[image title=”” size=”full” id=”8761″ align=”none” linkto”none”]

පාටලීපුත‍්‍රයේ දම්සෝ නිරිඳුන්ගේ ඉතා රමණීය වූ කිරීටය බල සම්පන්න ලෙස ගොඩ නැගූවකි. දික්විජය අත්හැර ධර්මවිජය ඇරඹූ නිරිඳුන්ගේ බල පරාක‍්‍රමය සකල දඹදිව පුරා හුදී ජනයාගේ සිත් පැහැර ගනිද්දී තම පියාණන් නැවත නගා සිටුවන්නට වෙහෙසෙන සම්බුදු සසුනට බෙහෙවින් ආල වැඩූ රජ දියණියක් ද වූවා ය. ඇය යොවුන් වියේ පසු වූ සංඝමිත්තා නම් කුමරියයි. ඇය සම්බුදු සසුනට ආල වඩන විට ඇයගේ අත පතා බොහෝ රාජවංශිකයෝ එකිනෙකා තරග වැදුණෝ ය. ඇත්තෙන්ම ඇය සතු වූ දිගු වරලසත්, නිල්වන් පුළුල් නෙතු සඟලත් ගෙන ආවේ ඇගේ රුව දකින්නවුන්ගේ සිත් පැහැරගන්නා වූ කාන්තියකි. ඇගේ රුව දකින්නවුන් මන්මත් විය.

එනමුදු වෙනස් වී යන රූ සපුවට ආල නො වැඩූ සංඝමිත්තා නිතර ප‍්‍රිය කළේ හුදෙකලාවයි. දිය දහර ගලා බසිනා ගං ඉවුරෙන් නැගිට ගත් සංඝමිත්තා මාලිගය බලා එද්දී ඈ එනතුරු බලා සිටි සේවිකාව ඈ අත මත යමක් තැබුවා ය. ඇය එය ගෙන ආලින්දය අසල වූ රත් සඳුන් ගස් සෙවණේ අසුනට බර වූවා ය.. එ් හසුන්පතකි. ‘සාල’ නම් රාජවංශික තරුණයා විසින් එවූ හසුන ඈ සෙමෙන් කියවූවා ය.

‘‘ආදරණීය සංඝමිත්තා… එදා මාලිගයේ පැවැති ප‍්‍රිය සම්භාෂණයේ දී ඔබ දුටු මුල් ම දවස මට දැනුදු සිිහි වේ. ඔබේ කාන්තිමත් නෙතු සඟල…. දිගු වරලස…. මා සිත් ගත්තා. ප‍්‍රිය සංඝමිත්තා…”

ඇය දිගින් දිගට ම කියවාගෙන ගියත් එ් එකදු වදනක්වත් ඇගේ සිත සොරා ගන්නට සමත් වූයේ නැත. දිනක් මෙහෙණවරට ගිය ඈ සමග මොහොතක් දහම් පිළිසඳරේ යෙදුණු ධම්මපාලා භික්‍ෂුණිය කී දේ ඇයට සිහිපත් විය.

‘‘අපි සංසාරේ කයට, වචනයට, සිතට රැුවටිලා කාමයට ඇලී මොන තරම් නම් සිටින්නට ඇති ද? කාම සැපය සොයා ගෙන ගිය අපි වරදවා ගත් තිෙදාරින් මොන තරම් වාර ගණනක් නිරයේ උපදින්නට ඇති ද? අපට තවම කරන්නට බැරි වුණේ බුුදු පියාණන් වදාළ දහමේ රැුඳී සිටීම නො වේ ද ? එ් නිසා සංඝමිත්තා මේ ජීවිතය ගැන බොළඳ ලෙස බලන්නට එපා. ගැඹුරින් ධර්මය ඉගෙන ගෙන අවබෝධය කරා යන්න මහන්සි වෙන්න.”

ඈ තවත් සිතන්නට වූවා ය.
‘ඇත්තෙන්ම බුදුපියාණන් වදාළ හැම වචනයක් ම අමිලයි. නිමලයි. මට මේ රාජකීය සම්පත්වලින් වැඩක් නැහැ. මට ඕන ඉපදෙන මැරෙන මේ ලෝකයෙන් නිදහස් වෙන්න. මෙහෙණවරයේ වැඩ වෙසෙන භික්‍ෂුණියන් වගේ නිදහස් ජීවිතයක් ගත කරන්න. මග – ඵල ලබන්න මම හරි ආසයි. මම මේ විකාර වර්ණනාවලට රැවටෙන්නේ නැහැ.’

