දහම් පාසලට… | Mahamegha Magazine

මහේශාක්‍ය කෙනෙක් වෙන්න ඔබත් කැමති ද?
අල්පේශාක්‍ය – මහේශාක්‍ය කියන වචන දෙක ඔබ මීට පෙර අසා ඇති. අල්පේශාක්‍ය දෙවිවරුත් ඉන්නවා, අල්පේශාක්‍ය මිනිස්සුත් ඉන්නවා. මහේශාක්‍ය දෙවිවරුත් ඉන්නවා, මහේශාක්‍ය මිනිස්සුත් ඉන්නවා. ඔබ දැක තිබෙනවාද අල්පේශාක්‍ය මිනිසුන්ව? ඔවුන්ගේ ආනුභාවය අඩුයි. කිසි කෙනෙක් ගණන් ගන්නේ නෑ. අන් අයගේ අවධානයට ලක් වෙන්නේ නෑ. ප්‍රසිද්ධ නෑ. පිරිසක් අතරදී කිසි පිළිගැනීමක් නැහැ. ඒ තමයි අල්පේශාක්‍ය මිනිස්සු. ඇයි ඔවුන්ට එහෙම වුනේ? බුද්ධ දේශනාවට අනුව එබඳු ඉරණමක් අත්වෙන්නේ පෙර ජීවිතවලදී අනුන්ට ලැබෙන ලාභ – සත්කාර – කීර්ති – ප්‍රශංසාවලට ඉරිසියා කරලා තියෙන නිසයි. ඊර්ෂ්‍යා කිරීමේ විපාකය එයයි. එබඳු අල්පේශාක්‍ය කෙනෙකු වීමට ඔබ කිසිසේත්ම කැමති නෑ නේද?

එහෙනම් කවදාවත් වෙන කෙනෙකුට ලැබෙන ලාභ – සත්කාර – කීර්ති – ප්‍රශංසාවලට ඉරිසියා කරන්න එපා! තව කෙනෙකුට ලාභ – සත්කාර – කීර්ති – ප්‍රශංසා ලැබෙනවා දකිනකොට, තව කෙනෙක් දියුණු වෙනවා දකිනකොට ඒ දිහා බලලා සතුටු වෙන්න. එතකොට එහි ආනිශංසය හැටියට ඔබ මහේශාක්‍ය කෙනෙක් බවට පත්වේවි. යන යන තැන ඔබට ලොකු පිළිගැනීමක් ලැබේවි. ඔබ ගැන කවුරුත් කතා කරාවි. ආනුභාව සම්පන්න කෙනෙක් වේවි.

(මජ්ඣිම නිකායේ චූළ කම්මවිභංග සූත්‍රය ඇසුරිනි)

ඔබටත් අමතක වෙනවා ද? – අපේ දහම් පාසල
පුංචි දුවේ පුතේ,

වර්තමාන සමාජයේ ඉගෙන ගන්න දරුවන් වගේ ම වැඩිහිටි අයත් නිතර ම කරන මැසිවිල්ලක් තමයි “කිසිම දෙයක් මතක හිටින්නෙ නැහැ” යි කියන කාරණය. කලින් ඉගෙන ගත්ත දේවල් වගේ ම දැන් ඉගෙන ගන්න දේවලුත් මතක හිටින්නෙ නැති වීමට හේතු වන කරුණු කීපයක් අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තියෙනවා. මම අද ඔයාලට ඒ කරුණු කිහිපය කියල දෙන්නම්. හොඳට අහල හිතට ගන්න ඕන. හොඳ ද?

ඉතින් දරුවනේ, සංගාරව කියන බ්‍රාහ්මණයෙකුටත් ඔය පාඩම් හිටින්නෙ නැති ප්‍රශ්නය තිබුණා. දවසක් මේ බමුණා බුදුරජාණන් වහන්සේ ළගට ඇවිත් මෙන්න මෙහෙම අහනවා. “ස්වාමීනී, අපි ඉගෙන ගන්න වේද මන්තර කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නෑනෙ. ඒකට හේතුව මොකක්ද?” ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, “බ්‍රාහ්මණය, ඉගෙන ගන්න දේවල් මතක හිටින්නෙ නැති වීමට හේතු කීපයක් ම තියෙනවා.” කියා. පළමුවෙනි කාරණය තමයි කාම අරමුණුවලට ඇති ආශාව. ඒ කියන්නෙ දැකපු රූප, අහන ශබ්ද, ගඳ සුවඳ, රස, පහස කියන දේවලට ආශාවෙන් ඒවට ම හිත යොදවනවා නම් බොහෝ කාලයක් ඉගෙන ගත්ත දේවල් වගේ ම දැන් පාඩම් කරන දේවලුත් අමතක වෙලා යනවා. ඒකෙන් තමාගේ යහපත තේරෙන්නෙත් නෑ, අනුන්ගේ යහපත තේරෙන්නෙත් නෑ කියල දේශනා කළා. බලන්න, දුවලා පුතාලත් රූපවාහිනිය බලන්න ම කැමති වෙනවා නම්, ගී සින්දු අහන්න ම කාලය ගෙවනවා නම්, කන කෑම වර්ගවලට කෑදර නම්, නිතර ඒ දේවල් ගැන ම හිත හිතා ඉන්නවා නම් පාඩම් හිටින්නෙ නෑ. කරපු පාඩමත් අමතක වෙලා යනවා. බුදුපියාණන් වහන්සේ මේ ගැන තවත් පැහැදිලි කරන්න උපමාවකුත් දේශනා කළා. ඔන්න එක එක පාට වර්ග කලවම් කරපු වතුර භාජනයක් තියෙනවා. ඒ වතුර එකෙන් මූණ බලන්න පුළුවන් ද ඇහුවා. බැහැ නේ ද? අන්න ඒ වගේ එක එක ආශාවන්ට හිත යොදවගෙන ම හිටියොත් පාඩම් හිටින්නෙ නැතුව යනව කියල දේශනා කළා.

ඉතින් දරුවනේ, ඊ ළඟ කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිතේ තිබෙන තරහ. නිතර ම තරහෙන් කේන්තියෙන් ඉන්නවා නම් ඒ අයටත් පාඩම් හිටින්නේ නෑ. කියල දේශනා කළා. නිතර ම රණ්ඩු වෙවී තරහෙන් ම හිටියොත් ඔයාලටත් වෙන්නෙ ඒ දේ ම තමයි. ඒකටත් උපමාවක් දේශනා කළා. හොඳටම රත් වුණ උතුරන වතුර භාජනයකින් මුහුණ බලන්න බැහැ නේ ද? ඒ වගේ තරහෙන් පුපුර පුපුර ඉන්න අයටත් කරපු පාඩම් මතක නැති වෙනවා. පාඩම් හිටින්නෙත් නැතුව යනවා කියල දේශනා කළා.

ඊ ළඟ කාරණය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙකුට නිදිමතක්, කම්මැලිකමක් තිබුණොත් ඒත් පාඩම් හිටින්නේ නෑ – කරපු පාඩමත් අමතක වෙලා යනවා කියල. ඉතින් දුවලා පුතාලත් ඒ විදිහට නින්දට ම ආසා කළොත්, කම්මැලිව කාලය ගත කළොත් ඉගෙන ගන්න දේත්, ඉගෙන ගත්ත දේත් අමතක වෙලා යනවා. ඒකට බුදුපියාණන් වහන්සේ දේශනා කළ උපමාව තමයි, දිය සෙවෙලින් පිරිල තියන වතුර භාජනයකින් මූණ බලන්න බැරි වෙනවා වගේ, නිදිමත අලසකමින් ම කාලය ගත කළොත් පාඩම් කරපු හැමදේ ම අමතක වෙලා යනවා කියන එක.

ඒ වගේම දරුවනේ, පාඩම් මතක නොහිටින්න හේතු වන ඊ ළඟ කරුණ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිතර ම නොයෙකුත් දේවල් කල්පනා කර කර, කරපු නොකරපු දේවල් ගැන හිතමින් විසුරුණු සිතක් තියෙන පුද්ගලයාටත් පාඩම් හිටින්නෙ නෑ කියලයි. පාඩමට හිත නොයොදා එක එක දේවල් හිතමින් කරපු වැරදි වැඩ ගැන පසුතැවෙමින් සිටින හැමෝටම වෙන්නෙ ඔය විදිහට තමයි. ඒක හරියට තද සුළඟකින් කැළඹි කැළඹී තිබෙන වතුර භාජනයකින් මූණ බලා ගන්න බැරුව යනව වගේ කියල බුදුරජාණන් වහන්සේ උපමාවකුත් දේශනා කළා.

අවසාන වශයෙන් තවත් කරුණක් දේශනා කළා. ඒ තමයි සමහරු ඉන්නවා නිතර ම සැකයෙන් ඉන්නෙ. ‘මේක හරියයි ද? මේක වරදියි ද? මෙහෙම හොඳයි ද? නරකයි ද?’ කියලා නිතර අවිශ්වාසයෙන් සැක කරමින් ඉන්නෙ. ඉතින් එහෙම හිතන අයටත් කරපු පාඩමත් කරන පාඩමත් හැමදේම අමතක වෙලා යනවා කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඔය දරුවනුත් ඉගෙන ගන්න ගත්ත දේවල් ගැන හරි, ගුරුවරුන් ගැන හරි නිතර සැකයෙන් බලමින් අවිශ්වාසයෙන් ඒ ගැන ම හිත හිතා හිටියොත් වෙන්නෙ සංගාරව බමුණාට වුණ දේ ම තමයි. බුදුරජාණන් වහන්සේ ඒ කරුණටත් ලස්සන උපමාවක් දේශනා කළා. ඒක හරියට ඔන්න කළුවරේ වතුර භාජනයක් තියෙනවා. හොඳට ම බොර වෙලා කිලුටු වෙලා. ඒ වගේ වතුර භාජනයකිනුත් මූණ බලන්න බැහැ වගේ නිතර සැකයෙන් ඉන්න අයටත් පාඩම් මතක හිටින්නේ නැහැ කියල දේශනා කළා. ඉතින් ඔය විදිහට සංගාරව බ්‍රාහ්මණයාට දේශනා කළ මේ කරුණු පහ ඔහු හොඳින් ඉගෙන ගත්තා. ඒ ගැන සතුටට පත් වුණා. දැන් දුවලා පුතාලටත් ඒ කරුණු පහ මතකයි නේ ද? නොයෙකුත් ආශාවන් ගැන ම හිත හිතා ඉන්න හොඳ නැහැ. නිතර තරහෙන් ඉන්න එපා. නිදිමත අලස බව දුරුකර ගන්න. විසිරුණු පසුතැවිලි වන සිතක් ඇතිකර ගන්න හොඳ නෑ. නිතර සැකයෙන් ඉන්න හොඳ නෑ.

ඉතින් දරුවනේ, මේ කරුණු හොඳට දැනගෙන ඒවඳායින් වැළකිලා අධ්‍යාපන කටයුතු කළොත් ඔබගේ අනාගතය වාසනාවන්ත වේවි. බුදුපියාණන් වහන්සේ මේ දේශනා කළේ අපේ හිත්වල ඇතිවන අකුසල් පහක් ගැනයි. භාග්‍යවතුන් වහන්සේ මේවායින් මිදෙන්නත් ක්‍රමයක් දේශනා කළා. නිතර මෙත් සිත වඩන්න. බුදුගුණ භාවනාව වඩන්න. ඔබට පහසු භාවනාවක් නිතර වැඩීමෙන් පුරුදු වීමෙන් මේ අකුසල් සිතුවිලි දුරුකර ගන්න පුළුවන් බව භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය යි. ඉතින් පින්වත් දුවලා පුතාලත් ඒ විදිහට කටයුතු කළොත් කිසිදා වරදින්නේ නෑ. එයින් මෙලොව පරලොව දෙලොව ම ජය ගන්න ඔබ සැමට හැකි වේවි. එසේ ම වේවා…!

තෙරුවන් සරණයි!!!

සටහන – මානෙල් නැන්දා

හෙට ලොවට සුවඳ දී පිපෙනු මැන දරුවනේ…!
දුවේ පුතේ, ඔබ ‘ගංගාවේ ගීතය’ ගැන අහලා තියෙනවා ද? රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවි පොතක මේ කවි සටහන තිබෙනවා.

“ගංගාවක් වී ගලන්න උල්පත පසු කර

වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට”

පටන් ගත් තැනින් ඉදිරියට යන්නත්, රටට ලොවට සුවදායී පරිසරයක් නිර්මාණය කරන්නත් දිරි වඩන මේ පද පෙළ සිහි කරද්දී, හෙට ලෝකය දිනන්නට අකුරු කරමින් වෙහෙසෙන දූ පුතුන්ට ආදරණීය ආමන්ත්‍රණයකට සුදුසු කාලය මෙය යි කියලා අපට හිතුණා.

හෙට දවස ඔබගේ ය…

දුවේ පුතේ, උල්පතේ ගුණය නොනසමින්… ඒ ගුණය ම ලෝකයට වඩාත් තීව්‍ර ව බෙදා දෙමින්… මුළුමහත් ලෝකයට ම සුවය, සම්පත ගෙන එන්න අද අපට ලැබුණු මහා වස්තුව තමයි ඔබ. ඔබේ අම්මාට, තාත්තාට පමණක් නෙවෙයි, මේ මිනිස් ලෝකයේ උපන්න අප සියලු දෙනාට ඔබ වටිනා වස්තුවක්.

අද අප විසින් පසු කරගෙන යනු ලබන කඩඉම් සියල්ල හෙට ඉක්මවන්නේ ඔබ. අද අපට ලෝකය වෙත දායාද කරන්නට බැරි වුණ යහපත හෙට ලෝකය තුළ උපද්දවන්න ඉන්නේ ඔබ. උපදවා ගන්නා ගුණයන්ගෙන් ලෝකය සුරකින්නට, ලෝකය වෙනස් කරන්නට අපට අද ක්‍රමයෙන් අහිමි වී යන ජවය, හැකියාව, ශක්තිය හෙට ලබන්නේ ඔබ. ඔබ තමයි අපේ පරපුරට යා වුණ ජීවනාලිය. දුවේ පුතේ, ඔබ ලබන සෑම ජයග්‍රහණයක් ම නිසැක ව ම අප සියල්ලන්ගේ ම ජයග්‍රහණයක්. පරාජයන් ගැනත් කිව යුත්තේ එය ම යි…

එදා අප සහ අද ඔබ…

මීට දශකයකටත් එපිට අතීතයේ දී අපේ පාසල් ජීවිතය නිමාවට පත් වුණා. පාසලේ දී ඇති වුණු හිතමිතුරුකම් බොහෝමයක් අදටත් අප ළඟ තිබෙනවා. ඒ වගේ ම පාසලේ දී සමීප වුණ ගුරු මාපියන් සමඟත් අදටත් අපට ඇසුරක් තිබෙනවා. අපේ පාසල් කාලය තුළත් හොඳට ඉගෙන ගන්න, හොඳට විභාග සමත් වෙන්න, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන්න, ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළ ජයග්‍රහණ ලබන්න කියලා අප ව යොමු කෙරුණු, අපට අවධාරණය කෙරුනු ඉලක්ක තිබුණා. අද පවතින අධ්‍යාපන සංස්කෘතියට වඩා අප අත්විඳි අධ්‍යාපන සංස්කෘතියේ ලොකු ම වෙනස වුණේ නවීන තාක්ෂණික මෙවලම් සමඟ ප්‍රබල මුහු වීමක් අපට නොතිබීම විය හැකියි.

ජංගම දුරකථන, ලැප්ටොප් ආදිය අපට භාවිත කරන්න සිදු වුණේ ඉතා ම කලාතුරකින්. ඒ නිසා ම අපට ඉතිරි වුණ වෙලාවත් අද දුවලා, පුතාලට ඉතිරි වෙන වෙලාවට වඩා වැඩි අගයක් ගත්තා. ඒ නිසා ම අපට අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක කථාබහ කරන්නත්, ගහවැලේ මල් පිපෙන හැටි, ගෙඩි මෝරන හැටි දැකබලා ගන්නත්, සතා සිව්පාවුන්ගේ කුරුලු කොබෙයියන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරමින් පරිසරයට මුහු වෙන්නත් වෙලාව තිබුණා. අද දුවලා පුතාලට ගෙම්බාගේ ජීවන චක්‍රය ඉගෙන ගන්න ලැබෙන්නේ පුංචි ම පුංචි පන්තිවලදි ම පොතේ දැනුමක් විදිහට. ගෙඹි බිත්තර වතුර වළවල ජෙලි වගේ තියෙන හැටි, ඒවායෙන් බිහි වන දිගැටි වලිග තියෙන ඉහිගෙඩියන් මාළුවන් වගේ වතුරේ පීනලා යන හැටි, ටිකෙන් ටික ඒ හැඩරුව වෙනස් වෙලා ගෙම්බන් වන හැටි අපි ඉගෙන ගත්තේ දියකඩිතිවලින්. අදත් දියකඩිතිවල ගෙම්බාගේ ජීවන චක්‍රය දැකගන්න බැරිකමක් නැහැ, ප්‍රශ්නය අද දුවලා පුතාලට එදා අපට තිබුණා වගේ නිදහස් වෙලාවක් නැති එක යි.

ඔබේ නිදහස අහිමි නැති ද?

එදා අපට තිබුණු නිදහස් වෙලාව අද දුවලා පුතාලගෙන් උදුරගෙන තියෙන්නේ මොන මොන දේවලින් ද? තරඟකාරී අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් හැම දවසක ම වගේ ඔබට උපකාරක පන්තිවලට සහභාගී වීම පුරුද්දකට ගිහින්. එහෙම නේ ද? එක පන්තියකින් තවත් පන්තියකට යන්න වෙන තරමට ඔබ ඒ කටයුතුවල දී කාර්යබහුල යි. සමහර විට කෑම ටික කන්නේ පවා ගමනේ බිමනේ යෙදෙන අතරේ. කන්නේ මොනවාද කියාවත් නො දැන ඉක්මනින් එය ගිල දැමීමේ අවශ්‍යතාවය ප්‍රමුඛ වෙලා.

මේක සමස්ත සමාජය තුළ ම මුල් බැසගෙන තිබෙන රටාව බවට පත් වෙලා තිබෙන නිසා එය වෙනස් කරන්නට කියා ඔබට කියන්නට පුළුවන්කමක් අපට නැහැ. (නමුත් අපට දෙමව්පියන්ට මේ පණිවිඩය දෙන්නට පුළුවනි… මේ ගමන ඔබේ දරුවාට කොතරම් ඔරොත්තු දෙනවා ද? ඔවුන්ගේ කටයුතු මෙතරම් සංකීර්ණ නොවන අයුරින් වෙනස් කර ගත හැක්කේ කොහොම ද? කියලා අම්මලා, තාත්තලා නිතර හිතා බලනවා නම් තමයි හොඳ…!) ඒ දේවලට වෙන් කෙරෙන කාලය හැර යම්තාක් කාලයක් ඉතිරි වෙනවා ද රූපවාහිනිය, දුරකථනය, පරිගණකය, සමාජ මාධ්‍ය ඔබෙන් ඒ කාලය පැහැරගෙන.

ඔබේ ගෙවත්තේ ඉර පායන, හඳ පායන, මල් පිපෙන, ගස් වැල් වැඩෙන රටාව නො දන්න ඔබ රටේ ඕනෑම තැනක, ලෝකයේ ඕනෑම තැනක සිද්ධ වන දේවල් දැනගෙන… ඔබේ ගෙදර ම ඉන්න පිරිසට කතාබහ කරන්න වෙලාවක් නැති ඔබ, කිසිදිනක දැකලවත් නැති මිතුරන් ගණනාවක් එක්ක එසැණින් තොරතුරු හුවමාරු කර ගන්නවා… ඔබටත් නො දැනී ම ඔබ මේ දේවල යාවජීව සාමාජිකයෙක් බවට පත් වෙලා. මේ දේවලින් දුවට, පුතාට ලැබුණේ මොනවද කියලා අපි ඇහුවොත් මොන වගේ උත්තර ද ලැබෙන්නේ?

දුවේ පුතේ, ඒ දේවල් අති බහුතරයක් දුවට, පුතාට ඇස, කන පිනවන දේවල් නේ ද? ඒ වගේ ම අත්පත් කර ගන්න කැමැත්තක්, අත්හදා බලන්න ආශාවක් ඇති කරවන දේවල් නේ ද? ප්‍රතිරූප ගොඩනගමින් වීරත්වයක්, වික්‍රමාන්විත බවක් ඇති කළ දේවල් නේ ද? ඔබේ නිදහස, විවේකය පැහැර ගත් සමාජ මාධ්‍ය මත්පැන්, මත්ද්‍රව්‍ය සමඟ සතුටු වන්නවුන් ඔබට මුණගස්සවන්නේ එය ම අත්දකින්න කැමැත්ත උපදවමින්. අසභ්‍ය රූප රාමු, අසභ්‍ය වචන ඔබ වෙත ගෙන එන්නේ පහත් ගනයේ සතුටක් ඇති කරවමින්.

ගුණයෙන් ම රැකෙනු මිස…

සසරේ බොහෝ කාලයක් නොමඟ ගිය හිත්වලට තවම නැඹුරුව තියෙන්නේ ඒ පැත්තට ම නිසා පුංචි ම පුංචි අකුසලයටත් බොහොම ඉක්මනින් හිත යට කර ගන්න ඉඩ ලැබෙනවා. ඒ නිසයි අද බොහොම ඉක්මනින් ගැහැනු, පිරිමි කියා භේදයකුත් නැතිව මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයට වගේ ම අසභ්‍ය දේ අභිරුචියෙන් ඇසුරු කරන්නට බොහෝ දෙනා පෙළඹෙන්නේ.

දුවේ පුතේ, ඔබත් අපත් දවසින් දවස මොහොතින් මොහොත ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි යුගයෙන් ඈතටයි යන්නේ. එදා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිය දී යම් ආකාරයකින් දෙව් මිනිසුන්ට ගුණයෙන් වැඩී යන්නට හැකි වුණා ද අද ඒ හැකියාව බොහොම අඩු වෙලා. අද ලෝකයට ගුණයක් උපදවා ගන්නවා කියන කාරණය බොහොම අමාරුයි. උපදවා ගත්ත ගුණයක් රැක ගන්නවා කියන කාරණය ඊටත් වඩා අමාරුයි. ඒ නිසා දුවේ පුතේ, මේ සමාජය බොහොම ගුණවත් වෙලා, ඒ ගුණවත් භාවයෙන් ඔබට පිහිට පිළිසරණ ආරක්ෂාව සැලසේවි කියා අපේක්ෂා සහිත වෙන්නට එපා. එය සිදු වන්නේ නැහැ. පිරිහෙන ලෝකයක අපට එවැන්නක් අපේක්ෂා කරන්නට බැහැ. තමන් තුළ උපදවා ගත්ත ගුණයකින් පිහිට, පිළිසරණ, ආරක්ෂාව සලසා ගැනීම තමයි දැන් කළ හැකි දෙය වගේ ම කළ යුතු දෙයත්.

ඒ නිසා, රැකවරණය සලසන ගුණයන් උපදවා ගන්නේ කොහොමද කියන කාරණයටයි අප වැඩි වශයෙන් අවධානය යොමු කළ යුත්තේ. දුවේ පුතේ, ගුණධර්ම කියන්නේ වයසට ගිහින්, ලෙඩ ඇඳට වැටිලා, විශ්‍රාම ගියාට පස්සේ, ඉගෙනගෙන විභාග කළාට පස්සේ ආදි වශයෙන් කාලයක් ගිහින් දියුණු කරන දේවල් නෙවෙයි. අනිත් සියල්ල ම අතරේ උපදවා ගනිමින්, රැක ගනිමින් පෝෂණය කරන දෙයක් ඒ.

ගුණධර්ම කියූ සැණින් කෙනෙකුට හිතෙන්න පුළුවනි ධ්‍යාන උපදවා ගනිමින් ලබන සුවිශේෂී චිත්ත දියුණුවක් එයින් අපේක්ෂා කරනවා කියලා. එය සුවිශේෂයි තමයි. නමුත් දුවේ පුතේ, ගුණධර්ම පටන් ගන්නේ ඊට බොහොම කලින්. ඒ සුවිශේෂත්වය කරා යන්න උපකාර වෙන්නේ පුංචි ම තැන ඉඳන් දියුණු කරන ගුණධර්මයන් ම තමයි.

ගෙදරින් ම පටන් ගමු

ඔබට මෙය නිවසෙන් ම පටන් ගන්නට පුළුවනි. වැඩිහිටියන්ට ගරු කිරීම කෙනෙකු තුළ උපදින ගුණයක්. අම්මා, තාත්තා, සීයා, ආච්චි විතරක් නෙවෙයි පවුලේ වැඩිමහලු සහෝදර සහෝදරියන් අයිති වෙන්නෙත් වැඩිහිටි පාර්ශවයට. අපට වඩා වයසින් වැඩි කෙනෙකු පැමිණි විට අසුනින් නැගී සිටින පුරුද්දක් බාල වියේ අප තුළ තිබුණා. අප එසේ නොකෙරුවොත් මාපියන් තරවටු කරනු ලැබුවා. මාපියන්ට, වැඩිහිටියන්ට ගෞරව දැක්වීම මනා කොට තැන්පත් කරනු ලබන, සැපය සලසාලන පුණ්‍ය නිධානයන්ට අයත් බව සම්බුදුරජාණන් වහන්සේ නිධිකණ්ඩ නම් සූත්‍ර දේශනාවේ දී වදාළා. වයසින් වැඩී යද්දි අප විසින් මේ ගුණධර්ම නොසලකා හරිනු ලැබූ නිසා පින් රැස්කර ගන්නත්, ජීවිතයේ අපට වඩා යම් වයස් කාලයකින් පරිණත වූ ඒ වැඩිහිටියන්ගේ අත්දැකීම් තුළින් ලබා දෙන අවවාදයන්ගේ පිහිටා කටයුතු කරන්නත් තිබුණු ඉඩ අවම වෙලා. අද අද ම අපට හැකි නම් මේ ගුණයේත් පිහිටා සිටින්නට, අපේ ජීවිත කරා පුණ්‍ය ගංගාවක් ගලා එනවා වගේ ම කීකරු බවත්, කීකරු බව ඇති කරවන ගුණාංගත්, අවවාදයන් පිළිගන්නා ස්වභාවයත් කියන අතිශය යහපත් ගුණධර්මයන් වඩාත් දියුණු කර ගන්නට අපට අවස්ථාව ලැබෙනවා.

පුන් පොහොය දිනවල සතර වරම් දෙව් රජවරුන් ද අනෙක් පොහොය දිනවල ඒ දිව්‍ය සේනාව ද මනුලොව සිසාරා ඇවිද යන බව අප අසා තිබෙනවා. ඒ දිව්‍ය පිරිස සොයා බලන කරුණු අතරේ මුලින් ම තිබෙනවා, ‘මේ මිනිස් ලොව බොහෝ දෙනා මවට සලකනවා ද? පියාට සලකනවා ද? වැඩිහිටියන්ට ගරු සත්කාර කරනවා ද?’ යනු කරුණු. මේ මිනිස් ලෝකයේ දියුණුවක්, අභිවෘද්ධියක් ඇති බව ඒ දෙවිවරු තීරණය කරන්නේ එසේ ගුණධර්ම තුළ පිහිටමින් බොහෝ පින් රැස්කර ගන්නා බව පෙනී යන විටයි. එහෙම නැති ව, නිදි වරාගෙන ටෙලිනාට්‍ය බලනවා ද චිත්‍රපට බලනවා ද වීඩියෝ සෙල්ලම් කරනවා ද අන්තර්ජාලය භාවිත කරනවා ද අත්නොහැර ෆේස්බුක් ගිණුම් යාවත්කාලීන කරමින් ක්‍රියාකාරී සාමාජීකයෙක් ව සිටිනවා ද කියා දෙවිවරු විමසන්නේ නැහැ. එසේ සිටීම දියුණුවක්, අභිවෘද්ධියක් කියා කියන්නේත්, සිතන්නේත් අප. නමුත්, ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් අපට වඩා උසස් වූ, යසසින් ආඪ්‍ය වූ දෙවිවරු පවා දියුණුව, අභිවෘද්ධිය ලෙස දකින්නේ ගුණධර්මයන්ගේ වැඩී යාම.

අප ඔබට කියන්නේ තාක්ෂණය භාවිත නොකළ යුතුයි කියා නෙවෙයි. එය ඔබගේ කටයුතු පහසු කරවන්නක් මිසක් ඔබගේ දියුණුව, සාර්ථකත්වය තහවුරු කරන නිර්ණායකයක් නොවන බව තේරුම් ගත යුතු ම වෙනවා.

සිප් සතර පහදන ගුරුවරුන් නමදිමු

දෙමව්පිය වැඩිහිටියන් වගේ ම පාසල් ජීවිතය තුළ අපට අකුරු කියා දෙන ගුරුවරුන් අප විසින් ගෞරවයෙන් පිදිය යුතු පිරිසක්. දුටු විට නැගිටිමින්, නැති තැන අපහාස උපහාසයන් කරද්දී ඒ ගෞරවය නිසි ලෙස ලබා දීමක් වන්නේ නැහැ. ගුරුවරු අපට කියා දෙන ශිල්පය මතු දවසක අපට සමාජයීය වශයෙන් ප්‍රයෝජනවත්, වැදගත් පුද්ගලයෙක් වන්නට උපකාරක වනවා. ගුරුවරුන් ශිල්ප කියා දෙන නිසයි අද අපට හෙට දවසේ අප කරන රැකියාවන් ගැනත්, අනාගතය ගැනත් යම් යම් සැලසුම් තිබෙන්නේ. ඇති තැනත්, නැති තැනත් වචනයෙන්, හැසිරීමෙන්, සිහි කිරීමෙන් පවා අපට ඒ ගුරු පිරිස විෂයෙහි මහත් ගෞරවයක්, භක්තියක්, සෙනෙහසක් තිබිය යුතු වනවා. ගුරුවරයා කෙරෙහි මේ ආකාරයෙන් මැනැවින් පිළිපැදීම අප තුළ ශිල්පය පිහිටන්නටත් උපකාරක වනවා. සොඳුරු මහනෙල් මල් පිබිදෙන්නේ දිය පිරි විලක මිස අසූචි වළක නෙවෙයි නේ ද…

මිතුරන්ට මිතුරු වෙමු

අපත් සමඟ සිටින පිරිස ඇසුරු කරන ආකාරය තුළ පවා දුවේ පුතේ අප සැලකිලිමත් විය යුත්තේ ගුණයන් උපදවා ගැනෙන ආකාරයටත්, ගුණයන් රැකෙන ආකාරයටත්, ගුණයන් දියුණු වන ආකාරයටත් හැසිරෙන්නයි. සාමාන්‍යයෙන් අම්මා, තාත්තා, වැඩිහිටියන්, වැඩිමහලු සහෝදර සහෝදරියන්, ගුරුවරුන් අතරේ සිටිනවාට වඩා යම් නිදහස් බවක් අපට හිතමිතුරන් අතරේ දැනෙනවා. ඒ නිසා ම, අප කියන වචනය ගැන එතරම් සැලකිලිමත් නැහැ. හැසිරීම ගැනත් එතරම් සැලකිලිමත් නැහැ. හිතමිතුරන් අතරේ අප වෙනස් ම පුද්ගල චරිත බවට පත්වෙනවා. ‘නිදහස’ කියා අප වරදවා වටහා ගන්නා ඔය ස්වභාවය නිසා දුවේ පුතේ, මාපිය, ගුරුවර, වැඩිහිටි පිරිස අතරේ අප විසින් ආරක්ෂා කරන සංවරය, හික්මීම අපට අහිමි වෙනවා. ඒ නිසා ම අපි කයින් අසංවර වෙනවා. වචනයෙන් බොහොම අසංවර වෙනවා. හැබැයි අපි එහෙම ‘අසංවර වුණේ යාළුවෝ අතරනේ’ කියලා, ඒ අසංවරව කටයුතු කිරීමේ ආදීනව අපට නො ලැබී යන්නේ නැහැ. විපාක නො දී ගෙවී යන්නේ නැහැ. ජීවිතයේ සියලු යහපත උදා කරලන ගුණධර්ම උපදවාගෙන වැඩි දියුණු කරන්නට අප කැමති නම් දුවේ පුතේ, යාළුවෝ අතරෙත් අප බොහොම පරිස්සමෙන් ඒ ගුණයන් රැකගත යුතු වෙනවා.

ප්‍රිය වචන, සමඟිය ආරක්ෂා වන වචන, අන් අය තුළ ඇති ගුණ දකිනා ස්වභාවය, ඒ ගුණයන් නොනසනා ස්වභාවය හා අගය කරන ස්වභාවය, ඇති තැනත් – නැති තැනත් මිතුරු බවින් ම පවතින ස්වභාවය, වරදින් වළක්වාලන ස්වභාවය, යහපත් ගුණධර්ම දියුණු කරන්නට උපකාරක වන ස්වභාවය අප තුළ පිහිටා තිබීම අපේ ආදරණීය යහළුවන්ටත්, අපටමත් සැබැවින් ම විශාල යහපතක් සලසාලනවා.

ඔබේ හිතමිතුරන් විසින් අනෙක් හිතමිතුරන් ව විශේෂයෙන් හඳුන්වන ආකාර ඔබ අසා තිබෙනවා. “එයා එක්ක හිටියොත් නම් හොඳට හිනා වෙන්න පුළුවන්. හරි ම ෆන්.”, “අරයා නම් රටේ ම විස්තර දන්නවා. ඕනේ දෙයක් දැන ගන්න එයාගෙන් ඇහුවා නම් ඇති.”, “මේ කෙනා එක්ක හිටියොත් විනෝද වෙන්න පුළුවන් අඩුවක් නැතිව ම.”, “අරයා හරි ඉක්මනට තරහා යන කෙනෙක්. පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕනේ.”, “මෙයා කේළාම් කියනවා.” මේ ආදි වශයෙන් ගතිගුණ අනුව ඒ ඒ අයට විශේෂ වූ හැඳින්වීම් සිදු කෙරෙනවා. ඒ සියල්ල අතරේ ඔබ ගැන ඔබේ යහළුවන් කතා කරන්නේ, “එයා නම් පින් කරන කෙනෙක්. එයා එක්ක හිටියොත් දහම් කරුණක් හරි ඉගෙන ගන්න ලැබෙනවා.” කියල නම්, දුවේ පුතේ ඔබ ඇත්තටම සතුටු විය යුතුයි.

මේ හඳුන්වා දීම අප සඳහන් කළ ආකාරයට ප්‍රශංසාත්මක නොවන්නත් පුළුවනි. පිරිහෙන සමාජයක ගුණධර්ම ප්‍රශංසා ලබනවා කියන කරුණු දුර්ලභ වනවා. ඇතැම් විට ඔබට ලැබෙන හැඳින්වීම, “අපෝ එයා නම් බණ එක්කනේ… සෝවාන් වෙන්න ළං වෙලා වගේ ඉන්නේ. සෝවාන් ද දන්නෙත් නෑ…” වගේ දෙයක් වෙන්නත් බැරිකමක් නෑ. බොහොම මැදහත් ව ඒ දේවල් දකින්න, විඳ ගන්න පුළුවන් සිතක් අපට ලැබෙන්නේ ද අප තුළ පිහිටන ගුණධර්ම නිසයි. ඒ ආකාරයෙන් අවඥා සහගත ව, උපහාසාත්මක ව කරුණු පැවසෙනවා වුණත් ඔබ දක්ෂ වෙන්න ඕනේ මෙලොවත්, පරලොවත් යහපත සලසන ගුණධර්මයන් තුළ ම පිහිටා සිටින්නට.

දියුණු කළ හැකි දෙයකි මේ…

දුවේ පුතේ, ගුණධර්මයන්ගේ දියුණුව අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ බොහෝ සෙයින් වර්ණනා කළා. එය නුවණැති සත්පුරුෂයන්ගේ නිබඳ ප්‍රශංසාවට පාත්‍ර වන කරුණක්. අම්මාට සලකන, තාත්තාට සලකන, ගුරුවර වැඩිහිටියන්ට සලකන, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු සත්කාර දක්වන ගුණශෝභාවන් අප තුළ තිබුණොත් තමයි අප බුද්ධ රත්නයට ගරු කරනවා වන්නේ. අම්මාට, තාත්තාට ගරු නොකර තෙරුවනට ගරු කරනවා කියන කාරණය සිදු නොවන්නක්, අභව්‍ය වූ දෙයක්. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ව සරණ ගියා නම් උන්වහන්සේ විසින් ආදර්ශයෙන් ම පෙන්වා දුන් අයුරින් මාපියනට සැලකිලි දැක්වීම සිදු කරනවා ම යි. ගෙදරින් පටන් අරගෙන මුළු මහත් ජීවිත කාලය පුරා ම රටට ලෝකයට යහපත ම දන් දෙන්න පුළුවන් ගුණවත් භාවයක් උපදවා ගන්නා ආකාරය දුවට පුතාට කියලා දුන්න වෙන දැක්මක් ලෝකයේ තිබුණ ද? දුව පුතා අද ජීවිතයට සමීප කරගෙන තිබෙන කාටුන්, ටෙලිනාට්‍ය, චිත්‍රපට, අන්තර්ජාලය ආදි දේවල යම් තැනක දී එවැනි දැක්මක් සමීප වුණා නම් ඒත් බුදුරජාණන් වහන්සේ ලෝකයට දායාද කළ ධර්මය උපුටා ගැනීමක් මිසක් පුහුදුන් සිතක උපන් ආශ්චර්යවත් වූ දෙයක් නෙවෙයි.

සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ සිතක උපදින්නා වූ සියලු ගුණයන් පරිපූර්ණ වශයෙන් ම උපදවා ගත් උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේ ඒ ගුණයන් අප තුළත් උපදවා ගනිමින් සියලු යහපත සලසා ගැනීමටයි ධර්මය දේශනා කළේ. කුසල් දහම් කියන්නේ දියුණු කළ හැකි දෙයක් බවත්, ඒවා දියුණු කළ නො හැකි නම් “කුසල් දහම් දියුණු කළ හැකි යි. ඒවා දියුණු කරන්න.” කියා තමන් වහන්සේ නොපවසන බවත් සම්බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේ ම, කුසල් දහම් එක තැන තිබීම වුණත් තමන් වහන්සේ වර්ණනා නොකරන බවත් උන්වහන්සේ වදාළා.

ගුණයෙන් ලොව අග පැමිණි ඔබ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ අගය කළේ, ප්‍රශංසා කළේ ගුණධර්මයන්ගේ වැඩී යාම ම යි. බොහෝ දෙනාගෙන් අපට අගය කිරීම්, ප්‍රශංසාවන් ලැබී තිබෙනවා නේ ද? දුවේ, පුතේ අප කවද්ද අප සරණ ගිය ශාස්තෘන් වහන්සේගෙන් ප්‍රශංසා ලබන්නේ? අප කවද්ද ශාස්තෘන් වහන්සේ ප්‍රශංසා කරන ආකාරයෙන් ගුණධර්මයන්ගෙන් වැඩී යන්නේ?

අසිරිමත් විප්ලවයක්…!

අද අද ම පටන්ගෙන බොහොම උනන්දුවෙන් පවත්වා ගත යුතු වැඩපිළිවෙළක් මේ. හැම දවසක ම නිවසින් පිටත් වෙද්දී දණ ගසා අම්මාට තාත්තාට වඳින්න පුරුදු වෙන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. ගුරුවර, වැඩිහිටියන්ට අසුනින් නැගිට ගරු කිරීමේ පටන් බුහුමන් දැක්වීම් සිදු කරන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. සම්බුද්ධ වන්දනාව සිදු කරන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. සතුන්ට පවා කාරුණික වෙන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. යහළුවන්ගේ යහපත කැමැත්තෙන් පිනට, කුසලයට ඔවුන් යොමු කරන කෙනෙක් වෙන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. ගහට වැලට සතා සිව්පාවාට ආදරය කරන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. සිල් සමාදන් ව රැක ගන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. වචනය සංවර කරගෙන රැක ගන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. ගේ ‍ෙදාර සතුටින් අමදින්න, පිරිසිදු කරන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්. අන් අයට උපකාර කරන්න, ඔබ තුළ වැඩෙන්නේ ගුණයක්… දුවේ පුතේ, ඔබ මේ දේවල් අනුව පිළිපදිද්දී අපට හෙට මුණගැසෙන්නේ ගුණදම් ආකරයක්. හෙට දවස යහපත් වේවා, සුවදායි වේවා කියා අප තුළ යම් අපේක්ෂාවක් පවතිනවා ද ඒ අපේක්ෂාව මල්ඵල ගන්වන අපේ වස්තුව බවට ඔබ පත් වනවා. මිනිස් උයන්තෙර සුපිපෙන සුවඳ මල තමයි ඔබ…! එය සැබැවින් ම අසිරිමත් චින්තන විප්ලවයක්.

දුවේ පුතේ, මේ තමයි මේ ලෝකයත්, පරලොවත්, සසරත් දිනන මඟ. පරිගණක විප්ලවයකින් කළ නො හැකි ඒ මහානීය වෙනස ඔබ තුළ උපදවාලන ගුණධර්මයන්ගේ පිහිටා කටයුතු කරමින් සියලු ලොවට සියලු යහපත දන් දෙන්නට ඔබට තෙරුවනේ ආශීර්වාදය වේවා!

සටහන – උදුලා පද්මාවතී

දෙව් අසුන ලැබගත් පුණ්‍යවන්තී
සිඟිති ලොවට පින් සිතුවිලි

පුංචි අපේ ජීවිත ගොඩාක් යහපත් කර ගන්න උදව් කරන වටිනා ම ගුණධර්ම කියාදෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පින්වත් දුවේ පුතේ, ඔයාලා හැමෝ ම සතුටින් ඉන්න කැමතියි නේ ද? ඔයාලා හැමෝ ම ලස්සනට ඉන්නත් කැමතියි නේ ද? ඉතින් දරුවනේ, ඔයාලා වගේ ම ලෝකයේ ඉන්න හැමෝ ම කැමතියි සතුටින් ලස්සනට ජීවත් වෙන්න.

ඒත්… අපි කැමති වූ පමණින් සතුට පිරුණු, ලස්සන ජීවිතයක් ලබාගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඉතින් දරුවනේ ඔයාලා කැමති නම් දුක් කරදර නැති, සතුටු සොම්නස පිරුණු ජීවිතයක් ලබාගන්න ඒ සඳහා අපි යම් වැඩ කොටසක් කළ යුතුයි. ඒ සතුට පිරුණු ජීවිතයක් අපට උදා කරලා දෙන වැඩපිළිවෙළට කියන්නේ ‘පින් කිරීම’ කියලයි. අද අපි ඔයාලාට කියල දෙන්න යන්නෙ මිනිස් ලෝකයේ ඉද්දී පින් කරගෙන දිව්‍යලෝකයට ගිහින් බොහෝ ම සතුටින් ලස්සනට ජීවත් වෙන නැන්දා කෙනෙකුගේ කතාවයි.

ඔයාලා ඒ කතාව අහන්න කැමති ද?

ඉතින් දරුවනේ, මින් වසර දෙදහස් හයසිය පහකට පෙර අපේ රට ආසන්නයේ ම තියෙන ඉන්දියාවේ විශේෂ සිදුවීමක් වුණා. ඒ තමයි ‘සිද්ධාර්ථ ගෞතම’ නමින් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වුණා. මේ කතාව මුළු ඉන්දියාව පුරා ම වේගයෙන් පැතිරිලා ගියා. එහි සිටි මිනිසුන් බුදුරජාණන් වහන්සේ දකින්න බොහෝ දුර ගෙවාගෙන පැමිණියා. ඉතින් ඒ බුදු සමිඳාණෝ ඒ මිනිසුන්ට ජීවිතය හොඳින් ගත කරන ආකාරය ගැන, ගුණධර්ම ඇතිකර ගන්න ආකාරය ගැන ඉතා ම පැහැදිලිව කියලා දුන්නා. ඒ විස්තර අහපු බොහෝ දෙනා ඉතා ම ආදරයෙන් බුදුරජාණන් වහන්සේ ව සරණ ගියා..! ධර්මය සරණ ගියා..! ඒ අතර සිටි බොහෝ තරුණ පිරිස් බුදු සමිඳුන් ළඟ පැවිදි වුණා…! සියලු දුකින් නිදහස් වුණා..! ලෝකයට මහා සංඝරත්නය පහළ වුණා…! ඉතින් ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා ඉන්දියාව පුරා ම චාරිකාවේ වැඩියා. ගමින් ගමට වැඩියා බොහෝ මිනිසුන්ට ගුණධර්ම ඇතිකර ගන්න ආකාරය කියලා දුන්නා. ‘පින’ ගැන කියලා දුන්නා. ඉතින් ඒ ධර්මය අහපු බොහෝ දෙනා තමන් කරමින් සිට නරක දේවල් අතහැරියා. හොඳ දේවල් ඇතිකර ගත්තා. ඒගොල්ලෝ දන් පැන් පූජා කරන්න, සිල් රකින්න, භාවනා කරන්න, ස්වාමීන් වහන්සේලාට ඇප උපස්ථාන කරන්න පටන් ගත්තා. ඉතින් දරුවනේ දැන් මුළු ඉන්දියාව පුරා ම වගේ පින ගැන ම කතා කරනවා. දුකින් නිදහස් වෙලා ලබන සතුට පිරුණු ජීවිතය ගැන කතා කරනවා. දුප්පත් පොහොසත් භේදයක් නැතිව, වැඩිමහලු බාල භේදයක් නැතිව හැමෝ ම වගේ පින් දහම් කරනවා.

ඉතින් දරුවනේ, ඒ කාලේ වැඩහිටපු ස්වාමීන් වහන්සේලා දානේ වැළඳුවේ එක වේලයි. ඒත් උදේ කාලේ විතරයි. (උදෑසන 5.30 පමණ සිට දහවල් 12.00 දක්වා කාලය අතර දී පමණයි) ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා දානය සොයා ගත්තේ ‘පිණ්ඩපාතේ’ වැඩලා. (පිණ්ඩපාතේ වඩිනවා කියන්නේ දරුවනේ, සිවුරු පොරවගෙන පාත්‍රය අරගෙන ස්වාමීන් වහන්සේලා පාර දිගේ වඩිද්දී. ඒ පාර අයිනේ තියන ගෙවල්වල මිනිස්සු තමන්ගේ ගෙදර බත් ව්‍යංජන හදලා තියෙනවා නම් එයින් කොටසක් ස්වාමීන් වහන්සේලාට පූජා කරනවිට එම දානය පිළිගැනීම යි).

ඉතින් එක දවසක් එක්තරා ස්වාමීන් වහන්සේනමක් ඔය විදිහට පිණ්ඩපාතේ වැඩියා. වැඩම කරලා එක්තරා නිවසක් ඉදිරිපිට නැවතුණා. එතකොට ඒ ගෙදර හිටපු නැන්දා මේ ස්වාමීන් වහන්සේ ව දැක්කා. ඒ නැන්දා තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් හිටපු කෙනෙක්. ඉතින් අර ස්වාමීන් වහන්සේ ව දුටු පමණින් ම ඇය ගොඩක් සතුටට පත් වුණා. ‘මගේ නිවසට වඩින්න’ කියලා ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ නිවසට වැඩියා. එතකොට ඒ නැන්දා රන්වන් පාට රෙදිකඩක් ගෙනැවිත් ආසනේට ඇතිරුවා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේට වැඩ සිටීම පිණිස ඒ ආසනේ පූජා කළා. ඊට පස්සේ ඉතා ම ගෞරවයෙන් පසඟ පිහිටුවා (දණහිස් දෙක වැළමිටවල් දෙක හා නළල යන අංග පහ පොළොවේ ස්පර්ශ කරමින්) ස්වාමීන් වහන්සේට වන්දනා කළා. නමස්කාර කළා. ඒ නැන්දට පුළුවන් ආකාරයට දානේ සකස් කරලා ඒ ස්වාමීන් වහන්සේට පූජා කළා. ඇය ඒ හැම දෙයක් ම කළේ ගොඩාක් සතුටින්. පින් කළොත් ‘සැප’ ලැබෙනවා කියන කාරණය හොඳට හිතේ තියගෙන. ඉතින් දරුවනේ, දන් වළඳලා අවසන් වෙලා ඒ ස්වාමීන් වහන්සේ, ඒ නැන්දාට ධර්මය දේශනා කරලා පිටත් වුණා.

ඉතින් දුවේ පුතේ, ටික කාලයක් ගත වුණා. ඒ නැන්දත් ටික ටික වයසට ගියා. හදිසියේ ම වගේ එක්තරා ලෙඩක් හැදුණා. හොඳට ම අමාරු වුණා. බෙහෙත් ගත්තා. ඒත් ලෙඩේ හොඳ වෙන පාටක් නැහැ. නැන්දට අසනීපෙ වැඩි වුණා. මරණාසන්න වුණා. ඉතින් දරුවනේ, ලෙඩ ඇඳේ බොහෝ ම වේදනාවෙන් ඉන්න නැන්දාට දැන් මතක් වෙන්නේ ම තමන් අර කලින් ස්වාමීන් වහන්සේනමකට ආසනයක් පූජා කරලා, දානේ පූජා කරලා කරගත්තු පිනමයි. ඒ සිදුවීම මතක් වෙද්දී, වෙද්දී ඒ නැන්දට ලොකු සතුටක් ඉපදුණා. දුක් පීඩා අමතක වෙලා ගියා. ටික වෙලාවකින් නැන්දා මරණයට පත් වුණා.

ඒ නැන්දා කර ගත් පිනේ ආනුභාවයෙන් ‘තව්තිසා දෙව්ලොව’ දෙව්දුවක් වෙලා ඉපදුණා. ඇයට උපස්ථාන කරන්න දිව්‍ය අප්සරාවෝ දාහක් ආවා. ඒ නැන්දා මනුස්ස ලෝකෙ දී ස්වාමීන් වහන්සේනමකට වැඩ හිඳින්න ආසනයක් පූජා කළා. ඔයාලට මතකයි නේ ද? ඉතින් දරුවනේ ඒ පිනේ විපාකය විදිහට දිව්‍ය ලෝකෙදි ඇයට රත්තරන් පාට ආසනයක් ලැබුණා. ඒ පුටුව කිලෝමීටර් දහයක් විතර දුරට පැතිරුණ විශාල එකක්. ඒ විතරක් නෙවේ. ඒ පුටුවේ ඉඳගත්තා ම ඉතා ම වේගයෙන් අහසින් ගමන් කරන්න පුළුවන්. ගුවන් යානයකටත් වඩා වේගයෙන් ඒ පුටුව ගමන් කරනවා. බලන්න දුවේ පුතේ, සිත පහදවාගෙන ස්වාමීන් වහන්සේනමකට ආසනයක් පූජාකර ගැනීමෙන් ලැබුණු පිනක අසිරිය…! ඒ පිනෙන් ම ඒ නැන්දාට විශාල දිව්‍ය මාලිගාවක් පහළ වුණා. ඒ මාලිගාවේ විශාලත්වය යොදුන් දොළහක්. ඒ කියන්නේ දරුවනේ, කිලෝමීටර එකසිය විස්සක විතර ප්‍රදේශයක පැතිරුණු ඉතා ම විශාල ඉතා ම ලස්සන මාලිගාවක්…! ඒ විතරක් නෙවෙයි ඇයට ලස්සන ජීවිතයකට උරුමකම් කියන්න පුළුවන් වුණා.

ඉතින් පින්වත් දරුවනේ. මිනිස් ලෝකේ සිටිද්දී තමන් කර ගත් පින් නිසා ම යි ඒ නැන්දාට යහපත උදවුණේ. දෙව්ලොව උපතක් හිමි වුණේ. ඒ නිසා අපිත් පින් කිරීමට කැමැත්තක් ඇතිකර ගන්න ඕනෙ. තමන් කර ගන්න පිනෙන් ම යි දරුවනේ තමන්ට සැප උපදවා දෙන්නේ!

(පීඨ විමානය- විමාන වත්ථු පාළි)

මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.

මනා නුවණින් ජීවිතය ජය ගනිමු
පින්වත් දුවේ, පුතේ,

අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙරුම් දම් පුරනා බෝධිසත්ව කාලයේ දී එක භවයක වානර රාජයෙක් වී විශාල වඳුරු පිරිසකට නායකයා වෙලා ඉපදුණා. මේ වානර රජු හරිම නුවණක්කාරයි. ඉතින් මේ නායකයා තමන්ගේ පිරිස ආරක්ෂා කර ගන්න ඕන නිසා මෙන්න මේ විදියට අවවාද කළා.

1. ඔබ පුරුදු නැති කිසිම මලක්, කොළයක්, කන්න එපා.

2. පුරුදු නැති තැනකින් වතුර බොන්න එපා.

3. මගෙන් අහන්නෙ නැතිව පුරුදු නැති කිසිම තැනකට යන්න එපා

එක දවසක් මේ වානර පිරිස වනාන්තරයක ඇවිදින කොට බොහොම වතුර පිපාසය ඇතිවුණා. වටපිට බලන කොට එ් ළඟ ම තිබුණ වතුර පිරුණ විලක් දැක්කා. එ් ළඟට ගියා. පැන් පිපාසය නිසා විල ළඟ නතර වෙලා බලන කොට මීට කලින් මේ විල දැකල නැති බව වැටහුණා. ඉතින් නායකතුමාගෙන් අවසර ගන්නෙ නැතිව වතුර බොන්න සුදුසු නැහැ කියල මතක් වුණා. නායකතුමා එන තුරු ටික වෙලාවක් එතැනට වෙලා බලාගෙන හිටියා. බලන්න දුවේ පුතේ, ඔයගොල්ලො වඳුරො දැකල තියෙනව නේ ද? වඳුරො කියන්නෙ සාමාන්‍යයෙන් හිතුවක්කාර වැඩ කරන සතුන්. එ් වගේ ම හරිම ඉක්මන්කාරයි. මොකක් හරි දැක්ක හැටියේ ම එ් වෙතට පනින ගතිය එ් සතුන්ට ආවේණික පුරුද්දක්. එ් වුණත් මේ වඳුරු රංචුව නම් තමන්ගෙ නායකයාගේ අණට කීකරු, කියන දේ පිළිපදින පිරිසක්.

ඉතින් ටික වේලාවකින් වඳුරු නායකයා ආවා. ඇවිත් විල හොඳට පරීක්‍ෂා කරලා බැලූවා. විලට බැස්ස බවට පා සලකුණු තිබෙනවා. එ්ත් ගොඩට ආපු සලකුණු පේන්න නෑ. මේ ගැන කල්පනා කරපු ඥනවන්ත වානර රජු තේරුම් ගත්තා, මේ විලට බැස්ස අය කිසිම කෙනෙක් ආපසු ගොඩට පැමිණිලා නැති බව. ‘මේ විල නම් බොහොම අවදානම් තැනක් වගේ…’ ඔහු හිතුවා. ඔහොම ඉන්න කොට එකපාරටම විල දෙබෑකරගෙන දිය රකුසෙක් මතු වුණා. ‘‘ඇයි බලාගෙන ඉන්නෙ? මේ විලට බැහැල වතුර ටිකක් බොන්නෙ නැති ද? මේ විලට බැහැල වතුර බොන්න.” රකුසා ආරාධනා කළා. නායක වඳුරා දැනගත්තා පොකුණට බැස්සොත් සියලූ දෙනාම අනතුරේ කියලා. ඉතින් බුද්ධිමත් වානර රාජයා තමාත්, පිරිසත් කරදරයක නො වැටී විලෙන් වතුර බොන්නෙ කොහොමද කියලා කල්පනා කළා. ඔහුට උපායක් සිහියට ආවා. ඉතින් නායකතුමා මොකක්ද දන්නව ද කළේ? මේ පොකුණ අසල විශාල බට පඳුරක් තිබුණා. ඔහු එ්කෙන් බට ගස් කඩාගත්තා. සාමාන්‍යයෙන් බට ගස්වල පුරුක් තියෙනවනෙ. ඔහු එ්වා සුද්ද කරගෙන සිදුරු සාදා ගත්තා. දැන් මේ බට අර පුතාලා බීම බොනකොට පාවිච්චි කරන බට වගේ. මේ බට ටික පොකුණට දමල වතුර බොන්න හැකි විදියට සකස් කරගෙන වතුර බිව්වා. නායක වඳුරා අනුගමනය කරපු පිරිසත් බට ගස් සකස් කරගෙන වතුරට දමල හොඳට වතුර පිපාසය සන්සිඳවා ගත්තා.

ඉතින් දුවේ පුතේ, මේ ජාතක කථාව දේශනා කරන්න හේතුව වුණේ අපගේ භාග්‍යවතුන් වහන්සේ නලපාන කියන ගමට වැඩම කළ වෙලාවෙ එ් ගමේ නලපාන පොකුණ ළඟ තිබුණ බට පඳුරුවල පුරුක් නැති බව දැකපු ස්වාමීන් වහන්සේලා එ් ගැන කථාබස් කිරීම යි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගැන දැනගෙන අතීතේ සිදුවුණ එ් සිදුවීම නිසා අදත් එ් විල අසල බටගස්වල ඉබේ ම සිදුරු සැදී තිබෙනවා කියල දේශනා කොට වදාළා.

පුදුමයි නේ ද? මේ කථාවෙන් පින්වත් දුවල පුතාලට හොඳ ආදර්ශ ගන්න පුළුවන්. කරන කියන කටයුතු නිතර ම ඉවසීමෙන් පරීක්ෂා කරලා හොඳට සොයල බලල කරන්න ඕන. නුපුරුදු තැන්, වගේ ම දේවල්, පාවිච්චි කරන කොට නුවණින් යුතුව ප‍්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන. බලන්න, අද සමාජයේ බොහෝ දරුවන් හිතුමතේ කටයුතු කොට ගංගා ඇළ ෙදාළවලට බිලි වෙනවා. නමුත් මේ කථාවේ වඳුරු නායකයා එනතුරු ඉවසීමෙන් සිටි වඳුරු රැුළ සිදුවන්නට ගිය විශාල විපතකින් බේරුණා. ඔබත් මව්පිය ගුරු වැඩිහිටි අයගේ අවවාදවලට කීකරු වෙන්න ඕන.

එ් වගේ ම දරුවනේ අපේ සිත් නැමැති විලේත් දිය රකුසෙක් ඉන්නවා. කවුද දන්නව ද? එ් තමයි අපගේ සිත කිලූටු කරන තරහව, ඊර්ෂ්‍යාව, මානය, උඩඟුකම වගේ කෙලෙස්. ඉතින් රකුසාගෙනුත් බේරිලා, දිය කලත්තන්නේ නැතිව වඳුරො ටික දිය බිව්වා වගේ, සිත් ඇතුළේ ඉන්න රකුසා අවුස්සගන්නෙ නැතිව, ඉවසීමෙන් නුවණින් කටයුතු කළොත් ඔබටත් බෝසත් දරුවෙක් වන්නට හැකිවෙනවා නොඅනුමානයි.

පුංචි ඔයාලට තෙරුවන් සරණයි!

මහාමේඝ 2016 නවම් කලාපය

WWW.MAHAMEGHA.LK

මානෙල් නැන්දා

සුවඳ මලින් මුනිඳු පුදමු
පුංචි දුවේ පුතේ,

මල් කියලා කියන්නෙ ස්වභාව ධර්මයෙන් අපට ලැබුණු ඉතාම පියකරු, පිවිතුරු පූජනීය වස්තුවක්. ලොකු කුඩා කවුරුත් මල්වලට හරිම කැමතියි. එහෙම නේ ද? පුංචි ඔබත් ලස්සන මල් වගෙයි. මල් ලෝකයේ නොයෙකුත් දේවල් සඳහා ප‍්‍රයෝජනයට ගන්නවා. සැරසිලිවලට, තෑගි දෙන්න, පූජාවන් වගේ දේවල්වලට. එ් වුණත් පින්වත් දරුවනේ බෞද්ධ අපි නම් විශේෂයෙන් ම මල් ගන්නෙ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න නේ ද? අපි විහාරයට යනකොට මල් ටිකක් නැතුව යන්නෙ කලාතුරකින්. ඉතින් බොහොම ශ‍්‍රද්ධාවෙන් චෛත්‍යයට මල් ටිකක් පූජා කරලා මහා පිනක් ලබපු සීයා කෙනෙක් ගැන කියැවෙන මේ කථාව අහගන්නකො.

පින්වත් දරුවනේ, අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්න කලින් පහළ වුණේ කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේයි. ඉතින් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආදාහනෙන් ඉතිරි වුණ ධාතූන් තැන්පත් කරලා රත්තරන් ගඩොල්වලින් විශාල චෛත්‍යයක් හැදුවා. එ් චෛත්‍යයට කියන්නෙ ස්වර්ණ චෛත්‍ය කියලයි. යොදුනක් උසයි. එ් කාලෙ එ් රටේ රජ කරපු කිකී කියන රජ්ජුරුවොයි, රට වැසියනුයි හැමෝම එකතු වෙලා දිනපතා ම මල් ගෙනත් මේ චෛත්‍යයට පූජා කරනවා. මේ විදියට දිනපතා ම පූජා කරන්න මල් කඩන නිසා, රටේ මල් හිඟයක් ඇතිවුණා. මල් වෙළඳ සැල්වලින් ඉක්මනින් ම මල් ඉවර වුණා.

මේ අතරෙ දවසක් එක උපාසක සීයා කෙනෙක් චෛත්‍යයට පූජා කරන්න කියල කහවණු අටකුත් අතේ තියාගෙන මල් කඩයක් ගානෙ මල් සොයමින් ඇවිද්දා. එක කහවණුවකට එක මලක්වත් සොයාගන්න බැරිවුණා. අන්තිමේ දී මේ සීයා මල් උයනකට ගියා එතනින්වත් මල් ටිකක් සොයාගන්න හිතාගෙන. උයන්පල්ලා කිව්වා ‘‘උදේ ම මල් ටික නෙළා අවසානයි. දැන් නම් මල් නැහැනෙ.” කියලා. මල් උයනේ ඉතිරිවෙලා තියෙන මල් ටිකක් වත් සොයාගන්න පුළුවන් ද බලන්න මල්කරුගෙන් අවසර අරගෙන සීයා මල් උයනේ ඇවිද්දා. ඉතින් මේ සීයට පුළුවන් වුණා, මල් වත්තේ බිම වැටිල තිබුණ මල් අටක් ඇහිඳගන්න. සීයා මල් අට අරගෙන උයන් පල්ලා ළඟට ඉක්මනින් දිව ගියා. ‘‘මට මල් ලැබුණා එ්වට මේ කහවණු අට ගන්න.” සීයා කිව්වා. එතකොට ඔහු කිව්වා ‘‘මට මුදල් එපා. මේ මල් ලැබුණේ ඔබගේ පිනටයි.” කියල. ඊට පස්සෙ සීයා මොකද දන්නවද කළේ? ‘‘නෑ නෑ මම නොමිලේ මල් අරගෙන භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්නෙ නෑ.” කියල කහවණු අට මල්කරු ළඟ තියල සීයා කෙළින් ම ගියේ ස්වර්ණ චෛත්‍ය ළඟටයි. ඉතින් දුවේ පුතේ මේ සීයා ඉතාමත් පැහැදුනු සිතින් මේ මල් අට චෛත්‍යයට පූජා කළා. ටික කාලයක් ගතවුණා. මේ උපාසක සීයා මරණයට පත්වුණා. මරණින් පස්සෙ ඔහු ඉපදුණේ තව්තිසා දිව්‍ය ලෝකෙ. ඔහු දිව්‍ය තේජසින් බැබළුණා. බොහොම සැප සම්පත් වින්දා. ඔයාලට හිතාගන්න පුළුවනි ද? එ් වගේ සැප සම්පත් ලැබුණේ ඇයි කියලා. ඔව්, මල් අටක් පූජා කළ නිසා. එ් පින තමයි. මේ දිව්‍යරාජයා අවුරුදු තුන් කෝටි හැට ලක්ෂයක් ආයුෂ වින්දා. දෙව්ලොවින් චුත වෙලා නැවත නැවත එ් දෙවිලොව ම ඉපදුණා. බොහෝ කාලයකට පස්සේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. තවමත් මේ දිව්‍යරාජයා තව්තිසා දෙව්ලොවයි ඉන්නේ.

පිනක අසිරිය බලන්න. අපේ මුගලන් මහරහතන් වහන්සේ දවසක් දිව්‍ය ලෝකෙ චාරිකාවේ වඩිනකොට මේ දෙවියා ව දැක්කා. සුදට සුදු පාටින් බබළන විශාල ඇත්රාජයෙක් පිටේ දිව්‍ය අප්සරාවන් රාශියක් පිරිවරාගෙන තමයි හිටියෙ. හිරු සඳු වගේ මුළු ලෝකෙ ම ආලෝකවත් කළා. ඉතින් විශාල ආලෝකයක් පතුරමින් අහසේ ගමන් කරන මේ දිව්‍ය පුත‍්‍රයා දැක්ක රහතන් වහන්සේ, ඔහු ළඟට වැඩම කළා. මේ වගේ සම්පත් ලබන්න තරම් ඔබ කළ පින මොකක්ද? ඇහුවා. එ් වෙලාවෙ දිව්‍යරාජයා මෙහෙම කිව්වා. ”හිමියනි, මම අතීතේ කාශ්‍යප බුදුන්ගේ කාලයේ බිම වැටිල තිබුණ මල් අටක් පැහැදුන සිතින් ස්වර්ණ චෛත්‍යයට පූජා කළා. එ් පින නිසා මට මේ තරම් අලංකාර ශරීරයක් ලැබුණා. විශාල දිව්‍ය සම්පත් ලැබුණා. බොහොම රසවත් දිව්‍ය භෝජන, වටිනා වස්තුව ආදි හැම සම්පතක් ම ලැබුණා. එ් මල් පූජා කරපු පින නිසයි.” කියල කිව්වා.

ඉතින් දුවේ පුතේ, ඔයාලත් මේ වගේ පැහැදුන සතුටු සිතින් තමයි යමක් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න ඕනෙ. එ් පින් ඔබටත් සැපය ම උදාකර දේවි.

පුංචි ඔයාලට තෙරුවන් සරණයි!

මහාමේඝ 2016 දුරුතු කලාපය

WWW.MAHAMEGHA.LK

මානෙල් නැන්දා

යහපත් මිතුරන් ඇසුරු කරමු
පුංචි දුවේ / පුතේ,

ඔයාලට ගොඩාක් යාළුවෝ ඉන්නවා නේ ද? ඉස්කෝලෙ, දහම් පාසලේ, ගෙවල් ළඟ, උපකාරක පන්තිවල මේ වගේ තැන්වලට ඔයාල නිතර යන නිසා ම ගොඩාක් යාළුවෝ ඔයාලට හම්බ වෙලා ඇති. ඔයාලා එ් අයත් එක්ක යාළුකම් පවත්වා ගෙන යනවා ඇති. එ්ත් හොඳට හිතල බලන්න ගොඩාක් යාළුවෝ හිටියත් සැපේදි විතරක් ඉන්න යාළුවෝ විතරක් නම් ඔයාට ඉන්නේ දුකේදි කවුරුවත් ඔයාට උදව්වට හරි, අඩුම ගානෙ හිත සනසන්න වචනයක් හරි කියන්න නැත්නම් එ් අයගෙන් වැඩක් තියෙනව ද? එ් අය බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙන විදිහට කල්‍යාණ මිත‍්‍රයෝ නම් නෙමෙයි.

විපතේ දී විතරක් නෙමෙයි, තමන් වරදක් කරනව දැක්කම තමාව එ් වරදින් මුදවලා හොඳ මඟට යොමු කරන්නත් කල්‍යාණ මිත‍්‍රයො උදව් කරනවා. නරක යාළුවෙක් නම් එයා කරන්නේ ඔයා වැරදි කරද්දි එ්වා තව තවත් කරන්න අනුබල දෙන එක. එ් කියන්නෙ උදව් දෙන එක. එ්කෙන් ඔයා තව තවත් වැරදිවලට යොමු වෙලා ලොකු කරදරවලට වුණත් මුහුණපාන්න පුළුවන්.

ඔයා හොඳ මිතුරෙක් වුණොත් ඔයාගෙ යාළුවන්ව වරදින් මුදවලා, කරදරයක් වුණ වෙලාවට දුක සැප හොයලා බලලා එයාට හොඳ මඟ පෙන්නලා දුන්නොත් ඔයා හොඳ යාළුවෙක් කියලා එයාලා පිළිගන්නවා. එයාලත් හොඳ දේවල් කරලා ඔයා වගේ වෙන්න උත්සාහ ගන්නවා. එහෙම වුණොත් ඔයාට හම්බවෙන්නෙත් ඔයා වගේ ම හොඳ කල්‍යාණ මිත‍්‍ර ගතිගුණ ඇති යාළුවෝ තමයි. එහෙම වුණාම හැමෝට ම සතුටින් හොඳින් ජීවත් වෙන්න පුළුවන්.

එ් නිසා දුවේ, පුතේ අද ඉඳන් ඔයාලත් හොඳ මිතුරන් ඇසුරු කරන ගමන් ඔයාලත් කල්‍යාණ මිතුරෙක් වෙන්න උත්සාහ කරන්න. නරක මිතුරන් දහස් ගණනක් ඉන්නවට වඩා එක හොඳ මිතුරෙක් තමන්ට හිටියොත් තමන්ගේ ජීවිතය ආලෝකවත් වෙන එක පුදුමයක් නෙමෙයි.

පුංචි ඔයාලට තෙරුවන් සරණයි!

මහාමේඝ 2015 බිනර කලාපය

WWW.MAHAMEGHA.LK

ටනූෂා නැන්දා

පින ම යි සැප සලසන්නේ
පුංචි අපේ ජීවිත ගොඩාක් යහපත් කර ගන්න උදව් කරන වටිනා ම ගුණධර්ම කියාදෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පින්වත් දුවේ පුතේ, ඔයාලා හැමෝම සතුටින් ඉන්න කැමතියි නේ ද? ඔයාලා හැමෝම ලස්සනට ඉන්නත් කැමතියි නේ ද? ඉතින් දරුවනේ ඔයාලා වගේ ම ලෝකයේ ඉන්න හැමෝම කැමතියි සතුටින්, ලස්සනට ජීවත් වෙන්න. එ්ත්…. අපි කැමති වූ පමණින් ම සතුට පිරුණු, ලස්සන ජීවිතයක් ලබාගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඉතින් දරුවනේ ඔයාලා කැමති නම් දුක් කරදර නැති, සතුටු සොම්නස පිරුණු ජීවිතයක් ලබාගන්න එ් සඳහා අපි යම් වැඩ කොටසක් කළ යුතුයි. එ් සතුට පිරුණු ජීවිතයක් අපට උදා කරලා දෙන වැඩපිළිවෙළට කියන්නේ ‘පින් කිරීම’ කියලයි. අද අපි ඔයාලාට කියල දෙන්න යන්නේ, මිනිස් ලෝකයේ ඉද්දී ‘පින්’ කරගෙන දිව්‍යලෝකයට ගිහින් බොහෝ ම සතුටින් ලස්සනට ජීවත් වෙන නැන්දා කෙනෙකුගේ කතාව යි.

ඔයාලා එ් කතාව අහන්න කැමති ද?

ඉතින් දරුවනේ, මින් වසර දෙදහස් හයසිය හතරකට පෙර අපේ රට ආසන්යේ ම තියෙන ඉන්දියාවේ (ජම්බුද්වීපයේ) විශේෂ සිදුවීමක් වුණා. එ් තමයි ‘සිද්ධාර්ථ’ නමින් සිටි ඉතා ම වීර්යවන්ත තරුණ කුමාරයෙක් ‘සිද්ධාර්ථ ගෞතම’ නමින් සම්බුදු බවට පත් වුණා. මේ කතාව මුළු ඉන්දියාව පුරා ම වේගයෙන් පැතිරිලා ගියා. එහි සිටි මිනිසුන් බුදුරජාණන් වහන්සේ දකින්න බොහෝ දුර ගෙවාගෙන පැමිණියා. ඉතින් බුදු සමිඳාණෝ එ් මිනිසුන්ට ජීවිතය හොඳින් ගත කරන ආකාරය ගැන, ගුණධර්ම ඇතිකර ගන්නා ආකාරය ගැන ඉතා ම පැහැදිලිව කියලා දුන්නා. එ් විස්තර අහපු බොහෝ දෙනා ඉතා ම ආදරයෙන් බුදුරජාණන් වහන්සේව සරණ ගියා..! ධර්මය සරණ ගියා..! එ් අතර සිටි බොහෝ තරුණ පිරිස් බුදු සමිඳුන් ළඟ පැවිදි වුණා…! සියලූ දුකින් නිදහස් වුණා…! ලෝකයට මහා සංඝරත්නය පහළ වුණා…! ඉතින් එ් පින්වත් ස්වාමීන් වහන්සේලා ඉන්දියාව පුරා ම චාරිකාවේ වැඩියා. ගමින් ගමට වැඩියා. බොහෝ මිනිසුන්ට ගුණධර්ම ඇතිකර ගන්න ආකාරය කියලා දුන්නා. ‘පින්’ ගැන කියලා දුන්නා. ඉතින් එ් ධර්මය අහපු බොහෝ දෙනා තමන් කරමින් සිටි නරක දේවල් අතහැරියා. හොඳ දේවල් ඇතිකර ගත්තා. එ් ගොල්ලෝ දන් පැන් පූජා කරන්න, සිල් රකින්න භාවනා කරන්න, ස්වාමීන් වහන්සේලාට ඇප උපස්ථාන කරන්න පටන් ගත්තා. ඉතින් දරුවනේ, දැන් මුළු ඉන්දියාවේ ම වගේ පින ගැන ම කතා කරනවා. දුකින් නිදහස් වෙලා ලබන සතුට, පිරුණු ජීවිතය ගැන කතා කරනවා. දුප්පත් පොහොසත් භේදයක් නැතිව, වැඩිමහලූ බාල භේදයක් නැතිව හැමෝම වගේ පින් දහම් කරනවා.

ඉතින් දරුවනේ, එ් කාලේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා දානේ වැළඳුවේ එක වේලයි. එ්ත් උදේ කාලේ විතරයි. (උදෑසන 5.30 පමණ සිට දහවල් 12.00 දක්වා කාලය අතර දී පමණයි.) ඉතින් එ් ස්වාමීන් වහන්සේලා දානය සොයාගන්නේ ‘පිණ්ඩපාතේ’ වැඩලා. (පිණ්ඩපාත දානය කියන්නේ දරුවනේ, සිවුරු පොරවගෙන පාත‍්‍රය අරගෙන ස්වාමීන් වහන්සේලා පාරදිගේ වඩිද්දී, එ් පාර අයිනේ තියන ගෙවල්වල මිනිස්සු තමන්ගේ ගෙදර බත්, ව්‍යංජන හදලා තියෙනවා නම් එයින් කොටසක් ස්වාමීන් වහන්සේලාට පූජා කිරීමයි.)

ඉතින් එක දවසක් එක්තරා ස්වාමීන් වහන්සේනමක් ඔය විදිහට පිණ්ඩපාතේ වැඩියා. වැඩලා එක්තරා නිවසක් ඉදිරිපිට නැවතුණා. එතකොට එ් ගෙදර හිටපු නැන්දා මේ ස්වාමීන් වහන්සේ ව දැක්කා. එ් නැන්දා තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් හිටපු කෙනෙක්. ඉතින් අර ස්වාමීන් වහන්සේ ව දුටු පමණින් ම ඇය ගොඩක් සතුටට පත්වුණා. ”මගේ නිවසට වඩින්න.” කියලා ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ එ් නිවසට වැඩියා. එතකොට එ් නැන්දා රන්වන් පාට රෙදිකඩක් ගෙනැවිත් ආසනේට ඇතිරුවා. එ් පින්වත් ස්වාමීන් වහන්සේට වැඩසිටීම පිණිස එ් ආසනේ පූජා කළා. ඊට පස්සේ ඉතාම ගෞරවයෙන් පසඟ පිහිටුවා (දණහිස් දෙක – වැළමිටවල් දෙක හා නළල යන අංග පහ පොළවේ ස්පර්ශ කරමින්) ස්වාමීන් වහන්සේට වන්දනා කළා. නමස්කාර කළා. එ් නැන්දාට පුළුවන් ආකාරයට දානේ සකස් කරලා එ් ස්වාමීන් වහන්සේට පූජා කළා. ඇය එ් හැම දෙයක් ම කළේ ගොඩාක් සතුටින්. පින් කළොත් ‘සැප’ ලැබෙනවා කියන කාරණය හොඳට හිතේ තියාගෙන. ඉතින් දරුවනේ, දන් වළඳලා අවසන් වෙලා එ් ස්වාමීන් වහන්සේ, එ් නැන්දාට ධර්මය දේශනා කරලා පිටත් වුණා.

ඉතින් දුවේ පුතේ, ටික කාලයක් ගත වූණා. එ් නැන්දා ටික ටික වයසට ගියා. හදිසියේ ම වගේ එක්තරා ලෙඩක් හැදුණා. හොඳට ම අමාරු වුණා. බෙහෙත් ගත්තා. එ්ත් ලෙඬේ හොඳ වෙන පාටක් නැහැ. නැන්දට අසනීපෙ වැඩිවුණා. මරණාසන්න වුණා. ඉතින් දරුවනේ, ලෙඩ ඇඳේ බොහෝ… ම වේදනාවෙන් ඉන්න නැන්දාට දැන් මතක් වෙන්නේ ම තමන් අර කලින් ස්වාමීන් වහන්සේනමකට ආසනයක් පූජා කරලා, දානේ පූජා කර ගත්තු සිදුවීම. මතක් වෙද්දි වෙද්දි එ් නැන්දාට ලොකු සතුටක් ඉපදුණා. දුක් පීඩා අමතක වෙලා ගියා. ටික වෙලාවකින් නැන්දා මරණයට පත් වුණා. එ් නැන්දා කර ගත් පිනේ ආනුභාවයෙන් තව්තිසා දෙව්ලොව දෙව්දුවක් වෙලා ඉපදුණා. ඇයට උපස්ථාන කරන්න දිව්‍ය අප්සරාවෝ දාහක් ආවා. එ් නැන්දා මනුස්ස ලෝකෙදී ස්වාමීන් වහන්සේනමකට වැඩ හිඳින්න ආසනයක් පූජා කළ නිසා එ් දෙව්දුවටත් ආසනයක් (පුටුවක්) ලැබුණා. එ් පුටුව කිලෝමීටර් 10ක් විතර දුරට පැතිරුණු විශාල එකක්. එ් විතරක් නෙමේ, එ් පුටුවේ ඉඳගත්තා ම ඉතාම වේගයෙන් අහසින් ගමන් කරන්න පුළුවන්. ගුවන් යානයකටත් වඩා වේගයෙන් එ් පුටුව ගමන් කරනවා.

බලන්න දුවේ පුතේ, සිත පහදවාගෙන ස්වාමීන් වහන්සේනමකට ආසනයක් පූජා කර ගැනීමෙන් ලැබුණු පිනක අසිරිය…! එ් පිනෙන් ම එ් නැන්දාට විශාල දිව්‍ය

මාළිගාවක් පහළ වුණා. එ් මාළිගාවේ විශාලත්වය යොදුන් දොළහක්. එ් කියන්නේ දරුවනේ කිලෝමීටර් එකසිය විස්සක (120) විතර ප‍්‍රදේශයක පැතිරුණු ඉතා ම විශාල, ඉතා ම ලස්සන මාළිගාවක්…! එ් විතරක් නෙවෙයි. එ් දෙව්දුවට අතිශය ශෝභමාන දිව්‍ය ආභරණ පහළ වුණා. එ් දිව්‍ය ආභරණවලින් සැරසුණු ඇය, හිරු සඳු මෙන් බබළන්නට පටන් ගත්තා. ලස්සන ජීවිතයකට උරුමකම් කියන්න පුළුවන් වුණා.

ඉතින් පින්වත් දරුවනේ, මිනිස් ලෝකේ සිටිද්දී තමන් කර ගත් පින් නිසා ම යි එ් නැන්දාට යහපත උදාවුණේ. දෙව්ලොව උපතක් හිමි වුණේ. එ් නිසා පින් කිරීමට කැමැත්තක් ඇතිකර ගන්න ඕනෙ. තමන් කර ගන්න පිනෙන් ම යි දරුවනේ.. තමන්ට සැප උපදවා දෙන්නේ…!

තෙරුවන් සරණයි!

(විමාන වත්ථුවල පළමු කථාව ඇසුරෙන්…)

මහාමේඝ 2015 උඳුවප් කලාපය

WWW.MAHAMEGHA.LK

බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමු
පුංචි දුවේ පුතේ,

අපේ රටේ හැම ප‍්‍රදේශයකට ම වාගේ පසුගිය කාලයේ වැසි ඇද හැළුනා. කුඩයක් ඉහළගෙනවත් යන්න අමාරු තරම් ලොකු වැහි පුංචි ඔයාලත් දකින්න ඇති. වැස්සත් එක්ක ම ඊ ළඟට එන ප‍්‍රශ්නය තමයි නොයෙක් ලෙඩ පැතිර යන එක. බලන්නකෝ, මේ වැහි කාලෙදි ඔයාලගේ පන්තිවල යාළුවෝ කී දෙනෙක් නම් අසනීප වුණා ද? උණ, හෙම්බිරිස්සාව, කැස්ස… සමහර විට ඔයත් ලෙඩ වෙන්න ඇති.

අසනීප හැදුණා ම අපිට අපේ වැඩ කටයුතු කර ගන්න අපහසු වෙනවා නේ ද? ගොඩක් වෙලාවට අම්මා හරි තාත්තා හරි අපි ළඟින් ම ඉඳගෙන උපකාර කරනවා. බෙහෙත් අරන් දෙනවා. කෑම ටික කවනවා. පිරිසිදු කරනවා.

නිදි වරාගෙන අපිව සනීප කර ගන්න මහන්සි වෙනවා. එ් තමයි අම්මගේ, තාත්තාගේ ආදරේ. එ් වගේ ම පුතේ අම්මා තාත්තා ගොඩාක් ආදරෙන් එ් සිදු කරන්නේ අපි කාටත් එක ම රැකවරණය, එක ම පිළිසරණ වුණ සම්බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමක්. මොකද සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘‘යමෙක් මට උපස්ථාන කරන්නේ ද හේ ගිලනුන්ට උපස්ථාන කරන්නේ ය.” කියලයි…

බලන්න, අපි කාටත් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න අදටත් අවස්ථාව තියෙනවා නේ ද? අසනීප වෙලා ඉන්නේ ඔයාලගේ අම්මා, තාත්තා, ආච්චි, සීයා, සහෝදර සහෝදරියෝ හෝ යහළුවෝ වෙන්න පුළුවනි. පුංචි ඔයාලට කරන්න පුළුවන් හැම උපකාරයක් ම එ් අය වෙනුවෙන් කරන්න. කරුණාවෙන් සුව දුක් අහලා බලන්න. යහළුවන්ට අතපසු වෙන පාඩම් වැඩවලට උදව් කරන්න. මේ හැම දෙයින් ම සම්බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් වෙලා ගොඩාක් පින් කර ගන්න ඔයාලට පුළුවනි.

මේ ආකාරයට පින් කර ගන්න හැටි අපට කියා දුන්න සම්බුදුරජාණන් වහන්සේ ලෙඩ නො වී ඉන්න, ආබාධ අඩුව ඉන්න කළ යුතු දේත් මහා කරුණාවෙන් ම පෙන්වා වදාළා. අන් අයට හිංසා නො කර ඉන්නවා නම්, දඬු මුගුරු අත් හැරලා ඉන්නවා නම් අන්න එ් අය මනුස්ස ලෝකයේ ඉපදෙනකොට අල්පාබාධ සහිත වනවා. එ් නිසා දුවේ පුතේ, මේ ජීවිතයේ රෝගාබාධවලට ගොදුරු වුණ අයට උපකාර කරලා පින් කර ගන්න අතරේ ම නැවත සුගති උපතක් ලබද්දි ආබාධ අඩු වන්නට විපාක ගෙන දෙන යහපත් පුරුදු ඇතිව ජීවත් වෙන්නත් සිහි තබා ගන්න.

තෙරුවන් සරණයි!

මහාමේඝ 2015 ඉල් කලාපය

WWW.MAHAMEGHA.LK

දෙමාපිය වැඳ පුදනු යහපති
පුංචි දුවේ/ පුතේ,

අම්මා, තාත්තා කියන්නේ මේ ලෝකේ අපිට තියෙන වටිනා ම සම්පතක්. අපි වෙනුවෙන් එ් අය මොන තරම් වෙහෙසෙනව ද? කැපවීම් කරනව ද? හොඳට හිතල බලන්න ඔයාලා උදේ ම නඟිටින කොට අම්මා නැඟිටල කෑම උයල හැම දේ ම කරල ඉවරයි. එ් වගේ ම පුංචි ඔයාලා රෑට නිදාගන්න යනකොටත් අම්මා වැඩ. ලෙඩක් දුකක් හැදුන ම අපි ළඟට ම වෙලා අපිව ආදරෙන් නිදි වරාගෙන බලාගන්නවා. එ් අම්මා වැරද්දකට පුංචි දඬුවමක් දුන්නම ඔයාලා අම්මා එක්ක තරහ වෙලා එයාලට බණින්න වුණත් සූදානම් වෙනවා. අන්න එ්ක නම් නරක පුරුද්දක්. අම්මාගේ කැපවීම මහන්සිය ආදරය තමයි ඔයාලව හොඳ මාර්ගයට යවන්න ගොඩාක් බලපාන්නේ.

එ් වගේ ම තාත්තා කොයි තරම් වෙහෙස වෙනව ද ඔයාලව පෝෂණය කරන්න. උදේ ම රැකියාවට ගිහින් මහන්සි වෙලා ගෙදරට අවශ්‍ය දේවල් අරගෙන තමයි තාත්තා ගෙදර එන්නේ. අම්මා වගේ ම ලෙඩක් දුකක් හැදුණ වෙලාවට තාත්තා ඔයා ගැන කොච්චර හොයල බලනව ද? එ්ත් තාත්තා වැරද්දකට දඬුවමක් දුන්නොත් ඔයාලා එයත් එක්ක තරහ වෙලා බැණලා කොච්චර දේ කියනව ද? එහෙම කරන එක වැරදියි නේ ද? ඔයාලා එ් විදිහට එ් අයට තරහ පෙන්නුවත් එ් අය ඔයාලත් එක්ක තරහ වෙන්නෙ නෑ නේ ද?

හොඳට කල්පනා කරල බලන්න. අපේ අම්මා තාත්තා මේ හැම දේ ම කරන්නේ අපිව හොඳ තැනකට ගේන්න නේ ද? කියලා. හොඳට ඉගෙන ගෙන හොඳ සිරිත් පුරුදු වෙලා එ් අය ආදරයෙන් බලා ගන්න ඔයාට පුළුවන් වුණොත් ඔයා සාර්ථක දරුවෙක් වෙනවා. බෝසත් දරුවෙක් වෙනවා. අද ඉඳන් අම්මා, තාත්තා ගැන වෙනදාට වඩා හිතල කටයුතු කරන්න පුරුදු වෙන්න. එ්ක පුංචි ඔබේ ජීවිතයට ආශීර්වාදයක් ම වේවි.

තෙරුවන් සරණයි!

ටනූෂා නැන්දා