‘‘කඳුළක් උණන්නේ දෙනෙතක් ඇති නිසයි. බැණුමක් ඇසෙන්නේ දෙසවන් ඇති නිසයි. කුසගිනි දැනෙන්නේ මිය ගොස් නැති නිසයි. සැප දුක් දැනෙන්නේ සසරට ආ නිසයි. කහවත් දරන්නේ නිවනක් ඇති නිසයි…” පිින්වත් ස්වාමීන් වහන්සේගේ සටහන් පොතේ මැදට වන්නට තිබූ පිටුවක ඉහළින් ම එසේ සටහන් ව තිබුණි.
ජීවිතයක් ජීවත් කරවන්නට වෙර දරනවාටත් වඩා ජීවිතයක් සුවසේ ජීවත් කරවන්නට වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ. එයට හේතුව සැපය යනු අප විසින් සොයාගත යුතු දෙයක් ව පවතින නිසා ය. ඇතැම් විට කෙතරම් සොයා ගියත් සැපය ජීවිත කාලයක් පුරාවට ම නො ලැබෙන්නට ද ඉඩ තිබේ. ඇතැම් විට ඉතාමත් ම දුෂ්කර ලෙසත්, ඉතාමත් ම පහසු ලෙසත් සැපය අප කරා පැමිණේ. කෙසේ පැමිණියත් සිංහල අවුරුද්දට පැමිණෙන ඥාතියෙකු සේ ‘සැපය’ ඉතා ඉක්මනින් අප හැර දමා පිටව යයි. එවන් වූ තාවකාලික සැපයක් පසුපස දිව යන මුළු මහත් සත්ව ප‍්‍රජාව ම සැපය තාවකාලික බව නො දන්නේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා ය.
හිරු රැසින් පීඩා විඳි සත්වයෝ සැප සොයා සෙවණක් කරා යති. ශීතලෙන් පීඩා විඳි සත්වයෝ සැප සොයා උණුසුමක් කරා යති. එමෙන් ම පිපාසයෙන් පීඩා විඳි සත්වයෝ පැන් සොයා යන අතර කුසගින්නෙන් පීඩා විඳි සත්වයෝ අහරක් සොයා යති. වැස්සෙන් පීඩා විඳි සත්වයෝ සෙවිල්ලක් සොයා යන්නේ ද උණුසුමෙන් පීඩා විඳි සත්වයෝ සිසිලක් සොයා යන්නේ ද තවත් සත්ව කොටසක් රෝග පීඩාවන්ගෙන් පීඩා විඳි නිසා ඖෂධ සොයා යන අතරේ ය. මැසි මදුරුවන්ගෙන් සහ ලජ්ජාවෙන් පීඩා විඳි සත්වයෝ වස්ත‍්‍ර සොයා යන අතර හීනමානයෙන් පීඩා විඳි සත්වයෝ වස්ත‍්‍රයන්ට අමතර ව කය සරසා ගැනීමට ආභරණ සහ පැලඳුම් සොයා යති. සුවපහසුවෙන් ගමන් බිමන් යාමට කැමති සත්වයෝ රථ වාහන සොයා යන අතර ඇතැම් සත්වයෝ තවත් සත්වයන්ගේ පිට නැගී ගමන් බිමන් යති. සුවපහසුව සොයා යන සත්වයන්ට ශීත කාලයේ දී සුවය ලබා දුන් උණුසුම උෂ්ණ කාලයේ දී දුකක් බවට පත් වෙයි. උෂ්ණ කාලයේ දී සුවයක් ලබා දුන් සිසිලස ශීත කාලයේ දී ලැබුණ හොත් දුකක් බවට පත් වෙයි. යාන වාහන වස්ත‍්‍ර ආභරණ එක් අවස්ථාවක දී සුවයක් වුවත්, තවත් අවස්ථාවක දී පහසුවෙන් රැුකගැනීමට නො හැකි බරක් බවට පත් වෙයි.
තමාත් ඇතුළු ව මුළු මහත් දෙව් මිනිස් ප‍්‍රජාවත් සත්ව ප‍්‍රජාවත් දිනයක් පුරාවට සිදු කරන දේ සොයා බැලූවහොත් ඔවුන් සොයා යන්නේ සැපය යි. නමුත්, එ් සැපය ම තවත් අවස්ථාවක දී දුකක් බවට පත් වී තමා පීඩාවට පත් කරවන්නේ වෙස්මුහුණු පැලඳි පැරණි සතුරෙකු සේ ය. සසර පුරාවට ම අප කරා අනාරාධිතව ම පැමිණි පැරණි සතුරා යනු වෙන කිසිවක් නො වේ ‘දුක’ නම් වූ ස්වභාවය යි. එ් දුක ම ‘සැපය’ නම් වූ වෙස්මුහුණ පැලඳගෙන අප කරා පැමිණ සුළු මොහොතකින් වෙස්මුහුණ ගලවා සැබෑ ස්වභාවය පෙන්නුම් කරමින් පැරණි නර්තනය ම රඟදැක්වීම ඉතාමත් ම පීඩා ගෙන දෙන්නක් වේ. දුක ලෙස පැමිණෙන්නේත්, සැප ලෙස පැමිණෙන්නේත් දුක ම බව තේරුම් ගැනීමට අපට වැය වෙන කාලය සංසාරයේ අප ප‍්‍රමාද වූ කාලයට සමාන බව මා හට වැටහී යන්නට ගත්තේ එ් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සද්ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් පසුව යි.
‘‘බිනර මේ පොත තියාගන්න…! මේ පොත කියවන හැම වෙලාවක දී ම බුදුරජාණන් වහන්සේ ගැනයි පැහැදීම ඇතිකර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නො සිටියා නම් මේ පොතේ ගීතිකා, බජන්… වගේ දේවල් ඇරෙන්න වෙන කිසි දෙයක් ලියවෙන එකක් නෑ. මතකනෙ හඳපානෙ ගමනක් ගියා ම පින් දෙන්න ඕන හිරුට කියල මම කිව්ව කතාව..?” දළදා මාළිගාවෙන් පිටත් වෙන අතරේ මා අත කුඩා සටහන් පොතක් තැබූ උන්වහන්සේ එසේ පැවසූහ.
නිවසට පැමිණෙන අතරතුරේ දීත්, නිවසට පැමිණි පසුවත් සිත පුරා රැුව් පිළිරැුව් දුන්නේ විරාගී වූ බුදු වදන් ය. ආදරයක් සම්බන්ධයෙන් සිත කුල්මත් වූ දිනයේ නිවසට පැමිණි විට මුළු මහත් සිත ම අපහසුතාවයකින් පිපාසයකින් වෙළී ගියේ ය. නමුත්, විරාගී බුදු වදනක් ශ‍්‍රවණය කොට නිවසට පැමිණි විට දැනෙන ශාන්තිය කෙබඳු දැයි එය අත් නො විඳි අයෙකුට පහදා දීම ඉතාමත් ම අපහසු ය.
‘‘වෙලාවකට හිතෙනවා උන්වහන්සේ රහතන් වහන්සේනමක්වත් ද කියල. නැත්නම් එ්කාන්තයෙන් ම අනාගාමී වෙන්න ඕන…! සෝතාපන්නවත් නො වී නම්, මෙවන් සංවරයක් කාලාන්තරයක් පවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ…” සටහන් පොත අතට ගෙන හාන්සි පුටුවකට බර දුන් මම මට ම කියා ගත්තෙමි.
ඉතාමත් ම සීරුවෙන් පිටු පෙරළා සටහන් පරීක්ෂා කොට බැලූවෙමි. දිනපතා තැබූ සටහන් නො වුණත්, සෑම සටහනක් ම උන්වහන්සේගේ අඛණ්ඩ දිනචරියාවේ ජීවමාන මතක සටහන් ය. ඉතාමත් ම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගත් මම කිසියම් අධිෂ්ඨානයක් සිදු කොට පොත කියවීමට තීරණය කළෙමි.
‘‘මේ සියලූ සටහන් කියවීමෙන්… මා සිතේ බුදුරජාණන් වහන්සේ ගැන ම ප‍්‍රසාදය ඇති වේවා…! ශ‍්‍රද්ධාව තව තවත් ඇති වේවා…! තව තවත් ඇති වේවා…! තව තවත් ඇති වේවා…!” දොහොත් මුදුන් දී සිහිපත් කළෙමි. සඳු ඇති ? හිරු දැකීමට නම් එ් පිළිබඳ ව විශේෂයෙන් ම සිහිපත් කරන්නට සිදු වේ. නැති නම්, සෑම මොහොතක ම පෙනෙන්නේ ද පැහැදෙන්නේ ද සඳුට ම යි. පින්වත් ස්වාමීන් වහන්සේ පැවසූ දේ කොපමණ සත්‍යයක් ද! වැඩි වශයෙන් ම කවි ගී ලියැවී තිබෙන්නේ ද සඳුට ම යි. නමුත් එක ම තැනකවත්, හිරුට ප‍්‍රශංසා කොට නැත. එ් නිසා මම සෑම විටක ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමටත්, මා ලද සෑම සැනසීමක දී ම උන්වහන්සේට ප‍්‍රශංසා කිරීමටත්, එ් සඳහා උපකාර කළ කල්‍යාණමිත‍්‍රයන් වහන්සේලා කෙරෙහි කෘතඥතාවය රැුක ගැනීමටත් උත්සාහ කළ යුතු ය. එසේ කළහොත් සඳ එළියට වඩා ලොව දැකිය හැකි හිරු එළියක් කරා යාමට මට වාසනාව උදා වනු ඇත.
