යම්කිසි රටක හෝ තැනක කවර හෝ භාෂාවකින් බෞද්ධ දර්ශනය පිළිබඳ පොතක් හෝ ලියවිල්ලක් මාස් පතාවත් නිකුත් වන තරමට දැන් බෞද්ධ දර්ශනය පිළිබඳ සෑහෙන විපර්යාසයක් ලොව පුරා පැතිරෙමින් පවතීග බෞද්ධ දර්ශනය පිළිබඳව ලෝ වැස්සන් තුළ ඇති වී පවත්නා මේ අලූත් උෙසා්ගය ම ලෝකයේ විවිධ ජාතීන් අතර බුදු සමය පිළිබඳව සෙවීමේ සහ පරීක්ෂණ පැවැත්වීමේ ආශාව වැඩිවෙමින් පවතින බවට එක් සාධකයෙකි.

‘බෞද්ධයා’ යන වචනය ගෙන පිරික්සා බලන විට නම් ත‍්‍රිපිටකයේ කවර තැනකවත් බෞද්ධයා යන තනි නමක් සඳහන් වී නැත. අමුතුවෙන් ලෝකයේ කවර පිරිසක් හෝ බෞද්ධාගමට හරවා ගැනීම නොහොත් නමින් බුද්ධාගමට හරවා ගැනීම නියම බෞද්ධයාගේ බලාපොරොත්තුව නො වේෙ. බුද්ධ ධර්මය සාර්ව භෞමක දර්ශනයෙකිග එපමණක් නො වේග බෞද්ධ දර්ශනය ලෝකයේ ඕනෑම යුගයකට ඕනෑම රටකට ගැළපෙන දහමෙකි.

අවුරුදු 2500කට පසු බුද්ධ ධර්මය පිළිබඳ අමුතු විශේෂ දියුණුවක් ඇති වෙතියි බලාපොරොත්තුවෙන් සිටි අපේ බොහෝ දෙනා එවැනි පරිවර්තනයක් ඇති වූයේ නැතැයි දැන් තැන තැන කසු කුසුවක් ඇති කර තිබෙන බැව් සාමාන්‍යයෙන් පෙනෙන කරුණක් වුව ද ධර්මාශෝක රජුගේ යුගයේ දී ඇති වූවාටත් වඩා ප‍්‍රබල වෙනසක් සහ නව දීප්තියක් බුද්ධාගම තුළ මේ යුගයේ දී ඇති වී තිබෙන බැව් බොහෝ දෙනා නො දන්නා වග ද මෙහිලා සඳහන් කළ යුතුව තිබේ.

සෝවියට් මොන්ගෝලියාවේ පමණක් බෞද්ධයෝ 75,000ක් පමණ වෙසෙතිග සෝවියට් දේශයේ ම කොටසක් වූ බුරියත් මොංගෝලියාවේ ද බෞද්ධයන්ගේ ගණන දිනපතා වැඩි වෙමින් පවතින බැව් මා ඇසින් දැක ප‍්‍රත්‍යක්ෂ කර ගත් දෙයකි. ලෙනින් ග‍්‍රෑඩ් නගරයේ භාරත ගෘහ නිර්මාණ කලාව අනුව ගොඩනැගූ බුදු මැදුරේ පාලනය ද පසුගිය දිනවල සෝවියට් බෞද්ධ සංගමයක් අතට පවරා දීමට සෝවියට් ආණ්ඩුව කටයුතු කරගෙන ගිය සැටි මම සෝවියට් දේශයේ සිටිය දී දැන ගත්තෙමි.

සෝවියට් උගතුන්ගේ නෙත් සිත් බුද්ධ ධර්මය කෙරෙහි යොමුවී ඇත්තේ ලොව අනෙක් ආගම්වලට වඩා මෙලොව ජීවිතය’ සම්බන්ධයෙන් බුද්ධ ධර්මයේ වැදගත් විවරණ රාශියක් කර තිබීම නිසා බැව් මට සෝවියට් දේශයේ සිටි අවදියේ දී දැන ගන්නට ලැබුණි. එපමණක් නොව මොස්කව් නගරයේ උසස් විශ්ව විසාලයන් රාශියක ම බෞද්ධ දර්ශනය පිළිබඳ ප‍්‍රසිද්ධ දේශනා මාලාවක් පැවැත්වීමට මට එ් දිනවල සිදුවිය.

මාක්ස්වාදීන්ගේ සාමාන්‍ය විශ්වාසයව පවත්නා ආගමින් මෙලොව ජීවිතයට වැඩි වැඩක් නැතැයි යන මතය ඇති වී ඇත්තේ මාක්ස්වාදය උපන් රටවල පැවති ආගම් මෙලොව ජීවිතයට වඩා ස්වර්ගය පිළිබඳ ජීවිතයට’ පමණක් තදානුගාමිකයන් යොමු කිරීමට උත්සාහගෙන තිබීම යයි සිතීමට ඇති කරුණු බොහෝ ය. ප‍්‍රධානයනට බැල මෙහෙ කරන්නට සිදුවනිදුප්පත්කම’ දෙවියන් වහන්සේ විසින් මැවූ දෙයක් ය යන මතය කලක සිට කාවැදී තිබුණු රටක සාමාන්‍ය පොදු ජනයා ම අතරින් පැන නැගුණ මාක්ස්වාදයල ආගම්වලින් මිනිස් ජීවිතයට වැඩක් නැතැයි තර්ක කිරීම පුදුමයක් නො වේ.

