අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවවාදයක් තමයි පටිසන්ථාරෙ සගාරවො විහරති සප්පතිස්සො – දහම් පිළිසඳර කෙරෙහි ගෞරව ඇතිව, යටහත් පැවැතුම් ඇති ව වාසය කරන්න. කියල. දහම් පිළිසඳර කියන්නෙ මොකක් ද? දහම් පිළිසඳර කරන්නෙ කොහොම ද? අන්න එ් දහම් පිළිසඳරට ගෞරවයෙන් වාසය කරන්නෙ කෙසේ ද යන්න අපි ඉගෙන ගන්න ඕනැ.

සත්කාර කොට ගරුකාර කොට වාසය කළ යුතු කාරණා හතක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට සක්කාර ගරුකාර සූත‍්‍රයේ දී කියා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරනවා. ‘‘සාදු සාරිපුත්තයෙනි, සාරිපුත්තයෙනි, භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරයි නම් අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය. සාරිපුත්තයෙනි, භික්ෂුවක් ධර්මය, සංඝයා, ශික්ෂාව, සමාධිය, අප‍්‍රමාදය, පිළිසඳර යන කරුණු සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරයි නම් අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය.”

බලන්න මෙහි සඳහන් වෙන කාරණය. ‘‘පිළිසඳර යන කරුණ සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරයි නම් අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය” කියල අපට කියා දෙනව. එතකොට දහම් පිළිසඳරට සත්කාර ගරුකාර වීම නිසා අපේ ජීවිතයට ලැබෙන ප‍්‍රතිලාභය මොකක්ද? එයාට කුසල් දහම් දුරු කරන්නට හැකියාව ලැබෙනව. අකුසල් වඩන්නටත් හැකියාව ලැබෙනව. අන්න එ් කාරණය සාරිපුත්ත මහරහතන් වහන්සේ විග‍්‍රහ කොට පෙන්වා දෙනව.. ”ස්වාමීනී, එ්කාන්තයෙන් එ් භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව නැති ව සිට, සංඝයා කෙරෙහි ගෞරව නැති ව සිට, ශික්ෂාව කෙරෙහි ගෞරව නැති ව සිට, සමාධිය කෙරෙහි ගෞරව නැති ව සිට, අප‍්‍රමාදය කෙරෙහි ගෞරව නැති ව සිට, පිළිසඳර කෙරෙහි ගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය හැකි දෙයක් නො වෙයි.”

බලන්න ගෞරවය වැඩෙන පිළිවෙත් මෙහි කියැවෙනව නේ ද? එයාට ශාස්තෘ ගෞරවය තියෙන්න ඕන. එ් කියන්නෙ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගෙන තියෙන්න ඕන, එ් වගේ ම ධර්මයට ගරුසරු භාවයෙන් වාසය කරන්න ඕන, එ් වගේ ම සංඝරත්නයට ගෞරවයෙන් වාසය කරන්න ඕන, එ් වගේ ම රකින සිල්පද කෙරෙහි ගෞරවයෙන් වාසය කරන්න ඕන, එ් වගේ ම බණ භාවනාව කෙරෙහි ගෞරවයෙන් වාසය කරන්න ඕන, ධර්මයේ හැසිරෙන්න අප‍්‍රමාදී වීම කෙරෙහි ගෞරවයෙන් වාසය කරන්න ඕන. අන්න එයාට අවස්ථාව ලැබෙනව දහම් පිළිසඳරට ගෞරවය ඇතිව වාසය කරන්න. එතකොට බලන්න මේ සුදුසුකම් ඇති කෙනාට තමයි දහම් පිළිසඳරේ ගෞරවය පිහිටන්නෙ. එහෙනම් අපිත් අනුගමනය කළ යුත්තේ එ් පිළිවෙළ ම යි. එ් නිසයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ප‍්‍රකාශ කළේ ”ස්වාමීනී, එ්කාන්තයෙන් එ් භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව ඇති ව සිට, සංඝයා කෙරෙහි ගෞරව ඇති ව සිට, ශික්ෂාව කෙරෙහි ගෞරව ඇති ව සිට, සමාධිය කෙරෙහි ගෞරව ඇති ව සිට, අප‍්‍රමාදය කෙරෙහි ගෞරව ඇති ව සිට, පිළිසඳර කෙරෙහි අගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය නො හැකි දෙයකි. ” කියල.

බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ එක් එක් ගිහි උපාසක පිරිස් බුදුරජාණන් වහන්සේ හමුවට එනව. ඇවිත් දහම් පිළිසඳරේ යෙදෙනව. ඉතා ගෞරවයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේගෙන් ප‍්‍රශ්න විමසා සිටිනව. ‘භාග්‍යවතුන් වහන්සේ අපට අවවාද කරත්වා’ කියන අදහසින් තමයි එහෙම පැමිණෙන්නෙ. ”භවත් ගෞතමයන් වහන්ස මේ කාරණය මම දරා ගන්නෙ කොහොමද? මේ කාරණය නුවණින් විමසන්නෙ කොහොමද?” ආදි වශයෙන් එ් අය තමන්ගේ දහම් ගැටලූ නිරාකරණය කර ගන්නව.

සමහරු දහම් පිළිසඳරට ගිහින් භාග්‍යවතුන් වහන්සේ එක්ක වාදයට යනව, එ් වගේ ම ධර්මයෙන් තොර එක එක කාරණා ගැන ප‍්‍රශ්න අහනව. එතකොට භාග්‍යවතුන් වහන්සේ නිහඬ වෙනව. බලන්න තථාගත ගෞරවය, ධර්ම ගෞරවය.. ආදිය ඇති කෙනාට මේ අලාභය වෙන්නෙ නෑ. එයා වාදය පිණිස ධර්මය ඇසුරු කරන්නෙ නෑ. අනවශ්‍ය ගැටලූ ඉස්මතු කරන්නට පිළිසඳර කථාවේ යෙදෙන්නෙ නෑ. එයාට පිහිටි ගෞරවයක් තියෙන නිසා ”අරක කොහොමද? මේක කොහොමද?” කියල සැක සහිතව අහන්නෙ නැතුව ධර්මය විමසන්නෙ ගෞරවයෙන් ම යි.

ඉතින් අදටත් අපි කලින් කලට ගරුට්ඨානීය සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා හමු වෙන්න ඕන. දහම් ගැටලූ නිරාකරණය කරගන්න ඕන. එ් ඇසුර ලබන්න ලබන්න අපේ ජීවිතේ කල්‍යාණමිත‍්‍ර සම්පත්තිය පූර්ණය වෙලා යනව. එසේ නැත්නම් එකිනෙකාට ගැටුණු සිතින්, අමනාප සිතින් වාසය කරන්න සිද්ධ වෙනව.

පිළිසඳර කෙරෙහි ගෞරවය නැති තැන මොන කාරණයක් ද අප අතරෙ උපදින්නෙ කියල භාග්‍යවතුන් වහන්සේ බහුවේදනීය සූත‍්‍රයේ පෙන්වා දෙනව. ‘‘ආනන්දයෙනි, මා විසින් දහම් කරුණු ප‍්‍රකාශ කිරීම් වශයෙන් දෙසන ලද ධර්මය පිළිබඳව යමෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය, යහපත් වචනය ගෞරවයෙන් පිළිගන්නේ නැත්නම්, මැනවින් පහදින්නෙ නැත්නම්, මැනවින් අනුමෝදන් වෙන්නෙ නැත්නම්, ඔවුන් කැමති විය යුත්තේ මෙන්න මේ දෙය යි. ‘හට ගත් අඬ-දබර ඇතිව, හට ගත් කෝලාහල ඇතිව, වාද විවාදයන්ට බැසගෙන, එකිනෙකා කෙරෙහි මුඛය නැමැති ආයුධයෙන් පහර දෙමින් වාසය කිරීම යි.”

භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි ලෙස පිරිසිදු ලෙස ධර්මය කියද්දී පවා යමෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය, යහපත් වචනය ගෞරවයෙන් පිළිගන්නේ නැත්නම්, මැනවින් පහදින්නෙ නැත්නම්, මැනවින් අනුමෝදන් වෙන්නෙ නැත්නම්, සිදුවන අලාභය මොකක්ද? ඔවුන් කැමති විය යුතුයි කියනව මෙන්න මේ කාරණයට. ඔවුන් හට ගත් අඬ-දබර ඇතිව, හට ගත් කෝලාහල ඇතිව, වාද විවාදයන්ට බැසගෙන, එකිනෙකා කෙරෙහි මුඛය නැමැති ආයුධයෙන් පහර දෙමින් වාසය කිරීමට කැමති විය යුතුයි කියල පෙන්වා දෙනව.

