ඔබේ දහම් ගැටළුව | Mahamegha Magazine

ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගතයුතු ආකාරය පහදා දෙන්න. වත්මන් සංකීර්ණ සමාජ වටපිටාව තුළ එය කෙසේ සිදුකළ යුතුද?
භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනාවලදී පොදුවේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නා ආකාරය පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි.

“ඔබ ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් රැකගන්න ඕනෑ. ඇසින් රූපයක් දැක්කට පස්සේ ඒ ඇස අසංවර වෙලා තිබුණොත් ආශාව, තරහ ආදී ලාමක අකුසල ධර්ම ඇතිවෙනවා. අන්න එබඳු අකුසල් ඇතිවෙන කිසි සටහනක් ගන්න එපා. අකුසල් ධර්ම ඇති වෙන්ට නොදී ඇස රැක ගන්න. ඇස හොඳින් සංවර කරගන්න. කනින් ශබ්දයක් ඇසුවට පස්සේ…, නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කළාට පස්සේ…, දිවෙන් රස වින්දට පස්සේ.., කයින් පහසක් ලැබුවට පස්සේ…, මනසින් අරමුණක් සිතුවට පස්සේ මනස අසංවර වෙලා නම් ආශාව, තරහ ආදී ලාමක අකුසල් ඇතිවෙනවා. එවැනි අකුසල ධර්ම හටගන්නා කිසිම සටහනක් ගන්න එපා. එවැනි සටහනක කොටසක්වත් ගන්න එපා. අකුසල් ධර්මයන් ඇතුළුවෙන්න නොදී මනස රැක ගන්න. මනස හොඳින් සංවර කරගන්න” කියාය.

විශේෂයෙන් ම වර්තමානයේදී ඉන්ද්‍රිය සංවර කරගැනීමට නම් අසභ්‍ය චිත්‍රපටි, සටන් චිත්‍රපටි ආදිය නැරඹීමෙන් වැළකීම, කාම සඟරා කියවීමෙන් වැළකීම ඉතාම වැදගත්. කාමය අවුස්සන ලාමක ගීත ශ්‍රවණයෙන් ද වැළකිය යුතු වෙනවා. ඒ සඳහා යහපත් ආදේශකයක් ලෙස බෞද්ධ තේමා ඇතුලත් අර්ථවත් චිත්‍රපටි නැරඹීම, බුදු ගුණ ගීත, මව්ගුණ ගීත වැනි සිත සංසිඳුවන ගීත ශ්‍රවණය කිරීම ගිහි පින්වතුන්ට සිදුකළ හැකිය. පොතපත කියවීමේදී ද සම්බුද්ධ චරිතාපදානය, අරහත් චරිතාපදාන ආදී කෙලෙස් සංසිඳුවා ශ්‍රද්ධාදී කුසල ධර්ම වැඩෙන දහම් පොත් පත් ඇසුරු කළ හැකිය. මේ සඳහා ශ්‍රද්ධා රූපවාහිනියත්, ලක්විරු ගුවන් විදුලියත්, මහාමේඝ පුවත්පතත් මහානීය වූ අනුග්‍රහයක් සිදු කරනවා. ඉන්ද්‍රිය සංවරයට උපකාරී ධර්ම ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ සති සම්පජඤ්ඤය හෙවත් සිහි නුවණ දියුණු කර ගැනීමයි.

