කාම රාගය මුල් කරගෙන සමාජයේ අයහපත් ජීවිත ගත කරන අය මෙලොව දී ම අඳුරට යන බව පසක් කර දීමට කාලයේ වැලි තලාවෙන් වැසී ගිය කිරඹකන්ද ඝාතනයේ පුවත කදිම නිදසුනකි. එදා මිය ගිය කිරඹකන්ද දරුවා එ් අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ නො දී ජීවත් ව සිටියා නම් අද වන විට ඔහු අවුරුදු 60ක් ඉක්මවූ පුද්ගලයෙකි. එම අහිංසක ජීවිතය බිලි ගැනීමේ පාප කර්මය නිසා ඊට වගකිව යුතු වූවන් මෙලොව දී ම අනන්ත දුක් පීඩාවන්ට මුහුණ දුන් අතර මරණින් මතු බිහිසුණු නිරා දුක්වලින් කාලාන්තරයක් පීඩා විඳීම වැළැක්විය නො හැකි ය.

බන්ධනාගාරයෙන් පිටත වූ හමු වීම
සාපරාධී චෝදනා මත බන්ධනාගාරගත ව සිට ඉන් නිදහස් ව සමාජයේ යහපත් ජීවිතයක් ගත කරන්නෙකුගේ පුවතක් මෙවර මහාමේඝයෙන් ඔබ වෙත හෙළිදරවු කරන්නට මට සිත් විය. බන්ධනාගාර නිලධාරියෙකුගේ සහායෙන් ලද තොරතුරු මත හමුවීමට වේලාවක් දුරකථන ඇමතුමකින් කතිකා කරගෙන පානදුර ප‍්‍රදේශයේ එක්තරා නිවසකට මා ගියේ මරණීය දණ්ඩනයට නියම වී සිට පසු ව බන්ධනාගාරයෙන් නිදහස් ව මනා ලෙස සමාජගත වී ඇති අඹුසැමි දෙපලක් වන ගාමිණී ගමගේ මහතාත්, දමයන්ති ගමගේ මහත්මියත් මුණගැසීමට ය.

ජීවිතයට දැමූ අත්තිවාරම
තම නම් ගම් ආදිය වෙනස් නො කොට එ් අයුරෙන් ම පළ කරන්නැයි ස්වේච්ඡුාවෙන් ම සහ ඕනෑකමින් ම කියා සිටි බැවින් එම දෙපලගේ පුවත ඔවුන් මා හට කියා සිටි ආකාරයෙන් ම ඔවුන්ගේ පෞද්ගලිකත්වයට අගතියක් නොවන අයුරෙන් දක්වන්නට වෑයම් කරමි. ගාමිණී මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බෙලිඅත්ත ප‍්‍රදේශයේ ඉතා වැදගත් පවුලක සාමාජිකයෙකි. ගමේ පාසලේ ප‍්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ව දකුණු ලංකාවේ ඉතා විශිෂ්ට විද්‍යායතනයක් වන දික්වැල්ල විජිත මැදි මහ විදුහලෙන් උසස් අධ්‍යාපනය ලබා අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සම්මාන තුනක් සහිත ව විෂයයන් හතරෙන් ම සමත් වුවත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තරම් ප‍්‍රමාණවත් ලකුණු ඔහුට ලැබී නැත. එ් නිසා අධ්‍යාපන කටයුතු එතැනින් අවසන් කළ ඔහු තම සුදුසුකම් හා හැකියාවන් මත රැුකියාවක් ලබා ගැනීමට උත්සාහ ගෙන ඇත. මුලින් ම ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාතර රුහුණු සේවයේ සහන නිවේදකයෙකු ලෙස රැුකියාවකට ඇතුළත් වූ ගාමිණී මහතා ස්වකීය දක්ෂකම් පෙන්වමින් වසර දෙකක් එහි සේවය කොට ඇත. එවකට වෙළෙඳ, වාණිජ හා නාවික කටයුතු අමාත්‍යංශය යටතේ නැවියෙකු ලෙස සේවයට බැඳුනු ඔහුට ශිෂ්‍යත්වයක් මත ඕලන්දයේ අවුරුද්දක කාලයක් පුහුණු වීමට අවස්ථාව සැලසුණි. 1983 වර්ෂයේ උතුරේ යුද ගිනි ඇවිළීමත් සමග ඔහු නාවික හමුදාවට අනුයුක්ත කරනු ලැබිණි. මේ කාලය තුළ දී තම නාවික සගයෙකුගේ ඥතිවරියක වූ දමයන්ති මහත්මිය මුණගැසුනු අතර ඇය සමග 1988 වර්ෂයේ දී විවාහ විය.

