කන්ද උඩ කුටියේ වැඩ විසූ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේගේ ජීවිතය වෙත මා යම් තාක් පැහැදුණා නම්, ඊටත් වඩා උන්වහන්සේ ලද පුහුණුවටත්, එ් සඳහා ගුරුහරුකම් දුන් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට සහ ගුරුදේවයන් වහන්සේටත් මසිත පැහැදී ගියේ ය. ඇත්තෙන් ම සෑම ප‍්‍රවීණයෙකු ම පාහේ කලෙක ආධුනිකයෙකි. එසේ ම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යමෙක් ධර්මයට ආධුනික නම්, ඔහු සතු ව ධර්මය කියා දෙන තැනැත්තා කෙරෙහි ගෞරවයක් පවතී. කීකරුකමක් පවතී. ඔහු වෙත ලැජ්ජා බයකින් යුතු ව වැරදි නිවැරදි කර ගනී. දරදිය ඇද හෝ උගත යුතු දැ උගනී. නමුත්, යම් කලෙක ඔහු ධර්ම දැනුමෙහි ප‍්‍රවීණයෙකු වූ විට, පෙර පැවති ගෞරවය, කීකරුකම, ලැජ්ජා බය, කැපවීම නැති වී යයි නම්, තම ආචාර්යවරයාව ප‍්‍රකට ව හෝ අප‍්‍රකට ව විවේචනය කරයි නම්, ඔහු ජීවත් ව සිටිය දී ම ඔහුගේ ස්ථානය වෙනුවෙන් තරඟ කරයි නම්, ගුත්තිල ගුරුට අභියෝග කළ මූසිල ගෝල සේ වේ නම්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එ් සිසුවා වනාහි ගිහි වුවත්, පැවිදි වුවත් සත්පුරුෂයෙක් නම් නො වේ. අසත්පුරුෂයෙකි. එබැවින්, කන්ද උඩ කුටියේ වැඩ විසූ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේගේ සෑම වදනකින් ම දුටු එ් අසහාය ගුරුස්මරණය කලාතුරකින් දැක ගත හැකි උතුම් ලක්ෂණයක් වන්නේ ය.

සමාජයේ බොහෝ දක්ෂ, ප‍්‍රසිද්ධ, වියත්, විශාරදයෝ් තම හැකියාවන් ජනතාව විසින් වර්ණනා කරනු ලබන විට ඊට හේතු වශයෙන් ගුරුවරුන් හට ප‍්‍රශංසා කරනු දැකිය හැක්කේ කලාතුරකිනි. එය ශාසනය තුළ ද එසේ ම පැවතිය හැකියි. මේ නිසා ඇතැම් අවස්ථාවල සුප‍්‍රසිද්ධ තෙරුන් වහන්සේලාගේ නාමයට විශේෂණ නාමයක් සේ තමන් වහන්සේගේ ගුරුවරයන් වහන්සේලාගේ නාමයන් ඈඳා ගන්නා බව මා අසා තිබේ. එමෙන් ම, විනය පිටකයේ ද ආචාර්ය වත්, උපාධ්‍යාය වත් වශයෙන් වත්පිළිවෙත් පවා තිබෙන බව මා අසා ඇත. එපමණක් නොව, බුදුරජුන් ද ගුරුවරයෙක් නැති ව ජීවත් වීම දුකක් යයි සලකා ගුරුවරයෙක් සෙවූ බව ධර්මයේ වේ. උන්වහන්සේට ගැළපෙන ගුරුවරයෙකු නොමැති නිසා, ධර්මය ම ගුරු කර ගත් බව එහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේට ගැළපෙන පුද්ගල ගුරුවරයෙකු නොමැති වුවත්, අපට වඩා ගුණධර්ම ඇති බොහෝ උතුමන් අප වටා වාසය කරති. ඉදින් ඔවුන්ගෙන් අවශ්‍ය ආදර්ශ ලබා ගනිමින් සිත් ප‍්‍රිය කරන ආචාර්යයන් වහන්සේනමක් තෝරා ගැනීම නිවන් ම`ග හැසිරෙන ශ‍්‍රාවකයාට හිත සුව පිණිස ම පවතී.

ආචාර්යයන් වහන්සේනමක් මේ තරම් වැදගත් ඇයිදැයි යන්න පිළිබඳ ව මා ද ඉගෙන ගත්තේ බුදු සසුන ඇසුරු කිරීමට පටන් ගත් දා සිට යි. එ් තාක් කල්, පාසැල් සමයේ ද උසස් අධ්‍යාපන සමයේ ද විටින් විට මුණ ගැසුණු ආචාර්යවරුන් දෙස විසුළු ස්වරූපයන්ගෙන් බැලීමට පෙළඹී තිබූ මා ඇතැම් විට මිතුරන් සමඟ ඔවුන් ඇමතුවේ ද පටබැඳි නාමයන්ගෙනි. එකල, විදුහල්පතිතුමා ‘පිනා’ විය. පන්ති භාර ගුරුතුමා ‘අපේ එකා’ විය. කිසිසේත් ම ගුරු ගෞරවයක වටිනාකම පිළිබඳ ව නො දැන සිටි අප ගුරුවරයෙකු විසින් සිසුවෙකු නිර්මාණය කරන අන්දම පිළිබඳ ව ද කුඩා කල සිට ම දැනුම්වත් නො වීමු. ඉදින් මෙවන් පරිසරයක සිට බුදු සසුනට ඇතුළු වන ඇතැමුන්ට ද ගුරු ගෞරවය නැති වීම පිළිබඳ පුදුම විය යුතු නැත. වාසනාවට මෙන් අතළොස්සකට ප‍්‍රමාද වී හෝ ගුරුන්ගේ වටිනාකම වැටහී ගියහොත් ඔවුන්ගේ ජීවිත ගුණධර්ම සාගරයකින් පෝෂණය වනු ඇත.

