‘සංඛධම්ම’ කියලා සූත්‍රයක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මෙත්සිත වැඞීම ගැන පෙන්වා දෙනවා. එයා එ්ක කරන්නේ ශක්තිමත් පුරුෂයෙක් හක්ගෙඩියක් අරගෙන සතර දිශාවට හැරිලා පහසුවෙන් හක්ගෙඩිය පිඹිනකොට එ් ශබ්දය එ් දිශාවට යනවා වගේ කියනවා.
මෛත්‍රී භාවනාව ක්‍රම දෙකක් තියෙනවා. එ් තමයි, අප්පමාණ චේතෝ විමුත්ති, මහග්ගත චේතෝවිමුත්ති කියලා. මහග්ගත චේතෝවිමුත්ති කියලා කියන්නේ ඉස්සර වෙලා ම තමාට මෛත්‍රිය වඩනවා. ඊට පස්සේ තමා ඉන්න තමන්ගේ නිවසේ පිරිසට මෛත්‍රිය වඩනවා. ඊට පස්සේ තමන්ගේ ගමට, ප්‍රදේශයට, නගරයට, පළාතට, රටට, ලෝකයට මෛත්‍රිය වඩනවා. එ් කියන්නේ ඉන්න තැන ඉඳලා ප්‍රදේශ වශයෙන් මෛත්‍රිය වඩනවා. එ්කට කියන්නේ මහග්ගත චේතෝවිමුත්තිය. අප්පමාණ චේතෝවිමුත්තිය කියන්නේ දිශා වශයෙන් මෛත්‍රිය වඩන එකයි. එ් කියන්නේ උතුරු දිශාව, උතුරු අනුදිශාව, නැගෙනහිර දිශාව, නැගෙනහිර අනුදිශාව ආදි වශයෙන් දස දිශාවට ම මෛත්‍රිය වඩනවා. බුද්ධ කාලයේ හිටපු අය මේ ක්‍රම දෙකට ම මෛත්‍රී භාවනාව දියුණු කරලා තියෙනවා.
සමහර කෙනෙකුගේ හිතේ තමන් සංසාරයේ පුරුදු කරපු දෙයක් මත නොයෙකුත් හැකියාවන් ඇතිවෙනවා. සමහර විට එයාට ආලෝක කසිණයක් වගේ එකක් වඩාගෙන එළියක් ගන්න පුළුවන්. එතකොට එයාට සිතේ එ්කාග්රතාවයව මත එ් එළිය ලොකු කරන්න පුළුවනි. එ් එළිය එහෙට මෙහෙට යවන්න පුළුවන්. එ්ක පංචනීවරණ යටපත් වීමෙන් වෙන එකක්. හැබැයි එ්ක මෛත්‍රී සමාධියක් නෙවෙයි. අපි කියමු, එතැනට ඇවිල්ලා එයා ‘අනේ සියලූ සත්වයෝ සුවපත් වෙත්වා..!’ කියලා කරුණා මෛත්‍රියක් ඇතිකර ගත්තා කියලා. එතැන මෛත්‍රිය වැඩෙනවා. මොකද ඊට පස්සේ ඇත්තටම එයාගේ හිතේ අනිත් අයට හිතවත් බවක්, කාරුණික බවක් ඇති වෙනවා නම් එ්ක වෙන්න පුළුවන්, අපි ගත්තොත් සාමාන්‍ය ලෝකය තුළ අපි මනුස්සයන්ව බෙදනවානේ. ‘අපි සම්මා දිට්ඨියෙන් යුක්තයි.. අසවල් අය මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්තයි… එක්කෝ අසවල් අය ධාර්මිකයි.. අපි අධාර්මිකයි.. එක්කෝ අපේ අය ධාර්මිකයි.. අසවල් අය අධාර්මිකයි..’ කියමින් අපි මනුස්සයන්ව බෙදනවානේ. නමුත් මෛත්‍රිය ආවාට පස්සේ එ් බෙදිල්ල නෑ. මෛත්‍රිය තුළ තියෙන්නේ හැමෝටම උදව් උපකාර කරන්න පුළුවන් පොදු කරුණාවක්.
සියලු ලෝකයට පොදුවේ මෙත්සිත වැඩිය යුතුයි…
බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්ෂූන් වහන්සේලා ධර්ම ප්‍රචාරය කරගෙන ගියේ මිථ්‍යා දෘෂ්ටික සමාජයකටනේ. එහෙම ගියාට පස්සේ ‘අසවලා මිථ්‍යා දෘෂ්ටිකයි.. අසවලා සම්මා දෘෂ්ටියෙන් යුක්තයි..’ කියලා හෙව්වේ නෑ. මුණගැහුණේ කාව ද, එ් කෙනාට තේරෙන භාෂාවෙන් ධර්මය කතා කළා. එයාට තේරුණාට පස්සේ එයා එ්ක තේරුම් ගත්තා. මේකෙ දී මූලික වශයෙන් ම වැදගත් වෙන්නේ එ් කෙනාට යම්කිසි දෙයක් හිතීමේ හැකියාව තියෙන්න ඕන. විශේෂයෙන් ම බුද්ධ දේශනාවල තියෙන ආකාරයට කර්ම කර්මඵල විශ්වාස කරන්න පුළුවන්කම තියෙන්න ඕන. එ් කියන්නේ ආගම් භේදයකින් තොරව බුද්ධිමත් මනුෂ්‍යයෙක් තුළ යම්කිසි කි්රයාවක් කළොත් හොඳ කි‍්‍රයාවට හොඳ විපාකයක් ලැබෙනවා.. නරක කි‍්‍රයාවට නරක විපාකයක් ලැබෙනවා.. කියන විශ්වාසය පිහිටා තියෙන්න පුළුවන්.
එ් වගේ ම සමහර විට මේ කර්ම කර්මඵල පිළිබඳ විශ්වාසය ආගමික නායකයෙක් තුළවත් නො තිබෙන්න පුළුවන්. නමුත් කෙනෙක් ආගමික නායකයෙක් විදිහට පෙනී හිටියත් එ් කෙනාට ‘හොඳ දේ කිරීමෙන් හොඳ විපාක ලැබෙනවා.. නරක දේ කිරීමෙන් නරක විපාක ලැබෙනවා..’ කියන විශ්වාසය නැත්නම් එයා ලෞකික සම්මා දිට්ඨියෙන් තොරයි. ලෞකික සම්මා දිට්ඨියෙන් තොර කෙනෙක් කිසිසේත් ම ලෝකෝත්තර සම්මා දිට්ඨියට යන්නේ නෑ. ඉතින් මේ නිසා පොදුවේ මෛත්‍රිය පවත්වන කෙනා කල්පනා කරන්නේ එහෙම නෙවෙයි. අපි දෙවිවරුන්ට පින් දෙනකොටත් කියනවානේ ‘සම්මා දෘෂ්ටික දෙවිවරු පින් ගනිත්වා..!’ කියලා.
එතකොට මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට යන එන මං නෑනේ. එතකොට කවදාවත් එ්ගොල්ලන්ට යහපතක් ලැබෙන්නේ නෑ. එ් වගේ ම (සබ්බේ දේවා.. සබ්බේ මනුස්සා) සියලූ දෙවිවරු, සියලූ මිනිස්සු, සියලූ සත්වයෝ කියලා තියෙනවනේ. එතකොට එ් ඔක්කොටම පොදුවේ මෛත්‍රිය වඩනවා. එ් පොදු මෛත්‍රිය තමයි ලෝකයට සංවේදී වෙන්නේ. ලෝකයට දැනෙන්නේ.
එ්කට හොඳ ම උදාහරණයක් තමයි, අනුරාධපුර යුගයේ එක අරණ්‍යයක රහතන් වහන්සේනමක් වැඩසිටියා. ඉතින් උන් වහන්සේ හැම තිස්සේ ම කරලා තියෙන්නේ මෛත්‍රී භාවනාව වඩන එක. ඔන්න වස් කාලයක් ආවා. ඉතින් එ් වස් කාලය ඉවර වෙලා උන් වහන්සේ දැන් ඔන්න හෙට පාන්දර පිටත් වෙන්නයි සූදානම. එදත් පාන්දර නැගිටලා මෛත්‍රී භාවනාව කළා. එ් වෙලාවේ කුටියෙන් එළියේ කවුද අඬනවා ඇහෙනවා. ඉතින් උන් වහන්සේ කුටියෙන් එළියට වැඩලා ”කවුද..?” කියලා ඇහුවා. බැලූවාම එ් වෘක්ෂයේ ඉන්න දෙව්දුව. එ් දෙව්දුව කියනවා ”අනේ පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ හෙට පිටත් වෙන නිසයි, මම මේ කනගාටුවෙන් ඉන්නේ..” ”එ් ඇයි..?” කියලා ඇහුවා. ”ඔබ වහන්සේ වඩින්න කලින් මෙහේ අමනුෂ්‍යයෝ මරා ගත්තා. එකාට එකා වෛර කරගත්තා. ක්‍රෝධ චිත්තයෙන් බලමිනුයි වාසය කළේ. නමුත් ඔබ වහන්සේ වැඩලා මෙත්සිත පැතිරවීම නිසා එ් අය කිසිම ප්‍රශ්නයක් නැතුව සුව සේ වාසය කරනවා.. දැන් අපි මේ සංවේගයට පත්වෙන්නේ ඔබ වහන්සේ වැඩිය ගමන් මේගොල්ලන්ට ආයෙමත් එ් වාසනාව නැතිවෙනවා නේ ද..? කියලයි. අනේ ස්වාමීනී, එ් නිසා ඊ ළඟ වස් කාලය ඉවර වෙන තෙක් වැඩ ඉන්න.” කිව්වා. ඉතින් උන් වහන්සේ පිරිනිවන් පානකල් ම දෙවිවරු ටික උන් වහන්සේව තියාගත්තා.
මළගිය උදවියට මෛතී‍්‍ර කරන්න යෑම අනතුරක් ද…?
කරණීයමෙත්ත සූත්‍රය නම් කිසිම ගැටලූවක් නෑ. එ්ක බුද්ධ වචනයක්. එ්කේ කියන්නේ මෛත්‍රී භාවනාව ගැනනේ. ඇත්තෙන්ම කරණීයමෙත්ත සූත්‍රයේ පසුබිම් කතාවෙත් තියෙන්නේ එ් වගේ සිද්ධියක්. ස්වාමීන් වහන්සේලා පිරිසක් භාවනාවට එක අරණ්‍යයකට වැඩියා. ඉතින් උන් වහන්සේලා දවසක් දෙකක් බණ භාවනා කරගෙන සුව සේ වාසය කළා. නමුත් ටික ටික එ් සුවපහසු ගතිය නැතිවෙලා ගියා. ඊට පස්සේ උන් වහන්සේලාට බියජනක අරමුණු පේන්න ගත්තා. හීනෙන් බයවෙන්න ගත්තා. දුර්ගන්ධය හමන්න ගත්තා. එ් කියන්නේ පිළිකුල් සහගත අමනුෂ්‍ය වාසයක ලකුණු පහළ වුණා. එ් නිසා උන් වහන්සේලා දුක සේ වාසය කරලා වස් කාලය ඉවර වෙලා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න වැඩියා. ‘‘අනේ ස්වාමීනී, හරිම අසාර්ථකයි මේ පාර අපේ වස් වැසිල්ල” කිව්වා. ‘‘එ් මොකද මහණෙනි?” කියලා ඇහුවා. ‘‘අපි මෙන්න මෙහෙම බණ භාවනා කරන්න පටන් ගත්තා. දවස් දෙකයි තුනයි ගියේ ඊට පස්සේ සම්පූර්ණයෙන් ම වැඩේ අවුල් වෙලා ගියා.”
බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘‘මහණෙනි, එතැන වෘක්ෂ දේවතාවරු ඉන්නවා. එ් වෘක්ෂ දේවතාවරුන්ට ගස් උඩ ඉන්න බෑ, ඔබ වහන්සේලා බිම භාවනා කරද්දී. ඔබ වහන්සේලාගේ ගුණවත්කම නිසා එ්ගොල්ලන්ව ගහෙන් වැටෙනවා. ඔබ වහන්සේලාව පලවා හරින්න තමයි එ්ගොල්ලෝ එ් උපක්‍රමය කළේ.” (එහෙම නම් එ් දෙවිවරු බෞද්ධ නෙවෙයිනේ) ”හැබැයි ඔබ වහන්සේලාගේ ජයභූමිය එතැන ම යි. මේ මෛත්‍රී කර්මස්ථානය අරගෙන ආයෙමත් එතැනට යන්න.” එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය දේශනා කළා. උන් වහන්සේලාත් ගිහිල්ලා එ් මෛත්‍රී භාවනාව පටන් ගත්තා. එ්කෙ ‘‘කුඩා ශරීර තියෙන, මහා ශරීර තියෙන, දෙපා ඇති, සිවුපා ඇති, බොහෝ පා ඇති එ් සියලූ සතුන්…” කියලා හරී ම ලස්සනට මෛත්‍රී භාවනාව තියෙනවා. ‘‘කිසිවෙක් කිසිවෙකුට වෛර නො කරත්වා.. හිංසා නො කරත්වා.. සියල්ලෝ ම සියල්ලන්ගේ ම සැප කැමති වෙත්වා..” කියලා හරි ම ලස්සන මෛත්‍රී භාවනාවක් තියෙනවා. එතකොට එ් කරණීයමෙත්ත සූත්‍රය අර්ථ වශයෙන් දැනගත්තාම හරි ම පැහැදිලියි.
නමුත් සමහර අවස්ථාවල සමහර අය තේරුම් ගැනිල්ලක් නැතුව මෙත්සිත වඩන්න ගියාම භූතයෝ, මියගිය ඤාතීන් බැල්ම හෙලන්න පුළුවන්. එ්කයි සමහර අය කියන්නේ කරණීයමෙත්ත සූත්‍රය කියනකොටත් අමනුෂ්‍යයෝ වැහෙනවා කියලා. අමනුෂ්‍යයා රිංගන්න එ්ක මාධ්‍යයක් කරගන්නවා. එ්ක වෙන්නේ වංචනික ධර්මයකට අහුවීමෙන්. එතකොට මෛත්‍රී කිරීමෙන් මේක වෙනවා කියලා රැවටෙනවා. අපි මෛත්‍රී කරන්නේ සියලූ සත්වයන්ටනේ. නමුත් සමහර කෙනෙක් සියලූ සත්වයන්ට මෛත්‍රී කරන්නේ නැතුව තෝරගත්තු අයට පමණක් මෛත්‍රී කරනවා. මෛත්‍රී සිතින් එ් අයව ඇසුරු කරගෙන ඉන්නවා. සමහර විට එ් පහත් තත්ත්වයේ භූතයෙක් කියමු. දැන් මෙයා එයා වෙනුවෙන් මෛත්‍රී කරන්න පටන් ගන්නවා. එතකොට එයාට ඕන මෙයාට බැල්ම හෙලන්න. මෙයා දන්නේ නෑනේ සම්බන්ධ වෙන්න, මෙයා දන්නේ පිරිත කියන්න විතරයි. එතකොට කරණීයමෙත්ත සූත්‍රය කියන කොට මෙන්න ඔළුව හොල්ලගෙන නටාගෙන එනවා. එතකොට කියනවා ‘කරණීයමෙත්ත සූත්‍රය කියන්න එපා, භූතයෝ වැහෙනවා’ කියලා.
එතකොට ගැරහුම් ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයයි. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් මිනිස්සුන්ගේ සිහි මුළාවෙන දේවල්, එක්කෝ සිහි නැතිවෙන දේවල්, භූතයෝ ඇවිස්සෙන දේවල් දේශනා කරලා නෑ. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම දේශනා කරලා තියෙන්නේ මනුස්සයා සුවපත් වෙන දේවල්. කොච්චර සුවපත් වෙනවා ද කියනවා නම් එක දේශනාවක සඳහන් වෙනවා, බුදුරජාණන් වහන්සේ යම්කිසි ගමකට වඩිනවා නම් යොදුනක් ඈතට මිනිස්සුන් ව ග්‍රහණය කරගත්තු අමනුස්සයෝ මිනිස්සුන් ව දාලා දුවනවා කියනවා. එහෙම නම් මිනිස්සුන් ව පෙලපු අමනුස්සයෙක් භාග්‍යවතුන් වහන්සේ වඩින දිශාවටවත් කිට්ටු වෙන්නේ නෑ. එහෙම එකේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාවක් කියන කොට අමනුස්සයෝ වැහෙනවා කියන එ්කේ තේරුම තමයි කියන කෙනා අර්ථය දන්නේ නෑ කියන එක. මොකද එ් අය මේක සිංහලෙන් ඉගෙනගෙන නෑනේ. සිංහලෙන් තේරුම දන්නේ නෑ. සිංහලෙන් තේරුම දන්නේ නැති වුණාට පස්සේ හිතන්නේ මේ යම්කිසි මන්ත්‍ර විශේෂයක් කියලයි. මන්ත්රවලටනේ ඕවා ඇවිස්සෙනවා කියන්නේ.
බුදුරජාණන් වහන්සේ ධජග්ග සූත්‍රයේ දී දේශනා කරලා තියෙනවා බයක් තැතිගැනීමක් ඇති වූ වෙලාවක එක්කෝ භාග්‍යවතුන් වහන්සේව සිහිකරන්න, එක්කෝ ධර්මය සිහිකරන්න, එක්කෝ සංඝයා සිහිකරන්න කියලා. ඇත්තෙන්ම එ්ක සත්යයක්නේ. බුදුරජාණන් වහන්සේගේ වචන කවදාවත් දෙපැත්තකට හැරෙන්නේ නෑනේ. එතකොට අපට මේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙන්න එපායැ. ශ්‍රද්ධාව නැතිකම නිසා තමයි මේ හැම අර්බුදයක් ම ඇතිවෙන්නේ.
මතු සබැඳි…
Recent Comments