පවුලට ආර්ථික – සමාජයීය දියුණුව
මේ වන විට සැලකිය යුතු මුදලක් ද රැුස් කර ගෙන තිබුණු බැවින් 1989 වර්ෂයේ දී නාවික හමුදාවේ සේවා ගිවිසුම අවසන් කොට තම බිරිය ද සමග ගම් ප‍්‍රදේශයේ පදිංචියට ගියේ ය. බෙලිඅත්ත ප‍්‍රදේශයේ බණ්ඩාරවත්ත ගමේ ප‍්‍රධාන පාරට යාබද ඉඩමක් මිලට ගෙන සැලකිය යුතු හොඳ තත්ත්වයේ නිවසක් තනාගෙන එහි පදිංචිය ගත්තේ ය. නිවසේ පිහිටීම ඉතාම වාසිදායක වුණේ එය බණ්ඩාරවත්ත කඩපොළ ආසන්නයේ තිබීම නිසා ය. හොඳ ව්‍යාපාරික අවස්ථාවක් ගැන සිතූ ඔහු තම මාමණ්ඩියගේ දැනුම ද දායක කරගෙන විදුලිය පෑස්සුම් වැඩපොළක් නිවසේ ම ආරම්භ කළේ ය. ප‍්‍රදේශයේ වෙනත් පෑස්සුම් වැඩපොළක් නො තිබුණ හෙයින් සෑහෙන කාර්ය බහුල තත්ත්වයක් ඇති වුණු අතර ඔහුගේ අත මිට ද සරුවිය.

ගමට උපකාර ඇති පවුලක්
ප‍්‍රධාන මාර්ගයේ සිට ගම්මණ්ඩියට යාමට තිබුණ ගම් සභා පාර වැටී තිබුණේ තම නිවස හා වැඩපොළ පිහිටි ඉඩම අද්දරිනි. ගාමිණී කුඩා කල සිට හැදුණු වැඩුණු තම දෙමව්පියන්ගේ මහගෙදර තිබුණේ ද ප‍්‍රධාන පාරේ සිට කිලෝ මීටර් දෙකක් පමණ ඈත පිහිටි එකී ගම්මණ්ඩියේ ය. පර්චස් 100ක් පමණ විශාල වූ තම ඉඩම තුළ එම ගම් වැසියන්ට තවත් සේවාවක් ලබා දීමට ඔහුට හැකි වුණේ ආරක්ෂා සහිත ව වාහන නවත්වා තැබීමට එහි ඉඩ සැලසීම නිසා ය. විශේෂයෙන් පොළ පැවැත්වෙන දිනවලත්, සෙසු දිනවලත් ගමෙන් ප‍්‍රධාන පාරට සහ නගරයන්ට යාමට බස් රථයකට නගින්නට වුවමනා අය තම පාපැදියෙන්, යතුරු පැදියෙන් හෝ අත් ට‍්‍රැක්ටරයෙන් පැමිණ එ්වා නවත්වා යන්නේ ගාමිණිගේ මිදුලේ එ් සඳහා වෙන්කර දුන් ස්ථානයේ ය. තමා එ් සේවාව සැපයුවේ මුදල් සෙවීමේ අරමුණෙන් නො වූ බවත් ගමේ මිනිස්සුන්ට සේවාවක් සැලසීමේ අරමුණෙන් බවත් ගාමිණී මහතා පැවසී ය. මේ දෙපලට මේ වන විට දරුවන් දෙදෙනෙකු ද ලැබුණු අතර ඉතා හොඳ සමාජ තත්ත්වයක් පවත්වාගෙන ගම් ප‍්‍රදේශයේ යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට තරම් හොඳ පසුතලයක් ඇති විය. අමාරුකම්වලට මුහුණ දුන් ගමේ අයට පුළුවන් ආකාරයෙන් උදවු උපකාර කිරීම නිසා ඔහුට හොඳ කීර්තියක් ද ඇති විය. ගමේ පන්සලේ කටයුතුවලට මුදලින් මෙන් ම සහභාගිත්වයෙන් ද සහාය දැක්වූ ඔවුහු හොඳ දායක පවුලක් බවට ද පත් විය.

ඈලියාවට ගිය උපකාර
එකී ගම්මණ්ඩියේ ම තම මහ ගෙවල් ආසන්නයේ පවුලක කුඩා කාලයේ සිට හොඳින් දන්නා කෙනෙකු වන කමල් (මන:කල්පිත නමකි* ගාමිණී මහතාගේ වැඩපොළේ නිතර ගැවසෙන පුද්ගලයෙකි. හරි හැටි රැුකියාවක් නැතත් යාබද ගමක මැරවරයෙකුගේ ගෝලයෙකු බවට පත් ව කටයුතු කිරීම නිසා නැගී එන ගමේ චණ්ඩියෙකු බවට නමක් ලබාගත්තේ ය. එකී මැරවරයා සමග විවිධ යාකාරකම්වල නිරත වී ගමට පැමිණි විට නොවරදවා ම ගාමිණීගේ වැඩපොළේ පැය ගණන් ගත කිරීම ඔහුගේ පුරුද්දක් විය. කෙසේ වුවත් ගාමිණී ඔහු අතේ දුරෙන් තබා ගැනීමට අමතක නො කළේ ය. තම වැඩපොළ තුළ කමල්ගේ ගැවසීම ගාමිණීට එතරම් ගැටලූවක් නො වුණත් එය ගම් ප‍්‍රදේශයේ අයගේ මැසිවිලිවලට හේතුවක් විය. විවෘත ව චණ්ඩිකම් පාමින් බය නැති බවත් පෙන්වුවත් කමල් නිතර ම සිට ඇත්තේ බයෙන් බැවින් ගාමිණීට මහත් හිසරදයක් වී තිබුණේ නිති පතා ම තම පාපැදියෙන් හෝ යතුරු පැදියෙන් ඔහු ගෙදර කැන්දාගෙන ගොස් ඇරලීමට සිදු වීම නිසා ය. මේ කාරණය පිළිබඳ ව බොහෝ විට ගම්වාසීන්ගෙන් ගාමිණී වෙත නොසතුට පළ කෙරී ඇත්තේ කමල්ගේ අයහපත් කල්ක‍්‍රියාවට එය අනුබලයක් වූ බැවිනි. කමල්ගේ මවට විවාහ තුනක දරුවන් සිට ඇති බැවින් ලොකු දරු පවුලක සාමාජිකයන් අතරේ දේපළ ආරවුල් නිතර ඇති විය. එම ගෙදර පවුල් තුනේ සහෝදරයන් අතර නිතර සණ්ඩු-සරුවල් සහ ගුටි-බැට පැවතුණි. එ් හැම එකකට ම වාගේ මැදි වන්නේ ඔවුන්ගේ මව ය. දිනක් කමල්ගේ ගෙදර ලොකු කෝලාහලයකි. එ් කමල් අම්මාගෙන් මුදල් ඉල්ලා කරන ලද අරගලයකි. තම මෑණියන්ට පහර දී පොරොවක් ගෙන අල්මාරියට ගසා එය දෙපළු කොට මුදල් ගෙන ගොස් ඔහු මත්පැන් බී ඇත. අම්මා තමාට කරන ලද කරදරය පිළිබඳ ව පුතාට විරුද්ධ ව පොලීසියේ පැමිණිල්ලක් කොට ඇත.

නො සිතූ-නො පැතූ කරදරයක්
පසු දා පහන් විය. ගාමිණී එදින උදෑසන ම වැඩපළට බඩු වගයක් මිලට ගැනීමට මාතරට ගොස් ඇත. මේ අතර කමල්ගේ මව විසින් කරන ලද පැමිණිල්ල මත පරීක්ෂණයක් කිරීමට බස් රථයෙන් පැමිණි පොලිස් නිලධාරියාට ගම් ගොඩට යාමට පිළිවෙළක් නොමැති වීමෙන් ගාමිණීගේ වැඩපොළට පැමිණ උපකාරයක් ඉල්ලා ඇත. ගාමිණී ද නිවසේ නො සිටි බැවින් යාබද නිවසේ පදිංචිකරුවෙකු වන පුංචි මහත්තයා නැමති අය ඉදිරිපත් වී මිදුලේ නවතා තිබුණු යතුරුපැදියක් මත පොලිස් නිලධාරියා නංවාගෙන පැමිණිල්ල විභාග කිරීමට ගෙන ගොස් ඇත. පොලිස් නිලධාරියා පැමිණ ආරවුල විභාග කොට කට උත්තර සටහන් කොට ගෙන කමල්ට පොලිසියට එන ලෙස දන්වා ගොස් ඇත.