නිවාඩු දින කිහිපයක් සහිත සති අන්තයක් පැමිණි බැවින්, භාවනා අසපුව වෙත යාමට අවස්ථාවක් උදා කර ගත හැකි විය. අනන්ත ද කාලයත් සමඟ බොහෝ දහම් දැනුමෙන් පෝෂණය වෙමින් සිටින බව ඔහු සමඟ කතා බස් කරන සෑම විටක ම මා හට තේරුම් ගියේ ය. කාලයත් සමඟ අසපුව වටා එක්රැුස් වන පිරිසගේ වැඩිවීමක් පෙනෙන්නට තිබුණු නිසා යම් යම් ඉදිකිරීම් ද සිදු වෙමින් පවතින බව පෙනෙන්නට විය. එදින අනන්ත මුණගැසුනේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා අත්උදව් දෙමින් සිටිය දී ය.

‘‘නමෝ බුද්ධාය…! තෙරුවන් සරණයි බිනර…!! දැන් ද ආවෙ..?” මා දුටු සැණින් ඔහු හුරුපුරුදු ප‍්‍රියශීලී සිනහව ද ප‍්‍රියමනාප හඬ ද අවදි කළේ ය.

‘‘නමෝ බුද්ධාය…! තෙරුවන් සරණයි අනන්ත…!! දැන් පැයක් වගේ ඇති. මම පිරිත් ටිකක් කියල විහාරය වන්දනා කළා. පොඞ්ඩක් භාවනා කළා. ඊට පස්සෙ තමයි අනන්ත ව හෙව්වෙ. කාර්යාලෙ මල්ලි කෙනෙක් කිව්වා අනන්ත මේ පැත්තෙ ඇති කියල…”

‘‘මේ දවස්වල අපි ශ‍්‍රම පූජාවක් කරනවා. මේ ගොඩනැගිල්ල වෙනුවෙන්. සංඝයාගේ පහසුව වෙනුවෙන් කුටි පෙළක් ඉදි කරනවා. කම්සැප භුක්ති විඳින්න කර්මානුරූපව සැකසුණු මේ ඇෙඟන් ශ‍්‍රමය කැප කරල සංඝයාට පූජාවක් පවත්වන්න පුළුවන් නම් කොයි තරම් දෙයක් ද! ඇතැම් අය කටු අමුණගෙන, ගිනි පාගගෙන දෙවියන්ට උපහාර පවත්වද්දි අපිට දහඩිය ටිකක් වගුරවන්න බැරි නම් වැඩක් නෑනෙ බුදු සසුන වෙනුවෙන්. නේ ද…?”

‘‘සාදු සාදු අනන්ත. ඔය කිව්ව ටික ම ඇති. මටත් දැන් හිතුණා අනන්ත එක්ක එකතු වෙන්න. දෙන්න මගෙ කරටත් ගඩොල් මල්ලක්…!” ඉතාමත් ම සතුටින්, අහඹු ලෙස ලද පුණ්‍ය උල්පත පාදාගත් මම හිතේ හැටියට සඟ ගුණ කියමින් ගඩොල් සිය ගණනක් ඉහළ මාලයට ඔසවාගෙන ගියෙමි. දහවල් දානය වනතුරු ම සේනාසන වත පැවතුණි. දහවල් දානයෙන් පසු සියලූ කටයුතුවලින් ඉවත් වූ අපි සන්ධ්‍යාවේ දහම් කටයුතු සඳහා වූ විවේකය භුක්ති වින්දෙමු.

‘‘ගෙදරින් ඈත් වෙලා බිනර මේ පැත්තෙ ඇවිල්ල යන්න එන්නේ… හිතට නිදහසක් අපේක්ෂාවෙන්නේ. එ් නිසා අපි යමු ටිකක් භාවනා කරන්න. මම හිතන්නෙ බිනරට අමතක වෙන්නෙ නැති දෙයක් එතනදි ලැබේවි…”

‘‘හොඳයි අනන්ත. යමු…!” ගිහි බන්ධන හැරදමා පැවිදි බිමට පැමිණි අයෙකු, වදයක් යැයි නො සිතා ගිහි කල මිතුරෙකුට ධර්මයෙන් අනුග‍්‍රහ කිරීම කොයි තරම් නම් ලාභයක් ද! ඔහු පසුපස පිය මනින අතරේ මම තනිව ම කල්පනා කළෙමි.

අනන්ත මේ භූමියට පැමිණි මුල් කාලයේ සිට ම විටින් විට පැමිණ ඔහුගේ ඇසුර ලබා ඇති මම එක දෙයක් හොඳින් ම හඳුනාගෙන ඇත්තෙමි. එනම්, අනන්ත කිසිදු දිනෙක ඔහුගේත්, මගේත් ගිහි කල මිතුරන් ගැන හෝ, එකල අප කළ කී දැ පිළිබඳ ව සිහිපත් කොට නැත. වත්මනේ දී එ් එ් මිතුරන්ට කුමක් වී දැයි කියාවත් විමසා නැත. විටින් විට මා විසින් ඔහුට එබඳු දේ ගැන පවසා ඇතත් එ් කිසිදු අවස්ථාවක ඔහු එ් වෙත අවධානය යොමු කළ බවක් පෙනෙන්නට නො තිබිණ. ඔහු සෑම විට ම උත්සාහ කළේ, මගේ පැමිණීම අර්ථවත් කරවීමට මිස මා හරහා ගිහි බන්ධනවල තොරතුරු දැනගැනීමට නො වේ. අනන්තගේ මෙම ප‍්‍රවේශම් සහගත ගිහි ආශ‍්‍රය මා ඔහුගෙන් ලද ආදර්ශයක් ලෙස පුරුදු කර ගැනීමට අදිටන් කර ගත්තේ එයින් ඔහුත් සුරැකී මා හට ද යහපතක් වන බව තේරුම් ගත් බැවින් එය මා වෙතින් තවත් අයෙකුට ලබා දිය යුතු යැයි සිතුණු නිසා ය. එබැවින් ඔහුගෙන් සහ සඟ රුවන ඇසුරෙන් ලත් අත්දැකීම් නොමසුරු ව තවත් අයෙකුගේ යහපත පිණිස මා විසින් ද ලබා දිය යුතු යැයි මම තදින් ම විශ්වාස කළෙමි.

