යෝගාසන | Mahamegha Magazine

යෝගාසන
1. පිරිසිදුකම

ආසන ආරම්භ කිරීමට පෙර, සිරුරේ ඇති මලමූත‍්‍ර සම්පූර්ණයෙන් ම බැහැර කිරීම සුදුසු ය.

2. ස්නානය

නෑමෙන් පසු ව ආසන අනුගමනය ඉතා පහසු ය. එසේ ම ආසනවල යෙදීමෙන් පසු විනාඩි 15කින් පමණ ස්නානය කිරීම ද යෝග්‍යය.

3. ආහාරය

කුමන ආසනයක වුව ද පිහිටිය යුත්තේ උදරය හිස් ව තිබිය දී ය. මෙය අපහසු නම් තේ, කෝපි හෝ කිරි වීදුරුවක් පානය කර ආසන ඇරඹීමේ වරදක් නැත. සරල ආහාරයක් ගැනීමෙන් පැයක් ගත වූ පසු ව නම් අපහසුවකින් තොර ව මෙම යෝග ඇරඹීම අයහපත් නැත. බර ආහාර වේලක් ගැනීමෙන් පසු ව නම්, නො වරදවා ම පැය හතරක් පසු කළ යුතු ය. ආසන නිමා කිරීමෙන් පසු ව ද ආහාර ගැනීම පැය බාගයක්වත් ගතවීමෙන් පසු ව කළ යුතු ය.

4. වේලාව

ආසනවල යෙදීමට සුදුසුතම වේලාව ලෙස දක්වන්නේ ඉතා අලූයම් කාලය හෝ බොහෝ සවස් වූ පසු ව ය. අඛණ්ඩ පුහුණුව මඟින් උදය කාලය තුළ දැනෙන සිරුරේ තද – රළු බව මග හැරී යනු ඇත. ඉන් පසු ව සාර්ථකව ආසනවලට ප‍්‍රවිෂ්ට විය හැකි ය. සවස් කාලයේ දී උදයට වඩා ශරීරය මෙහෙයවීම පහසු ය. එනිසා පහසුවෙන් ආසනවලට ප‍්‍රවේශ විය හැකි බවක් පෙනේ.

5. හිරු එළිය

තද හිරු රශ්මිය මැද හිඳිමින් ආසනවල හිඳීම නො කළ යුතු ය.

6. ස්ථානය

x ශබ්ද හා කෘමි සතුන්ගෙන් තොර වූ පිරිසිදු හොඳින් වාතාශ‍්‍රය ලැබෙන ස්ථානයක් ආසන ගැනීම සඳහා සුදුසු ය.

x නැවූ ඇඳ ඇතිරිල්ලක් වැනි පහසුව දෙන රෙද්දක් සමතුලිත පොළොව මත එළා එය මත අසුනට සුදානම් විය යුතු ය. පලූදු වූ හෝ කැඞී බිදී ගිය පොළොව, ගෙබිම මීට සුදුසු නො වේ. රෙද්දක් වැනි යමක් නො අතුරා නග්න පොළොව මත අසුන් ගැනීම ද නුසුදුසු ය.

7. අවවාද

පුහුණුවේ දී හෝ ආසනයේ පිහිටීමේ දී, මුහුණේ මාංශ පේශිවල, කන් හා දෙනෙත්වලින් හෝ ශ්වසනයේ දී ද අනවශ්‍ය වෙහෙසක් නො දැනෙන්නට වගබලා ගත යුතු ය.

8. දෙනෙත් පියා ගැනීම

ආරම්භයේ දී දෙනෙත් විවර ව තබාගත යුතු ය. අනුගමය කළ ආසනය ස්ථාවර වූ විට පමණක් දෑස වසා ගත හැකි ය.

9. මනස

ආසන ගැනීමේ දී ශරීරය ක‍්‍රියාකාරී තත්වයේ පවතින නමුත් මනස නිසල ව (අක‍්‍රිය) තත්වයෙන් ම හිඳ විමසිලිමත් හා සුදානම් තත්වයෙන් පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි.

