highlights of the week
Home »

මහාමේඝ බුද්ධභූමි වන්දනා

සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වන්නේ ඉතා කලාතුරකින් බව අපි අසා ඇත්තෙමු. ගත වූ කල්ප සියයක කාලය පුරා ලොව පහළ වූයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හත්නමක් පමණි. දෙව් මිනිස් සියලු ලෝකයනට එතරම් දීර්ඝ කාලයක් පුරා වන්දනාමාන කරන්නට ඉඩ ලැබුණු, ගණනින් හතක් පමණක් වූ සම්බුද්ධ රාජ්‍යයන් අතර හත්වැන්න වූ ගෞතම සම්බුදු සසුනේ ශ්‍රාවකයන් වන්නට අපිදු වාසනාවන්ත වීමු. සම්බුදුරජුන් සරණ යන සැදැහැවත් කුල පුත්‍රයෙකු විසින් දැක බලා සංවේගය උපදවා ගත යුතු යැයි සම්බුදු මුවමඬලින් වදහළ සතර සංවේග ස්ථාන ඇතුළු බුද්ධභූමි වන්දනා කරන්නට මේ දක්වා ඉඩ විවර ව තිබීම ද අප ලද මහඟු භාග්‍යයකි.

එකී බුද්ධභූමීන් සුවපහසුවෙන් යුතු ව දැක බලා ගනිමින් ශ්‍රද්ධාව වැඩී යන අයුරින් වන්දනාමාන කරන්නට සැදැහැතියන්ට ඉඩ සලසා දීමේ අරමුණින් මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙන් සංවිධානය වන පුණ්‍ය චාරිකා ව්‍යාපෘතිය යි, ‘මහාමේඝ බුද්ධභූමි වන්දනා’.

අවබෝධයෙන් යුතුව ම ඒ උත්තම බුද්ධභූමීන් වන්දනා කොට ගෞතම සම්බුදු සසුනේ අපමණ පින් ඵල නෙළා ගන්නට ඔබට අවකාශ සලසමින් මේ වන්දනා චාරිකාවන් පුරා සියලු වන්දනාවන් මහාමේඝ භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබයි. අග්‍ර වූ පූජාවන්ට අතිශයින් ම සුදුසු වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා අග්‍ර අයුරින් පුද පූජාවන් සිදු කෙරෙන මේ අසිරිමත් වන්දනා පෙළහර ඔබගේ ජීවිත තුළ සම්බුදු සසුන් කෙතෙහි පිදුම් වූ මහානීය පූජෝපහාරයක් ම වනු ඇත.

ශ්‍රද්ධාව පුබුදමින් සිත් සේ ඒ බුද්ධභූමි සිරසින් වන්දනා කරන්නට පින් සිතින් එක් වන්න, ‘මහාමේඝ බුද්ධභූමි වන්දනා’ සමඟින්…

downloadbuttondetails downloadbuttonapplication