භාවනා කිරීම සඳහා අනන්ත මා කැටුව ගියේ ශාලාවක් වෙත ය. එහි ඉතා පිරිසිදු ලෙස වැඩ නිමවා තිබුණු අතර සිසිල් පැන් සහිත ගුරුලේත්තු කිහිපයක් තැනින් තැන විය. භාවනා ආසන කිහිපයක් මත වැඩ සිටිමින් බවුන් වඩනා හිමිවරු නෙතට ප‍්‍රිය දසුනක් විය. එ් අතරේ වූ ඉඩ කඩ භාවිතා කරමින් සක්මන් භාවනාවේ යෙදෙන තවත් යතිවරුන් පිරිසකි. ශාලාවේ පසෙකට වන්නට තිබූ භාවනා කිරීම සඳහා භාවිත කරන ඇතිරිල්ලක් ගත් අනන්ත එය මගේ අතට දී ශාලාවේ කොණක වූ ඉඩ කඩක් අතින් පෙන්වා නිහඬව ම සංඥා කළේ ‘දැන් ඔබේ භාවනාව සඳහා කාලය පැමිණ ඇත’ යන්න බව මම තේරුම් ගත්තෙමි. කිසිවකුට බාධා නොවන සේ එහි ඇතිරිල්ල එළා ගත් මම බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රතිමාවටත්, භාවනානුයෝගීව වෙසෙන භික්ෂූන් වහන්සේලාටත් වැඳ නමස්කාර කොට පළඟක් බැඳගෙන තැන්පත් වුණෙමි.

මා හට සිහි වූ එක ම භාවනා අරමුණ, නිරන්තරයෙන් මා පුරුදු කළ ආනාපානසති භාවනාව යි. පින්වත් ගුරුදේවයන් වහන්සේගේ පොත පත ඇසුරෙන් සූත‍්‍ර ධර්මයන් තුළ විස්තර කර ඇති ආකාරයට මම ආනාපානසති භාවනාව පුහුණු වීමට මෙම කාලය යොදා ගත්තෙමි. නාසිකාග‍්‍රයෙන් ඉහළ පහළ යන හුස්ම රැුල්ල දෙස සිහියෙන් බලා සිටියෙමි. වීරිය උපදවමින්, හැකි අයුරින් සිහියෙන් බලා සිටියෙමි. සුළු වේලාවක් හුස්ම රැුල්ල දෙස සිහිය යොමා සිටීමට හැකි විය. තවත් සුළු මොහොතකින් මගේ හිස ගැස්සී ගියේ ය. එ් සමඟ ම මම සුළු නින්දකට වැටී ඇති බව තේරුම් ගතිමි. නින්දකට වැටී ඇති බව තේරුම් යන විට භාවනාව සඳහා වෙන් වූ කාලයෙන් විනාඩි කිහිපයක් ම ආශ්වාස ප‍්‍රශ්වාසයෙන් ඈත් වී තිබූ බව මා හට වැටහුණි. සැබැවින් ම එ් විනාඩි කිහිපය මටත් හොරා මේ ථීනමිද්ධය විසින් සොරාගෙන තිබුණි. සියල්ල තේරුම් ගෙන නැවත වතාවක් ආනාපානසතියට සිහිය යොමු කළෙමි. තවත් සුළු වෙලාවක් එසේ සිටීමට මා හට හැකි විය. නමුත් නො දැනී ම විවිධ විවිධ රූප පෙනෙන්නට පටන් ගත්තේ ය. ඇතැම් විට එ්වා මාගේ නිවසේ දර්ශන ය. ඇතැම් විට මා ළඟ දී නැරඹූ චිත‍්‍රපටයකි. ඇතැම් විට මා කිසි දින දැක නැති මනසේ මැවුණු සිදුවීම් පෙළකි. මෙම දර්ශන දෙස සිත යොමු වත් ම නැවත හිස ගැස්සී ගියේ ය. යළිත් නින්දකට වැටුණු බව මම තේරුම් ගත්තෙමි. සිත එක ම ස්ථානයේ රැුඳී පැවතියේ විනාඩියක් දෙකක් වන් සුළු කාලයක් පමණක් බව වැටහී යාමෙන් මම මඳක් පසුබැස්සෙමි. භාවනාව නවතා දැමූ මා දෙනෙත් විවර කොට වටපිට බැලීමි. භික්ෂූන් වහන්සේලා සුවසේ භාවනා කරමින් සිටිති. අනන්ත ද ප‍්‍රතිමාවක් සේ නො සැළී භාවනා කරනු පෙණින. නැවත හිස ඉදිරිපසට හරවා ගත් මා හට දකින්නට ලැබුණේ උකුලේ වූ කඩදාසි කැබැල්ලකි. එහි යමක් ලියා ඇති බව මා හට තේරුම් ගියේ ය. එබැවින් එය අතට ගෙන කියවා බැලූවෙමි.

‘‘මෝඩයා නින්දට ගිය විට අවදි වන්නේ ද මෝඩයෙකු ලෙසිනි…”

