highlights of the week
Home » Tag Archives: සීලය​

Tag Archives: සීලය​

අටුවා රසකතා – මිලක්ඛතිස්ස තෙරණුවෝ

“ස්වාමීන් වහන්ස, මගේ පව්කාර ජීවිතය නතර කෙළෙමි. සතුන් මරණ සියලු උපකරණ පුළුස්සා දැමීමි. ස්වාමීන් වහන්ස, මට සමාව දෙනු මැනවි. මට අනුකම්පා කළ මැනවි. මා පැවිදි කළ මැනව”යි ආයාචනා කළේය.

Read More »

පින්වත් ස්වාමීන් වහන්ස, ස්වයං වින්දනය නවතාගන්ට කොපමණ උත්සාහ කළත් නැවතත් පරණ තැනට ම වැටෙනවා. මෙය නවත්වන්න ක්‍රමයක් කියාදෙනු මැනවි. ඒ වගේ ම අසභ්‍ය රූප බැලීම වළක්වා ගන්නේ කෙසේ ද?

රාගය සන්සිඳවන, කයේ යථාර්ථය ප්‍රකට වන අසුභ භාවනාව වඩන්නට උත්සාහ කරන්න. එවිට මනාව සිල්පද සුරකින, සන්සිඳුණු මනසකින් යුත්, ගුණධර්ම දියුණුවන ජීවිතයක් ඇතිකර ගැනීමට ඔබටත් පුළුවන් වේවි.

Read More »

13. නේසජ්ජිකංගය

ඇතැම් වීරියවන්ත භික්ෂූන් තුන්යම් රැය පුරා සැතපීමේ ඉරියව්ව අත්හරිනවා. වාඩිවී සිටීම - සිටගෙන සිටීම හා සක්මන් කිරීම යන ඉරියව් තුනෙන් යුතුව දිවා රාත්‍රිය ගෙවනවා, භාවනාවට ම මුල්තැන දෙනවා. මෙය නේසජ්ජිකංගය යනුවෙන් හැඳින්වෙනවා.

Read More »

10. අබ්භෝකාසිකංගය

ධුතාංග ධර්මයන් පුරුදු පුහුණු කරන කෙනා සැම විට ම ඒ සමඟ ම තවත් ගුණධර්මයක් පුරුදු පුහුණු කරනවා. එනම් අත්හැරීම යි. නිදසුනක් ලෙස පංසුකූලිකංගය සමාදන් වූ කෙනා ගෘහපති චීවර අත්හරිනවා. තේචීවරිකංගය සමාදන් වූ කෙනා සිවුරු වර්ග 6ක් අත්හරිනවා. අරඤ්ඤකංගය සමාදන් වූ ...

Read More »

09. රුක්ඛමූලිකංගය

පැවිද්ද මූලික වශයෙන් රුක් මුල් සෙනසුන ඇසුරු කොටගෙන පවතිනවා. අත් හරින ලද සේනාසනයන් 14ම සංඝයාට ලැබෙන අතිරේක ලාභයන්. භාග්‍යවතුන් වහන්සේත් රුක්ඛමූලිකංගය මහත් සේ වර්ණනා කොට වදාළා. “මහණෙනි, නවාතැන් අතුරින් රුක් සෙවණ අල්ප වූයේත්, සුලභ වූයේත් වෙයි. එය වරදින් තොර වූ දෙයකි.”

Read More »

07. ඛලුපච්ඡාභත්තිකංගය

ඛලු යන නාමයෙන් යුතු කිසියම් කුරුලු විශේෂයක් සිටිනවා. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ, තුඩින් ගත් ඵලය ඉදින් බිම වැටී ගියේ නම්, වෙනත් ඵලයක් අනුභව නොකිරීම යි. ඒ අයුරින් ම භික්‍ෂුවත් ආහාර ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු නැවත ආහාර නො වළඳන්නේ නම්, එය ඛලුපච්ඡාභත්තිකංගය යි.

Read More »

06. පත්තපිණ්ඩිකංගය

වැළඳීමෙහි දී දෙවන භාජනයක් නො සොයා එක ම බඳුනක වැළඳීම සිදු කරයි නම් එය පත්තපිණ්ඩිකංගය යි. සිල් සමාදන් වීමට යාමේ දී පවා බොහෝ දෙනා විවිධාකාර බඳුන් රැගෙන යනවා. ඇතැම් විටෙක මෙය තමන්ටත් බරක්, අනුන්ටත් හිරිහැරයක්. අවසානයේ දී බොහෝදෙනාට සිදු වන්නේ බණ භාවනා කිරීමට නො ව රැගෙන ආ භාජන පරෙස්සම් කිරීමටයි.

Read More »

බඹසර රැකීමේ ආනිශංස

"ඉස්සර විවාහ වෙනකල් ස්ත්‍රී පුරුෂයන් සියලු ලිංගික කටයුතුවලින් වැළකුනා. ඒකට කියන්නේ කුමර බඹසර, කුමරි බඹසර කියලා. ඒ අය ව දෙවියොත් රැක්කා. ඒ අය විවාහ වුණා ම පවුල් අවුල් වුණේ නැහැ. පින්වන්ත දරුවෝ ඉපදුණා. අවසන් හුස්ම ටිකත් සැනසිල්ලේ හෙළුවා. බඹසර රකින අය දෙව්ලොව, බඹලොව උපදින්න හේතු සම්පත් ලබනවා!"

Read More »

තාවතිංස යාත්‍රා

අප මහා බෝසතාණන් වහන්සේ මනුලොව මඝ මානවක ලෙසින් සිටි කල්හී උතුම් වූ ව්‍රත පද සතක් අනුගමනය කරමින් දෙව්ලොව සක් දෙව් පදවිය ලැබුවා සේ ම සක් දෙව්රජාණෝ මනුලොව මඝ මානවක ලෙසින් සිටි කල්හී මේ උතුම් ව්‍රත පද සමාදන් ව එම ව්‍රත පද අනුගමනය කරමින් සක් දෙව් පදවිය ලැබී ය.

Read More »
Page 1 of 6
1 2 3 6