පුංචි අපේ දහම් පාසල | Mahamegha Magazine

ලෝකයට අත දෙන්න.
පින්වත් දුවේ, පුතේ, අනුන්ගේ දුකේ දී තම හදවත කම්පා වීම කරුණාව යි.

කරුණාව හිතේ තියන කෙනා  අන් අය කෙරේ සංවේදී චරිතයක්. කරුණාවෙන් ලෝකයට සෙත සලසන්න මහන්සි වෙන කෙනාට අපි කියනවා ‘පරාර්ථකාමී කෙනා’ කියලා. පරාර්ථකාමියා ජීවිත පරිත්‍යාගයෙන් අනුන්ගේ යහපතට කැප වෙනවා. හැබැයි ඒකෙ තේරුම පින් පව් අමතක කරනවා කියන එක නෙමේ. එයා පවට ඉඩ නොදී මෙලොව පරලොව දෙකම රැකගෙන අනුන් වෙනුවෙන් සේවය කරනවා.

පින්වත් දරුවනේ, අපි වගේම අනිත් අයත් සැප, සතුට, දියුණුව, මිත්‍රත්වය, සෙනෙහස, ඉගෙනීමේ දියුණුව, දක්ෂතා ඇතිකර ගැනීම, ධනය උපයා ගැනීම ආදියට කැමතියි. ඒවා අහිමි වෙනවට අකමැතියි. ‘මං වගේමයි අනිත් අයත්’ කියල තේරුම් ගත්තොත් අපිටත් පුළුවන් අනිත් අයට සැප සලසන්න කළ යුතු දේ වටහා ගන්න.

පරාර්ථකාමී වෙන්න නම් ගොඩක් යහපත් ගුණධර්ම පුරුදු කරන්න ඕන. අපි ඉවසනවා නම්, තරහ හිතේ පිහිටුවා  ගන්නේ නැත්නම්, ඉක්මනට තරහ අමතක කරල හිතෛශීව ඉන්නව නම්, එකට එක කරන්නෙ නැත්නම්, ඉරිසියා කරන්නෙ නැත්නම්, ආඩම්බරකමින් ඉන්නෙ නැත්නම්, අනිත් අයව අභිබවා මුදුනා වෙන්න දඟලන්නෙ නැත්නම්, අනිත් අය අපි හිතන විදිහ නිසා සැප විඳිනවා.

අපි අනිත් අයව රවට්ටලා වංචා කරන්නෙ නැත්නම්, යාළුකම් බිඳවන කේළාම් කියන්නෙ නැත්නම්, හිත් පෑරෙන නපුරු වචන කියන්නෙ නැත්නම්, විහි`ඵ තහ`ඵ ඕපදූප කිය කියා කාලෙ කන්නෙ නැත්නම්, අනිත් අයගේ අධ්‍යාපනයට, රැකී රක්ෂාවලට, ගුණධර්ම දියුණු වෙන්න, ධර්ම මාර්ගයට උදව් වෙන වටිනා දේවල් – පින් රැස්වෙන දේවල් කියනවා  නම්, අපේ වචනය නිසා අන් අය සැප විඳිනවා.

අපි කිසිම පණ ඇති සත්වයෙකුට හිංසා පීඩා කරන්නෙ නැත්නම්, ගහන්නෙ රිද්දන්නෙ කොනිත්තන්නෙ නැත්නම්, අනිත් අයගෙ පුංචි දෙයක්වත් හොරෙන් ගන්නෙ නැත්නම්, තමනුත් පිරිසිදු චරිතයක් ඇති ව හිඳිමින් අන් අයගේ චරිත කැළැල් කරන්නෙත් නැත්නම්, අනිත් අයගේ යහපත – සැපත වෙනුවෙන් කළ හැකි උපකාර – සේවාවන් කරනවා  නම්, අප නිසාත් ලෝකයා සැප විඳිනවා. පරාර්ථකාමී කෙනා ඕනෑම යහපතක් කරද්දී තමාගේ කාලය, ධනය, ශ්‍රමය, අවශ්‍යතා, ආශාවල් නොමසුරුව කැප කරලා ඒ යහපත ඉටු කරනවා. හරියට ‘මඝ’ තරුණයා වගේ.

දවසක් මඝ කියන තරුණයා තමාට ගෙයක් හදන්න ඉඩමක් සුද්ද කරල ඉවර වුණා විතරයි ගමේ මනුස්සයෙක් ඇවිත් ඒ ඉඩම ඉල්ලුවා. හරි පුදුමයි. මඝ තරහ ගත්තෙ නෑ. හරිම හිතවත්කමින් එයාට ඒ ඉඩම දීලා වෙන තැනකට ගියා. එතන සුද්ද කරද්දි තව මනුස්සයෙක් එතන ඉල්ලුවා. අපිට නම් දෙවෙනි තුන්වෙනි වතාවෙ හරි තරහ යනවමයිනෙ. ඒත් මඝට තරහ ගියේ නෑ. එයා සුද්ද කරන සුද්ද කරන ඉඩම ඉල්ලන ඉල්ලන කෙනාට දුන්නා. අන්තිමට එයාගෙ මේ පරාර්ථකාමී පරිත්‍යාගය නිසා ගමම එයාගෙ යාළුවො වුණා.

ඊට පස්සෙ එයා තවත් අනිත් අයගෙ යහපත කල්පනා කරලා යාළුවන්ව පංච ශීලයේත්, උතුම් ගුණධර්මවලත් සමාදන් කෙරෙව්වා. ඉන්පස්සෙ හැමෝම එකතු කරගෙන මංමාවත්, ළිං, පොකුණු, පාලම්, පළතුරු උයන්, ඔසු උයන් ආදී පොදු පහසුකම් හැදුවා. එතකොට මුලදි එයාට තමාගෙ කාලයෙන් මාස ගාණක් නිකං ගෙවිල ගියා. තමාගෙ ගෙදර හැදුවෙ අන්තිමට. මුලදි තර්ජන ගර්ජන ප්‍රශ්න ඉවසන්න වුණා. ඒත් එයා ඒකෙන් කොච්චර යහපත් ප්‍රතිඵල ලැබුව ද?

අන්තිමට රජතුමා ඔහුව ගම් ප්‍රධානියා කළා. එයා නිසා අනිත් අයගේ ජීවිතත් දියුණු වුණා. සැපවත් වුණා. අන්තිමට හැමෝම දෙව්ලොව උපන්නා. මඝ කුමාරයා තමයි දෙව්ලොවට අධිපති ව දැන් ඉන්න සක් දෙවිඳු වෙලා උපන්නෙ.

ඒ නිසා දුවේ, පුතේ, ‘මගේ වැඩේමයි ඉස්සෙල්ලා කරන්න ඕන.. මගේ එක තමා ලස්සනටම තියෙන්න ඕන.. මං තමා ඉහළින්ම ඉන්න ඕන’ කියල හිතන පටු සිතිවිලි අත්හරින්න. අනිත් අයගේ සැපය වෙනුවෙන් තමන්ගෙ කාලය, ශ්‍රමය, ආශාවල් කැප කරලා ධාර්මික උපකාර පමණක් දෙහිතක් නැතුව කරන්න.

අපේ භාග්‍යවතුන් වහන්සේ තමයි ලෝකෙ හිටපු උත්තම පරම පරාර්ථකාමී සත්පුරුෂ මහෝත්තම වහන්සේ. සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට අනන්ත දුක් විඳිමින් පාරමී පිරුවෙ, තමන් වඩාත් ආදරය කරපු රාහුල පුතුත්, යසෝදරාවත් අත් හැරියෙ, සසරෙ ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නෙ සම්බුදු බව ලබාගෙන අපව සසරින් එතෙර කරවන්නයි. එබඳු ශාස්තෘන් වහන්සේනමකගේ ශ්‍රාවක දරුවන් විදිහට ඔයාලටත් පරාර්ථකාමී අහිංසක හිතක් ඇති කර ගන්න වාසනාව ලැබේවා..!

නමෝ බුද්ධාය!

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි.

මේ ලෝකෙ වාසනාවන්ත ම දරුවන් වෙන්න ඔයාලත් කැමතිද ?
අනේ එයා හරි වාසනාවන්තයි, එයාට මෙහෙම මෙහෙම දේවල් පුළුවන්, එයා මෙහෙම කෙනෙක්” කියලා වාසනාවන්තයෝ ගැන කතා වෙනවා පුංචි දුවලා පුතාලා අහලා ඇති. කෙනෙක්ට ලස්සන රූපයක්, ලස්සන හඬක් තියෙනවා නම්, ගොඩක් දක්ෂතා හැකියා තියෙනවා නම්, ඉගෙනගන්න දක්ෂයි නම්, අනිත් අය ගොඩක් කැමතියි නම්, හැමදේම හොඳට ලැබෙනවා නම් ඔයාලත් කියනවා ඇති “එයා හරි වාසනාවන්තයි” කියලා.

දුවේ පුතේ, ඒ දේවල් ලැබෙන්නෙත් පිනෙන් තමයි. නමුත් මේ අපූරු විස්තරය බලන්නකෝ. එතකොට පුංචි ඔයාලට ම දැනගන්න පුළුවන් කවුද මේ ලෝකෙ හැබෑම වාසනාවන්තයෝ කියලා.

ඉතිං දුවේ පුතේ, ඔයාලා දන්නවනෙ කැලේ ඉන්න සත්තුන්ගෙ රජා සිංහයා කියලා. ඊළඟට මේ මනුස්ස ලෝකෙ එක එක රටවල නායකයෝ ඉන්නවා. අපේ රටෙත් ඉස්සර කාලෙ ඉඳලම ගොඩක් රජවරු හිටියා. දැන් කාලෙ නම් ජනාධිපති කියනවා. ඒ වගේම මුල්ම දිව්‍ය ලෝක දෙකේ ඉන්න දෙවිවරුන්ගේ රජතුමා තමයි සක්දෙවිඳු. අනෙක් දිව්‍ය ලෝකවලත්, බ්‍රහ්ම ලෝකවලත් දිව්‍ය රාජවරු, බ්‍රහ්මරාජවරු ඉන්නවා. ඉතිං ඔය ඔක්කොම රජවරු නම් තමයි. ඒත්… ඔය හැම දෙනා ළඟ ම හොඳ දේවලුත් තියෙනවා. තිරිසනුන් අතර, මිනිස්සු අතර රජවරුන්ගේ ගොඩක් අඩුපාඩුත් තියෙනවා. නරක දේවලුත් තියෙනවා. කෙලෙසුත් තියෙනවා.

නමුත් දුවේ පුතේ, හරිම ආශ්චර්යයි, මේ මනුස්ස ලෝකෙම කාලයකට පස්සෙ පුදුම සහගත කෙනෙක් පහළ වෙනවා. ඒ උතුම් කෙනා ළඟ නම් නරක කියලා දෙයක්, වැරැද්දක්, අඩුපාඩුවක් ඇත්තෙම නෑ.

මේ ලෝකෙ අයහපත් කියලා සම්මත හැම දෙයක්ම නැති කරලා යහපත්, උතුම් කියලා කියන හැම දේකින් ම සර්ව සම්පූර්ණ වෙනවා. ඉතිං ඒක ගොඩාක් ආශ්චර්යයි, අද්භූතයි නේද? ඒ වගේ උදාර කෙනෙක් ගැන අහන්න ලැබීම පවා වාසනාවක්. අන්න ඒ උතුම් මනුෂ්‍ය රත්නය අපි කලින් කියපු සත්තුන්ට, මිනිසුන්ට, දෙවියන්ට, බ්‍රහ්මයින්ට ඒ කියන්නෙ සියලුම සත්වයින්ට නායක වෙනවා. රජු වෙනවා. අග්‍ර ම කෙනා බවට පත්වෙනවා.

තව දෙයක් තමයි දුවේ පුතේ, මේ ලෝකෙ රූපයෙන්, ගුණයෙන්, බලයෙන්, හැකියාවලින්, වත්පොහොසත්කමින් සමහරු සමානයි. නමුත් මේ උතුම් කෙනා නම් කිසිම විදිහකින් මේ ලෝකෙ කාටවත් ම සමාන වෙන්නෙ නෑ.ම.යි. හැකියාව තියෙන කෙනෙක් මේ ලෝකෙ ගුණයෙන් නුවණින් අග්‍ර ම කෙනා හොයාගෙන ගියොත් එයාට මුණගැහෙන්නේ මේ උතුම් මනුෂ්‍ය රත්නය විතර ම යි.

ඉතිං මෙච්චර අගය කරමින්, වටිනා විදිහට අපි මේ කියන්නෙ කවුරු ගැන…ද? දුවේ පුතේ, අපි නොදැනගෙන වුණත් පුංචි කාලෙ ඉඳලා බුද්ධං සරණං ගච්ඡාමි…! කියලා සරණ ගිය, මේ තුන් ලෝකයට ම අග්‍ර වූ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැනයි. හරියට මහා ගිනි ජාලා මැදින් ලස්සන ම ලස්සන නෙළුමක් පිපිලා හාත්පස සුවඳ විහිදුවනවා වගෙයි, අකුසල්වලින් පීඩිත වෙලා ඉන්න මිනිස්සු අතරේ ගුණ සුවඳ විහිදුවමින් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ.

ඉතිං දුවේ පුතේ, අපේ බුදුරජාණන් වහන්සේට ඒ විදිහට යහපත් හැම දේකින් ම සම්පූර්ණ වෙන්න ලැබුණෙ නිකම් ම නෙවෙයි. උන්වහන්සේ බෝසතාණන් වහන්සේ විදිහට එක එක ජීවිතවල ඉපදි ඉපදි එද්දි ගොඩාක් පින් රැස් කළා. තමන් සතු හැම දෙයක් ම අනිත් අයට දන් දුන්නා. හොඳට සිල් රැක්කා. හොඳ ඉලක්කයක් ඇතිව ඒ වෙනුවෙන් වීර්යය කළා. හොඳට නුවණ දියුණු කර ගත්තා. අරුම පුදුම විදිහට ඉවසීම පුරුදු කළා. කිසිමදාක බොරු කීවෙ නෑ. සත්‍යය ම පුරුදු කළා. අනිත් අය එක්ක එක වගේ මිත්‍ර බවින් හිටියා. හැම දෙයක් ම හොඳ විදිහට ලැබෙද්දි ආඩම්බර වෙන්නැතිව, දුක් පීඩා ලැබෙද්දි කඩා වැටෙන්නැතිව ඒ හැමදේම එක වගේ දරාගත්තා. ඉතිං මේ වගේ තව ගොඩාක් ගුණදහම් පුරුදු කරලා තමයි ඒ ගුණවලින් පරිපූර්ණ වෙලා සම්බුද්ධත්වයට පත් වුණේ.

ඉතිං දුවේ පුතේ, අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි දෙව් මිනිසුන්ට හැම දෙයක් ම කියලා දෙන්නෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උතුම් ධර්මයෙන් විතර ම යි අපි හැමෝට ම යහපත සැලසෙන්නෙ. උන්වහන්සේ කියාදෙන උතුම් දේවල් පුරුදු කළාම ඒ කෙනාට යහපතක් මිස කිසිදාක අයහපතක් වෙන්නෙ නෑ ම යි. ඒ සම්බුදුරජුන් සිහි කළ පමණින් පවා යහපත ම සිද්ධ වෙනවා.

නමුත් දුවේ පුතේ, අවාසනාව කියන්නෙ, අපේ බුදුරජාණන් වහන්සේ ගැන මේ ලෝකෙ හැමෝට ම අහන්න ලැබිලා නෑ. මහ පොළොවෙන් නියපොත්තට පස් ටිකක් ගත්තාම අන්න ඒ වගේ චූටි ප්‍රමාණයකට තමයි බුදුරජාණන් වහන්සේ ගැන අහන්නවත් ලැබිලා තියෙන්නෙ. මහ පොළොවේ පස් වගේ විශාල මිනිස්සු ප්‍රමාණයක් අවාසනාවන්තයින් හැටියටයි මේ ලෝකෙ අත්හැරලා මැරිලා යන්නේ.

නමුත් දුවේ පුතේ, අපිට ඒ වාසනාව ලැබුණා. ඒ නිසා හැමදාම සසරේ නොලැබෙන මේ උතුම් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන තව තවත් ඉගෙනගෙන, හිත පහදවාගෙන මුළු හදවතින් ම සරණ යන්න. සරණ යනවා කියන්නෙ දුවේ පුතේ, වචනයකින් විතරක් කියන දෙයක් නෙවෙයි. ජීවිතයේ හැම මොහොතෙම බුදුරජාණන් වහන්සේ සිහි කරමින්, ‘මට පිහිට බුදුරජාණන් වහන්සේ විතරයි’ කියලා උතුම් පැහැදීමෙන් ම බුදුරජාණන් වහන්සේ ‘කරන්න’ කියලා වදාළ දේ කරමින් ‘කරන්න එපා’ කියලා වදාළ දේවල් අත්හරිමින් බුදුරජුන් පිහිටට ගැනීම යි. ඒ දරුවන්ට නම් කිසිදාක අයහපතක් වෙන්නෙ නෑ ම යි. සියලු ම යහපත සැලසෙනවා. ඉතිං සැබෑම වාසනාවන්තයා කියන්නෙ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනාට ම යි. මොකද එහෙම කියන්නෙ? එයාට තමයි මේ ජීවිතයේ උදාර වූ දේවල් ලැබෙන්නෙ. පරලොව යහපත් වෙන්නෙත් එයාගෙ ම යි. අප්‍රමාණ දුක් විඳින සසර ගමනින් නිදහස් වෙන්න ලැබෙන්නෙත් එයාට විතර ම යි.

ඉතිං ඒ නිසා දුවේ පුතේ, අපට සියලු ම උතුම් දායාද ලබාදුන්න සම්බුදුරජාණන් වහන්සේ ගැන තව තවත් ඉගෙනගෙන හිත පහදවාගෙන සරණ යන්න පුංචි ඔයාලටත් වාසනාව උදා වේවා…! මේ ලෝකෙ සැබෑම වාසනාවන්ත දරුවන් බවට පත් වෙන්න ඔයාල හැමෝට ම වාසනාව උදා වේවා…!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.

දහමින් පිහිට ලබමු !
පින්වත් දුවේ පුතේ,

අද මම ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ ලස්සන කතාවක්. ඒ තමයි ඔයගොල්ලො වගේම අවුරුදු හතක පුංචි පුතෙක් ගැන. හැබැයි මේ චූටි පුතා ඔයාලා වගේ නෙවෙයි. මෙයාගෙ අත් දෙකයි කකුල් දෙකයි හරිම කැතයි. විරූපියි. ඉන්න හිටින්න හරිහමන් ගෙදරක් නෑ. වැස්සට තෙමෙනවා. අව්වට පිච්චෙනවා. කන්න දෙයක් නෑ. පාරේ විසි කරපු දෙයක් තමයි කෑමට ගන්නේ. පව් නේද දරුවනේ මේ පුංචි බබා? ඔයාලා දැකලා තියනවා නේද මේ වගේ අය පාරවල් අයිනේ ඉන්නවා?

ඉතින් ඒ වගේම කෙනෙක් ගැනයි අද ඔයාලට කියලා දෙන්නේ. මෙයා හිටියේ සැවැත්නුවර. දවසක් මෙයා සිටු මැදුරක් ළඟින් යනකොට එකපාරට ම මෙයාගේ කලින් ජීවිතය මතක් වුණා. ඒ තමයි මෙයා කලින් හිටපු සිටු මැදුර. මෙයාට මතක් වුණා ‘අනේ මං සිටුවරයෙක් වෙලානේ හිටියේ’ කියලා. අඬන්න පටන් ගත්තා. සිටු මැදුර ඇතුළට ගියා. මෙයාගේ කලින් ජීවිතේ බිරිඳ, දරුවෝ, මුණුපුරෝ ඔක්කොම ඉන්නවා. හැබැයි ඒ කාටවත් මෙයාව අඳුනගන්න බැරි වුණා. ඉතින් ඒ අය මෙයාට බැණලා, කස පහරවල් දීලා, එළියට ඇදලා දැම්මා. ලේ එනකම්ම පොලුවලිනුත් හොඳට ම තැලුවා.

ඔයාලා වගේ පුංචි අයට බුදුරජාණන් වහන්සේ හරිම ආදරෙයි කියලා ඔයාලා දන්නවනේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ අහිංසක දරුවාව. උන්වහන්සේ මේ දරුවාගේ කලින් ජීවිතයේ පුතා වෙලා හිටිය ආනන්ද සිටුවරයාට කිව්වා “මේ දරුවාට තලන්න හිරිහැර කරන්න එපා. මේ ඉන්නේ ඔයාගේ පියා කියලා.” ඒත් ඒ ආනන්ද සිටුවරයා භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ පිළිගත්තේ නෑ. බුදුරජාණන් වහන්සේට ඕනෑම කෙනෙකුගේ කලින් ජීවිත පේනවනේ. උන්වහන්සේ ඒ දරුවාගේ හිස අතගාලා කිව්වා “වත්ත කෙළවරේ ලොකු පෙට්ටියක වස්තුව නිදන් කළා නේද? ඒක පෙන්වන්න.” කියා වදාළා. ගොඩක් අය පිළිගත්තේ නෑ මේ මූලසිරි සිටුතුමා කියලා.

ඉතින් ඒ දරුවා පෙන්නපු තැන අනුව නිධානය ගොඩ ගත්තා. සමහර අම්මලා, තාත්තලා, අයියලා, අක්කලාට සිහි නැතුව වැටුණා, අනේ මේ වගේ සසරක ද අපි යන්නෙ කියලා. සමහරුන්ට දාඩියත් දැම්මා. පුතේ දුවේ, ගොඩක් අයට බය ඇති වුණා, ගෙවාගෙන ආපු සසර ගමන ගැන. ඔයාලත් බයයි නේද සංසාරේ යන්න?

භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා, මෙයා කලින් ජීවිතේ පින් කළේ නෑ. පව්වල විපාක පිළිගත්තේ නෑ. දෙමව්පියන්ට සැලකුවේ නෑ. නැති බැරි අයට උදව් කළේ නෑ. ස්වාමීන් වහන්සේලාට ගෞරව කළේ නෑ. ඒ නිසයි මෙයා හිඟන්නෙක් වෙලා ඉපදුණේ කියලා. ඉතින් ඔයාලා කැමති ද ඒ වගේ අසරණ ජීවිතයක් ලබන්න? නෑ නේද දරුවනේ?

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ දරුවා ළඟ තියාගෙන හැමෝටම ඇහෙන්න ලස්සන ගාථාවක් කිව්වා. ඔන්න ඔයාලත් දැන් දෑත් නළලේ තියාගෙන හඬ නගලා කියන්න ඕනේ..

“පුත්තා මත්ථි ධනම්මත්ථි

– ඉති බාලෝ විහඤ්ඤති

අත්තාහි අත්තනෝ නත්ථී

– කුතෝ පුත්තා කුතෝ ධනං”

ලස්සන හැඩරුව ඇති හොඳ

– දරුවන් මට ඉන්නවා

මහන්සියෙන් හම්බ කරපු

– ධනයත් මට තියෙනවා

කියමින් අනුවණ කෙනා

– ඒ මත්තෙම නැහෙනවා

තමාවවත් තමාට නැති

– බව ඒ අය දන්නෙ නැහැ

එනිසා තමහට පිහිටට

– දරුවන් කොහොම ද ලැබෙන්නේ ධනයත් කොහොමද ලැබෙන්නේ

මෙයා කලින් ජීවිතයේ ධනය ගැනයි, දරුවෝ ගැනයි විතරක් ම හිත හිතා හිටියා. ඒ විදිහට තමයි බාලයා හිතන්නේ. ඔයාලත් බාලයෝ නම් ඇසුරු කරන්න එපා. දැන් මෙයාට පිළිසරණක් නෑ. දරුවෝ ගැන, ධනය ගැන විතරක් හිත හිතා ඉන්නෙ නැතිව පින් දහම් කරගෙන තමන්ගේ ජීවිතයට ධර්මයෙන් පිළිසරණක් හදාගන්න ඕනෙ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

ඔන්න දරුවනේ, ඔයාලත් මේ කතාව යාළුවන්ට කියන්න ඕනේ. නැන්දලා මාමලාට කියන්න ඕනේ. ගුරුවරුන්ටත් කියන්න ඕනේ. ලස්සන චිත්‍රයකුත් අඳින්න අමතක කරන්න එපා. එහෙනම් පුංචි ඔයාලාට තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

ආරාධ්‍යා චූටි දූගේ කතාව
පින්වත් දරුවනේ, ඔයාලගේ ළමා කාලය හරිම සුන්දරයි. ඔයාලට වගේ ම අපටත් ලස්සන ළමා කාලයක් තිබුණා. ඉතින් අපිත් එක්ක හිටිය සමහර යාළුවෝ අද හොඳ සතුටින්, ලොකු රස්සාවල් කරගෙන, ලස්සන ගෙයක් හදාගෙන, හොඳ වාහනයකුත් අරගෙන ලස්සනට ජීවත් වෙනවා. තවත් බොහෝ යාළුවෝ ඉන්නවා හුඟක් දුකින්, අසරණ වෙලා. එයාලට ඉන්න හිටින්න ගෙයක් නෑ.

ඒකට හේතුව ඒ අය පොඩි කාලයේ ගුණධර්ම පුරුදු කරගෙන නෑ. තෙරුවන් සරණ ගිහින් නෑ. ඔයාලා කැමති ලොකු වෙනකොට සතුටින් පිරුණු ලෝකයක් දකින්න නේද? මම අද ඔයාලට, ඔයාලා වගේ ම පුංචි දරුවෙකුගේ විස්තරයක් කියලා දෙන්නම්.

මේ දුවගේ නම ආරාධ්‍යා. එයා හරිම හොඳ කෙනෙක්. හැමදාම ගෙදරින් එළියට යනකොට ආරාධ්‍යා අම්මටයි, තාත්තටයි වඳිනවා. ඒ ගාථා දෙක ආරාධ්‍යාට හොඳට මතකයි.

“වුද්ධිකාරෝ ආලිංගිත්වා

– චුම්බිත්වා පියපුත්තකං

රාජමජ්ඣං සුපතිට්ඨං

– පීතුපාදං නමාමහං”

“මා ආදරයෙන් සිප වැළඳ පෝෂණය කර රජුන් මැද වුව ද මනාව සිටීමට කටයුතු කළ පියතුමන්ගේ පාද මම වඳිමි.”

“දසමාසේ උරේ කත්වා

– පෝසේසි වුද්ධිකාරණං

ආයු දීඝං වස්සසතං

– මාතුපාදං නමාමහං”

“දසමාසයක් කුසෙහි දරා මා පෝෂණය කළ මවගේ පා මම වඳිමි. අවුරුදු සියයක් ආයුෂ වැඩි වේවා.”

ඒ වගේ ම ආරාධ්‍යා, අම්මයි තාත්තයි දැක්කම වාඩි වෙලා ඉන්න පුටුවෙන් නැගිටලා ගෞරව දක්වනවා. අම්මටයි තාත්තටයි ලස්සන කෝප්පයකුයි, පිඟානකුයි වෙන් කරලා අම්මයි තාත්තයි කෑම බෙදා ගත්තට පස්සේ තමයි එයා කෑම බෙදා ගන්නේ. බලන්න මේ චූටි දුව කොච්චර හොඳ දරුවෙක් ද කියලා. මෙච්චර හොඳට ආරාධ්‍යා එයාගේ අම්මටයි තාත්තටයි සලකන්නේ, පින්වත් ස්වාමීන් වහන්සේනමක් කියලා දීපු ලස්සන කතාවක් අහලා…

ඒ තමයි, අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ තමන්ගේ අම්මත් සමඟ නැවක යන කොට නැව විශාල කුණාටුවකට හසු වුණා. බෝසත් පුතත්, අම්මත් හැර අනෙක් සියලුම දෙනා මැරුණා. තමන්ගේ අම්මට කෙළෙහිගුණ දැක්වීම පිණිස, තම ජීවිතය පූජා කොට ඒ බෝසත් පුතා අම්මාව තමන්ගේ කරේ තියාගෙන දවස් හතක් මුහුදේ පිහිනුවා. ඉතින් සක්දෙවිඳු දැක්කා මහා පින්වන්ත දරුවෙක් අම්මට ජීවිත දානය දෙනවා. සක්දෙවිඳු ඉක්මනින් ගොඩ බිමක් ළං කළා. සක්දෙවිඳු මේ පුතාට කියනවා, “පින්වන්ත පුතේ ඔබ හරි ගුණවන්ත කෙනෙක්. ඔබ අම්මට ගරු කරන කෙනෙක්. ඒ නිසා පුතේ ඔබට අනාගතයේ සුදුසු දෙයක් තියනවා. ඒ තමයි ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය.” ඉතින් දුවේ පුතේ, අම්මත් තම පුතාගේ හිසට අත තියලා විවරණ ලබා දුන්නා “මගේ පුතා බුද්ධත්වයට පත් වේවා” කියලා.

ඒ කතාව ආරාධ්‍යා ඇහුව දවසෙ ඉඳලා එයා අම්මටයි, තාත්තටයි හරී ආදරෙන් ගෞරව දක්වනවා. ඔයාලත් එහෙම නේද?

ඒ වගේම පුංචි ආරාධ්‍යා ලස්සන සින්දුවක් කටපාඩම් කරගෙන ලස්සනට කියනවා. ඔන්න දරුවනේ ඔයාලත් ඒක කටපාඩම් කරගෙන ලස්සනට කියන්න ඕනේ..

මිතුරනි අප හැම එක් වී සතුටින්..

දැන ගමු බුදු සමිඳුන්ගේ ගුණ කඳ..

බැතිබර සිතින් – නිහතමානී දරුවන් ලෙසින්..

උගනිමු ඒ සිරි සදහම් නුවණින් – නොවී පමා සරණ යමින්…

ඒ සිරි සදහම් වඳිනෙමු සඟ රුවන ද

බැතියෙන්…

බුද්ධං සරණං ගච්ඡාමී…

ධම්මං සරණං ගච්ඡාමි…

සංඝං සරණං ගච්ඡාමී…

එදවස වැඩහුන් මහ සඟ රුවන ද සිහියට නගාලමින්..

ජය ගමු පිනකින් ලද මිනිසත්කම..

වඩා ගුණධර්ම – නගා බුදුදහම..

පුංචි අපේ සිත් සතන් තුළින්…//

බුද්ධං සරණං ගච්ඡාමි…

මාපිය ගුරුවරු නමදිමු බැතියෙන්..

කීකරු දරුවන් සේ..

සිල්පද සුරකිමු පණ මෙන් නිතියෙන්..

කුසලය ගැන සිතමින්..//

බුද්ධං සරණං ගච්ඡාමි…

සියලු සතුන් හට මෙත් පතුරාලමු..

සමාධි සුවයක අරුත සොයා යමු..

හෙළ බස ලියනට කියනට හුරු වෙමු..

අමා දහම දැන ගනු රිසියෙන්..

බුද්ධං සරණං ගච්ඡාමි…

අපි වෙමු බුදු සමිඳුන්ගේ..

සරණ යමින් වසනා දරු දැරියන්..

පින් සිදු වේවා..//

ගුරු දෙවිඳුන් හට නමස්කාර වේවා..//

ඉතින් දරුවනේ, ඔයාලටත් මේ ආරාධ්‍යා වගේම ලස්සන හිතක් තියෙන, දෙමව්පියන්ට සලකන, තෙරුවන් සරණ ගිය, ගුණධර්ම දියුණු කරන හොඳ ළමයින් බවට පත් වීමේ උතුම් වාසනාව උදා වේවා…!

තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

ලද පමණින් සතුටු වෙමු.
පින්වත් දුවේ පුතේ,

සමාජයේ බොහෝ දෙනෙක් ‘තමන්ට ලැබුණු දෙයක් ඇති’ කියල සෑහීමකට, සැනසීමකට පත්වෙනවා දකින්නට ලැබෙන්නෙ කලාතුරකින්. ඒ විදිහට තමන්ට ලැබුණ දෙයකින් සෑහීමකට පත් නොවී තව තවත් ලබන්න තියෙන ආශාව තෘෂ්ණාව කියලත් හඳුන්වනවා. අපට කවදාවත් බලාපොරොත්තු වන දේම ලැබෙන්නෙ නෑ. යමක් ලැබුණත් හිතූ හැටියට ඒවා ලැබෙන්නෙත් නෑ. ඒ නිසා ලැබෙන තරමින් සතුටු වීම ගුණයක් වගේම නුවණැතිකමක්. ලද දෙයින් සතුටු වුණොත් තමන්ටවත්, අනුන්ටවත් කරදරයක් වෙන්නේ නෑ. ලැබුණු දේ මදි වී නොයෙකුත් ලෙස වෙහෙසෙන අය බොහෝ දුකට පත්වෙනවා අපි දැකල තියෙනවා. ඒ වගේම ‘ලැබුණ දේ ඇති’ කියල සිතමින් නිකම් නිකරුණේ අලස ලෙස සිටීමත් පිරිහීමට නැතිනම් දුප්පත් වීමට හේතුවක් වෙනවා. තමන් වෙහෙස වෙලා උපයා ගත් දෙයින් සතුටට පත් වීමත් හොඳ ගුණයක්. සමහර වෙලාවට අපට මව්පියන්ගෙන් හෝ වෙනත් කාගෙන් හරි දෙයක් ලැබුණම ඒ ප්‍රමාණය මදියි කියල හිතල ඒ අය සමග අමනාප වීම, සෑහීමකට පත් නොවීම මෝඩකමක්.

ගොවියෙකුට එක්වරකදී වී මලු දහයක් තම කුඹුරෙන් ලැබිලා, ඊළඟ යලේදී වී මලු පහක් ලැබුණොත් ඒ ගැන ශෝක නොවී ලැබුණ ටික ඇතැයි කියලා ලද දෙයින් සතුටු වෙනවා නම් ඔහු නුවණැති ගොවියෙක්. හැබැයි පස්සේ ඔහු හොයල බලන්න ඔනේ එහෙම වුනේ ඇයි කියල. තමන්ගේ යම් අඩුපාඩුවක් නිසා නම් එහෙම වුනේ ඒක හදා ගැනීමත් නුවණැතිකමක්. ඉතින් දරුවනේ මේ ගුණය නුවණැතියන්ට ම උරුම දෙයක්. ඒ වගේ උත්සාහවන්තව කටයුතු කරමින් දියුණුවට මග සෙවීමත් ඒ වගේම නුවණැති අයගේ උතුම් ගුණයක්. අපගේ භාග්‍යවතුන් වහන්සේත් සන්තුට්ඨිතාවය නම් ගුණය ගැන බොහෝ දේශනාවල ප්‍රශංසාත්මකව වදාරා තිබෙනවා.

කරණීයමෙත්ත සූත්‍රයේත් ලද දෙයින් සතුටු වීමේ ගුණය ගැන සඳහන් වෙනවා. නිවන් පතන සැදැහැතියන් විසින් වැඩිය යුතු උතුම් ගුණයක් ලෙස දැක්වෙනවා. ඉතින් දුවල පුතාලට මේ ගැන තවත් පැහැදිලි කර ගන්නට මේ කථාවත් උදව් වේවි.

බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජතුමා රජ කරන කාලයේ අපේ බෝධිසත්වයන් වහන්සේ බමුණු කුලයක ඉපදුණා. මේ බමුණාට දූවරු හතර දෙනෙක් සිටියා. මේ සුන්දර දූවරුන්ට බමුණා බොහොම ආදරය කළා. ඔවුන් හරිම සතුටින් සිටියා. කාලයක් ගතවුණා. හදිසියේ ම වාගේ බමුණා මියගියා.

දැන් බැමිණියට හරිම ප්‍රශ්නයක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. හරියට ආදායමක් නැති නිසා පවුල ම අසරණ වුණා. ඔන්න ඔය අතරෙ අර මියගිය බමුණා රන්වන් හංසයෙක් වෙලා ඉපදුණා. මේ හංසයාගෙ පිහාටු ඔක්කොම රත්තරන් පාටයි. ඔන්න එක දවසක් හංසයා බැමිණියගෙ නිවස උඩින් පියඹලා යන්න ආවා. එතකොට මේ හංසයාට පෙනුණා බැමිණියත්, දූවරුනුත් අසරණව දුප්පත්ව ඉන්න හැටි. හංසයාට බොහොම දුකක් ඇති වුණා. ඉක්මනට පහළට ඇවිත් රන්වන් පිහාටුවක් නිවසෙ මිදුලට දැම්මා.

ඒ රන්වන් පිහාටුව දැකලා බැමිණියට ලොකු සතුටක් දැනුණා. ඇය ඒ පිහාටුව විකුණුවා. ඒ සල්ලිවලින් සති ගණනක් ජීවත් වුණා. ඔන්න ඉතින් තවත් දවසක ඒ රන්වන් හංසයා ඒ නිවසෙ මිදුලට ඇවිත් තවත් රන්වන් පිහාටුවක් දැම්මා. මේ විදියට හැමදාම රන්වන් පිහාටු මේ බැමිණියට ලැබෙන නිසා ඒගොල්ලන්ට අගහිඟකමක් දැනුණේ නැහැ. ‘මෙහෙම පිහාටු එක දෙක දාල යනවට වඩා නරක ද එකපාරට ඔක්කොම ගලවගත්තා නම්. එහෙම නම් මේ ගමේ ලොකුම පොහොසතා වෙන්න පුළුවන්.’ කියලා බැමිණියට හිතුණා.

දවසක් එහෙම හිතලා බැමිණිය රන්වන් හංසයාට කෑම දමලා අල්ලගත්තා. ඊටපස්සෙ රන්වන් හංසයාගේ ඔක්කොම පිහාටු ටික එයා කෑගහද්දිම ගලවා ගත්තා. ඒත් ටික වෙලාවක් යනකොට ඒ රත්තරන් පාටට තිබිච්ච පිහාටු ඔක්කොම සුදු පාට වුණා. හංසයා නැවත කවදාවත් නොඑන්න හිතාගෙන වනයට ගියා.

පේනවා නේද දරුවනේ වැඩි තණ්හාව නිසා තිබුණ දේත් නැති වුණ හැටි? ඒක නිසා ඔයාලත් ලැබෙන දෙයින් සතුටු වෙන්න හිතට ගන්න.

තෙරුවන් සරණයි!!!

මානෙල් නැන්දා.

ලෝකේ තියෙන ලස්සන දෙයක් තමයි මිත්‍ර ධර්මය
පින්වත් දුවේ පුතේ, මේ ලෝකේ තියෙන ලස්සන දෙයක් තමයි මිත්‍රධර්මය කියලා කියන්නේ. යම් කෙනෙක් ඒ මිත්‍රධර්මය රකිනවා නම් එයාට තමයි මිත්‍රයා කියලා කියන්නේ. ඇත්තටම මොකක්ද මේ මිත්‍රධර්මය? මිත්‍රධර්මය තමයි දුවේ පුතේ, තමන්ගේ මිතුරන්ට කරදර විපත් ඇති වූ විට වීර්යයෙන් ධෛර්යයෙන් යුක්තව ඒ දුකින් බේරාගෙන සැපයට පමුණුවා සුවපත් කිරීම. මිත්‍රයාගේ යහපත වෙනුවෙන් අප සතු වගකීම නිසි අයුරින් ඉටු කිරීම.

අපි ජීවත්වෙන ලෝකයේ මිත්‍රයින් දෙපිරිසක් අපිට මුණගැසෙනවා.ඒ තමයි පාපමිත්‍රයා සහ කල්‍යාණමිත්‍රයා. පාපමිත්‍ර ආශ්‍රය නිසා කවදාවත් අපේ ජීවිතයට යහපතක් සිදු වෙන්නේ නෑ. පාපමිත්‍ර ආශ්‍රය නිසා අපේ ජීවිතයට බොහෝ දුක් පීඩා ඇතිවෙනවා. කරදරවලට මුහුණ දෙන්න සිදු වෙනවා. හැබැයි කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් කවදාවත් එහෙම වෙන්නේ නෑ. කල්‍යාණමිත්‍ර ආශ්‍රය නිසා අපේ ජීවිතය පිනෙන් පිරී යනවා, සතුට උපදිනවා, දුක නැතිවෙලා යනවා, යහපත් ගුණධර්මවලින් දියුණු වෙනවා.

පින්වත් දුවේ පුතේ, කල්‍යාණ මිත්‍රයෙක් මුණගැසෙන්නේ බුද්ධ ශාසනයක් තුළම විතරයි. බුදුරජාණන් වහන්සේ ආදරයෙන් සරණ ගිය කෙනෙකුටමයි කල්‍යාණමිත්‍රයා කියලා කියන්න පුළුවන්. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළා, කල්‍යාණමිත්‍රයාව හඳුනාගන්න පුළුවන් කරුණු හතරක් ගැන. මේ කියන කාරණා යම් කිසි මිත්‍රයෙක් තුළ තියෙනවා නම් එයා සැබෑම කල්‍යාණමිත්‍රයෙක්. අපි නිතර නිතර ඒ මිත්‍රයාව ඇසුරු කරන්න ඕන. ඒ තමයි, කල්‍යාණමිත්‍රයා ශ්‍රද්ධාවන්තයි, සීලවන්තයි, ත්‍යාගවන්තයි, ප්‍රඥාවන්තයි.

ශ්‍රද්ධාවන්තයි කියලා කියන්නේ දුවේ, පුතේ ඒ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ ආදරයෙන් සරණ ගිය කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ආදරයෙන් සරණ ගියපු කෙනෙක්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ආදරයෙන් සරණ ගියපු කෙනෙක්. එයාගේ ජීවිතය තිසරණයට පූජා කරලයි තියෙන්නේ. ජීවිතයට දුක් කරදර එනකොට තිසරණය හැර වෙන දෙයක් සිහි වෙන්නේ නෑ. එයාට තමයි ශ්‍රද්ධාවන්ත කෙනා කියලා කියන්නේ.

එයා කොහොමද සීලවන්ත වෙන්නේ? ඒ තමයි, ඒ මිත්‍රයා සතුන් මැරීමෙන් වැළකිලා ඉන්නවා, සොරකමින් වැළකිලා ඉන්නවා, වැරදි ජීවිතයෙන් වැළකිලා ඉන්නවා, බොරු කීමෙන් වැළකිලා ඉන්නවා, ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලා ඉන්නවා. ජීවිතය වෙනුවෙන්වත් කවදාවත් ආරක්ෂා කරන සිල්පද කඩාගන්නේ නෑ.

සිල්පද ආරක්ෂා කිරීම පිණිස එයා ජීවිතය වුණත් අතහරිනවා. සිල්පද හොඳින් ආරක්ෂා කරනවා. එයාට තමයි කියන්නේ සීලවන්ත කෙනා කියලා. ඒ වගේම පින්වත් දුවේ පුතේ, කල්‍යාණමිත්‍රයා කොහොමද ත්‍යාගවන්ත වෙන්නේ? එයා තමා සතු ආහාරපාන, ඇඳුම් පැලඳුම්, බේත් හේත් ආදී දේවල් අන් අයගේ සැපය සතුට වෙනුවෙන් පරිත්‍යාග කරනවා, අත්හරිනවා, දන් දෙනවා. ඒකෙන් එයා ගොඩක් සතුටු වෙනවා. නැවත නැවත දන් දෙනවා ආන්න එයා ත්‍යාගවන්ත කෙනෙක්. කල්‍යාණමිත්‍රයා ප්‍රඥාවන්ත වෙන්නේ කොහොමද? එයා හොඳට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඉගෙන ගන්නවා, මතක තියා ගන්නවා, නැවත නැවත මතක් කරනවා. ජීවිතයේ නොයෙක් අවස්ථාවල තීරණ ගන්න වෙනකොට කලබල වෙන්නේ නෑ.

හොඳට විමසලා තීරණ ගන්නවා. ධර්මයට අනුව කටයුතු කරනවා. කළ යුතු යහපත් දේවල් තෝරාගෙන ඒ දේවල් පුරුදු කරනවා, දුරුකළ යුතු අයහපත් දේවල් දුරු කරනවා. එයාට තමයි දුවේ පුතේ, ප්‍රඥාවන්ත කෙනා කියලා කියන්නේ.

ඉතින් මේ කරුණු මිත්‍රයෙක් තුළ තියෙනවා නම් එයා තමයි කල්‍යාණමිත්‍රයා. දුවලා පුතාලා අහල තියෙනවා නේද අනාථපිණ්ඩික සිටුතුමා ගැන? අනාථපිණ්ඩික සිටුතුමාට සිටිය යාළුවෝ අතර හිටියා ‘කාලකන්නි’ කියලා දුප්පත් යාළුවෙක්. මෙයා කුලයෙනුත් බාලයි. ධනවත් පවුල්වල මිතුරන් සිටුතුමා ‘කාලකන්නිව’ ඇසුරු කිරීම ගැන සතුටු උනේ නෑ. ඒත් මේ ‘කාලකන්නි’ තුළ තිබුණා මිත්‍රධර්මය. මෙයාට ම තමයි සිටු මාලිගාවේ ආරක්ෂක කටයුතු පැවරිලා තිබුණේ. සිටුතුමා නැති දවසක සිටු ගෙදර බිඳින්න පැමිණි සොරුන්ගෙන් සිටු නිවස බේරා ගත්තෙත් මෙයා තමයි. දුප්පත් උනත් මෙයාගේ ගුණවත්කම ගැන සිටුතුමා බුදුරජාණන් වහන්සේට සැල කළා. බුදුරජාණන් වහන්සේ එදා මිත්‍රධර්මය ගැන කියැවෙන මේ කුසනාලී ජාතකය වදාළා.

ගොඩක් ඉස්සර කාලෙක බරණැස් රජ්ජුරුවන්ගේ මඟුල් උයනේ කුසනාලී නමැති රුක් පඳුරක රුක් දෙවියන් වෙලා මහබෝසතාණන් වහන්සේ ඉපදුණා. ඒ උයනෙ ම මංගල ගල්තලාව ළඟ තිබුණා ‘රුචි’ කියලා විශාල වෘක්ෂයක්. ඒ රුකේ අධිගෘහිත මහේශාක්‍ය රුක්දෙවියන් එක්ක බෝසතාණන් වහන්සේ හොඳ මිතුරුකමින් වාසය කළා. ඔය දවස්වල රජ්ජුරුවන්ට තිබුණු එක්ටැඹක වූ ප්‍රාසාදයට අලුත් ස්ථම්භයක් ඕනෑ වුණා. රජතුමා ඒකට සුදුසු රුකක් හොයන්නට වඩුවෙක්ට පැවරුවා. මංගල වෘක්ෂය හැර වෙන රුකක් ඔවුනට දැකගන්නට ලැබුණේ නෑ. රජතුමාගේ අණ නිසා මඟුල් රුක කපන්නට තීරණය කළා. පුදපූජා පැවැත්වූවා. මඟුල් රුකට අධිගෘහිත දෙවියා දරුවන් සමඟ යායුතු වෙන තැනක් නොදැක හඬා වැලපුනා. බෝසත් දෙවිතුමා පිරිස අස්වසලා මම ඔබේ විමානය බේරා දෙන්නම් කියලා පොරොන්දු වුණා.

පසුවදා රුක සිඳින්නට වඩුවන් ආවට පස්සේ බෝසත් දෙවියා කටුසු වෙසක් මවාගෙන රුක් මුල් අතරට වැදී නොපෙනී ගියා. ප්‍රධාන වඩුවා ඒක දැක්කා. ආයෙමත් ගසේ උඩ අත්තක් ලඟින් මතුවෙලා හිස සොලව සොලවා හිටියා. ප්‍රධාන වඩුවා ඒකත් දැක්කා. දැකලා “මේ ගස ඇතුළෙ හුඹහක් තියෙනවවත්ද?” කියලා ගිහින් අතින් තට්ටු කළා. එතකොට බොල් හඬකුයි ඇසුණේ. “අපට වැරදුනා” කියලා ඔවුන් යන්න ගියා. ඉතින් දුවේ පුතේ, මහ රුකේ සිටිය මහේශාක්‍ය දෙවියා නැවතත් ඒ රුකේ අධිපති උනේ කුසනාලී පඳුරේ අරක්ගත් දෙවියා තුළ මිත්‍රධර්මය හොඳින් පිහිටලා තිබුණු නිසා. එනිසා අපිත් ඒ සුන්දර මිත්‍රධර්මය රකින්න මහන්සි ගමු.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි

ඉවසන දනා රුපු යුදයට ජය කොඩි​ය
පින්වත් දුවේ, පුතේ,

තමන්ටත් අනුන්ටත් යහපත සලසාලන මෙලොව පරලොව දියුණුව උදාකරන උතුම් ගුණාංගයක් තමයි ඉවසීම කියන්නේ. ඉවසීම බුද්ධකාරක ධර්මයක්. දස පාරමිතාවල ඛන්තී පාරමිතාව ඉවසීම යි.

බලවත් කෙනෙක් දුබලයෙකුගේ වැරදිවලට සන්සුන්ව ඉවසනවා නම්, එයම ශ්‍රේෂ්ඨ ඉවසීම ලෙසට යි ධර්මයෙහි සඳහන් වෙන්නේ. දුබලයා කරගන්න දෙයක් නැති වූ විට කාටත් හිස නමනවා. නිතර ඉවසනවා. එය උතුම් ඉවසීමක් නොවෙයි. ඒ වුනත් තමන් බලයෙන්, ධනයෙන්, සීලයෙන්, පරිවාර සම්පතින්, ප්‍රබලව සිටිය දී දුබලයාගෙන් ලැබෙන ගැහැට, නින්දා, ඉවසනව නම් එය තමයි උතුම් ඉවසීම. අපිව බල්ලෙක් සපා කෑවොත් අපි ඒ බල්ලගෙ පය සපා කන්නෙ නැහැ නේද? ඒ වගේ තමයි තමන්ට පහර දීම් හිරිහැර කිරීම් ආදිය කරන තැනැත්තාට ආපසු නොකිපීම, පලිනොගැනීම, බුද්ධාදී උතුමන් ප්‍රශංසා කළ උතුම් ගුණයක්. එහෙම වුනානම් ලෝකයේ කිසිතැනක කිසිවිටක කලහ, අසමගි, භේද ඇතිවෙන එකක් නැහැ.

ඉවසීම නැති කිපෙන තැනැත්තා යමක අර්ථය අනර්ථය නොදකින කෙනෙක් සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ ධර්ම වඩන්න පුළුවන් වන්නේ ක්‍රෝධය ඇති තැනැත්තාට නොවේ. ඉවසීම ඇති තැනැත්තාටයි. සියලු ම කුසල් දහම් වැඩෙන්නේ ඉවසීම මුල් කරගෙන යි. කවදාවත් අපට හොඳ වචන පමණක් ම අහන්න ලැබෙන්නෙ නෑ. අනුන්ගෙන් ලැබෙන රැවුම් ගෙරවුම්, ඇනුම් බැනුම්, නොඉවසා ගැටෙන්න ගියොත් හිරේ පවා යන්න සිදුවෙනවා. දෙලොව ම පිරිහී අපා ගත වෙන්නටත් සිදු වේවි. ඒක නිසයි, “ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය – මහමෙර උසුලනා මිහිකතටත් වැඩිය” කියලා කියන්නේ.

ඉතිං දරුවනේ, අප මහ බෝසතාණන් වහන්සේ ක්ෂාන්ති පාරමිතාව පිරූ ආකාරය කලාබු ජාතකයෙන් අපට පැහැදිලි වෙනවා. සැඩ පරුෂ, ගුණධර්මවලින් පිරිහුණු, කලාබු නම් රජතුමා ගුණයෙන් පිරුණු ක්ෂාන්තිවාදී බෝසත් තවුසාට විවිධාකාරයෙන් වද දුන්නා. අතපය කපා දැමුවා. නාසය කපා දැමුවා. අන්තිමේදී පපුවට පයින් ගසා මාරාන්තික දුකට පත් කළා. ඒ විදියට වද දුන්න රජතුමා කෙරෙහි කෝප නොවුන තාපසතුමා ‘යම් කලාබු නම් රජ කෙනෙක් මාගේ දෙ අත් දෙපා කන් නාසා සින්ද වූයේ ද, ඒ රජතුමා බොහෝ කාලයක් ජීවත් වේවා. මා වැනි ඉවසීම බලය කරගත් නුවණැත්තෝ කිසිවෙක් කෙරෙහිවත් කිපෙන්නේ නැත’ කියලා මරණාසන්න මෙහොතෙදි පැවසුවා. මේ කතාවෙන් පැහැදිලි වන්නේ බෝසතාණන් වහන්සේ තුළ තිබුණු ඉවසීමේ ගුණය යි. අපගේ බුදුපියාණන් වහන්සේ තරම් ඉවසපු උතුමෙක් මේ ලෝකේ වෙනත් නැහැ. චිංචිමානවිකාවගේ අභූත චෝදනා, සුන්දරී පරිබ්‍රාජිකාව මරා නිගණ්ඨයන් කළ අභූත චෝදනාව, මාගන්දිය බේබද්දන් යොදා බොහෝ පරිභව කිරීම ආදී ඉතාම අසීරු අවස්ථාවලදී පවා මනා ලෙස ඉවසූ බව අපට සිහිපත් වෙනවා.

ඒ වගේ ධර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේගේ ඉවසීම පරීක්ෂා කර බලන්නට සිතා දවසක් එක බමුණෙක් උන්වහන්සේගේ පිටට පහරක් ගැසුවා. එවේලේ උන්වහන්සේ කිසිම අහිතක් නොසිතා ඔහුට සමාව දුන්නා. ඉවසීම මංගල කාරණයක්. ඉවසීමේ ආනිශංස පහක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා,

1. ඉවසන තැනැත්තා බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා.

2. රෞද්‍ර ගති නැති කෙනෙක් වෙනවා.

3. පසුතැවෙන්නේ නැති කෙනෙක් වෙනවා.

4. මරණාසන්න මොහොතේ සිහි මුලා නොවී මරණයට මුහුණ දෙනවා.

5. මරණින් පසු සුගතියෙහි උපදිනවා.

ඉතිං දරුවනේ, දෙලොව වැඩ කැමති අපි සියලු දෙනාම ඉවසීමේ ගුණය පුරුදු පුහුණු වෙමු.

තෙරුවන් සරණයි!

මානෙල් නැන්දා

අසරණයන්ට සරණ වෙමු.
පින්වත් දුවේ පුතේ,

ලෝකයේ ජීවත් වන සියලු දෙනාම සතුටින් ජීවත් වෙන්න කැමතියි. කරදර, බාධක, අවහිර තමන්ගේ ජීවිතවලට පැමිණෙනවාට කිසිම කෙනෙක් කැමැති වෙන්නෙ නෑ. ඒ වුනත් බලාපොරොත්තු නොවන විපත් අප කරා පැමිණීම වළක්වන්නත් බැහැ. ඊට හේතුව තමයි අපට ස්වභාව ධර්මයට පිටු පාන්නට නොහැකි වීම. කරදර විපත්වලට මුහුණ දෙන්නට සිදු වන බව අවබෝධ කරගත් පුද්ගලයා එවැනි විපත්වලට පත්වූවන්ටත් උදව් උපකාර කිරීමට නිරන්තරයෙන් ම පෙලඹෙනවා. එවැනි අසරණ වූ අයට කරුණාව දැක්වීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වෙනවා. ඒ වගේම දරුවනේ, අසරණයන්ට ගිලනුන්ට පිහිට වීම ගැන මහඟු ආදර්ශ රැසක් අපගේ බුදු රජාණන්වහන්සේගේ ජීවිතයෙන් අපට ඉගෙන ගන්නට ලැබෙනවා. පන්සාලිස් වසක් පුරාවට බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවට ලක් වී පිහිට ලැබූ පිරිස අපමණයි. දුකකට කරදරයකට පත් වූ විට හෝ එවැනි කෙනෙක් ගැන දැන ගත් විට ඔහු එම දුකින් මුදවා ගැනීමට උන්වහන්සේ නොපැකිලව ඉදිරිපත් වුණා. සෝපාක, පටාචාරා, රජ්ජුමාලා, ඡත්ත මාණවක ආදී චරිත කතා කියවලා බලන්න.

අසරණයන්ට සරණ වීම වගේම ගිලන් වූ අයට උපකාර කිරීමත් බුදු රජුන්ගේ සුවිශේෂී අවධානයට ලක් වූ කරුණක්. උන්වහන්සේ ගිලනුන්ට පිහිට වූයේ එහි වටිනාකම ආදර්ශයෙන් ම පෙන්වා දෙමින්. පූතිගත්ත තිස්ස හිමියන් උන්වහන්සේගේ මහා කරුණාවට ලක්ව පිහිට ලද තෙරුන් වහන්සේ නමක්. කුෂ්ට රෝගයකට ගොදුරු වෙලා මුළු ශරීරයම එකම වණයක් බවට පත් වී සිටි තිස්ස හිමියන් අනෙක් භික්ෂූන් වහන්සේලා පවා පිළිකුල් කරමින් අතහැර දැමුවා. නමුත් බුදු පියාණන් වහන්සේගෙමහා කරුණාවට යොමු වුනා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් සමඟ පැන් උණු කොට වණ වී තිබුණු සිරුර සියතින් ම සෝදා, පිරිසිදු කොට අලුත් සිවුරු අන්දවා එම අවස්ථාවට අනුව සියලු ඇප උපස්ථාන කළ සේක. ඉන් පසු ජීවිතයේ අනිත්‍යතාව පැහැදිලි කරමින් තිස්ස හිමියන්ට ධර්මය දේශනා කොට වදාළා. අවසානයේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත්වී පිරිනිවන්පෑවා.

ඒ වගේම දරුවනේ උපස්ථායකයෙකු තුළ මේ වගේ ගුණාංග තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළා. රෝගියාට අවශ්‍ය බෙහෙත් පිළියෙල කර දීම, රෝගියාට හිතකර අහිතකර ආහාර පාන දැන ගෙන කටයුතු කිරීම, ලාභ ප්‍රයෝජන අපේක්ෂා නොකර කරුණාවෙන් සැලකීම, මල මූත්‍ර ආදිය කෙරෙහි පිළිකුල් නොකිරීම, ඔබටත් මේ කරුණු කවදා හෝ ප්‍රයෝජනවත් වේවි. ඉතින් අප ජීවත් වන සමාජයේ අසරණ වුණ, ගිලන් වුණ බොහෝ අය සිටිනවා. අපේ නෑදෑ හිතවතුන් එක කොටසක්. අපෙන් දුරස්ථ වූ අයත් මේ අතර සිටිනවා. ඔවුන් සමාජයෙන් කොන් නොකර රැක බලා ගැනීමට අප කුඩා කාලයේ සිටම පුරුදු වෙන්න ඕනෙ. බුදු රජාණන්වහන්සේගේ ජීවිතය ආදර්ශයට ගෙන කටයුතු කරනවා නම් සමාජය තුළ අසරණභාවයට පත් වෙන අය අඩු වෙන්න ඕනෙ. වයසට ගොස් සිටින අපේ ම සීයට, ආත්තම්මාට, අම්මට තාත්තට ඒ අයගේ කටයුතු කර ගන්න ඔබට උදව් වෙන්න පුළුවන්. බස් රථයට, දුම්රියට ගොඩ වෙන්න අපහසුවෙන් සිටින අයට කරුණාවෙන් උදව් කරන්න පුළුවන්. පවුලේ කෙනෙක් රෝගී වූ විට ආදරයෙන් සලකන්න පුළුවන්. ඔබේ උපන්දිනය වෙනුවෙන් අසරණ කෙනෙකුට උපකාරයක් කරන ලෙස මව්පියන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. වටපිටාවේ සිටින අසරණ සතුන්ට ජල බඳුනක්, ආහාර බඳුනක් තබන්න පුළුවන්. විෂය කරුණු අවබෝධ කර ගැනීමට අසීරු මිතුරු මිතුරියන්ට උදව් කරන්න පුළුවන් නම් ඒකත් අසරණ සරණ වීමක්. රථවාහන වල යන විට ආබාධිත හෝ වියපත් අසරණ කෙනෙකුට ඔබේ ආසනය පරිත්‍යාග කරන්න පුළුවන් නම් එයත් ලොකු පින්කමක්.

ඉතින් දුවේ පුතේ, මේ වගේ අසරණයන් වෙනුවෙන් සරණ වන්නට ඔබටත් බොහෝ අවස්ථා තිබෙනවා. එය සමාජ යුතුකමක්, වගකීමක් වගේම පිනකුත් වෙනවා. ඒ නිසා කුඩා කාලයේ සිටම අසරණයින්ට උපකාර කරන්න ඔයාලා හැමෝම පුරුදු වෙන්න.

තෙරුවන් සරණයි!

මානෙල් නැන්දා.

හොඳ මිනිසෙකු වෙන්නට නම්…
පින්වත් දුවේ පුතේ,

හොඳ මිනිසෙකු හැටියට සමාජයේ ජීවත් වීමට නම් තමා කුඩා අවධියේ දෙමව්පිය, ගුරුවර, වැඩිහිටියන්ගෙන් ලැබෙන අවවාද, ආදර්ශ වගේ ම ජීවිත කාලය පුරාම ලැබෙන අත්දැකීම් ද උපකාර වෙනවා. ඒ වගේ ම දැනුම වර්ධනය කර ගැනීමට පොත් පත් කියවීම, විද්වතුන්ගේ දේශනවලට ඇහුම්කන් දීම තුළින් වගේ ම විවිධ සන්නිවේදන මාධ්‍යවලින් දැනුම ලබාගැනීමෙනුත්, යහපත් ගුණධර්ම පුරුදු කර ගැනීමෙනුත් විශිෂ්ට පුද්ගලයෙක් වන්නට හැකි වේවි.

පරිසරයට ආදරය කිරීම, එය රැක ගැනීම ඔබගේ දිවිමඟ ආලෝකවත් වීමට අවශ්‍යම දෙයක්. ස්වභාව ධර්මයෙන් කෙනෙකුගේ කුසලතා වර්ධනයට බොහෝ දේවල් ලැබෙනවා. එයින් යහපත් මිනිස් සිතුවිලිවලින් පිරුණු පිවිතුරු හදවතක් හිමි වීම වළක්වන්නට බැහැ. භාග්‍යවතුන් වහන්සේත් පරිසරයෙහි වටිනාකම නොයෙකුත් තැන්වල දේශනා කොට තිබෙනවා. පරිසර හිතකාමීන් අඩු වීම නිසා සමාජය පරිහානිය කරා ගමන් කරන බව පැහැදිලි කාරණයක්. මේ පැරණි ජනකවිය කියවලා බලන්න.

උපන්නාට මේ ලොව වැනෙනවා විනා

ලොව සිරිතට අඹු දරු රකිනවා විනා

රූපේ අරන් පාපේ ගෙවනවා විනා

ගෙන යන දෙයක් නැත පව් ගෙවනවා විනා

ඒ වගේම දරුවනේ තමා කුඩා අවධියේ සිතූ ඉලක්ක කරා ගිය ජන නායකයින්, විද්වතුන් වගේම ව්‍යාපාරිකයන් ගැන ලියැවුණ චරිතාපදාන කියවීම තම තමන්ගේ ඉලක්ක කරා යන්නට පහසුවක් වෙනවා. ඒ වගේම අලස නොවී වෙලාවට වැඩ කිරීමෙන් අද පවතින තරඟකාරී ලෝකය ජය ගන්නට පහසුයි. කුඩා කාලයේ සිටම මේවාට පුරුදු පුහුණු විය යුතුයි. යහපත් මිනිසෙකු තුළ තිබිය යුතු තවත් කරුණක් තමයි සංග්‍රහශීලී බව. ඒ වුණත් අද සමාජයේ බොහෝ අයට මේ ගුණය නැහැ. තමන් හදා වඩා ගත් දෙමව්පියන්ට නොසලකන දැන උගත් අය ගැන නොයෙකුත් සන්නිවේදන මාධ්‍යවලින් අසන්නට ලැබෙනවා. ඒ අයට විශිෂ්ට පුද්ගලයන් වීමට නොහැකි වන්නේ කළගුණ සැලකීම, ආගන්තුක සත්කාර නොදන්නා අය නිසයි.

ඉතින් දුවේ පුතේ, ජීවිතයේ රන් දොරටුව විවර කර ගැනීමට නම් අවංක බවත් ප්‍රධාන අංගයක්. අද සමාජය අල්ලස්, වංචා, දූෂණවලින් පිරී පවතිනවා. ඒ අය යහපත් දේ ගැන ඉගෙනගෙන තිබුණා නම් මෙසේ නොවන්නට ඉඩ තිබුණා. සමාජයේ සහජීවනය ඇති වෙන්න අවංක බවත් මූලික කාරණාවක්. මිනිසත් බව ගරු කරන නීරෝගී තෘප්තිමත් මිනිසුන් රටකට අත්‍යවශ්‍යයි. පිරිපුන් සාර්ථක මිනිසෙකු වන්නට ඉහත සඳහන් කළ කරුණු බොහෝ උපකාර වෙනවා. ඔබත් එවැන්නෙක් වී රටේ අසිරිය උදා කරන විශිෂ්ටයෙක් වන්නට අදිටන් කර ගන්න.

අද ඔයාලා ඉගෙන ගන්නෙ තිපල්ලත්ථමිග ජාතක කතාවයි

ඉතින් ගොඩක් ඈත අතීතයේ මගධ රටේ එක්තරා රජ කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ මුව රජෙක් වෙලා ඉපදිලා මහා මුව රංචුවක් සමඟ වනාන්තරයේ වාසය කළා. ඒ මුවාගේ සහෝදර මුවදෙනට පැටියෙක් ලැබුණා. දවසක් ඒ මුවදෙන තමන්ගේ පුත්‍ර මුවා බෝසත් මුවා ළඟට කැඳවාගෙන ආවා. “අයියණ්ඩි, මේ ඉන්නෙ ඔබගේ බෑණා කෙනෙක්. මෙයාටත් මුව මායම් උගන්නලා දෙන්න.” “හොඳයි පුතේ දැන් පලයන්. අසවල් වෙලාවට ඇවිත් හොඳින් ඉගෙන ගනින්.” මාමා කීවා. ඉතින් ඒ තරුණ මුවා කියපු වෙලාව නොවරදවා ප්‍රධාන මුවා ළඟට යනවා. ගිහින් මුව මායම් ඉගෙන ගත්තා. දවසක් ඒ මුවා වනාන්තරයේ සැරිසරද්දී උගුලකට අසු වුණා. මහ හඬින් කෑ ගැසුවා. මුව රංචුව පලා ගියා. පුතා උගුලකට අසු වුණ බව දැන ගත් මව් මුවදෙන හඬාගෙන නායක මුවා ළඟට ගියා. “අයියණ්ඩි, ඔබේ බෑණාට මුව මායම් ඉගැන්නුවා නේද?” “නුඹේ පුත්‍රයා ගැන කිසිම සැකයක් ඇති කරගන්ට එපා. ඒකා හරි අගේට මගෙන් මුව මායම් ඉගෙන ගත්තා. තව ටිකකින් හිනහ වෙවී මෙතනට දුවගෙන ඒවි.”

ඉතින් ඒ මුව පැටියාත් පා සතරේ කුරවලින් හොඳ හැටියට පහුරු ගෑවා. එක පැත්තකට පා සතර ම දමා ගත්තා. දිව ඉදිරියට නෙරාගෙන මලමූත්‍ර පහ කර ගත්තා. හුස්ම ඉහළට අරගෙන බඩ පුම්බා ගත්තා. කටින් කෙළ වැගිරෙව්වා. කෙළත්, මලමූත්‍රත් වැගිරුණ නිසා නිල මැස්සන් පිරුණා. කපුටෝත් ටික ටික වට වුණා. උගුල අටවපු වැද්දා ආවා. මුවාගෙ බඩට අතින් තට්ටු කළා. “මේ මුවා වේලාසනින් අහු වෙලා වගෙයි. නරක් වෙන්නත් ඇවිල්ලා.” කියලා උගුල් ගැටේ ලෙහුවා. මෙතනම කපලා මස් කරන්න හිතාගෙන කොළ අතු ටිකක් කඩා ගන්න නැගිටලා ගියා. එතකොට ම මුව පැටියා නැගිට්ටා. සතර පයින් හිට ගත්තා. විදුලි වේගයෙන් වනයට දිව ගියා. මව් මුවදෙන ළඟට දුවගෙන ආවා.

ඉතින් දරුවනේ, මේ ජාතක කතාවෙන් නිසි විදිහට ශිල්ප ඉගෙන ගැනීමේ වටිනාකම හොඳින් පෙන්වා දෙනවා. ඕනෑම යහපත් දෙයක් හොඳින් ඉගෙන ගත් විට ඒ තුළින් ඉතා වටිනා ප්‍රයෝජන ලබන්න පුළුවනි. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ බොහෝ රහතන් වහන්සේලා බිහි වුණෙත් ප්‍රතිපදාවට කීකරු ව කටයුතු කළ නිසයි. ඔබත් ඒ විදිහට මනා ලෙස හික්මෙන්න හිතට ගන්න.

තෙරුවන් සරණයි!

මානෙල් නැන්දා

අනුසස් දැක සිල්වත් වෙමු
පින්වත් දුවේ පුතේ,

බුදුරජාණන් වහන්සේ අප විසින් කළ යුතු, නොකළ යුතු දේවල් උගන්වා තිබෙනවා. කළ යුතු දේ සිරිත් (චාරිත්‍ර) ලෙසටත්, නොකළ යුතු දේ විරිත් (වාරිත්‍ර) ලෙසටත් හැඳින්වෙනවා. ඒ අනුව සතුන් මැරීම, නොදුන් දේ ගැනීම, වැරදි හැසිරීම, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය ආදී නොකළ යුතු දේවලින් වැළකී, සතුන්ට කරුණාව මෛත්‍රිය දැක්වීම, දුන් දේ පමණක් ගැනීම, නිවැරදි හැසිරීමෙන් යුතු වීම, සත්‍යවාදී වීම හා මත්ද්‍රව්‍ය භාවිත නොකර සිටීම ආදී කළ යුතු ක්‍රියාවන්හි නිරත වෙන්න ඕන. බුදු දහමේ නිත්‍ය සීලය ලෙස උගන්වන්නේ මෙයයි. එසේ හැසිරීමෙන් ලොකු කුඩා සැමගේම චාරිත්‍ර සංවර්ධනය ඇති වෙනවා. ඒ වගේම මෙලොව පරලොව දියුණුවටත් හේතු වෙනවා.

සිල් රැකීමෙන් ලැබෙන ආනිශංස පහක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. පළමුවැන්න, මහත් වූ භෝග සම්පත් ලැබෙනවා. සිල්වත් කෙනෙක් නිරන්තරයෙන්ම උද්‍යෝගිමත් කෙනෙක්. සීලයක පිහිටලා අප්‍රමාදීව උත්සාහයෙන් කටයුතු කරමින් ධනය උපයා ගන්නා ඒ සිල්වතා ඒ නිසාම මහා ධනවතෙක් බවට පත් වෙනවා. ධනය උපයා ගන්න වගේම දරුවනේ ධනය රැක ගන්නත් සීලය උපකාර වෙනවා.

ඒ වගේම දරුවනේ ඕනෑම පිරිසක් මැදට නිර්භයව යන්නට මේ සිල්වතාට පුළුවනි. පව් කරන්නා නිතරම ඉන්නෙ බියෙන් සැකෙන්, කොයි මොහොතේ නීතියට අසුවේද කියලා. බොරු කියන පුද්ගලයාව කවුරුත් විශ්වාස කරන්නේ නෑ. මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් ලෙඩෙක් වෙනවා. ඔහුට බියක් නැතිව සභාවක් ඉදිරියට යන්න බැහැ. සිල්වතාට එහෙම වෙන්නෙ නෑ. ඔහුව හැමෝම පිළිගන්නවා. පන්සිල් රකින්නා අන් අයගේ ජීවිත සුරකින කෙනෙක්. ඕනෑම තැනකට බියක් සැකක් නැතිව ඔහුට යන්න පුළු‍වන්.

සීලයේ තවත් ආනිශංසයක් තමයි සිල්වතාගේ කීර්තිය දස අත පැතිරෙනවා. කෙනෙකුගේ කීර්තිය හෝ අපකීර්තියටත් බලපාන්නේ ඔහු කරන හොඳ නරක ක්‍රියාකාරකම් ම යි. කුලවත්කම, රූමත්කම තිබුණට කීර්තිය ලැබෙන්නෙ නෑ. සිල් නොරකින කෙනාට ලැබෙන්නේ අපකීර්තිය ම යි. ප්‍රාණඝාතය, හොරකම, බොරු කීම ආදී පස් පව්වලින් වැළකුනු කෙනාට හිමි වන්නේ කීර්තියයි. ඔහුගේ ගුණ දස අත පැතිරෙනවා. සිල් සුවඳ අනෙක් සුවඳ අභිබවා පැතිරෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. සිල්වතා යමක් කරන්න පෙර විමසිලිමත් වෙනවා. ඒ නිසා ඔහුගෙන් සමාජයට හානියක් වෙන්නේ නෑ.

පින්වත් දරුවනේ, ඊළඟ ආනිශංසය තමයි සිල්වතා සිහි මුළා නොවී මරණයට පත් වෙනවා. තමන් කරන හොඳ නරක දන්නේ තමන් ම යි. ඒ නිසා හොඳින් සිල් ආරක්ෂා කළ සිල්වතා නොබියව කවදා හෝ මරණයට මුහුණ දෙනවා. පව් කළ කෙනා පරලොව ගැන බිය වෙන නිසා මරණයේ දී සිහි මුළා වෙනවා. සිල්වතාට සතුටින් මරණයට මුහුණ දෙන්න පුළුවන්.

අනෙක් ආනිශංසය තමයි සිල් රැකීමෙන් සුගතියේ උපදින්නට ලැබෙනවා. සිල් රකින කෙනා තමන් කළ දේවල් ගැන පසුතැවිලි වෙන්නේ නෑ. ඔහුගේ අවසන් සිතුවිලි යහපත් ඒවා නිසා ඔහු සුගතියක ම උපදිනවා.

මේ ආනිශංස පහෙන් මුල් සතර ජීවත්ව සිටිය දී ම අපට ලැබෙනවා. ඔයාලත් කුඩා කාලයේ සිටම හොඳින් සිල් රැක ගන්න ඕනේ. එතකොට ඔයාලටත් මේ ආනිශංස අත්දකින්න පුළුවන් වේවි. සීලයේ වටිනාකම ගැන මේ ජාතක කතාවෙනුත් ඔබට පැහැදිලි කරගන්න පුළුවනි.

මේ සීලවිමංස ජාතක කථාවයි. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රජ කරන කාලයේ අපේ මහ බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපදුණා. ඔහු දිසාපාමොක් ආචාරීන්ගෙන් ශිල්ප හැදෑරුවා. එතුමාට රූමත් දියණියක් සිටියා. ඉතින් මේ ඇදුරුතුමා තමන්ගේ ශිෂ්‍යයන්ගේ ගුණධර්ම පරීක්ෂා කරන්න මෙන්න මෙහෙම යෝජනාවක් කළා. “දරුවනේ, මගේ දියණියට විවාහයක් කර දීමට සිතා සිටිනවා. ඒ සඳහා වස්ත්‍රාභරණ අවශ්‍යයි. හැබැයි මේ වස්ත්‍රාභරණ ලබාගන්න ඕනේ දෙමාපියන්ට නෑයන්ට හොර රහසෙනුයි.”‍ ඉතින් ගුරුතුමාගේ මේ යෝජනාවට ශිෂ්‍යයෝ සියලු‍ දෙනාම කැමති වෙලා, හැමෝම තම තමන්ගේ නිවෙස්වලට ගිහින් වස්ත්‍රාභරණ අරගෙන ආවා. ඒ සියල්ලම ගෙනවිත් තිබුණේ සොරකම් කරගෙනයි. ඒත් බෝධිසත්ව මානවකයා කිසිවක් ගෙනවිත් තිබුණේ නැහැ. ඉතින් ගුරුතුමා මේ ශිෂ්‍යයා පමණක් නොගෙන ඒමට හේතුව සොයා බැලු‍වා. ‘පෙනී ගෙනා දෙය ඔබවහන්සේ බාර නොගැනීමට තීරණය කළ නිසාත්, සොරකම් කිරීමට අකමැති වීම නිසාත්’ එසේ කළ බව බෝධිසත්වයෝ ප්‍රකාශ කළා.

ඒ අනුව ගුරුතුමා තම දියණිය සරණ පාවා දීමට සුදුසු තරුණයා ඔහු බව තීරණය කළා. අනිකුත් ශිෂ්‍යයන්ට තම තමන් ගෙනා ඇඳුම් නැවතත් බාර දුන්නා. පින්වත් දරුවනේ, අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ කාලයෙත් රහසින්වත් පවක් කළේ නැති බව මේ කථාවෙන් පැහැදිලි වෙනවා. ඔබත් සීලය පණ මෙන් රැක ගන්න සිතට ගන්න. බෝසත් දරුවන් වන්න.

තෙරුවන් සරණයි!

මානෙල් නැන්දා