අපි… සොඳුරු සමනොළ ශිඛර මුදුනේ, මුනිඳු සිරිපා වන්දනා කළෙමු…!

– 2015 පෙබරවාරි 28 –

සමන් දෙව් අඩවියේ සොඳුරු සමනොළ ගිරි හිස මත ඉඳුනිල් මැණිකක පිහිටුවා වදාළ ගෞතම සම්මා සම්බුදුරජුන්ගේ වම් සිරිපා පියුම,
සහසක් සමන් මල් රැහැනින් වියන් බඳවා සැකසූ මනෝරම්‍ය පුෂ්පෝපහාරයන්ගෙන් පුද දී, සිරිපා මළුව සුවඳ පැනින් නහවා, මළුව වටා ධජ පතාක නංවා,
සුපින්වත් මහ සඟ රුවන පෙරටු කොටගෙන නා නා විධ පූජාවන්ගෙන් පුද දී සැදැහැ සිතින් සිරස තබා වන්දනා කළෙමු.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි 300කට අධික වූ, සියලු වයස් කාණ්ඩයන්ට අයත් සැදැහැවතුන් සුව සේ, සිත් සේ අප හා සිරිපා වන්දනා කළ අතර,
ලක්‍ෂ ගණනක් සිරිපා වන්දනා කළ එම දිනයේ මේ අසිරිමත් සිරිපා වන්දනාමය ව්‍යායාමයේ සාර්ථකත්වය උදෙසා
ඔවුන් විසින් ආරම්භයේ සිට අවසානය දක්වා ම ලැබ දුන් සහයෝගය අති මහත් ය. විශිෂ්ට ය. ගරු කටයුතු ය.

මහාමේඝ 2015 සිරිපා වන්දනාව අර්ථවත් කර ගන්නට මහෝපකාරී වූ ඔබ හැම දෙනාට ම අපමණ පුණ්‍යානුමෝදනා වේවා!!!
විශේෂ පුණ්‍යානුමෝදනාව : ගරුතර මහා සංඝරත්නය, ‘කල්‍යාණමිත්‍රයෝ’ යොවුන් සභාව, මහමෙව්නාව ‘සුව සේවා’, ‘ශ්‍රද්ධා’ රූපවාහිනිය සහ ගුවන් විදුලිය,
ඡායාරූප ශිල්පීනට සහ නන් අයුරින් උපකාර කළ සැමට…