රසවාහිනිය | Mahamegha Magazine

නොසන්සිඳෙන මිනිස් පවස
ග්‍රහලෝක තරණය සඳහා එඩිතර වීමට පවා මිනිසා රසායන විද්‍යාව අතින් දියුණු වී සිටින සමයෙක එ් විද්‍යාව විසින් ඔහුට මවා ඇති පරිසරය කුමක්දැයි මඳක් විමසිලිමත් වීම වටී. ආදිම සමාජය සමග සන්සන්දනය කරන කල නූතන මිනිස් සමාජය දියුණුයැයි සිතීම යුක්ති යුක්තද? නවීන විද්‍යාව විසින් මිනිස් ජීවිතයේ සිතුම් පැතුම් නැති නම් ආශාවන් කොතෙක් දුරට ඉටු කරනු ලැබ ඇද්ද? එසේම එ් නිසා මිනිසාගේ අධ්‍යාත්මයට කොතරම් බලපා ඇද්ද? මේවාට පිිළිතුරු සැපයිය යුත්තේ හුදෙක් අප අවට බැලීමෙන්ම පමණක් නොව අප හද තුළටද කිමිදී පිරික්සීමෙනි.

නවීන විද්‍යාව මිනිස් සමාජයේ මහත් විපර්යාසයක් ඇති කොට තිබේ. පුරාණ නොදියුණු යුගයේ මනුෂ්‍ය සමාජයීය ජීවිතයත්, නවීන සමාජයීය ජීවිතයත් දෙස බාහිර වශයෙන් බලන කල අහසත් පොළොවත් සේ වෙනසක් පෙනේ. එදා හැම මිනිසාම ගෝත‍්‍ර වශයෙන් වෙන්වී තනිවී ජීවිත ගත කළේය. අද ලෝකය මිනිසාට කුඩාදැයි සිතිය හැකි තරමට එක ජාතියක් තවත් ජාතියක් හා සම්බන්ධ වී සිටී. යාන වාහන, ගමන් බිමන්, ගේ දොර, රැකි රක්ෂා සැප පහසුකම් අතින් මෙතෙක් මිනිසා කිසි කලක නොලැබූ තරමට අද දියුණු වී ඇත. නවීන විද්‍යාලෝකයෙන් මැවුණු මේ මහත් ප‍්‍රාතිහාර්ය වනාහී මිනිස් සිතුම් පැතුම් හා ආශාවන් තෘප්ත කරවීම සඳහා කාලාන්තරයක් තිස්සේ මිනිසා විසින් දරන ලද මහත් ආයාසයක ප‍්‍රතිඵලයකි.

නවීන විද්‍යාවෙන් පෝෂණය වෙන්ට පටන් ගත් මිනිස් සමාජයේ බාහිර අංගයන්ගේ සිදු වූ මහා වෙනස නම් අපට සක් සුදක් සේ පෙනේ. අධ්‍යාත්මික පක්ෂය ගැන සිතන කල එබඳු වෙනසක් පෙනේද? දියුණුව යැයි සිතිය හැක්කේ මානසික පරිසරය ගැන සිතීමෙන් මිස හුදු බාහිර සැප පහසුකම් ගැන සිතීමෙන් ම නොවේ.

නො දියුණු ගෝත‍්‍ර වශයෙන් මිනිසා සිටි සමයෙහි සමාජයේ පැවති එකිනෙකාගේ ඇන කොටා ගැනීම අද ද එලෙසම පවතී. එකෙක් තවෙකකුට ඊර්ෂ්‍යා කරයි, ක්‍රෝධ කරයි, වෛර කරයි. තවෙකකු අනිකා දෙස බලන්නේ සැක සිතෙනි. නවීන විද්‍යාව දියුණු ඇතැම් රටක් ලෝකයේ ම මිනීමැරුම් පිළිබඳව වාර්තා පිහිටුවයි. නවීන විද්‍යාව විසින් මිනිසාට මවා දුන් ඊනියා දියුණු පරිසරයත් මිලෙච්ඡ යුගයේ මිනිසාගේ නොදියුණු පරිසරයත් අතර වෙනස කුමක්ද?

එකෙකු තවෙකෙකුට එරෙහිව නැගී සිටීමේ සටන් කාමී ගතිය මිනිසා තුළ මුල් යුගයේ සිටම පැවත ආ පුරුද්දක් විය හැක. මිනිස් සමාජය පාත‍්‍ර වූ වෙනස්කම් වලින් ම මෙය පැහැදිලිය. මුල්ම මිනිසා තිරිසනෙකු මෙන් අමු මස් කා වැඩුණු සතෙකි. ඔහු ගල්ලෙන් තුළ විසීය. කල් යෑමෙන් දඩයම් යුගය, ගොවි යුගය, කාර්මික යුගය ආදි වෙනස් වෙමින් ආ මිනිසා පරමාණු යුගයද ඉක්මවා දැන් ග‍්‍රහ ලෝක තරණයට පා තබා ඇත.

එහෙත් අන්‍ය සත්වයන් ගැන සිතතොත් කෙසේ ද? දිවියා තවමත් දිවියෙකි. බැටළුවාද බැටළුවෙකි. පරිණාමවාදය අනුව සලකන කල ක‍්‍රමවිකාශනය වීමෙන් සිදුවුණු වෙනස් කම් නිසා ම මිස දිවියාගේත් බැටළුවාගේත් එදත් අදත් වෙනසක් නැත. දිවියා බැටළුවා අල්වා මරා අමු මස් බුදී. බැටළුවා අහිංසක ලෙස කටින් තණ උලාකා ජීවත් වෙයි. උන්ගේ ජාතීන් අනුව සිදුවූ දියුණුවක් නැත. ඊට හේතුව උන්ගේ මානසික පරිසරය මිනිසාගේ මෙන් විවිධ ආශාවන් ගෙන් උතුරා නො ගිය, සීමා සහිත එකක් වීමය.

තිරිසන් සතුන් අතර පවත්නා බොහෝ සිරිත් ඔවුන්ගේ එ් ජාතියට ම ආවේණික වූ පුරුදුය. කෑම, බීම, ලැගීම හා සංචාරය ආදී මේ සියල්ලෙහි දී ම තිරිසනා තම වර්ගයේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන සිරිත්ම වෙනස් නොකොට ම පවත්වයි. වෙනස් කිරීම තබා එ් ගැන සිතීමක් ගැන පවා ඔවුන්ට වෙහෙසීමක් අවශ්‍ය නොවේ. කාලය හා දේශීය පරිසරය අනුව ඔවුන්ගේ ඉරියව් වල යම් යම් වෙනස්කම් සිුදු වූවත්, ස්වභාවධර්මයා විසින් දායාද කොට දුන් සීමිත හැකියාවන් ඉක්මවා යෑමට ඔවුන් අසමත්ව ඇත.

එහෙත් මිනිසා එසේ නොවේ. ඔහු කිසි කල තමා සතු දෙයින් තෘප්තිමත් වූයෙක් නොවේ. ස්වභාවධර්මයා විසින් තමනට මවා දුන් පරිසරයෙනුදු ඔහු සෑහීමකට පත් නොවීය. තම පරිසරය ජයගැනීම පමණක්ම නොව තම වර්ගයා ජය ගැනීම ද මිනිසාගේ නොසන්සිඳෙන ආශාවකි. මෙහි ඇති සත්‍යතාව මිනිස් ඉතිහාසය දෙස බැලීමෙන් මනාව පෙනේ.

මිනිසා පුදුම කායික හා මානසික ශක්තියක් ඇති සත්වයෙකි. නා නා උපද්‍රවයන්ට මෙන් ම විවිධ දේශගුණයන්ටත්, යුගයන්ටත් එඩිතරව මුහුණ දී උද්යෝගිමත්ව හිස ඔසවා සිටින සත්වයෙක් ඇතොත් එ් මිනිසාම විය හැක. එපමණක් නොවේ. හැම සත්වයෙකුට ම වැඩි වේගයකින් පොළොව වටා යෑමටත්, අහසෙහි පියාසර කිරීමටත්, මුහුදෙහි කිමිදීමටත්, තද ශීතයට සහ තද උෂ්ණයට මුහුණ පෑමටත් මිනිසා සමත්ය.

ඔහු මුලින් වෙහෙස වී කළ දෑ පසුව ලෙහෙසියෙන් කරයි. ඊට අවශ්‍ය පහසුකම් කෙසේ හෝ ඔහු සොයා ගනී. ආදිමයේ එකිනෙකා මුහුණ දී සටන් කොට තවෙකකු මරා දැමීම සිරිතක් විය. ඊට පසු මිනිසා වැඩි ගණනක් දෙනා මැරීමට මං සොයා ගත්තේය. දැන් දැන් තොග පිටින් – දහස් ගණනින් – ලක්ෂ ගණනින් ස්වකීය වර්ගයා මැරීමේ ක‍්‍රම සොයා ගෙන සිටී.

අද ඇතැම්විට, සාමය හා සමාදානය යන වචනය ඇසෙතත්, එය එතරම් ලෙහෙසියෙන් මිනිසාට හුරු පුරුදු කළ හැකි එකක් නොවේ. තරඟයත්, ජයගැනීමත් මිනිස් පියවි ගතිය යි. තරඟ කරනුයේ බලවත් වීමේ ආශාව නිසායි. ලෝකයේ හැම දෙයක්ම පවත්නේ එක්තරා තරඟ කිරීමේ පිළිවෙලක් අනුව බව පෙනේ. එහෙත් තම වර්ගයා සමගම තරඟ කරමින්, බලවතා විසින් දුබලයා විනාශ කිරීමේ සිරිතට පවා කලාත්මක හැඩයක් දීමට මිනිසාට හැකිවී තිබේ.

හැම දෙයක් ම වඩා ලෙහෙසියෙනුත්, ඉක්මනිනුත්, ක‍්‍රමවත් කිරීමට පුරුදුවීම එයින් සිදුවන යහපත හෝ අයහපත සැලකීමට වඩා මිනිසාගේ ආශාවයි. මිනිස් සිතේ ඇති සංකීර්ණතාව මීට හේතු විය හැක.

සංකීර්ණ මනසක් ඇති මිනිස් සිත විවිධ ආශාවන්ගෙන් පිරුණු පුද්ගලයෙකි. අන්‍ය කවරකුටත් වඩා දියුණු මනසක් ඇති මිනිස් සතා බොහෝ සේ සිතන්නෙකි. ඉන් විඩාවට පත් එකෙක් ද නොවේ මිනිසා. තම බාහිර පරිසරය ජය ගැනීම මිනිසාට ඉබේ ලැබුණක් නොව සිතීමේ හැකියාව විසින් ම මහත් ආයාසයෙන් ලබා දෙන ලද එකකි. එහෙත් ස්වභාව ධර්මයේ කටුක කඩයිම් පසු කිරීමේ දී පවා මිනිසා නො පසු බෑවේ ඔහු මනස තුළ තෙරපී තිබූ අතෘප්තිකර ආශාවන් නිසා යි. එ් තබා තමාගේ පරිණාමය පාලනය කර ගැනීමේ ශක්තිය පවා අනාගත මිනිසා ලබා ගනු ඇතැයි විද්‍යාඥ මතය යි. එවිට නවීන විද්‍යාව වහල් කර ගැනීමෙන් ඔහු මහා විස්මයජනක දේ කරනු ඇත. ස්වභාවධර්මයාගේ කුමන බලවේගයක් නමුත් පාලනය කිරීමට ඔහු සමත්වනු ඇත. එහෙත් කිසි දිනක තම සිත පාලනය කිරීමට ඉගෙන නො ගන්නා මිනිසා අනාගතයේදීත් වේදනාවන්ගෙන් ගහන වූ මානසික පරිසරයක වෙසෙන්නෙකි.

‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත් සමාගම විසින් 1963 අගෝස්තු (නිකිණි) මස පළ කළ ‘රසවාහිනී’ සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

ඩබ්ලිව්. ගුණසේන පෙරේරා විසිනි

අත්දුටු සිංහල රහස් බේත්
ගල් මුල් ආදියට තදවීමෙන් හෝ රක්තවාතය නිසා හෝ බොහෝ විට අපේ යටි පතුල්වල සෑදෙන ගල් තැලිම්බු ගැන නොසලකා සිටීමෙන් බරපතළ කරදරවලට මූණ පාන්ට සිදුවෙයි. එ් නිසා ගල් තැලිම්බු මෝරන්ට පෙර එ්වා සුව කර ගත යුතුය.

මෙහි පහත දැක්වෙන පිළියම්, නොබා එ් අයුරින්ම කළොත් කොපමණ පරණ වූ ගල්තැල්මක් වුවත් සුව වන බව සහතික කර කියමි.

ඇපල් හෝ ලොකු පේර ගෙඩියක පමණ ඇති නොපලූදු තිරිවානා ගලක් ලිපේ දමා හොඳට රත්කර ගන්න. හොඳට මස් ඇතිව වැඩුණු දිවි කදුරු කොළ හත (7)ක් ද සොයාගෙන, එකපිට එක සිටින සේ එකට ගොනු කර ගන්න. කෑමට පාවිච්චි කරන ලූණු දියරත් ළංකර ගන්න.

මිදුලේ හෝ කිසියම් විවේක ස්ථානයක තරමක් උස අසුනක හිඳගෙන, ගිනියම් කළ තිරිවානා ගල එ් ළඟ බිම තබා, ඊමත ලූණු දියර වත් කර සැණෙන්ම එකට ගොණු කළ කදුරු කොළ හතෙන් ගල වසා, කොළ මත ගල් තැලිම්බුව සිටින සේ පාගා ගන්න.

ලූණු වතුර දැමීමෙන් සුරු සුරු හඬත් සමග දුම් දෙමින් ඇවිස්සී නගින උෂ්ණත්වයෙන්, ගල මත වූ කදුරු කොළ ක‍්‍රමයෙන් රත් වී, එ් රස්නය දැන් තැල්මට වදියි. දැන් ඉවසිය නොහැකි තරම් වේදනාවක් ඇතිවිය හැකිය. එහෙත් පතුල ඉවත් නොකර, සැලකිය යුතු වේලාවක් ගල්තැලිම්බුව දැවෙන්නට සැලැස්විය යුතුයි. මෙයින් කිසි හානියක්, අවශේෂ පීඩනයක් සිදු නොවේ. ඇත්තේ ගල්තැලිම්බුව රත්වන වේදනාව දැරීමේ අපහසුව පමණයි. මේ වෙලාවේ දී ළාමක නොවී ධෛර්යය ඇතිකර ගන්න. අඩු ගණනේ විනාඩි දෙක තුනක් පමණවත් පතුල තදකර ගෙන සිටීමට එඩිතර විය යුතුයි. සිත දුර්වල මොළොක් අය ගල මත බවා පතුල රඳවා ගැනීමට, අන්‍යයකුගේ පිහිට ලබා ගත යුතුයි. භය වීමට හේතුවක් නැත. මොන විධියකින්වත් උහුලන්ට බැරි තරම් වේදනාව ඇතිවූ කල, පතුල ඉවතට ගන්න. ස්වල්ප වේලාවකින් වේදනාව නැතිව යයි. මේ පිළියම සන්ධ්‍යාවක ඇරඹීම වඩා මැනවි.

පසුදින උදයේ ද මේ පිළියම මේ අයුරින් ම කරගන්න. හැබැයි, එ් දෙවෙනි වතාවේ ගල් මත තැබිය යුත්තේ කදුරු කොළ හයයි. එ්වා අලූත් කොළ විය යුතුයි. මේ විධියට එක එක වරුවේදී එක එක කොළය අඩු කරමින්, නො කඩවා වරු හතක්, මේ පිළියම කරන්න. හත්වෙනි වරුවේදී ගල මත තැබිය යුත්තේ එක කොළය බව දැන් කාටත් අවබෝධ වෙනවා ඇත. හැම විටම පාවිච්චි කළ යුත්තේ අලූත්ම කොළ බව සලකන්න. උෂ්ණය – ලූණු දියර – දිවි කදුරු කොළ යන මේවායේ එ්කාබද්ධ සහයෝගයෙන් ගල් තැලිම්බුව සුව විය හැක්කේ කෙසේද? යනු මඳක් සිතා බැලීමෙන් වටහා ගත  හැක.

මේ පිළියම අවසාන වී දවස් කීපයක් ගිය පසු ගල් තැල්ම පිහිටි තැන හම, ක‍්‍රමයේ දිරා ගැලවී ගොස්, අලූත් හමකින් පතුල ඔපවැටී තිබෙන බව දැක්ක හැකිය. එය ඉබේ නොදැනීම සිදුවෙනවා ඇත.

මේ ප‍්‍රතිකර්මය වරුවක් දෙකක් කළ විට ගල්තැල්ම බුරුල් ගතියට හැරී සුව වී ඇති ආකාරයක් දැනේ. එහෙත් පෙර කී පරිදි වරු හතක්ම කළ යුතුය. කිසියම් හේතුවකින් වරුවක් දෙකක් මඟහැරී ගියත්, එයින් එතරම් පාඩුවක් නැත. එසේ අතරින් පතරවත් වරු හතක්, කොළ අඩුකරමින් කර ගන්න. ගල්තැල්ම රත් කළායින් පසු, එ් ගැන වෙන කිසිම සැලකිල්ලක් දැක්විය යුතු නොවේ. ඇවිදීම, මඩ පෑගීම, තෙමීම ආදියෙන් වළකින්ට වුවමනා නැත.

කරගැටවලට

මෝල් ගස්, උදලූ මිටි ආදිය නුහුරට අල්ලා පාවිච්චි කිරීමෙන් හා අල්ලේ ඇති මොළොක්කම නිසාද බොහෝ දෙනාගේ අල්ලේ ඇඟිලි මුල කරගැට සැදෙයි. මේ කරගැට ගැන සැලකිලිමත් නූණොත් බොහෝ බරපතළ ගෙඩි බවට පත්වේ. කරගැටය සෑදුණු අවස්ථාවේ හෝ වැඩි වී බලවත් වේදනාව දෙන අවස්ථාවේ හෝ ප‍්‍රතිකර්මය වරු කීපයක් කරන්න.

දෙහි ගෙඩියක් දෙකට කපා, ඉන් බෑයක් ගෙන, කැපූ පැත්තේ (මූණතේ)පොල්තෙල් ගා පොලතෙල් පහන් සිළුවකින් රත්කර තවන්න. විනාඩි දෙක තුනක් වරින් වර රත් කරමින් තවන්න. වරු කීපයක් මේ ප‍්‍රතිකර්මය කරන්න. සුවවන තුරු අත්ල තැළෙන වැඩ නොකළ යුතුයි.

ශරීරයේ කවර ස්ථානයක සෑදෙන තුවාල වණ ආදිය වූවත්, මේ අයුරින් තැවීමෙන් එ් තුවාල වණ ආදිය බරපතළ තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකියි. එ් තුවාලවලට කවර ඖෂධ යෙදුවත්, තුවාල සෝදා හමාර වී මෙසේ තවා පිරිසිදු රෙදි කැබෙල්ලකින් මනාව පිස දමා, පුරුදු බේත් තැබීම මැනවි. කරගැට හෝ තුවාල හෝ තැවිය යුත්තේ පොල්තෙල් ගා රත්කර ගත් දෙහි බෑයේ මූණතින් බව සලකන්න.

තැලීම්වලට

වැටීම් ආදියෙන් අත පය තැළී ඉදිමුණු කල මේ පිළියම කරන්න. මේ පිළියමෙන් කෙරෙන්නේ ඉදිමුම බැසීම පමණයි. තුවාල ආදිය තිබේ නම් මේ බේත් කර ඉදිමුමම අඩු වූවාට පස් එ්වාට සෑහෙන බේත් කරන්න.

කතුරුපිල පැළෑටි සහමුලින් අමු කහ සහ ලූණු ස්වල්පයක් මිශ‍්‍ර කොට, වංගෙඩියක ලා මනාව කොටා මලවා යම්තම් රස්නය තිබෙද්දී ඉදිමී ඇති තැල්ම මත තබා බඳින්න. වරු තුනක් පමණ අලූතෙන් මෙය සාදා බඳින්න. මුල් දඬු හොඳට කෙටෙන සේ කොටා ගත යුතුයි. කතුරුපිල තරමක් උසට කනතු බිම්වල වැඩෙන මුරුංගා කොළ වැනි කුඩා කොළ ඇති පැළෑටි වර්ගයකි. කොළය මැදින් කැඩූ කළ දිග හරින ලද කතුරුක් සේ කොළය කැඞී පෙනෙයි.

පණුගෙඩිවලට

දත් ඇඳි ආශ‍්‍රයෙන් සැදෙන ගෙඩි හෝ පණුගෙඩිද බොහෝ විට බරපතළ වේදනා දෙන එ්වාය. මේ පිළියම කරන්න.

අරළු – සාදික්කා – සුදුළුෑනු එක තරමට ගෙන නික කොළ ඉස්මෙන් අඹරා, එම ඉස්මට දිය කර කකාරා ගෙඩිය මත ගා එ් අවටද හොඳින් ගාන්න. වරුවක් පාසා සෝදා නැවත නැවත වරු හතක් පමණ ගාන්න. වරුවක් දෙකක් ගෑමේදී සුවය ලැබුණත් නොකඩවා වරු හතක් පමණ නොගෑවොත් යළිත් ටික දවසකින් ගෙඩිය  මතුවිය හැක. උහුලන්ට පුළුවන්කම තිබේ නම් ගෙඩිය හොඳට මතුවූවාට පසු මේ බේත ගෑවොත්, ගෙඩිය ඉතා කුඩා වී යයි. නිකකොළ ඉස්ම හැකිතරම් වතුර අඩුවෙන් දමා ගත් තරමට ගුණය වැඩියි. හුඟක් නිකකොළ සපයා ගෙන වංගෙඩියක දමා කොටා උණු වතුර ඉතාම ස්වල්පයක් යොදා මිරිකා ගන්න.

වීදුරුකටු

වීදුරු කැබලි – බෙලි කටු බෙලෙක් කැබලි ආදියෙන් යටි පතුල් කැපුණ කළ,  බෝඹු දණ්ඬේ සෙවෙල වුවද ගනු මැනවි. එහෙත් කැපීම ඇතිවූයේ මේ කියන වීදුරු කැබලි ආදියෙන් නම් පහත දක්වන පිළියම වඩා යෝග්‍යයි.

ලූණු දියර හා දෙහි ඇඹුල් එක තරමට ගෙන වළඳක ලා, ළිප තබා හිඳෙන තුරු රත් කරගන්න. ඉස්ම හොඳටම හිඳීගෙන එන විට වළඳ පතුලේ ලූණු එක්වී තිබෙන බව පෙනෙයි. එ් ලූණුවලට පොල්තෙල් ස්වල්පයක් යොදා එ් සැණෙන්ම වළඳ ළිපෙන් ගෙන පතුරකින් හොඳට කලවම් කර මඳක් රස්නය තිබෙද්දීම තුවාලයට තබා පිරිසිදු රෙදි කැබැල්ලකින් බඳින්න. මේ බේත පරිස්සම් කර තබාගෙන වරු කීපයක් බඳින්න.

දත්මුලේ වාතය

මඳක් බුරුල් වූ දත් මුල්වලට වාතය එක් වී දෙන වේදනාව ද වාතය එක්වී දෙන වේදනාවද දැරිය හැක්කක් නොවේ.

මේ පිළියම කරන්න :-

නිකදලූ – සුදුළුෑනු – අමුඉඟුරු ස්වල්පය බැගින් එක තරමට ගෙන හොඳට අඹරා, කෙසෙල් දලූවක ඔතා උණු අළුවෙන් තම්බා ටික ටික දත් මුලේ තබා ගන්න. වේදනාව තුරන් වේ. මෙය තාවකාලික පිළියමක් පමණි.

ඇහැටු පොත්තක් ගලවා ගෙන ඇතුළු පැත්ත දත් මුලට සිටින සේ කැබලි වශයෙන් තබා ගැනීමෙන් ඉවසීමට හැකි තරමින් වේදනාව අඩුවේ. මේවා දත් ගලවා දමන තුරු වේදනාව වළක්වා ගන්නා පිළියම් පමණයි. දත් ගැළවීමෙන් පසු ගෙඩි ආදිය සැදුණොත් නොබා පෙර සඳහන් කළ අරළු සාදික්කා ආදියෙන් දැක්වූ බේත කරන්න.

‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත් සමාගම විසින් 1961 වර්ෂයේ බක් මස පළ කළ ‘රසවාහිනී’ සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

ඞී. බී. ආර්. සමරනායක විසිනි

ජනවහර හා මානසික විද්‍යාව
පොදු  ජනතාවගේ සමාන්‍ය කථා ව්‍යවහාරයේ අසන්නට ලැබෙන ඇතැම් කියමන් නිස්සාර මනස්ගාත ලෙස සලකා බැහැර කිරීම අපේ සාමාන්‍ය සිරිතයි. එහෙත් සාමාන්‍ය නූගත් ගැමියා බැවහර කරන ඇතැම් වැකිවල ගැඹුරු අර්ථ ඇති බව එ්වා දෙස විමසිලි ඇසින් බලන විට පෙනේග නූතන ලෝකයේ දියුණු විද්‍යාවක් ලෙස සලකනු ලබන මනෝ විද්‍යාවේ ඇතැම් සිද්ධාන්තවල සත්‍යතාවට දෙස් දෙන මේ සාමාන්‍ය ව්‍යවහාරවල සැඟවුණු අරුත් විමසා බැලීම ඉතා වැදගත් යයි සිතමිග උදාහරණයක් වශයෙන් මේ කියමන දෙස  බලමු.

‘‘මම දන්නෙ නෑ මට මොන යස්සයෙක් වැහුණාද කියල” නූගත් ගැමියෙකුගේ මුවින් පිටවෙන මෙබඳු වැකියක ඇති විද්‍යාත්මක භාවය දෙස විචාරක්ෂියෙන් අපි බලමු. මේ වැකියේ – ‘‘මම” – හා – ‘‘මට” – යන පද දෙකක් යොදා තිබේ. එසේ නම් ‘‘මම” යන පදයෙන් හඳුන්වනු ලබන – ‘‘දෙදෙනෙක්” – මේ පුද්ගලයා තුළ ජීවත්විය යුතු ය. එ් පුද්ගලයන් දෙදෙනාට ‘‘ආත්ම” දෙකක් වශයෙන් ගණන් ගැනීම විද්‍යාඥයන් විසින් බැහැර කරන ලද්දේ මීට ශතවර්ෂ ගණනාවකට ම පෙර දී ය. ලෝකයේ පහළවූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් මෙන් ම මනෝ විද්‍යාඥයන් ද භෞතික විද්‍යාඥයන් ද ආත්ම වාදය නිස්සාර එකක යි ගෙන බැහැර කළ බව අපි දනිමු. එසේ නම් ‘‘මම දන්නෙ නෑල මට මොන යස්සයෙක් වැහුණ ද කියල” යන වැකියෙන් අදහස් කරනු ලබන්නේ කුමක් ද? මනෝවිද්‍යාඥයන්ගේ චිත්ත විග‍්‍රහය දෙස බැලීමෙන් මේ කාරණය පහසුවෙන් ම අවබෝධ කර ගත හැකි ය.

සිත මූලික වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. එනම්

1. විඥනය

2. උප විඥානය යි

යුං වැනි මනෝවිද්‍යාඥයෝ මේ උප විඥානයට ම අවිඥානය යැයි ද කීහ. මේ හැරුණු විට ෆ්‍රොයිඞ්වාදීන්ගේ චිත්ත විග‍්‍රහයක් ද දක්නට ලැබේ. එනම් සිත කොටස් තුනකට බෙදීමේ න්‍යායයි. මේ විග‍්‍රහය අනුව සිත

1. පියවි

2. ශිෂ්ට

3. විනිශ්චයාත්මක

වශයෙන් කොටස් තුනකට බෙදිය හැකි යග මේ පද මා සිංහලයට සකස් කළේ සිග්මන්ඞ් ෆ්‍රොයිඞ්ගේ මානසික විග‍්‍රහය අනුවයි. සාමාන්‍ය කථා ව්‍යවහාරයේ ඇති මනෝවිද්‍යාත්මක තොරතුරු විමසන්නට කලින් ෆ්‍රොයිඞ්ගේ මේ මානසික විග‍්‍රහය විස්තර කිරීම ප‍්‍රඥාගෝචර යැයි සිතේ.

ඉතාම ආදි යුගයේ විසූ මිනිහාගේ සිත ෆ්‍රොයිඞ් කැලෑවකට සම කරයිග කැලෑවේ වන සත්තු ජීවත් වෙති. එමෙන් ම ආදි යුගයේ ජීවත්වූ මිනිහාගේ සිත සහජ ඉව ආවේග හා උද්වේගවලින් ආකිර්ණව පැවතුණි. උද්වේග කෙළින් ම ප‍්‍රකාශයට පැමිණවීම හා සහජ ඉව ජීවිතයේ දී ප‍්‍රයෝජනයට ගැනීම සාමාන්‍ය වනයේ නීතියයිග එහෙත් මිනිහා අනුක‍්‍රමයෙන් ශිෂ්ට වන්නට පටන් ගත්තේ ය. මේ ශිෂ්ට බවල අර කලින් කී වල් බිහිවූ කැලෑවේ එළි කරන ලද කොටස වශයෙන් සැලකිය හැකි ය. සිතේ මේ කොටස් දෙකට පියවි හෙවත් ප‍්‍රකෘති හා ශිෂ්ට යයි මා නම් කළේ එහෙයිනි. වුවමනා නම් පියවි වෙනුවට අශිෂ්ට යැයි ද කිව හැක. මිනිසාගේ සිතෙහි පවතින පියවි හා ශිෂ්ට යන මේ දෙකොටස අතර සදාකාලික ද්වන්දව යුද්ධයක් හෙවත් අරගලයක් පවතීග ඊට මානසික අරගලය යැයි අපි නම් කරමු. ඇතැම් විට පියවි කොටස ජයගන්නා අතර ඇතැම් විට ශිෂ්ට කොටස විසින් පියවි කොටස මැඩගනු ලැබේ. සිතේ ම ජීවත්වන මේ දෙදෙනාගේ අරගලය දෙස බලා සිතට ම දඬුවම් දෙන කොටස විනිශ්චයාත්මක කොටස යැයි කිව හැකි ය.

උද්වේග නිවාරණය

ක්‍රෝධය – සාමාන්‍ය උද්වේගයකි. එය තිරිසනා තුළ මෙන් ම සාමාන්‍ය මිනිසා තුළ ද ඇතග මෙය ප‍්‍රකෘති ස්වභාවයයිග සාමාන්‍ය කථා ව්‍යවහාරයේ දී මෙයට අපි අශිෂ්ට යැයි කියමු. පාපය – අකුසලය – දුරාචාරය යනාදී විවිධ නම්වලින් අප හඳුන්වන්නේ මේ පියවි සිතේ පහළ වන ක්‍රෝධය, කාමය වැනි උද්වේගයි. තිරිසනා මෙන් ම අශිෂ්ට යැයි සම්මත මිනිසා ද තම සිත තුළ පහළ වන උද්වේග එලෙසින් මල සංවරයෙන් තොරව ප‍්‍රකාශයට පමුණුවයි. මෙය ශිෂ්ට සමාජයේ දී කළ හැක්කක් නො වේග මිනිහා විසින් පසු කලෙක දී සකස් කර ගත් නීතිය හා ආගම වැනි සංවිධානාත්මක ආයතන මගින් මිනිහාගේ නිදහස සීමා කරන ලදී. මේ නිසා නීතියටත් ආගමටත් බියේ මිනිසා නීතියෙන් හා ආගමෙන් තහනම් කරන ලද දේ කි‍්‍රයාවට නො නඟයි. එහෙත් මෙය නියම විනීත භාවයක්වත් හික්මීමක්වත් නො වේ. ආගමට හෝ නීතියට ඇති බිය නිසා ක්‍රෝධය වැනි උද්වේගයක් හෙවත් පාපී චේතනාවක් මැඩගත හැකි නමුත්, එවැනි මැඩගැනීමක් සාර්ථක යැයි කිව නො හැක. එයට හේතුව බියයිග බිය නිසා උද්වේග මැඩ ගැනීමට උද්වේග නිවාරණය යැයි අපි නම් කරමු. මේ අවිඥානක නිවාරණය’ සැබෑ සංවරය නො වේ. නිවාරිත උද්වේගය වතුරේ දමා පයින් මැඩගන්නා ලද රබර් බෝලයක් මෙනි. පය ඉවත් කළ විට රබර් බෝලය මතු පිටට නැෙඟ්ග නීතියට හෝ ආගමට බිය නිසා මැඩගන්නා ලදිනිවාරිත උද්වේගය’ උප විඥනයේ හෙවත් යටි සිතෙහි සැඟවෙයි. එහෙත් පය ඉවත් කළ විට ජලය මතුපිටට නැග එන රබර් බෝලය මෙන් මල අර උප – විඥානයේ සැඟවුණු නිවාරිත උද්වේගය ද අවස්ථාව ලැබුණු විට මතු පිටට නැග එයි. සමහරවිට මේ පැන නැගීම තමාට මෙන් ම සමාජයට ද අහිතකර ය.

එ් නිසා අවබෝධය හෙවත් ආත්මාවබෝධය ඉතා අවශ්‍ය වේ. සැබෑ විනීත භාවය හට ගැනෙන්නේ ආත්මාවබෝධයෙන් පාපී චේතනා බැහැර කළ විට ය. නූතන මනෝවිද්‍යාවේ මෙන් මල බෞද්ධ මානසික විද්‍යාවේ ද මූලික සිද්ධාන්තය මෙයයි.

ශිෂ්ට යැයි සම්මත මිනිහා තුළ ද අර පියවි උද්වේගය පහළ වේග එ් පියවි උද්වේගය සිතේ ඇති ශිෂ්ට කොටස අබිබවා ජය ගතහොත් මිනිහා සමාජ සම්මුතිය අනුව පාපයට හෙවත් දුරාචාරයට පෙළඹෙයි. එහෙත් එය ප‍්‍රකාශයට පත් කළ පසු ඔහුගේ ම සිතෙහි ඇති විනිශ්චයාත්මක කොටස ඔහුට දඬුවම් කරයි. එවිට මිනිහා පසුතැවෙයිග ‘‘මම” – හා ‘‘මට” යන පදවලින් අර මුලින් සඳහන් කළ ගැමියා අදහස් කළ සිතෙහි පියවි කොටසටියස්සයා’ යන නාමය සාමාන්‍ය මිනිහා ව්‍යවහාර කරයි. ස්වභාවික වස්තූන්ට මෙන් ම සිතට ද දේවත්වය හෝ භූතාවේශයක් වීම පැරණි මිනිහාගේ මෙන් ම ඇතැම් නූතන මිනිසුන්ගේ ද සිරිත වේ. සිතේ පියවි කොටසේ ඇත්තේ උද්වේග හා ආවේග නිසාත් එ්වා පාපය – අකුසලයල දුරාචාරය ආදි නම්වලින් හඳුන්වනු ලබන නිසාත්, සිතේ පියවි කොටසල යකෙකුට හෝ රාක්ෂසයෙකුට සම කිරීම පුදුමයට හේතුවක් නො වේ.

‘‘මට මා මතක නැති වුණා” යැයි ඇතැම්හු ඇතැම් විට කියත්ග මෙයින් අදහස් කරනු ලබන්නේ තමාගේ සිතේ ශිෂ්ට කොටස මැඩගෙන පියවි කොටස ජයගත් බවයිග එ් නිසා සිතෙහි තුන්වන කොටස හෙවත් විනිශ්චයාත්මක කොටස සිතට දඬුවම් දෙයි. එවිට මිනිහා තමා කළ මෝඩකම ගැන පසුතැවෙයි. ‘‘මම දන්නවා මා කළේ වැරුද්දක් කියලා. නමුත් එ් වෙලාවෙ මම මොනවා කරන්න ද?” මෙබඳු වැකි බොහෝ විට අපට සමාජයේ දී අසන්නට ලැබේ. නොයෙක් අන්දමේ උස් පහත් අපරාධ කළ උදවියගේ මුවින් මෙබඳු වැකි බොහෝ අවස්ථාවල දී පිට වේග ‘‘මම දන්නව මම කළේ වැරුද්දක් කියල…” මෙතැන දී කථා කරන්නේ සිතෙහි විනිශ්චයාත්මක කොටසයි. බොහෝ විට මිනිහාගේ සිතේ පියවි කොටස ශිෂ්ට කොටසට වඩා ප‍්‍රබල වෙයි. මේ නිසා එ් ප‍්‍රකෘති ස්වභාවය සදාචාරය අබිබවා මතුපිටට නැගේග මෙවැනි අවස්ථා අප හඳුන්වන්නේිපාපයෙහි ගැලීම’ යනුවෙනි. එකම මිනිහා තුළිමම’ යන පදයෙන් හඳුන්වනු ලබන අවස්ථා තුනක් පවතී. එ් අර අප මුලින් සඳහන් කළ සිතෙහි කෙලෙස් තුනයි.

ධර්මය

‘‘හිතට එකඟව කි‍්‍රයා කරන්න” යනුවෙන් වැඩිහිටියන් විසින් කරනු ලබන අවවාදය අපට නිතර ම අසන්නට ලැබේ. එහෙත් සෑම කි‍්‍රයාවක් ම කිරීමට පළමුවෙන් අප සිතිය යුතු ය. එසේ නම් මේ කියමනේ තේරුම කුමක් ද? මෙහි දී සිතට එකඟ ව… යනුවෙන් අදහස් කළේ සිතේ ශිෂ්ට කොටසට එකඟව නොහොත්, සිතේ සදාචාරය පාලනය කරන කොටසට එකඟව යන්නයි. එනිසා සිතට එකඟ ව කි‍්‍රයා කරන්න යන වැකිය නිස්සාර, අර්ථ ශුන්‍ය වැකියක් නො වේ. ‘‘හිතට හොරා බේත් කන්න එපා” යැයි ඇතැම් විට ගැමියා කියයි.

මෙය ද ඉහත කී වැකියට සමාන වැකියකි. හිතට හොරා බේත් කන්න බැරි ඇයි? තමාගේ වරද තමා ම දන්නා බැවිනි. අනික් වචනවලින් කියතොත්, තම පියවි සිතට විරුද්ධව තමා තුළ ම ශිෂ්ට කොටසක් ඇති බැවිනි.

පියවි ලෙස කටයුතු කරන මිනිහාත් තිරිසනාත් අතර වැඩි වෙනසක් දක්නට නො ලැබේ. ඊට හේතුව මේ දෙදෙනා ‘උද්වේග’ හා ‘ආවේග’ විසින් පොළඹවනු ලැබීමයි මිනිහා තිරිසනාට වඩා වෙනස් වන්නේ මිනිහා උද්වේග විසින් ම පොළඹවනු නො ලබන බැවිනි. අනික් වචනවලින් කියතොත් මිනිහාගේ සිතේ ශිෂ්ට කොටසක් ඇති බැවිනිග මේ ශිෂ්ට කොටසට පැරැණියෝ ධර්ම යන්න ව්‍යවහාර කළහග එ් බව මේ ශ්ලෝකයෙන් පෙනේ.

ආහාර නිද්‍රා භය මෛථූනඤ් ච

සාමාන්‍ය මෙතත් පශුභිර්න රානාම්

ධර්මොහි තෙෂාමධිතො විශේෂො

ධර්මෙන භීනාඃ පශු භිඃ සමානාඃ

(හිතෝපදෙශ)

කෑම, නිදාගැනීම, බිය හා මෛථූනය යන කරුණු දෙස බලන විට මිනිහා තිරිසනාට සමාන යග එහෙත් මිනිහා තිරිසනාට වඩා උසස් වන්නේ ධර්මය නිසයි. එහෙයින් ධර්මයෙන් හීන වූවෝ තිරිසනුන්ට සමාන වෙති.

සිත පිළිබඳ මේ තොරතුරු නූතන මනෝවිද්‍යාඥයන් මෙන් ම පැරැණියෝ ද දැන සිටියහ.

සිහින

සිතෙහි මේ බෙදීම මෙන් ම ස්වභාවය ද තේරුම් ගැනීමට නම් ‘ස්වප්න විග‍්‍රහය’ දෙස මඳක් විමසා බැලිය යුතු ය. සිහින තේරීම පිළිබඳ මූලික සිද්ධාන්ත කීපයක් ම ඇත. එ් සිද්ධාන්ත අතුරෙන් ඉතාම ජනපි‍්‍රය සිද්ධාන්තය මෙය යි. ‘‘නිවාරිත උද්වේගයක මානසික ප‍්‍රකාශනය සිහිනය වශයෙන් හඳුන්වනු ලැබේ” මේ සිද්ධාන්තය පිළිගත හොත්, සිත පිළිබඳ සාමාන්‍ය මිනිහාට දුරවබෝධ තොරතුරු රාශියක් ම අපට අනාවරණය වනු ඇත.

විවිධ රටවල පවත්නා තහනම් නීති දෙස විචාරාක්ෂියෙන් විමසා බැලූ මානව විද්‍යාඥයන්ගේ මතය අනුව තහනම් නීති ඇති වී තිබීමෙන් ම, එ් තහනම් කරන ලද දේ කිරීමට මිනිහා තුළ බලවත් ආශාවක් ඇත. එහි ඇත්ත නැත්ත කෙසේ හෝ වේවා, සිහිනයෙන් බොහෝ විට පෙනෙන්නේ දහවල් කාලයේ දී අප සිතන්නට බිය වන ආශාවන් බව අපි පිළිගනිමු. සමහර දෙනා සමහර විට තම කිට්ටු නෑයන් සමග හෝ සොහොයුරු සොහොයුරියන් සමග හෝ මිතුරු මිතුරියන් සමග හෝ සංවාසයෙහි යෙදෙන අන්දම විවිධාකාරයෙන් සිහිනයෙන් පෙනේ. එසේ නම් එ් සිහිනයෙන් පෙනෙන්නේ අප පාපී සිතිවිලි යැයි සිතින් බැහැර කරන්නට තැත් කළ සිතුවිලි විය යුතුයි. සිතෙහි කොටස් දෙකක් ඇති බව නොහොත් සිතෙහි විඥානය හා උප විඥානය යැයි කොටස් දෙකක් ඇති බව මෙයින් මනාව පෙනේ. බිය නිසා හෝ ලජ්ජාව නිසා මැඩගන්නා උද්වේගය උප විඥානයේ සැඟවෙන බව මනෝ විද්‍යාඥයන්ගේ මතය යි. එහෙත් එ් නිවාරිත උද්වේගය සිහිනයෙන් මතුවී පෙනේ. එය එසේ වුව ද, සම්මත සදාචාරය නිසා සැබෑ ජීවිතයේ දී එ් සිතුවිලි නොහොත් උද්වේග අපි කි‍්‍රයාවට පරිවර්තනය නො කරමු. තමා බලාපොරොත්තු වන දේ සිහිනයෙන් පෙනෙන බව නූතන මනොවිද්‍යාඥයන් පමණක් නොව පැරැන්නෝ ද පැවසූහ.

යද්වාඤ්ඡති දිවා මත්‍යෙ

විං ක්ෂ්‍යෙත්වා කරොති වා

තත් ස්වප්නෙපි තදභ්‍යාසාද්

බ‍්‍රෑතෙවාථ කරොති වා

(පඤ්චතන්ත‍්‍ර)

‘මිනිහා දිවා කාලයේ දී බලාපොරොත්තු වන හෝ දකින කරන දේ රාතී‍්‍ර කාලයෙහි සිහිනයෙන් ද කියයිග කරයි” යන්න මෙහි අදහසයි. සිය මිතුරාගේ බිරිඳ කෙරෙහි හෝ මිතුරියගේ සැමියා කෙරෙහි හෝ ගුරුවරයාගේ බිරිය කෙරෙහි කාම චේතනාවක් ඇති කර ගන්නා තැනැත්තේ එ් සිතිවිල්ල මැඩ ගනී, තමාට ම දොස් පවරා ගනී. එමෙන් ම එ් ගැන පසුතැවේ. එහෙත් එ් සිතුවිල්ල ඔහු විවිධාකාරයෙන් කෙළින් ම හෝ සංකේතයන්ගේ මාර්ගයෙන් සිහිනයෙන් දැක තෘප්තියට පැමිණේ.

කරුණාව, දයාව, අනුකම්පාව වැනි ගුණයන්ගෙන් සමන්විත පුද්ගලයා දේවත්වයෙන් සැලකීම, උගත් නූගත් පැරණි නූතන, කාගේත් සිරිතයි. කරුණාව, අනුකම්පාව වැනි ගුණ නොහොත්, ආගමික වශයෙන් නම් කරනු ලබන කුසල නොහොත් සමාජයිය වශයෙන් සැලකෙන සදාචාරය පවතින්නේ මිනිහාගේ සිතෙහි දෙවැනි කොටසෙහි ය, හෙවත් ශිෂ්ට කොටසෙහි ය. මේ කොටස දේවත්වයෙන් සැලකීම ආදි යුගයේ පටන් අද අද දක්වාත් පවතින සිරිතකි. මිනිහා දේවත්වයෙන් සලකනු ලබන්නේ එ් මිනිහාගේ පියවි’ කොටස අබිබවා ශිෂ්ට කොටස නැග සිටින විටයි. තවත් මිනිසෙකුගේ එසේ නැත්නම් තවත් සත්වයෙකුගේ ජීවිතය විනාශ කිරීම ආගම අනුව මෙන් ම නීතිය අනුව ද පාපයෙකි. එහෙත් තවත් රටක් සමග යුද්ධයක් පවතින අවස්ථාවක දී සතුරන් නැසීම යුක්ති සහගත ය. භගවත් ගීතාව වැනි උසස් හින්දු ධර්ම ග‍්‍රන්ථවල පවා සතුරා විනාශ කිරීම ක්ෂති‍්‍රය ‘‘ධර්මයක්” ලෙස සඳහන් වේ. සමහර ආගම්වල නීතිරීති අනුව සමහර තිරිසන් සතුන් මරා දැමීම පාපයක් නො වේ. කිසිදු සතකුගේ මස් අනුභව නො කරන සමහර ආගමිකයෝ යාග හෝම පිණිස සතුන් සිය දහස් ගණන් මරුමුවට පත් කරති. එ් නිසා සදාචාරය පිළිබඳ සදාකාලික සර්වත‍්‍ර ව්‍යාපි එක ම පොදු සිද්ධාන්තයක් පනවා ගැනීම උගහට ය. එය එසේ වුව ද සෑම යුගයක ම, සෑම පෙදෙසක ම, සෑම තරාතිරමක ම, සෑම මිනිසෙකුගේ ම, හොඳ නරක කියා දෙන සිතෙහි කොටස් දෙකක් තිබේ. එමෙන් ම එ් හොඳ නරක පිළිබඳ විනිශ්චය කරන විනිශ්චයාත්මක කොටසක් ද තිබේ. මේ නිසා තමා කරන්නේ හොඳ දෙයක් ද, නරක දෙයක් ද යන වග තමාට ම අවබෝධ වනු ඇත. තමා කරන යම් කිසි කි‍්‍රයාවක් යම්කිසි ආගමක නීති රීති අනුව සුදුසු වූවත්, එය නුසුදුසු කි‍්‍රයාවකැයි තමාටම හැඟේ නම් එබඳු කි‍්‍රයා කිරීමෙන් පසුතැවීමක් මිස සැනසීමක් නො ලැබේ. ‘‘සිතට එකඟ ව කි‍්‍රයා කිරීම හා සිතට විරුද්ධ ව කි‍්‍රයා කිරීම” යන වැකිවලින් මේ කාරණය තව දුරටත් සනාථ වේ. කෙනෙකුට සමහර විට මුළු ලෝකය ම රැවටිය හැකි ය. එහෙත් කිසි ම කෙනෙකුට, කිසි ම විටෙක දී තමා ම රවටවා ගත නො හැකි ය. නරක චේතනාවකින් හොඳ යැයි සම්මත කි‍්‍රයාවක් කොට ලෝකයාගෙන් පැසසුම් ලැබුවත්, මානසික වශයෙන් එබඳු පුද්ගලයා අනුකම්පා සහගත විලාසයකින් පසුතැවෙන්නේ අන්න එ් නිසයි, එහෙයින් තමාගේ සිත ගැනම සොයා බැලීම මානසික වශයෙන් දියුණුවක් බලාපොරොත්තු වන  හැම කෙනෙකු විසින් ම කළ යුතු ය. බුද්ධ ධර්මයේ සිතට මුල් තැනක් දී තිබෙන්නේ, බුදුන් වහන්සේ ඓතිහාසික වශයෙන් ලෝකයේ පහළ වුණ පළමුවැනි මනෝව්‍යච්ඡේද විද්‍යාඥයා බැවිනි.

සිත පිළිබඳ කරුණු විචාරක්ෂියෙන් විමසා බලන විට එක කාරණයක් පැහැදිලිව පෙනේ. එනම් මිනිහා පාපයෙන් හෙවත් දුරාචාරයෙන් මෙන්ම අකුසලයෙන් නොහොත් නීති විරෝධී කි‍්‍රයාවලින් වෙන් විය යුත්තේ ආගමට, නීතියට හෝ දඬුවමට ඇති බිය නිසා නොව එ් අකුසල යැයි සම්මත පාපී කි‍්‍රයාවල ආදීනව තත්වඥානයෙන් අවබෝධ කර ගැනීමෙනි. මීට බොහෝ සෙයින් උපකාර වන්නකි ආත්මාවලෝකනය ‘‘අත්ත නෝ‘ව අවෙක්ඛෙය්‍ය” වැනි බෞද්ධ ධර්ම පාඨවලින් ද හඳුන්වනු ලබන්නේත් මේ ආත්මාවබෝධය යි. එ් නිසා අපට පහසුවෙන් ම එක නිගමනයකට බැස ගත හැක. එනම් අවබෝධයෙන් තොර විනීත භාවය සැබෑ විනීත භාවයක් නො වේ යන්නයිග ක‍්‍රෑර මවකගේ හෝ පියෙකුගේ වේවැලට බියේ එළිපිට ධූම පානය නො කරන කුඩා ළමයා රහසිගතව කිසිවෙකුට නො පෙනෙන ලෙස අන්ධකාරයට මුවා වී ධූම පානය කරන්නාක් මෙන්ල දඬුවමට බියේ විනීත ලෙස හැසිරෙන සාමාන්‍ය මිනිසා ද අන්ධකාරයේ තිරයට මුවා වී පාපයෙහි ගැලෙයි. මිනිහා දෙබිඩි ජීවිත ගතකරන්නේ අන්න එ් නිසයි. ‘‘ආගම තිබෙන්නේ පන්සලේ දී” ‘‘යාච්ඤා කරන්නේ පල්ලියේ දී” ‘‘සිල් ගන්නේ පෝයට” වැනි ව්‍යවහාරවලින් ඉතා ගැඹුරු සත්‍යයක් අනාවරණය වේ. එනම් ආගම එකකි. ජීවිතය අනෙකකි. මේ තත්ත්වය තව දුරටත් විග‍්‍රහ කර බැලූවහොත් අපට පෙනෙන්නේ පන්සලේ දී හෝ පල්ලියේ දී සිල් රකින හා යාච්ඤා කරන පුද්ගලයා සැබෑ ජීවිතයේ දී ඊට හාත්පසින් ම වෙනස් අයුරකින් ජීවත් වන බව ය.

මෙයට හේතුව කුමක් ද? ආගමට හෝ නීතියට හෝ දඬුවමට බියෙන් වැරදි යැයි සම්මත දෙයින් මිනිහා වැළකෙන නමුත් එ් වැරදි යැයි සම්මත දෙය පිළිබඳ ව සැබෑ අවබෝධයක් ඔහු තුළ නොතිබීම යි. එ් නිසා සිත හසුරුවා ගන්නට නම් සිත ගැන දැනගත යුතු ය. සිත දෙස විමසා බැලිය යුතු ය. නො එසේ නම් සිත හික්මවා ගන්නේ කෙසේ ද? ‘‘චිත්තං රක්ඛෙථ මේධාවි…” නුවණැත්තා සිත රැකගන්නේ ය” මෙබඳු අනුශාසනා ධම්ම පදය වැනි බෞද්ධ ග‍්‍රන්ථවල නිතර ම දක්නට ලැබේ. එ් නිසා මහා දාර්ශනිකයෙකු හා ශ්‍රේෂ්ඨ මනෝව්‍යවච්ඡේද විද්‍යාඥයෙකු වන බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන අප මනෝ විද්‍යාව ගැන මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය. එහෙත් අභිධර්ම පිටකයෙහි දැක්වෙන පාලි පාඨ කටපාඩම් කිරීමෙන් ම එ් පරමාර්ථය ඉෂ්ට නොවන බව අවශ්‍යයෙන් ම මතක තබාගත යුතු ය.

මහාමේඝ 2016  නවම්  කලාපය
WWW.MAHAMEGHA.LK

1961 වර්ෂයේ පෙබරවාරි මස පළ වූ රසවාහිනී සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

ශාස්ත්‍රාචාර්ය සුගතමුනි ඤාණසිරි විසිනි

සිරිමා බෝ දුමිඳුන් අපට බලපෑ හැටි
ලංකාවේ බුදු දහම පිහිටුවීමේ ගෞරවය යම් තරමට මිහිඳු මාහිමියන්ට හිමිවේ නම් එ් තරමට ම බෞද්ධ සංස්කෘතිය එහි පිහිටුවීමේ ගෞරවය සංඝමිත‍්‍රා මෙහෙණින් වහන්සේට හිමි වන්නේ ය. බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයක් වූ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වනාහී බෞද්ධ සංස්කෘතියේ ශ්‍රේෂ්ඨතම ජීවමාන සංකේතය යි. සඟමිත් තෙරණින් විසින් ලක්දිව්හි පිහිටුවන ලද මෙහෙණි සංඝයා කල් යාමෙන් නැතිවී ගිය ද එතුමිය විසින් ම සිරිමා බෝ දුමිඳුන් ගෙන ඊමෙන් පිහිටුණු බෞද්ධ සංස්කෘතිය ලක්බිමෙහි මුල්බැස අද දක්වා ම පවතින්නේ ය.

බෞද්ධ පූජනීය වස්තුවකට පුද පූජා පවත්වන හැටි අලූත් බෞද්ධයන් වූ ලාංකිකයන් නො දන්නා නිසා ශ‍්‍රී මහාබෝධි ශාඛාව වැඩමවීමත් සමඟ ම ඊට වත් පිළිවෙත් කිරීමට හා ආරක්ෂාවට අවශ්‍ය පුද්ගලයන් මෙන් ම උපකරණ ද දම්සෝ නිරිඳුන් විසින් ම එවන ලද්දේ ය. අටළොස් කුලයක දේවියන් හා එසේ ම ඇමතිවරුන් ද අට කුලයක බමුණන් හා වෛශ්‍යයන් ද ගෝපාල, තරහල්, කලිඟු, පේශකාර, කුඹල් යන කුලවලට අයත් ජනයා ද සේනා සම්බන්ධ ජනයා ද මෙහි පැමිණීමෙන් ශිල්ප ශාස්ත‍්‍ර හා කලාව ද බෞද්ධ ස්වරූපයෙන් දියුණු වී ගියේ ය. ධර්ම ශාස්ත‍්‍ර අතින් හා ශිල්ප කලා අතින් ලාංකිකයා හැඩගැසුනේ බෝධි ද්‍රැමාගමනය නිසා සැපත් වුණු මේ මහා පිරිසගේ ආශ‍්‍රය නිසා ය. එහෙයින් ලංකාවේ සිංහල සංස්කෘතියේ සම්භවය සිදුවූයේ සංඝමිත‍්‍රාගමනය නිසා ය කීම නිවරද ය. එහි මුඛ්‍ය සංකේතය ජය ශී‍්‍ර මහා බෝධි දක්ෂිණ ශාඛාව යි. සඟමිත් තෙරණින් විසින් සිරිමා බෝ දුමිඳුන් මෙහි නො ගෙනෙන්ට දඹදිවින් එ් ශිල්ප කලා හා ශාස්ත‍්‍ර මෙහි නො පැමිණෙන්ට තිබුණේ ය. එවිට ලාංකිකයාට එ් අතින් හැදියාවක්, දියුණුවක් හැඩගැස්මක් නො ලැබෙන්නේ ය. එම නිසා දුමින්දාහරණයෙන් බෞද්ධ සංස්කෘතියේ ආරම්භය හා වර්ධනය සිදු වූ බව කිවයුතු වන්නේ ය.

සිරිමා බෝ දුමිඳුන් වැඩමවීම

මිහිඳු මාහිමියන්ගෙන් බණ අසා

සෙදගැමි පත් අනුලා ආදි කුමරියන්ට පැවිදිවීමේ රුචිය ඇතිවිය. ස්තී‍්‍රන් පැවිදි කිරීම භික්ෂූන්ට අකැප නිසා මිහිඳු මාහිමි උවදෙසින් දෙවන පෑතිස් නිරිඳුන් විසින් මහාරෂ්ට කුමරුන් ප‍්‍රමුඛ නියෝජිත පිරිසක් භික්ෂුණීන් කැඳවා ගෙන ඊම පිණිස පාටලීපුත‍්‍රයේ අශෝක රජු වෙත යවන ලද්දේ ය. විශේෂයෙන් සංඝමිත‍්‍රා මෙහෙණින් හා බෝධි ශාඛාව ගෙන්වා ගැනීමට මිහිඳු මාහිමියන්නේ උවදෙස් ලැබී තිබුණේ ය. එ් අනුව දම්සෝ රජතුමා නිසි පරිදි ජය ශී‍්‍ර මහා බෝධියෙන් දක්ෂිණ ශාඛාව මුදා ගෙන රන් කටාරමක බහා මහා පෙළහරින් ගංගා නදිය ඔස්සේ තාමුලිප්ති වරාය කරා වැඩමවාගෙන පැමිණියේ ය.

එතැන් සිට බෝ දුමිඳුන්ගේ භාරකාරයා හැටියට සංඝමිත‍්‍රා තෙරණියන් පත්කර තවත් භික්ෂුණීන් 11 නමක් හා රාජකීය කුමරුවන් සහිත සිය ගණනක් මහ පිරිස නැවකට නංවා ලංකාව බලා එවූයේ ය. සතියකින් ලංකාවේ දඹකොළ පටුනට (වරායට) සැපත් වුණු බෝ දුමිඳුන් සහිත මේ පිරිස දෙවන පෑතිස් නිරිඳුන් විසින් මහත් හරසරින් පිළිගෙන අනුරාධපුරය දක්වා මහ පෙළහරින් වැඩමවාගෙන ගියේ ය. අතරමග තිවක්ක නම් බමුණු ගම ද විශාල පිළිගැනීමක් සිදුවිය. බෞද්ධ ප‍්‍රබෝධයෙන් ඇළලී ගිය දෙවන පෑතිස් මහ රජු ප‍්‍රමුඛ මහජනයා සුමන සාමණේරයන්ගේ විශේෂ සංවිධානය පරිදි මහමෙවුනා උයනෙහි බෝධිරෝපණයට කටයුතු පිළියෙළ කළහ. මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රධාන භික්ෂූන්ගේ හා සංඝමිත‍්‍රා තෙරණින්ගේ ද සහභාගිත්වයෙන් බෝධිරෝපණ පූජාව අත්‍යලංකාරයෙන් සිදුවූයේ ය.

බෝධි ව්‍යාපෘතිය

ශී‍්‍ර මහාබෝධි ශාඛා රෝපණයෙන් පසු ගිලිහුණු විළිකුන් ඵලයක් මිහිඳු මාහිමියන් විසින් දෙවන පෑතිස් නිරිඳුන් අතට දෙන ලදී. එයින් හටගත් පැළ අට දඹකොල පටුන, තිවක්ක බමුණු ගම, ථූපාරාමය, ඉසුරුමුණිය, සෑ මළුව, කතරගම, හඳුන්ගම යන ස්ථාන අටෙහි රෝපණය කරවන ලදින් ලක්දිව පුරා බෞද්ධ ප‍්‍රබෝධය පැතිර ගියේ ය. තව ද මේ හැර පැළ 32ක් එ් එ් ප‍්‍රදේශවල රෝපණය කරවා විහාරස්ථාන තනා බෞද්ධ සංස්කෘතිය පතුරුවා හැරියේ ය. මෙතැන් පටන් ලක්දිව බෝ රුකක් ඇති තැන පන්සලක් තැනෙන්නාක් මෙන් ම පන්සලක් ඇති තැන බෝ රුකක් ඇති කිරීම ද ස්වභාවික දෙයක් වන තරමට පැතිරිනි. මහජනයා කෙරෙහි එය ශ්‍රේෂ්ඨතම පූජනීය බෞද්ධ සංකේතය බවට පත් වූයේ ය.

දුමින්දාහරණයෙන් ශිල්ප කලා මෙන් ම සාහිත්‍යය ද දියුණු වූයේ ය. මහාබෝධිවංශය හෙළ බසින් හා පෙළ බසින් ද රචනා කිරීමෙන් තත්කාලීන පඬිවරු සාහිත්‍ය නිර්මාණය කළහ. එපමණක් නොව ‘‘බෝධි” යන වචනය සිංහල ජාතියේ සංස්කෘතික උපාධියක් බවට ගෞරව නාමයක් බවට පත්විය. මහබෝ ගෙනා රාජකීය පිරිස

”බෝධිභාර කුල” නමින් වෙනම වංශයක් ලෙස හඳුන්වනු ලැබී ය. සිරි සංඝබෝධි, අග‍්‍රබෝධි, බෝධිපාල, බෝධිනාග, බෝධිරතන ආදි ආර්ය නාමයන් බෝධි යන්න සම්බන්ධව නිපයී ඇත. බෝතොට, බෝපිටිය, බෝගොඩ, බෝපේ, බෝගම, බෝවත්ත ආදි ග‍්‍රාම නාම රාශියක් බෝ යන්න මුල්කොට පවතී. මෙසේ ශී‍්‍ර මහා බෝධිය සිංහල ජාතිය කෙරෙහි සංස්කෘතික වශයෙන් කැවී ගියේය .

ස්තී‍්‍ර පක්ෂයට ගෞරවයක්

මිහිඳු මහරහතන් වහන්සේගේ දහම් අසා ප‍්‍රථම කොට මාර්ග ඵලයක් ලැබුවේ අනුලා බිසවුන් ආදි ස්තී‍්‍රන් බවට ඉතිහාසගත ය. එනම්, මාහිමියන් දෙසූ විමාන වස්තු, පේත වස්තු, සච්ච සංයුත්ත ධර්මදේශනාව අසා දෙවන පෑතිස් මල් මහානාම යුවරජුගේ මෙහෙසි වූ අනුලා කුමරිය හා 500ක් ස්තී‍්‍ර සමූහයා සෝවාන් ඵලයට පත් වීම යි. එසේ ම ප‍්‍රථම වරට සකෘදාගාමී ඵලයට පත්වූයේ ද ස්තී‍්‍රන් වූ ඔවුහු ම ය. එනම්, මිහිඳු මාහිමියන් දෙසූ වේළුවනාරාම පූජා කථාව අසා ඔවුන් සෙදගැමි වීමයි. තව ද ලක්දිව දී බුදු සස්නේ පළමු කොට පැවිද්ද බලාපොරොත්තු වූයේ ද ස්තී‍්‍රහු ය. එනම් සෙදගැමි පත් අනුලා ආදි 500ක් කුමාරිකා පිරිස මිහිඳු මාහිමයන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටීම යි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සඟමිත් තෙරණියත්, ශී‍්‍ර මහා බෝධි ශාඛාවත්, ශිල්පීන්, කලා විශාරදයන්, උගතුන් ආදි මහා පිරිසක් දඹදිවින් ලක්දිවට පැමිණීමෙන් ලංකා බෞද්ධ සංස්කෘතියේ පදනම වැටුනේ ය. එම නිසා ලංකාවේ බුද්ධ ශාසනයත්, සංස්කෘතියත් පිළිබඳ ව විශේෂ ගෞරවයක් සිංහල ස්තී‍්‍ර පක්ෂයට හිමි වන්නේ ය.

මහාබෝධි පුරාණය

අදත් පවතිනා ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයේ මහමෙවුනා උයනේ පිහිටුවීම විය යුත්තක් ම විය. එය ලංකාවේ උරුමයකි. පූර්ව බුදුන් කල ද මහාබෝධි ප‍්‍රතිෂ්ඨාපනය මෙහි ම සිදුවී ඇත. මේ මහා භද්‍ර කල්පයෙහි බුදු වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන පූර්ව බුදුවරුන්ගේ ද බෝධි ශාඛා මෙහි පිහිටුනු හැටි සාහිත්‍යගතව ඇත්තේ ය. සටහනකින් එය මෙසේ ද දක්වනු ලැබේ.

මහාමේඝ 2015 උඳුවප් කලාපය

WWW.MAHAMEGHA.LK

‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත් සමාගම විසින් 1963 වර්ෂයේ දෙසැම්බර් මස පල කරන ලද. ‘රසවාහිනී’සඟරාවෙන් උපුටා ගන්නා ලදී.

හෑගොඩ ඛේමානන්ද (ඇම්.ඒ) හිමි විසිනි.

මහින්දාගමනයට පෙර ලක්දිව ආගම්
බෟද්ධාගම හා ජාතික සංස්කෘතිය ප‍්‍රථම වරට මෙරටට පැමිණියේ මහා මහේන්ද්‍ර ස්ථවිරයන්ගේ කාලයේ යැයි පෙන්වීමට අපේ වංශකථා ද සමන්තපාසාදිකා අටුවාව ද බොහෝ වෑයම් කොට ඇත. කාලිංග යුද්ධයේ දී ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ විනාශය නිසා කම්පිතව බෞද්ධාගමය වැළඳගෙන එහි නව ප‍්‍රබෝධයක් ඇති කළ අශෝක රජතුමා ඉන්දියාවේ දේශ සීමාවන් ඇතුළත පමණක් නොව අවට රටවලට ද එ් ශාන්ත පණිවුඩය පැතිරවීමට කටයුතු කළේ ය. මිහිඳු හිමියන් මෙහි පැමිණියේ අශෝක රජුගේ ධර්මදූත ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. රාජානුග‍්‍රහය ඇතිව බෞද්ධාගමය මෙරටට පැමිණියේ මහින්ද ස්ථවිරයන් සමඟ බව සත්‍ය වුවත් එයට පෙර ලංකාවේ බෞද්ධයන් නො සිටියහ යයි තීරණය කිරීම යුක්ති යුක්ත නො වේ.

ආර්යයන්ගේ පැමිණීමට පෙර ලංකාවේ විසූ යක්ෂ රාක්ෂ නාග ආදි ගෝත‍්‍රවලට අයත් මිනිසුන්ගේ ආගමික විශ්වාස කෙබඳු වී දැයි ස්ථිර ලෙස කිය නො හැකි ය. ආදි යුගයේ සෙසු මනුෂ්‍ය වර්ගයන් වාගේ ම මොවුන් ද තම මුතුන් මිත්තන්ට සහ පර්වත වෘක්ෂ ආදියට වැඳුම් පිදුම් කළ බවට පසු කාලයේ මෙරට දියුණු වී ගිය ඇදහිලි හා පුද පූජා සාක්ෂ්‍ය දරයි. බුදුසමය පැමිණීමට පෙර සිංහලයන් දුරාචාර පුද පූජාවන්හි ද ඇලී ගැලී වාසය කළ බව සත්වන ශතවර්ෂයට අයත් ‘‘හියුංසාගේ” දේශාටන වාර්තාවේ සඳහන් වේ. විජයගේ සහ සත් සියයක් පිරිවර ජනයාගේ ආගම කුමක් වී දැයි කිව නො හැකි ය. බෞද්ධාගමය ද බ‍්‍රාහ්මණ සමය ද නිගණ්ඨනාත පුත‍්‍රයන් විසින් දේශනා කරන ලද ජෛනාගමය ඇතුළු මක්ඛලී ගෝසාල, පුරාණ කස්සප, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨිපුත්ත, අජිත කේසකම්බලී ආදි ශාස්තෘවරයන් විසින් දේශනා කරන ලද දෙසැටක් මිථ්‍යා ලබ්ධි ද විජය ලංකාවට පැමිණෙත්දි, එනම් ක‍්‍රි. පූ. පස්වැනි සියවසේ දී ඉන්දියාවේ පැතිර තිබුණේ ය.

සම්බුද්ධ පරිනිර්වාණයේ දී හෝ එයට ආසන්න දිනයක දී ලංකාවට පැමිණි විජය ඇතුළු පිරිස එකල ඉන්දියාවේ පැවති මේ ලබ්ධින් ගැන කිසිවක් නො දැන සිටින්නට හේතුවක් නොමැත. එහෙත් ලංකාවට පැමිණි ආර්ය ජනයාට මුහුණ පාන්නට සිදුවූ අවස්ථාවන් ගැන බලන විට ආගමික ඇදහිලි හා විශ්වාසයන් කෙරෙහි සිත් යොමු කිරීමට කාලයක් ලැබෙන්නට ඇතැයි සිතිය නො හේ. යක්ෂ, රාක්ෂ, නාග වැනි අනාර්යයන්ගෙන් ආරක්ෂා වීම, අලූතෙන් ජනාවාස කර ගත් ප‍්‍රදේශ පදිංචියට සුදුසු ලෙස සකස් කර ගැනීම ආදි කටයුතු රාශියක් සඳහා ඔවුන්ගේ කාලය සම්පූර්ණයෙන් ම වාගේ යොදන ලද්දේ විය.

මුල් කාලයේ සිට ම බ‍්‍රාහ්මණයන් හට සමාජයේ උසස් තැනක් ලැබුණ බව කිව හැකි ය. සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා උගත් පිරිසක් වූ බැවින් බමුණන්ගේ සේවය රජුට අත්‍යවශ්‍ය ම විය. විජය සමඟ පැමිණි බ‍්‍රාහ්මණයකු වූ උපතිෂ්‍ය ඔහුගේ පුරෝහිතයා ලෙස කටයුතු කළේ ය. ඔහු අනුරාධ ග‍්‍රාමයට උතුරින් උපතිස්සගාම නමින් ගමක් ද පිහිටුවා ගත් බව මහාවංශය කියයි. විජය සමඟ පැමිණි බ‍්‍රාහ්මණයන්ගෙන් වැඩි දෙනෙකු එහි පදිංචියට යන්නට ඇත.

යකුන් පිදීම

විජයගෙන් පසු ඉන්දියාවේ සිට පණ්ඩුවාසදේව රජකම සඳහා පැමිණෙන තුරු රට පාලනය කරන ලද්දේ උපතිස්ස නම් බමුණාගේ උපදේශය අනුව ය. ලංකාවේ දක්ෂිණ දේශයේ ‘‘පණ්ඩුල ගාමක” නම් බමුණු ගමක් තිබුණ බව ද වේදයේ නිපුණ ධනවත් බමුණකු එහි විසූ බව ද මහාවංශය කියයි. පසුව ලංකාවේ රජකමට පැමිණි පණ්ඩුකාභය කුමරා ශිල්ප උගත්තේ ද මොහුගෙනි. පණ්ඩුකාභය රජුගේ (ක‍්‍රි. පූ. 377 – 307) පුරෝහිත තනතුරට පත්වූයේ පුරෝහිත බමුණාගේ පුත‍්‍රයා ය. මේ රජවරුන් ස්ථිර වශයෙන් ම බමුණු සමය පිළිගත්තවුන් බව වංශ කථාව අනුව ද පෙනේ. දෙවන පෑතිස් රජතුමා අශෝක රජතුමා වෙත යැවූ දූත පිරිසට ඔහුගේ පුරෝහිත බ‍්‍රා්හ්මණයා ද ඇතුළත් විය. මේ හැම කරුණකින් ම පෙනෙන්නේ බමුණු සමය එකල ලංකාවේ ප‍්‍රචලිතව තිබුණ බව ය.

පාණ්ඩුකාභය රජ කාලයේ, කාලවේල, චිත්තරාජ යන යක්ෂයන් වෙනුවෙන් උත්සවයක් පැවැත්වූ බව මහාවංශයෙන් පෙනේ. චිත්තරාජ යක්ෂයා පිදීම වනාහී පුරාණ ඉන්දියාවේ පොදු ජනයා අතර පැවැති ආගමික සිරිතක් යයි කුරු ධම්ම ජාතකය අනුව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කල්පනා කරයි. මහේජ, ජුතින්ධර, වෛශ‍්‍රවණ, විභීෂණ, කාලගෝධර ආදි යක්ෂයෝ ද වලවාමුඛී, පප්ථිමරාජිනී යන යක්ෂණීහු ද එකල ලංකාවාසීන් ගෙන් පූජා

ලැබූහ. බුද්ධාගම පැතිරීමට පෙර ලක්වැසියන් අතර පැවති යක්ෂ ඇදහීම බුද්ධ කාලයේ උතුරු දඹදිව් වැසියන් අතර පැවති එ් ඇදහීමට බෙහෙවින් ම සමාන බව ද බුද්ධාගම ජාතිකාගම වශයෙන් පිළිගැනීමෙන් පසුව අද දක්වා ම ද එ් යක්ෂ ඇදහිලි මෙරට පොදුජනයා අතර නො නැසී පවත්නා බව ද පරණවිතාන මහතා වැඩිදුරටත් කියයි.

රුක් දෙවිවරු

වෘක්ෂ දේවතාවන් පිදීම ආදි ම යුගයේ සිට පැවත එන්නකි. ඉන්දු ශිෂ්ටාචාරයේ ද මිසර ශිෂ්ටාචාරයේ ද ඇදහිලි අනුව එකල වෘක්ෂ දේවතාවන් පිදූ බව පිළිගත හැකි ය. ලංකාවේ ආදි මනුෂ්‍ය වර්ගයන් ද රුක් දෙවියන් පිදූ බවට ප‍්‍රමාණවත් සාධක තිබේ. පණ්ඩුකාභය රජ අනුරාධපුරයේ බටහිර ද්වාරය අසල පිහිටි නිග්‍රෝධ වෘක්ෂය වෛශ‍්‍රවණයා සඳහා පූජා කළ බව මහාවංශය කියයි. එකල එ් එ් කර්මාන්තවලට හා ස්ථානවලට අධිපති දෙවිවරු සිටියහ. ව්‍යාධ වනාහි දඩයම් කරන්නාගේ දේවයා විය. කර්මාන්තවලට අධිපති වූයේ කම්මාර දේවයා ය. මුළු ලංකාද්වීපය ම බාර වූයේ උප්පලවණ්ණ දෙවියාට ය. අනුරාධපුර නගරය ද ආරක්ෂක දෙවියකු යටතේ පැවැත්තේ ය.

මහින්දාගමනයට පෙර මෙහි ජෛනාගමිකයන් ද සිටි බව මහාවංශයෙන් පෙනේ. ජෝතිය, කුම්භාණ්ඩ යන නිගණ්ඨයන් දෙදෙනාට පණ්ඩුකාභය රජු ආරාම දෙකක් කරවා දුන්නේ ය. ජෝතිය නිගණ්ඨයාගේ ආරාමය පිහිටි ප‍්‍රදේශයේ ම ”ගිරි” නම් නිවටකු විසූ බව පෙනේ. වළගම්බා රජු විසින් පසු කලෙක අභයගිරිය තනවන ලද්දේ මොහු විසූ ස්ථානයේ ය. මේ නිගණ්ඨයෝ කවර කලෙක මෙහි පැමිණියාහු ද යන්න ගැන දැන ගැනීමට මහාවංශය සාක්ෂ්‍ය නො දරයි. විජයාවතරණයෙන් පසු මෙරට හා ඉන්දියාව අතර සම්බන්ධය නොකඩවා පැවතිණි. විටින් විට මෙහි පැමිණි ඉන්දීය ජනයා අතර ජෛනයන් ද සිටින්නට ඇත. අශෝක වැනි ශ්‍රේෂ්ඨතම රජෙකුගේ සහායත්වය නො ලැබුණ බැවින් ජෛනාගමය මහා වීරයන්ගෙන් පසු දියුණුවක් ලැබූයේ නැත. බුද්ධ කාලයේ ඉන්දියාවේ ආජීවක හා පරිබ‍්‍රාජක යන නම්වලින් ප‍්‍රකට තාපසවරු දෙකොටසක් වූහ. මෙයින් ආජීවක යන නම්වලින් හඳුන්වනු ලැබුවෝ මක්ඛලී ගෝසාලයන්ගේ අනුගාමිකයෝය. ගෘහස්ත ජීවිතය අතහැර තන්හි තන්හි ගොස් ජීවත් වූ පිරිසකට පරිබ‍්‍රාජක යන නම් යොදන ලදී. පණ්ඩුකාභය රජු නගරය තුළ ම මේ ආජීවකයන් හා පරිබ‍්‍රාජකයන් සඳහා ආරාම දෙකක් කරවා දිණි.

බුද්ධ භක්තිකයෝ

පණ්ඩුවාසදේව රජුගේ බිසව වූ භද්දකච්චායනා කුමරිය මෙරටට පැමිණියේ මෙහෙණකගේ වෙසෙනි. මෙයින් අදහස් කරන්නේ කවර සමයකට අයත් මෙහෙණක ද යනු පැහැදිලි නැත. පණ්ඩුකාභය කාලයේ පාෂාණ්ඩක, ශ‍්‍රමණ යන නම් දැරූ තාපස වර්ග දෙකක් සිටි බවට මහාවංශය දෙස් දෙයි. මොවුන් බ‍්‍රාහ්මණ ධර්මය හැර සෙසු ආගමික නිකායකට අයත් වන්නට ඇත. එකල අනුරාධපුරයට බටහිරින් විසූහයි වංශ කථාව සඳහන් කරන පන්සියයක් මිථ්‍යා දෘෂ්ටික කුලයන් ගැන ද කිය යුත්තේ එපමණ ය. ඔවුන් බෞද්ධාගමයෙන් බැහැර වූ කිසියම් ලබ්ධිකයන් කොටසකට අයත් වන්නට ඇත.

මහින්දාගමනයට පෙර ද බුද්ධ භක්තියකයන් මෙරට සිටි බවට සෑහෙන සාක්ෂ්‍ය මහාවංශයෙන් ම සොයා ගත හැකි ය. දීපවංශය, මහාවංශය, සමන්ත පාසාදිකාව යන පාළි ග‍්‍රන්ථත‍්‍රයෙහි ම බුදුන් වහන්සේ ලංකාවට තුන් වතාවක් ම වැඩම කළ බව සවිස්තරව සඳහන් වේ. බුදුන් මෙහි පැමිණි මහියංගණයේ දී ධර්ම දේශනය කළ අවස්ථාවේ දී කෝටියකට ධර්මාභිසමය විය. එහි දී ධර්ම ශ‍්‍රවණය කළ සුමනකූට දෙව්රද ද තෙරුවන් සරණ ගොස් සෝවාන් ඵලයට පැමිණි බව මහාවංශය කියයි. සුමන දෙව්රද බුදු දහම කෙරෙහි කෙතෙක් පැහැදුනේ ද යතහොත් මෙරට වැසියන්ගේ වන්දනාව සඳහා පූජ්‍ය වස්තුවක් බුදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. ඉක්බිති හෙතෙම බුදුන්ගෙන් ලැබුණ කේශධාතු නිදන් කර එතැන්හි ම චෛත්‍යයක් කළේ ය. අද මහියංගණ චෛත්‍ය නමින් ප‍්‍රකටව ඇත්තේ මෙයයි. බුදුන් වහන්සේ දෙවන වර නාගදීපයට වැඩි අවස්ථාවේ අසූ කෙළක් නාගයෝ තිසරණයෙහි පිහිටා පන්සිල් සමාදන් වූහ.

කැලණියේ මණිඅක්ඛිත නා රජතුමා ද එහි දී බුද්ධාගම වැළඳ ගත්තේ ය. මණිඅක්ඛිත නාග රාජයා සැබෑ බෞද්ධයකු වූ බව බුදුන් වහන්සේ නැවත වරක් භික්ෂුන් වහන්සේලා සමග මෙහි වැඩම කර ගැනීමෙන් පෙනේ. මේ වතාවේ බුදුන් වහන්සේ අනුරාධපුරයේ නොයෙක් පළාත්වලට වැඩම කළ බැවින් එ් එ් තන්හි විසූ ජනයා ද බුද්ධ ධර්මය කෙරෙහි පැහැදෙන්නට ඇත. ලංකාවට බුද්ධාගම පැමිණියේ බුද්ධ කාලයේ ම බව මෙයින් නො පෙනේ ද?

බුද්ධ පරිනිර්වාණයෙන් පසු සාරිපුත්ත ස්ථවිරයන්ගේ ශිෂ්‍යයකු වූ සරභූ තෙරුන් බුදුන් වහන්සේගේ අකු ධාතුව රැුගෙන ලංකාවට පැමිණ මහ සඟ මැද ම මහියංගණ චෛත්‍යයේ තැන්පත් කොට එ් චෛත්‍ය ෙදාළොස් රියනක් උසට තැනවූ බව මහාවංශය පවසයි. කැලණියට වැඩම කළ ළඟ දී ම භික්ෂූන් ප‍්‍රධාන වශයෙන් ම මහින්දාගමනයට පෙර මෙහි පැමිණි බව ඔප්පු වන්නේ ය. මේ කරුණු ඇතුළත් වංශ කතා විස්තරය සම්බන්ධයෙන් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා මෙසේ කියයි.

‘‘මේ විස්තර පිළිබඳ අතිශයෝක්තින් ඉවත් කළ විට ඓතිහාසික සත්‍යයක් අපට ලබාගත හැකි ය. එනම් මිහිඳු මාහිමියන්ගේ කාලයට බොහෝ පෙර සිට ම ලංකාවේ බෞද්ධයන් ස්වල්ප දෙනෙකුන් සිටි බවත් එකල ම බෞද්ධ චෛත්‍යයක් ගොඩනගන ලද බවත් යන මේ ය.”

උතුරු හා දකුණු ඉන්දියාවේ සිට කලින් කල මෙහි පැමිණි ජනයා අතර බෞද්ධයන් ද සිටි බව නිසැකව සිතිය හැකි ය. බුදුන් වහන්සේගේ සුහුරුබඩු වූ ශාක්‍යයාගේ දියණියන් වූ ද, පණ්ඩුවාසදේව රජුගේ මෙහෙසිය වූ ද, භද්දකච්චායනා සහ ඇයගේ පිරිසේ වැඩි දෙනෙකු බෞද්ධයන් වූ බව සිතීමට අනුබල ලැබේ. මහාවංශයෙහි සඳහන් පරිදි මහින්ද ස්ථවිරයන්ට බුද්ධාගම මෙහි පැතිරවීමට කිසිදු අපහසුවක් වූ බවක් නො පෙනේ. අනෙක් ආගම කෙරෙහි දැඩි භක්තියක් නො පැවතීම ද ඔවුන් බුද්ධාගම ගැන පෙර සිට ම දැන සිටීම ද එසේ වීමට ප‍්‍රධාන හේතු දෙකකි.

මහාමේඝ 2015  පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

1962 වර්ෂයේ පොසොන් මස පළ වූ රසවාහිනී සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

ගුරුසිංහගොඩ පියරතන හිමියන් විසිනි

ආශිර්වාද ලත් මගේ මව්බිම
යම්කිසි රටක හෝ තැනක කවර හෝ භාෂාවකින් බෞද්ධ දර්ශනය පිළිබඳ පොතක් හෝ ලියවිල්ලක් මාස් පතාවත් නිකුත් වන තරමට දැන් බෞද්ධ දර්ශනය පිළිබඳ සෑහෙන විපර්යාසයක් ලොව පුරා පැතිරෙමින් පවතීග බෞද්ධ දර්ශනය පිළිබඳව ලෝ වැස්සන් තුළ ඇති වී පවත්නා මේ අලූත් උෙසා්ගය ම ලෝකයේ විවිධ ජාතීන් අතර බුදු සමය පිළිබඳව සෙවීමේ සහ පරීක්ෂණ පැවැත්වීමේ ආශාව වැඩිවෙමින් පවතින බවට එක් සාධකයෙකි.

‘බෞද්ධයා’ යන වචනය ගෙන පිරික්සා බලන විට නම් ත‍්‍රිපිටකයේ කවර තැනකවත් බෞද්ධයා යන තනි නමක් සඳහන් වී නැත. අමුතුවෙන් ලෝකයේ කවර පිරිසක් හෝ බෞද්ධාගමට හරවා ගැනීම නොහොත් නමින් බුද්ධාගමට හරවා ගැනීම නියම බෞද්ධයාගේ බලාපොරොත්තුව නො වේෙ. බුද්ධ ධර්මය සාර්ව භෞමක දර්ශනයෙකිග එපමණක් නො වේග බෞද්ධ දර්ශනය ලෝකයේ ඕනෑම යුගයකට ඕනෑම රටකට ගැළපෙන දහමෙකි.

අවුරුදු 2500කට පසු බුද්ධ ධර්මය පිළිබඳ අමුතු විශේෂ දියුණුවක් ඇති වෙතියි බලාපොරොත්තුවෙන් සිටි අපේ බොහෝ දෙනා එවැනි පරිවර්තනයක් ඇති වූයේ නැතැයි දැන් තැන තැන කසු කුසුවක් ඇති කර තිබෙන බැව් සාමාන්‍යයෙන් පෙනෙන කරුණක් වුව ද ධර්මාශෝක රජුගේ යුගයේ දී ඇති වූවාටත් වඩා ප‍්‍රබල වෙනසක් සහ නව දීප්තියක් බුද්ධාගම තුළ මේ යුගයේ දී ඇති වී තිබෙන බැව් බොහෝ දෙනා නො දන්නා වග ද මෙහිලා සඳහන් කළ යුතුව තිබේ.

සෝවියට් මොන්ගෝලියාවේ පමණක් බෞද්ධයෝ 75,000ක් පමණ වෙසෙතිග සෝවියට් දේශයේ ම කොටසක් වූ බුරියත් මොංගෝලියාවේ ද බෞද්ධයන්ගේ ගණන දිනපතා වැඩි වෙමින් පවතින බැව් මා ඇසින් දැක ප‍්‍රත්‍යක්ෂ කර ගත් දෙයකි. ලෙනින් ග‍්‍රෑඩ් නගරයේ භාරත ගෘහ නිර්මාණ කලාව අනුව ගොඩනැගූ බුදු මැදුරේ පාලනය ද පසුගිය දිනවල සෝවියට් බෞද්ධ සංගමයක් අතට පවරා දීමට සෝවියට් ආණ්ඩුව කටයුතු කරගෙන ගිය සැටි මම සෝවියට් දේශයේ සිටිය දී දැන ගත්තෙමි.

සෝවියට් උගතුන්ගේ නෙත් සිත් බුද්ධ ධර්මය කෙරෙහි යොමුවී ඇත්තේ ලොව අනෙක් ආගම්වලට වඩා මෙලොව ජීවිතය’ සම්බන්ධයෙන් බුද්ධ ධර්මයේ වැදගත් විවරණ රාශියක් කර තිබීම නිසා බැව් මට සෝවියට් දේශයේ සිටි අවදියේ දී දැන ගන්නට ලැබුණි. එපමණක් නොව මොස්කව් නගරයේ උසස් විශ්ව විසාලයන් රාශියක ම බෞද්ධ දර්ශනය පිළිබඳ ප‍්‍රසිද්ධ දේශනා මාලාවක් පැවැත්වීමට මට එ් දිනවල සිදුවිය.

මාක්ස්වාදීන්ගේ සාමාන්‍ය විශ්වාසයව පවත්නා ආගමින් මෙලොව ජීවිතයට වැඩි වැඩක් නැතැයි යන මතය ඇති වී ඇත්තේ මාක්ස්වාදය උපන් රටවල පැවති ආගම් මෙලොව ජීවිතයට වඩා ස්වර්ගය පිළිබඳ ජීවිතයට’ පමණක් තදානුගාමිකයන් යොමු කිරීමට උත්සාහගෙන තිබීම යයි සිතීමට ඇති කරුණු බොහෝ ය. ප‍්‍රධානයනට බැල මෙහෙ කරන්නට සිදුවනිදුප්පත්කම’ දෙවියන් වහන්සේ විසින් මැවූ දෙයක් ය යන මතය කලක සිට කාවැදී තිබුණු රටක සාමාන්‍ය පොදු ජනයා ම අතරින් පැන නැගුණ මාක්ස්වාදයල ආගම්වලින් මිනිස් ජීවිතයට වැඩක් නැතැයි තර්ක කිරීම පුදුමයක් නො වේ.

ලංකාවේ බෞද්ධයා අවුරුදු හාර පන්සියයක් තිස්සේ ම අධික පීඩාවට පත් වී මිරිකී සිටියා පමණක් නොව මේ සා දීර්ඝ කාලය තුළ නැතිවූ තම අයිතිවාසිකම් තරයේ ඉල්ලා සිටියේ ද නැතග එසේ වූ බෞද්ධයාට ස්වකීය උරුමයෙන් ම ලැබිය යුතු අයිතිවාසිකම් ටිකින් ටික ලැබී ගෙන එන මේ කාලයේ දී සාධාරණ අයිතිවාසිකම් ලබන බෞද්ධයා ගැන අනෙක් කණ්ඩායම් විසින් ඊර්ෂ්‍යා සහගත ලෙස කල්පනා කළ යුතු නො වේ.

අපි පරිණාම ධර්ම පිළිගන්නා ජාතියක් පමණක් නොව පරිණාමයට මුහුණ දිය යුතුල එය ඉවසා සිටිය යුතු ජාතියක් ද වෙමු. මේ යුගයේ දී බෞද්ධයාට මේ ලැබීගෙන එන්නේ ඔහුට අහිමිව තිබූල එ් නිසා ම ලැබිය යුතුව ම ඇතිල අයිතිවාසිකම්වලින් සමහරකිග බෞද්ධයා සර්වබලධාරී දෙවියකුගෙන් හෝ යක්ෂයකුගෙන් ආධාර නො ඉල්ලා යකාටත් දෙවියාටත් නො බියවල ආපස්සට නො ගොස් ඉදිරියට ම යා යුතු කාලය මේ කාලය යි. රට ජාතිය ආගම අප විසින් ම දුකසේ වෙහෙස නො බලා රැුක ගත යුතු උතුම් වස්තූන් වන අතර නිදහස ලැබීමෙන් පසු මේ රටේ ජනතාව ගෙවා දැම්මේ අරුණ ලෝකය හමුවේ ගී ගයන කුරුල්ලන් මෙන් ප‍්‍රීතියෙන් පමණක් යුත් ජීවිතයකි. මේ නිසා දැන් කාලය පැමිණ ඇත්තේ රටේ ආර්ථික වූ ද ආගමික වූ ද ජීවිතයන් සකස් කිරීමේ කාලය යි.

කාලය වූ කලී පුදුම දෙයකිග කාලය අප හැමදෙනමත්, අප හැම දෙනා ම කාලයත් කා දැමීම ලෝක ස්වභාවය යි. ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් ප‍්‍රඥසම්පන්න ලෙස කාලය අල්ලා ගෙන වැඩ ගත්තේ කාලයේ මේ අරුම පුදුම තත්ත්වය දැන සිටි නිසා ය. බුදුසමය රැඳී ඇත්තේ කරුණාව මත හෙයින් අප කාලයෙන් ප‍්‍රයෝජන ගන්නා විට අපේ වැඩ කටයුතු කළ යුත්තේ කරුණාව පෙරදැරි කරගෙන යග එක් අයෙකු හොඳ වැඩක් කරන කල්හි ඇත්ත වශයෙන් මල නිරායාසයෙන් ම එයින්, ලෝකයටත් සමාජයටත් වැඩක් ම සිදු වේ. ධර්මය යනුවෙන් හැඳින්වෙන්නේ එ් එ් පුද්ගලයා සතු වැඩ කොටස හරි හැටියට ඇද නැතුව යුක්ති යුක්තව ඉටු කිරීම ය. ගොවියාගේ ධර්මය හොඳ හැටි ගොවිතැන් කිරීම යිග කසළ ශෝධකයාගේ ධර්මය හරි හැටි කසළ ශෝධනය කිරීම යි. අගමැතිවරයාගේ ධර්මය හරි හැටි රට පාලනය කිරීම යිග මේ අන්දමින් සමාජයේ කවර තත්ත්වයක කවර තට්ටුවක කවර පන්තියක පුද්ගලයකු වුව ද තම තමන්ගේ යුතුකම හරි හැටි නොකරතොත් හේ සමාජ ද්‍රෝහියෙකි.

ඉන්ද්‍රියන් පිනවීම බුද්ධ ධර්මයේ හැටියට වරදක් නො වේග එහෙත් ඉන්දිරියයන් පිනවීම වැරදි ලෙස කරන කල්හි ඉන් ලෝකයාටත්ල තමාටත් අවැඩක් සිදුවන හැටි බුද්ධ ධර්මයේ මැනවින් පෙන්වා දී ඇත. සමාජයේ කිසිවකු හටත් තනිවම ජීවත්වීම අපහසු ය. අප හැම දෙනකුම හැමදෙනාම වෙනුවෙන් ම වැඩ කළ යුතු අතර හැමදෙනා වෙනුවෙන් ම හොඳින් අහිංසක ලෙස ජීවත් විය යුතුව තිබේ. හොඳින් ජීවත් වෙන්නාක් මෙන්ම අප හැම දෙනාම තම තමන් විසින් උපන් රටටල සමාජයට සේවය කළ යුත්තේ ගෙවිය යුතු ණයක් ගෙවිය යුත්තාක් මෙනි. මේ ණය ගෙවීම සඳහා හැකි පමණින් කටයුතු කිරීම සාධු චරිතයක මූලික ලක්ෂණයක් වන්නේ ය.

දීප්තිමත් කර ගත යුත්තේ අතීතය නො වේ. අනාගතය යිග අපේ අතීතයේ විශිෂ්ට කීර්තිය අපට වඩා අපේ මුතුන් මිත්තන්ට නිතැතින් ම අයත් වූ දෙයකි. අපට ආඩම්බර විය හැක්කේ මුතුන් මිත්තන්ගේ අතීතයෙන් නොව අප විසින් ම වෙර වෑයමින් තනා ගන්නා අනාගතයෙන් ය. එ් නිසා සිංහල බෞද්ධයා කටයුතු කළ යුත්තේ දීප්තිමත් අනාගතයක් ඇති කරලීම උදෙසා ය.

මම ලංකාවේ ගත කළ පසුගිය කාලය තුළ මගේ ගමට ගිය කිහිපවතාවක ම මට හමුවූ සමහරුන් මේ නූතන යුගය ගැන විස්තර කළේ කලකිරුනු ස්වභාවයකිනිග zzඅද රට විනාශ වෙලාල උම්බලකඩ ගණන් ගිහින්. අපරාධ වැඩිවෙලා” යයි මේ ඇත්තන් නිතර දෙවේලේ දොඩනවා පමණක් නොව බොහෝ පුවත්පත් පවා ලොකු ශීර්ෂ වාක්‍ය යොදන්නේ රට විපතට පත්වී ඇති වගක් උහා දැක්වීමට ය. ඇත්ත වශයෙන් ම ලාංකිකයා මේ අනාගත වාක්‍ය කියන මිනිසුන්ට රැවටිය යුතු නො වේ. ලංකාව දිනෙන් දින ම පල්ලම් බහින – පිරිහෙන රටක් නොව අවුරුදු දහස් ගණනක් තිස්සේ ආශීර්වාදයට ලක් වූ ශුද්ධ භූමියකි. මේ රට ගැන කලකිරීම පසෙක තබා රටේ ස්වභාවික ධන නිධානයන්ගෙන් ප‍්‍රයෝජන ලබාගත යුතුව ඇත. බෞද්ධයා නැගී සිට තමන්ගේ ම දුබලකම්වලට පිළියම් කළ යුතු ය. සමහරුන්ගේ අදහස වර්තමානයට වඩා අතීතය සංවර්ධනයෙන් හා සාමයෙන් ද නිදහස් බැවින් ද ගත වූ බවකි. මේ අදහස වැරදි බැව් අපේ ඉතිහාසය දෙස බලන විට මැනවින් පෙනේ. අතීත කාලයේ දී ද මේ රටේ අපරාධ රාජද්‍රෝහි ක‍්‍රියාල කුමන්ත‍්‍රණල කැරලි කෝලාහල සිදුවූ බැව් ඉතිහාසයට අමුත්තක් නො වේ. එපමණක් නොව ඇතැම් කුමන්ත‍්‍රණවලට භික්ෂූන් වහන්සේලා ද සම්බන්ධ වී ඇති සැටි ද රහසක් නො වේ.

අපේ ස්වාභාවික ධන නිධානයන්ට තාමත් අත පොවා හෝ නැති හෙයින් අපේ රටේ අනාගතය අතිශයින් දීප්තිමත් බවට කිසිදු සැකයක් නැත. බෞද්ධයා වූ කලී කරුණාව පෙරදැරි කර ගෙන ඉදිරියට ගමන් කරන පුද්ගලයා යග මේ නිසා බෞද්ධ කොඩියට රැව්වා ය කිසා පිහියෙන් ඇනීම බෞද්ධකම නො වේ. හැම බෞද්ධයකු ම අඩු ගණනේ හැම බෞද්ධ රජයේ සේවකයකු ම හෝ ටික කලක් සිල් ගුණදම් පුරමින් විවේකීව තම තමන්ගේ ගත වූ ජීවිතය ගැන මෙනෙහි කිරීමට පුරුදු වුවහොත් එය ද එක්තරා අන්දමක සමාජ සේවයක් වනු නොඅනුමාන යි. මෙය වෙසක් සතියේ දී සිතා බැලීම වැදගත් ය.

මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

1962 වර්ෂයේ වෙසක් මස පළ වූ රසවාහිනී සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

මහචාර්ය ගුණපාල මලලසේකර විසිනි.

(දේශනයකින් සකස් කෙරුණෙකි)

පව් සෝදන පින් තොට
උපන් දා සිට කළ පව් සෝදා හරිතියි හින්දුවරුන් විසින් අදහනු  ලබන ගංගා-යමුනා දෙනදී තෙර පිහිටි ප‍්‍රයාග නමැති පුණ්‍ය තීර්ථයන් පිළිබඳ ග‍්‍රන්ථාගත තොරතුරු හෙළි කැරෙන මේ ලිපියෙන් එ් පුණ්‍ය තීර්ථයේ වර්තමාන තත්ත්වය ද ඉඳුරා පැහැදිලි කෙරේ.

ළුටු වූ වතක් සෝදා පිරිසිදු කරන අයුරින්, මිනිසකු විසින් උපන් දා සිට කරන ලද සියලූ පව් ජලයෙන් සෝදා පිරිසිදු කළ හැකි ය යනු නො ඇදහිය හැකි සේ ම සිනා උපදවන කරුණක් වනු ඇත. මිනිසා විසින් අජටාකාශය පවා ජය ගෙන ඇති මේ නව යුගයෙහිත් මෙවැනි මත අදහන මිනිසුන් මිහිපිට ඇතැයි කීම පුදුමයට කරුණක් නො වන්නේ ද? නැත. පුදුමයට කිසිම හේතුවක් එහි නැත. සතළිස් කෙළකටත් වැඩි ඉන්දීය ජනතාවෙන් වැඩිම පිරිස මේ විශ්වාසයෙන් තරයේ වෙළී සිටිති. මෙහි ඇත්ත නැත්ත ගංගා නදිය අසබඩට යන කාහට වුව ද පසක් වනු ඇත.

දිනපතා මෙන් ම, අවුරුදු පතා විශේෂ අවස්ථාවන්හිත් ගංගා නදියේ ගිලී පව් සෝදා හැර මඟ ඵල ලදවුන් මෙන් සැනසුම් සුසුම් හෙළන හින්දුන් දහස්, ලක්ෂ නොව කෝටි ගණනින් ගිණිය යුතු ය. උසස්, පහත්, දුප්පත්, පෝසත්, උගත්, නූගත්, තරුණ, මහලූ, ගැහැනු, පිරිමි, ගිහි, පැවිදි ඈ සෑම තරාතිරමේ අය ම මේ අතර වෙති. දුර අතීතයේ සිට පැවත එන මේ විශ්වාසය අදත් තහවුරු වෙමින් පවතී.

කවදා කොතැන දී වුව ද, ගංගා නදියේ ජලය හින්දුන්ගේ පව් සෝදා පිරිසිදු කිරීමට සමත් ය. එහෙත් ඊට ම නිසි විශේෂ කාල හා ස්ථාන ද ඇත. එබඳු දිනයක එබඳු තැනක දී නෑමෙන් එම පව් සේදීම සර්ව සම්පූර්ණ වෙයි. හින්දුන්ගේ පත පොත හා ගතානුගතික විශ්වාසයන් අනුව ‘මාඝ’ (නවම්) මාසය හා ‘ප‍්‍රයාග’ තීර්ථය පව් සෝදා පිරිසිදු වීම සඳහා අග‍්‍රගණ්‍ය ය.

ගංගා – යමුනා

කපිල ඉසිවරයාගේ ශාපයක් නිසා පාතාල ලෝකයේ දී අළු ගොඩක් බවට පත් සගර පුතුන් සුරපුර යවන පිණිස භගිරථ රජු විසින් කළ උග‍්‍ර තපසෙහි අනුහසින් ප‍්‍රසාදයට පත් ඊශ්වරයාගේ දළ මඩුල්ලෙහි සිට ගංගා නදිය ගලා ආ බව හින්දු දේවකතාවන්හි සඳහන් වෙයි. එ් කෙසේ වුව ද හිමවත සිට ගලාවුත් බෙංගාල බොක්කෙන් මුහුදට වැටෙන ගංගා නදිය භාරත ශිෂ්ටාචාරය නමැති මුතුහරේ හුය වැන්න. ඉන්දීයයන්ගේ ජීවිතය, ඉතිහාසය, ආගම, කලාව, සාහිත්‍යය, ඈ සෑම අංශයක් කෙරෙහි ම ගංගා නදිය මහත් සේ බල පා ඇත. මෙය පසුබිම් කර ගෙන ගෙතී ඇති හින්දු කතාන්තර රැුස විවිධ ය, විචිත‍්‍ර ය, චමත්කාර ය. එහෙයින් ගංගා නදිය සියලූ භාරතීය නදීන් අබිබවා සිටී. හින්දූහු ඇය දේවත්වයේ ලා වඳිති. පුදති. මව ලෙස සලකා හරසර දක්වති.

මේ හැරුන විට උසස් තැන ලැබෙන්නේ අපේ හෙළ කවියන් ‘කළිඳු’ ගඟ යයි නිතර උවම් පිණිස ඇද ගන්නා යමුනා හෙවත් ‘ජුම්නා’ නදියට ය. හින්දු දේව කථාවන්හි එන පරිදි ඇය යමගේ නැගණියෝ ය. භාරත මාතාවගේ ගෙලෙහි සිට ළය මැදින් කඩා හැලෙන දිමුතු මුතු හරක් සේ හිමව්කුළින් බැස සමුදුරු දේවයා වැළඳ ගනු රිසිනි, රට මැදින් පෙරදිග දෙසට දිව යන ගංගා ලලනාවන්ට අතරමග දී යෙහෙළියක් එක්වෙයි. හින්දු දේව කථාවන්හි ගංගාවනට පමණක් දෙවන තැන ලබන යමුනාවෝ ඕ ය.

සංගමය

ගංගා – යමුනා නමැති නදී සුන්දරියන්ගේ චමත්කාරජනක සංගමය සිදුවන නයනාභිරමණීය ස්ථානය ‘ප‍්‍රයාග’ නමින් හැඳින්වේ. මෙය පිහිටියේ නව භාරතයේ අගනුවර වූ දිල්ලියේ සිට සැතපුම් 391ක් නැගෙනහිරින් හා කල්කටාවේ සිට සැ. 525ක් බටහිරින් ඇති ‘අලහබාද්’ නගරය අබියස ය. බරණැස පිහිටියේ මෙහි සිට සැ. 96ක් පෙරදිගිනි. නූතන උත්තර ප‍්‍රදේශයට අයත් මෙය පුරාණ වත්ස රට සීමාවෙහි පිහිටා ඇත්තේ ය. පැරැුණි වත්ස රටේ අගනුවර වූ කොසඹෑව (කෝසම්බි)ට මෙහි සිට සැතපුම් 34කි. එය පිහිටියේ ද යමුනා තීරයෙහි ය. උතුරු-දකුණු දෙපසින් අවුත් එක් වන මේ දෙගං අතර පිහිටි බිම්කඩ ය අලහබාත් නගරය – හෙවත් ප‍්‍රයාගය.

පෙර ප‍්‍රතිෂ්ඨාන් හා ප‍්‍රයාග නමින් හැඳින්වුණ මේ පුරවරය ඉන්දියාවේ මුස්ලිම් ආධිපත්‍යයෙන් පසු ‘අලහබාද්’ නමින් වහර වන්නට විය. දිව්‍යමය බලමහිමයක් ඇතැයි හින්¥න් විසින් අවිවාදයෙන් පිළිගත් ගංගා-යමුනා නදීන් දෙදෙනා එක් වන මේ ස්ථානය ප‍්‍රයාග, සංගම් හා ත‍්‍රිවේණී යන නම්වලින් හැඳින්වේ. මේ මහා නදීන්ගේ සංගමය නිසා ම මේ තැන මෙන් ම එ් නමත් හින්දු ලෝකයා අතර අමරණීයත්වයට පත්ව ඇත. මෙහි දී නදීන් තුනක සංගමය සිදුවන බවත් ඉන් තුන්වැන්න ලෙස සැලකෙන ‘සරස්වතී’ නදිය අදෘශ්‍යමානව ගලා බස්නා බවත් හින්දු විශ්වාසයයි. මෙතැනට ‘ත‍්‍රිවේණී’ යන නම ලැබී ඇත්තේ එ් හේතුවෙනි.

සොඳුරු සිරි

මඳින් මඳ කළු වලාවන්ගෙන් ගැවසී ගත් අඹරට නැඟුන පුන්සඳ, වලා ගැබෙහි සැඟවී ගිය විට මේකුළු අතරින් කිරි දහරක් මෙන් වැගිරෙන සුෙදා් සුදු සඳ කිරණ සිහියට නංවමින්, කළිඳු (යමුනා) නදියේ නිල්මිණි පැහැති දිය හා ගංගා නදියේ කිරි දහරක් සේ බොර පැහැති දිය දහර හෙමි හෙමින් මුසුව එක් නදියක්ව ඉදිරියට ගලා යන සුන්දර ලීලාව කවරකුගේ නම් නෙත් සිත් නො නළවා ද? සෞන්දර්ය ආස්වාදයෙන් කිති නො කැවෙන්නේ කවර කවියකුගේ හද ද? කාලිදාසාදී මහ කවීන් ද ප‍්‍රයාගයේ මිහිරියාවෙන් උදම් ව රස කවි මී වගුල අයුරු රඝුවංසාදියෙන් පෙනේ.

මේ අබියස මහා යෝධයෙකු මෙන් මහත් තේජස් වී ලීලාවෙන් අඩි 60ක් පමණ උස්ව නැගී සිටින, අක්බාර්ගේ ශෛලමය බලකොටුව, ගංගා යමුනාවන්ගේ සුන්දරත්වයට භීෂණත්වයක් එක් කරයි. උතුරෙන් ආ ආර්යයන් හා දකුණේ සිටි ද්‍රවිඩයන් මුසුව එක්සත් ඉන්දිය ජාතියක් බිහි වූ අයුරු විදහා පාන්නාක් මෙන් උතුරු පසින් එන රන්වන් ගංගාව හා දකුණු පසින් එන නිල්වන් යමුනාව එක්ව මුසුව එක් නදියක් බවට පත් ව සන්සුන් ලෙසින් පෙරදිග දෙසට ඇදීයන්නේ එ් අබියස වම්පසින් පිහිටි අතීතයේ සිට ම උග‍්‍ර තපස් කරන යෝගීන්ට නිවාසයක් වූ ‘ජුෂී’ නම් අසපුවේ නිසසල බවට කරදර නො වන්නට මෙනි. නදී යෙහෙළියන් දෙදෙනා දිය වැල් නමැති කෝමල’ත් පටලවමින් සිප ගනිද්දී සැලෙන ඔවුන්ගේ උතුරු සළු සෙයින් නැගෙන රළ වැටි පිසගෙන හමන සිහිල් මඳ සුළඟ පින් තොටින් පව් සෝදා සිත සැහැල්ලූ කර ගත් බැතිමතුන්ගේ ගත ද සතපාලයි. පසක් ලෙස ම සුරපුර දුටු සේ සොම්නසින් හා බැතිබරින් නැමි නැමී තියු ගී ගය ගයා, රන් රිදී ආදිය මෙන් ම සුවඳ මල් පහන් කුස තණ ඈ පුද උවසර ගඟ දියට විසි කරමින් උපන් දා සිට කරපු පව් මෙන් ම සිතේ ඇති දුක ද ගඟ දියෙහි ම පා කර හැරීමේ දෘඪ විශ්වාසයෙන් දියේ ගිලෙන සැදැහැවත්තු නිසා කෙනෙකුගේ ළයෙහි අනුකම්පාවත්, සිනාවත් එක වරට උපදිති. පව සෝදා හැර පිරිසිදු වූවත් ඊ ළඟට පා නගන්නේ ගං තැන්නේ වළක් කැණ එහි උඩුකුරුව හොවින සේ ඉදිකොට ඇති හින්දුන්ගේ බලයේ දේවතාවා ලෙස සැලකෙන හනුමාගේ පිළිරුව සහිත දෙවොල හා මැරී ඇතත් අක්ෂයවට මන්දිරය නමින් හැඳින්වෙන උමං දෙවොල වෙත ය. මල්දම් රසකැවිලි මුදල් ආදියෙන් හනුමා පුදන ඔවුහු ආශීර්වාදයේ ලකුණක් ලෙස ‘හනුමාගේ රුවෙහි තවරා ඇති සින්දුරම් ටිකක් නළල ගාගෙන අමා ලදවුන් සේ තොස් වෙති.

අනික් හරිය

ප‍්‍රයාග භූමිය ඉහත සඳහන් වුණ නෙත්කළු දැකුම්වලින් මෙන් ම තවත් විවිධ දර්ශනයන්ට ආකරයක් වැන්න. උත්සව සමයක නම් සැතපුම් ගණනක් විශාල ගං තැන්න දහස් ගණන් තණ පැළලි යොදා සෑදූ බැතිමතුන් ලැගුම් ගන්නා පැල්පත් හා වෙළඳහල්, ගිලන් හල්, පන්සල්, දම්හල්, පොලිසී ආදියෙන් නව නගරයක සිරි ගනී. දිය නෑම සඳහා විශේෂ අනුසස් ඇති ලෙස සැලැකෙන දිනයන්හි මුලූ පෙදෙස එක හිස් ගොඩක් බවට පත්වෙයි. එක් පසකින් ලක්ෂ ගණන් ජනයා නාමින් පව් සෝදති. තවත් පසකින් ‘‘රාම් නාම් සත්‍ය හෛ කියමින් රෙදිවල ඔතා උණ ලී දෙකක් මත තබාගෙන එන මළමිනී කූරු ගගා දමමින් එ් අළු ගඟට දමති. එ් අතර උපතින් ම පූජ්‍යයන් යයි හංවඩු ගැසුන, දෙවියන්ගේ නාමයෙන් බඩ වියත රැුක ගන්නා බමුණෝ නා ගොඩ එන්නවුන්ගේ නලළෙහි සඳුන් කල්කයෙන් හෝ වෙන සායමකින් තිලකය තබමින් දේවස්ත්‍රෝත කියා ආ වඩා කීයක් හෝ පඬුරක් ලබා ගනිති. සමහර අය විශේෂ වේද මන්ත‍්‍ර ස්තෝත‍්‍ර ආදියෙන් බමුණන් ලවා ශාන්ති කරවා ගනිති. එ් අතර නන් දෙසින් අවුත් කඳවුරු බැඳ ගත් මහ අනුසස් හා තපෝ ගුණයන්ගෙන් යුක්ත යයි කියන ‘සාධුවරු’ සව්වන් පිරිවරාගෙන මා ඇඟී අසුන් අරා වැඩ හිඳ දෙවියන්ගේ බල මහිමය විදහා පාමින් බණ දෙසති. ‘රාම් නාම්’ මන්ත‍්‍රය ජප කරති. මේ සාධුන් අතර එක ම නූල් පොටක් පවා කයේ නැති නිවටුන් මෙන් ම අඩනිරුවත් අමුඩකාරයන් හා නොයෙක් මාදිලියේ තවුස් ඇදුම් දරන පුදුම අය ද වෙසෙති. මෙහි දී නෙත ගැටෙන දෙයින් ඉතා ම සිත් කකියවන්නේ යාචකයන්ගේ දර්ශන ය. ප‍්‍රයාග භූමිය දෙසට නැමී ගත් සෑම මගක් දෙපස ම එක ම පෙළට ඉදිරිපිටින් රෙදි කඩමලූ එලාගෙන බිම වාඩිවී සිටින නොයෙක් රෝගයන්ගෙන් පෙළෙන හා අරුම පුදුම අංග විකල භාවයන්ගෙන් යුත් යාචක ස්ත‍්‍රී පුරුෂ ළමා ළපැටියන්ගේ පේළිය යාර සිය ගණන් දිග ය. එකිනෙකට ගැටෙන සේ ඔවුන් බිම එළා ගෙන ඇති කඩමලූ රැුස එක ම දිග පාවාඩයක් මෙන් දිස් වේ දෙවියන්ගේ නාමයෙන් ඔවුන් කියන යාදිනි හදවත් උණු කරවන සුලූ ය.

පව් සේදීම සඳහා මෙහි එන සියලූ දෙනාම ඉවුරේ සිට ගඟට බැස නො නාති. බොහෝ අය ඔරුවල නැගී දෙ නදියේ දියවැල් එක් වන තැනට ගොස් නාති. ශුද්ධ ජලය නෑමට එන අය ත‍්‍රිවේණිය මැදට ගෙන යාම පාරම්පරික දිවි පෙවෙත කර ගත් තොටියෝ මෙහි දහස් ගණනක් පමණ වෙති. ඔවුන් ගං ඉවුරට පා තබනවුන් වට කර ගන්නේ මී මැස්සන් රැුළක් සේ ය. ඔවුන්ගෙන් බේරීම ද ඉතා අසීරු කරුණකි. බුරුලක් දුටු තැන කීයක් හෝ වැඩියෙන් කඩා ගැනීම ඔවුනට ජන්මයෙන් ම හිමිව ඇති ගතියක් වැන්න. තුන් අතකට විහිදී ඇති මේ නදී සංගමය මැද එහා මෙහා යන සිය ගණන් ඔරු ද මනනුවන් පිනවන දැකුමකි. ගංගා නදිය හා යමුනා නදිය හරහා වැටී ඇති සොල්දර පාලම් දෙක හා උත්සව සමයන්හි පාරු වැනි විශාල යකඩ පීප්ප මත තැනෙන සැතපුමකටත් වඩා දිග බොරු පාලම්වලින් වැල නො කැඞී එහා මෙහා යන මිනිස් රැුස ද විචිත‍්‍ර දර්ශනයක් මවා පායි.

කඩල, රටකජු, පලතුරු, බුලත් විට, බැලූන්, වළලූ, පොත් පත්, කවි කොළ වෙළෙන්දන්, නයි නටවන්නන්, විජ්ජාකාරයන් ආදින්ගෙන් මෙන් ම විවිධ ප‍්‍රදේශයන්හි විවිධ ගෝත‍්‍රයන්ට අයත් විවිධ හැඩරුව හා විවිධ ඇඳුම් පැලඳුම්වලින් සැරසුන විවිධ බස් ෙදාඩන නන් නන් මිනිස් ජාතීන් ආදි විවිධ දර්ශනයන් නිසා ප‍්‍රයාගයට පැමිණියකුගේ හදවතෙහි ඇඳී යන්නේ සංකීර්ණ චිත‍්‍රයකි.

යටගියාව

හින්දු දේව කතාවන්හි ගංගා යමුනා දෙ නදියට හිමි වී ඇති පූජ්‍ය භාවයත්, එහෙයින් එ් නදීන්ගේ සංගමය සිදුවන ස්ථානය (ප‍්‍රයාගය) හා එ් ස්ථානය සමීපයේ පිහිටි ප‍්‍රයාග (අලහබාද්) නගරයත් ඉතා දිගු කලක සිට ම හින්දු ශුද්ධ භූමියක් – පුණ්‍යතීර්ථයක් වශයෙන් උසස් තැනක් ඉසුලූ බව සිතිය හැකි ය.

එයට මේ තත්ත්වය හිමිවූයේ කෙබඳු අවදියක සිට ද යනු නිශ්චිත වශයෙන් තීරණය කිරීම අපහසු ය. ‘සප්ත සින්ධු’ නමැති පංජාබයේ විසූ මුල් ආර්යයන්ගේ ඍග් වේදයෙහි ප‍්‍රයාගය ගැන සඳහන් නො වීමෙන් පෙනී යන්නේ, ආර්යයන් උතුරු ඉන්දියාවේ අනෙක් දිශාවන්හි පැතිර යාමෙන් පසුව මෙය ශුද්ධ භූමියක් බවට පත් වූ බව ය. ඉන්පසු කාලවල ලියවුණු බ‍්‍රාහ්මණ පුරාණ හා රාමායණ, මහා භාරත ආදි කාව්‍ය ග‍්‍රන්ථයන්හිත් ත‍්‍රිපිටකයෙහිත් ඇතැම් සෙල්ලිපි හා පාහියන්, හියුංසාන් ආදීන්ගේ ගමන් විස්තරවලත් මේ ගැන සඳහන් වී ඇත. කාලිදාස ආදී කවිහු ද මෙය ඉහළින් ම වණති. මුලින් ම මේ ගැන සඳහන් කරන්නේ වාල්මිකීගේ රාමායණ යයි කිය යුතු ය. පියාණන්ගේ නියමය පරිදි වින්ධ්‍ය පර්වතය බලා යන රාම ඇතුළු පිරිස මෙහි දී ‘භාරද්වාජ’ නමැති මහ ඉසිවරයා බැහැ දුටු බව එයින් කියැවේ. අගමැති නේරුතුමාගේ ‘ආනන්ද භවන’ ඉදිරිපිට පිහිට ‘භාරද්වාජ ආශ‍්‍රම’ නම් පැරණි හින්දු දෙවොල එ් ඉසිවරයා විසූ තැන ලෙස සලකා හින්දුහු අදත් පුදපූජා පවත්වති. මෙය ද අලහබාද්හි පිහිටි වැදගත් ඓතිහාසික ස්ථානයකි. ප‍්‍රයාගයේ පව් සේදීමට එන කිසිවෙක් භාරද්වාජ ආශ‍්‍රමය වැඳීමට ද අමතක නො කරති.

ප‍්‍රයාගයේ නැගෙනහිර ඉවුරෙහි පිහිටි ‘ක්ධූංෂී’ නමැති පැරැුණි අසපු බිමෙහි තිබී සොයා ගෙන ඇති මුද්‍රා, මැටි බඳුන්, පිළිම ආදි පුරාවස්තූන් අතර කිතු වසින් පෙර තෙවන සියවසට අයත් දෑ ද තිබීමෙන් එ සමයෙහි ද මෙය ජනාවාසව පැවති බව පෙනී යේ. අන් සියල්ලට ම වඩා ඓතිහාසික වැදගත්කමක් හිමි වන්නේ මෙහි බටහිර ඉවුරේ පිහිටි අක්බාර් බලකොටුව තුළ ඇති ‘අලහබාද් ප‍්‍රශස්ති’ නම් අශෝක කුලූනට ය.

අශෝක – සමුද්‍රගුප්ත යන අධිරාජයන් දෙදෙනාගේ ම සෙල් ලිපි දෙකක් ඇති මෙම කුලූනේ මුල් බිම ප‍්‍රයාග (අලහබාද්) යයි ඉතිහාසඥයෝ නො පිළිගනිති. අශෝක නිරිඳුන් විසින් කොසඹෑ (කොසම්බි) නගරයෙහි පිහිටුවන ලැබූ මෙය පසු කලක අක්බාර් විසින් යමුනා නදිය දිගේ ගෙනවුත් සිය බලකොටුව තුළ පිහිට වූ බව විශ්වාස කරනු ලැබේ. හරිසේන නමැති කවියකු විසින් රචිතව මෙහි කොටා ඇති සමුද්‍ර ගුප්තගේ ශිලා ලිපියෙහි ලංකාව (සිංහල ද්වීපය) ගැන ද සඳහන් වෙයි. එය අටුවා කරන ඉන්දීයයෝ එකල සිංහල රජු ද සමුදු ගුප්තට අවනතව කප්පන් ගෙවූ බව කියති.

මෙම කුලූන පිහිටා ඇති අක්බාර්ගේ බලකොටුව අදත් ඉන්දීය යුද සෙබළුන්ට වාසස්ථානයක්ව පවතී. මෙම බලකොටුවෙන් හා නගරයේ වෙන තැනක ඇති මුස්ලිම් රජ පවුලකට අයත් ශෛලමය මහා සොහොන් ගෙවල්වලිනුත්, පැරැණි නගරය වටා බැඳ තිබුණ ප‍්‍රාකාරයෙන් ඉතුරුව ඇති කොටස්වලින් හා පැරණි මුස්ලිම් ගොඩනැගිලිවලින් හා අලහබාද් යන නමින් ද මෙහි පැවැති මුසලමාන ආධිපත්‍යය පැහැදිලි වේ.

පැරැණි පුරාණයන්හි එන කථා අනුව ප‍්‍රයාගය හෙවත් ප‍්‍රතිෂ්ඨානය චන්දු වංශික රජුන්ගේ මුල් වාසස්ථානය වේ. පුවරුව රජු හා ඌර්වසී නමැති අප්සරාව අතර පේ‍්‍රම බන්ධනය ඇති වූයේ මෙහි දී ය. මෙහි සිට වාරාණසී කණ්‍යා කුබ්ජ හා පංජාබ් ආදි දිශාවන් දක්වා පෞරව (චන්ද්‍ර) වංශිකයන්ගේ පරපුර පැතිරී ගිය බව එකී ග‍්‍රන්ථයන් අනුව කිය හැකි ය.‍

යාග බිම

මේ නගරයට ආගමික වශයෙන් මෙතරම් වැදගත් තැනක් හිමි වී ඇත්තේ මෙහි පවත්වා ඇති වෛදික යාගයන් නිසා ය. බ‍්‍රහ්මයා තෙමේ ම මෙහි බොහෝ වාර ගණනක් යාග පවත්වා ඇතැයි ද එහෙයින් මෙය ප‍්‍රයාගය හෙවත් ‘යාග බිම’ යන නම් ලැබී යයි ද මහා භාරත ‘වන පර්වයේ’ සඳහන් වෙයි.

අග්නි පුරාණය කියන අන්දමට මේ ස්ථානයෙහි වේද හා යාග ජීවමානාකාරයෙන් මූර්තිමත් ව පවතී.

‘‘තත‍්‍ර වෙදාශ්ච යඥශ්ච, මූර්තිමත්තඃ ප‍්‍රයාගකේ” එහෙයින් ප‍්‍රයාගය පිළිබඳ තියු ගී ගයන හෝ එහි ශුද්ධ වූ නාමයන් හඬ නගා කියන හෝ එතැනින් මැටි පිඩක් ගෙන යන මිනිසා එ්කාන්තයෙන් සියලූ පව්වලින් නිදහස ලබයි.

අති පූරාණ සමයේ සිට ම හින්දූන්ගේ ශුද්ධ නුවරක් වශයෙන් ප‍්‍රයාගය ඉහළ ම තැනක් හිමි කරගෙන ඇත්තේ ය. ‘‘තුන් ලොව ම ඇති ශුද්ධ තම හා ශ්‍රේෂ්ඨතම පුණ්‍ය තීර්ථය ප‍්‍රයාගය” යයි මහා භාරතය සඳහන් කරන අතර වෙනත් පැරැුණි ගත් අනුව ද හින්දු තීර්ථස්ථානයන්ගේ අග‍්‍රතම හා අසමාන තැන ලැබෙන්නේ ප‍්‍රයාගයට ය. මෙය බ‍්‍රහ්මයා ඇතුළු දෙවියන් විසින් ආරක්ෂා කරන දිව්‍යමය භූමියක් යයි කුර්ම පුරාණය දක්වයි.

‘‘තන්න බ‍්‍රහ්මාදයො දෙවාඃ, රක්ෂාන් කූර්වන්ති සංගතඃ”

දන්දීම පිළිබඳ ව ද ප‍්‍රයාගය නම් දරයි. මෙහි දී දන් දෙන තැනැත්තා මරණින් මතු එ්කාන්තයෙන් ම සුරපුර යන බව හා සක්විති රජ වන බව අග්නි පුරාණය අවධානයෙන් පවසයි.

‘‘අන්න දානාද්දිවං යාන්ති රාජෙන්ද්‍රෝ ජායතේඩත‍්‍ර ච” මේ නිසා පෙර රජවරු මෙහි දී වෛදික යාග පැවැත්වීමට හා දන් දීමට පෙළඹුන බව පෙනේ. හර්ෂරජ පස් වසරක් පාසා මෙහි දී මහ දන් දුන් බව හියුං සාන් විස්තර කරන අතර ජය පීඩ නම් කාශ්මීර රජ මෙකී දන් දීමට ආ සැටි කල්හාත විසින් සිය රාජතරංගණියෙහි දක්වයි. ප‍්‍රයාගයේ ශුද්ධ වූ සංගමයේ දී යමෙක් ආහාර හෝ රන් රිදී ආදි කවර දෙයක් හෝ පිරිනමා ද මෙලොව පරලොව දෙකෙහි ම ඉන් මහත් විපාක අත් වන බව කුර්ම පුරාණය සඳහන් කරයි. එහෙයින් පෙර මෙන් ම අදත් මෙය හින්දුන්ගේ යාග බිම වී ඇත. ඔවුන් මෙහි දී පවත්වන ඉහළ ම උළෙල ‘කුම්භ මේලාව’ය.

පුදුම විශ්වාසය

ගංගා නදියේ ජලය පිළිබඳ හින්දූන් තුළ මුල් බැසගෙන ඇත්තේ අරුම පුදුම විශ්වාසයකි. මිනිසකු විසින් කරන ලද සියලූ පව් සෝදා හැර පවිත‍්‍ර කිරීමේ ශක්තියක් මේ ජලයෙහි ඇතැයි ඔවුහු එක හෙළා විශ්වාස කරති. පෙර විසූ බමුණන් විසින් ඇති කළ මේ අන්ධ විශ්වාසය මිනිසුන්ට පව් කිරීමට අනුබල දීමකි. මේ මතයට ගැති වූ මෝඩයෝ

‘‘හෝද හෝද මඩේ දමන්නාක් මෙන්” නැවත නැවත වැරදි කරමින් නාති. කවර අන්දමේ අපරාධයක් කිරීමට වුව ද මේ නිසා බිය විය යුතු නො වේ. ගංගාවෙන් නාගත් විට එ් සියලූ පව් සේදී යන හෙයිනි.

සංයුක්ත නිකායේ සූත‍්‍රයක එන පරිදි වරක් මෙසේ පව් සෝදන බමුණකු දුටු බුදුරජාණන් වහන්සේ ඔහු කුමක් කරන්නේදැයි ඇසූ සේක. ‘‘දවල් කළ පව් සවස නෑමෙනුත්, රෑ කළ පව් උදේ නෑමෙනුත් සෝදා හරින බව” බමුණා කී ය. බුදුපියාණෝ ඔහුගේ ක‍්‍රියාවේ නිසරුකම පෙන්වා නෑමෙන් කෙලෙසුන් පිරිසිදු කළ නො හැකි බව පැහැදිලි කර දුන්හ. මජ්ක්‍ධිම නිකායේ ‘වත්ථූපම සුත්ත’ ආදි තවත් තැන්වල ද මෙහි නිසරු බව දැක්වේ. කොතරම් කලක සිට මේ අඳමතය හින්දුන් තුළ මුල් බැසගෙන තිබෙන්නට ඇද්ද යනු මෙයින් පෙනේ.

ප‍්‍රයාගයේ ජලයෙන් ආත්මය පවිත‍්‍ර කර ගත් තැනැත්තා, පරමාත්මය පිළිබඳ තත්ථාවබෝධයක් නැතත් කායික පැවැත්මට නො යේ යයි මහ කවි කාලීදාස සිය රඝුවංසයෙහි දක්වයි. සංගමයේ නෑ තැනැත්තා දෙවියන් අතරට යන බවත් නැවත මිනිසුන් අතර නූපදින බවත් කූර්ම පුරාණය කියයි. විෂ්ණු ධර්මෝත්තර පුරාණයෙහි එන පරිදි ‘‘ගංගා යමුනා නදීන් එක් වත තැන දී, නෑ තැනැත්තා, විශේෂයෙන් ම ‘මාඝ’ මාසයෙහි එහි නෑ තැනැත්තා සියලූ පව්වලින් නිදහස්ව දෙවියන්ගේ දිශාවට යයි”

නො මැරෙන ගස

යමෙකුට සුගතිය හෝ දුගතිය අත්වන්නේ ජීවත්ව සිටිය දී ඔහු කළ හොඳ – නරක අනුව ය. යන තැන, දවස ආදිය එයට උපකාර නො වේ. එහෙත් හින්දු මතය එය නො වේ. යමෙක් ප‍්‍රයාගයේ දී මළොත් එයින් ඔහුට මෝක්ෂය ලැබෙන බව ඔවුහු අදහති. මේ මතය කොතරම් දිගු සමයක සිට හින්දුන්ගේ හදවත් තුළ අරටු බැස ඇද්ද? මේ සම්බන්ධව ඔවුන්ගේ පැරණි පත පොතෙහි එන කරුණුත්, මේ මතය පසුබිම් කොටගත් කතන්දර හා ප‍්‍රයාගයේ දී අවසන් හුස්ම හෙළීම සඳහා ඉන්දියාවේ අට දිගින් ම අවුත් එහි පදිංචිව සිටින මිනිසුන් විශාල සංඛ්‍යාවෙන් ද පැහැදිලි වේ.

‘‘යමෙක් ප‍්‍රයාගයේ (අලහබාද්හි) වාසය කෙරේ නම් රාහුගෙන් මිදෙන සඳ මෙන් හේ පව්වලින් මිදේ” යයි පද්ම පුරාණය කියයි. කූර්ම පුරාණය දක්වන අන්දමට මෙහි සිය නිවස තනා ගෙන ඉන්නා තැනැත්තේ පරලොව ගිය මුතුන් මිත්තන්ගේ හා තමන්ගේ ද සියලූ පව් වනසා ඔවුන්ට මෙන් තමන්ටත් සෙත සලසයි. ප‍්‍රයාගයේ දී මිය යන්නා තමන්ගේ සියලූ මනෝරථයන් මුදුන් පත්කර ගන්නා බව එය වැඩි දුරටත් පවසයි.

මේ පුදුම ඇදහීම් කොතරම් ජනප‍්‍රිය වී ද යත් කෙළින් ම සුරපුර වදිනු රිසි අය දියේ ගිලීමෙන්, ගින්නට පැනීමෙන් හෝ පෙර මෙහි වී යයි කියන ‘අක්ෂයවට’ – නො නැසෙන ගස උඩ සිට බිමට පැනීමෙන් සිය දිවි නසා ගැනීම් ඉතා සුලභ දර්ශනයක්ව පැවති බව හියුං සාන්, අබුල් කධිර් ආදි දේශාටකයන්ගේ වාර්තාවලින් හා පුරාණ ග‍්‍රන්ථයන්ගෙන් ද පෙනේ. තමන් එහි එද්දී අක්ෂයවටය යට පණ නසා ගත් මිනිසුන්ගේ ඇට ගොඩගැසී තිබුණ බව හියුං සාන් කියයි.

කුමාර ගුප්ත, ධන්ග, ගංගෙය දේව, රාමපාල, චාලක්‍ය අහව මල්ල ආදි පැරැුණි භාරතීය රජුන් පවා සුරපුර යනු පිණිස මෙහි පැමිණ දිවි නසා ගත් බව ප‍්‍රකට ය. සුප‍්‍රකට හින්දුවාදියෙක් වූ ශංකරාචාර්යයන් පවා ගංගා නදියට පැන මළ බව කියති.

හින්දුන්ගේ පොත පතෙහි මෙසේ දිවි නසා ගැනීම උසස් ම පින්කමක් ලෙස වනා ඇත. අක්ෂයවටයෙන් බිමට පැන මළ තැනැත්තා විෂ්ණුගේ වාසස්ථානයට යන්නේ යයි අග්නි පුරාණය දක්වන අතර මෙසේ මැරෙන මිනිසා රුද්‍රගේ ඇසුරට පත් වේ යයි කූර්ම පුරාණය පවසයි.

‘‘වටමූලං සමාශ‍්‍රිත්‍ය යස්තු ප‍්‍රාණාත් පරිත්‍යජෙත්, සර්ව ලෝකානතික‍්‍රම්‍ය රුද්‍ර ලෝකං සගච්ඡති”

එම ගසෙන් පැන දිවි තොර කරගන්නා ඉහළ ම දිශාවට යන බවත් දිවි තොරකර ගැනීමේ හේතුවෙන් ඔහුට පවක් නොමැති බවත් බ‍්‍රහ්ම පුරාණයේ එයි.

නදීන් දෙදෙනා පිළිබඳ ශුද්ධ වූ සංගමයෙහි දිවි පුදන්නා තවුසන්, යෝගීන් හා යාග කරන අය පත්වන තත්ත්වයට පත් වේ යයි පද්ම පුරාණය පවසයි. කූර්ම පුරාණයේ එන පරිදි සංගමයේ ගිලී මැරෙන මිනිහා රාහුගෙන් මිදෙන සඳ මෙන් සියලූ පව්වලින් මිදේ.

‘‘ජලප‍්‍රවේශං යඃ කූර්යාත් සංගමේ ලෝක විශ‍්‍රැතේ

රාහු ග‍්‍රස්තෝ යථා සෝමෝ විමුක්තඃ සර්ව පාපකෛඃ”

මේ පුදුම සිරිත මධ්‍ය කාලීන යුගය දක්වාත් පැවැතුන බව ඓතිහාසික වාර්තාවලින් පෙනේ. අද මෙසේ පණ නසා ගන්නවුත් දුලබ වුවත් ප‍්‍රයාගයේ දී අවසන් හුස්ම හෙළනු වස් ජීවිතයේ අග කොටස එහි ගත කිරීමට එන පිරිස බොහෝ ය.

මිනිය දැවූ අළු ගංගාවට දැමීම අදත් හින්දුන් කඩ නො කරන සිරිතකි. ”දරුවකු සිය දෙමවුපියන්ගේ ණයින් නිදහස් වන්නේ ඔවුන් මළ පසු දවා අළු ටික ගංගාවට දැමූ පසු ය” යන්න ඔවුනතර ඇති සුප‍්‍රකට විශ්වාසයකි. එයින් මළ තැනැත්තා සුරපුර පිවිසෙතැයි කියති. එහෙයින් දෙගුරුන් දැවූ අළු ටික ගංගාවට දැමීම තමන්ගෙන් කෙසේ හෝ ඉටුවිය යුත්තක් ලෙස හින්දු දරුවෝ සලකති.

මහාමේඝ 2015  මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

1962 වර්ෂයේ පළ වූ රසවාහිනී සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

අලහබාද් විශ්වවිද්‍යාලයයේ

කඳානේගෙදර පුඤ්ඤනන්ද හිමියන් විසිනි

සිංහල රජවරුන්ගේ අභිෂේක චාරිත‍්‍ර
සිංහල රජවරුන්ගේ අභිෂේක මංගල චාරිත‍්‍ර වනාහි ඈත අතීත භාරත ඉතිහාසයේ සූර්ය වංශයට අයත් මහා සම්මත රජහුගේ කාලයේ පටන් නො නැසී පැවත එන එ්වා ය. මේ සිරිත් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල දක්නට ලැබෙතත් මෑතක් වන තුරු ඉන්දියාවේ මහා රාජවරුන්ගේ අභිෂේක මංගලයන්හි දී පුරාණ සිංහල රජවරුන්ගේ ඔටුනු පැළඳවීමේ සිරිත්වලට සමානව පැවතිණි. අභිෂේක ශබ්දය ජලය ඉසීම යන අර්ථය ගෙන දෙයි. පුරාණ මහීපාලයන්ගේ අභිෂේකෝත්සවයන්හි දී ගංගා නදී ජලය ප‍්‍රමුඛස්ථානයක් ගත් නිසා ඔටුනු පැලඳීමට අභිෂේක යන නම ව්‍යවහාර වන්නට පටන් ගත් සේ පෙනේ.

ධර්ම ග‍්‍රන්ථයක රජ කෙනෙකුගේ අභිෂේක උත්සවය විස්තර කර ඇත්තේ මෙසේයි.

‘‘අභිෂේකය ලබනු කැමැති රජතුමා පළමුව රන් හක්ගෙඩිය ආදි සක් තුනකුත්, ගංගා නදියේ ජලයත්, තරුණ ක්ෂත‍්‍රිය කාන්තාවකුත් සූදානම් කර ගත යුතුයි. රාජ කුමාරයා නිසි වයස් පත් තරුණයකු විය යුතුයි. එනම් සොළොසැවිරිදි විය යුතු ය. දිඹුල් ගසක අතුවලින් තනා මල්කමින් හා ලියකමින් විසිතුරු කළ මණ්ඩපයක් මැද දිඹුල් දඬුවෙන් ම තැනූ පුටුවක දෙකුලෙන් පිරිසිදු කුල ගොත් ඇති ක්ෂත‍්‍රිය වංශික කුමාරයා හිඳ ගනී. ඉක්බිති මනා සළු හැඳ වටිනා ආභරණින් සැරසුනු ක්ෂත‍්‍රිය රාජ කන්‍යාව ගංගා නදියේ ජලය පුරවා ඇති දක්ෂිණවෘත්ත ශංඛය දෑතින් ම ගෙන රජුගේ හිසට එ් ජලය වත් කරමින් මෙසේ කියයි.

‘දේවයන් වහන්ස, මේ අභිෂේක උත්සවයේ මාර්ගයෙන් ක්ෂත‍්‍රිය කුලයට අයත් සියලූ ජනයා ඔවුන්ගේ මහරජතුමා හැටියට ඔබ පත් කරති. එබැවින් දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බවය, මෘදු ගුණය, තාපය, ක්‍රෝධ නො කිරීම ය, අහිංසාවය, ක්ෂාන්තිය, අවිරෝධිතාව යන මේ දශරාජ ධර්මයන්ගෙන් නොපිරිහෙළා ඔබ වහන්සේ රට ආරක්ෂා කෙරෙත්වා! ක්ෂත‍්‍රිය වංශිකයන් කෙරෙහි ඔබ රක්ෂාවරණය දිය යුත්තේ යම්සේ පුතකු රැුක බලා ගන්නා පියකු ඇත්නම් එ් පියා දක්වන අනුකම්පාවට සමාන වූ අනුකම්පාවකිනි. ඔවුන් කෙරෙහි මෛත‍්‍රී සිතුවිලි ද ඔබට පවතීවා. එ් ක්ෂත‍්‍රිය ජනයා ද ඔබ ආරක්ෂා කෙරෙත්වා.”

මීළඟට තමාගේ තනතුරට ගැළපෙන ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු පුරෝහිත බ‍්‍රාහ්මණයා ගංගා නදී ජලය පිරවූ රිදී හක් ගෙඩියකින් එ් ජලය රජුගේ හිසට වත් කරමින් මෙසේ කියයි. ‘‘මේ අභිෂේක උත්සවයෙන් සියලූ ම බ‍්‍රාහ්මණ වංශිකයෝ ඔවුන්ගේ ආරක්ෂාව පිණිස ඔබ මහරජ හැටියට පත් කරති. ඔබ දශ රාජධර්මය නොපිරිහෙළා දැහැමින් සෙමෙන් රට රකිත්වා! බ‍්‍රාහ්මණ වංශිකයන් කෙරෙහි ඔබ රක්ෂාවරණය දිය යුත්තේ පුතු ආරක්ෂා කරන පියකුගේ අනුකම්පාව සහිතව ය. ඔවුන් කෙරෙහි මෛත‍්‍රී චිත්තයක් ඔබට පවතීවා. ඔව්හු ද ඔබ ආරක්ෂා කෙරෙත්වා”

හින්දු චාරිත‍්‍රානුකූලව නම් පුරෝහිත බ‍්‍රාහ්මණයකු මෙපරිද්දෙන් ම අවවාද කළ පසු සිටු කුලයේ කෙනෙක් රන් හක් ගෙඩියකින් ගංගානදී ජලය රජුගේ හිස මත වත්කර ගෘහපති ජනයා වෙනුවෙන් මෙසේ රජු පත් කරන බව කියා පෙරකී අවවාද වචන ම ප‍්‍රකාශ කොට අවසානයේ දී ශාපයක් ද කරති.

වේද නිගමනය

පුරාණ හින්දු චාරිත‍්‍රවලට ඉන්දියාවේ රජවරුන්ගේ අභිෂේක මංගල උත්සවවල දී මෙසේ ශාප කරන සිරිතක් පැවැති නමුත් බෞද්ධ රජවරුන්ගේ අභිෂේක මංගල චාරිත‍්‍රවල දී මෙසේ ශාප කිරීමෙක් නො පැවතිණි. මෙපමණක් නොව අභිෂේක මංගල්‍යය කෙළවර වුණු විට සෝමපාන වැනි මත් පැන් බීමක් පැවැති බව පෙනේ.

ඓතරේය බ‍්‍රාහ්මණ නම් වේද ග‍්‍රන්ථයේ රජවරුන්ගේ අභිෂේක මංගල චාරිත‍්‍ර විධි දක්වා ඇත්තේ මෙසේයි.

‘‘බ‍්‍රාහ්මණයා අඳුන් දිවි සමක් සිංහාසනය මත අතුරන්නේ එහි ලොම් උඩට සිටින පරිද්දෙනි. දිවියාගේ බෙල්ලේ ලොම් නැගෙනහිර දෙසට හැරෙන සේ සකස් කරති. මක් නිසා ද යත් දිවියා වනාන්තරයේ සතුන් අතර ක්ෂත‍්‍රියයා හැටියට සැලකෙන බැවිනි. රජු සිංහාසනයෙහි වාඩිගන්නට එන්නේ එ් සිංහාසනයට පිටිපසින් ය. නැගෙනහිර දෙසට මුහුණ ලාගෙන ය. මෙසේ අවුත් දෙදණ නවන්නේ දකුණු දණ හිස පොළොවට වදින පරිද්දෙනි. රජතුමා මෙසේ සිට දෑතින් ම සිංහාසනය අල්ලාගෙන සුදුසු මන්ත‍්‍රයක් ජප කරයි.”

මේ ඓතරේය බ‍්‍රාහ්මණයේ දක්වන චාරිත‍්‍ර විධිවල මෙන් ම ශුක්ල යජුර් වේදයේ දක්වා ඇති අභිෂේක මංගල චාරිත‍්‍රවල ද සෝමපානයත්, අඳුන් දිවි සමත් සඳහන් වේ. සතුන් මැරීමෙන් හා සුරාපානයෙන් ද වැළැකුණු බෞද්ධ රජවරු දිවියකුගේ සම ගැනීමේත්, මත්පැන් බීමේත් චාරිත‍්‍ර විධි අත් හළෝ ය. රජතුමාට මේ අවස්ථාවේ දී දෙන අවවාද ශුක්ල යජුර්වේදයේ දක්වා තිබෙන්නේ මෙසේයි.

”ඔබ රජ කෙනෙකු වන්නාහු නම් අද පටන් බලවතාත්, දුබලයාත් සාධාරණ යුක්තිගරුක ලෙස විනිශ්චය කරනු පොදු ජනයාට නිරන්තරයෙන් යහපත කරන්නටත්, සියලූ ම විපත්තිවලින් රට ආරක්ෂා කර ගැනීමටත් අධිෂ්ඨාන කර ගනු”

සිංහල සිරිත්

ලංකා ඉතිහාසයේ මීට සමාන චාරිත‍්‍ර විධි ඇතුව පළමුවෙන් ම අභිෂේක මංගල උත්සවයක් පැවැත් වූ රජකු වශයෙන් පළමු වරට සඳහන් වන්නේ දේවානම් පියතිස්ස රජතුමා ය. ක‍්‍රිස්තු වර්ෂයට පෙර 305 දී සිංහාසනාරූඪ මේ රජතුමාට දක්ෂිණාවෘත්ත ශංඛයකින් ජලය ඉසීමේ දී ගන්නා ලද්දේ ගංගා නදියේ ජලය නොව අනෝතත්ත විලේ ජලය යයි ඇතැම් තැන්හි සඳහන් වේ. මේ ජලය හක්ගෙඩියකින් රජුගේ හිස මත වක්කරන ලද්දේ ධර්මාශෝක රජතුමා විසින් මෙරටට එවූ රාජ කන්‍යාවක විසිනි. ලක්දිවට ඉන්දියාවෙන් බුද්ධාගම ලැබීමත් සමග ම අභිෂේක මංගල සිරිත් ද ලැබුණු බව මෙයින් පෙනේ. පොළොන්නරු, දඹදෙණි, කෝට්ටේ රාජධානි කාලවල සිටි රජවරුන්ගේ අභිෂේක මංගල චාරිත‍්‍ර අපේ ඉතිහාස පොත පතෙන් එතරම් සුලභ නො වේ. එබැවින් මේ ලිපියෙන් විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ උඩරට සිංහල රජවරුන්ගේ අභිෂේක මංගල සිරිත් ය. අභිෂේකය පැවැත්වීමට පළමුව ජ්‍යොතිෂ් ශාස්ත‍්‍රඥයන් නැකැත් බලා නියම කළ සුබ මොහොතට මහනුවර මහා විෂ්ණු දේවාලයට ගොස් රජතුමා රන් පඬුරු පටපිළි ආදියෙන් දෙවියන් පුදයි. රාජ නීති, ධර්ම නීති ආදියට ගරු කරමින් යුක්ති සහගත ලෙස රට රකින බවට විෂ්ණු දිව්‍ය රාජයා ඉදිරියේ පොරොන්දු වී නාථ දේවාලයට ගොස් එහි දී රජුගේ නම ලියා තිබෙන රන්පට ගෙන මහ අදිකාරම්තුමාට දී එහි තිබෙන නම හඬ නගා කියවා ගනී. මෙසේ දෙවියන් යැද රටේ සාමය රැක ගැනීමට දරන උත්සාහයෙනුත්, රන් කඩු පැලඳ අභිෂේක මංගල උත්සවය නිමවීමට මත්තෙන් දළදා මාලිගාවේ දී සංඝරාජ මාහිමියන් වහන්සේ ඉදිරියේ පන්සිල් ගන්නා පිළිවෙළිනුත් පෙනී යන්නේ ලෝක නීති ධර්ම නීතිවලට ගරු සැලකිලි සහිතව රට පාලනය කිරීමට රජකමට පත්වන අවස්ථාවේ දී ම අධිෂ්ඨාන කර ගන්නා බවයි.

මේ අභිෂේක මංගල සිරිත් බොහෝ සෙයින් සූර්ය වංශයේ පුරාණ රජවරුන් පැවැත්වූ සිරිත්වලට සමාන බවට ඉතිහාසයේ ඇතුළත් කරුණු සාක්ෂ්‍ය දරයි. සිංහල රජවරුන්ගේ අභිෂේක උත්සවය රජකමට පත් වී අවුරුද්දක තරම් කාලයක් ගත වූ පසුත් කරන්නට පුළුවන. රජුට නම් තැබීමත්, කඩු පැලඳවීමත් මේ උත්සවයේ ප‍්‍රධාන අවස්ථා හැටියට සලකනු ලැබේ. නැකැත් ශාස්ත‍්‍රය හොඳින් දත් නැකැත් රාළලා සුදුසු දවසක සුබ මොහොතක් නියම කරගෙන රජතුමාගේ නැකතට හා උපන් ලග්නයට හා දිශා ආදියට සෑහෙන පරිද්දෙන් ශ‍්‍රී නාමය රන් පත්වල ලියති. මේ රන්පත් සියල්ල ම රන් මණ්ඩයක බහා නාථ දේවාලයේ තැන්පත් කරනු ලැබේ.

ශුභ දවස හා මොහොත පැමිණි විට රජතුමා සුවඳ පැනින් නා රාජාභරණයෙන් සැරසී මහා විෂ්ණු දේවාලයේ දෙවියන් ඉදිරිපිටට පෙරහැරින් පැමිණ එහි දී දෙවියන්ට රන් පඬුරු හා පටපිළී පිළිගන්වයි. එ් පූජා පැවැත්වූ පසු කපුරාළ රජු ඉදිරියට විත්, දණ ගසා දෙවියන් වැඳ රජතුමාට දේවාශිර්වාද හා දේව වරම් ලබා දීමට අෂ්ටකයක් කියයි.

නළල් පට බැඳීම

මේ අෂ්ටකය කියවා අවසන් වූ පසු රජු තමාට අයත් සියලූ රාජ කෘත්‍යයන් හෙවත් වැඩ කටයුතු සාධාරණ ලෙස ඉටු කරන බව කියා දෙවියන් ඉදිරියේ සත්‍ය ක‍්‍රියා කොට විජය රජහුගේ පිය රජතුමාගේ කාලයේ පටන් පැවත එන දක්ෂිණාවෘත්ත ශංඛය ශ‍්‍රී හස්තයට ගෙන දෙවියන් දෙස බලා තුන් යළක් නමස්කාර කර රන් පඬුරු ඔප්පු කොට අර කලින් කී රන් මණ්ඩපයේ තිබෙන රන් පටවල් අතුරෙන් තමාට කැමති නාමයක් ඇතුළත් රන් පට ගෙන අදිකාරම්තුමාට දෙන්නේ ය. අදිකාරම්තුමා එය රැගෙන ‘‘අභිනව ලෝ පහළ වී වදාළ රජුගේ නම” යනුවෙන් ප‍්‍රකාශ කරමින් එකී නාමය ශබ්ද නගා කියයි. එවිට රජතුමාගේ වැඩිමහල් නෑයෙක් එ් රන්පට නළලේ බැඳ කඩු පලඳවයි. මීට පසු කපුරාළ රන්පරහ ද හෙප්පුව ද රජතුමාට ඔප්පු කරයි. ඉන්පසු නළල්පටේත්, රන් කඩුවේත් හඳුන් ගා ගන්නා වෙලාවට කාලතුවක්කු හා කොඩි තුවක්කු වෙඩි හඬ ශබ්ද කර, හක් පිඹිමෙන් හා පංචතූර්ය නාදයෙන් ද යුක්තව රජතුමා තම මඟුල් ඇතා පිට ද සෙසු ඇමතිවරු වෙන වෙන වාහනවලින් ද නුවර සතර වීදියේ සංචාරය කරති. මෙසේ නුවර වීදි සංචාරය අවසානයේ දී රජතුමා දළදා මාළිගාවට පැමිණි විට දියවඩන නිලමේ පිච්ච මල් රන් මණ්ඩය රජු අත තබයි. රජතුමා සංඝරාජ මාහිමියණන් වහන්සේ වෙතින් පන්සිල් ගෙන මල් පූජාවෙහි යෙදෙයි. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ දී එනම් මීට අවුරුදු 213කට පෙර එ් රජතුමා පන්සිල්හි පිහිටුවීම රාජගුරු ස්ථවිරයන් වහන්සේනමකගෙන් සිදුවිය. රජතුමා මහා වාසලට ආ විට ඇමති මණ්ඩලය හා වෙන උසස් නිලකාර රදළවරු ද එහි පැමිණ රජු බැහැ දැකීමත් සමග මේ අභිෂේක මංගල උත්සවය කෙළවර වේ.

කෝට්ටේ රාජධානි කාලයෙන් පසු ලංකාවේ සම්බුද්ධ ශාසනයත් භාෂා ශාස්ත‍්‍රත් දියුණු කිරීමට උපස්තම්භක වූ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුට රන් නළල්පට බැන්දේ මොණරවිල කුඩා සළුවඩන නිලමේ ය. රන්කඩ පැලඳවූයේ පිළිමතලව්වේ සළු වඩන නිලමේ ය.

මහාමේඝ 2015 දුරුතු කලාපය

WWW.MAHAMEGHA.LK

‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත් සමාගම විසින් 1961දී පල කරන ලද. ‘රසවාහිනී’සඟරාවෙන් උපුටා ගන්නා ලදී.

කර්තෘ

සී. එ්. විජේසේකර

ඇසළ සිද්ධි
බෟද්ධයන්ගේ ආගමික උත්සවයන් අතුරෙහි ලා ‘‘ඇසළ උත්සවය” ට සැලකිය යුතු තැනක් හිමිවෙයි. බුදුන් වහන්සේගේ ලොව පහළවීමට බොහෝ කලකට පෙර සිට ම, ඇසළ උත්සවය දඹදිව පැවති බවට සාධක බොහෝ යි. විශේෂයෙන් ම ජාතක පොතේ නොයෙක් තැන්හි ඇසළ උත්සවය ගැන නොයෙක් විස්තර තොරතුරු සඳහන් වේ.

පළමුවෙන් ම දඹදිව ආරම්භ වූ මේ ඇසළ උළෙල හින්දු ලබ්ධිකයන් විසින් දෙවියන් පෙරටු කොටගෙන හෝ නැකැත් මුල් කොටගෙන හෝ පවත්වනු ලබන නමුදු බෞද්ධ භක්තිකයන් විසින් එය ස්වකීය ශාස්තෘවරයාණන්ගේ ප‍්‍රතිසන්ධිය ප‍්‍රධාන කොට ඇති තවත් නොයෙක් බෞද්ධ ආගමික සිද්ධීන් නිමිති කරගෙන පවත්වනු ලැබේ.

නැකැත් කෙළිය

නැකැතට මුල් තැන දෙන අපේ සිංහල අලූත් අවුරුදු උත්සවයට හුදු සමානත්වයක් ඇතිව පැවැත්වුණු මෙම ඇසළ උත්සවය ඈත අතීතයේ සිට ම දඹදිව නැකැත් කෙළියක් වශයෙන් කරගෙන එන ලද බව පැරැණි බෞද්ධ සාහිත්‍ය පොත පතින් අනාවරණය වේ. ඇසළ උත්සවය හා සම්බන්ධ විවිධ සිද්ධින් ගැන තොරතුරු ගවේෂණය කිරීමේ දී එය බෞද්ධ සාහිත්‍යයෙහි ප‍්‍රථම වරට සඳහන් වනුයේ බුදුන් වහන්සේගේ ප‍්‍රතිසන්ධිය පිළිබඳව බව පෙනේ. අප ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ මව්කුස පිළිසිඳ ගැන්ම ඇසළ උත්සව සමයෙක්හි ඇසළ පුණු පොහෝ දිනක සිදුවූ බැවිනි.

මේ සිද්ධිය මහාමායා දේවීන් ගැන කියැවෙන ‘‘තදා කිර කපිලවත්ථුනගරෙ ආසළ්ළි කන්ඛත් තං ඝුට්ඨං අහෝසි මහාජානො නක්ඛත්තං කිළති. මහාමායා දෙවිපුරේ පුණ්ණමාය සත්තම දිවසතෝ පට්ඨාය විගත සුරාපානා මාලා ගන්ධ විභූති සම්පන්නං නක්ඛත්ත කිළං අනුභවමානා…” ‘‘එකල්හි කපිල වස්තුපුර මහජනයා නැකැත් කෙළි කෙළියි. මහාමායා දේවී තොමෝ පුරපසළොස්වකට පෙර සත්වන දින පටන් සුරාපානයෙන් තොර මාලාගන්ධ විභූති සම්පන්න වූ නැකැත් කෙළි අනුභව කරන්නී….” යන විස්තර පාඨයෙන් දැක්වේ.

බෞද්ධ පුරාවෘත්තයන්ගෙන් තවදුරටත් අනාවරණය වන අන්දමට මහාමායා දේවීන් ඇසළ පුන් පොහෝ දා අලූයම නැඟීසිට සුවඳ පැනින් නා සුපිරිසිදුව, සිවු කෙළක් වැයකොට මහ දන් පවත්වා සර්වාලංකාරයෙන් විභූෂිතව ප‍්‍රණීත අන්නපානයෙන් සන්තර්පනය ලැබ උපෝසථාංගයෙන් සිහි එළවා සකලාලංකාරයෙන් ප‍්‍රතිමණ්ඩිත ශ‍්‍රී යහන් ගබඩාවට ප‍්‍රවිෂ්ටවැ නිෙදා්පගතව සිටි කල්හි සිද්ධාර්ථ කුමාර ප‍්‍රතිසන්ධිය සිදුවූ බව පෙනේ. ඇසළ උත්සවය සම්බන්ධයෙන් ප‍්‍රථමයෙන් ම බෞද්ධ සාහිත්‍යයට ඇතුළත් වී තිබෙන මේ විශිෂ්ට සිද්ධිය බෞද්ධ ලෝකයා විසින් ශ්‍රේෂ්ඨ සිද්ධියක් ලෙස සලකනු ලැබේ.

මහබිනික්මන

සිවු පෙරනිමිති දැක්මෙන් සසර කලකිරී ගිහි සැප හැර පියා පැවිදි බිමට පිවිසෙනු පිණිස සිය රජ මැදුරින් නික්මුණු සිදුහත් කුමරු මහබිනික්මන් කිරීමේ සිද්ධිය වූයේත්, එ් කෙණෙහි ම සිය සුකුමාර බිරින්දෑ ‘‘යසෝධරා” දේවියට රහල් පුතු ලැබීමේ සිද්ධිය වූයෙත් එක ම ඇසළ පුන් පොහෝ දිනක ය. ‘‘කිසා ගෝතමී” ක්ෂත‍්‍රිය කන්‍යාවගෙන් ”නිබ්බුත පද” අසා එයට අගනා මුතුහර යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙම දිනය බෞද්ධයනට අතිශය ශ්‍රේෂ්ඨ වන්නේ ය.

ප‍්‍රථම දේශනය

ඇසළ උත්සවය සමග සම්බන්ධ වූ ඊ ළඟ විශිෂ්ට සිද්ධිය හැටියට බෞද්ධ ලෝකයා සඳහන් කරන්නේ බුදුන් වහන්සේගේ ප‍්‍රථම ධර්ම දේශනය යි.

වෛශාඛ පූර්ණමි දිනයෙහි සම්‍යක් සම්බෝධි සමධිගමයට පත් ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේ ඇසළ පුන් පොහෝ දා බරණැස ඉසිපතනට වැඩම කොට පස්වග මහණුන් ප‍්‍රමුඛ දෙව් බඹ පිරිසට ‘‘දම්සක් පැවැතුම් සුතුරෙන්” ප‍්‍රථම දේශනා පවත්වා සදහම් එළිය ලොව පහළ කිරීමේ සිද්ධිය යි එ්.

එතෙක් ලෝවැසියන් තුළ පැවැති මෝහාන්ධකාරය සදහට ම දුරලා ඔවුන්ගේ නුවණැස සදා බුදුන් වහන්සේ එදා ලොව දැල්වූ ධර්ම ප‍්‍රදීපය එදා මෙන් ම අදත්, අද මෙන් ම හෙටත් ලෝකාරම්භයේ දීප්තිමත් තරුවක් ලෙස බැබළෙමින් පවතිනු ඇත.

වස් සමය

දඹදිව මධ්‍ය දේශයේ පැවති ඍතු භේදයටත්, බෞද්ධ ශාසනික ක‍්‍රමයටත් අනුව හේමන්ත, ශ‍්‍රීෂ්ම හා වර්ෂා යන වශයෙන් ඇති ඍතුත‍්‍රයෙන් ශ‍්‍රීෂ්ම ඍතුව ඇසළ මස පුන් පොහොය දිනෙන් අවසන් වේ. බෞද්ධ ශාසනික ක‍්‍රමයෙහි ලා ඇසළ පුන් පොහොය දිනය ගෙවී යාමත් සමග ම ලබන අව පෑළවිය පෙරවස් විසීමට නියමිත දිනය විය. ඉසිපතනාරාමයේ දී බුදුන් වහන්සේගේ ප‍්‍රථම වස් විසීම මේ පරිද්දෙන් ඇසළ පුර පසළොස්වක ගිය අවපෑළවියෙන් සිදුවූ බව සඳහන් වේ. බෞද්ධ ශාසනික ක‍්‍රමය අනුව වස් විසීම පිළිබඳ ආරම්භක දිනය වශයෙන් ශ‍්‍රීෂ්ම ඍතුව අවසන් දිනය වන ඇසළ පුන් පොහෝ දිනයෙහි ඇති වැදගත්කම බෞද්ධයන් පිළිබඳ සැලකිය යුතු සිද්ධියකි.

යමා මහ පෙළහර

බුදුන් වහන්සේ ඇතුළු ස්වකීය ශ‍්‍රාවක පිරිස මහජනයාගෙන් ලත් ගරු සම්මාන හා පූජෝපහාර ද කෙරෙහි ගිජු වූ තීර්ථකයෝ තමනුත් උන් වහන්සේ ඇතුළු පිරිස මෙන් ම ඍද්ධි බලයෙන් හා ශීල බලයෙන් ද අගේ‍්‍රසරයන් බව ඔප්පු කිරීම පිණිස නොයෙක් ප‍්‍රාතිහාර්යයන් පෑමට හැකි බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළහ. ඔවුන්ගේ මන් බිඳීම පිණිස සැවැත්හි ‘‘ගණ්ඩම්බ” අඹරුක් මුල දී යමක මහා ප‍්‍රාතිහාර්යය පා වදාළේත්, එතැනින්, ”මවුදෙව් පුත්” ප‍්‍රමුඛ දෙවියනට අබිදම් දෙසීම පිණිස තුසිතපුර වැඩියේත් ඇසළ පුන් පොහෝ දිනයේ දී ම ය.

මේ අනුව බුදුන් වහන්සේගේ චරිතය හා සමග සම්බන්ධ වූ විශිෂ්ට සිද්ධීන් රාශියක් නිසා ම ඇසළ පුණු පොහෝ දිනය පොදු වශයෙන් බෞද්ධ ලෝකයට ශ්‍රේෂ්ඨ දිනයක් වී තිබේ.

ලංකා බුද්ධ ශාසනයේ පුනරුත්ථාපනය, චිර්ස්ථිතිය, හා සංවර්ධනය පිණිස අපරිමිත සේවයක් සැලසූ ‘‘දුටුගැමුණු” මහරජතුමා විසින් ලංකාවේ අසදෘශ චෛත්‍යරාජයා වන රුවන්වැලි මහා සෑය කරවීම පිණිස මංගල ශිලා ප‍්‍රතිෂ්ඨාපනය කිරීම හා දාෂ්ට‍්‍රාධාතූන් වහන්සේ පිළිබඳ මහා පෙරහැර පැවැත්වීම ආරම්භ කිරීමත් සිදු වූයේ ඇසළ පොහෝ දිනයෙහි ම ය. කිස්තූ වර්ෂයෙන් ශත වර්ෂ පහකට පමණ ප‍්‍රථම ඉන්දියාවේ ‘‘බඹදත්” රජතුමන් විසින් ඉදිකරවන ලද සුවිසල් මාලිගයක මුදුන් මාලයේ පිරීතිරී ගිය රන් රිදී, මුතු මැණික් භාණ්ඩ රැසක් මැද බුදුරැුස් විහිදුවමින් ඉමහත් පූජෝපහාරයනට ලක්ව වැඩ සිටි දළදා වහන්සේ, පසු කලෙක ඉන්දියාවේ බලයට පත් විවිධ මිථ්‍යා මතිමතාන්තර හා ආක‍්‍රමණයන් නිසා හටගත් අභ්‍යන්තර නොසන්සුන් තත්ත්වයන්ගෙන් ආරක්ෂාකර ගනු වස් දන්තපුර ‘‘ගුහසීව” රජුගේ දූහිතෘ ‘‘හේමමාලා” කුමරිය විසින් ‘‘කිත්සිරිමෙවන්” රජු සමයෙහි ලක්දිවට වැඩම කරවන ලදි.

කිත්සිරිමෙවන් රජු විසින් ඉමහත් ගරු සත්කාර සහිත මහ පෙරහරින් දළදා වහන්සේ අනුරාධපුරයට වැඩමවා ප‍්‍රථම වරට මහජන ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලද බව ධාතු වංශය ප‍්‍රකාශ කරන නමුත්, තවත් ඓතිහාසික මතයක් අනුව, දළදා පෙරහැර ගජබා රජු සමයේ දී ඇරඹුණු බව සඳහන් වේ. මේ මතයට අනුව සිංහලද්වීපයෙන් සොළී රටට ගෙන යන ලද සිරකරුවන් දොළොස් දහසක් වෙනුවට, සොළී රටින් සිංහලද්වීපයට වැසියන් විසිහතර දහසක් පැහැරගෙන ආ ‘‘ගජබා” රජුගේ එ් වීර වික‍්‍රමාන්විත ක‍්‍රියාව සිහිපත් කරනු වස් අවුරුදු පතා පවත්වනු ලැබ සිංහලයන්ගේ ශ්‍රේෂ්ඨ ම ජාතික උත්සවය ඇසළ පෙරහැරයි.

එ් මේ මතිමතාන්තර කෙබඳු වුව ද, කලාන්තරයක් තිස්සේ දළදා පෙරහැරත් ඇසළ උත්සවයත් අතර ඉතාමත් කිට්ටු සම්බන්ධයක් තිබෙන බව නම් පැහැදිලි සත්‍යයකි. කෙසේ හෝ වේවා, ඇසළ සමයෙහි මෙසේ ඇරඹුණු දළදා පෙරහැර, කලින් කල ඇතිව විවිධ සාමයික හා සාමාජික විපර්යාසයන් හේතු කොටගෙන මහනුවර යුගයේ මුල් අවධියේ දී හුදෙක් දෙවියන්ට පූජෝපහාර පැවැත්වීමේ ආගමික උත්සවයක් බවට පරිවර්තනයව තිබුණු බව

‘‘සෙන්කඩගල නුවර – ඇසළට කෙරෙන පෙරහැර

දෙවියන්ට නිසිකර – පැවත ආවේ කලක සිට පෙර”

යනාදී වශයෙන් ”සඟරාජවතේ” සඳහන් වෙයි.

මේ අතර, විදේශීය ද්‍රවිඩ ආක‍්‍රමණයන්ගෙන් ඇති වූ නොයෙක් අතවරයන්ගෙන් දළදා හිමියන් රැුක ගැනීම සඳහා, උන් වහන්සේ පොළොන්නරුව මාගම, කළුතර, කොත්මලේ අනුරාධපුරය යන මේ ආදි ස්ථානයන් වෙත ගෙනයන එන ලදුව, අන්තිමේ දී, ක‍්‍රිස්තු වර්ෂ 1198-1207 දක්වා කාල පරිච්ඡේදය ඇතුළත ලක් රජයට පත් ‘‘නිශ්ශංකමල්ල’ රජතුමා විසින් පොළොන්නරුවේ සත් මහල් පහයක් කරවා දළදා වහන්සේ එහි වැඩම කොට පුද පෙරහැර පවත්වන ලදී. ඉක්බිති පොළොන්නරුවේ පැවැති සොළී ආක‍්‍රමණයන් නිසා දඹදෙණියට ගෙනයන ලදැයි සඳහන් වන දළදා හිමියන් එතැනින් යාපහුවට වැඩමවන ලද බවත්, යාපහුවේ දී උන් වහන්සේ ද්‍රවිඩයන් අතට පත්ව ඉන්දියාවට ගෙන යන ලද බවත්, අනතුරුව, එහි ගිය තානාපති ‘පිරිසක් විසින් එවකට පඬි රට රජකළ ‘ආර්ය චක‍්‍රවර්ති’ රජුගෙන් දළදා වහන්සේ ලබාගෙන යළිත් ලංකාවට වැඩම කරවන ලද බවත්, කියන දළදා පුවත, ‘විමලධර්ම සූර්ය’ රජු විසින් උන් වහන්සේ සෙන්කඩගල ශ‍්‍රී වර්ධනපුරයට වැඩමවා එතැන් සිට දළදා වහන්සේ මහනුවර රාජ මන්දිරයෙහි සුරක්ෂිතව තැන්පත් කොට සැම ලක්වැස්සන්ගේ ම ප‍්‍රදර්ශනයට හා පුද පූජාවට ද පාත‍්‍ර කරවන ලද බව ද සඳහන් කරයි.

අභාග්‍යයකට මෙන්, කන්ද උඩරට රාජධානිය දක්වා ද පැතිරී ගිය ද්‍රවිඩ බලය හේතුකොට ගෙන බෞද්ධාගමටත්, බෞද්ධ පුද පූජා විධිවලටත් එල්ල වූ තර්ජනයන් නිසා, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ අවධියෙහි දී වැලිවිට සංඝරාජ මාහිමියන් වහන්සේ විසින් සියම් රටින් උපසම්පදාව මෙහි ගෙනවිත් ශාසන ශුද්ධියක් ඇති කොට, එ් සමග ම එතෙක් දෙවියන්ට ම කැප වී තිබුණු දළදා පෙරහැර ද ඊට පසුව ප‍්‍රථම වරට බුදුන් වහන්සේ පෙරදැරි කොට දළදා හිමියන්ට ප‍්‍රමුඛස්ථානය දී පවත්වන්නට යෙදුණු බව සැලකිය යුත්තේ ය.

මහාමේඝ 2015  ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත් සමාගම විසින් 1961දී පල කරන ලද. ‘රසවාහිනී’සඟරාවෙන් උපුටා ගන්නා ලදී.

කර්තෘ

සී. එ්. විජේසේකර

දළදා ඉතිහාසයෙන්…
දළදා වහන්සේ තරම් සිංහල බෞද්ධයන්ගේ භක්ති ප‍්‍රණාමයට ලක්වන අන් කිසි වස්තුවක් සිංහලේ නොමැත. දුරාතීතයේ පටන් ම දළදා වහන්සේ ද සිංහලයන්ගේ සිතුම් පැතුම් කෙරෙහි මෙන් ම රාජ්‍ය කටයුතු කෙරෙහි ද බල පෑ අයුරු සිංහලේ ඉතිහාසය හැදෑරීමේ දී කැපී පෙනේ. දළදා වහන්සේ තමන් සතුව තිබෙන තාක් සිංහලේ සතුරු ජාතීන්ට හිමි නොවන බවට අපේ ආදි මුතුන් මිත්තන් තුළ තිබුණේ දැඩි විශ්වාසයෙකි.

මෙවැනි හේතූන් නිසා කන්ද උඩ රටට විදේශීයයන්ගේ තර්ජන එල්ල වූ අවස්ථාවල දී අනික් කුදුමහත් කටයුතුවලට වඩා මුල් තැනක් දුන්නේ දන්ත ධාතූන් වහන්සේ රට අභ්‍යන්තරයට වැඩමවා ගෙන ගොස් ආරක්ෂා සහිතව තැන්පත් කිරීමට ය. දුම්බර දෙගල්ෙදාරු විහාරය, අලූත් නුවර මහියංගණ විහාරය, හඟුරන්කෙත කිතුල්පෙ විහාරය, කොත්මලේ පුසුල්පිටිය විහාරය ආදි සිද්ධස්ථාන අතීතයේ මෙසේ දන්ත ධාතූන් වහන්සේ සඟවා තැබීම සඳහා වැඩමවූ ස්ථාන වශයෙන් සඳහන් කළ හැකි ය.

1803 දී මේජර් ඬේවි ප‍්‍රධාන ඉංග‍්‍රීසි හමුදාවක් උඩරට ආක‍්‍රමණය කළ අවස්ථාවේ දන්ත ධාතූන් වහන්සේ පළමුව හඟුරන්කෙත කිතුල්පෙ විහාරයටත්, පසුව මැද මහනුවරට සහ එතැනින් මහියංගණ විහාරයටත් වැඩමවා ගෙන ගොස් එහි දැඩි ආරක්ෂාව සහිතව තැන්පත් කොට තැබූහ. මේ වාරයේ ද ඉංග‍්‍රීසින් පරාජය කොට කන්ද උඩරට සෙමෙහි තැබූ පසු දන්ත ධාතූන් වහන්සේ මහනුවරට ආපසු වැඩමවා එ් වර්ෂයේ ඇසළ මහා පෙරහැර ඉතා අලංකාර අන්දමින් පවත්වනු ලැබී ය. දින පහක් ම කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා සුදු අසුන් අට දෙනෙකු බැඳි මංගල රථයෙක නැගී මේ පෙරහැරේ ගමන් ගත් බව වාර්තාගත ය.

1815 අවසාන වරට ඉංග‍්‍රීසීන් උඩරට ආක‍්‍රමණය කළ අවස්ථාවේ දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාව සඳහා කොත්මලේ පුසුල්පිටිය විහාරයට වැඩමවන ලදහ. මෙදා ඉංග‍්‍රීසීන් උඩරට පැමිණියේ ඇතැම් සිංහල රදලවරුන්ගේ ද සහාය ඇතිව ය. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා සිහසුනෙන් පහකොට උඩරට රදලවරුන් හා ගිවිසුමකට බැඳී සිංහලේ රට ඉංග‍්‍රීසි කිරීටයට ඈඳා ගත් සර් බ‍්‍රවුන්රිග්, උඩරැටියන්ගේ පාලන ක‍්‍රම සහ සිරිත් විරිත් ගැන මනා අවබෝධයක් ඇතිව සිටි ජෝන් ඩොයිලිට අලූතින් ඈඳා ගත් රාජ්‍යය පාලනය කිරීමේ බාරය පැවැරුවේ ය. හැකිතාක් දුරට සිංහල සිරිත් විරිත් අනුව ම උඩරට පාලනය කිරීම මුල් අවධියේ ඔහුගේ වෑයම වී ය. දන්ත ධාතූන් වහන්සේගේ බාරය අහිමි කවරෙකුටවත් රට පාලනය කිරීමේ අයිතිවාසිකමක් හෝ හැකියාවක් හෝ නොමැති බවට සිංහලේ රට වැසියන් තුළ මුල් බැස තිබුණු විශ්වාසය ගැන දැන සිටි ඩොයිලි උඩ රට පාලනය බාරගත් නොබෝ දිනෙක සිට ම දන්ත ධාතූන් වහන්සේ නැවත උත්සවාකාරයෙන් මහනුවරට වැඩමවීම ගැන මල්වතු අස්ගිරි විහාරවාසී මහ තෙරවරුන්ගෙන් සහ සිංහලේ රදලවරුන්ගෙන් කරුණු විමසීමට පටන් ගත්තේ ය.

දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩම කරවීම සඳහා සුදුසු නැකැත් ආදිය බලා කටයුතු ලහි ලහියේ කරගෙන කරගෙන යන අතරක දී මහනුවර මාලිගය අසල ගවයෙකු මරණයට පත් වීමෙන් එ් භූමිය අපවිත‍්‍ර වීම නිසා දන්ත ධාතූන් වහන්සේ වැඩමවීමේ කටයුතු දින කීපයකට කල් දැමීමට සිදුවිය. මින් පසු අපේ‍්‍රල් මස 24 වෙනි දින යෙදුණු සුභ මොහොතෙකින් දළදා හිමි මාලිගයට වැඩමවීම සඳහා කටයුතු යොදා දැඩි ආරක්ෂක විධි විධාන යටතේ මහනුවර නගර සීමාව දක්වා ගෙන එන ලදී.

මෙතැනට රැුස්ව සිටි සිංහලේ රදලවරුන් සහ ඉංග‍්‍රීසි ආණ්ඩුවේ නියෝජිත ජෝන් ඩොයිලි ඇතුළු විශාල ජනකායකගෙන් සෑදුණු විසිතුරු මහ පෙරහැරකින් දන්ත ධාතූන් වහන්සේ මාලිගය කරා වැඩමවාගෙන ආවෝ ය.

ජෝන් ඩොයිලි මේ කටයුත්තෙහි පුරෝගාමීව කටයුතු කිරීම නිසා ඔහු සිංහලයින්ගේ ප‍්‍රශංසාවට භාජන විය. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන සිංහලයන් සතුටු කිරීමට සමත් වූ ඔහු උත්සවය අවසානයේ ආණ්ඩුකාර සර් බ‍්‍රවුන්රිග් වෙනුවෙන් දළදා වහන්සේට වටිනා ඔරලෝසුවක් පූජා කළේ ය. මෙවැනි කටයුතුවලට මුල දී රජයේ අනුග‍්‍රහය ලැබුණ ද රටේ පාලන කටයුතු දිනෙන් දින ම අවුල් තත්ත්වයකට පත්වීම නො වැළැක්විය හැකි විය. තවදුරටත් මේ තත්ත්වය පිරිහෙනු බලා සිටීමට නො කැමැති වූ සිංහල දේශපේ‍්‍රමීහු ආණ්ඩුව පෙරළා දැමීමට රහසේ සංවිධානය වන්නට වූහ. මේ කටයුත්තෙහි මූලිකව කටයුතු කළෝ මඩුගල්ලේ සහ ඉහගම උන්නාන්සේ යන දෙපළ වෙති.

දිනක් මඩුගල්ලේ මල්වතු විහාරයට ගොස් මහා නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක රටේ තත්ත්වය ගැන ද උන් වහන්සේ හා සාකච්ඡුා කොට දන්ත ධාතූන් වහන්සේ මහනුවර තිබීම නුවණට හුරු නො වන බැවින් එය ඉංග‍්‍රීසින්ට නො දන්වා රහසේ ම මහනුවරින් නැවත පිට කළොත් යෙහෙකැයි දන්වා සිටියේ ය. මෙයින් නො නැවතුනු මඩුගල්ලේ ඉංග‍්‍රීසීන් පන්නා දැමීම සඳහා අනිකුත් රදලවරුන්ගේ ද සහාය ලබා ගැනීම පිණිස ඉහගම උන්නාන්සේත් සමඟ කටයුතු කළේ ය. මේ කුමන්ත‍්‍රණය පිළිබඳ තොරතුරු ඉංග‍්‍රීසි ආණ්ඩුවට දැනගන්නට ලැබුණේ මුල සිට ම ඉංග‍්‍රීසීන්ගේ පැත්ත ගෙන සිටි එක්නැලිගොඩ නිලමේගෙනි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මඩුගල්ලේ අල්ලා ඔහුට විරුද්ධව නඩු පවරා රජයට විරුද්ධව කුමන්ත‍්‍රණය කිරීමේ වරදට දෑවුරුද්දක් සිරේට යවන ලද්දේ ය. ඉහගම උන්නාන්සේ ද අල්ලා ගත් නමුත් උන් වහන්සේ ද මහනුවර සිට කොළඹට ගෙන එද්දී අවස්ථාවක් බලා සිරභාරයෙන් පැන ගියේ ය.

ඉංග‍්‍රීසීන්ට විරුද්ධව කුමන්ත‍්‍රණ පිට කුමන්ත‍්‍රණ ඇති වූ මේ අවධියේ මහජනයාගේ සිතුම් පැතුම් අදහස් උදහස් දැන රජයට කරුණු කීම සඳහා ඔත්තුකරුවන් විශාල පිරිසක් යොදවා තිබුණි.

1817 දෙසැම්බර් මස 14 වන දින ආණ්ඩුකාරයා මුණගැසීමට ගිය එක් ඔත්තුකරුවකු දන්ත ධාතූන් වහන්සේ ගැන ප‍්‍රකාශයක් කිරීමට ඇති බව කියා සිටියෙන් ඔහුට එ් සඳහා අවස්ථාවක් සලසා දුනි. ඔහු කී විස්තරය එ් අන්දමින් ම ඉංග‍්‍රීසිහු සටහන් කර ගත්තෝ ය. එහි සිංහල අනුවාදය මෙසේ ය.

‘‘ඉංග‍්‍රීසින් උඩරට ආක‍්‍රමණය කළ අවස්ථාවේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා දුම්බරට පැන යන විට දන්ත ධාතූන් වහන්සේ ද රැුගෙන ගොස් එතැනින් කොත්මලේ පුසුල්පිටිය විහාරයට පිටත් කොට යැවී ය. දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාවට හුලංගමුවේ උන්නාන්සේ සහ වතුපොලව උන්නාන්සේත් වැඩියහ. මීට පසු දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අදහසින් මහනුවරින් තවත් භික්ෂූන් වහන්සේනමක් එහි වැඩියෝ ය. මුන් වහන්සේ එහි වැඩි පසු පන්සලේ නේවාසික භික්ෂූන් වහන්සේ විහාරයට තුළට උන් වහන්සේ කැඳවා ගෙන ගොස් එහි ඉදිරිපිට සාදවා තිබුණු මකර තොරණ දෙසට අත දිගු කරමින් දන්තා ධාතුන් වහන්සේ එහි ගැබයක් තුළ ආරක්ෂාව සඳහා තැන්පත් කොට ඇති බව කියා මෙය ඉතා රහසින් තබා ගන්නා ලෙස ද කීහ. මෙවිට ආගන්තුක ස්වාමීන් වහන්සේ දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩම වූවාට පසු එතැනින් කොළඹට ගෙන ගියොත් කුමක් කරමුද යි ඇසූහ.”

‘‘අපි ඊටත් සූදානම්, මෙවැනි දෙයක් විය හැකි බලාපොරොත්තුවෙන් අපි දන්ත ධාතූන් වහන්සේගේ ආකෘතියක් සාදා තිබෙනවා යයි මෙයට නේවාසික භික්ෂුන් වහන්සේ දුන් පිළිතුර විය.”

‘‘මෙහි දී, ආගන්තුක භික්ෂුව දන්ත ධාතූන් වහන්සේ තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටියේ ය. කාටත් මෙම රහස නො කියන්නට පොරොන්දු කර ගත් නේවාසික භික්ෂුව හිනිමගක් ගෙනැවිත් මකර තොරණට හේත්තු කොට එහි නැඟ දන්ත ධාතූන් වහන්සේ නැරඹීමට අවස්ථාව ලබා දුන්නේ ය.”

‘‘දැනට මහනුවර ආරක්ෂා සහිතව තැන්පත් කොට ඇත්තේ නියම දන්ත ධාතූන් වහන්සේ දැයි නිශ්චය වශයෙන් ම දැන ගැනීමට ඉතා ම හොඳ ම ක‍්‍රමය පුසුල්පිටියට කෙනෙකු යවා මේ ගැන පරීක්ෂණයක් කිරීම ය. නියම දන්ත ධාතූන් වහන්සේ රන් පැහැයට හුරු බැවින් සුදු පාටට හුරු ඇත් දතින් නිම කළ ආකෘතියක් වෙතොත් එය හඳුනා ගැනීම අසීරු කරුණක් නො වේ.”

මෙම ඔත්තුකරු කියා සිටි විස්තරය 1816 දෙසැම්බර් මස 17 වෙනි දින ආණ්ඩුකාර සර් බ‍්‍රවුන්රිග් ඩොයිලි මහතාට ඉදිරිපත් කරමින් මෙවැනි සටහනක් ද කළේ ය.

‘‘ඩොයිලි මහතාගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරමි. මෙය බලා තව දුරටත් ඔබ සමඟ සාකච්ඡුා කිරීමට කැමැත්තෙමි.” – R.B

මෙවැනි තොරතුරු ගලා එ්ම නිසා දන්ත ධාතූන් වහන්සේ රැකබලා ගැනීම පිණිස ඉංග‍්‍රීසිහු වඩාත් උනන්දු වූහ. දළදා වහන්සේ සොරා ගැනීම වළක්වා ගැනීම සඳහා මාළිගය දිවා රෑ දෙකේ ම මුර කිරීම පිණිස යුද භටයින් යොදවන ලදී.

1817 අවසාන භාගයේ ඉංග‍්‍රීසින් රටින් පන්නා දමා ස්ව රාජ්‍යය ලබා ගැනීමේ අදහසින් වෙල්ලස්සෙන් පටන් ගත් මහ කැරැුල්ල ලැව් ගින්නක් මෙන් පැතිර යද්දී දන්ත ධාතූන් වහන්සේ දළදා මාළිගාවෙන් රහසේ පිට කර ගැනීමට වාරියපොළ උන්නාන්සේ අර අදිමින් සිටියේ ය. 1818 අපේ‍්‍රල් මාසයේ අග භාගයේ දී මහනුවරින් පිට කරවා ගනු ලැබූ දන්ත ධාතූන් වහන්සේ මතුරට ගවැල්ලගිරියේ දී කැරලි නායක කැප්පෙට්ටිපොල නිලමේතුමාට බාර කරනු ලැබී ය. මෙය කැරලි පක්ෂයට අත් වූ විශිෂ්ට ජයග‍්‍රහණයක් සේ සලකන ලදී.

හඟුරන්කෙතට පැමිණි කැප්පෙට්ටිපොල එතැනට එක් රැස් කරවූ විශාල ජනකායක් ඉදිරියේ දන්ත ධාතූන් වහන්සේ තම පක්ෂයට අයත් වූ බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කොට මහ ජනයාට උන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට අවස්ථාවක් ද සලස්වා දුන්නේ ය. දළදා හිමි කැප්පෙටිපොල නිලමේතුමා සතු වූ බව ප‍්‍රකාශ කරත් ම රැුස්ව සිට පිරිස සාධුකර දී තම පක්ෂයට අයත් වූ මේ ජයග‍්‍රහණය ගැන උද්දාම වූහ.

1818 ජූලයි මස 24 වෙනිදා යටත් විදේශ බාර ලේකම්ට ආණ්ඩුකාර සර් බ‍්‍රවුන්රිග් කැරැල්ල ගැන විස්තර වාර්තාවක් ලියන අවස්ථාවේ දන්ත ධාතූන් වහන්සේ හඟුරන්කෙත ප‍්‍රදර්ශනය කළ ආරංචිය ගැන ද සඳහන් කළේ ය.

‘‘දන්ත ධාතූන් වහන්සේ කැරැුලි නායකයා (කැප්පෙටිපොල) සතු වී ඇති බවට පැතිර ඇති දූෂමාන ආරංචිය ගැන විමසා බැලිමි. කැප්පෙටිපොලට දන්ත ධාතූන් පැහැර ගෙන යන්නට බැරි වූවාට කිසිදු සැකයක් නැත. කරඬුව විවෘත කළ යුත්තේ මුදලියාර් කෙනෙකු ඉදිරියේ ය. තව ද ? දාවල් දෙකේ ම මුරකරුවෙකු විසින් එය මුර කරනු ලබයි. කරඬුව විවෘත කරවා එහි ඇත්ත නැත්ත අපට නිශ්චය වශයෙන් ම දැනගැනීමට හැකි වුවත් මෙසේ කිරීමෙන් ඇති වන අයුතු ප‍්‍රසිද්ධිය අපේ අවාසියට හේතු විය හැකි බැවින් ඩොයිලි එයට කැමැත්තක් නො දක්වයි. මෙහි රහස සිංහලයින්ගෙන් වසං කොට තබා ගත යුතු ය. හඟුරන්කෙත ප‍්‍රදර්ශනය වංචා සහගත බොරු වැඩක් යයි මම සිතමි. කාගේත් පොදු විශ්වාසය තාමත් දන්ත ධාතුව මහනුවර ඇති බවයි.”

ආණ්ඩුකාරයා මේ ගැන සැක පහළ කරමින් යටත් විදේශ බාර ලේකම්ට ලියා යැව්ව ද ඔහු ඇත්ත දැන සිටියා වන්නට පුළුවන. මේ සිද්ධියේ ඇත්ත අනාවරණය වූවොත් තමාගේ දුර්වල පාලනය ගැන එංගලන්තයට කරුණු කීමට සිදු වේ යයි සිතා මෙසේ ලියා යවන්නට ඇති බවට කොතෙකුත් ඉඩ තිබේ.

දළදා හිමි මාළිගාවෙන් හොර රහසේ සඟවාගෙන ගිය අන්දම සවිස්තරව වශයෙන් ඉංග‍්‍රීසින්ට දැනගන්ට ලැබුණේ මුල දී විමුක්ති සටනට එකතුව කැරලි නායකයින් හා උරෙනුර ගැටී එ් සඳහා වැඩ කොට පසුව ඉංග‍්‍රීසීන්ගේ රැුකවරණය පතා එම පැත්ත ගත් රඹුක්පත (කණිෂ්ඨ) මොහෙට්ටාලගෙනි. ඔහු සෝවර්ස් ඉදිරියේ කැරැල්ල ගැන දීර්ඝ විස්තරක් කරමින් දන්ත ධාතූන් වහන්සේ පැහැර ගෙන ගිය අයුරු කියා සිටියේ ය. එම ප‍්‍රකාශය අනුව දළදා හිමි පැහැර ගත් අයුරු මෙසේ විස්තර කළ හැක.

දිනක් දන්ත ධාතූ මන්දිරය වැසීමට ස්වල්ප වේලාවකට කලින් කළුගමුවේ කාරිය කරන රාල ඇතුළු හතර දෙනෙක් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට මෙන් එහි පැමිණියෝ ය. මේ අය පිදීමට මල් නො ගෙනා බව හැඟවූයෙන් තේවාව කරන භික්ෂුන් වහන්සේ අසල මුර කරමින් සිටි ලැස්කරින් භටයාට මල් වට්ටියක් මිල දී ගෙනෙන ලෙස ඉල්ලී ය. මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් භික්ෂුන් වහන්සේ කළුගමුවේ රාල ඇතුළු පිරිස දළදා මන්දිරය ඇතුළේ සඟවා දොර වසා දැමුවේ ය. පසුදින පාන්දර මාලිගාවේ තේවාව පවත්වන ශබ්දයෙන් ප‍්‍රයෝජන ගනිමින් තමන් ළඟ තිබුණු ආයුධවල ආධාරයෙන් මහ කරඬුව කඩා දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටි ඇතුළු කරඬුව රැගත් පිරිස රහස් මගෙකින් මන්දිරයෙන් පලා ගියෝ ය. මෙසේ රහසේ ම දන්ත ධාතූන් වහන්සේ මාලිගාවෙන් පිටකර ගත්තේ වාරියපොල හිමියන්ගේ අනුදැනීම ඇතිව ය. වාරියපොල හිමි ප‍්‍රධාන මෙම පිරිස දන්ත ධාතූන් වහන්සේ වැල්ලගිරියට ගෙන ගොස් එහි දී කැරැල්ල මෙහෙයවමින් සිටි කැප්පෙටිපොල නිලමේතුමාට භාර කළෝ ය.

හඟුරන්කෙත ප‍්‍රදර්ශනයෙන් පසු දන්ත ධාතූන් වහන්සේ වලපනේ කිවුලේ ගෙදර ග‍්‍රාමයට වැඩමවා එහි දී සියලූ පුද සත්කාර පවත්වමින් තැන්පත් කොට තිබූ බව පෙනේ. 1818 දෙසැම්බර් මස 11 වෙනි දින බදුල්ලේ එ්ජන්ත ධුරය ඉසුලූ සෝචර්ස්ට කරුණු කියා සිටි ඔත්තුකරුවෙක් දන්ත ධාතූන් වහන්සේ කිවුලේ ගෙදර තබා ගෙන සිටි භික්ෂුන් වහන්සේලාට තවදුරටත් එසේ තබාගෙන සිටීම අන්තරායකාරී බැවින් වෙනත් ආරක්ෂා සහිත ස්ථානයකට වැඩමවාගෙන යන ලෙස කිවුලේ ගෙදර මොහොට්ටාල අයැද සිටි බව දන්වා සිටියේ ය.

1818 ඔක්තෝම්බර් මස 28 වෙනි දින කැරැලි නායක කැප්පෙටිපොළ සහ පිළිමතලව්ව අනුරාධපුර ප‍්‍රදේශයේ දී ඉංග‍්‍රීසීන්ට අසුවූ අතර නොවැම්බර් මස 20 වන දින මඩුගල්ල මාතලේ නිකවැල්ල ග‍්‍රාමයේ දී ඉංග‍්‍රීසීන් අතට අසුවිය.

එදින ම සවස නිකවැල්ලේ කඳවුර බාරව සිටි එන්සයින් ෂුල්බ්රේඞ්ට අසල කැලයක බෞද්ධ භික්ෂූන් වහන්සේනමක් සැඟවී සිටින බවට ඔත්තුවක් ලැබී ඔහු අල්ලාගෙන එනු පිණිස මිනිසුන් පිටත් කොට යැව්වේ ය. උන් වහන්සේ අල්ලා ගෙන ආ පසු ඔහු අත තිබුණු සිවුරු පොට්ටනියක් ලිහා සෝදිසි කිරීමේ දී දන්ත ධාතූන් වහන්සේ එහි සිවුරු අතර තිබී හමුවිය. බෞද්ධ භික්ෂූන් වහන්සේ වාරියපොල ශ‍්‍රී සුමංගල හිමියන් බව දැන ගත් ෂුල් බ්රේඞ් වහා ම එ් බව උසස් නිලධාරීන්ට දන්වා යවන ලද්දේ ය.

සකල බෞද්ධ ජනතාවගේ අති පූජනීය වස්තුවක් රාජ්‍ය පාලකයන්ගේ ඇස් වසා සොරාගෙන යාම පිළිබඳ වරදට හසු වූ වාරියපොළ හිමියෝ යාපනේ සිර කොට තබා 1821 අපේ‍්‍රල් මාසයේ දිනෙක ආණ්ඩුකාරයාගේ නියෝගයක් පරිදි සිර භාරයෙන් මුදා හරින ලදහ.

මහාමේඝ 2015  අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත් සමාගම විසින් 1961දී පල කරන ලද. ‘රසවාහිනී’සඟරාවෙන් උපුටා ගන්නා ලදී.

කර්තෘ

සී. එ්. විජේසේකර