ලංකාවේ බෞද්ධයා අවුරුදු හාර පන්සියයක් තිස්සේ ම අධික පීඩාවට පත් වී මිරිකී සිටියා පමණක් නොව මේ සා දීර්ඝ කාලය තුළ නැතිවූ තම අයිතිවාසිකම් තරයේ ඉල්ලා සිටියේ ද නැතග එසේ වූ බෞද්ධයාට ස්වකීය උරුමයෙන් ම ලැබිය යුතු අයිතිවාසිකම් ටිකින් ටික ලැබී ගෙන එන මේ කාලයේ දී සාධාරණ අයිතිවාසිකම් ලබන බෞද්ධයා ගැන අනෙක් කණ්ඩායම් විසින් ඊර්ෂ්‍යා සහගත ලෙස කල්පනා කළ යුතු නො වේ.

අපි පරිණාම ධර්ම පිළිගන්නා ජාතියක් පමණක් නොව පරිණාමයට මුහුණ දිය යුතුල එය ඉවසා සිටිය යුතු ජාතියක් ද වෙමු. මේ යුගයේ දී බෞද්ධයාට මේ ලැබීගෙන එන්නේ ඔහුට අහිමිව තිබූල එ් නිසා ම ලැබිය යුතුව ම ඇතිල අයිතිවාසිකම්වලින් සමහරකිග බෞද්ධයා සර්වබලධාරී දෙවියකුගෙන් හෝ යක්ෂයකුගෙන් ආධාර නො ඉල්ලා යකාටත් දෙවියාටත් නො බියවල ආපස්සට නො ගොස් ඉදිරියට ම යා යුතු කාලය මේ කාලය යි. රට ජාතිය ආගම අප විසින් ම දුකසේ වෙහෙස නො බලා රැුක ගත යුතු උතුම් වස්තූන් වන අතර නිදහස ලැබීමෙන් පසු මේ රටේ ජනතාව ගෙවා දැම්මේ අරුණ ලෝකය හමුවේ ගී ගයන කුරුල්ලන් මෙන් ප‍්‍රීතියෙන් පමණක් යුත් ජීවිතයකි. මේ නිසා දැන් කාලය පැමිණ ඇත්තේ රටේ ආර්ථික වූ ද ආගමික වූ ද ජීවිතයන් සකස් කිරීමේ කාලය යි.

කාලය වූ කලී පුදුම දෙයකිග කාලය අප හැමදෙනමත්, අප හැම දෙනා ම කාලයත් කා දැමීම ලෝක ස්වභාවය යි. ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් ප‍්‍රඥසම්පන්න ලෙස කාලය අල්ලා ගෙන වැඩ ගත්තේ කාලයේ මේ අරුම පුදුම තත්ත්වය දැන සිටි නිසා ය. බුදුසමය රැඳී ඇත්තේ කරුණාව මත හෙයින් අප කාලයෙන් ප‍්‍රයෝජන ගන්නා විට අපේ වැඩ කටයුතු කළ යුත්තේ කරුණාව පෙරදැරි කරගෙන යග එක් අයෙකු හොඳ වැඩක් කරන කල්හි ඇත්ත වශයෙන් මල නිරායාසයෙන් ම එයින්, ලෝකයටත් සමාජයටත් වැඩක් ම සිදු වේ. ධර්මය යනුවෙන් හැඳින්වෙන්නේ එ් එ් පුද්ගලයා සතු වැඩ කොටස හරි හැටියට ඇද නැතුව යුක්ති යුක්තව ඉටු කිරීම ය. ගොවියාගේ ධර්මය හොඳ හැටි ගොවිතැන් කිරීම යිග කසළ ශෝධකයාගේ ධර්මය හරි හැටි කසළ ශෝධනය කිරීම යි. අගමැතිවරයාගේ ධර්මය හරි හැටි රට පාලනය කිරීම යිග මේ අන්දමින් සමාජයේ කවර තත්ත්වයක කවර තට්ටුවක කවර පන්තියක පුද්ගලයකු වුව ද තම තමන්ගේ යුතුකම හරි හැටි නොකරතොත් හේ සමාජ ද්‍රෝහියෙකි.