10. ආශ්වාසය හා ප‍්‍රශ්වාසය

සෑම ආසනයක දී ම ශ්වසනය කළ යුත්තේ නාස් පුඩු මඟිනි. මුවින් ශ්වසනය නො කළ යුතු ය. ආශ්වාස ප‍්‍රශ්වාසයේ දී වෙහෙසකර ලෙස එහි යෙදීම නුසුදුසු ය.

11. සවාසන

ආසන හමාර වීමෙන් පසු සවාසන ඉරියව්වෙන් විනාඩි 10 / 15 පමණ විවේක ගැනීම යෝග්‍යය.

12. කාන්තාවන්ට විශේෂ උපදෙස්

x ඔසප් කාලය තුළ ආසනවලට ප‍්‍රවේශ නො වීම සුදුසු ය.

x ගැබිණි බවේ මුල් මාස තුන තුළ දී පමණක් ඕනෑ ම ආසනයක යෙදිය හැකි ය. උදරයට අනවශ්‍ය පීඩනයක් නො ලැබිය යුතු බැවින් හා කොඳු නාරටිය සුනම්යව හා ශක්තිමත් ව මෙම කාලයේ පැවතිය යුතු බැවින් හිටගෙන සිටීමේ ඉරියව් හා ඉදිරියට නැමීමේ සියලූ ආසන ද කළ යුත්තේ සරල චලනයන් මඟින් පමණි.

x දරුවකු ලැබීමෙන් පසු පළමු මාසය තුළ දී කිසිම ආසනයක හිඳීම නො කළ යුතු ය. ඉන් පසු සරල ක‍්‍රමයට යෝගාසන ඇරඹිය හැක. මාස තුනක් ඉක් ම ගිය විට ඕනෑ ම ආසනයක් අනුගමනය කළ හැකි ය.

13. වෙනත්

වැරදි සහගත ක‍්‍රම අනුගමනය කිරීමෙන් දින කිහිපයක් තුළ දී ම අපහසුතාවයන් අත් විඳින්න්නට සිදු වනු ඇත. එනිසා ආසන නිවැරදි ව අනුගමනය කිරීම ඉතා වැදගත් ය. අඛණ්ඩව, හොඳින් පුහුණු කිරීමෙන් කිසිදු වෙහෙසක් නො මැති ව ආසනවලට ප‍්‍රවේශ වන්නට අවස්ථාව උදා වෙයි.

මහාමේඝ 2011 වප් කලාපය
WWW.MAHAMEGHA.

යෝගාසන සටහන

පියුම්නිල් ගමගෙදර

පද්මාසනය
යෝග වූ කලී කායික මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න වූ ජීවන ක‍්‍රමයක් පිළිබඳ කලාවක් ලෙසත් යෝගාසන එහිලා අනුගමනය කෙරෙන විද්‍යාත්මක කි‍්‍රයාවලිය ලෙසත් ඒ පිළිබඳ තතු දන්නා විද්වතුන් පෙන්වා දෙයි. එනම්, යෝගාසන පුහුණු කිරීමෙන් කායික, මානසික සුවතාවය ඇති වන බව සඳහන් ය.

ආසන ලෙස අදහස් කරනුයේ පහසු හා නිවැරදි ලෙසත් ඍජු ලෙසත් ශරීරය තබා ගනිමින් වාඩි වීමේ ඉරියව් කීපයකි. ආසන පිළිබඳ ක‍්‍රමික අභ්‍යාසයෙන් රුධිර නාල හා ස්නායුන්ගේ ක‍්‍රියාකාරීත්වය විධිමත් වන අතර කායික සුවතාවය වර්ධනය කෙරේ. ආසන වර්ග දෙකකි. එනම් භාවනාව සඳහා යොදා ගැනෙන පද්මාසන, සිද්ධාසන, ස්වස්ථිකාසන ආදිය එක් වර්ගයකි. දෙවන වර්ගයේ ආසන කායික සුවතාවය වර්ධනය කෙරෙනු සඳහා උපයෝගී වේ. එනම්, භූජංගාසන, චක‍්‍රාසන යනාදිය යි. ආසන සිය ගණනක් පැරණි සෘෂිවරුන් විසින් දක්වනු ලැබ ඇත.

පද්මාසනයේ දී පාද තබා ගනු ලබන ඉරියව්ව නෙළුමක පෙනුම ගෙන දෙයි. එම අර්ථය ඇති ව කමලාසන ලෙස ද හැඳින්වේ. පළමු ව තමාගේ සිරුර කෙරෙහි මනා අවධානයක් යොමු කළ යුතු අතර තමා පුහුණු වීමට නියමිත ඉරියව්ව කෙරෙහි පැහැදිලි වැටහීමක් තිබිය යුතු යි. මෙමඟින් මනස සුදානම් කිරීමක් සිදු වේ. යමකු නිවරදි ඉරියව්වක පැමිණි විට, දෑස් පියාගෙන සිරුර දෙස මනා අවධානයක් සිටිය යුතු යි. මෙම ආසනයේ සිටින අයෙකුට පාද පොළොවෙහි ස්පර්ෂ වෙනු දැනෙයි. මින් පසු ව ආශ්වාස ප‍්‍රශ්වාස වෙත අවධානය යොමු කළ හැකි යි.

මෙහි දී පළමු ව පා දිගු කර ගෙන පොළොව මත වාඩි විය යුතු ය. ඉන්පසු දකුණු පාදය වම් කළවය සහ වම් පාදය දකුණු කළවය මතත් තබා දෑත් දණහිස් මත තබා ගත යුතු යි. මෙම ඉරියව්වෙන් වාඩි වන විට පිටිපතුල් දෙක ඔබේ කළවා මත පිහිටන අතර පාද දෙකෙහි විලූඹ එකිනෙක හා ගැටෙන සේ පිහිටයි. ඉන්පසු කොන්ද, බෙල්ල හොඳින් දිග හැර කෙළින් තබා ගත යුතු යි. බද්ධ පර්යංකය නමින් හැඳින්වන්නේත් මෙම ආසනය යි.

ප‍්‍රයෝජන

1 සමාධිය වැඩි දියුණු කර ගැනීමට උපකාර වෙයි.

2 සිරුරේ වැදගත් තරල (රුධිරය ආදී) නියමිත පරිදි පවතවා ගැනීමට උපකාර කරයි.

3 උදරයේ රෝග, ස්තී‍්‍රන්ගේ ප‍්‍රජනන පද්ධතිය හා සම්බන්ධ සංකූලතා දුරු කරයි.

4 සිරුරේ සුවපත්භාවය ඇති වේ.

5 ආහාර ජීර්ණ පද්ධතිය සහ බහිස‍්‍රාවීය පද්ධතිය නිසි පරිදි කි‍්‍රයා කිරීමට උපකාර වෙයි.

පද්මාසන පුහුණුවට පෙර අර්ධ පද්මාසන පුහුණුව සුදුසු යි. එක් පාදයක් අනෙක් පාදයේ කළවය මත තැබීමෙන් අනතුරු ව අනෙක් පාදය සම්පුර්ණයෙන් අනෙක් කළවය මත තබන්නට නො හැකි නම් ඒ සඳහා විශේෂ උත්සාහයක් නො කළ යුතු යි.

සීමාවන්:

1 කල්පවත්නා දණහිස් වේදනා ඇති අය මෙම ආසනය පුහුණුව නුසුදුසු යි.

2 මස් පිඩු වේදනා, කෙණ්ඩ පෙරලීම් සහිත අය පුහුණු කිරීමේ දී ප‍්‍රවේශමෙන් සිදු කළ යුතු යි.

