සිත නිවන භාවනා | Mahamegha Magazine

අසුභ භාවනාව නිවැරදිව වඩන හැටි
ගිහි අයට අසුභය අකැප ද?

අද අපි ඔබට උගන්වන දේ සමහරවිට ඔබ අකැමති දෙයක් වෙන්ට පුලුවන්. මේකට කියන්නේ ‘අසුභ භාවනාව’ කියලා. ඔබ අකැමති වුණාට කරන්න දෙයක් නෑ. ඔබ මේ ගැන පොඞ්ඩක් හිතුවොත් ඔබට ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්. අසුභ භාවනාව කරන්න ඉස්සෙල්ලා අපි කාරණා කිහිපයක් දැන ගත යුතුයි. මේ රටේ අසුභ භාවනාව ගැන ආකල්ප ටිකක් තියෙනවා. ඒවා තමයි “මේ අසුභ භාවනාව ගිහි අය කළ යුතු නෑ. ගිහි අය ඒ විදිහට කල්පනා කළ යුතු නෑ. අසුභ භාවනාව ගිහි අයට අදාළ නෑ. ඒකෙන් ගිහි ජීවිතය කඩාකප්පල් වෙනවා” කියලා කියනවා. මේක සත්‍යයක් නම්, ඔබ චුට්ටක් හිතලා බලන්න වෛද්‍යවරු, හෙද හෙදියන් කොයිතරම් මේ රෝගීන් අතපත ගානව ද? කොයිතරම් අසුභ දර්ශන දකින්න ලැබෙනව ද? ඒ වගේ ම කොයි තරම් ජීවමාන මිනිස්සුන්ගේ අත පය කපලා, කොයි තරම් අසුභ කොටස් දකිනව ද? ඊ ළඟට මිනී කපන මිනිස්සු කොච්චර මේවා දකිනවා ද? එහෙම නම් ඒ සියලු දෙනාගේ ජීවිත කඩාකප්පල් විය යුතුයි. එහෙම නම් ඒ සියලු දෙනාගේ ජීවිත අසාර්ථක විය යුතුයි. ඒක නෙමෙයි හේතුව. කාමයට වසඟ වූ සිත් ඇති, කාමයෙන් උන්මාදයට පත් වූ උදවිය ‘අසුභ’ කියන වචනයට තරහයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ද්වේෂ කරනවා. (ධම්මදෙස්සී පරාභවෝ) ධර්මයට ද්වේෂ කරන කෙනා තමයි පිරිහෙන්නේ. කවදාවත් ධර්මයට කැමති කෙනා පිරිහෙන්නේ නෑ. (ධම්මකාමෝ භවං හෝති)

අසුභ භාවනාවට ප්‍රවේශ වෙන්නේ මෙහෙමයි

මේ නිසා අසුභ භාවනාවෙදිත් එක එක්කෙනා එක එක දේවල් කියයි. අපට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. වැදගත් වෙන්නේ ඔබ මේ ජීවිතයේ තියෙන ඇත්ත දකින්න, ඇත්ත අවබෝධ කරන්න සූදානම් ද කියන එකයි. හැබැයි මේකෙදි මේ භාවනාවට ප්‍රවේශ වෙන්න ඔබ මේ පිළිබඳ ව යම්කිසි දැනුමක් ලබාගන්න ඕන. අසුභ භාවනාව කියන්නේ කුණප කොටස් ගැන ඒ විදිහටම බැලීම. උදාහරණයක් විදිහට අපි ගනිමු කොණ්ඩය. දැන් කොණ්ඩෙ දිග කෙනෙක් ඉන්නවා. මෙයා මේ කොණ්ඩෙට ආදරෙයි. මෙයා මේ කොණ්ඩෙ අතට අරගෙන අතගානවා. කොණ්ඩෙ පීරනකොට කෙස් ගහක් ගැලවිලා ආවොත්, ඒ කෙස් ගහ ගලවලා අරන් තියනවා. අපි ගමු නියපොතු. නියපොතුවලට කෙනෙක් කැමතියි. නියපොත්ත වැවෙන්න ඇරලා ලස්සනට හැඬේට නියපොත්ත කපනවා. නියපොත්තට පාට ගානවා. ගාලා එයා සතුටක් ලබනවා. අපි ගමු දත්. දත් නිරන්තරයෙන් ම මැදලා මැදලා, පිරිසිදු කරලා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා හිනාවෙලා, දත් දිහා බලලා සතුටක් ලබනවා. අපි ගමු සම. එයා හමේ සුන්දරත්වය දිහා බල බල සතුටක් ලබනවා. එබඳු ජීවිතයක් ගෙවන කෙනෙකුට මේ කුණප කොටස් බලනවා කිව්වම ඒක අමුතු එකක් තමයි.

හැමදාම ලස්සනට ඉන්නට පුළුවන් ද?

නමුත් අපට අදාළ වෙන්නේ ඒක නෙවෙයි, බුදුරජාණන් වහන්සේ මක් නිසා ද මේක වදාළේ කියන එකයි. මේක අපි පැටළුණු තැනක්. අපට හැමදාම ලස්සන කොණ්ඩයක් තියාගන්න පුළුවන් නම්, අපට හැමදාම ලස්සන නියපොතු තියාගන්න පුළුවන් නම්, අපට හැමදාම පුළුවන් නම් ලස්සනට මේ ජීවිතය පවත්වන්න ප්‍රශ්නයක් නෑ. නමුත් පින්වතුනි, අපි ජරා ජීර්ණ වෙන කාලයක් එනවා. අන්න එතකොට මේ ජීවිතය පිළිබඳ අවබෝධය අවශ්‍යයි. ඒ අවබෝධය මේ දැන් අපි මේ ජීවිතය තුළ ලබාගෙන තියෙන්න ඕන. මේ නිසා අසුභ භාවනාවේ දී අන්න ඒක උපකාර වෙනවා.

කුකුල් පිහාටුව පිච්චුවා වගේ…

බුදුරජාණන් වහන්සේ වදාළා, “නියම විදිහට අසුභ භාවනාව වැඩුවා නම්, කුකුල් පිහාටුව පිච්චුවා වගේ” කියලා. කුකුල් පිහාටුවක් අරගෙන ඉටිපන්දමකට ඇල්ලුවොත්, ඒ කුකුල් පිහාටුව ඇකිලිලා ඇකිලිලා පිච්චිලා යනවා. ඊට පස්සේ ඒක පරණ විදිහට දිගඅරින්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළා, අසුභ භාවනාව නියම විදිහට වැඩුවොත්, එයා සම්පූර්ණයෙන් ම නිෂ්කාමී හිතක් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් එයා හොඳ උපේක්ෂාවක් දියුණු කර ගන්නවා.

සුභ සඤ්ඤාවෙන් අසුභය වැඩුවොත්…

මේ අසුභ භාවනාව සමාධියක් වඩන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙන එකක්. හැබැයි අසුභ භාවනාව වඩාගෙන යද්දි ඔබට අප්පිරියාවක් ඇතිවුණොත්, ඇත්තෙන්ම ඔබ අසුභය වඩලා නෑ. ඔබ වඩලා තියෙන්නේ සුභ සඤ්ඤාවක් ම යි. ඒ නිසා අසුභයේදී ඔබට කරන්න තියෙන්නේ මෙහෙමයි.

බුදුරජාණන් වහන්සේ ඒ සඳහා උපමාවක් පෙන්නුවා. ඔන්න දෙපැත්තෙ කට තියෙන ධාන්‍ය පුරවපු මල්ලක් තියෙනවා. එහි එක එක ධාන්‍ය වර්ග තියෙනවා. ඉතින් ඇස් පේන කෙනෙක් මේ මල්ල අරගෙන මේ ධාන්‍ය මල්ල ලිහනවා. ලිහලා මේ ධාන්‍ය ටික සේරම හළලා, ගොඩගහනවා. ‘මේවා හාල්, මේවා කඩල, මේවා මෑ, මේවා මුං ඇට, මේවා කව්පි..’ ආදී වශයෙන් ගොඩ ගහනවා.

මෙන්න මේ විදිහට යටි පතුලෙන් උඩ, කෙස් රොදෙන් යට, හමකින් ආවරණය වූ නොයෙක් ආකාරයේ කුණප කොටස් පිරුණ මේ කය දිහා අර ධාන්‍ය මල්ල ලෙහල වෙන් කර කර බලනවා වගේ නුවණැති කෙනා නිශ්ශබ්ද ව, ශාන්ත තැනකට වෙලා බලන්න පටන් ගන්නවා. එයා හිතනවා ‘මේ කයේ තියෙන කෙස් කුණප කොටසක්. මේ කයේ තියෙනවා ලොම්, මේ කයේ තියෙනවා නියපොතු….’ මේ ආදී වශයෙන් වෙන් කර කර බලනවා.

ජීවිතය සුන්දර කර ගන්න නම් අසුභය වඩන්න…

දැන් ඔබට මේකෙන් තේරුම් ගන්න පුළුවනි, බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් භාවයට පත් වුණේ කොයි විදිහට ජීවිතය දිහා බලල ද කියලා. අන්න එහෙම නම් ඔබටත් ඔබේ ජීවිතයේ නිදහස් භාවයක් ඇති බව අත්දකින්නට නම්, ජීවිතය බලන විදිහ තමයි ඒක. මොකද, ජීවිතයේ සුන්දරත්වයට පත්වෙන්නේ බැඳීමකින් නෙවෙයි. බැඳීම්වලින් නිදහස් වීමෙන් ම යි ජීවිතය සුන්දරත්වයට පත් වෙන්නේ. එහෙම නම් ජීවිතය සුන්දරත්වයට පත් වෙන්න උපකාරවන ධර්මයක් තමයි මේ කුණප කොටස් බලන එක. ඉතින් මේ විදිහට කුණප කොටස් බැලීමේ දී ඔබ තනිකරම මනසින් මවාගෙන මේක කරන්නේ. මනසින් මවාගත්තා කියලා ඔබේ ජීවිතය කඩාකප්පල් වෙන්නේ නෑ. එහෙම නම් ඔබේ ජීවිතයේ ඔබ වැසිකිළි ගිය වෙලාවට, ඔබ කැසිකිළි ගිය වෙලාවට, ඔබ මළපහ කරපු වෙලාවට, ඔබේ ජීවිතය කඩාකප්පල් වෙන්න ඕන. ඔබේ ජීවිතය එහෙම කඩාකප්පල් වෙන්නේ නෑ.

ආනාපානසතියට පෙර…

සාමාන්‍යයෙන් භාවනාව වැඩෙන්නේ නැති කෙනෙකුට වුණත්, අසුභ භාවනාව කිරීම තුළ ආනාපානසතිය කරන්න සුදුසුකම් ලැබෙනවා. ආනාපානසතිය සියලු දෙනාට ම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ. සමහර අය ඉන්නවා ස්වාභාවිකව ම හොඳට සිහිය පිහිටන අය. අන්න ඒ කෙනා ආනාපානසතිය කරන්න ඕන. එහෙම නැත්නම් ඒකට ප්‍රවේශ වෙන්නට ඉස්සෙල්ල වුණත් අසුභ භාවනාව බොහොම හොඳයි. අඩුගානෙ විනාඩි විස්සක් තිහක් කෙනෙකුට කරන්න පුළුවන් නම්, එයාට ජීවිතයේ ලොකු දියුණුවක් ලබාගන්නට පුළුවන්.

– අසුභ භාවනාව –

1. මේ කයේ තිබෙන්නා වූ ‘කෙස්’ කුණු වී යන හෙයින් ද දුගඳ හමන හෙයින් ද පිළිකුල් ශරීරයක පිහිටි හෙයින් ද දිරා යන හෙයින් ද දැකීම් වශයෙන් ද ස්පර්ශ කිරීම් වශයෙන් ද සටහනින් ද පිළිකුලයි….. පිළිකුලයි….. පිළිකුලයි…..

2. ලොම්

3. නියපොතු

4. දත්

5. සම

6. මස්

7. නහර

8. ඇට

9. ඇටමිදුළු

10. වකුගඩු

11. හදවත

12. අක්මාව

13. දළබුව

14. බඩදිව

15. පෙනහලු

16. කුඩා බඩවැල

17. මහා බඩවැල

18. ආමාශය

19. අසූචි

20. හිස්මොළ

21. පිත

22. සෙම

23. සැරව

24. ලේ

25. දහදිය

26. තෙල්මන්ද

27. කඳුළු

28. වුරුණු තෙල්

29. කෙළ

30. සොටු

31. සඳමිදුළු

32. මුත්‍රා

උපුටා ගැනීම – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ‘සිතට සුව දෙන භාවනා’ ග්‍රන්ථයෙනි

සීලානුස්සති භාවනාව
දැන් ඔබ ඉගෙන ගන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙකු තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු උදාර ගුණාංගයක් පිළිබඳවයි. ඒ තමයි සීලානුස්සතිය. සීලානුස්සති භාවනාව කියන්නේ තමන්ගේ වචනයත් කයත් සංවර කරගැනීම තුළ තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමයි. තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමේදී තමන්ගේ වචනයෙන් සිදුවුන අඩුපාඩු හඳුනාගෙන එයින් අත්මිදෙන්නට ඕනෙ. තමන්ගේ කයින් සිදුවුන අඩුපාඩු හඳුනාගෙන එයින් අත්මිදෙන්නට ඕනෙ. ඉන්පසු තමන් කය හසුරුවන ආකාරය ගැන සිහියෙන් ඉඳල, එයා උදෑසන ම අවදිවෙලා අධිෂ්ඨාන කරන්නට ඕනෙ මම මගේ ශරීරය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නෙ නෑ. මම මගේ වචනය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නෙ නෑ කියලා.

තමන්ගේ කයත් වචනයත් පිළිබඳව ශාන්ත බවත් සංවර බවත් ඇති කරගැනීම පිණිස වෙහෙස මහන්සි වෙන කොට තමන් නොදැනීම උදාර ගුණාංගවලට තමන් හිමිකාරයෙක් බවට පත්වෙනවා. ඒ තුළින් තමන්ට පුළුවන් වෙනවා සියලු දෙනා කෙරෙහි තමන් ගැන විශ්වාසනීයත්වයක් ගොඩ නගන්න.

මේ විදිහට තමන්ගේ කයයි, වචනයයි සංවර කරගෙන තමන්ගේ සීලමය ගුණය දියුණු කරන්නට ඕනෙ. සවස් කාලය වෙද්දි එයාට සතුටු වෙන්න පුළුවන් මගේ ජීවිතය අද බොහොම යහපත් විදිහට ගත කෙරුණා. මම අද මගේ කය මුල්කරගෙන කාටවත් හිංසාවක් පීඩාවක් කළේ නෑ. මම සොරකමක් කළේ නෑ. මම වැරදි ජීවිතයක් ගෙව්වේ නෑ. මම යහපත් ජීවිතයක් ගෙව්වා. මම අද මත්පැන් පානයට යොමු වුණේ නෑ. මම අද ගත කරපු ජීවිතය තුළ කිසි කෙනෙක්ව බොරුවෙන් රැවැට්ටුවේ නෑ. කේළමක් කිව්වෙ නෑ. ඵරුෂ වචනයක් කිව්වෙ නෑ. හිස් වචන කියමින් කාලය කා දැම්මෙ නෑ.

මේ විදිහට තමන්ගේ සීලය ගැන සිහිකිරීමේදී, පිරිසිදු වස්ත්‍රයක් දෙස බැලීමේදී ඒ පිරිසිදු වස්ත්‍රයේ අඩුපාඩු ටික හොඳින් පේනවා වගේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ සීලයේ අඩුපාඩු පැත්ත පේන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට පේන නිසා තමන්ගේ සිල්වත් බව භාවනාවක් හැටියට දියුණු කරගන්නවා.

මේ සීලානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් නිරතුරුවම සිදුකරන භාවනාවක්. සීලානුස්සති භාවනාව සිහි කරන්න සිහිකරන්න මෙයාගේ සිත ශාන්ත වෙනවා. මෙයාගේ හිතේ තියෙන පසුතැවිල්ල නැතිවෙලා යනවා. විපිළිසරභාවය නැතිවෙලා යනවා. කලබලකාරී බව නැතිවෙලා යනවා. මේ සංසිඳීමත් එක්ක සිත සමාධිගත වෙනවා. එහෙම නම් ඔබට සීලානුස්සති භාවනාව තුළ බොහොම පහසුවෙන් සමාධියක් කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තම තමන්ගේ ගුණාත්මක ජීවිතය යළි යළි සිහිකරන්න පුළුවන්කම කෙනෙකුට ලැබෙන උතුම්ම ලාභයක්. ඔබ තුළ ඇති උතුම් ගුණාංග නිරන්තරයෙන්ම මනසිකාරයේ යෙදෙමින් භාවනාමය වශයෙන් දියුණුවක් කරා යන්න පුළුවන් වෙනවා.

– සීලානුස්සති භාවනාව –

මාගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිල්වත් වන සේක. බුදුරජාණන් වහන්සේ කය සංවර කළ සේක. වචනය සංවර කළ සේක. පිරිසිදු ජීවිතයක් ගත කළ සේක. කයින් සිදුවන සියළුම අකුසල් අවබෝධයෙන් යුතුවම ප්‍රහාණය කළ සේක. වචනයෙන් සිදුවන සියලුම අකුසල් අවබෝධයෙන් යුතුවම ප්‍රහාණය කළ සේක. මිථ්‍යා ආජීවය බැහැර කොට සම්මා ආජීවයෙන් ජීවිතය ගත කළ සේක. සීලය පරිපූර්ණ කළ සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ සීලයෙන් යුතුව සියලු දෙව් මිනිසුන් හට මහා කරුණාවෙන් සීලය පිළිබඳව දේශනා කොට වදාළ සේක. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සීලය නිරතුරුවම මම ආරක්ෂා කරමි. සංසාර දුකින් මිදීම පිණිසම අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය මා සංසාර දුකින් මිදීම පිණිසම අවබෝධයෙන් යුතුවම සිල් පද ආරක්ෂා කරමි.

මම සංසාර දුකින් මිදීම පිණිසම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම සියලු සතුන් කෙරෙහි මෙත් සිත පතුරවමි. ලොකු කුඩා කිසිම සතෙකුට දැන දැන කිසිම හිංසා පීඩාවක් නොකරමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා මා තුළ භය තැතිගැනීමක් නැත. අන් සියලු සත්වයෝ ද බියෙන් හා තැතිගැනීමෙන් වළකින්නේ ය. සුව සේ ජීවත් වන්නේ ය. මම සතුන් මැරීමෙන් වැළකී අන් සියලු දෙනා ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවමි. එහි ගුණ කියමි. මම සතුන් මැරීමෙන් වැළකීම නිසා ද අන් අය සමාදන් කරවීමෙන් ද ගුණ ප්‍රකාශ කිරීමෙන් ද අප්‍රමාණ සතුටක් ලබමි. ඒ සතුට මාගේ චිත්ත සමාධිය පිණිස මට උපකාර වන්නේ ය.

