තාමත් ම කාර්ය බහුල සමයක් පසු කළ මා හට පසු ගිය දින ගණනාව ම ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් සැලකිය යුතු ලෙස කාලය වැය කිරීමට නො හැකි විය. එනමුත්, සිතේ පැවති කුසලච්ඡන්දය සහ කුසල්රතිය එ් අයුරින් ම පැවතිණ. ගිහි ජීවිතය සැපයෙන් පිරී යන විටත්, විනෝදාස්වාදය බහුල වන විටත් මෙවන් දිවියකට සමු දී සංසාරයෙන් නිදහස් වන්නේ මන්දැයි සිතුණු වාර බොහෝ ය. එනමුත්, ජීවිතය පවත්වාගෙන යාම උදෙසා වෙහෙස වන විටත්, තම ප‍්‍රියයන් රෝගාතුර වන විටත්, එසේත් නැති නම්, නො නවත්වා ම ප‍්‍රියයන් අප‍්‍රිය වදනින් නිරන්තරයෙන් ම විවිධ නෝක්කාඩු කියන විටත් නිතැතින් ම ආදීනවය සිහි වේ. එමෙන් ම, තුරුණු විය තුළ විටින් විට ඉස්මතු වන ශාරීරික දුක්පීඩා මෙතරම් වෙහෙසකර නම්, යම් දිනෙක වියපත් වූ මිනිසෙකු ලෙස දිවි ගෙවීමට සිදු වන විට කුමනාකාර වධ වේදනාවන්ට මුහුණ දීමට සිදු වේ දැයි සිතාගත නො හැකි ය. මේ සියලූ සිතිවිලි මධ්‍යයේ නිස්සරණය වෙත යොමු වීමේ ශාන්තිය පිළිබඳ ව නැවත නැවත මම සිතන්නට වූයෙමි.
රැහැයි නාදයේ රාවය දසත පැතිරෙද්දී තවත් දවසක් හමාර කොට කාමරයට ඇතුල් වූයේ, අද නම් විවේකී ව භාවනාවක් වඩන්නෙමියි සිතා ය. නමුත් එ් සඳහා කලබල සිත නම් අනුබලයක් නො දේ. දැස් පියා ගත්ත ද සිත පියාගත නො හැකි ය. විවිධ වූ රූ රටා, විකාර සිතිවිලි, විකාර විතර්ක මගේ අකමැත්තෙන් ම නැවත නැවත ඉස්මතු වේ. එ් අතර නිදිමත ද හොල්මන් කරයි. භාවනාවක් සඳහා සිත සූදානම් කර ගැනීම මේ තරම් අපහසු නම්, සසරින් නිදහස් වීම කෙතරම් නම් දුෂ්කර දැයි කල්පනා වෙද්දී, මෙය නම් මා හට කළ නො හැක්කකැයි කල්පනා වීමෙන්, සිත උකටලී වී යයි. එ් සමග ම සිතට මහා බියක් පතිත වේ. පිවිතුරු බුදු සසුනක් දැක දැකත් සතර අපායෙන් නිදහස් නො වුවහොත් නම්, දේවදත්තට පමණක් දෙවැනි වන අවාසනාවක් මා කරා ද පැමිණෙනු ඇතැයි කුසල් සිත විසින් උකටලී සිතට චෝදනා කරන්නට විය. එ් නිසා ම ගත වන තප්පරය පවා කුමන හෝ කුසලයක යෙදවිය යුතු යැයි මම තීරණය කළෙමි. කාමරය පුරා දෙනෙත් යැවුවේ, කුමක් කරම්දෝ යි සිතමින් ය. කාමරයේ කොණක වූ ලියන මේසය උඩ තිබුණු පොත් කිහිපයක් යටින් වූ, කන්ද උඩ කුටියේ වැඩ සිටි පින්වත් ස්වාමීන් වහන්සේගේ සටහන් කිහිපය තැන්පත් බ‍්‍රවුන්පේපර් බෑගය ඇස ගැටුණේ මේ අතර ය.
‘‘දෙයියනේ… මේ කොළ ටික කියෙව්වෙත් නෑ.. නෙ!” ඇඳෙන් පැන මේසය අසලට ගොස් එම සටහන් මිටිය අතට ගත් මම නැවත ඇඳ මතට පැමිණ පළඟක් බැඳ හිඳ ගත්තෙමි.
මේ සටහන් සහ අත් අකුරු දකින සෑම විට ම මා හට සිහි වන්නේ එම කුටියත්, පින්වත් ස්වාමීන් වහන්සේත් ය. උන්වහන්සේව සිහිපත් කරමින් දෙවන සටහන කියවන්නට සූදානම් වුණෙමි.
සටහන 2
මෙලොව වසනා බොහෝ දෙනෙකුට දෙවැනි උපතක් තිබේ. ඇතැම් විට ඔබේ ජීවිතයේ ද නැවත ඉපදුණු අවස්ථාවක් හෝ දෙකක් තිබිය හැකි ය. මස් වැදැල්ලක් සමඟින් මව්කුසකින් ඉපදීමක් නො වුණත්, එය ද එක්තරා ආකාරයක ඉපදීමක් වේ. ඉපදීමත් සම`ගින් පැරණි තැනැත්තා මිය යන අතර අලූත් අයෙකු ජීවත් වීමට පැමිණේ.
සැබැවින් ම මම ද නැවත උපන් තැනැත්තෙකි. මා නැවත ඉපදුණේ, තථාගත ශ‍්‍රී සද්ධර්මය ශ‍්‍රවණය වී අවබෝධයෙන් ම එය සරණ යාමත් සමඟ යි. තථාගත ශ‍්‍රී සද්ධර්මය මා හට ස්වයං අවබෝධයකින් වැටහුණේ නැත. පූර්ව නිවාසානුස්සතිය තබා අඩුතරමේ සිහිනයකින්වත් ස්මරණය වූයේ නැත. ශ‍්‍රී සද්ධර්මය මා හට ශ‍්‍රවණය වූයේ සුපින්වත් ගුරු දේවයන් වහන්සේ හේතු කරගෙනයි.
