ජීවිතයේ එක් එක් කාලවල අපට මුණ ගැසුණු අය අද සිටින්නේ එක් එක් තැන්වල ය. පාසලේ කෙලි කවට සිනාවෙන් යා වුණු මිතුරු සිත් එයින් සමුගත් පසු තම තමන් තෝරාගත් මාවත් දිගේ ගමන් ගති. එකට හුන් බොහෝ දෙනාගෙන් එක ම මඟකට වැටුන පිරිස් නැති තරම් ය. සියල්ලන්ට ම තම තමන්ගේ ගමන් මාර්ගයක් තිබේ. එහෙත්…..
යම් කලෙක, අතීතයේ මතක සටහනක් අපට අප හා හුන් පිරිස් සිහිපත් කරවන්නට සමත් වෙයි. එවිට ඔවුන් කොහේ ඇතිදැයි සොයා බලන්නට අපට සිත් වෙයි. අපට සේ ම එය ම සිතුණු කෙනෙකි බිනර නවමල් බණ්ඩාර…
පාසල් සමයේ එක්ව හුන් හිතමිතුරු අනන්ත තරුනෙත් කිසිවෙකුට නො කියා අභිනික්මන් කළ පසු බිනර ඔහු සොයා පැමිණියේ ය. ස්වාමීන් වහන්සේලාගේ ඇසුරේ වෙසෙන අනන්ත සොයා පැමිණි එ් ගමන ජීවිතයේ සොඳුරු විප්ලවයකට මුල පුරන බවක් බිනර දැනසිටියේ නැත. එහෙත් එය එසේ ම විය.
ලොව පහළ වූ අසිරිමත් ම මනුෂ්‍ය රත්නය දේශනා කොට වදාළ දහම කෙරේ වූ සැකයන් දුරු කරගනිමින් දහම කෙරේ විශ්වාසයක් ඇති කරගන්නට බිනරට එ් පළමු ගමන ම උපකාරී වූ අන්දම අපි පසුගිය මහාමේඝයෙන් කියවූවෙමු.
නො දැමුණු සිත් දමනය කරනා ගුණ ශෝභාවෙන් හෙබි දහම් මඟ තුළ නිවී පහන් වූ එ් අසිරිමත් තාරුණ්‍යයේ සොඳුරු කථාපුවතේ දෙවන දිගහැරුමයි මේ……
‘‘සතුටින් ඉන්නව ද…?”
අනන්තගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා විමසූ එම පැනයට ඔහු මඳ සිනහවක් පෑවේ ය. තවත් මොහොතක් මා බලා සිටිය ද ඔහු ඊට පිළිතුරු නො දුණි.
‘‘තේ එක බීලා ඉවරනෙ… එන්න… මාත් එක්ක.”
මාගේ තේ කෝප්පය අතට ගත් ඔහු එය නැවත පිළිවෙළට බන්දේසිය මත තබාගෙන ශාලාවට පිටතින් තිබුණ කොරිඩෝරය දිගේ ඇවිදගෙන ගියේ ය. මම ද ඔහු අනුගමනය කළෙමි.
අප පැමිණ සිටියේ ආවාසයේ මුළුතැන්ගෙයක් බඳු ස්ථානයකට බව මා හට වැටහුණි. එය ආහාර පිසීමට භාවිත කරන ස්ථානයක් නො වන බවත්, ගිලන්පස සෑදීමට සහ පානය සඳහා ජලය රත් කිරීමට භාවිත කරන ස්ථානයක් බවත් එහි ස්වරූපයෙන් නිගමනය කළ හැකි ය. මා හිත මිතුරු අනන්ත මාගේ තේ කෝප්පය සෝදන්නට විය. හොඳින් සබන් දමා කෝප්පයත්, බන්දේසියත් සේදූ ඔහු එය ඉතා පිරිසිදු පෙනුමකින් යුතු වියළි තුවායකින් පිස දමන්නට විය.
‘‘බිනර දන්නව ද…? මම මෙහෙ ආව අලූත පින්වත් ස්වාමීන් වහන්සේනමකගෙන් තේ කෝප්පය සේදීම ගැනත් පාඩමක් ඉගෙන ගත්තා. බිනරගෙන් මම ප‍්‍රශ්නයක් අහන්නම්. මම මේ කාගෙ තේ කෝප්පය ද හෝදන්නේ…?”
‘‘මම තේ බීපු කෝප්පය නෙ..”
මම එක එල්ලේ ම පිළිතුරු දුන්නෙමි. එය එසේ ම විය යුතු බව මා හට සිතුණි.
‘‘නෑ… බිනර වැරදියි. බිනර මේ කෝප්පයෙන් තේ බීලා ඉවරයි කියන්නේ… මේ කෝප්පය දැන් බිනරට අයිති නෑ. මේ කෝප්පය මම සෝදන්නේ බිනර වෙනුවෙන් නෙවෙයි. මම මේ කෝප්පය සෝදන්නේ මී ළ`ගට තේ බොන කෙනා වෙනුවෙන්. ඔහුගේ නිදුක් නීරෝගී භාවයත්, ප‍්‍රියමනාප භාවයත් සුරැුකේවා යන අදහසින්. මෙහෙ කාටවත් අයිති කෝප්ප නැහැ. හැම කෝප්පයක් ම පොදු භාවිතයේ තියෙන්නේ. එ් නිසා තේ බීලා කෝප්පය හෝදන්නේ මී ළඟ කෙනා ගැන හිතලා. එයා කෙරෙහි මෛත‍්‍රී කාය කර්මයක් වශයෙන්. එ්ක අපිට පිනක්. එ්කයි වත් පිළිවෙත් කිරීම පිනක් කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ. වත් පිළිවෙත් තියෙන්නේ අනුන්ට උපකාර කිරීම මුල්කරගෙන යි. එ් තුළින් ඇතිවන මෛත‍්‍රි කරුණා මුදිතා සිතිවිලි නිසා අපිට බණ භාවනා කරන්න කැමැත්තක් උපදිනවා. මම මේ පාඩම ඉගෙන ගත්තේ ස්වාමීන් වහන්සේනමකගෙන්. මට තේ කෝප්පයක්, පිඟානක් සෝදන වාරයක් වාරයක් ගානේ එ් වචන ටික මතක් වෙනවා…”
මගේ සිත තුළ අති මහත් ප‍්‍රීතියක් ඇතිවුණි. කොයි තරම් නම් සුන්දර කතාවක් ද එය… යමෙක් පවිත‍්‍ර කිරීමක් සිදු කරයි නම් එ් සෑම අවස්ථාවක දී ම තව කෙනෙක්ට උපකාරයක් සිදු වේ. තමාගෙන් එපිට ලෝකයට උපකාර කරන්නට කැමැත්තක් නැති අයෙකුට වත් පිළිවෙත්, පිරිසිදු කිරීම් කරන්න අපහසුයි. නිවසේ දී මා කොයිතරම් පිරිසිදු කිරීම් කටයුතු පැහැර හැර ඇත්දැයි මට සිහිපත් විය. ඇඳුම් සෝදන කටයුතුවල සිට අතුපතු ගාන කටයුතු දක්වා සියල්ල සිදු වන්නේ අම්මා අතින් ය. එකල අනන්තත් එසේ ය. නමුත් අද ඔහුගේ ජීවිතය නැවත අලූතෙන් ආරම්භ වී ඇත. ආරම්භය මේ තරම් සුන්දර නම් මේ ගමන කොයිතරම් සුන්දර ඇත්දැයි මා හට සිතුණි.
තේ කෝප්පයේ පාඩමෙන් පසු, මම අනන්ත සමඟින් ආවාස ගේ පිටුපස දොරටුවෙන් පිට වී අසපුව තුළට පිය මැන්නෙමි. ඔහු මා යම් නිශ්චිත ස්ථානයකට රැගෙන යන බවක් පෙනෙන්නට තිබුණි. කොන්ක‍්‍රීට් දමා පිළිවෙළකට සැකසූ පෙත් මඟක් දිගේ ගල් පඩි නගිමින් ඇවිද ගිය එම මාවත වැටී තිබුණේ මනා ව හැදි වැඩුණු දවට ගස් සහ තැනින් තැන තිබුණු තවත් නම් නො දන්නා රූස්ස ගස්වලින් ගැවසුනු වන ගොමුවක් මැදින් ය. අප ගමන් ගත් පෙත් මඟේ දෙපස ඉඳ හිට කුටි කිහිපයක් දක්නට තිබූ අතර එහි මිදුල හොඳින් අතු ගා පිරිසිදු කර තිබුණි. එමෙන් ම එහි ඉදල් කූරුවල පහරවල්වලින් නෙත්කලූ රටා නිර්මාණය වී තිබුණු බව මම දුර තියා ම දැක ගත්තෙමි.
ඇතැම් කුටි අසල සක්මන් මළු දක්නට තිබුණු අතර ඇතැම් සක්මන් මළු මත ඉතා නිහඬ ව සක්මන් කරමින් සිටිනා ස්වාමීන් වහන්සේලා ය. උන් වහන්සේලා යම් ගුප්ත භාවනාවක හුදෙකලා වී ආත්ම දමනයක යෙදී සිටින බව මා හට සිතුණි. එ් හිස් සම්පූර්ණයෙන් ම බිමට හැර වී තිබුණු අතර කිසිසේත් ම ආගන්තුකයන් දෙස හිස ඔසවා තබා හොරැුහින් බලන සලකුණක්වත් දිස් නො වී ය.
මඳ මහන්සියක් දැනුණත්… පරිසරයේ සොඳුරු බව සහ සිසිල් නිහඬ බව මා ගත සිත නිවා සනසාලී ය. මේ ඉසව්වට අසපු භුමියේ පහළ ඇති කිසිදු ශබ්දයක් නෑසෙන බව මම තේරුම් ගත්තෙමි. අප මඳක් උස කඳු මුදුනකට පැමිණ ඇති බව මා හට වැටහුණේ අවට වෙල් යායවල් සහ ක්ෂිතිජය අප විසින් පසුකර ආ තුරු ගොමු මැදින්, අතරින් පතර දිස් වූ නිසා ය.
අපගේ ගමන නැවතී තිබුණේ කුඩා කුටියක් අසලින් ය. එහි ආලින්දයක් වැනි කොටසක පුටුවක් මත ත‍්‍රිපිටක පොත් වහන්සේනමක් කියවමින් සිටියේ මැදිවියේ ස්වාමීන් වහන්සේනමකි. උන් වහන්සේ අප දෙස හිස ඔසවා බැලූ පසු, අනන්ත ඉදිරියට ගොස් උන් වහන්සේ පාමුල වැඳ වැටී පස`ග පිහිටුවා වන්දනා කළේ ය. මම ද ඔහු අනුකරණය කළෙමි.
‘‘ ඕකාස වන්දාමි භන්තේ..
මයාකතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාමිනා කතං පුඤ්ඤං මය්හං දාතබ්බං
සාදු සාදු අනුමෝදාමි
ඕකාස ද්වාරත්තයේන
කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
ඕකාස ඛමාමි භන්තේ
දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
තතියම්පි ඕකාස ඛමාමි භන්තේ
සාදු! සාදු! සාදු!”
අනන්ත ගාථාවකින් ස්වාමීන් වහන්සේ වන්දනා කළේ ය. ඉන්පසු එළාගත් පත්කඩය මත පළඟක් බැඳ හිඳගත් අනන්ත මා කවරෙක්දැයි උන් වහන්සේට හඳුන්වා දුන්නේ ය. ඉන්පසු සුළු වෙලාවක් ගත වූයේ මාගේ විස්තර කිහිපයක් සහ ගමනේ බිමනේ තොරතුරු ඇතුළත් සුහද පිළිසඳරකට ය.
‘‘බොහොම හොඳයි… පුතා, තමන්ගේ මිත‍්‍රයාගේ සුව දුක් බලන්න ආවා විතරක් නෙවෙයි. තමන්ටත් සුවයක් ලබාගෙන යන්න පුළුවන් තැනකටයි ඇවිත් තියෙන්නේ…”
‘‘එ්ක නම් ඇත්ත ස්වාමීන් වහන්ස…”
මෙහි පැමිණි පසු මා අත්විඳි සියල්ල නැවත මෙනෙහි කරමින් මම ඊට එකඟ වෙමින් හිස සලමින් පිළිතුරු දුන්නෙමි.
‘‘ස්වාමීන් වහන්ස, බිනර දැනගන්න කැමතියි අපි සතුටින් ද ඉන්නේ කියලා… මම හිතුවා එ් ප‍්‍රශ්නයට උත්තරේ මම දෙනවට වඩා ස්වාමීන් වහන්සේනමකගෙන් පැහැදිලි කරගන්න එක හොඳයි කියලා…”
අනන්ත මා දෙස ද බලමින් පැවසුවේ ය.
‘‘දුකෙන් එතෙර වෙන්න මහන්සිගන්න කෙනා සතුට තමයි සොයා යන්නේ. බිනර පුතාට එ් ගැන වැටහීමක් නැතිව ඇති. නමුත් නුවණින් විමසුවොත් එ් ගැන යම්තමින් දෙයක් හිතාගන්න පුළුවන්.
ඇත්තට ම ලෝකයා හිතන්නේ ගිහි බන්ධන තමයි පරම සැපත කියල. එ්ත් එ් තුළ පවතින්නේ ලොකු දුකක් වටා තැවරුණු සැප පොත්තක්. එ් සැප සියුම් සිවියක් වගේ. බොහොම ඉක්මනින් සීරිලා ගිහින් දුක නම් වූ මදය මතු වෙනවා. සැප පොත්තේ රසය දැනෙමින් තියෙද්දි ම දුක නම් වූ මදයේ තිත්ත දැනෙන්න ගන්නවා. ඊට පස්සෙ වැඩිවෙලාවක් දැනෙන්නේ තිත්ත රසය පමණයි.
ගිහි බන්ධන අත්හැර දමා පැවිදි වෙනවා කියන්නේ එ් තිත්ත පලතුර අතහැරලා අමෘතයක් තෝරාගත්තා වගේ දෙයක්. එ් ගැන පැරණි ආචාර්යයන් වහන්සේලා බොහො ම හොඳින් කරුණු කියා දෙනවා. මම බිනර පුතාට ඛුද්දක නිකායේ ජාතක පාලියේ තියෙන ගාථා කිහිපයක් ගැන කියල දෙන්නම්…”
යැයි පැවසූ පින්වත් ස්වාමීන් වහන්සේ කුටියට ගොස් පොත් වහන්සේනමක් රැුගෙන විත් එහි පිටු පෙරළා එය අපට කියා දෙන්නට වූහ.
‘‘අරින්දම කියන රජතුමාට පසේබුදුරජාණන් වහන්සේ නමක් දැකගන්නට ලැබෙනවා. ඉතා ම සරල පාංසුකූල සිවුරක් දරාගෙන ගහක් යට ඉන්න මේ පැවිද්දා දිළින්දෙක්, බොහෝ දුක් විඳින්නෙක් කියා රජතුමා කල්පනා කළා. ඉතින් එ් බව පැවසූ පසු පසේබුදුරජාණන් වහන්සේ ගාථා කිහිපයකින් පැවිදි ජීවිතයේ සැපය පිළිබඳ ව දේශනා කළා. මේ කතාව තියෙන්නේ සෝණක කියන ජාතකයේ. මම දැන් එ් ගාථා ටික කියල දෙන්නම්. හොඳට අහගෙන ඉන්න ඕන…
න රාජ කපණෝ හෝති ධම්මං කායේන ඵස්සයං
යෝ ධම්මං නිරං කත්වා අධම්මා අනුවත්තති
ස රාජ කපණෝ හෝති පාපෝ පාපපරායණෝ
පින්වත් මහරජ, ආර්ය මාර්ගයෙන් සමන්විත වුණ ලෝකෝත්තර ධර්මයට පැමිණි තැනැත්තා දුප්පත් නැහැ. යම් කෙනෙක් ධර්මය බැහැර කරල අධර්මය අනුව ජීවත් වෙනවා නම්, පවුකාරයෙකු වන, පවුකාරයන්ට ම උපකාර වන එ් තැනැත්තා දුප්පතෙක්..
සදා පි භද්‍රමධනස්ස, අනාගාරස්ස භික්ඛුනෝ
න තේසං කොට්ඨේ ඕපෙන්ති, න කුම්භිං න කළෝපියං;
පරනිට්ඨිත මේසානා, තේන යාපෙන්ති සුබ්බතා.
පින්වත් මහරජ, ගෙවල් නැත්තා වූ මුදල් නැත්තා වූ පැවිදි උතුමන්, අටුකොටුවල, හැළිවල, කූඩවල ධන ධාන්‍ය රැුස් කරන්නෙ නෑ. මනා ඇවතුම් පැවතුම් ඇති එ් පැවිදි උතුමන් ගෙයින් ගෙට පිඬුසිඟා අනුන්ගේ ගෙදරක උයන ආහාරයෙන් යැපෙනවා. එ් නිසා පැවිද්දාට හැමදා ම හොඳයි. හැමදා ම සැප යි.
දුතියම්පි භද්‍රමධනස්ස, අනාගාරස්ස භික්ඛුනෝ
අනවජ්ජපිණ්ඩෝ භොත්තබ්බෝ, න ච කොචූපරෝධති.
පැවිද්දා විසින් වෙදකම් කිරීම, කේන්ද්‍ර බැලීම, යන්ත‍්‍ර මන්ත‍්‍ර කිරීම, කුහකකම් කිරීම යන දැහැමි නො වන ක‍්‍රමවලින් පහසුකම් සොයන්නේ නැතිව ධාර්මිකව ලැබෙන ආහාරයි වළඳන්නෙ. එසේ නිවැරදි ආහාරයක් වළඳනා පැවිද්දාට ලෝභ ආදි කෙලෙස්වලින් කුමක් හෝ ඇති වෙලා පීඩා ගෙන දෙන්නේ නැහැ. එ් නිසා ගෙයක් නැති, ධනය නැති, පැවිද්දාට දෙවනුව ද හැමදා ම හොඳයි. හැමදා ම සැප යි.
තතියම්පි භද්‍රමධනස්ස, අනාගාරස්ස භික්ඛුනෝ
නිබ්බුතෝ පිණ්ඩෝ භොත්තබ්බෝ, න ච කොචූ පරෝධති.
පැවිද්දා විසින් දැහැමින් ලද ආහාර කෙලෙස් උපදවන්නේ නැතිව ප‍්‍රත්‍යවේක්ෂා කරලයි වළඳන්න ඕන. කෙලෙස් ඉපදීමට හේතු නො වන නිසා, නිවුණු ආහාරයක් වළඳන, ගෙයක් ෙදාරක් නැති, ධනය නැති පැවිද්දා හට තුන් වෙනුව ද හැමදා ම හොඳයි. හැමදා ම සැප යි.
චතුත්ථම්පි භද්‍රමධනස්ස, අනාගාරස්ස භික්ඛුනෝ
මුත්තස්ස රට්ඨේ චරතෝ, සංගෝ යස්ස න විජ්ජති.
මේ මගේ නෑයො, මේ මගේ දායකයෝ කියා ගිහියන් කෙරෙහි බැඳීමක් නැතිව රටේ හැසිරෙන පැවිද්දාට කිසි බැඳීමක් නැහැ. එ් නිසා ගෙයක් ෙදාරක් නැති, ධනය නැති පැවිද්දාට හතර වෙනුව ද හැමදා ම හොඳයි. හැමදා ම සැප යි.
පඤ්චමම්පි භද්‍රමධනස්ස, අනාගාරස්ස භික්ඛුනෝ
නගරම්හි ඩය්හමානම්හි, නාස්ස කිඤ්චි අඩය්හථ.
නගරයක් ගිනි ගත්තත්, ධනය නැති ගෙයක් නැති පැවිද්දාට ගිනි ගන්නට දෙයක් නැහැ. එ් නිසා ගෙයක් ෙදාරක් නැති, ධනය නැති පැවිද්දාට පස් වෙනුව ද හැමදා ම හොඳයි. හැමදා ම සැප යි.
ඡට්ඨම්පි භද්‍රමධනස්ස, අනාගාරස්ස භික්ඛුනෝ
රට්ඨේ විලූම්පමානම්හි, නාස්ස කිඤ්චි අහාරථ.
හොර හතුරන් ඇවිත් රටක් කොල්ලකන්නට පටන් ගත්තත් ධනය නැති ගෙයක් නැති පැවිද්දාගේ කිසි දෙයක් අරගෙන යන්නෙ නෑ. එ් නිසා හය වෙනුව ද පැවිද්දාට හැමදා ම හොඳයි. හැමදා ම සැප යි.
සත්තමම්පි භද්‍රමධනස්ස, අනාගාරස්ස භික්ඛුනෝ
චෝරේහි රක්ඛිතං මග්ගං, යේ චඤ්ඤේ පරිපත්ථිකා
පත්තචීවරමාදාය, සොත්ථිං ගච්ඡති සුබ්බතෝ.
කොල්ලකෑමට මංකොල්ලකරුවන් රැුකල ඉන්න, බදු අය කරන අය රැුක සිටින, මඟතොටේ සොරුන්ට වුවමනා නැත්තා වූ ද බදු අය කළ යුතු දෙයක් නැත්තා වූ ද සිවුරු පිරිකර විතරක් තියෙන ධනය නැති ගෙයක් නැති පැවිද්දා සැපසේ යන්නේ ය. එසේ යන්නට ලැබීමෙන් සත් වෙනුවත් පැවිද්දාට හැමදා ම හොඳයි. හැමදා ම සැප යි.
අට්ඨමම්පි භද්‍රමධනස්ස, අනාගාරස්ස භික්ඛුනෝ
යං යං දිසං පක්කමති, අනපෙක්ඛෝව ගච්ඡතී’ති.
අල්මාරි පෙට්ටි ආදියේ පරිස්සමට තබන ලද කිසිවක් නැති පැවිද්දා යම් යම් තැනකට යන්නේ නම් තමාගේ සිවුරු පිරිකර ගෙන ඉන්න තැන ගැන අපේක්ෂාවක් නැතිව නිදහස් ව යන්නේ ය. එසේ යා හැකි බව නිසා ගෙයක් නැති ධනය නැති පැවිද්දාට අට වෙනුව ද හැමදා ම හොඳයි. හැමදා ම සැප යි.”
මතු සම්බන්ධයි….
ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.
මහාමේඝ 2014 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK
මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර
මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68
Recent Comments