අටුවා රස කතා | Mahamegha Magazine

‘අටුවා රසකතා’ කසාවත පෙරෙවි කාන්තාව
කාල දීඝවාපී විහාරයෙහි නාහිමියෝ එක්තරා තරුණ භික්ෂු නමකට උගන්වන්නට එකඟ වූයේ ඔහු ගමෙහි නොගැවසෙන බවට පොරොන්දු කරවා ගැනීමෙන් පසුව ය. තම ශිෂ්‍යයා ගමෙහි ගැවසෙන්නට ගියොත් වරදට පෙළෙඹෙතියි ඒ හිමියෝ කල්පනා කළහ.

තම ආචාර්යපාදයන් වහන්සේ තමාට ගම්මැද්දට යන්නට තහනම් කළේ මන්දැයි දැන ගැනීමට මේ තරුණ භික්ෂු නමට අවශ්‍ය විය. ඒ නිසා දවසේ ඉගෙනීම අවසන් කොට පෙරලා යන ගමන ගම මැද්දෙන් ම ගියේය.

එසේ යන විට කහපාට වස්ත්‍රයක් පොරවා ගත් තරුණියක් නිවසකින් එළියට පැමිණ ඔහුගේ පාත්‍රයට කැඳ ටිකක් බෙදුවාය. පළමු වරට දැකීමෙන් ම තරුණිය භික්ෂුව කෙරෙහි ආදර සිතක් ඇති කර ගත්තීය. ඕතොමෝ ඇතුළු ගෙට ගොස් යහනෙහි වැතිරුනාය. මව්පිය දෙදෙන එතැනට ගොස් “දියණියනි, කුමක් නිසා මෙසේ වැතිර සිටින්නෙහිදැ”යි විමසූහ.

“මට අර තරුණ භික්ෂුවගේ ප්‍රේමය දිනා ගැනීමට නොහැකි වූවොත් මට ජීවත් වී පළක් නැත. එසේ වී නම් මම මිය යමි.” මෙබස් ඇසූ දෙමාපියෝ තරුණ භික්ෂුව පසු පස ලුහුබැඳ ගියෝය. “ස්වාමීනී, අප නිවසේ දන් වැළඳීමට වඩිනු මැනවැ”යි ආරාධනා කළහ. එහෙත් භික්ෂුව ආපසු එහි යෑමට කැමති නොවීය.

“ස්වාමිනී, අසනු මැනවි. අපගේ නිවසේ අපමණ වස්තුව තිබේ. අපට ඉන්නේ එක ම දියණිය යි. හිමියනි, ඔබ අපේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වනු මැනවි. එවිට ඔබට සැප සේ ජීවත් විය හැකිය”යි කීවාහුය. ඒ මොහොතේ ම සිය ගුරුවරයාගේ දැනමුතුකම මතකයට ආවේය. ආපසු ගියහොත් තමා අමාරුවේ වැටෙන බව සිහිවිය. තරුණ භික්ෂුව සිය ආරාමය කරා ගියේය.

තරුණිය තම සිත වාවාගත නොහැකිව එම ශෝකයෙන් මිය ගියාය. දෙමාපියෝ ඇයගේ භූමිදාන කටයුතු සිදුකළහ. ඇය පොරවාගෙන සිටි කසාවත ද විහාරස්ථානයේ සංඝයා වහන්සේට පූජා කළහ.

තමාගේ කොටස ලෙසට මේ කසාවතින් අඩක් ලබාගත් එක් භික්ෂුවක් කැළණි විහාරය වඳින්නට ගිය ගමනකදී එහිදී හමු වූ එක භික්ෂුවකට අහම්බෙන් මෙන් මේ පුවත පවසා සිටියේය.

එපුවත ඇසූ ඒ තරුණ භික්ෂුව මෙවැනි අවංක බිරිඳක් ලබාගන්නට තිබුණු අවස්ථාව නැති වී යයි අතිශයින් බලවත් චිත්ත වේදනාවට පත්වූයේ ඒ ශෝකයෙන් ම මිය ගියේය.

අට්ඨකථා ඇසුරිනි

සටහන ජේ.එම්. මානෙල් පොඩිමැණිකේ.

උසභමිත්ත රජතුමා – අටුවා රසකතා
වළගම්බා රජ දවස ලක්දිව ‘බැමිණිතියා’ නමින් දොළොස් අවුරුද්දක් පුරා දුර්භික්ෂයක් පැතිර ගියේ ය. ජනපද වැසියෝ ද ගම් වැසියෝ ද යන සියල්ලෝ ම කඳුකරයට පිවිසියාහ. ඔවුහු කොළ වර්ග කමින් ජීවත් වූහ. ක්‍රමයෙන් ඒ සාගතය පහ වී ගිය පසු මිනිසුන් සිය ගම් දනව් කරා පැමිණි කල විනාශ වී ගිය තම ගෙවල් දොරවල් දක්නට ලැබිණි.

ඔවුහු ගෙවල් පිළිසකර කර ගැනීම සඳහා ලී දඬු ද වහල සෙවිළි කරන තණ පත් ආදිය ගෙන අවුත් ඒවා පිළිසකර කර ගත්හ. එක් ගම්මුලාදෑනියෙක් ලී දඬු ආදිය සපයා ගෙනැවිත් පරණ ආපන ශාලාවක් ඉදිරිපිට එක් කණුවක් මත ගෙයක් තැනවී ය. අන් අය ද එය දැක එක් කණුව බැඟින් සිටුවා ගෙවල් තැනූහ. ඒ සියල්ලෝ ම එක්ව ආපන ශාලා භූමියෙහි ළිඳක් ද කැපූහ.

ගම්මුලාදෑනියා ගොනෙකුගේ රූපයක් තනා ඒ රුවෙහි බෙල්ලේ බැඳි වටිනා වස්ත්‍රයකින් රූපය වසා ආපන ශාලාවට පැමිණ සංඝයාට පූජා කරමින් “ස්වාමීනී, මේ ගොනා බෙදාගෙන පරිභෝග කළ මැනවි. එයට වටිනා මිල මම ගෙවමි. වස්ත්‍රය සිවුරු පිණිස වේවා, රූපය තැනීමට ගත් හණ රෙදි ද ලී දඬු ද ඔබ වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා වේවා!” යි කීවේ ය.

කලකට පසු ගම්මුලාදෑනියා මරණයට පත් වී දඹදිව පාටලීපුත්‍ර නගරයේ ධනවත් පවුලක උපන්නේ ය. ඔහුගේ මවගේ ඇඳේ හිස පැත්තෙන් සත් රුවනින් සැදි ගොන් රුවක් පොළොවෙන් මඳක් මතු වී තිබුණි. කුසෙහි දරුගැබ වැඩෙන්නා සේ මේ ගොන් රුව ද දිනපතා වැඩිණි. කුමරා මව් කුසින් නික්මෙන විට ගොන් රුව ද පොළොවෙන් සම්පූර්ණයෙන් මතු විණි. ගොන් රුව සමඟ උපන් නිසා ඔහුට ‘උසභමිත්ත’ යැයි නම තැබිණි.

ඔහුගේ මව භාජනයක් ගෙන ගොන් රුව අසලට ගොස් ‘ඉතින් මාගේ පුතාගේ පින නිසා හටගත්තේ නම් සත් රුවන් වගුරුව.’ යි කීවා ය. එවිට ගොන් රුවෙන් සත් රුවන් වැගිරී භාජනය පිරී ඉතිරී ගියේ ය. මෙසේ වෙසමුණි රජුගේ භද්‍රඝටය ලැබුණු කලෙක මෙන් ඔවුන්ට සම්පත්වලින් හිඟයක් නො වී ය.

කුමරා ක්‍රමයෙන් වැඩී එක් දිනක් උයන් කෙළියට යනු කැමති විය. උයනටත්, ගෙටත් අතරෙහි සත් රුවන් මණ්ඩපයක් මැවිණි. උයනට යන කුමරා සාර මාසයක් ඒ මණ්ඩපයෙහි වසයි. ආපසු හැරී එන විට ද සාර මාසයක් සත් රුවන් මඩුවෙහි වාසය කරයි. ඔහු සිය නිවසට පැමිණ “සත් රුවන් මණ්ඩපයේ යම් කිසි දෙයක් ගන්නට කැමති නම් ඒවා ගනිත්වා” යි මිනිස්සුන්ට කියයි. මිනිස්සු තමන් කැමති කැමති දේ ගෙන ගොස් ඔවුහු ද ධනවත් වූහ. ඔවුහු උසභමිත්තගේ වර්ණනාව කියන්නට වූහ. රජතුමාට මේ ගුණ කතාව අසන්නට ලැබී උසභමිත්ත මරවන්නට අදහස් කොට ඇමතියන්ගෙන් ඒ පිළිබඳ ව ඇසී ය.

“ඔහු මරන්නට නොහැක” යැයි ඇමතියන් කී විට රජ ‘ඔහු උයනට ගිය විට ඔහුගේ මව්පියන් සිර කරවන්නෙමි’යි සිතා ඒ කාලය පැමිණි විට ඔවුන් සිරභාරයට ගන්නට අණ කළේ ය.

උසභමිත්ත උයනට ගොස් ආපසු පැමිණි විට සිය මව්පියන් නොදැක ආරක්ෂකයන්ගෙන් විචාරා රජු විසින් සිරකරවන ලදැයි දැනගෙන සංවේගට පත් වී “මගේ මව්පියන් සිර කිරීමට සමතෙක් මෙලොව ඇද්දැයි” කියමින් තමන් ගෙල බැඳ තිබූ පූන නූල රැගෙන මිරිකුවේ ය.

ඒ මොහොතේ ඒ රජු බිම වැටී පෙරලෙන්නට විනි. වෙද්දු රජුට ප්‍රතිකාර කළ නමුත් එම පිළියම්වලින් රජුට කිසිම සුවයක් නොලැබුණි. රජතුමා කාරණය දැනගෙන උසභමිත්තගේ දෙමව්පියන් නිදහස් කළේ ය. රටවැසියන්ට මේ කාරණය දැන ගන්නට ලැබී උසභමිත්තගේ නිර්දෝෂී දෙමව්පියෝ සිරකරන ලදැයි කිපී දඬු මුඟුරු ගෙනවිත් රජු මරා කවරෙක් අපගේ රජ වන්නේ දැයි උද්ඝෝෂණය කළෝ ය. ජනපදවැසියෝ ද ගම්වැසියෝ ද එක් වී “වෙනෙකෙකුට මෙහි රජකම් කිරීමට නො හැකි ය. වෘෂභමිත්‍රයා රජ කරවිය යුතුය” යි කියා එසේ කළහ. ඔහු දැහැමින් රාජ්‍යය කොට තෙරුවන් පුදා මරණින් පසු දෙව්ලොව උපන්නේ ය.

ඇසුර: සීහල වත්ථු

සටහන: මානෙල් පොඩිමැණිකේ

හීරලු සොරා – අටුවා රස කතා
කෝකානිජ කණ්ඩාගරි නමින් පර්වත විහාරයක් විය. එයට නුදුරින් එක් ආරණ්‍යයක ලෙනක ලද දෙයින් සතුටු වන ධුතාංග පුරන්නා වූ භික්ෂූන් වහන්සේනමක් වාසය කළේය. දිනක් එක් සොරෙක් පන්සියයක් පමණ සොරුන් සමඟ එම ස්ථානයට පැමිණ ඒ භික්ෂුනමගෙන් මෙසේ ඇසීය.

“ස්වාමීනී, මේ ලෙනෙහි වාසය කරන ඔබවහන්සේ අවුරුදු කීයක් මෙහි ගත කළේදැයි දැනගැනීමට කැමැත්තෙමි.”

“මිත්‍රය, මම හය අවුරුද්දක් තනිවම දෙවැන්නෙක් නැතිව වන මෘගයන් මෙන් මෙහි වාසය කරමි.”

“අවුරුදු හයකුත් ගත කොට ඔබවහන්සේ යම්කිසි ධ්‍යානයක් හෝ සමාපත්තියක් හෝ අභිඤ්ඤාවක් හෝ ලබා ගත්තා ද?” සොරා ඇසීය.

“මම සමවතක් හෝ ධ්‍යානයක් හෝ මාර්ගයක් හෝ වෙන යම්කිසි විශේෂයක් නොලැබුවෙමි. සිල් පිරිසිදු කරමින් විවේකයෙන් සිටියෙමි.” යි භික්ෂුව කීහ.

එවිට සොරා “ස්වාමීනී, සිල් රැකීම් පමණෙකින් ඔබවහන්සේ මහත් වටිනා දෙයක් විනාශ කර ගත්තෙහි ය. රහත් ඵල ලැබීම සඳහා වහා උත්සාහ කළ මැනවි. කලකට පෙර මම පැවිදි වී මේ ලෙනෙහි වාසය කරමින් අභිඤ්ඤාවන්ගේ පරතෙරට ගියෙමි. දිවැස ද දිව කන ද පිරිසිදු කළෙමි, ඍද්ධි බල ලැබුවෙමි. පෙර කඳ පිළිවෙළ දැකීමි. අන් අයගේ සිත් දැන ගතිමි. මෙසේ අභිඤ්ඤාලාභී වූ මම ඒ බලයෙන් ම ඇලී රහත් ඵලය ලබා ගැනීමට ප්‍රමාද වූවෙමි.

දිනක් මම සවස් කාලයේ ධ්‍යානයෙන් මිදී ලෙනෙන් පිට වී දොරබාව ළඟට ගොස් සිටියෙමි. එසේ සිටින අතරේ අලංකාරයෙන් සැරසුනු ගොපලු දැරියක් දුටුවෙමි. ඇය දුටු මොහොතේ ම රාග සහගත සිතුවිලි පහළ විය. ඉන් පසු මම මුළා වූ සිහි ඇත්තෙක් වීමි. එම නිසා ම පැවිදි බව අතහැර ඒ දැරිය සොයමින් සොරකම් කරන්නට පටන් ගතිමි. මම සොරෙක් වී සූර වීර දක්ෂ තවත් සොරුන් පනහක් සොයා ගතිමි. ඒ සොරුන් සමඟ ගොස් ඇගේ ගෙය වට කොට බලහත්කාරයෙන් ඇය ලබා ගත්තෙමි. ඒ සඳහා ප්‍රමාදී වූ මම බොහෝ පව් කළෙමි. ඒ නිසා මම අපායේ කටුක දුක් විඳීමට නියමව සිටිමි. ඒ කාම හේතුවෙන් මහජනයා පෙළා ධන ධාන්‍ය රැස් කළ නමුත් කාමයෙහි නම් තෘප්තියක් නොපෙනේ.

මා විසින් පෙර දී යම් ධ්‍යානාදී විශේෂ ගුණයක් ලැබුවා ද ඒ සියල්ල කාමය නිසා විනාශ විය. ධ්‍යාන, අභිඤ්ඤා සමාපත්ති ආදීහු කෙලෙස් සමනය වීම සඳහා පමණයි. නුවණැති ස්වාමීනී, මාගේ කීම අසා ඔබවහන්සේට සංවේගය ඇති වේවා! හිතේ වසඟයට නොයනු මැනවි. ප්‍රමාද වීමෙන් විනාශ නොවනු මැනවි. සිතට වසඟ වීමෙන් ප්‍රමාදයට පැමිණි අය නොයෙකුත් දුක් අනුභව කරති. ඔබවහන්සේගේ ආයුෂය ගෙවේ. සද්ධර්මය පිරිහේ. එබැවින් සංවේග උපදවා භාවනාවෙහි යෙදෙනු මැනවි.”

මෙසේ ඒ සොරා විසින් අවවාද කරනු ලැබූ ඒ භික්ෂුව භාවනාවෙහි යෙදී නොබෝ දිනකින් උතුම් රහත් ඵලයට පත් විය. සතුටු වූ ඒ සොර දෙටුවා ස්වකීය ධනය වියදම් කොට උන්වහන්සේට ප්‍රාසාදයක් කරවී ය. ඒ තෙරුන් වහන්සේ සොරාගේ අවවාදය නිසා සදහම් අමාව ලැබී කෙලෙස් පිරිනිවීමට පත් වූහ.

එසේ ශාන්ත භාවයට පත්ව බුද්ධානුශාසනය කළ, හැම වෛර භය නැති කළ තෙරුන් නමට දෙවියන් සහිත ලෝකයා නමස්කාර කළහ. එම නිසා සිල් රැක්ක පමණින් හෝ ධර්මය උගත් පමණින් හෝ කෙලෙස් තුරන් නොකරන්නන් හට ප්‍රශංසා නොකරති. මෙසේ අභිඤ්ඤාලාභීන්ගේ සිත පවා කාමයෙන් අපිරිසිදු වේ. ඒ පෘථග්ජන දෝෂය නිසා ය. හිස් පෘථග්ජනයන් ගැන කවර කථා ද?

ඇසුර – සීහල වත්ථු

සටහන – මානෙල් පොඩිමැණිකේ.

අධාර්මික රජතුමා – අටුවා රසකතා
කාශ්‍යප බුදුරජුන්ටත්, ගෞතම බුදුරජුන්ටත් අතර කාලයක අතිදේව නම් රජ කෙනෙකුට පුතෙක් සිටියේ ය. හෙතෙම ධාර්මික ය. එහෙත් ධනයෙන් හිඟ වූවෙකි. ධනය රැස්කිරීමට කැමති වූ මොහු තම ඇමතිවරුන් කැඳවා මෙසේ කීවේ ය.

“ඇමතිවරුනි, රාජ භාණ්ඩාගාරයේ ධනය හිස් වී ඇත. මම එය හොඳින් දනිමි. එම නිසා කෝෂ්ටාගාරය දැහැමින් පිරවිය යුතු ය. අධාර්මික ලෙස නොපිරවිය යුතු ය. එමෙන් ම එය යහතින් මිස විෂමාකාරයෙන් නොපිරවිය යුතු ය.”

එය ඇසූ එක් ඇමතිවරයෙක්, “රජතුමනි, ජනපදය සමෘද්ධිමත් ය. ජනපදවාසීහු රජුට ධනය දිය යුතු ය. මේ රාජ්‍යයෙහි රන් රිදී පිරවූ බොහෝ භාජන ගෙයක් පාසා තිබේ. මිනිසුන් සතු කෝටි ගණන් රන්කාසි ද ඇතැ” යි කීවේ ය.

මේ වදන් සවනෙහි රැන්දූ රජතුමා “මිත්‍රය, එසේ නොකියව, අධර්මය මෙහි නොපවතීවා. අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම යහපත් ය. අපි දෙදෙනා වෙස්වලාගෙන මේ රටේ සැබෑ තත්ත්වය සොයා බලමු.” යි කීවේ ය.

එසේ කියා දෙදෙනා ම කිලිටි ඇඳුමින් සැරසී වෙස්වලාගෙන ශරීර අවයවයන් ද වෙනස් කරගෙන රටේ ඇවිදිමින් යන්නේ එක්තරා ගමකට පැමිණියෝ ය. මෙසේ පැමිණ එක් ගෙයක් වෙතට ගොස් එම ගෙයි පදිංචි ගෘහණිය අමතා “මෑණියනි, අපි මගියෝ වෙමු. සා පිපාසා ඇති නිසා අපි ඔබගෙන් කෑම ටිකක් ලබාගැනීමට කැමැත්තෙමු” යි කීහ. එවිට ගෘහණිය, “දරුවනි, එන්න, පැමිණ මේ ආසනවල හිඳගන්න. ඔබ කැමති සේ අනුභව කොට යන්නැ” යි කීවා ය.

ඔවුන් ආසනවල හිඳගත් පසු කෑම පිළියෙල කළ ඒ කාන්තාව දෙදෙනා ම සුකුමාල ශරීර ඇත්තවුන් බව වටහාගෙන,

“දරුවනි, පිරිසිදු උක්පැණි සමඟ අනුභව කරන්නට කැමති ද? නැත්නම් දී කිරි සමඟ හෝ ගිතෙල් සමඟ අනුභව කරන්නට කැමති ද කියන්නැ” යි කීවා ය. එබස් අසා දෙදෙනා ම ශාන්ත සිතින් යුක්තව “මෑණියනි, උක් පැණි සමඟ දෙනු මැනවි” යි කීහ. එවිට ඇය “හා හොඳයි” කියා පිරිසිදු බඳුනක් ගෙන උක් වත්තට ගොස් උක් ගසක් කඩා පැණි බේරා ගැනීම සඳහා එය දෑතින් ඇඹරුවා ය.

මුළු ශක්තියෙන් ම ඇඹරූ නමුත් පැණි බිඳක්වත් නොවැගිරිණි.

මේ දුටු මිතුරන් දෙදෙනා ඒ ගෘහණියගෙන් මෙසේ ඇසූහ. “මෑණියනි, ඔබ දෑතින් මුළු වෙර යොදා උක් ගස් කෑල්ලක් කඩා අඹරන නමුත් මේ වියළි උක් ගසේ පැණි බේරීමක් කෙසේ සිදු වේ ද?” එය අසා ගෘහණිය “දරුවනි, මම මීට පෙර මෙසේ උක් ඇඹරුවෙමි. උක් පුරුක් දෙකක් අතර නැලියක් පමණ පැණි තිබුණි.” යි කීවා ය. “මෑණියනි, එසේ නම් කුමක් නිසා මේ උක් ගස වියළී ගියේ ද?” යි ඒ දෙදෙනා ඇසූහ.

“දරුවනි, රජ තෙමේ ලෝභී ය. නොසතුටු සිත් ඇත්තේ ය. ලෝභයෙන් යුතුව තමා කැමති දේ කරන්නේ ය. ඒ වරදින් උක් ගස්වල හා අන් ගස්වල ඇති රසය වියළී ගියේ යයි මම සිතමි.” යි ඇය කීවා ය.

“මෑණියනි, ලෝභ වූ රජ කුමක් කරන්නේ ද? ලෝකයේ පිරිහීම හෝ අභිවෘද්ධිය ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේ ද?” යි ඔවුහු ඇසූහ. එවිට ඕ මෙසේ කීවා ය. “රජතෙමේ මවක හෝ පියෙකු මෙන් රට පාලනය කරයි නම් වැසියෝ සුව සේ දිවි ගෙවති. දැහැමි නොවූ රජ දරුණු වෙයි. ඒ නපුරු රජුගේ වරද නිසා වහා රට විනාශ වෙයි. නොකල්හි වැසි වසී. සුදුසු කාලයට වැසි නොවසී. රජු ධාර්මික නොවූ විට වැසි වැසීම විෂම වේ.

අධාර්මික රාජ්‍ය කාලයෙහි හැල් වී ආදිය ද මෑ, මුං, තල ආදිය ද පිරිහෙයි. ඒවා විෂම ලෙස පැහේ. මිහිරි රස, කුළු රස, තිත්ත රස, කහට රස, ලුණු රස යන මේවා නීරස වේ. අල හා ගෙඩි වර්ග ද ඖෂධවල ඕජා ගතිය ද නැති වේ. ඒවා දුලබ වේ. වංචා කිරීම්, හෙට්ටු කිරීම්, කපටිකම්, හොරකම්, පරදාර කර්මය යන සෑම අනර්ථකාමී ක්‍රියා ද වැඩි වේ. කිරිදෙන එළදෙන, මී දෙන් ආදීහු කිරෙන් පිරිහෙති. මල් හා ගෙඩි උපදවන ගස්වල මල් ද ගෙඩි ද අඩු වේ.

රජු අධාර්මික වූ විට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ද අන්‍ය ලබ්ධිකයන්ගේ ද සීලය හා තපෝ ගුණය ද පිරිහෙයි. අධාර්මික රජු ආශ්‍රය කරන අය ද දශ විධ සංග්‍රහයෙන් පිරිහෙති.

ධර්මයෙහි ඇලී ගැලී වාසය කරන කරුණා සිත් ඇති රජෙකු රාජ්‍ය කරන විට ඔහුගේ තේජසින් ලෝකය වහා දියුණු වෙයි. එකල සුදුසු කල වැසි වසී. නොකල්හි නොවසී. සෑම තැනකට ම සම සේ වසී. රජු ධාර්මික වූ විට මුං, මෑං ආදිය ද ඇල් වී ආදිය ද සෑම තැන ම සම සේ වැඬේ. රස වර්ග තම තමන්ගේ රසයෙන් ශක්තිමත් වේ. වංචා කිරීම්, ඇවිස්සීම්, කපටිකම්, සොරකම්, පරදාර සේවනය ආදී පව්කම් ද නැති වේ. කිරි දෙනුන්ගේ කිරි බහුල වේ. මල්, නිපදවන ගස්වැල් සරු වේ. මල්, ගෙඩි බහුල වේ.

රජ දැහැමි වූ කල පැවිද්දන්ගේ සීලය හා තපෝ ගුණය වර්ධනය වන්නේ ය. ලෝභය හා ද්වේෂය නිසා පිරිහෙන දුෂ්ට නපුරු රජුගේ කාලයේදී යහපත් ගති සිරිත් නැති වේ. ඒවායේ වර්ධනය ද නවතී. රජු දැහැමින් රාජ්‍යය කොට ස්වර්ගයට යයි. අධර්මයෙන් රාජ්‍ය කොට අපායට යයි. කීර්තිමත් පැරණි රජවරු දැහැමින් රාජ්‍ය කොට ස්වර්ගයට ගිය බව අසන්නට ලැබේ.”

ගෘහණියගෙන් උක්ගස වියළී යාමේ හේතුව ඇසූ රජ ඇමතියා දෙස බලා මෙසේ කී ය. “ලෝභයෙන් යුත් සිත ඉපදෙව් පමණින් හැම රසයෝ වියළී ගියාහ. යම් කලෙක ඒවා ගත්තා නම් එදාට සිදුවන දේ කුමට කියම් ද? අධර්මයෙන් යුක්තව ධනය රැස් කොට ඇත් අස් ගවාදීන් පෝෂණය කොට අපායට යන්නේ ය. අධාර්මික ධනය ඉපදවීමේ විපාක ඔබ විසින් මෙසේ ප්‍රත්‍යක්ෂ කරගන්නා ලදී. මම ආපසු හැරී යමි. මට ධනය රැස් කිරීමෙන් වැඩක් නැත.” ඒ රජ එසේ කියා ගොස් දැහැමින් රජ කොට ආයු කෙළවර දෙව්ලොව උපන්නේ ය.

මෙසේ මෙහි දැක්වූ ධර්මය මෙලොව දියුණුවට ද පරලොව සුගතියට ද හේතු වෙයි.

ඇසුර – සීහල වත්ථු

සටහන – ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ

රහත් ඵලය ලැබූ තරුණ හිමිනම – අටුවා රස කතා
පොහොසත් ජනයාගෙන් පිරුණු, මනා ව වැඩුණු කෙත් වතු ඇති, මහානීය ශික්ෂාකාමී භික්ෂූන්ගෙන් ගහණ වූ, යහපත් දේශගුණයකින් ද හෙබි, දස දෙස පතළ කීර්ති ශ්‍රී ශෝභා ඇති රමණීය වූ, උපාසක පිරිසකින් පිරි සුරට්ඨ නම් ජනපදයක් විය. මේ ජනපදයෙහි එක්තරා ගමක තිබූ ආරාමයක එක් තරුණ භික්ෂුවක් වාසය කරයි. මොහු භික්ෂුවක් වූයේ නමින් පමණි. බොහෝ ප්‍රමාද විහරණයෙන් යුතුව සිටි මේ භික්ෂුව රාත්‍රී කාලයෙහි තමන් කැමති පරිදි හැසිරෙමින් ප්‍රසිද්ධියේ ම ශික්ෂාපද කඩන්නෙක් විය. මෙසේ කාලය ගෙවෙන අතර ඔහුගේ බිරිඳ ගැබ් ගත් නිසා හෙතෙමේ ගැබ මෝරත් ම ඒ ස්ත්‍රිය ඇයගේ මවගේ ගෙදරට කැඳවාගෙන යන්නට පිටත් වූයේ ය. අතරමග දී වන ලැහැබක ඇය දරු ප්‍රසූතිය කළා ය.

භික්ෂූනම එදින ලෙයින් වැකුණු, දුගඳ හමන, විරූපී වූ ඇය දැක සංවේගයට පත්ව පිළිකුල් සංඥා උපදවමින් මෙසේ සිතුවේ ය.

‘පණු කැලගෙන් ගැවසී ගත් මේ ශරීරය පිටින් සමකින් වැසී ඇති නිසා ප්‍රියමනාප බවක් දක්වයි. මම ඇතුළත නොදකිමින් පිට ඔපයට රැවටුනෙමි. මේ සිරුර යටින් පතුල්වල සිට උඩින් හිස කෙස් දක්වා අසූචියෙන් පිරුණු, අපිරිසිදු, දුර්ගන්ධ දෙයකි. මේ සිරුරෙහි කෙස්, ලොම්, නිය, දත්, සම් යන දේ ඇත. මම මෝහයෙන් මේ සිරුරට ඇලුම් කළෙමි. මම අද ඇති සැටියෙන් එහි ඇතුළත දුටුවෙමි. මේ ශරීරය ඇතුළෙහි ගොනුන් මරණ තැනක මෙන් ලේ, මස් ආදියෙන් ගැවසුනේ ය. පිළිකුල් වූ ශරීරයට නින්දා වේවා! කය වනාහි සෑම නුවණැත්තෙක් ම දුරු කරන ලද දෙයකි. අනුවණයන් සෑම දෙනෙක් ම සොයන්නා වූ දෙයකි. මම පෙර දී කුණු කයක ඇලී සිටියෙමි. විපරීත වූ සිතකින් මුළා වී රාගයෙන් පෙළුනෙමි. සීලය හැර දමා මේ කුණු කයෙහි ඇලී, බුදු සසුන ලැබී තිබියදීත් කිලිටි ජීවිතයක් ගත කළෙමි. දැන් මම ප්‍රමාදී වූ ගමනින් සිදු වූ දේ අත්හැර නැවත පැවිද්ද ලැබ සිල් රකිමි. රාග ද්වේෂ මෝහ ක්ලේශයන්ගෙන් කිලිටි වූ මම සදහම් තොටට ගොස් ඒ කිලිටි සෝදා හරින්නෙමි.’

මෙසේ සිතූ ඔහු සිත දැඩිකොට ගෙන සංවේගයෙන් තැවෙමින් නැවත වරක් පැවිදි වීම සඳහා සිත යොමු කළේ ය.

ඔහු මෙසේ අසුභ සංඥාව මෙනෙහි කොට ඒ ස්ත්‍රිය මවගේ ගමට ගෙන ගොස් එහි නවතා ‘චිත්තාභ’ නැමැති වෙහෙරට ගියේ, එහි වෙසෙන සිග්ගව නම් තෙරුන් වහන්සේ වෙතට පැමිණ පැවිදි බව ඉල්ලා සිටියේ ය.

“හිමියනි, රාග, ද්වේෂ, මෝහ ගින්නෙන් නොසන්සිඳුන පිපාසයෙන් දිගු කලක් සසර ඇවිදින මට දහම් පැන් දෙනු මැනවි. ප්‍රමාදයේ වසඟයට පත් මාගේ දෝෂය මා ඉක්මවා ගියේ ය. ඒ සියල්ල අමතක කර දමා මා පැවිදි කරනු මැනවි.” මෙසේ යදින විට තෙරුන් වහන්සේ ඔහු පැවිදි කරවී ය. එම වනයෙහි රුක්මුල් අසල හුදෙකලාව ධ්‍යාන වැඩූ නමුත් ඔහු නොබෝ කලකින් කිසිදු මාර්ග ඵල අවබෝධයක් නොමැතිවම කළුරිය කොට ඒ වනයෙහි රුක් දෙබලක ඕපපාතික මිනිස් දරුවෙක් ව උපන්නේ ය.

එක් භික්ෂූන් වහන්සේ නමක් ඔහු දැක චිත්තාභ තෙරුන් වහන්සේට ඒ බව දැන්වූහ. දරුවා දුටු මොහොතේ ම ඔහු හැඳින ගත් තෙරුන් වහන්සේ “මේ ලෙනෙහි තබා මේ දරුවා පෝෂණය කරන්න. මොහු මහා වීරයෙක් වන්නේ ය. සියලු ආගම් ඉගෙන ධර්මයෙන් හා අර්ථයෙන් දක්ෂව බොහෝ තීර්ථකයන්ට ධර්ම මාර්ගය පහදා දෙති. එක් වරක් වැදූ ලෙයින් වැකුණු ස්ත්‍රිය දැක සංවේගයට පැමිණි මොහු මාර්ග ඵලයට පැමිණෙන්නේ ය.” යයි පැවසූහ. ඒ භික්ෂූනම තෙරුන්ගේ කීම අසා ලෙනෙහි තබා දරුවා පෝෂණය කළේ ය. ඔහු සත් හැවිරිදි වියේ දී තෙරුන් වහන්සේ සමීපයෙහි පැවිදි වී රහත් ඵලය ලැබූයේ, ෂඞ් අභිඥා සහ සිව්පිළිසිඹියා ලැබ සියලු බුද්ධ ධර්මය වටහා ගත්හ. චිත්තාභ තෙරුන් වහන්සේ පිරිනිවී ගිය පසු බොහෝ භික්ෂූන්ට ආචාර්යවරයෙක් ව සිට අවසානයේ පිරිනිවන් පෑ සේක.

පිරිනිවන් පෑමට පෙර යොදුන් සතක් පමණ අහසට පැන නැගී අහසේ සිට මේ ගාථාවන් කීහ. “බුදුන්, දහම්, සඟුන් පිළිබඳ ව හෝ මාර්ගය හෝ ප්‍රතිපදාව පිළිබඳ ව සැකයක් ඇත්නම් අසන්න.” එවිට භික්ෂූහු “අපට බුද්ධාදී රත්නත්‍රයෙහි සැකයක් නැත. ඔබ විසින් පූර්වයෙහි කුමන කර්මයක් කරන ලද්දේ ද?” යැයි ඇසූහ. “මම පෙර භවයෙහි නමින් පමණක් ශ්‍රමණයෙකු ව දුසිල්වත් වීමි. මම ප්‍රසිද්ධියේ ම පව්කම් කළෙමි. බුදු සසුන ජීවිකාව සඳහා යොදා ගතිමි. මෙසේ ප්‍රමාද වූ මාගේ බිරිඳ ගැබ් ගත්තා ය. දරුවා වදන මොහොතේ ඇය දැක කාම හේතුවට ම මා හට බයක් උපදිණි. ඉන් කලකිරුණු මම චිත්තාභ පර්වතයට ගොස් නැවත පැවිදි වීමි. ඉන් චුත වූ මම ඕපපාතික ව මිනිස් දරුවෙකු ව ගසක කරුවක ඉපදුණෙමි. මා දුටු එක් භික්ෂුවක් චිත්තාභ තෙරුන්ට මා භාර කළෙන්, උන්වහන්සේගේ අවවාද පරිදි කරුණාවෙන් ම මා පෝෂණය කළහ. වැඩිවිය පැමිණීමෙන් පසුව තෙරුන් වහන්සේ ළඟ පැවිදිව කල් නොයවා ම රහත් ඵලය ලැබ ගතිමි. සංවේග කළ යුතු දෙයෙහි සංවේගයට පත් වීමි. මෙසේ බුදු සසුන මහත්ඵලදායි වේවා!” යි ලෝකවිදූ බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ සේක. මෙසේ ඒ රහතන් වහන්සේ අහසෙහි ඉඳගෙන ම තමා කළ කර්මයන් හා එහි විපාකයන් ප්‍රකාශ කළ සේක.

මෙසේ පාප කර්මයෙහි නොයෙක් දොස් පවසමින් තම ඉර්ධි බලයෙන් අහසෙහි හිඳිමින්, සිටිමින්, සක්මන් කරමින් නොයෙක් පෙළහර පා පිරිනිවන් පෑ සේක. ස්වල්පයක් නමුත් සංවේගය උපදවා ගැනීම යහපත් ගුණ ලැබීමට හේතුවක් වන බව මේ කතාවෙන් තේරුම් ගත යුතු ය.

ඇසුර: සීහළ වත්ථු

සටහන: මානෙල් පොඩිමැණිකේ

බුදුරජාණන් වහන්සේගේ කටහඬ – අටුවා රස කතා
ඇතැම් අයගේ කටහඬ ටින් කබල්වලට තට්ටු කරන්නාක් මෙනි. නැතහොත් කපුටන් කෑ ගසන්නාක් මෙනි. එවන් හඬවල් රළු ය. අමිහිරි ය. ඇසීමට ප්‍රිය නූපදී. පිත්, සෙම් ආදියෙන් අවහිරයක් නො වී නැඟී එන තථාගත බුදුරජාණන් වහන්සේගේ ස්වරය බ්‍රහ්මයාගේ ස්වරයට සමාන ය. අංග අටකින් යුක්ත ය.

“විස්සට්ඨ මඤ්ජු විඤ්ඤෙය්‍යා – සවනීයා විසාරිනෝ

බින්දු ගම්භීර නින්නාදී – ත්‍යේව අට්ඨංගිකෝ සරෝ”

යනුවෙන් අභිධානප්පදීපිකාවෙහි දක්වා ඇත්තේ ය.

පහසුවෙන් මුවින් නික්මෙන බව, සිනිඳු බව, පහසුවෙන් තේරුම් ගත හැකි බව, කනට සැප බව, අවුල් නැති බව, එකතු වී ඇති බව, ගැඹුරු බව, නින්නාද ඇති බව යන මේ අංග අට භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයෙහි අංගයෝ ය. අෂ්ට අංගයන්ගෙන් යුක්ත වන බුදුරජුන්ගේ හඬ කුරවි කෙවිල්ලන්ගේ හඬ සේ මධුර ය.

කුරවි කෙවිල්ලා හිමාල වනයෙහි වාසය කරන පක්ෂියෙකි. ඌ ඉදුණු අඹවලින් වෑස්සෙන පැණි බී තෘප්තිමත් ව පියාපත් ගසමින් නාද කරන්නට පටන් ගනී. උගේ හඬ කෙතරම් මිහිරි ද කිවහොත් ඒ හඬ කන වැකුණු මෘගයෝ හා පක්ෂීහූ මත් වූවන් මෙන් එයට ඇහුම්කන් දෙන්නට පටන් ගනිති. තණකොළ කන මෘගයෝ කටට ගත් තණ බිම හෙළා එයට ඇහුම්කන් දෙති. පියාසර කරන පක්ෂීහු පියාපත් නොගසා ඒ හඬ අසති. දියෙහි පිහිනන මත්ස්‍යයෝ වරල් නොගසා ඒ හඬ අසති. කුරවීක පක්ෂියාගේ හඬට වඩා සිය ගුණයෙන්, දහස් ගුණයෙන් තථාගතයන් වහන්සේගේ නාදය වූ බ්‍රහ්ම ඝෝෂාව ඉතාමත් මිහිරි ය. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කර විටදී ශ්‍රාවකයෝ ධර්මය අසන අයුරු ධම්මචේතිය සුත්‍රය කියවීමෙන් අපට මොනවට පැහැදිලි වේ.

කුරවීක පක්ෂියාගේ හඬ පිළිබඳව බ්‍රහ්මායු සූත්‍ර අටුවාවෙහි මෙවැනි කතාවක් සඳහන් වෙයි.

අසන්ධිමිත්‍රා නමින් හැඳින්වෙන ධර්මාශෝක අධිරජුගේ දේවිය දිනක් මහා සංඝයාගෙන් මෙසේ විමසුවා ය.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේගේ හඬ වැනි හඬක් වෙනත් කා හට හෝ තිබෙනවා ද?”

“එබඳු හඬක් කුරවීක නම් පක්ෂියාට ඇත.”

“ඔවුහු කොහි වාසය කරන්නේ ද?” දේවිය ඇසුවා ය. හිමාලයේ වසන බව මහා සංඝයා වදාළහ.

දේවිය කුරවීක පක්ෂියෙකු දකින්නට කැමති බව රජතුමාට කීවා ය. ධර්මාශෝක රජතුමා “මේ කූඩුවෙහි කුරවික පක්ෂියෙකු ඒවා” කියමින් රන් කූඩුවක් යැව්වේ ය. එම කූඩුව අහසින් ගොස් එක් කුරවීක පක්ෂියෙකු ඉදිරියේ නැවතුණි. පක්ෂියා කූඩුව ඇතුළට ගිය විට කූඩුව ආපසු පැමිණ රජතුමා ඉදිරියේ නැවතිණ. නමුත් එම පක්ෂියා නාද කළේ නැත. ඌ ලවා නාද කරවන්නට නො හැකි වූ තැන රජතුමා “මේ පක්ෂියා හඬන්නේ කෙසේ ද?” යැයි ඇසී ය.

“දේවයන් වහන්ස, නෑයන් දුටු කල මේ පක්ෂියා හඬ නගන්නාහ” යි ඒ ගැන දන්නා අය කීහ.

රජතුමා කූඩුව වටේට ම කණ්ණාඩි තැබ්බවී ය. පක්ෂියා උගේ ඡායාව කණ්ණාඩිවලින් දැක, ‘නෑයන් පැමිණියේ ය’ යි සිතා නාද කරන්නට පටන් ගත්හ. සියලුම නගරවැසියෝ ඒ හඬ අසා මත් වූහ. අසන්ධිමිත්‍රා දේවිය “මේ තිරිසන් සතාගේ ස්වරය මෙතරම් මිහිරි නම් සර්වඥතා ඤාණයෙන් බබළන තථාගතයන් වහන්සේගේ ස්වරය කෙතරම් මිහිරි වන්නට ඇති දැ” යි බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ඒ ප්‍රීතියෙන් ම සෝවාන් ඵලයට පත් වූවාහ.

ඇසුර: බ්‍රහ්මායු සූත්‍ර අටුවාව

සටහන – මානෙල් පොඩිමැණිකේ

බහුභාණ්ඩික බව
අනුරාධපුර සමයේ සැදැහැවත් කුලදරුවෝ දෙදෙනෙක් ගිහිගෙයි කලකිරී ථූපාරාමයේ පැවිදි වූහ. ථූපාරාමය ලක්දිව බුදුසසුන පිහිටවූ මුලදී ම දෙවන පෑතිස් නිරිඳුන් විසින් කරවන ලද සෑයයි. මේ ස්ථානය සොළොස්මස්ථානවලින් ද එකකි.

එකට පැවිදි වූ දෙනමගෙන් එක් නමක් උභය ප්‍රාතිමෝක්ෂය ප්‍රගුණ කොට පසුවස් විසීමෙන් පවාරණය කොට ‘පැදුම්කඩදොර’ නම් ස්ථානයෙහි වාසය කිරීම සඳහා ගියේ ය. අනෙක් නම ථූපාරාමයෙහි විසීය. ‘පැදුම්කඩදොරට’ ගිය හිමි නම එහි දිගු කලක් වාසය කොට ස්ථවිර භාවයට ද පැමිණ, ‘මේ ස්ථානය විවේකයට ද පහසුයි. එක දිනයේ ම මහණ වූ මගේ මිත්‍රයාටත් ඒ බව දැන්විය යුතුය’යි සිතා ථූපාරාමය බලා පිටත් වී ගියේය.

එහි පැමිණෙන උන්වහන්සේ දැක සමාන වස් ඇති මිත්‍ර තෙරුන්වහන්සේ පෙර ගමන් කොට පා සිවුරු පිළිගත්හ. ආගන්තුක හිමියෝ සෙනසුනට පිවිසුනාහ. පිවිසී, ‘දැන් දැන් ගිතෙල් හෝ පැණි හෝ වෙන යම් පාන වර්ගයක් හෝ එවාවි’ යයි සිතමින් සිටියේ ය. පසුව ‘අවුළුපත් හෝ එවාවි’ යයි සිතුවේ ය. එහෙත් කිසිවෙක් කිසිම දෙයක් ගෙන ආවේ නැත. මෙතෙක් කිසිවක් නොලැබුණත් ගමට පිඬු පිණිස ගිය පසු ප්‍රණීත ආහාර වර්ග ලැබේවි යයි සිතුවේ ය. පසුදින උදෑසන ම හිමිවරු දෙනම පිඬුසිගා වැඩියහ. දෙදෙනා වහන්සේ මුළු වීථිය පුරාම හැසිරුන නමුත් ආහාරයට ලැබුනේ කැඳ ඩිංගක් පමණි. හිමිවරු දෙදෙනා එය ආසන ශාලාවක හිඳ වැළඳූහ.

‘ඊයේ සිට මෙසේ සිදුවුනත් දහවල් කාලයේදී මිනිසුන් අපට ප්‍රණීත භෝජන දේවි’ යැයි නැවතත් ආගන්තුක හිමිනම සිතුවේ ය. නමුත් දහවලට ලැබුණේ ද ඉතා සුළු භෝජනයකි. අනතුරුව ආගන්තුක හිමිනම “ආයුෂ්මතුනි, හැමදාම යැපෙන්නේ මේ ලෙසටදැ”යි ඇසීය. උන්වහන්සේ “එසේය” කියා පිළිතුරු දුන්හ.

“ආයුෂ්මතුනි, මා වාසය කරන පැදුම්කඩදොර ප්‍රත්‍ය පහසුකම් ඉතා බොහෝය. එහි වඩිනු මැනව” යි ආගන්තුක හිමිනම තම මිතුරු හිමිනමට ආරාධනා කළහ.

තෙරුන් වහන්සේ නුවර දකුණු දොරින් නික්මිණි. ථූපාරාමයට යන මාර්ගය මගහැර කුඹල් ගමට යන මාර්ගයට පිවිසුනාහ.

“ආයුෂ්මතුනි, මේ මගට පිළිපන්නේ ඇයිද?” ආගන්තුක හිමි නම ඇසූහ.

“ඔබවහන්සේ පැදුම්කඩදොර වර්ණනා කළහ. එහි යමු” යි මිතුරු හිමිනම කීහ.

“ආයුෂ්මතුනි, මෙතෙක් විසූ තැන ඔබවහන්සේට වැඩි පිරිකරක් නැතිද? ගෙන යාමට කිසිවක් නැතිද?”

“නැත. කිසිවක් නැත.”

“එහෙත් ආයුෂ්මතුනි, මගේ සැරයටිය, තෙල් ගුලාව හා වහන් උරය ද ඔබවහන්සේ විසූ තැන තබා ආමි. ඒවා ගෙන එන්නෙමි” යි ආගන්තුක හිමිනම කීහ.

“ආයුෂ්මතුනි, එක දිනක් විසූ තොප මේ තරමක් බඩු එහි තැබුවේ ද?” යි ඇසීය.

“එසේය” කියා පිළිතුරු දුන්හ.

“ඔබවහන්සේ වැන්නවුන්ට හැම තැන ම ආරණ්‍යය ය. ථූපාරාමය සතර බුදුවරුන්වහන්සේගේ ධාතු නිධාපිත ස්ථානයයි. ලෝවාමහාපායේ පහසුවෙන් ධර්මශ්‍රවණය කළ හැකිය. එතැන බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලය වැනිය” යි මිත්‍රහිමි ථූපාරාමය බලා වැඩියාහ.

ආගන්තුක හිමිනම දෙවැනි දින පැදුම්කඩදොර බලා පිටත් වී ගියේ ය.

ඇසුර – විශුද්ධි මාර්ගය

මානෙල් පොඩි මැණිකේ

ගුරු භක්තිය
සිරිලක්දිව එක දුර්භික්ෂ කාලයකදී සෝණ නමැති දරුවෙක්, මහල්ලෙකු සමඟ ඇවිදිමින් මහා විහාරයට පැමිණියේ ය. ඔහු දුටු එක් තෙරුන් වහන්සේනමක් “දරුව, ඔබ ඔය මහල්ලා අතහැර පැවිදි නොවන්නේ කුමක් නිසා ද?” යැයි ඇසූහ. “මා වැනි විපතට පත් වූ බාලයෙකු පැවිදි කරන්නේ කවුරුන් ද?” යැයි බාලයා කීවේ ය.

මෙය අසා ඒ තෙරුන් වහන්සේ මොහු අනාගතයේදී සසුනෙහි උසස් තැනකට පත් වන බව දැන ඒ බාලයා මහල්ලාගෙන් ඉල්ලාගෙන කරුණා සිතින් පැවිදි කරවීය. මනා ලෙස ඉගැන්වීම ද කළහ.

පසු කාලයක තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ උපන් තැන, බුදු වූ තැන, දම්සක් දෙසූ තැන, පිරිනිවන් පෑ තැන ආදී පූජ්‍යස්ථාන හතර වැඳීමට සිතක් පහළ විය. එම නිසා කුඩානම අමතා මෙසේ කීහ. “මම බුදුරජුන්ගේ සතර මහා සිදුවීම් සිදු වූ ස්ථාන බැලීමට දඹදිව යමි. ඔබ පිණ්ඩපාත කොට මෙහි ම මා එනතුරු නවතින්න.”

එබස් ඇසූ කුඩා හිමිනම “මාගේ ජීවිතය ඇති තාක් කල් මම ඔබවහන්සේ අත් නොහරිමි.” යි කී බැවින් තෙරුන් වහන්සේ කුඩා සාමණේරනම ද කැඳවාගෙන දඹදිව සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පිටත් වූහ. එසේ පිටත් වූයේ තවලම් කණ්ඩායමක් සමඟ ය. මෙසේ ගමන් කරද්දී වන මැද තෙරුන් වහන්සේට වාත රෝගයක් හට ගැණිනි. එය මාරාන්තික එකක් විය. එවිට තෙරුන් වහන්සේ ඉතිරි භික්ෂූන්ට කථා කොට “මම දැන් මරණයට පත් වෙමි. ඔබ හැම දෙනාම වැඩිය මැනවි. මා නිසා ඔබගේ ගමනට කරදරයක් වනවාට මා කැමති නැත.” යැයි කීහ.

සියලු භික්ෂූන් එය අසා ඉදිරියට වැඩිය නමුත් සාමණේර හිමියෝ ඔවුන් සමඟ නොගියහ. එසේ නො ගොස් “ඔබ වහන්සේ ජීවත්ව සිටින තුරු මම මෙතැනින් නො යමි.” යි කීහ. පසුව තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. කුඩා හිමිනම දර එකතු කොට මිනිය දවමින් සිටින අතරේ සක්දෙව් රජුගේ ආසනය සෙලවෙන්නට විය. එවිට සක්‍ර දෙවියෝ අප්‍රකට වේශයකින් එතැනට පැමිණ සාමණේර හිමිගෙන් සියලු විස්තර අසා ඒ නම සමඟ එක් වී තෙරුන් වහන්සේගේ ශරීරය දවා ඒ කටයුතු නිම කර සාමණේර හිමි උතුරු දඹදිවට ගෙනගොස් මහා විහාරයේ මහා ඍද්ධිබල සම්පන්න තෙරනමකට භාර දී “මේ භික්ෂූන්ගෙන් ධර්මය ඉගෙනගෙන තමන්ගේ දියුණුව පාදා ගත මැනව.” යැයි කියා ගියහ.

සාමණේර හිමිනම සියලු පූජ්‍යස්ථාන වැඳ මහ තෙරුන් වහන්සේගෙන් ත්‍රිපිටකය ඉගෙනගෙන උන්වහන්සේගෙන් අවසර ගෙන ආපසු හෙළදිවට එන්නට පිටත් වූහ. මහා කොට්ටදේව නම් තැනට පැමිණෙන විට ධර්මයේ එක පදයක තේරුම අමතක විය. ඒ පිළිබඳව සැකයක් පහළ විය. හෙතෙම යළි හැරී ගොස් මැදියම් රැයෙහි වෙහෙරට පැමිණ මහ තෙරුන් වහන්සේ නිදන කාමරයේ දොරට ගැසී ය. තෙරුන් විසින් “කුමකට ආවේ ද?” යි අසන ලද්දෙන් “ස්වාමීනී, මට එක පදයක් ගැන සැකයක් ඉපදී ඇත. එම නිසා ආවෙමි.” යි කීවේ ය. “කරුණා කර එය මට විස්තර කර දෙනු මැනවි.” යි කී විට, “ඔබ විසින් සිතන ලද්දේ එහි නියම අර්ථය ම ය.” යැයි උන්වහන්සේ පිළිතුරු දිනි.

සාමණේර හිමියෝ එය අසා හෙළදිවට පැමිණ බොහෝ දහස් ගණන් භික්ෂූන්ට පාලි භාෂාව උගන්වා අර්ථ කියා දී වර්ෂයකට පමණ පසු රහත් බවට පත් වූහ. තෙරුන් වහන්සේ වස්සානයේ තෙවෙනි මාසයේ ප්‍රථම යාමයේදී පුවඟු දිවයිනෙහි ද මධ්‍යම යාමයෙහි දී මහා විහාරයෙහි ද පශ්චිම යාමයේ දී සෑගිරියෙහි ද එක් රැයක් තුළ තුන් තැනක දහම් දෙසී ය. වස් පවාරණ කරන දිනයෙහි උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක.

“බුදුරජුන් දෙසූ නවාංග ශාස්තෘ ශාසනය යම් පමණක් ද ඒ සියල්ල ම මවිසින් ප්‍රකාශ කරන ලදී. මහා ඉර්ෂීන් වහන්සේගේ ශාසනයෙහි හැම රසයක් ම මා විසින් අනුභව කෙරිණි. මම සත්කාරයට නොනැමෙන්නෙමි. මම යුගන්ධර පර්වතයට යමි.”

මෙසේ කියා තෙරුන් වහන්සේ යුගන්ධර පර්වතයට වැඩමවා පිරිනිවන් පෑ සේක.

ඊට පසුව ආචාර්යයන් වූ මහතෙරුන් වහන්සේ ද දිවැසින් බලා පවාරණය කිරීම සඳහා එහි වැඩි සේක. දේවරාජයා ද “සෝණ තෙරුන් පිරිනිවන් පෑහ” යි සිතා පූජා පවත්වන්නට එහි ගියහ.

එහිදී දිව්‍යමය පූජා ද ආර්යයන්ගේ පූජා ද පැවැත්විණ. මේ අයුරින් ආචාර්යයන් වහන්සේනමක් සත්කාර කරනු ලැබූහ.

සීහළ වත්ථු ඇසුරෙන්

සටහන: මානෙල් පොඩිමැණිකේ

සම්භෝග සංසර්ගය නිසා වෙච්ච විපත
මිරිසවැටි විහාරය මහා සංඝයා වහන්සේට පූජා කරන මහෝත්සවයේදී භික්ෂු භික්ෂුණීහු දහස් ගණනක් රැස් වී සිටියහ. ඒ අතර සිටි කුඩා සාමණේර නමක් උණු කැඳ පාත්‍රයක් ගෙන යන්නේ විටෙක උණු කැඳ පාත්‍රය බිම තබමින් ද තවත් විටෙක සිවුරු පොට උඩ තබා ගනිමින් ද මහත් අසීරු තත්වයකට පත්ව ගෙන යන අයුරු දුටු කුඩා සාමණේරියක් මෙසේ කීවාය

“ස්වාමීනී, උණුකළ කැඳ පාත්‍රය මේ තලිය මත තබාගෙන යනු මැනව”යි කියා එක් බඳුනක් දුන්නීය. කාලයක් ගතවිය. දැඩි නියඟයක් ඇතිවී ලක්දිව මහා සාගතයක් හටගත්තේය. කෑම බීම අතිශය දුර්ලභ විය. මෙබඳු අවස්ථාවලදී යන්තම් දිවි රැකගැනීම සඳහා දඹදිව යාම සිරිතකි.

මේ දුර්භික්ෂය ඇති වීමට කලින් මුලින් සඳහන් කළ සාමණේරිය භික්ෂුණීන් කණ්ඩායමක් සමඟ දඹදිවට ගොස් සිටියාය. මේ දුර්භාග්‍ය සමයේදී උණු කැඳ පාත්‍රය ගෙන ගෙනගිය සාමණේර නම ද තවත් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් සමග දඹදිවට ගොස් චාරිකාවේ යෙදී සිටියේ ය.

මේ අතරතුර පෙර කී කුඩා සාමණේරී නම ද ලක්දිවින් පැමිණ සිටි හිමිවරුන් හමුවීමට පැමිණියා ය. සුවදුක් විමසීමෙන් අනතුරුව සාමණේරියට ඒ සාමණේර නම මුණ ගැසුනාහ. එහිදී සාමණේර නම ඇමතූ සාමණේරිය “මිරිසවැටි පූජෝත්සවයේදී ඔබවහන්සේගේ වයස කීයක් පමණ වන්නට ඇතිදැයි” ඇසුවාය.

“එකල මා අවුරුදු හතක සාමණේර නමකි.” “ඔබවහන්සේගේ වයසට සමාන වයස් ඇති සාමණේරියක්, උණු කැඳ පාත්‍රයක් ගෙන යාමට නොහැකිව දුෂ්කරතාවයට පත් වී සිටි ඔබවහන්සේට තලියක් පිදුවා මතකද?” ඇසුවාය. සාමණේර නම ඔලගුවෙන් තලියක් එලියට ඇද “මේ ඒ තලිය නොවේ දැයි” විමසීය. “හරියට හරි… මේ මා පිළිගැන්වූ තලිය” යැයි භික්ෂුණිය කීවාය.

අවුරුදු බොහෝ ගණනකට පෙර සිදුවූ පුවත මතකයට ආවේය. ඔවුනොවුන්ට ආදර සිතක් ඇති විය. දෙදෙනා ම සිවුරු හැරියාහ. මේ අවස්ථාව වන විට දෙදෙනාට ම වයස අවුරුදු හැටක් වී යැයි අටුවාව විස්තර කරයි.

අට්ඨකතා සාහිත්‍ය

මානෙල් පොඩිමැණිකේ

අටුවා රස කතා -ධ්‍යානයෙන් පිරිහුණු සාමණේර හිමි
පිටිසර පෙදෙසක වාසය කළ තෙරුන් වහන්සේනමක් මහා සෑයත්, මහ බෝධියත් වැඳීම සඳහා අතවැසි වූ තෙරනමක් සමඟ අනුරාධපුරයට ගියේ ය. සවස් කාලයේ බොහෝ දෙනා වන්දනා කරන හෙයින් ටික වේලාවක් නතර වී සිට ඔවුන් ගිය පසු තෙරුන් වහන්සේ සාමණේරනමටත් නොදන්වා හුදෙකලාව ම වන්දනාව සඳහා මහසෑයට ගියහ. සාමණේරනම මෙය දැක මහතෙරුන් වහන්සේ අවේලාවේ කොහි යන්නේදැයි දැනගැනීම සඳහා උන්වහන්සේට නො දැනෙන්න පසුපස්සේ ගියේ ය.

තෙරුන් වහන්සේ දකුණු දෙරටුවෙන් සෑ මළුවට ඇතුළු වී බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සෑය වඳින්නට පටන් ගත්හ. උන්වහන්සේ ඉතා බැතිබරව වන්දනා කරන බව දැක මල් ලැබුණා නම් පූජා කරන්නට ඉතා කැමති වේ යැයි සාමණේරනම සිතුවේ ය. තෙරුන් වහන්සේ සෑය වැඳ නැගිට දා‍ෙහොත් මුදුනේ තබාගෙන සිටින විට සාමණේරනම උගුර පාදා තමා එහි සිටින බව ඇඟවී ය.

ඔහු දුටු තෙරණුවෝ “ඔබ මෙහි කොයිවේලේ පැමිණියේදැ” යි ඇසූ විට “ඔබ වහන්සේ සෑය වඳිද්දී ම” යැයි කියා “ස්වාමීනී, මල් ලැබුණොත් පූජා කරන්නේදැ” යි ඇසී ය.

“ආයුෂ්මතුනි, මෙවැනි අසදෘශ චෛත්‍යයකට මල් ලැබුණොත් පූජා නො කරන්නේ කවරෙක් ද?” යැයි කී විට සාමණේරයෝ ඉර්ධියෙන් හිමාලයට ගොස් සුවඳින් හා පැහැයෙන් යුතු මල් පෙරහනක් ගෙනවුත් පිළිගැන්වූහ. තෙරණුවෝ “මල් ඉතා ටික නො වේ ද?” කියා බටහිර පැත්තේ පියගැට පෙළින් උඩට නැග මල් පූජා කරන්නට පටන් ගත්හ. පළමු පේසාව පිරී පහතට මල් වැටිණි. නැවත සෑම තැන ම මල් විසිරුවමින් පූජා කළහ. එතරම් විශාල මළුව මලින් පිරුණ නමුත් “සාමණේරය, මල් අවසන් වන්නේ නැහැ නොවැ” යි තලතුනා තෙරනම පැවසූහ.

“ස්වාමීනී, පෙරහන යටිකුරු කොට හළනු මැනවි” යි සාමණේරනම කීවේ ය. එවිට මල් අවසන් විය. තෙරුන් වහන්සේ පෙරහන සාාමණේරනමට දී ඇත්පවුර වටා ගොස් සෑය තෙවරක් පැදකුණු කොට හැරී යන්නේ, ‘මේ සාමණේරනමට මහත් වූ ඉර්ධියක් ඇත්තේ ය. එහෙත් මෙය රැකගන්නට හැකි වේදැ?’ යි දිවැසින් බලන්නේ එය රැකගත නො හැකි බව දුටුවාහ.

“සාමණේරය, ඔබ දැන් මහත් ඉර්ධි ඇත්තෙකි. අනාගතයේ මේ ඉර්ධිය නසාගෙන එක ඇසක් කණ වූ පේසකාර ස්ත්‍රියක අතින් සාදන ලද කැඳ බොන්නට සිදුවන්නේ යැ” යි උන්වහන්සේ කීවාහු ය.

සාමණේරනම ඒ අනාවැකිය ගණනකට නො ගත්තේ ය. තෙරණුවෝ කුටෙලිතිස්ස විහාරයට වැඩියහ. සාමණේරනම තෙරණුවන් පිඬු පිණිස යන විට උන්වහන්සේ පිටුපස නො ගොස් “ස්වාමීනී, කවර ගමකට වඩිනා සේක්දැ” යි විමසා “අසවල් ගමට” යැයි කී විට උන්වහන්සේ එහි පිටත් කර යවා තමා පසුව අහසින් ගොස් ගම්දොර සමීපයේ දී තෙරුන් වහන්සේගේ පා සිවුරු දුන්නේ ය.

තෙරුන් වහන්සේ “සාමණේරය, පෘථග්ජන ඉර්ධිය ඉතා දුර්වලයි. විරුද්ධ අරමුණක් දැකීමෙන් බිඳෙන්නට පිළිවෙන. ඒ නිසා අප්‍රමාදී වව්” යයි අවවාද කළහ. එහෙත් ඒ අවවාදය පිළිගත්තේ සාමණේරනම නම් නො වේ. තෙරුන් වහන්සේ චෛත්‍ය වන්දනා කරමින් කබුපෙලන්ද විහාරයට වැඩියහ. එහි වාසය කරද්දී ද සාමණේරයෝ අහසින් ගියහ.

දිනක් රූමත් පේෂකාර තරුණියක් ගම අසල විලකට බැස මියුරු සරින් ගීයක් ගයමින් නෙළුම් මල් නෙළුවා ය. සාමණේර හිමි විලට උඩින් අහසින් යන්නේ ඇයගේ ගීත ස්වරයට බැඳුණි. ඒ සමඟ ම ධ්‍යානයෙන් පිරීහී පියාපත් සිඳී ගිය කපුටෙකු මෙන් අහසින් වැටුණේ ය. බිඳී ගියත් සමාපත්තියේ බලයෙන් ජලයෙහි නො වැටී විල් ඉවුරට පාත් විය. උන්වහන්සේ වේගයෙන් දුවගොස් උපාධ්‍යාය තෙරණුවන්ට පා සිවුරු දී නැවතුනාහ.

තෙරණුවෝ තවදුරටත් අවවාද කළ නමුත් සාමණේර හිමි නතර කිරීමට නො හැකි විය. සාමණේරනම විල් ඉවුරට ගොස් තරුණිය ගොඩට එන තුරු බලා සිටියේ ය. සාමණේරනම අහසින් ගිය බවත්, නැවත පැමිණ සිටින බවත් දුටු තරුණිය “සාමණේරයෙනි, ඉවත් වෙව” යි කීවා ය.

ඔහු ඉවත් වූ කල දියෙන් ගොඩට පැමිණි ඇය වස්ත්‍ර හැඳගෙන අවුත් “ස්වාමීනී කුමක් නිසා මෙහි සිටින්නේදැ” යි ඇසුවා ය. සාමණේරනම තම අදහස කී විට ඕතොමෝ නොයෙක් අයුරින් ඊට විරුද්ධව කරුණු කීවා ය. එහෙත් ඔහුගේ අදහස වෙනස් කරන්නට පුළුවන්කමක් නො වී ය. තරුණිය තම නිවසට ගොස් තම දෙමාපියන්ට මේ ගැන කීවා ය. දෙමව්පියෝ එතනට පැමිණියහ. ඔවුහු ද ඔහුට අවවාද කළහ. කිසිම අදහසක් පිළිගැනීමට ඔහු කැමති නො වී ය.

අවසානයේ දී ඔවුහු මෙසේ ද විමසුවාහු ය. “අපි පේෂකාරයෝ වෙමු. අපේ කර්මාන්තය ඔබට කළ හැකි ද?” “පින්වතුනි, ගිහි වූයේ නම් පේෂ කර්මාන්තය හෝ කුළුපොතු කර්මාන්තය හෝ කරන්නේ ය. මට හැඳ ගැනීමට වස්ත්‍රයක් දීමට තරම් තොප පරිත්‍යාගශීලි නො වන්නාහු ද?” යි ඇසූ විට පේෂකාරිය තමන්ගේ ඉණ වටා ඔතා තිබුණු වස්ත්‍රය ලිහා දුන්නී ය. එය හැඳගෙන මහණකමින් ඉවත් වූ ඔහු ගෙදරට කැඳවාගෙන යනු ලැබුණු පසු ඇය පාවා ගත්තේ ය. ඔහු රෙදි විවීම ඉගෙනගෙන අනෙකුත් පිරිස සමඟ පේෂ කර්මාන්තයේ යෙදී සිටියේ ය.

දිනක් අනෙක් කම්කරුවන්ගේ බිරින්දෑවරු කල් තියා ඔවුනට කෑම ගෙනාහ. ඔහුගේ බිරිඳ මෙතෙක් බත් නො ගෙනා නිසා, අනෙක් අය වැඩ නතරකොට කෑම කද්දී ඔහු රෙදි විවීමෙහි යෙදී සිටියේ ය. තම බිරිය පමා වී පැමිණි බැවින් ඔහු ඇයට තර්ජනය කළේ ය. ඇය සැමියා අමතා මෙසේ කීවා ය. “වෙන අයගේ ගෙවල්වල අවශ්‍ය උපකරණ රැස්කරගෙන තිබේ. පිටතින් ගෙනත් දෙන්නෝ ද සිටිති. මා තනිවම සියලු දේ ම කර ගත යුතු ය. ගෙයි මොනවා ඇති ද නැති ද කිසිවෙක් දන්නේ නැත. ඉතින් කැමති නම් අනුභව කරන්න. අකමැති නම් නිකන් ඉන්න හීරළුවා..” ඔහු තදින් කෝප විය. “දවල් වී බත ගෙනාවා මදිවට මට වදන්වලින් ද අවමන් කරන්නී ය.” කියා දමා ගැසිය යුතු වෙනත් දෙයක් නැතිව රෙදි වියන අලුව ගෙන ඇය වෙතට දමා ගැසී ය. එහි තියුණු කොණ ඇයගේ ඇසක ඇනී ඇස තුවාල විය. ලේ වැගිරෙන්නට විය.

ඒ මොහොතේ ම උපාධ්‍යායන් වහන්සේ “එකැස් කණ පේෂකාර ස්ත්‍රියක් පිසූ කැඳ බොන්නට වේවි” යයි පැවසූ වදන් සිහි වී ඒ ගැන සිතමින් හඬන්නට පටන් ගත්තේ ය. එය බලා සිටි පිරිස “පින්වත, දැන් හැඬීමෙන් ඵලක් නැත. හැඬීමෙන් ඇස ප්‍රකෘතිමත් කළ නො හැක. හැඬීම නවතා කළ යුතු ප්‍රතිකාරයක් කරව” යි ඔවුහු තරවටු කළහ. “පින්වතුනි, ඇස තුවාල වූ නිසා නො වේ. මාගේ උපාධ්‍යායන් වහන්සේගේ අවවාද සිහි වීමෙන් හඬමි” යි ඔහු පැවසී ය.

(මැඳුම් සඟි අටුවාව ඇසුරිනි)

සටහන – මානෙල් පොඩිමැණිකේ