කඳු යාය ඈතින් ඈතට ම විහිදිලා තිබුණා. මීදුම් ගුලි කඳු පන්ති වටකරගෙන ලස්සන සිත්තමක් මවලා තිබුණා. නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මතු වුණ ලස්සන නිල් පාට අහස ‘‘තව ටිකකින් ම හිරු එළිය ලැබෙන්න ළඟයි” කියලා රහසින් කියනවා වගේ හිතුණා. හිමිදිරියෙ ම එන නැවුම් සීතල සුළඟ මාව ප‍්‍රබෝධවත් කරලා තිබුණා. මගේ එ් ප‍්‍රබෝධවත් හිතට සුන්දර ම හිතක් දරාගෙන මේ ලෝකෙ වැඩ හිටපු භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේගේ හදවතින් උපන්, සුන්දර හිතක් තිබුණු ඕරස පුත‍්‍ර තාලපුට මහරහතන් වහන්සේගේ ථේර ගාථාවල කරුණු ටිකක් මතක් වුණා.

‘‘එ්යි සිත, මේ සුන්දර වනාන්තරයේ වැහි වලාකුළුවලින් ලස්සන වුණු කඳු වළල්ලේ නිදහසෙ ඇවිදගෙන යන මුවෙක් වගේ මමත් දැන් අවුලක් නැති සිතින් මේ කඳු වළල්ලට වෙලා ඉන්නවා. එ්යි සිත, නුඹ පැරදුනු බවට මට කිසිම සැකයක් නැහැ. යම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුඹේ කැමැත්තට හසුවෙලා ගියොත්, වසඟ වුණොත්, කාම සැපය අනුභව කරන්නට ගියොත්, එ් ගොල්ලො ඔක්කොම අවිද්‍යාව තුළට ම ඇතුල් වෙනවා. එ් ගොල්ල ඔක්කොම මාරයාගෙ වසඟයට යනවා. යළි යළි උපදින්ට කැමති හැම දෙනෙක් ම නුඹගේ ගෝලයෝ තමයි.”

අනේ! එ් උතුම් රහතන් වහන්සේලා කොයි තරම් සොඳුරු ජීවිත ද ගෙවන්න ඇත්තේ? එ් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ මේ ධර්මයට කැමත්තක් ඇති කර ගෙන, ධර්මයෙන් සරණ ලබා නො දුන්නු
‘මගේ’ ය කියන මේ හිත ගැන මට කලකිරීමක් දැනුණා… ඔව්, මාසෙ දවස් 24ම එක දිගට වැඩ කරලා, ඉතිරි නිවාඩු හත ම එක පෙළට අරගෙන මේ තැනට ඇවිත් ගෙවන එ් විවේකයේ මෙතරම් නිදහසක් දැනෙනවා නම් මුළු ජීවිතේ ම ධර්මයට ම පූජා කරලා, ලැබුණු ආහාරයකින් යැපිලා, ලැබුණු සෙනසුනකින් සතුටු වෙලා, ලැබුණු සිවුරක් දරාගෙන පරම පිවිතුරු අදහසකින් යුතුව ගෙවුනු එ් සරල ජීවිතවලට කොයිතරම් සුවයක් දැනෙන්න ඇද්ද? හැම කෙලෙසුන්ගෙන් ම නිදහස් වුණු එ් හිත්වලට කොතරම් සුවයක් ලැබෙන්න ඇද්ද? අනේ…! එ් රහතන් වහන්සේලා කොයිතරම් සුවයකින් ඉන්න ඇද්ද? ‘‘සුඛෝ බුද්ධානං උප්පාදෝ…” එ්කාන්තයෙන් ම බුදුවරුන්ගේ පහළ වීම නම් සැපයක් ම යි. එක අතකින්, මේ කාලෙදි මෙහෙම හරි දුර්ලභව එ් රහතන් වහන්සේලාගේ ජීවිත ගැන, එ් උතුම් ධර්මය ගැන ඉගෙන ගන්න ලැබුණු එක පවා කොයි තරම් ලාභයක් ද කියලා හිතුණා. ඈතින් එළිය වැටීගෙන එනවා පෙනුනා. මට මේ ධර්මය මේ විදිහට සරලව සුන්දරව කියලා දුන්නු මගේ පින්වත් කල්‍යාණ මිත‍්‍ර ලොකු ස්වාමීන් වහන්සේව මතක් වුණා…

‘‘පින්වත් මහණෙනි, හිරුඬමල නැග එනවිට මුල් ම සලකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් අරුණෝදය ඇතිවීමයි, මහණෙනි, එසෙයින් ම ආර්ය අෂ්ටාංගික මාර්ගය හට ගැනීම පිණිස මුල් ම සලකුණ මෙය යි, මුල් ම නිමිත්ත මෙය යි. එනම් කල්‍යාණ මිත‍්‍රයන් ඇති බව යි.