මාගේ ඉහ මොළ රත් වී ගියේ ය. හදවතේ වේගය වැඩි වී ගියේ ය. බියමුසු ලැජ්ජාවක් සිතට දැනෙන්නට විය. වහා ම වටපිට බැලූවෙමි. සැබැවින් ම නො දැනී ම හිස වටපිට බැලූවා මිස එය ද සිහියෙන් සිදු නො වූවක් බව මා හට තේරුම් ගියේ ය. සියලූ ස්වාමීන් වහන්සේලා පළඟ මත හිඳගෙන භාවනා කරමින් සිටිති. මීට විනාඩි කිහිපයකට පෙර සක්මන් කළ ස්වාමීන් වහන්සේලා ද දැන් හිඳගෙන සිටින ඉරියව්වෙන් භාවනාවට සමවැදී සිටිති. මේ අකුරු අනන්තගේ ද නොවන බව මම හොඳාකාරව ම දනිමි. එ්කාන්තයෙන් ම මෙය මින් මොහොතකට පෙර සක්මනේ යෙදී සිටි භික්ෂූන් වහන්සේනමක් විසින් තැබූ සටහනක් බවත්, මාගේ හිස නිදිබර ව කඩා වැටුණු නිසා සිහිය ඉපදවීමට සිදු කළ දෙයක් බවත් තේරුම් ගතිමි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘අවදි වීම’ යන්න එ් මොහොතේ සිදු විය. බත් මතය නිසා අලස වී ගොස් තිබූ මගේ කයත්, සිතත් එ් වාක්‍ය දැකීමෙන් සත්‍ය වශයෙන් ම අවදි විය. සිහිය ආශ්වාස ප‍්‍රශ්වාසයේ ම රඳවා ගන්නෙමියි දැඩි ව අදිටන් කර ගනිමින් නැවත දැස් පියා ගත්තෙමි. මොහොතක් මොහොතක් පාසා ආශ්වාසය ප‍්‍රශ්වාසය වෙත සිහිය පවත්වා ගත්තෙමි. මා වෙත ථීනමිද්ධය පැවති බව හොඳින් තේරුම් ගත් නිසා දැන් සිත සිහිය වෙත ලබා දෙන ජවය පෙරට වඩා වැඩි බව මට හැඟී ගියේ ය. ආශ්වාසයෙන් ප‍්‍රශ්වාසය – ප‍්‍රශ්වාසයෙන් ආශ්වාසය බැඳි බැඳී යද්දී අඛණ්ඩ ව එ් වෙත සිහිය පවත්වා ගැනීමට මා හට හැකි විය. ඇත්තෙන් ම මා ද නො දන්නා තරම් කාලයක් එ් වෙත සිහිය පවත්වාගත හැකි වූ බව මා හට හැඟී ගියේ ය. ගතවන කාලය පිළිබඳ ව කිසිදු හැඟීමක් නොමැති ව හුදෙක් ම ආශ්වාසය සහ ප‍්‍රශ්වාසය තුළ ම පමණක් සිහිය පවතින්නට විය.

බාහිර පරිසරයෙන් ඇසෙන ශබ්ද ශ‍්‍රවණය වන බව දැනුණත් එ් වෙතට අවධානය යොමු නො කර සිටීමේ හැකියාවක් තිබුණි. කය මහ පොළොවට තෙරපීම අඩු වී යන බව මා හට දැනෙන්නට විය. එය දිගින් දිගට ම සිදු වූ නිසා යම් මොහොතක දී කය සහ පොළොව අතර ඇති සම්බන්ධය නො දැනී යන්නට විය. උරහිස් ඔස්සේ අත් දෙක දෙපසින් එල්ලෙන බර ද අඩු වී ගොස් පපු පෙදෙසට, හිස පෙදෙසට ඉමහත් සැහැල්ලූවක්, සිසිලසක් දැනෙන්නට විය. තව දුරටත් සිහිය පැවතියේ ආශ්වාසය සහ ප‍්‍රශ්වාසය තුළ යි. කය තුළ පැවති සිහිය ආශ්වාසය සහ ප‍්‍රශ්වාසය තුළ රඳවාගෙන සිටීමට බාධා කරමින් සැණෙකින් කය පා වී යන්නේ යයි දැනෙන්නට විය. මේ අයුරින් පා වී ගියහොත් සිවිලිමේ වුව ද හිස වැදීමට ඉඩ ඇති බවත්, ශාලාවෙන් පිටතට පා වී ගියහොත් කොයි මොහොතේ හෝ උස ගසක වැදී අඩි විස්සක් තිහක් බිම ඇද වැටිය හැකි බවත් මා හට සිහිපත් විය. එ් සමඟ ම සිතට මහත් බියක් ජනිත විය. මා ද නො දැනී හදිසියේ ම ආනාපාන සතියෙන් සිහිය ඉවත් විය. නැවත සියලූ ශබ්ද සාමාන්‍ය ආකාරයෙන් ඇසෙන්නට විය. දැස් විවර කොට බැලූවෙමි. මම සිටි තැන ම එ් අයුරින් ම හිඳගෙන සිටියෙමි. අඟලක්වත් ඉහළ ගොස් නැති බව මා හට තේරුම් ගියේ ය. එය හුදෙක් ම මනසට දැණුනු දෙයක් බවත්, කායික ව ඉහළ යාමක් නොවන බවත් මා තේරුම් ගත්තේ සියල්ල හදිසියේ ම නැතිකර ගැනීමෙන් පසුව යි.

පෙර මෙන් පරාජිත හැඟීමක් නැතත්, යම් දෙයක් වෙත මා ඇදී යමින් සිටි බව සක්සුදක් සේ පැහැදිලි ය. දැස් පිස දමමින් නැවත වරක් වට පිට බැලූවෙමි. භාවනා ශාලාවේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් පිට වී ගොස් සිටියහ. සැබැවින් ම අනන්ත ද එහි නො වී ය. වේලාව බැලූ විට පෙනී ගියේ මා දෙවෙනි වර පැය එකහමාරකට අධික කාලයක් එක ම ඉරියව්වේ සිට භාවනානුයෝගී ව සිටි බව යි. මඳ සතුටක් හිතට දැණුනි. භාවනාව වෙත නැවත නැවතත් යොමු වන්නට තරම් උද්යෝගයකින් සිත පිරී ගොස් තිබුණි. ඉදිරිපස බැලූ මා හට දක්නට ලැබුණේ… පෙර සේ ම තවත් අලූත් කඩදාසි කැබැල්ලක් මා ඉදිරියේ ඇති බව යි. එ් අසල ම පරණ කඩදාසි කැබැල්ල ද විය. වහා ම එය අතට ගත් මම කියවා බැලූවෙමි.

‘‘සීමා මාලකය අසල – නා ගස යටට එන්න…” මම වහා නැගිට ගත්තෙමි. මා භාවිත කළ භාවනා ඇතිරිල්ල මනා කොට තැන්පත් කොට නිහඬ ව ම ශාලාවෙන් එළියට පැමිණියෙමි. අතර මඟ දී මුණ ගැසුණු ස්වාමීන් වහන්සේනමකගෙන් අදාළ ස්ථානය පිළිබඳ ව තොරතුරු දැනගත් මම එ් වෙත වූ පෙත්මඟ ඔස්සේ ඇවිද ගියෙමි.

දුර තියා ම කිසිදු අපහසුවකින් තොර ව එම ස්ථානය හඳුනාගැනීමට මා හට හැකි විය. නා ගස යට වූ ස්වභාවික ගලක් මත වැඩ සිටියේ ප‍්‍රිය මනාප පෙනුමැති ස්වාමීන් වහන්සේනමකි. එ් අසල බිම හිඳගෙන සිටියේ අනන්ත ය. මා පැමිණීමට නියමිත ව තිබූ දිශාවට හැරී හිඳගෙන සිටි බැවින් ඔහු දුර දී ම මාගේ පැමිණීම දුටුවේ ය. ඔවුන් වෙතට ළඟා වීමට යම් දුරක් තිබිය දී ම අනන්ත ඔහු සතුව තිබූ තවත් ඇතිරිල්ලක් ස්වාමීන් වහන්සේ අසලින් එළා, එහි හිඳගන්නා ලෙසට මා හට සංඥා කළේ ය. ඉතා ම යටහත් පහත් ව පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කළ මම එ් ඇතිරිල්ල මත පහසුවෙන් හිඳ ගත්තෙමි.

‘‘අපි බිනර එනකම් තමයි මෙතනට වෙලා හිටියේ. මේ පින්වත් ස්වාමීන් වහන්සේ බිනර ව භාවනා ශාලාවෙ දී දැකල තියෙනවා. මම භාවනාවෙන් නැගිටලා යන්න හදන කොට තමයි උන්වහන්සේ මට කතා කළේ. බිනර මෙතනට ඉක්මනින් ම එයි කියල කිව්වෙත් පින්වත් ස්වාමීන් වහන්සේ තමයි…”

සිදු වූ සියල්ල හොඳින් ම පැහැදිලි වූයේ දැන් ය. මාගේ නිදිමත දැක සිහිය ඉපදවීමට නිහඬ ගුරුහරුකමක් දුන්නේ ද නිහඬව ම මා මෙහි කැඳවූයේ ද උන්වහන්සේ බව මම තේරුම් ගත්තෙමි.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්සේ මට ලොකු උපකාරයක් කළා. මගෙ පපුවට එ් වචන ටික කොයිතරම් තදට දැනුණ ද කියන්නේ…. ඊ ළඟ මොහොතේ….”

‘‘ඇති… ඇති…!” උන්වහන්සේ මගේ කතාවට බාධා කළේ ය.

‘‘සිදු වූ සියල්ල කිසි කෙනෙකුට පෙණුනෙ නැත්නම්, කිසි කෙනෙකුට කියන්න ඕනත් නෑ. ගහක මුදුන් මුලත්, අනෙක් මුල් සියල්ලත් පොළොවෙන් උඩට මතු වුණොත් එ් ගහ හැදෙන්නෙ නෑ. අපිට අතුපතර සහ මල් ගෙඩි විතරක් පෙණුන නම් ඇති… මුල් ටික මහ පොළොවෙ ම තියෙන්න ඉඩ දෙන්න. තේරුණා ද?”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…” මම පිළිවදන් දුනිමි. නමුත් තවදුරටත් මා වික්ෂිප්ත ව සිටිය බැවින් මා තුළ වූ ගැටලූව කෙසේ හෝ උන්වහන්සේට පැවසිය යුතු ව තිබුණි. එබැවින් තවදුරටත් මගේ අදහස් පැවසිය යුතු ය.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, එ්ත් මට තව ප‍්‍රශ්නයක් තියෙනවා. එ් ගහේ මුල් ලස්සනට වැවීගෙන යද්දි, හදිසියේ ම අවහිරයක් වෙලා මුල් වැවෙන එක නැවතුණා. එ් වගේ වෙලාවට කරන්න දෙයක් මම දැනගන්න කැමතියි…” මාගේ භාවනාව හදිසියේ ඇතිවූ බියක් හේතුවෙන් බිඳී ගිය බැවින් මම එසේ විමසුවෙමි. ඍජුව ම අත්දැකීම ප‍්‍රකාශ කිරීම උන්වහන්සේ ප‍්‍රතික්ෂේප කළ නිසා උන්වහන්සේ පැවසූ උපමාවෙන් ම අමාරුවෙන් වචන ගළපා ප‍්‍රශ්නය ද සකසා ගත්තෙමි.

‘‘ඔව්… එහෙම වෙන්නත් පුළුවන් තමා….” උන්වහන්සේට සිනහ පහළ විය.

‘‘එහෙම වුණා කියල එ් මුල ගලවල පෙන්වන්න ඕන නෑනෙ. එ් මුල් එතන ම තියෙද්දි අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා. නැත්තං අලගිය මුලගිය තැන් සැරින් සැරේට එළියට අදින්න ගියාම ගහේ වර්ධනය බාල වෙනවා. එහෙම වෙනවා නේ ද?”

‘‘ගහක් සම්බන්ධයෙන් නම්, එහෙම තමා පින්වත් ස්වාමීන් වහන්ස…” මම එසේ පිළිතුරු දුන්නේ ගසක් සම්බන්ධයෙන් එසේ වුවත්, භාවනාවක් සම්බන්ධයෙන් එසේ විය හැකිදැයි මගෙන් ම ප‍්‍රශ්න කරමිනි. භාවනාවක් සම්බන්ධයෙන් අදාළ ගැටලූව ඍජුව ම විමසීමේ වාසියක් පවතින බව මම දැඩි ලෙස විශ්වාස කළෙමි. නමුත් මගේ සැකය හෙළිදරව් කිරීමට තරම් ශක්තියක් මා තුළ නො වී ය. නමුත් මාගේ ප‍්‍රකාශයෙන් පෙරටත් වඩා දැඩි සිනහ රැුල්ලකින් උන්වහන්සේගේ මුවඟ පිරී ගියේ ය. එය කොයිතරම් ප‍්‍රියමනාප වී ද යත් මා හට ද සිනහ නො වී සිටීමට නො හැකි විය.

ඇත්තෙන් ම උන්වහන්සේව කිහිප වරක් ම දැක තිබුණත් කිසි දා සම්මුඛ වී කතා බස් කොට නැත. ඉතා ම ප‍්‍රියමනාප පෙනුමකින් යුතු උන්වහන්සේ, බලවත් ව මෛත‍්‍රිය වඩා ඇති බව මා හට වැටහී ගියේ උන්වහන්සේ සමඟ දොඩමලූ වීම තුළ පුදුමාකාර සැහැල්ලූවක් සුළු මොහොතකින් ම මා හට දැණුන බැවිනි.

‘‘එ් ගැන වැඩිදුර හිතන්න එපා. අපි ගහට පොහොර ටිකක් දානව කියල හිතාගෙන සිතටත් ආහාර ටිකක් දෙමු. ඔය කිසි ම ප‍්‍රශ්නයක් නැවත ඉස්මතු නො වෙන්න ම. තේරුණා ද?”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘හොඳයි. පුතා ම කියන්න බලන්න මේ ධර්මය දම්සක් පැවතුම් සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය මොකක් ද?”

‘‘චතුරාර්ය සත්‍ය ධර්මය.” මම සැණෙකින් පිළිතුරු දුන්නෙමි.

‘‘බොහොම හොඳයි. අන්න එ් චතුරාර්ය සත්‍ය ධර්මයේ කොටස් දෙකක් බොහෝ කාලයක සිට අපි තුළ ක‍්‍රියාත්මකයි. නමුත් අපි අවබෝධ කරල නැහැ. එ් තමයි, දුක්ඛ ධර්මතාවය සහ දුක්ඛ සමුදය ධර්මතාවය. නමුත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවත් සැලකිය යුතු අයුරින් සසර පුරාවට සිදු වුණා කියල හිතන්න අමාරුයි. යන්තම් පොඩි පිනක් කරගෙන මේ මිනිස් ජීවිතේට පැන ගත්ත බවක් තමයි පේන්න තියෙන්නේ.”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මට එ් කරුණ වැටහුණා.”

‘‘එහෙනම්, භාවනාව කියන්නෙ මොකක් ද පුතා…?”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස. භාවනාව කියන්නේ, දුක්ඛ නිරෝධ ධර්මතාවය සහ දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ධර්මතාවය පුරුදු කිරීමක්…” මම පිළිතුරු දුන්නෙමි.

‘‘පිළිතුර සම්පූර්ණ නැහැ. භාවනාව කියන්නේ… දුක්ඛ ධර්මතාවය අවබෝධ කරමින්, දුක්ඛ සමුදය ප‍්‍රහාණය කරමින්, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරමින්, දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව දියුණු කිරීමට යි. භාවනාවේ දී දුකත් අවබෝධ වෙනවා දුක්ඛ සමුදයත් නැති වෙනවා වගේ ම තමාට ලැබෙනවා, නැත්නම් තව විදියකින් කිව්වොත් සාක්ෂාත් වෙනවා දුක්ඛ නිරෝධය. එ් සඳහා ප‍්‍රගුණ කළ යුතු දේ තමයි දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව. එ් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් යම් කෙනෙක් භාවනා කරල අවසන් වුණා නම්, අරහත්වයට පත් වුණා නම්, එ් ශ‍්‍රාවකයා ගැන කියන්න පුළුවන් කොහොම ද?”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, දුක්ඛ ස්වභාවය සම්පූර්ණයෙන් ම අවබෝධ කර ගත්ත, දුක්ඛ සමුදය කියන තණ්හාව සම්පූර්ණයෙන් ම ප‍්‍රහාණය කළ, දුක්ඛ නිරෝධය සම්පූර්ණයෙන් ම සාක්ෂාත් කළ ශ‍්‍රාවකයා කියලා කියන්න පුළුවන්. එ් ශ‍්‍රාවකයා ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව ප‍්‍රගුණ කරලා අවසානයි. තව දුරටත් එ් ප‍්‍රතිපදාව තුළ කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ…”

‘‘බොහොම හොඳයි. අන්න එ් නිසා භාවනාව තුළ සිදු වෙන එ් සිදුවීම් හතර අපි කල් තියා ම තේරුම් ගන්න ඕන. එ් වගේ ම භාවනාවට උපකාර විය යුතු දෙයක් තමයි සමාධි පරිෂ්කාර ධර්ම කියල කියන්නේ. එ් කියන්නේ සම්මා සමාධිය උපදින්න අවශ්‍ය වන සත්කාරක ධර්මයන්. හේතුකාරක ධර්මයන්. සම්මා සමාධිය උපදින්නට අවශ්‍ය කරන හේතුකාරක, සත්කාරක, පරිෂ්කාරක ධර්මයන් වශයෙන් සූත‍්‍ර ධර්මයන් තුළ හඳුන්වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන කාරණා හත යි. මේ කාරණා හත සම්පූර්ණ වෙනව නම් එ් සමාධිය සම්මා සමාධියක් බවට පත් වෙනවා. එ්කත් මතක තියාගන්න ඕන භාවනා කරද්දි…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස….”

‘‘ඉතින්, දැන් දුක අවබෝධ කරන ආකාරය ගැනත්, තණ්හාව ප‍්‍රහාණය කරන ආකාරය ගැනත් කල්‍යාණමිත‍්‍ර සේවනය තුළින් බුද්ධ දේශනා ශ‍්‍රවණය කරලා දහම් දැනුමක් සකසගන්න ඕන. එ් වගේ ම දුක්ඛ නිරෝධය ගැනත්, දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් හොඳ දහම් දැනුමක් හදාගන්න ඕන. අන්න එවිට කළ යුතු දේ ඉතා ම පැහැදිලි ව ශාස්තෘන් වහන්සේ ළඟ ඉන්නවා වගේ තමන්ට පැහැදිලි කර ගන්න පුළුවන්…”

‘‘එහෙමයි ස්වාමින් වහන්ස….”

‘‘පුතා… දැන් කල්පනා කරල බලන්න. භාවනා කරද්දි එන්න පුළුවන් ගැටලූ ගැන. කායික වේදනා, අතපය රිදීම් හිරිවැටීම් එන්න පුළුවන්. අසනීප තත්ත්ව භාවනාවට බාධා වෙන්න පුළුවන්. වයෝවෘද්ධ ස්වභාවය බාධා වෙන්න පුළුවන්. ඉතින් මේ සියල්ල දුකටයි අයිති. දැන් අපි දුක පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න ඕන. දණිස්වලින් ලේ ගලද්දිත් වීර්යය වඩපු ශ‍්‍රාවකයන් හිටපු ශාසනයක් මේක කියල සිහි කර ගන්න ඕන.එ්
වගේ ම විවිධ ආශාවන්, ලාභ සත්කාර කෙරෙහි ඇති කැමැත්ත සහ භාවනානුයෝගියෙකු යැයි පතළ වේවා යන ඉච්ඡුාව ආදි තණ්හා-මාන මූලික කර ගත් අකුසලයන් හට ගන්න කොට නුවණින් සලකා දුක්ඛ සමුදය වූ එ් අකුසලයන් ප‍්‍රහාණය කළ යුතු යි.

තණ්හා-මාන ආදි අකුසල් ප‍්‍රහාණයට අවශ්‍ය දේවල් සියල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තියනවා. එහි දී සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන ප‍්‍රඥා කොටස ද සම්පූර්ණ කර ගනිමින් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීල කොටස ද සම්පූර්ණ කර ගනිමින්, සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධි කොටස ද සම්පූර්ණ කර ගනිමින්, සිටින ශ‍්‍රාවකයාට තණ්හා-මාන නිසා ඇති වන අකුසල් ප‍්‍රහාණය වෙලා යනවා. එ් මම කෙටියෙන් කිව්වේ. තව මේ ගැන විස්තර කරන්න පුළුවන්. එ් වගේ ම තමයි, භාවනා කරද්දි කායික ස්පර්ශය නිසා ඇති වන දේවල් වගේ ම මානසික ස්පර්ශය නිසා ඇතිවන විඳීම් වුණත් තියෙන්න පුළුවන්. ඇතැම් විට එ් දේවල් පංච නීවරණ විදියට බාධා කරනවා. ඇතැම් විට පංච නීවරණ සන්සිඳුනට පස්සේ මානසික ස්පර්ශය නිසා හට ගන්න අරමුණු විදියට වුණත් බාධාවක්, උපක්ලේශයක් විදියට හැසිරෙන්නත් පුළුවන්. ඇතැම් අයට විවිධ රූප මැවිල පේනවා. ඇතැම් අයට විවිධ විඳීම් දැණෙනවා. ඇතැම් අයට මුළු මහත් කය ම නො දැනී යනවා. තවත් බොහෝ විඳීම් භාවනාව තුළත් දැනෙන්න පුළුවන්. ඉතින් මේ තමයි භාවනාව කරද්දි අපිට අත්දකින්න ලැබෙන දේවල්.

චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරද්දි අපිට ලැබෙන දේ තමයි දුක්ඛ නිරෝධාර්ය සත්‍යය තුළ තියෙන්නේ. එ් දුක්ඛ නිරෝධය තමයි සාක්ෂාත් කළ යුත්තේ. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම ම යි ප‍්‍රධාන ඉලක්කය බවට පත් විය යුත්තේ. හොඳයි. පුතා ම කියන්න බලන්න මේ දුක්ඛ නිරෝධය ගැන…?”

‘‘චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්ති අනාලයෝ… කියල නේ ද පින්වත් ස්වාමීන් වහන්ස එ්ක තියෙන්නේ…” මම පිළිවදන් දුනිමි.

‘‘බොහොම හොඳයි. එහෙම තමයි විස්තර කරල තියෙන්නේ. චාග, පටිනිස්සග්ග, මුත්ති අනාලය කියන වචන තුනේ ම සරල පොදු අර්ථය තමයි අත්හැරීම, දුරු කොට දැමීම සහ ආලය රහිත කොට දැමීම. යමක් අත් හැරියත් දුරස් කරලා නැත්නම් නැවත ළං කර ගන්න හිතෙන්න පුළුවන්. එ් නිසා එ් සියල්ල දුරස් කරල දාන්න ඕන මනසින්. එ් වගේ ම දුරස් වූ දේට ආලයක් තිබුණොත් එ් දේට නැවත ළං වෙනවා. එ් නිසා ආලයත් නැති කරල දාන්න ඕන. මෙන්න මේ පියවර තුනට අනුව යි යම් දෙයක් කෙරෙහි පවතින ආශාව, තණ්හාව නැති කරන්න ඕන…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘යමක් කෙරෙහි හෝ පුද්ගලයෙක් කෙරෙහි හෝ මේ මුළුමහත් සංස්කාර ධර්මයන් කෙරෙහි හෝ පවතින තණ්හාව නිරුද්ධ කරල දාන්න ඕන නම්, එ් නිසා හෝ එ් පුද්ගලයා නිසා හට ගන්න දුක නිරුද්ධ කරල දාන්න ඕන නම්, මුලින් ම එ් සියල්ල අත් හරින්න. දෙවනුව එය දුරස් කොට දමන්න. තුන් වෙනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් නුවණින් විමසල එ් සඳහා පවතින ආලය සම්පූර්ණයෙන් ම නැති කරල දාන්න. ඉතින් මේ ආකාරයෙන් නම් අපි සිතිය යුත්තේ භාවනාවක් අවහිර වෙන යම් අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් කරන්න තියෙන්නෙත් මේ දේ ම යි. මේ තමයි ධර්මයේ පවතින චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ආකාරයට ප‍්‍රතිපදාව වඩන ක‍්‍රමවේදය. අවබෝධය සම්පූර්ණ වෙන්නේ මේ ආකාරයට නුවණින් සලකා කටයුතු කරන විට යි. ඉතින් මුල් ගලවන්න අවශ්‍ය නැහැ. පොහොරත්, ජලයත්, හිරු එළියත් නිවැරදි ව දීල පළිබෝධවලින් ආරක්ෂා කරගෙන ගසක් වර්ධනය කර ගන්නවා වගේ අපේ සිතටත් ධර්මයෙන් සත්කාර කරල උපක්ලේශ, නීවරණ, තණ්හා දිට්ඨි මාන ආදියෙන් සිත මුදවාගෙන පරිපූර්ණත්වය කරා රැුගෙන යන්න ඕන.”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘ඇත්තෙන් ම භාවනාවක් තුළ සාක්ෂාත් කිරීමක් බලාපොරොත්තු විය යුතුයි. එ් සමාධියවත්, ධ්‍යානවත් නො වෙයි. හැමෝම මොනව හරි දෙයක් ලැබේවා, උපදීවා කියල හිතාගෙනයි භාවනා කරන්නේ. එ්ත් දුක්ඛ නිරෝධය කියන්නේ චාග, පටිනිස්සග්ග, මුත්ති අනාලය. එ් කියන්නේ අතහැරීම, දුරු කිරීම, ආලය රහිත වීම. පංච නීවරණ කෙරෙහි මේ ක‍්‍රමයට කටයුතු කිරීමෙන්, නීවරණ අත්හැරලා දුරස් කොට දැමීමෙන් සමාධිය උපදිනවා. උපක්ලේශ කෙරෙහි මේ ක‍්‍රමයට කටයුතු කිරීමෙන් උපන් සමාධිය පිරිසිදු වෙනවා. සමාධිය තුළ උපදින පංච උපාදානස්කන්ධයන් කෙරෙහි මේ ක‍්‍රමයට කටයුතු කිරීමෙන් පිරිසිදු වුණ සමාධිය තුළ ප‍්‍රඥාව උපදිනවා.

පරිපූර්ණ ප‍්‍රඥාවන්තයා සියල්ල අතහැර අවසානයි. ඔහු භාවනාවෙන් නැගිටින්නේ ප‍්‍රඥාවන්තයෙක් විදියට. මෝඩයෙක් නින්දෙන් අවදි වෙන විදියට නම් නො වෙයි. ඇත්ත වශයෙන් ම භාවනාව කියන්නේ යමක් ලබා ගැනීමට පොරකෑම නො වේ… සියල්ල අතහැරීම වෙනුවෙන් සිදු කරන සම්මා වායාමයක්. සියල්ල අත් හැරීම වෙනුවෙන් සිදු කරන සම්මා සතියක්…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මට එ් පැවසූ කරුණු නිවැරදිව වැටහුණා. ඉතා ම ගාම්භීර නමුත් ඉතා ම පැහැදිලියි ස්වාමීන් වහන්සේ පැවසූ දේ. සාදු සාදු සාදු…” මම සතුටින් එ් උපදෙස් අනුමෝදන් වුණෙමි.
සැබෑ ලෙසින් ම, මා මුහුණ දුන් ගැටලූවට එ් මොහොතේ ම මේ ක‍්‍රමවේදය ගළපා බැලූවෙමි. මා බිය වූයේ මාගේ සිරුර බිම ඇද වැටේවි යයි සිතූ නිසා ය. එ් මාගේ සිරුර වෙත වූ තණ්හාව නිසා ම හට ගත් අකුසල සිතිවිල්ලක් බව මම දැන් දනිමි. එ් මොහොතේ කය කෙරෙහි වූ අපේක්ෂාව අත්හැර ගැනීමට මා හට හැකි වුණා නම්, කය මෙසේ පවතීවා යන තණ්හා සහගත සිතිවිල්ල හඳුනාගෙන ප‍්‍රහාණය කළ හැකි ව තිබුණා නම්, මාගේ භාවනාව තවත් දුරක් යාමට ඉඩ තිබුණි. දැන් නැවත මා පෙර සිටි ස්වභාවයේ ම ය. සැබැවින් ම භාවනාව තුළ සිදු විය යුත්තේ යමක් ලබා ගැනීමට පොරකෑම නොව සියල්ල අත්හැරීම වෙනුවෙන් සිහියෙන්, නුවණින් වෑයම් කිරීම යැයි පින්වත් ස්වාමීන් වහන්සේ පැවසූ දේ කොයි තරම් සත්‍යයක් ද! එ් වචනය මාගේ සිතේ ශිලා ලේඛණයක් සේ කෙටී ගියේ එ් නිසාවෙනි.

සියල්ල මුලට පැමිණිය ද, උතුම් ගුරු ඇසුරක් නිසා, උතුම් කලණ මිතුරු සේවනයක් නිසා අළු ගසා දමා නැවත නැගිටීමට අවශ්‍ය සියලූ ශක්තිය යළිත් මා වෙත ලැබී තිබුණි. ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි දිවිය ලද පින්බර මහ සඟ රුවනේ ඇසුර ලබා මගේ සිතත් මේ අයුරින් නිවා සනසා ගන්නට ඇත්නම් කොයි තරම් නම් වාසනාවක් ද..! සැබැවින් ම සද්ධර්මය ජීවමාන ය. ඵල ලද්දෝ ද නැත්තා නො වේ. නමුත් අප ප‍්‍රමාද ය. අපි තවමත් පෙර අංගුලිමාල සොරු මෙන් අඛණ්ඩව දිව යන්නෙමු. බුදුරජුන් මෙන්, රහතුන් මෙන් මේ ගමන නවතා දමන්නේ කවදා ද..! සියලූ සංස්කාර ධර්මයන් අත්හැර දමා නිවී සැනසී ගිය සිතකින් වාසය කරන්නේ කවදා ද..!! නැවත කිසිදා නො දිරන, නො මියෙන අයෙකු සේ මේ සාංසාරික නාටකයට සදාකාලික ව ම නැවතීමේ තිත තබා තිරය වසා දමන්නේ කවදා ද..!!!

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  බිනර කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68