පින්වතුනේ, පින්වත් දරුවනේ,
බලන්න ‘සුභා තෙරණිය’ පිළිබඳ කථාව. සල්ලාලයෙක් සුභා තෙරණිය දිහා බලන් හිටියා. ‘අනේ අර ඇස් දෙකේ ලස්සන…’ කියලා බලාගෙන ඉන්නවා. ඔහු හිතුවා ‘මම කොහොම හරි මැයව කැමති කරවා ගන්න ඕන’ කියලා. නමුත් සුභා තෙරණිය කියන්නේ නිකෙලෙස් කෙනෙක්. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ හැදෙමින් යන ලෝකයෙන් නිදහස් වුණු කෙනෙක්. දැන් එතුමියට ලෝකයක් නෑ.
මේක රහතන් වහන්සේලාගේ ස්වභාවය තේරුම් ගන්න හරි වටින තැනක්. එ් කියන්නේ ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක් කියන මේ හයේ අවිද්‍යා සහගත කි්රයාකාරීත්වයකින් තමයි මේ භවය හැදෙන්නේ. එතකොට රහතන් වහන්සේලා එ් ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ, සත්‍යය අවබෝධ කරලා. පටිච්ච සමුප්පාදය නො හැදෙන ස්වභාවයකට පත්කරලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සජීවී වෙලා. විමුක්තියත්, ඤාණයත් ස්පර්ශ කරලා. දැන් සාමාන්‍ය ලෝකයේ අපට රහතන් වහන්සේගේ වුණත් පේන්නේ ඇස් දෙක, කන් දෙක ආදියනේ. අර සල්ලාලයා දැක්කෙත් එ්ක විතරනේ. දැකලා හිතුවා ‘අද නම් මම මෑව කොහොම හරි කැමති කරගන්නවා’ කියලා. එහෙම හිතලා අන්ධ වනයේ හිටපු සුභා තෙරණිය පාරේ වඩිද්දී මේ තරුණයා ගිහිල්ලා හරස් අතට හිට ගත්තා.
සුභා තෙරණිය කිව්වා ‘‘පින්වත, මට යන්න දෙන්න. බාධා කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේගේ දියණියට කරදර කරන්න එපා”.
අර තරුණයා කියනවා… ‘‘ඔයා හරි ලස්සනයි. බාගෙට පියවුණු ඔයාගේ ඇස් දෙක කිඳුරියකගේ වගේ. ඔයාගේ රූපය රත්තරනින් කරපු එකක් වගෙයි. මම ඔයාට සඳුන්වලින් ගෙයක් හදලා දෙන්නම්. මම ඔයාට නිදන්න සඳුන්වලින් යහනාවක් හදන්නම්. ඔයාගේ ඔය මඳලස බැල්මට මගේ ලෝකය පිරෙනවා”. බලන්න පින්වතුනි නිකෙලෙස් බවේ අසිරිය… සුභා තෙරණිය අහනවා ‘‘පිස්සු ද ඔබට…? මොකක්ද මේ ඔබ කියන්නේ කියලා මට තේරෙන්නේ නෑ. ඔය රාගය කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නෑ.”
බලන්න, මේ නිකෙලෙස් බවේ තිබෙන ආශ්චර්යය.
‘‘මට තේරෙන්නේ නෑ මේ ආශාව කියන්නේ මොකක්ද කියලා. රාගය කියන්නේ මොකක්ද කියල මට තේරෙන්නේ නෑ. ඔබට පිස්සු ද?” කියලා අහනවා. අර තරුණයා ආයෙමත් ‘‘අනේ.. එහෙම කියන්න එපා” කිව්වා. දැන් සුභා තෙරණියට බේරෙන්න බෑ. අන්තිමට සුභා තෙරණිය අහනවා ‘‘ඔබ මොකටද මෙච්චර ආශා කරන්නේ?” ‘‘අනේ.. ඔයාගේ ඔය ඇස් දෙකට” කිව්වා. සුභා තෙරණිය ඇඟිලි පහ ඇහැ ඇතුළට දාලා ඇහැක් උපුටලා ගත්තා.
එ් සුභා තෙරණියගේ කතාව බලද්දී අපට එ්ක හිතාගන්න බෑ. මනුස්ස දුවක් මේ හිටගෙන ඉඳිද්දී ම කොහොමද මේ ඇහැ ඇතුළට ඇඟිලිවලින් දාලා නහරවැල්වලින් ඇහැ කඩලා දෙන්නේ. ‘‘ආ… ඔබ ඔතරම් කැමති ඇස. අරගෙන යන්න.” කිව්වා. ඇයි සුභා තෙරණියට එ් තරමට දේවල් කිව්වානේ. එතකොට අර තරුණයා වැඳ වැටුණා. ‘‘අනේ පින්වත් බ්‍රහ්මචාරී තැනැත්තිය, ආයෙ මම එ් වගේ කතාවල් කියන්නේ නෑ…” දැන් සුභා තෙරණියට කරගන්න දෙයක් නෑ. සුභා තෙරණිය එ් ඇහැ අතට අරගෙන කෙළින් ම සැවැත් නුවරට ම වැඩියා. අන්ධ වනය තියෙන්නේත් සැවැත් නුවර ම යි. දැන් සුභා තෙරණිය බුදුරජාණන් වහන්සේව හොයාගෙන යනවා.
මතක් වෙද්දිත් හරි සංවේගයක් දැනෙනවා. දුවක් තාත්තා කෙනෙක් හොයාගෙන යනවා වගේ. එතුමිය කියන්නෙත් ‘‘මම භාග්‍යවතුන් වහන්සේගේ දියණියක්” කියලා. ඇස අතට අරගෙන බුදුරජාණන් වහන්සේව පේන සීමාවට එනකොට ම ඇහැ තිබුණා වගේ ම යි. එතකොට බලන්න, එ් වගේ දේවල්වලට තමයි හාස්කම් කියලා කියන්න ඕන. බලන්න, බුදුරජාණන් වහන්සේගේ චරිතය වටා, එ් වගේ ම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිත වටා තියෙන මේ ආශ්චර්යවත් බව.
මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!
හැමදෙනාටම තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
Recent Comments