සෑම අයෙකුට ම ගුරුවරයෙක් සිටියි. පාසැල් ශිෂ්‍යයාගේ සිට විවිධ කෙෂ්ත‍්‍ර සිසාරා ආධුනිකයන් ප‍්‍රවීණයන් බවට පත් කරවන්නේ ගුරුවරයෙකි. සෑම විට ම ශිෂ්‍යයා සදා කල් ගුරු ඇසුරේ රැඳෙන්නට උත්සාහ නො කරයි. ඔහු සෑම විට ම සිතන්නේ ගුරුවරයාගේ මෙහෙයවීමකින් තොර ව නිදහසේ කටයුතු කරන්නටත්, ස්වකීය විෂයෙහි ප‍්‍රවීණයෙකු ලෙස හැසිරෙන්නටත් ලැබෙන්නේ කෙදිනකදැයි කියා ය. එය මුළු මහත් ශිෂ්‍ය සංහතිය තුළ ම දක්නට ලැබෙන ගති ලක්ෂණයක් සේ පෙනේ. නමුත්, ධර්ම යාත‍්‍රාවේ දි නම් එය හාත්පසින් ම වෙනස් විය යුතු යැයි මම තදින් ම විශ්වාස කරමි. ශ‍්‍රී සද්ධර්මය මුලින් ම කියා දුන් සහ අරුත් වටහා දී මග නොමග පහදා දුන් ගුරුවරයා යාවජීව ගුරුවරයෙකි. ජීවිතාන්තය දක්වා ම උන්වහන්සේ ගුරුවරයෙකි. අරහත්වයට පත් වූ පසුත් එසේ ම යි. ගුරුවරයාට ගරු කිරීම සාමාන්‍ය සමාජයේ දී තරාතිරම මත වෙනස් වන ලකුණු පෙනෙන්නට තිබේ. ශිෂ්‍යයා ගුරුවරයාට වඩා උගත් වූ කල පෘථග්ජන සමාජයේ දී ඔහු ගුරුවරයා මහත් කොට තකන්නේ නැත. නමුත් බුදු සසුනේ දී එය ඊට හාත්පසින් ම වෙනස් ය. එක් ගාථාවකින් පමණක් ධර්මය පැවසීමට හැකියාව තිබුණු අස්සජී මහරහතන් වහන්සේ යනු ධර්ම සේනාධිපති මහා ප‍්‍රාඥ සාරිපුත්ත මහ රහතන් වහන්සේ හට මුලින් ම බුදු වදන් දෙසූ ගුරුවරයා ය. පසු කලෙක, අස්සජී මහ රහතුන්ටත් වඩා ප‍්‍රාඥයෙකු වූ අග‍්‍ර ශ‍්‍රාවක දකුණත් ශ‍්‍රාවක බවට පත් වූ සාරිපුත්ත තෙරි`දුන් විසින් කිසිදු අඩුවක් නො කොට ගුරු පූජා කළ බව මා අසා ඇත්තෙමි. දිනපතා උන්වහන්සේ වැඩ සිටින දිශාභිමුඛ ව වන්දනා කළ බව මම අසා ඇත්තෙමි. සැබැවින් ම එය ශිෂ්‍යයෙකුගේ ගුණයක් ම නො වේ ද! එවන් ගුණයක් දැකිය හැක්කේ බුදු සසුන තුළ පමණි.
මා හටත් එබඳු ගුරුවරයෙකු සිටියි. උන්වහන්සේ ඇසුරු කරගෙන පුදුමාකාර අත්දැකීම් රාශියක් ලබාගන්නට තරම් මා වාසනාවන්ත විය. එවන් සිදුවීමකට ගත වූ දෙදින තුළ දී ද මම මුහුණ දුන්නෙමි. එය මා මෙහි සටහන් තබන්නට කල්පනා කළේ මාගේ ජීවිතයේ ආකල්පමය වෙනසක් ඇති කරවීමට අදාළ සිදුවීම උපකාර වූ නිසාවෙනි.
එදින, වැසිබර දිනයක් විය. භාවනා අසපුවේ කටයුත්තක් සඳහා ට‍්‍රැක්ටරයකින් වැලි ගෙනැවිත් දමා ගොස් තිබුණේ, ඉදිකිරීම සිදු වන ස්ථානය අසලින් ම ය. එ් ස්ථානයෙන් මා ගමන් කරද්දී, අනපේක්ෂිත ලෙස ගුරුදේවයන් වහන්සේ එ් අසලින් වෙනත් කටයුත්තක් සඳහා වැඩම කරමින් සිටියහ.
‘‘නමෝ බුද්ධාය….! තෙරුවන් සරණයි ගුරු දේවයන් වහන්ස….” මම උන්වහන්සේට ආචාර කළෙමි.
‘‘නමෝ බුද්ධාය….! ආයුෂ්මතුන් විශේෂ කටයුත්තක් තියෙනව ද අද?”
‘‘විශේෂ දෙයක් නැහැ ස්වාමීනී….”
‘‘මේ බලන්න මේ වැලි ගොඩ…! මේ වැලිටික බාලා තියෙන්නේ වැස්ස වෙලාවට කන්දෙන් වතුර ගලාගෙන එන වැසිදොළක් ළඟ. දැන් අහස කළු කරගෙන එනවා. වැස්සොත් එහෙම වැලි ගොඩෙන් බාගයක් විතර පල්ලමට ගහගෙන යනවා. ශ‍්‍රද්ධාවෙන් මිනිස්සු පූජා කරපු සල්ලිනේ. ආයුෂ්මතුන්ට පුළුවන් ද මේ වැලි ගොඩ හෙමීට අන්න අර නා ගහ ළඟට ඇදල දාන්න. වීල්බැරෝ එකකුයි සවලකුයි ගත්ත නම් ලේසියි. තව කවුරු හරිත් උදව්වට ගන්න… මෙතනට ළඟ ම කුටියෙ ඉන්නේ ආයුෂ්මතුන්. එ් නිසා මේ දේවල් ගැන නිතර අවධානෙන් ඉන්න ඕන…”
‘‘එහෙමයි ස්වාමීනී. මම එ්ක කරන්නම්….”