බලන්න පිළිසඳරට අනුග‍්‍රහ ධර්මයන් නො ලැබෙන තාක් අපි පිළිසඳරේ ගෞරවයෙන් දහම් කතාව කෙරෙන්නෙ නෑ. එයා වාද විවාදයට කැමති විය යුතුයි. බුදුරජාණන් වහන්සේනමක් විසින් පෙන්වා දෙන මේ ධර්මයන් වැඩෙන පිළිවෙළට ම යි අදටත් අපේ හිතේ සැකසෙන්නෙ. එ් නිසා අදටත් අපි දහම් කතාවක් කරද්දි වාදයට යනවා නම් එයා තේරුම් ගන්න ඕන, පිළිගන්න ඕන තිසරණයට, සීලයට, සමාධියට, අප‍්‍රමාදයට මා තුළ ගෞරවයක් නෑ නේ ද කියල. දහම් පිළිසඳරට ගෞරවය ඇති කෙනා මේ අවවාද පිළිගන්නව. අන්න එයාට අවබෝධය පිණිස ධර්මයක් අහන්න, ධර්ම සාකච්ඡුාවක් කරන්න අවස්ථාව උදා වෙනව.

දිනක් පෝතලිය ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්නට පැමිණියා. පෝතලිය ගිහි ජීවිතයේ කර්මාන්ත කටයුතු අත් හැරල හිටපු කෙනෙක්. එ්ත් බුදුරජාණන් වහන්සේ පෝතලියට ඇමතුවේ ගෘහපතිය කියල. ‘‘පින්වත් ගෘහපතිය, මේ ආසන තියෙන්නෙ. කැමති නම් වාඩි වෙන්න.” මෙසේ වදාළ විට පෝතලිය ගෘහපතියා ‘ශ‍්‍රමණ ගෞතමයන් මට ගෘහපතියා කියා අගෞරව වචනයකින් කතා කළා නෙව’ කියා කිපුණා. නො සතුටු වුණා. නිශ්ශබ්ද වුණා.

වැටහෙනව නේ ද පිළිසඳරේ ගෞරවය නැති කෙනාට වන අලාභය. වචනයටත් ගැටෙනව. තමාගේ තත්ත්වය, තමාගේ ප‍්‍රතිපදාවට හානි වෙන වචනයක් උතුමන් වහන්සේ කෙනෙක්ගෙන් කියැවුණත් එ්කටත් ගැටෙනව. ගෘහ වාසය ඇති කෙනෙක් නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ පෝතලියට ගෘහපති කිව්වෙ.. එ්ත් ගරුසරු නැති පෝතලිය වචනයට ගැටුණ. අන්න එ් අලාභය අපටත් වෙන්න පුළුවන් නේ ද? දහම් පිළිසඳරේ දී තමන්ගේ තත්ත්වයට, දහම් දැනුමට ගරහනවා කියල තමන්ට හිතෙන වචනයකට හිත රැුවටුණොත්, අන්න එයා ගැටෙනව. එතැනින් ම පිරිහෙනව. ධර්ම කතාවේ උතුම් ලාභය අහිමි කර ගන්නව.

යමෙකුගේ ගෞරව සම්පන්න බව බුද්ධ ශාසනයක අතුරුදන් වීමට හේතු වනවා යන්න අපට නො හිතෙන කාරණයක්. සුගතවිනය සූත‍්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දෙනවා. ”තව ද මහණෙනි, භික්ෂූහු අකීකරු වෙති. අකීකරු බව ඇතිකරන දෙයින් යුක්ත වෙති. ඉවසීම නැත්තාහු වෙති. අනුශාසනය ගෞරවයෙන් පැදකුණු කොට නො ගනිති. මහණෙනි, සද්ධර්මය නැසීම පිණිසත්, අතුරුදහන් වීම පිණිසත් පවතින දෙවෙනි කරුණ මෙය යි.” පිළිසඳර ගෞරවය ඇති කෙනාට මේ අනතුර නැහැ නේ ද? පිළිසඳරේ ලැබෙන අවවාදය පැදකුණු කොට ගන්නට ඔහුට හැකි වෙනවා. අන්න එ් වගේ තමයි අපි හික්මෙන්න ඕන. ශාසනයක් පවතින්නෙ සජීවි මිනිසුන් අතර. අන්න එ් සජීවි පිරිස තුළ ධර්මය පවතින්න ඕන. එ් පිරිසට තමයි ශාසනය සඳහා නොයෙකුත් උපකාර කරන්න පුළුවන් වෙන්නෙ.

