Mahamegha News | Mahamegha Magazine

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ගුණ ගඟක් වන සේක
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරන ලද නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් උපන්නා වූ, අප භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ, ෂඩ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ම මින් වසර දෙදහස් තුන්සිය විසිහයකට පෙර, පොසොන් පුන් පොහෝ දිනෙක, මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට වදාළ සේක.

රන් බඳුනක බහාලූ සිංහ තෙලක් සෙයින් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් සිය නිකෙලෙස් හද මඬල නමැති සොඳුරු රන් බඳුනෙහි තථාගත ශ්‍රී සද්ධර්මය නමැති විස්මිත සිංහ තෙල බහාගෙන මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩි සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඒ පොසොන් පොහෝ දිනයේ ම එකල අපගේ මහරජුව සිටි දෙවනපෑතිස් නිරිඳාණන් උතුම් තිසරණ සහිත වූ පංචසීලයෙහි පිහිටුවා මේ ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවක උපාසක භාවය අප රජතුමාට ලබාදුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම කොට නොබෝ කලකින් එකල ගෞතම බුදු සසුන බබළන දඹදිව් තලය සෙයින් ෂඞ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී සිංහල මහරහතන් වහන්සේලාගෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී ගියේය.

පවිත්‍ර වූ සීලයෙන් සුශෝභිත වූ, සම්මා සමාධියෙන් සුපහන් වූ, නිමල ප්‍රඥාවෙන් ප්‍රභාෂ්වර වූ, මගඵලලාභී උත්තම ශ්‍රාවක සංඝ රත්නයෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී ගියේය.

තවද ඉතා සිල්වත් වූ ගුණවත් වූ මනා නුවණින් යුක්ත වූ මහා ත්‍යාගී වූ බුද්ධ සාසනමාමක වූ මගඵලලාභී සුපින්වත් උපාසක උපාසිකාවන්ගෙන් ද අපගේ ලංකාද්වීපය බැබළී ගියේය.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට පෙර යක්ෂාවාසයක් වූ ශ්‍රී ලංකාද්වීපය ගෞතම බුදුසසුනෙහි පිහිට සොයා පැමිණි දෙව් බඹුන්ගෙන් සුන්දර වී ගියේය.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුකම්පා උපදවා සිය සොහොයුරියව සිටි සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩම කරවා ලංකාවාසී කුලකාන්තාවන්ට ද මේ ගෞතම බුදුසසුනෙහි උතුම් භික්ෂුණී පැවිදි උපසම්පදාව පවා ලබාදුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ උතුම් ගෞතම බුදු සසුන චිරාත් කාලයක් ලෝකයෙහි පවතිනු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද උතුම් ධර්ම විනය සංඛ්‍යාත ත්‍රිපිටක බුද්ධ වචනය සිංහල භික්ෂූන් වහන්සේලා හට කටපාඩම් කරවා එහි අර්ථකථාවන් දීප භාෂාවෙන් උගන්වා උතුම් සසුන් මග නොසිඳී පවත්වනු පිණිස භාණක පරම්පරාවන්ට භාරකොට ශ්‍රී ගෞතම සම්බුදු සසුන සුරැකීමේ මහා සසුන් බර සිංහල භික්ෂූන් වහන්සේලා හට උරුම කොට වදාළ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අප භාග්‍යවතුන් වහන්සේගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ දඹදිව් තලයෙන් මේ සිරිලක් බිමට වඩමවා ගෙන අවුත් අනුරාධපුරයෙහි රෝපණය කරවා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාද රැකවරණය අප මව්බිමට ලබාදුන් සේක. එමෙන්ම ලංකාවාසීන් හට උතුම් බෝධි වන්දනාව තුළින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නට ද අවස්ථාව සලසා දුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා තව්තිසාවේ සිළුමිණි සෑයෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේගේ අකු ධාතූන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ ලවා මෙහි වැඩම කරවා ථූපාරාම සෑ රජුන් තුළ නිධන් කරවා ලංකාවාසීන් හට උතුම් සර්වඥ ධාතු වන්දනාවත් ස්ථූප වන්දනාවත් උගන්වා බොහෝ පින් රැස්කර ගැනීමට මග සලසා දුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අප කවුරුත් නොදැන සිටි භාග්‍යවතුන් වහන්සේගේ ලංකාගමනය ද වදාළ සේක. අප භාග්‍යවතුන් වහන්සේගේ පළමු ලංකාගමනය වන මහියංගණයට වැඩම කිරීම ගැන ද දෙවනුව නාගදීපයට වැඩම කිරීම ගැන ද තුන්වෙනුව කැළණියට වැඩම කළ ගමනේදී සමනොළ කඳු මුදුනට වැඩම කොට උතුම් ශ්‍රීපාද ලාංඡනය පිහිටුවීම ගැන ද ලංකාද්වීපයෙහි ස්ථූප තැනවෙන ඒ ඒ තන්හි භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නිරෝධ සමාපත්තියෙන් වැඩහිඳ ලංකාද්වීපය ආශීර්වාද ආරක්ෂා කොට වදාළ කරුණ ද අපට පහදා දුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේගේ අතීත වැඩමවීම පමණක් නොව මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන පෙර සම්බුදුරජාණන් වහන්සේලා ද මේ ශ්‍රී ලංකාවෙහි සිය බුද්ධ ශාසන පිහිටුවා වදාළ කරුණ ගැන ද අපට වදාළ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අනුරාධපුරයෙහි මහමෙව්නා වනෝද්‍යානයේ මහා විහාරය පිහිටුවා භික්ෂු සංඝයාගේ සීමා මාලකය පිහිටන තැන ද සංඝයාගේ ගිනිහල්ගේ පොකුණ පිහිටන තැන ද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන තැන ද සංඝයාගේ මහා උපෝසථාගාරය පිහිටන තැන ද සංඝ ලාභය බෙදන තැන ද සිව්දිසාවෙන් දන්පැන් ගෙනවුත් සංඝයාට බෙදන තැන වූ චතුශ්ශාලාව පිහිටන තැන ද රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේ පිහිටන තැන ද සලකුණු කරවා අනුරාධපුරයේ මහා සීමාව ලකුණු කොට පිහිටුවා ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය මැනැවින් ස්ථාපිත කළ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ තිස් දෙහැවිරිදි වියෙහිදී ලංකාද්වීපයට වැඩම කොට වදාළ සේක. අසූවැනි වියෙහිදී පිරිනිවන් පානා මොහොත දක්වා ලංකාද්වීපයෙහි ම වැඩවාසය කරමින් අප කෙරෙහි අනුකම්පා උපදවා උතුම් ත්‍රිපිටක බුද්ධ වචනය අකුරෙන් අකුර වචනයෙන් වචනය පදයෙන් පදය ඡේදයෙන් ඡේදය නිවැරදිව උගන්වා නවාංග ශාස්තෘ ශාසනයෙන් සමලංකෘත වූ පර්යාප්ති බුද්ධ ශාසනය ලංකාද්වීපයේ බැබළවූ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා සිංහල භික්ෂු සංඝයා වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් ද ඉන්ද්‍රිය සංවර සීලයෙන් ද ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලයෙන් ද ආජීව පාරිශුද්ධි සීලයෙන් ද සුසිල්වත් කරවා ධුතාංග සමාදන් කොට ප්‍රතිපත්ති සාරයෙහි පිහිටුවා, අරියවංශ ප්‍රතිපදාවෙහි පිහිටුවා, සමථ විදර්ශනා මාර්ග ප්‍රතිපදාවෙහි පිහිටුවා උතුම් ප්‍රතිපත්ති බුද්ධ ශාසනය ද ලංකාද්වීපයෙහි බැබළවූ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම විනය තුළ ම ලංකාවාසී භික්ෂූන් වහන්සේව මනාකොට පිහිටුවීමෙන් ඒ ධර්මයෙහි හැසිරීමේ ඵල වශයෙන් සෝවාන් මාර්ග-ඵල, සකදාගාමී මාර්ග-ඵල, අනාගාමී මාර්ග-ඵල, අර්හත් මාර්ග-ඵල යන උතුම් ශ්‍රමණ ඵලයන් ලබාදී ප්‍රතිවේධ බුද්ධ ශාසනය ද ලංකාද්වීපයෙහි බැබළවූ සේක.

මෙසේ ශ්‍රී ලංකාද්වීපවාසී සිංහලයන්ව ගෞතම බුදු සසුනෙහි මනාකොට පහදවාලූ ඒ ගෞතම බුදු සසුනෙහි උතුම් පිළිසරණ පරිපූර්ණ වශයෙන් ලබාදුන්නා වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ඒකාන්තයෙන් ම සිංහල ජාතියෙහි පිනට පහළ වූ අපගේ ප්‍රථම ආචාර්යපාදයන් වහන්සේ වන සේක. ඒකාන්තයෙන් ම සිංහල ජාතිය සුවපත් කළ මහා උපාධ්‍යායන් වහන්සේ වන සේක. සිංහල ජාතියට ශාස්තෘන් වහන්සේ නමක් බඳුව ශාසන දායාදය ලබාදුන් හෙයින් ඒකාන්තයෙන් ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු වන සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපය බැබළවූ හිරු මඬල වන සේක. යක්ෂ අන්ධකාරය දුරුකළ පුන් සඳ මඬල වන සේක. සිංහල ජාතිය ලොවෙහි ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්කළ මහා ගුණවතාණන් වන සේක. සිංහල ජාතියට අභිමානය ලබාදුන්, ධෛර්යය ලබාදුන්, වීරිය ලබාදුන්, සීලය ලබාදුන්, ගුණය ලබාදුන්, සියලු සසුන් දායාද ලබාදුන් මහා කළ්‍යාණමිත්‍රයන් වහන්සේ වන සේක.

ඒකාන්තයෙන් ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වීතරාගී වූ සේක. වීතදෝෂී වූ සේක. වීතමෝහී වූ සේක. ගෞතම බුදු සසුනෙහි වැඩහුන් උතුම් මහරහතන් වහන්සේ නමක් ම වන සේක.

ඒ අපගේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා!

මිහිඳු පුර අටවක උපහාර පූජා

මෙසේ මේ ශ්‍රී ලංකාද්වීපය දහම් කිරණින් එකළු කළ හිරු මඬල වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අසූවැනි වියේදී වප් මස පුර අටවක දා පිරිනිවන් පා වදාළ සේක. එනිසා වප් මස පුර අටවක ‘ශ්‍රී මිහිඳු පුර අටවක’ ලෙස දෙව් මිනිසුන් අතර ප්‍රචලිත විය. අතීත රජදරුවෝ මිහිඳු පුර අටවක දා අපගේ මහරහතන් වහන්සේගේ අපමණ ගුණ සිහිකොට නොයෙක් පූජෝපහාර, පෙරහැර, සංඝගත දක්ෂිණා, දම් දෙසුම්, පිරිත් සජ්ඣායනා, ශ්‍රී මිහිඳු ධාතු පූජෝපහාර සිදු කළහ. කිත්සිරි මේඝවණ්ණ රජ දවස රනින් කළ ශ්‍රී මිහිඳු ප්‍රතිමාවක් මිහින්තලාවේ සිට මහා විහාරයට මහත් හරසරින් වඩමවා පෙරහැර කරන ලද්දේ මිහිඳු පුර අටවක මුල් කරගෙන ය. මෙය වසර තුන්සියයක් පමණ නොකඩවා සිදු විය. කෙමෙන් ලොව කෙළෙහි ගුණයෙන් ඈත් වූයේ මිහිඳු පුර අටවක ද අමතක විය. උපහාර පූජා ගැන කවර කතා ද? එනමුත් අප අවාසනාවන්ත නැත. මෙවර මිහිඳු පුර අටවක (ඔක්තෝබර් 05 දින) රැය පහන් වන තුරු අනේක උපහාර මැද ශ්‍රීමත් මිහිඳු මහරහත් උපහාර පූජාව, රාජ්‍යානුග්‍රහයෙන් මිහින්තලාවේදී සිදුකිරීමට නියමිත ය. වසර දහස් ගණනකට පසු සිදුවන අසිරිමත් පිංකමට කෙළෙහි ගුණ සිහිකොට පැමිණෙන්නට නම් සසරේ පිං තිබිය යුතු ම ය.

මහාමේඝ බිනර (සැප්තැම්බර්) මස කලාපය දැන් නිකුත් වී තිබේ
මහාමේඝ බිනර සඟරාවේ විශේෂාංග අතරින්…

නිවන් දකිනා තුරා සෙවණැල්ල සේ පසුපස එනා පින

ප්‍රණීත අඹ ව්‍යංජනයක් සාදමු

සිංහලේ මගේ පින්බර පොළව මම සිඹිම්

දිවි නසාගැනීම

සිව් බුදුවරුන්ගේ ම පා පහස ලද මිහින්තලාව

අපි සමානයන් නොවෙමු

මෙලොව පරලොව දියුණුවේ රන් දොරටු

මරණානුස්සති භාවනාව

දෙව්ලොවට යන කාන්තාව

මහානර්ඝ වූ පෙම් සිහිලක සදාකාලික වූ රිද්මය – යසෝදරාවත

මෙවැනි විශේෂාංග ඇතුලු තවත් රසවත්, හරබර ලිපි පෙළක් සමගින් මහාමේඝ බිනර සඟරාව සෙනෙහසින් ඔබ අතට…

දිවයින පුරා පිහිටි මහමෙව්නාව භාවනා අසපු ශාඛාවලින් සහ අපගේ බලය ලත් අලෙවි නියෝජිතයන්ගෙන් ලබා ගත හැක.

ලොව කොතැනක සිටියත් මහාමේඝ සඟරාව තැපැල් මගින් දැන් ඔබේ නිවසට ම ගෙන්වා ගත හැකියි. වැඩි විස්තර 071 555 66 66 දුරකතන අංකය ඔස්සේ සහ මෙම පිටුවෙන් ලබාගත හැකියි.

මහාමේඝ – වියැළී මියැදෙන්නට පෙර ඔබ තෙමා සුරකිනු පිණිස….

ධර්මදානයට මහාමේඝ

ඔබගේ මියගිය දෙමාපියන්ට පිං පිණිස හෝ ඔබගේ දරුවාගේ උපන් දිනයට ආශීර්වාද පිණිස හෝ

ඔබේ ගමේ විහාරස්ථානයේ පුන් පොහෝදා සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙනුවෙන් මහාමේඝ පුවත්පත ධර්මදානයක් ලෙසින් බෙදාදීමට ඔබත් කැමති ද?

ඔබ ලබාගන්නා සෑම පුවත්පතකට ම පුණ්‍යානුමෝදනා පත්‍රිකාවක් ද අප විසින් ඇතුලත් කොට දෙනු ලැබේ.

විමසීම් – 071 555 6666 / 071 161 7568

අපටත් බලා ඉන්ට වේවිද? (1 කොටස)
ශ්‍රී ලංකාද්වීපය වූ කලී ස්වභාවයෙන්ම යක්ෂයින්ගේ වාසස්ථානයකි. නමුත් අනාගතයේ උතුම් බුදු සසුන ලක්දිව පිහිටන බව දැනගත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවන මාසයේදී ලක්දිවට වැඩම කොට බිහිසුණු යකුන් ගිරි දිවයිනට පලවා හැර මේ භූමිය මනුෂ්‍ය වාසයට සුදුසු භූමියක් බවට පත් කළ සේක. බුද්ධත්වයෙන් පස්වන වසරේදී දෙවන වරට ද ලක්දිවට වැඩම කළ සේක. බුද්ධත්වයෙන් අටවන වසරේදී තෙවන වරට ද ලක්දිවට වැඩම කොට මේ භූමිය බුද්ධ පරිභෝග ස්ථානයක් බවට පත් කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවදියේදී ම අකු ධාතූන් වහන්සේ, ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ ලක්දිවට වෙන් කොට වදාළ සේක. උතුම් බුද්ධානුභාවය ලක්දිව පිහිටුවා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා දින සක්දෙවිඳුන් හට ලක්දිව ආරක්ෂා කිරීමට භාර කළ සේක. කෙතරම් වාසනාවක් ද! එතරම් දුර්ලභ භාග්‍යයක් වෙනත් රටකට හිමි වුණිද? නැත්තේය. එතරම් මේ භූමිය පුණ්‍යවන්ත ය, භාග්‍යවන්ත ය.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ දින (ක්‍රි.පූ. 543) විජය කුමරු ඇතුළු සත්සියයක් පිරිස සම්ප්‍රාප්ත වීමෙන් මේ පුණ්‍ය භූමියෙහි මනුෂ්‍ය වාසය ආරම්භ විය. පණ්ඩුකාභය රජතුමාගෙන් (ක්‍රි.පූ. 437-367) ප්‍රථම සිංහල ශාක්‍ය රාජ වංශය ආරම්භ විය. දේවානම්පියතිස්ස රජ දවස (ක්‍රි.පූ. 307-267) මෙම පුණ්‍ය භූමියට මිහිඳු මහරහතන් වහන්සේ නිර්මල සදහම් සංදේශය රැගෙන වැඩම කරවීමෙන් ලක්දිව ගෞතම බුදු සසුන ප්‍රතිෂ්ඨාපනය විය. එතැන් පටන් සිංහල රජවරු බෞද්ධයෝ වූහ. සිංහල බෞද්ධ රජවරු පමණක් ලක්දිව සිහසුනට උරුමකම් පෑහ.

පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි ශාක්‍ය සිංහල රාජ වංශය වසර 200ක් පුරාවට කිසිදු කරදරයකින්, බාධාවකින් තොරව රටවැසියන් දරුවන් සේ සළකමින් සුවසේ රට පාලනය කළහ. රට වැසියා ද ඉතා සතුටින් ධාර්මිකව තම දිවි පෙවෙත ගත කළහ. නමුත් ක්‍රි.පූ. 237 දී සේන ගුත්තික නම් අශ්ව වෙළෙන්දෙකුගේ පුතුන් දෙදෙනෙක් එවකට මෙරට පාලනය කළ සූරතිස්ස රජු (ක්‍රි.පූ. 247-237) පරදවා මෙරට රාජ්‍ය බලය අල්ලා ගත්හ. ඔවුන් ධාර්මිකව රට පාලනය කළත් රටවැසියන් අපේක්ෂා කළේ සිංහල බෞද්ධ රජ කෙනෙකු පමණි. ඒ අපේක්ෂාව සඵල වනතුරු රටවැසියාට වසර 22ක් බලා සිටින්නට සිදු විය. බලාපොරොත්තු සඵල විය. දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයෙකු වන අසේල කුමරු විසින් (ක්‍රි.පූ. 215-205) සේන ගුත්තිකව පරදවා නැවත ලක් රජය සිංහල රාජ වංශයට නතු කර ගන්නා ලදී. මනුෂ්‍යයෝ සතුටින් ඉපිල ගියහ. එහෙත් ඒ සතුට වැඩිකල් නොපැවතුණි. ක්‍රි.පූ. 205 දී එළාර නම් ද්‍රවිඩයෙක් චෝල දේශයේ සිට මෙරටට පැමිණ අසේල රජු පරදවා නැවතත් සිහසුන සිංහල රාජ වංශයට අහිමි කළේය. ඔහු තරමක ධාර්මික පාලනයක් ගෙන ගිය ද ඔහුගේ දමිළ සේනාවෝ බොහෝ නොපනත්කම් සිදු කළහ. නැවත සිංහල බෞද්ධ රජෙක් නැති අඩුව රට වැසියාට තදින් දැනෙන්නට විය.

ඒ අතරතුර ගාමිණී අභය නම් (ක්‍රි.පූ. 161-137) ඉතාමත් සැදැහැවත් රජ කුමරෙක් රට බේරා ගැනීම පිණිස රුහුණේ සිට සංවිධානය වන බව රටවැසියාට දැනගන්නට ලැබුණි. සිංහල රජෙකු නැති සාංකාවෙන් පෙළෙමින් සිටි ඔවුනට එය කනට දැමූ අමෘතයක් මෙන් විය. අභීත සිංහල ලේ ඇති, ජාතිවාත්සල්‍යයෙන් ඔද වැඩී ගිය සිත් ඇති ජනී ජනයා පිහිටි රටින් රුහුණු රටට පලා ගොස් නැවතත් සිංහල රජෙකු පහළ කර ගැනීමේ උතුම් අදහසින් ගැමුණු කුමරු හට එකතු වී තම ජීවිත පරිත්‍යාග කරමින් එළාර රජු වසර 44ක් තිස්සේ පැහැර ගෙන සිටි සිංහල කිරීටය නැවත අත්පත් කර ගත්හ. නැවතත් රටට සාමය ඇති විය. රට සෞභාග්‍යමත් විය. බුදු සසුන දියුණු විය. නව වෙහෙර විහාර රාශියක් ගොඩනැගුණි. අහෝ ඛේදයකි! ලක්දිව ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැළකිය හැකි එම යුගය ද අවසන් කරමින් නැවතත් අඳුරු කාල පරිච්ඡේදයක් ලක්දිවට උදා විය.

වළගම්බා රජ දවස මාතොටින් ගොඩ බැස්ස ද්‍රවිඩ නායකයින් සත් දෙනෙක් බොහෝ බලසෙන් ගෙන රට ආක්‍රමණය කළහ. ඒත් සමඟ තීය නැමැති බමුණෙක් ද රුහුණේ සිට වළගම්බා රජුට විරුද්ධව යුධයට ආයේය. සටනින් පැරදුණු රජු රාජ්‍යය අතහැර පලා ගියේය. සිංහල කිරීටය නැවතත් සිහලුන්ට අහිමි විය. රාජ්‍ය අල්ලා ගත් දමිළයන් වසර 14ක් එකිනෙකා මරා ගනිමින් රාජ්‍යය පාලනය කළහ. ලක් වැසියන්ගේ පෙර පාපකර්මයක් ඵල දුන්නාක් මෙන් මේ සියලු කරදරවලට අමතරව මහත් දුර්භික්ෂයක් ද මෙරටට උදා විය. වසර දොළහක් වැසි නොවැස්සේය. රහතන් වහන්සේලා දහස් ගණන් පිරිනිවී ගියහ. බොහෝ මිනිස්සු ද සාගතයෙන් මිය ගියෝය. ඉතිරි වූවන්ගේ ශරීර මස් නැති ඇටසැකිලි බඳු විය. මේ ආකාරයේ මහත් විපතකට මුහුණ දුන් ජනී ජනයා තමාව බේරාගැනීම පිණිස නැවතත් සිංහල රජෙක් පහළ වනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියහ. මේ අතරතුර පළා ගිය වළගම්බා රජු රට බේරාගැනීම පිණිස සේනාව සංවිධානය කරන බව කන වැකුණු සිංහලයෝ රජු වටා එක් වූහ. හරි හමන් ආහාර ටිකක්, බීමට වතුර පොදක් නොතිබූ එම අවදියේ නියම සිංහල ලෙයින් සුපෝෂිත වූ, ජාතිකානුරාගයෙන් ඔද වැඩී ගිය සිත තිබූ ඔවුනට කුසගින්න නොදැණුනි. පිපාසය නොදැණුනි. වෙහෙස නොදැණුනි. සිංහල බෞද්ධ රජෙකුව සිහසුනෙහි නංවා සිංහල ජාතියත්, සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරලීමේ පරම පිවිතුරු අධිෂ්ඨානයෙන් ඔප් නැංවී ගිය සිත් තිබූ ඔවුනට අනෙක් සියලු පීඩාවන් අමතක විය. ඒ වෙනුවෙන් සියලු දුක් ඉවසා දරා ගත්හ. අහෝ කෙතරම් වාසනාවක් ද! අධිෂ්ඨානය මල්ඵල ගැන්විය. නැවතත් එම සතුරු ආක්‍රමණිකයන්ගෙන් රට බේරා ගෙන සිංහල බෞද්ධ රජෙකුව සිහසුනට නැංවීමට ඔවුනට හැකි විය. දෙවන වරට ද වළගම්බා රජු (ක්‍රි.පූ. 89-77) සිංහාසනාරූඪ විය. රට වැසියා සතුටින් පිනා ගියහ. රට නැවතත් සුභික්ෂ විය.

ඉන් පසුව වංකනාසිකතිස්ස රජුගේ කාලයේදී (ක්‍රි.ව. 105-108) සොළී ආක්‍රමණයක් එල්ල වූවත් ඔවුනට රට අල්ලා ගැනීමට නොහැකි විය. නමුත් ඔවුන් මෙරටින් 12,000 ක පිරිසක් සිරකරුවන් වශයෙන් එරටට රැගෙන ගියහ. වංකනාසිකතිස්ස රජුගෙන් පසුව රජකමට පත් ගජබාහුක ගාමිණී (ගජබාහු) රජතුමා (ක්‍රි.ව. 108-130 ) බලසෙන් ගෙන සොළී රට ආක්‍රමණය කොට අපෙන් රැගෙන ගිය 12,000 ක පිරිසත් හිලව් වශයෙන් එරටින් 12,000 ක පිරිසක් සිරකරුවන් ලෙසත් මෙරටට රැගෙන ආවේය. (මීට ගෞරවයක් වශයෙන් ඇතැම් සෙල්ලිපිවල මෙම රජුගේ නමට ඉදිරියෙන් ’යුදජි’ යන විශේෂණ නාමයක් නමට ඉදිරියෙන් යොදා තිබේ.)

ඉන්පසු වසර තුන්සිය ගණනක් යනතුරු විදේශ ආක්‍රමණයක් එල්ල නොවුණි. ස්වදේශිකයන් අතම සිහසුන පැවතුණි. නැවතත් ක්‍රි.ව. 431 දී ද්‍රවිඩ ආක්‍රමණයක් මෙරටට එල්ල විය. එවකට මෙරට පාලනය කළ මිත්‍රසේන රජු (ක්‍රි.ව. 428-429) මරා රාජ්‍ය අල්ලාගෙන පණ්ඩු, පාරින්ද, ඛුද්ද පාරින්ද, තිරිතර, දාඨිය, පීඨිය යන ද්‍රවිඩයන් සය දෙනා විසින් පිළිවෙළින් වසර 28කට අධික කාලයක් මෙරට පාලනය කළහ. නැවතත් සිංහල රජෙක් අපේක්ෂාවෙන් බලා සිටීමට ලක්වැසියාට සිදු විය. ඉහත ද්‍රවිඩයන් සයදෙනාගෙන් ඛුද්ද පාරින්දගෙන් සිංහලයන්ට බලවත් කරදර පීඩා ඇති විය. ඔවුනට බියෙන් බොහෝ දෙනෙක් රුහුණට පලා ගොස් රට දැය බේරා ගැනීමට සිංහල රජෙකු පහළ වන තුරු දෑස් දල්වා බලා සිටියහ. මේ අතරවාරයේ සිංහල සිහසුනට උරුමකම් ඇති සැදැහැවත් සිත් ඇති ධාතුසේන නම් කුමරෙක් සිංහලයින් අතරින් නැඟිට ආවේය. අතිශයින්ම ප්‍රබෝධයට පත් සිංහලයෝ එම කුමරු සමඟ සංවිධානගත වී ඛුද්ද පාරින්දට විරුද්ධව ප්‍රථම ප්‍රහාරය දියත් කළ ද එය අසාර්ථක විය. එහෙත් එම පරාජය ධාතුසේන කුමරුන්ව හෝ සිංහල සේනාවන් අධෛර්යමත් කිරීමට සමත් වූයේ නැත. නැවතත් හොඳින් සංවිධානගත වූ ඔවුහු දෙමළ රජුන් නසා සිංහල රාජ්‍යය නැවතත් අත්පත් කර ගත්හ. ධාතුසේන කුමරු (ක්‍රි.ව. 455-473) රජ බවට පත් විය. රටවැසියෝ සැනසුම් සුසුම් හෙලූහ. රුහුණට පලාගියවුන් නැවත රජ රටට පැමිණියහ. ඉන්පසු වසර පන්සිය ගණනක් යන තුරු දකුණු ඉන්දියානුවන්ට මෙරට රාජ්‍ය බලය පැහැර ගත නොහැකි වූ නමුදු අනුරාධපුර රාජධානියේ අගභාගයේ රටෙහි තිබූ අස්ථාවරත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් රාජ රාජ නම් සොළී රජු ක්‍රි. ව. 993 දී රජරට ආක්‍රමණය කොට රාජ්‍ය අල්ලා ගත් අතර ක්‍රි.ව. 1017 දී අනුරාධපුර රාජධානියේ අවසන් රජු වූ පස්වන මිහිඳු රජුව අල්ලාගෙන රටින් පිටුවහල් කරන ලදී. එලෙසින් නැවතත් සිහසුන සිංහලයන්ට අහිමි විය. රටවැසියාට දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදා විය.

රට අල්ලා ගත් ඔවුහු බොහෝ වෙහෙර විහාර විනාශ කළහ. රන් බුදු පිළිම ආදී වස්තුව දකුණු ඉන්දියාට යැවූහ. විහාරාරාම සෙබළුන්ගේ වාසස්ථාන බවට පත් කළහ. හින්දු දහම ව්‍යාප්ත කළහ. වසර 1500 ක් මුළුල්ලේ රටෙහි අගනුවර ලෙස පැවති අනුරාධපුර නගරය අතහැර පොලොන්නරුව අගනුවර බවට පත් කළහ. ලේ මස් බුදින යකුන් සේ රටෙහි සාරය උරා බිවූහ. සිංහලයන්ව බලවත් ලෙස පෙළුෑහ. මෙම අධාර්මික පාලනයෙන් බලවත් පීඩාවට පත් බොහෝ රටවැසියෝ රුහුණට පලාගොස් නැවතත් සිංහල රජෙකු පහළ වේවා යි යන උතුම් ප්‍රාර්ථනා ඇතිව එබඳු පින්වන්තයෙක් පහළවන තුරු සියලු දුක් පීඩා ඉවසමින් බලා සිටියහ.

මේ අතරවාරයේ සිංහලයින්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් රුහුණු දේශයෙන් කීර්ති නම් කුමාරයෙක් මතුව ආයේය. රජෙක් නැති අසහනයෙන් පෙළෙමින් සිටි සිංහලයින් මහත් ජාතිකාභිමානයෙන් යුතුව කීර්ති කුමාරයා වටා එක් රොක් වන්නට විය. සංවිධානගත වූ ඔවුහු චෝළයන්ට විරුද්ධව සටන් ආරම්භ කළහ. නමුත් ප්‍රථමයෙන් කළ බොහෝ සටන් අසාර්ථක විය. සොළීන්ට ම ජය ලැබුණි. එනමුදු පසුබට වූයේ සිංහලයෝ නොවේ. නැවතත් හොඳින් ප්‍රතිසංවිධානය වූ සිංහලයෝ මාර්ග තුනකින් රජරට වටලා චෝළයන්ගෙන් රට නිදහස් කර ගත්හ. අහිමි වූ සිහසුන නැවතත් අත්පත් කරගන්නා ලද්දෝය. කීර්ති කුමරු පළමුවන විජයබාහු නමින් (ක්‍රි.ව. 1070-1110) සිහසුනට පත් විය. රටවැසියෝ ප්‍රීතියෙන් පිනා ගියෝය. නැවතත් රට සමෘද්ධිමත් විය. බුදු සසුන දියුණු විය. වෙහෙර විහාර දියුණු විය. සිංහල ජනගහනය ද බෙහෙවින් වර්ධනය විය.

මහා පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1153-1186) කාලයේදී රට අතිශයින්ම සශ්‍රීක විය. ලක්දිව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වුනි. එම රජුගෙන් පසු නැවතත් රටට දුර්භාග්‍ය සම්පන්න කාලයක පෙරනිමිති පහළ විය. රටේ පාලන තන්ත්‍රය අතිශයින්ම ව්‍යාකූල විය. මෙයින් හානිය සිදු වූයේ රටවැසියාට ම ය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කාලිංග දේශයේ සිට 24000 ක සේනාවක් කැටුව පැමිණි මාඝ නම් කෲර ආක්‍රමණිකයා එවකට මෙරට පාලනය කරමින් සිටි පරාක්‍රම පාණ්ඩ්‍ය නම් රජුව ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඇස් උපුටා දමා මරණයට පත්කොට රාජ්‍ය බලය පැහැර ගන්නා ලදී. අඳෝමැයි. මෙයින් සිංහල ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් පෙර කිසි කලකත් නොවූ විරූ ආකාරයේ අතිශයින් ම අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදු විය. බොහෝ වෙහෙර විහාර විනාශ කොට සෙබළුන්ගේ මුරපොලවල් බවට පත් කළහ. බොහෝ දාගැබ් බිඳ හෙලූහ. බොහෝ සිංහලයන්ගේ වස්තුව, ගව මහිෂ ආදිය පැහැර ගෙන අත් පා කපා දැමූහ. බොහෝ පොත් පත් ගිනිබත් කළහ. මිථ්‍යා දෘෂ්ටිය පතුරුවා හැරියහ. භික්ෂු භික්ෂුණීන් ලවා බර වැඩ කරවූහ. දිවි බේරාගත හැකි වූවෝ රජරට අතහැර දමා වෙනත් ප්‍රදේශවල පදිංචියට ගියහ. රජරට යක් පුරයක් මෙන් දිස් විය.

එලෙස පලාගිය අයවලුන් දෑසේ කඳුළු නංවාගෙන නැවත කවදාක නම් සිංහල බෞද්ධ රජෙකු පහළ වේදැයි කියා සුසුම් හෙළමින් හුන්හ. ටික කලක් ගත විය. සිංහලයින්ගේ වාසනාවට රට දැය බේරාගත හැකි අභීත කුමරෙකු දඹදෙණියෙන් මතුව ආයේය. රජෙකු බලාපොරොත්තුවෙන් සිටි සිංහලයින්ට එය මහත් අස්වැසිල්ලක් විය. සියලු දෙනා ම පාහේ අතිශයින් ම රෞද්‍ර වූ, මිහිපිට වසන යකුන් සේ හැසිරෙන, රටට පිළිලයක් වූ මාඝ නමැති කෲර ආක්‍රමණිකයාගෙනුත් එම සේනාවන්ගෙනුත් රට බේරා ගැනීම පිණිස එම කුමරු සමග පෙරට ආවෝය. අභීතව ඔවුන් සමග එකා පිට එකා වැටි වැටී සටන් කළහ. අවසානයේ වසර 21 ක් පුරාවට ගෙන ගිය කෲර පාලනය අවසන් කිරීමට ඔවුනට හැකි විය. අහිමිව තිබූ සිහසුන නැවතත් සිංහලයන්ට ම අයිති විය. ඉතාමත් සැදැහැවත් එම කුමරු දෙවන පරාක්‍රමබාහු නමින් (ක්‍රි.ව. 1236-1270) රටෙහි අගනුවර දඹදෙණියට මාරු කරවා රජකමට පත් විය. රටවැසියෝ සතුටු කඳුළු වැගිරූහ. නැවතත් බුදු සසුන දියුණු විය. සිංහල සාහිත්‍යය දියුණු විය. විහාරාරාම දියුණු විය. රටට යහපත් කාලයක් උදා විය.

එහෙත් වැඩිකල් යන්නට මත්තෙන් චන්ද්‍රභානු නම් ආක්‍රමණිකයෙක් දෙවන පරාක්‍රමබාහු රජකමට පත්ව වසර 11කින් මෙරට ආක්‍රමණය කළේය. නමුදු අපේ අභීත සිංහලයින් සිහ විකුම් පාමින් ඔහුගේ මනෝරථය මුදුන්පත් කරගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන ලදී. පරාජයට පත් වූ හෙතෙමේ පලා ගියේය. 14 වසරකින් පසු නැවතත් සේනා සංවිධානය කරගත් හෙතෙමේ මෙරට ආක්‍රමණය කළේය. එහෙත් අපගේ සිංහ පෝතකයන් අභිමුඛයෙහි ඔහුත් ඔහුගේ සේනාවත් අන්ත පරාජයකට ලක් විය. නැවත සේනා සංවිධානය කරගෙන මෙරට ආක්‍රමණය කිරීමට ඔහුට අවස්ථාවක් උදා නොවුණි. සටනේදී සිංහලයන් හට දිවි පිදීමට ඔහුට සිදු විය. ඉන් පසු දකුණු ඉන්දියානු කිසිම රාජ්‍යයක් විසින් මෙරට බලය පැහැර නොගන්නා ලදී. එහෙත් විදෙස් රටවලින් පැමිණි ආක්‍රමණයන් නිමාවට පත් නොවීය.

– මහාමේඝ –

අපටත් බලා ඉන්ට වේවිද? (2 කොටස) >>

වීරයන්ගේ යශෝගීතය මේ අපේ උදාර වූ මාතෘ භූමිය යි
මිහිපිට උපදින – පහළවන සෑම සත්වයෙකුට ම තමන් උපන් භූමිය හා බැඳුණු අවියෝජනීය සබඳතාවක් පවතියි. ගහකොළ ඇතුළු අචේතනික වස්තූන් මෙන් ම සතා සිවුපාවා පවා තමන්ට උරුම වූ පරිසරයේ ආස්වාදය භුක්ති විඳිනුයේ අන්‍යෝන්‍ය වශයෙන් සහජ ගති ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගනිමිනි. සෙසු ජීවින්ට වඩා කායික හා මානසික තත්ත්වයෙන් උසස් තැනක් ගන්නා මානව වර්ගයා සභ්‍යත්වය කරා පිය නැගීමේ දී තමන් උපන් දේශය සැලකුවේ මාතෘ භූමිය වශයෙනි. දරුවකු ලොවට බිහි කළ මෑණියන්ට දක්වන ගරු සැලකිලි මිහිකතට ද පුද දුන් ආදිකාලීන ජනයා ‘ජගන්

මාතා’, ‘මහීමාතා’ යන නම්වලින් ජාත භූමිය පිදූහ.

ප්‍රාග් ඓතිහාසික යුගයේ එසේ වුව ද ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් විසින් තහවුරු කර ගන්නා ලද පරිදි අවුරුදු දෙදහස් පන්සියයක භාෂණ හා ලේඛන ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් මිහිපිට ජීවත් වන්නේ නම් එහි අග්‍ර ස්ථානයක් ශ්‍රී ලංකාද්වීපයේ වෙසෙන සිංහල ජනයාට හිමි ය. ඊට හේතුව වූ කලී අප ගෙවා දමමින් සිටින මේ භද්‍ර කල්පයේ සිවුවැනි වරට ලොව පහළ වූ උත්තරීතර මනුෂ්‍ය රත්නය වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් පහස ඒ සා දිගු කාලයක් සුරැකිව පවත්නේ අප සිංහල ද්වීපයෙහි වන හෙයිනි. ඒ මවුබිමේ උපන් ජනකාය යුගයෙන් යුගයට පරපුරින් පරපුරට ලේඛනයෙන්, භාෂණයෙන්, අයන හා වාරි තාක්ෂණයෙන් හෙබි අදීන සංස්කෘතියක තම විකුම්කම් ලොවට විදහා පෑවේ බුදු දහමින් පෝෂණය වූ නිදහස් සසුන්පතේ අනුහසිනි. සින්දූපමාන මහ වැව්, අහස සිපින මහ සෑ, මහරහතුන් නිවැසි සත්මහල්පායන් ඉදිවූයේ, බුදු වදනින් තෙවුණු හදින් නැගි හැඟුමින් මහ ගල්කුළු මැටි පිඬු සේ මෙළෙක් වී සම්බුදු රූ මතු වූයේ ඒ මාතෘ භූමියේ ජාත වූ දරුවන් අතිනි.

මේ මහා පෘථිවියෙන් ඇබිත්තක් වන අප දේශයේ ප්‍රෞඪ උරුමය ගැන, නූතන යුගයේ වෙසෙන මිථ්‍යා දෘෂ්ටික ඇදහිලි පසුපස හඹා යන සිංහලයන් තුළ හැඟීමක් නැති වුව ද මෙරට කෙටි කලක් සේවය කළ ඉංග්‍රීසි ජාතිකයෝ වටහාගෙන සිටියහ. හෙන්රි චාල්ස් විද්වතා 1850 දී ලියා පළ Ceylon and Sinhalese නම් ග්‍රන්ථයේ දැක්වූ එක් පාඨයක් පමණක් මෙහි ලා දක්වන්නේ අප ජාතියේ හා දේශයේ මහාර්ඝ වටිනාකම කියන සුවිශිෂ්ට දේශානුරාගී ගී පබඳක මහිමය කුළු ගන්වනු පිණිස ය:

“සිංහලයෝ ඔවුන්ගේ දේශයේ ප්‍රෞඪ ඉතිහාසයත්, කීර්තියත් සම්බන්ධයෙන් සාඩම්බර වෙති. අපගේ ගැලවුම්කරුවාණන්ගේ (ක්‍රිස්තුස් වහන්සේගේ) උත්පත්තියට වසර දහස් ගණනකට පෙර තම දිවයින අතිශය ප්‍රබල මානසික ශක්තියක් වර්ධනය කර ගත් ජන වර්ගයකට වාසභූමි වූ බවත්, තමන් ඔවුන්ගෙන් පැවතෙන්නන් බවත් දේශීය ඉතිහාසඥයෝ සකාරණ ව ප්‍රකාශ කරති.

සියවස් ගණනාවක් ඈත අතීතයේ සිංහලයන් විවිධ කලා විද්‍යා පිළිබඳ නිපුණතාවක් ඇතිව සිටියවුන් බව රට අභ්‍යන්තරයේ නොයෙක් තන්හි පිහිටි මහා මන්දිර, වැව් හා විහාරාරාම යනාදියේ නටබුන් වශයෙන් දැනට ශේෂ ව තිබෙන කොටස්වලින් ම සනාථ වෙයි. උසස් කලා පෝෂණයෙන් පූර්ණත්වයට පත් ජාතියක් මේ කුඩා දිවයිනේ විසූ බවට ඒ නෂ්ටාවශේෂයෝ දෙස් දෙති.”

(ලංකාව හා සිංහලයෝ – 141, 142 පිටු – ප්‍රේමචන්ද්‍ර අල්විස් පරිවර්තනය)

අප දේශය පිළිබඳ වූ මේ අනර්ඝ කියුම වූ කලී මේ ලිපියෙන් විවරණය කෙරෙන වීරයන්ගේ යශෝගීතයට පූර්විකාවක් වැන්න. විදේශිකයන් විසින් පවා ප්‍රශස්ත ප්‍රෞඪ උරුමයකට හිමිකම් කියන මාතෘ භූමියක උදාරත්වය ගැන වර්ණනා කළ හැක්කේ අප්‍රමාණ දේශානුරාගයකින් ද ප්‍රගල්භ කවීත්වයකින් ද පිරිපුන් නිර්මාණකරුවෙකුට පමණි. අතීතයේ සිට අප රට පහළ වූ කවියන් විසින් රචනා කරන ලද දේශාභිමානී යශෝ ගී පෙළහරක රස විනිස මහාමේඝ සුලවතුන් වෙත ඉදිරිපත් කිරීම අප අරඹනුයේ වර්තමාන යුගයේ පහළව සිටි විශිෂ්ටතම ගී පද රචකයා වූ මහගම සේකරයන්ගේ පබඳකිනි. අප රටේ ජාතික ගීයක් තරමට ප්‍රමාතෲන්ගේ බුහුමනට පාත්‍ර වූ ඒ දේශාභිමානි ගීතය මේ ය:

“රත්නදීප ජන්ම භූමි

ලංකාදීප විජය භූමි

මේ අපේ උදාර වූ මාතෘ භූමිය යි

ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්

සාර වූ උදාර වූ මාතෘ භූමිය යි

මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී

ඇත්තෙ ඒ අභීත දූ පුතුන්

ජාතියේ නාමයෙන් – සංග්‍රාම භූමියේ

ජීවිතේ පුදා හෙළුෑ ලේ කඳ යි

සින්දූපමාන වැව්තලා මතින් ඇදී

පද්ම රේණුයෙන් සුගන්ධ වී

රන් කරල් නමා හමා – සිත් ප්‍රබෝධයෙන් පුරා

එන්නෙ උන් හෙළුෑ ප්‍රාණ වායුව යි

ගංගා තරංග රාව දී රිදී වණින්

මල් පිපී කුලෙන් කුලේ හැපී

ගායනා කරන්නේ – ආකාශයේ නැඟී

වීරයින්ගේ ඒ යශෝගීතය යි”

ස්වකීය සියලු නිර්මාණයන්ගෙන් සිංහල ජාතියේ ප්‍රෞඪත්වය විභූෂණය කළ මහගම සේකරයන් මේ ගීතය රචනා කිරීමේ දී ලද ආවේශයත්, ගීතයට සංගීතය සපයා එය ගායනා කළ අමරදේවයන් දැක්වූ සුවිශිෂ්ට පරිශ්‍රමයත් අරභයා ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන් කළ විවරණයක් මෙහිලා දැක්වීම උචිත යැයි හැඟේ.

“1964 දී ගුවන් විදුලියෙන් මුල් වරට ප්‍රචාරය වූ ‘රත්නදීප ජන්මභූමි’ ගීතය සේකර ප්‍රබන්ධ කොට ඇත්තේ ‘ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ධ භාසුරං’ යන සුප්‍රකට බෝධි වන්දනා ගාථාවේ වෘත්තය ආශ්‍රයෙනි. අමරදේව එවකට රජයේ සංගීත ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකි. මහගම සේකර ගුවන් විදුලියෙන් ඉවත් වී එහි චිත්‍ර අංශයේ අංශාධිපති ලෙස සේවය කරමින් සිටියේ ය. එදින අමරදේවයෝ එළිමහනේ ගසක් යට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිවරාගෙන සංගීතය උගන්වමින් සිටියහ. භාරතීය සම්භාව්‍ය සංගීතයේ තාරණ යන අක්ෂර, ධධ්වරී අක්ෂර ලෙස හැඳින්වෙන අතර තාරණ යනු ඉන් බිහි වූ ගායන ශෛලිය වේ. ඉක්බිතිව අමරදේවයෝ ගෞඩ සාරංග නමැති රාගය ඉගැන්වීම ඇරඹූහ. සේකර ලියූ ‘රත්නදීප ජන්ම භූමි’ ගේය පද මාලාව එවෙලෙහි ඔහු අතට පත් විය. මේ ගීතයට අවැසි තනුව ද ගෞඩ සාරංග රාගයෙන් ම නිම කිරීමට අමරදේව සිත යොමු කළේ ය. දේශාභිමානි ගුණයට අවැසි පරිසරය මේ රාගයෙහි තිබෙන

බැව් ඔහුට පසක් වී තිබිණ.”

(අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ – පිටුව 381)

එපරිදි ශාස්ත්‍රීය වූ පදනමකින් නිර්මාණය වී ගැයුණු සිංහලේ යශෝ ගීතය, අපගේ මාතෘ භූමියේ මහානීය අගයත්, ඒ අගය දිවි හිමියෙන් රැක ගනිමින් සමෘද්ධිමත් පරිසරයක් ගොඩනංවාලූ වීරෝදාර මුතුන් මිත්තන්ගේ පරිශ්‍රමයත් උදෙසා නිමැවුණු සිහිවටන ඵලකයක් වැන්න.

“රත්නදීප ජන්ම භූමි – ලංකාදීප විජය භූමි

මේ අපේ උදාර වූ මාතෘ භූමිය යි”

අපගේ උදාර වූ මාතෘ භූමිය අතීත යුගයේ ලෝවැසියන් විසින් හඳුන්වන ලද්දේ සෙරන්ඩිබ් හෙවත් රත්නද්වීපය නමිනි. එසේ ම එම දේශය විජය රජුගෙන් ඇරඹී පසුකාලීන ව ක්ෂත්‍රීය ජන වංශ පරපුරකින් පැවත සරල ග්‍රාමීය ප්‍රධානීන්ගෙන් (ගාමණී) පාලනය වුණ දේශයක් විය.

“ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්

සාර වූ උදාර වූ මාතෘ භූමිය යි”

‘සිංහලේ’ නමින් හැඳින්වූ ඒ රත්නදීපයේ ජන පරපුර බුදු දහමින් සිය අධ්‍යාත්මය පෝෂණය කර ගත් උදාර ගති පැවතුමින් හෙබි සුරුවිරුවන් පිරිසක් වූහ. ඔවුන්ගෙන්

පැවත ආ ලේ නෑදැ පරපුර තම ජාත භූමියේ ස්වාධීන උරුමය රැක ගැනීම සඳහා දිවිහිමියෙන් කටයුතු කළහ. ඒ වීරයින්ගේ ලෙයින් මාතෘ භූමිය පෝෂණය වී තිබේ.

දකුණු ඉන්දීය මංකොල්ලකරුවන්ගේ සිට අපරදිග ධන වැද්දන් දක්වා දෙදහස් වසක් මුළුල්ලේ වරින්වර සිරිලක් භූමියට කඩා වැදුණු මිථ්‍යාදෘෂ්ටික පර සතුරු ආක්‍රමණ හමුවේ නොසැලී නැගී සිටි ඒ අභීත දූ පුතුන් සිය නම් ඉතිරි කොට තබා ‘මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී’ වැතිරුණේ සිංහල ජාතියේ උදාර නාමය ලෝකයා හමුවේ සනිටුහන් කොට තබමිනි. ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ දිවි පිදූ ඔවුන්ගේ කයින් ගලා ගිය ලේ කඳින් ලංකා ධරණීතලය පෝෂණය වී තිබේ. ඔවුන් එදා හෙළුෑ ප්‍රාණ වායුව සිරිලක් දෙරණට වරින්වර අනුප්‍රාණය ලබා දෙන්නේ සොබා දහමේ ආශීර්වාදයත් වැළඳගෙන ය.

“සින්දූපමාන වැව්තලා මතින් ඇදී

පද්ම රේණුයෙන් සුගන්ධ වී

රන් කරල් නමා හමා – සිත් ප්‍රබෝධයෙන් පුරා

එන්නෙ උන් හෙළුෑ ප්‍රාණ වායුව යි”

ලොව අන් සියලු රටවල් පරයා නිමැයුණු ලක්දිව වාරි තාක්ෂණය පැරණි සිංහලයන්ගේ සභ්‍යත්වයේ උතුම් අංගයක් සේ සැලකිය හැකි ය. ස්වාධීන සිංහල සංස්කෘතියක පටන් ගැනීමට හේතු වුණු මුල් බිජුවට ලක්දිව රෝපණය කරනු ලැබුවේ පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ දී (රාජ්‍ය වර්ෂ පූර්ව 5 වැනි සියවස) සිට බව ‘වැවෙන් උපන් සිංහල සභ්‍යත්වය’ නමැති ලිපියෙහි ලා මාර්ටින් වික්‍රමසිංහයෝ පැවසූහ. සිංහලයන්ගේ ස්වාධීනත්වයටත්, සෞර්ය වීර්යත්වයටත් දෙස් කියන වැව් සමුදුරු පරයා නිමැවුණු බැව් ඒවා හැඳින්වූ නම්වලින් පවා පෙනී යයි. ඒ මහ වැව් දියකඳ තරඟ පිසගෙන නැඟී නෙළුම් මල් සුවඳ ඇදගෙන හමන සිහිල් පවනින් සසල වන රන් කරලින් නැගෙන ප්‍රබෝධය, ජාතිය උදෙසා දිවි පිදූ හෙළ විරුවන්ගේ ප්‍රාණ වායුවට උවම් කිරීම කොතරම් මහරු කාව්‍යෝත්තියක් ද? මෙතරම් අබිරු අභිමානයක් ලොව කවර රටක පරිසරයකිනුදු නොනඟන විරූ ය. ලොව අන් රටවල ජනකායන් පවා මවිත කරවන සුලු ඒ මානව වික්‍රමයන් පිළිබඳ ව අනවරතයෙන් ම උදම් වන්නේ හෙළ දෙරණේ ස්වාභාවික සෞන්දර්යාත්මක පරිසරය යි.

“ගංගා තරංග රාව දී රිදී වණින්

මල් පිපී කුලෙන් කුලේ හැපී

ගායනා කරන්නේ – ආකාශයේ නැඟී

වීරයින්ගේ ඒ යශෝගීතය යි”

මහගම සේකර – පණ්ඩිත් අමරදේව සුසංයෝගයේ අග්‍ර ඵලයක් වැනි මේ ගීතයේ පරිසමාප්තිය වූ කලී, අතීත හෙළ වීර පුතුන්ගේ අභිමානවත් පරිශ්‍රමය ගැන නොසිතන – හුදු බලලෝභීත්වය හා උදර පෝෂණය ගැන පමණක් සිතා කටයුතු කරන අඳ බාල සමාජය අවදි කරවන කාහල නාදයක් වැන්න. නූතන යුගයේ බොහෝ දෙනෙකුගේ සිතින් ගිලිහී ගිය, අපේ හෙළ වීරවරයන්ගේ යශෝගීතය, ස්වභාවධර්මය විසින් පළ කරනු ලබන අපූරුව සේකරයන් වැණූ අයුරු ප්‍රශස්ත ය.

සටහන – දයාපාල ජයනෙත්ති

අනගාරික ධර්මපාලතුමා අද සිටියා නම් මෙසේ කියාවී….
මීහරකෝ ගොන් තඩියෝ

මං කීවා නේද තොපිට සියවසකට කලින්

පරසුද්දා නිකම් ම නෑ දාලා යන්නේ

හොරු තක්කඩි කොමිස්කාරයෝ පාවාදෙන්නෝ

රට කරන්ට හරිගස්සා ම යි උන් නම් යන්නේ

එතකොට තොපිත් උන්ට කතිරෙ ගසනවා

මීහරක් රැලක් පුම්බා උඩ අරිනවා

ඇටි කෙහෙල් කාපු රිලව් වාගේ දැන් තොපි

නියෝ නියෝ හිටපිය ගොන් තඩියෝ

සුද්දටත් වඩා වේගයෙන් කළු සුද්ද තොපිව නසනවා

ආරිය සිංහලයා නිවට නියාලුව හිඟමනට ම වැටෙනවා

රටේ තියෙන හැම දෙයක් ම විකුණා උන් විනාස කරනවා

ගෑනු ටිකත් හම්බ රටට වහල්කමට යවනවා

උන් එවනා මුදල්වලින් තොපි බීලා නටනවා

තොපෙ මහණුන්නාන්සේලා තුන් ලොවට උතුම් බුදුන්ව අත්හරිනවා

දේශපාලුවන්ගේ පසුපස්සේ බලුකුක්කො වගේ නැමී වැටෙනවා

උන්ට අටපිරිකර හොඳටෝම ඇති සල්ලි බාගෙ ලැබෙනවා

ඇටි කෙහෙල් කාපු රිලව් වාගේ දැන් තොපි

නියෝ නියෝ හිටපිය ගොන් තඩියෝ

පාදිලිරාලලා තොපිට මහලොකුවට හැඩට ම පේනවා නේද

තුන්සරණය සම්දිටුවට වඩා දේවමැවිල්ල තොපිත් හොඳයි කියාවි

දේවාල ගානෙ ගොහින් යකිනියන්ට බාරහාර දෙනව නේද

මීහරකෝ ගොන්තඩියෝ එහෙනම් දැන් තොපි උඩ බලාන නියෝ නියෝ හිටපං

මං කීව නේද ආණ්ඩුවේ රස්සාවල් බලා ඉන්ට එපා

වෙළඳාමක් කර්මාන්ත ගොයිතැන් කරපං කියා

ඒවා දැන් තියෙන්නේ කාගෙ අතේ දැයි බලපං

හම්බයා රජ වෙලා සිංහලයගෙ මව්කුසටත් විද්ද නේද

සිංහල රජකාලෙ ඉඳන් තොපි සතු සියලු ඉඩම් උන්ට වික්ක නේද

මීහරකෝ ගොන්තඩියෝ කොත්තු කකා ටීවී එක ම බලාපං

වට්ස්ඇප් වයිබර් ඉමෝ ෆේස්බුක්වල ම කාලෙ නසාපං

බටහිර ඇති වනචර ගති ඇති පදමට පුරුදු වෙලා සිංහලකමත් නසාපං

තොපේ බෙලි කපන්ට කඩු ගල ගානා හඬ

තොපිට තාම නෑහෙන්නෙ ඇයි ගොන්තඩියෝ

මීහරකෝ ගොන්තඩියෝ දැන්වත් නවත්තපං සුරා බීම

වසා දමා තොපේ සුරාසැල් වෙන රස්සාවක් කරපං

තොපේ දූදරුවෝ වැනසෙනවා කැක්කුම නැත්තෙ ඇයි ද මීහරකෝ

මං කියාදුන්න උපදෙස් දැන්වත් පිළිපැදපං

ආයෙ නෑ කියන්ටෙපා මේ වතාවෙ තොපි මේවා නොපිළිපැද්දොතිං

බෙල්ලේ ගලක් බැඳගෙන මුහුදට පනින්ට වේවි

මීහරකෝ ගොන්තඩියෝ හනේ හනේ තොපිත් සිංහල කියා ද කියන්නේ

තොපි දැන් බොරුවට කියනවා මට ආයෙත් තොපේ රටට එන්ට කියා

තොපි ම නේද කෙණෙහිලිකම් සියල්ලක් ම එදා මට කළේ

මීට සියවසකට කලින් මං කීව කිසිත් ගණන් ගත්තෙ නෑ තොපි

දැන්වත් සිහිය ලැබගෙන ආරිය සිංහල අභිමානෙ උපදවාගෙන

උතුම් මහාවංසේ නිතර කියෝපං හොඳට දහම ඉගෙන ගනිං

වහල්බවින් නිදහස් වෙන්නට හිතට ගනිං… හිතට ගනිං…

මීහරකෝ ගොන් තඩියෝ තොපි බේරෙන්නේ තොපේ සපන්කමක් නිසා නොවෙයි

උතුම් බුදුන්ගේ ආනුභාවෙ නිසාමයි… ආනුභාවෙ නිසාමයි…

(අනගාරික ධර්මපාලතුමාගේ ලිපි හා කතා ඇසුරෙනි)

පසු තැවෙන්න එපා! – පව් නැති කර ගන්න විදිහක් මෙන්න…
සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකෙට පහළ වන්නේ ඉතා කලාතුරකිනි. උන්වහන්සේ අන් අයට පිළිසරණ වන සේක. බුදු කෙනෙකු ලෝකයට පහළ වන්නේ සරණක් පිණිස විනා ලෝකයාට පසුතැවිල්ලක් දීමට නො වේ. තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරද්දී ඔබට ඉතිරි වන්නේ පසුතැවීමක් නම් ඔබ ධර්මය අල්ලා තිබෙන විදිහ වැරදි ය. බුදුරජාණන් වහන්සේ ගැන අසනා විට, ‘අනේ අපට අහිමි උනානේ’ කියා සිතීම පසුතැවිල්ල යි. ‘අනේ උන්වහන්සේ සරණ යන්ට ලැබෙනවානේ’ කියා සිතීම ධර්මය යි.

ඔහු මුළු හදවතින් ම බුදුරජාණන් වහන්සේ සරණ කර ගන්නේ ය. ධර්මය අසන විට ‘අනේ අපිට වැරදුනානේ, අපිට නම් යහපතක් වෙන එකක් නෑ. සතර අපායේ තමයි ඉතින්’ කියා සිතීම පසුතැවිල්ල යි. ‘මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ එල්ලී ගැලවිය යුතුව ඇතැ’යි සිතීම ධර්මය යි. ඔහු මුළු හදවතින් ම ශ්‍රී සද්ධර්මය සරණ කර ගන්නේ ය. උතුම් රහතන් වහන්සේලා ගැන අසන විට ‘අනේ අපට ඒ රහතුන් දැක ගන්ටවත් බැරි උනානේ, උන්වහන්සේලාට දන් හැන්දක්වත් බෙදා ගන්න බැරි උනානේ, උන්වහන්සේලාගෙන් බණ අහන්න බැරි උනානේ’ කියා සිතීම පසුතැවිල්ල යි.

‘අනේ ඒ රහතන් වහන්සේලා ගැන අපට අහන්ට ලැබෙනවා නෙව. කොයි තරම් ලාභයක් ද?’ කියා සිතීම ධර්මය යි. ඔහු මුළු හදවතින් ම සංඝරත්නය සරණ යන්නේ ය. තුනුරුවන්ට තමන් සමාන කරන කෙනා පසුතැවිල්ල උරුම කර ගනී. තුනුරුවන් සරණ කරගෙන ගැලවීමක් සොයන කෙනා ධර්මය උරුම කර ගනී. දැන් බලන්න ඔබ මේ ධර්මයෙන් පසුතැවිල්ල උරුම කරගෙන ද? නැත්තම් සරණ උරුම කරගෙන ද? කියා.

පසුතැවි තැවී ඉන්න කෙනා මරණින් මතු නාග ලෝකය උරුම කර ගනී. පසුතැවිල්ලත්, ශෝකයත්, දුක් මැසිවිල්ලත්, කෝපයත්, නොසන්සිඳෙන රාගයත් නාගයන්ගේ ජීවිත වෙලාගෙන ඇත්තේ ය. පින තිබෙන අය පවා පසුතැවිල්ල හා සිතෙන් කඩාගෙන වැටෙන බොළඳ බව නිසා නාග ලොව ඉපිද එහි ද ශෝක වෙත්, පසුතැවිලි වෙත්, අවුරුදු 20,000ක් සිල් රැක ගසක කොළයක් කැඩුණු ශෝකයෙන් නා ලොව උපන් ඒරකපත්ත නාගයා මෙනි. මේ ලෝකයේ සත්පුරුෂයෙක් මනා ව අවවාද කරනවා නම් ඔහු වනාහි “ශෝක නොකරව්, පසුතැවිලි නොවව්, වරදින් නැගී සිටිව්” යැයි පවසන්නේ ය. එතරම් ඒ කරුණ වටින්නේ ය.

අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට උපතින් ම සිල්වත් අයව සොයා වැඩියේ නැත. උපතින් ම බ්‍රහ්මචාරී අයව සොය සොයා වැඩියෙත් නැත. උන්වහන්සේගේ මහා කරුණාවෙන් තෙත් වූ නෙත් සඟලට මිනී මරණ අංගුලිමාල පෙනුන සේක. සංකිච්ච සාමණේරයන් සමඟ පැමිණි සොරු පෙනුන සේක. අම්බපාලි, සුගලා, විමලා, වැනි ගණිකාවෝ පෙනුන සේක. තම යසස වෙනුවෙන් මුසා බණන්නන් පෙනුන සේක. විශාඛාව සමග දෙව්රමට ආ, මත් වතුරින් වියරු වැටුණු කතුන් පෙනුන සේක. ක්‍රෝධයෙන් ගිනි ගත් භාරද්වාජ වැන්නන් ද විවාහ යෝජනා රැගෙන ආ මාගන්දිය වැන්නන් ද මිථ්‍යා දෘෂ්ටියෙන් ඔද වැඩුණු පරිබ්‍රාජකයන් ද පනස් පස් වසරක් පුරා අසූචි අනුභව කළ ජම්බුක ආදීන් ද බුදු ඇසට පෙනුන සේක. මෙවැනි කතා කොතෙක් ද? නො කී කතා අපමණ ය. ඔවුහු මඟ වැරදුනු අය ව සිට භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණු පසු හරි මඟ ගියෝ ය. උපන්දා සිට නොව සසරක පව් සෝදා හළෝ ය. කිම…. ඔබ නැද්ද මේ දහමෙන් සැනසෙන්නේ? පව් සෝදාගෙන මුනිඳු සරණ යන හැටි, බලන්න මේ ලිපියෙන්වත් සොයා ගත හැකි ද කියා…

ආලවක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසයි. “කථංසු පරිසුජ්ඣති” – “කෙලෙසින් ද කෙනෙක් පිරිසිදු වෙන්නේ?”

රාගය නිසාත්, ද්වේෂය නිසාත්, මෝහය නිසාත්, කෙළවරක් නැති කෙලෙස් නිසාත් මේ හිත තියෙන්නේ ජරා වී ය. අපවිත්‍ර වී ය. කුණු අස්සේ කුණු ය. ජරා සිතිවිලි ම ය සිතෙන්නේ. ජරා වැඩවලට ම ය කැමති. ජරා වචන කියා සතුටු වෙයි. මේ කුණු කන්දරාව හෝදාගෙන පිරිසිදු වෙන්නේ කොහොමද කියා ය මේ විමසන්නේ. කරපු දහසක් වැරදිවලින් කිලිටි වූ සිත පිරිසිදු කර ගන්නේ කොහොමද කියා ය අසන්නේ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාාළ සේක. “පඤ්ඤාය පරිසුජ්ඣති” – “ප්‍රඥාවෙන් ම යි කෙනෙක් පිරිසිදු වෙන්නේ.” ප්‍රඥාව කියන්නේ නුවණින් යුතුව හරියට කල්පනා කරන්නට හැකි බවයි. මේ හරිම අමාරු කාරණයකි. හරියට නුවණින් කල්පනා කරනවා නම් කෝටියක් පව් හේදෙයි. උපමා කතා කිහිපයක් සිහි කරන්නෙමි ඔබගේ වැටහීම පිණිස. පානීය ජාතකයේ මෙසේ සඳහන් ය.

අතීතයේ යහළුවන් දෙදෙනෙක් පැන් පිරුණු ලබු කබල් දෙකක් ගෙන එයින් පැන් බී හේන් කොටති. වෙහෙස වූ විට තම පැන් බඳුනෙන් දිය බොති. එක් අයෙක් විටෙක තම පැන් බඳුන ඉතිරිකර ගන්නා අදහසින් හොරෙන් අනෙකාගේ පැන් බඳුනෙන් පැන් බිව්වේ ය. එදින සවස තම දිනචරියාව ආවර්ජනය කරන ඔහු තමාගේ සොරකම සිහි කොට, ‘සතර අපායේ වැටේවි’ යන බිය ගෙන නුවණින් විමසුවේ ය. ‘කෙලෙස් යටපත් කර ගන්නෙමි’යි සිතා විදර්ශනාවේ ම සිත පැවැත්වූයේ ය. ඒ උත්තමයා පසේබුද්ධත්වයට පත් වූ සේක.

තවත් අයෙක් පර අඹුවන්ට ආසා කොට, ඒ ගැන සිතා, මේ අකුසලය පැවැත්වුවොත් මා නිරයේ යාවි කියා සිතට අවවාද කොට විදසුන් වඩා පසේබුද්ධත්වයට පත් වූ සේක. තවත් අයෙක් මුසාවක් කියා ඊට කලකිරී විදසුන් වැඩූයේ පසේබුද්ධත්වයට පත් වූ සේක. තවත් අයෙක් ප්‍රාණඝාතයට අනුබල දී ඊට කලකිරී විදසුන් නුවණින් කල්පනා කොට පසේබුද්ධත්වයට පත් විය. කළ පාපය පාපයක් බවත්, එහි විපාකය දරුණු බවත්, නැවත නොකිරීමට ඇති කැමැත්තත්, වීර්යයත් නුවණින් කල්පනාවට ගත් හෙයින් ඔවුහු සසරින් මිදුනු සේක. හරියට කල්පනා කොට පවු සෝදා ගත් කතා කීපයක් එලෙස ම ය.

අට්ඨාන ජාතකයේ අපේ මහා බෝධිසත්වයෝ ගණිකාවන් ඇසුරු කරන සල්ලාලයෙකු ව සිට ඒ ගැන කලකිරී තපස් රැක බඹලොව උපන් විස්තර එයි. වරදින් නැගී සිට සැනසිල්ලට පත් වූ අය ගැන විස්තර එමට ය. හුදෙක් මේ බුද්ධ ශාසනය ම වරදින් නැගී සිට පව් සෝදාගත් ශුද්ධවන්තයන්ගේ ම භූමිය යි. පව දෘෂ්ටියෙන් වසා නැළවිලි ගී කීම අනික් ශාසනවල පුරුද්ද යි. ඔවුනට ප්‍රඥාවක් කොයින් ද? ‘පඤ්ඤාය පරිසුජ්ඣති’ – ‘ප්‍රඥාවෙන් ම යි පිරිසිදු වෙන්නේ.’

තවත් මඟ පෙන්වීමක් සල්ලේඛ සූත්‍රයේ පෙන්වා දෙන සේක. බොහෝ අය බුද්ධ ශාසනයේ දියුණුව සේ දකින ධ්‍යාන, සමාධි, සමාපත්ති භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේ වදාරා නැත. ඒ, නිවනට නොවෙයි. රූපාවචර ධ්‍යාන යනු මේ ජීවිතේ සැප සේ විසීම යි. කෙලෙස් ලිහිල්ල නෙවෙයි. අරූපාවචර ධ්‍යාන යනු මේ ජීවිතේ ශාන්ත ව විසීම යි. කෙලෙස් ලිහිල්ල නෙවෙයි. කෙලෙස් ලිහන්නේ ප්‍රාණඝාතය කරන කෙනා ප්‍රාණඝාතයෙන් වැළකීමට පැමිණීමෙනි. සොරකම් කරන කෙනා ඉන් වැළකීමට පැමිණීමෙනි. මේ අයුරින් කෙලෙස් බන්ධනය ලිහනවා කියා අකුසල් 44ක් ගැන වදාළ සේක. මෙය ප්‍රඥාවට ගත යුතු ය. යම් වැරැද්දක් කරන්නේ නම්, ක්ලේශයකට බන්ධනයකට ලක් වෙලා නම්, ඒවා ලිහලා ශුද්ධ කර ගන්න නම් ඒ වරදින් මිදෙන්න ම ඕනෑ ය. වැරැද්දක් කර කර ඉන් මිදෙන්නට බැරි ය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “චිත්තුප්පාදම්පි ඛෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. කෝ පන වාදෝ කායේන වාචාය අනුවිධීයනාසු” – “කුසල ධර්මයන් වැඩීමට සිතක් ඉපදවීම පවා බොහෝ උපකාරකයි කියා වදාරමි. කයින් වචනයෙන් කුසල් කිරීමෙන් වන යහපත ගැන කවර කතා ද?” එනිසා ‘මම මේ මේ අකුසල් කරන්නේ නෑ. මට මෙයින් නැගී සිටින්න ඕන.’ කියලා නිතර සිතිය යුතු ය. පිරිනිවන් පෑම යනු සියලු කෙලෙස් සෝදා හැරීමෙන් ලැබෙන පරම ශාන්තිය යි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ප්‍රාණඝාතය කරන කෙනාට පිරිනිවන් පාන්ටයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නේ.” යම් වරදක් කරන කෙනාට එහි කෙලෙස් සෝදා හැර හැම පවින් ගැලවෙන්ට තිබෙන්නේ ඒ ඒ වරදින් අත් මිදීම ම යි. සල්ලේඛ සූත්‍රය කියවන්න. ඔබ මෙතෙක් කළ වැරදි පව්කම්වලින් ඔබට ගැළවෙන්න තිබෙන්නේ එයින් අත්මිදීම තුළින් ම යි. වැරදි අඩුපාඩු හදාගන්න. ඔබ වැරදිකරුවෙකු නො වේ, ඉන් මිදුනු කෙනෙකි. මේ කරුණු තේරුම් ගෙන හරියට කල්පනා කොට ජීවිතය හදා ගන්නා එක අයිති ප්‍රඥාවට ය. ඒ, ප්‍රඥාවෙන් පව් සෝදා හරින හෙයිනි. භාග්‍යවතුන් වහන්සේ වෙහෙසවූ ආලවක යකු පාපයනුත්, පසුතැවිල්ලත් ප්‍රඥාවෙන් ම සෝදා දැමුවේ ය. පිරිසිදු වූයේ ය. ‘පඤ්ඤාය පරිසුජ්ඣති.’

“කථංසු තරති ඕඝං” – “මේ විදිහට වැරදි, වැරදී, පසුතැවි තැවී, අඬ අඬා කැරකි කැරකි පවට ම නැමෙන මේ කෙලෙස් සැඩ පහරින් ගසාගෙන යද්දී කොහොමද ගොඩයන්නේ කියා ද ආලවක ඇසුවේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “සද්ධාය තරතී ඕඝං” – “ශ්‍රද්ධාවෙන් තමයි තරණය කරන්නේ කෙලෙස් සැඩ පහර.” ශ්‍රද්ධාව යනු බුද්ධ වචනය විශ්වාස කරන එක ය. ඔහු මේවායෙන් ගැලවෙන්නේ මෙහෙමයි කියා වදාළ දහම් පද විශ්වාස කර ගනියි. ගැලවෙන්න පුළුවන් කියා විශ්වාස කොට වැරදිවලින් ගැලවුණ අය සිටිති. විශ්වාස කරන එක ම ය ශ්‍රද්ධාව. ජාතක කතා, ධම්මපද කතා, රහතන් වහන්සේලාගේ ජීවිත කතා වනාහී නැගී සිටින්න පුළුවන් බවට දෙන සාක්ෂි වේ. ඒවා විශ්වාස කටයුතු ය. ඒ ශ්‍රද්ධාව ඔහුව වරදින් එතෙර කරනු ඇත.

“කථංසු තරති අණ්ණවං” “සාගරයක් වගේ ගොඩගැසුණු සංසාර ගමනෙන් (සාගරයක් වගේ කෙලෙස් ගොඩෙන්) කොහොමද එතෙර වෙන්නේ?” කියා ද ආලවක විමසයි. “අප්පමාදේන අණ්ණවං” – “අප්‍රමාදී බවෙන් ම යි.” අප්‍රමාදී බව වනාහි අනුන්ට චෝදනා නොකිරීම යි. දුක් මැසිවිලි අඳෝනා නොනැගීම යි. පසුනොතැවීම යි. ඉවසීම යි. කලබල නොවීම යි. නුවණින් කල්පනා කිරීම යි. කාලයෙන් ප්‍රයෝජන ගැනීම යි. අප්‍රමාදී බවට අංගුලිමාල තෙරිඳුන් ව උපමාවට සුදුසු ය. තම හිසට ගල්පහර වැදෙද්දී පසුපස හැරී නොබැලුවේ ය. පාත්‍රය බිඳෙද්දී වටපිටවත් නොබැලුවේ ය. ඉවසුවේ ය. උන්වහන්සේගේ උදාන ගාථාවල කඩුව අතට දුන් ගුරුවරයා ගැන හෝ කේළාම් කියූ යහළුවන් ගැන වචනයකින්වත් නැත්තේ ය. උන්වහන්සේ ලෝකයට චෝදනා නොකළ සේක.

බුදු සසුන මුණගැසුණු වෙලේ උතුම් ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ලැජ්ජා බයත්, වීර්යයත් ප්‍රඥාවත් දියුණු කර ගත් සේක. ඒ අපගේ ආර්ය වූ අංගුලිමාල තෙරිඳුන්ගේ අප්‍රමාදී බව යි. සාගරයක් තරම් කෙලෙස් පව් උන්වහන්සේ තරණය කළ සේක. මේ හැමදේටම ඤාණය තිබිය යුතු ය. ප්‍රඥාවෙන් ම යි මේ ඔක්කොම ශුද්ධ කරලා දාන්නේ. කුණු වැඩි නම් ප්‍රඥාව වැඩි කර ගත යුතු ය. ඒ තාක්, පසුතැවීම මංමුළා වූ බව ම උපදවයි. ප්‍රඥාව නැතිතාක් ධර්මය හොයනවා කියා රට වටේ යන්නට සිද්ධ වේවි, එක එක භාවනා පන්තිවලින් හෙම්බත් වෙවි. ඇත්තටම ප්‍රඥාව නම් සොඳුරු දෙයකි. ප්‍රඥාව මිනිසා සන්සුන් කරවයි. සතුට ගෙන දෙයි. වරදින් ගොඩ ගනියි. නිවනට රැගෙන යයි.

“කථංසු ලභතේ පඤ්ඤං” – “කොහොමද ප්‍රඥාව ලබා ගන්නේ?” යනුවෙන් ද ආලවක විමසුවේ ය.

“සද්දහානෝ අරහතං

ධම්මං නිබ්බානපත්තියා

සුස්සූසා ලභතේ පඤ්ඤං

අප්පමත්තෝ විචක්ඛණෝ”

“අමා මහ නිවනට පමුණුවන ධර්මය රහතන් වහන්සේලා වදාළා. ඒ ධර්මය හොඳට අහන්න ඕන. අප්‍රමාදී ව නුවණින් විමසන්න ඕන. අන්න එතකොට ප්‍රඥාව උපදිනවා.” බලන්න, ශ්‍රද්ධාව මේ කරුණට වුවමනා ය. ධර්මය ඇසීම වුවමනා ය. හැබැයි ශාස්තෘ ශාසනය, ත්‍රිපිටකාගත සැබෑ ශ්‍රී සද්ධර්මය ම අහන්න ඕන. ඇදකුද නොසොයා, තමා තුළට පමුණුවා නුවණින් විමසනකොට ප්‍රඥාව උපදී. ඒ නිසා ශ්‍රද්ධාවෙන් ධර්මය අහන කෙනා මේ අර්බුදයෙන් ගැලවීමක් ලබයි. තවත් විස්තර දැනගන්නට ආලවක සූත්‍රය කියවන්න. හරිම අපූරු සූත්‍රයකි. ඇත්තටම ආලවක ගැලවුනා නේ ද…! ආලවක මිනී මස් කමින් සිටි යකෙක් ය. ඔහු සෝවාන් විය.

දහමින් පිහිටක් සොයාගෙන පැමිණි ඔබ පසුතැවීම ඉතිරිකර ගන්න එපා. එතකොට ඔබ සරණ ලබාගෙන නැත. සරණ ලැබුණා ම බිය නැති වන්නේ ය. මේ බියෙන් තැවි තැවී ඉන්නේ හරියට සරණ නැති නිසාවෙනි. කෝටියක් පව් අමතක කොට බලවත් ව තිසරණ සරණ යන්න. හරියට කල්පනාව හදා ගන්න. ප්‍රඥාව උපද්දවන දේශනා අසන්න. වරදින් නැගී සිටි උත්තමයන්ට පුදන්න. සිහි කරන්න. නමදින්න. අප හටත් පිහිටක් ඇති බව නිතර සිතන්න. මේ මිහිරි ශ්‍රී සද්ධර්මය නිතර ශ්‍රවණය කරන්න. ඔබව සුවපත් කරනා දහම් පදය ඔබට ඇසෙනවා ම යි. භාග්‍යවතුන් වහන්සේ ලොවට අනුකම්පා ඇති සේක…!

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි

බංකොලොත් නො වී බිස්නස් කරමු…!
ව්‍යාපාර දියුණුවට මඟ – 01 සටහන

දියුණුව සොයන්නෝ ලෝකයේ විරල නැත. සොයන්නෝ විරල නොවූව ද දියුණු වන්නෝ ලෝකයේ විරල ය. දියුණුව හුදු සෙවීමක ප්‍රතිඵලයක් නොවීම එයට හේතුවයි. එසේ නම් දියුණුව කවරාකාරයේ දේවල ප්‍රතිඵලයක් ද? දියුණුවට හේතුපාදක වන කරුණු සපුරාලිය යුත්තේ කෙසේ ද? හේතු සකසමින් අත්පත් කර ගන්නා දියුණුව දෙලොව ම යහපත සලසන්නක් ලෙසින් ජීවිත කරා පමුණුවාලිය හැක්කේ කෙසේ ද?

එකී අරමුණු මුදුන්පත් කරලීමට අත්වැලක් වනු පිණිස මහාමේඝ පුවත් සඟරාවේ මේ ලිපි පෙළ සම්පාදනය වන්නේ ලොව සියලු සාර්ථකත්වයන් වෙත පරිපූර්ණ මග දෙසූ සම්බුදුරජාණන් වහන්සේ වදහළ ධර්ම පර්යායන් අනුසාරයෙනි. මෙහිලා අප අවධානය යොමු කරන්නේ ව්‍යාපාර දියුණු කිරීම පිළිබඳ ව ය.

“දැන වෙළෙඳාම – නොදැන ගොවිතැන” කියා කියමනක් සමාජයේ තිබේ. ගොවිතැන වුව ද දැන මිස නොදැන කළ හැක්කක් නො වී තිබියදීත් මෙවැනි ව්‍යවහාරයක් සමාජගත වන්නට ඇත්තේ වෙළෙඳාම හොඳින් ම දැනගෙන මිස නොකළ යුත්තක් ම නිසා විය යුතු ය. අප සමාජයේ දකිනා ස්වභාවය නම් හැම දෙනාට ම ව්‍යාපාර දියුණුව අත්පත් වන්නේ නැති බව ය.

සමහරු බිස්නස් පටන් ගනිති. සුභ නැකැත්, සුභ මුහුර්ති සලකමින් වැඩ කටයුතු අරඹති. දිවා රැය බලි බිලී පුද දෙමින් නොයෙක් ආකාරයේ නොපෙනෙන ලෝකයන්ගෙන් පවා ව්‍යාපාර සාර්ථකත්වය පිණිස පිහිට අයදිති. යන්ත්‍ර තන්ත්‍ර විද්‍යා ආදියෙන් පවා උපකාර පතති. ව්‍යාපාර දියුණුවේ රහස් යැයි හඳුන්වා දෙන න්‍යායන් සොය සොයා අත්හදා බලති. අතේ ඇති මුදලින් ද සමීපතමයන්ගේ මුදලින් ද ණයට ගත් මුදලින් ද යනාදී වශයෙන් මූලික ප්‍රාග්ධනය සපයා ගනිමින් එසේ කල් යල් ද බලමින් අරඹන ව්‍යාපාරයන් බලා සිටිය දී ම දියුණු වන අවස්ථා තිබේ. හෙමින් සීරුවේ දියුණු වන අවස්ථා ද තිබේ. යාන්තමින් පවත්වාගෙන යන්නට සිදුවන අවස්ථා ද බංකොලොත් භාවයට පත්ව සියලු ව්‍යාපාර සහමුලින් ම විනාශ වන අවස්ථා ද තිබේ. ඇතැම් විට අතිශයින් සාර්ථක අඩියක පවත්නා ව්‍යාපාරවල මුල් හිමිකරුවන්ගෙන් පසු ව්‍යාපාරයට හිමිකම් ලබනා දූ දරු, නෑදෑ පාර්ශවයන් හට නොසිතූ විරූ බංකොලොත් භාවයන්ට මුහුණ දෙන්නට සිදු වූ අවස්ථා ද අපි අසා ඇත්තෙමු. ව්‍යාපාර සම්බන්ධයෙන් මේ සා වෙනස්කම් එකිනෙකා කෙරෙහි බලපවත්වන්නේ ඇයි?

එයට හේතුසාධක සමාජය විසින් දක්වනා අයුරින් අපිදු මෙහි දක්වන්නෙමු.

– ව්‍යාපාර පිළිබඳ දැනුම මදිකම

– අවිධිමත් භාවය

– අසාර්ථක කළමනාකරණ විධි

– අවාසනාව

– ඊර්ෂ්‍යාකාරයන් විසින් සිදු කරනු ලබන අකුල් හෙළීම්, අණවින ආදිය

– භූමි දෝෂ

මේ ආදී වශයෙන් ව්‍යාපාරවල අසාර්ථකත්වයන්ගේ හේතුසාධක අර්ථ දක්වන අවස්ථා අපට දකින්නට හැකි ය. ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් යම් යම් බලපෑම් සිදු වන බව ද සැබෑවකි. ඒ සියල්ල ම පරයා ජීවිතයේ කවර කරුණක හෝ නිරායාසයෙන් ම පාහේ ලැබෙනා සාර්ථකත්වය කෙරෙහි බලපවත්වන්නේ පූර්ව කර්ම ශක්තීන් ය. ව්‍යාපාර දියුණුවට ද පූර්ව කර්ම ශක්තීන්ගේ නිසැක තීරණාත්මක බලපෑමක් තිබේ. ජීවිතයේ අත්පත් කර ගන්නා සියලු සාර්ථකත්වයන් කෙරෙහි පෙර කළ පින් ඇති බව ප්‍රබල ව බලපවත්වන්නේ ය යන්න සම්බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද්දකි.

“දෙව් මිනිසුන්ට තමන් කැමති හැම සම්පතක් ම දෙන්නේ මේ පුණ්‍ය නිධානයෙන් තමයි. යමෙක් යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ සියල්ල ම මේ පුණ්‍ය නිධානයෙන් ලබා ගන්න පුළුවනි.

ලස්සන රූපයක් ලැබෙන්නත්, මිහිරි ස්වරයක් ලැබෙන්නත්, මනා අඟ පසඟකින් යුතු සුන්දර සිරුරක් ලැබෙන්නත්, ඉහළ සමාජ තත්ත්වයක් ඇතුව පිරිවර සම්පත් ලැබෙන්නත් මේ පුණ්‍ය නිධානය හේතු වෙනවා.

ප්‍රාදේශීය රජකම් ලැබෙන්නත්, සැප සම්පත් ලැබෙන්නත්, ප්‍රියමනාප වූ සක්විති සැප ලැබෙන්නත්, දෙව්ලොව දිව්‍ය සම්පත් ලැබෙන්නත්, මේ හැමදේකට ම මේ පුණ්‍ය නිධානය හේතු වෙනවා.

මිනිස් ලොව සැපත්, දිව්‍ය ලෝක සැපත්, තව සැප සම්පත් ඇත්නම් ඒවාත්, ඒ අමා නිවන් සුවයත් යන මේ හැමදෙයක් ම (දාන සීල භාවනා තුළින් ලබා ගන්නා) පුණ්‍ය නිධානයෙන් ලබා ගන්න පුළුවනි.”

(නිධිකණ්ඩ සූත්‍රය – ඛු. නි. 1)

මේ ආකාරයට සියලු සැප උපදවාලන පුණ්‍ය නිධානය රැස් කරන ආකාරයත් මේ උතුම් බුද්ධ දේශනාව තුළ පළමුකොට පෙන්වා දී තිබේ.

“යම් කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දන් දෙනවා නම්, සිල් රකිනවා නම්, සිත දමනය කරගෙන භාවනාවේ යෙදෙනවා නම්, අන්න ඒක තමයි ඉතා හොඳින් තැන්පත් කරපු නිධානය වෙන්නේ.

දාගැබ් වහන්සේලාටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයින්ටත්, යම් පුද්ගලයෙකුටත්, මව්පියන්ටත්, වැඩිමහලු සහෝදර සහෝදරියන්ටත් දන් දීම්, ගෞරව දැක්වීම් ආදිය කරනවා නම්, මනා කොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත් සොරකම් කරන්න බෑ.

පරලොව යද්දී තමාගේ පස්සෙන් ම එනවා. ඔක්කොම අත්හැරලා පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමයි අරගෙන යන්න තියෙන්නේ.”

(නිධිකණ්ඩ සූත්‍රය – ඛු. නි. 1)

එසේ නම් අප පළමුකොට පැහැදිලි ව තේරුම් ගත යුත්තක් තිබේ. එනම්, අපට ජීවිතයේ පැමිණෙන සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කෙරෙහි පෙර අප විසින් කළ කී සහ සිතූ දෑවල ප්‍රබල බලපෑමක් අති බවයි. මේ කාරණය හොඳින් සිහියේ ද විශ්වාසයේ ද තබා ගත් විට ලාභ අලාභ හමුවේ මැදහත් ව කටයුතු කරන්නට ද පසුබිම සැකසේ. එසේ ම මේ ජීවිතයේ දී ම විපාක සලසාලන දාන සීල භාවනාදී පින්කම් ජීවිතයේ දියුණු පමුණු කරලමින් සාර්ථකත්වය පිණිස වූ පදනම ශක්තිමත් කරලන්නට ද අපට අවස්ථාව හිමි වේ. එනිසා සියල්ලෝ මේ න්‍යාය සිහි තබා ගනිත්වා! මෙය පළමු පාඩම යි…!

වපුරන හැටියට අපට අස්වැන්න හිමි වේ. අස්වැන්න සරු වන ආකාරයට වැපිරිය යුත්තේ මොනවා ද සහ අස්වැන්න විපුල වන ආකාරයට වැපිරීම කළ යුත්තේ කෙසේ ද යන්න මහා කාරුණික වූ සම්බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කොට තිබේ. කළ යුත්තේ එකරුණු මැනැවින් දරා ගනිමින් බිම මැනැවින් සකසා මැනැවින් ම වැපිරීම යි.

බිම සැකසිය යුත්තේ මෙසේ ය. මේ දුරුතු පුන් පොහෝ දිනයේ අප සටහන තබන්නේ ඉන් පළමු ආකාරය පිළිබඳ ව ය.

දන් දීම කළ යුතු ය. බැහැර කරන දෙයක් නොව හොඳ දෙයක් ම, මැනැවින් සකසා, ගෞරවයෙන් යුතු ව, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුතු ය සියතින් ම දන් දිය යුතු ය. ඒ සත්පුරුෂ දානයකි. කාලය බලමින්, අවශ්‍යතාවයන් බලමින් දන් දිය යුතු ය. ඒ කාල දානයකි. ගොඩක් තිබෙන විට දන් දිය යුතු ය, ටිකක් තිබුණ ද දන් දිය යුතු ය. එය මහත් ඵල වන දානයකි. මසුරු මල අත්හරින සිතින් දන් දිය යුතු ය. පිරිස දානයෙහි සමාදන් කරවමින් දන් දිය යුතු ය. මෙලෙස දන් දෙන්නෝ බොහෝ ජනයාට ප්‍රිය වෙති. භවභෝග සම්පතින් වැඩී යති. යසසින් වැඩී යති. කල්‍යාණ කීර්ති රාවයෙන් වැඩී යති. සත්පුරුෂ ඇසුරට පත් වෙති. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන් හා අධිපති බවින් අනෙකුන් අභිබවා යති. ඒ මෙලොව දී ම වුව සැලසෙන විපාකයන් ය. පරලොව ද වඳ නොවන විපාකයන් ය. එසේ ම දන් දෙන්නෝ මරණින් මතු සුගතිය ද දිනති.

දන් දීමෙහි ලා මෙලොව දී ම සැලසෙන විපාකයන් ව්‍යාපාරයක දී සුභ ආයෝජනයකි. මෙය දෙවන පාඩම යි…!

‘උගත් පාඩම් සිහි තබා ගන්නෝ දියුණුවට පත් වෙති’ යන කරුණ අවසන සටහන් කරනු කැමැත්තෙමි.

තෙරුවන් සරණයි!

“නොසිතූ විරූ දියුණුවක් ලබන ව්‍යාපාරයකට පදනම හදමු…!” ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

සටහන – සරත් එන් හේවාවිස්ස

බංකොලොත් නොවී බිස්නස් කරමු  – 02 සටහන

කියවීම පිණිස පිවිසෙන්න >>

මළගිය උදවිය අපේ ජීවිතවලට සම්බන්ධ වෙන්නේ පින් අනුමෝදන් කිරීම්වල දී. එහෙමත් නැති නම් අද කාලෙ නම් මරණයෙන් පස්සේ දුගති උපතක් ලබලා මේ මිනිස් ලෝකයේ ජීවත් ව සිටින ඥාතීන් හමුවේ විවිධ ආකාරවලින් පෙනී සිටින අය ගැනත් අහන්න ලැබෙනවා.

මරණයක දී අප ව දාලා යන්න එපා කිය කියා සිය දහස්වර මහ හඬින් කිව්වට මරණයෙන් පස්සේ නොමිනිස් ජීවිතයක හිඳ ඒ මළ ගියවුන් අප කරා ආවොත් කවුරුවත් එයට කැමති වන්නේ නැහැ. බොහෝ විට ඒ සිරුර මිහිදන් කළ තැනින් හෝ දැවූ තැනින් ගමන් කරන්නටවත් බොහෝ අය අකැමැති වෙනවා. එහෙම එකේ මිහිදන් කළ සිරුරක් ගොඩට අරන් මළවුන්ට සත්කාර කළ යුතුයි කියලා කාට හරි හිතෙනවා නම්… “පිස්සු වැඩක්” කියලා බොහෝ දෙනෙකුට නිතැතින් ම කියැවේවි. ඒ ‘පිස්සු වැඬේ’ කරන රටක් තමයි ඉන්දුනීසියාව. ඔන්න අපට වැඩි ඈතකත් නෙමෙයි…

දූපත් ගණනාවකින් සැදුම්ලත් ඉන්දුනීසියාවේ සුලාවේසී දූපතේ වාසය කරන ට්‍රෝජන් නම් ජන කණ්ඩායම තමයි මේ කටයුත්තේ යෙදෙන්නේ. පුරාණ චාරිත්‍රානුකූල ව අවුරුදු තුනකට වතාවක් ඔවුන් ස්වකීය මළගිය ඤාතීන්ගේ සිරුරු ගොඩ ගෙන අලුත් ඇඳුම් අන්දවලා, පෙරහැරක ගෙන ගොස්, අලුත්වැඩියා කරන ලද මිනී පෙට්ටියේ තැන්පත් කොට වළට දානවා. තම ඤාතීන් වෙනුවෙන් ආදරය, ගෞරවය දැක්වීමේ ක්‍රමයක් ලෙසින් එය පිළිගැනෙනවා.

මරණයෙන් පසු මිහිදන් කිරීම වෙනුවෙන් මුළුමහත් ජීවිත කාලයක් පුරා උපයපු ධන සම්භාරය ම වැය කරන පිරිසක් තමයි ඔවුන්. අලුත් ජීවිතය වළ තුළ ගෙවෙන බව ඔවුන් සිතනවා විය හැකියි. ‘ගෝත්‍රික අදහස්’ කියලා ඔබට සිතුණ ද? ඔව්. ගෝත්‍රික අදහස් නම් තමයි. හැබැයි…. ඔය ගෝත්‍රික අදහස් ම ඇති ව කවදා හරි අපි ඉපදෙන්නත් ඉඩ නැත්තෙත් නෙමෙයි. දැහැමි ව සිව් දිශා පාලනය කරමින් අපමණ පින්දහම් රැස් කළ සක්විති රජවරුන් පවා දිව්‍ය සැප කෙළවර කුරා කුහුඹුවන් ව දුගතියේ ඉපදුණා නම්…. අප දිනෙක මළමිනී ගොඩ ගනිමින් අලුත් ඇඳුම් අන්දවන්නවුන් වීමට ඇති ඉඩ ගැන කවර කථා ද? එක අතකින් ඒ ඉඩ දුර්ලභ වන්නටත් පුළුවන්. හේතුව, යළි යළිත් සුගතියේ ඉපදීම ද ඉතා දුර්ලභ වීම යි.

මළවුන්ට සත්කාර කොට සැනසීම සොයන මිනිසුන් වගේ ම මළවුන්ට ජීවිතය දී සැනසීම සොයන මිනිසුන් ද ලෝකයේ සිටියා. අදටත් සිටිනවා. තම එක ම පුතු මරණයට පත් වුණ වෙලාවේ ඒ සිරුර ඔසවාගෙන පුතුට පණ දිය හැකි වෙදැදුරෙක් සොයමින් පාරක් පාරක් ගානේ දිව ගිය කිසාගෝතමිය එයින් එක් අයෙක් පමණයි.

කිසාගෝතමී අම්මා දරුවාගේ මළ සිරුර තුරුලු කරගෙන සම්බුදුරජාණන් වහන්සේ හමුවේ හිඳිමින් අසා සිටියේ “බේරා ගන්නට පුළුවනි ද?” කියලයි. අසාධාරණ ඤාණ දරා වැඩ සිටින සම්බුදුරජාණන් වහන්සේ දුටුවා ඇය ව බේරා ගත හැකි බව. උන්වහන්සේ වදාළා “නැගණිය, බේරා ගත හැකියි.” කියා… ඇය බේරුනා. දරුවාගෙනුත්, ගිහිගෙයිනුත්, කෙළවරක් නො පෙනෙන සසරිනුත් ඇය බේරුනා… ආයේ සසරේ කිසි ම දිනයක කිසාගෝතමිය දරු දුකින් වැළපෙන්නේ නැහැ. ආයේ සසරේ කිසි ම දිනයක දරුවෙකුගේ සිරුර ඔසවාගෙන සැනසීම සොයමින් ඇය දිව යන්නේ නැහැ. ආයේ සසරේ කිසි ම දිනයක ඇය දුකට පත් වන්නේ නැහැ. එහෙත්… අප…???

මේ අවබෝධය ලබන්නට තව කී දෙනෙක් නම් සමීපතමයන් අපට අහිමි විය යුතු ද? තව කී වරක් නම් අප ඉපදි ඉපදී මැරි මැරී යා යුතු ද? මළමිනී ගොඩ ගන්නට නො වෙයි; නො මැරෙන ලොවක නූපදින ලොවක සැනසෙන්නට අප්‍රමාදී වීම වෙනුවෙන් නො වේ ද අප වීර්යය කළ යුත්තේ? එය ම නො වේ ද අපගේ ජීවිත ඉලක්කය විය යුත්තේ? සැබෑ ඉලක්කය තෝරා ගන්න. එවිට අන් සියල්ල දෙවැනි කොට අපට ඒ එල්ලේ ජීවිතය මෙහෙයවීමේ ඡන්දය ම බලවත් කර ගත හැකි යි…!

සටහන – උදුලා පද්මාවතී

යුද්ධයක් කරන්න තියෙනවා. බෑ කිව්වත් නැසෙනවා. පස්සට ගියත් නැසෙනවා. හරියට පුහුණු නො වී ගියත් නැසෙනවා. හැබැයි… ඒ යුද්ධය මඟ හරින්නටත් බෑ. කරන්න ම වෙනවා. මේ යුද්ධය නො කරන එකමත් මහා පරාජයක්.

අයි එස් අයි එස් සටන්කාමීන්ගේ අන්තවාදී ක්‍රියාකලාපයන් ඉලක්ක කර ගත්තේ සිරියාවේත්, ඉරානයේත් ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීම. ලෝක ඉතිහාසය තුළ ලෙයින් වැකී ගත්ත රුදුරුතම කාල සීමාවක් සනිටුහන් කරමිනුයි ඔවුන් මේ දක්වා ම ඒ මතය වෙනුවෙන් අන් මිනිසුන් මරා දමන්නේ. කිරිසප්පයන් පවා කපා කොටා මරා දමන හැටි, ගෙල කපා මිනිසුන් මරා දමන හැටි, දෙමව්පියන් හඬා වැළපෙද්දී දරුවන් යුද්ධය පිණිස ගෙන යන හැටි අසමින් දකිමින් ඔබේ ඇස් තෙමී ගිය අවස්ථා මේ අන්තවාදී ප්‍රහාරයන් තුළ තිබෙන්නට ඇති.

ඇත්තටම ඒ කඳුළ අපේ ඇස් තෙත් කළේ ප්‍රත්‍යන්ත දේශයක උපන්නා වූ ඒ අසරණ මිනිසුන් අන්තවාදී ආගමික වටපිටාවක් නිසා බල්ලන්, බළලුන් සේ මඟතොටේ පවා මරා දැමෙන නිසා නේ ද? මෙවැනි කුරිරු බවක ගොදුරු වන්නට ඒ මිනිසුන් කළේ කවර පාපයක් ද කියා සිත සිතා ඔබ දුක් වන්නට ඇති. නොපනත්කම් ලෝකයට ගෙනෙන රුදුරු සිත් ඇති මිනිසුන් කෙරෙහි ඔබ තුළ විශාල අප්‍රසාදයක් ඇති වන්නටත් ඇති.

සිරියාවෙන්, ඉරානයෙන් නො නැවතී දකුණු ආසියාව කරා ද ඉස්ලාමීය අධිරාජ්‍යය පුළුල් කරවන්නට සැලසුම් මේ අන්තවාදී පිරිස් තුළ ඇති බව පසුගිය කාලයේ හෙළිදරව් වුණා. අධර්මයට බොහෝ උපකාර ලැබෙන පරිහානී යුගයක ඔවුන්ට එවැනි ආක්‍රමණයක් සිදු කිරීමට නොයෙක් අවස්ථා විවෘත වීම සාමාන්‍ය දෙයක්. අසාමාන්‍ය දේ වෙන්නේ, යුද්ධය ජය ගන්න කවුරුන් හෝ සතු ව තිබෙන හැකියාව යි.

මේ කිව්වෙ අයි එස් අයි එස් යුද්ධය ගැන නෙමෙයි… ඔය විදිහට ම බෙලි ගැසුම් කාලා, අවි ආයුධවලින් පහර කාලා, ම්ලේච්ඡත්වයේ ගොදුරක් වෙලා අප මීට පෙර කිසි කලෙක මිය නො ගියා නෙවෙයි. ඒකාන්තයෙන් ම අප එසේ මිය ගියා. එය ශාස්තෘන් වහන්සේගේ අවබෝධය. ඔය දකින දුක් සහගත රූප රාමුවක් රූප රාමුවක් පාසා අප දකින්නේ සසරේ යම් කලෙක, යම් තැනක සිටි අපව ම යි. ශ්‍රද්ධාවෙනුත්, ප්‍රඥාවෙනුත් අදහා ගත යුතු මේ කාරණය සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් හෙළිදරව් කරනවා.

“පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. ආරම්භක කෙළවරක් දැකගන්න බැරි දෙයක්. අවිද්‍යාවෙන් වැසුනු, තණ්හාවෙන් බැඳුනු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවයේ ආරම්භක කෙළවරක් දැකගන්න බෑ.

එම නිසා පින්වත් මහණෙනි, ඔබට දුකට පත් දිළිඳු වූ, විරූපී වූ අසරණයෙක් දකින්න ලැබුණොත් මේ විදිහට නිශ්චයකට පැමිණෙන්න ඕන. ‘අහෝ! මේ සා දීර්ඝ සංසාරයේ ගෙවූ කාලය තුළ අපිත් මේ විදිහෙ දුක් අනුභව කරල තියෙනවා නෙව.’”

(දුග්ගත සූත්‍රය – සං. නි. 2)

සම්බුදුරජාණන් වහන්සේ මෙතැන දේශනා කරන වචනය, “නිට්ඨමෙත්ථ ගන්තබ්බං – නිශ්චයකට පැමිණෙන්න, නිසැක බවට පත් වන්න” යන්නයි. එනම්, මේ දුක අපත් සසරේ විඳි බව ඒකාන්තයි…

ලොවේ දුක දකිනකොට අපට මේ කාරණය ම සිහි කළ හැකි නම්…! සසර බිය සිහි කිරීම අප්‍රමාදයට උපකාරකයි. අප්‍රමාදී වීම නිවනට උපකාරකයි. ඔන්න යුද්ධය දිනන මඟ. කිසි දිනෙක නොපරදින්නට ම දිනන මඟ. එන්න. ඒ මාවත තමයි කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා මේ ලෝකයට හෙළිදරව් කරන්නේ.

ඉතින්…. නො කර මඟ හරින්නට බැරි මේ යුද්ධයට අපි මනා කොට පුහුණු වෙමු නේ ද?

සටහන – උදුලා පද්මාවතී

ජීවය රඳා පවතින්නේ ජලය මත කියා පිළිගැනීමක් තිබෙනවා. ආහාර නැතිව සිටිනවාට වඩා අඩු කාලයක් තමයි ජලය නැතිව ජීවියක් පවත්වා ගත හැක්කේ. හැබැයි…. ජීවිත රකින ජලයට ම හැකි යි ජීවිත නසන්නටත්….

උතුරත් දකුණත් වෙන් කරගෙන ගහ මරා ගන්න රටවල් දෙකක් තමයි උතුරු කොරියාව සහ දකුණු කොරියාව. දකුණු කොරියාව ලෝකයට මෑත කාලයේ ප්‍රකට වුණේ අත්තනෝමතික, දරදඬු පාලනයකින් එරට මෙහෙයවෙන කරුණෙන්. උතුරු කොරියාව දකුණු කොරියාවට සාපේක්ෂ ව අහිංසක රටක් කියලයි පිළිගැනෙන්නේ. ලෝකයට එහෙම වෙනසක් තිබුණට අහස පොළව රත් වෙද්දි, ජල කඳ සැඩ පහරක් වෙද්දි, ඍතු විපර්යාසයන් සිදු වෙද්දී උතුරු දකුණු වෙනසක් නෑ. ඒ නිසා මේ වසරේ දරුණු ගංවතුර තත්ත්වයකට මුහුණ පෑමේ ඉරණම අයත් වුණේ උතුරු කොරියාවට.

දසදහස් ගණනින් ජනයා අවතැන් කළ, මිනිස් ජීවිත 150කට ආසන්න ප්‍රමාණයක් හානි කළ, 400ක පමණ පිරිසක් අතුරුදන් වූවන් බවට පත් කළ මේ සැඩ දිය කඳ උතුරු කොරියාවේ ජන ජීවිත අඩාල කරනු ලැබුවා. පසුිය මැයි මාසයේ දී අධික වැසි නිසා අපත් මෙවැනි ම ඉරණමකට මුහුණපෑ බව ඔබටත් මතක ඇති. කලින් කලට ලෝකයේ මෙවැනි විපත් ඇති වනවා. සමහරු රස්සාවලට යද්දි… සමහරු රස්සාවලට ගිහින් එද්දි… සමහරු කද්දි… සමහරු විනෝදාංශයේ යෙදෙද්දී… සමහරු නිදද්දී… සමහරු කථා කරමින් සිටිද්දී… සමහරු හඬද්දී… සමහරු සිනාසෙද්දී… මේ විදියේ ජීවිතයේ නොයෙක් කටයුතුවල, නොයෙක් අවස්ථාවල සිටිය දී අප ව රකින ජලයට ම අප ව නසන්නට හැකි යි… ජීවත් වීම පිණිස ඉහළට ඇද ගනු ලබන හුස්ම ටිකට ම අප ව නසන්නට හැකි යි… ජීවිතය වෙනුවෙන් ගන්නා ආහාරයට ම අප ව නසන්නට හැකි යි… ඒ මොන දේ සිද්ධ වුණත් මේ දහම් මඟේ අප්‍රමාදී නො වුණහොත් අපට අයිතිත් ගං දියේ ගසාගෙන යන මරණයක් තමයි. ඒ කොහොම ද ඒ???

සිතන්න. මේ දේවලිනුත්, මෙවැනි ම තවත් දේවලිනුත් අපේ මරණය සිදු වෙද්දී මේ සිත පවතින්නේ රාග, ද්වේෂ, මෝහ වසඟයේ නම් ඒ මරණයත් ගංවතුරකට ගසාගෙන ගිය මරණයක් ම යි නේ ද?

සිහිපත් කරන්න මේ බුද්ධ වචනය…..

“තං පුත්තපසුසම්මත්තං – බ්‍යාසත්තමනසං නරං

සුත්තං ගාමං මහෝඝෝ’ව – මච්චු ආදාය ගච්ඡති”

“සමහර උදවිය තමන්ගෙ දූ දරුවන් ගැන, සතා සිවුපාවා ගැන හිතින් බැඳිලා, එයින් මත් වෙලා කල් ගෙවනවා. අන්තිමේ දී මාරයා ඇවිදින් ඔවුන් ව මරණය කරා ගෙනියන්නෙ සැඩ වතුර පහරක් විසින් නිදි ගත් ගමක් මුහුදට ගසාගෙන යනවා වගේ.”

(ධම්මපදය – මග්ග වර්ගය)

ජරාව, ව්‍යාධිය, මරණය ආදි වූ දුක් රැස අප වෙත එනවා ම යි. අනාගතයේ නිසැක ව ම උපදින ඒ බිය හමුවේ අප තවත් කාම ලෝකයේ අල්ප වූ කාමාස්වාදය ජීවිත අරමුණ කොට සිටින්නේ නම්…. ගඟක් අහල පහළකවත් නැතිව වුණත් සැඩ ගං දියේ ගසාගෙන යන්නට තමයි අපටත් සිදු වන්නේ…

ප්‍රමාදයට පත් ව ගං දියේ ගසාගෙන යන්නට නො ව, උඩුගං බලා පිහිනන්නට සියල්ලෝ වීරිය කරත්වා!

සටහන – උදුලා පද්මාවතී