මහාමේඝ 2011 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන

පියුම්නිල් ගමගෙදර

සිද්ධාසනය
පරිපූර්ණ ඉරියව්ව (Perfect pose) හෝ විශාරද ඉරියව්ව (Accomplished pose) ලෙසින් ද හඳුන්වන සිද්ධාසනය, භාවනාවේ යෙදෙන අයට උචිත ඉරියව්වකි. සිරුර ඍජු ව තබන අසුනක් බැවින් ආනාපාන සති භාවනාවේ යෙදීමට ද යෝග්‍ය ආසනයකි. එසේ ම මෙම අසුන මහත කලවා සහිත තරබාරු පුද්ගලයන්ට පවා පුහුණු කළ හැකි ය.

ක‍්‍රමය:

1. සමතලා බිමක ඉඳ ගන්න. දෙපා ඉදිරියට විහිදුවා ඍජු ව තබා ගන්න.

2. දණහිසින් වම් පාදය නවන්න. දෑතින් ම ඔසවා වම් කකුලේ විළුඹ යටි උදරය අසලට ම ගෙනෙන්න. යටි පතුලේ උඩ කොටස දකුණු කලවයට ස්පර්ශ වන ලෙස තබන්න.

3. දැන් දකුණු පය දණහිසින් නමා වම් වළලූකර මත දකුණු පය තබන්න. දැන් දකුණු විළුඹ යටි උදරයේ පහළ ම පෙදෙසට ස්පර්ශ ව තබන්න.

4. දකුණු පාදයේ යටි පතුල වම් පයේ කලවා සහ කෙණ්ඩා අතර තබා ගන්න.

5. විළුඹ හෝ යටි පතුල් පොළොවේ ස්පර්ශ නො විය යුතු යි.

6. දෑත ඉදිරියට විහිදුවා අත්වල පිටුපස දණහිස් මත තබන්න. දෙඅත්ල උඩු අතට හරවා තබන්න. මාපටඟිල්ල දබරැඟිල්ලට එකතු කර අනෙක් අතැඟිලි විහිදුවා ගන්න.

7. මෙම ඉරියව්වෙන් ඔබට හැකි කාල වෙලාවක් රැඳී ඉන්න. මෙහි දී හිස හා ගෙල ඍජු ව ම රඳවා ගත යුතු ම ය.

8. දෙපා ලිහිල් කර මඳක් විවේක ගන්න. ආසනය යළිත් වරක් පිහිටුවා එම කාල වේලාව ම හිඳින්න.

සැලසෙන වාසි:

ශාරීරික වශයෙන් ලැබෙන ප‍්‍රතිලාභයන් ලෙස වළලූකර හා දණහිස්වල ඇති තද ගතිය පහව යාම දැක්විය හැකි ය. එසේ ම මෙම අසුනේ දී උදර අවයව, කොඳු නාරටිය හා තුනටිය පිටුපස පෙදෙසට මනා ව රුධිර සංසරණය ලබා දෙයි. සිරුරේ විශේෂයෙන් උදර ප‍්‍රදේශයේ මේදය අඩු කර ගැනීමට උපකාර වෙයි. තව ද දණහිස්වල, වළලූකර සහ පිටකොන්දේ වේදනා සුව කර ගැනීමට උපකාර වෙයි. එමෙන් ම යටි උදර ප‍්‍රදේශයට සුවය ගෙන දෙයි.

එලෙස ම සිද්ධාසනය භාවනා පුහුණු වීමට ඉතාමත් යෝග්‍ය අසුනකි.

මහාමේඝ 2011 නිකිණි කලාපය
WWW.MAHAMEGHA.LK

යෝගාසන සටහන

පියුම්නිල් ගමගෙදර

බද්ධ කෝණාසනය
වර්තමාන සමාජ ක‍්‍රමය තුළ බොහෝ පුද්ගලයන්ට තමන්ගේ රැකියාවේ ස්වභාවය අනුව දිගු වෙලාවක් පුටුවල අසුන්ගත වී සිටීමට සිදු වීම නිසා, උකුල් තද වීම සිදු වන අතර එ නිසා ම භාවනා වැනි ක‍්‍රියාකාරම් සඳහා බිම අසුන් ගැනීම ඉතා ම අපහසු කටයුත්තක් වී ඇත. බද්ධ කෝණාසනය (Bound angle pose)  වැනි ආසන පුහුණු කිරීමෙන් ඔබගේ උකුළ විවෘත ව හා නිදහසේ පැවැත්විය හැකි වන අතර එනිසා පොළොව මත ඉතා පහසුවෙන් සහ ස්වභාවික ලෙස අසුන් ගැනීමේ හැකියාව උදා වේ.