මම බොහොම සතුටින් කටයුත්ත භාර ගත්තෙමි. සවලක් සහ වීල්බැරෝ එකක් සොයාගත් මම තනිය ම එම කටයුත්ත සිදු කරගෙන ගියෙමි. විටින් විට පැමිණි සහෝදර ස්වාමීන් වහන්සේලා කිහිපනමක්, සුළු වේලාවක් මා හට උදව් කොට නැවත තම තමන්ගේ කටයුතු සඳහා වැඩම කළ හෙයින්, වැඩි වශයෙන් ම මහන්සි වීමට සිදු වූවේ මා හට යි. තදින් ම වෙහෙස දැනෙන්නට ගත් මොහොතක, තවත් කිසිවෙකු හෝ සිටියා නම් හොඳ යැයි සිතුණත්, වෙහෙස නිවී ගිය පසු එම කටයුත්ත තනිව ම සිදුකිරීමට තරම් ශක්තියක් නැවත ජනිත වීමෙන් තවත් විනාඩි කිහිපයකට පසුත් මම එම කටයුත්තේ ම යෙදී සිටියෙමි. ඇතැම් විට මේ කටයුත්ත මා තනිය ම සිදු කළා යැයි ගුරු දේවයන් වහන්සේ මට ප‍්‍රශංසා කිරීමට ද ඉඩ තිබේ. සැබැවින් ම මම එය ද ප‍්‍රිය කළෙමි. මව්පියන් හැරදා, සියලූ බැඳීම් හැරදා පැවිදි දිවිය තෝරාගත් අයෙක් එහි දී තමාගේ රැුකවරණය යැයි සිතා සිටින ජීවමාන පුද්ගලයාගෙන් ගුණයක් අසන්නට ලැබීම ගැන අහිංසක සතුටක් ලැබීම සාධාරණ ය. එය නිවැරදි ව දරා ගැනීම හෝ නො ගැනීම තමා සතු දෙයකි. මේ සියලූ සිතිවිලි මධ්‍යයේ ඉතිරි වැලි ප‍්‍රමාණය ද ඇද දමන්නට තරම් ප‍්‍රමාණවත් කායික මානසික ශක්තියක් මා වෙත ලැබෙමින් පැවතිණ.
දහවල් දානයෙනුත් පැයක් පමණ ගතවද්දී, වැලි සියල්ල අදාළ ස්ථානයට මාරු කරන්නට මා හට හැකි විය. කටයුත්ත අවසන් වද්දී කොපමණ සතුටක් හිතට දැනේ ද… එය හඳුනන්නේ දහඩිය මුගුරු හෙළා මහන්සි වී වැඩ කරන්නන් පමණි. සියලූ කටයුතු අවසන් කොට මා කුටියට ගොස් පැන් පහසු වී පැයකින් පමණ යළි පහළට වැඩම කළේ ගිලන්පසක් සකසාගෙන වැළඳීම පිණිසයි. මාගේ කුටියේ සිට ගිලන්පස ශාලාවට වැඩම කරන මාවත වැටී තිබුණේ පෙර පරිදි ම වැලි ගොඩ තැන්පත් ව තිබූ ස්ථානය හරහා ය. එ් අසලින් වැඩම කරන විට මගේ කය සලිත වී යන දසුනකින් දිශා අනුදිශා පවා අමතක වී ගියේ ය.
‘‘මේ මොන පිස්සෙක් ද මේ මෝඩ වැඬේ කරල තියෙන්නේ..!” මට තනියම කෑ ගැස්සිණ. උදේ කාලයේ ඉතා ම වෙහෙස මහන්සි වී නුසුදුසු තැනක තිබුණු වැලි ගොඩ සුදුසු තැනකට මාරු කොට පැයක් ගතවන්නටත් පෙර, දෙවැනි වැලි ට‍්‍රැක්ටරය පැමිණ ඔහුට පරණ පුරුදු තැන ම වැලි සියල්ල බා පිටව ගොසින් ය. දැන් නැවතත් ප‍්‍රශ්නය පටන්ගත් තැන ම යි. උදේ ඇදපු වැලි ආරක්ෂිත ව නා ගස යට තිබේ. නමුත් අද සන්ධ්‍යාවේ වර්ෂාව පැමිණියහොත් එවිට ද සිදුවන්නේ ගුරු දේවයන් වහන්සේ පැවසූ දෙය ම යි. මේ වැලි ගොඩ මෙහි තිබිය දී කටයුත්ත අවසන් බව උන්වහන්සේට දැන්වීමට ද නො හැකි ය. මේ වැලි ගොඩ දෙස නො බලා නො දැක්කා සේ යාම ද මා හට කළ නො හැකි ය. රාත‍්‍රී කාලයේ වර්ෂාවෙන් පසු වැලි ගොඩ හරහා ජලය ගලා ගොස් වැලි පල්ලමට විසිරී ගියහොත් එය මා හට ද දුකක් වේ.
‘‘දැන් ගිලන්පස වළඳ වළඳ ඉඳල බෑ. මේ වැලි ගොඩත් මෙතනින් මාරු කරන්න ඕන. ඊට කලින් විශේෂ දෙයක් තියෙනව කරන්න…” මම මට ම කියා ගත්තෙමි.
මඳක් නුදුරින් ගමන් කළේ, විජේ මාමා ය. ඔහු භාවනා අසපුවේ මේසන් වැඩ සිදු කරමින් මෙහි ම නැවතී සිටියි. යම් සුළු වැටුපකින් පමණක් සෑහෙන ඔහු විටින් විට පින් කටයුතුවල ද නිරත වේ.