පින්වත් මහණෙනි, තමාට බාහිරින් සම්බන්ධ වන අංගයක් වශයෙන් සලකන විට මෙතරම් මහා අර්ථයක් පිණිස හේතුවෙන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, කලණ මිතුරන් ඇසුරු කිරීම තරම් එයට හේතුවෙන වෙන එක ම දෙයක්වත් මා දකින්නේ නැහැ. පින්වත් මහණෙනි, කලණ මිතුරන් ඇසුරු කිරීම මහා අර්ථයක් පිණිස ම හේතු වෙනවා. පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, කලණ මිතුරන් ඇසුර තරම් එයට හේතු වෙන එක ම දෙයක්වත් මා දකින්නේ නැහැ.”

සත්‍යවාදී වූ බුදු සමිඳුන් හට නමස්කාර වේවා! අනේ එ් ධර්මය කොයි තරම් නම් සත්‍යයක් ද? මම මගේ ගැන හිතන්න ගත්තා. ‘මම’ මෙහෙම ඉන්න පුළුවන් වුණු කෙනෙක් ද? (නැහැ අනේ.) ස්කෝලෙ යද්දි මම ගැන දැනන් හිටපු යාළුවෝ දැන් මගේ ගැන මම මේ විදිහෙ කෙනෙක් කියලා දැන ගත්තට එ්ක විශ්වාස කරන්නෙ නැහැනේ… අහම්බෙන් ම වගේ මට මගේ කල්‍යාණ මිත‍්‍රයාණන් වහන්සේව මුණගැහුනු හැටි මතක් වුණා. එ්ක කොහොම වුණත්, දැන් මට සතුටුයි. ‘අනුත්තරපුරිසදම්ම සාරථී’ වුණු එ් භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර විජ්ජාවට මම අහු වුණා, ඔව්…! අනේ… මගේ සියලූ යහළුවොත් එ් මායාවට හසුවෙනවා නම්… එ්ක එ් අයට කොයි තරම් ලාභයක් වෙයි ද? මොකද මේ ධර්මය ඉගෙන ගනිද්දී මම දැනගත්තා භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරපු මග.

‘‘පින්වත් මහණෙනි, යම් හෙයකින්, කාය දුෂ්චරිතයට ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාක උපදින්නේ ය යන කරුණු සිදුවෙන දෙයක් නම් නො වෙයි. එය සිදුනොවන දෙයකි. නමුත් පින්වත් මහණෙනි, යම් හෙයකින් කාය දුෂ්චරිතයට අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාක උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි…”

මේ ලෝකයේ යොවුන් ළමයි, තරුණ ළමයි හරිම ඉක්මනට යටවෙලා යන දුෂ්චරිත ගැන මට මතක් වුණා. ධර්මය නො දැන හිටි මමත්, හරි ය කියලා හිතන් කරපු වැරදි මතක් වුණා. දෙමාපියෝ අපිව රකින්න හදනවා තමයි, එ්ක ඇත්ත, එ්ත් ධර්මයක් නැති දෙමාපියන් හට මේ තරුණ හිත් වරදින් මුදවන එක ලෙහෙසි දෙයක් නො වෙයි. දඬුවම් කරලා, හිර කරලා හිතට එන අකුසල් නවත්තන්න බැහැ. දෙමාපියොත් හිත් අකුසලෙන් වළක්වාගෙන, එ් අකුසලයෙන් මුදවන උතුම් ධර්මය එ් ළමයින්ටත් කියලා දෙනවා නම් අන්න එ්කෙන් විතර ම යි අද තරුණ ළමයි වරදෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නෙ කියලා මට හිතුණා…. හිත කැරකි කැරකි යන්නෙ ම ආසා කරන දේට ම යි. ආසා කරන දේ ලබාගන්න පස්සෙ නොයෙකුත් දේ කරනවා. එ්ක හරි දෙයක් ද? වැරදි දෙයක් ද? සුදුසු ද? නුසුදුසු ද? එ් මොනවත් හිතෙන්නෙ නැහැ. හිත එ්කට යට වෙලා යනවා. වැරදියි කියලා දැන දැනත් හරි ය කියලා එ්වා කරන්නෙ එ්කයි. එ් ගැන ධර්මයේ තියෙන කාරණාවකුත් මට මතක් වුණා.