ක‍්‍රමය

1. දෙපා ඉදිරියට විහිදා බිම ඉඳ ගන්න.

2. දණහිස් නමා දෙපා සිරුර දෙසට ගන්න.

3. යටිපතුල් දෙක ම එකට තබා, ඇඟිලි ප‍්‍රදේශයෙන් අල්ලා ගෙන විළුඹ යටි උදරය දෙසට ළං කරන්න. දෙපාවල අනෙක් පෙදෙස පොළොවේ ස්පර්ශ විය යුතුයි. විළුඹවල පිටුපස පෙදෙස යටි උදරය ස්පර්ශ විය යුතු යි.

4. කලවා ඈත්කර, දණහිස් ද පොළොව ස්පර්ශ වන තුරු පහත් කරන්න. මෙම ආසනය පුහුණුවන මුල් අවස්ථාවල දී ඉහත පරිදි දණහිස් පොළොව ස්පර්ශවන තුරු පහත් කිරීම අපහසු නම්, දණහිස් හා පොළොව අතර නමන ලද බ්ලැන්කට්ටු දෙකක් ආධාරක ලෙස තබා ගනිමින් ආසනය පුහුණු විය හැකි ය. එමෙන් ම ආරම්භයේ දී පොළොවට තරමක් උස් මට්ටමකින් අසුන් ගෙන ආසනය පුහුණු වීම ද කළ හැකි ය.

5. අතැඟිලි බැඳ, එයින් දෙපා දැඩි ව අල්ලා ගෙන කොඳු නාරටිය ද ඍජු ව තබමින් නාසයේ අග කොටස දෙස බලා සිටින්න. ඔබ හැකි වෙලාවක් එලෙස රැුෙ`දන්න.

6. වැලමිටි දෙක කලවා මත තබා පහළට තද කරන්න. හුස්ම හෙළන්න. ඉදිරියට නැමී හිසත් නාසයත් පසු ව නිකටත් පොළොව මත තබන්න. සාමාන්‍ය ආශ්වාස ප‍්‍රශ්වාසයෙන් ම මෙම ඉරියව්වෙහි තත්පර 30 / 60 දක්වා රැදෙන්න.

7. ආශ්වාස කරන්න. පොළොවෙන් ඉහළට සිරුර ඔසවන්න.

8. දෙපා ලිහිල්කර මුදා හරින්න. දෙපා දි`ගුකර විවේක ගන්න.

සැලසෙන වාසි

මෙය භාවනා කිරීම සඳහා ද භාවිත කළ හැකි අසුනකි. මෙම ආසනයේ ඉඳගෙන භාවනා කිරීමේ දී දෝත එක්කොට පපුව මත තබා ගැනීම ද සිදු කරයි.

තව ද මෙම අසුන පුහුණු කිරීම මූත‍්‍රා රෝගවලින් පෙළෙන අයට ගුණදායක ය. එසේ ම මෙමඟින් රුධිර සැපයුම ක‍්‍රමවත් වීමෙන් යටි උදර පෙදෙස, යටි උදර පෙදෙසේ අවයව උත්තේජනය වීම සිදු වන අතර එය යටි උදර පෙදෙසේ අවයවවල නිරෝගී බවට උපකාරී වෙයි. එමෙන් ම ස්ත‍්‍රීන්ගේ ඔසප් දෝෂ හා ඩිම්බවල අක‍්‍රමිකතාවලට මනා ඔසුවක් බඳු යි. තව ද ගැබිණි මාතාවන් මෙම අසුනේ දිනකට විනාඩි කිහිපයක් සිටීම ම`ගින් පහසු දරු ප‍්‍රසූතියකට මඟ පාදන බව ද සඳහන් ය.

මහාමේඝ 2011 නිකිණි කලාපය
WWW.MAHAMEGHA.

යෝගාසන සටහන

පියුම්නිල් ගමගෙදර

වජ‍්‍රාසනය සහ සුප්ත වජ‍්‍රාසනය
වජ‍්‍රාසනය

වජ‍්‍රාසනය භාවනා කිරීමේ දී භාවිත වන යෝගාසනයක් වන අතර බොහෝ දෙනෙකුට පහසුවෙන් පුහුණු විය හැකි ආසනයකි. මෙම ඉරියව්වේ දී සිරුර දියමන්තියක් ලෙසින් දැඩි ව පවත්වා ගත හැකි හෙයින් දියමන්ති ඉරියව්ව (diamond pose) ලෙසින් ද හැඳින්වෙයි. අකුණු පහර යන අරුතින් වජ්ර ලෙස නම් කර ඇත.

මෙම ආසනයේ දී කොඳු ඇට පෙළ, ගෙල සහ හිස එක ම සරල රේඛාවක ඍජු ව පිහිටන පරිදි තබා ගනී. දෑත මත කිසිදු පීඩනයක් ක‍්‍රියාත්මක නො වේ. පළමු ව පාද දණහිස ළඟින් මුළුමනින් ම පසු පසට නවා යටි පතුල් මත වාඩිවන්න. මෙහි දී, දෙපය ඇ`ගිලි පෙදෙසින් එකට එකතු වී විළුඹ උඩු අතට හැරී තිබිය යුතු යි. ඉන් පසු ව කොන්ද කෙළින් තබා ගෙන, දෑත හොඳින් ඍජු ව දිග හැර ඒවා දණහිස් මත තබා ගන්න. මෙම ඉරියව්වෙන් දවසේ ඕනෑ ම වේලාවක වාඩි වී සිටිය හැකි අතර ආහාර ගැනීමෙන් පසු ව හෝ දිගු ගමනක් ගොස් පැමිණි විටෙක හෝ මෙම ඉරියව්වෙන් වාඩි වී සිටිය හැකි ය. මෙම`ගින් වෙහෙසට පත් පාදවලට සහනයක් ලැබේ. පොතක් කියවන අතරතුර වුව ද මෙසේ වාඩි වී එය කිරීම සුදුසු යි.

රුධිර පීඩනය පාලනය කිරීම, කොඳු ඇට පෙළ ශක්තිමත් කිරීම, ආහාර ජීර්ණ පද්ධතියට හිතකර බලපෑම් ඇති කිරීම, දණහිස්වල, පා ඇටවල එක් රැස් වී ඇති අපද්‍රව්‍ය ඉවත් වීම සහ මනසේ ස්ථාවර බව පවත්වා ගැනීම වැනි ප‍්‍රයෝජන මෙම ආසනය පුහුණු කිරීමෙන් සලසා ගත හැක.

සුප්ත වජ‍්‍රාසනය

වජ‍්‍රාසන ඉරියව්වේ ම වෙනත් ආකාරයකි. වැතිර සිටීම හෝ විවේකීව සිටීම යන අරුත දෙන වචනයකි, සුප්ත.