සටහන 1
භාවනා නො කරන සිතක් වසර ගණනාවක් තිස්සේ භාවිත නො කළ සෙවිලි දිරා ගිය නිවසක් වැනි ය. නිරතුරුව ම වැස්සෙන් තෙමී යයි. නමුත් භාවනාවට සූදානම් වීමෙන් ම ඔහු නිවස සෙවිලි කිරීම ආරම්භ කරයි. හැම දෙයක් ම ලේසියෙන් පහසුවෙන් කෙරෙන්නෙ නෑනේ. උපකරණ සියල්ල එකතු කරල මේ නිවස සෙවිලි වේවා සිදුරු වැසේවා කියල ප‍්‍රාර්ථනා කරත් කිසි ඵලක් නෑ. උත්සාහයෙන් වීර්යයෙන් නිවස සෙවිලි කර ගන්න ඕන. එ් වගේ පින් රැුස් කරල මේ පිනෙන් මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියල පත පත හිටියට ලැබෙන දෙයක් නෑ. යෝනිසෝමනසිකාරයත්, ධම්මානුධම්ම පටිපදාවත් සිහියත් නුවණත් වීර්යයත් යොදවමින් පුරුදු පුහුණු කරන්න ඕන. ඇත්තෙන් ම භාවනා කරන භික්ෂුව නිකමෙක් නෙවෙයි. යම් උතුම් ම දෙයක් කරන කෙනෙක්. සිවුරත්, මුඩු හිසත් දරාගෙන ඔහේ හිටියා කියලා එයා භික්ෂුවක් වෙන්නෙ නෑ. භික්ෂුවකට අයිති ප‍්‍රතිපදාවේ නිරත වෙන්න ම ඕන. කාමයන් අත්හරිමින් ජීවත් වෙන භික්ෂුවට තමයි සැබෑ ම භික්ෂුවක් වෙන්න පුළුවන්කම තියෙන්නේ.
සටහන 2
පිණ්ඩපාතෙ වැඩියා. ලස්සන තරුණ ගැහැනු ළමයෙක් පිණ්ඩපාතෙ පූජා කළා.
දෙවෙනි දවසෙත් පිණ්ඩපාතෙ වැඩියා. එ් ගැහැනු ළමයා අදත් පිණ්ඩපාතෙ පූජා කළා.
තුන්වෙනි දවසෙත් පිණ්ඩපාතෙ වැඩියා. ගැහැනු ළමයා පේන්න නෑ.
හතරවෙනි දවසෙත් පිණ්ඩපාතෙ වැඩියා. ගැහැනු ළමයා පේන්න නෑ. අසනීපයක් වත් ද!
පස්වෙනි දවසෙත් පිණ්ඩපාතෙ වැඩියා. ගැහැනු ළමයා පේන්න නෑ. ගමනක් වත් ගිහින් ද!
හයවෙනි දවසෙත් පිණ්ඩපාතෙ වැඩියා. ගැහැනු ළමයා පේන්න ඉන්නවා. මිදුල අයිනේ තිබූ ඉද්ද ගසකින් මල් වට්ටියක් කඩමින්. මා දුටු ඇය නිවසට දුව ගොස් අල තැම්බුමක් පූජා කළා. හ්ම්.. පින්වන්තියක්. ඇයට පෙම්වතෙක් නැතිව ඇති. තාමත් තනිකඩ හිතක් වගෙයි පේන්නේ..!
