චතුරාර්ය සත්‍ය විග්රහ කරන තැන දී අපගේ ශාස්තෘන් වහන්සේ තණ්හාව ගැන පෙන්වා දෙන්නේ දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යය විදිහට ය. එහි දී තණ්හාව යනු කුමක්දැයි මෙසේ පෙන්වා දෙන සේක.
“පින්වත් මහණෙනි, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යය යනු කුමක්ද? පින්වත් මහණෙනි, යළි යළිත් විපාක විඳින්නට කර්ම සකස් වීම ඇති කරවන (පෝනෝභවිකා) ආස්වාදයෙන් ඇලෙන ස්වභාවයෙන් යුක්ත වූ (නන්දිරාග සහගතා) උපනූපන් ඕනෑම ජීවිතයක දී එ් එ් දෙය සතුටින් පිළිගන්නා වූ, (තත්ර තත්රාභිනන්දිනි) යම් මේ තණ්හාවක් ඇද්ද එයයි.”
තුන් ආකාර වූ තණ්හාව
මෙලෙස දුකේ හටගැනීම නම් වූ තණ්හාව තුන් ආකාර වෙයි. එනම්,
1. කාම තණ්හාව (රූප – ශබ්ද – ගන්ධ – රස – පහස යන මේ කාම අරමුණුවලට ආශාව ඇති වීම)
2. භව තණ්හාව (මම ය, මාගේ ය, මාගේ ආත්මය ය වශයෙන් පිළිගත් තම තමන්ගේ ජීවිත යළි යළිත් පවත්වා ගැනීමේ ආශාව)
3. විභව තණ්හාව (සිත හෝ කය හෝ කිසිවක් නොපැවැත්වීම පිණිස තමාගේ හිතේ මුල් බැසගත් ආශාව)
තණ්හාව උපදින තැන
මේ අයුරින් ති‍්‍රවිධ ආකාර වූ තණ්හාව උපදින්නා වූ තැනක් ද තිබේ. එලෙස උපදින තණ්හාව නවාතැන් ගන්නේ ද එතැන ම ය.
“පින්වත් මහණෙනි, මේ තණ්හාව ඉපදුණොත් කොහෙද උපදින්නේ? මේ තණ්හාව නවාතැන් ගත්තොත් කොහෙද නවාතැන් ගන්නේ?
මේ ලෝකයේ පි‍්‍රය ස්වභාවයෙන් පවතින, මිහිරි ස්වභාවයෙන් පවතින දෙයක් වේ ද අන්න එතැන ය මේ ආශාව ඉපදුණොත් ඉපදෙන්නේ. අන්න එතැන ම ය මේ ආශාව නවාතැන් ගත්තොත් නවාතැන් ගන්නේ.”
(වැඩි විස්තර – මහා සතිපට්ඨාන සූත්‍රය – දී. නි. 02)
මෙලෙස සංසාරගත සත්වයාගේ දුකේ හේතුව සකස් කිරීමේ මූලාරම්භය පි‍්‍රය ස්වභාවයෙන් යුතු මිහිරි ස්වභාවයෙන් යුතු දේවල් තුළ උපදී. ඇස, කන, නාසය, දිව, කය, මනස නම් වූ ආයතනත්, එ්වාට අනුකූල බාහිර ආයතනත්, එම ආයතනයන්ට අනුකූල විඤ්ඤණයත්, ස්පර්ශයත් තුළ මෙම තණ්හාව උපදී. එමෙන් ම එම ආයතනයන්ට අනුකූල විතක්ක, විචාර ආදි පි‍්‍රය ස්වභාවයෙන් යුතු, මිහිරි ස්වභාවයෙන් යුතු සෑම තැනක ම මෙම තණ්හාව උපදී.
සත්වයා ව ජනිත කළේ කවුද?
සත්වයාගේ සම්භවය කවදා කෙසේ ද පටන් ගත්තේ යනුවෙන් සමහරු කල්පනා කරමින් මුළාවෙන් මුළාවට පත් වෙති. අශ්‍රැතවත් පෘථග්ජනයා විවිධාකාර දෘෂ්ටිවල පැටලෙන්නේ එලෙස අයෝනිසෝ මනසිකාරයේ යෙදීම නිසා ම ය. නමුත් සත්වයාගේ උප්පත්තිය ගැන බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ අපූරු විස්තරයකි. දිනක් එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ මෙසේ විමසා සිටියේ ය.
‘කිංසු ජනේති පුරිසං’ – මේ සත්වයා ව ජනිත කළේ කවුද?
අපගේ බුදුරජාණන් වහන්සේ එවිට මෙසේ පිළිතුරු දුන් සේක.
‘තණ්හා ජනේති පුරිසං’ – මේ සත්වයා ජනිත කළේ තණ්හාවයි.
යකඩ හුල
දිනක් බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසන ලදී.
‘කේන සල්ලේන ඕතිණ්ණෝ’ – ජීවිතය ඇතුළට ම බැසගෙන තියෙන හුල කුමක් ද?
එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.
“ජීවිතය ඇතුළට ම කිඳා බැසගෙන තිබෙන්නේ තණ්හාව නම් යකඩ හුලයි.”
යුගල වශයෙන් විමසමු.
චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යාම පිණිස ශ්රාවකයා තණ්හාව ගැන යුගල වශයෙන් නුවණින් විමසිය යුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දෙන සේක.
1. ”කිසියම් දුකක් හට ගනී නම්, එ් සියල්ල තණ්හාව නිසා ය.” මෙය නුවණින් සිහිකරන පළමු ආකාරය යි.
2. ”එ් තණ්හාවේ ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හට ගැනීම නැති වන්නේ ය.” මේ දෙවන ආකාරය යි.
තණ්හාය දුතියෝ පුරිසෝ – දීඝමද්ධාන සංසරං
ඉත්ථභාවඤ්ඤථාභාවං – සංසාරං නාතිවත්තතී.
“තණ්හාව දෙවැනියා කරගත් පුරුෂයා දීර්ඝ සංසාරයේ සැරිසරයි. ලොවින් ලොවට මාරු වෙමින් සැරිසරන සත්වයා සංසාරයෙන් එතෙර නොවෙයි.”
එ්තමාදීනවං ඤත්වා – තණ්හා දුක්ඛස්ස සම්භවං
වීතතණ්හා අනාදානෝ – සතෝ භික්ඛු පරිබ්බජේති
“දුකට හේතුව වූ තණ්හාවේ මේ ආදීනවය තේරුම් ගෙන තණ්හාවෙන් තොරවී කිසිවකට නොබැඳෙමින් නුවණින් යුතුව භික්ෂුව හැසිරෙයි.”
(වැඩි විස්තර – ද්වයතානුපස්සනා සූත්‍රය – සුත්ත නිපාතය)
තණ්හාවට උපමා
තණ්හාවේ තිබෙන්නා වූ සැබෑ ස්වරූපය තේරුම් ගැනීමට අපගේ බුදුරජාණන් වහන්සේ විවිධ උපමා පෙන්වා දෙන සේක.
“පින්වත් මහණෙනි, ඔබට තණ්හාව ගැන කියා දෙන්නම්. මේ තණ්හාව සත්වයා සසර සිරකරන දැළක් වැන්න (ජාළිනී) භවය කරා වේගයෙන් රැගෙන යන සැඩපහරක් වැන්න (සරිතා) ජීවිතය පුරා එතී පැතිරී ගිය දෙයක් වැන්න (විසටං) නිදහස් නො විය හැකි බැඳුන දෙයක් වැන්න (විසත්තිකා)
(වැඩි විස්තර – තණ්හා ජාළිනී සූත්‍රය – අං. නි. 4)
තණ්හා මූට්ටුව
ආයතන හය ඔස්සේ හටගන්නා ස්පර්ශය එක අන්තයකි. සංසාර පැවැත්මට ස්පර්ශයේ හට ගැනීම තවත් අන්තයකි. මේ දෙක එකට එකතු කරන මූට්ටුව තණ්හාවයි. (තණ්හා සිබ්බනී) මෙලෙස විවිධ ආකාරයෙන් තණ්හාව ගැන අපට පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ තවදුරටත් ලෝක සත්වයා ව කෙලෙස් ලෝකයට නංවා දෙන්නේ තණ්හාව (තණ්හා උඩ්ඪිතෝ ලෝකෝ) බවත්, ලෝක සත්වයාව භව ගමනක ඇදගෙන යන්නේ තණ්හාව (තණ්හාය නීයතී ලෝකෝ) බවත්, පෙන්වා දුන් සේක. එමෙන් ම මාර සේනාවේ හතර වැනියා වන්නේ ද මේ තණ්හාව යි (චතුත්ථි තණ්හා පවුච්චති).
උතුම් බුද්ධ දේශනා ඇසුරින් දුක්ඛ සමුදය නම් වූ මේ තණ්හාව ගැන ඉගෙනගෙන එහි සැබෑ ස්වභාවය අවබෝධ කර ගැනීමට අපිත් උත්සාහ කරමු. අපට ද මේ තණ්හා සැඩපහරින් එතෙරවීමේ භාග්‍ය උදාවේවා!
මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන්වහන්සේ නමක් විසින් සම්පාදිතයි
Recent Comments