මැරවරකමේ ආදීනව
මේ කාරණයෙන් කමල් සහ අම්මා අතර පැවති අමනාපය වෙනත් අතකට යොමු විය. පොලිසියේ රාළහාමිට තම නිවසට යාමට යතුරු පැදියක් දුන්නේ ඇයි දැයි කෝපයෙන් විමසමින් පැමිණි කමල්ගේ වෙනස් වීම ගාමිණීට අමුත්තක් විය. බීමත් ව පැමිණ නොයෙකුත් වහසිබස් දොඩමින් කෑ ගැසූ කමල් ගාමිණීගේ කම්මුල හරහා වැරෙන් පහරක් ගැසුවේ ඔහු ආරවුලකට කැඳවමිනි. තම ගණන්කාරකම පෙන්වීම මෙන් ම, ගාමිණීගේ දියුණුව පිළිබඳ ඇති කරගෙන තිබුණු ඊර්ෂ්‍යාව ද මෙහි දී ඉස්මතු වී ඇත. ගාමිණීට හිතවත් අසල්වාසීන් වහ වහා එ්කරාශී වීමත් සමග කමල් සෙමෙන් පසු බැස පරුෂ වචනයෙන් බැණ වදිමින් ගම්සභා පාර දිගේ තම නිවස කරා ගොස් ඇත. සියලූ දෙනාගේ ම උපදෙස් මත ගාමිණී පසු දා උදෑසන ම පොලිසියට ගොස් පෙර දා සිදු වූ සිද්ධිය කියා මතු ආරක්ෂාව සඳහා පැමිණිල්ලක් කොට ගෙදරට ගොඩ විය. එදින බණ්ඩාරවත්ත පොළ දිනය විය. පාරේ බොහෝ සෙනග ය. මිදුල පුරා ම පා පැදි, යතුරු පැදි, අත් ට‍්‍රැක්ටර් ආදිය නවතා තිබුණි. නිවසෙන් බඹ කීපයක් පසුපසින් තිබුණු වැසිකිළියේ සිටි ගාමිණීට තම බිරියගේ කෑගැසීමක් ඇසුණි. එ් අසා එළියට ආ ගාමිණී දුටු කමල් එක්වර ම කියා ඇත්තේ ‘‘අර ප‍්‍රශ්නය ඉවරයක් කරන්නයි ආවේ” කියා ය. පෙර දා සිද්ධිය බීමත්කම නිසා සිදු වූවක් ය, එදින ඔහු පැමිණ ඇත්තේ සාමයෙන් කතා කොට ගැටලූව අවසන් කරන්නට ය සිතා ගාමිණී ඔහු වෙත එත් ම කමල් වැරෙන් පහරක් ගසා ඇත. ඊ ළඟට ගාමිණීගේ බඩට ගැසූ දැඩි පහරින් ඔහු විසි වී වැටුණි. ඉන් නො නැවතුණු කමල් තම කකුලේ සඟවාගෙන පැමිණි පිහියක් ඇද ඉන් අණින්නට පැන ඇත. පිහිය සහිත අතේ එල්ලී බිරිය විසින් කරන ලද වැළැක්වීම නිසා තම ජීවිතය බේරුනු නමුත් ඇයගේ අත කැපී ලේ වැගිරෙමින් තිබුණ බව ගාමිණී කියයි. තමාගේ ජීවිතයට ඇති වූ තර්ජනය දුටු වැඩපළේ සිටි නැන්දාගේ පුතෙකු යකඩ පොල්ලක් ගෙන පසු පසින් පැමිණ ගැසූ පහරින් කමල් මිදුලේ ගොඩ ගසා තිබුණු ගල්ගොඩක් උඩට වැටී ඇත. රෝහලට ගෙන ගිය කමල් එහි දී මිය ගොස් ඇත.

නීතිය ක‍්‍රියාත්මක වීමේ විනිවිද භාවය
යම් යම් සබඳතා මත, නිසි පරිදි රාජකාරී නො කොට සාක්ෂි නිර්මාණය කොට තම පවුලේ පස් දෙනෙකු ම කරදරයට පත් කළේ යයි ගාමිණී නීතිය ක‍්‍රියාත්මක කරන අංශවලට චෝදනා කළේ ය. කමල් ඝාතනය කළේ යයි ගාමිණී, ඔහුගේ භාර්යාව දමයන්ති, ගාමිණීගේ මව සහ මල්ලිලා දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන නඩු පවරා ඇත. නඩු විභාගය අවසානයේ දී මාතර මහාධිකරණයෙන් පවුලේ පස් දෙනාට ම
මරණීය දණ්ඩනය නියම විය. අභියාචනාධිකරණයේ විභාගයෙන් පසු ව මව සහ සහෝදරයන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරනු ලැබුවත් ගාමිණීටත්, බිරියටත් අවුරුදු පහ බැගින් සිර දඬුවම් නියම විය. බන්ධනාගාරයේ දී පිරිමි අංශයේ ගාමිණී සිටි අතර කාන්තා අංශයේ භාර්යාව සිට ඇත.

ගම්බිම් අහිමි විය
මෙම සිද්ධියේ නඩුවෙන් ඇප ලබා නිවසට යන ඔවුනට දැක ගත හැකි වී ඇත්තේ සියල්ල දැවී අළු වී ගිය නිවසේ බිත්ති පමණි. කමල්ගේ මරණින් පසු ගාමිණීගේ පවුලේ අය අත්අඩංගුවට පත් වූ විට කමල් සම්බන්ධ වී සිටි මැර කල්ලියේ මැරවරයා සහ සගයන් පැමිණ ගාමිණීගේ නිවස සියලූ බඩුමුට්ටු සමග බෝම්බ ගසා ගිනිබත් කොට ඇත. ගමේ ජීවත් වීමට ඔහුට සහ පවුලේ අයට මේ වන විට හැකි පරිසරයක් නො තිබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස දැනට ඔවුන් පදිංචි ව සිටින පානදුරේ ඉඩම මිලට ගෙන නිවසක් තනාගෙන 2002 වර්ෂයේ දී එහි පැමිණ ඇත. මේ කාලය තුළ ජ්‍යොතිෂය සහ භූත විද්‍යාව හැදෑරූ ඔවුන් දෙපල නිවසේ දේවාලයක් ද තනා ගෙන තම ජීවන මග වෙනස් ම අතකට හරවා ඇත. ඇප මත සිටි කාලයේ දී ඇරඹි එම කර්මාන්තය නැවත බන්ධනාගාර ගත වීමත් සමග අඩාල වූ අතර බන්ධනාගාරය තුළ දී වුව ද පිරිත් කීම, බෝධිපූජා ආදි ශාන්ති කර්ම පැවැත්වීම මගින් දුකට පත් වූ බොහෝ අයට තමා සහ බිරිය පිළිසරණ වූ බව ගාමිණී මහතා කියයි. යහපත් කල්ක‍්‍රියාව හේතුවෙන් බන්ධනාගාර ගත ව සිටිද්දී ම ගාමිණී මෝටර් ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ රැකියාවකට රැකියා ගන්වා ඇත.

බන්ධනාගාරය තුළ ගත කළ යහපත් කල්ක‍්‍රියාව නිසා අවුරුදු දෙකකින් පසු ව ඔවුනට නිදහස ලැබී මේ වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ දී තම නිවසට පැමිණ ඇති අතර එතැන් සිට නැවත තම සුපුරුදු ජීවනෝපාය මාර්ගය සේවාවක් වශයෙන් ඉටු කරන බව ගාමිණී මහතා කියා සිටී.

මෙලොව දී ම වූ පාඩු
මේ සිද්ධිදාමය නිසා ඔවුනට ඉතා වෙහෙස මහන්සි වී තම ගම් ප‍්‍රදේශයේ තනා ගත් නිවස හා දේපළ අහිමි විය. තම ගම් ප‍්‍රදේශයේ නෑසියන් සමග වාසය කිරීමේ වාසනාව ද අහිමි විය. හොඳින් ගොඩ නගා ගෙන ආ පෑස්සුම් වැඩපොළ අඛණ්ඩ ව කරගෙන එ්මට හැකියාව ලැබුණි නම් අද වන විට ඉතා සඵල ව්‍යාපාරයක් බවට එය පත්වන්නට ඉඩ තිබුණි. දඬුවම් නියම වූ පුවත ඇසූ පමණින් බිරියගේ මව හෘදයාබාධයකින් මිය යාම ඔවුනට පිරිමැසිය නො හැකි පාඩුවකි. එ් වන විට ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි තම වැඩිමහල් පුතාගේ අධ්‍යාපනය කඩාකප්පල් වී සියල්ල අතහැර පෙරලා දිවයිනට පැමිණ ඇත. තම පුතාගේ උසස් අධ්‍යාපනය පිළිබඳ ව තැබූ බලාපොරොත්තු සුන් වීම ඔවුනට විඳ දරා ගත නො හැකි පාඩුවකි. තම පවුලේ ප‍්‍රගමනය සහ අභිවෘද්ධිය සහමුලින් ම පසුබෑමට මේ අවාසනාවන්ත සිද්ධිය මුල් වුණේ කවර පාපයක් නිසා දැයි ඔවුහු කණගාටුවෙන් විමසති.

පුනරුත්ථාපනය සඵල වී
මිය ගිය පුද්ගලයාගේ නොදැමුණුකම නිසා ම තමා විසින් ම අත්කර ගත් ඉරණමක් වුවත් ඔහු පිළිබඳ ව ද අනුකම්පාවෙන් කතා කරන ගාමිණී යුවළ පවසන්නේ කමල්ගේ ගුණ යහපත්කමක් නැති චර්යාව තම තරුණ ජීවිතය බිලිදීමෙන් නැතිකර ගත් අතර තවත් පවුලක් දුකට පත් කිරීමට හේතු වූ බවයි. දැන් ඔහුගේ නිවසට යාබද ව කුටි දෙකක් තනා ගෙන ඇත. ඉන් එකක ජ්‍යොතිෂය සහ ගුප්ත විද්‍යා කටයුතු සිදු කෙරෙන කාර්යාලයකි. අනෙක් කුටිය කුඩා දේවාලයකි. ටික වේලාවක් මා සමග තොරතුරු පැවසූ දමයන්ති මහත්මිය ඉක්මනින් ගියේ මිදුලේ එ් වන විටත් රැුඳී සිටි විශාල පිරිස රස්තියාදු වීම වළක්වනු පිණිස ය. වත් පිළිවෙත් පුරමින්, දැහැමි ජීවිතයක් ගත කරමින් අනන්ත වූ ගුණ ඇති රත්නත‍්‍රයේ බලයෙන් ද සම්‍යදෘෂ්ටික දේවතාවන්ගේ බලයෙන් ද තමන් අත්කර ගත් විශ්ව ශක්තියෙන් ද පුද්ගලයන්ගේ දුක් පීඩාවලට සහනයක් ලබාදීමත්, රෝග සුව කිරීමත් සිදු කරන බව ඔවුහු කියති. මා පිටත් වන විට අංක ලබා ගෙන එහි විස්සකට වැඩි පිරිසක් තම වාරය පැමිණෙන තුරු බලා සිටියහ. තමන්ට පාපී පුද්ගලයන්ගෙන් එල්ල වූ දුෂ්ට ක‍්‍රියාවන් නිසාත්, පෙර අකුසල කර්මයන් නිසාත් එළියෙන් අඳුරට යන්නට සිදු වුණු බවත්, තුනුරුවන් කෙරෙහි භක්තිය ඇති කරගෙන දැහැමි ජීවිතයක් ගත කිරීමට උත්සාහ දැරීමෙන් අඳුරෙන් එළියට පියමන් කිරීමට වෑයම් කරන බවත් ගාමිණී – දමයන්ති යුවළ මා සමග පැවසූහ. බන්ධනාගාරයේ කටුක ජීවිතයෙන් පසු ව කවර හෝ ජීවන මාර්ගයක් තෝරා ගෙන යහපත් ලෙස සමාජගත වන්නන් ලෙස ගාමිණී – දමයන්ති යුවළ ආදර්ශයක් දෙති.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල