දිවි මඟට පහන් ටැඹක් | Mahamegha Magazine

රැකවරණය මෙතනයි
අපි හොඳට මතක තියාගන්න ඕනි කාරණාවක් තමයි යෝනිසෝ මනසිකාරය කියන එක බලෙන් ගන්න බෑ කියන එක. දැන් අපි කියමු කෙනෙක් බණ ම අහ අහ ඉන්නවා කියලා. එහෙම කියලා යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නෙ නෑ. පොත් කියව කියව ඉන්නවා කියලා හිතමු. එපමණකින් ම යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නෙත් නෑ. යෝනිසෝ මනසිකාරය කියන එක ණයට ගන්න බෑ. එ්ක බාහිර කෙනෙකුට දෙන්නත් බෑ. බාහිර කෙනෙකුගෙන් බලෙන් ගන්නත් බෑ. එ්ක කවුද ඇතිකර ගන්න ඕන? තමන් ම ඇතිකර ගන්න ඕනෙ තමන්ට තේරෙන පිළිවෙළකින්.

යෝනිසෝ මනසිකාරයෙන් උදව්වක් ලැබෙන්නෙ නැත්නම් කොහොමද එයා අකුසලය ප‍්‍රහාණය කරන්නේ. ටික ටික අකුසලයට ඇදෙනවා. බුද්ධ කාලේ එ් වගේ එකක් වුණා. භික්ෂුවක් වස් කාලේ කුටියක් හදන්න හිතාගෙන ගහක් කපන්න ගියා. ගහක් කපන්න ගියපු වෙලාවේ එ් ගහේ හිටියා දේවතාවෙක් අරක්ගෙන. එ් දේවතාවා කිව්වා ‘‘භික්ෂුව,මේ ගහ කපන්න එපා. මං මේකේ අරක්ගෙන ඉන්නේ.” එතකොට භික්ෂුව ‘‘නෑ දෙවිය, ඔබ වෙන ගහක් හොයාගන්න. මං මේක කපනවා. මට කුටිය හදාගන්න වෙන එකක් නෑ.” කියලා කැපුවා. අන්න එ් වෙලාවේ එ් දේවතාවාගේ උකුලේ හිටියා තව දේවදරුවෙක් වඩාගෙන. එයාගේ අතත් කපාගෙන තමයි පොරව ගහට වැදුනේ. ඊට පස්සේ මෙන්න දෙවියට හිතක් පහළ වුණා. මොකක්ද? ‘‘මරන්න ඕන” කියලා. කුසල් ද? අකුසල් ද? එ් සැණින් ම හිතක් පහළ වුණා ‘‘එපා” කියලා. අන්න යෝනිසෝ මනසිකාරයෙන් කරපු දේ. කරන්න ඕන කියලා අකුසලයක් ආවා හිතට. ඊට පස්සේ හිතට ආවා ‘‘එපා මං ඉවසනවා. මං මේක කරන්නේ නෑ. මං මරන්නෙ නෑ. මං මේක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා” කියලා.

බලන්න ගුණධර්ම උපද්දවන්නෙ යෝනිසෝ මනසිකාරයෙන්. ඔන්න බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරන්න ගියා. ගිහිල්ලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘දෙවිය, බොහෝම හොඳයි ඔබ කරපු වැඩේ. එ් භික්ෂුව ඉතා සීලවන්තයි. බැරිවෙලාවත් ඔබේ අතින් එ් භික්ෂුව මැරුණා නම් ඔබ නිරයේ.” දැක්කද තමන්ගේ එ් ආවේගයට ඉඩ නො දී නුවණින් කල්පනා කරපු නිසා එ් ක්ෂණයේ ම එ් අවස්ථාවේ ම තමන්ට දීපු රැකවරණය. එ් දෙවියාට රැකවරණය දුන්නේ දෙවියෙක් ද? එ් දෙවියාට රැකවරණය දුන්නේ කවුද? තමන්ගෙ ගුණයක්. එ් ගුණය ඉපැද්දෙව්වේ යෝනිසෝ මනසිකාරයෙන්. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ ගුණය උපදවන එක. දැන් බලන්න එයා තනියම හිතලා සංවර වුණානෙ. එ් භික්ෂුවට බැණ්නෙත් නෑ. මරන්න පුළුවන්කමක් තිබුණා. එ් කියන්නේ එ් දෙවියාට යම්කිසි බලසම්පන්නකමක් තිබුණා එ් භෞතික ශරීරයකට හානි කරන්න. පුළුවන්කම තියෙද්දි එයා කළේ නෑ.

එතකොට බලන්න මේ මානසිකව අපට තියෙන්න ඕන අන්න එ් හැකියාව හරි දේ හඳුනාගෙන කිරීමට. එ්ක ණයට ගන්න බෑ. අන්න එ්ක මතක තියාගන්න. මොකක්ද? යෝනිසෝ මනසිකාරය ණයට ගත නො හැකි ය. අනුන්ගෙන් ගත නො හැකි ය. යෝනිසෝ මනසිකාරය අනුන්ගෙන් ගන්න බෑ. නුවණින් කල්පනා කිරීම කියන එක ණයට ගන්න අනුන්ගෙන් ගන්න බෑ.නමුත් තමන් ම නුවණින් කල්පනා කරන එක හදාගන්න ඕන හිතලා. එතකොට නුවණින් කල්පනා කරලා ඉරිසියා ක්‍රෝධ වෛර යන මේවාට ඉඩ නො දී අපි ගුණධර්ම ම ඇතිකර ගන්න ඕන තමන්ගේ ජීවිතේට. ජීවිතයට රැකවරණය එයයි. ඉතින් එ් උතුම් ගුණධර්ම උපදවා ගන්න ඔබටත් වාසනාව උදා වේවා!

මහාමේඝ 2016 නිකිණි කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –

සිත පහදවා ගැනීම
මේ බුද්ධ ශාසනය තුළ දියුණුවක් සලසා ගන්නට වුවමනා නම්, අපට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ සිත පහදවා ගැනීමයි. අප සිත පහදවා ගත යුත්තේ ‘ගෞතම’ නම් වූ අපගේ ශාස්තෘන් වහන්සේ ගැනයි. ඊළඟට හිත පහදවා ගත යුත්තේ එ් බුදුරජාණන් වහන්සේ විසින් වදාළ උතුම් ශ‍්‍රී සද්ධර්මය ගැනයි. ඊළඟට හිත පහදවා ගත යුත්තේ ඒ ධර්ම මාර්ගය අනුගමනය කරලා අමා මහ නිවන සාක්ෂාත් කරපු මාර්ගඵල ලාභී ශ‍්‍රාවක සංඝරත්නය ගැනයි. ඒ චිත්ත ප‍්‍රසාදය තමයි අපට මේ ධර්ම මාර්ගය තුළ වැඩෙන්න උපකාර වෙන්නේ.

එ් චිත්ත ප‍්‍රසාදය ඇතිවෙන්නේ ඉබේ නෙවෙයි. ඉබේ ඇතිවෙන පැහැදීමකුත් තියෙනවා. හැබැයි එ් පැහැදීමට පදනමක් නැහැ. තමන්ගේ ජීවිතය තුළ අභ්‍යන්තර වෙනසක් ඇති කරවන්න පදනමක් නැති ඒ පැහැදීමට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපට වුවමනා කරන්නේ පදනමක් නැති පැහැදීමක් නොවෙයි. අපට වුවමනා කරන්නේ අවබෝධයෙන් යුක්ත පැහැදීමක්. අවබෝධයෙන් යුක්ත පැහැදීමක් ඇතිවෙන්නේ නුවණින් සැලකීම මතයි. නුවණින් සැලකීම කියන එක උපතින් එන්න ඕන එකක්. එ්ක කෘතිම විදිහට ඇති කරගන්න බැහැ.

බුදුරජාණන් වහන්සේ ළඟට සමහරු ආවේ වාද කරන්න. සමහරු ආවේ ප‍්‍රශ්න අහලා අර්බුද ඇති කරන්න. සමහරු ආවේ බොහෝම සැකෙන්. සමහරු ආවේ වෙන වෙන අදහස් දරාගෙන. ඒ කොහොම ආවත් නුවණින් විමසීමේ හැකියාව පිහිටලා තියෙනවා නම්, ධර්මයට එන්න කිසිම බාධාවක් නැහැ. එහෙම නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණීම පිණිස අපට ලොකුම අවස්ථාව උදාවෙන්නේ අපි එක එක්කෙනා තුළ පිහිටා තිබෙන නුවණින් විමසීමේ හැකියාව මතයි. විශේෂ පැහැදීමක් නැතුව හිටපු ඇතැම් අය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ‍්‍රවණය කළ සැනින් පහදිනවා. එ් විදිහට ධර්මය අහපු ගමන් පහදින්නේ, ධර්මයට අනුව නුවණින් විමසුව නිසයි.

මේකෙන් අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ළංවෙන්න තිබෙන්නේ ඇෙඟන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ළංවෙන්න තියෙන්නේ හදවතින්, ප‍්‍රඥාවෙන්, නුවණින්, යෝනිසෝ මනසිකාරයෙන්. අපට මේ ලැබිලා තියෙන්නේ, එ් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ළංවෙන්න දුර්ලභ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට ළංවෙන්න තියෙන්නේ නුවණින් විමසීම මත, වීරිය කිරීම මත, සීලයේ පිිහිටීම මත, අකුසල් බැහැර කිරීම මත, කුසල් වැඩීම මත.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පැහැදුණා නම්, ධර්මය කෙරෙහි හිත පැහැදුණා නම්, එයා කයින් වේවා වචනයෙන් වේවා කෙරෙන අකුසල්වලට කැමති නැහැ. එ්ක එයාගේ ස්වාභාවික එකක්. අකුසල් හටගන්න කොට එයා සිහියෙන් දකිනවා, ‘මෙන්න අකුසල් හටගන්නවා’ කියලා. එතකොට එයා එ්කට කැමති නැහැ. එයා තමන්ගේ කයින් වචනයෙන් අකුසල් කෙරෙන්න දෙන්නේ නැහැ. ශ‍්‍රද්ධාවෙන් තමයි එයා ඒ ඔක්කෝම දියුණු කරන්නේ.

මේ තත්වයට ආවොත් අපේ මේ ජීවිතය ගෙවාගෙන ආපු සසර ගමනේ විශේෂ එකක් වෙනවා. නැත්නම් කවුරුත් ඉපදුණා වගේ අපිත් ඉපදුණා, කවුරුත් ඉගෙන ගත්තා වගේ අපිත් ඉගෙන ගත්තා. කවුරුත් බැන්දා වගේ අපිත් බැන්දා. කවුරුත් ගෙවල් දොරවල් හැදුවා වගේ අපිත් ගෙවල් දොරවල් හැදුවා. කවුරුත් වයසට ගියා වගේ අපිත් වයසට ගියා. කවුරුත් මළා වගේ අපිත් මළා.

කවුරුත් මැරෙන විදිහට අපි මැරෙන්න ඕන නැහැ. අපි මැරෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් මැරෙන විදිහටයි. ඔබ සැමට අන්න එ් වාසනාව, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ භාග්‍යය උදාවේවා!

මහාමේඝ 2016 බිනර කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –

බුදු සමිඳු දැක ගනිමු
ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි,

අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දෙදහස් පන්සියයකටත් වැඩියි. උන්වහන්සේ පිරිනිවන් පාන්නට කලින් ආනන්ද හාමුදුරුවන්ට මේ වගේ ප‍්‍රකාශයක් කළා.

‘‘පින්වත් ආනන්ද, ඔබට හිතේවි ‘තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්්සේ අපට දැන් පිළිසරණක් නෑ’ කියලා. එහෙම හිතන්න එපා! මා විසින් දේශනා කොට වදාළ ධර්ම විනය මාගේ ඇවෑමෙන් පස්සෙ ශාස්තෘන් වහන්සේ හැටියට පිළිගන්න.”

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ධර්ම කාය, ධර්ම ශරීරය තවමත් ජීවමානයි. එහෙම නම් අපට උන්වහන්සේ ව එ් ධර්මකාය තුළින් දකින්න පුළුවනි.

බුදුරජාණන් වහන්සේව හඳුනගන්න තියෙන්නේ උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තුළින් විතරයි. උන්වහන්සේව ඇස් දෙකෙන් බලලා අපට හඳුනගන්න බෑ. බුදුරජාණන් වහන්සේව අපි හදුනාගන්නේ ධර්මයෙන් බලලා.

වක්කලී ස්වාමීන් වහන්සේ හොඳට ම අසනීප වුණ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කරලා ඇහුවා ‘‘හිතට මොකුත් තියෙනව ද පසුතැවිල්ලක්?” ‘‘අනේ, ස්වාමීනි, ලොකු පසුතැවිල්ලක් තියෙනවා, ලොකු දුකක් තියෙනවා” කිව්වා. ‘‘මොකක්ද ඔබට තියෙන දුක?” ‘‘මට බුදුරජාණන් වහන්සේව බලන්න එන්න විදිහක් නෑ. බුදුරජාණන් වහන්සේව දකින්න විදිහක් නෑ, මේ අසනීපය නිසා.”

බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘පින්වත් වක්කලී, මොකක්ද මේ කුණු ශරීරයක් දිහා බලලා ඔබට ලබන්න තියෙන්නේ?” ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේට කියනවා (යෝ වක්කලී, ධම්මං පස්සති, සෝ මං පස්සති) ”පින්වත් වක්කලී, යම් කිසි කෙනෙක් ධර්මය දකිනවා නම් එයා දකින්නේ මාව. මාව දකිනවා නම් දකින්නේ ධර්මය.”

එහෙම නම් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා. අපට උන්වහන්සේව එදා වගේ ම දකින්න පුළුවන් වෙනවා. කුමකින් ද? ධර්මයෙන්. ධර්මයෙන් දකින විදිහට අපිට අපේ ජීවිත හසුරුවගන්න පුළුවන් වුණොත් අපිට බුදුරජාණන් වහන්සේව දකින්න අපහසු වෙන්නේ නෑ.

ධර්මයෙන් දකින්න නම් එ්කට වුවමනා කරන සුදුසුකම තමයි එයා අසන්නා වූ ධර්මයට අනූව නුවණින් විමසීම. එ්ක බුදුරජාණන් වහන්සේ තෝරලා දුන්නේ ‘යෝනිසෝ මනසිකාරය’ කියලයි. යෝනිසෝ මනසිකාරය නැති තැන ති‍්‍රපිටකධාරී වුණත් ධර්මය දකින්නේ නැහැ. කටපාඩම් කරයි, මතක තබාගනියි. නමුත් ධර්මය දකින්නේ නැහැ. ධර්මය දකින්න නම් නුවණින් විමසන්න ඕන.

එතකොට පින්වතුනි, මේ සුදුසුකම සම්පූර්ණයෙන් ම තමන්ගේ දක්ෂතාවය මත තියෙන එකක්. බුදුරජාණන් වහන්සේගේ කාලෙ පැවිදි වෙච්ච සියලූ දෙනා රහත් වුණා ද? නෑ. තිිසරණයට ආපු සියලූ දෙනා මාර්ග ඵල ලැබුවා ද? නෑ. නුවණින් විමසීමේ දක්ෂතාවය තියෙන අය විතරයි ධර්මය අවබෝධ කළේ.

එතකොට පින්වතුනි, අපි කරන්න ඕන නුවණින් විමසන්න පටන් ගන්න එක. එතකොට අපට අපේ දක්ෂතාවය අවබෝධ කිරීමේ හැකියාව මතුවෙලා එන්න පටන් ගන්නවා. අපි නුවණින් විමසන්නේ නැතුව හිටියොත් කවදාවත් මතු වෙලා එන්නේ නෑ. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුවට පස්සේ මනුෂ්‍ය ජීවිතයේ සම්පූර්ණ දියුණුවක් ලබන්නේ නුවණින් විමසීම තුළයි.

අප සියලූදෙනාට ද නුවණින් විමසා ධර්මය තුළින් ම බුදුරජාණන් වහන්සේව හඳුනාගන්නට වාසනාව උදාවේවා!

මහාමේඝ 2016 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –

සිරිලක භාග්‍යයේ උදාව
පින්වතුනේ, පින්වත් දරුවනේ,

ඉතිහාසයේ අපේ රටට නොයෙකුත් විදේශිකයෝ පැමිණියා. මිහිඳු මහරහතන් වහන්සේත් අපේ රටට පැමිණි එක්තරා විදේශිකයෙක්. ඊට කලිනුත් විජය කුමාරයා ආදි අය ආවා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේට හැර අනිත් හැම කෙනෙකුට ම යම් යම් චෝදනා තියෙනවා. ඊට පස්සේ ආපු හැමෝටම චෝදනා තියෙනවා. සොළී ආක‍්‍රමණිකයන්ට, පෘතුගීසින්ට, ලන්දේසින්ට, ඉංග‍්‍රීසින්ට බරපතළ චෝදනා තියෙනවා. එ් අය මේ රටවල් හූරගෙන කෑවා.

නමුත් මිහිඳු මහරහතන් වහන්සේගේ ජීවිතයේ තිබුණු මුනිභාවයෙන් උන්වහන්සේ සියල්ලන්ගේම සිත් වසඟ කළා. උන්වහන්සේගේ ජීවිතයේ තිබුණු අසාමාන්‍ය ගුණවත්කම නිසා දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු සියලූ දෙනා ක්ෂණයෙන් ධර්මයට පැහැදුනා. උන්වහන්සේගේ පැමිණීම මුළු ශ්‍රී ලංකාද්වීපයට ම ආශීර්වාදයක් වුණා.

උන්වහන්සේ නූල් පොටක තරම් දෙයක්වත් තමන්ගේ මව්රටට පිටත් කළේ නෑ. නමුත් අපේ රටට සියල්ලම ලබා දුන්නා. ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ලබා දුන්නා. ධාතූන් වහන්සේලා ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය දුන්නා. එ් සුළු දෙයක් නෙමෙයි. එ් වගේ ම ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ප‍්‍රමුඛ එ් ස්ථාන ගොඩනගන්න දහඅට කුලයක ශිල්පීන් ගෙනාවා. පුරුදු කෙරෙව්වා.

පුදුම ලස්සනට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන පිරිස් සිටින ධර්ම රාජ්‍යයක් ගොඩනගන්න මිහිඳු මහරහතන් වහන්සේ උදව් කළා. එ් තුළ සියලූ දෙනාම සහයෝගයෙන් සතුටින් වාසය කළා. අපේ මුතුන් මිත්තන්ගේ පරපුරේ අය මුනිවරු වෙලා අහසින් වඩිද්දී, පොළොවේ වී වේළගන්න ඉඩක් නැතිවුණා.

අද අපි නිකම් මෙලොව පරලොව නැතුව, ආතභූත වෙලා හිටියට එ් කාලේ එබඳු ආකාරයට කටයුතු කළ මුනිවරුන්ගේ යුගයක් අපට තිබුණා. බුදුරජාණන් වහන්සේගෙන් තමයි එ් මුනි ධර්මය අපට ලැබුණේ. එ් සියල්ලටම හේතුව, එ් ධර්මය අරගෙන වැඩියේ මුනිවරයෙක් වීමයි.

මෙතරම්ම මේ ලංකාවට ආදරය කළ, මෙතරම්ම අපේ හෙළදිවවාසී සිංහල ජනයාට ආදරය කළ තවත් කෙනෙක් මේ ඉතිහාසයේ නෑ. නිකෙලෙස් මුනිවරයෙකුගේ වැඩම කිරීමයි, රාග ද්වේෂ මෝහ සහිත අයගේ පැමිණීමයි අතර වෙනස බලන්න. කෙලෙස් සහිත අය අපේ රටට සාපයක් වුණා. මුනිවරයා ආශීර්වාදයක් වුණා. එ් මුනිවරුන්ව බිහිකළේ බුදුරජාණන් වහන්සේයි.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේව හඳුන්වා දුන්නා. ධර්මය හඳුන්වා දුන්නා. ශ‍්‍රාවක සංඝයාව හඳුන්වා දුන්නා. එ් නිසා මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා සංඝ පරම්පරාව අනාථ වුණේ නෑ. මිහිඳු මහරහතන් වහන්සේ ඇතිකරපු වැඩපිළිවෙළ තුළ සම්පූර්ණයෙන්ම ගෞතම ශාසනය බබළන පිරිසක් දිගින් දිගටම මේක අරගෙන ගියා.

මිහිඳු මහරහතන් වහන්සේ ආයේ තමන්ගේ මව්බිමට වැඩියේ නෑ. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් ආයෙ මව්බිමට වැඩියේ නෑ. උන්වහන්සේලා මෙහෙම තමයි පිරිනිවන්පෑවේ. මොකද, උන්වහන්සේලාගේ ජීවිතයේ අමුතුවෙන් කරන්න මොකුත් නෑනේ. කළ යුත්ත කරලා ඉවරයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ධර්මය අන් අයට කියලා දෙන එක විතරයි. එ්ක එ් රහතන් වහන්සේලා නියම විදිහටම කළා. නිර්මල ආකාරයටම කළා. පිරිසිදු විදිහටම කළා.

එ්කේ ප‍්‍රතිඵලය හැටියට තමයි මේ ලෝකයාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණේ. මිහිඳු මහරහතන් වහන්සේත් කිසි කෙනෙකුව ‘බුදුවෙන්න’ කියලා පෙළඹෙව්වේ නෑ. ‘මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්න’ කියලා පෙළඹෙව්වෙත් නෑ. මොකද, උන්වහන්සේ මුනි බවට පත්වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසයි. උන්වහන්සේට ඕනවුණේ තමන්් රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය කරපු ධර්මය අන් අයටත් කියලා දෙන්නයි.

ඉතින් උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සදහම් සන්දේශය රැුගෙන මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩියේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකයි. එ් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

මහාමේඝ 2016 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –

බෞද්ධයන් සැමරිය යුත්තේ බුද්ධ වර්ෂය යි.
ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි,

ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ‍්‍රාවකයින් හැටියට අපි සැබෑම බුද්ධ වර්ෂය යනු කුමක් දැ යි තේරුම් ගෙන සිටිය යුතු යි. නැතිනම් එක එක ආගම්වලින්, එක එක සංස්කෘතීන් හරහා එන විවිධ දිනයන් අපි අපේ නව වර්ෂය යැයි කියා එ්වා සමරන්නට පෙළඹෙනවා.

දැන් ඔන්න ව්‍යවහාරික වර්ෂයෙන් තවත් අවුරුද්දක් දෙසැම්බර් 31 දා ? 12ට පටන් ගන්නවා. හැමගෙදර ම රතිඤ්ඤා පත්තුවෙනවා. ‘රතිඤ්ඤා’ කියන වචනය සිංහල වචනයක් නෙවෙයි. එ්ක පෘතුගීසිකාරයන්ගේ දෙයක්. එයින් දෙන විශේෂ පණිවිඩයක් තියෙනවා ද? ඩෝං… ගානවා. නීච නින්දිත පහත් ශබ්දයකුයි එ්කෙන් එන්නේ. මේ නින්දිත ශබ්දයෙන් එ් වර්ෂය පටන්ගන්නේ එ් තුළ සාරවත් කිසිවක් නැති නිසා.

නමුත් පින්වතුනි වෙසක් සඳ පායා නැගෙන වෙසක් පුන් පොහොය දිනය අප සියලූදෙනාට ම ඉතාම වටිනා දවසක්. බුද්ධ වර්ෂය පටන්ගන්නේ බුදුරජාණන් වහන්සේගේ උපතින් ද? පිරිනිවන් පෑමෙන් ද? බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුවයි බුද්ධ වර්ෂය පටන් ගන්නේ. බෞද්ධයන් සමරන වර්ෂය පටන් ගන්නේ එතැනින්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා සම කළ හැකි කිසිවක් ලොවේ තවත් ඇත්තේ නැහැ. එ්ක මුල, මැද, අග පරිපූර්ණ වූ පිරිසිදු, නිර්මල, මනාකොට දේශනා කරන ලද ධර්මයක්. පැමිණ බැලිය හැකි, නුවණින් විමසීම තුළින් තමන්ට ම අවබෝධ කළ හැකි සාරවත් ධර්මයක්. කිසි කලක දී වෙනස් නො වන්නා වූ සත්‍ය ධර්මයක්.

එවැනි සාරවත් ධර්මයක් ලබා දුන් ශාස්තෘන් වහන්සේ සමරන දිනය වෙසක් පුන් පොහොය දිනය යි. එහෙනම් බෞද්ධයන් සැමරිය යුත්තේ බුද්ධ වර්ෂය යි.

එවැනි සාරවත් ධර්මයක් සමරන්නේ ද සාරවත් අයුරෙනුයි. එදාට හිමිදිරිව පාන්දර නැගිටලා, සුදුවත් හැඳගෙන, මල් නෙළාගෙන, නිහඬව විහාරස්ථානය කරා ගිහින් උපෝසථය සමාදන් වෙලා, සමථ-විදර්ශනා වඩමින් එ් වර්ෂය සමරනවා. සාරවත් ධර්මයක්, සාරවත් ආකාරයට පටන්ගන්නා ආකාරයත්, නිසරු දේ පටන් ගන්නා ආකාරයේත් වෙනස පැහැදිලිව පේනවා නේ ද?

හරි තේරුම් ගැනීමක් නැති කෙනා තුළ ඉල්පෙන ශ‍්‍රද්ධාවක් තිබුණත්, බෞද්ධයන් යැයි හඳුන්වා ගත්තත්, වෙනත් ආගම් මතවාද ඔවුන් තුළ තිබෙනවා. බෞද්ධ නාමයෙන් සිටින උදවිය ළඟ වෙනත් නොයෙක් දෘෂ්ටීන් තිබෙනවා. බෞද්ධයාගේ දෘෂ්ටිය සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය කරා එන්න නම් අනෙක් සියලූ ම දෘෂ්ටීන් අත්හළ යුතු ම යි. චතුරාර්ය සත්‍යයට පැමිණිය යුතු ම යි. සම්මා දිට්ඨිය පහළ කරගත හැක්කේ බොදුනුවෙකුට පමණයි. එහෙනම් බෞද්ධයාගේ ආකල්පය විය යුත්තේ සම්මා දිට්ඨිය කරා පැමිණීමයි.

සම්මා දිට්ඨිය කරා පැමිණීම ලේසි නැහැ. කියන දේ තේරුම් ගැනීමට ශක්තියත්, වීර්යයත් තිබෙන කෙනාට සම්මා දිට්ඨිය කරා පැමිණීම අපහසු වෙන්නෙත් නැහැ.

පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසිය යුතුයි.

එ් ධර්මය පැහැදිලිව පිළිගත යුතුයි.

එ් ධර්මය නුවණින් විමසීමෙන් තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුයි.

ශ‍්‍රද්ධාව ඇති වන්නේ එවිටයි.

සියලූ දෙනාටම මේ ලබන්නා වූ බුද්ධ වර්ෂයේ දී සම්මා දිට්ඨීය කරා පැමිණීමට හැකියාව ලැබේවා…!”

සුභ නව වසරක් වේවා…!

මහාමේඝ 2016 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –

ආදීනව මෙනෙහි කරමු. අකුසල් දුරලමු.
ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවෙනි,

මජ්ක්‍ධිම නිකායේ විතක්ක සණ්ඨාන සූත‍්‍රයේ අකුසල් දුරු කරමින් කුසල් උපදවා ගන්නා උපක‍්‍රම කීපයක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. අකුසලයක් සිතට ආ විට කුසලයක් මෙනෙහි කරමින් අකුසලය දුරු කිරීම එහි පළමු පියවරයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘මහණෙනි, එ් වගේ කුසල් අරමුණක් මෙනෙහි කරද්දීත් කෙනෙකුගේ සිතට පරණ අකුසලය ම මතු වෙවී එන්න පුළුවන්” කියලා. මෙවන් අවස්ථාවකදීත් විමුක්තියක් ආශා කරන, එහෙම නැත්නම් කුසල් වඩන්න ආශා කරන කෙනා සිත වට්ටාගන්නේ නෑ.

සාමාන්‍යයෙන් කෙනෙකුට වෙන්නේ ඔන්න අකුසලයක් හටගන්නවා. එ් වගේ ම එ් අකුසල් ප‍්‍රහාණය කිරීම පිණිස යම්කිසි වීරියකුත් ගන්නවා. එ් වීරිය අසාර්ථක වෙනවා. එතකොට ම එයා මනසින් වැටෙනවා. එයා ‘අනේ මට මේක කර ගන්න බෑ’ කියා වැටෙනවා මිසක් ‘මම මේක කොහොම හරි බේරාගන්නවා’ කියලා සිතේ දැඩි අවශ්‍යතාවයක් පිහිටුවා ගන්නේ නෑ.

එතකොට අපට පේනවා පින් තියෙන කෙනා තමයි මේක කරගන්නේ. මොකද බුද්ධ කාලයේත් සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා අවුරුදු විසිපහ තිහ කර්මානුරූපව චිත්ත සමාධියක් නැතුව අඬ අඬා මාර්ගය වඩමින් ඉඳලා තියෙනවා. හැබැයි වැදගත් ම දේ එ් අය අඬ අඬා හරි මාර්ගය වැඩුවා. අත්නොහැර එ් ගමන ගියා. එ් විදියට අත් නොහැර ගියේ පින් බලයෙන්. නැත්නම් සුළු කලෙකින් මේ මාර්ගය අත්හරින අය කොච්චර ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘දැන් ඔන්න මෙයා කුසල් අරමුණු මෙනෙහි කරනවා. නමුත් මේ කුසල් අරමුණ යටකරගෙන අර අකුසල බලවේගය ම සිතේ ඉස්මතු වෙනවා.” එ් කියන්නේ අකුසලය ප‍්‍රහාණය කිරීම පිණිස එ් කුසල අරමුණ ප‍්‍රමාණවත් මදි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එතකොට එ් අකුසල සිතුවිල්ලේ තියෙන භයානක විපාක, ආදීනව මෙනෙහි කරන්න කියලා.

‘මගේ හිතේ පවත්වන මේ ආශාව, එහෙම නැත්නම් ද්වේෂය, එහෙම නැත්නම් මෝහය හොඳ එකක් නො වෙයි. මේක මට බොහෝ කල් දුක් පිණිස හේතුවෙන එකක්. අනතුර පිණිස පවතින එකක්, අන් අයටත් බොහෝ කල් අයහපත පිණිස, දුක් පිණිස පවතින එකක් කියලා මෙනෙහි කරන්නට ඕනි.

බුදුරජාණන් වහන්සේ අපට එය උපමාවකින් මෙලෙස පෙන්වා දෙනවා. ලස්සනට ඉන්න කැමති ගෑනු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් හොඳට නාලා පිරිසිදු වෙලා ඉන්න මොහොතක එයාගේ ඇඟට සර්පකුණක් හරි බලූ කුණක් හරි මළමිනියක් හරි දැම්මොත් එ් කෙනා පිළිකුල උපදවා ගන්නේ යම් සේ ද, ඉක්මනින් එය විසිකොට කුණු ගෑවුනු තැන් සෝදා ගන්නේ යම් සේ ද, අන්න එ් විදිහට අකුසලය දිහා පිළිකුලෙන් ආදීනව දැකිය යුත්තේ.

මේ විදිහට අකුසලයේ ආදීනව මෙනෙහි කරන්න දක්ෂ කෙනාට එ් අකුසලය ප‍්‍රහාණය කර ගැනීමට හැකි වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම් දක්ෂ අයුරින් මේ නිවන් මග අපට පෙන්වා දෙනවා ද කියා.

ඔබත් මේ උපක‍්‍රම හොඳින් ඉගෙන ගෙන පුරුදු කිරීමට උත්සාහ කරන්න. අප සියලූ දෙනාට ද සිතේ උපදින ළාමක අකුසල් දුරු කර ගැනීම පිණිසත්, කුසල් උපදවා සුවසේ දහම් මගේ හැසිරීම පිණිසත් මේ උතුම් අවවාදය උපකාර වේවා!

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

මහාමේඝ 2016 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –

සත්‍යය ඇත්තේ කොතැන ද?
සත්‍යය කියන එක පුදුම දෙයක්. සත්‍යය කියන එක හැමදාම ලෝකයේ තිබෙන දෙයක්. සත්‍යය කියන එක අනවබෝධයෙන් වැහිලා යනවා. නමුත් එ්ක තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ වදාළා මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ සිත සහිත, විඤ්ඤාණය සහිත, සඤ්ඤා සහිත බඹයක් පමණ වූ මේ ශරීරයේ කියලා. එ්ක පාප මිත‍්‍රයෝ නිසා වැහිලා යනවා. එ් වගේ ම තමන්ගේ සසරේ තියෙන වැරදි පුරුදු නිසාත් වැහිලා යනවා. තමන්ගේ දුෂ්ටකම් නිසා, තමන්ගේ අවිද්‍යාව නිසා, තමන්ගේ මෝඩකම නිසා, තමන් නුවණින් කල්පනා නොකරන නිසා, තමන් තුළින් ම මතුකර ගන්න තිබෙන දේ තමන්ට නො ලැබී යනවා.

එ් චතුරාර්ය සත්‍යය තුළ තමන් ගැන තමන්ට අවබෝධය ලබාදෙනවා. තමන්ගේ ජීවිත රටාව තමන්ට හඳුන්වලා දෙනවා. තමන්ගේ ජීවිත ගමනේ විමුක්තිය තමන්ට පෙන්වා දෙනවා. එ් සඳහා තියෙන ආර්ය  අෂ්ටාංගික මාර්ගය තමන් තුළ උපදවා ගන්න  ඕන බව තමන්ට තේරුම් කරලා දෙනවා.

එ්ක බාහිරින් ගන්න බෑ. ඇඳුමක් නම් බාහිරින් ඇඳගන්න පුළුවන්. චතුරාර්ය සත්‍යය ඇඳුමක් නෙවෙයි. පාරක් නම් බාහිරින් කපාගෙන යන්න පුළුවන්. චතුරාර්ය සත්‍යය බාහිරින් කපාගෙන යන පාරක් නොවෙයි. සැරසිල්ලක් නම් (එ් කියන්නේ මාලයක්, කරාබුවක් නම්) බාහිරින් පලන්දගන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම පලන්දවගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් මෙන්න මේ අවබෝධය තමා විසින් ම හිතාමතා තමා තුළ ම දශමය දශමය හරි ඇතිකර ගන්න  ඕන දෙයක්.

චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්න අපට වුවමනා වන ප‍්‍රධාන දෙයක් තමයි පටිච්චසමුප්පාදය ගැන තේරුම් ගැනීම. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අපි ඉපිද ඉපිද, මැරි මැරී ආපු ගමනේ දී මේක සිදුවීම් මාලාවක් හැටියට ආවා කියලා ඇතිකර ගන්නා අවබෝධයයි. බුදුරජාණන් වහන්සේ එ්ක සම්පූර්ණයෙන් ම හෙළිදරව් කරලා තියෙනවා. උන්වහන්සේ එ්ක සම්පූර්ණයෙන් ම පෙන්වා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. ඔබ එ්ක ටික ටික අවබෝධ කර ගන්න  ඕන.

ඉපදුණා කියන්නේ මොකක්ද? භවය කියන්නේ මොකක්ද? උපාදාන තියෙනවා කියන්නේ මොකක්ද? ඔබ තුළ තණ්හාව ඇතිවෙන්නේ කොහොමද? ඔබ තුළ සැප, දුක්, උපේක්ෂා විඳීම් ඇතිවෙනවා නම්, එ්ක කොහොමද ඇතිවෙන්නේ? ඔබ ලෝකය හඳුනාගන්නවා නම්, එ් කොහොමද? ඔබ තුළ විඤ්ඤාණය තියෙනවා නම්, එ් විඤ්ඤාණය කොයි විදිහට ද වැඩ කරන්නේ? ඔබ තුළ අවිද්‍යාව තියෙනවා නම්, එ් මොන වගේ එකක් ද? එතකොට මේ කවුරු තුළ තියෙන එකක් ද හොයන්න යන්නේ? තමන් තුළ තියෙන එකක්. තමන් ගැනයි මේ හොයන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දේ තුළින් තමන් ගැන හොයන්න යන කොට එ්ක සදාකාලික සත්‍යයක් කියලා තමන්ට ම තේරුම් යනවා. එ් වගේම මේ ජීවන රටාව අපිට නවත්වන්න බැරි වේගයකින් දිගට ම උපතක් කරා යනවා.

හරක් පැටියා මව් වැස්සියගේ තන බුරුල්ලේ එල්ලෙනවා වගේ තමයි අපි මෙහෙන් මැරෙන කොට කර්මානුරූපව ආයෙ උපතක් කරා යන්නේ. එ් නිසා මේ යන රටාව අපට තේරුම් ගන්න, අප බුද්ධිය මෙහෙයවන ආකාරය අතිශයින් ම වැදගත්. මේ බුද්ධිය මෙහෙයවීමට නම් මේ ජීවිතයේ බුදු කෙනෙකුගේ ධර්මය ම ලැබෙන්න  ඕන. වෙන කෙනෙකුගේ ධර්මයකට මේක කරන්න බෑ. වෙන කෙනෙකුගේ ධර්මයකට බුද්ධිය මෙහෙයවලා දෙන්න බෑ.

එ් නිසා අප සියලූදෙනාටත් තමා තුළ තිබෙන්නා වූ සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ගේ නිර්මල ධර්මය ම උපකාර වේවා!

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

මහාමේඝ 2016 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –

දෙව්ලොව ඇත්තේ ආරක්ෂාවටයි
ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවෙනි,

මේ ධර්මය අපි ඉගෙන ගත යුතු කෝණයක් තියෙනවා. එ් තමයි බුදුරජාණන් වහන්සේගේ කෝණය. අපි සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ බලපු විදිහට අපි ඉගෙන ගන්නයි. එ් විදිහට කල්පනා කරලා ඔන්න ධර්මය කෙරෙහි හිතේ පැහැදීමක් ඇති වෙනවා ‘හරි ලස්සනයි නෙ මේ ධර්මය. හරි පැහැදිලියි නෙ මේ ධර්මය’ කියලා. එතකොට එයාට සැකය නෙවෙයි ඉස්සරහට එන්නෙ. ප‍්‍රසාදය. එ් ප‍්‍රසාදය තමයි තමන්ගේ පිපාසය නිවන දේ.

කෙනෙක් කොච්චර ධර්මය ඉගෙන ගත්තත් හරියට එ් කරුණු ටික ගොනු කරගෙන නො තිබුණොත් එ් කෙනාට සැකය නැති වෙන්නෙ නෑ. දිව්‍යලෝකෙ ගැන කථා කරමු අපි.

ඔන්න දිව්‍යලෝකෙ යන්න  ඕන කියල කියනවා. එතකොට කෙනෙක් කියනවා ‘‘බෑ… බෑ… දිව්‍ය ලෝකවල නම් යන්න බෑමයි.” අහනවා ‘‘ඇයි දිව්‍ය ලෝකවල යන්න බැරි?” මොකක්ද කියන්නෙ එතකොට? ‘‘හරීයට එහේ සැප වැඩියි. කාමය වැඩියි. මුළා වේවි.” කියලා කියනවා. දෙවිවරුත් නො දැක, දිව්‍යලෝකත් නො දැක, එ්කට මුළා වේවියි කියලා භයට පත්වෙලා නම් ඉන්නේ එහෙනම් ප‍්‍රශ්නය කොතන ද තියෙන්නේ? තමන් තුළ නේ ද? එ්කට කියන්නේ නුවණ නෑ කියන එකයි.

නුවණක්කාරයා හිතන්නෙ එහෙම නෙමෙයි. ‘මට්ටකුණ්ඩලීත් දිව්‍යලෝකෙනෙ භාග්‍යවතුන් වහන්සේ පිටත් කළේ. අර රොඞී කුලයේ අම්මත් දිව්‍යලෝකෙනෙ ගියේ. මාර්ග ඵලලාභී ශ‍්‍රාවකයොත් දිව්‍යලෝකෙනෙ ගියේ. එහෙනම් මේ කියන දෙව්ලොව නිකම් අර රාතී‍්‍ර සංදර්ශන ශාලා වගේ තැන් නෙමෙයි. එ්ක වෙන්න බැරි එකක්’ කියලා. එතකොට මොකක්ද එහෙනම් ශ‍්‍රද්ධාව ඇතිකර ගන්නත්  ඕන කරන්නේ? යම් කිසි නුවණක්.

ඔන්න යම්කිසි ආරක්ෂක දූපතක් තියෙනවා. කෙනෙක් මේ දූපතට යන්න කියලා හිතාගෙන නැවකට ගොඩ වෙනවා. බලනකොට මේ හිල් වෙච්ච නැවක්. මේ නැවේ තියෙන සිදුරුවලින් හිමින් හිමින් ඇතුළට වතුර ගලනවා. හැබැයි මේ නැවේ ම තියෙනවා පොඩි පොඩි බෝට්ටු හදිසියක දී ගන්න. දැන් මේ නැව හිමින් යනවා. දූපත පේනෙ නෑ. දැන් එයා කියනවා. ‘‘නෑ… මං දූපතට මිසක් වෙන කොහේවත් යන්නෙ නෑ.” නමුත් මේ නැව ගිලෙනවා. නැව ගිලෙද්දි එ්ක ම කියව කියව දූපතට යයි ද? නෑ.

එයා මොකද කරන්නෙ  ඕනි? පොඩි බෝට්ටුවකට හරි ගොඩ වෙන්න  ඕනි. එතකොට මුහුදෙ ගිලෙන්නෙ නෑ. එ් බෝට්ටුවෙ ඉඳලා හිමින් හිමින් ආයෙමත් එයාට අර දූපතට යන්න පුළුවන්. එ් වගේ තමයි දෙවිවරු අතරට යනවා කියන්නෙ.

බුදුරජාණන් වහන්සේ තමයි දෙව්ලොව ගැන ප‍්‍රශංසා කරලා තියෙන්නේ. දෙව්ලොව යනවා කියන්නේ ප‍්‍රමාදයට කාරණාවක් නෙමෙයි. කෙනෙක් ඇවිල්ලා කියනවා ‘‘දෙව්ලොව නම් යන්න එපා. පින් කරන්න එපා. කුසල් නම් වඩන්න එපා. භවය දික්වෙනවා. එ් නිසා වහ වහා සෝවාන් වෙන්න.” පුළුවන් ද එහෙම කරන්න? බෑනේ.

ඇයි හේතුව? තමන්ගේ ජීවිතයේ ස්වභාවිකව වැඩුනු ප‍්‍රඥවක් නැත්නම් ප‍්‍රඥව ණයට ගන්න ද? පොලියට ගන්න ද? බෑ. මනුෂ්‍යයා තුළ තියෙන මේ ස්වභාවය පෙන්වා දීම තමයි මනුෂ්‍යයා කෙරෙහි තියෙන සැබෑම හිතෛෂීකම.

එනිසා ඔබත් මේ කාරණා හොඳින් ඉගෙන ගෙන නුවණින් විමසීමට උත්සාහ කරන්න. මනා කොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නුවණින් විමසීමටත්, දුර්ලභ වූ සුගති රැුකවරණය සලසා ගැනීමටත් ඔබට මේ දහම් කාරණා උපකාර වේවා!

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –

උපක‍්‍රමයෙන් සිත පිරිසිදු කරමු.
ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි,

අපේ හිත්වල හටගන්නා අකුසල් දුරුකර ගන්න බුදුරජාණන් වහන්සේ ලස්සන උපක‍්‍රමයක් පෙන්වලා දෙනවා. ඔන්න අපි හිතමු කෙනෙකුට අකුසලයක් මුල් කරගෙන අර්බුදයක් හටගන්නවා කියලා. දැන් එයා කල්පනා කරන්න ඕන මෙන්න මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ‘මට මේ අර්බුදය ඇතිවුණේ අකුසල අරමුණක් සිතන්න ගිහිල්ලයි. එ් නිසා මම, යම් පාපී අකුසල් ඇද්ද එ්ක ප‍්‍රහාණය කරගැනීම පිණිස, මේ ජාතියේ අරමුණු මෙනෙහි නො කොට, රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය වන කුසල් අරමුණක් මෙනෙහි කළ යුතුයි.’ එයා සිතිය යුත්තේ අන්න එ් විදිහටයි. එ් කියන්නේ අකුසල් සහගත අරමුණ වෙනස් කරලා, කුසල් අරමුණකට සිත යොමුකිරීමයි.

අපි කියමු, කවුරු හරි කෙනෙක් අපිට බැණ්නා. අපි ඔන්න එ් බැණපු එක මෙනෙහි කර කර ඉන්නවා. එතකොට හටගන්නේ ද්වේෂයයි. එයා හඳුනාගන්න ඕන, ‘ඔන්න මට අකුසලයක් හටගත්තා. මේක මගේ භාවනාවට බාධාවක්. මේ විදිහට ධර්ම මාර්ගයට බාධාවක් ඇතිවෙන කරුණු සිත සිතා සිටීමෙන් මට අයහපතක් මිසක් යහපතක් නම් සිද්ධ වෙන්නේ නෑ. එ් නිසා මම මේ සිතුවිල්ල වෙනස් කරන්න ඕන. වෙනස් සිතුවිල්ලක් සිතන්න ඕන’ කියලා ඔන්න එයා ඊට පස්සේ මෛත‍්‍රිය සිතන්න පටන් ගන්නවා.

මෛත‍්‍රිය කියන්නේ කුසල අරමුණක්. කලින් එයාට තිබුණේ ද්වේෂය. එ්ක බැහැර කරලා කුසල් අරමුණක් මෙනෙහි කරන්න පටන් ගත්තා. එ් විදිහට කුසල් අරමුණ මෙනෙහි කරන කොට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හටගත් ළාමක අකුසල් ස්වභාවයක් තිබුණා ද එ්ක ප‍්‍රහාණය වෙලා යනවා.

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘එ් විදිහට සිතින් (තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එ්කෝදි හෝති සමාධියති) අර අකුසලය ප‍්‍රහාණය වෙනකොට, සිත සන්සිඳෙන කොට, සුවපත් වූ එක අරමුණක තියාගෙන සිත පවත්වන්න පුළුවන්.

එ් වගේම දේශනා කරනවා ”මහණෙනි, මේක හරියට දක්ෂ වඩුවෙක් කරන වැඩක් වගේ. ඔන්න ලෑල්ලක ඇණයක් ගහලා තියෙනවා. වඩුවාට දැන් මේ ඇණය ගලවන්න ඕන. වඩුවා එ් ඇණය ගැලවීම පිණිස වෙන ඇණයකින් අර ඇණයට තට්ටු කර කර අර ඇණය උස්ස උස්සා අයින් කරනවා. එ් වගේ තමයි මේක කළ යුත්තේ.” බලන්න මේ උපමාව.

මේකෙන් පේන කාරණය තමයි, කුසල් වැඞීමට ධර්මය වගේ ම තමාගේ දක්ෂකමත් උපකාරී වෙනවා. තමන් එ්ක තේරුම් අරගෙන ක‍්‍රියා කරන්න දක්ෂ නැත්නම් එ් කාරණය කරන්න බෑ. දැන් ලෑල්ලක ඇණයක් ගහලා තියෙනවා. එතකොට එ් ඇණේ ගලවන්න ඕන. එයා ගාව මිටියක් මොකුත් නෑ. එ් නිසා වෙන ඇණයකින් තමයි තද කර කර ගලවන්න ඕන. එහෙම නම් එයා දිගට ම උත්සාහ කරන්න ඕන.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘එ් විදිහට දිගින් දිගට ම කරලා ලෑල්ලේ වැදුණු අර ඇණය ගලවලා දානවා වගේ එයා සිතේ තිබුණු එ් අකුසල අර්බුදය බැහැර කරනවා.” දැන් අපි ඉගෙන ගත්තේ මෙනෙහි කර කර ඉන්න යම් නිමිත්තකින් අකුසල් හටගන්නවා ද එ්ක කුසල නිමිත්තකට මාරු කළ යුතුයි කියලයි. ඉතින් ඔබටත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ සුන්දර අවවාදය අකුසල් ප‍්‍රහාණය කර ගැනීම පිණිස ම උපකාර වේවා!

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

මහාමේඝ 2015 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

භාවනාවට පදනම ඉන්ද්‍රිය සංවරයයි
ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි,

අපි කවුරුත් සතර සතිපට්ඨානය ගැන කතා කරනවා. නමුත් මේක නිකම් කතාබස් කළ පමණින් පුරුදුවෙන එකක් නෙවෙයි. කතාබස් කළ පමණින් හිතට වැටෙන එකක් නෙවෙයි. එ්කට වුවමනා කරන මූලික පදනමක් තියෙනවා. හොඳ පදනමක් නැති භූමියක ලොකු ගොඩනැගිල්ලක් පවා හදන්න බෑනේ. හයිය නැති නිසා එ් ගොඩනැගිල්ල කඩාගෙන වැටෙනවා. හේතුව, පදනම ශක්තිමත් නැති වීමයි.

අන්න එ් වගේ සතර සතිපට්ඨානය වැඩෙන්න නම් හිතට පදනමක් තිබිය යුතුයි. පළමුවෙනි එක තමයි සිල්වත් වීම. සිල්වත් වීම කියන්නේ කයයි, වචනයයි සංවර කර ගැනීම. ඊ ළඟට හිතත් සිල්වත් කරන්න ඕන. කය සිල්වත් කරන එක තරමක් ලේසියි. නමුත් හිත සිල්වත් කිරීම අමාරුයි. හිත සිල්වත් කරන ක‍්‍රමයට කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා.

අපි දන්නවා යමෙක් ප‍්‍රාණඝාතයෙන් වෙන්වුණහම, සොරකම් කිරීමෙන් වෙන්වුණහම, කාමය වරදවා හැසිරීමෙන් වෙන්වුණහම, මත්පැන් පානයෙන් වෙන්වුණහම එයාගේ කය සිල්වත්. එ් වගේ ම බොරුවෙන්, කේලාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් වචනයෙන් වෙන්වුණහම එයා වචනයෙන් සිල්වත් වෙනවා. එතකොට තමාගේ ජීවිතයට තමාගේ අතින් සිද්ධ වෙන්න තියෙන වැරදිවලින් චෝදනා කරන්නේ නෑ. ඊ ළඟට අපි හිතත් සිල්වත් කර ගන්න ඕන. එ්කට මුලින් ම කරන්න ඕන ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන ඉන්ද්‍රියයන් ඔස්සේ සිතට එන දේ සිතේ පෝෂණය වෙන්න නො දී සිටීමයි.

එ්කට තමයි කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා. අපි කියමු තමාට අහිත දෙයකට තමා කැමතියි. තමාට අහිත පිණිස, දුක් පිණිස පවතින දෙයක්. නමුත් තමා එ්කට කැමතියි. අන්න එතකොට ‘මම මේකට කැමති වුණාට මට මෙය සසරේ දුක් පිණිස පවතියි’ කියලා සසර ගැන භය උපදවාගෙන එ් අකුසලයට යටවෙන්නේ නැතුව එයින් වළකින්න ඕන.

අන්න එතකොට තමයි සතර සතිපට්ඨානය වඩන්න පදනම සැකසෙන්නේ. සාමාන්‍යයෙන් අපි ‘භාවනාව, භාවනාව’ කියපුවාම හිතෙනවා ‘මේක බොහොම ලේසි විෂයක්’ කියලා. මොකද, සාමාන්‍යයෙන් විෂයක් හදාරනකොට අපි දන්නවා, ගියා, පොතක ලකුණු කර ගත්තා, එ්ක බලාගෙන කළා. මේක එහෙම එකක් නෙවෙයි. නොමඟට වැටුණු හිතක් තමා ගාව තියාගෙන, අමුතු ම පිළිවෙළින් හිතලා හිතලා අමුතු ම ලෝකයක් හදාගෙන, පුද්ගලික මතවාද රාශියක් තියාගෙන තමයි අපි මේකෙන් මිදෙන්න හදන්නේ. එ්ක ලේසි වැඩක් නෙවෙයි.

අපි දන්නවා කොතෙකුත් දෙනා භාවනා කරනවා. නමුත් අපට පෙනෙන හැටියට එ් විදිහට කොතෙකුත් භාවනා කළාට ගැඹුරට හොයලා බැලූවොත් කැරකිලා ඇවිල්ලා තියෙන්නේ සිටිය තැනට ම යි. මේ නිසා අපට පෙනෙනවා මේක අමාරු වැඩක්. මොකද, හිත කියන්නේ නිරන්තරයෙන් නොමඟ ගිය එකක්. මුළාවුණු දෙයක්. කැළඹුණු දෙයක්. විසිරී ගිය දෙයක්.

එ් නිසා අපි ඉන්ද්‍රියන් සංවර කර ගන්න ඕන. එ්ක බොහොම වටිනා එකක්. එ් කියන්නේ දැන් අපේ හිතට රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ ආවොත් තමන් එ්ක හොඳට දැනගන්න ඕන. ‘මේක මට අහිත පිණිස, අනුන්ටත් අහිත පිණිස පවතින එකක්. මම මේකෙන් මිදෙන්න ඕනේ’ කියලා තමන් එ් කාරණේ ඉන්න ඕන. ඉඳලා එ් සිතට ඉඩ නො දී සිතෙන් එ්ක බැහැර කරන්න ඕන. එ්ක තමයි සිත සංවර කරන පිළිවෙළ.

ඉතින් මේ දහම් කරුණු ඔබටත් සිත සංවර කර ගැනීම පිණිස ම උපකාර වේවා!

මහාමේඝ 2015 ඉල් කලාපය
WWW.MAHAMEGHA.LK