කුසල් කිරීමට, පින් කිරීමට ඇති ආශාවත් තෘෂ්ණාවක් නො වේ ද?
භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාරන්නේ යමක් සේවනය කරද්දී කුසල් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම් එය අපි පැවැත්විය යුතු ප්‍රගුණ කළ යුතු දෙයක් බවයි. අපි ප්‍රහාණය කළ යුතු වන්නේ පව් කිරීමට, අකුසල් කිරීමට ඇති කැමැත්තයි. මන්ද එය තමන්ටත්, අන් අයටත්, මෙලොවටත් – පරලොවටත් අයහපත පිණිස පවතිනවා. නමුත් පින් කිරීමට, කුසල් වැඩීමට ඇති කැමැත්ත, තමන්ටත්, අන් අයටත්, මෙලොවටත් – පරලොවටත් යහපත පිණිස ම පවතිනවා. කුසල් වැඩීමට ඇති බලවත් කැමැත්ත නම් වූ ඡන්ද ඍද්ධිපාදය ආර්ය ශ්‍රාවකයෙකු විසින් ප්‍රගුණකර ගත යුතු බෝධි පාක්ෂික ධර්මයක්. පින් කිරීමට කැමැත්ත ඇතිකර ගන්නා ලෙස ශාස්තෘන් වහන්සේ උතුම් ධම්මපදයේ ද මෙසේ ශ්‍රාවකයන්ව උනන්දු කොට තිබෙනවා.

“පුඤ්ඤං චේ පුරිසෝ කයිරා – කයිරාථේතං පුනප්පුනං

තම්හි ඡන්දං කයිරාථ – සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

යම් කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව සිත, කය, වචනය යන තුන් දොරින් පින් කළොත්, ආයෙ ආයෙමත් කරගන්න ඕන වෙන්නේ ඒ පිනම යි. පින් කිරීම ගැනමයි හිතේ කැමැත්ත ඇති කර ගන්න ඕනැ. ‘සැප’ කියා කියන්නේ පිනටමයි.”

එමෙන්ම අංගුත්තර නිකායේ තුන්වැනි නිපාතයේදී භාග්‍යවතුන් වහන්සේ නිරාස, ආසංස, විගතාස යනුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ගැන උපමා ඇසුරින් විග්‍රහ කරනවා. රොඩී කුලයේ කෙනෙකුට රජ කුමාරයෙකු අභිෂේක කළා කියා දැනගත්තාට තමන්ට රජ වෙන්නට කැමැත්තක් ඇති වෙන්නේ නෑ වගේ දුස්සීල භික්ෂුවකට රහතන් වහන්සේනමක් ගැන දැනගන්නට ලැබුණාට තමන්ට කුසල් වඩා රහත් වන්නට කැමැත්තක් ඇති වන්නේ නෑ. නමුත් රජ කුමාරයෙකුට, වෙනත් රටක රජ කුමාරයෙකු අභිෂේක කළ විට ‘අනේ මටත් රජ වෙන්න ඇත්නම්’ කියා බලවත් කැමැත්තක් ඇති වෙනවා. ඒ වගේ සිල්වත් – විමුක්තිකාමී භික්ෂුවකට වෙනත් භික්ෂුවක් උතුම් අරහත්වයට පත් වුණා කියා දැනගන්නට ලැබුණ විට ‘අනේ මටත් සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වන්නට ඇත්නම් කොපමණ හොඳ ද!’ කියා බලවත් කැමැත්තක් ඇති වෙනවා. එවිට ඒ කැමැත්ත මුල් කරගෙන කුසල් වඩන්නට, සීල-සමාධි-ප්‍රඥා වඩන්නට බලවත්ව වීරිය කොට තමාත් උතුම් අරහත්වය සාක්ෂාත් කරනවා. අභිෂේක ලත් රජෙකුට තවත් රජ කුමාරයෙක් අභිෂේක කළා කියා දැනගත්තාට, යළිත් තමන් අභිෂේක ලබන්නට කැමැත්තක් ඇති වෙන්නේ නෑ වගේ අරහත්වයට පත් වූ භික්ෂුවකට තවත් භික්ෂුවක් රහත් වුණා කියා දැනගත් විට, මමත් අරහත්වය පිණිස කුසල් වඩන්නට ඕනෑ කියා කැමැත්තක් ඇතිවෙන්නේ නැහැ. ඒ කැමැත්ත සන්සිඳිලයි තිබෙන්නේ. ඒ ගැන ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දී ඇත්තේ අරහත්වය ලබන්නට කැමැත්තෙන්, චිත්ත සන්තානයේ පවතින ඡන්දරාගය දුරු කිරීම “කැමැත්තෙන් කැමැත්ත ප්‍රහාණය කිරීම” ලෙසයි.

එම නිසා අපි කළ යුත්තේ උඬගු නොවී, නිහතමානී ශ්‍රාවකත්වයේ පිහිටා පින් රැස්කර ගනිමින් කුසල් වඩමින් සතර අපායෙන් නිදහස් වීමට උත්සාහ ගැනීම යි. සුගතිගාමීව ධර්මාවබෝධය කරා යන උදාර ජීවිතයක් ගොඩනගා ගැනීම යි.

බුදු දහමට අනුව විවාහයක දී කේන්දර ගැළපිය යුතු ම ද? කේන්දර නොගැළපේ නම් එම විවාහය නො කළ යුතු ම ද?
“සමජීවි සූත්‍රය” වැනි දේශනාවන්හි දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ විවාහ වන දෙදෙනා කාරණා පහකින් සමාන විය යුතු බවයි. එනම්,

1. දෙදෙනාට ම තුනුරුවන් කෙරෙහි ගුණ වශයෙන් ඇති කර ගත් පැහැදීම හෙවත් ශ්‍රද්ධා සම්පත්තිය තිබිය යුතු ය.

2. එමෙන් ම පංචසීලය ආරක්‍ෂා කරමින් සීලයෙන් ද සමාන විය යුතුයි.

3. දෙදෙනා ම නිරවුල් ධර්ම ඥානයක් ඇති කරගෙන ශ්‍රැතය නැමැති සේඛ බලය ඇතිකර ගත යුතුයි.

4. එමෙන් ම සැමියා බිරිඳ යන දෙදෙනා ම චාගය හෙවත් ත්‍යාග ගුණය සමව ඇති කර ගත යුතුයි.

5. ධර්මයට අනුව නුවණින් කල්පනා කොට ප්‍රඥා සම්පත්තිය ඇති කර ගත යුතුයි.

මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ විවාහ ජීවිතයක් සාර්ථක කර ගැනීම පිණිස වැදගත් වන්නේ මෙම ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා යන කරුණු පහ සැසඳිය යුතු බවයි.

එමෙන් ම විවාහ දිවියට ඇතුළත් වූ පසු සැමියා සහ බිරිඳ විසින් එකිනෙකාට ඉටු කළ යුතු යුතුකම් සිඟාලෝවාද සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා. විවාහ දිවියක් සාර්ථක වන්නේ ඒ තුළිනි.

■ සැමියා විසින් බිරිඳට ඉටු කළ යුතු යුතුකම්

1. ගරුසරු දක්වා කථා කිරීම.

2. අවමන් කොට කථා නොකිරීම.

3. සිය බිරිඳ ඉක්මවා වෙනත් ස්ත්‍රීන් කරා නොයාම.

4. නිවසෙහි වැඩකටයුතු වලදී සිය බිරිඳට ප්‍රධානත්වය දීම.

5. තමාට ශක්ති පමණින් ඇඳුම් ආයිත්තම් ආදිය මිලට ගෙන ඇයට තෑගි කිරීම.

■ බිරිඳ විසින් සැමියාට ඉටු කළ යුතු යුතුකම්

1. කලට වේලාවට ආහාරපාන සකස් කරදීම.

2. සේවකකාරකාදීන්ට යහපත් ව සැලකීම.

3. සිය සැමියා ඉක්මවා වෙනත් පුරුෂයන් කරා නොයාම.

4. සිය සැමියා රැස් කළ ධනය රැකීම.

5. කම්මැලි නැති ව දක්ෂ ව සියලු කටයුතු සිදු කිරීම.

සමලිංගික සම්බන්ධකම් වැරැද්දක් ලෙස ධර්මයේ සඳහන් කර තිබේ ද?
භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට පනවා වදාළ විනය ශික්ෂා පදවලදී කාන්තාවක් සමඟ කාමසේවනයක යෙදුණත්, පිරිමි කෙනෙකු සමඟ හෝ අඩු ගණනේ තිරිසන්ගත සත්වයෙකු සමඟ යෝනි, ගුද, මුව යන මාර්ග තුනෙන් එකක ලිංගික සේවනයක යෙදුණහොත් එම

භික්ෂුවට බඹසර බිඳී පාරාජිකා වී උපසම්පදාව අහිමි වන බව පනවා වදාළා. එමෙන් ම ගිහි කෙනෙකු විවාහ වීමට පෙර අඩු ගණනේ තමාගේ පෙම්වතා පෙම්වතිය සමඟ හෝ කාම සේවනයක නො යෙදී, ලිංගික කටයුතුවලින් වැළකී කුමර කුමරි බඹසර ආරක්ෂා කර ගත යුතුයි. විවාහ වූ පසුව සිය බිරිඳ සැමියා ඉක්මවා වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා නොපැවැත්විය යුතු බව ධර්මයේ සඳහන් වෙනවා.

එම නිසා විවාහ වීමට පෙර හෝ පසුව සමලිංගික සේවනයක යෙදීම වැරදි කාමසේවනයේ හැසිරීමක් බවට පත්වෙනවා. එමෙන් ම එය සදාචාරයට පටහැනි නිසා ධර්මයේ සඳහන්වන්නේ අධර්ම රාගය ලෙස යි.

පාප මිත්‍රයන් හඳුනාගන්නේ කෙසේ ද?
අපේ මුළු ජීවිතය ම සාර්ථක හෝ අසාර්ථක වීමට අපි ඇසුරු කරන පුද්ගලයන් බලපානවා. ඒ නිසා ‘යමෙක් ඇසුරු කරන විට අකුසල් වැඩේ නම්, කුසල් පිරිහෙයි නම් ඔහු ඇසුරු නො කළ යුතුයි. යමෙක් ඇසුරු කරන විට කුසල් වැඩෙයි නම්, අකුසල් පිරිහෙයි නම් ඔහු ඇසුරු කළ යුතු යි’ කියා සේවිතබ්බාසේවිතබ්බ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේ ම යමෙක් තුළ ශ්‍රද්ධාව, සීලය, චාගය, ප්‍රඥාව යන ගුණ හතර ඇත්නම් ඔහු කලණමිතුරෙක් බවත්, ඔහුව ඇසුරු කළ යුතු බවත් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වෙනවා.

විශේෂයෙන් ම අපි ඇසුරු නො කළ යුතු, මිත්‍ර වේශයෙන් සිටින මිත්‍ර ප්‍රතිරූපකයන් හතර දෙනෙක් ගැන සිඟාලෝවාද සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා.

1) අඤ්ඤදත්ථුහර අමිත්‍රයා (පහත ලක්ෂණ හතරෙන් යුක්ත වේ)

සිය මිතුරාගෙන් ඒකාන්තයෙන්ම කිසිවක් ඩැහැගෙන ම යයි. ස්වල්ප දෙයක් දී සිය මිතුරාගෙන් බොහෝ දේ අපේක්ෂා කරයි. තමාට භයක්, කරදරයක් වූ විට පමණක් මිතුරාට උදව් පිණිස එයි. තමාගේ ම ලාභ ප්‍රයෝජන උදෙසා මිතුරුකම පවත්වයි.

2) වචීපරම අමිත්‍රයා (පහත ලක්ෂණ හතරෙන් යුක්ත වේ)

(කලින් කිව්වා නම් මේ උදව්ව කළ හැකිව තිබුණේ ය ආදී වශයෙන්) අතීතයෙන් සංග්‍රහ කරයි. (ඉදිරියේ දී ඔබ වෙනුවෙන් මෙබඳු දේ කරන්නෙමි’යි ආදී වශයෙන්) අනාගතයෙන් සංග්‍රහ කරයි. නිරර්ථක වචනවලින් බොරු සංග්‍රහ කරයි. වර්තමානයේ උදව්වක් අවශ්‍ය වූ විට උදව් දෙනු වෙනුවට තමාට සිදුවූ විපත් කරදර කියා පායි.

3) අනුප්පියභාණී අමිත්‍රයා (පහත ලක්ෂණ හතරෙන් යුක්ත වේ)

තම යහළුවා කරන පාපී ක්‍රියාවන් මැනව’යි අනුමත කරයි. ඔහුගේ යහපත් ක්‍රියාවන් ද මැනව’යි අනුමත කරයි. යහළුවා ඉදිරියේ ප්‍රශංසා මුඛයෙන් කතා කරයි. ඔහු නැති තැන ඔහුගේ නුගුණ කියයි.

4) අපාය සහාය අමිත්‍රයා (පහත ලක්ෂණ හතරෙන් යුක්ත වේ)

මත් වීමට හා ප්‍රමාදයට හේතු වන මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය වෙනුවෙන් හිතවත් වෙයි. අවේලාවේ වීදිවල ඇවිදින්නට හිතවත් වෙයි. සංගීත, නාටක, ක්‍රීඩා, සමාජ ශාලා ආදියෙහි ගැවසෙන්නට හිතවත් වෙයි. ප්‍රමාදයට හේතු වන සූදු ක්‍රීඩාවෙහි යෙදෙන්නට හිතවත් වෙයි.

මෙම ගතිගුණ ඇති පුද්ගලයන් ව භයානක මාර්ගයක් අත්හරින්නෙකු සෙයින් අත් හළ යුතු බවත්, තමාට උපකාර කරන සුහද මිතුරාත් (උපකාරක), සැප දුකේ සමානව ඉන්න සුහද මිතුරාත් (සමාන සුඛදුක්ඛ), තමාගේ යහපත කැමති (අත්ථක්ඛායි) සුහද මිතුරාත්, තමාට අනුකම්පාව දක්වන (අනුකම්පක) සුහද මිතුරාත් ඇසුරු කළ යුතු බව මෙම දේශනාවේදී අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා.

අපි නිවෙස් පිරිසිදු කරන විට මකුළු දැල් කඩනවා. එයින් අපිට පවක් සිදු වේ ද?
මකුළුවන්ට හිංසාවක් නොවන අයුරින් මකුළු දැල් කඩා නිවෙස් පිරිසිදු කිරීම තුළ පාපයක් සිදු නො වේ. භාග්‍යවතුන් වහන්සේ පැවිදි වූ ස්වාමීන් වහන්සේලාටත් කුටි සේනාසන පිරිසිදු කිරීමේදී මකුළු දැල් කඩා ඉවත් කිරීමට අනුදැන වදාරා තිබෙනවා. එහිදී මකුළුවන්ට හිංසාවක් නොවන සේ ඉවත් වී යෑමේ පහසුව පිණිස ඉහළ සිට පහළට හෙමින් මුස්න මෙහෙයවා මකුළු දැල් කඩා ඉවත් කිරීමට භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දී තිබෙනවා. එම නිසා ඒ අයුරින් කටයුතු කිරීම තුළ පාපයක් සිදු නොවන අතර වත් පිළිවෙත් කිරීමේ, පිරිසිදු කිරීමේ පින ද රැස් වෙනවා. පව් සිදුවන්නේ මකුළුවන් මරා දැමීම හෝ ඔවුනට හිංසා පීඩා සිදුකිරීම තුළින්.

බුදුගුණ සත්‍ය ක්‍රියාව මඟින් අපෙන් දුර සිටින අයෙකුට පවා රැකවරණය සැලසිය හැකි ද?
දෙවිමිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සම්බුද්ධත්වය පිණිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පෙරුම් දම් සපුරා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තවයි මෙලොව උපත ලැබුවේ.

එමෙන්ම ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට ගෙන, නව අරහාදී සම්බුදු ගුණ, දස බල ඤාණ, සිව් විශාරද ඤාණ, ෂඩ් අසාධාරණ ඤාණ ආදී අනන්ත ඤාණ සමුදායකින් යුක්තවයි වැඩ සිටියේ. භාග්‍යවතුන් වහන්සේ සීලයෙන් සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඤාණ දර්ශනයෙන් තුන්ලෝකාග්‍රයි. එම නිසා යම් කෙනෙක් සම්බුදු ගුණ මහිමය ගැන සිත පහදවාගෙන බුද්ධානුස්සතිය වඩනවා නම්, සම්බුදු ගුණ සජ්ඣායනා  කරමින් සත්‍යක්‍රියා කොට, මෙත් සිතින් කෙනෙකුට සෙත් පතනවා නම් එය ආශීර්වාදයක් ම යි.

මේ සඳහා උපකාර කර ගැනීමට සුදුසු ආකාරයෙන් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් ‘සම්මා සම්බුදු පිහිට ලැබේවා’ යන මැයෙන් නව අරහාදී බුදුගුණ කැටිකොට බුදුගුණ සෙත් ශාන්ති කවි පන්තියක් නිර්මාණය කොට තිබෙනවා. එමෙන්ම බුදුගුණ කැටි වූ සත්‍ය ක්‍රියාවක් ද සකසා තිබෙන අතර එය ‘ශ්‍රද්ධා  ගුවන් විදුලි නාලිකාව’ ඔස්සේ විකාශය වෙනවා. එම නිසා තවත් කෙනෙකුට සෙත් පැතීමේදී එම බුදුගුණ ශාන්තිය සහ බුදුගුණ සත්‍යක්‍රියාව භාවිත කළ හැකියි.

සිල් මෑණිවරුන්ට සහ අනගාරිකා මෑණිවරුන්ට දන් පිළිගැන්වීමේදී අපි පින් සිතුවිලි පහළ කර ගත යුත්තේ කෙසේ ද?
භික්ෂු සංඝයා උදෙසා දන් පැන් පිළිගැන්වීමේදී ‘භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය සංඝරත්නය උදෙසා පූජා වේවා!’ කියන උතුම් පුණ්‍ය චේතනාව අප පහළ කර ගන්නවා. එහිදී අරමුණු කරන්නේ ප්‍රඥාවෙන් අග්‍ර වූ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ, ඍද්ධි බලයෙන් අග්‍ර වූ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ප්‍රමුඛ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා මූලික කර ගත් මගඵලලාභී අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවක සංඝරත්නය යි. ගණනින් සීමාවක් කළ නො හැකි ගුණයෙන් සීමාවක් කළ නො හැකි තුන්කල්වාසී ශ්‍රාවක සංඝරත්නය අරමුණු කොටගෙන එසේ දන්පැන් පිදීමෙන් මහත් ඵල මහානිශංස ගෙන දෙන අප්‍රමාණ පුණ්‍යස්කන්ධයක් රැස්කර ගත හැකියි.

එලෙසින් ම සිල් මෑණිවරුන්ට සහ අනගාරිකා මෑණිවරුන්ට දානය පූජා කිරීමේ දී ඛේමා, උත්පලවණ්ණා  අග්‍රශ්‍රාවිකාවන් ප්‍රමුඛ භාග්‍යවතුන් වහන්සේගේ මගඵලලාභී ශ්‍රාවිකා භික්ෂුණීන්ගේ ගුණ සිහි කොට පූජා කිරීම මහත් ඵල ගෙන දෙනවා.

කෙළෙහිගුණ ඉතා අඩු කෙනෙක් කෙළෙහිගුණ ඇතිකර ගන්නේ කෙසේ ද?
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා  වදාළේ කෙළෙහිගුණ සිහිකරන බව, කෙළෙහිගුණ සලකන බව උතුම් සත්පුරිස ගුණයක් බවයි. එමෙන් ම කෙළෙහිගුණ දන්නා, කෙළෙහිගුණ සලකන පුද්ගලයන් දුර්ලභ බවත් දේශනා කොට වදාළා. (කතඤ්ඤූ කතවේදිනෝ පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං) විශේෂයෙන් ම කෙළෙහිගුණ සලකන්නට නම් අපට උපකාර කළ අය ව ගුණ වශයෙන් හඳුනාගැනීම අවශ්‍යයි. අපව දස මසක් කුසේ දරාගෙන ලේ කිරිකර පොවා, සිප් සතර උගන්වා, දුක් මහන්සියෙන් ඇතිදැඩි කළ දෙමාපියන්ගේ ගුණ භාග්‍යවතුන් වහන්සේ මෙසේ පහදා දුන්නා.

■ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන බ්‍රහ්ම විහරණයෙන් යුතු දෙමව්පියන් බ්‍රහ්මයන් වැනි ය. (බ්‍රහ්මාති මාතාපිතරෝ)

■ ඇවතුම් පැවතුම්, යහපත අයහපත කියාදෙන මුල් ගුරුවරු ය. (පුබ්බාචරියාති වුච්චරේ)

■ කොපමණ දුරක සිටියත්, දරුවන් විසින් සොයාගොස් ඇප උපස්ථාන කරන්නට සුදුසු ය. (ආහුනෙය්‍යා ච පුත්තානං)

■ දරු ප්‍රජාවට අනුකම්පා කරන්නෝ ය. (පජාය අනුකම්පකා) මව්පියන් කළ ඒ අසීමිත කැප කිරීම, ඔවුන්ගෙන් ලද මිල කළ නොහැකි උපකාර නිතර මෙනෙහි කරමින් දරුවන් විසින් කළගුණ සැලකිය යුතුයි.

■ වයසක දෙමාපියන්ට උපස්ථාන කරමින් රැකබලා ගත යුතු ය.

■ දෙමාපියන්ගේ කටයුතු සොයා  බලා කර දිය යුතු ය.

■ මව්පියන්ගේ කුල පරපුර ඉදිරියටත් පවත්වමින් ආරක්ෂා කළ යුතු ය.

■ මව්පියන්ගෙන් ලද භවභෝග සම්පත් ආදී දායාද මැනවින් පරිහරණය කළ යුතු ය.

■ මව්පියන් මියපරලොව ගියපසු දානාදී පින්කම් කොට පරලොව ජීවිතයේ සුවපත් භාවය පිණිස අනුමෝදන් කළ යුතු ය.

එමෙන් ම යම් කෙනෙක් නිසා අප මනාකොට තිසරණයෙහි පිහිටියා නම්, සිල්වත් දිවියක් ඇති කරගත්තා නම්, චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය ලැබුවා නම් ඒ සඳහා උපකාර කළ පුද්ගලයාට කිසි දිනෙක ප්‍රතිඋපකාර කොට අවසන් කළ නො හැකියි. භාග්‍යවතුන් වහන්සේ දක්ඛිණා විභංග සූත්‍ර දේශනාවේදී පෙන්වා  වදාළේ එම උපකාරයට සිව්පසයෙන් පුදා, ගරුබුහුමන් දක්වා ප්‍රතිඋපකාර කොට අවසන් කළ නො හැකි බවයි. එනමුත් යුතුකම් ඉටුකිරීම් වශයෙන් කල්‍යාණමිත්‍ර ශ්‍රමණයන් වහන්සේලා  උදෙසා පහත සඳහන් පරිදි කෙළෙහිගුණ සැලකිය යුතු බව සිඟාලෝවාද සූත්‍ර දේශනාවේදී දේශනා කොට තිබෙනවා.

■ මෛත්‍රී සහගත කායකර්ම පැවැත්විය යුතු ය.

■ මෛත්‍රී සහගත වචීකර්ම පැවැත්විය යුතු ය.

■ මෛත්‍රී සහගත මනෝ කර්ම පැවැත්විය යුතු ය.

■ සිය නිවෙස්හි දොරටු නොවසා ආගන්තුක සත්කාර කළ යුතු ය.

■ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් උපස්ථාන කළ යුතු ය.

මේ අයුරින් අපට උපකාර කළ, නිවන් මඟ පෙන්වා දුන් දෙමව්පියන්ගේ, කල්‍යාණමිත්‍රයන් වහන්සේලාගේ, ගුරුවරුන්ගේ, ඤාති හිතමිත්‍රාදීන්ගේ ගුණ නිතර සිහිකරමින් කෙළෙහිගුණ සලකන සත්පුරිස බව ඇතිකර ගැනීම ලෞකික ආධ්‍යාත්මික සියලු යහපත උදාවීමට හේතු උපකාර වනවා.

අනියම් පෙමක පැටළුණු අයෙකු එයින් මිදෙන්නේ කෙසේ ද?
මෙහි දී මුලින් ම කළ යුත්තේ එම අනියම් සම්බන්ධය නවත්වා වැරදි කාම සේවනයෙන් වැළකීම පිණිස බලවත් කැමැත්තක් ඇති කර ගැනීම යි.

එමෙන්ම ඒ සඳහා බලවත් අධිෂ්ඨානයක් සිතේ පිහිටුවා ගැනීම යි. ඉන්පසු වැරදි කාම සේවනය නැමැති අකුසලය ප්‍රහාණය කිරීම පිණිසත්, වැරදි කාම සේවනයෙන් වැළකීම නැමැති කුසලය උපදවා ගැනීම පිණිසත් බලවත් වීර්යයක් ඇති කර ගත යුතුයි. ඒ පිණිස අසුභ භාවනාව වැනි කුසල මනසිකාරයක් පුරුදු පුහුණු වීම මහෝපකාරී වෙනවා.

සිව්වෙනුව වැරදි කාම සේවනයේ ආදීනවත්, එයින් වැළකීමේ ආනිශංසත් බුද්ධ දේශනාවේ සඳහන් පරිදි නුවණින් විමසිය යුතුයි.

විශේෂයෙන් ම ‘අපාය සංවත්තනික සූත්‍රය’ වැනි බොහෝ දේශනාවන්හි දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ වැරදි කාම සේවනය නිරයගාමී අකුසලයක් බවයි. අවුරුදු ලක්‍ෂ ගණන් නිරයේ දුක් විඳ ඉන්පසු තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ ඉපිද දුක් විඳීමට සිදු වේ. ඉන් පසු මිනිස් ලොව උපත කරා ආව ද ලිංගික දුබලතා සහිත, අසාර්ථක විවාහ ඇති, සතුරන් අධික කෙනෙක් බවට පත්වේ.

ඉසිදාසි නම් රහත් තෙරණිය අරහත්වයට පත් වූ පසු පෙර ජීවිත දකින නුවණින් සිය සසර ජීවිතය විමසා බැලුවා. එහි දී පෙර එක් ජීවිතයක වැරදි කාම සේවනයේ යෙදීම නිසා අවුරුදු ලක්‍ෂ ගණනක් නිරයේ ඉපිද දුක් විඳ ඇති බව දුටුවා. නිරයේ ආයුෂ අවසන් වූ පසු පිළිවෙළින් වඳුරෙකු, ගවයෙකු, බූරුවෙකු වශයෙන් උපත ලබා තිබුණා. ඒ සෑම ජීවිතයක ම මිය යන්නට සිදුවුණේ ලිංග ප්‍රදේශය කුණු වී පණුවන් ගැසීම නිසා. ඒ වැරදි කාම සේවනයේ කර්ම ඵල දුන් ආකාරය යි. ඉන් පසු මිනිස් ලොව ඉපදුණත් පිරිමියෙකුත් ගැහැණියෙකුත් නොවන නපුංසකයෙකු වුණා. එම නිසා අකුසලයේ ආදීනව සඳහන් වන දේවදූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය ආදිය කියවා නුවණින් විමසීම තුළ වරදින් මිදී යහපත් ජීවිතයක් ඇති කර ගන්න පුළුවනි.