Author: Mahamegha

එනු ඉදිරියට පුත පැරකුම් දුටුගැමුණු

සැබැවින් ම මේ සිංහල අපගේ රට ය.මේ සිංහල බෞද්ධ අපගේ රට ය. මේ ශාක්‍ය වංශයේ අභිමානවත් ආර්ය උරුමය සුරැකි රට ය. මේ ගෞතම බුද්ධ රාජ්‍යය පිහිටි රට ය. ලෝකයේ පවතින එක ම සිංහල බෞද්ධ රටෙහි සිංහල බෞද්ධයෙකු ලෙස ඉපදෙන්නට අප ලද භාග්‍ය අභිමානයෙන් යුතු ව සිහි කැඳවිය යුතු දෙයකි.

Read More

සැක කළ යුතු තැන

සුනඛයෙකුට ගලකින් ගැසූ විට ඌ උත්සහ දරන්නේ ගල සපා කන්නට ය. ඒ සැකය නිසා ය. සිංහයෙකුට ගලකින් ගැසූ විට ඌ විමසිලිමත් වන්නේ ගල ආවේ කොතැනින් ද කියා ය. ඒත් සැකය නිසා ය. සිංහයා, සැක කළ යුතු තැන ම සැක කරමින් ප‍්‍රඥගෝචර වන අතරේ, සුනඛයා සැක කළ යුතු තැන පසෙක තිබිය දී ඉන්ද්‍රිය ගෝචර ව පමණක් ම කි‍්‍රයා කරයි.

Read More

සුවඳවත් මාරයා – සෙන්ට් පවුඩර්

ඥානය තිබුණු ආච්චි අම්මලාගේ වර්තමාන මිණිබිරියන්, ගොඩපර ගස් යට සිට ගොඩපර සාරයෙන් නිෂ්පාදනය කර ඇතැයි වෙළඳ දැන්වීම්වලින් කියනු ලබන ‘ෂැම්පු’ වර්ග බෝතල් ගණනින් සෞඛ්‍යට මෙන් ම පරිසරයටත් වින කරන රසායනික සංයෝග කන්දරාවක් සමඟ හිස ගල්වාගෙන එහි ඇති ඔසු ගුණ ගැන කයිවාරු ගසති.

Read More

‘සීනි’ අංක එකේ පිළිකා කාරකයකි !

හතර වරිගෙ කාටවත් පිළිකා රෝගය නො වැලඳුණු නිවසකින් අබ අහුරක් ගෙන එන්නැයි ලංකාවේ කාට හෝ පැවසුවහොත් එය නො අනුමානව ම අසීරු කාරණාවක් වනු ඇත. කෙනෙකු වෛද්‍යවරයෙකුගෙන් අසන්නට අකමැති ම, අමිහිරි ම වචන දෙකක් අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක් දැන් අසමින් සිටිති. ‘‘ඔබට, ඔබේ ඥාතියාට පිළිකාවක් !”

Read More

ඔන්න ඕක බිමින් තියන්න සර්…

රටේ ලෝකේ හැම ප‍්‍රශ්නයක් ම අපේ ප‍්‍රශ්න කරගෙන දුම් දමමින්, ගිනි පිට කරමින් මොන තරම් නම් පීඩනයක ද අපේ ඔළු හැම වෙලේ ම තියෙන්නෙ? ඇත්තට ම අපි ඔළුවට පුරවන් ඉන්නේ ඔළුවෙ එහෙම තියා ගන්න උවමනා බර ද? ඔය ප‍්‍රශ්න කන්ද ම විසඳුවත් අපේ සැබෑ ප‍්‍රශ්නෙට විසඳුමක් ලැබෙනව ද?

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up