මම සංසාර දුකින් මිදීම පිණිසම සොරකමින් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම කිසිම තැනකදී, කිසිම අයුරකින් අනුන් සතු දෙයක් සොර සිතින්

නොගනිමි. ඉතා කුඩා වූ දෙයක් පවා සොර සිතින් ගැනීමෙන් වළකිමි. මා මෙන් ම අන් සියලු දෙනා ද තම තමන්ගේ ධනයට හා වස්තුවට ආශා කරති. මේ කිසිවෙකුගේ කිසිම දෙයක් සොර සිතින් හෝ වංචාවෙන් රවටා පැහැර නොගනිමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා…

මම සංසාර දුකින් මිදීම පිණිසම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මෙම සිල් පද ආරක්ෂා කරමි. මම කිසිම අයුරකින් මාගේ බිරිඳ ඉක්මවා (ස්වාමියා ඉක්මවා) වැරදි කාම සේවනයේ නොයෙදෙමි. මම මාගේ බිරිඳ කෙරෙහි (ස්වාමියා කෙරෙහි) ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කරමි. මාගේ දරුවන් කෙරෙහි ද ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කරමි. පිරිසිදු චරිතයක් ඇත්තෙක් වෙමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා…

මම සංසාර දුකින් මිදීම පිණිසම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම කිසි තැනකදී, කිසිම අයුරකින් බොරුවෙන් අන් අය රැවටීම නොකරමි. බොරු කීමෙන් පීඩාවට පත් නොකරමි. සත්‍ය වූ වචනම කතා කරමි. සත්‍යයෙහි පිහිටා කතා කරමි. සියලු දෙනාට ඇසීමට ප්‍රිය වූ, මිහිරි වචනම කතා කරමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා…

මම සංසාර දුකින් මිදීම පිණිසම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම සිහි නුවණ නැති කර දමන්නා වූ, ප්‍රමාදයට හේතු වන්නා වූ කිසිම ආකාරයක මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් වළකිමි. දුක පිණිස හෝ සතුට පිණිස හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වළකිමි. ධනය නැති කරන්නා වූ, ආරක්ෂාව නැති කරන්නා වූ, රෝග පීඩා ඇති කරන්නා වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුළුමනින්ම වළකිමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා…

බලවත් වීරියෙන් හා සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් මා ආරක්ෂා කරන මේ (පංච) ශීලය මාගේ සතුට පිණිසම හේතු වන්නේ ය. මාගේ මෙලොව පරලොව දියුණුව පිණිසම හේතු වන්නේ ය. සිහි නුවණ දියුණු වීම පිණිසම උපකාර වන්නේ ය. වීරිය පිණිසම උපකාර වන්නේ ය. සමාධිය දියුණු වීම පිණිසම උපකාර වන්නේ ය. චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම උපකාර වන්නේ ය. මාගේ මේ සීලය නිරතුරුවම ආරක්ෂා කර ගනිමි. මේ සීලානුස්සති භාවනාව සතුට පිණිසම, ප්‍රමෝදය පිණිසම, සමාධිය පිණිසම, චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිසම උපකාර වේවා!

(අටසිල්, දසසිල් සඳහා ද සුදුසු අයුරින් සකස් කරගන්න.)

උපුටා ගැනීම – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ‘සිතට සුවදෙන භාවනා’ ග්‍රන්ථයෙනි

සිත නිවන භාවනා – ධම්මානුපස්සනාව සප්ත බොජ්ඣංග භාවනාව
භාග්‍යවතුන් වහන්සේ මේ භාවනා කොටසින් අපට කියා දී වදාරන්නේ “බොජ්ඣංග” ධර්මයන් ගැනයි. මේ “බොජ්ඣංග” යන වචනය ද ලෝකයේ ප්‍රථමයෙන් භාවිත කරන ලද්දේ අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ විසිනි. “අවබෝධ ඤාණය ඇති වීම පිණිස උපකාරී වන්නේ ය.” යන අර්ථයෙන් (බෝධාය සංවත්තන්තීති) බොජ්ඣංග යැයි හඳුන්වන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. බොජ්ඣංග ධර්මයන් පරිපූර්ණත්වයට පත්වන්නේ සතර සතිපට්ඨානය පරිපූර්ණ වීමෙන් බව වරක් කුණ්ඩලිය නම් තාපසයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.

“පින්වත් කුණ්ඩලිය, ශ්‍රාවකයා කෙලෙසුන් දුරු කිරීමේ වීර්යයෙන් යුතුව (ආතාපි), කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව (සම්පජානෝ), මනා ව යොමු කරන ලද සිහියෙන් යුතු ව (සතිමා) ලෝකයේ ඇලීමත්, ගැටීමත් දුරු කොට, සතර සතිපට්ඨාන ධර්මයන් භාවිත කිරීමෙන්, බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් සප්ත බොජ්ඣංග ධර්මයන් පූර්ණත්වයට පත් වේ.”

බොජ්ඣංග වැඩීමේ උපකාරක අංග…

“පින්වත් මහණෙනි, අවබෝධ ඤාණය පිණිස උපකාරී වන අංග හත නම් වූ සප්ත බොජ්ඣංගයන්ගේ හටගැනීම පිණිස, තමා තුළ පවතින නුවණින් විමසීමේ හැකියාව (යෝනිසෝ මනසිකාරය) තරම් වටිනා වෙන කිසිදු අභ්‍යන්තරික අංගයක් මම නො දකිමි”

(අංග සුත්ත – සං.නි. 01)

බුද්ධෝත්පාදයක දී පමණි අසන්නට ලැබෙන්නේ….

“පින්වත් මහණෙනි, භාවනා වශයෙන් වඩන ලද්දා වූ, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දා වූ මේ සප්ත බොජ්ඣංග ධර්මයන් ගැන, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ පහළ වීමෙන් මිස අබුද්ධෝත්පාද කාලවල දී අසන්නටවත් නොලැබේ.

(උප්පාද සුත්ත – සං. නි.)

“යම් කෙනෙකුගේ සිත අවබෝධ ඤාණයට උපකාරී වන අංග තුළ (සම්බෝධි අංගේසු) මනා කොට භාවනා වශයෙන් වඩන ලද ද, ග්‍රහණය කර ගැනීම දුරු කොට, කිසිවක් අල්ලා නො ගෙන (අසංඛත වූ) නිර්වාණ ධර්මයෙහි පිහිටුවා ගත්තාහු ද, ලොවෙහි බබළන ඒ රහත්හු මුළුමනින් ම නිවීමට පත්වෙති.”

(අපාර සුත්ත – සං. නි.)

එසේ නම් බුදු සසුනේ මහානීය වස්තූන් වූ එම සප්ත බොජ්ඣංග ධර්මයන් වඩන ආකාරය මහා සතිපට්ඨාන සූත්‍රයේ අප මෙතැන් පටන් ඉගෙන ගනිමු.

සති සම්බොජ්ඣංගය

“පින්වත් මහණෙනි, මෙකරුණහිලා භික්ෂුව අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයේ මනා ව පිහිටි සිහිය (සම්මා සතිය) තමා තුළ පවතින කල්හි, සති සම්බොජ්ඣංගය, මාගේ ජීවිත පැවැත්ම තුළ ඇතැයි මනා කොට දැන ගනී. (සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣංගං, අත්ථි මේ අජ්ඣත්තං සති සම්බොජ්ඣංගෝ’ති පජානාති)

අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයේ මනා ව පිහිටි සිහිය, තමාගේ ජීවිත පැවැත්ම තුළ නො පවතින කල්හී, සතිසම්බොජ්ඣංගය, මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනා කොට දැන ගනී. (අසන්තං වා අජ්ඣත්තං සති සම්බොජ්ඣංගං නත්ථි මේ අජ්ඣත්තං සති සම්බොජ්ඣංගෝති පජානාති) යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) හට නො ගත්තා වූ සති සම්බොජ්ඣංගය හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී. (යථා ච අනුප්පන්නස්ස සති සම්බොජ්ඣංගස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති)

යම් ආකාරයකින් (එසේ අවබෝධ ඤාණයක් තුළින්) හටගත්තා වූ සති සම්බොජ්ඣංගය, සමථ – විදර්ශනා වැඩීම වශයෙන් පූර්ණත්වයට පත් වී යයි ද, ඒ බව ද මනා කොට දැන ගනී. (යථා ව උප්පන්නස්ස සතිසම්බොජ්ඣංගස්ස, භාවනාය පරිපූරී හෝති තඤ්ච පජානාති)

ධම්මවිචය සම්බොජ්ඣංගය

අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන්, සතර සතිපට්ඨානය ම බලවත් සිහිනුවණින් විමසා බැලීම තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හී, ධම්මවිචය සම්බොජ්ඣංගය මාගේ ජීවිත පැවැත්ම තුළ තිබේ යැයි මනා කොට දැනගනී. ධම්මවිචය සම්බොජ්ඣංගය තමාගේ ජීවිත පැවැත්ම තුළ නො පවතින කල්හී ධම්මවිචය සම්බොජ්ඣංගය මා තුළ නැතැයි මනා කොට දැන ගනී.

යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) හටනොගත්තා වූ ධම්මවිචය සම්බොජ්ඣංගය හටගන්නේ වෙයි ද ඒ බව ද මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (අවබෝධ ඤාණයක් තුළින්) හටගත්තා වූ ධම්මවිචය සම්බොජ්ඣංගය සමථ – විදර්ශනා වැඩීම් වශයෙන් පූර්ණත්වයට පත් වී යයි ද ඒ බව ද මනා කොට දැන ගනී.

වීරිය සම්බොජ්ඣංගය

අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් බලවත් ව වැඩී යන අයුරින් දියුණු කර ගන්නා වීර්යය තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හී, වීරිය සම්බොජ්ඣංගය මා තුළ ඇතැයි මනා කොට දැන ගනී.

යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණය ඇතිකර ගැනීම නිසා හටනොගත්තා වූ වීරිය සම්බොජ්ඣංගය හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී.

වීරිය සම්බොජ්ඣංගය තමා තුළ නැති කල්හී, වීරිය සම්බොජ්ඣංගය, මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (යෝනිසෝමනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) වීරිය සම්බොජ්ඣංගය හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (අවබෝධ ඤාණයක් තුළින් හටගන්නා වූ විරිය සම්බොජ්ඣංගය, සමථ – විදර්ශනා වැඩීම වශයෙන් පූර්ණත්වයට පත් වී යයි ද ඒ බව ද මනා කොට දැන ගනී.

ප්‍රීති සම්බොජ්ඣංගය

අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන්, සතර සතිපට්ඨානය වැඩී යාමෙන් ඇතිවෙන ප්‍රීතිය, තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හී, ප්‍රීති සම්බොජ්ඣංගය, මා තුළ ඇතැයි මනා කොට දැන ගනී.

ප්‍රීති සම්බොජ්ඣංගය තමා තුළ නො පවතින කල්හි, ප්‍රීති සම්බොජ්ඣංගය, මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) ප්‍රීති සම්බොජ්ඣංගය, හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (අවබෝධ ඤාණයක් තුළින්) හටගන්නා වූ ප්‍රීති සම්බොජ්ඣංගය, සමථ – විදර්ශනා වැඩීම වශයෙන් පූර්ණත්වයට පත් වී යයි ද ඒ බව ද මනා කොට දැන ගනී.

පස්සද්ධි සම්බොජ්ඣංගය

සතර සතිපට්ඨානය තුළ ඇති වූ ප්‍රීතිය නිසා, අවබෝධ ඤණයේ අංගයක් වශයෙන් ඇතිවන කායික – මානසික සන්සිඳීම තමාගේ ජීවිතය තුළ පවතින කල්හී, පස්සද්ධි සම්බොජ්ඣංගය මාගේ ජීවිත පැවැත්ම තුළ පවතී යයි මනා කොට දැන ගනී. පස්සද්ධි සම්බොජ්ඣංගය තමාගේ ජීවිත පැවැත්ම තුළ නො පවතින කල්හී. පස්සද්ධි සම්බොජ්ඣංගය මා තුළ නැතැයි මනා කොට දැන ගනී.

යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) හටනොගන්නා වූ පස්සද්ධි සම්බොජ්ඣංගය හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (අවබෝධ ඤාණයක් තුළින්) හටගත්තා වූ පස්සද්ධි සම්බොජ්ඣංගය, සමථ – විදර්ශනා වැඩීම වශයෙන් පූර්ණත්වයට පත් වී යයි ද ඒ බව ද මනා කොට දැන ගනී.

සමාධි සම්බොජ්ඣංගය

සතර සතිපට්ඨානය තුළ අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය තමාගේ ජීවිත පැවැත්ම තුළ ඇතිවන කල්හී, සමාධි සම්බොජ්ඣංගය මා තුළ පවතී යැයි මනා කොට දැන ගනී. සමාධි සම්බොජ්ඣංගය තමාගේ ජීවිත පැවැත්ම තුළ නො පවතින කල්හී, සමාධි සම්බොජ්ඣංගය මා තුළ නැතැයි මනා කොට දැනගනී. යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) හටනොගත්තා වූ සමාධි සම්බොජ්ඣංගය හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (අවබෝධ ඤාණයක් තුළින්) හටගත්තා වූ සමාධි සම්බොජ්ඣංගය සමථ – විදර්ශනා වැඩීම වශයෙන් පූර්ණත්වයට පත්වී යයි ද ඒ බව ද මනා කොට දැන ගනී.

උපෙක්ඛා සම්බොජ්ඣංගය

සතර සතිපට්ඨානය තුළ අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හී. උපේක්ඛා සම්බොජ්ඣංගය, මාගේ ජීවිත පැවැත්ම තුළ පවතී යයි මනා කොට දැන ගනී. උපෙක්ඛා සම්බොජ්ඣංගය තමාගේ ජීවිත පැවැත්ම තුළ නො පවතින කල්හී, උපෙක්ඛා සම්බොජ්ඣංගය මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) හට නො ගත්තා වූ උපෙක්ඛා සම්බොජ්ඣංගය හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (අවබෝධ ඤාණයක් තුළින්) හටගන්නා වූ උපෙක්ඛා සම්බොජ්ඣංගය සමථ – විදර්ශනා වැඩීම වශයෙන් පූර්ණත්වයට පත් වී යයි ද ඒ බව ද මනා කොට දැන ගනී.

තමන් තුළ සේ ම අන් අය තුළ ද එක ම ධර්මතාවකි…

මේ ආකාරයෙන් තමාගේ යයි සලකනු ලබන්නා වූ සප්ත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි, එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් (ධම්මානුපස්සනාවෙන්) වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන්නා වූ සප්ත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි, එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් (ධම්මානුපස්සනාවෙන්) වාසය කරයි. තමාගේ යයි සලකනු ලබන්නා වූ ද අනුන්ගේ යයි සලකනු ලබන්නා වූ ද සප්ත බොජ්ඣංග ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් (ධම්මානුපස්සනාවෙන්) වාසය කරයි.

හේතු – ඵල දහමකි මෙහි ඇත්තේ…

සප්ත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි මේ මේ කාරණා නිසා සප්ත බොජ්ඣංග ධර්මයන් හටගන්නේ යයි අවබෝධයෙන් දකිමින් (ධම්මානුපස්සනාවෙන්) වාසය කරයි. සප්ත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි මේ මේ කාරණා නැති වී යාමෙන් සප්ත බොජ්ඣංග ධර්මයන් නැති වී යන්නේ යැයි අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මෙසේ සප්ත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි මේ මේ කාරණා නිසා සප්ත බොජ්ඣංග ධර්මයන් හටගන්නේ යයි ද නැති වී යන්නේ යයි ද අවබෝධයෙන් දකිමින් (ධම්මානුපස්සනාවෙන්) වාසය කරයි.

අවබෝධය තුළින් විමුක්තිය කරා….

සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා හට හේතු – ප්‍රත්‍යයන් නිසා සකස් වූ, සංඛත ධර්මයක් වශයෙන් පවත්නා, අනිත්‍යය වූ, දුක් වූ, අනාත්ම වූ සප්ත බොජ්ඣංග නම් වූ ධර්මයන් පවතී යැයි, සප්ත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි මනා ව යොමු කළ සිහිය බලවත් ව පිහිටියේ වෙයි. (අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති) එසේ ධම්මානුපස්සනාවේ මනාව පිහිටි සිත, තව දුරටත් අවබෝධ ඤාණය දියුණු වීම පිණිසත් සිහිනුවණ බලවත් ව දියුණු වීම පිණිසත් පවතී. (යාවදේව ඤාණමත්තාය, පතිස්සතිමත්තාය)

සප්ත බොජ්ඣංග ධර්මයන් මම ය, මාගේ ය, මාගේ ආත්මය ය වශයෙන් ග්‍රහණය කර නො ගෙන වාසය කරයි. (අනිස්සිතෝ ච විහරති) ලෝකයේ කිසිවක් කිසි ම පිළිවෙළකින් ග්‍රහණය කර නො ගනී. (න ච කිඤ්චි ලෝකේ උපාදියති)

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් පරිදි ශ්‍රාවකයෙකු තුළ විමුක්තිය පිණිස බොජ්ඣංග ධර්මයන් පරිපූර්ණත්වයට පත්වෙන්නේ ඒ අයුරිනි. කුණ්ඩලිය නම් තාපසයා හට බොජ්ඣංග ධර්මයන් දියුණු වන ආකාරය අනුපිළිවෙළින් පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි.

“පින්වත් කුණ්ඩලිය, ඉන්ද්‍රිය සංවරය බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් ත්‍රිවිධ සුචරිතය වර්ධනය වේ. ත්‍රිවිධ සුචරිතය පුරුදු කිරීමෙන් බහුල වශයෙන් පුරුදු කිරීමෙන් සතර සතිපට්ඨානය පූර්ණත්වයට පත් වේ. සතර සතිපට්ඨානය භාවිත කිරීමෙන් බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් සප්ත බොජ්ඣංග ධර්මයන් පූර්ණත්වයට පත් වේ”

එසේ නම් අපිත් ඒ ආකාරයට බොජ්ඣංග ධර්මයන් දියුණුකර ගැනීම පිණිස උත්සාහවත් වෙමු.

සප්ත බොජ්ඣංග භාවනාව ගැන වැඩිදුරටත් කරුණු දැනගැනීම සඳහා “සිතට සුවදෙන භාවනා” ග්‍රන්ථයේ අදාළ කොටස කියවන්න.

(මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි)

ඇසුර – අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ “ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ” සදහම් ග්‍රන්ථය

ධම්මානුපස්සනාව – පංච උපාදානස්කන්ධ අනිත්‍ය භාවනාව
පැහැදිලි ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනෑ

බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන විශාල අවබෝධයක් ශ්‍රාවකයාට ලබාදෙනවා. මේ නිවන් මඟ පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ව හඳුන්වා දුන්නේ කිසිවෙකු විසින් නූපදවූ නිවන් මග උපදවා දෙන කෙනා (අසංජාතස්ස මග්ගස්ස සංජනේතා) කියලයි. ලෝකයේ කිසිවෙකු විසින් දේශනා නො කළ මාර්ගය දේශනා කරන කෙනා (අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා) කියලයි. බුදුරජාණන් වහන්සේ මේ නිවන් මාර්ගය මනාකොට අවබෝධ කළා (මග්ගඤ්ඤූ). නිවන් මාර්ගය ගැන මනාකොට දන්නවා (මග්ගවිදූ). මේ නිවන් මාර්ගය පෙන්වා දෙන්න ඉතාමත් ම දක්ෂයි (මග්ගකෝවිදෝ). එම නිසා අපි මේ ඉගෙන ගන්න ධර්මය ගැන ඉතා හොඳ පැහැදීමක් ඇතිකර ගන්න ඕනෑ.