‘‘විජේ මාමා…! විජේ මාමේ…!!”
‘‘ආහ්… ස්වාමීන් වහන්ස… කියන්න…”
‘‘අර වැලි ට‍්‍රැක්ටරේට පණිවිඩයක් තියන්න ඊ ළඟ වතාවෙ වැලි බානකොට වැලි ගොඩගහල තියෙන තැනින් ම බාන්න කියල. කලින් දෙවතාවේ බාපු තැන බාන්න එපා කියන්න….”
‘‘හා හොඳයි ස්වාමීන් වහන්ස…” දුර සිට ම පිළිතුරු දී ඔහු පිටව ගියේ ය. මා හට මඳ සතුටක් දැණුනේ, එ් ප‍්‍රශ්නය හොඳින් විසඳාගත් නිසාවෙනි.
තවත් පැයක් දෙකක් ගත වී ගියේ ය. ඉතාමත් ම වෙහෙස මහන්සි වී මම වැලි අදිමින් සිටියෙමි. සවස් කාලයේ නම්, පැවිදි අපේක්ෂක දරුවන් කිහිප දෙනෙකුගේ උපකාරය මා වෙත ලැබුණි. එ් නිසා කටයුත්ත තවත් පහසු විය. එමෙන් ම ස්වාමීන් වහන්සේලා කිහිපනමකගේ ද උපකාරය මා වෙත ලැබුණි. සන්ධ්‍යාවේ 4 පමණ වන විට දෙවැනි වැලි ගොඩ ද නා ගස යටට ම ඇද දමන්නට මා හට හැකි විය.
එදින රාත‍්‍රියේ කුටියට වැඩම කරන විට, මුළු ශරීරය පුරා ම වෙහෙසක් පැතිර ගොස් තිබිණි. නැවත වරක් ස්නානය කළ මම කුටියේ වූ ඇඳ මත මඳක් සැතපුණෙමි. සුළු මොහොතකින්, අහස ගුගුරවන හඬ ඇසෙන්නට විය. මඳ වැස්සක් ඇද වැටෙන බව කුටියට පිටතින් ඇසෙන ශබ්දයේ තරමින් මම වටහා ගත්තෙමි.
‘‘වැස්ස තද වුණත් මොකෝ… දැන් වැලි ටික ආරක්ෂිතයි නේ…” මම මට ම කියා ගත්තෙමි.
දෙපැයක් පමණ සුවසේ ම මා හට නින්ද ගියේ ය. එ් සුව නින්ද බිඳී ගියේ සිහිනයෙන් මෙන් අහස ගුගුරන්නාක් වැනි මහා ශබ්දයක් සමඟින් ට‍්‍රැක්ටරයක ශබ්දය ශ‍්‍රවණය වීමෙනි.
‘‘හීනෙන් ද….” දැස් විවෘත කළ මම පරිසරයට කන් දුන්නෙමි. ‘සිහිනයක් නෙවෙයි. මේ තාම ඇහෙන්නෙ ට‍්‍රැක්ටරේ සද්දේ. හරි මට මතකයි හෙට කොන්ක‍්‍රීට් තට්ටුව දාන බවක් කිව්වා. එ් නිසා අද ? ම ඉතිරි වැලි ටිකත් ගේන්න ඇති. කමක් නැහැ බය වෙන්න දෙයක් නැහැ. විජේ මාමා වැඩ අමතක කරන කෙනෙක් නෙවෙයිනේ. තුන් වෙනි වැලි ට‍්‍රැක්ටරේ නම් නා ගහ යට තමයි.’
සිතිවිල්ලේ වෙළී සිටිය දී ම මා හට නැවත නින්ද ගියේ ය. අලූයම 2.45ට පමණ නින්ද බිඳී ගියේ ධාරානිපාත වර්ෂාවේ ශබ්දයෙනි. අහස ගුගුරුවාගෙන අකුණු සර මධ්‍යයේ මහ වැසි ඇද හැළේ. වැසි දොළ දිගේ ජලය ගලා යන සැටිත්, වැලි ගොඩ ආරක්ෂා වී ඇති සැටිත් මා හට මැවි මැවී පෙනේ. මෙසේ වර්ෂාව ඇද හැළුනොත් නම් හෙට කොන්ක‍්‍රීට් තට්ටුව දැමිය නො හැකි විය හැකි ය. එහෙත් ගැටලූවක් නැත. වැලි ටික පරිස්සම් නම්, අනිද්දා වුව එය සිදුකළ හැකි නොවැ.
‘‘එම්බා වලාවෙනි. කැමතිතාක් වැසි වස්සනු මැන…!” තාලෙට කියූ මම නැවත සැතපුණෙමි.
හිමිදිරිය උදාවිය. වර්ෂාව අවසන් ව අහස්කුස පෑදී තිබිණ. පාත‍්‍රය ද රැුගෙන පහළට ගමන් කළේ, වැලි ගොඩත් බලාගෙන යන අරමුණෙන් ය.
කුටියේ සිට පෙත් මඟ දක්වා වූ පඩි බැස අවසන් වූ පසු, දුර සිට ම නා ගස දර්ශනය වේ. නමුත් එ් අසල යම් වෙනසක් වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. ගමන් වේගය මඳක් වැඩි කොට එ් අසලට ළඟා වුණෙමි.
‘‘විනාශයි…. විනාශයි….” මට කෑ ගැස්සිණ.
නා ගස යට තිබූ වැලි ගොඩෙන් විශාල ප‍්‍රමාණයක් පල්ලමට සෝදාගෙන ගොස් ය. සැණින් මා කලින් වැලි දමා තිබූ ස්ථානය දෙස බැලූවෙමි. අහෝ… ඛේදයකි..! එ් පැරණි ස්ථානය මත මෙවර කොන්ක‍්‍රීට් දැමීමට භාවිත කරන කුඩා ප‍්‍රමාණයේ කලූ ගල් ගොඩකි. රාත‍්‍රී 9ට පමණ ගෙනැවිත් දමා ඇත්තේ කලූ ගල් ගොඩ යි. මහවැසි ඇද වැටෙන විට කන්ද හරහා ඇදී එන ජල ධාරාව කලූ ගල් ගොඩේ වැදී දිශාව වෙනස් වී නා ගස අසලින් ඇදී ගොස් පල්ලමට ගලා ගොස් තිබෙන බව මම හොඳාකාරව ම දැක්කෙමි. මේ වන විටත් කුඩා ජල ධාරාවක් එ් ආකාරයෙන් ම ගමන් කරමින් තිබේ. මගේ මහන්සිය වතුරේ නො වේ දැයි මට ම සිතිණ. ගල් ගොඩ සම්බන්ධයෙන් විජේ මාමා ද වගකීමෙන් නිදහස් බව මම පසු ව තේරුම් ගත්තෙමි. වැලි ලැබෙන්නේත්, ගල් ලැබෙන්නේත් ස්ථාන දෙකකින් සහ වාහන දෙකකින් බැවින් දෙවැනි රියදුරාට සන්ධ්‍යාවේ පණිවුඩය නො ලැබී තිබුණු බව ද මම පසුව දැනගත්තෙමි.
අවසානයේ සියල්ල සිදු වූයේ මට යැයි සිතේ. දැන් ගුරුදේවයන් වහන්සේගේ සිතට දුකක් ඇති නො වීම පිණිස මා හට කළ හැකි දෙයක් ඉතිරි ව නොමැත. සියල්ල අවාසනාවන්ත ලෙස අවසාන වී ඇත.
හීල දානය වැළඳීම ද පසෙක තබා නා ගස අසල වූ ගලක් මත හිඳ ගත්තේ ශෝකයෙන් බර වූ සිතට එය ද අස්වැසිල්ලක් බැවිනි.
‘‘ආයුෂ්මතුන්.. දානෙ වැළඳුවෙ නැද්ද…?” තිගැස්සී වට පිට බලන විට ගුරු දේවයන් වහන්සේ මා අසලට ම පැමිණ සිටි බව දැකගත්තෙමි. මම එසැණින් ම නැගී සිට උන්වහන්සේට වන්දනා කොට එකත්පස් ව සිට ගත්තෙමි.
‘‘ඊයෙ මගෙ මහන්සිය සම්පුර්ණයෙන් ම වතුරෙ ස්වාමීනී. මට වැලි ගොඩ බේරගන්න බැරිවුණා…” ඉතා ම අපහසුවෙන් වචන ගළපාගෙන මම පැවසුවෙමි. මගේ ප‍්‍රකාශයෙන් පසුව සැහැල්ලූ සිතකින් වැලි ගොඩ දෙසත්, ගල් ගොඩ දෙසත් බැලූ උන්වහන්සේ, මඳ සිනහවක් පා මීට මොහොතකට පෙර මා හිඳගෙන සිටි නා ගස යට වූ ගල මතින් හිඳගත්හ. මම උන්වහන්සේ අබියසින් එකත්පස්ව තවත් කුඩා ප‍්‍රමාණයේ ගලක් මත හිඳගත්තෙමි.
‘‘ආයුෂ්මතුන්…, මම පොඩි කතාවක් කියන්නම්. ලොකු වාහන යන මහා මාර්ගයක් මැද හොඳට ම වැස්ස වෙලාවක පුංචි සතෙක් ඉන්නවා. එතනට එනව මනුෂ්‍යයෙක්. එයා දන්නෙ නැහැ එ්ක මාර්ගයක් කියල. මොකද එ් වෙනකම් වාහනයක් ආවෙ නැති නිසා. ඉතින් එ් පුද්ගලයා මේ සතාව දකිනවා. ඌව වර්ෂාවෙන් බේරගන්න කියල හිතාගෙන, ඌව පොල් කටුවකින් වැහුවොත් ඇත්තට ම එ් සතා අනතුරෙන් නිදහස් ද…?”
‘‘කිසිසේත් ම නැහැ ස්වාමීන් වහන්ස. එයා එ්ක මහ පාරක් කියල දැනගත්තත් නැතත්, පොල්කට්ටෙන් වැහුව කියල අනතුරෙන් ගැලවෙන්නෙ නැහැ. මහ දැවැන්ත වාහනයක් ආවොත් පොල්කටුවත් එක්ක ම පුංචි සතා විනාශ වෙලා යනවා….”
‘‘එ්ක මහ පාරක් කියල දැනගත්ත නම්, මහ පාරෙ අනතුර තේරුම් ගත්ත නම්, ඔහු මොකක් ද කරන්නේ…?”
‘‘පොල්කටුවකින් වහන්න නම් හිතන්නෙවත් නැහැ ස්වාමීන් වහන්ස. ඉක්මනින් මහ පාරෙන් ඉවත් කරල වනයට යොමු කරනවා. වනය තුළ නො තෙමෙන තැනකට සතාට යන්න සලස්වනවා..” මම හනික පිළිතුරු දුන්නෙමි. ගුරු දේවයන් වහන්සේට සිනහ පහළ විය.
‘‘ආයුෂ්මතුන්, තවමත් පොල්කටුවෙන් වහන්න හදනවනේ….?”
‘‘මම…? නෑ ස්වාමීනී. මම කිව්වෙ පොල්කටුවෙන් වහන්නෙ නැතුව මහ පාරෙන් ඉවත් කරන්න කියලනේ…!”