හෝව්.. හෝව්…! මට මොකට ද ඇගෙ පේ‍්‍රමය. මට මොකට ද ඇගෙ තනිකඩකම. මේ මොනවද මම කල්පනා කරන්නේ. දින හයක් ම මට ගත වුණා ඇගේ නිවසෙන් අල තැම්බුම අරගෙන එන්න. හැමදා ම ඇය පූජා කළෙත් එක ම දේ. එ්ත් හැමදා ම මම රැුගෙන ආවෙ ඇගේ දසුන. අල තැම්බුම පැය කීපයෙන් ජීරණය වෙනවා. එ්ත්, ආලයෙන් වෙලූන සිත ජීර්ණය නොවන ආහාරයක් වගේ. දින ගණනාවක් හිතේ පැටලි පැටලී අසහනයට පත් කරනවා.
බඩගිනි හිඟන දරුවෙක් හෝටලයක කෑම දෙස කෑදරකමෙන් බලන් ඉන්නවා වගේ දෙයක්, අනුන්ට අයිති ද නැද්ද යන වගවත් නො දැන පුද්ගලයන්ට බැඳී යන ආලය නම් වූ කාමය..!
හත්වෙනි දවසෙත් පිණ්ඩපාතෙ වැඩියා. අල තැම්බුමත් තවත් කුමක්දෝ කඩදාසියකින් වසාගෙන ඇය මා වෙත පැමිණියා. ඇගේ දෑත මත පෙනෙන්නේ ආහාර නො ව… එක් භික්ෂුවකගේ සාංසාරික ප‍්‍රමාදය යැයි මට සිතුණි. ඇය සිනහ මුසු මුහුණින් පිළිගන්වන්නේ ආහාර නො ව… එ්් භික්ෂුවකගේ සාංසාරික ප‍්‍රමාදය නිසා හිස මත තබා ගන්නට සිදු වන සතර අපා බර යැයි මට සිතුණි.
පාත‍්‍රයේ මුව දකුණු අතින් වැසුවෙමි. සිතින් සිතුවෙමි… ‘අල තැම්බුමත් එපා… සංසාර ගමනත් එපා… සසරට ම නැවත ඔබ මුණ නො ගැසේවා…’ පිණ්ඩපාත සක්මන සමාප්ත කරමින් නැවත අසපුවට පැමිණියෙමි.
නැවත කිසි ම දිනෙක ඇය නො දුටුවෙමි. මහා උගුලකින් ගැලවී ගියාක් වැනි ප‍්‍රීතියකින් සිත පිනා ගියේ ය.
මසකට පසු…
එම මාර්ගයේ ම පිණ්ඩපාතෙ වැඩියා. සිතට අහරක් ලැබෙන දසුනක්..! බොහෝ වයසට ගිය විවාහක යුවළක්. තව විදියකින් කීවොත් ආච්චි කෙනෙක් සහ සීයා කෙනෙක්. ආච්චි සීයට උදෑසන ආහාරය කවනවා. එ් අතරේ මා පැමිණි බව දුටු ආච්චි නිවසට ගොස් අපහසුවෙන් ඇවිද විත් පිණ්ඩපාතය පූජා කළා. නහර ඉල්පුණු රැුලි වැටුණු අතින් වෙව්ල වෙව්ල..
හත් වෙනි දවසෙවත් සිහිය ඉපදුණේ නැත්නම්, අනාගතේ දවසක නහර ඉල්පුණු රැුළි වැටුනු අතකින්, දත් නැති කටක පෙම්බර සිනහව භුක්ති විඳිමින්, සුද පෑදුන ආදරය පිරුණ දෙනෙත් දෙස බලාගෙන.. හකු බැහැපු මුහුණක් කුදු ගැහුණු සිරුරක් සහිත ඇයගෙන් බත් කටක් කන සීයා මම වෙන්න ඉඩ තිබුණා නේ ද!!!
සතුට තියෙන්නේ කාමය අත්හළ සිතේ පමණි. අවසානයේ සියල්ල අතහැර සදාකාලික සැනසීමක් හිමි වේ. කාමය අල්ලා ගත් සිතට ලැබෙන්නේ දිනෙන් දින පරණ වෙන දෙයක් පමණි. අවසානයේ සියල්ල අහිමි වී යයි. බොහෝ කල් දුක් පීඩාවන්ට ලක් වී සසර පුරා දුක තුළ ම ගිලී යයි.
සටහන 3
කාමය අතහැරීමට අසුභය පුරුදු කළෙමි. අතීත වර්තමාන අනාගත සියලූ ස්වභාවයන්හි අසුභය මෙනෙහි කළෙමි. බොහෝ පින් කොට අනාගත සසරේවත්, ස්ත‍්‍රී ඇසුරක් නො ලැබෙන්නේ නම් මා ඉතාමත් ම සතුටුයි. එ් රැස් කළ පිනෙන් මා හට සිහි නුවණ දියුණු කිරීමේ පහසුව ම උපදීවා!
සටහන 4
බලවත් ව රෝගාතුර විය. සිහිය රැුක ගැනීම පවා අපහසු වන තරමේ ශාරීරික වේදනා දැනෙන්නට විය. ඩෙංගු වැනි බලවත් උණ රෝගයක් මාගේ කය ආක‍්‍රමණය කළ බැවින්, දෛනික භාවනා ප‍්‍රතිපදාව සම්පූර්ණයෙන් ම විනාශ වී ගියේ ය. නමුත් හැකි සෑම විටක දී ම සිහියත් නුවණත් පවත්වා ගැනීමට උත්සාහ කළෙමි.
සටහන 5
දින ගණනාවකට පසු, සක්මන් මළුවට ගොඩ වුණෙමි. බොහෝ කලකින් භාවනා කර ගැනීමට අපහසු වූ නිසා සිත තුළ කණගාටුවක් පැවතිණ.
‘වන සතෙක් එළවගෙන ආව ම අමාරුවෙන් අමාරුවෙන් ගසකට නගින කෙනා එක පාරක් දෙපාරක් වුණත් පය ලෙස්සල වැටෙන්න පුළුවන්්. එ්ත් ගසට නගින්නෙ නැති ව බිම ඉඳ ගත් කෙනාට පය ලෙස්සලා වැටෙන එ් අමාරුව නෑ. නමුත් වන සතාගෙන් පහර කාලා ඊට වඩා වධ වේදනාවන්ට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ගස නැග්ග කෙනා තමයි පය ලෙස්සලා වැටුණ වේදනාව ඉවසගෙන ඊට වඩා මාරාන්තික වේදනාවකින් සදහට ම ගැලවෙන්නේ. අන්න එ් වගේ, මේ ප‍්‍රතිපදාව දියුණු කරන කෙනාට තමයි කඩා වැටීමක් වුණා ම වේදනාව දැනෙන්නේ. එ් වේදනාව ප‍්‍රතිපදාව දියුණු නො කරන කෙනාට නෑ. නමුත්, ප‍්‍රතිපදාව දියුණු නො කරන කෙනා සතර අපායට වැටිලා දරුණු දුක් පීඩාවන්ට ගොදුරු වෙනවා. වැටි වැටි නැගිටින දුක මේ ජීවිතේට පමණයි. ප‍්‍රතිපදාව දියුණු කරන කෙනා එ් දුක දරාගෙන මහා දුකකින් ගැලවෙනවා…’ සක්මන් කරන අතරේ මේ සිතුවිලි මා තුළ පැන නැඟිණ. එය තව තවත් මා තුළ වීර්යය ජනිත කරවන්නට සමත් විය.
සටහන 6
කිසියම් වගකීමක් පැවරුණු භික්ෂුවක් කණගාටුවෙන් සිටිනු දුටුවෙමි. දානය පවා නො වළඳා කල්පනාවේ ම කල් ගත කළ උන්වහන්සේ දුටු මම එ් වෙත ගොස් කතා කළෙමි.
‘‘ආයුෂ්මතුන් වහන්සේ ප‍්‍රශ්නයක වගේ…?”
‘‘පින්වත් ස්වාමිනී…, මට ගුරු දේවයන් වහන්සේ හොඳට ම අවවාද කළා. තදින් ම අවවාද කළා. ගෙවල් දොරවල් අතෑරලා ප‍්‍රියයන්ගෙන් වෙන් වෙලා මම ආවෙ උන්වහන්සේගෙ පිළිසරණ සොයාගෙන. උන්වහන්සෙ මෙහෙම බැණ්න ම මට කිසි දෙයක් ඉතිරි වෙන්නෙ නෑ. උන්වහන්සෙ මාත් එක්ක තරහයි. මට මේ හැම දේ ම එපා වෙලා තියෙන්නේ. මට යන්න ම හිතෙනවා දැන් සිවුර දාලා..!”
‘‘ආයුෂ්මතුන්. මාපියන්ගෙන් වෙන් වෙලා ප‍්‍රියයන්ගෙන් කැමැත්තෙන් ම වෙන් වෙලා එන්න ඕන බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ සොයාගෙන යි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තමන්ගෙ හරි වැරැුද්ද පෙන්වල කළ යුතු නො කළ යුතු දේ පෙන්වල දෙන මාර්ගය පහදල දෙන කෙනා තමයි ගුරුවරයා. ගුරුවරයා ගැන සිත අපහදවගත්තට කමක් නෑ උන්වහන්සේත් බුදුරජාණන් වහන්සේට එරෙහි වුණා නම්. නමුත්, හොඳට හිතල බලන්න… ආයුෂ්මතුන් වහන්සේට ලැබුණු අවවාදය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකඟයි නේ ද? බුද්ධ ශාසනයේ ආයුෂ්මතුන් ව රඳවා ගන්න උදව් වෙනවා නේ ද?”
‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස… උන්වහන්සේ කිව්වෙ නම් ඇත්තක්. ඉතින් එ්ක මට ආදරෙන් කියන්න තිබ්බනේ… ඇයි මෙච්චර මට බැණ්නේ…”
‘‘අනතුර බොහොම ළං වුණා ම ආදරෙන් කිය කිය ඉන්න වෙලාවක් නැති වෙන්නත් පුළුවන්. වාහනයකට හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි… ‘පින්වත… කරුණාකර අසන්න. ඔබ වෙත දැන් වාහනයක් පැමිණේ. ඉතා ඉක්මනින් මාර්ගයේ පසකට වන්න…!’ කියල ආදරෙන් කියන එක ද හොඳ? නැත්තන්.. හැකි තරම් ශබ්ද නගා වැරෙන් ‘බලාගෙන හැප්පෙයි.. අයිනට වෙයං..’ කියලා සැර වචනෙන් කියන එක ද හොඳ..!”
‘‘එ් වෙලාවට නම් ස්වාමීන් වහන්ස.. ආදරෙන් කියද්දි අනතුර එ් තරම් සැර නෑ කියල හිතෙන්න පුළුවන්. හැබැයි සැරට ශබ්ද නගා කියනකොට නං විදුලිසරක් වගේ ආපස්සට පැනල බේරෙන්න හිතෙනවා. අනතුර බොහොම ළඟ බව දැනෙනවා සැරෙන් සද්දෙන් කීව ම…”
‘‘ඉතිං එ්කනෙ. ආයුෂ්මතුන් ව ඉක්මනින් අනතුරෙන් ගලවගන්නයි. සැරෙන් තදින් අවවාද කළේ…”
‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. මට දුක උන්වහන්සේ කාලයකට කලින් මං ගැන හරිම පැහැදීමෙන් හිටියා. මට බොහොම ප‍්‍රශංසා කළා. අද මට ලැබුණෙ උන්වහන්සේගෙන් නින්දාවක් දුකක් පමණයි…”
‘‘ආයුෂ්මතුන් වහන්ස. මම මේ කියන දේ තුන් පාරක් කියවගෙන හිතේ මතක තියාගන්න. ප‍්‍රශංසාව කියන්නේ් කෙනෙක්ගේ හිතේ හටගන්න සිතිවිල්ලක් වචනයකට පෙරළී යාමක්. එ් වගේ ම නින්දාව කියන්නේත් කෙනෙක්ගේ හිතේ හටගන්න සිතිවිල්ලක් වචනයකට පෙරළී යාමක්. නින්දාවත් ප‍්‍රශංසාවත් බාහිර අයගේ සිතේ හට ගන්න දේවල් නම්, බාහිර අයගේ සිතේ හටගන්න දේවලට අපි ඇලී යන්නේත් ගැටී යන්නේත් ඇයි? බාහිර පුද්ගලයින්ගේ හිතේ හටගන්න දේවල් නිත්‍ය නෑනේ. තමන්ගේ වගේ ම බාහිර අයගෙ සිතිවිලිත් අනිත්‍ය වෙලා යනවා. එ් නිසා කවදාවත්, ප‍්‍රශංසාවට කැමති වෙන්න එපා. නින්දාවට ගැටෙන්නත් එපා. එ් සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන්න. වැස්සටත් අව්වටත් අපි බණින්නේ අහස දිහා බලාගෙන. එ්්ත් අව්වවත් වැස්සවත් දෙන්නේ අහස නෙවෙයි. එ් අහසෙ අව්වවත් වැස්සවත් ගෑවිලා නැ. අන්න එ් වගේ නින්දාවත් ප‍්‍රශංසාවත් කියන දෙකට ම අපේ හිතේ ගෑවෙන්න දෙන්න එපා. හැම වෙලේ ම කල්පනා කරන්න නින්දාව ලැබූ තමන්ගේ වරදට හේතුවත්, ප‍්‍රශංසාව ලබන්න තමන්ට උපකාර කළ අයත් ගැන. නින්දාවට හේතුව නැති කරන්න… ප‍්‍රශංසාව ලබන්න හේතු වුණ උදව් වුණ අයට කළගුණ සලකන්න. කිසි දෙයක් තමන්ගේ හිතේ අලවගන්න එපා.”
‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස.. මගේ හිතට විශාල සැනසීමක් ලැබුණා.. ස්වාමීන් වහන්සේට බොහෝමත් ම පින්…”
බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මා උගත් සියල්ලත්, ගුරු ගෞරවයත් පෙරටු කරගෙන සබ‍්‍රහ්මචාරීන් වහන්සේනමකට උපකාරයක් කොට පින් රැුස් කර ගත්තෙමි.
සටහන 7
සියලූ සතුන් වෙත මෙත්, කරුණා, මුදිතා, උපේක්ෂා පතුරවමින් වාසය කළෙමි. පසුගිය සති දෙක පුරාවට ම අවෛර සිත පුරුදු කළෙමි. හිංසාව අතහරිමින් කරුණාව පුරුදු කළෙමි. භික්ෂූන් වහන්සේලාගේ ද ගිහි පින්වතුන්ගේ ද මෙලොව පරලොව යහපත දකිමින් මුදිතාව පුරුදු කළෙමි. කර්මය ගැන සිහිපත් කරමින් උපේක්ෂාව පුරුදු කළෙමි. සතර ඉරියව්වේ ම මේ ගුණයන් රඳවා ගැනීම පිණිස බොහෝ වත් පිළිවෙත් කළෙමි. සංඝයාට පහසුවක් වෙන සෑම දෙයක් ම සිදුකර දුන්නෙමි. ගිහි පින්වතුන්ගේ යහපත පිණිස ධර්මය දේශනා කළෙමි. මා ද ඇතුළු සියලූ සත්වයන් අරමුණු කරගෙන සියලූ දෙනාගේ කර්ම දායාදය සිහිපත් කරගෙන සිත මධ්‍යස්ථ කර ගනිමින් උපේක්ෂා භාවනාව වැඩුවෙමි. ගෙවී ගිය සති දෙක ඉතාමත් ම ප‍්‍රීතිමත් සති දෙකක් විය. භාවනාවට පැමිණි සෑම බාධාවක් ම එ් එ් ගුණධර්මවල උපකාරයෙන් ජයගත්තෙමි.
‘බුද්ධානුස්සතිය’ දින කීපයක් වැඩිපුර වඩන්නයි කල්පනාව…!
සටහන 8
බොහොම හිතවත් දායක මහත්මයෙකුගේ අවමංගල්‍යයක් සිදු වෙලා. එ් සඳහා ගුරු දේවයන් වහන්සේත් සමඟින් භික්ෂූන් වහන්සේලා විසිනමක් පමණ වැඩම කළා. එ් අතරේ මටත් ආරාධනා කළ නිසා සිවුරු පොරවගෙන වාහනයට නැග්ගා.
මේ ජීවිතය පුදුමාකාරයි. විවාහ වී වසර 38 යි. අවුරුදු 35ක පුතෙකුත් මුණුපුරන් දෙදෙනෙකුත් සිටින අවුරුදු 64ක මහත්මයෙක්. බිරිය තවමත් ජීවතුන් අතර. ගිහි ජීවිතයක අවසානය මෙය ද? රැුස්කළ සියලූ දේ ආදරණීය බිරිය සහ දරු මුණුපුරන් සියල්ල මෙලොව තනි කර හුදෙකලාවේ ම අලූත් උපතක් කරා යාමට සිදු වුණා. පරලොව දී දුක සැප පිණිස ඉතිරි වුණේ මෙලොව දී රැුස් කළ පිනත් කුසලයත් පමණයි.
ගිහි ජීවිතය කෙසෙල් කඳක් වගෙයි. ඉක්මනට වැවෙනවා. සිසිලට දිලිසෙමින් ලස්සනට වැවෙනවා. එ්ත් පරණ වෙන්න වෙන්න පරඬැල් ටික පමණයි ඉතිරි වෙන්නේ. ගස මිය ගියාට පස්සේ ඉතිරි වෙන කොටසකින් කිසි ම වැදගත් ප‍්‍රයෝජනයක් නෑ. එ් වගේ ම ගිහි අයත් බොහොම ලස්සනට ජීවත් වෙනවා. යාන වාහන මුදල් හදල් සැප සම්පත් ආදි කාමයේ කිසි අඩුවක් නෑ. හැබැයි වයසට යන්න යන්න අවලංගු කාසියක් වගේ. මරණයට පත්වුණා ම එ් ශරීරයෙන් කිසි කෙනෙක්ට ප‍්‍රයෝජනයක් නෑ. මරණින් මතු ඥාති පරම්පරා තුනකින් මුළු ලෝකෙට ම අමතකයි.
පැවිදි ජීවිතය සඳුන් ගසක් වගෙයි. හෙමිහිට තමයි වැවෙන්නේ. අමාරුවෙන් ගොරෝසු අතු ඉති සහිත ව වැඩි ලස්සනක් නැති ව වැවෙනවා. එ්ත් පරණ වෙන්න වෙන්න සඳුන් ගසේ වටිනාකම වැඩි වෙනවා. අරටුව පෑදුනාට පස්සේ වටිනාකම කියල නිමකරන්න බෑ. ගස මිය ගියාට පස්සේ ඉතිරි වෙන අරටුව බොහෝමත් ම සුවඳයි. බොහෝ ප‍්‍රයෝජන පිණිස පවතිනවා. එ් වගේ ම පැවිදි අයත් බොහොම අමාරුවෙන් තමයි සිල් ගුණදම් දියුණු කරන්නේ. ඉතා ම බලවත් වීර්යයකින් තමයි අකුසල් ප‍්‍රහාණය කරල කුසල් රැුකගන්නේ. බාහිරට ලොකු ලස්සනක් වෙනසක් නො පෙණුනත් එ් උතුමන්ගේ අභ්‍යන්තරයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උපන් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් නම් වූ සුවඳැුති සඳුන් අරටුව මෝරලා තියෙනවා. උන්වහන්සේලා තමයි යම් දවසක රහතන් වහන්සේලා බවට පත්වෙන්නේ. එවන් රහතන් වහන්සේනමක් පිරිනිවන් පෑ පසුවත් එ් ශරීරය බොහෝ දෙනාට හිතසුව පිණිස පවතිනවා. රහතන් වහන්සේලාගේ ශරීර අස්ථි කොටස් ධාතුන් වහන්සේලා ලෙස වන්දනාමාන කරන දෙව් මිනිස් සැමට මෙලොව පරලොව සැනසීම ලැබෙනවා. යුගයෙන් යුගයට වසර සිය දහස් ගණනක් පුරාවට එ් රහතන් වහන්සේලා ගැන ලෝකයට ම මතක තියෙනවා. ආදරයෙන් සිහිපත් කරනවා.
කෙසෙල් ගසක් නො වී සඳුන් ගසක් වෙන්න පුළුවන් තරමේ පිනක් මටත් තිබුණොත්…!
සටහන 9
උතුම් පැවිදි ජීවිතයක් කැමති සියලූ දෙනා ම චූල අස්සපුර සූත‍්‍රයත්, මහා අස්සපුර සූත‍්‍රයත්, චාතුම සූත‍්‍රයත්, රට්ඨපාල සූත‍්‍රයත් කටපාඩමින් මතක තියාගන්න ඕන. 41 වෙනි වතාවටත් එ් සූත‍්‍ර හතර අද කියෙව්වා.
සටහන 10
මේ හැම සටහනක් ම නැවත නැවත කියවද්දී මට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. මම හැමදා ම අලූතෙන් ඉපදෙනවා වගේ… හැමදා ම අලූතෙන් පැවිදි වෙනවා වගේ. හැමදා ම අලූතෙන් ගුරු දේවයන් වහන්සේ සොයා එනවා වගේ… පුදුමාකාර සැනසීමක් දැනෙනවා. ධර්මයෙන් තබන සෑම පියවරක් ම සිහි කිරීම පවා සැපයක්. අධර්මයෙන් තැබූ සෑම පියවරක් ම සිහි වීම පවා දුකක්. මෙලොව වසනා සියලූ සත්වයන්ගේ සියලූ පියසටහන් ධාර්මික ම වෙත්වා…! සුගතිගාමී ම වෙත්වා…!! නිර්වාණගාමී ම වෙත්වා…!!!
මතු සම්බන්ධයි….
ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.
මහාමේඝ 2015 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK
මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර
මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68
Recent Comments