ගස් අතරින් ඈත බලාගෙන ඈ බොහෝ වෙලා කල්පනා කළා ය. කල්පනා සාගරයක ඇගේ සිතිවිලි බොාහෝ ඈතට පාව ගොසිනි.

‘‘සංඝමිත්තා…. මොනව ද ඔබ ඔච්චර වෙලා කල්පනා කරන්නේ?”

හුදෙකලාවත්, නිහඬ බවත් බිඳිමින් එතැනට පැමිණි මිහිඳු කුමරුන් සිය සොයුරියගේ සිතැඟි හඳුනාගත් නියාවෙන් කතාවට මුල පිරී ය.

‘‘මම මේ සූදානම් වුණේ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ බැහැ දකින්නට විහාරයට යන්නට… ඔබත් මා සමග එනවා ද?”

‘‘ඔව්, මා එනවා…. ඊයේ මට අපගේ නිග්‍රෝධයන් වහන්සේ සමග මොහොතක් කතා කරන්නට පුළුවන් වුණා. උන් වහන්සේ මට උතුම් තෙරුවන් සරණ යෑම ගැන, සීලය වගේ ම ඉන්ද්‍රිය සංවරය ගැනත් කියා දුන්නා. ගතවෙන හැම මොහොතක ම පටිච්ච සමුප්පාදය සකස් වෙන බවත්, එ් තුළින් උපදින පංච උපාදානස්කන්ධය ඇති වී නැති වී යන අයුරුත් කියා දුන්නා. එ් මොහොතේ මට සිතුණේ අපගේ නිග්‍රෝධයන් වහන්සේ බුදු වදන් පවසද්දී පවා එ් වදන් කොයි තරම් සුන්දර ද කියා…”

‘‘එසේ නම් ප‍්‍රිය සොයුරිය, අපගේ ශාස්තෘන් වහන්සේ දහම් දෙසන විට කොයි තරම් සොඳුරු ඇද්ද?”

‘‘ඇත්තමයි… සොයුර, මම නිග්‍රෝධයන් වහන්සේ වදාළ අයුරින් ම නුවණින් මෙනෙහි කළා. සිතට හරි සතුටක්, විවේකයක් දැනුණේ.”

‘‘හොඳයි සංඝමිත්තා… එසේ නම් අපි දැන් යමු විහාරයට. තවත් සොඳුරු දහමක් අපට අහන්නට ලැබීම එ්කාන්තයි”

මාලිගයේ සඳලූ තලය මත සිටි දම්සෝ නිරිඳාණෝ සිය දරුවන් දෙදෙනා මහත් සොම්නස් වූ සිතින් යුතුව ගමන් කරන අයුරු දැක සේවකයෙකුට කථා කළේ ය.

‘‘නුඹ දන්නවා ද අපගේ ප‍්‍රියාදර කුමරුත්, කුමරියත් ඇවිද යන්නේ කොහේ ද කියා?”

‘‘එසේ ය මහරජාණනි… විහාරයට යන බවයි දැන ගන්නට ලැබුණේ.”

‘‘එසේ වී නම් ඔවුන්ට යාමට අශ්ව රථයක් පිටත් කර හරින්න…. සැබැවින්ම මෙතරම් ධර්මයට ලැදි දරුවන් ලැබීම මට මහත් ලාභයක්….”

අසුන්ගේ කුර ගැටෙන නාදය ඇසිණි. මිහිඳු කුමරුත්, සංඝමිත්තා කුමරියත් අසුන් බැඳි රථයෙන් පිටත් වූහ.

‘‘ඇත්තෙන්ම සොහොයුර… මම නම් සිතා සිටින්නේ ධම්මපාලා භික්‍ෂුණිය ළඟ පැවිදි වීමටයි. මට මේ මාලිගයේ ඇති සැප සම්පත්, යස ඉසුරු, කඳුළ – සිනහව බොහෝ නිරර්ථක දේවල් බව පෙනී යනවා.”

‘‘පැවිදි වීම නම් ඉතා අගෙයි සංඝමිත්තා.”

වෙහෙරට පැමිණි නිරිඳුන්ගේ දරුවන්ට මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ධර්මයෙන් අනුශාසනා කළ සේක. ඔවුහු බෙහෙවින් සතුටට පත් වූහ.

සංඝමිත්තා තමන්ටත් මෙහෙණවරේ මෙහෙණියක් වීමට පිය රජතුමාගෙන් කොයිතරම් අවසර ඉල්ලා සිටිය ද එයට ඉඩක් නො වී ය. ඇයගේ සියලූ සිහින මාලිගා කඩා බිඳ දමමින් මාපියන්ගේ බලවත් ඉල්ලීම මත අග්ගි බ‍්‍රාහ්මණයා සමඟ විවාහ වීමට ඇයට සිදු විය.

සඟමිත් කුමරිය පති කුලයට පිවිස බිරිඳක් විසින් ඉටු කළ යුතු සියලූ වගකීම් නොමසුරු ව ඉටු කළා ය. ඉතා සතුටින් සමාදානයෙන් යුතුව ගෙවූ යුග දිවියේ ඔවුන්ගේ කැදැල්ලට එක්වූ දරු සිඟිත්තාණන් වූයේ ‘සුමන’ කුමරුන් ය. මේ සියලූ වගකීම් මැද වුව ද සඟමිත් කුමරිය සිය පැතුම හදේ රඳවාගෙන සිටියා ය. අග්ගි බ‍්‍රාහ්මණයා තම බිරිඳට බෙහෙවින් ඇලූම් කළේ ය. කීකරු බිරිඳක් ලෙස, ළබැඳි මවක් ලෙස ගෙවා දමන ඇගේ දිවියේ විරාගී චරණයට එක සිතින් ම ආශීර්වාද කරන්නට ඔහුට හැකි විය. අග්ගි බ‍්‍රාහ්මණයාගේ ආශීර්වාදය මැද නැවත වරක් ගෞතම බුදු සසුන තුළ කිරුළු දරන්නට සංඝමිත්තාවන්ට වරම් ලැබුණි.

සිය දයාබර සැමියා, නෙතු සඟල වන් පුත් කුමරුන් ක්‍ෂණයෙන් හැර දමන්නට ඕ තොමෝ සමත් වූවා ය. ඇය ධර්මපාලා භික්‍ෂුණිය ළඟ ‘සංඝමිත්තා’ නමින් කහවත දරා උතුම් බඹසර දිවිය ලැබුවා ය. එදින ම මිහිඳු කුමරුත් මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ළඟ ‘මහින්ද’ නමින් පැවිදි බව ලැබුවේ ය. දෙදෙනා වහන්සේ ම ගුරු සෙවණේ කල් ගෙවමින් ශ‍්‍රී මුඛ බුද්ධ වචනයත් – විනයත් කට පාඩමින් දරා ගත්හ.

බොහෝ කාලයක් මුළුල්ලේ වියළී ගිය කේඩෑරි පරිසරයකින් නැවත නැගී සිටි ඇසළ මලක් ලෙස සොඳුරු හුදෙකලාව තුළ තනිවෙන්නට ඇයට වරම් ලැබුණි. කවුළු ෙදාර හැරි සංඝමිත්තාවෝ ඈතින් ගලා බසිනා ගංගාව දෙස බලා සිටියේ අවිද්‍යා සැඩ පහරේ බියකරු බව මෙනෙහි කරමිනි. ඇය යහන කොණක තිබූ පත්කඩය අතට ගෙන කුටියෙන් එළියට වැඩම කළේ හිත සන්සිඳුවා ගන්නටයි. කිසි දිනක කටු සහිත මාවතක නො තැබූ දෙපා ගල් බොරළු මත තබමින් ඕ තොමෝ හෙමින් සීරුවේ ගල් තලාවට නැග සුවිශාල කුඹුක් ගස් සෙවණ මත හිඳ දෑස පියාගත්තා ය.

උඩුකය නො සොල්වා තබා ගත් සංඝමිත්තා තෙරණිය ආශ්වාස ප‍්‍රාශ්වාස රැුල්ල මත හිත රැඳවූවා ය. ආනාපාන සතිය තුළ සන්සිඳෙන සිතින් යුතුව නොයෙක් අරමුණුවල ගලා යන සිය සිතුවිලි ධාරා සන්සුන් කරවමින් හතරවන දැහැන දක්වා ම සම වැදීමට බොහෝ කාලයක් ගත නො කළා ය. එ් දැහැන තුළ සිටිමින් ම උපාදානස්කන්ධ පහ පිළිබඳව නුවණින් විමසමින් සිටි තෙරණියට වෙනදා නො වූ විරූ අයුරින් ජීවිතය අවබෝධ වන්නට පටන් ගති. ‘දුක සකස් වන්නේ මෙහෙමයි. නැති වන්නේ මෙහෙමයි.’ සසර දුක යළි ඇතිනොවෙනා ලෙස ඇය ජීවිතය පසක් කළා ය. මව්පියන්, සිය සැමියා, පුංචි පුතු, සියලූ සැප සම්පත්, නෑ සියන් අත්හැර උතුම් බඹසරට ඇය පැමිණියේ යම් අරුතක් පිණිස ද එ් අමා නිවන් සුව ලබා ගැනීමට එ් උත්තමාවිය සමත් වූවා ය.

අග්ගි බ‍්‍රාහ්මණයා ද සුමන පුතු ද ගිහි ගෙය හැර දමා පැවිදි ජීවිතයට පිවිස සිටියෝ ය. උතුම් බඹසරට පත් ඔවුහු ද ගෞතම බුදු සසුන තුළ තමන්ට රැුකවරණ සලසා ගත්තෝ ය. ඇත්තෙන්ම අසිරිමත් වූ නිකෙලෙස් ජීවිත ගෙවන්නට උන් වහන්සේලා සියලූ දෙනාට හැකියාව ලැබිණි.

එ් අතර මහින්ද මහ රහතන් වහන්සේ ලක්දිවට බුදු සසුන රැුගෙන වැඩම කරද්දී සුමන සාමණේරයන් වහන්සේ ද එයට එක් වූහ. ලංකාද්වීපයේ සම්බුදු සසුන ස්ථාපිත කිරීමට සියලූ කටයුතු සූදානම් වන අතරේ මහානාග යුවරජුගේ බිසව වූ අනුලාවන් ඇතුළු පුරාංගනාවන් පන්සිය දෙනෙකු ගිහි ගෙය අතහැර සුදුවත් දරා උතුම් පැවිදි බව අපේක්‍ෂාවෙන් උපාසිකා වෙහෙර නම් වූ රම්‍ය වූ අසපුවේ වාසය කළා ය.

දේවානම් පියතිස්ස මහරජුගේ ආරාධනාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ තම පිය රජුට යැවූ හසුනේ ‘ශ‍්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාව’ සමග සංඝමිත්තා භික්‍ෂුණිය ලක් දෙරණට වැඩම කරවා ගැනීමට අවැසි බව සඳහන් කොට තිබුණි. එය අරිට්ඨ නම් ඇමතියා අත පාඨලිපුත‍්‍රයේ දම්සෝ නිරිඳාණන්ට යැවිණි.

‘‘රජුන් අතර ශ්‍රේෂ්ඨයාණෙනි… ඔබගේ මිත‍්‍ර රජතුමාගේ සහෝදරයාගේ බිරිඳ නිරන්තරයෙන් ම හික්මී ජීවත් වන්නී ය. පැවිදි වීමට කැමැත්තී ය. ඇය පැවිදි කරවනු පිණිස සංඝමිත්තා භික්‍ෂුණියත්, ඇය සමග මහා බෝධි වෘක්‍ෂයේ දක්‍ෂිණ ශාඛාවත් එවනු මැනවි”

සිය ජීවිතය දෙවැනි කොට ආදරය කරන මහා බෝධියෙන් ශාඛාවත්, ආදරයෙන් හදා වඩා බුදු සසුනට පූජා කළ සඝමිත් තෙරණියත් ලක්දිවට පූජා කිරීමට සිදු වීම මහරජුට ශෝකය ඉපැද්දවී ය. දම්සෝ නිරිඳුන් මහින්ද මහ තෙරුන් වහන්සේ එවූ හසුන සඟමිත් තෙරණියන්ට ගෞරවයෙන් දුන්නේ ය. ඕ තොමෝ එයට එකඟ වූවා ය. නමුත් දම්සෝ රජුගේ සිත තුළ තවමත් ඇත්තේ අකැමැත්තකි.

‘‘දරුව… මගේ පුතාත්, මගේ මුණුපුරාත් වෙන් වූ කල මතු වුණ ශෝකය මම ඔබ වහන්සේ දැක දරා ගත්තෙමි. දැන් මේ වෙන්වීම කෙසේ ඉවසන්න ද?”

‘‘මහ රජතුමනි… මගේ සහෝදරයාගේ වචනය බරින් වැඩි ය. පැවිදි වන්නට සිටින්නෝ ද බොහෝ ය. මම එහෙයින් එහි යන්නෙමි”

මහ රජු මහත් ආයාසයෙන් නමුත් බෝධියත්, සංඝමිත්තා තෙරණියත් ලක්දිවට පිටත් කර එවීමට සියලූ කටයුතු සූදානම් කළේ ය. මහා සාගරයේ රළ මැදින් ගමන් කළ නෞකාවේ ගමන් මග ඇහිරවූ නාගයන් දමනයට අප සංඝමිත්තා තෙරණියෝ මහා බල ඇති ගුරුළු වෙස් දරා නොයෙක් ඍද්ධි බල පා බෝ රුක රැකගත්හ.

සුවසේ ලංකා ධරණීතලයට වැඩම කළ ගෞතම බුදු සසුනේ සාම දූතිකාව බෝධීන් වහන්සේ මහ රජුට භාර කොට අනුලාවන් ඇතුළු ඇගේ පිරිවර තමන් වහන්සේ සමග පැමිණි අනිකුත් භික්‍ෂුණීන් එකොලොස් දෙනා සමග එක්ව පැවිදි කරවා උපාසිකා විහාරයේ ම වැඩ වාසය කළා ය.

අපගේ මහ තෙරණින් වහන්සේ කවදත් හුදෙකලාව පි‍්‍රය කළා ය. එනිසා ම උපාසිකා විහාරයේ තරමක් පිරිස ගහණ වෙත් ම හුදෙකලා මෙහෙණවරක් ගැන ඇය සිතන්නට වූවා ය. එනිසා ම රජු විසින් කරවන ලද ස්ථූපයක් ප‍්‍රමුඛ කොට ගත් චේතියඝරයට වැඩම කළා ය. එය ඉතා මනෝරම්‍ය වෙන්ව පිහිටි තැනකි. ඇය එහි ගිය බව අසා රජු ද එහි ගොස් මහ තෙරණිය වැන්දේ ය. ඇය වැඳ සතුටු විය යුතු කතාව කළ රජු ඕ තොමෝ එහි වඩින්නට කරුණු මනාව විමසා දැන ගෙන මහා මෙහෙණවරක් ගොඩනැගුවේ ය. එය හත්ථාල්හක විහාරය නම් විය. අපගේ කලණ මිතුරිය වූ උතුම් සංඝමිත්තා නම් මහා ප‍්‍රඥවන්ත තෙරණින් වහන්සේ එ් අසපුවේ වාසය කළා ය.

මහත් වූ ඍද්ධි බල ඇති, මහත් වූ නැණ ඇති සංඝමිත්තා තෙරණිය ශාසනයට ඇගෙන් ඉටුවිය යුතු යුතුකම් හා එමගින් ජනතාවට කළයුතු සුභදායී වැඩ කටයුතු නිම කළා ය. උත්තිය රජු රාජ්‍යත්වයට පැමිණි නව වැනි වසරෙහි ලක් කතුනගේ උතුම් පැවිදි දිවියට උරදුන් උදාර මව්තුමිය වූ අපගේ සංඝමිත්තා තෙරණින් වහන්සේ නිවන් පුරයට වැඩම කළ සේක.

එ් වන තුරු ම උන් වහන්සේ වැඩසිටියේ සාමයෙන් පිරුණු හත්ථාල්හක මෙහෙණ අසපුවේ ය. උත්තිය රජු මහින්ද මහ රහතන් වහන්සේ පිරිනිවි කල යම් පූජාවෝ කළේ ද එ් අන්දමින් ම උදාර පුජාවන් සතියක් පුරා පවත්වා, මුළු දිවයින ම සරසා සත්වැනි දින අවසන් වූ විට රන් සිවි ගෙයි තැබූ තෙරණියගේ දේහය නගරයට ගෙන ගියේ ය. උන් වහන්සේගේ ඉල්ලීම පරිදි ථූපාරාමයට නැගෙනහිරින් පිහිටි මහ බෝධිය අසල, චතුස්ශාලාව සමීපයේ ශ්‍රී දේහය තබා ආදාහනය කරන ලදී. මහ නැණවත් උත්තිය රජු එහි ස්ථූපයක් ගොඩ නැගුවේ ය.

අදටත් ථූපාරාම මහ සෑ ඉදිරිපිට දී අපගේ තෙරණින් වහන්සේ වෙනුවෙන් ඉදි කළ ස්ථූපය වන්දනා කිරීමට අපි පිනැත්තන් වීමු. යම් කිසිවෙක් අනිත්‍යතාවය සක් සුදක් සේ පසක් කළෝ ද එය සනාථ කරමින් නිවන් පුර වැඩි අපගේ මව්තුමිය වූ, ලක් ධරණීතලයේ කතුන්ට සුමිත‍්‍ර වූ, සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ උතුම් පා කමල් අබියස අපගේ නමස්කාරය වේවා…!
ඇසුර – මහාවංශය

මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවේ පින්වත් මෙහෙණින් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.