පංච උපාදානස්කන්ධය හඳුනාගනිමු…

පංච උපාදානස්කන්ධය කියන වචනය ඔබ අසා ඇති. භාග්‍යවතුන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රයේ දී ම ඒ වචනය සඳහන් වෙනවා.

“පින්වත් මහණෙනි, දුක්ඛ ආර්ය සත්‍යය යනු මෙයයි. ඉපදීම දුකක්. ජරාවට පත්වීම දුකක්. ලෙඩ රෝග වැළඳීම දුකක්. මරණයට පත් වීම දුකක්. අප්‍රියයන් හා එක් වීම දුකක්. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්. කැමති දේ නොලැබීම දුකක්. සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධය ම දුකක් (සංඛිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛා). එහෙනම් මේ පංච උපාදානස්කන්ධය අයිති දුකටයි. පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියන්නේ දුක අවබෝධ කරනවා කියන එකයි. පංචඋපාදානස්කන්ධ අනිත්‍ය භාවනාවේ දී කරන්නේ අවබෝධය ඇතිවන ආකාරයට ඒ කෙරෙහි සිහිය පිහිටුවීම යි.

විමසිය යුතු ආකාරය….

බුදුරජාණන් වහන්සේ වදාළා ශ්‍රාවකයා සන්සිඳුනු සිතකින් නුවණින් විමසනවා. මේකයි රූපය, මේකයි වේදනාව, මේකයි සඤ්ඤාව, මේකයි සංස්කාර, මේකයි විඤ්ඤාණය කියා. ඒ වගේ ම මෙහෙමයි රූපය හටගන්නේ, මෙහෙමයි රූපය අභාවයට පත්වෙන්නේ, මෙහෙමයි වේදනාව හටගන්නේ, මෙහෙමයි වේදනාව අභාවයට පත්වෙන්නේ, මෙහෙමයි සඤ්ඤාව හටගන්නේ, මෙහෙමයි සඤ්ඤාව අභාවයට පත්වන්නේ, මෙහෙමයි සංස්කාර හටගන්නේ, මෙහෙමයි සංස්කාර අභාවයට පත්වන්නේ, මෙහෙමයි විඤ්ඤාණය හටගන්නේ, මෙහෙමයි විඤ්ඤාණය අභාවයට පත්වන්නේ කියා පංච උපාදානස්කන්ධය ගැනත්, පංච උපාදානස්කන්ධය දිගින් දිගට ම හටගන්න ආකාරය ගැනත්, පංච උපාදානස්කන්ධය සදහට ම නැතිවෙන ආකාරය ගැනත් ශ්‍රාවකයා නුවණින් විමසයි.

මේ සඳහා ඔබ පංච උපාදානස්කන්ධය ගැන නිරවුල් දහම් දැනුමක් මුලින් ම ඇතිකර ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ විසින් තමයි පංච උපාදානස්කන්ධය කියන වචනය පැහැදිලිව විග්‍රහ කළේ.

පංචස්කන්ධය – පංච උපාදානස්කන්ධය අතර වෙනස…

මේ පංච උපාදානස්කන්ධයට ඇලී ගැලී වාසය කරන නිසයි, ‘සත්වයා’ කියන්නේ කියා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. ඉතින් යම්කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා එයින් නිදහස් වුණොත් ඒ කෙනාට පංච උපාදානස්කන්ධයක් නැහැ. පංචස්කන්ධයක් විතරයි තියෙන්නේ. එහෙනම් සාමාන්‍ය සත්වයාට තියෙන්නේ පංචස්කන්ධයක් නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ ඡන්දරාගයෙන් යුක්ත වූ, ආසාවකට බැඳිච්ච පංච උපාදානස්කන්ධය. ඡන්දරාගයෙන් හෙවත් ආසාවෙන් නිදහස් වෙච්ච ගමන් ඒ කෙනාට උපාදාන නෑ. පංචස්කන්ධය විතරයි තියෙන්නේ.

අවබෝධ කළ යුතු රූපය….

ශ්‍රාවකයා මුලින් ම කරන්නේ, රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ කියන මේ පහ තමන්ගේ ජීවිතය තුළින් බලා හොඳට අඳුනගන්න එකයි. ඉස්සෙල්ලා ම ශ්‍රාවකයා රූප උපාදානස්කන්ධය හඳුනාගන්නවා.

රූප කියා කියන්නේ නැසී වැනසී යන ස්වභාවයන් යුතු නිසයි (රුප්පතීති ඛෝ භික්ඛවේ තස්මා රූපන්ති වුච්චති). ඒ තමයි සීතලෙන් නැසී වැනසී යනවා. උණුසුමෙන් නැසී වැනසී යනවා. බඩගින්නෙන්, පිපාසයෙන් නැසී වැනසී යනවා. රෝග පීඩාවලින් නැසී වැනසී යනවා. අතුරු ආන්තරාවලින් නැසී වැනසී යනවා. මොනව ද මේ නැසී යන දේ? ඒ තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතූත් ඒවායෙන් හටගත් දේවලුත්, එනිසා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ ශරීරයට කියන නමක් රූප.

ස්කන්ධය යනු කුමක් ද?…

එතකොට මේ රූප උපාදානස්කන්ධයේ ස්කන්ධ කියා කියන්නේ රූප ගොඩක් කියන අර්ථය නෙවෙයි. මහා පුණ්ණමා කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. දවසක් එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විදිහට ප්‍රශ්නයක් අහනවා.

“භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පංච උපාදනස්කන්ධයේ ස්කන්ධ කියා වචනයක් තියෙනවා. මේ ස්කන්ධ, ස්කන්ධ කියන වචනයේ නියම අර්ථය මොකක් ද?”

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් භික්ෂුව, අතීතයේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද, හටනොගත් අනාගතයේ යම් රූපයක් ඇද්ද, හටගත් වර්තමානයේ යම් රූපයක් ඇද්ද, තමාගේ යැයි සලකන යම් රූපයක් ඇද්ද, අනුන්ගේ යැයි සලකන යම් රූපයක් ඇද්ද, ගොරෝසු ස්වභාවයෙන් යුතු රූපයක් ඇද්ද, සියුම් ස්වභාවයෙන් යුතු රූපයක් ඇද්ද, හීන වූ රූපයක් ඇද්ද, ප්‍රණීත වූ රූපයක් ඇද්ද, දුර පවතින රූපයක් ඇද්ද, ළඟ පවතින රූපයක් ඇද්ද මෙන්න මෙයට කියනවා රූප උපාදානස්කන්ධය කියා.”

කාලය හා අවකාශය අතර පැවැත්ම…

එහෙනම් ස්කන්ධය කියන වචනයේ සැබෑ තේරුම එයයි. අතීත, අනාගත, වර්තමාන කියන කාලයත්, අධ්‍යාත්ම – බාහිර, ගොරෝසු – සියුම්, හීන – ප්‍රණීත, දුර – ළඟ කියන අවකාශයත් තුළ පවතින දෙයට තමයි ස්කන්ධ කියා කියන්නේ. සතර මහා ධාතුන්ගෙන් හටගන්නා රූපය ඒ කාලයත්, අවකාශයත් තුළ පවතිනවා. එනිසා කියනවා රූප ස්කන්ධය කියා. ඒ විදිහට ම ස්පර්ශයෙන් හටගත්තු විඳීම, හඳුනාගැනීම, සංස්කාර කාලය හා අවකාශය තුළ පවතින නිසා වේදනා ස්කන්ධය, සඤ්ඤා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය කියා කියනවා. මෙතන දී සංස්කාර කියන්නේ චේතනාවට බව අපි හොඳින් මතක තියා ගන්නට ඕනෑ. ඒ වගේ ම නාම-රූපයන්ගෙන් හටගත්තු විඤ්ඤාණය කාලය හා අවකාශය අතර පවතින නිසා විඤ්ඤාණ ස්කන්ධය කියා කියනවා. මේ පංච උපාදානස්කන්ධ ගැන තමා තුළින් අවබෝධ කරගැනීම පිණිස සිහිය පිහිටුවීම තමයි පංච උපාදානස්කන්ධ භාවනාවේ දී සිදුකරන්නේ.

වේදනා උපාදානස්කන්ධය….

වේදනාව කියන්නේ සැප, දුක්, උපේක්ෂා වශයෙන් හටගන්නා විඳීමටයි. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය බාහිර රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස, අරමුණු හා විඤ්ඤාණයත් සමඟ එකතුවීම කියන ස්පර්ශයක් යම් තැනක ඇද්ද එතන තමයි විඳීම හටගන්නේ.

සඤ්ඤා උපාදානස්කන්ධය…

සඤ්ඤා කියන්නේ හඳුනාගැනීම යි. ඒ කියන්නේ ඇස් දෙකෙන් රූප හඳුනාගන්නවා. කන් දෙකෙන් ශබ්ද හඳුනාගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනාගන්නවා. දිවෙන් රසය හඳුනාගන්නවා. කයෙන් පහස හඳුනාගන්නවා. මනසින් අරමුණු හඳුනාගන්නවා. හඳුනාගැනීමක් ඇතිවෙන්නේ කොහොම ද? ඇහෙන් රූපයක් හඳුනාගන්නේ, ඇස තියෙනවා, ඇස ඉදිරියට රූපයක් එනවා. ඇසේ විඤ්ඤාණය ඇතිවෙනවා. එතකොට ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවෙනවා. එහෙමයි රූපය පේන්නේ. ඒකට කියනවා ඇසේ ස්පර්ශය කියා. එහෙනම් ඇසෙන් රූප හඳුනගන්නේ ඇසේ ස්පර්ශය නිසයි. කනින් ශබ්ද හඳුනාගන්නේ කනේ ස්පර්ශය නිසා, නාසයෙන් ගඳ සුවඳ හඳුනාගන්නේ නාසයේ ස්පර්ශය නිසා. දිවෙන් රස හඳුනාගන්නේ දිවේ ස්පර්ශය නිසා, කයින් පහස හඳුනාගන්නේ කයේ ස්පර්ශය නිසා. මනසින් අරමුණු හඳුනාගන්නේ මනසේ ස්පර්ශය නිසා. මේ විදිහට ස්පර්ශය නිසා හය ආකාරයක හඳුනාගැනීමක් තියෙනවා කියා ශ්‍රාවකයා තේරුම් ගන්නවා.

සංස්කාර උපාදානස්කන්ධය….

පංච උපාදානස්කන්ධයේ දී සංස්කාර කියන්නේ චේතනාවටයි. චේතනා ඇති වෙනවා ඇසෙන් දකින රූපය ගැන. චේතනා ඇතිවෙනවා කනින් අහන ශබ්දය ගැන. චේතනා ඇතිවෙනවා නාසයට දැනෙන ගඳසුවඳ ගැන. චේතනා ඇතිවෙනවා දිවට දැනෙන රස ගැන. චේතනා ඇතිවෙනවා කයට දැනෙන පහස ගැන. චේතනා ඇතිවෙනවා කනින් අහන ශබ්දය ගැන. මනසට සිතෙන අරමුණු ගැන. චේතනා කියල කියන්නේ කර්මය. කර්මය කියල කියන්නේ විපාක දීම පිණිස සකස් වෙන දේ. එහෙම නම් අපි හැම මොහොතකම ඇසින් රූපයක් දැකල චේතනාවක් පහළ කරල හිතින් හිතන කොට, වචනයෙන් ක්‍රියාත්මක වෙන කොට, කයින් ක්‍රියාත්මක වෙන කොට විපාක පිණිස සකස් වෙනවා. මේකට තමයි චේතනාව කියල කියන්නේ. මේකට ම තමයි සංස්කාර කියල කියන්නෙත්. එතකොට සංස්කාර ඇතිවෙන්නේ ස්පර්ශයෙන්.

විඤ්ඤාණ උපාදානස්කන්ධය….

විඤ්ඤාණය කියන්නේ දැනගැනීමට. (විජානාතීතී ඛෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණන්ති වුච්චති) විඤ්ඤාණය හටගන්නෙ ආයතන හයේ. බුදුරජාණන් වහන්සේ වදාළා ඇහැත් රූපයත් නිසා ඇසේ විඤ්ඤාණය හටගන්නවා. කනත් ශබ්දයත් නිසා කනේ විඤ්ඤාණය හටගන්නවා. නාසයත් ගඳසුවඳත් නිසා නාසයේ විඤ්ඤාණය හටගන්නවා. දිවත් රසයත් නිසා දිවේ විඤ්ඤාණය හටගන්නවා. කයත් පහසත් නිසා කයේ විඤ්ඤාණය හටගන්නවා. මනසත් අරමුණුත් නිසා මනසේ විඤ්ඤාණය හටගන්නවා. මේ විඤ්ඤාණය හටගන්නේ නාමරූප ප්‍රත්‍යයෙන්.

නාම කියල කිව්වෙ වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර කියන පහ. රූප කියල කිව්වෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුත්, සතර මහා ධාතූන්ගෙන් හටගත්තු දේත්. ඒවයින් තමයි මේ ඇස හැදිල තියෙන්නෙ. කන හැදිල තියෙන්නෙ නාමරූප වලින්. නාසය හැදිල තියෙන්නෙ නාමරූප වලින්. දිව හැදිල තියෙන්නෙ නාමරූප වලින්. කය හැදිල තියෙන්නෙ නාමරූප වලින්. මනස හැදිල තියෙන්නෙ නාමරූප වලින්.

බුදුරජාණන් වහන්සේ වදාළා “කවුරු හරි කියනවා නම් මම රූපයෙන් තොරව, වේදනාවකින් තොරව, සඤ්ඤාවකින් තොරව, සංස්කාර වලින් (ඒ කියන්නේ චේතනාවකින්) තොරව විඤ්ඤාණයක් එනවා කියල හෝ විඤ්ඤාණයක් යනවා කියල හෝ විඤ්ඤාණයක් චුත වෙනවා කියල හෝ විඤ්ඤාණයක් වැඩෙනවා කියල හෝ විඤ්ඤාණය උපදිනවා කියල හෝ ඒක කිසි දවසක වෙන්න බැරි දෙයක්” කියලා. ඒ අනුව ඉතා ම පැහැදිලියි මේ පංච උපාදානස්කන්ධයේ හුදෙකලා විඤ්ඤාණයක් නෑ. විඤ්ඤාණය හැම වෙලේ ම තියෙන්නේ රූපයේ බැසගෙන, වේදනාවේ බැසගෙන, සඤ්ඤාවේ බැසගෙන, සංස්කාරයේ බැසගෙන.

පංච උපාදානස්කන්ධයේ හටගැනීම…

ශ්‍රාවකයා ඉන් පසු නුවණින් විමසන්නේ මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහොම ද කියලයි. පංච උපාදානස්කන්ධය හටගන්නේ පටිච්චසමුප්පාදය තුළයි. මේ ගැන ඉතා පැහැදිලි විස්තරයක් ‘සමාධි භාවනා’ නම් සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා තිබෙනවා.

“පින්වත් මහණෙනි, කුමක්ද මේ රූපය, වේදනාවේ, සඤ්ඤාවේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ සමුදය? පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා භික්ෂුව රූපය, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ (මම ය, මාගේ ය, මාගේ ආත්මය ය වශයෙන්) සතුටින් පිළිගනී (අභිනන්දති). එහි ගුණ කියයි (අභිවදති). එය වැළඳගෙන සිටී (අජ්ඣෝසාය තිට්ඨති). මෙසේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ, සතුටින් පිළි අරගෙන, එහි ගුණ කියන, එය වැළඳගෙන සිටින තැනැත්තා හට ඒ කෙරෙහි ආශාව උපදී (උප්පජ්ජති නන්දි). ඒ ආශාව උපාදානය බවට පත් වේ (යා නන්දි තදුපාදානං). උපාදානය නිසා විපාක විඳීම පිණිස කර්ම සකස් වේ (තස්ස උපාදාන පච්චයා භවෝ හෝති). විපාක පිණිස කර්ම සකස් වීම නිසා ඉපදීම සිදු වේ (භව පච්චයා ජාති). ඉපදීම නිසා ජරා ජීර්ණ වීම, මරණයට පත් වීම, ශෝක, වැළපීම්, දුක් fදාම්නස් උපායාස හටගනිත්. මේ ආකාරයෙනි මේ සමස්ත දුක් ජාලය ම හට ගන්නේ.

පින්වත් මහණෙනි, මෙය වනාහී රූපයේ, වේදනාවේ, සඤ්ඤාවේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ සමුදයයි. මෙම දේශනාව අනුව ‘සමුදය’ යනු දුකේ පැවැත්ම නම් වූ සංසාරයේ පැවැත්ම සකස් වීම බව ඉතා පැහැදිලි ය.

පංච උපාදානස්කන්ධයන් අනිත්‍යයි….

එහෙම නම් අපට ඉතා ම පැහැදිලි ව තේරුම්ගන්න පුළුවන්, මේ පංච උපාදානස්කන්ධය හැදෙන්නේ පටිච්චසමුප්පාදය නිසා. මේ පංච උපාදානස්කන්ධය හැදෙන එක නවතිනවා පටිච්චසමුප්පාදය හැදෙන එක නැවතිච්ච ගමන්, අවිද්‍යාව මුළුමනින් ම ප්‍රහාණය වෙච්ච දවසට, චතුරාර්ය සත්‍යය සම්පූර්ණයෙන් අවබෝධ වෙච්ච දවසට, පටිච්චසමුප්පාදය නැවත සකස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ධම්මානුපස්සනාව වඩද්දී පටිච්චසමුප්පාදය තුළින් පංච උපාදානස්කන්ධය හටගන්නා ආකාරයත් දකිනවා. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙන ආකාරයත් දකිනවා. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙන්නේ, අවබෝධය තුළින් එය නොපිළිගැනීම තුළයි.

පංච උපාදානස්කන්ධයේ අස්තංගමය….

සමාධි භාවනා සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙසේ දේශනා කරනවා.

“පින්වත් මහණෙනි, මේ රූපයේ, වේදනාවේ, සඤ්ඤාවේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ අස්තංගමය හෙවත් අභාවයට යාම කුමක් ද? මෙකරුණෙහිලා භික්ෂුව (අවබෝධ ඤාණයක් තුළින් කෙලෙසුන් ප්‍රහීණ වී යන පරිදි යථාර්ථය දැකීම නිසා) රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ (මම ය, මගේ ය, මාගේ ආත්මය ය වශයෙන්) නො පිළිගනී (අනභිනන්දති). එහි ගුණ නො කියයි (අනභිවදති). කැමැත්තෙන් නො වැළඳ ගනියි (අනජ්ඣෝසාය තිට්ඨති). එසේ නො පිළිගෙන සිටින, එහි ගුණ නො කියන, කැමැත්තෙන් නො වැළඳගෙන සිටින, ශ්‍රාවකයාට රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කෙරෙහි තිබුණා වූ යම් ආසාවක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. ආශාව නිරුද්ධ වීම නිසා උපාදාන නිරුද්ධ වෙයි. උපාදාන නිරුද්ධවීම නිසා විපාක පිණිස කර්ම සකස් නො වේ. භවය නිරුද්ධ වීම නිසා උපතක් සකස් නො වේ. උපතක් සකස් නොවීම නිසා ජරා ජීර්ණ වීම, මරණයට පත්වීම, ශෝක, වැළපීම්, දුක් fදාම්නස් උපායාස නිරුද්ධ වී යයි. මේ ආකාරයට පැතිර පවත්නා වූ මුළු මහත් දුක්ඛ ජාලය නිරුද්ධ වී යයි. පින්වත් මහණෙනි, රූපයේ වේදනාවේ සඤ්ඤාවේ සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ අස්තංගමය හෙවත් අභාවයට පත් වීම යනු මෙයයි.”

එසේ නම් අස්තංගමයට පත් වීම යනු මුළුමනින් ම සංසාරික පැවැත්ම සකස් නොවීමෙන් අභාවයට පත්වීමකි.

උපාදානස්කන්ධ පහ මේ විදිහට දැක්කොත්….

සතර මහා ධාතූන්ගෙන් හටගත්තු රූපය පෙණ ගුලියක් වගේ කෙනෙකුට අවබෝධ වුණා නම්, ස්පර්ශය නිසා හටගන්නා විඳීම දිය බුබුළක් වගේ අවබෝධ වුණා නම්, ස්පර්ශයෙන් හටගන්නා සඤ්ඤාව මිරිඟුවක් වගේ අවබෝධ වුණා නම්, ස්පර්ශය නිසා හටගන්නා චේතනා හෙවත් සංස්කාර (පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනෙඤ්ජාභි සංඛාර) ගැන අරටුවක් සොයාගෙන ගිය කෙනෙක් අරටුව අඳුනගන්න බැරිව, කෙහෙල් ගහක පට්ට ගලවනවා වගේ කියා අවබෝධ වුණා නම්, ඊ ළඟට විඤ්ඤාණය මායා ස්වරූපී දෙයක්, මැජික්කාරයෙක් හතරමං හන්දියක මැජික් පෙන්වනවා වගේ කියා අවබෝධ වුණා නම්, අන්න ඒ ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා එය පිළිගන්නැතිව යනවා කියා භාග්‍යවතුන් වහන්සේ ඵේණපිණ්ඩූපම සූත්‍රයේ දී වදාළා. නොපිළිගැනීම තුළ ඒ කෙරෙහි බැඳෙන්නේ නැතිව යනවා. නොබැඳීම තුළ ඒ කෙරෙහි ඇල්ම නිරුද්ධ වෙනවා. ඇල්ම නිරුද්ධ වීම තුළ භවය හැදෙන්නේ නැතිව යනවා. එවිට උපතක් සකස් නො වී පටිච්චසමුප්පාදයෙන් නිදහස් වෙනවා.

වෙනස් වෙලා යන හැටි දකිනවා

එහෙම නම් ශ්‍රාවකයා මේ ධර්මතාවය නුවණින් විමසා බැලීම තමයි පංච උපාදානස්කන්ධ භාවනාවේ දී කරන්නේ. නුවණින් විමසා බලනකොට ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය අනාත්ම හෙවත් තමාගේ වසඟයේ පවත්වන්න බැරි අයිතිකාරයෙක් නැති දෙයක් හැටියට අවබෝධ කර ගන්නවා. සතර මහා ධාතූන්ගෙන් හටගත්තු රූප සතර මහා ධාතූන් වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්නා විඳීම ස්පර්ශය වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා.

ස්පර්ශයෙන් හටගන්නා හඳුනාගැනීම, ස්පර්ශයේ වෙනස් වීමෙන් වෙනස්වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්නා චේතනාව ස්පර්ශය වෙනස්වීමෙන් වෙනස් වෙලා යනවා. නාමරූප ප්‍රත්‍යයෙන් හටගන්නා විඤ්ඤාණය නාමරූප වෙනස්වීමෙන් වෙනස් වෙලා යනවා.

අවබෝධයෙන් ම නිදහස් වෙනවා…

එහෙනම් මේ හේතූන්ගෙන් හටගන්නා ඵල හේතු නැතිවීමෙන් නැති වී යන ධර්මතාවයෙන් යුක්තයි. එමෙන් ම මේ අවබෝධය ශ්‍රාවකයාගේ ජීවිතයට ලැබෙන කොට ඔහු අනාත්මය දකිනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය මම කියා, මගේ කියා, මගේ ආත්මය කියා ගන්නේ නෑ. එයින් නිදහස් වෙනවා. එම නිසා අපි පංච උපාදානස්කන්ධ අනිත්‍යය භාවනාව මේ අයුරින් පුරුදු පුහුණු කර ගනිමු.

අනිත්‍ය (ස්කන්ධ) භාවනාව

රූප ස්කන්ධය

අතීතයේ නිරුද්ධ වී ගිය, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

වර්තමානයේ හටගෙන තිබෙන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

අනාගතයේ හට නො ගත්තා වූ, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගන්නා හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

තමා යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

අනුන් යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතරමහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

ගොරෝසු යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

සියුම් යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

යහපත් යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

අයහපත් යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

දුර තිබෙන්නා වූ, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

ළඟ තිබෙන්නා වූ, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

වේදනා ස්කන්ධය

අතීතයේ නිරුද්ධ වී ගිය, යම් වේදනාවක් ඇද්ද, ඒ සියලු වේදනා ස්පර්ශය නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු වේදනා මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

වර්තමානයේ හටගෙන තිබෙන….

අනාගතයේ හට නො ගත්තා වූ….

තමා යැයි සලකන….

අනුන් යැයි සලකන….

ගොරෝසු යැයි සලකන….

සියුම් යැයි සලකන….

යහපත් යැයි සලකන….

අයහපත් යැයි සලකන….

දුර තිබෙන්නා වූ….

ළඟ තිබෙන්නා වූ….

සඤ්ඤා ස්කන්ධය

අතීතයේ නිරුද්ධ වී ගිය, යම් සඤ්ඤාවක් ඇද්ද, ඒ සියලු සඤ්ඤා ස්පර්ශය නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු සඤ්ඤා මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

වර්තමානයේ හටගෙන තිබෙන….

අනාගතයේ හට නො ගත්තා වූ….

තමා යැයි සලකන….

අනුන් යැයි සලකන….

ගොරෝසු යැයි සලකන….

සියුම් යැයි සලකන….

යහපත් යැයි සලකන….

අයහපත් යැයි සලකන….

දුර තිබෙන්නා වූ….

ළඟ තිබෙන්නා වූ….

සංස්කාර ස්කන්ධය

අතීතයේ නිරුද්ධ වී ගිය, යම් චේතනාවක් ඇද්ද, ඒ සියලු චේතනා ස්පර්ශය නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු චේතනා මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

වර්තමානයේ හටගෙන තිබෙන….

අනාගතයේ හට නො ගත්තා වූ….

තමා යැයි සලකන….

අනුන් යැයි සලකන….

ගොරෝසු යැයි සලකන….

සියුම් යැයි සලකන….

යහපත් යැයි සලකන….

අයහපත් යැයි සලකන….

දුර තිබෙන්නා වූ….

ළඟ තිබෙන්නා වූ….

විඤ්ඤාණ ස්කන්ධය

අතීතයේ නිරුද්ධ වී ගිය, යම් විඤ්ඤාණයක් ඇද්ද, ඒ සියලු විඤ්ඤාණ නාමරූප නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු විඤ්ඤාණ මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….

වර්තමානයේ හටගෙන තිබෙන….

අනාගතයේ හට නො ගත්තා වූ….

තමා යැයි සලකන….

අනුන් යැයි සලකන….

ගොරෝසු යැයි සලකන….

සියුම් යැයි සලකන….

යහපත් යැයි සලකන….

අයහපත් යැයි සලකන….

දුර තිබෙන්නා වූ….

ළඟ තිබෙන්නා වූ….

මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි

ඇසුර – අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ “ඒ අමා නිවන් සුව බොහෝ දුර නො වේ” සදහම් ග්‍රන්ථය සහ “සිතට සුව දෙන භාවනා” ග්‍රන්ථය.

ආයතන අනිත්‍ය භාවනාව
ඇස

” ඇස හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. ඇස මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි.

” ඇසට පෙනෙන රූප හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. ඇසට පෙනෙන රූප මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි.

” ඇසෙහි පහළ වන සිත…. හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. ඇසෙහි පහළවන සිත….. මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි.

” ඇසයි, රූපයයි, සිතයි එක්වීම….. හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. ඇසයි, රූපයයි, සිතයි එක්වීම…. මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි.

” ඇසයි, රූපයයි, ඇස තුළ ඇතිවන සිතයි එක්වීම නිසා ඇතිවන විඳීම….. හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. ඇසයි, රූපයයි, සිතයි එක්වීම නිසා ඇතිවන විඳීම…. මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි.

” විඳින දෙය හඳුනාගැනීම….. හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. ඇසින් හඳුනාගත් රූප…. මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි.

” ඇසින් හඳුනාගත් රූපයට අනුව චේතනා ඇතිවීම….. හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. හඳුනාගත් රූපයට අනුව චේතනා ඇතිවීම…. මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි.

” රූපය කෙරෙහි ආසා ඇති වීම….. හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. රූපය කෙරෙහි ආශාව ඇතිවීම …. මම නෙවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි.

කන

” කන…..

” කනට ඇසෙන ශබ්ද…..

” කනෙහි පහළවන සිත…..

” කනයි, ශබ්දයයි, සිතයි එක්වීම…..

” කනයි, ශබ්දයයි, සිතයි එක්වීම නිසා ඇතිවන විඳීම….

” විඳින ශබ්ද හඳුනාගැනීම….

” කනින් හඳුනාගත් ශබ්දයට අනුව චේතනා ඇතිවීම….

” හඳුනාගත් ශබ්දය කෙරෙහි ආසා ඇතිවීම….

නාසය

” නාසය …

” නාසයට දැනෙන ගඳ සුවඳ ….

” නාසයෙහි පහළ වන සිත….

” නාසයයි, ගඳ සුවඳයි, සිතයි එක්වීම….

” නාසයයි, ගඳ සුවඳයි, සිතයි එක්වීම නිසා ඇතිවන විඳීම…

” විඳින ගඳ සුවඳ හඳුනාගැනීම….

” නාසයෙන් හඳුනාගත් ගඳ සුවඳට අනුව චේතනා ඇතිවීම…

” හඳුනාගත් ගඳ සුවඳ කෙරෙහි ආසා ඇතිවීම…

දිව

” දිව..

” දිවට දැනෙන රසය…

” දිවෙහි පහළ වන සිත…

” දිවයි, රසයයි, සිතයි එක්වීම….

” දිවයි රසයයි සිතයි එක්වීම නිසා ඇතිවන විඳීම..

” විඳින රසය හඳුනාගැනීම…

” දිවෙන් හඳුනාගත් රසයට අනුව චේතනා ඇතිවීම…

” හඳුනාගත් රසය කෙරෙහි ආසා ඇතිවීම…

කය

” කය…

” කයට දැනෙන පහස…

” කයෙහි පහළ වන සිත…

” කයයි, පහසයි, සිතයි එක්වීම…

” කයයි, පහසයි, සිතයි එක්වීම නිසා ඇතිවන විඳීම…

” විඳින පහස හඳුනාගැනීම…

” කයින් හඳුනාගත් පහසට අනුව චේතනා ඇතිවීම…

” හඳුනාගත් පහස කෙරෙහි ආසා ඇතිවීම….

සිත

” සිත…

” සිතට සිතෙන සිතුවිලි….

” සිතෙහි පහළ වන දැනීම…

” සිතයි, සිතුවිලියි, දැනීමයි එක්වීම….

” සිතයි, සිතුවිලියි, දැනීමයි එක්වීම නිසා ඇතිවන විඳීම…

” විඳින සිතුවිලි හඳුනාගැනීම..

” හඳුනාගත් සිතුවිලිවලට අනුව චේතනා ඇතිවීම….

” හඳුනාගත් සිතුවිලි කෙරෙහි ආසා ඇතිවීම….

” අනිත්‍යයි…. ඇස අනිත්‍යයි…. කන අනිත්‍යයි….. නාසය අනිත්‍යයි.. දිව අනිත්‍යයි…. කය අනිත්‍යයි….. සිත අනිත්‍යයි.

” රූප අනිත්‍යයි…. ශබ්ද අනිත්‍යයි.. ගන්ධ අනිත්‍යයි……. රස අනිත්‍යයි……. පහස අනිත්‍යයි……. සිතුවිලි අනිත්‍යයි…….

” සැප වේදනා අනිත්‍යයි……. දුක් වේදනා අනිත්‍යයි……. උපේක්‍ෂා වේදනා අනිත්‍යයි…….

” ඇසෙන් ඇතිවන විඳීම අනිත්‍යයි……. කනින් ඇති වන විඳීම අනිත්‍යයි……. නාසයෙන් ඇතිවන විදීම අනිත්‍යයි……. දිවෙන් ඇති වන විදීම අනිත්‍යයි……. කයින් ඇති වන විඳීම අනිත්‍යයි…….සිතින් ඇතිවන විඳීම අනිත්‍යයි…….

” විඳින රූප හඳුනාගැනීම අනිත්‍යයි……. විඳින ශබ්ද හඳුනාගැනීම අනිත්‍යයි……. විඳින ගඳ සුවඳ හඳුනාගැනීම අනිත්‍යයි……. විඳින රස හඳුනාගැනීම අනිත්‍යයි……. විඳින පහස හඳුනාගැනීම අනිත්‍යයි……. විඳින සිතුවිලි හඳුනාගැනීම අනිත්‍යයි…….

” හඳුනාගත් රූපයට අනුව චේතනා ඇතිවීම අනිත්‍යයි……. හඳුනාගත් ශබ්දයට අනුව චේතනා ඇතිවීම අනිත්‍යයි……. හඳුනාගත් ගඳ සුවඳට අනුව චේතනා ඇතිවීම අනිත්‍යයි……. හඳුනාගත් රසයට අනුව චේතනා ඇතිවීම අනිත්‍යයි……. හඳුනාගත් පහසට අනුව චේතනා ඇතිවීම අනිත්‍යයි……. හඳුනාගත් සිතුවිලි අනුව චේතනා ඇතිවීම අනිත්‍යයි……. අනිත්‍යයි……. අනිත්‍යයි……. අනිත්‍යයි…….

” ඇස මම නොවෙයි. මගේ නොවෙයි….. මගේ ආත්මය නොවෙයි…. කන මම නොවෙයි…. මගේ නොවෙයි….. මගේ ආත්මය නොවෙයි….. නාසය…… මම නොවෙයි….. මගේ නොවෙයි….මගේ ආත්මය නොවෙයි….. දිව මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි. කය මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි……. සිත මම නොවෙයි. මගේ නොවෙයි….. මගේ ආත්මය නොවෙයි……

” ඇසට පෙනෙන රූප….. මම නොවෙයි. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. කනට ඇසෙන ශබ්ද…. මම නොවෙයි…. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි. නාසයට දැනෙන ගද සුවඳ…. මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි. දිවට දැනෙන රසය…. මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි. කයට දැනෙන පහස මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි. සිතට සිතෙන සිතුවිලි…. මම නොවෙයි… මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි.

” සියල්ලම අනිත්‍යයි. සියල්ලම අනිත්‍යයි…. සියල්ලම අනිත්‍යයි…. සියල්ලම වෙනස් වෙනවා…. සියල්ලම වෙනස් වෙනවා…. සියල්ලම වෙනස් වෙනවා… සියල්ලම වෙනස් වෙනවා…. වෙනස්වන සියල්ලම මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි. අනිත්‍යයි….. අනිත්‍යයි….. අනිත්‍යයි….. අනිත්‍යයි….. අනිත්‍යයි….. අනිත්‍යයි….. අනිත්‍යයි….. අනිත්‍යයි…..

ධම්මානුපස්සනාව – ආයතන අනිත්‍ය භාවනාව
ආයතන භාවනාව හඳුනාගනිමු.

ධම්මානුපස්සනාව යටතේ ඊ ළඟට බුදුරජාණන් වහන්සේ වදාළ භාවනාව ආයතන අනිත්‍ය භාවනාව යි. ආයතන කියා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හයට යි. මේ හය ඔස්සේ තමයි සම්පූර්ණයෙන් ම පටිච්චසමුප්පාදය හැදෙන්නෙත්, පංච උපාදානස්කන්ධය හැදෙන්නෙත්. බුදුරජාණන් වහන්සේ වදාළා යම් තැනක ඇසක් තියෙනවා ද කනක් තියෙනවා ද නාසයක් තියෙනවා ද දිවක් තියෙනවා ද කයක් තියෙනවා ද යම් තැනක මනසක් තියෙනවා ද එතැන දුක ඇත කියා. එමෙන් ම යම් තැනක ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හයේ උපතක් තිබේ ද එතැන තමයි දුකේ උපත. එතන තමයි ජරාජීර්ණ වීමේ උපත කියා පෙන්වා වදාළා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මේ ආයතන හය අවබෝධ කළයුතු දුකටයි අයිති කියා. සතිපට්ඨාන සූත්‍රයේ දී බොහොම ලස්සනට පෙන්වා දෙනවා, ඇසත් දැනගන්නවා (චක්ඛුං ච පජානාති) රූපත් දැනගන්නවා (රූපේ ච පජානාති) ඒ ඇසත් රූපයත් මුල්කරගෙන සංයෝජනයක් හටගන්නවා නම් ඒකත් දැනගන්නවා (යං ච තදුභයං පටිච්ච උප්පජ්ජති සඤ්ඤෝජනං, තක්‍ද්ච පජානාති) ඒ වගේ ම නූපන් සංයෝජනයක් උපදිනවා ද ඒකත් දැනගන්නවා (යථා ච අනුප්පන්නස්ස සඤ්ඤෝජනස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති). මේ විදියට ආයතන භාවනාව ගැන අවබෝධයක් ඇතිකර ගන්නට නම්, මේ ආයතන භාවනාව ගැන හොඳ තේරුම් ගැනීමක් තියෙන්නට ඕනෑ.

ඇස රූපයට බැඳිල ද? රූපය ඇසට බැඳිල ද?

එක්තරා අවස්ථාවක මහා කොට්ඨිත මහරහතන් වහන්සේත්, සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර ධර්ම සාකච්ඡාවක් ඇති වුණා. මහා කොට්ඨිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මෙහෙම අහනවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මේ ඇස රූපයට බැඳිලා තියෙන දෙයක් ද? එහෙම නැත්නම් රූප ඇසට බැඳිලා තියෙන දෙයක් ද? මේ කන ශබ්දයට බැඳිල තියෙන දෙයක් ද? එහෙම නැත්නම් ශබ්දය කනට බැඳිලා තියෙන දෙයක් ද? මේ නාසය ගඳ සුවඳට බැඳිලා තියෙන දෙයක් ද? එහෙම නැත්නම් ගඳ සුවඳ නාසයට බැඳිලා තියෙන දෙයක් ද? මේ දිව රසයට බැඳිලා තියෙන දෙයක් ද? එහෙම නැත්නම් රසය දිවට බැඳිලා තියෙන දෙයක් ද? මේ කය පහසට බැඳිලා තියෙන දෙයක් ද? එහෙම නැත්නම් පහස කයට බැඳිලා තියෙන දෙයක් ද? මේ මනස අරමුණුවලට බැඳිල ද තියෙන්නේ? අරමුණු මනසට බැඳිලා ද?” තියෙන්නේ? කියා ඇසුවා. මේ විදියට අහන්න හේතුව තමයි සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ මේ අභ්‍යන්තර ආයතන හය බාහිර ආයතන හයට බැඳිලා තියෙනවා කියලයි. නමුත් සැබෑවට ම මේවා එකිනෙකින් නිදහස්වයි පවතින්නේ.

මෙන්න ආයතන හයේ ඇත්ත…

සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා “ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, ඇස රූපයට බැඳිලත් නෑ. රූපය ඇසට බැඳිලත් නෑ. කන ශබ්දයට බැඳිලත් නෑ. ශබ්දය කනට බැඳිලත් නෑ. නාසය ගඳ සුවඳට බැඳිලත් නෑ. ගඳ සුවඳ නාසයට බැඳිලත් නෑ. දිව රසට බැඳිලත් නෑ, රසය දිවට බැඳිලත් නෑ. කය පහසට බැඳිලත් නෑ. පහස කයට බැඳිලත් නෑ. මනස අරමුණුවලට බැඳිලත් නෑ. අරමුණු මනසට බැඳිලත් නෑ. මෙතන තියෙන බන්ධනය තමයි ඡන්දරාගය (ආසාව).” ඒ වගේ ම සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා “බැරිවෙලාවත් මේ අභ්‍යන්තර ආයතන හය බාහිර ආයතන හයට බැඳිලා තිබුණා නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයෙන් නම් කවදාවත් නිදහස් වෙන්න හම්බවෙන්නේ නෑ” කියලා.

කළු හරකයි – සුදු හරකයි…

මේ කාරණය තේරුම් ගන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා. කළු හරකෙකුයි, සුදු හරකෙකුයි කඹේකින් ගැටගහලා තියෙනවා. කඹෙන් ගැටගහලා අතහැරලා තියෙනකොට කළු හරකා යනකොට සුදු හරකත් යනවා. සුදු හරකා යනකොට කළු හරකත් යනවා. මේ විදියට කළු හරකයි, සුදු හරකයි එකට යන නිසා සුදු හරකගෙන් කළු හරකට වෙන් වෙන්නත් බෑ. කළු හරකගෙන් සුදු හරකට වෙන් වෙන්නත් බෑ. එතකොට මේ දිහා බලලා කෙනෙක් කිව්වොත් “කළු හරකා නිසයි සුදු හරකා යන්නේ. සුදු හරකා නිසයි කළු හරකා යන්නේ” කියා ඒක ඇත්ත නෙවෙයි. හරක් දෙන්න ම එකට යන්නේ කඹේ නිසා. කඹේකින් ගැට ගහලා තියෙන නිසා. යම් දවසක කඹේ කැපුවොත් සුදු හරකත් නිදහස්. කළු හරකත් නිදහස්. දෙන්නා වෙන වෙන ම යනවා.

අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඇස රූපයට බැඳිලත් නෑ. රූපය ඇසට බැඳිලත් නෑ. ඇසයි රූපයයි එකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. කන ශබ්දයට බැඳිලත් නෑ. ශබ්දය කනට බැඳිලත් නෑ. කනයි ශබ්දයයි එකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. නාසය ගඳ සුවඳට බැඳිලත් නෑ. ගඳ සුවඳ නාසයට බැඳිලත් නෑ. නාසයයි ගඳ සුවඳයි එකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. දිව රසයට බැඳිලත් නෑ. රසය දිවට බැඳිලත් නෑ. දිවයි රසයයි එකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. කය පහසට බැඳිලත් නෑ. පහස කයට බැඳිලත් නෑ. කයයි පහසයි එකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. මනස අරමුණුවලට බැඳිලත් නෑ. අරමුණු මනසට බැඳිලත් නෑ. මනසයි අරමුණුයි එකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. ආසාව ප්‍රහාණය කළ දවසට ඒ බන්ධනය නැතිවෙලා යනවා. ඒ නිසා අනිත්‍ය භාවනාව වඩමින් ආයතනයන්ගේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කළ යුතුයි.

ආයතන හයේ අනිත්‍ය දකින්නේ මෙහෙමයි…

එතකොට මේ විදිහට ආසාවෙන් බැඳිලා ඉන්න කෙනා, තමන්ගේ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයට සිහිය පිහිටුවා හොඳ සිහි නුවණින් බැලිය යුතු වෙනවා. එහෙම බලනකොට ශ්‍රාවකයාට පේන්නේ අනිත්‍ය වූ ඇහැක්. ඇස කියන්නේ නාම – රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්, ඒ කියන්නේ සතර මහා ධාතු කියන රූප කොටසිනුත්, වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර කියන නාම කොටසිනුත් කියන නාමරූපයන්ගෙන් තමයි ඇස හට අරගෙන තියෙන්නේ. කන, නාසය, දිව, කය, මනස කියන අනිකුත් ආයතනත් නාමරූපවලින් තමයි හට අරගෙන තියෙන්නේ (නාම රූප පච්චයා සළායතනං). මේ නාමරූප ප්‍රත්‍යයෙන් හටගත්තු ආයතන හය ගැන හොඳ සිහි නුවණින් බලද්දී ශ්‍රාවකයා දකින්නේ අනිත්‍ය වූ ඇසක්. අනිත්‍ය වූ කනක්, අනිත්‍ය වූ නාසයක්, අනිත්‍ය වූ දිවක්, අනිත්‍ය වූ කයක්, අනිත්‍ය වූ මනසක්.

මෙන්න මේ විදියට අවබෝධ වෙන්න ඕනෑ…

ඒකට හේතුව තමයි මේ නාමරූප අනිත්‍ය නිසා ආයතන හය අනිත්‍යයි. මේ ගැන නුවණින් විමසනකොට ශ්‍රාවකයා අන්න ඒ විදිහට අවබෝධ කර ගන්නවා. ඒ වගේ ම රූප ගැනත් දැන ගත යුතුයි. අනිත්‍ය වූ ශබ්ද, අනිත්‍ය වූ ගඳ සුවඳ, අනිත්‍ය වූ රස, අනිත්‍ය වූ පහස, අනිත්‍ය වූ අරමුණු ගැනත් සිහි නුවණින් විමසා අනිත්‍ය වශයෙන් අවබෝධ කර ගත යුතුයි. මෙන්න මේ විදිහට දැනගන්නකොට අනිත්‍ය වූ ඇසත්, අනිත්‍ය වූ රූපත් නිසා යම් බන්ධනයක් හටගන්නවා ද අන්න ඒක අවබෝධ කර ගන්නවා. ඒ ආකාරයෙන් ම අනිත්‍ය වූ ආයතන හය ම අවබෝධ කර ගන්නවා.

මුලින් ම ඇතිකර ගන්න ඕනෑ ශ්‍රද්ධාවයි…

බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා එකතුවක් තියෙනවා ඔක්කන්ති සංයුත්තය කියලා. ඔක්කන්ති කියන්නේ බැසගන්නවා. ධර්මය තුළට බැසගන්නවා කියන අර්ථය. ධර්මය හෙවත් නිවන් මඟට (ආර්ය අෂ්ටාංගික මාර්ගයට) බැසගන්නට නම් මුලින් ම වුවමනයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිව නම් කවදාවත් ඒක කරන්නට බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගන්න කොට ඔබට ශ්‍රද්ධාව ඇතිවෙලා විශ්වාසයක් ඇතිවෙනවා, ඇත්ත තමයි, මේ නාමරූපයන්ගෙන් හටගත්තු ඇස අනිත්‍ය දෙයක් ම යි. නාමරූපයන්ගෙන් හටගත්තු කන අනිත්‍ය දෙයක් ම යි. නාමරූපයන්ගෙන් හටගත්තු නාසය අනිත්‍ය දෙයක් ම යි. නාමරූපයන්ගෙන් හටගත්තු දිව අනිත්‍ය දෙයක් ම යි. නාමරූපයන්ගෙන් හටගත්තු කය අනිත්‍ය දෙයක් ම යි. නාමරූපයන්ගෙන් හටගත්තු මනස අනිත්‍ය දෙයක් ම යි කියා ඔබ ශ්‍රද්ධාවෙන් අදහා ගන්නවා. ඒ වගේ ම බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු අනිත්‍යයි කියලත් ශ්‍රද්ධාවෙන් අදහා ගන්නවා.

විඤ්ඤාණයත් අනිත්‍යයි…

මේ ඇසේ, කනේ, දිවේ, කයේ, මනසේ, හටගන්නවා විඤ්ඤාණය. මේ විඤ්ඤාණය අනිත්‍යයි කියා ශ්‍රාවකයා ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. ඒ වගේ ම ඇහැයි, රූපයයි, විඤ්ඤාණය යි එකතුවීම (ඇසේ ස්පර්ශය) කනයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතුවීම (කනේ ස්පර්ශය) නාසයයි, ගඳ සුවඳයි, විඤ්ඤාණයයි එකතුවීම (නාසයේ ස්පර්ශය) දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතුවීම (දිවේ ස්පර්ශය) කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතුවීම (කයේ ස්පර්ශය) මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතුවීම (මනසේ ස්පර්ශය) අනිත්‍යයි කියා ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා.

විඳීමත් අනිත්‍යයි, හඳුනාගැනීම, චේතනා පහළවීමත් අනිත්‍යයි…

ඒ විදිහට ශ්‍රද්ධාව පිහිටුවාගෙන තවදුරටත් නුවණින් විමසනවා. මේ ස්පර්ශයෙන් හටගන්න (සැප, දුක්, උපේක්ෂා) විඳීමත් අනිත්‍යයි කියලා. තවදුරටත් විමසනවා මේ ස්පර්ශයෙන් හටගන්නා රූප හඳුනාගැනීම, ශබ්ද හඳුනාගැනීම, ගඳ සුවඳ හඳුනාගැනීම, රස හඳුනාගැනීම, පහස හඳුනාගැනීම, අරමුණු හඳුනාගැනීමත් අනිත්‍යයි කියා ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. ඒ වගේ ම හඳුනාගන්නා රූපයට අනුව චේතනා පහළවීම, හඳුනාගන්නා ගඳ සුවඳට අනුව චේතනා පහළවීම, හඳුනාගන්නා රසයට අනුව චේතනා පහළවීම, හඳුනාගන්නා පහසට අනුව චේතනා පහළවීම, මනසින් හඳුනාගන්නා අරමුණුවලට අනුව චේතනා පහළවීම අනිත්‍යයි කියා ශ්‍රද්ධාව පිහිටුවාගන්නවා.

ආශාවත් අනිත්‍යයි…

ඊ ළඟට රූප කෙරෙහි, ශබ්ද කෙරෙහි, ගඳ සුවඳ කෙරෙහි, රසය කෙරෙහි, පහස කෙරෙහි, අරමුණු කෙරෙහි, හිතේ ඇතිවන ආශාවත් අනිත්‍යයි කියා ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. මේ අනිත්‍ය වූ දේවල් අනිත්‍යයි කියා ධර්මයට අනුව සිතා ශ්‍රද්ධාව පිහිටුවාගත්තු ශ්‍රාවකයාට ශ්‍රද්ධානුසාරී කියා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයා ශ්‍රද්ධාව මුල්කරගෙන තවදුරටත් විදර්ශනා ප්‍රඥාව තුළ බැස ගන්නට මහන්සි ගන්නවා කියා. ඒ ධම්මානුසාරී ශ්‍රාවකයා තවදුරටත් ධර්ම මාර්ගය දියුණු කරනවා. ඒ ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී, කියන ශ්‍රාවකයන් දෙන්නා ම අයිති වෙන්නේ සෝවාන් මාර්ගය වඩන ශ්‍රාවකයන්ටයි.

බුදු සසුනේ සනාතන රැකවරණය ලැබූ ශ්‍රාවකයා…

මේ සෝවාන් මාර්ගය වඩන ශ්‍රාවකයාට, ධර්ම මාර්ගය දිගට ම දියුණු කරගෙන ගියොත් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. යම් දවසක ධර්මය දියුණුවීම තුළ, විදර්ශනා ප්‍රඥාව දියුණුවීම තුළ, අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් ම අවබෝධ වීම තුළ, මේ සියල්ල ම හේතු නිසා හටගන්නා ඵල ධර්මයන් හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියා වටහා ගන්නවා (යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං). අන්න ඒ ශ්‍රාවකයාට කියනවා සම්මා දිට්ඨියට පැමිණි, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි, ආර්ය දර්ශනයෙන් සමන්විත වූ ශ්‍රාවකයා කියා. අමා නිවන් දොරේ හැපී සිටින ශ්‍රාවකයා කියා.

බැඳෙන්නේ නැතිව යනවා…

මේ විදිහට ශ්‍රාවකත්වය දියුණු කර ගන්න ලැබෙන්නේ සතිපට්ඨානයේ (ධම්මානුපස්සනාවේ) සිහිය පිහිටුවා ගැනීම තුළිනුයි. ආයතන භාවනාව තුළ මනාකොට සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනාට හොඳින් ඉන්ද්‍රිය සංවරයත් ඇතිවෙනවා. මොකද මේ හැම ආයතනයක්මත්, බාහිර අරමුණුත් අනිත්‍යයි කියා නුවණින් විමසා බලද්දී තමයි මේවාට බැඳෙන්නේ නැත්තේ. බැඳුනොත් බැඳිච්ච ගමන් පට්ච්චසමුප්පාදය හැදෙනවා. හැදෙන්නේ කොයි ආකාරයට ද? ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා. විඳීම නිසා ඇලීම ඇතිවෙනවා. ඇලීම නිසා බැඳෙනවා. බැඳෙන නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. විපාක පිණිස කර්ම හැදෙන නිසා උපදිනවා. ධර්මයට අනුව නුවණින් විමසන ශ්‍රාවකයා, මේ විදිහට පට්ච්චසමුප්පාදය ආයතන තුළින් හැදෙන හැටි අවබෝධ කර ගන්නවා. අන්න ඒ නිසා ඒ බන්ධනය ඇතිනොවීම පිණිස, සංයෝජනය ඇති නොවීම පිණිස, කෙලෙස් ඇති නොවීම පිණිස, මනාකොට සිහිය පිහිටුවලා එය විදර්ශනා වශයෙන් වඩනවා.

තමා තුළත් – අනුන් තුළත් තියෙන්නේ අනිත්‍යයක්…

තමා තුළ තියෙනවා නම් යම් ආකාරයේ අනිත්‍ය වූ ආයතන හයක්, තමාගෙන් බාහිර යම්තාක් ජනතාවක් ඇද්ද, යම්තාක් බාහිර සත්ව කොට්ඨාසයක් ඇද්ද, ඒ සියලු ම සත්වයන් තුළ ඇත්තේ අනිත්‍ය වූ ආයතන හයක්. ඊ ළඟට තමාගෙන් බාහිර යම්තාක් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ඇද්ද ඒ සියල්ල අනිත්‍ය වූ දේවල් ය කියා තමා තුළත් අනුන් තුළත් අනිත්‍ය දකිනවා. එතකොට තමා තුළත් සිත පිහිටන්නේ නෑ. තමාගෙන් බාහිරවත් සිත පිහිටන්නේ නෑ. අන්න එහෙම නුවණින් විමසන කොට, බුදුරජාණන් වහන්සේ කියාදීපු පිළිවෙළට අපේ චින්තනය හසුරුවන විටයි මේ බන්ධනය ප්‍රහාණය වන්නේ.

නැත්නම් නිවනින් ඈත්වෙනවා…

නැත්නම් වෙන්නේ බැඳෙන එකයි. රූපයක් දැකලා සිහි මුළාවෙනවා (රූපං දිස්වා සතිමුට්ඨා). ප්‍රිය අරමුණු සිහිකරන්න පටන් ගන්නවා (පිය නිමිත්තං මනසිකරතෝ). ඇලුනු සිතින් විඳිනවා (සාරත්තචිත්තෝ වේදේති). එතකොට ඒකේ සිත බැස ගන්නවා (තඤ්ච අජ්ඣෝසාය තිට්ඨති). රූපයෙන් හටගත්ත නොයෙක් විඳීම් හටගන්නවා. ආසාවත් වෙහෙසත් විසින් මේ සිත පෙළන්නට ගන්නවා. ඔන්න ඔය විදිහට දුක රැස්කරද්දී නිවනින් ඈත් වුණා කියනවා (ආරා නිබ්බානන්ති වුච්චති). අනිත් කන ආදි ආයතන ගැනත් එහෙමයි. එහෙනම් මේ සාමාන්‍ය ජීවන රටාව තුළ තියෙන්නේ නිවනට ළං වෙන එකක් නෙවෙයි. නිවනින් බැහැර වෙන එකක්. නිවනට අයිති නැති දෙයක් තමයි මේ සාමාන්‍ය ජීවිතය තුළ හැදෙන්නේ. ඒ නිසා මේ ජීවිතයක් තුළ හැදෙන දේට ඉඩ දීලා, දුක් නැති ජීවිතයක් බලාපොරොත්තු වීම සිහිනයක් පමණයි. එම නිසා මේ ජීවිතය අවබෝධ කරගෙන දුකින් නිදහස් වීමට කැමති කෙනා පැහැදිලිව ම මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන අනිත්‍ය වශයෙන් වැඩීම පිණිස සිහිය පිහිටුවා ගත යුතු ම යි.

සියල්ලෙන් ම නිදහස් වෙන්න…

මේ ආයතන හය ගැන මනාකොට සිහිය පිහිටුවා ගැනීමේ දී ශ්‍රාවකයා දකින්නේ අනිත්‍ය වූ ආයතන හයක්. ඇතිවීම නැතිවීම දකින නිසා ඒවා කිසිවක් මම කියා ගන්නේ නෑ. මගේ කියා ගන්නේ නෑ. මගේ ආත්මය කියා සලකන්නේ නෑ. මේකෙන් නිදහස් වීමක් ම යි සකස් කර ගන්නේ. ඒ නිසා ශ්‍රාවකයා ඇසින් නිදහස් වෙනවා. කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් නිදහස් වෙනවා. මෙලොවෙන් නිදහස් වෙනවා. පරලොවෙන් නිදහස් වෙනවා. සියලු ම දෙයින් නිදහස් වෙනවා. අන්න ඒ ශ්‍රාවකයා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන් ම අවබෝධ කර ගත්ත රහතන් වහන්සේනමක් බවට පත්වන්නේ. එම නිසා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අපිත් මෙම අනිත්‍ය ආයතන භාවනාව පුරුදු පුහුණු කර ගනිමු.

ආයතන අනිත්‍ය භාවනාව >>

(මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)

ආනාපානසති භාවනාව තුළ කායානුපස්සනාව වඩන ආකාරය
අානාපානසතිය තුළ ඉදිරියට

ආනාපානසති භාවනාවට අදාළ මූලික දහම් කරුණු අපි ගියවර කලාපයෙන් ඉගෙන ගත්තා. එහි දී භාවනාවට වාඩි විය යුතු ආකාරය, කොන්ද කෙලින් තබාගත යුතු ආකාරය, ආශ්වාස, ප‍්‍රශ්වාස පැවැත්වීමේ දී සිහිය පවත්වාගත යුතු ආකාරය, අපි ඉගෙන ගත්තා. මෙවර අපි ආනාපානසතිය දියුණු කිරීමේ දී ඇලීමටත්, ගැටීමටත් ඉඩ නොදී කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, කෙලෙසුන් ප‍්‍රහාණය කරන නුවණින් යුක්තව, සිහිය පවත්වන හැටි තවදුරටත් බුද්ධ දේශනාවට අනුව ම ඉගෙන ගනිමු.

සම්මා සතිය දියුණු කරගන්න

සම්මා  සතිය තමයි ජීවිතාබෝධය කරා අපව සකස් කරවන්නේ. සම්මා සතිය දියුණු කරගන්න බැරිවුනොත් අපේ ජීවිත අවබෝධය කරා යන්නේ නෑ. එහෙම නම් සම්මා සතිය කියන්නේ අපේ ජීවිතයට අතිශයින් ම උපකාරී වන දෙයක්. එ් පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ ශී‍්‍ර සද්ධර්මය එ් ආකාරයෙන් ම ඉගෙන ගෙන, එ් ධර්මයට අනුව මෙනෙහි කරමින් සිහිය දියුණු කරගත යුතුයි.

භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයා වෙමි මම්

භාග්‍යවතුන් වහන්සේ වදාලේ ධර්මය ප‍්‍රගුණ කරගැනීමේ දී, ශ‍්‍රාවකයා සිතිය යුත්තේ මේ අයුරින් කියායි. එනම් “භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.” (ජානාති භගවා) “මම වනාහී නොදනිමි.” (අහං න ජානාමි) “භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘන් වහන්සේ වන සේක” (සත්ථා මේ භන්තේ භගවා) “මම වනාහී ශ‍්‍රාවකයා වෙමි.” (සාවකෝ හමස්මී) කියාය. එහෙම නම් අපි ආනාපානසති භාවනාව ඉගෙන ගත යුත්තේත්, ප‍්‍රගුණ කරගත යුත්තේත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට ම යි.

ආනාපානසතියේ පළමු පියවර

ගියවර කලාපයේ දී ආනාපානසති භාවනාව තුළ හුස්ම ඉහලට ගනිද්දීත්, පහල හෙලද්දීත් හොඳට සිහිය පිහිටුවාගෙන කරන හැටි අපි තේරුම් ගත්තා. සිහියෙන් යුක්තව හුස්ම ගන්නත් හෙලන්නත් පුරුදු වෙනකොට ඔබේ සිහිය හුස්ම රැල්ල කෙරෙහි ම පිහිටන්න පටන් ගන්නවා. එ් කියන්නේ බාහිරට සිත විසිරෙන්නේ නැතිව හුස්ම ගනිද්දිත්, හෙලද්දිත් එ් කෙරෙහි ම සිහිය පවත්වාගන්න පුළුවන් වෙනවා. (සතෝව අස්සසති – සතෝව පස්සසති) එ්ක තමයි ආනාපානසති භාවනාවේ පළමු පියවර.

සුසුම් පොදේ වෙනස්කම්

ඔබ එ් විදිහට සිහියෙන් යුතුව හුස්ම ගන්නකොට, හෙළනකොට, හුස්ම රැල්ලේ තියෙන වෙනස්කම් ඔබට දැනගන්න ලැබෙනවා. හිටපු ගමන් දිගට ආශ්වාසයක් දැනෙනවා. එ් කියන්නේ ඔබ දිගට හුස්ම ගන්නවා. එවිට ඔබ සිහියෙන් හිටපු නිසා ඔබ තේරුම් ගන්නවා දිග හුස්මක් ගන්නවා කියා. (දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති.) එ් වගේ ම දීර්ඝව හුස්ම හෙලන අවස්ථා එනවා. සිහියෙන් ඉන්න නිසා ඔබ තේරුම් ගන්නවා දැන් දිග හුස්මක් හෙලනවා කියා. (දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති) හිටපු ගමන් මේ ආශ්වාස කෙටි වෙනවා. එවිට ඔබ සිහියෙන් යුතුව සිටින නිසා තේරුම් ගන්නවා කෙටි ආශ්වාසයක් කියා. (රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති.) කෙටියෙන් හුස්ම හෙලනකොට ඔබ සිහියෙන් සිටින නිසා කෙටියෙන් හුස්ම හෙලීමක් කියා තේරුම් ගන්නවා. (රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති.)

යතු කැටයෙකි උපමාවට ගන්නේ

බුදුරජාණන් වහන්සේ මෙතැන දී ලස්සන උපමාවක් පෙන්වා දෙනවා. උපමාව තමයි යතු ගාන්නට දක්ෂ බාස්සුන්නැහැ කෙනෙක් හරි, දක්ෂ ගෝලයෙක් හරි ඉන්නවා. සමහර වෙලාවට යතු කැටේ අතට අරගෙන අත දිග ඇරලා, දිගට යතුගාන කොට ඔහු දන්නවා දිගට යතු ගාන බව. (දීඝං වා අඤ්ඡන්තෝ දීඝං අඤ්ඡාමීති පජානාති.) සමහර අවස්ථාවලදී යතුකැටේ අතට අරගෙන කෙටියෙන් යතු ගානවා. එතකොටත් ඔහු දන්නවා කෙටියෙන් යතු ගානබව. (රස්සං වා අඤ්ඡන්තෝ රස්සං අඤ්ඡාමීති පජානාති) මෙන්න මේ වගේ කියලා දේශනා කරනවා. ආනාපානසති භාවනාවේ දී ත් දිගට ආශ්වාසයක් කරනකොට දිග ආශ්වාසයක් කියලා දැන ගන්නවා. අර බාස්සුන්නැහේ දිගට යතුගානකොට එ් බව දැනගන්නවා වගේ. එ් වගේ. එ් වගේ ම යත්ත ආපහු ගන්නකොට එ් බව දැනගන්නවා වගේ දිගට ප‍්‍රාශ්වාස කරනකොට දීර්ඝ ප‍්‍රාශ්වාසයක් කියා ශ‍්‍රාවකයා දැනගන්නවා. (එ්වමේව ඛෝ භික්ඛවේ භික්ඛු දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති.) කෙටියෙන් යතුගානකොට එ්ක බාස්සුන්නැහේ දැනගන්නවා වගේ, ශ‍්‍රාවකයා කෙටියෙන් ආශ්වාස – ප‍්‍රශ්වාස කරනකොට එ්කත් දැනගන්නවා. (රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති.)

සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබේ උත්සාහය හා නුවණ මතයි

දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ මොනතරම් ලස්සන උපමාවක් ද මේක තේරුම්ගන්න දේශනාකොට වදාලේ. මේ විදිහට ආශ්වාස ප‍්‍රශ්වාස හොඳින් දැනගන්න කොට භාවනාව සම්බන්ධයෙන් ඔබේ සිහිය ආශ්වාස ප‍්‍රශ්වාස තුළ පිහිටලා තියෙන්නේ. දැන් ඔබට බාහිරට සිත විසිරෙන්නේ නැතිව ආශ්වාස ප‍්‍රාශ්වාසයේ ම සිත රඳවාගන්න පුළුවන්කම තියෙනවා. නමුත් එ්ක කරන්නේ ඔබේ උත්සාහය මත. ඔබේ නුවණ මත. ඔබේ සිහිය පැවැත්වීම මත. එ් කියන්නේ ඔබේ උත්සාහය අඩු කලොත්, ඔබ ආයෙමත් කලින් හිටපු තත්වයට වැටෙනවා. එම නිසා ඔබ කළ යුත්තේ දිගින් දිගට ම ආශ්වාස ප‍්‍රශ්වාසයේ ම සිහිය රඳවාගන්න එකයි. දැන් ඔබ දිගට හුස්ම ගන්න එක, දිගට හුස්ම හෙලන එක, කෙටියෙන් හුස්ම ගන්න එක, කෙටියෙන් හුස්ම හෙලන එක, හොඳට තේරෙනකොට, ඔබට පුළුවන්කම ලැබෙනවා සම්පූර්ණ ආශ්වාසය තේරුම් ගන්න. (සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති) එ් කියන්නේ ආශ්වාසය ඇතුලු වීම, ආශ්වාසය ඇතුළු වෙලා ගමන් කරලා ඉවර වෙන කොට, සම්පූර්ණ ආශ්වාසය ගැන ඔබ තේරුම් ගන්නවා. එ් වගේ ම ප‍්‍රශ්වාසය ඉවරවෙනකොටත් ඔබ සම්පූර්ණ ප‍්‍රශ්වාසය ගැනම තේරුම් ගන්නවා ප‍්‍රශ්වාසය ඉවර වුනා කියා. (සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීතී සික්ඛතී)

ආශ්වාස ප‍්‍රශ්වාස ද එක්තරා කයකි

ආශ්වාස ප‍්‍රශ්වාස එක්තරා කයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. එ්කට හේතුව ආශ්වාස ප‍්‍රශ්වාස කය හා බැඳී පවතින දෙයක්. එ්කට කාය සංස්කාර කියලත් කියනවා. එතකොට ආශ්වාස ප‍්‍රශ්වාස කෙරෙහි සම්පූර්ණ අවධානයෙන් ආශ්වාස කිරීමත් ප‍්‍රශ්වාස කිරීමක් තේරුම් අරගෙන ඔබ එහි ම සිහිය රඳවනකොට, ඔබේ සිත සමාධිමත් වෙන්න පටන් ගන්න කොට, මේ ආශ්වාස ප‍්‍රශ්වාස සැහැල්ලු වෙනවා. (පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛතී.)

ආශ්වාස  ප‍්‍රශ්වාස සැහැල්ලු වෙනකොට, එය තේරුම් ගනිමින්, එ් ආශ්වාස ප‍්‍රශ්වාසයේ ම සිත පිහිටුවා ගන්නවා. එ් කියන්නේ හුස්ම ගන්නකොට හුස්ම සැහැල්ලූ වෙනවා. එ්ක තේරුම් ගනිමින් ආශ්වාස කරනවා. හුස්ම හෙලනකොට හුස්ම සැහැල්ලු වෙනවා. එ්ක තේරුම් ගනිමින් ප‍්‍රශ්වාස කරනවා. (පස්සම්භයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති.) එතකොට ඔබ ආනාපානසතිය තුළ හුස්ම ගන්න හැටි, හුස්ම හෙලන හැටි, දීර්ඝ වශයෙන් හුස්ම ගන්න හැටි, දීර්ඝ වශයෙන් හුස්ම හෙලන හැටි, කෙටියෙන් හුස්ම ගන්න හැටි, කෙටියෙන් හුස්ම හෙලන හැටි, සම්පූර්ණ හුස්ම රැල්ල තේරුම් ගන්න හැටි, හුස්ම රැල්ල සැහැල්ලු වෙන හැටි තේරුම් ගනිමින් සිහියෙන් යුතුව ආනාපානසතිය තුළ කායානුපස්සනා සතිපට්ඨානය වඩන කෙනෙක් වෙනවා.

මතු සබැඳි…

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි…

සතර සතිපට්ඨානය තුළ වේදනානුපස්සනාව
අද අපි ඉගෙන ගන්නේ වේදනානුපස්සනා භාවනාව ගැනයි. වේදනානුපස්සනා භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළ කොටස අපි හොඳින් ඉගෙන ගන්න ඕනෑ. සාමාන්‍යයෙන් වේදනාව කියන වචනය අපි පාවිච්චි කරන්නේ රිදෙන කොට, දුකක් ඇතිවුණහම, විඩාවක් ඇතිවුණහම, කැක්කුමක් ඇතිවුණහම එ්ක ප‍්‍රකාශ කරන්නයි. අපේ හිතේ සතුටක් ඇතිවුණොත් අපි කවදාවත් කියන්නේ නෑ ‘‘මට මේ සැප සහගත වේදනාවක් තියෙනවා” කියා. වේදනාව කියා භාවිත කරන්න පුරුදු වෙලා ඉන්නේ දුකට ම යි. ‘‘මම හරි වේදනාවෙන් ඉන්නේ.”, ‘‘ඇඟපත හරි ම වේදනාවයි” කියා කියන්නේ දුක් සහගත විඳීම්වල දී ම යි.

නමුත් බුදුරජාණන් වහන්සේ වේදනාව කියන වචනය පාවිච්චි කළේ ‘‘විඳීම” කියන පොදු අර්ථයෙන්. අපි තුන් ආකාරයක විඳීමක් විඳිනවා. අපි සැපත් විඳිනවා. දුකත් විඳිනවා. දුක් සැප රහිත බවත් විඳිනවා. මේ විඳීම ඇතිවන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය කියා කියන්නේ මේ ආයතන හය තුළ ම ඇතිවන දෙයක්. ඇස, කන, නාසය, දිව, කය, මනස, කියන ආයතන හයේ ම ඇතිවන දෙයක් ස්පර්ශය. ස්පර්ශය යම් තැනක හටගන්නවා ද අන්න එතැන තමයි විඳීම හටගන්නේ. එහෙම නම් ආයතනයන් හය තුළ ම සැප, දුක්, උපේක්ෂා කියන විඳීම හටගන්නවා. එතකොට මේ ස්පර්ශය සැප සහගත වෙනකොට, විඳීම සැප සහගත වෙනවා. ස්පර්ශය දුක් සහගත වෙනකොට විඳීම දුක් සහගත වෙනවා. ස්පර්ශය මධ්‍යස්ථ වෙනකොට විඳීම මධ්‍යස්ථ වෙනවා.

වේදනා කොටස් දෙකක්…

එතකොට මේ සැප, දුක්, උපේක්ෂා කියන විඳීම් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත‍්‍රයේ දී සාමිස වේදනා, නිරාමිස වේදනා කියා කොටස් දෙකකට බෙදා වදාළා. බුදුරජාණන් වහන්සේ මේ සාමිස විඳීම ගැනත්, නිරාමිස විඳීම ගැනත් සිහිය පිහිටුවා ගන්න කියා දේශනා කොට වදාළා. (සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාතී.)

පංච කාමය නිසා ඇතිවෙන විඳීම…

සාමිස විඳීම කියන්නේ ඇහෙන් රූප දැක්කා ම, කනෙන් ශබ්ද ඇහුවා ම, නාසයෙන් ගඳ සුවඳ ආඝ‍්‍රාණය කළා ම, දිවෙන් රස වින්දා ම, කයෙන් පහස දැණුනා ම ඇතිවෙන විඳීමට කියනවා සාමිස කියා. එ් කියන්නේ පංච කාම අරමුණු මුල්කරගෙන සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත මධ්‍යස්ථ බවක් හෝ ඇතිවෙනවා නම් අන්න එ්කට කියනවා සාමිස වේදනා කියා.

පංච කාමයෙන් බැහැර ව ඇතිවන විඳීම…

අපි හිතමු භාවනාවක් කරගෙන යද්දී, භාවනාව අපිට ඕනෑ හැටියට වැඩෙන්නේ නෑ. එතකොට අපට ඇතිවෙනවා දුකක්. එ්ක එතකොට පංච කාමයන් මුල් කරගෙන ඇති වෙච්ච දුකක් නො වෙයි. නිරාමිස දෙයක් මුල් කරගෙන ඇතිවෙච්ච දුකක්. එ්කට කියනවා නිරාමිස දුක් වේදනා කියා. එ් වගේ ම භාවනා කරගෙන යනකොට සිත සමාධිගත වුණා ම කෙනෙකුට ඇතිවෙනවා සැපයක්. එ්ක නිරාමිස සැප වේදනාවක්. ඊ ළඟට කෙනෙකුට සැප වේදනාවක් නැති, මනසිකාර කරගෙන යන අවස්ථා තියෙනවා. සැපක් තේරෙන්නෙත් නැති, දුකක් තේරෙන්නෙත් නැති භාවනා අරමුණක් තියෙනවා. එ්කට කියනවා නිරාමිස උපේක්ෂා වේදනා කියලා. එතකොට සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා සාමිස කියා කොටසකට බෙදනවා. නිරාමිස කියා කොටසකට බෙදනවා. මේක අපි හොඳින් සිහිකරලා, නුවණින් තේරුම් ගන්නට ඕනෑ විඳීම මේ ආකාරයි කියා.

දිය බුබුළක් බඳු විඳීමක්…

බුදුරජාණන් වහන්සේ වදාළා, මේ විඳීම්වල ස්වභාවය දිය බුබුළක් වගේ කියා. එ් කියන්නේ වැස්ස වැහැපු වෙලාවක එ් වතුරට ලොකු දිය බින්දු වැටෙනවා. එ් දිය බින්දු අර වතුරට වැටෙනකොට ම එ් වතුරෙන් දිය බුබුළක් ඇතිවෙනවා අර ඝට්ඨනයත් එක්ක ම. ඊ ළඟ දිය බුබුළ ඇති වෙනකොට අර දිය බුබුළ නැතිවෙනවා. වෙන එකක් හටගන්නවා. මේ වගේ තමයි විඳීමත්.

වේදනානුපස්සනාව වඩන හැටි…

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විඳීමට සිහිය යොමු කරන්න කියා. විඳීමට සිහිය යොමු කරන ශ‍්‍රාවකයා හොඳ සිහියෙන් ඉන්නට ඕනෑ. සාමිස හෙවත් පංචකාම අරමුණු මුල්කර ගත්තු සැප විඳීමක් ද සාමිස දුක් විඳීමක් ද සාමිස උපේක්ෂා විඳීමක් ද කියා නුවණින් විමසා බලන්න. එ්කට හොඳින් සිහිනුවණ පිහිටුවනවා. එතකොට තේරෙනවා මේ මම විඳින්නා වූ දුක් විඳීම පංච කාම අරමුණු මුල්කර ගත්තු විඳීමක්. සැප විඳිනකොට තේරෙනවා මම මේ විඳින්නා වූ සැප විඳීම පංච කාම අරමුණු මුල්කර ගත්තු සාමිස සැප විඳීමක්. මධ්‍යස්ථ විඳීම විඳින කොට ශ‍්‍රාවකයා තේරුම් ගන්නවා මම මේ විඳින්නා වූ මධ්‍යස්ථ විඳීම පංච කාම අරමුණු මුල්කර ගත්තු සාමිස උපේක්ෂා විඳීමක් කියා. මේ විදිහට සාමිස වේදනා ගැන සිහිය පිහිටුවා ගන්නවා.

ඊ ළඟට නිරාමිස විඳීම

භාවනා කරන කෙනෙකුට භාවනාව වැඩෙන්නේ නැත්නම්, සමාධිය වැඩෙන්නේ නැත්නම්, යම් කිසි දුකක් තියෙන්න පුළුවනි. එතකොට එයා තේරුම් ගන්න ඕනෑ මේක තමයි නිරාමිස දුක් විඳීම. භාවනාව දියුණු කරගෙන යද්දි එයාට සනීපයක්, සැපයක් දැනෙනවා. එතකොට එ් කෙනා දැනගන්නට ඕනෑ මේක තමයි නිරාමිස සැප විඳීම. භාවනාව තවදුරටත් ඉහළට දියුණු කරගෙන යාමේ දී සැපක් නැති, දුකත් නැති මධ්‍යස්ථ විඳීම් විඳින්නට ලැබෙනවා. එයා සිහි කරනවා මේක තමයි මධ්‍යස්ථ විඳීම කියා.

සියලූ දෙනා තුළ ම වේදනාව සමානයි…

මේ විදිහට වේදනානුපස්සනා භාවනාවේ සිහිය පිහිටුවන්න පිහිටුවන්න ශ‍්‍රාවකයා නුවණින් තේරුම් ගන්නවා, මේ විඳීම් තුන ම තමයි අනිත් අයටත් තියෙන්නේ කියා. අන්න තමාට යම් කිසි සැප විඳීමක්, දුක් විඳීමක්, උපේක්ෂා විඳීමක්, සාමිස ව හෝ නිරාමිස ව ඇති වෙනවා ද, මෙවැනි විඳීම් තුනක් තමයි තමා තුළත්, අනිත් අය තුළත් තියෙන්නේ කියා සිහි කරනවා.

ස්පර්ශය නිසයි විඳීම…

මෙහෙම සිහි කරලා ශ‍්‍රාවකයා නුවණින් බලනවා, ස්පර්ශය වෙනස් වීමෙන් විඳීම වෙනස් වෙනවා. ස්පර්ශය කියන්නේ කරුණු තුනක එකතු වීම යි (තිණ්ණං සංගති ඵස්සෝ). ඇසයි, රූපය යි, විඤ්ඤාණය යි එකතු වීම තමයි ඇසේ ස්පර්ශය. කනයි, ශබ්දය යි, විඤ්ඤාණය යි එකතු වීම කනේ ස්පර්ශය යි. නාසය යි, ගඳ සුවඳ යි, විඤ්ඤාණය යි එකතු වීම නාසයේ ස්පර්ශය යි. දිව යි, රසය යි, විඤ්ඤාණය යි එකතුවීම දිවේ ස්පර්ශය යි. කය යි, පහස යි, විඤ්ඤාණය යි එකතු වීම කයේ ස්පර්ශය යි. මනස යි, අරමුණු යි, විඤ්ඤාණය යි එකතු වීම මනසේ ස්පර්ශය යි.

මනස – අරමුණු – විඤ්ඤාණය

ඔබ හොඳින් තේරුම් ගන්න මනස කියන්නේ එකක්. අරමුණ කියන්නේ තවත් එකක්. විඤ්ඤාණය කියන්නේ තව එකක්. මනස යි, අරමුණු යි, විඤ්ඤාණය යි (තිණ්ණං) තුන (සංගති) එකතු වීම (ඵස්සෝ) ස්පර්ශය යි. එ්ක තේරුම් ගන්නේ මෙහෙමයි. දැන් මනසට අරමුණක් ආවා ම එ්ක මනසින් ම දැන ගන්නවා. මේ දැනීම තමයි මෙතන තියෙන විඤ්ඤාණය. මේ මනස යි, අරමුණ යි එකක් නෙවෙයි; දෙකක්. දැන් අපි හිතමු මනසට අරමුණක් මතක් වෙනවා කියා. මතක් වුණා ම අපට පුළුවන් මේක හොඳ අරමුණක් නෙවෙයි කියලා තේරුම්ගෙන එ්ක බැහැර කරලා හොඳ අරමුණක් සිතේ පිහිටුවා ගන්න. එ්ක කරන්න පුළුවන් වෙන්නේ මනස යි, අරමුණ යි දෙකක් නිසා. එ්ක එකක් වුණා නම් අපට එහෙම කරන්න පුළුවන්කමක් නෑ. මනස වෙන එකක්, අරමුණ වෙන එකක් නිසා මනසට අරමුණක් ආවාට පස්සේ එ්ක වෙනස් කරන්න පුළුවන්. එතකොට මේකෙන් තේරුම් ගන්න මනස යි, අරමුණ යි, විඤ්ඤාණය යි කියන එකේ වෙනස්කම. එතකොට මනස යි, අරමුණ යි, විඤ්ඤාණය යි එකතු වීම මනසේ ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ.

වේදනාවේ හටගැනීම හා නැති වීම…

දැන් හොඳට වේදනානුපස්සනා සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගත්තු ශ‍්‍රාවකයා ස්පර්ශය වෙනස් වීමෙන් විඳීම වෙනස් වන බවත්, ස්පර්ශය නැති වීමෙන් විඳීම නැති වන බවත් දකිනවා. එ්කට කියනවා විඳීම් ගැන හටගන්නා ආකාරයත් දකිමින් වාසය කරනවා, නැසී යන ආකාරයත් දකිමින් වාසය කරනවා (සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහරති. වයධම්මානුපස්සීවා වේදනාසු විහරති)

විඳීම ගැන යථාර්ථය අවබෝධ වෙනවා…

මෙහෙම වේදනානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරන කොට ශ‍්‍රාවකයාට තේරුම් යන්න පටන් ගන්නවා මේකේ අයිතිකාරයෙක් හෙවත් ආත්මයක් නෑ. හේතු නිසා හටගන්නා ඵලයක් තියෙනවා, හේතු නැතිවීමෙන් එ් ඵලය නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියා. ස්වභාවික නියාම ධර්මයක් මෙතන පවතින බව මේ කෙනා අවබෝධ කර ගන්නවා. මම කියා හිතපු එක, මම විඳිනවා කියා හිතපු එක කොයිතරම් වැරදි අදහසක් ද? අනවබෝධයෙන් ආත්මයක් තියෙනවා කියා හිතපු එක මොනතරම් වැරදි වැටහීමක් ද කියා අවබෝධ කර ගන්නවා. එහෙම නිවැරදි ව වටහාගෙන, විඳීමට මම, මගේ, මගේ ආත්මය කියා බැඳෙන්නේ නැතිව යනවා. අන්න එ් ශ‍්‍රාවකයාට තවදුරටත් සිහිය දියුණු වීම පිණිස, තවදුරටත් නුවණ දියුණු වීම පිණිස, තවදුරටත් ජීවිතාවබෝධය දියුණු වීම පිණිස මේ වේදනානුපස්සනාව උපකාරී වෙනවා (අත්ථි වේදනා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය, පතිස්සතිමත්තාය. අනිස්සිතෝච විහරති. නච කිඤ්චි ලෝකේ උපාදියති. එ්වංපි ඛෝ භික්ඛවේ, භික්ඛූ වේදනාසු වේදනානුපස්සී විහරති)

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් සහිත (සාමිස) සැප වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් සහිත (සාමිස) සැප වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් සහිත (සාමිස) සැප වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් සහිත (සාමිස) සැප වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

අනාගතයේ හටගන්නා වූ, කෙලෙස් සහිත (සාමිස) සැප වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අනාගතයේ හටගන්නා වූ, කෙලෙස් සහිත (සාමිස) සැප වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් සහිත (සාමිස) දුක් වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් සහිත (සාමිස) දුක් වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් සහිත (සාමිස) දුක් වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් සහිත (සාමිස) දුක් වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

අනාගතයේ හටගන්නා වූ, කෙලෙස් සහිත (සාමිස) දුක් වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අනාගතයේ හටගන්නා වූ, කෙලෙස් සහිත (සාමිස) දුක් වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් සහිත (සාමිස) දුක් සැප රහිත වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් සහිත (සාමිස) දුක් සැප රහිත වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් සහිත (සාමිස) දුක් සැප රහිත වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් සහිත (සාමිස) දුක් සැප රහිත වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

අනාගතයේ හටගන්නා වූ, කෙලෙස් සහිත (සාමිස) දුක් සැප රහිත වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අනාගතයේ හටගන්නා වූ, කෙලෙස් සහිත (සාමිස) දුක් සැප රහිත වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් රහිත (නිරාමිස) සැප වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් රහිත (නිරාමිස) සැප වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් රහිත (නිරාමිස) සැප වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද, ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් රහිත (නිරාමිස) සැප වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

අනාගතයේ හට ගන්නා වූ, කෙලෙස් රහිත (නිරාමිස) සැප වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අනාගතයේ හට ගන්නා වූ, කෙලෙස් රහිත (නිරාමිස) සැප වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් රහිත (නිරාමිස) දුක් වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් රහිත (නිරාමිස) දුක් වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් රහිත (නිරාමිස) දුක් වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් රහිත (නිරාමිස) දුක් වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

අනාගතයේ හටගන්නා වූ, කෙලෙස් රහිත (නිරාමිස) දුක් වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අනාගතයේ හටගන්නා වූ, කෙලෙස් රහිත (නිරාමිස) දුක් වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් රහිත (නිරාමිස) දුක් සැප රහිත වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් රහිත (නිරාමිස) දුක් සැප රහිත වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් රහිත (නිරාමිස) දුක් සැප රහිත වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් රහිත (නිරාමිස) දුක් සැප රහිත වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

අනාගතයේ හටගන්නා වූ, කෙලෙස් රහිත (නිරාමිස) දුක් සැප රහිත වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අනාගතයේ හටගන්නා වූ, කෙලෙස් රහිත (නිරාමිස) දුක් සැප රහිත වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

හේතූන් නිසා හටගන්නා වූ සියලූ දුක් වේදනා, අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

හේතූන් නිසා හටගන්නා වූ සියලූ දුක් වේදනා, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

හේතූන් නිසා හටගන්නා වූ සියලූ සැප වේදනා, අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

හේතූන් නිසා හටගන්නා වූ සියලූ සැප වේදනා, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

හේතූන් නිසා හටගන්නා වූ සියලූ දුක් සැප රහිත වේදනා, අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

හේතූන් නිසා හටගන්නා වූ සියලූ දුක් සැප රහිත වේදනා, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

ඇසුර – ‘සිතට සුව දෙන භාවනා’ සදහම් ග‍්‍රන්ථය, අති පූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ

චිත්තානුපස්සනා භාවනාව
බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් බුද්ධිමත් කෙනෙකුට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපේ අභ්‍යන්තර ජීවිතයේ තියෙන විශේෂ දෙයක් තමයි සිත කියන්නේ. සිත ගැන සිහිනුවණින්ම සිහිය පිහිටුවා ගැනීම ගැන විස්තර කරන චිත්තානුපස්සනා භාවනාව තමයි අද අපි ඉගෙන ගන්නේ.

දමනය වූ සිත සැප සළසාලයි…

සිත කියන්නේ හේතූන් නිසා හටගන්න, හේතු නැතිවීමෙන් නැතිවෙලා යන දෙයක්. එ් වගේම සිත කියන එක නොමඟට හැරෙව්වාම නොමඟ යන දෙයක්. සුමඟට හැරෙව්වාම සුමඟට යන දෙයක්. මේ නිසයි බුදුරජාණන් වහන්සේ වදාලේ සිත දමනය කරගත යුතුයි කියා. දමනය වෙච්ච සිත සැප සළසනවා කියා. (චිත්තං දන්තං සුඛාවහං) බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳ ව පෙන්වා දුන්නේ පරිපූර්ණ වශයෙන්ම සිත දමනය කරගෙනයි. සිත දමනය කිරීමට උපකාර වන, සිත පිළිබඳ සිහිය පිහිටුවීමට උපකාර වන චිත්තානුපස්සනා භාවනාවේදී, බුදුරජාණන් වහන්සේ ආකාර 16 කින් සිත පිළිබඳව විග‍්‍රහ කොට තිබෙනවා. ශ‍්‍රාවකයා එ් ආකාර 16 තුලින් සිත ගැන සිහිය පිහිටුවා ගත යුතුයි.

සිත ගැන කළ විස්මිත හෙළිදරව්ව…

ධර්මය අවබෝධ කරනු කැමති ශ‍්‍රාවකයා, පංච කාම අරමුණු හෙවත් රූප – ශබ්ද – ගන්ධාදී අරමුණු සුභ වශයෙන් පිළිගෙන (සුභ නිමිත්ත) එ් පිළිබ`දව අනවබෝධයෙන් කල්පනා කිරීම (අයෝනිසෝ මනසිකාරය) නිසා උපන් රාග සහිත සිත, රාග සහිත සිතක් වශයෙන් මනාකොට දැනගන්නවා. (සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති) අවබෝධ ඤාණය තුලින් එම රාග සහිත සිතෙහි යථාර්ථය දැකීම නිසා රාගය ප‍්‍රහීණ වීමෙන් විරාගී බවට පත්වූ සිත, විරාගී සිතක් වශයෙන් මනාකොට දැනගන්නවා. (වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති)

රූප – ශබ්ද – ගන්ධාදී අරමුණු ගැටීම් වශයෙන් පිළිගෙන (පටිඝ නිමිත්ත) එ් පිළිබඳව අයෝනිසෝ මනසිකාරයේ යෙදීම නිසා උපන් ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් මනාකොට දැන ගනී. (සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති.) අවබෝධ ඤාණයක් තුළින් තම ද්වේෂ සහිත සිතෙහි යථාර්ථය දැකීම නිසා ද්වේෂය ප‍්‍රහීණ වීමෙන් වීතදෝෂී බවට පත්වූ සිත, ද්වේෂය ප‍්‍රහීණ වූ සිතක් වශයෙන් මනාකොට දැනගනී. (වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තන්ති පජානාති.)

ජීවිතය විපරීත හඳුනා ගැනීමක් තුළින් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් පිළිගෙන ඒ පිළිබඳ අනවබෝධයකින් කල්පනා කිරීම නිසා උපන් මෝහ සහිත සිත මෝහ සහිත සිතක් වශයෙන් මනාකොට දැනගනී. අවබෝධ ඤාණය තුළින් එම මෝහ සිතෙහි යථාර්ථය දැකීම නිසා මෝහය ප‍්‍රහාණය වීම නිසා වීතමෝහී බවට පත් වූ සිත මෝහය දුරු වී ගිය සිතක් වශයෙන් මනාකොට දැනගනී.

සිත ගැන තවදුරටත් සිහිය පිහිටුවමින්…

සතර සතිපට්ඨාන ධර්මාදී කුසල ධර්මයන් වැඞීමට උනන්දුකමක් නැති කම නිසා හෝ අලසබව නිසා උපන් ථිනමිද්ධය හෝ කායිකව හා මානසිකව තමා තුළට හැකිලී ගිය සිත, හැකිළීමට පත් වූ සිතක් වශයෙන් මනාකොට දැන ගන්නවා. (සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති.) අනවබෝධයෙන් කල්පනා කිරීම හෙවත් අයෝනිසෝ මනසිකාරය නිසා බාහිර අරමුණු කෙරෙහි විසිරී ගිය සිත, බාහිරට විසිරී ගිය සිතක් වශයෙන් මනාකොට දැනගන්නවා. (වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති.)

සතර සතිපට්ඨානයෙහි පිහිටා, සමථ – විදර්ශනා වශයෙන් ප‍්‍රතිපත්තියෙහි යෙදුන විට, පංච නීවරණයන්ගෙන් මිදී ධ්‍යානාදිය ඇති වීමෙන් වඩාත් බලවත් බවට පත්වූ සිත, වඩාත් බලවත් සිතක් වශයෙන් මනාකොට දැනගන්නවා. (මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති) සතර සතිපට්ඨානයෙහි නොපිහිටි පංච නීවරණයන්ගෙන් පීඩා ලබන දුර්වල බවට පත්වූ සිත, දුර්වල බවට පත්වූ සිතක් වශයෙන් දැනගන්නවා. (අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති.)

සතර සතිපට්ඨානයෙහි පිහිටා, සමථ විදර්ශනාදියෙහි භාවනා වශයෙන් වඩන කල්හි, පංච නීවරණ යටපත්ව, එහෙත් ධ්‍යාන තත්වයට බලවත් නොවූ සමාධි සිත, ධ්‍යාන තත්වයට බලවත් නොවූ සිතක් වශයෙන් මනාකොට දැනගන්නවා. (සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති.) සමථ විදර්ශනා ආදී කුසල අරමුණෙහි මනාව පිහිටීම නිසා එකඟ වූ සිත, කුසල අරමුණෙහි මනාව පිහිටීම නිසා එකඟ වූ සිතක් වශයෙන් මනාකොට දැන ගන්නවා. (සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති.) සමථ විදර්ශනා ආදී කුසල අරමුණෙහි මනාව නොපිහිටීම නිසා එකඟ නොවූ සිත කුසල අරමුණෙහි මනාව නොපිහිටීම නිසා එකඟ නොවූ සිතක් වශයෙන් මනාකොට දැන ගන්නවා. (අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති.)

අවබෝධ ඤාණයක් තුළින් කෙළෙසුන්ගෙන් මිදී ගියා වූ සිත, කෙළෙසුන්ගෙන් මිදීගිය සිතක් වශයෙන් මනාකොට දැන ගන්නවා. (විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති.) කෙළෙසුන්ගෙන් නොමිදුනා වූ සිත කෙළෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් මනාකොට දැනගන්නවා. (අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.)

හේතුවක් නිසා හටගත්තු ඵලයක්…

මේ සිත කියන්නේ හේතු ඵල දහමින් හටගත් ධර්මතාවයකි. වෙනස් වීම උරුම කොටගත් ධර්මතාවයකි. සිතක හටගැනීමට මුල් වූ කාරණා නැතිවීමෙන් එම සිත නැති වී යයි. එයයි සිතක සාමාන්‍ය ස්වභාවය. සිතක් ඉබේ හට නොගනී. සිත හටගන්නේ නාම රූප ප‍්‍රත්‍යයෙන්ය. නාම යනු වේදනා – සඤ්ඤා – චේතනා – ඵස්ස – මනසිකාර යන පසය. රූප යනු සතර මහා ධාතූන්ගෙන් සකස් වුන දේවල්ය. තේරුම් ගැනීම පිණිස වෙන් වෙන්ව කථා කළත් නාම රූප යනු එකට පවතින දේවල් වේ. මේ නාම රූපයන් හටගැනීමෙනි සිතක් හටගන්නේ. මේ සිත කුසල් අකුසල් සෑම දේයකටම මුල්වන බව සැබෑය. නමුත් හේතූන්ගෙන් තොරව හටගන්නා, තනිව පවතින චුතවන උපදින සුවිශේෂී සිතක් නොමැති බව තේරුම් ගෙන සිටීම වැදගත්ය. සතිපට්ඨානයේ හටගැනීමත්, එහි අභාවයත් දේශනා කළ බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සානාවට මුල් වූ සිත පිළිබඳව මෙසේ පෙන්වා දුන් සේක. ‘‘නාම රූපයන්ගේ හටගැනීමෙනි සිතක හටගැනීම සිදුවන්නේ. නාම රූප නිරුද්ධ වීමෙන් සිත ද නිරුද්ධ වී යයි. (නාම රූප සමුදයා චිත්ත සමුදයෝ – නාම රූප නිරෝධා චිත්ත නිරෝධෝ)

සිත ගැන මනාව තේරුම් ගන්න…

චිත්තානුපස්සනා භාවනා කොටසේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ සිතෙහි සිදුවන සෑම මූලික වෙනස් කමක්ම මනාකොට දැන සිටිය යුතු බවයි. එසේ සිතගැන මනා අවබෝධයෙකින්, මනා සිහියකින්, කෙළෙසුන්ගෙන් මිදීම පිණිස වූ වීර්යකින් හා නුවණකින් නොසිටිය හොත්, මේ මායා ස්වරූපී වූ සිතෙන් නිදහස්වීම නම් අසීරුය. එමනිසා සිතේ සෑම ස්වභාවයක් ගැනම ශ‍්‍රාවකයා මනා සිහිණුවනින් යුතුව තේරුම් ගත යුතුය.

මේ ආකාරයෙන් ශ‍්‍රාවකයා තමාගේ යයි සලකනු ලබන නාමරූප ප‍්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරනවා. (ඉති අජ්ඣත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහරති.) අනුන්ගේ යැයි සලකනු ලබන, නාම රූප ප‍්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි, එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරනවා. (බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහරති) තමාගේ යයි සළකනු ලබන මෙන්ම අනුන්ගේ යැයි සළකනු ලබන නාමරූප ප‍්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරනවා. (අජ්ඣත්තබහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහරති.) මෙසේ ධර්මය අවබෝධ කරනු කැමති ශ‍්‍රාවකයා නාම – රූප හටගැනීමෙන් සිත හටගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා. (සමුදය ධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති.) එම නාම රූප නිරුද්ධ වීමෙන් එ් නිසා හටගත් සිත ද නිරුද්ධ වන ආකාරය අවබෝධයෙන් දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා. (වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති) නාම රූප හට ගැනීමෙන් සිත හටගන්නා ආකාරය ද, නාම රූප නිරුද්ධ වීමෙන් සිත නිරුද්ධ වන අකාරය ද අවබෝධයෙන් ම දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා. (සමුදය වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති)

සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ‍්‍රාවකයා හට, නාම රූප ප‍්‍රත්‍යයෙන් හටගන්නා වූ සංඛත ධර්මයක් වශයෙන් පවත්නා, අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ සිතක් හෙවත් අරමුණු දැන ගන්නා ස්වභාවයක් තිබේ යැයි සිත පිළිබඳ මනාව යොමුකළ සිහිය බලවත්ව පිහිටනවා. (අත්ථි චිත්තන්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති.) එසේ චිත්තානුපස්සනාවේ මනාව පිහිටි සිත, තව දුරටත් අවබෝධ ඤාණය දියුණු වීම පිණිසම පවතිනවා. නාම රූප ප‍්‍රත්‍යයන්ගෙන් හටගත් සිත මමය, මාගේය, මාගේ ආත්මය වශයෙන් ග‍්‍රහණය කරගන්නේ නෑ. ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග‍්‍රහණය කරගන්නේ නෑ. (යාවදේව ඤාණමත්තාය, පතිස්සතිමත්තාය, අනිස්සිතෝච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති.) මේ ආකාරයෙන් ශ‍්‍රාවකයා, නාමරූප ප‍්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි, සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් ම දකිමින් වාසය කරනවා. (ඒවම්පි ඛෝ භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහරති.)

මේ ආකාරයෙන් සිත අවබෝධ කළ, සිත දමනය කල උතුමන් තමයි මේ සිත ජය අරගෙන කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වුනේ. මේ සිත පිළිබඳව මම, මාගේ, මාගේ ආත්මය කියන අදහසින් නිදහස් වෙලා උතුම් මුනිවරුන් බවට පත්වුනේ සිත පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙනයි. එම නිසා බුදුරජාණන් වහන්සේගේ එ් විස්මිත අවබෝධය ගැන සිත පහදවාගෙන ගිහි පැවිදි අපි කවුරුත් ජීවිතාවබෝධය පිණිස මේ චිත්තානුපස්සනා භාවනාව පුරුදු කර ගනිමු.

ඇසුර – අතිපූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්වහන්සේ විසින් රචිත ‘‘එ් අමා නිවන් සුව බොහෝ දුර නොවේ.” සදහම් ග‍්‍රන්ථය.

මහමෙව්නාව භාවනා අසපුවේ

ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි

ඉරියාපථ භාවනාව
අද අපි ඉගෙනගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ තවත් වැදගත් භාවනාවක්. එ් තමයි සිහිනුවණින් යුතුව ඉරියව් පැවැත්වීම නම් වූ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව. සාමාන්‍යයෙන් ‘‘සක්මන් භාවනාව” කියා ව්‍යවහාර කළත් මේ භාවනාව සෑම ඉරියව්වකට ම අදාළයි. භාග්‍යවතුන් වහන්සේ එ් ගැන පෙන්වා වදාළේ මේ ආකාරයෙනුයි.

‘‘පින්වත් මහණෙනි, සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ‍්‍රාවකයා ඉතා හොඳ සිහි කල්පනාවෙන් ගමන් කරන විට ගමන් කරමියි මනා කොට දැනගනියි. නැවතී සිටින විට නැවතී සිටිමියි මනා කොට දැනගනී. හිඳගෙන සිටින විට හිඳගෙන සිටිමියි මනා කොට දැනගනී. සැතපී සිටින විට සැතපී සිටිමියි දැනගනී. ඔහුගේ කය යම් යම් ආකාරයෙන් ම මනා කොට දැනගනී. (ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ඨිතෝ වා ඨිතෝම්හීති පජානාති. නිසින්නෝ වා නිසින්නෝම්හීති පජානාති. සයානෝ වා සයානෝම්හීති පජානාති. යථා යථා වා පනස්ස කායෝ පණිහිතෝ හෝති. තථා තථා නං පජානාති.)

තමන්ගේ ඉරියව් පැවැත්වීමේ දී පූර්ණ අවධානය යොමු කරමින් කල් ගෙවීම මින් අදහස් කෙරෙනවා. ඉතා බලවත් ව සිහිය දියුණු කර ගැනීමට මෙම භාවනාව මහෝපකාරී වනවා. සාමාන්‍යයෙන් කෙනෙකු කොපමණ කායික ඉරියව් පැවැත්වුව ද එ් කෙරෙහි යොමු කළ කල්පනාවක් නැහැ. සිත පවතින්නේ බාහිර අරමුණක විසිරිලයි. යම් හෙයකින් තම කය කෙරෙහි අවධානය යොමු කළ ද එ් මුළා වූ වසඟ වූ හැඟීමෙන් මිස අවබෝධයක් තුළ නො වෙයි. මෙහි දී අදහස් කරන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයක්. සිත තුළට රාගයක් හෝ ද්වේෂයක් හෝ ළාමක අකුසලයක් ඇතුව වන්නට නො දී සැබෑ ලෙස ම සිදුවන්නේ කුමක්දැයි මනා සිහියෙන් විසීම ම මෙහි ඉගැන්වෙනවා.

ඉරියාපථ භාවනාවේ දී, සක්මන් භාවනාව ගැන අප විශේෂයෙන් ම දැනගත යුතුයි. සක්මන් භාවනාව සිත දියුණු කරගැනීමට අතිශයින්ම වැදගත් වන්නක්. සමහර කෙනෙකුට සක්මනේ දී තමයි බොහෝ ධර්ම කාරණා අවබෝධ වෙන්නෙත්. බුදුරජාණන් වහන්සේ වදාළා, සක්මන් භාවනාවේ දී සිත එකඟ කර ගන්නට කෙනෙක් දක්ෂ වුණොත්, එ් සමාධිය බොහෝ වේලාවක් පවත්වන්න පුළුවන් කියා. එහෙම නම්, යම් කිසි කෙනෙකුට සමාධිය වඩන්න යම් දුෂ්කරතාවයක්, ප‍්‍රමාදයක් තියෙනවා නම්, එ් කෙනාට සක්මන් භාවනාව ප‍්‍රගුණ කර ගැනීම බොහොම ප‍්‍රයෝජනවත්. සක්මන් කිරීමේ දී නීවරණ ධර්ම ඇතිවුණොත් එයට පසුබට නො වී දිගට ම කරගෙන යන්න උත්සාහවත් වෙන්න  ඕනෑ.

නොපසුබස්නා වීර්යය

බුද්ධ කාලයේ භගු කියන ස්වාමීන් වහන්සේ භාවනා කරද්දී තද නිදිමතක් හැදුණා. නමුත් උන්වහන්සේ උත්සාහය අත්හැරියේ නැහැ. සාමාන්‍යයෙන් අපට නිදිමත හැදුනා ම බොහෝ විට සිද්ධවෙන්නේ භාවනාව කල්දැමීම. පස්සේ කරනවා කියා අතහැරීම. නමුත් භගු  හිමියන් නිදිමත තියෙද්දී ම අමාරුවෙන් අමාරුවෙන් සක්මන් කරන්න හිතාගෙන සක්මන් මළුවට ගොඩවුණා. කොච්චර නිදිමතින් හිටිය ද කියනව නම් සක්මන් කරද්දී මළුවෙ ම ඇදගෙන වැටුනා. එ්ත් මේ ස්වාමීන් වහන්සේ වීරියෙන් නැගිට්ටා. වැලි පිසදාගෙන නැගිටලා හිතට ධෛර්යය අරගෙන ආයෙමත් සක්මන් කළා. ඊ ළඟ මොහොතේ හිත එකඟ කරගෙන සමථ – විදර්ශනා වඩා අරහත්වයට පත්වෙන්න උන්වහන්සේට පුළුවන් වුණා. ටික වේලාවකට කලින් නිදිමතෙන්, අලස බවින් පීඩා විඳපු හිතේ ස්වභාවය, තමන් විසින් ම උපදවාගත් වීරියෙන්, සිහියෙන්, නුවණින් නැති කරගත්තහම හිත හොඳින් සකස් වුණා. එහෙම නම් මේ හිතේ ස්වභාවය අපි හිතන ආකාරයට කි‍්‍රයා කරන ආකාරයට සකස්වෙන බව අපි තේරුම් ගත යුතු යි.

සක්මන් භාවනාව නිවැරදිව කරමු

සක්මන් කරද්දී සමහරු කකුල් ඔසවන කොට, තබනකොට ‘වම… දකුණ…’ කියා සිහිකරනවා. එහෙම නැත්නම් ‘ඔසවනවා… ගෙනියනවා… තබනවා…’ කියා සිහිකරනවා. නමුත් එහෙම සිහිකරන්න කියා බුද්ධ දේශනාවක නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙවෙයි.  ගමන් කරද්දී ගමන් කරනවා කියා හොඳ සිහියෙන් දැනගන්නවා.

(ගච්ඡන්තෝ වා ගචඡාමීති පජානාති.) ඊ ළඟට වාඩිවෙලා ඉද්දී වාඩිවෙලා ඉන්නවා කියා දැනගන්නවා. සිටගෙන ඉද්දි සිටගෙන ඉන්නවා කියා දැනගන්නවා. හාන්සි වෙලා ඉද්දි හාන්සිවෙලා ඉන්නවා කියා දැනගන්නවා. එතකොට මේ සෑම ඉරියව්වක් ම සිහියෙන් මනා කොට දැනගන්නවා. මේ සිහියෙන් මනා කොට දැනගැනීම සක්මනට විතරක් අදාළ එකක් නො වෙයි. තමන් සිහියෙන් ඉන්න  ඕනෑ තමන්ගේ ශරීරයේ ඉරියව් මේ විදිහට පවත්වනවා කියා. අන්න එ්කයි වැදගත් වෙන්නේ.

ඉරියව් ශාන්ත භාවයට පත්වෙනවා

පාරාසරිය කියන රහතන් වහන්සේ ථේර ගාථාවල දී වදාළා මේ විදිහට ඉරියව් පවත්වනකොට සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටියා ම, ඉරියව් හරි ම ලස්සනයි, හරියට සිනිඳු තෙල් දහරාවක් වගේ කියා. එ් කියන්නේ බොහොම ශාන්ත, සංයමයට පත්වෙච්ච කායික ඉරියව් සමූහයක් එයාගේ ජීවිතය තුළ සකස් වෙනවා.

අන්න එ් විදිහට සක්මන් භාවනාවේදීත් කෙනෙක් යම් කිසි තැනක් තීරණය කරනවා, මම අතනට යනකම් හොඳ සිහියෙන් යනවා. හිටගෙන මුළු ශරීරයට ම සිහිය යොමුකරගෙන, පාදය ඔසවන කොට හොඳ සිහියෙන් ඔසවලා, හොඳට සිහියෙන් තබනවා. වම් පාදයත් එහෙම තබනවා. දකුණු පාදයත් එහෙම තබනවා. හැබැයි එයා වම දකුණ කියලවත්, ඔසවනවා ගෙනියනවා තබනවා කියලවත් සිහිකරනවා නෙවෙයි. සිහිය පිහිටුවාගෙනයි කරන්නේ. මේකට වචන සිහිකරන්න  ඕනේ නෑ. සිහියෙන් කරන්න පුළුවනි.

එදිනෙදා ජීවිතයට සක්මන් භාවනාව

ඔබ ගමනක් ගිහින් ගෙදර එද්දි පයින් ඇවිදගෙන එනවා නම්, ඔබට එ් ගමන සක්මන් භාවනාවක් බවට පත්කර ගන්න පුළුවනි. එතකොට ඔබ එ් වෙලාවට අකුසල් හිතන්නේ නැහැ. ඔබට පුළුවනි හොඳට සිහිය පිහිටුවාගෙන ගමන් කරන්න. එතකොට ඔබ එ් තුළ සිහිය පිහිටුවාගෙන සිත දියුණු කරනවා. සක්මන් භාවනාවේ දී ඇවිදගෙන ඇවිත් එක තැනක දී නවතිනවා කියා  හිතමු. නැවතුනාට පසු අන්න එතන දී ඔබ දැනගන්නවා නැවතුන බව. සිහියෙන් දැනගෙන ඔබ ආපසු හැරෙනවා. හැරී ආපසු එනවා. එතකොට ඔබ ආපසු සක්මනේ පැමිණෙන්නෙත් සිහියෙන් ම යි.

පැමිණිලා ආපසු නවතින කොට ඔබ දන්නවා නැවතිච්ච බව. දැන් ඊ ළඟට ඔබ සිහියෙන් ආපසු  හැරී, ඉරියව්ව කෙරෙහි සිහිය පිහිටුවාගෙන ම ආපසු සක්මන් කරනවා. මේ විදියට හොඳින් ඉරියව් ඔස්සේ සිහිය දියුණු කර ගන්න පුළුවන්.

සිහිය පවත්වන නිසා අකුසල් නැහැ

මේ විදිහට ඉරියාපථ භාවනාව පුරුදු කිරීමේ ආනිශංස ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි සිහියෙන් තොරව ඉරියව් පවත්වද්දී සිතට බොහෝ අකුසල් රැුස්වෙනවා. සිහියෙන් තොර නිසා එ් බව අපට තේරෙන්නේ නෑ. නමුත් සිහිය පවත්වන්න පුරුදු වුණා ම සෑම ඉරියව්වක දී ම අකුසලයෙන් වළක්වාගෙන සිත ඉරියාපථ භාවනාව තුළ එකඟ කර ගන්න පුළුවන්කම ලැබෙනවා.

කයෙහි තිබෙන ඇත්ත ගැන ම පවතීවා නිතර සිහිය

මේ විදියට තමාගේ කය කෙරෙහි පූර්ණ අවධානයෙන් සිටින විට ‘චේතනාව’ මුල්කරගෙන මේ කයේ සෑම ඉරියව්වක් ම පවත්වන බව මනාව තේරුම්ගත හැකියි. මෙහි දී කරන්නේ කයට ම යොමු කළ සිහි කල්පනාවෙන් යුතුව ඉරියව් පැවැත්වීමයි. එවිට හේතු සහ ඵල අතර ඇති සම්බන්ධය මෙන් ම ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින් තොර වැඩපිළිවෙළ ඉරියව්  පැවැත්වීමේ භාවනාව තුළින් අවබෝධ කර ගත හැකියි. කයේ සිදුවන ඉරියව්වල වෙනස්වීම ඔස්සේ, විඳීම්වල, හඳුනාගැනීම්වල, චේතනාවේ මෙන් ම සිතේ වෙනස්වීම ද බුද්ධිමත් ශ‍්‍රාවකයාට තේරුම්ගත හැකියි.

ඉරියව් පැවැත්වීම පිළිබඳ භාවනාව තමාට හොඳින් ප‍්‍රගුණ වූ පසු, තම සිහි කල්පනාව මනා කොට කයෙහි පවත්වාගත් පසු, තම කයෙහි යම් ස්වභාවයක් ඇත්ද, අනුන්ගේ කයෙහි ද පවතින්නේ එබඳු ම අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ධර්මතාවයක් බව නුවණින් සලකාගත යුතු වනවා. අනුන්ගේ කය දෙස බොහෝ දෙනෙකු බලන්නේ මුළා වූ සිතින්. රැවටුණු සිතින්. එහෙත් තමාගේ කයේ ඇති නිස්සාරත්වය ම අනුන්ගේ කයෙහිත් පෙනෙන විට අර මුළාව කෙමෙන් කෙමෙන් පහවී යනු ඇති. එ් සඳහා තමාගේ කයෙහි මෙන් ම අනුන්ගේ කයෙහි ද එක ම ධර්මතාවය දැකිය හැකි පරිදි සිහිය දියුණු කර ගත යුතුයි. තවදුරටත් සිහිය දියුණු කිරීමේ දී මේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරය ද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කළ හැකියි. (සමුදය ධම්මානුපස්සී වා කායස්මිං විහරති.) මේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය අභාවයට යන අකාරය ද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කළ හැකියි. (වයධම්මානුපස්සී වා කායස්මිං විහරති) ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරය ද අභාවයට යන අකාරය ද අවබෝධයෙන් දකිමින් වාසය කළ හැකියි. (සමුදය වයධම්මානුපස්සීවා කායස්මිං විහරති.)

අවබෝධය තුළින් ශාන්ත සුවය කරා…

සද්ධර්මය අවබෝධ කරනු කැමති එ් ශ‍්‍රාවකයා හට, හේතු – ඵල දහමින් සකස් වූ සංඛත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ඉරියව් පැවැත්ම නම් වූ කයක් තිබේ යයි මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටයි. එසේ කායානුපස්සනාව තුළ මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධ ඤණය දියුණු වීම පිණිස ම පවතිනවා. ඔහු කායික ඉරියව් කිසිවක් මම ය, මාගේ ය, මාගේ ආත්මය ය වශයෙන් ග‍්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකයේ කිසිවක් කිසි ම පිළිවෙළකින් ග‍්‍රහණය කර නො ගනී කියා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එ් ශ‍්‍රාවකයා සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ කයෙහි, (ඉරියව් පැවැත්ම අරමුණු කොට) කය පිළිබඳ ව යථා ස්වාභාවය අවබෝධයෙන් ම දකිමින් වාසය කරනවා කියා පෙන්වා වදාළා.

අපත් අකුසලයෙන් සිත වළක්වන, බලවත් ම සිහිය දියුණු වන, ශාන්ත ඉරියව් ඇති වන, ධර්මාවබෝධය පිණිස උපකාරී වන ඉරියාපථ භාවනාව පුරුදු කරන්නට උත්සාහවත් වෙමු.

ඇසුර – අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ රචිත ‘‘එ් අමා නිවන් සුව බොහෝ දුර නොවේ” ග‍්‍රන්ථය සහ ”සිතට සුවදෙන භාවනා” ග‍්‍රන්ථය)

මහාමේඝ 2016 නවම් කලාපය

WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී

ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි