මහාවංශය | Mahamegha Magazine

මහාවංශය 1
1. ඉතා පිරිසිදු වූ ඔක්කාක රාජවංශයෙහි ජන්මලාභය ලද පරම පාරිශුද්ධත්වයට පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කොට කිසි අඩුවක් නැති නොයෙක් පරිච්ජේදයෙන් යුතු මහාවංශය ඔබට පවසමි.

2. අපගේ පැරණි මුතුන්මිත්තන් විසින් කරන ලද්දේ නමුත් මෙම වංශකථාව කිසි තැනෙක්හි අධික විස්තරයෙන් යුක්තය. තව තැනෙක්හි අධික සංක්ෂේපයෙන් යුක්තය. එමෙන්ම නොයෙක් පුනරුක්ත දොස් ද ඇත.

3. එම දොස් වලින් බැහැර කොට සුවසේ ග‍්‍රහණධාරණය කරගත හැකි ලෙස ප‍්‍රසාද සංවේගය උපදවන මෙම පරම්පරානුයාත මහාවංශය පවසමි.

4. එහිලා ප‍්‍රසාදය උපදවන තන්හි ද, සංවේගය උපදවන තන්හි ද, ප‍්‍රසාදයත් සංවේගයත් ජනනය කරගනිමින් සුදනෙනි, මෙය අසව්!

5. අපගේ මහා වීරිය ඇති සර්වඥයන් වහන්සේ පෙර දීපංකර බුදුරජාණන් වහන්සේ දැක ලෝක සත්වයාගේ දුකින් මුදවනු පිණිස සම්මා සම්බෝධිය පැතූ සේක.

6. එතැන් පටන් එම සම්බුදුරජුන් ද කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද,

7. අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද,

8. සුජාත, පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී, සිද්ධත්ථ, තිස්ස, ඵුස්ස යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද,

9. විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමණ යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද,

10. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද යන සූවිසි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සතුටු කොට උන්වහන්සේලාගෙන් ලබාගන්නා ලද මෙම නියත විවරණ ඇත්තේය.

11. ‘සියලූ පාරමී ධර්මයන් පූරණය කොට උත්තම සම්මාසම්බෝධියට පැමිණෙන මෙතෙමේ ගෞතම බුද්ධ නමින් යුතුව සත්වයන් සසර දුකින් මුදවන්නේය’ යන නියත විවරණය ලද්දේය.

12. ඒ අප මහා මුනිඳාණෝ මගධ දේශයෙහි උරුවෙල් ජනපදයෙහි බෝ රුක් සෙවණෙහිදී වෙසක් පුන් පොහෝ දිනයෙහිදී උතුම් සම්බෝධියට පත් වූ සේක.

13. ඒ සර්වඥයන් වහන්සේ උතුම් අමා නිවන් විමුක්ති සැප විඳිමින් එහි මධුරත්වය මෙනෙහි කරමින් සත් සතියක් පුරාවට වැඩ සිටි සේක.

14. බෝ මැඬින් නික්ම බරණැසට වැඩම කොට උතුම් දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනාව පැවැත්වූ සේක. එහිදීම වස් කාලය ගත කරන සේක් භික්ෂූන් හැට නමක් අරහත්වයෙහිලා හික්මවූ සේක.

15. ඒ භික්ෂූන් වහන්සේලා ධර්ම දේශනාව පිණිස පිටත් කොට යවා ඉක්බිති යහළුවන් වූ භද්දවර්ගීය කුමාරවරුන් තිස් දෙනා ද උතුම් නිවන් මගෙහි හික්මවා

16. උරුවේල කාශ්‍යප ආදී දහසක් ජටිලයන් දමනය කරනු පිණිස ඔවුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් මුහුකුරුවමින් උරුවෙල් ජනපදයෙහි වැඩසිටි සේක.

17. උරුවේල කාශ්‍යප ජටිලයාගේ මහා යාගයක් එළැඹුණු කල්හී ඔහු විසින් සිතන ලද අදහස් දැනගත් අප භාග්‍යවතුන් වහන්සේ එදින එම යාගය සඳහා නොවැඩ,

18. උතුරුකුරු දිවයිනෙහි පිඬුසිඟා වැඩමකළ කෙලෙස් සතුරන් මඬින අප භාග්‍යවතුන් වහන්සේ අනවතප්ත විල් තෙර අසබඩ දන් වළඳා එදින සවස් යාමයෙහි,

19. සම්බුද්ධත්වයෙන් නව වෙනි මාසයෙහි දුරුතු පුන් පොහෝදා අනාගත බුදු සසුන පිහිටුවීම පිණිස ශ‍්‍රී ලංකාද්වීපය පිරිසිදු කරනු වස් ලක්දිවට වැඩම කොට වදාළෝ.

20. ලක්දිව වනාහී ගෞතම බුදු සසුන බබලන ද්වීපය බව දැන වදාළ අප මුනිඳාණන් වහන්සේ ලංකායෙහි පිරී සිටින යකුන් බැහැර කළ යුතු බව දුටු සේක.

21. ඒ ලංකාද්වීපය මැද මහවැලි ගංතෙර පිහිටි තුන් යොදුනක් දික් ඇති එක් යොදුනක් පළල වූ රම්‍ය වූ ප‍්‍රසිද්ධ වූ,

22. මහානාග වනෝද්‍යානය නම් වූ යක්ෂයින්ගේ සංග‍්‍රාම භූමියෙහි ලංකාද්වීපවාසී යක්ෂයින්ගේ මහා යක්ෂ සමාගමක් විය.

23. ඒ මහා යක්ෂ සමාගම පැවති දින සුගතයන් වහන්සේ එතැනට වැඩම කොට ඔවුන්ගේ සිරසට ඉහළින් එම සංග‍්‍රාම භූමිය මධ්‍යයෙහි වැඩසිට,

24. අද මහියංගණ ස්ථූපය පිහිටි තැන අහසෙහි වැඩසිටි සේක් මහා වර්ෂාවක් ද, අන්ධකාරයක් ද මවමින් ඔවුන් හට සංවේගය ඇති කළ සේක.

25. එකල්හි භයට පත් යක්ෂයෝ නිර්භය වූ සර්වඥයන් වහන්සේ දැක බියෙන් සැළෙමින් පැමිණ තමන්හට අභය දානය දෙන ලෙස ඉල්ලා සිටියහ. කුළුණු මෙත් ගුණින් අභය දානය දෙන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

26. ‘එම්බා යකුනි, තොපගේ බියත් දුකත් මම පහකර දෙමි. තෙපි සමඟි සම්පන්නව මා හට මෙහි හිඳින්නට තැනක් දෙන නොදෙන බව පවසව්.’

27. එවිට යක්ෂයෝ ‘නිදුකාණෙනි, තොපට මෙම සියලූ සකලද්වීපයම දෙමි. අප හට අභය දානය දුන මැනැවැ’යි සුගතයන් වහන්සේට පැවසූහ.

28. ඔවුන් හට පැමිණ තිබූ භයත්, ශීතලත්, අන්ධකාරයත්, නැසූ සර්වඥයන් වහන්සේ ඔවුන් විසින් දෙන ලද භූමියෙහි පත්කඩය අතුරා එහි වැඩහිඳ

29. එම පත්කඩය හාත්පසින් ගිනිගෙන දැවෙන ගිනිදැල් පතුරුවාලූහ. එම ගිනිදැල් වලින් හටගත් ග‍්‍රීස්මයෙන් හා භීතියෙන් පෙලෙමින් සිටි ඒ යකුන් මුහුදු වෙරළ තෙක් ගොස් සිටි කල්හි,

30. ලෝකනාථයන් වහන්සේ ඔවුන්ගේ වාසය පිණිස රම්‍ය වූ ගිරි දිවයින මෙහි ළඟා කළ සේක. ඒ යකුන් එම ගිරි දිවයිනට පිවිසි කල්හී එය තිබූ තැනින් තැබූ සේක.

31. ලෝකනාථයන් වහන්සේ පත්කඩය හැකිලූ සේක. එකල්හී දෙවියෝ එහි මුළුදුන්හ. එම දේවසමාගම උදෙසා ශාස්තෘන් වහන්සේ ධර්ම දේශනා කළ සේක.

32. නොයෙක් කෝටි ගණන් දෙව්බඹ පිරිස් හට ධර්මාභිසමය වී. ගණන නොකළ හැකි ඔවුහු තිසරණ සහිත සිල්හි පිහිටියහ.

33. සමන්තකූට පර්වතවාසී මහා සුමන දේවේන්ද්‍ර තෙමේ සෝවාන් ඵලයට පත්ව වැඳ පුදා ගන්නට පූජ්‍ය වස්තුවක් ඉල්ලා සිටියේය.

34. එකල්හී සර්වඥයන් වහන්සේ බුදු සිරස පිරිමැද අති නිර්මල වූ නිල් වන් කේශධාතු මිටක් පමණ වූ රොදක් ශ‍්‍රී හස්තයෙන් ගෙන දුන් සේක.

35. මහා සුමන දෙව්රජ තෙමේ ඒ කේශ ධාතූන් වහන්සේලා රනින් කරන ලද උතුම් කරඬුවකින් ගෙන ශාස්තෘන් වහන්සේ වැඩහුන් තැන අනේක මාණික්‍යරත්නයන් එක්කොට

36. සත් රියන් උස් වූ එක් විසි රියන් වට ඇති ස්ථූපයක් කොට එම කරඬුව එහි තැන්පත් කොට ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් කළ සෑයෙන් වසා වැඳුම් පිදුම් කළේය.

37. සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සරභූ නම් රහත් තෙරුන් වහන්සේ නමක් ඉර්ධිබලයෙන් එම ගිනි ඇවිලෙන චිතකයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ග‍්‍රීවා ධාතුව රැගෙන

38. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ එම ග‍්‍රීවා ධාතුව මෙහි ගෙනවුත් එම මියුගුණු සෑයෙහිම තැන්පත් කොට භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන

39. එම සෑය වසා මේදවර්ණ ගලින් වසා දොළොස් රියනක් උසට සෑය නැංවූ ඒ මහා ඉර්ධිමතුන් වහන්සේ යළි දඹදිව වැඩම කළෝ.

40. දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු උද්ධචූළාභය කුමරු මෙම අසිරිමත් වූ චෛත්‍යරාජයා දැක,

41. එම මියුගුණු සෑය වසා තිස් රියනක් උසට කැරවූයේය. දෙමළ බලය මඬිමින් සිටි දුටුගැමුණු රජතෙමේ එම චෛත්‍යස්ථානයෙහි සිටියේ,

42. එම මියුගුණු සෑය අසූ රියනක් උසට කැරවූයේය. මේ අයුරින් මහියංගණ චෛත්‍යරාජයන් වහන්සේ මැනැවින් පිහිටි සේක.

43. මෙසේ මෙම ශ‍්‍රී ලංකාද්වීපයට වැඩම කොට මනුෂ්‍ය වාසයට යෝග්‍යස්ථානයක් බවට පත් කළ නිරාකූල ප‍්‍රඥාවෙන් හා වීරපරාක‍්‍රමයෙන් අග‍්‍රප‍්‍රාප්ත මහාප‍්‍රාඥ වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙරළා උරුවෙල් දනව්වට වැඩි සේක.

– මහියංගණාගමන කථා නිම වූයේය. –

මහාවංශය 2
1. මහා මුනීන්ද්‍ර වූ අපගේ සර්වඥයන් වහන්සේ මහා සම්මත රාජවංශයෙහි මෙම කල්පය ආරම්භයෙහිදී මහා සම්මත නම් රජුව සිටියහ.

2. එසේම රෝජ, වරරෝජ, කල්‍යාණ, වරකල්‍යාණ, උපෝසථ, මන්දාතු, චර, උපචර,

3. චේතිය, මුචල, මහාමුචල, මුචලින්ද, සාගර, සාගරදේව,

4. භරත, භාගිරථ, රුචි, සුරුචි, ප‍්‍රතාප, මහාප‍්‍රතාප, පනාද, මහාපනාද,

5. සුදස්සන, මහාසුදස්සන, නේරු, මහානේරු වශයෙන් මහා සම්මත රාජවංශයෙහි මුල් රජ පරපුරෙහි දරු මුනුබුරෝ පහළවූහ.

6. අසංඛෙය්ය ආයු ඇතිව සිටි මේ අටවිසි රජවරු කුශාවතිය, රාජගෘහ ය, මිථිලාව යන නගරයන්හි රජකළහ.

7. එම රජපරපුරෙහි දරු මුනුබුරෝ සිය දෙනෙක් ද, පනස් හය දෙනෙක් ද, සැට දෙනෙක් ද, අසූ හාර දහසක් ද, එයින් මෑත භාගයේ

8. තිස් හය දෙනෙක් ද, විසි අට දෙනෙක් ද, විසි දෙදෙනෙක් ද, දහ අට දෙනෙක් ද, දහ හත් දෙනෙක් ද, පහළොස් දෙනෙක් ද, දහ හතර දෙනෙක් ද,

9. නව දෙනෙක් ද, සත් දෙනෙක් ද, යළි දොළොස් දෙනෙක් ද, විසි පස් දෙනෙක් ද, ඉන්පසු විසි පස් දෙනෙක් ද, නැවත දොළොස් දෙනෙක් ද, නැවතත් දොළොස් දෙනෙක් ද, නව දෙනෙක් ද,

10. මඛාදේව ආදී අසූ හාරදහසක් දෙනෙක් ද, කළාරජනක ආදී අසූ හාරදහසක් දෙනෙක් ද,

11. ඔක්කාක රජු දක්වා යළි දරු මුනුබුරෝ දහසය දෙනෙක් ද වශයෙන් ඔවුහු කැමති පරිද්දෙන් රාජ්‍ය අනුශාසනයෙහි යෙදුණාහ.

12. ඔක්කාක රජහු හට ඔක්කාමුඛ නමින් ජ්‍යෙෂ්ඨ කුමාරයෙක් විය. නිපුර, චන්දිමන්තු, චන්දමුඛ, සිවි, සඤ්ජය,

13. වෙස්සන්තර මහරජ, ජාලිය, සීහවාහන, සීහස්සර ආදී වශයෙන් දරු මුනුබුරෝ පහළ වූහ.

14. සීහස්සර රජහු හට අසූ දෙදහසක් දරු මුනුබුරෝ ය. ඔවුන්ගේ අන්තිමයා ජයසේන නම් විය.

15. කපිලවස්තු නගරයෙහි ශාක්‍ය රජවරුන් ලෙස මොවුහු ප‍්‍රසිද්ධ වූහ. සිංහහනු මහරජතුමා ජයසේන රජුගේ පුත‍්‍රයා ය.

16. ජයසේන රජු හට යශෝදරා නමින් දියණියක් ද සිටියාය. දේවදහ නගරයෙහි දෙව්දහ ශාක්‍ය නමින් රජෙක් සිටියේය.

17. ඔහුට අඤ්ජන නමින් කුමාරයෙක් ද, කච්චානා නමින් කුමාරියක ද වශයෙන් දරුදෙදෙනෙක් වූහ. කච්චානා කුමාරිකාව සිංහහනු රජුගේ අග‍්‍රමහේෂිකාව වූවාය.

18. අඤ්ජන ශාක්‍ය රජහුගේ අග‍්‍රමහේෂිකාව වූවා යශෝදරාවෝ ය. එම අඤ්ජන රජු හට මායා නමින් ද, ප‍්‍රජාපතී නමින් ද දූකුමරියෝ දෙදෙනෙක් වූහ.

19. එමෙන්ම එම රජු හට දණ්ඩපාණී ශාක්‍ය නමින් ද, සුප‍්‍රබුද්ධ ශාක්‍ය නමින් ද කුමාරවරු දෙදෙනෙක් වූහ. සීහහනු රජු හට පුත් කුමාරවරුන් පස් දෙනෙක් ද, දූ කුමාරිකාවෝ දෙදෙනෙක් ද වූහ.

20. සුද්ධෝදන, ධෝතෝදන, සක්කෝදන, සුක්කෝදන, අමිතෝදන වශයෙන් පඤ්ච පුත‍්‍රයෝ වූහ. දියණිවරු දෙදෙනා අමිතා, ප‍්‍රමිතා නම් වූහ.

21. සුප‍්‍රබුද්ධ ශාක්‍ය රජුගේ මහේෂිකාව වූවා අමිතාවෝ ය. මේ දෙදෙනා හට භද්දකච්චානා නමින් දූ කුමරියක් ද, දේවදත්ත නමින් පුත් කුමරෙක් ද වූහ.

22. මායා කුමරියත්, ප‍්‍රජාපතී කුමරියත් සුද්ධෝදන රජුගේ මෙහෙසියෝ වූහ. සුද්ධෝදන මහරජුට දාව මායා බිසව්ගේ කුසින් අප සර්වඥයන් වහන්සේ උපන් සේක.

23. මෙසේ මහාවංශ රාජ පරම්පරායෙහි ආවාහ විවාහ ආදිය තුළින් නොබිඳී පැවති ක්ෂත‍්‍රිය වංශය නම් වූ මෙම මහා සම්මත රාජ වංශයෙහි අපගේ මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ අවසාන ජන්මය විය.

24. බෝධිසත්ව වූ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ මහේෂිකාව වූවා භද්දකච්චානා කුමාරිකාවෝ ය. ඒ මහේෂිකාවගේ පුත‍්‍රයා වූයේ රාහුල කුමාරයා ය.

25. බිම්බිසාර කුමාරයා ද, සිද්ධාර්ථ කුමාරයා ද යහළුවෝ ය. ඒ  දෙදෙනාගේ පියරජවරුන් ද යහළුවෝ ය.

26. අප බෝසතාණන් වහන්සේ බිම්බිසාර රජු හට වඩා පස් අවුරුද්දකින් වැඩිමහළු වූ සේක. මහබෝසතාණන් වහන්සේ විසින් අභිනිෂ්ක‍්‍රමණය කරන ලද්දේ වයස විසි නවයේ දී ය.

27. සය වර්ෂයක් පටන් වෙර වඩමින් දුෂ්කර ක‍්‍රියායෙහි යෙදී (එය අත්හැර මැදුම් පිළිවෙත තුළින්) උතුම් සම්බෝධියට පත්ව, තිස් පස් වැනි වියෙහිදී අප බුදුරජාණෝ බිම්බිසාර රජු කරා වැඩි සේක.

28. බිම්බිසාර රජු තම පියා විසින් අභිෂේක කරන ලද්දේ වයස පහළොවේදී ය. මහා ප‍්‍රාඥ වූ බිම්බිසාර රජ තෙමේ එතැන් සිට රජකරන්නට විය.

29. බිම්බිසාරයන් රජ පැමිණි දහසය වෙනි වසරේ දී ශාස්තෘන් වහන්සේ දහම් දෙසූ සේක. හෙතෙම පනස් දෙවසරක් රජකම් කළේය.

30. අපගේ සර්වඥයන් වහන්සේ මුණගැසෙන්නට පෙර ඔහු පසළොස් වසරක් රජ කළේය. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩසිටි කල්හි තිස් හත් වසරක් රජකළේය.

31. බිම්බිසාර රජහුගේ පුත‍්‍ර වූ කෲර සිත් ඇති මහා මිත‍්‍රද්‍රෝහී වූ අජාතසත්තු කුමාරයා බිම්බිසාර රජහු මරවා අවුරුදු තිස් දෙකක් රාජ්‍ය පාලනය කළේය.

32. අප මුනිඳාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ අජාසත් රජ වී අටවෙනි වර්ෂයෙහිදී ය. ඉන්පසුව ඔහු විසි හතර වර්ෂයක් රජ කළේ ය.

33. සකල ගුණයෙන්ගෙන් මුදුන් පත් වූ අප තථාගතයන් වහන්සේ ක්ලේශ වසඟයනට පත් නොවූ සිතින් අනිත්‍යභාවයට පත්ව පිරිනිවන් පා වදාළ සේක. මෙසේ මේ ලෝකයෙහි භය උපදවන්නා වූ අනිත්‍ය ස්වභාවය යමෙක් නුවණින් විමසා අවබෝධ කරයි ද, ඔහු දුකෙන් එතෙර වන්නේ ය.

– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි මහාසම්මත වංශය නම් වූ දෙවෙනි පරිච්ඡෙදය නිමාවට පත්විය. –

මහාවංශය 3
1. පංචනේත්‍රධාරී වූ අතුල්‍ය වූ සර්වඥයන් වහන්සේ පන්සාළිස් වසක් මැ වැඩවසමින් ලෝක සත්වයාගේ හිතසුව පිණිස සකළ බුද්ධකෘත්‍යය කොට නිමවා,

2. කුසිනාරායෙහි උත්තම සාල වෘක්ෂයන් දෙක අතරෙහි වැඩසිටි ලෝකයෙහි එකම ප්‍රදීපය වූ ඒ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනයෙහි පිරිනිවන් පෑ සේක.

3. ගණනින් නිමා කළ නොහැකි භික්ෂු සංඝයා වහන්සේ ද එහි රැස්වූහ. එමෙන්ම ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යන වර්ණයන්ට අයත් ජනයා ද, දෙවියෝ ද එහි රැස්වූහ.

4. ඒ රැස් වූ භික්ෂූන් අතුරෙන් ප්‍රමුඛත්වය දැරූ භික්ෂූහු සත් ලක්ෂයක් වූහ. උන්වහන්සේලා අතර එකල්හී සංඝස්ථවිරයන් වහන්සේ වූවෝ මහා කස්සප මහරහතන් වහන්සේ ය.

5. ශාස්තෘන් වහන්සේගේ සිරුර සම්බන්ධ වූ ශාරීරික ධාතු කෘත්‍යයයන් නිමා කරවූ ඒ මහරහතන් වහන්සේ ශාස්තෘන් වහන්සේගේ ධර්මයෙහි චිරස්ථිතිය කැමති වන්නාහු,

6. දසබලධාරී ලෝකනාථයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් සත්වන දින සුභද්‍ර නම් වූ මහළු පැවිද්දාගේ අභද්‍ර වචනය සිහි කරන්නාහු,

7. එමෙන්ම ශාස්තෘන් වහන්සේ තම සිවුර මහා කස්සපයන් වහන්සේට ලබාදීමෙන් සම තන්හි පිහිටුවා වදාළ කරුණත්, ශ්‍රී සද්ධර්මය ස්ථිරව පිහිටුවාලීම පිණිස බුදුරජුන්ගෙන් ලත් අනුග්‍රහයත් සිහි කරන්නාහු,

8. සද්ධර්ම සංගීතිය හෙවත් ධර්ම සංගායනාව කිරීම පිණිස සම්බුදුරජුන්ගේ අනුමැතිය ලත් නවාංග ශාස්තෘ ශාසනධාරී වූ සර්වාංගයන්ගෙන් උපලක්ෂිත වූ,

9. උත්තම වූ මහා ක්ෂීණාශ්‍රව වූ භික්ෂූන් වහන්සේලා සම්මත කරන සේක් ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ තවම අරහත්වයට පත් නොවූ කාරණයෙන් උන්වහන්සේ වෙනුවෙන් එක නමක් අඩු කොට පන්සිය නමක් සම්මත කළ සේක.

10. අනඳ මාහිමියන් වහන්සේ බැහැර කොට සංගායනාව කළ නොහැකි බව දැන රහත් භික්ෂූන් විසින් විශේෂයෙන් ඉල්ලා සිටින ලදුව එතෙක් නොරහත් වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේව යළි සම්මත කළ සේක.

11. සාධු ක්‍රීඩායෙන් සත් දවසක් ද, ධාතු පූජායෙන් සත් දවසක් ද වශයෙන් අඩමසක් ගෙවා සකල ලොකානුකම්පායෙන් යුතු වූ ඒ රහතන් වහන්සේලා

12. රාජගෘහ නගරයෙහි වස් වසමින් ධර්ම සංගායනා කරන්නෙමුයි සලකා සංගායනාවට සහභාගී නොවන අන්‍ය භික්ෂූන් එහි වස් නොවැසිය යුතු යැයි නිශ්චය කොට,

13. ඒ ඒ  ප්‍රදේශයන්හි ශෝකාතුර වූ මහාජනයා අස්වසාලමින් ඒ මහරහතන් වහන්සේ ජම්බුද්වීපයෙහි චාරිකායෙහි වඩමින්,

14. ඇසළ මස පුර පක්ෂයෙහි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් සමෘද්ධ වූ රාජගෘහයට වැඩිසේක.

15. ස්ථිර වූ සසුන් ගුණයෙහි පිහිටි සර්වඥ මතයෙහි දක්ෂ වූ ඒ මහා කස්සප මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා රාජගෘහයෙහි වස් එළැඹ,

16. වස්සාන ඍතුවෙහි ප්‍රථම මාසයෙහි අජාසත්ත රජුට පවසා රාජගෘහයෙහි සියලූම කුටි සේනාසනයන් පිළිසකර කැරවූහ.

17. වෙහෙර පිළිසකරයන් නිමි කල්හි ‘අපි දැන් සර්වඥ ධර්මය සංගායනා කරම්හැ’යි රජ හට වදාළහ.

18. ‘මා විසින් ඒ වෙනුවෙන් කුමක් කළ යුතු දැ’යි පුළුවුත් රජ හට ‘භික්ෂූන් වැඩහිඳිනා තැන් පිළියෙල කළ මැනැවැ’යි වදාළහ. ඉක්බිති රජ තෙමේ ‘කොතන්හි දැ’යි විචාරන්නේ උන්වහන්සේලා විසින් පෙන්වා වදාළ තැන වූ,

19. වේභාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි දිව්‍ය  සභාව සමාන වූ රම්‍ය වූ මණ්ඩපයක් වහා කැරවූයේය.

20. ඒ අජාසත් රජ තෙමේ සර්වාකාරයෙන් මණ්ඩපය සරසා භික්ෂූන් වහන්සේලා පන්සිය නමට වැඩසිටීමට අනර්ඝ වූ ඇතිරිලි ඇතිරවූයේය.

21. එහි උතුරු දිශාවට මුහුණලා දකුණු දිශායෙහි මහාර්ඝ වූ උත්තම වූ ථේරාසනයක් ඉතා යහපත් ලෙස පණවන ලද්දේය.

22. එම මණ්ඩපය මධ්‍යයෙහි පෙරදිගට මුහුණලා සුගතයන් වහන්සේට උචිත පරිද්දෙන් උතුම් ධර්මාසනයක් ඉතා යහපත් කොට පණවන ලද්දේය.

23. ඉක්බිති රජතෙමේ ධර්ම සංගායනාව පිණිස අපගේ කටයුතු නිමියේයැයි මහරහතන් වහන්සේලාට දැනුම් දුන්නේය. ඒ මහරහතන් වහන්සේලා ආනන්දය ඇතිකරවන ආනන්ද මහාස්ථවිරයන් වහන්සේට මේ වචන පැවසූහ.

24. ‘එම්බා ආනන්දයෙනි, හෙට රහතුන්ගේ සංඝ සන්නිපාතයයි. සේඛ භික්ෂුවක් වශයෙන් එහි ඔබගේ පැමිණීම නොහොබනේය. එහෙයින් තෙපි තමාගේ යහපත පිණිස අප්‍රමාදී විහරණයෙන් කල් ගෙවව්.’

25. මෙසේ රහතන් වහන්සේලාගෙන් චෝදනා ලැබූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ වීරිය සමකොට සතර ඉරියව්වෙන් වෙන්ව උතුම් අරහත්වයට පත්වූ සේක.

26. වස්සානයෙහි දෙවන මාසයෙහි දෙවෙනි දින ඒ  සිත්කළු මණ්ඩපයෙහි රහතන් වහන්සේලාගේ සංඝසන්නිපාතය විය.

27. ඉක්බිති ඒ රහතන් වහන්සේලා ආනන්ද ස්ථවිරයන් වහන්සේට සුදුසු අසුන වෙන්කොට තබා තමන්වහන්සේලා සුදුසු අයුරින් අසුන්හි වැඩහුන් සේක.

28. ඒ ආනන්ද ස්ථවිරයන් වහන්සේ තම අරහත්ව ප්‍රතිලාභය සංඝයාට හඟවනු පිණිස උන්වහන්සේලා සමඟ නොවැඩි සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ කොහි සිටිත්දැයි යම්කිසි භික්ෂුවක් විසින් විමසන කල්හි,

29. පොළොවෙහි කිමිඳ අවුත් අහස් ගමනින් හෝ අවුත් ආනන්ද මහරහතන් වහන්සේ එහි වැඩ තමන් වෙනුවෙන් වෙන් කරන ලද අසුනෙහි වැඩහුන් සේක.

30. ශාසනභාරධාරී සියලූ රහතන් වහන්සේලා විනය සංගායනායෙහිලා උපාලි මහරහතන් වහන්සේ ද, අවශේෂ ධර්මයන් සංගායනායෙහිලා අනඳ මහරහතන් වහන්සේ ද ප්‍රධාන කළහ.

31. මහාථේරාසනයෙහි වැඩසිටි මහාකස්සප මහරහතන් වහන්සේ විනය විචාරීම පිණිස තමන්වහන්සේ වෙතටම පවරා ගත් සේක. විනය විසර්ජනය හෙවත් විසඳීම පිණිස පවරණ ලද්දාහු උපාලි තෙරුන් වහන්සේය.

32. ඒ මහාකස්සප මහරහතන් වහන්සේ ථේරාසනයෙහි වැඩහිඳ විනය විමසූ සේක. ධර්මාසනයෙහි වැඩහුන් උපාලි මහරහතන් වහන්සේ විනය විසඳු සේක.

33. විනයධර භික්ෂූන්ගෙන් අග්‍ර වූ විනයෙහිලා දත යුතු සියල්ලෙහි දක්ෂ වූ උපාලි මහරහතන් වහන්සේ විසඳු ක්‍රමයෙහිලා විනය සජ්ඣායනා කළහ.

34. බහුශ්‍රැත භික්ෂූන්ගෙන් අග්‍රවූ මහාර්ෂී වූ සුගතයන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරයෙහි ආරක්ෂක වූ ආනන්ද මහරහතන් වහන්සේ ධර්ම විසඳීමෙහිලා සම්මත කොට, මහාකස්සප මහරහතන් වහන්සේ ධර්මය විමසීම පිණිස තමන්වහන්සේම සම්මත කරගත් සේක.

35. ඒ අයුරින් ධර්මය විසඳාලීම පිණිස තමන් සම්මත වූ ඒ ආනන්ද මහරහතන් වහන්සේ ඉතුරු නොකොට සකල ධර්මය විසඳාලූ සේක.

36. වේදේහමුනි වූ ධර්ම අර්ථයන්හි දක්ෂ වූ ඒ ආනන්ද මහරහතන් වහන්සේ විසින් විසඳන ලද ධර්ම ක්‍රමයෙන් ඒ සියලූ රහතන් වහන්සේලා සකල ධර්මය සජ්ඣායනා කළහ.

37. මෙසේ සකල ලෝක හිතකාරී වූ මහරහතන් වහන්සේලා විසින් සකල ලෝකයාගේම හිතසුව පිණිස සත්මාසයකින් ඒ ධර්ම සංගායනා තොමෝ සම්පූර්ණ කරන ලද්දීය.

38. මහාකස්සප මහරහතන් වහන්සේ විසින් මේ සම්මා සම්බුද්ධ ශාසනය පන්දහසක් කල් අවුරුදු පැවැත්මෙහිලා පොහොසත් වන පරිද්දෙන් ධර්ම සංගායනාව කරන ලද්දේයැයි

39. සකල සාගර ජලය හිම් කොට ගත් මහාපෘථිවි තොමෝ අතිශයින්ම හටගත් ප්‍රීති ප්‍රමෝද්‍යය ඇත්තී සංගායනාව අවසන්හි හයවරක් කම්පිත වූවාය.

40. ලෝකයෙහි අනේක වූ ආශ්චර්යයෝ ඇතිවූහ. මහරහතන් වහන්සේලා විසින් සංගායනා තුළින් කරන ලද මෙම මහාස්ථවිරයන් වහන්සේලාගේ පරපුර ‘ථේරීය’ නම් වේ.

41. ඒ මහරහතන් වහන්සේලා ප්‍රථම ධර්ම සංගායනාව කොට ලෝකයට හිතසුව පිණිස පවතින බොහෝ දේ කොට ආයු ඇති තෙක් වැඩහිඳ පිරිනිවී ගිය සේක.

42. ප්‍රඥා ප්‍රදීපයෙන් මෝහාන්ධකාරය ප්‍රහාණය කළ ලෝකාන්ධකාරය දුරු කිරීමෙහිලා මහා ප්‍රදීපයන් බඳු වූ ඒ මහරහතන් වහන්සේලා පවා මරණය නම් වූ ඝෝරතර සැඩසුළඟ හැමීමෙන් නිවා දමන ලද්දාහුය. එහෙයින් නුවණැති කෙනා ජීවිත මදය අත්හැර දැමිය යුත්තේය.

– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි ප්‍රථම ධර්ම සංගීතිය නම් වූ තෙවෙනි පරිච්ජේය නිමාවට පත්විය. –

මහාවංශය 4
1. මිත‍්‍රද්‍රෝහීවූ උදායීභද්‍ර නම් පුත‍්‍රයෙක් අජාසත් රජතුමාට සිටියේය. හේ තම පියාවූ අජාසත් රජු මරවා දහසය අවුරුද්දක් රාජ්‍ය කළේය.

2. උදායීභද්‍රගේ පුත‍්‍රයාවූ අනුරුද්ධ කුමාරයා ද තම පියාව ඝාතනය කෙරෙව්වේය.අනුරුද්ධ රජුගේ පුත‍්‍ර වූමුණ්ඩ කුමාරයා ද තම පියාණන්වූ අනුරුද්ධ රජු මරවා රාජ්‍යය විචාළේය.

3. මිසදිටු ගත් මිත‍්‍රද්‍රෝහීවූ ඔවුහු මගධ රාජ්‍යය කළහ. මෙම අනුරුද්ධ සහ මුණ්ඩයන රජවරුන්ගේ යුගය අට අවුරුද්දකින් ඉක්ම ගියේය.

4. මුණ්ඩ රාජ පුත‍්‍රයා වූ නාගදාසක නම් පවිටු කුමරා තම පියා ඝාතනය කරවා විසිහතර වසරක් රාජ්‍යය විචාළේය.

5. ‘මේවනාහී පීතෘ ඝාතක පරම්පරාවකි’යි කියා කිපුණු නගරවැසියෝ සමඟිව එක්ව නාගදාසක රජු මගධ රාජ්‍යයෙන් පහ කොට,

6. ජනයා විසින් ඉතායහපතැයි සම්මත කරගත් සුසුනාග යැයි ප‍්‍රසිද්ධවූ සියල්ලන් හට යහපත සළසන සිත්ඇති ඇමතිවරයෙකු රාජ්‍යයෙහි මැනැවින් අභිෂේක කළාහුය.

7. ඒ රජතෙමේ දහ අටවසරක් මගධ රාජ්‍යය විචාළේය. ඔහුගේ පුත‍්‍ර වූ කාළාශෝක කුමාර තෙමේ විසිඅටවසරක් රාජ්‍යය විචාළේය.

8. කළාශෝක රජතුමාගේ අභිෂේකයෙන් දසවෙනි වර්ෂය ඉක්ම යන කල්හි සම්බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑමෙන් වර්ෂ සියයක් සම්පූර්ණ වූයේය.

9. එකල්හි විශාලා මහනුවර වාසය කරන නොයෙක් වජ්ජිපුත්තක භික්ෂූන්වහන්සේලා අඟක ලූණු දමාගෙන අවශ්‍ය විටෙක ගෙන වැළඳීම කැපය (සිංගිලෝණකප්ප), ඉර අවරට ගොස් දෑඟුලක් යනතෙක් වැළඳීම කැපය (ද්වංගුලකප්ප), එමෙන්ම ගමනක් වඩිනවිට දන් වළඳා අන් ගමකට ගොස් යළි වැළඳීම කැපය (ගාමන්තරකප්ප),

10. ප‍්‍රධාන සීමාවක ඇති කුඩා කුඩා සීමාවලදී වෙන් වෙන් පොහොය කිරීම කැපය (ආවාසකප්ප), ආචාර්ය උපාධ්‍යායය ආදීන් විසින්ප රම්පරාවෙන් පුරුදු කරන ලද දේ ඒ අයුරින්ම පුරුදුකිරීම කැපය (ආචිණ්ණකප්ප), විනය කර්ම කිරීමෙන් පසු භික්ෂූන් අතර ඒ සඳහා අනුමැතිය ගැනීම කැපය (අනුමතිකප්ප), සුරා බවට පත් නොවූ මෙන්ම නොමේරූ රහ මෙර පානයකිරී මකැපය (ජලෝගිකප්ප), කැප කොට නොගත් ආහාර පාන ආදිය වැළඳීම කැපය (අමථිතිකප්ප), දාවලූ නැති නිසීදන පරිහරණය කැපය (අදසකනිසීදනකප්ප), රන් රිදී මිල මුදල් පිළිගැනීම කැපය (ජාතරූපාදීකප්ප)

11. මෙසේ විශාලා මහනුවර වැසි අලජ්ජී භික්ෂූහු මෙම කරුණු දහය කැපයැයි සම්මත කොට ප‍්‍රකාශ කළහ. වජ්ජි දේශයන්හි චාරිකා යෙහි වඩිමින් සිටි යස මහරහතන් වහන්සේ මෙම දසවස්තුව ගැනඅසා,

12. ෂඩභිඥාලාභී මහබලැති කාකණ්ඩපුත‍්‍ර වූ යස මහ රහතන්වහන්සේ මෙසේ අකැප ලෙස සම්මත කරගත් කරුණු දහය තුළින් උපදින ශාසනික අර්බුදය සංසිඳ වනු පිණිස උත්සාහ සහිතව විසල් පුර මහ වනයට වැඩිසේක.

13. ඒ වජ්ජි භික්ෂූහු උපෝසථාගාරයෙහිදිය සහිත වූලෝහ භාජනයක් තබා ‘සංඝයා හට කහවණු ආදිය දෙව්’කියා උපාසකවරුන්ට කීවාහුය.

14. එවිට යස මහරහතන්වහන්සේ ‘මෙය කැප නැත. එනිසා සංඝයාට කහවණු නොදෙව්’ කියා උපාසකවරුන්ව වැළැක්වූහ. එකල්හී ඒ භික්ෂූහු යස මහරහතන්වහන්සේ ලවා එම ගිහියන් ගෙන් සමාව ගැනීම පිණිස ‘පටිසාරණීය’ නම්වූ විනය කර්මය කළහ.

15. යස මහරහතන්වහන්සේ තමා හා යායුතු සහායක අනු දූත භික්ෂුවක ඉල්ලාගෙන නගර වැසියන් හට තමන් වහන්සේගේ ධර්ම වාදී බව පැහැදිලිකොට ඔහු සමඟ විශාලා මහනුවරට වැඩියහ.

16. එවිට ඒ අනුදූත භික්ෂුවගේ බස් ඇසූ අලජ්ජී භික්ෂූහු යස මහරහතන්වහන්සේව සංඝයාගෙන් බැහැර කිරීමපිණිස ‘උක්ඛේපනීය කර්මය’ නම්වූ විනය කර්මය කිරීම පිණිස යස මහරහතන්වහන්සේ වැඩ සිටි කුටියවට කළහ.

17. යස මහරහතන්වහන්සේ එතැනින් අහසට පැනනැඟී කොසඹෑ නුවරට වැඩම කළහ. පාවානුවරවාසීභික්ෂූන්ටද, අවන්තිරටවාසී භික්ෂූන්ටද වහා දූතයන්යැවූසේක.

18. එලෙසින්ම තමන්වහන්සේ අහෝ ගංග පර්වත විහාරයට වැඩම කොට සාණ රට වාසී වූ සම්භූත නම් මහරහතන්වහන්සේ හමු වී සිදුවූ සියල්ල සැළ කරසිටියහ.

19. පාවා නුවරවාසී සැට නමක්වූ ද, අවන්තිරටවාසී අසූ නමක්වූ ද ක්ෂීණාශ‍්‍රවවූ සියලූ රහතන්වහන්සේලා අහෝ ගංග පර්වත විහාරයට අහසින් බැස්සාහුය.

20. ඒ ඒ තැන එහි වැඩි සියලූ භික්ෂූන්වහන්සේලා අනූ දහසක් වූහ. ඒ කෙලෙස් හුල් රහිත  වූ මහරහතන්වහන්සේලා මෙකරුණ සාකච්ඡාකොට,

21. බහුශ‍්‍රැත වූ ආශ‍්‍රව රහිත වූ සෝරෙය්යරටවාසී රේවත මහතෙරුන්වහන්සේ ඒ කාලයෙහි වැඩ සිටි ප‍්‍රධානභික්ෂූන්වහන්සේ බව දැන උන්වහන්සේ දැකීම පිණිස නික්ම ගියාහුය.

22. ඒ රේවත මහරහතන්වහන්සේ එම සාකච්ඡාව දිව කණින් අසා විශාලා මහනුවරට වඩිනු පිණිස පහසු ගමනකට කැමතිව එකෙණෙහිම  තමන්වහන්සේ සිටි තැනින් නික්ම වැඩිසේක.

23. උදෑසනින් නික්මුණු තැන සිට සවස පැමිණෙන්නාවූභික්ෂූන්ට ඒ රේවත මහරහතන්වහන්සේව සහජාත නම් භූමියේදී දැක ගන්නට හැකි වූහ.

24. එහිදී සම්භූත මහරහතන්වහන්සේගේ නියෝගයෙන් යස මහරහතන් වහන්සේ සද්ධර්ම ශ‍්‍රවණය සිදු කොට අවසානයේදී උත්තමවූ රේවත මහරහතන්වහන්සේ වෙත එළැඹ,

25. දසවස්තුව කැප අකැපබව විමසූ සේක. රේවත මහරහතන්වහන්සේ එයඅකැප යැයි ප‍්‍රතික්ෂේප කළසේක. මේ අර්බුදය අසා එය වළක්වාලමුයි පවසා සිටි සේක.

26. පාපීභික්ෂූහු ද උතුම් වූ රේවත මහරහතන් වහන්සේව තමන්ගේ පක්ෂයට නතු කරගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ කැප සරුප්ශ‍්‍රමණ පරිෂ්කාර පිළියෙළකොට,

27. වහා නැවෙන් ගොස් සහජාත භූමිය අසලට පැමිණි විට දන් වළඳන වේලාව පැමිණිහෙයින්ද න් වැළඳීම කළහ.

28. එකල්හී ආනන්ද මහරහතන්වහන්සේ ළඟ වැඩසිට දැනට සහජාත භූමියේ වැඩවසන සාළ්හ නම් රහතන්වහන්සේ මෙම පාවානුවරවැසි භික්ෂූහු ධර්මවාදීහු වෙත් දැයි සිතා වදාළහ.

29. එවිට මහාබ‍්‍රහ්මරාජයා උන්වහන්සේ වෙත එළැඹ ‘ධර්මයෙහි පිහිටාසිටින්න’ යැයි පවසා සිටියේය. එවිට සාළ්හ රහතන්වහන්සේ නිරන්තරයෙන් තමන් ධර්මයෙහි පිහිටා සිටින බව එම බ‍්‍රහ්මරාජයාට වදාළහ.

30. අර භික්ෂූහු පරිෂ්කාර ද රැගෙන රේවත මහරහතන් වහන්සේව දුටහ. එවිට රේවත තෙරණුවෝ එමපිරි කර නොගත් සේක. එම අධර්මවාදී පක්ෂය ගත් උත්තර නම්වූ තම ශිෂ්‍ය භික්ෂුව ද නෙරපූහ.

31. ඉක්බිති ඒ පාප භික්ෂූහු විශාලා මහනුවරට ගොස් එතැනින් පාටලීපුත‍්‍ර නගරයට ගියාහුය. මේ අලජ්ජී භික්ෂූහු කාලාශෝක රජතුමා මුණගැසී මෙසේ කීහ.

32. ‘අපි විශාලා මහනුවර මහා වන විහාරයෙහි ශාස්තෘන්වහන්සේ වැඩ සිටි ගන්ධ කුටිය ආරක්ෂාකරමින් වජ්ජි භූමියෙහි වාසය කරමු.

33. ග‍්‍රාම වාසී භික්ෂූන්වහන්සේලා අප ගේ විහාරය ඩැහැගන්නෙමුයිකියා පැමිණෙති. මහරජාණෙනි, ඔවුන් වළක්වාලනුමැනැව’

34. මෙසේ රජතුමාව වැරදි කරුණ කපිහිටුවා ඔවුහු විශාලා මහනුවරට පැමිණියහ. මෙම සහජාත භූමිය රේවත මහරහතන්වහන්සේ සමීපයෙහි,

35. දස වස්තුවෙන්ඇතිවූ අර්බුදය සංසිඳුවන අදහසින් රැස්වූ භික්ෂූන්වහන්සේලා ගණනින් එකොලොස් ලක්ෂ අනූ දහසක්වූහ.

36. නමුත් මෙකරුණට මුල්වූ වජ්ජි පුත්තක භික්ෂූන්ගෙන් වෙන්ව මෙකී දස වස්තුව සමථයකට පත් කිරීමට රේවත මහ රහතන්වහන්සේ නොකැමති වූ සේක. එකල්හී සියලූ භික්ෂූන්වහන්සේ එතැනින් නික්ම විශාලා මහනුවරට වැඩියහ.

– හුදී ජන පහන් සංවේගය පිණිස කරන ලද මහා වංශයෙහි ද්විතීය ධර්ම සංගීතිය නම්වූ සිව්වෙනි පරිච්ජේදයෙන් කොටසකි. –

මහාවංශය 5
37. පාපී භික්ෂූන්ගේ පක්ෂය ගත් ඒ රජ තෙමේ ද ඇමතිවරුන් ව එහි යැව්වේ ය. නමුත් බුදුසසුනෙහි පහන් සිත් ඇති දෙවියන්ගේ ආනුභාවයෙන් ඒ ඇමතිවරුන්ට පාර වැරදී   වෙනත් තැනකට ගියහ.

38. ඒ ඇමතිවරුන් ව පිටත් කළ මිහිපල් තෙමේ රාත‍්‍රියෙහි නිදා සිටිද්දී සිහිනයක් දුටුවේ ය. එනම් තම ශරීරය නිරයේ ලෝදිය සැලියක වැටී ඇති ආකාරයයි.

39. රජතුමා අතිශයින් ම බියට පත්විය. රජතුමා ව අස්වසනු පිණිස ඔහුගේ නැගණිය වූ නන්දා නම් රහත් ස්ථවිරීන් වහන්සේ අහසින් වැඩම කළෝ ය.

40. ‘‘රජතුමනි, නුඹවහන්සේ විසින් කරන ලද්දේ බරපතල කර්මයකි. ධාර්මික වූ භික්ෂු සංඝයාගෙන් සමාව ගන්න. නුඹවහන්සේ ධාර්මික භික්ෂූන් වහන්සේලාගේ පක්ෂය ගෙන බුද්ධ ශාසනයට උපකාර කරන්න.

41. මෙසේ කළ විට නුඹවහන්සේට සෙතක් වන්නේ ම ය” කියා ඕ තෝමෝ පිටත්ව ගියා ය. රජතෙමේ උදෑසනින් ම විශාලා මහනුවර බලා නික්ම ගියේ ය.

42. ඒ රජතෙමේ විශාලාවෙහි මහාවනයට ගොස් භික්ෂු සංඝයා රැස් කරවා දෙපක්ෂයෙහි ම මතවාද අසා ධාර්මික වූ භික්ෂු සංඝයාගේ පක්ෂයට කැමති වී,

43. ඒ දැහැමි වූ සියලූ භික්ෂු සංඝයා වහන්සේලා කමා කරවාගෙන තමන්ගේ ධාර්මික වූ ශාසනික පක්ෂපාතීභාවය ප‍්‍රකාශ කොට නුඹවහන්සේලා කැමති පරිද්දෙන්,

44. බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරන්න යැයි ප‍්‍රකාශ කොට උන්වහන්සේලාට ආරක්ෂා රැකවරණ ලබා දී තමන්ගේ නගරයට ගියේ ය.

45. එකල්හි එම දසවස්තුව විනිශ්චය කිරීම පිණිස සංඝයා වහන්සේ රැස් වූ සේක. එකල්හි කෙළවරක් නැති වාද විවාද කථාවන් සංඝයා මැද හටගත්තේ ය.

46. ඉක්බිති ඒ රේවත මහරහතන් වහන්සේ සංඝයා මැදට වැඩමකොට සංඝයාට කරුණු අස්සවා දසවස්තුව පිළිබඳ ව විනිශ්චය කිරීම පිණිස, අධර්මවාදී පිරිස සංඝයාගෙන් බැහැර කිරීම වෙනුවෙන් කරන උබ්භාහිකා නම් විනය කර්මය නිර්දේශ කළ සේක.

47. ඒ සඳහා පෙරදිගවාසී රහතන් වහන්සේලා සතර නමක් ද, පාවෙය්යක භික්ෂූන් සතර නමක් ද සම්මත කළ සේක. ඒ භික්ෂූන් වහන්සේලා අට නම උබ්භාහිකාව සම්මත කළ සේක.

48. සබ්බකාමී රහතන් වහන්සේ ද, සාළ්හ රහතන් වහන්සේ ද, ඛුජ්ජසෝභිත නම් රහතන් වහන්සේ, වාසභගාමික රහතන් වහන්සේ ද අයත් වූයේ පෙරදිගවාසී භික්ෂු සංඝයාට ය.

49. රේවත රහතන් වහන්සේ ද, සාණුවාසී සම්භූත රහතන් වහන්සේ ද, කාකණ්ඩපුත‍්‍ර යස රහතන් වහන්සේ ද, සුමන රහතන් වහන්සේ ද අයත් වූයේ පාවෙය්යක සංඝයාට ය.

50. මෙම රහතන් වහන්සේලා අට නම නිශ්ශබ්දතාවයෙන් යුතු ව නිරාකූල ලෙස මෙම දසවස්තුව සංසිඳුවනු පිණිස වාලූකාරාමයට වැඩම කළහ.

51. එහි දී නවක භික්ෂූන් වහන්සේ නමක් විසින් පණවන ලද යහපත් ආසනයෙහි මහාමුනීන්ද්‍රයන් වහන්සේගේ අදහස් ගැන අවබෝධයක් ඇති මහා ස්ථවිරයන් වහන්සේලා වැඩහුන්හ.

52. මෙම දසවස්තුව පිළිබඳ ව එක එක කරුණ ප‍්‍රශ්න විමසීමෙහි දක්ෂ වූ රේවත මහරහතන් වහන්සේ විසින් සබ්බකාමී මහරහතන් වහන්සේගෙන් විමසා සිටි සේක.

53. එකල්හි සබ්බකාමී මහරහතන් වහන්සේ සූත‍්‍ර දේශනා උපුටා දැක්වීමෙන් දසවස්තුවට අදාළ එක් එක් කාරණය කැප නො වන බවට පවසා වදාළහ.

54. ඒ රහතන් වහන්සේලා මනා පිළිවෙලකින් යුක්ත ව එම ආරවුල බැහැර කොට සංඝයා මැදදීම එහි ප‍්‍රශ්න විමසීමත්, විසඳීමත් කළ සේක.

55. ඒ මහා ස්ථවිරයන් වහන්සේ දසවස්තුව ප‍්‍රසිද්ධ කොට එයට යොමු වූ පාපී භික්ෂූන් වහන්සේලා දසදහසක් පිරිසට නිග‍්‍රහ කළ සේක.

56. එකල්හි මෙම පෘථිවියෙහි සංඝයා අතර වැඩිමහලූ තෙරුන් වහන්සේව වැඩසිටියේ සබ්බකාමී මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ උපසම්පදාව ලැබ එකසිය විසි වස් ඇතිව වැඩ සිටි සේක.

57. සබ්බකාමී රහතන් වහන්සේ ද, සාළ්හ රහතන් වහන්සේ ද, රේවත රහතන් වහන්සේ ද, ඛුජ්ජසෝභිත රහතන් වහන්සේ ද, කාකණ්ඩපුත‍්‍ර යස රහතන් වහන්සේ, සාණුවාසික සම්භූත රහතන් වහන්සේ ද,

58. යන මේ රහතන් වහන්සේලා ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වූ සේක. වසභගාමික රහතන් වහන්සේ ද, සුමන රහතන් වහන්සේ ද යන මෙම රහතන් වහන්සේලා දෙනම

59. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වූ සේක. ඒ සියලූ රහතන් වහන්සේලා තථාගතයන් වහන්සේ දැකීමට වාසනාව ලද භික්ෂූන් වහන්සේලා වූ සේක.

60. මෙම කරුණ උදෙසා භික්ෂූන් වහන්සේලා දොළොස් ලක්ෂයක් රැස්වූහ. ඒ සංඝ සන්නිපාතයෙහිලා ප‍්‍රමුඛව වැඩසිටියේ රේවත මහරහතන් වහන්සේ ය.

61. එහෙයින් එවිට ඒ රේවත මහරහතන් වහන්සේ චිරාත් කාලයක් සද්ධර්මය පවතිනු පිණිස ධර්ම සංගායනාවක් කරවන්නට ඒ සියලූ භික්ෂු සංඝයා අතරින්,

62. අර්ථ, ධර්ම, නිරුක්ති, ප‍්‍රතිභාන යන පටිසම්භිදාලාභී ත‍්‍රිපිටකධාරී රහතන් වහන්සේලා හත්සිය නමක් තෝරාගත් සේක.

63. ඒ සියලූ රහතන් වහන්සේලා කාලාශෝක නරේන්ද්‍රයන් විසින් කරන ලද රැකවරණ සහිත වූ වාලූකාරාමයෙහි රේවත මහරහතන් වහන්සේ මුල්කොට ගෙන ධර්ම සංගායනාව කළ සේක.

64. කලින් ප‍්‍රථම ධර්ම සංගායනාවෙහි කරන ලද අයුරින් ම මේ ධර්මය ප‍්‍රශ්න ඇසීම ද, විමසීම ද ආදිය කොට අට මසකින් සංගායනාව නිම කළ සේක.

65. මේ අයුරින් දෙවෙනි ධර්ම සංගීතිය කළ මහා කීර්ති ඇති, දොස් රහිත වූ ඒ රහතන් වහන්සේලා ද සුදුසු කල්හි පිරිනිවන් පා වදාළහ.

66. මේ අයුරින් උතුම් ප‍්‍රඥාවෙන් යුක්ත වූ, ලොව්තුරු ගුණයන් පමුණුවා ගන්නා ලද, භවත‍්‍රයවාසීන් හට සෙත සලසන ලෝකනාථයන් වහන්සේගේ පුත‍්‍ර වූ රහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑම නම් වූ මරණය සිහිකොට සාර රහිත වූ සංඛත ධර්මයන්ගේ ස්වභාවය නුවණින් විමසා ධර්මයේ හැසිරීම පිණිස අප‍්‍රමාදී විය යුත්තේ ය.

– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි ද්විතීය ධර්ම සංගීතිය නම් වූ සිව්වෙනි පරිච්ඡේදය නිමා විය. –

මහාවංශය 6
01. මුලින් ම මහා කස්සප මහරහතන් වහන්සේ ආදි උතුම් රහතන් වහන්සේලා විසින් කරන ලද ධර්ම සංගායනාව ‘ථේරවාදය’ යැයි කියනු ලැබේ.

02. මුල සිට වර්ෂ සියයක් ම පැවතුණේ එක ම ථේරවාදය යි. ඉන් පසු ව වෙනත් ආචාර්යවාදයෝ පහළ වූහ.

03. දෙවන ධර්ම සංගායනාවේ දී රහතන් වහන්සේලා විසින් නිග‍්‍රහ කොට බැහැර කරන ලද පාපී භික්ෂූන්ගේ ගණන දස දහසකි.

04. ඔවුහු ‘මහාසංගීති’ නාමයෙන් ආචාර්යවාදයක් ආරම්භ කළහ. එම මහාසංගීතිවාදී භික්ෂූන්ගෙන් ‘ගෝකුලික’ නමින් ද ‘ඒකබ්බෝහාරික’ නමින් ද විශ්වාස දෙකක එල්බගත් භික්ෂූන් දෙපිරිසක් භින්න වූහ.

05. එහි ගෝකුලික භික්ෂූන්ගෙන් ‘ප‍්‍රඥප්තිවාද’ නමින් භික්ෂු පිරිසක් ද ‘බාහුලික’ නමින් මත ගත් භික්ෂු පිරිසක් ද බිහි වූහ. ඒ භික්ෂූන්ගෙන් ම ‘චේතිවාදය’ නම් වූ අන්‍ය මතයක් ගත් භික්ෂු පිරිසක් ද බිහි වූහ. ඒ සියලූ භික්ෂු නිකාය හය ම අයත් වන්නේ මහා සංඝිකයන්ට ය.

06. යළිදු ථේරවාද භික්ෂූන්ගෙන් ‘මහිංසාසක’ නමින් භික්ෂු පිරිසක් ද ‘වජ්ජිපුත්තක’ නමින් භික්ෂු පිරිසක් ද වශයෙන් වෙන් වී ගියහ.

07. ඒ වජ්ජිපුත්තක භික්ෂූන්ගෙන් ‘ධම්මුත්තරිය’ නමින් භික්ෂු පිරිසක් ද ‘භද්‍රයානික’ නමින් භික්ෂු පිරිසක් ද ‘ඡුන්නාගාරික’ නමින් භික්ෂු පිරිසක් ද ‘සම්මිතීය’ නමින් භික්ෂු පිරිසක් ද වෙන් වී ගියහ.

08. මහිංසාසක භික්ෂූන්ගෙන් ‘සර්වාස්තිවාදී’ නමින් භික්ෂු පිරිසක් ද ‘ධම්මගුත්තිය’ නමින් භික්ෂු පිරිසක් ද වශයෙන් දෙකොටසකට බෙදී ගියහ.

09. යළිත් සර්වාස්තිවාදී භික්ෂූන්ගෙන් ‘කස්සපීය’ නමින් භික්ෂු පිරිසක් කැඞී ගියහ. ඒ කස්සපීය භික්ෂූන්ගෙන් ‘සංක‍්‍රාන්තික’ නමින් භික්ෂු පිරිසක් ද ඒ භික්ෂූන්ගෙන් ‘සූත‍්‍රවාද’ නමින් භික්ෂු පිරිසක් ද වෙන් වී ගියහ.

10. මෙසේ ථේරවාදය සමඟ එයින් වෙන් වී ගිය නිකායන් ද එක් කළ විට දොළොසකි. කලින් කියන ලද මහා සාංඝිකවාදීන්ගේ නිකාය සය සමඟ සියල්ල දහ අටකි.

11. මෙසේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීයක් ගිය කල ථේරවාදය ඇරුණු කොට මතවාද දහහතක් විය. ඉන් මෑත ආචාර්යවාදයෝ උපන්හ.

12. එනම් ‘හේමවත’ භික්ෂූහු ය. ‘රාජගිරික’ භික්ෂූහු ය. එමෙන් ම ‘සිද්ධාර්ථික’ භික්ෂූහු ය. ‘පුබ්බසේලික’ භික්ෂූහු ය. ‘අපරසේලික’ භික්ෂූහු ය.

13. එමෙන් ම ‘වාජිරික’ භික්ෂූහු ය. මෙසේ නිකාය සයකට බිඳී ගිය සියලූ සඟ පිරිස ජම්බුද්වීපවාසී භික්ෂූහු වෙති. එමෙන් ම ලංකාද්වීපවාසී භික්ෂූන් ද ‘ධර්මරුචික’ වශයෙනුත්, ‘සාගලික’ වශයෙනුත් කොටස් දෙකකට කැඞී ගියහ.

14. කාලාශෝක රජතුමාගේ පුත‍්‍ර වූ සොයුරන් දහ දෙනෙක් වූහ. ඔවුහු වසර විසි දෙකක් ජම්බුද්වීපයෙහි රාජ්‍යානුශාසනා කළහ.

15. ඒ දසබෑ රජුන්ට අනතුරුව නන්දරාජ පරම්පරාවෙහි නව දෙනෙක් පිළිවෙළින් රජ කළහ. ඔවුහු ද වසර විසි දෙකක් රාජ්‍යානුශාසනා කළහ.

16. ‘මෞර්ය’ නම් වූ රාජවංශයෙහි උතුම් ශ‍්‍රී දරණ චන්ද්‍රගුප්ත නමින් ප‍්‍රසිද්ධ කුමාරයෙක් උපන්නේ ය. එහි දී චානක්‍ය නම් බ‍්‍රාහ්මණ පුරෝහිතයෙක්,

17. නන්දරාජ පරම්පරාවේ නව වැනියා වූ ධනනන්ද රජුව චණ්ඩ වූ ක්‍රෝධයෙන් යුතු ව ඝාතනය කරවා සකල ජම්බුද්වීපයට චන්ද්‍රගුප්ත කුමාරයා රාජාභිෂේක කර වී ය.

18. ඒ චන්ද්‍රගුප්ත රජතෙමේ විසි හතර වර්ෂයක් ජම්බුද්වීපයෙහි රජ කළේ ය. ඔහුගේ පුත‍්‍ර වූ බිංදුසාර කුමරු රජ බවට පැමිණ විසි අට වර්ෂයක් රජකම් කළේ ය.

19. ඒ බිංදුසාර රජු හට ප‍්‍රසිද්ධ වූ පුත් කුමාරවරු එකසිය එක් දෙනෙක් වූහ. ඔවුන් අතුරින් පුණ්‍ය තේජසින් ද බල ඍද්ධියෙන් ද යුක්ත වූ අශෝක නම් කුමාරයෙක් වූයේ ය.

20. ඒ අශෝක රාජකුමාර තෙමේ වෙනත් මව්වරුන්ගෙන් උපන් අනූනවයක් සහෝදර කුමාරවරුන් මරවා සකල ජම්බුද්වීපයට තනි රජෙක් බවට පත්වූයේ ය.

21. සර්වඥයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වර්ෂ දෙසිය දහඅටක් අශෝක රජුගේ අභිෂේකයට පෙර ගෙවී ඇති බව දත යුත්තේ ය.

22. වර්ෂ හතරකට පසු ව මහා කීර්තිඝෝෂා ඇති අශෝක රජු විසින් පාටලීපුත‍්‍ර නගරයෙහි තමන්ගේ අභිෂේකය සිදු කරන ලදි.

23. අශෝක අධිරාජ්‍යයාගේ රාජාභිෂේකයත් සමඟ ම ආකාශයෙහි ද පොළවෙහි ද යොදුනක් යොදුනක් පාසා නිරන්තරයෙන් ම පවතින රාජ ආඥාව බලපැවැත් වී ය.

24. දිනපතා අනවතප්ත විලෙන් පැන් අට කදක් දෙවියෝ රැගෙන ආහ. රජතෙමේ ජනයා හට ද ඒවා බෙදා දුන්නේ ය.

25. එමෙන් ම දෙවිවරු ම හිමාල පර්වතයෙන් නොයෙක් දහස් ගණනකට පාවිච්චි කළ හැකි පරිදි නාලිය දැහැටි ගෙන ආහ.

26. එමෙන් ම බෙහෙත් නෙල්ලි ද බෙහෙත් අරළු ද උත්තම වූ වර්ණයෙන් හා සුවඳින් යුක්ත වූ අඹ ඵල ද හිමාලයෙන් ගෙන ආහ.

27. පංච වර්ණයෙන් යුක්ත වස්ත‍්‍ර ද සිනිඳු අත්පිස්නාවන් ද දිව්‍ය වූ පාන වර්ග ද හිමාලයෙහි ඡුද්දන්ත විලෙන් ගෙන ආහ.

28. ඒ පාටලීපුත‍්‍ර නගරයෙහි මැරෙන්නා වූ මුවෝ ද ඌරෝ ද ලිහිණියෝ ද රජුගේ මුළුතැන්ගෙයි සමීපයට අවුත් තුමූ ම මිය යති.

29. (රාජානුභාවයෙන් ලත් අමනුෂ්‍ය බලවේගයන් නිසා) ව්‍යාඝ‍්‍රයෝ මැදිහත් වූ ගවයන් ව ගොදුරු කවා ගවගාලට රැගෙන එති. කෙත් වත් විල් ආදිය ආරක්ෂා කරන්නෝ මුවෝ හා ඌරෝ ය.

30. සමන් මල් වැල් ද දිව්‍යමය මහනෙල් ද සුවඳ විලවුන් ද අඳුන් ද නාගයෝ නා විමනින් ගෙන ආහ.

31. ගිරව් ඡුද්දන්ත විලෙන් දිනපතා ඇල් වී ගැල් අනූදහසක් ගෙන ආහ.

32. රජ ගෙයි වසන මීයෝ ඒ ඇල් වී නො කැඩෙන පරිදි පොතු ගලවා පිරිසිදු සහල් උපදවා දෙති. රාජකුලය අනුභව කරන්නේ එයින් ලත් බතයි.

33. ඒ රජ හට නිරතුරුව ම මී මැස්සෝ මී වද බැන්ඳාහු ය. එසේ ම රජුගේ කම්මල්වල වලස්සු කුළු ගැසූහ.

34. මනෝරම්‍ය වූ මධුර ස්වරයෙන් යුතු ව කුරවී කෙවිල්ලෝ පැමිණ අශෝක අධිරාජ්‍යයා හට මිහිරි වූ නාද කළහ.

35. රාජාභිෂේක ලද අශෝක අධිරාජ තෙමේ තිස්ස නම් වූ තම බාල සහෝදරයා යුවරජ තනතුරෙහි අභිෂේක කළේ ය.

– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි ධර්මාශෝක අභිෂේකය නම් වූ පස්වෙනි පරිච්ජේදයෙහි කොටසකි. –

මහාවංශය 7
36. ඒ ධර්මාශෝක නරේන්ද්‍රයාගේ පිය රජතුමා බ‍්‍රහ්මභක්තික හැට දහසක් බ‍්‍රාහ්මණයන්ට නිතිපතා දන් වැළඳවීය. ඒ ධර්මාශෝක රජතෙමේ ද තුන්වසරක් පුරා ඒ බ‍්‍රාහ්මණයන්ටම දන් දුන්නේ ය.

37. නුවණින් යුතුව අශෝක නරේන්ද්‍ර තෙමේ දන් පූජා කරන කල්හී බ‍්‍රාහ්මණයන් තුළ පැවති නොසංසිඳෙන ස්වභාවය දැක ‘නුවණින් පිරික්සා දන් දීම මැනැව’යි ඇමතියන් මෙහෙයවීය.

38. මෙසේ ඇමතියන් මෙහෙයවා නා නා මතධාරී නොයෙක් තාපසාදීන් කැඳවා ඔවුන් අසල හිඳීමෙන් ඔවුන්ගේ සංයමාදිය විමසා දන් පිළිගන්වා පිටත් කොට යැව්වේය.

39. එක් අවස්ථාවක උඩු මහලෙහි සීමැදිරි කවුළුව අසලට පැමිණි රජතුමා ඉතා ශාන්ත ඉඳුරන් ඇති සංසිඳුණු ගති ඇති නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වීදියෙහි වඩිනු දැක සිත පහදවා ගත්තේය.

40. ඒ නිග්‍රෝධ සාමණේර තෙම වනාහී බිංදුසාර රජතුමාගේ පුත‍්‍රයන් අතර සියල්ලන්ටම වැඩිමහල් සහෝදර වූ සුමන කුමාරයාගේ පුත‍්‍රයෙකි.

41. ඒ අශෝක කුමාර තෙම තම පියරජු විසින් දෙන ලද උදේනි රාජ්‍යය අත්හැර බිංදුසාර රජතුමා රෝගාතුර වූ කල්හී පාටලීපුත‍්‍ර නගරයට පැමිණියේය.

42. එසේ පැමිණි කුමාරයා නගරය තමා සතු කරගෙන පිය රජු මියගිය කල්හී වැඩිමහල් සහෝදරයාව ඝාතනය කොට උතුම් පාටලීපුත‍්‍ර නගරයෙහි රාජ්‍යය ගත්තේය.

43. ඒ සුමන නම් වූ ජ්‍යෙෂ්ඨ කුමාරයාගේ සුමනා නම් වූ ගර්භිනී බිසව්තොමෝ ඒ පාටලීපුත‍්‍ර නගරයෙන් නික්ම නැගෙනහිර ද්වාරයෙන් පිටත වූ,

44. සැඩොල් ගමකට පිටත්ව ගියාය. ඒ ගමෙහි නුග රුකට අධිපති වූ දෙව්දුව ඇය නමින් අමතා ඇයට නිවසක් මවා දුන්නාය.

45. ඒ සුමනා දේවී තොමෝ එදවසෙහිම උතුම් පුත‍්‍රයෙකු බිහි කොට දේවතා අනුග‍්‍රහයෙන් තම පුත්රුවන ලද හෙයින් ඔහුට නිග්‍රෝධ යැයි නම තැබුවාය.

46. ඇය දුටු ඒ සැඩොල් ගමෙහි ජ්‍යෙෂ්ඨ සැඩොලා තමන්ගේ ස්වාමි දියණියක් මෙන් සිතමින් ඉතා ආදරයෙන් යුක්තව ඇයට සත් අවුරුද්දක් උපස්ථාන කළේය.

47. එකල්හී මහා වරුණ නම් රහතන් වහන්සේ මාර්ගඵල ලාභී වීමට හේතු සම්පත් ඇති නිග්‍රෝධ කුමරු දැක මෑණියන්ගෙන් පැවිද්ද පිණිස අවසර ඉල්ලූ සේක.

48. ඒ නිග්‍රෝධ කුමාර තෙමේ පැවිදි කරවූයේය. හේ ඒ පැවිදි කරන අවස්ථාවේදීම අරහත්ඵලයට පැමිණියේය. ඉක්බිති ඒ නිග්‍රෝධ සාමණේර තෙම මව් බිසොවුන් වහන්සේ දකින්නට වඩින්නාහු,

49. නගරයෙහි දකුණු ද්වාරයෙන් ඇතුළු වී ගමට යන මාර්ගයෙන් වඩිද්දී රජ මළුව මතින් වඩිනා සේක.

50. මිහිපති අශෝක තෙමේ සාන්ත වූ ඉරියව් වලින් යුතුව වඩින සාමණේරයන් වහන්සේ දැක සිත පහදාගත්තේය. පෙර ආත්මභාවයක එකට වාසය කළ ගතිගුණ ස්පර්ශ වීමෙන් උන්වහන්සේ කෙරෙහි ආදරය හටගත්තේය.

51. අතීතයෙහි මීපැණි වෙළඳාමෙහි යෙදෙන සහෝදරයෝ තිදෙනෙක් වූහ. එයින් එක් වෙළෙන්දෙක් මී පැණි විකුණයි. දෙදෙනෙක් මී රැගෙන එති.

52. එකල්හී එක් පසේබුදුරජාණන් වහන්සේ නමක් සිරුරෙහි හටගත් තුවාල නිසා රෝගාතුර වූ සේක. තව පසේබුදුරජාණන් වහන්සේ නමක් ඒ රෝගාතුර වූ පසේබුදුන් හට ඖෂධ පිණිස මී පැණි අවශ්‍ය වූයේ,

53. පිඬු සිඟා වඩිමින් නගරයට පිවිසි සේක. එවිට දිය ගෙනෙනු පිණිස පැන් තොටට යන එක්තරා වතුර ගෙන යන දාසියක් උන්වහන්සේව දුටුවාය.

54. උන්වහන්සේගෙන් විමසා මී පැණිවල අවශ්‍යතාවය දැන අත දිගු කොට ‘ස්වාමීනී, මී පැණි වෙළඳසැල තියෙන්නේ අතනය. එහි වැඩිය මැනැව’යි කීවාය.

55. එහි වැඩම කළ පසේබුදුන් කෙරෙහි සිත පහදවා ගත් වෙළෙන්දා පාත‍්‍ර මුවින් පැණි ඉතිරී යන පරිද්දෙන් පාත‍්‍රය පුරා මී පැණි දන් දුන්නේය.

56. පාත‍්‍රය පිරීගියා වූ ද, ඉතිරී ගියා වූ ද, පොළොවේ වැටුණා වූ ද මී පැණි දුටු පහන් සිත් ඇති ඒ වෙළෙන්දා මේ අයුරින් ප‍්‍රාර්ථනාවක් කළේය.

57. ‘මා හට මේ දානය කරණ කොට ගෙන ජම්බුද්වීපයෙහි තනි රාජ්‍යයක හිමිකරු වේවා! අහසේත්, පොළොවේත් මාගේ අණසක යොදුනක් දුර පැතිරේවා!’

58. සහෝදරයන් පැමිණි කල්හී ඒ වෙළෙන්දා ‘මම මෙබඳු උතුම් කෙනෙකුට මී පැණි දන් දුනිමි. මේ මී පැණි නුඹලාට ද අයිති හෙයින් නුඹලාත් අනුමෝදන් වුව මැනැව.’

59. එකල්හී වැඩිමහළු සහෝදරයා නොසතුටු සිත් ඇතිව ‘ඔහු වනාහී චණ්ඩාලයෙක් විය හැකියි. කසාවත් පොරවන්නෝ සැඩොලෝ ය’ යැයි කීවේය.

60. මධ්‍යම සහෝදරයා ‘ඒ පසේබුදුන්ව මුහුදෙන් එතෙර දැමිය යුතු’යැයි කීවේය. නමුත් ඒ මී පැණි දන්දුන්නාගේ බස් අසා ප‍්‍රාප්තිදානමය පින අනුමෝදන් වූහ.

61. ඒ සල්පිල පෙන්නූ දිය ගෙන යන දාසිය අර මීපැණි දන්දුන් තැනැත්තාගේ මෙහෙසිය වන්නටත්, නොපෙනෙන සන්ධි ඇති අවයවයන්ගෙන් යුතු අතිමනහර රූපයකුත් ප‍්‍රාර්ථනා කළාය.

62. මී පැණි දන් දුන් තැනැත්තා අශෝක නරේන්ද්‍ර වූයේය. දිය ඇදි දාසිය අසන්ධිමිත‍්‍රා නම් බිසොවුන් වහන්සේ වූවාය. චණ්ඩාලවාදයෙන් අපහාස කළ තැනැත්තා සැඩොල්ගම උපන් නිග්‍රෝධ සාමණේරයෝය. මුහුදෙන් එතෙරට දැමිය යුතු යැයි පැවසූ කෙනා දෙවනපෑතිස් රජ වූයේය.

63. සැඩොල් වචනයෙන් අපහාස කළ හේ චණ්ඩාල ග‍්‍රාමයෙහි උපන්න නමුත් නිවන ප‍්‍රාර්ථනා කළ හෙයින් සත් හැවිරිදි වයසේම අරහත්වය සාක්ෂාත් කළේය.

64. ඒ නිග්‍රෝධ සාමණේරයන් කෙරෙහි ආදරය පිහිටි හෙයින් රජ තෙමේ උන්වහන්සේව වහා කැඳවා ගත්තේය. උන්වහන්සේ ද ඉතා සංසුන් ඇවතුම් පැවතුම් ඇතිවම ළඟට පැමිණි සේක.

65. ‘පුත‍්‍රය, තමන්ට ගැලපෙන ආසනයක වැඩ හිඳිනු මැනැව’යි රජ තෙම පැවසීය. වෙනත් භික්ෂුවක නොදුටු සාමණේර තෙමේ සිංහාසනය කරා වැඩිසේක.

66. ඒ සාමණේරයන් සිංහාසනය කරා වඩිනු දුටු රජ තෙමේ ‘අද වනාහී මේ කුඩා හෙරණ තෙමේ මාගේ මාළිගයෙහි ස්වාමියා වන්නේය’ යැයි සිතුවේය.

67. ඒ සාමණේර තෙමේ රජුගේ අත අල්වා සිංහාසනයට නැඟ රාජාසනයෙහි සේසත යට වැඩහුන් සේක.

68. ඒ ධර්මාශෝක රජතෙමේ සිංහාසනයෙහි වැඩසිටින සාමණේරයන් දැක උන්වහන්සේගේ ගුණයට ගරුසරුබව දක්වා අතිශයින්ම සතුටට පත්වූයේය.

69. ඒ සාමණේරයන් තමන් උදෙසා පිළියෙල කළ ඛාද්‍ය භෝජ්‍ය වැළඳවූ රජතෙමේ සම්බුදුරජුන් දේශිත ධර්මය කුමක්දැයි සාමණේරයන් වහන්සේගෙන් විචාළේය.

70. එවිට සාමණේර තෙමේ ධර්මාශෝක නරේන්ද්‍රයා හට ධම්ම පදයෙහි අප‍්‍රමාද වර්ගය වදාළේය. එය ඇසූ භූපති තෙමේ බුද්ධ ශාසනය කෙරෙහි සිත පහන් කරගත්තේය.

71. ‘දරුව, මම නුඹවහන්සේට නිතිපතා බත් අටක් පුදමි’යි පැවසුවේය. ‘මහරජතුමනි, ඒවා මාගේ උපාධ්‍යායයන් වහන්සේට දෙමි’යි සාමණේර තෙම පිළිතුරු දුන්නේය.

72. යළි නිති බත් අටක් දුන් කල්හී උන්වහන්සේ ආචාර්යයන් වහන්සේට දුන් සේක. යළි නිති බත් අටක් දුන් කල්හී එය භික්ෂු සංඝයාට දුන් සේක.

73. යලි නිති බත් අටක් දුන් කල්හී ඉතා නුවණැති සාමණේරයන් වහන්සේ ඉවසා වදාළ සේක. දෙවෙනි දවසෙහි තිස්දෙනමක් භික්ෂූන් වහන්සේලා සමඟ රජගෙට වැඩි සේක.

74. නරේන්ද්‍රයන් විසින් සියතින්ම සංඝයා උදෙසා දන් පැන් පූජා කරන ලද්දේය. සංඝයා ධර්මදේශනා කොට රජතුමාව ද, මහජනයාව ද තිසරණ සහිත වූ පංච ශීලයෙහි පිහිට වූ සේක.

– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි නීග්‍රෝධ දර්ශනය නම් වූ පස්වෙනි පරිච්ඡේදයෙහි කොටසකි. –

මහාවංශය 8
75. නිග්‍රෝධ සාමණේරයන් නිසා සිත පහන් වූ ඒ රජ තෙමේ දිනපතා පිළිවෙලින් දෙගුණයක් කොට සැටදහසක් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේය.

76. කලින් රජගෙයි දන් වැළඳ  සැටදහසක් තීර්ථකයන් බැහැර කොට සැටදහසක් භික්ෂූන් වහන්සේලා සඳහා නිතර දන් වැළඳවීය.

77. ඒ රජ තෙමේ සැටදහසක් භික්ෂූන් වහන්සේලාට දන් වළඳවනු පිණිස උත්සාහවත් වූයේ ඉතා උතුම් ඛාද්‍යභෝජ්‍යාදිය පිළියෙල කරවා,

78. පාටලීපුත‍්‍ර නගරය අලංකාර කොට සංඝයා වෙත ගොස් දානයට ඇරයුම් කොට රජගෙට වඩම්මවාගෙන අවුත් දන් වළඳවා බොහෝ ශ‍්‍රමණ පිරිකර පූජා කොට,

79. ශාස්තෘන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය කොපමණ දැයි විමසුවේය. එකල්හී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ රජු හට එම ප‍්‍රශ්නය විසඳා වදාළ සේක.

80. අසූහාරදහසක් ධර්මස්කන්ධයන් ඇති බව අසා ධර්මාශෝක රජ තෙමේ ‘ඒ එක් එක් ධර්මස්කන්ධයට එක් විහාරය බැගින් පූජා කරමි’යි පවසා සිටියේය.

81. එකල්හී රජ තෙමේ අනූහය කෝටියක වස්තුව වියදම් කොට මහාපෘථිවිය මත අසූහාරදහසක් නගරයන්හී,

82. රජුන් ලවාම විහාර කර්මාන්තය ආරම්භ කළේය. තෙමේම අශෝකාරාමය කරවන්නට ආරම්භ කළේය.

83. රජ තෙමේ දිනපතා වෙන් වෙන් වශයෙන් තුනුරුවන්ටත්, නිග්‍රෝධ සාමණේරයන් වහන්සේටත්, ගිලන් භික්ෂූන් වහන්සේටත් වශයෙන් සසුනෙහි ලක්ෂයක් බැගින් ධනය යොදවන ලද්දේය.

84. බුදුරජාණන් වහන්සේ උදෙසා වෙන් කළ ධනයෙන් නොයෙක් විහාරයන්හී නොයෙක් පරිද්දෙන් අනේක වූ ස්ථූප පූජාවෝ පැවැත්වූහ.

85. ධර්මය උදෙසා වෙන් කළ ධනයෙන් මිනිස්සු ප‍්‍රණීත වූ සිව්පසයෙන් ධර්මධර භික්ෂූන් වහන්සේලාට හැමකල්හී උපස්ථාන කළහ.

86. අනෝතප්ත විලෙන් ගෙනා පැන් වලින් දිනපතා කද සතරක් සංඝයා උදෙසා පූජා කෙරිණ. ත‍්‍රිපිටකධර භික්ෂූන් වහන්සේලා සැට නමකට එකක් ලැබිණ.

87. අසන්ධිමිත‍්‍රා බිසවුන් වහන්සේට එක් පැන් කදක් ලැබුණේය. රජ තෙමේ තමන්ගේ පරිභෝගයට දෙකක් ලබාගත්තේය.

88. දිනපතා සැටදහසක් භික්ෂූන් වහන්සේලාට ද, දහසයදහසක් අන්තඃපුර ස්ත‍්‍රීන්ට ද නාගලතා නම් වූ විශේෂ දැහැටි ලබාදුන්නේය.

89. ඉක්බිති දිනක් රජතෙමේ කකුසඳ, කෝණාගමණ, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේලා දුටු මහාභද්‍ර කල්පයෙහි ආයුෂ ඇති මහාකාල නම් වූ මහා ඉර්ධිමත් නා රජු පිළිබඳව,

90. ඇසීමෙන් ඔහුව රැගෙන ඒම පිණිස සොණ්ඩසංඛලික බන්ධනය යවා ඒ නා රජුව ගෙන්වා ගෙන සුදු සේසත යට,

91. ආසනයෙහි හිඳුවා නා නා පුෂ්පයන්ගෙන් පූජා පවත්වා දහසය දහසක් ස්ත‍්‍රීන් පිරිවරාගෙන මෙය පැවසුවේය.

92. ‘‘පින්වත, සද්ධර්මචක‍්‍රවර්තී වූ අනන්ත ඤාණ ඇත්තා වූ මහර්ෂී වූ සර්වඥයන් වහන්සේගේ රූපකාය මට දක්වනු මැනැව.”

93. දෙතිස් මහා පුරිස් ලකුණින් යුක්ත වූ අසූවක් අනුව්‍යංජනයෙන් බබලන්නා වූ බ්‍යාමප‍්‍රභා මණ්ඩලයෙන් වටකරන ලද කේතුමාලාලංකාරයෙන් ශෝභමාන වූ,

94. මනෝහර වූ බුද්ධකාය ඒ නා රජ තෙමේ මවා පෑවේය. එය දැක බලවත් පැහැදීමෙන් හා විස්මයෙන් පිරී ගියේ,

95. මේ නා රජු විසින් මවන ලද රූපය මෙබඳු නම් තථාගතයන් වහන්සේගේ රූපකාය කෙබඳු වන්නට ඇත්දැයි බලවත් ප‍්‍රීතියකින් ඉපිල ගියේය.

96. මහා බලසම්පන්න වූ ඒ  මහානරේන්ද්‍ර තෙමේ නේත‍්‍රපූජා නම් වූ විශේෂ පූජාවක් නිරතුරුවම සත් දවසක් පුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරවූයේය.

97. මිහිපති තෙමේ මෙසේ මහා ආනුභාව ඇත්තේ ද, ශ‍්‍රද්ධා සම්පන්න වූයේ ද වේ. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ද පෙර රහතන් වහන්සේලා විසින් දක්නා ලදහ.

ධර්මාශෝක රජුගේ සාසනප‍්‍රවේශය නිමාවිය.

98. දෙවන ධර්ම සංගායනාවෙහිදී ඒ මහරහතන් වහන්සේලා අනාගතය පිළිබඳව විමසා බලන්නාහු ධර්මාශෝක රජුගේ කාලයෙහි සිදුවන ශාසනෝපද්‍රවය දුටු සේක.

99. ඒ උපද්‍රවය නසා දැමිය හැකි කෙනෙකු සකල ලෝකයෙහි විමසා බලද්දී සුළු කලකින් ආයුෂ අවසන් වන තිස්ස නම් වූ බ‍්‍රහ්මරාජයා දුටු සේක.

100. ඒ රහතන් වහන්සේලා මහා ප‍්‍රඥා ඇති තිස්ස බ‍්‍රහ්ම කරා එළඹ මිනිස් ලෝකයෙහි ඉපිද අනාගත ශාසන උපද්‍රවය නැති කර දමන්නැයි ඉල්ලා සිටියහ.

101. බුද්ධ ශාසනයෙහි බැබලීම කැමති ඒ බ‍්‍රහ්ම තෙමේ රහතන් වහන්සේලාට එය සිදුකරන බවට ප‍්‍රතිඥා දුන්නේය. සිග්ගව – චණ්ඩවජ්ජි යන නම් ඇති නවක භික්ෂූන් වහන්සේලා දෙදෙනාට ඒ රහතන් වහන්සේලා මෙසේ පැවසූහ.

102. ‘මෙතැන් සිට අවුරුදු එකසිය දහඅටක් ගතවූ කල්හී බුද්ධ ශාසනයට මහත් උපද්‍රවයක් පැමිණෙන්නේය. නමුත් එයට අප සහභාගී නොවෙමු.

103. ඇවැත්නි, මෙකල හටගත් අර්බුදයට නුඹවහන්සේලා නොපැමිණියාහුය. එහෙයින් දඬුවම් ලැබීමට සුදුසු ය. නුඹවහන්සේලාට ලැබෙන දඬුවම මෙයයි.

104. බුදුසසුන බැබලීම පිණිස මහා ප‍්‍රඥා ඇති තිස්ස බ‍්‍රහ්ම තෙමේ මොග්ගලී බ‍්‍රාහ්මණයාගේ නිවසෙහි පිළිසිඳගන්නේය.

105. නුඹවහන්සේලාගෙන් කෙනෙක් එසේ උපන් කුමාරයාව සුදුසු කල්හී පැවිදි කරනු මැනැව. එක නමක් බුද්ධවචනය මනාකොට ඉගැන්නුව මැනැව.

106. උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ දාසක නම් මහරහත් නමකි. ඒ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය සෝණ නම් රහතන් වහන්සේය. මේ සිග්ගව සහ චණ්ඩවජ්ජි යන රහත් දෙනම සෝණ රහතන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා වෙති.

107. (එහි පිළිවෙල කථාව මෙයයි.) පෙර විශාලා මහනුවර දාසක නමින් බ‍්‍රාහ්මණයෙකු වූයේය. ශිෂ්‍යයන් තුන්සියයකට ප‍්‍රධාන වූ ඒ දාසක තෙමේ ස්වකීය ආචාර්යවරයා සමීපයෙහි වසන්නේ,

108. දොළොස් හැවිරිදි වියෙහිදීම වේදයෙහි පාරප‍්‍රාප්ත වූයේ ශිෂ්‍යයන් සහිතව හැසිරෙමින් සිටියදී වාලූකාරාමයෙහි වැඩවාසය කරමින් ශාසනික සංග‍්‍රහය කරන ලද,

109. උපාලි මහරහතන් වහන්සේ දැක උන්වහන්සේ සමීපයෙහි හිඳ වේදයන්හී ඇති නොවැටහෙන තැන් විමසුවේය. ඒ රහතන් වහන්සේ ඒවා විසඳා දුන් සේක.

110. ‘පින්වත් තරුණය, සියලූ ධර්මයන් අනුව වැටුණා වූ එක ධර්මයක් තිබේ. සියලූ ධර්මයෝ ඒ එක ධර්මයේ බැසගෙන සිටිති. ඒ එක ධර්මය කුමක්ද?’

111. තෙරුන් වහන්සේ මේ අසන ලද්දේ ‘එක නම් කුමක්ද’ යනුවෙන් සෝපාකයන් වහන්සේගෙන් ඇසූ පැණය ගැනය. තරුණයා මෙය නොදත්තේ ඒ මන්ත‍්‍රය කුමක්දැයි විසුවේය. එය බුද්ධ මන්ත‍්‍රයක් බව පවසන ලද්දේය.

112. ‘එසේ නම් එය අපටත් දෙනු මැනැවැ’යි තරුණයා කියා සිටියේය. අප වැනි වේශ දරණ අයට පමණක් මේ මන්ත‍්‍රය දෙන බව තෙරණුවෝ පවසා සිටියහ. මන්ත‍්‍ර අධ්‍යයනය පිණිස ගුරුවරයාගෙනුත්, මව්පියන්ගෙනුත් අවසර ගත්,

113. මේ දාසක බ‍්‍රාහ්මණ තෙමේ පිරිවර මාණවකයන් තුන්සියය සමඟ උපාලි තෙරුන් වහන්සේ සමීපයෙහි පැවිදිව සුදුසු කාලයේදී උපසම්පදාව ලැබුවේය.

114. ඒ උපාලි මහරහතන් වහන්සේ දාසක තෙරුන් ප‍්‍රධාන රහතන් වහන්සේලා දහස් නමකට සියලූ ත‍්‍රිපිටකය ඉගැන්වූ සේක.

115. යමෙක් උපාලි මහරහතන් වහන්සේ සමීපයෙහි පිටකයන් ඉගෙන ගත්තාහු ද, මාර්ගඵල ප‍්‍රාප්ත වූ අය ද, පුහුදුන් අය ද ගණන් කළ නොහැකි තරම් ය.

– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි පස්වෙනි පරිච්ඡේදයෙහි කොටසකි. –

මහාවංශය 9
116. කාසි ජනපදයෙහි සෝණක නම් ගැල්කරුවෙකුගේ පුත‍්‍රයෙකු වූයේය. හෙතෙමේ වෙළඳාම් පිණිස මව්පියන් සමඟ රජගහ නුවරට පැමිණියේ,

117. පසළොස් හැවිරිදි ඒ කුමාර තෙමේ වේළුවනාරාමයට ගියේය. ඔහුගේ පිරිවර මාණවයකයන් පනස්පස් දෙනා ද ඔහු සමඟ ගියහ.

118. එහිදී භික්ෂු සංඝයා සහිතව සිටින දාසක රහතන් වහන්සේ දැක සිත පැහැදුනේය. පැවිදි බව ඉල්ලා සිටියේය. එවිට දාසකයන් වහන්සේ මව්පියන්ගෙන් අවසර ගෙන එන්නැයි වදාළ සේක.

119. ඒ සෝණක කුමාර තෙමේ තුන්වේලක් බත් අනුභව නොකොට මව්පියන් ලවා පැවිදි බවට අවසර රැගෙන ආවේය.

120. පිරිවර සමඟ පැමිණි ඒ සෝණක කුමාර තෙමේ දාසක මහරහතන් වහන්සේ සමීපයෙහි පැවිදිව උපසම්පදාව ලබා ත‍්‍රිපිටකය ඉගෙන ගත්තේය.

121. ඒ සෝණක නම් යතීන්ද්‍රයන් වහන්සේ පිටකත‍්‍රය දන්නා වූ රහතන් වහන්සේලා දහසක් වූ ශිෂ්‍යගණයා ඇති දාසක රහතන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා බවට පත්වූහ.

122. පාඨලීපුත‍්‍ර නගරයෙහි සිග්ගව නම් වූ ඉතා නුවණැති අමාත‍්‍රපුත‍්‍රයෙකු සිටියේය. හේ වයසින් අටළොස් හැවිරිදි විය.

123. හේ (හේමන්ත, ගිම්හාන, වස්සාන යනඑ) ඍතු තුනට අනුකූල වූ ප‍්‍රාසාද කරමින් වාසය කරන්නේ චණ්ඩවජ්ජී නම් වූ තම සහායක අමාත්‍ය පුත‍්‍රයෙකුද කැටුව,

124. පන්සියයක් පුරුෂයන් පිරිවරන ලදුව කුක්කුටාරාමයට ගොස් සෝණක මහරහතන් වහන්සේ,

125. නොයෙක් ධ්‍යාන සමාපත්තීන්ට සමවදින සංවර වූ ඉඳුරන් ඇතිව වැඩහිඳිනු දැක උන්වහන්සේට වන්දනා කොට උන්වහන්සේ කතා නොකරන බව දැන සංඝයාගෙන් එයට හේතුව විචාළේය.

126. සමාපත්තියට සමවැදී සිටින්නෝ කතා බස් නොකරති’යි භික්ෂූහු වදාළහ. සමාපත්තියෙන් නැගී සිටින්නේ කෙසේදැයි භික්ෂූන්ගෙන් විචාළ කල්හි,

127. ශාස්තෘන් වහන්සේ විසින් කැඳවන අවස්ථාන්හිදීද, සංඝයා විසින් කැඳවනු ලබන අවස්ථාවන්හිදීද, සමාපත්ති කාලය නිමා වූ කල්හිද, ආයු සංස්කාරය අවසන් වීමෙන් ද ඔවුහු නැගිටිති.

128. එකල්හී සංඝ තෙමේ ඔවුන්ගේ පුණ්‍ය සම්පත් දැන සංඝයාගේ කැඳවීමක් තෙරුන් වහන්සේ වෙත යැව්වේය. සෝණක ස්ථවිරයන් වහන්සේ සමාපත්තියෙන් නැගිට එහි වැඩි සේක.

129. කුමාර තෙමේ ‘ස්වාමීනී, කුමක් හෙයින් නුඹ වහන්සේ කතා නොකළ සේක්දැ’යි විමසීය. ‘දරුව, අනුභව කළ යුතු දෙයක් අනුභව කළෙමි’යි වදාළහ. ‘ස්වාමීනී, අපට ද එය අනුභව කරවුව මැනැවැ’යි පැවසුවේය.

130. ‘අප වැනි උදවිය බවට පත් වූ කල්හී අනුභව කරවනු හැකි යැ’යි තෙරුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති පැවිදි බව පිණිස මව්පියන්ගෙන් අවසර ගත් සිග්ගව කුමාර තෙමේ,

131. චණ්ඩවජ්ජී කුමාරයා ද, පන්සියයක් පුරුෂයෝ ද, සෝණක මහරහතන් වහන්සේ සමීපයෙහි පැවිදිව උපසම්පදාව ද ලදහ.

132. ඒ භික්ෂූන් වහන්සේලා දෙනම උපාධ්‍යායන් වහන්සේ සමීපයෙහිදීම පිටකත‍්‍රය උගත්තාහුය. සුදුසු කල්හී සය වැදෑරුම් අභිඥ ද ලැබූහ.

133. තිස්ස බ‍්‍රහ්මයා මනුලොව පිළිසිඳගත් වග දැනගත් සිග්ගව රහතන් වහන්සේ සත්වසරක් එම නිවසට පිඬු පිණිස වැඩම කළහ.

134. ඒ සත්වසර පුරාවට ‘යන්න’ යන වචනයවත් එම නිවසින් නොලැබුණේය. අටවෙනි වසරෙහිදී ‘වෙනත් තැනකට පිඬු පිණිස යන්න’ යන වචනය ලැබුණේය.

135. මොග්ගලී බ‍්‍රාහ්මණ තෙමේ නිවසට පිවිසෙද්දී නිවස ඉදිරියෙන් නික්ම යන උන්වහන්සේ දැක ‘අපගේ නිවසින් කිසිවක් ලැබුවේදැ’යි ඇසුවේය. උන්වහන්සේ ‘එසේය’ යැයි පැවසූහ.

136. බ‍්‍රාහ්මණ තෙමේ නිවසට ගොස් එය විමසා දෙවෙනි දවසෙහි නිවසට පැමිණි කල්හි ස්ථවිරයන් වහන්සේට බොරු කීම ගැන නිග‍්‍රහ කළේය.

137. (යන්න යන වචනය ලැබීම නිසා එය පැවසුවේ යැයි) තෙරුන් වහන්සේගේ බස ඇසූ ඒ බ‍්‍රාහ්මණ තෙමේ පැහැදුණු සිත් ඇත්තෙක් විය. තමන් උදෙසා පිසින ලද බතින් නිතර භික්ෂාව පුදන ලද්දේය.

138. එම නිවසෙහි සියල්ලෝම කෙමෙන් කෙමෙන් පහන් සිතැතියෝ වූහ. බ‍්‍රාහ්මණ තෙමේ තෙරුන් වහන්සේව නිවසෙහි වඩා හිඳුවා දිනපතා දන් වැළඳවීය.

139. මෙසේ ක‍්‍රමයෙන් කල් ගෙවෙන කල්හී තිස්ස කුමාරයා දහසය වෙනි වසරට එළඹියේය. ඒ තිස්ස කුමාර තෙමේ ත‍්‍රිවේදය නැමැති සයුරෙහි පරතෙරට ගියේය.

140. එක් දිනක් තෙරුන් වහන්සේ ‘දැන් මේ දරුවා සමඟ කතාවක් උපදවා ගැනීමට සුදුසු යැ’යි සිතා එම නිවසෙහි බ‍්‍රාහ්මණ මාණවකයාගේ ආසනය පමණක් තබා අන් සියලූ ආසනයන් නොපෙනීමට සැළැස්වූ සේක.

141. තිස්ස බ‍්‍රාහ්මණ කුමාරයා ද බ‍්‍රහ්ම ලෝකයෙන් පැමිණි හෙයින් නිතර පිරිසිදු බව කැමති විය. එම නිසා ඔහු තමාගේ ආසනය වස්ත‍්‍රයෙන් වසා එල්ලා තබනු ලැබේ.

142. තෙරුන් වහන්සේ වැඩම කළ කල්හී වෙනත් ආසනයක් දකින්නට නොලැබීමෙන් කලබල වූ එහි නිවැසි ජනයා අර බ‍්‍රාහ්මණ මාණවකයාගේ ආසනය ගෙන තෙරුන් වහන්සේට පැණවීය.

143. බ‍්‍රාහ්මණ කුමාරයාද ස්වකීය ආචාර්යවරයා සමීපයේ සිට පැමිණ තම අසුනෙහි වැඩහිඳින ස්ථවිරයන් වහන්සේ දැක කිපී අමනාප වචන පැවසීය.

144. එවිට ස්ථවිරයන් වහන්සේ ‘පින්වත් දරුව, තෙපි මන්ත‍්‍ර දන්නහු දැ’යි විමසූ සේක. මාණවක තෙමේ එම ප‍්‍රශ්නයෙන්ම තෙරුන් වහන්සේගෙන් ප‍්‍රතිප‍්‍රශ්න කළේය.

145. ‘මන්ත‍්‍ර දනිමි’යි තෙරුන් වහන්සේ පැවසූ කල්හි වේදයන්හි ඇති ගැටළු සහිත තැන් පිළිබඳව තෙරුන් වහන්සේගෙන් විමසුවේය. එකල්හී ස්ථවිර තෙමේ මාණවකයාට මැනැවින් පිළිතුරු දුන්නේය.

146. තෙරුන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන කාලයේම වේදයෙහි පරතෙරට පැමිණි කෙනෙකි. එමෙන්ම පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමක් වන උන්වහන්සේ කිම පිළිතුරු දිය නොහැකි සේක්ද?

‘යමෙකුගේ සිත උපදී, නිරුද්ධ නොවේ. ඒ ඔහුගේ සිත මතු නිරුද්ධ වන්නේය. නූපදින්නේය. යමෙකුගේ සිත නිරුද්ධ වන්නේ ද, නූපදින්නේ ද, ඔහුගේ සිත උපදී. නිරුද්ධ නොවේ.’

147. යමක ප‍්‍රකරණයෙහි චිත්ත යමකයෙහි ඇති ඒ ප‍්‍රශ්නය විශාරද නුවණැති ස්ථවිරයන් වහන්සේ අර මාණවකයාගෙන් විමසුවේය. ඒ ප‍්‍රශ්නය ඔහු හට අන්ධකාරයක් මෙන් වූයේය.

148. කුමාර තෙමේ ‘පින්වත් භික්ෂුව, මේ කවර මන්ත‍්‍රයක් දැ’යි විචාළේය. උන්වහන්සේ ‘මෙය බුද්ධ මන්ත‍්‍රයක්’ බව පැවසූහ. ‘මට ද මන්ත‍්‍රය දෙන්නැ’යි කී කල්හී ‘අප සිටින ආකාරයට වේශධාරී වුවහොත් මන්ත‍්‍රය දෙමි’යි පැවසූ සේක.

149. මන්ත‍්‍ර හැදෑරීම පිණිස මව්පියන්ගෙන් අවසර ලත් හෙතෙමේ පැවිදි වූයේය. පැවිදි වූ පසු තෙරුන් වහන්සේ මේ නවක භික්ෂුවට භාවනා උපදෙස් දුන් සේක.

150. මහා ප‍්‍රාඥ වූ නවක පැවිදි තෙමේ භාවනානුයෝගීව වසන්නේ සුළු කලකින් සෝවාන් ඵලයට පත් විය. තෙරුන් වහන්සේ ඔහු මගඵල ලැබූ බව දැන,

151. චණ්ඩවජ්ජී මහා ස්ථවිරයන් වහන්සේ වෙත සූත‍්‍ර පිටකයත්, අභිධර්ම පිටකයත් ඉගෙන ගැනීම පිණිස පිටත් කොට යැවූහ. තිස්ස නම් වූ ඒ නවක භික්ෂුව ද එහිදී ධර්මය ඉගෙනීම කළහ.

152. එහිදී ඒ තිස්ස ලදරු භික්ෂු තෙමේ විදර්ශනා භාවනාව ප‍්‍රගුණ කොට සුදුසු කාලයෙහිදී සය වැදෑරුම් අභිඥා ලැබුවේය. ක‍්‍රමයෙන් ස්ථවිර භාවයට ද පත්වූයේය.

153. ඒ තිස්ස ස්ථවිර තෙමේ අතිශයින්ම ප‍්‍රසිද්ධ වූයේය. අහස් තලයෙහි චන්ද්‍රයා මෙන් ද, සූර්යයා මෙන් ද ප‍්‍රකට වූයේය. ලෝකයා උන්වහන්සේට කෙතෙක් ගරු කළේද යත් උන්වහන්සේගේ වචනය බුද්ධ වචනයක් හා සමාන කොට පිළිගන්නා ලද්දේය.

– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි

පස්වෙනි පරිච්ෙඡ්දයෙහි කොටසකි. –

මහාවංශය 10
154. දිනක් යුවරජ තෙමේ මුව දඩයමේ ගියේ, වනයේ කෙළිදෙලෙන් පසුවන මුවන් දුටුවේ ය.

155. ඒ දුටු යුවරජු ‘වනයේ තණකොළ බුදින මුවෝ පවා මෙසේ ක‍්‍රීඩා කරති. සුවපහසු ආහාර ද විහරණ ද ඇති භික්ෂූන් කුමට නම් කී‍්‍රඩාවේ නො යෙදේද?’යැයි සිතුවේ ය.

156. යුවරජ තෙමේ මාලිගාවට ගිය පසු තමන්ට ඇති වූ මේ සිතුවිල්ල මහරජුට සැල කළේ ය.

157. භික්ෂූන් වහන්සේලා කී‍්‍රඩාවෙහි නො යෙදීමේ අර්ථය ඔහුට තේරුම් කර දෙන අදහසින් මහරජු, ‘කුමරුනි, ඔබ මේ රාජ්‍යය සත්දවසකට පාලනය කරව’ යි කියා රාජ්‍යය කරවන්නට භාර දී, ‘සත් දවස නිම වූ පසු ඔබ මරණයට පත්කරමි’ යි යනුවෙන් ද පැවසුවේ ය.

158. සත් දිනක් ඉක්මවූ කල්හි වැහැරී ගිය යුවරජු දුටු රජ තෙමේ ‘කුමක් නිසා ඔබ මෙතරම් කෘශ වූයෙහි ද?’ යැයි ඇසී ය. මරණය නිසා ඇති වන්නා වූ භය හේතු කොට ගෙන එසේ වූ බව යුව රජු පැවසූ විට රජු මෙසේ කී ය.

159.‘දරුව, සත් දිනකින් මම මැරෙන්නෙමි යැයි සිතා ඔබ කී‍්‍රඩා නො කළේ ය. ඉතින් සෑම විට ම මරණ සංඥා වඩමින් වාසය කරන්නා වූ භික්ෂූන් වහන්සේලා කෙසේ නම් කී‍්‍රඩා කරන්න ද?’

160. මෙලෙස සහෝදරයා විසින් තේරුම් කර දුන් පසු යුව රජු ද බුද්ධ ශාසනය කෙරෙහි මහත් සේ පැහැදී ගිය සිත් ඇත්තෙක් වූයේ ය. නැවත දිනක මුව දඩයමේ ගිය, ඒ නුවණැති යුව රජු,

161. වෘක්ෂ මූලයක වැඩ සිටින්නා වූ ද ඇතෙකු විසින් සල් අත්තක් ගෙන පවන් සලනු ලබන්නා වූ ද සන්සුන් ඉඳුරන් ඇත්තාවූ ද මහාධම්මරක්ඛිත රහතන්වහන්සේ ව දුටුවේ ය.

162. එවිට යුව රජ තෙමේ ‘මේ ස්ථවිරයන් වහන්සේ මෙන් මම ද බුද්ධ ශාසනයෙහි පැවිද්ද ලබා කවර කාලයක නම් වනයේ වෙසෙන්නේ ද?’ කියා සිතුවේ ය.

163. ඒ සිතුවිලි දුටු මහාධම්මරක්ඛිත රහතන් වහන්සේ යුව රජුගේ සිතෙහි උපන් ප‍්‍රසාදය වඩවනු පිණිස, හුන් තැනින් අහසට පැන නැගී අශෝකාරාමය අසබඩ වූ පොකුණේ දියමතට වැඩමකොට වදාළ සේක.

164. අනතුරු ව උතුම් වූ සිවුරු අහසෙහි ම රඳවා තැබූ උන්වහන්සේ පොකුණු දියට බැස ශරීරය දෝවනය කළ සේක.

165. නුවණැති යුව රජ තෙමේ ඒ සෘද්ධීන් දැක අතිශයින් ම පැහැදී ‘අද ම පැවිදිවෙමි’ යි කියා තීරණයකට එළඹියේ ය.

166. හෙතෙමේ මහ රජු කරා ගොස් ආදර ගෞරව දක්වා පැවිදිවීම පිණිස අවසර ඉල්ලා සිටියේ ය.

167. ඔහු ව වැළැක්වීමට නො හැකි වූ මහරජු මහා පිරිවරක් සමඟ තෙමේ ම යුව රජුව විහාරයට කැඳවා ගෙන ගියේ ය.

යුව රජ තෙමේ මහාධම්මරක්ඛිත රහතන්වහන්සේ සමීපයෙහි පැවිදි වූයේ ය. ඔහු අනුව තවත් හාරලක්ෂයක් වූ මිනිසුන් පැවිදි වූහ.

168. ඒ හාරලක්ෂයක පිරිස අනුව යමින් පැවිදිවූවන්ගේ ගණන මෙතෙකැයි කිව නො හැක.

169. සංඝමිත්තා නම් වූ රජුගේ දියණියගේ ද ඇයගේ ස්වාමි පුරුෂයා වූ, අග්ගි බ‍්‍රහ්ම නම් වූ, රජුගේ බෑනණුවන්ගේ ද

170. පුත‍්‍ර තෙමේ සුමන නම් විය. හෙතෙමේ ද රජු හට ආයාචනා කොට යුව රජු සමඟ ම පැවිදි වූවේ ය.

171. ජනයාගේ හිත සුව පිණිස හේතු වන්නා වූ ඒ යුව රජුගේ සසුන් ගත වීම ධර්මාශෝක මහ රජුගේ රාජාභිෂේකයෙන් පසු ව එළඹි හතර වන අවුරුද්දේ දී සිදු විය.

172. එහි දී ම උපසම්පදා වූ, හේතුසම්පත් ඇත්තා වූ ඒ ස්වාමීන් වහන්සේ මහත් සේ වීර්යය කොට සයවැදෑරුම් අභිඤ්ඥ සහිත රහත් ඵලයට පත් වී වදාළ සේක.

173. ධර්මාශෝක මහරජු විසින් අසූහාර දහසක් වූ නගරයන්හි ඉදිකරන්නට පටන් ගත් මනරම් වූ සියලූ විහාරාරාමයන්හි සියලූ ඉදිකිරීම් තුන්අවුරුද්දක් තුළ දී නිමා විය.

174. කර්මාධිෂ්ඨායක වූ ඉන්දගුත්ත ස්ථවිරයන් වහන්සේගේ සෘද්ධි බලයෙන් අශෝකාරාමය ද වහවහා ඉදි කෙරිණි.

175. මහරජ තෙමේ, සර්වඥයන් වහන්සේ විසින් පරිභෝග ඛරන්නට යෙදුණ ඒ ඒ ස්ථානයන්හි ද සිත්කලූ වූ චෛත්‍යයන් ඉදි කළේ ය.

176. විහාරයන්හි ඉදිකිරීම් නිම වූ බව කියැවෙන හසුන්පත් අසූහාරදහසක් එක ම දිනක දී රජු වෙත ගෙන එනු ලැබිණි.

177. මහා තේජස් ඇති, සෘද්ධි ඇති, වික‍්‍රම ඇති මහ රජු ඒ හසුන්පත්හි වූ පණිවුඩ අසා අසූහාරදහසක් වූ ඒ සියලූ විහාරාරාමයන් සසුනට පූජා කරනා මහා පූජාව එක ම මොහොතක දී කරන්නට කැමති වූයේ ය.

178. ඒ රජ තෙමේ, ‘මෙයින් එළඹෙන සත් වන දිනයේ දී සියලූ දේශයන්හි, සියලූ ආරාම පූජාව එකවිට සිදු වේවා!

179. පොළවේ යොදුනක් යොදුනක් පාසා මහා දන් දෙනු ලැබෙත්වා! ආරාමයන්ගේ ද මඟ දෙපස ද සැරසිලි කෙරෙත්වා!

180. සියලූ විහාරයන්හි භික්ෂූ සංඝයා උදෙසා සර්වප‍්‍රකාරයෙන්, හැකි උපරිම අයුරින් පූජා පවත්වා,

181. පහනින්, මලින් හා මල් මාලාවන්ගෙන් අලංකාර කර සරසවා, ඒ ඒ තැන සියලූ තූර්යයන්ගෙන් නොයෙක් අයුරින් පූජා පවත්වා,

182. සියල්ලෝ පෙහෙවස් සමාදන් ව, ධර්ම ශ‍්‍රවණය කරත්වා! ඒ දවසේ නොයෙකුත් වූ පූජා විශේෂයන් සිදු කෙරෙත්වා!’ කියා නගරයෙහි අණ බෙර පතුරුවා හැරියේ ය.

183. සියල්ලෝ සෑම තැන ම, අණ කළ පමණටත් වැඩියෙන් සර්වප‍්‍රකාරයෙන් සරසවා, දිව්‍ය සැණකෙළි වැනි වූ මනෝරම්‍ය පූජාවන් සකස් කළහ.

184. ඒ දවසේ අන්තඃපුර මෙහෙසියන් ද ඇමතිවරුන් ද ඇත්, අස් ආදි සේනාවන් ද විසින් පිරිවරන ලද මහරජ තෙමේ සර්වාභරණයෙන් සැරසී මිහිතලය බිඳින්නා සේ අශෝකාරාමයට පැමිණියේ ය.

185. හෙතෙමේ උතුම් ආර්යයන් වහන්සේලාට වැඳ ඒ මහා පිරිස් මධ්‍යයේ සිටියේ ය.

186. එදා එහි රැස් වූ භික්ෂූන් වහන්සේලාගේ ගණන අසූකෝටියකි. උන්වහන්සේලා අතර උතුම් රහතන් වහන්සේලා ලක්ෂයක් වූහ.

187. එහි අනූ ලක්ෂයක් භික්ෂුණීන් වහන්සේලා වූහ. ඒ අතර රහත් මෙහෙණින් වහන්සේලා දහසක් වැඩ සිටියහ.

188. ඒ රහතන් වහන්සේලා ධර්මාශෝක රජුගේ ප‍්‍රසාදය පිණිස ‘ලෝක විවරණ’ නම් වූ පෙළහර පා වදාළ සේක.

189. ඒ රජ තෙමේ අකුසල කර්ම නිසාවෙන් පෙර ‘චණ්ඩාශෝක’ යැයි ප‍්‍රසිද්ධ විය. පසු ව පුණ්‍යකර්මයන්ගේ බලයෙන් ‘ධර්මාශෝක’ යනුවෙන් ප‍්‍රසිද්ධ වූයේ ය.

190. රහතන් වහන්සේලා සිදු කළ පෙළහර නිසා ඒ රජ තෙමේ මුහුද කෙළවර කර ඇති දඹදිව හාත්පස නානාවිධ පූජාවන්ගෙන් අලංකෘත වූ සියලූ විහාරයන් දුටුවේ ය.

191. ඒ විහාරයන් දැක අතිශයින් ම සතුටට පත්වූ රජ තෙමේ, ‘ස්වාමීන් වහන්ස, බුද්ධ ශාසනය තුළ කාගේ නම් පරිත්‍යාගයන් අතිමහත් වූයේ ද?’ යැයි සංඝයා වහන්සේලාගෙන විමසා සිටියේ ය.

192. එවිට මොග්ගලීපුත්ත නම් වූ ස්ථවිරයන් වහන්සේ, ‘සර්වඥයන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේවත් ඔබ හා සම වූ ත්‍යාගවන්තයෙක් නම් නො වී ය.’ යැයි පවසා රජුගේ ප‍්‍රශ්නය විසඳා වදාළ සේක.

193. ඒ බව අසා සතුටු වූ රජූ, ‘අනාගතයෙහි හෝ මා හා සමවන්නෙක් බුද්ධ ශාසනයේ නෑදෑයෙක් වේ ද?’ යැයි නැවතත් ස්ථවිරයන් වහන්සේලාගෙන් විචාළේ ය.

194. ශාසනභාර වූ ඒ මොග්ගලීපුත්ත ස්ථවිරයන් වහන්සේ, මහින්ද නම් වූ රාජ පුත‍්‍රයාගේ ද සංඝමිත්තා නම් වූ රාජ දියණියගේ ද හේතුවාසනා පුණ්‍ය සම්පත්තිය බලා,

195. ‘මෙබඳු වූ මහා පරිත්‍යාග ඇත්තෙක් අනාගතයේවත් බුද්ධ ශාසනයෙහි නෑදෑයෙක් නො වන්නේ ය.’

196. මහරජතුමනි, මෙවැනි දෑ කරන තැනැත්තාට ප‍්‍රත්‍ය දායක යැයි කියනු ලබන්නේ ය.

197. යමෙක් තම පුතෙකු හෝ දුවක හෝ සසුනෙහි පැවිදි කරවන්නේ නම්, එයින් ඒ තැනැත්තා ද ශාසනයට දායාද වන්නේ ය. එවිට හෙතෙමේ හුදු දායකයෙක් පමණක් ම නො වන්නේ ය.’ යැයි රජුට පිළිතුරු දුන් සේක.

198. ඉක්බිති ශාසන දායාදභාවය ලබනු කැමති වූ ධර්මාශෝක මහරජ තෙමේ ‘දරුවනි, ඔබලා පැවිදි වන්නේ ද? පැවිද්ද උදාරතර යැයි, අතිමහත් යැයි දැන ගනු ලැබීමි’ යනුවෙන් එහි සිටි මිහිඳු කුමරුගෙන් හා සංඝමිත්තා කුමරියගෙන් විචාළේ ය.

හුදී ජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි පස් වෙනි පරිච්ඡේදයෙහි කොටසකි.