‘‘කෙනෙක් පොල් කටුවෙන් වහන්නේ එ්ක මහ පාරක් කියල නො දන්න නිසානෙ. එ් කියන්නෙ අනතුර ගැන නොදැනුම්වත්කම නිසයි. එ් වගේ ම තමයි, මහ පාරෙන් ඉවත් කළා කියල පුංචි සතා අනතුරෙන් අත්මිදිල නැහැ නේ ද? වනයෙ ඉන්න ලොකු සතෙක් වුණත් ඌව ආහාරයට ගන්න පුළුවන්. ඉතින්, නැවතත් කළේ පොල්කට්ටකින් වැහුව වගේ පටු විසඳුමක් ලබා දුන්න එක නේ ද…?”
‘‘එහෙමයි ස්වාමීනී. එහෙම බැලූවොත් නම් එ් කතාවත් ඇත්ත තමා…”
‘‘ඔව් ආයුෂ්මතුන්. පුංචි සතා ව බේරගන්න ඕන කියන හැඟීම පටු නම්, මහ පාරෙන් විතරක් බේරගත්ත ම ඇති කැලේට ගියාම මොකක් වුණත් කමක් නැහැ කියල හිතෙන්න පුළුවන්. නමුත්, එ් හැඟීම ඊට වඩා පුළුල් නම්, පැතිරී ගිය සිතිවිල්ලක් නම්, එ් සතා ව බේරගන්න පුළුවන් හැම දේ ම ගැන කල්පනා කරන්න ආයුෂ්මතුන්ට හිතෙනවා. එහෙම නේ ද…?”
‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. එහෙම නම්, මම එ් සතාව කැලේ තියන්නෙ නැහැ. මම එ් සතාව මගෙ ළඟ ම තියාගන්නවා. මම එ් සතාට හොඳ නිදහසකුත් ලැබෙන විදියේ ආරක්ෂිත පරිසරයක් හදල දීල, කිසිම සතෙක්ට ළං වෙන්න බැරිවෙන්න ආරක්ෂා කරනවා. හොඳට කන්න බොන්න දෙනවා. මම එ් සතාව පරිස්සම් කරනවා…”
‘‘ආයුෂ්මතුන් තවමත් පොල්කටුවෙන් වහන්න හදනවනේ…?” ගුරු දේවයන් වහන්සේට මෙවර නම් පෙරටත් වඩා සිනහ පහළ විය. මගේ කය ගල් ගැසී ගියාක් මෙන් නිසොල්මන් විය. පළමු වතාවටත් වඩා, වඩාත් කල්පනාකාරී ලෙස පිළිතුරු දුන් මා හට මෙවර වැරදී ගියේ කොහි ද? මම නැවත නැවත සිහි කළෙමි.
‘‘මම වැරදි ද ස්වාමීනී…?”
‘‘තවමත් ආයුෂ්මතුන් අනතුර ගැන සිතන විදිය පටුයි. පුළුල් වෙලා නැහැ. ඔය කීව විදියෙන් සෑහෙන්න දුරට සතුරු ප‍්‍රහාරයන්ගෙන් නම් බේරගන්න පුළුවන් තමයි. එ්ත් එ් පුංචි සතා තවමන් අනාරක්ෂිතයි. බලන්න, යම් විදියකින් භූමිකම්පාවක් වෙලා හැම දේම විනාශ වුණොත් එ් සතාගේ ආරක්ෂිත කූඩුවත් විනාශ වෙලා යනවා. එ් විතරක් නෙවෙයි, මේ කූඩුව ඇතුළෙ දී ම ලෙඩක් දුකක් හැදිල හරි මේ සතා මිය යන්න පුළුවන්. ලෙඩක් දුකක් හැදුණම බෙහෙත් කරල සුවපත් කර ගත්තත්, වයසට ගිහින් හරි මැරෙන්න පුළුවන්. මේ සතා ජරා මරණවලින් ගැලවිලා නැති තාක් කල් ආයුෂ්මතුන් සතාව බේරගන්න හදන සෑම උපක‍්‍රමයක් ම පොල්කටුවකින් වැසීමක් ම තමයි. දැන් ආයුෂ්මතුන් මොකද කරන්නේ…? තවත් සිත පුළුල් කරල අප‍්‍රමාණ ලෙස පතුරවන්න දක්ෂ වුණොත් මේ අනතුරෙනුත් ගලවගන්න හිතනව නේ ද?”
මගේ සිත ප‍්‍රීතියෙන් පිනා ගියේ ය. වැලි ගොඬේ දුක සදහට ම අමතක විය. කෙනෙකු වෙත දක්වන කරුණාව මෛත‍්‍රිය අනන්ත අප‍්‍රමාණ ලෙස පතුරවන ආකාරය මගෙ කන් දෙකට අද ශ‍්‍රවණය විය. අහෝ අපේ සිත කොයිතරම් නම් පටු ද! ප‍්‍රධාන අනතුර ප‍්‍රඥාවෙන් නො දැක අන් අයගේත්, තමාගේත් ආරක්ෂාව උදෙසා තාවකාලික විසඳුම් දෙමින් කොයි තරම් නම් වෙහෙසක් ගන්නේ ද!! නමුත් ගැටලූව තවමත් එලෙසින් ම පවතියි. සත්‍ය වූ ධර්මයක් ඉස්මතු කර දීමෙන් උපන් මහත් වූ ප‍්‍රීතියකින් මම උන්වහන්සේට වැඳ වැටුණෙමි.
‘‘සාදු සාදු ගුරුදේවයන් වහන්ස…! ස්වාමීන් වහන්සේ මහ පුදුම දෙයක් මේ කියල දුන්නේ. ඇත්තෙන් ම කෙනෙක්ගේ සිත පටු වුණා ම පොල්කටුව යටත් ආරක්ෂිතයි කියල තමයි හිතෙන්නේ. එ්ත් කෙනෙක්ගෙ සිත එ් පටු බවින් මිදුන ම, ජරා මරණ දුක දක්වා ම අනතුර පැතිරී තියෙන බව තේරෙන්න පටන් ගන්නවා කියල මම දැන් ඉගෙන ගත්තා…”
‘‘ආයුෂ්මතුන් මේ වැලි ඇදීමේ වත පිළිබඳවත් හිතුවෙ පටු සිතකින්. දැන් බලන්න දෙවිවරුන්ට පේනවා මෙතනට තවත් වැලි ට‍්‍රැක්ටරයක් ගේන්න සූදානම් වෙන බව. එ් වගේ ම ගල් ට‍්‍රැක්ටරයකුත් අපි ඇණවුම් කළ බව. ඉතින් මෙතන මොකද්ද වෙන්න යන්නෙ කියල එයාලා දන්නවා. එතකොට එ් සිත්වලට ආයුෂ්මතුන්ගෙ මහන්සිය මහ පාර මැද ඉන්න පුංචි සතෙක් ව පොල්කටුවකින් වහන්න හදනව වගේ තමයි පේන්නේ. දෙවිවරුන්ගෙ වගේ අපේ සිත පළල් වුණා නම් ආයුෂ්මතුන් වැලි අදින්න පෙර කරන්නේ වැලි ගල් ඇණවුම් කරන කෙනාට කතා කරන එක නේ ද?”
‘‘එහෙමයි ස්වාමීනී…!”
‘‘මේක ආයුෂ්මතුන්ට ලැබුණු පාඩමක්. යම් වතක් පිළිවෙතක් කරන කොට කවුරුත් එ් වත පිළිවෙත අවසන් වෙලා තියෙනව දකින්න කැමතියි. එ් වෙලාවට තමන්ගෙ හිත හරි තමන්ට ප‍්‍රශංසා කරනවා. ගුරුවරයාගෙන් හරි ප‍්‍රශංසා ලැබෙනවා. බාහිර ලෝකෙන් හරි ප‍්‍රශංසා ලැබෙනවා. එහෙමත් නැත්නම්, තමන්ට ලාභයක්, සැපයක් කීර්තියක් උපදිනවා. සමහර වෙලාවට තමන්ට මෙලොව වශයෙන් කිසි ම දෙයක් ඉපදුණේ නැතත්, ලෝකයාට හරි යහපතක් වෙනවා. බාහිර ලෝකයට හෝ එයින් ලාභයක්, ප‍්‍රශංසාවක්, සැපයක්, කීර්තියක් ලැබෙනවා. මේ හැම දේම නිසා තමයි වත පිළිවෙත කෙරෙහි වුණත් බැඳීමක් උපදින්නේ.
ඉතින් ආයුෂ්මතුන් තමන් කරන වත පිළිවෙතවත්, එයින් ලැබෙන ප‍්‍රතිඵලයවත්, උපදින සතුටවත් නිත්‍යයි කියල හිතල සෑහීමකට පත්වෙන්න එපා. මොකද ජරා මරණවලින් නිදහස් වෙනකම් ම අපි ගන්න හැම පියවරක් ම පොල්කටුවකින් වැහුව වගේ පටු විසඳුම්වලින් පිරිල තියෙන්නෙ. අපිවත් නො සිතූ විරූ ක‍්‍රමයකින් එ් ප‍්‍රතිඵලත්, සතුටත් නැත්තට ම නැති වෙලා යන්න පුළුවන්. එ් නිසා වතක් පිළිවෙතක් කරන කොට පවා එ් ගැන තේරුම් අරගෙන ම පටන් ගන්න පුළුවන් නම් හොඳයි. බලන්න රැුකී රක්ෂා කරන අය පවා, ගොවිතැන් කටයුතු කරන අය පවා වෙහෙස මහන්සි වෙලා කටයුතු කරනවා. අවසානයේ නො සිතූ විරූ විපත්තියක් නිසා සියල්ල විනාශ කරගෙන දුකට පත්වෙනවා. ඇතැම් අය දිවි නසාගන්නවා. මේ නිසා සෑම විට ම තමන්ටත්, අනිත් අයටත් සෙතක් ශාන්තියක් ම වේවා කියන අදහසින් මෛත‍්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා පෙරදැරි කරගෙනයි වතක් පිළිවෙතක්, වැඩක් රාජකාරියක් කරන්න ඕන. ඉතින් යම් විදියකින් එය ජාති ජරා ව්‍යාධි මරණ අප‍්‍රිය සම්ප‍්‍රයෝග ප‍්‍රිය විප‍්‍රයෝග හෝ වෙනයම් කිසි ආපදාවකට මුහුණ දී අනිත්‍ය ධර්මතාවය යටතේ වැනසී ගියොත්, කල් ඇතුව ම උපේක්ෂාව පෙරදැරි වී තිබුණ නිසා අපිට කිසි ම දුකක් හට ගන්නේ නෑ. එ් නිසා මේ සිත විරාගී, මෛත‍්‍රී සහගත අවබෝධයකින් යුතු ලෙස මුළු මහත් ලෝක ධාතුව පුරා ම පතුරවා මෛත‍්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා දී සිතිවිලිවලින් යුතු ව වාසය කරන්න ඕන. එහෙම නේ ද ආයුෂ්මතුන්..?”
‘‘එහෙමයි ස්වාමීනී… මට කර ගන්න බැරිවුණෙත් එ්ක ම යි. මේක මට හොඳ පාඩමක්…”
‘‘දුක්ඛාර්ය සත්‍ය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළල් වුණ, පැතිරුණ සිතකට ගෝචර වෙන සත්‍යයක්. එ් තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන දුක්ඛ ධර්මතාවය සත්වයාට උරුම වී තිබෙන බව මතක් වෙනවා. එ් දක්වා තියෙන දුක්වලට සත්වයා දෙන විස`දුම් සියල්ල ම ස්ථිර විසඳුම් නො වෙයි. තාවකාලික විසඳුම් රැුසක් පමණයි…’’
‘‘මෙහෙම බලද්දි මගේ මුළු ජීවිතේ ම මට පේන්නේ පොල් කටු ගොඩක් වගේනේ ස්වාමීනී…! කිසි ම ස්ථිර විසඳුමක් ලැබිල නැහැ. ජරා මරණ අනතුර තවමත් තියනවා. නැවත ඉපදුණොත් ආයෙත් එ් අනතුර තියෙනවා.”
‘‘සමහරු ප‍්‍රශ්නවලින් පැනයන්න සිය දිවි නසා ගන්නවා. ජරා මරණ අනතුර තියෙනකම් සියදිවි නසා ගන්නවා කියන්නෙත් තවත් පොල්කටුවකින් වහනවා කියන එක ම තමයි. එ් කෙනා ආයෙත් සංසාරෙට වැටිල නැවත ඉපදිලා නැවත දුකට මුහුණ දෙන්න වෙනවා. එ් නිසා ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක්ඛ ධර්මතාවයන්ගෙන් ගැලවෙන්න පුළුවන් දේ සාක්ෂාත් කිරීම පිණිසත්, එ් රැුකවරණය අන් අයට ලබා දීම පිණිසත්… සිත පළල් කර ගන්න ඕන. එ් ප‍්‍රශ්නත් එක්ක බලද්දි මේ වැලි කැට ටිකක ප‍්‍රශ්නයත් ප‍්‍රශ්නයක් ද ආයුෂ්මතුන්…?”
‘‘අනේ… එහෙමයි ස්වාමීනී. ගුරු දේවයන් වහන්සේට බොහොමත් ම පින්. මගේ සිතට ලොකු සහනයක් දැනෙනවා. මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙයි මේ සිතන්න කියා දුන්න ආකාරයෙන් ම…” මම උන්වහන්සේට වන්දනා කළෙමි. මා හට සෙත් පැතූ උන්වහන්සේ සීමා මාලකය ඉදිකරන පෙදෙසට වැඩම කළහ. මම තවත් සුළු මොහොතක් හෝ එහි නො සිට, කුටියට වැඩියෙමි.
සැබැවින් ම, බුදුරජාණන් වහන්සේ නොමැති යුගයේ ඉපදුණු අප හට බුදුරජුන්ගේ දහම නිවැරදි ව ඉස්මතු කර දෙන මෙවන් ගුරුවරුන්ගේ ලැබීම මොනතරම් නම් වාසනාවක් ද! ශිෂ්‍යයෙකුට ගුරුවරයෙක් අවශ්‍ය වන්නේ ඔහුට සියල්ල තනි ව සිතාගත නො හැකි නිසා ය. ගුරුවරයා එ් සියල්ල වෙනුවෙන් ශිෂ්‍යයාට උපකාර කරයි. එමෙන් ම එ් සත්පුරුෂ ගුරුවරයා ශිෂ්‍යයාගෙන් අපේක්ෂා කරන්නේ ඔහු සාර්ථක ලෙස අභියෝග ජයගෙන සතුට උපදවාගනු දැකීම පමණි. එ් හැර, වෙනත් කිසිදු ලාභ සත්කාරයක් නො වේ. එ් නිසා ම මම වාසනාවන්තයෙක්මි. මට ද සත්පුරුෂ වූ ගුරුවරයෙක් ලැබුණි. උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා…!
සාදු..! සාදු..!! සාදු..!!!
දෙවන සටහන කියවා නිම කළ මම තෙත් වූ කම්මුල් පිසදමා සැනසුම් සුසුමක් හෙලූවෙමි. කන්ද උඩ කුටියේ වැඩ සිටි පින්වත් ස්වාමීන් වහන්සේ බිහි වූයේ අහඹු ලෙස නො වේ. සත්පුරුෂ ගුරුවරයෙකු නිසා ය. උන්වහන්සේ හමු වූ මොහොතේ දී මා උන්වහන්සේ පසු පස යාමට ඉල්ලා සිටිය දී, එය ප‍්‍රතික්ෂේප කරමින් එදා පැවසූ වදන කොයි තරම් නම් සත්‍යයක් දැයි මා හට මැනවින් පසක් වී යයි. ඉතාමත් ම පහසුවෙන් කෙනෙක් තමා අසල රඳවා ගැනීමට හැකි ව තිබිය දී, එසේ නො කොට මා ගුරු ඇසුරට යොමු කළ උන්වහන්සේ සැබවින් ම මට යහපතක් සිදු කළ කල්‍යාණමිත‍්‍රයෙකි. පැන් පොකුණ නො පෙන්වා දෝතින් ගත් පැන් පොදකින් මගේ පිපාසය නිවා දැම්මා නම්, මම කිසි දිනෙක පැන් පොකුණ සොයා නො යනු ඇත. සදාකල් ම දෝතින් පමණක් පැන් දෙන තැනැත්තාගේ වහලෙකු වනු ඇත. පැන් සොයා උන්වහන්සේ පසු පස ම යනු ඇත. නමුත් උන්වහන්සේ පැන් පොකුණ පෙන්වා දී නික්ම ගියහ. මුළුමහත් ලෝකයේ ම පෙනෙන්නේ තමා පසු පස සියල්ලෝ ම ගෙන්වාගන්නා ව්‍යාපාරයන් ය. එ් අතරේ මෙවන් සිදුවීම් දැකිය හැක්කේ සැබෑ බුදු සසුන තුළ පමණකි. ඉතින් මෙය අප ලත් ලාභයක් නො වේ ද? අහෝ… සැදැහැවතුනි, සුලද්ධ ලාභයකි මෙය…! ඇසුර පමණක් නො ව දැකීම පවා වාසනාවක් බවට පත් වන කල්‍යාණමිත‍්‍රයන් නම් කිසිවකට නො බැඳෙන මුන් වහන්සේලා ම නො වේ ද!!!
මතු සම්බන්ධයි….
ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.
මහාමේඝ 2015 නිකිණි කලාපය
WWW.MAHAMEGHA.LK
මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර
මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68
Recent Comments