර පැවිදි බව ලැබෙන්නේ ය.
‘‘ ඕකාස, අහං භන්තේ, තිසරණේන සද්ධිං. පබ්බජ්ජා දසසීලං ධම්මං යාචාමී. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. අනුකම්පං උපාදාය..” – ‘‘අවසරයි, පින්වත් ස්වාමීන් වහන්ස… මම, තිසරණ සහිත වූ පැවිදි දස සීලය ඉල්ලා සිටිමි. මා කෙරෙහි අනුග‍්‍රහ කොට සීලය ලබා දෙනු මැනව. අනුකම්පා කරනු මැනව…” යනා දී වශයෙන් ගාථාවන්ගෙන් තෙවරක් ම පැවිදි දස සීලය ඉල්ලා සිටියෝ ය.
ඉන් පසු ව ඉතා ම සන්සුන් ව, අනුපිළිවෙළින් පැවිදි දස සීලයේ සමාදන් කරවූ උපාධ්‍යායන් වහන්සේ සියලූ පැවිදි අපේක්ෂක පිරිස ‘සාමණේර භික්ෂු’ භාවයේ පිහිටුවා පැවිද්ද ලබා දෙන ලදී. ඉන් අනතුරු ව උදා වූයේ ගුරු දේවයන් වහන්සේ විසින් එම දරුවන්ගේ පැරණි නම් ඉවත් කොට ගැළපෙන පරිදි සුදුසු නාමයන් තැබීම යි. නාමයන් තැබීමේ දී මා ප‍්‍රිය මිත‍්‍රයාට ද ඉතා ම සොඳුරු නමක් ලැබුණේ ය. මම එය හදවතේ ම සටහන් කර ගත්තෙමි.
ඉන් පසු ව උදා වූයේ ගුරු දේවයන් වහන්සේගේ කෙටි අනුශාසනාව යි. එහි දී උන්වහන්සේ විශේෂයෙන් ම නවක පැවිදි ස්වාමීන් වහන්සේලාට වැදගත් අවවාද අනුශාසනා කිහිපයක් ම සිදු කරන ලදී.
‘‘කසාවත දරාගත්තා කියන්නේ සියල්ල ජයගත්තා නෙවෙයි. කසාවත දරාගැනීමෙන් පස්සේ තමා වඩාත් නිහතමානී වෙන්න ඕන. ගුරුවරුන්ට කීකරු වෙන්න ඕන. අත්දැකීම් අඩු කෙනෙක් සියල්ල දත් වගේ කටයුතු කරන්න ගියා ම විනාශ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන ගුණධර්ම ඉගෙන ගෙන එ්වා පුරුදු කරන්න ඕන.
අද මේ සියලූ දෙනාට ම සාමණේර දස සීලය ලැබුණා. මේ සාමණේර දස සීලය සමාදන් වූ මේ ස්වාමීන් වහන්සේලා සිල් පද දහයක් ආරක්ෂා කරනවා. එ් තමයි, ප‍්‍රාණඝාතයෙන් වැළකීම. සොරකමින් වැළකීම. අබ‍්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම. බොරු කීමෙන් වැළකීම. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකීම. මධ්‍යාහ්නයෙන් පස්සේ ආහාර වැළඳීමෙන් වැළකීම, නැටුම් ගැයුම් වාදන සහ විකාර දර්ශන නැරඹීමෙන් වැළකීම, මල්මාලා සුවඳ විලවුන් දැරීමෙන් වැළකීම, උසස් ආසන සහ මහා ආසන පරිහරණයෙන් වැළකීම සහ රන් රිදී පරිහරණයෙන් මිල මුදල් පරිහරණයෙන් වැළකීම කියන ශික්ෂාපද දහය. මේ ශික්ෂාපද සියල්ල හොඳින් ආරක්ෂා කරන්න ඕන.
චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි අපේ අරමුණ. එ් වෙනුවෙන් සංඝයාගේ ඇසුරේ ඉඳගෙන බොහෝ පින්කර ගන්න පුළුවන්. කුසල් වඩන්න පුළුවන්. පැවිද්දෙන් පරණ වෙද්දී මාන්නයෙන් වැඩෙන්නවත්, ලාභ සත්කාරයෙන් මත් වෙන්නවත් නෙවෙයි ගුණධර්මයෙන් වැඩෙන්නත් අතහැරීමෙන් සතුටු වෙන්නත් ලැබුණ ජීවිතයක් මේ මහණකම.
කසාවතක් දරාගෙන අපිට උපදින්න බෑ. අපි හැමෝම උපදින්නේ ගිහි දිවියක. එ්ත්, ශ‍්‍රද්ධාවන්ත දරුවන්ට බුද්ධ ශාසනයක් තියෙන යුගයක කසාවත දරන්න වාසනාවක් තියෙනවා. එ් නිසා ගුණධර්මවලින් පිරුණු පැවිද්දෙක් විදියට කසාවතක් දරාගෙන පින් කුසල් රැුස් කරගෙන පිරිසිදු කසාවතක් පිටින් ජීවිතේ අවසන් කරන්න අවස්ථාවක් ලැබිල තියෙනවා. ඉතින් අද ඉඳල පටන් ගත්ත මේ ජීවිතේ, තමා දරන කසාවතට අනුව යි ගත කරන්න ඕන අලූත පැවිදි වුණ කෙනෙක් වගේ නිහතමානී ව. මේ කාරණා හොඳින් මතක තියාගන්න ඕන.
එ් නිසා, අද දවසේ පැවිදි වුණ මේ පින්වත් ආයුෂ්මතුන් වහන්සේලාට, මහා සංඝරත්නය ආශීර්වාද කරනවා… සුවසේ මේ උතුම් මහණකම කර ගන්න වාසනාව ලැබේවා කියලා…”
‘‘සාදු සාදු සාදු” අපි සැම එ්ක නින්නාද දෙමින් සාදුකාර දුන්නෙමු. මහා සංඝයා වහන්සේලා සෙත් ගාථා සජ්ඣායනා කරමින් අලූත පැවිදි වූ පින්වත් ස්වාමීන් වහන්සේලාට ආශීර්වාද කළෝ ය.
‘‘සබ්බේ බුද්ධා බලප්පත්තා
– පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන
– රක්ඛං බන්ධාමි සබ්බසෝ’’
‘‘සබ්බීතියෝ විවජ්ජන්තු
– සබ්බරෝගෝ විනස්සතු
මා තේ භවත්වන්තරායෝ
– සුඛී දීඝායුකෝ භව”
‘‘උතුම් සම්බුදු බලයෙන් – පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ ද තේජසින් – සියලූ රැකවරණ වේවා”
‘‘සියලූ භය දුරු වේවා – සියලූ රෝග ද දුරු වේවා
බිය ද තැති ගැන්ම ද ඔබට කිසි දා නොම වේවා
සුවසේ දිවි ගෙවත්වා – බොහෝ කල් වාසය කරත්වා”
එ් අලූත් හිමිවරුන් සමඟින් අපිදු සිරස පොළොවේ ස්පර්ශ කරමින් මහා සංඝයාගේ ආශීර්වාදය පිළිගත්තෙමු. අනුමෝදන් වූයෙමු.
සාදු සාදු සාදු!!!
කසාවත අවසන් කොටස ලබන කලාපයේ…
ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.
මහාමේඝ 2016 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK
මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර
මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68
Recent Comments