‘‘පින්වත් ආනන්ද, විඳීම හේතුකොට ගෙන ආශාව හට ගනියි. ආශාව හේතුකොට ගෙන ආශා කරන දේ සොයයි. සෙවීම හේතුකොට ගෙන ලැබෙයි. ලැබුණු දෙයෙහි වටිනාකම විනිශ්චය කරයි. වටිනාකම විනිශ්චය කිරීම හේතුවෙන් ඡන්දරාගය ඇති වෙයි. ඡුන්දරාගය හේතුකොට ගෙන සිත එහි බැස ගනියි. සිත එහි බැස ගැනීමෙන් එය තමා සතුකර ගනියි. තමා සතුකර ගැනීමෙන් වෙනකෙකු එය ලැබීම ගැන අකමැති වෙයි. තව කෙනෙකුට එය ලැබීම ගැන අකමැති බව හේතුකොට ගෙන එය රැුකගැනීමට වෙහෙසෙයි. රැුකගැනීම හේතු කොටගෙන දඬු මුගුරු ගැනීම්, අවි ආයුධ ගැනීම්, කලකෝලාහල, භේද භින්න වීම, එකිනෙකාට ඇනුම්පද කීම්, කේලාම්, බොරු කීම් ආදි අනේකවිධ ළාමක අකුසල ධර්මයන් හට ගනිත්…”
(මහා නිධාන සූත‍්‍රය)

ඇති වෙන ආශාව නැති කරන හැටි ගැන, කැමති දේට නො ඇලී හිඳීම ගැන, කාමයන්ගේ ආස්වාදය ගැන, කාමයන්ගේ ආදීනව ගැන, කාමයන්ගේ නිස්සරණය ගැන මේ ලෝකෙ වෙන කිසිම ආගමක නැති ඇත්තම ඇත්ත, නුවණ ටිකක් හරි තියෙන අයට තේරුම් ගන්න පුළුවන් කරුණු මේ උතුම් ධර්මයේ තියෙන අපූරුව… එ් වගේ ධර්මයක් අද අපිට උරුම වෙලා තියෙන හැටි ගැන හිතෙද්දී ‘ඇත්තටම අපි තාම අසරණ වෙලා නැහැනේ…’ කියලා මට හිතුණා…

අනාගතේ කාසාව කණ්ටක කියලා පිරිසක් පහළ වෙනවා. එයාලා සංඝයා ලෙස පෙනී ඉන්නවා විතරයි. ගුණධර්මවලින් පිරිහිලා, නමුත් එ් අයට පූජා කරන දානය පවා ‘සංඝයා’ උදෙසා කියා සිතා පූජා කරනවා නම් එයින් රැුස් වෙන පින මහත් ඵලයි, මහත් ආනිශංසයි කියලා මගේ භාග්‍යවතුන් වහන්සේ මහත් ඵල මහානිශංස පින් කර ගන්න උදව්වෙන ධර්ම කාරණා පවා වදාළ එක ගැන මට මහා සතුටක් හිතුණා… ‘‘අනේ මගේ භාග්‍යවතුන් වහන්සේ මට කොච්චර ආදරෙයි ද?”