පළමු ව වජ‍්‍රාසන ක‍්‍රමයට වාඩිවන්න. පසු ව දණහිස්වලින් නැඟී සිට පාද දෙක දෙපසට කර ඒ අතරින් වාඩිවන්න. මෙහි දී පසු පෙදෙස (නිතඹ)  බිම ගෑවිය යුතු යි. ඉන් පසු වැලමිට භූමිය මත තබා දෑත ශක්තිමත් ව තබා ගනිමින් ක‍්‍රමයෙන් කඳ පසු පසට නමන්න. මෙහි දී ක‍්‍රමයෙන් ගෙල ද පසු පසට නැමිය යුතු අතර ඇස් බැල් ම ද පසු පසට යොමු වී තිබිය යුතු යි. අවසානයේ දී මුළුමනින් ම කඳ පහතට පැමිණි අවස්ථාවේ දී අත් දෙක වැලමිටෙන් නමා එක් අතක් අනෙක් අත මත තිබෙන පරිදි පොළොවේ තබා ගන්න. මෙවිට හිස අත් මත තබා ගත හැකි යි. මෙම ඉරියව්වේ දී උරහිස් පොළොව මත තිබිය යුතු යි. මෙහි දී දණහිස් ළංකොට තබා ගත යුතු අතර එසේ අපහසු නම් ආරම්භක පුහුණුවීම්වල දී දණහිස් වෙන්කර තබා ගත හැකි ය. සාමාන්‍ය ලෙස ආශ්වාස, ප‍්‍රශ්වාස කරමින් මෙම ඉරියව්වේ විනාඩියක් දෙකක් සිටින්න. නැවත මුල් ඉරියව්වට පැමිණීම සඳහා පළමු ව දෑත ඉවතට ගෙන සිරුර දෙපැත්තෙන් තබා ගන්න. අනතුරු ව වැලමිටේ උපකාරයෙන් නැඟීසිටිය හැකි ය.

මෙය අසීරු ඉරියව්වකි. ටික දිනක් පුහුණු වීමෙන් නිවැරදි ක‍්‍රමය හුරු කර ගත හැකි ය. සුප්ත වජ‍්‍රාසනය පුහුණු වීමෙන් දණහිස්, කලවා, ඉඟ, උදරය, කොඳු ඇට පෙළ, වළලූකර යනා දී අවයව ශක්තිමත් කෙරේ. එසේ ම වකුගඩුවල නිරෝගී බවට, මලබද්ධය, පාදවල වේදනා, අධිරුධිර පීඩනය ආදිය පාලනය කර ගැනීමට උපකාර වෙයි. තව ද කායික මානසික ආතතිය සමනය කරයි.

දණහිස්වල තුවාල, වේදනා ඇති අවස්ථාවල දී මෙම ආසන පුහුණුවීම නුසුදුසු ය.

මහාමේඝ 2011 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.

යෝගාසන සටහන

පියුම්නිල් ගමගෙදර

සුඛාසනය සහ වීරාසනය
මෙවර අප අවධානය යොමු කළේ බොහෝ දෙනෙක් හදුනන තවත් යෝගාසන දෙකක් පිළිබඳව යි. එනම් සුඛාසනය සහ වීරාසනය පිළිබඳව යි. එම ආසන මනාව පුහුණු වන ආකාරයත් සැලසෙන ප‍්‍රයෝජනත් සලකා බලමු.

සුඛාසනය

ඉහිල්වීමේ ඉරියව්වකි. මෙය පහසු  ඉරියව්වක් වන අතර භාවනා කිරීමට අපේක්ෂිතව ඉහිල්වීම සඳහා ද භාවිතා  කෙරෙන ආසනයකි. එමෙන්ම ශාස්ත‍්‍රීය භාවනා ඉරියව්වකි.

1. සමතලා බිමක වාඩි වෙන්න.

2. රූපයේ පරිදි දණහිසට පහළින් පාද සිටින සේ පාද එකිනෙක මත හරස්ව තබා ගනිමින් පිහිටුවා ගන්න.

3. දණහිස් තදින් අල්ලා ගන්න.

4. ඔබේ හිස සහ ශරීරය ඍජුව පිහිටුවා ගන්න.

ආරම්භයේ දී මෙම ආසනය ඝනකම්  කොට්ටයක් මත පහසුවෙන් පුහුණු විය හැක.

ආසනය පුහුණු වීමෙන් ලැබෙන ප‍්‍රයෝජන:

1. අභ්‍යන්තර සන්සුන් බව

2. කොඳු ඇට පෙළ ශක්තිමත් වීම

3. උකුල විවෘත වීම

4. පරිවෘත්තිය වේගය අඩු කිරීම

5. වෙහෙස දුරු වීම.

සීමා:

දණහිසේ තුවාල ඇති විට නුසුදුසු ය.

වීරාසනය

මූලික ආසන ඉරියව්වකි. භාවනා කිරීම සඳහා ද යෝග්‍ය ආසනකි.

1. රූපයේ පරිදි ඔබගේ දෑත සහ දණහිස් උකුලේ පළලට ඈත් කර පොලව මත (සමතලා බිමක) තබා ගන්න. නමුත් පාද උකුලේ පළලට වඩා සුළු ප‍්‍රමාණයකින් වැඩි වන පරිදි ඈත් කර තබා ගත යුතුයි. තවද පාද පිටුපසට එල්ල වී පැවතිය යුතුයි.

2. ඔබගේ දෑත ද ආධාර කර ගනිමින් පාද අතර වාඩි වෙන්න. ඉන් පසු උකුල සෙමෙන් පොලව වෙතට පහත් කරන්න. මේ ක‍්‍රමයට ඔබට පහසුවෙන් වාඩි වී සිටිය නොහැකි නම් හෝ මෙසේ වාඩි වී සිටින විට දණහිස් වේදනා හට ගනී නම් කිහිප වරක් නමන ලද බ්ලැන්කට්ටුවක් මත මෙම ආසනය  පුහුණු කරන්න.  සමහර විට මෙම ආසනයේ පහසුවෙන් රැුදී සිටීමට මාස කිහිපයක් පුහුණු වන්නට සිදු වනු ඇත. පසුව ඔබට පාද අතර නිතඹ තබා පහසුවෙන් ස්ථාවරව පොළව මත අසුන්ගතව සිටිය හැකි වනු ඇත.

3. ඉන්පසුව උදරය පසුපසට කර උකුල යෝග්‍ය ලෙස පිහිටුවා ගෙන මනා ලෙස සිරුරේ කේන්ද්‍රය පවත්වා ගත යුතු යි. එවිට ඔබගේ උකුල කලවය සමග ලම්බකව පිහිටයි. අනතුරුව ඔබගේ දෑත උකුල මත හෝ කලව මත හෝ විවේකිව තබා ගෙන දෑස වසා ගන්න. උරහිස් කනට පිටුපසින් සහ පහළට සිටින සේ සැහැල්ලූ‍වෙන් තබා ගන්න. ඉන්පසු හිසට සම්පූර්ණ සමතුලිත බවක් දැනෙන තුරු නිකට ඔසවා හෝ පහත් කර පිහිටුවා ගන්න.

ආසනය පුහුණු වීමෙන් ලැබෙන ප‍්‍රයෝජන:

1. දණහිස්, වළලූ‍කර, කලව දිගැදෙයි.

2. කපාට ශක්තිමත් කරයි.

3. ආහාර දිරවීම වැඩි දියුණු කරන අතර වායු මුදා හැරීමට උපකාර වෙයි.

4. ආර්තවාභාවය නිසා ඇතිවන විවිධ රෝග ලක්ෂණ දුරු කරයි.

5. අධි රුධිර පීඩනය සහ ඇදුම සඳහා ප‍්‍රතිකාර ක‍්‍රමයකි.

සීමා:

1. හෘදයේ ගැටළු පවතින පුද්ගලයන් මෙම ආසනය පුහුණු වීම නුසුදුසු ය.

2. හිසරදයෙන් පෙලෙන අවස්ථාවල පුහුණු වීමේදී පසුපස, ආධාරකයක තබා ගන්න.

3. දණහිස හෝ විලූ‍ඹ තුවාල වී ඇති අවස්ථාවල දී ද මෙම ආසනය පුහුණු වීම නුසුදුසු ය.

මෙම ඉරියව්වේ දී පාදයේ වළලූ‍කරට වේදනාවක් දැනේ නම් අසුන් ගැනීමට පෙර නමන ලද තුවායක් වළලූ‍කරට යටින් තබා ගන්න.

මහාමේඝ 2011 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන

පියුම්නිල් ගමගෙදර