ඉන්ද්‍රියන් පිනවීම බුද්ධ ධර්මයේ හැටියට වරදක් නො වේග එහෙත් ඉන්දිරියයන් පිනවීම වැරදි ලෙස කරන කල්හි ඉන් ලෝකයාටත්ල තමාටත් අවැඩක් සිදුවන හැටි බුද්ධ ධර්මයේ මැනවින් පෙන්වා දී ඇත. සමාජයේ කිසිවකු හටත් තනිවම ජීවත්වීම අපහසු ය. අප හැම දෙනකුම හැමදෙනාම වෙනුවෙන් ම වැඩ කළ යුතු අතර හැමදෙනා වෙනුවෙන් ම හොඳින් අහිංසක ලෙස ජීවත් විය යුතුව තිබේ. හොඳින් ජීවත් වෙන්නාක් මෙන්ම අප හැම දෙනාම තම තමන් විසින් උපන් රටටල සමාජයට සේවය කළ යුත්තේ ගෙවිය යුතු ණයක් ගෙවිය යුත්තාක් මෙනි. මේ ණය ගෙවීම සඳහා හැකි පමණින් කටයුතු කිරීම සාධු චරිතයක මූලික ලක්ෂණයක් වන්නේ ය.

දීප්තිමත් කර ගත යුත්තේ අතීතය නො වේ. අනාගතය යිග අපේ අතීතයේ විශිෂ්ට කීර්තිය අපට වඩා අපේ මුතුන් මිත්තන්ට නිතැතින් ම අයත් වූ දෙයකි. අපට ආඩම්බර විය හැක්කේ මුතුන් මිත්තන්ගේ අතීතයෙන් නොව අප විසින් ම වෙර වෑයමින් තනා ගන්නා අනාගතයෙන් ය. එ් නිසා සිංහල බෞද්ධයා කටයුතු කළ යුත්තේ දීප්තිමත් අනාගතයක් ඇති කරලීම උදෙසා ය.

මම ලංකාවේ ගත කළ පසුගිය කාලය තුළ මගේ ගමට ගිය කිහිපවතාවක ම මට හමුවූ සමහරුන් මේ නූතන යුගය ගැන විස්තර කළේ කලකිරුනු ස්වභාවයකිනිග zzඅද රට විනාශ වෙලාල උම්බලකඩ ගණන් ගිහින්. අපරාධ වැඩිවෙලා” යයි මේ ඇත්තන් නිතර දෙවේලේ දොඩනවා පමණක් නොව බොහෝ පුවත්පත් පවා ලොකු ශීර්ෂ වාක්‍ය යොදන්නේ රට විපතට පත්වී ඇති වගක් උහා දැක්වීමට ය. ඇත්ත වශයෙන් ම ලාංකිකයා මේ අනාගත වාක්‍ය කියන මිනිසුන්ට රැවටිය යුතු නො වේ. ලංකාව දිනෙන් දින ම පල්ලම් බහින – පිරිහෙන රටක් නොව අවුරුදු දහස් ගණනක් තිස්සේ ආශීර්වාදයට ලක් වූ ශුද්ධ භූමියකි. මේ රට ගැන කලකිරීම පසෙක තබා රටේ ස්වභාවික ධන නිධානයන්ගෙන් ප‍්‍රයෝජන ලබාගත යුතුව ඇත. බෞද්ධයා නැගී සිට තමන්ගේ ම දුබලකම්වලට පිළියම් කළ යුතු ය. සමහරුන්ගේ අදහස වර්තමානයට වඩා අතීතය සංවර්ධනයෙන් හා සාමයෙන් ද නිදහස් බැවින් ද ගත වූ බවකි. මේ අදහස වැරදි බැව් අපේ ඉතිහාසය දෙස බලන විට මැනවින් පෙනේ. අතීත කාලයේ දී ද මේ රටේ අපරාධ රාජද්‍රෝහි ක‍්‍රියාල කුමන්ත‍්‍රණල කැරලි කෝලාහල සිදුවූ බැව් ඉතිහාසයට අමුත්තක් නො වේ. එපමණක් නොව ඇතැම් කුමන්ත‍්‍රණවලට භික්ෂූන් වහන්සේලා ද සම්බන්ධ වී ඇති සැටි ද රහසක් නො වේ.

අපේ ස්වාභාවික ධන නිධානයන්ට තාමත් අත පොවා හෝ නැති හෙයින් අපේ රටේ අනාගතය අතිශයින් දීප්තිමත් බවට කිසිදු සැකයක් නැත. බෞද්ධයා වූ කලී කරුණාව පෙරදැරි කර ගෙන ඉදිරියට ගමන් කරන පුද්ගලයා යග මේ නිසා බෞද්ධ කොඩියට රැව්වා ය කිසා පිහියෙන් ඇනීම බෞද්ධකම නො වේ. හැම බෞද්ධයකු ම අඩු ගණනේ හැම බෞද්ධ රජයේ සේවකයකු ම හෝ ටික කලක් සිල් ගුණදම් පුරමින් විවේකීව තම තමන්ගේ ගත වූ ජීවිතය ගැන මෙනෙහි කිරීමට පුරුදු වුවහොත් එය ද එක්තරා අන්දමක සමාජ සේවයක් වනු නොඅනුමාන යි. මෙය වෙසක් සතියේ දී සිතා බැලීම වැදගත් ය.

මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

1962 වර්ෂයේ වෙසක් මස පළ වූ රසවාහිනී සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

මහචාර්ය ගුණපාල මලලසේකර විසිනි.
(දේශනයකින් සකස් කෙරුණෙකි)