අලූත් මාසයක් ලැබුවා, පරණ මාසය ගෙවුණා. ‘‘මිනිසුන්ගෙ ආයුෂ ඉක්මනින් ම ගෙවිලා යනවා. ඉපදුණු සත්වයාට ජරා මරණ හැර වෙන මුකුත් නැහැ” කියලා කරපු දේශනාවක් මතක් වුණා. ආගමේ නාමයෙන් දැන් දැන් ලෝකයේ වෙන භයානක අපරාධ මතක් වුණා. හඳුනා නොගත්, බෙහෙත් නැති රෝග ගැන මතක් වුණා. ‘‘අනාගත මිනිස්සු අම්මා හඳුනන්නෙ නැහැ. තාත්තා හඳුනන්නෙ නැහැ, පවට ලැජ්ජා – භය නැහැ, අකුසලය – කුසලය හඳුනන්නෙ නැහැ” ආදි වශයෙන් කරපු දේශනා මතක් වෙලා භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන පුදුම හිතුණා..

එ් වගේ ලෝකයක මේ වගේ කාලෙක ඉපදිලා මේ වගේ උතුම් ධර්මයක් ලැබුණා. මේ වගේ උතුම් කල්‍යාණ මිත‍්‍රයෙක් මුණගැහුනේ එක නම් පුදුම වාසනාවක් කියලා හිතුණා. ‘‘අනුන් කළ – නො කළ දේ හොය හොයා ඉන්න එපා, තමන් කළ – නො කළ දේ හොයන්න” කියපු දේශනාව මතක් වුණා. ‘‘මේ වැඬේ අම්මා කරලා දෙන්නෙ නැහැ. තාත්තා කරලා දෙන්නෙ නැහැ. වෙන කවුරුවත් කරලා දෙන්නෙත් නැහැ.” කියන දේශනාව මතක් වුණා. ‘‘අනෙක් හැමදේම දාන්න දෙවැනි තැනට, ධර්මයේ හැසිරීම ගන්න මුල් ම තැනට” කියපු දේශනාව මතක් වුණා.

‘‘පින්වත් මහණෙනි, අකුසලය අත් හරින්න, පින්වත් මහණෙනි ඔය අකුසලය අත් හරින්න පුළුවන්, පින්වත් මහණෙනි, ඔය අකුසල් අත් හරින්නට බැරි නම් මා මේ විදිහට ‘පින්වත් මහණෙනි, අකුසලය අත් හරින්න’ කියලා කියන්නෙ නැහැ. පින්වත් මහණෙනි, යම් හෙයකින් මේ අකුසලය අත් හරින්නට පුළුවන් නිසා තමයි මම මේ විදිහට කියන්නෙ, ‘පින්වත් මහණෙනි, අකුසලය අත් හරින්න’ කියල.” මෙසේ භාග්‍යවතුන් වහන්සේ කරපු දේශනාව මතක් වුණා. ‘‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න, පින්වත් මහණෙනි, කුසලය කියන්නෙ වඩන්න බැරි දෙයක් නම් මා මේ විදිහට ‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න’ කියන්නෙ නැහැ.” ය කියලා කරපු දේශනාව මතක් වුණා. ‘‘පිනට භය වෙන්න එපා. පින කියන්නෙ සැපයට කියන නමක්.” කියපු දේශනාව මතක් වුණා. අහපු, කියවපු, මතක තියා ගත්තු, හුඟක් ධර්ම කාරණා මට මතක් වුණා.

‘‘ධම්ම දීපා විහරථ, ධම්ම සරණා, අනඤ්ඤ සරණා.” කියලා මාගේ භාග්‍යවතුන් වහන්සේ මට දේශනා කරපු නිසා මම ආයෙත් උතුම් සූත‍්‍ර පොත් වහන්සේනමක් අතට ගත්තා. ‘මේ ජීවිතයේ දී මේ පුරුදු කරන ධර්මය මට පිහිට පිළිසරණ වේවා!’ කියලා හිතලා එ් උතුම් ධර්මයට නමස්කාර කළා. මේ ධර්මය තේරෙන බසින් කියලා දුන්නු උතුමන් වහන්සේට වන්දනා කළා…

‘‘අසුරු සැණක් ගහන මොහොතක් හරි මෛත‍්‍රිය වඩනවා නම්, අනිත්‍යය වඩනවා නම් එ් කෙනා ධ්‍යානයෙන් හිස් නැතිවයි වාසය කරන්නේ” කියන සුන්දර කාරණය සිහිපත් කරගෙන මම පළඟක් බැඳගෙන වාඩි වුණා…

මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.

සටහන
ජේ. පී. මහේෂ් චමිල්