දහම් පිළිසඳරට ගෞරවය නැති කෙනාට තියෙන තවත් අනතුරක් තමයි දෙතිස් කතාවට වැටෙන එක. එ් කියන්නෙ දෙතිස් කතාව ධර්ම කතාව මුවාවෙන් එන්න පුළුවන්. එ් කොහොම ද? ධර්මය විග‍්‍රහ කරන්න එක එක සිද්ධි අපි කතා වෙනව. එ්කෙ සීමාව නො දන්න අපි දන්නෙ ම නැතිව දෙතිස් කතාවට වැටෙනව. අන්න එයාට ඇති අනතුර තමයි ශාස්තෘන් වහන්සේ හඹා යා යුතු අර්ථය ඔහුගේ ජීවිතයෙන් ගිලිහෙන එක. එ් කියන්නෙ මොකක්ද? අපි ශාස්තෘන් වහන්සේ හඹා යා යුත්තෙ ඇයි? බලන්න බුදුරජාණන් වහන්සේ අපට මෙසේ කියා දෙනව.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ”පින්වත් ආනන්ද, ශ‍්‍රාවකයා සූත‍්‍ර, ගාථා, ගෙය්‍ය, වෛයාකරණ ආදිය හේතු කොට ගෙන ශාස්තෘන් වහන්සේ පසුපස හඹා යායුතු නෑ” කියල. එ් කියන්නේ නවාංග ශාස්තෘ ශාසනය සඳහා නෙමෙයි අපි භාග්‍යවතුන් වහන්සේ හඹා යා යුත්තේ කියලයි කියා දෙන්නේ.

‘‘මක් නිසා ද යත් පින්වත් ආනන්ද, පැවිදිව බොහෝ කල්ගතවෙන විට ඔහුට මේ ධර්මය අහල, මතක තබාගෙන, වචනයෙන් පුරුදු කරල, මනසින් මෙනෙහි කරල, ප‍්‍රඥාවෙන් තේරුම් අරගෙන සිටින්නට පුළුවනි. නමුත් පින්වත් ආනන්ද, කෙලෙස් තුනී කරන සිතේ දියුණුව සලසාලන එ්කාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සන්සිඳීම පිණිස, විශිෂ්ට ඤාණය පිණිස, නිවන පිණිස හේතුවෙන කතාවන් තියනවා. එ් කවර කතා ද යත් අල්පේච්ඡු ජීවිතය ගැන කතාව, ලද දෙයින් සතුටුවීම ගැන කතාව, හුදෙකලා විවේකය ගැන කතාව, පිරිස සමඟ නො ඇලීම ගැන කතාව, කෙලෙස් නැසීමට පටන් ගත් වීරිය ගැන කතාව, සීලය ගැන කතාව, සමාධිය ගැන කතාව, ප‍්‍රඥාව ගැන කතාව, විමුක්තිය ගැන කතාව, විමුක්ති ඤාණ දර්ශනය ගැන කතාව. මෙබඳු වූ කතාවන් දැන ගැනීම පිණිස යි තමන්ව බැහැර කළත් ශ‍්‍රාවකයා භග්‍යවතුන් වහන්සේව හඹා යා යුත්තේ” කියලා භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

බලන්න ශාස්තෘන් වහන්සේ හඹා යා යුතු අර්ථය කුමක්ද? දස කතාව යි. එහෙනම් දස කතාව ඇති කර ගන්නා තුරු අපේ කෙලෙස් තුනී කරන, සිතේ දියුණුව සලසාලන, එ්කාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සන්සිඳීම පිණිස, විශිෂ්ට ඤාණය පිණිස, නිවන පිණිස හේතුවෙන වචනයේ සංවරය වැඩෙයි ද? නැහැ.

ඉතින් අපි සියලූ ම දෙනා ප‍්‍රාර්ථනා කරමු මේ දුර්ලභව බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලේ එ් ධර්මය ඉතා ගරුසරුව ඇසුරු කරමින්, ගරුසරුව ධර්ම කතාව උදෙසා පිළිසඳරයේ යෙදෙමින් වාසය කරන්න අප සියලූ ම දෙනාට භාග්‍යය උදා වේවා කියල…!!!

මහාමේඝ 2014 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි