අපරාධයක තීන්දුව | Mahamegha Magazine

චෞරයාගේ වැලපුම
හැඩකාර තරුණයා

විපතට හේතුවන්නේ කුඩා පරවියෙකු විය හැකි නැතිනම් සිත්පිත් නැති වස්තුවක් විය හැකි කවරක් හෝ අගතියකට පරිහරනය කරහොත් කුමන වයසකදී වුවද ගෙනදෙන විපාක බියකරු බවට තිලාන් දුන් පණිවුඩය පසුගිය මහාමේඝයෙන් ගෙන හැද දැක්වූ මා බන්ධනාගාර නිලධාරින්ගේ කාරුණික අනුමතිය ඇති ව මෙවර මුණ ගැසුණේ තුරුණු වියේ පසු වන්නෙකි. නමින් ලලිත් වන ඔහුගේ පියා මාතලේ කෙනෙකි. ඉතා හොඳ වඩු බාස්උන්නැහේ කෙනෙකු වූ ලලිත්ගේ පියා මොරටුව ප‍්‍රදේශයේ රැකියාවකට පැමිණියේ තරුණ කාලයේ ම ය. පසුව ඔහු වඩු පවුලකින් විවාහයක් කරගෙන මොරටුවේ ම පදිංචි විය. ඒ දෙපලට ලලිත් ඇතුලූ දරුවෝ සිව් දෙනෙකු වූහ. පවුලේ අග හිඟකම් නිසා ලලිත්ට යන්තම් වයස අවුරුදු නවය දහය වන විට අම්මා කුවේට් රටේ රැකියාවකට ගියා ය. අම්මා විදේශ ගතවීමෙන් පසු ව තාත්තා දරුවන් හතර දෙනා හදා වඩා ගැනීමට නැවත තම ගම් ප‍්‍රදේශය වූ මාතලේට ගියේ ය. මාතලේ පාසලක හතර වසරට ඇතුළත් වූ ලලිත් ඉගෙනීමට කෙසේ වෙතත් දඟකාරකම්වලටත් කී‍්‍රඩාවලටත් හපනෙකු විය. අම්මා නැති ලලිත්ට දැනුණේ මහත් පාළුවකි. අඩුවකි. අනෙක් සහෝදර සහෝදරියන් තුන්දෙනාට දක්වන සැලකිලි පියාගෙන් ලලිත්ට නො ලැබේ. පියා තමාට වෙනස්කම් කරන බවක් ගැටවර වයසට එළැඹෙන ලලිත්ට දැනෙන්නට විය. අම්මා නැති ශෝකයත්, ගෙදර පරිසරයත්, තාත්තා තමා කෙරෙහි දක්වන ආකල්පයත් නිසා ලලිත්ගේ කලකිරීම එන්න එන්න ම ලියලන්නට විය. කි‍්‍රඩාවේ යෙදෙන ඔහුට ගෙදර උයන සිල්ලර කෑම වේල ප‍්‍රමාණවත් නැත. ඔහුට වඩා පෝෂ්‍යදායි ආහාර වේලක් සහ අතිරේක ආහාර අවශ්‍ය විය. පන්තියේ අනෙක් ළමයින්ගේ අතේ ගැවසෙන සල්ලි වලින් ඔවුන් විවිධ රසවත් කෑමවල රස බැලූවත් ලලිත්ට ඒ වාසනාව නැති වුණේ අම්මා එවනු ලබන මුදල් වලින්වත් තාත්තා තමාට කීයක්වත් නො දුන් බැවිනි.

කුඩා කලම නරකට පෙළඹීම

ඒ අඩුපාඩුව මඟහරවා ගැනීමට ඔහු පෙලඹුණේ නරකිනි. තම ඕනෑ-එපාකම් පිරිමසා ගැනීමටත්, තාත්තාගෙන් එක්තරා ආකාරයකට පළිගැනීමටත් අවුරුදු 9-10 කාලයේ සිට ම ලලිත් තාත්තාගෙන් සල්ලි සොරකම් කරන්නට පටන් ගත්තේ ය. දිනපතා ම වාගේ තාත්තාගෙන් සල්ලි සොරකම් කළ නිසා ලලිත් අත මුදල් ගැවසෙන්නට විය. සොරසිත සහ සොරකමට යෙදිය හැකි උපක‍්‍රම ද ප‍්‍රගුණ කරගත් ලලිත් අහල පහල ගෙවල් වලින් සුළු සුළු සොරකම් කරන්නට පටන් ගත්තේ ය. ඒ ගෙවල්වල රුපියල් 100-200 නැති වන බවට කසු කුසු ද ඇති විය. මේ අතරතුර ළඟ කඩයක අත්උදව්වට ගිය ලලිත් එහි ලාච්චුවේ එකතුවන මුදල් වලින් දිනපතා රුපියල් 100-200 වැනි මුදලක් සොරකම් කිරීමට උපාය යෙදී ය. වරක් මුදලාලිට මුදල් අඩුවක් තේරී ලලිත්ට ගුටි කන්නට ද සිදුවිය. අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනගත් අවුරුදු 14-15 කාලයේ දී මේ සොරකම නරක බව වටහාගත් ඔහු ආයාසයෙන් ඉන් මිදී ඇත.

රණවිරුවෙකු වීමේ වාසනාව

කෙසේ වුවත් අ.පො.ස. සාමාන්‍ය පෙළ ලියූ මේ දඩබ්බර ගැටවරයාට දැන් ගෙදර රුස්සන්නේ නැත. තාත්තා සමඟ එළිපිට ම විරසක මතුවන්නට විය. අරමුණක් නැති ව වසර දෙක තුනක් ගත වෙද්දී ඔහු වරින් වර මවගේ ගමට ද පැමිණ ටික කලක් ගත කළේ වඩු වැඩ ද ඉගෙන ගනිමිනි. මේ වන විට ඔහු සොරකම් කිරීමේ පුරුද්ද සහමුලින් අත්හැර තිබුණු බව පවසයි. වයස අවුරුදු 18 පිරෙත් ම කඩවසම් ලලිත් තරුණයා යුද හමුදාවට බැඳුණේ ය. ශරීරයේ පෙනුමත් කී‍්‍රඩා කුසලතාත් නිසා යුද හමුදාවට බැඳීමට ඔහුට කිසිදු අපහසුතාවක් නොවී ය. මේ කාලයේ දී සිදු කළ යුද මෙහෙයුම්වල දී ඔහු යුද බිමේ කාර්යශූර රණවිරුවෙකු ලෙස සටන් කළ හැටි සතුටින් මෙනෙහි කරයි. වැටුප සහ දීමනා ආදිය සමඟ හොඳ ආදායමක් ලැබුණ නිසා. ලලිත්ගේ අත මිට සරු ය. සැලකිය යුතු මුදලක් ද ඉතිරි කර ගත හැකි විය.

අසාර්ථක වු විවාහය

පාසල් යන කාලයේ සිට ම තමා සමඟ සම්බන්ධකම් පැවැත්වූ රංජනී විවාහ කරගන්නා විට ඔහුගේ වයස විස්සක් වත් නැත. රංජනී වයසින් අවුරුදු 2 ක් වැඩිමහල් වුවත් තමාගේ සිත්ගත් තරුණිය ඇය බව ඔහු පවසයි. වහාම දරු සම්පතක් ද ලැබුණු අතර ඒ පුතා අද අවුරුදු දොළහක් පමණ වයසැති බව ද බන්ධනාගාරයෙන් සිරකරුවන්ගේ දරුවන්ට ලබාදෙන ශිෂ්‍යත්වයකට මෑත දී හිමිකම් ලැබූ බව ද ලලිත් පවසයි. නිවාඩුවක් ලබාගත හැකි වූ වහා ම බිරියටත් දරුවාටත් අත කට පුරා තෑගි බෝග රැගෙන ලලිත් ගමට ආවේ මහත් සතුටිනි. මේ කාලය වන විට බිරියට ගමේ ම සේවය කරන්නට රජයේ රැකියාවක් ද ලැබුණි. ඒ නිසා ලලිත්ගේ පවුලට හොඳ කලක් උදා වී ඇත. කෙසේ වෙතත් හමුදා සේවයට ගිය අතරතුර රංජනී ගමේ ම වෙනත් පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන බව ගමේ යාළුවන් කීපදෙනෙකු ලලිත්ට ලිපි මගින් දන්වා ඇත. උපායක් යෙදූ ලලිත්ට එම අනියම් සම්බන්ධතාව අතට ම හසුකර ගත හැකි වූ අතර ඒ නිසා ම ඔහු රංජනී අතහැර දැම්මේ ය. ජීවිතයේ බලාපොරොත්තු සුන් වූ ලලිත් රැකියාවට ඇති ආශාව ද අත් හැරියේ ය. ඔහුගේ ම භාෂාවෙන් කිවහොත් ‘‘ඊළඟ නිවාඩුවට ආවම මම ඇබ්සන්ට් වුණා”.

බහු විවාහයට පැටලීම

ජීවිත ගමන් මඟ වෙනස් කරමින් නැවතත් වඩු වැඩ කිරීමට ඔහු මොරටුවට පැමිණියේ ය. මේ අතරතුර කුරුණෑගල හිතවතකුගේ මංගල්‍ය උත්සවයකට ගිය විටෙක පාසල් වියේ පසු වූ ලසන්ති ඔහුට හමු විය. තමා විවාහකයකු සහ පියෙකු බව නො ඇඟවූ ඔහු ලසන්ති සමඟ පෙමින් වෙලූණි. ඇයගේ ගෙදරින් විරෝධතා මතු වූ විට ඔහු ලසන්ති පැහැර ගෙන ගොස් විවාහ කර ගත්තේ ය. බාල වයස්කාරියක පැහැරගෙන ගොස් වැරදි වයස් යොදා විවාහ කර ගැනීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැනුණු අතර නඩු ද පැවරුණි. මේ අවස්ථාව වන විටත් ඔහුගේ පෙර විවාහය ගැන කිසිවෙකු දැන සිට නැත. සියල්ල සමථයකට පත් වී ලලිත්ට ලසන්ති සමග දීග කන්නට ඉඩ ලැබුණි. නොබෝ දිනකින් ඇය ද ගැබිණියක් වූවා ය. හමුදා වැටුප් ආදිය නොමැති ව වඩු වැඩෙන් ලැබෙන ආදායම පවුල රැකීමට ඔහුට ප‍්‍රමාණවත් නොවී ය. දුර්වල ආර්ථිකය නිසා ළාබාල බිරිය ජීවත් කිරීම ඔහුට අභියෝගයක් විය. දරුවා ද ලැබුණි. පවුලේ අග-හිඟකම් මතු වන විට මුදල් සෙවීමේ නව මං සෙවීමට ඔහුට සිදු විය.

කුඩා කළ සොරකමේ මූල බීජ සරුවට වැඞීම

ඔහු යළි තෝරාගත්තේ පැරණි දුසිරිත ම ය. වළදැමූ සොරසිත තමාට යළි පිළිසරණ වෙතැයි සිතූ ඔහු තමා වඩු වැඩට ගිය නිවෙස්වල ඔත්තු මාරු බලාගෙන අවුත් රාත‍්‍රි කාලයේ සොරකමේ යෙදෙන්නට විය. සොරකමේ ආදායම වැඩිවත් ම ඉන් රස වැටුණු ලලිත් වඩු වැඩට ගිය ගෙවල් අසල ගෙවල් වලට ද පනින්නට පටන් ගත්තේ ය. ඉන්පසු ඔහු ගෙවල් බිඳින මහ හොරකු බවට පත් විය. කෑගල්ල, කුරුණෑගල, මහනුවර, රුවන්වැල්ල ආදී ප‍්‍රදේශවල සැරිසරමින් මුදල් හදල් යහමින් ඇතැයි සිතූ ගෙවල්වලට මධ්‍යම රාති‍්‍රයේ දී ජනෙල් විවෘත කොට ඇතුළු වූ ලලිත් සොරාගෙන ඇත්තේ මුදල් සහ රන් භාණ්ඩ පමණි. සෑම ප‍්‍රදේශයක ම බැංකුවලට එම රන් භාණ්ඩ උකස් කොට මුදල් ලබා ගත් ලලිත් ලක්ෂ ගණනින් පොහොසතෙකු විය. ලසන්තිටත් දරුවාටත් රජ සැප ලැබේ. ලසන්ති කිසි විටෙකත් මේ තරම් මුදල් ලැබෙන්නේ කෙසේ දැයි නො විමසූ බවත්, වඩු වැඩ වලින් නම් මෙතරම් මුදල් නො ලැබෙන බව ඇයට හොඳින් අවබෝධ වී තිබෙන්නට ඇති බවත් ඔහු කියයි. වහ වහා දෙමහල් මන්දිරයක් ඉදි කළ ඔහු තට්ටු වෑන් රථයක් ද ති‍්‍රරෝද රථයක් ද මිලට ගෙන ඇත. මේ වන විට රුපියල් ලක්ෂ 90 පමණ රන් භාණ්ඩ බැංකුවල උකස් කර තිබුණු ලලිත් ළඟ මිලියන ගණන් මුදල් ඉතිරි ව තිබුණි. වාහන ටික මිලට ගෙන ඇත්තේ නොබෝ දිනකින් සොරකම් කිරීම නවත්වා ප‍්‍රවාහන ව්‍යාපාරයක් කරගෙන යාමේ අරමුණින් බව ලලිත් කියයි. ඉතා අවදානම් සහිත ලෙස රාති‍්‍ර කාලයේ ගෙවල්වලට ඇතුළු වී සොරකම් කළත් කිසි දිනෙක තමා කිසිවෙකුට හසු නො වූ බව කියන්නේ මුවඟට සිනහවක් ද නඟමිනි.

වරදින තැනක් ඇත

දිනක් ගෙදරකට ඇතුළු වූ ලලිත් මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කරන අතරතුර කිසි දිනක නො කළ දෙයක් ද කළේ ය. එනම් ඒ නිවසේ මේසය මත තිබුණු ජංගම දුරකතනයක් ද අතට ගැනීම ය. සොරාගත් ජංගම දුරකතනය ඔහු ලසන්තිගේ පියාට දුන්නේ එහි සිම් කාඞ්පත ඉවත දමා අලූත් සිම් කාඞ්පතක් ද ඇතුලත් කිරීමෙනි. ලලිත් දැන් සොරකම් කිරීම සම්පූර්ණයෙන් ම නවත්වා වඩුවෙකු වූ තම මාමණ්ඩිය සමග වඩු වැඩ කිරීමට යයි. දැන් ඔහුට අගහිඟකම් නැත. ඇති තරම් මුදල් ද ඇත. හොඳ මිනිසෙකු ලෙස ගමේ පාසලට සහ පන්සලට ද උපකාර කර ඇත. ලලිත් හොඳ මිනිසෙකු ලෙස මාස අටක් පමණ කාලයක් ගත කළේ ය. තවත් ඔහුට සොරකමේ යාමේ අදහසක් නැත.

දඩුවමේ අමිහිරි බව

මාස අටක පමණ කාලයකට පසු ව එකවර රහස් පොලිසියේ නිලධාරී කණ්ඩායමක් පැමිණ ලසන්තිගේ පියා අත්අඩංගුවට ගත්තේ සොරකම් කරනු ලැබූ දුරකතනය පාවිච්චි කරන්නා ලෙස දුරකතනයේ මැෂින් අංක (IMEI No.) හරහා ලූහු බැඳීමෙනි. නිර්දෝෂී මාමණ්ඩිය ඉන් නිදහස් කොට තම වරද පිළිගත් ලලිත් පොලිසියට ඉදිරිපත් විය. සොරකම් එකින් එක අනාවරණය විය. බැංකුවල උකස් කර තිබුණු ලක්ෂ 75 කට වඩා වැඩි රන් ආභරණ නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් විය. නඩු 32 ක් අධිකරණ හතරක දී පැවරුණි. ඔප්පු කිරිමට නො හැකි වීමේ හේතුවෙන් නඩු 16 කින් ඔහු නිදහස් විය. ඉතිරි නඩු 16 කට වැරදිකරු වූ ලලිත් අවුරුදු 38 ක සිර දඬුවමකට යටත් විය. මේ වන විට රිමාන්ඞ් බාරයේ අවුරුදු 2 ක් ද වැරදිකරු වී අවුරුදු 5 ක් ද වශයෙන් අවුරුදු 7 ක් සිරබත් කා ඇත. මින් අවුරුදු 12 ක සිර දඬුවම රු.41,500/-ක දඩයක් ගෙව්වා නම් අඩුකර ගත හැකි ව තිබුණු බව පවසන ලලිත් ලක්ෂ 90 කට වැඩි මුදලක් ඇතුලූ සියළු දේ ළඟා කර දුන් නමුත් තම භාර්යාව එම මුදලවත් ගෙවීමට ඉදිරිපත් නොවූ බව කියයි. මේ වන විටත් අවුරුදු 35 ක් වයසැති මේ තරුණයා නියමිත සිර දඬුවම එසේ ම ගෙවනු ලැබුවහොත් සිපිරි ගෙයින් යළි නිදහස් වී යන්නේ අවුරුදු 68 ක වයස්ගත පුද්ගලයෙකු වශයෙනි.

පසුතැවිල්ලෙන් වැඩක් වේද ?

ලසන්ති ගැන මහත් තරහකින් කතා කළ ඔහු වසර කීපයකින් ම ඇය තමා බැලීමටවත් නො පැමිණි බවත්, ඇයට තමා එපා කියන බවත් පැවසී ය. මේ වන විට ලසන්ති තමා එකතු කර තබා තිබුණු ලක්ෂ ගණනක සියලූ මුදල් විනාශ කොට මුදල් සෙවීම සඳහා වෙසඟනක් වී සිටින බව තමාට ආරංචි යැයි පැවසුවේ ඒ නිසා තමාගේ දරුවාට වන හානිය සිහිපත් කරමිනි. ලසන්ති නිසා තමා සොරකමට පෙළඹුණ බවත්, ඇය ඒ නිසා සැප සම්පත් වින්ද නමුත් ඒ නරක වැඩ වලින් තමා මුදා ගැනීමට කිසි විටකත් කටයුතු නො කළ බවත් ඇය අතිශයින් අකෘතඥ ගැහැනියක බවත් කියමින් බලවත් සේ දොස් නගයි.

කරන කලට පව් මිහිරි ය මී සේ

විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ….

පැහැපත්, එමෙන් ම මනා කඩවසම් සිරුරකින් හෙබි මේ තරුණයා මට පෙනුණේ අවුරුදු 26-27 ක තරමේ කෙනෙකු ලෙසිනි. එතරම් ම ප‍්‍රසන්න පෙනුමකින් හෙබි ඔහු දැනට බන්ධනාගාර නැටුම් කණ්ඩායමේ දෙවැනියා ලෙස කටුයුතු කරයි.

කුඩා කළ සිට ම වරද සිය ජීවිකාව කොට ගත් ලලිත් දඩබ්බරකම සහ සොරකම නිසා තම ජීවිතය වැරදි මගකට යොමු කර ගත්තේ ය. එක් විවාහයක් කරගත් ඔහු නීතියට විරුද්ධ ව බහු විවාහයක් ද කර ගත්තේ ය. සමාජ සම්මතයට එරෙහි ව කටයුතු කරමින් සමාජයට පිළිලයක් ද විය.

මේ සියල්ලට මුල වූයේ තම මව කුඩා කාලයේ දී තමාත්, අනෙක් සහෝදර සහෝදරියන් තුන් දෙනාත් තනිකොට දමා මැද පෙරදිග රැකියාවකට යාම බව සුසුමක් හෙළමින් ඔහු කියයි. මවගේ සෙනෙහස සහ මගපෙන්වීම නො ලබන දරුවෙකු මෙසේ වල්මත් වීම පුදුමයක් නො වන බව ඔහුගේ දැඩි අදහස විය. අහිමි වූ මව් සෙනෙහස මැද පියාගෙන් වූ වෙනස්කම් තමා නරක මිනිසෙකු බවට පත් කළ බව ලලිත් කියයි.

තම වටිනා තරුණ ජීවිතය බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවීම තමා විසින් ම සිදු කරන ලද පාපතර කි‍්‍රයාවල ප‍්‍රතිවිපාක බවට පාපොච්චාරණය කරන ලලිත් තමා අහිංසක පුද්ගලයන් දහඩිය මහන්සියෙන් උපයා ගත් රන්, රිදී, මුදල් පැහැරගැනීම ගැන අද පසුතැවිලි වෙයි. ඔහු වඩාත් තැවෙන්නේ ඉන් කිසිවෙකුට හෝ අර්ථසිද්ධියක් නො වුණු බව පසක් කර ගනිමිනි. වැරදි කරන්නවුන් මෙලොව දී මෙන් ම පරලොව දී ත් ඒවායේ ආදීනව බුක්ති විඳිති. ලලිත් අද සිරබත් කන සමාජද්‍රෝහී චූදිතයෙකි. ඔහුට මව නැත. පියා නැත. බිරියන් දෙදෙනෙකු සිටියත් දෙදෙනා ම අහිමි ය. දරුවන් දෙදෙනා ද තම පියා පිළිකුල් කරනු නියත ය. ඒ මෙලොව දී අසරණ වූ ඔහු ය. මරණින් මතු ලලිත්ට කාගේ නම් පිළිසරණක් වේ ද?

කරගත්තු පව් විපාක නොදී තියෙන කල් විතරයි ඒ පුද්ගලයාට ඒ පව් ලස්සන දෙයක් වගේ පේන්නෙ. නමුත් විපාක දෙන්න පටන් ගත්ත දවසට තමයි ඒ පව්වල හැබෑ ස්වභාවය ඒ පාපී පුද්ගලයාට වැටහෙන්නෙ.

(පාප වග්ගය – ධම්ම පදය)

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන

තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්

නීතිඥ සිරිපාල විරිතමුල්ල

පෝරකයෙන් මිදුනු ඔහු…
කාම රාගය මුල් කරගෙන සමාජයේ අයහපත් ජීවිත ගත කරන අය මෙලොව දී ම අඳුරට යන බව පසක් කර දීමට කාලයේ වැලි තලාවෙන් වැසී ගිය කිරඹකන්ද ඝාතනයේ පුවත කදිම නිදසුනකි. එදා මිය ගිය කිරඹකන්ද දරුවා එ් අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ නො දී ජීවත් ව සිටියා නම් අද වන විට ඔහු අවුරුදු 60ක් ඉක්මවූ පුද්ගලයෙකි. එම අහිංසක ජීවිතය බිලි ගැනීමේ පාප කර්මය නිසා ඊට වගකිව යුතු වූවන් මෙලොව දී ම අනන්ත දුක් පීඩාවන්ට මුහුණ දුන් අතර මරණින් මතු බිහිසුණු නිරා දුක්වලින් කාලාන්තරයක් පීඩා විඳීම වැළැක්විය නො හැකි ය.

බන්ධනාගාරයෙන් පිටත වූ හමු වීම

සාපරාධී චෝදනා මත බන්ධනාගාරගත ව සිට ඉන් නිදහස් ව සමාජයේ යහපත් ජීවිතයක් ගත කරන්නෙකුගේ පුවතක් මෙවර මහාමේඝයෙන් ඔබ වෙත හෙළිදරවු කරන්නට මට සිත් විය. බන්ධනාගාර නිලධාරියෙකුගේ සහායෙන් ලද තොරතුරු මත හමුවීමට වේලාවක් දුරකථන ඇමතුමකින් කතිකා කරගෙන පානදුර ප‍්‍රදේශයේ එක්තරා නිවසකට මා ගියේ මරණීය දණ්ඩනයට නියම වී සිට පසු ව බන්ධනාගාරයෙන් නිදහස් ව මනා ලෙස සමාජගත වී ඇති අඹුසැමි දෙපලක් වන ගාමිණී ගමගේ මහතාත්, දමයන්ති ගමගේ මහත්මියත් මුණගැසීමට ය.

ජීවිතයට දැමූ අත්තිවාරම

තම නම් ගම් ආදිය වෙනස් නො කොට එ් අයුරෙන් ම පළ කරන්නැයි ස්වේච්ඡුාවෙන් ම සහ ඕනෑකමින් ම කියා සිටි බැවින් එම දෙපලගේ පුවත ඔවුන් මා හට කියා සිටි ආකාරයෙන් ම ඔවුන්ගේ පෞද්ගලිකත්වයට අගතියක් නොවන අයුරෙන් දක්වන්නට වෑයම් කරමි. ගාමිණී මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බෙලිඅත්ත ප‍්‍රදේශයේ ඉතා වැදගත් පවුලක සාමාජිකයෙකි. ගමේ පාසලේ ප‍්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ව දකුණු ලංකාවේ ඉතා විශිෂ්ට විද්‍යායතනයක් වන දික්වැල්ල විජිත මැදි මහ විදුහලෙන් උසස් අධ්‍යාපනය ලබා අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සම්මාන තුනක් සහිත ව විෂයයන් හතරෙන් ම සමත් වුවත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තරම් ප‍්‍රමාණවත් ලකුණු ඔහුට ලැබී නැත. එ් නිසා අධ්‍යාපන කටයුතු එතැනින් අවසන් කළ ඔහු තම සුදුසුකම් හා හැකියාවන් මත රැුකියාවක් ලබා ගැනීමට උත්සාහ ගෙන ඇත. මුලින් ම ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාතර රුහුණු සේවයේ සහන නිවේදකයෙකු ලෙස රැුකියාවකට ඇතුළත් වූ ගාමිණී මහතා ස්වකීය දක්ෂකම් පෙන්වමින් වසර දෙකක් එහි සේවය කොට ඇත. එවකට වෙළෙඳ, වාණිජ හා නාවික කටයුතු අමාත්‍යංශය යටතේ නැවියෙකු ලෙස සේවයට බැඳුනු ඔහුට ශිෂ්‍යත්වයක් මත ඕලන්දයේ අවුරුද්දක කාලයක් පුහුණු වීමට අවස්ථාව සැලසුණි. 1983 වර්ෂයේ උතුරේ යුද ගිනි ඇවිළීමත් සමග ඔහු නාවික හමුදාවට අනුයුක්ත කරනු ලැබිණි. මේ කාලය තුළ දී තම නාවික සගයෙකුගේ ඥතිවරියක වූ දමයන්ති මහත්මිය මුණගැසුනු අතර ඇය සමග 1988 වර්ෂයේ දී විවාහ විය.

පවුලට ආර්ථික – සමාජයීය දියුණුව

මේ වන විට සැලකිය යුතු මුදලක් ද රැුස් කර ගෙන තිබුණු බැවින් 1989 වර්ෂයේ දී නාවික හමුදාවේ සේවා ගිවිසුම අවසන් කොට තම බිරිය ද සමග ගම් ප‍්‍රදේශයේ පදිංචියට ගියේ ය. බෙලිඅත්ත ප‍්‍රදේශයේ බණ්ඩාරවත්ත ගමේ ප‍්‍රධාන පාරට යාබද ඉඩමක් මිලට ගෙන සැලකිය යුතු හොඳ තත්ත්වයේ නිවසක් තනාගෙන එහි පදිංචිය ගත්තේ ය. නිවසේ පිහිටීම ඉතාම වාසිදායක වුණේ එය බණ්ඩාරවත්ත කඩපොළ ආසන්නයේ තිබීම නිසා ය. හොඳ ව්‍යාපාරික අවස්ථාවක් ගැන සිතූ ඔහු තම මාමණ්ඩියගේ දැනුම ද දායක කරගෙන විදුලිය පෑස්සුම් වැඩපොළක් නිවසේ ම ආරම්භ කළේ ය. ප‍්‍රදේශයේ වෙනත් පෑස්සුම් වැඩපොළක් නො තිබුණ හෙයින් සෑහෙන කාර්ය බහුල තත්ත්වයක් ඇති වුණු අතර ඔහුගේ අත මිට ද සරුවිය.

ගමට උපකාර ඇති පවුලක්

ප‍්‍රධාන මාර්ගයේ සිට ගම්මණ්ඩියට යාමට තිබුණ ගම් සභා පාර වැටී තිබුණේ තම නිවස හා වැඩපොළ පිහිටි ඉඩම අද්දරිනි. ගාමිණී කුඩා කල සිට හැදුණු වැඩුණු තම දෙමව්පියන්ගේ මහගෙදර තිබුණේ ද ප‍්‍රධාන පාරේ සිට කිලෝ මීටර් දෙකක් පමණ ඈත පිහිටි එකී ගම්මණ්ඩියේ ය. පර්චස් 100ක් පමණ විශාල වූ තම ඉඩම තුළ එම ගම් වැසියන්ට තවත් සේවාවක් ලබා දීමට ඔහුට හැකි වුණේ ආරක්ෂා සහිත ව වාහන නවත්වා තැබීමට එහි ඉඩ සැලසීම නිසා ය. විශේෂයෙන් පොළ පැවැත්වෙන දිනවලත්, සෙසු දිනවලත් ගමෙන් ප‍්‍රධාන පාරට සහ නගරයන්ට යාමට බස් රථයකට නගින්නට වුවමනා අය තම පාපැදියෙන්, යතුරු පැදියෙන් හෝ අත් ට‍්‍රැක්ටරයෙන් පැමිණ එ්වා නවත්වා යන්නේ ගාමිණිගේ මිදුලේ එ් සඳහා වෙන්කර දුන් ස්ථානයේ ය. තමා එ් සේවාව සැපයුවේ මුදල් සෙවීමේ අරමුණෙන් නො වූ බවත් ගමේ මිනිස්සුන්ට සේවාවක් සැලසීමේ අරමුණෙන් බවත් ගාමිණී මහතා පැවසී ය. මේ දෙපලට මේ වන විට දරුවන් දෙදෙනෙකු ද ලැබුණු අතර ඉතා හොඳ සමාජ තත්ත්වයක් පවත්වාගෙන ගම් ප‍්‍රදේශයේ යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට තරම් හොඳ පසුතලයක් ඇති විය. අමාරුකම්වලට මුහුණ දුන් ගමේ අයට පුළුවන් ආකාරයෙන් උදවු උපකාර කිරීම නිසා ඔහුට හොඳ කීර්තියක් ද ඇති විය. ගමේ පන්සලේ කටයුතුවලට මුදලින් මෙන් ම සහභාගිත්වයෙන් ද සහාය දැක්වූ ඔවුහු හොඳ දායක පවුලක් බවට ද පත් විය.

ඈලියාවට ගිය උපකාර

එකී ගම්මණ්ඩියේ ම තම මහ ගෙවල් ආසන්නයේ පවුලක කුඩා කාලයේ සිට හොඳින් දන්නා කෙනෙකු වන කමල් (මන:කල්පිත නමකි* ගාමිණී මහතාගේ වැඩපොළේ නිතර ගැවසෙන පුද්ගලයෙකි. හරි හැටි රැුකියාවක් නැතත් යාබද ගමක මැරවරයෙකුගේ ගෝලයෙකු බවට පත් ව කටයුතු කිරීම නිසා නැගී එන ගමේ චණ්ඩියෙකු බවට නමක් ලබාගත්තේ ය. එකී මැරවරයා සමග විවිධ යාකාරකම්වල නිරත වී ගමට පැමිණි විට නොවරදවා ම ගාමිණීගේ වැඩපොළේ පැය ගණන් ගත කිරීම ඔහුගේ පුරුද්දක් විය. කෙසේ වුවත් ගාමිණී ඔහු අතේ දුරෙන් තබා ගැනීමට අමතක නො කළේ ය. තම වැඩපොළ තුළ කමල්ගේ ගැවසීම ගාමිණීට එතරම් ගැටලූවක් නො වුණත් එය ගම් ප‍්‍රදේශයේ අයගේ මැසිවිලිවලට හේතුවක් විය. විවෘත ව චණ්ඩිකම් පාමින් බය නැති බවත් පෙන්වුවත් කමල් නිතර ම සිට ඇත්තේ බයෙන් බැවින් ගාමිණීට මහත් හිසරදයක් වී තිබුණේ නිති පතා ම තම පාපැදියෙන් හෝ යතුරු පැදියෙන් ඔහු ගෙදර කැන්දාගෙන ගොස් ඇරලීමට සිදු වීම නිසා ය. මේ කාරණය පිළිබඳ ව බොහෝ විට ගම්වාසීන්ගෙන් ගාමිණී වෙත නොසතුට පළ කෙරී ඇත්තේ කමල්ගේ අයහපත් කල්ක‍්‍රියාවට එය අනුබලයක් වූ බැවිනි. කමල්ගේ මවට විවාහ තුනක දරුවන් සිට ඇති බැවින් ලොකු දරු පවුලක සාමාජිකයන් අතරේ දේපළ ආරවුල් නිතර ඇති විය. එම ගෙදර පවුල් තුනේ සහෝදරයන් අතර නිතර සණ්ඩු-සරුවල් සහ ගුටි-බැට පැවතුණි. එ් හැම එකකට ම වාගේ මැදි වන්නේ ඔවුන්ගේ මව ය. දිනක් කමල්ගේ ගෙදර ලොකු කෝලාහලයකි. එ් කමල් අම්මාගෙන් මුදල් ඉල්ලා කරන ලද අරගලයකි. තම මෑණියන්ට පහර දී පොරොවක් ගෙන අල්මාරියට ගසා එය දෙපළු කොට මුදල් ගෙන ගොස් ඔහු මත්පැන් බී ඇත. අම්මා තමාට කරන ලද කරදරය පිළිබඳ ව පුතාට විරුද්ධ ව පොලීසියේ පැමිණිල්ලක් කොට ඇත.

නො සිතූ-නො පැතූ කරදරයක්

පසු දා පහන් විය. ගාමිණී එදින උදෑසන ම වැඩපළට බඩු වගයක් මිලට ගැනීමට මාතරට ගොස් ඇත. මේ අතර කමල්ගේ මව විසින් කරන ලද පැමිණිල්ල මත පරීක්ෂණයක් කිරීමට බස් රථයෙන් පැමිණි පොලිස් නිලධාරියාට ගම් ගොඩට යාමට පිළිවෙළක් නොමැති වීමෙන් ගාමිණීගේ වැඩපොළට පැමිණ උපකාරයක් ඉල්ලා ඇත. ගාමිණී ද නිවසේ නො සිටි බැවින් යාබද නිවසේ පදිංචිකරුවෙකු වන පුංචි මහත්තයා නැමති අය ඉදිරිපත් වී මිදුලේ නවතා තිබුණු යතුරුපැදියක් මත පොලිස් නිලධාරියා නංවාගෙන පැමිණිල්ල විභාග කිරීමට ගෙන ගොස් ඇත. පොලිස් නිලධාරියා පැමිණ ආරවුල විභාග කොට කට උත්තර සටහන් කොට ගෙන කමල්ට පොලිසියට එන ලෙස දන්වා ගොස් ඇත.

මැරවරකමේ ආදීනව

මේ කාරණයෙන් කමල් සහ අම්මා අතර පැවති අමනාපය වෙනත් අතකට යොමු විය. පොලිසියේ රාළහාමිට තම නිවසට යාමට යතුරු පැදියක් දුන්නේ ඇයි දැයි කෝපයෙන් විමසමින් පැමිණි කමල්ගේ වෙනස් වීම ගාමිණීට අමුත්තක් විය. බීමත් ව පැමිණ නොයෙකුත් වහසිබස් දොඩමින් කෑ ගැසූ කමල් ගාමිණීගේ කම්මුල හරහා වැරෙන් පහරක් ගැසුවේ ඔහු ආරවුලකට කැඳවමිනි. තම ගණන්කාරකම පෙන්වීම මෙන් ම, ගාමිණීගේ දියුණුව පිළිබඳ ඇති කරගෙන තිබුණු ඊර්ෂ්‍යාව ද මෙහි දී ඉස්මතු වී ඇත. ගාමිණීට හිතවත් අසල්වාසීන් වහ වහා එ්කරාශී වීමත් සමග කමල් සෙමෙන් පසු බැස පරුෂ වචනයෙන් බැණ වදිමින් ගම්සභා පාර දිගේ තම නිවස කරා ගොස් ඇත. සියලූ දෙනාගේ ම උපදෙස් මත ගාමිණී පසු දා උදෑසන ම පොලිසියට ගොස් පෙර දා සිදු වූ සිද්ධිය කියා මතු ආරක්ෂාව සඳහා පැමිණිල්ලක් කොට ගෙදරට ගොඩ විය. එදින බණ්ඩාරවත්ත පොළ දිනය විය. පාරේ බොහෝ සෙනග ය. මිදුල පුරා ම පා පැදි, යතුරු පැදි, අත් ට‍්‍රැක්ටර් ආදිය නවතා තිබුණි. නිවසෙන් බඹ කීපයක් පසුපසින් තිබුණු වැසිකිළියේ සිටි ගාමිණීට තම බිරියගේ කෑගැසීමක් ඇසුණි. එ් අසා එළියට ආ ගාමිණී දුටු කමල් එක්වර ම කියා ඇත්තේ ‘‘අර ප‍්‍රශ්නය ඉවරයක් කරන්නයි ආවේ” කියා ය. පෙර දා සිද්ධිය බීමත්කම නිසා සිදු වූවක් ය, එදින ඔහු පැමිණ ඇත්තේ සාමයෙන් කතා කොට ගැටලූව අවසන් කරන්නට ය සිතා ගාමිණී ඔහු වෙත එත් ම කමල් වැරෙන් පහරක් ගසා ඇත. ඊ ළඟට ගාමිණීගේ බඩට ගැසූ දැඩි පහරින් ඔහු විසි වී වැටුණි. ඉන් නො නැවතුණු කමල් තම කකුලේ සඟවාගෙන පැමිණි පිහියක් ඇද ඉන් අණින්නට පැන ඇත. පිහිය සහිත අතේ එල්ලී බිරිය විසින් කරන ලද වැළැක්වීම නිසා තම ජීවිතය බේරුනු නමුත් ඇයගේ අත කැපී ලේ වැගිරෙමින් තිබුණ බව ගාමිණී කියයි. තමාගේ ජීවිතයට ඇති වූ තර්ජනය දුටු වැඩපළේ සිටි නැන්දාගේ පුතෙකු යකඩ පොල්ලක් ගෙන පසු පසින් පැමිණ ගැසූ පහරින් කමල් මිදුලේ ගොඩ ගසා තිබුණු ගල්ගොඩක් උඩට වැටී ඇත. රෝහලට ගෙන ගිය කමල් එහි දී මිය ගොස් ඇත.

නීතිය ක‍්‍රියාත්මක වීමේ විනිවිද භාවය

යම් යම් සබඳතා මත, නිසි පරිදි රාජකාරී නො කොට සාක්ෂි නිර්මාණය කොට තම පවුලේ පස් දෙනෙකු ම කරදරයට පත් කළේ යයි ගාමිණී නීතිය ක‍්‍රියාත්මක කරන අංශවලට චෝදනා කළේ ය. කමල් ඝාතනය කළේ යයි ගාමිණී, ඔහුගේ භාර්යාව දමයන්ති, ගාමිණීගේ මව සහ මල්ලිලා දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන නඩු පවරා ඇත. නඩු විභාගය අවසානයේ දී මාතර මහාධිකරණයෙන් පවුලේ පස් දෙනාට ම

මරණීය දණ්ඩනය නියම විය. අභියාචනාධිකරණයේ විභාගයෙන් පසු ව මව සහ සහෝදරයන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරනු ලැබුවත් ගාමිණීටත්, බිරියටත් අවුරුදු පහ බැගින් සිර දඬුවම් නියම විය. බන්ධනාගාරයේ දී පිරිමි අංශයේ ගාමිණී සිටි අතර කාන්තා අංශයේ භාර්යාව සිට ඇත.

ගම්බිම් අහිමි විය

මෙම සිද්ධියේ නඩුවෙන් ඇප ලබා නිවසට යන ඔවුනට දැක ගත හැකි වී ඇත්තේ සියල්ල දැවී අළු වී ගිය නිවසේ බිත්ති පමණි. කමල්ගේ මරණින් පසු ගාමිණීගේ පවුලේ අය අත්අඩංගුවට පත් වූ විට කමල් සම්බන්ධ වී සිටි මැර කල්ලියේ මැරවරයා සහ සගයන් පැමිණ ගාමිණීගේ නිවස සියලූ බඩුමුට්ටු සමග බෝම්බ ගසා ගිනිබත් කොට ඇත. ගමේ ජීවත් වීමට ඔහුට සහ පවුලේ අයට මේ වන විට හැකි පරිසරයක් නො තිබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස දැනට ඔවුන් පදිංචි ව සිටින පානදුරේ ඉඩම මිලට ගෙන නිවසක් තනාගෙන 2002 වර්ෂයේ දී එහි පැමිණ ඇත. මේ කාලය තුළ ජ්‍යොතිෂය සහ භූත විද්‍යාව හැදෑරූ ඔවුන් දෙපල නිවසේ දේවාලයක් ද තනා ගෙන තම ජීවන මග වෙනස් ම අතකට හරවා ඇත. ඇප මත සිටි කාලයේ දී ඇරඹි එම කර්මාන්තය නැවත බන්ධනාගාර ගත වීමත් සමග අඩාල වූ අතර බන්ධනාගාරය තුළ දී වුව ද පිරිත් කීම, බෝධිපූජා ආදි ශාන්ති කර්ම පැවැත්වීම මගින් දුකට පත් වූ බොහෝ අයට තමා සහ බිරිය පිළිසරණ වූ බව ගාමිණී මහතා කියයි. යහපත් කල්ක‍්‍රියාව හේතුවෙන් බන්ධනාගාර ගත ව සිටිද්දී ම ගාමිණී මෝටර් ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ රැකියාවකට රැකියා ගන්වා ඇත.

බන්ධනාගාරය තුළ ගත කළ යහපත් කල්ක‍්‍රියාව නිසා අවුරුදු දෙකකින් පසු ව ඔවුනට නිදහස ලැබී මේ වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ දී තම නිවසට පැමිණ ඇති අතර එතැන් සිට නැවත තම සුපුරුදු ජීවනෝපාය මාර්ගය සේවාවක් වශයෙන් ඉටු කරන බව ගාමිණී මහතා කියා සිටී.

මෙලොව දී ම වූ පාඩු

මේ සිද්ධිදාමය නිසා ඔවුනට ඉතා වෙහෙස මහන්සි වී තම ගම් ප‍්‍රදේශයේ තනා ගත් නිවස හා දේපළ අහිමි විය. තම ගම් ප‍්‍රදේශයේ නෑසියන් සමග වාසය කිරීමේ වාසනාව ද අහිමි විය. හොඳින් ගොඩ නගා ගෙන ආ පෑස්සුම් වැඩපොළ අඛණ්ඩ ව කරගෙන එ්මට හැකියාව ලැබුණි නම් අද වන විට ඉතා සඵල ව්‍යාපාරයක් බවට එය පත්වන්නට ඉඩ තිබුණි. දඬුවම් නියම වූ පුවත ඇසූ පමණින් බිරියගේ මව හෘදයාබාධයකින් මිය යාම ඔවුනට පිරිමැසිය නො හැකි පාඩුවකි. එ් වන විට ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි තම වැඩිමහල් පුතාගේ අධ්‍යාපනය කඩාකප්පල් වී සියල්ල අතහැර පෙරලා දිවයිනට පැමිණ ඇත. තම පුතාගේ උසස් අධ්‍යාපනය පිළිබඳ ව තැබූ බලාපොරොත්තු සුන් වීම ඔවුනට විඳ දරා ගත නො හැකි පාඩුවකි. තම පවුලේ ප‍්‍රගමනය සහ අභිවෘද්ධිය සහමුලින් ම පසුබෑමට මේ අවාසනාවන්ත සිද්ධිය මුල් වුණේ කවර පාපයක් නිසා දැයි ඔවුහු කණගාටුවෙන් විමසති.

පුනරුත්ථාපනය සඵල වී

මිය ගිය පුද්ගලයාගේ නොදැමුණුකම නිසා ම තමා විසින් ම අත්කර ගත් ඉරණමක් වුවත් ඔහු පිළිබඳ ව ද අනුකම්පාවෙන් කතා කරන ගාමිණී යුවළ පවසන්නේ කමල්ගේ ගුණ යහපත්කමක් නැති චර්යාව තම තරුණ ජීවිතය බිලිදීමෙන් නැතිකර ගත් අතර තවත් පවුලක් දුකට පත් කිරීමට හේතු වූ බවයි. දැන් ඔහුගේ නිවසට යාබද ව කුටි දෙකක් තනා ගෙන ඇත. ඉන් එකක ජ්‍යොතිෂය සහ ගුප්ත විද්‍යා කටයුතු සිදු කෙරෙන කාර්යාලයකි. අනෙක් කුටිය කුඩා දේවාලයකි. ටික වේලාවක් මා සමග තොරතුරු පැවසූ දමයන්ති මහත්මිය ඉක්මනින් ගියේ මිදුලේ එ් වන විටත් රැුඳී සිටි විශාල පිරිස රස්තියාදු වීම වළක්වනු පිණිස ය. වත් පිළිවෙත් පුරමින්, දැහැමි ජීවිතයක් ගත කරමින් අනන්ත වූ ගුණ ඇති රත්නත‍්‍රයේ බලයෙන් ද සම්‍යදෘෂ්ටික දේවතාවන්ගේ බලයෙන් ද තමන් අත්කර ගත් විශ්ව ශක්තියෙන් ද පුද්ගලයන්ගේ දුක් පීඩාවලට සහනයක් ලබාදීමත්, රෝග සුව කිරීමත් සිදු කරන බව ඔවුහු කියති. මා පිටත් වන විට අංක ලබා ගෙන එහි විස්සකට වැඩි පිරිසක් තම වාරය පැමිණෙන තුරු බලා සිටියහ. තමන්ට පාපී පුද්ගලයන්ගෙන් එල්ල වූ දුෂ්ට ක‍්‍රියාවන් නිසාත්, පෙර අකුසල කර්මයන් නිසාත් එළියෙන් අඳුරට යන්නට සිදු වුණු බවත්, තුනුරුවන් කෙරෙහි භක්තිය ඇති කරගෙන දැහැමි ජීවිතයක් ගත කිරීමට උත්සාහ දැරීමෙන් අඳුරෙන් එළියට පියමන් කිරීමට වෑයම් කරන බවත් ගාමිණී – දමයන්ති යුවළ මා සමග පැවසූහ. බන්ධනාගාරයේ කටුක ජීවිතයෙන් පසු ව කවර හෝ ජීවන මාර්ගයක් තෝරා ගෙන යහපත් ලෙස සමාජගත වන්නන් ලෙස ගාමිණී – දමයන්ති යුවළ ආදර්ශයක් දෙති.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන

තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්

නීතිඥ සිරිපාල විරිතමුල්ල

ජීවිත පහකින් වන්දි ගෙවූ වැට මායිම් හබයේ කෝප ගින්න
සියලූ සතුනට මෙත් පැතිරවීමේ මූලික ධර්මතාව ඉතා ගැඹුරෙන් අවධාරණය කරන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ තරම් මනුෂ්‍ය ජීවිතයක අගය හුවා දැක් වූ අන් ශාස්තෘ වරයෙකු නැති තරම් ය. ඉතා දුර්ලභ මිනිසත් බව ලැබුවෙකුගේ ජීවිතය වෙනත් එබඳු ම දුර්ලභ ලාභයක් ලැබුවෙකු අතින් වැනසී යාම කෙතරම් අවාසනාවන්ත ද? අප දහම් දිවයිනෙහි ද කෙළවරක් නැති මනුෂ්‍ය ඝාතන දිනපතා අසන්නට ලැබිම මහත් අභාග්‍යයකි.

අපරාධයක තින්දුව ලිපි පෙලෙහි අද කතන්දරය ඔබට කියන්නට අවශ්‍ය තොරතුරු ලබා ගන්නට වැලිකඩ බන්ධනාගාරයට ගිය මට කතන්දරයේ සුලමුල අසා ගන්නට වුවමනා පුද්ගලයා මුණ ගැසුණේ නැත.

මීට වසර දෙකහමාරකට පමණ පෙර මිනී මැරුම් චෝදනාවකට වැරදි කරු වී මරණීය දණ්ඩනයට නියම කරනු ලැබූ විදුර ඇසුරු කළ සිර කරුවන් කීප දෙනෙකු ඉන් පසු සොයා ගියේ ඔහු පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ය.

විදුර සමග එක ම සිර මැදිරියේ වසර ගණනක් කල් ගත කළ මහතුන් සිද්ධිය තමා දන්නා අයුරෙන් මෙ සේ මා සමග පැවසී ය. විදුර වරින් වර මෙ සිද්ධිය පිළිබඳ ව තමා සමග පැවසූ තොරතුරු බැවින් ඒවායේ අනුක‍්‍රමික පිළිවෙල හා සිද්ධිමය කරුණු පිළිබඳ වැරදි සහ ඌණතා තිබිය හැකි බව මහතුන් මුලින් ම සඳහන් කළේ ය.

මෙම මිනි මැරුම් සිද්ධියට දැනට අවුරුදු 26ක් පමණ කල් ගත වී ඇත. එවකට අවුරුදු 23ක වයසේ පසු වූ විදුර ස්වභාව ගති ලක්ෂණයෙන් ම දඩබ්බර පුද්ගලයෙකි. ඉඩමක වැට මායිම් ආරවුලක් දුර දිග යාම නිසා විදුර තම දුරින් ඥාතියෙකු වූ ඬේවිඞ් මාමා සමග දැඩි අමනාපයකින් පසු විය. මේ අමනාපය කලක් මෝරමින් වැඩුනේ එකිනෙකා නැසීමේ චේතනාව පෙරදැරි කරගත් දැඩි ද්වේශයක ආකාරයෙනි. බුර බුරා නැග එන විදුරගේ කෝප ගින්නට ඬේවිඞ්ගේ පවුලෙන් නොඅඩු ව තෙල් සැපයින. ළඟින් ගියත් කියවෙන ඇණුම් පද අවලාද නිසා ආරවුල දිනපතා අලූත් විය.

දිනක් ගෙදර යමින් සිටි විදුරට මග රැක සිටි ඩේවිඞ් පහර දුන්නේ ය. තව තවත් වෛරයෙන් ඇවිල ගිය විදුරට ඬේවිඞ් වැනසීමේ චේතනාව පහළ විය. විදුර පවසා ඇති අන්දමට මේ වන විට තමා මරා දැමීමට ඬේවිඞ් ද මාන බලමින් සිට ඇත. ඒ අවාසනාවන්ත රාත‍්‍රියේ විදුර තමාගේ සහචරයින් තුන් දෙනා වූ සිරිසේන, බණ්ඩියා සහ කුලයා සමග මත්පැන් පානය කරමින් සිට ඇත. විදුර කෝලාහලයකට පටලවා ගැනීමේ අදහසින් ඬේවිඞ්, තම භාර්යාව සහ දුව සමග ඔහුට අපහාස කරමින් දිගින් දිගට ම බනින්නට පටන් ගෙන ඇත. ‘චන්ඩි නම් බැහැලා වරෙල්ලා’ ආදි වශයෙන් ඬේවිඞ් වහසිබස් දොඩන්නට පටන් ගත් විට ‘වැඩේ අවසානයක් කරමු’යි කතිකා කරගත් විදුරත් සගයන් තුන් දෙනාත් අතට හසු වූ ආයුධ ද රැගෙන කෝලාහලයට නික්මුණහ.

මුලින් ම තම ගෙවත්තේ කඩුල්ලෙන් පැන ඉදිරියට ආවේ ඬේවිඞ්ගේ භාර්යාවයි. ‘උඹත් ආවාදැ’යි අසා එක් වර ම ඇයට කඩු පහරක් ගසා ඇත. තුවාල සමග හඬාගෙන ඇය දිව යත් ම ඉදිරියට ආ ඬේවිඞ්ට හතර දෙනා ම පහර දෙන්නට පටන් ගත් අතර වියරු වැටී සිටි විදුරගේ කඩු පහරක් ඬේවිඞ්ගේ උරය හරහා වැදුණි. පරිසරය නිහඩ විය. විදුර තමන්ගේ ගෙදරට ගිය නමුත් සිය සහචරයින් තිදෙනා පාරේ වාඩි වී තත්ත්වය බලා සිට ඇත. ඔවුන්ට තිබූ බිය නිසා, තුවාල ලබා වැටී සිටි ඩේවිඞ් රෝහලකට ගෙන යාමටවත් කිසිවෙකු ඉදිරිපත් වුනේ නැත. අධික රුධිර වහනය නිසා ඩේවිඞ් මිය ගියේ ය.

අපරාධ සිද්ධියෙන් රක්ෂිත බන්ධනාගාරගත ව ඇප මත නිදහස් වූ විදුර මහාධිකරණයේ නඩු විභාගය ඇරඹෙන තෙක් ගමට පැමිණ සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන්නට උත්සාහ ගෙන ඇත. අඩි හයක් පමණ උස හා උසට සරිලන මහතකින් ද හැඩි දැඩි සිරුරකින් ද හෙබි විදුර, ශරීරය වෙහෙසා මහන්සි වී වැඩ කිරීමේ රුසියෙකි. කම්මැලිකම ඔහු වෙත ගෑවිලාවත් නැත. තමාට මුහුණ දීමට සිදු වූ ඉරණම පිළිබඳ ව නිරතුරු කණස්සල්ලෙන් කාලය ගත කළ විදුර තවත් කරදර ඇති කර නොගැනීමට වග බලා ගනිමින් දෑත වෙහෙසා ජීවන මාර්ගය සරි කොට සැළකිය යුතු ආර්ථික ශක්තියක් ද ගොඩනගා ගත්තේ ය. ගම් ප‍්‍රදේශයේ ම කරුණා නමැති තරුණියක් විවාහ කරගත් ඔහුට දුවක හා පුතෙකු ලැබුණි. මේ වන විට ඒ දුවට අවුරුදු 22ක් ද පුතාට අවුරුදු 17ක් ද වේ.

මහාධිකරණයේ දී අධිචෝදනා ලැබූ විදුර දීර්ඝ නඩු විභාගයකින් පසු ව එනම් සිද්ධියෙන් අවුරුදු 23ක් අවසානයේ වැරදිකරු බවට තීන්දු විය. මිනි මැරුම් චෝදනාවට වැරදිකරු වූ නිසා මරණීය දණඩනය ද, ඩේවිඩ්ගේ භාර්යාව මරණයට තැත් කිරීම සහ තුවාල කිරීමේ චෝදනාවන්ට අතිරේක අවුරුදු 29ක සිර දඬුවමක් ද ඔහුට නියම විය. මරණීය දණ්ඩනය නියම වීමෙන් බන්ධනාගාරගත වූ විදුර අභියාචනයක් ඉදිරිපත් කළේ ය.

මරණීය දණ්ඩනය සහ අනෙක් සිර දඬුවම් නියම වී අභියාචනයේ තීන්දුව ලැබෙන තෙක් සිර මැදිරියේ ගත කළ අවුරුදු දෙකහමාරක පමණ කාලය තුල විදුර තමා සමග ඉතා කිට්ටු ඇසුරක් පැවැත්වූ බවත් තමාට මහත් ආදරයක් හා ගෞරවයක් දැක්වූ බවත් මහතුන් කියයි. පසුගිය අගෝස්තු මාසයේ එක්තරා දිනයක ඔහු හොඳින් හැඳ පැළඳගෙන අභියාචනයේ තීන්දුව ලබා ගැනීමට ගියේ නිදහස ලබා ගෙන හෝ දඬුවම ලිහිල් කරගෙන හෝ ආපසු ඒමේ අදහසිනි. කොපමණ සිත් තැවුලෙන් සිටියත් තමාට යම් හෝ සහනයක් අභියාචනයෙන් ලබා ගත හැකි වේ යයි විදුර බරපතල විශ්වාසයකින් පසු විය. එදින ආපසු සිර මැදිරියට පැමිණි විදුරගේ වැඩි කතා බහක් නොවී ය. තමාට එම දඬුවම ම අභියාචනයෙන් ද තීන්දු වූ බැවින් මරණීය දණ්ඩනය සහ අවුරුදු 29 සිර දඬුවම තහවුරු වූ බව සිහින් ස්වරයෙන් පවසා විදුර හිස බිම ගසා ගත් බව මහතුන් පවසයි.

අභියාචනයේ තීන්දුවෙන් දින හතරකට පසු පොලිසැක් හාල් ගෝනියක හීන් පොලිතින් කෙඳි ගලවා ඒවායෙන් ලණු පොටක් හදාගත් විදුර කාටත් හොරෙන් හිස් ව තිබුණු පාලූ හිර මැදිරියකට ගොස් ගෙල වැල ලා මිය ගොස් තිබිණි. අපේ අද කථාවේ ප‍්‍රස්තුත පුද්ගලයාගෙන් කෙළින් ම තොරතුරු ලබා ගන්නට නොහැකි වුනේ එකී විදුර තමා අතින් ම තම දිවි තොර කර ගෙන තිබුණු නිසයි.

අමුත්තක් නොදැනෙන ලෙස කාලය ගත කරන්නට බලවත් උත්සාහයක යෙදුන ද අවසන් දවස් හතර තුල විදුරගේ චර්යාවන් වෙනස් වී තිබුණු බවත් ඒ නිසා ම ඔහු පසු පසින් ම වාගේ හිත හදමින් තමා සිටි බව මහතුන් පැවසී ය. එහෙත් ඉරණම වෙනස් කිරීමට මහතුන්ට හෝ වෙනත් මිතුරෙකුට හෝ නොහැකි විය. මොහොතක්වත් වැඩක් පලක් නොකර සිටීමට බැරි විදුර පොඩි රෙදි කැබල්ලක්වත් තිබෙන්නට නොදී සෝදා දමන බවත්, අතු පතු ගෑම පිරිසිදු කිරීම, තේ ටික සාදා දීම ආදී දේවල් සිදු කරමින් තම සිතේ ගින්දර නිවා ගැනීමට ආයාසයක් ගත් බවත් ඔහු පැවසී ය.

මහතුන් සහ විදුරගේ තවත් මිතුරන් පිරිසක් කීවේ බොහෝ විට ඔහු නිශ්ශබ්ද ගූඪ පුද්ගලයෙකු බවයි. වැඩි සිනහවක් හෝ කතා බහක් හෝ නැති ඔහු ඕනෑ ම දෙයක් ප‍්‍රකාශ නොකොට හිත ඇතුලේ තියා ගන්නා කෙනෙකු ලෙස ද පෙන්වා දෙනු ලැබිණි. තමා සිදු කළ අපරාධයේ ආදිනව නිසා හිතේ පසුතැවිල්ලෙන් කාලය ගත කළ ඔහු නිතර බන්ධනාගාරයේ විහාරයට ගියේ තම සිත සනසා ගන්නා අටියෙනි. කිසිදු අධ්‍යාපනයක් ලබා නොමැති විදුර දුර දිග බලා කටයුතු කරන්නට තරම් නිසි අවබෝධයක් හෝ ශික්ෂණයක් නොතිබුණු පුද්ගලයෙකි. ඔහු තුල ඇතැම් අමුතු ගති ගුණ ද තිබුණු අතර ගෙදර සිටි අවධියේ පාවිච්චි කර ඇත්තේ තමා ම මැද සකස් කර ගත් සුරා බව පවසා ඇත. කුඩා කාලයේ සිට ම දඩයම් කිරීමට සහ සතුන් මැරීමට තමා රුචියක් දැක් වූ කෙනෙකු බවත් මහතුන්ට පවසා ඇත. මරා ගත් සතාගේ මස් පිටස්තර කිසිවෙකුට නො දී තමා ම බුදින බවත්, සාමාන්‍යයෙන් මසුරු ගති ඇති බවත් පැවසී ය. තමා ඇති කළ බල්ලා නෑවීම සඳහා ගගට ගෙන එද්දී උගේ කට හා නාසය පමණක් එළියට සිටින සේ ගෝනියක දමා ගෙන එන බවත්, ඒ වෙනත් පුද්ගලයින් දැකීමෙන් බල්ලාගේ සැර අඩු වන නිසා බවත් ඔහු පවසා ඇත.

ගෙල වැල දා මිය යන විට වයස අවුරුදු 49ක් වූ ඔහු දැඩි සංතාපයෙන් පසු වී ඇත්තේ තමාට මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක නොවුවත් සියලූ නීතිමය සහන ලැබීමෙන් පසු ව වුවත් අඩු තරමින් තවත් අවුරුදු 35ක් හෝ 40ක් හිර ගෙදර කල් ගෙවන්නට සිදු වන නිසා වයස අවුරුදු 80න් මෙපිට නිදහස් වී යා නොහැකි බව සිතමිනි. තමා අතින් මනුෂ්‍ය ඝාතනයක් හා පුද්ගලයින්ට ශාරීරික වධ හිංසා සිදු වූ බවත් ඒ නිසා තමන්ට පරලොව දී නිරා දුක් විඳීමට සිදු වන බව පසක් වන විට ඔහු මහත් ගින්දරකින් පසු වූ බවත් මෙලොව දී විඳින අනන්ත දුක් කන්දරාව ඉවසිය නොහැකි බවත් ඔහු නිතර පවසා ඇත. අවුරුදු 17ක් වයසැති තම පුතා දඩබ්බර ලෙස හැසිරෙන බව අසා ඔහු හඩා වැළපී ඇත්තේ තමා ගමේ සිටියානම් එසේ සිදු වන්නට ඉඩ නොතබන බව කියමිනි. තමාගේ පුතා ද සමාජ විරෝධි ක‍්‍රියාවන්ට පැටලී වැනසී යතැයි දැඩි බියකින් ඔහු පසු වී ඇත.

විදුරගේ මරණ පරීක්ෂණයේ දී කට උත්තරයක් දෙමින් ඔහුගේ භාර්යාව කරුණා කියා ඇත්තේ අභියාචනයේ තීන්දුව දෙන දා තමාට උසාවියට එන්නට බැරි වූ බවත්, විදුරගේ මල්ලී පැමිණි බවත්, තින්දුවෙන් පසු ව ඔහු මල්ලී දෙස බලා ඔලූව වනා බිම බලා ගෙන ඇති බවත් ය. එම තීන්දුව පරලොව නිරා දුකින් මෙපිට ලැබිය හැකි කර්ම විපාකය ලෙස ඔහු පෙළන්නට ඇත.

තීන්දුව දුන් දවසේ  විදුර නිදා සිටි පැත්තෙන් සර සර ගාන ශබ්දයක් ඇසී බලන විට ඔහු හිස රදයට පොලිතින් මල්ලෙන් ඇද පැනඩෝල් පෙති දෙකක් බොන බව කියා ඇත. තමාට වැටහෙන විධියට තීන්දුවෙන් පසු ව විදුරට නින්ද ගියේ නැති බව මහතුන් පවසයි. ඒ ගත කළ කාලය තුල ඔහු ලක්ෂ වාර ගණන් මැරි මැරී උපදින්නට ඇත.

මෙහි සුවිශේෂ සටහනක් ලෙස සඳහන් කළ හැකි යමක් ඇත. ඇප මත නිදහස් ව සිටි කාලය තුල රැකියාව ලෙස තැඹිලි කඩා විකුණමින් ජීවත් වූ බණ්ඩියා අසනිප වී මිය ගොස් ඇත. ඩේවිඩ්ගේ පවුල් වල අය සිරිසේනගේ කකුල් දෙක ම බිඳ දැමීමේ හේතුවෙන් ප‍්‍රතිකාර නොලබා ම කකුල් කුණු වී මිය ගියේ ය. කුලයා ද මේ කාලය තුල අවාසනාවන්ත ලෙස මරණයට පත් ව ඇත.

මේ භයානක සිද්ධිය නිසා අද වන විට සිද්ධියේ දී මරණයට පත් වූ ඩේවිඩ් ද, අපගේ කථාවේ ප‍්‍රස්තුත විදුර ද, ඔහුගේ සහචරයන් වූ සිරිසේන, බණ්ඩියා සහ කුලයා ද ජීවතුන් අතර නැත.

කර්මය යනු එබඳු දෙයකි. යමෙක් යම් අකුසලයක් සිදු කළේ නම්, එහි විපාකය ගොනු පසු පස එන කරත්ත රෝදය මෙන් ඔහු පසු පස ලූහු බඳින්නේ ය. මිනිස් නීතිය ඉක්මවා වුව, කර්මයේ දඬුවම වහ වහා ඔහු කරා පැමිණිය හැකි ය. විදුරටත් සගයින්ටත් මුහුණ පෑමට සිදු වූයේ තමන් විසින් සිදුකරන ලද, ඒ අවාසනාවන්ත අකුසල කර්මයේ විපාකයට ය. මුල පටන් ම දැහැමි දිවි පෙවෙතකට යොමු වීමට හැකි වූයේ නම්, අද වන විට, මොවුන් මනුලොවට බරක් නො වී මිනිසත් බවේ ඵල ලබන පිරිසකි. මිනිසත් බවේ දුර්ලභකම හා සසඳද්දී අහිමි වූ මේ ජීවිත පහේ වටිනාකම මිණිය හැක්කේ කෙසේ ද?

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන

තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්

නීතිඥ සිරිපාල විරිතමුල්ල

විල්සන් මිය ගියේ ඔහුගේ ම වරදින් ද?
පවුලේ එකම පිරිමි දරුවා

අජිත්ගේ ගම් ප‍්‍රදේශය කුලියාපිටියයි. නගරයෙන් තරමක් ඈත පිටිසර ගමක අක්කලා දෙදෙනෙකු සහ නංගිලා දෙදෙනෙකු අතර ඉපැදුනු පවුලේ එකම සහෝදරයා ඔහු විය. පියා අහිංසක ගොවියෙකි. මේ වනවිට අජිත් අවුරුදු 44ක් වයසැති පුද්ගලයෙකි. ගමේ පාසලෙන් අ. පො. ස. සාමාන්‍ය පෙළ සමත් විය. පාසලෙන් ඉවත් වූ ඔහු කුරුණෑගල ප‍්‍රදේශයේ දැවැන්ත ඇඟලූම් කම්හලක වැඩ පරීක්ෂකවරයෙකු වශයෙන් රැකියාව ඇරඹී ය. දින කීපයක ඉපයූ නිවාඩු එක දිගට ඉල්ලාගෙන සති අන්තයක් අල්ලා මසකට වරක් ගෙදර ගොස් අජිත් තම අදරැති දෙමාපියන් සමඟ ගත කළේ ය. අජිත්ගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා ම විවාහ වී ගමෙන් ඈත පදිංචි වී සිටියහ. වැඩිමහල් නංගී විවාහ වී මස්සිනා ද කුඩා දරුවා ද සමඟ පදිංචි ව සිටියේ මහ ගෙදර ය. වැඩි කලක් නො ගොසින් නොබෝදුරක ගමකින් ගැළපෙන ගැමි දැරියක් පෙළවහට ගත් අජිත් ඇය සමඟ මහ ගෙදර ගත කළේ ඉතා කෙටි කලකි. අක්කර හතරක් පමණ විශාල වූ මහගෙදර ඉඩමේ කොනක පිහිටි ඕවිටක කුඩා ගෙපැලක් අටවාගෙන අජිත් පදිංචි වුණේ ඉඩමේ ප‍්‍රධාන පාර පැත්තේ ටිකක් ලොකුවට ගෙයක් හදා ගන්නතුරු තාවකාලිකවයි.

වෛරය අල්ලපු ඉඩමේ

මහගෙදර ඉස්සරහ අක්කරයක පමණ වූ කුඹුරු කෑල්ලක් පියා වගා කරමින් සිටි අතර හැකි හැම විටක ම අජිත් ද කුඹුරු වැඩවලට පියාට උදව් කළේ ය. වැටකඩුලූ නැති අජිත්ගේ ඉඩමේ පසුපස මායිම අද්දර තිබුණේ විල්සන්ගේ නිවසයි. ප‍්‍රධාන පාරේ සිට පළල් නියරක් දිගේ ටික දුරක් ඇවිත් එක් පටු නියරක් අජිත්ගේ ගෙදරටත්, තවත් පටු නියරක් විල්සන්ගේ ගෙදරටත් ළඟා වීමේ ප‍්‍රවේශ මාර්ග ලෙස වැටී තිබුණි. සමාජ විරෝධී ක‍්‍රියාවන්හි යෙදෙමින් ජීවත් වූ විල්සන් තමන්ට මෙන් ම සෙසු ගම්වාසීන්ට ද මහත් උවදුරක් විය. විල්සන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය වූයේ විෂ කසිප්පු මත්පැන් නිෂ්පාදනය කොට විකිණීම ය.

ලූහුබඳිමින් ආ ආරවුල

එක්තරා මහ මැතිවරණයක ප‍්‍රතිඵල නිකුත් වීමත් සමඟ ජය ලැබූ දේශපාලන පක්ෂයට උපකාර කළ විල්සන් සෙනගක් ද කැටුව පැමිණ අජිත්ලාගේ නිවසට පහර දීමට නායකත්වය දුන්නේ ය. ඉන් නො නැවතුන ඔහු අජිත්ගේ පියා මරා දැමීමට වෑයම් කළ නිසා පණ බේරා ගැනීමට අවුරුද්දක පමණ කාලයක් පියා ගම අත්හැර ගොස් සිට ඇත. කරදර කිරීමෙන් විල්සන්ගේ අභිලාෂය වී ඇත්තේ තම පවුලට ගමේ ජීවත් වීම එපා කොට ගමෙන් පලවා හැර තම ඉඩ කඩම් ගේ දොර ආදිය අල්ලා ගැනීම බව අජිත් පවසයි. තමා ම හදන කසිප්පු කටගොන්නක් බීගෙන අජිත්ගේ පවුලේ අයට නින්දා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදීම විල්සන්ගේ දිනචර්යාවේ එක් අංගයක් විය. ඉවසාගෙන ඉන්නට බැරි තැන අම්මා ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්නට යෑමෙන් අජිත්ගේ පවුල සහ විල්සන් අතර නිතර රණ්ඩු සරුවල් ඇති විය. අම්මා දුන් ඔත්තු මත විල්සන්ගේ කසිප්පු පොළ පොලීසියෙන් වටලනු ලැබුණි. විල්සන්ට දඩ නියම විය. පොලීසියෙන් වූ පාලනය නිසා විල්සන්ගේ කසිප්පු ජාවාරම අත් හිටවනු ලැබුණි. අම්මා එයට වඩාත් සතුටු වූයේ සවසට විල්සන්ගේ ගෙදරින් කසිප්පු බීගෙන යන ඔහුගේ පාරිභෝගිකයින් තම ගේ ඉදිරිපිට නියර දිගේ යාම ඊම වැළකුණු හෙයිනි.

වැරදිකරු උදැල්ල ද?

1997 වර්ෂයේ අජිත් නිවාඩුවට ගෙදර ගොස් සිටි එක් දිනයක උදේ විල්සන් දැඩි ලෙස බීමත් ව අජිත්ගේ පවුලට අපහාස කරමින් නියර දිගේ ගමන් කොට ඇත. එදින විල්සන් තමාව සණ්ඩුවට ඇද ගන්නට පුදුම උත්සහයක් ගත්තා යැයි අජිත් කියයි. අජිත්ට නො සරුප් ලෙස බණින ප‍්‍රමාණයෙන් කෝප වූයේ අජිත්ගේ අම්මා ය. තම පුතාට විල්සන් බැණ වදිනු ඉවසිය නො හැකි වූ ඇය ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරමින් සණ්ඩුවට පැටළුනා ය. බහින්බස් වීම දුරදිග ගියේ ‘තෝ කනවා’ යැයි කියමින් විල්සන් අජිත්ගේ මව පසුපස ලූහුබැඳීමෙනි. මව නිවස දෙසට දිව්වත් විල්සන් ඉක්මන් විය. අජිත්ගේ මව ‘මෙන්න මාව මරනවෝ’ යැයි මර හඬ දුන්නා ය. කුඹුරේ වැඩ කරමින් හුන් අජිත් උදැල්ලත් අතැති ව මවගේ හඬ ඔස්සේ දිව ගියේ ය. තම මව බිම පෙරළාගෙන ඇයගේ බෙල්ල පාගාගෙන වහසි බස් දොඩවන විල්සන් දුටු විට අජිත්ගේ සංයමය පහ විය. එසවූ උදැල්ල විල්සන්ගේ හිස මත හෙලූනි. අමාරුවෙන් අම්මා නැගිට ගත්තත් විල්සන් නැවත නැගිට්ටේ නැත.

පුතා බේරෙයි ද?

අජිත් වහාම පොලිසියට ගොස් සිදු වූ සියල්ල පොලිස් පොතේ සටහන් කරවීය. බියට පත් වූ අජිත්ගේ මව තම පුතා බේරා ගැනීමේ අරමුණෙන් තම සැමියා ද සමඟ පොලිසියට දිව ගියා ය. පොලිස් පරික්ෂණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් අජිත්, අම්මා, තාත්තා පමණක් නො ව බාල නංගී ද විල්සන් මැරීමේ චෝදනාව මත රිමාණ්ඕ භාරයට පත් වූහ. මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු විභාගයෙන් පසු අම්මාත්, නංගීත් නිදහස් වූ නමුත් අජිත්ට සහ පියාට විරුද්ධව අධිචෝදනා ගොනු කරන ලද අතර මහාධිකරණයේ මිනීමැරුම් නඩුව විභාගයට ගැණින. එහි දී පියා නිදොස් ව නිදහස් කෙරුණි. අජිත් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය වරදට වැරදිකරු වී දස අවුරුදු සිර දඬුවමකට ලක් විය. මව තමා බේරා ගැනීම සඳහා වෙහෙස වී ඇයගේ ශාරීරික ආබාධ සඳහා ප‍්‍රතිකාර ගැනීමට රෝහල්ගත නො වීම නිසා සිදු වූ සැබෑ තත්ත්වය අධිකරණයේ දී සනාථ කර ගැනීමට අපහසු වූ බව අජිත් කියයි. මේ වනවිට ඔහු අවුරුදු 06ක් සිර දඬුවම් විඳ අවසන් ය. තමා අතින් වූ මරණය තමාට වැළැක්වීමට කිසිසේත් නො හැකි වූ දෙයක් යැයි ද තමා එදා ඒ පියවර ගත්තේ නැත්නම් තම මව මරණයට පත් වන්නේ යැයි ද කියන අජිත් ඒ බව වගකිවයුත්තන්ට දැනුම් දෙමින් දඬුවමේ සහනයක් ලබා ගැනීමට වෙර දරයි. තවත් ටික කලක් ගත වූ පසු තමාට යම් සහනයක් ලැබෙනු ඇතැයි ඔහු බරපතළ විශ්වාසයක පසු වෙයි. විල්සන් මරා දැමීමේ අබමල් රේණුවක තරම්වත් චේතනාවක් තමාට නො වූ බව අජිත් කියයි.

අනාගත අපේක්ෂා

නිදහස් වී ඉක්මණින් ගෙදර යාමේ අපේක්ෂාව නිසා සිතෙන් නො වැටී සිටීමට උත්සහ ගත්තත් අජිත් බන්ධනාගාරයේ සිරබත් කන්නේ මහත් කණස්සල්ලකිනි. එදා අජිත්ගේ අපේක්ෂාව වී තිබී ඇත්තේ ඇඟලූම් කම්හලෙහි සේවය කොට යම් මුදලක් උපයාගෙන පෞද්ගලික ව්‍යාපාරයක් ආරම්භ කිරීම ය. ඒ සියල්ල අවුරුදු ගණනකින් පිටුපසට ඇද දමා ඇත. අජිත් ව බේරා ගැනීමට කැප වී කටයුතු කිරීමෙන්දෝ පියා ද මේ අතරතුර අසනීප ව මිය ගොස් ඇත. පවුලේ එකම පිරිමියා, පවුල ඉදිරියට ගෙන යන්නට සිටි පුද්ගලයා අජිත් තවම හිර මැදිරියේ ය. ‘‘කොහොම වුණත් මගේ දරුවන්ට තාත්තගේ පිළිසරණ තරම් දෙයක් කොයින් ද? ඒ දෙන්නට මගේ ආදරය, රැකවරණය අහිමි වෙලා. මා ගෙදර සිටියා නම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය මීට වඩා හොඳින් බලන්නට මට පුළුවන් වෙනවා.” අජිත්ගේ බිඳ වැටුණු අපේක්ෂාවන් පැහැදිලි කරයි.

පසුතැවිලි වීමක් ද?

විල්සන් මිය ගියේ ඔහුගේ ම වරදින් නිසා තමාගේ තැවීමක් නැති බව කියතත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් තමා අතින් වැනසී ගිය බවට අජිත් කණගාටු වෙයි. ‘කොච්චර වුණත් මිනිහෙක්නේ’ අජිත්ගේ මුවින් පිට වුණි. තමා ප‍්‍රාණඝාත අකුසල කර්මයට මතු භවයේ ගොදුරු වන්නේ දැයි මගෙන් නිශ්චිත ව දැන ගන්නට ඔහුට අවශ්‍ය විය. මේ වනවිට විල්සන්ගේ පවුල ආර්ථික අතින් දියුණු තත්ත්වයකට පත්ව ඇති බවත්, බස් රථ යාන වාහන හිමිව සමාජයේ ඉතා හොඳින් ජීවත්වන බවත් එය හැම දෙනාට ම යහපතක් බවත් අජිත් කියයි.

නො දැහැමි ජීවිතයක් ගත කළ විල්සන්ගේ ඉරණමෙනුත්, සංයමය ඉක්මවා උදලූතලය පෙරට ගැනීමෙනුත් අපට ඉගෙන ගන්නට ඇති පාඩම් බොහෝ ය.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන

තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්

නීතිඥ සිරිපාල විරිතමුල්ල

රාම්දාස් ඝාතන කුමන්ත‍්‍රණයේ සුල-මුල
මෙවර අපරාධයක තීන්දුව ලිපිය ලියන්නට බන්ධනාගාරයට නො ගිය මා කල්පනා කළේ අතීතයේ මුළු රට ම කැළඹූ අපරාධයක් පිළිබඳ ඔබට දැනගන්නට නො ලැබුණු තොරතුරු ටිකක් සැකෙවින් ගෙන හැර දක්වා පුද්ගලයන් ගන්නා තීරණ ධාර්මික එ්වා නො වුවහොත් ඉන් වන විපාක කියා පෑමටයි. ‘පෝලින් ඩි කෲස් නඩුව’, ‘කිරඹකන්ද නඩුව’ ආදි නම්වලින් හඳුන්වනු ලැබූ නඩු විභාගයේ ප‍්‍රස්තුතය වූ කිරඹකන්ද දරුවාගේ ඝාතනය පිළිබඳව ඇතැම් විට වැඩිහිටියන්ට යන්තම් සේයා මතකයක් නංවා ගත හැකි වුවත් වත්මන් පරපුරේ වැඩි දෙනෙකු එ් ගැන අසාවත් නැති ව ඇත. රත්මලාන ශාන්ත රීටා පාරේ, ශාන්ත රීටා දේවස්ථානයේ ළිඳක වැටී රාම්දාස් ගෝඨාභය කිරඹකන්ද නැමති 11 හැවිරිදි පාසල් සිසුවා 1966 පෙබරවාරි මස 07 දින මිය ගොස් තිබීම පිළිබඳ පුවත අද තරම් මාධ්‍යයන් ප‍්‍රචලිත නො වූ කලක වුවත් රට පුරා ම මහත් සංවේදී පණිවිඩයක් ගෙන ගියේ ය.

සුල-මුල

අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව, යුද හමුදාව ආදි රාජ්‍ය ආයතනවලට මෙන් ම විශාල පෞද්ගලික ආයතනවලට ද මාළු සැපයීම් කළ නුගේගොඩ පොහොසත් මුදලාලි කෙනෙකු වූ එලියස් අප්පුහාමිගේ බාල පුතා දොන් බෝධිපාල කිරඹකන්ද නම් විය. පාසල් ගමන අත්හැර පියාගේ ව්‍යාපාරයට එක් වී ඔහුගේ මරණින් පසු 1949 දී ඊට උර දුන් බෝධිපාල වසර ගණනක් සාර්ථකව කරගෙන ගියේ ය. එකළ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේ නිවාසය වූ ‘ශ‍්‍රාවස්තියේ’ (කෞතුකාගාරය ආසන්නයේ වර්තමානයේ බස්නාහිර පළාත් සභාව පිහිටි ගොඩනැගිල්ල) භෝජනාගාරය භාර ව කටයුතු කළ නන්දසිරි සමග මිතුරු වූ බෝධිපාල නොබෝ කලකින් ඔහුගේ අනියම් බිරිඳ වශයෙන් සිටි ජෙසී ප‍්‍රනාන්දු සමග ඇසුරට පත් විය. මේ අතරතුර ගැබිණියක් වූ ජෙසීට දියණියක ලැබුණි. පසුව ජෙසී විවාහ කර ගත් බෝධිපාල කුඩා දියණිය ද ගෙන ගොස් පවුල් ජීවිතය ආරම්භ කළේ ය. පාගොඩ, නුගේගොඩ, තලවතුගොඩ, අත්තිඩිය, ගල්කිස්ස ආදි විවිධ ප‍්‍රදේශවල ජීවත් වූ මේ පවුල අවසානයේ දෙහිවල කවුඩාන පාරේ අංක 5 දරන නිවසේ කුලියට පදිංචියට ආවේ ය. ගල්කිස්ස චක්කින්දාරාම පාරේ පදිංචි ව සිටි නිවසෙන් ඔවුන් පළවා හැර ඇත්තේ කිරඹකන්ද පවුලේ අශීලාචාර හැසිරීම් නිසා කෝපයට පත් ප‍්‍රදේශවාසීන් රාත‍්‍රි කාලයේ නිවසට ගල් ගැසීමෙන් පසුව ය. ඔවුන්ට තවත් දියණියක් ද ඝාතනයට ලක් වූ පුතු වූ රාම්දාස් ගෝඨාභය ද ලැබුණි. එකල දුර්ලභ පහසුකමක් වූ දුරකථනයක් ද ලබාගෙන ඉතා සංවිධානාත්මක ව ඔවුන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් ප‍්‍රධානීන්, ව්‍යාපාරිකයන් නිතර ගැවසෙන තිප්පොළක් විය. ගණිකා නිවාසය නඩත්තු කිරීමට අමතර ව ජෙසී ද ගණිකාවකගේ භූමිකාව රඟ පෑවා ය. ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය එහි යන එන ප‍්‍රබලයන්ගේ බලවත් අත්වලින් වැසුණි.

අකීකරු දියණියක්

පවිටු කර්මාන්තයක නිරත වී ලජ්ජා බය දුරු වූ කෙනෙකු එවැනි ම තවත් නරකක් කිරීමට පෙළඹීම පුදුමයට කරුණක් නො වේ. බෝධිපාලට පෝලින් ඩි කෲස් නමැති ළාබාල ගැහැනිය හමු වූයේ මේ වකවානුවේ ය. කතෝලික භක්තික බර්ගර් පවුලක් වූ ඩි කෲස් පවුලේ දෙවැනි දරුවා වූ පෝලින් කලක් කඳාන ශාන්ත සෙබස්තියන් කන්‍යාරාමයේත්, පසු ව දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේත් ඉගෙනුම ලැබූවත් ඉගෙනුමට වඩා ප‍්‍රකට ව ආවේ ඇයගේ කාමුක ජීවිතයයි. මත්පැන් භාවිතය සහ සණ්ඩු සරුවල්වලින් ගහන කෲස් පවුලේ නිවස ‘ආණ්ඩු මට්ටුවක්’ නොමැති තැනක් විය. දියණියක් ලෙස මහමඟ ගෙන යන්නට පුළුවන් එකියක ලෙස පෝලින් හදා ගන්නට ඇයගේ දෙමාපියන් ගත් උත්සාහයන් අසාර්ථක වූ අතර පෝලින් කැමති පිරිමින් නිවසට ම ගෙන්වාගෙන විළි බියක් නොමැතිව කළ හැසිරීම් පාලනය කර ගැනීමට කිසිවෙකුටත් නො හැකි විය. වයස අවුරුදු 17 පමණ වන විට ම ඇය මහමගට බැස විවාහකයන්, දික්කසාද වූ පුද්ගලයන්, ව්‍යාපාරිකයන්, රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් පිනවූ අබිසරු ළඳක් බවට පත් විය.

මේ අතුරතුර ඇයට හමු වූ නුවර ප‍්‍රදේශයේ හැරී ස්පෙල්ඞ්වින්ඞ් නමැත්තෙකු සමග ස්ථීර ආදර සම්බන්ධයක් ඇති විය. ඔහු සමග ද රිසි සේ නිදැල්ලේ හැසිරුණත්, ඔවුන් අතර හුවමාරු වූ ලිපිවලින් පෙනී ගියේ දෙදෙනා අතර ස්ථීර ආදරයක් පැවති බවයි. කෙසේ වුවත් 1964 අවසාන භාගයේ දී තිදරු පියෙකු වූ බෝධිපාල කිරඹකන්ද හමු වීමෙන් පෝලින්ගේ ඉරණම වෙනත් අතකට හැරුණි. මෙම අප‍්‍රසන්න චර්යා රටාව අතරතුර ඇයගේ නිවසට ප්ලිමත් මෝටර් රථයෙන් එන්නට පටන් ගත් කිරඹකන්ද ඇයට වඩ වඩාත් ළං විය. මේ අතරතුර ඇයට පියෙකු නැති දරුවෙකු ලැබුණු අතර, දරුවා මොරටුව කන්‍යාරාමයකට භාර දී ඇත. මේ සිද්ධි මාලාවත් සමග ක‍්‍රමයෙන් හැරී ඈත් කළ පෝලින්, බෝධිපාල විවාහ කර ගැනීමේ අභිලාෂයක් ඇති කර ගත්තා ය. එය නඩුවේ දී අනාවරණය වූයේ ඇය මුස්ලිම් ආගම වැළඳගෙන බෝධිපාල හා විවාහ වීමට උත්සාහ ගැනීමෙනි. විස්මය එළවන ලෙස පෝලින්ට ආකර්ෂණය වූ බෝධිපාල තම බිරියගෙන් දික්කසාද වී ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු විය. විවෘත ව ම ගෙන ගිය පෝලින්ගේ සම්බන්ධය නිසා කිරඹකන්ද ගෙදර නිමක් නැති සණ්ඩු සරුවල් ය. එ්වා දුරදිග ගියේ 1965 නොවැම්බර් මාසයේ දී ජෙසී විසින් බෝධිපාලට එරෙහි ව දික්කසාද නඩුවක් පැමිණිලි කිරීමෙනි. මේ අතර පෝලින්ගේ පියාගෙන් ද බෝධිපාලට දැඩි බලපෑමක් එල්ල වූයේ කෙසේ හෝ ඉක්මනින් තම දියණිය විවාහ කර ගන්නා ලෙස බල කිරීමෙනි. එතරම් හැඩරුව ඇති කෙනෙකු නො වූව ද පෝලින් පිරිමින් ඇද බැඳ ගන්නා සරාගි කෙනෙකු ලෙස විස්තර කර ඇත. ඇඟට ඇලෙන ලෙස ඇඳි ඇඳුම්, ගැට ගසා පිටුපසට හෙළුෑ ‘පෝනි ටේල්’ කොණ්ඩය ආදිය මඟින් ඇය මෙසේ වෙස් ගන්වාගෙන ඇති බව ද කියවේ. මේ කාලය වන විට පෝලින් සිටියේ තම දෙමාපියන් කුලියට ගෙන පදිංචිව සිටි දෙහිවල සත්වෝද්‍යානය පිටුපස ගල්වල පාරේ නිවසක ය. තම සැමියාගේ ඔත්තු බලා ගැනීම සඳහා ඔහු සමග නිතර රාම්දාස් ගෝඨාභය යැවීමට ජෙසී උත්සාහ කළා ය. පියා සමග ඔහු කීප වතාවක් පෝලින්ගේ ගෙදර ගොස් ඇති බැවින් ඇය ඔහු හොඳින් හඳුනාගෙන සිටි අතර තම සම්බන්ධතාවලට ඔහුගෙන් අවහිරයක් නැති බව ද වටහාගෙන තිබුණි.

කිසිවෙකු ඇසින් නො දුටු ඝාතනයක්

රාම්දාස් ගෝඨාභය ගල්කිස්ස හේන පාර විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ උගනිමින් සිටි අතර 1965 පෙබරවාරි 07 දින සුපුරුදු පරිදි පාසැල් ගොස් ඇත. පෙරළා නිවසට නො ගිය මේ දරුවාගේ සිරුර හේන පාර ආසන්නයේ මුහුද දෙසට ඇති ශාන්ත රීටා දේවස්ථානයේ ළිඳෙහි පාවෙමින් තිබී පසුදින උදේ හමු වී ඇත. මරණ පරීක්ෂණයේ දී දියේ ගිලීමෙන් වූ මරණයක් බවට තීරණය වූවත් ඔහු ඝාතනය කරනවා හෝ කෙනෙකු විසින් ළිඳට දමනවා හෝ කිසිවෙකු දැක නැත. එ් නිසා ඉහත කී පසුතලය මත එකතු කර ගත් පරිවේශනීය සාක්ෂි මඟින් ගොනු කළ කරුණු මත පෝලින් ඩි කෲස් සහ බෝධිපාල කිරඹකන්දට එරෙහි ව මිනී මැරීමට කුමන්ත‍්‍රණය කිරීම සහ මිනී මැරීමේ චෝදනා මත නඩු පැවරුණි. නඩුවේ දී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට 59 දෙනෙකු නම් කොට තිබුණු අතර ඉන් 40 දෙනෙකුගේ සාක්ෂි විභාග කෙරුණු අතර දීර්ඝ නඩු විභාගයක් පැවැත්විණි. එම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ද පෝලින්ගේ දිනපොතේ සටහන් ඇතුළු වෙනත් සාක්ෂි ද ගොනු කර ගනු ලැබුවේ පහත සඳහන් සිද්ධි මාලාව ඇසුරෙනි.

– 1966. 12. 07 වන දින උදෑසන පෝලින් ඩි කෲස් බෝතලයක් වැනි දෙයක් අඩංගු පාර්සලයක් රැුගෙන ඇයගේ නිවසේ සිට ගල්වල පාර දිගේ ගමන් කොට ඇත.

– එසේ ම රොහාන් වික‍්‍රමසිංහ නමැති මිත‍්‍රයා සමග ගෝඨාභය දෙහිවල කවුඩාන බස් නැවතුමේ සිට ගල්කිස්ස හේන පාර පාසලට බස් රියකින් ගොස් ඇත.

– උදෑසන පෝලින් පාසල අසලට පැමිණ චිත‍්‍රපටයක් බැලීමට යැයි කියා ඔහු පාසලට යා නො දී ගාලූ පාර දෙසට කැඳවා ගෙන යාම.

– උදේ 8.00ට පමණ පෝලින් සහ ළමයා ශාන්ත රීටා පල්ලිය භූමියේ සැරිසරනු එහි සේවකයෙකු වූ ඇල්බට් පෙරේරා නමැත්තා දැක ඇත.

– ඊට ටික වේලාවකට පසුව දිනපතා පල්ලියට එන බැතිමතෙකු වන රෝලන්ඞ් නමැත්තා පෝලින් පල්ලිය ඇතුළේ බංකුවක වාඩි වී සිටි බවත්, ළමයෙකු අසනීපයෙන් පසු වන්නාක් මෙන් ඇයගේ සිරුරට හිස ගසාගෙන හේත්තු වී සිටි බවත් දැක තිබීම.

– දිවා විවේක කාලය තුළ දී ගෝඨාභය සහ පෝලින් පාසල් ඉඩමට නැවත පැමිණ තිබීම.

– දවල් නැවතත් දෙදෙනා ම පල්ලිය ඇතුළේ සිටිනු දැක ඔවුන්ට පිටව යන ලෙස ඇල්බට් පෙරේරා නමැත්තා පැවසීම සහ එවිට තමා සිටින්නේ ස්වාමි හමු වී උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීමට බව පැවසීම.

– පල්ලියේ ළිඳ ළඟ පෝලින් සහ ගෝඨාභය සිටිනු දෙදෙනෙකු ම දැක තිබීම.

– සවස දෙහිවල පින්වත්ත පන්සල අසල දී පෝලින් පාසල් බෑගයක් රැගෙන යනවා දෙදෙනෙකු විසින් ම දැක තිබීම.

– පාසල් බෑගය නොමැති ව සවස පෝලින් ඇයගේ නිවස දෙසට යනු අසල්වැසියෙකු විසින් දැක තිබීම.

– ගල්වල පාරේ වෙසෙන හෙලන් අල්විස් නමැත්තිය තම වත්තෙහි වැට අද්දර විසි කර තිබුණු ළමයාගේ පොත් බෑගය අහුලාගෙන භාර දීම (පොත් බෑගය තුළ ඔහුගේ සෙරෙප්පු දෙක ද තිබී ඇත.)

– පසු දින උදයේ රාම්දාස්ගේ සිරුර එකී ළිඳෙහි තිබී හමු වීම.

– ඊට සති කීපයකට පෙර කළුබෝවිල රෝහලට ගිය පෝලින් තමාට නින්ද නො යාමේ ආබාධයක් ඇති බව පවසා නිදි පෙති ලබා ගැනීම.

ගොනු කර ගත් මේ සිද්ධි මාලාව ඇසුරෙන් එළඹි අනුමිතින් වී ඇත්තේ කිසියම් කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස අතරමග රැක සිට පෝලින් විසින් පාසලට එමින් සිටි රාම්දාස් කැඳවාගෙන ගොස් එ් අවස්ථාවේ වැඩිපුර මිනිසුන් නො ගැවසෙන ශාන්ත රීටා පල්ලියේ ගැවසෙමින් සිට ඔහුට නිදිමත ඇති වන ආකාරයට යම් දෙයක් ශරීරගත කොට නිද්‍රාවට හෝ සිහි මඳ ගතියට පත් කර ළිඳට තල්ලූ කළ බවයි. පසු ව ඔහුගේ සෙරෙප්පු දෙක පොත් බෑගය තුළට දමාගෙන ගොස් ඇය තම නිවසට යන පාරේ අද්දර වැටකින් ගෙවත්තකට විසි කොට නිවසට ගොස් ඇති බවයි. අපරාධකරුවෙකුගේ පෙර හැසිරීම් සහ පසු හැසිරීම් ආශ‍්‍රයෙන් අපරාධ විද්‍යානුකූලව ගොනු කර ඇති මෙම සිද්ධි මාලාව සාක්ෂි මඟින් ඔප්පු කිරීමෙන්, ජූරි සභාවක් ඉදිරියේ විභාග වූ නඩුවේ දී වැරදිකරු වී පෝලින් ඩි කෲස්ට මරණීය දණ්ඩනය නියම විය. සම අපරාධකරුවා ලෙස නම් කෙරුණු දෙවැනි විත්තිකරු බෝධිපාල කිරඹකන්ද නඩුව අතරමග දී නිදහස් කෙරිණි. අපරාධ අභියචනාධිකරණයේ දී පෝලින්ට සහනයක් සේ නඩුව නැවත විභාග කිරීමට තීන්දු කෙරුණත්, අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඇය වැරදිකරු කරන ලද තීන්දුව ම අනුමත කෙරුණි. එම නඩු තීන්දුවට එරෙහි ව බි‍්‍රතාන්‍යයේ ප‍්‍රිවි කවුන්සලයට අභියාචනයක් කෙරුණු අතර පරිවේශනීය සාක්ෂි වුවත් එ්වායේ ප‍්‍රබලකම මත ඇයගේ අභියාචනය ප‍්‍රිවි කවුන්සලයෙන් ද නිෂ්ප‍්‍රභා කරනු ලැබීමෙන් පසු ව පෝලින් ඩි කෲස්ට මරණීය දණ්ඩනය නියම කෙරුණි. කෙසේ වුවත් එවකට සිටි අග‍්‍රාණ්ඩුකාරවරයාගේ තීරණයෙන් 1969 වර්ෂයේ දී ඇයගේ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පරිවර්තනය විය.

නො දැහැමි තීන්දුවල විපාක

බෝධිපාල මුල් අවස්ථාවේ සිට ම ගත් තීරණත්, පෝලින් මුල සිට ම ගත් තීරණත් කොපමණ දුක් විපාක ගෙන දෙන එ්වා බවට පත් වීමට මුල් වී දැයි සිතා බැලීම වටී. නූතන කළමනාකරණ විද්‍යාඥයන්ට මෙතෙක් ග‍්‍රහණය නො වූ මූලධර්ම මාලාවක් තීරණ ගැනීමේ දී අනුගමනය කළ යුතු බවට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇත. එනම් කෙනෙකු තීරණයක් ගැනීමේ දී එය ඡුන්ද, ද්වේෂ, මෝහ, භය යන දෝෂයන්ගෙන් තොර විය යුතු බව දහමේ සඳහන් ය. මෙම සිද්ධි මාලාව තුළ ම මේ අය තිබුණු දැඩි ආශාව, තණ්හාව, පක්ෂග‍්‍රාහී බව, ආත්මාර්ථකාමය ද; තරහ, ක්‍රෝධය, ද්වේෂය, ව්‍යාපාදය ද; සත්‍යය වටහා ගැනීමට තරම් ප‍්‍රඥාවක් නොමැතිකම ද; එකිනෙකාටත්, සමාජයටත් භයෙන් යුතු ව කටයුතු කිරීම ද අඩුවක් නැති ව දකින්නට ලැබුණි.

පසුබිම කිලිටි වූවොත්…

පෝලින්ගේ මෙන් ම බෝධිපාලගේත් පසුබිම කිලිටි වූ එ්වා බවත්, නොදැහැමි පිළිවෙත් තුළින් යහපතක් සිදු නොවන බවත් මෙම ලිපිය මුල දී කියවාගෙන එද්දී ම ඔබට වැටහෙන්නට ඇත. එ් තුළ ම නො සන්සිඳෙන ආශාවන් තෘප්ත කර ගැනීමට අන්තයට ගිය අගතිය මාර්ගය ම කර ගැනීම නිසා මේ පවුල් විනාශ මුඛයට පත් වූ ආකාරය අපට පැහැදිලි වේ. ඉතා පාපී ලෙස පරදාර සේවනය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස කිසිවෙකුට වරදක් නො කළ අහිංසක දරුවෙකුගේ ජීවිතය අකාලයේ නැති විය. එසේ කිරීමෙන් ඔවුන්ට ද සිත් සේ ජීවත් වීමට හැකි වේ ය යන්න සිතීමත් මුළාවකි. කරුමයක මහත, එසේ සිතා ඔවුහු විපතෙහි වැටෙති. එ් මෙලොව දී ය. පරලොව දී කවර තරමේ දුර්විපාක අත් විඳින්නන් බවට පත් වේවි ද?

විවාදයට තුඩු දුන් තීන්දුවක්

ඔබ වෙත ගෙන ආවේ දීර්ඝ නඩු විභාගයක දී අනාවරණය වූ කරුණු සමහරකි. පොතක් ලියන්නට තරම් දෑ ඇති මෙම කාරණයට අදාළ තොරතුරු ඉතා සැකෙවින් සම්පිණ්ඩනය කොට ඉදිරිපත් කිරීමේ දී යම් යම් ඌනතා ඇති වන්නට ද ඇත. කෙසේ වෙතත් පසු ව මෙම නඩුව පිළිබඳ ව විවරණයන් සිදු කළ විද්වත් නීතිවේදීන් මෙම මිනීමැරුම පෝලින් විසින් කරන ලද්දක් ම දැයි සැක පහළ කළ අතර ඇයට මරණීය දණ්ඩනය නියම කිරීම සාධාරණ නොවන බවට ද මත පළ කොට ඇත. මේ අපරාධයට නිසැක ව ම යම් දායකත්වයක් පෝලින්ගෙන් ලැබුණු බව තහවුරු වුවත් එය ඇය තනි ව කළ දෙයක් නොවන බව සිද්ධි මාලාවේ ඇති ඇතැම් හිදැස් තැන් දක්වමින් නෛතික දෘෂ්ටිකෝණයකින් විග‍්‍රහ කරන නීති විශාරදයන් පසු ව අදහස් දක්වා ඇත්තේ මේ අපරාධයට අනාවරණය නො වූ තවත් දෑත් ද හවුල් වී ඇති බවට සැක පහළ කරමිනි. ගොනු වූ පෙර තොරතුරුවලට අනුව ගෝඨාභය මරා දැමීමට සැබෑ වුවමනාවක් සහ චේතනාවක් පෝලින්ට තිබුණේ ද යන්න පිළිබඳ ව නිසැක නිගමනයකට එන්නට හැකියාවක් නොමැති බව එකී මතවලින් අවධාරණය කෙරුණි.

රාග ගින්නෙන් අළු නො වෙමු

රාගය ගින්නක් බවත්, එ් ගින්නේ දැවීම තැවීම ඇති කරවන බවත්, හසු වන ඕනෑ ම දවා අළු කර දමන්නට ගින්නට හැකි බවත් මෙම අභාග්‍ය සම්පන්න කථාව තථාගත මුනි දහම තුළින් බලන කාට වුව ද පසක් වනු ඇත. අතීතයේ වැලි තලාවෙන් වැසී ගිය, මීට දශක පහකට පෙර කොළඹ නගරය ආසන්නයේ සිදු වූ මෙම සිද්ධි මාලාවට නොදෙවෙනි බිහිසුණු විපත් අද ද රාගය මුල් වී සිදු වෙයි. මේවා නිසා වටිනා ජීවිත අහිමි කොට, දේපළ ද විනාශ කොට සියල්ල අළු කර දැමීමට සමත් වෙයි. නො සන්සිඳෙන රාගය මෙලොව දී අනේකවිධ කායික මානසික පීඩාවන්ට අත් විඳීමටත් පරලොව දී කල්ප ගණන් දුක් විඳීමටත් හේතු වන සැබැවින් ම දරුණු අකුසල මූලයකි.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන

තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්

නීතිඥ සිරිපාල විරිතමුල්ල

මාතෘත්වයට නිගා දෙමින් පවුලක් දවා අළු කළ රාග ගින්න
සෙල්ලක්කාර මව

පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානය භාර බන්ධනාගාර අධිකාරී මහතාගේ ආධාරයෙන් මේ සඳහා තොරතුරු ලබා ගන්නට මට හැකි විය. එහි දුකින් කාලය ගත කරන සුරංගගේ ගම් ප‍්‍රදේශය රත්නපුරය විය.

කලක් පෙමින් වෙළී සිට විවාහ ජීවිතයට ඇතුළු වූ සරත් සහ මාලාට ඉක්මනින් දරු සම්පතක් ද ලැබුණි. පවුලට එක් වූ සුරංග ළපැටියාට මව් සෙනෙහසේ උණුසුම බෙහෙවින් අවශ්‍ය විය. තුරුණු වියේ දී වුව ද පිරිසිදු බවක් නො තිබුණු මාලාගේ පැරණි පුරුදු, විවාහ වී වැඩි කලක් යන්නට මත්තෙන් ම නැවත නැවත ඉස්මතු වන්නට විය. ලද හැම අවස්ථාවක් ම ප‍්‍රයෝජනයට ගත් ඇය තම සැමියා ඉක්මවා යෑම සෙල්ලමක් කර ගත්තා ය. ගෙදර අඩදබර බොහෝ යි. සුරංග දරුවාට ද දැන් හය-හතර තේරෙයි. අම්මා ගැන තාත්තා නිතර ම සැකයෙන් බලයි. සරත් කෙරෙහි මාලාගේ කිසි ගරු සරුවක් නැත. ඒ නිසා ම ඇවිළී යන ගෙදර අවුල් වියවුල්, වැඩෙන දරුවාට මහත් පීඩාවක් ගෙන දුන්නේ ය. මේ අතර මාලාට තවත් පෙම්වතෙකු මුණ ගැසුණි. රහසින් බැඳුණු සම්බන්ධකම ප‍්‍රකට වී ගියේ සරත් ද සුරංග ද හැර දමා මාලා හොර සැමියා සමඟ පලා යාමෙනි.

අහිමි වූ මව් සෙනෙහස

අම්මා නැති පාලූව තදින් ම දැනුණේ සුරංගට ය. ඒ කවර වරදක් තිබුණත් සුරංග තම අම්මාට දැඩි ආදරයක් දැක්වූ නිසා ය. ඒ කෙසේ වෙතත් මාලාට නම් තම එක ම දරුවා ගැන වැඩි කැක්කුමක් තිබී නැත. ‘‘ගිය ගෑනි ගියදෙන්” කියා මුලින් හිත හදා ගත්තත් තැන තැන වැටි වැටී සුසුම් හෙළන තම දරුවාගේ ගින්දර දැනුණු සරත්, මාලා සොයා රටේ සෑම ප‍්‍රදේශයක් ම පීරුවේ ය. ඇය නිවසෙන් කිලෝමීටර් 50ක් පමණ දුර තම සොර සැමියා සමඟ දීග කයි. ඇය පිළිබඳ තොරතුරු සොයා බැලූ සරත් එහි ගොස් කවර වරදක් තිබුණත් ඒවාට තමා සමාව දෙන බව පවසා නැවත තමා සමඟ පැමිණෙන ලෙස ඇවිටිලි කර ඇත. ඇයගේ තීරණයේ වෙනසක් නො වී ය. කොන්ත‍්‍රාත් ක‍්‍රමයට මේසන් වැඩ බාර ගෙන හොඳ ආදායමක් ඉපැයූ සරත් තම පුතාට කිසිදු අඩුපාඩුවක් කළේ නැත. දරුවා පාසල් ගියත් අම්මාගේ රැකවරණයක් නො මැති නිසා පාඩම් වැඩ ගැන බලන්නට කිසිවෙකු නැත. ඔහුගේ අධ්‍යාපන වැඩ ද කෙමෙන් අඩාල විය.

පවුල ම අනතුරේ

කාලය මෙලෙස ගත වෙද්දී සරත්ට තම බිරිය නැති පාලූව වැඩි වැඩියෙන් දැනෙන්නට විය. ඇය අහිමිවීමේ සාංකාව දැන් දැන් දරුවාටත් වඩා වැඩි වේදනාවක් ගෙන දුන්නේ සරත්ට ය. ක‍්‍රමයෙන් සරත් රෝගියෙකු වුණේ මාලා නැති ශෝකය නිසා ය. ඔහුගේ රෝගය උත්සන්න වීමට වැඩි කලක් ගියේ නැත. සිතේ වේදනාව සරත් හෘද රෝගියෙකු බවට පත් කළේ ය. මාස කීපයක් ඇතුළත සරත් මිය ගියේ සුරංග තනි කරමිනි. සරත්ගේ සහෝදරයන් හා නෑදැයන් එකතු වී අවමංග්‍ය කටයුතු සිදු කළත්, ඒ මාලාට දෙස් දෙවොල් තබමිනි. වැඩි කලක් යන්නට මත්තෙන් සුරංග රැක බලා ගන්නට කෙනෙකු පවා නැති විය. අම්මා තම පියාගේ මළ සිරුර ඉල්ලන්නටවත් නො පැමිණියත් ඔහුට ඇය පිළිබඳ ආදරයේ අඩුවක් නො විණි.

දුක දරාගත් හැටි

අවුරුදු 14 පමණ වයසේ මේ වන විට පසු වූ සුරංග පාසල් දිවිය අත්හැරියේ ය. පාසලේ 9 වෙනි වසරෙන් ඔබ්බට යාමට ඔහුට හැකියාවක් ලැබුණේ නැත.

තම පීඩාව නරකට හැරවීමට නො සිතූ සුරංග හැම විටක දී ම ආගමට නැඹුරු විය. ඔහු ගමේ විහාරස්ථානයට යොමු විය. සෑම දිනක ම තෙල්, මල්, පහන්, හඳුන්කූරු ආදිය රැගෙන හවස් වරුවේ පන්සලට යාම සුරංග සිරිතක්කර ගත්තේ ය. පෝයට සිල්සමාදන් වූ සුරංග හික්මුණ දරුවෙකු ද විය. තාත්තා නැවත නො එයි. තමා මේ පින්කම් අත්නොහැර සිදු කළේ කිසියම් ශක්තියක හෝ බලපෑමක් නිසා අම්මා තමා ළඟට ගෙන්වා ගත හැකිවේ යැයි තිබුණු තදබල විශ්වාසය නිසා ය. ආහාරපාන හරිහැටි නැතත්, පූජා භාණ්ඩ ගැනීමට ඔහුට මුදල් අවශ්‍ය විය.

බාප්පාගේ සැලකීම

එදා තෙල්, හඳුන්කූරු ආදිය මිලට ගන්නට සුරංග අත මුදල් තිබී නැත. ඔහු පියාගේ සහෝදරයා ළඟට ගියේ වන්දනා කිරීමට වුවමනා පොල් තෙල්, හඳුන්කූරු ආදිය මිලට ගන්නට මුදල් ඉල්ලා ගැනීමට ය. බාප්පා හමුවූ ඔහු තමාට ඒ සඳහා රුපියල් පනහක් දෙන ලෙස ඉල්ලා ඇත. පොඩි සිල්ලර කඩයක මුදලාලි වූ බාප්පා සුරංගට බැණ වැදී පලවා හැර ඇත. ‘‘අපි ළඟට සල්ලි ඉල්ලන්න එන්න එපා. උඹලගේ අම්මාගෙන් සල්ලි ඉල්ලා ගනින්” කියා බැණ වදින විට තරුණ සුරංගට මහත් තරහක් සහ සංවේගයක් ඇති විය. නිහඬ නො වූ සුරංග පෙරලා බාප්පාට ලූණු ඇඹුල් ඇතිව කියන්නට විය. බාප්පා පොල්ලක් අමෝරා සුරංගට ගැසීමට එළියට පැන්නේ ය. නමුත් සිදු වූ දෙයෙහි අසාධාරණකම දුටු කඩේට පැමිණි තැනැත්තෙකු ඔහුට එරෙහි වී ඇත. පොල්ල උදුරා දැමූ ඔහු සුරංගගේ බාප්පාට දොස් නගන්නට විය. එවිට සුරංග අත්හැර දැමූ බාප්පා එම තැනැත්තාට පහර දෙන්නට පැන්නේ ය. සුරංගගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේ ය. බාප්පාගේ කඩයේ තැඹිලි කැපූ පිහිය දුටු ඔහු වහාම එය ගෙන පිහි පහරවල් කිහිපයක් දෙමින් බාප්පා බිම හෙළී ය.

ළමා සිරකරුවා

මේ අවස්ථාව වන විටත් අවුරුදු 15ක් වත් වුණේ නැති සුරංග අත්අඩංගුවට පත්විය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාව මත සුරංගට විරුද්ධව නඩු පැවරුණි. සියල්ල මැනවින් විභාග කිරීමෙන් පසු ව අවුරුදු හයක සිරදඬුවමක් ඔහුට හිමි විය. තවමත් අවුරුදු 17ක් පමණ වන සුරංග ළමා අපරාධකරුවෙකු ලෙස සලකා පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝධනය කරන සිර කඳවුරේ රඳවා සිටී. අරුමය නම් මේ සියල්ලට ම මුල්වූ අම්මා කෙරෙහි ඔහු තුළ අද ද ඇති දැඩි ආදරය යි. අද ද ඔහුට අවශ්‍ය වන්නේ අම්මාගේ උණුසුම ලබන්නට ය. අම්මා ලවා බත් කටක් කවා ගන්නට ය. සුරතල් කරවා ගන්නට ය. කුඩා කාලයේ ම තමාට අහිමි වූ මව් සෙනෙහෙසේ උණුසුම අත්විඳින්නට දැනුදු ඔහු පුල පුලා බලා සිටියි. අද බන්ධනාගාර නිලධාරීන්ගේ ආදරය දිනා සිටින සුරංග ගැන එම නිලධාරීන්ගේ පවතින්නේ යහපත් ආකල්පයකි. බාප්පා මරා දැමීමේ වරද නිසා සිරදඬුවමක් අත්වින්ද ද ඔහු ඉතා අහිංසක දරුවෙකු බව බන්ධනාගාර නිලධාරීන්ගේ සහ සෙසු ළමා රැඳවියන්ගේ අදහසයි.

පාඩමක්

උතුරා යන දරු සෙනෙහස ද? ඉහවහා ගිය රාගය ද? තමාට පණ මෙන් ආදරය කළ අහිංසක සැමියා අකාලයේ මිය ගියේත්, තම එක ම දරුවා මිනීමරුවෙකු බවට පත් කළේත් මවු පදවියේ උත්තරීතර බව කෙලෙසූ එ් අම්මාගේ ක‍්‍රියා කලාපය නො වේ ද? අම්මාත්, තාත්තාත් අසමගිි වන පවුල්වල දරුවන්ට මුහුණ පාන්නට සිදු වන මෙබඳු ව්‍යවසන සුළුපටු නො වේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මවකගේ, පියෙකුගේ යුතුකම් සහ වගකීම් මොනවා දැයි මනාව දේශනා කර ඇත. පවුල නම් කුටුම්භයේ මුරදේවතාවිය අම්මා ය. තම සැමියාට හා දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් පසෙක දමා රාගයෙන් ඇවිළී ගිය සිතින් තම පවුල් ජීවිතය සහමුලින් ම කණපිට හරවා ගන්නට සිතන කාන්තාවන්ට මෙය මහා පාඩමකි.

මෙහි එන නම්, ගම් හා ඇතැම් සිද්ධිමය කරුණු මනඃකල්පිත ය.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන

තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්

නීතිඥ සිරිපාල විරිතමුල්ල

බොරු කියන්නේ තාත්ත ද? දුව ද?
පුත්තා වත්ථු මනුස්සානං

‘‘පුත්තා වත්ථු මනුස්සානං” යන සම්බුදු වදන නිතර කන වැකෙන සැදැහැති දෙමාපිය අපට මිහිපිට ඇති වටිනා ම වස්තුව දරුවන් බව නො රහසකි. ඊට හාත්පසින් වෙනස් වූ තත්ත්වයක් උදා වුවහොත් අත්විඳිය හැකි බියකරු බව විදහා දැක්වෙන මෙම කතාව ඔබට කියන්නට පවා මට සිත් නො වී ය. එය එතරම් ම ඕලාරික ය. එහෙත් මේ කුරිරු සමාජයේ එබඳු සිදුවීම් ද ඇති බවට දහමින් ඔබ දැනුවත් කිරීම මාගේ අරමුණයි.

ඇත්ත නැත්ත

ස්වකීය ලෙයින් ජනිත වූ දියණිය දූෂණයට ලක්කිරීමේ වරදට මහාධිකරණයකින් වරදකරු වී වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් විඳින මේ පුද්ගලයා වෙනුවෙන් ආරූඪ නාමයක් යොදන්නට පවා මට සිත් නො දෙයි. කතාවේ අනෙක් පැත්ත නම් ඔහු පුනපුනා කියන්නේ තමා එම වරද සිදු නො කළ බවත්, මෙම චෝදනාවට නිකරුනේ ලක් වී දඬුවම් විඳින බවත් ය. ඔහු කුමක් කියතත් ඔබ වෙත ශක්ති ප‍්‍රමාණයෙන් සත්‍යය අනාවරණය කිරීම සඳහා වන මගේ වගකීම ඉටු කිරීමට, එකට සිරබත් කන ඔහුගේ සගයන් කීප දෙනෙකුගෙන් ද, බන්ධනාගාර නිලධාරීන් කීප දෙනෙකුගෙන් ද විමසූ මට දැන ගන්නට ලැබුණේ ඔහු බන්ධනාගාරය තුළ කියන්නේ ද අධිකරණයේ දී දිගට ම කියා ඇත්තේ ද තමා නිර්දෝෂි ය යන්න වන නමුත් මට ඇති වූ සැක සංකාව ම මේ පුවත පිළිබඳ ඔවුන්ගෙන් ද පළ කෙරුණි. වැරදිකරුය යන අධිකරණයේ විනිශ්චයත්, නිර්දෝෂිය යන ඔහුගේ කතාවත් අසා මැදහත් සිතින් සමාජීය විපතක බියකරු ප‍්‍රතිවිපාක ගැන මෙනෙහි කරන්නට දැහැමි සිත් ඇති පාඨක ඔබට ආරාධනා කරමි.

අපලයක් වූ දීගය

ඔහුගේ කතාව මා වෙත දිගහැරියේ තමා 1974 වර්ෂයේ දී හිතුවක්කාර අන්දමින් කරගත් විවාහය පිළිබඳ පසුතැවිල්ල පල කරමිනි. අධ්‍යාපනය නො ලබා ම පවුලේ කර්මාන්තය වූ වඩු වැඩ ජීවනෝපාය කරගත් ඔහු තාරුණ්‍යයට පිවිසෙත් ම වැඩි වගවිභාගයකින් තොරව සරෝජනී නමැත්තිය සමග බැඳුණු විවාහය, විනාශය ළඟාකර දුන් බව කියා සිටී. විවාහ වී අවුරුද්දක් ඇතුළත දී ම කසුන් පුතා පවුලට එක් වූවත් දරුවා කුස තුළ සිටි මුළු කාලපරිච්ඡේදය පුරාවට ම ගෙදර අඬ දබර කෙළවරක් නැති විය. බිරියගේ ආරවුල්වලට මූලික සාධකය නැන්දම්මා බව ඔහු කියයි. කිරිකැටි කසුන් පුතා තමා වෙත තබා බිරිය ඇයගේ මව සමඟ ගියා ය. හැකි උපරිම අන්දමින් ඔහු තම පුතා ආදරයෙන් ඇති දැඩි කරන්නට පටන් ගෙන ඇත. කීපවතාවක් ම පවුල එකතු කරන ලද ද කලින් කල ඇතිකර ගත් ආරවුල් නිසා පවුල් ජීවිතය පලූදු වෙමින් ගොස් ඇත. මේ සමගි වීම් නිසා තවත් දරු උපතකට මඟ පෑදී 1983 වර්ෂයේ දී බිරියට දියණියක් ලැබුණි.

දියණියගේ භාරකාරත්වය

දියණියට මාස කීපයක් වෙද්දී පවුල කැඞී ගියේ කිසි දිනක ආපසු එකතු නො වන ලෙසයි. කිරිකැටි බිළින්දිය ද සමඟ සරෝජනී තම මව වෙත ගිය අතර නොබෝ කලකින් වෙනත් පුරුෂයෙකුගේ බිරිය බවට පත් විය. මේ පිළිබඳ ව නො රිස්සූ ඔහු තම දියණියගේ භාරකාරත්වය ඉල්ලා අධිකරණයේ පිහිට පැතී ය. බිරියගේ අනාචාර හැසිරීමත්, ඇය ඒ වන වින විට වෙනත් මිනිසකුගේ බිරිය වී සිටීමත්, පුතා ද තමා විසින් රක්ෂා කරණු ලබන බවත් ඔප්පු කිරීමෙන් දියණියගේ භාරකාරත්වය ලබාගැනීමට ඔහු සමත් විය. දුෂ්කරතා මධ්‍යයේ දියණිය රැකබලා ගත්තත් ඔහු වඩු වැඩකට ගිය දිනක බිරිය තම නවාතැනට පැමිණ දරුවා පැහැරගෙන ගොස් ඇත. ඉන් පසුව ද දරුවාගේ භාරකාරත්වය ලබා ගැනීම පිණිස වරින් වර පොලීසී, උසාවි ගානේ දෙපාර්ශ්වය ම රස්තියාදු වූ වකවානුවක් විය. කෙසේ හෝ දියණිය අම්මා සහ බාප්පා සමග වැඩුණි. දියණියට අවුරුදු 9ක් පමණ වෙද්දී වැඩෙමින් තිබූ දරු සෙනෙහස උතුරා ගොස් කෙසේ හෝ ඇය තමා වෙත ගත යුතු යැයි පියා සිතා ගත්තේ ය. පියා සහ පුතා සැලසුම් කළ කුමන්ත‍්‍රණයකට අනුව කසුන්, අම්මා සොයා ඇයගේ නිවසට ගියේ ය. අම්මා ද තම නංගී ද බාප්පා නිසා අම්මාට ලැබුණ තවත් දරුවන් දෙදෙනෙකු ද සහිත ආබාධිත බාප්පාගේ පවුල විඳින දුක් කන්දරාව ඔහුට ඉවසන්නට බැරි තරම් විය. නංගී ලබා ගැනීමේ චේතනාවෙන් ගියත් කිසි දිනෙක දැක මතකයේ නැති නාඳුනන අයියා ළඟට ඇය ළංවූයේවත් නැත. කලින් යොදාගත් උපායේ කොටසක් හැටියට තම පියාගේ වැරදි අඩුපාඩු මවා දැක්වූ කසුන් අම්මාගේ අනුකම්පාව දිනා ගැනීමට සමත් විය. ටික කලක් අම්මා සමග රැුඳීසිටීමට ඉටා ගත් කසුන් ඉක්මනින් ම නංගිට සමීප වූයේ ය.

නංගී පැහැර ගනී

වෙසක් සමය එළඹුණි. මේ වන විට අම්මාගේ විශ්වාසය දිනාගෙන සිටි කසුන් ඇයගේ අවසරය ඇතිව තදාසන්න නගරයේ වෙසක් සිරි නරඹන්නට නැගණිය කැටි ව ගියේ ය. නංගී වෙසක් සිරි බලන්නට සිතා පිටත් වූවත් අයියාට වුවමනා වූයේ ඇය රවටා පැහැරගෙන ගොස් තාත්තා සමග ජීවත් වීමට ය. වෙසක් බැලීම කෙසේ වෙතත් තමා ඈතට ඈතට දුර ගමනක් ගෙන යන බව වැටහුණ විට නො සන්සුන් වූ නංගී කෑ ගසා කලබල කරන්නට පටන්ගෙන ඇත. කෙසේ හෝ නංගී රවටාගෙන කසුන් තාත්තාගේ නිවසට ගෙන ගියේ ය. සැලූණු හදින් යුතු ව එහි පිවිසුණු චාරුණි නංගීට ‘‘මේ අපේ තාත්තා” යැයි තාත්තා හඳුන්වා දුන් විට ‘‘නෑ නෑ, මගේ තාත්තා ඉන්නේ අම්මාගේ ගෙදර. මට එහේ යන්නට ඕනෑ” යැයි යටිගිරියෙන් මොර දෙන්නට වූවා ය. කුඩා දැරියට තාත්තාගේ බසට අවනත වන්නට සිදු විය. ඇය තාත්තාත් අයියාත් සෙවණේ කල් ගත කරද්දී අම්මා ද ඇය සොයා පොලිසිවල පැමිණිලි ගණනාවක් දැමුවා ය. කුඩා දියණියට අම්මා සොයාගෙන යාමට අවශ්‍ය වූවත් ඇයට ඉඩක් ලැබුණේ නැත. ඇයගේ පාසල් අධ්‍යාපනය ද කඩාකප්පල් විය. තාත්තාත් අයියාත් වැඩට ගිය විට යාබද නිවෙස්වල දැරියන් සමග සෙල්ලම් කිරීමට පැන ගිය ඇය ඔවුන්ගේ දෙමාපියන් සමග තම ඛේදවාචකය ඇඬූ කඳුලින් කියුවා ය. අසල්වැසි කාන්තාවෝ කි‍්‍රයාත්මක වූහ. දිනක් වැඩ අවසන් වී ගෙදර ආ පිය පුතුට පෙනී ගියේ දැරිය අතුරුදහන් වී ඇති බවයි. පොලිසියේ පැමිණිලි වැටුණි. ඇය සෙවීමේ මෙහෙයුමක් දියත් විය. දින තුනකට පමණ පසු ඔහුට දැන ගන්නට ලැබුණේ දැරියගේ අඳෝනාව ගැන කම්පනයට පත් වූ අසල්වාසී කාන්තාවන් ඇය පොලිසියට භාර දී ඇති බවයි.

පරිවාස භාරයට

දැරිය උසාවියට යොමු විය. මවත් කැඳවිණි. මවට දරුවා දීමෙන් අනතුරක් ඇති බව ඒත්තු ගැන්වීමෙන් පසු ව පියාටත්, මවටත් ලබා නො දුන් දියණිය පරිවාස නිලධාරීන් භාරයට පත් විය. ඇය බැහැර නගරයක පිහිටි පරිවාස දෙපාර්තුමේන්තු ළමා නිවාසයක රැඳවිණි. තාත්තාත්, අයියාත් ඇය බලන්නට ඉඳ හිට එහි ගියහ. ඇය ක‍්‍රමයෙන් අම්මාගෙන් ඈත් විය. දැන් දැරිය අවුරුදු 13ක් වයස ඇති පෙනුමැති ළමයෙකි. ස්වභාවයෙන් ම දඩබ්බර කෙනෙකු වූ ඇය ඉඩක් ලද රාති‍්‍රයක නිවාසයෙන් පැන ගියා ය. අම්මා සොයාගෙන ගිය ද වැඩි දිනක් එහි සිටින්නට නො හැකි වූයේ නැවත ද අධිකරණය මාර්ගයෙන් ඇය වෙනත් ඈතක පිහිටි ළමා නිවාසයකට ඇතුළත් කිරීමෙනි. ඇය දැන් ක‍්‍රමයෙන් ලස්සනට මෝරා වැඩෙන තරුණියකි. දැන් දැන් දඩබ්බරකම් ද මෝරන්නට විය. වයස අවුරුදු 17 වෙද්දී තවත් නේවාසික දැරියක ද සමග ඇය යළිත් ළමා නිවාසයෙන් පැන ගත්තා ය.

විළිබිය නැතිකම

ඉන් පසු ව ඇය තාත්තාගේ භාරයට පත් විය. ටික කලකින් ඇයට රැකියාවක් කිරීමට අවශ්‍ය වූයෙන් කිට්ටුව පිහිටි ඇඟලූම් කම්හලක රැකියාවකට බැඳුණි. ඇයට බෝඩිමක නවාතැන් ගැනීමට ද අවශ්‍ය විය. පියා නිතර නිතර දියණිය බලන්නට ගිය අතර ඇය ද ඉඩ ලද විට තාත්තාගේ නවාතැනට ආවා ය.

මාස කීපයක් ගත වෙද්දී චාරුණි ගැබිණියක් බව අනාවරණය විය. ඇය පොලිසියට පැමිණිල්ලක් කළේ මෙවර තම පියා දිගින් දිගට ම අතවර කළ බවත්, තමා ගැබිණියක වූයේ පියා නිසා බවත් කියමිණි. පියා අත්අඩංගුවට ගෙන නඩු පැවරිණි. ඔහු පුනපුනා කියන්නේ තමා එවැන්නක් නො කළ නමුත් චාරුණි සාක්ෂි දුන් ආකාරය අනුව බිඳ හෙළිය නො හැකි ලෙස එය ඔප්පු වූ බවත්, ඒ නිසා තමාට අවුරුදු පහළොවක බරපතළ හිර දඬුවමකුත්, ඇයට රුපියල් ලක්ෂයක වන්දියකුත්, රුපියල් පහළොස්දහසක දඩයකුත් ගෙවීමට නියම වූ බව ය. වන්දි හා දඩ ගෙවීමට මුදල් නො මැති නිසා එකතු වූ අතිරේක සිර දඬුවම සමග ඔහු 19 වසරක සිර දඬුවමක් විඳිමින් සිටී.

මහා භයානක ප‍්‍රතිවිපාක ගෙන දෙන, අමූලික, මහා සාවද්‍ය බොරුවක් කියා තම පියා හිරේ විලංගුවේ දැමීමට දරුවෙකුට හැකි ද? යන්න බලවත් සැකයකි. එය එසේ මෙසේ චෝදනාවක් නො ව මිනිස්කමට පවා නිගා දෙන මහා සාපරාධි චෝදනාවක් බැවින් දියණියකගේ මුවින් එවැන්නක් පිට විය හැකි දැයි වූ මගේ විමසුමට දිව පැටලෙමින් ඔහු කීවේ එය තමාගේ අවාසනාව බවයි. කුඩා කල සිට ම ඇයට අත්විඳින්නට වූ අවාසනාවන්ත ඉරණම නිසා තමා සමග ඇති කර ගත් වෛරය නිසා මෙම අභූත චෝදනාව එල්ල කරන්නට ඉඩ ඇතැයි ඔහු කියයි. මෙබඳු චෝදනාවක දී හිමිවන දඬුවම හුදෙක් හිර දඬුවමකට පමණක් සීමා නො වන බව දන්නා අධිකරණය එය මනා ලෙස විභාග නො කොට තීරණයක් දෙතැයි සිතිය නො හැක. දියණියගේ ස්ථාවරයත්, පියාගේ කියමනත් පිළිබඳ ව මැදහත් නිගමනයකට එළඹීම අප සතු කාරියකි.

විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

කිසි වරදක් නො කළ පියෙකුට මෙබඳු සාහසික චෝදනාවක් එල්ල කොට, ඔහු සිරගත කරවීමට සලස්වා, සමාජයට මුහුණ දීමට පවා නො හැකි තත්ත්වයක් උදා කළේ නම් ඇයට මෙලොව දී සැපතක් නම් උදා වේ ද? පරලොව ගැන කවර කථා ද?

ඒ පියා මෙම සාපරාධී ක‍්‍රියාව සිදු කළේ නම් විඳින දඬුවමෙන් මොහොතින් මොහොත මැරි මැරී උපදිනවා නියත ය. මුවින් කුමක් පිට වූවත් ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට සාප කරනු ඇත. මරණින් මතු ඔහු අත් විඳිය හැකි නිරා දුක ගැන මෙනෙහි කළ නො හැකි තරම් ය. බන්ධනාගාරය තුළ වුව ද ඔහු බාල ගණයේ සිරකරුවෙකි. ඔහුට අනෙක් සගයන්ගෙන් අනුකම්පාවක්, සැලකිල්ලක් නො මැත.

වසර දහනවයක් අවසානයේ මහල්ලෙකු ලෙස බන්ධනාගාරයෙන් බැහැර යන ඔහුට සමාජයට මුහුණ දීමට හැකි වේ ද? නෑදෑ හිතවතෙකු ඔහුට නෑකමක් කියාවි ද? පුද්ගලයන්ගේ පිළිකුලට භාජනය වන ඔහු ශිෂ්ට සමාජය විසින් පිළිගනීවි ද? ඒ නිසා ඔහුගේ ඉදිරි කාලය කෙසේ නම් ගත වනු ඇති ද? අභාග්‍යයක තරම! ඔහුට යම් අස්වැසිල්ලක් විය හැකි ව තිබුණු කසුන් පුතා ද අද වන විට මෙලොව හැර ගොස් ය. මේ අර්බුද පැවති කාලය තුළ ම මුඩුක්කු නිවාසයක තරුණියක් විවාහ කරගත් කසුන්ට ඉතා කෙටි කලක් තුළ මුහුණ දෙන්නට වූ දුෂ්කරතා නිසා සිය දිවි නසා ගන්නට සිදු වී ඇත. මේ සිරබත් කන තාත්තා කියන කතාව ය. පියාගේ ක‍්‍රියාව නිසා කලකිරී කසුන් සිය දිවි නසා ගත්තා දැයි මට ඔහුගේ කථාව හරහා සැක මතු විය.

දැනට දියණිය විවාහයක් කරගෙන ඇති බව ඔහු කියයි. කෙසේ වුවත් ඇය බිහි කළ ඒ අසරණ දරුවා මේ සමාජයේ විෂම චක‍්‍රයට කෙසේ නම් මුහුණ දෙනු ඇති ද? තමාගේ පියා ද සීයා ද එක ම පුද්ගලයෙකු බව දැනගත් විට දරුවාගේ මානසික තත්ත්වය කුමක් විය හැකි ද? වෛද්‍ය විද්‍යානුකූලව වුව ද දරුවා කායික මානසික වශයෙන් නිරෝගී පුද්ගලයෙකු විය හැකි දැයි මට සැක සහිත ය.

මේ කිසිවකුට තථාගතයන් වහන්සේගේ ධර්මය පිළිබඳ කිසිදු දැනීමක් ලැබී නො මැත. දහමේ ආලෝකයෙන් බිඳක්වත් ලැබුණා නම් මොවුනට මේ ඉරණම අත් නො වන්නට බොහෝ ඉඩ කඩ තිබිණි.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන

තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්

නීතිඥ සිරිපාල විරිතමුල්ල

ජීවිත වන්දියෙන් කෙළවර වූ කුරුඳු හබය
දුප්පත් පවුලක දරුවෙක්

විකෘති වූ කාමුක ආසාවන් තෘප්ත කරගැනීමේ වරදින් ඒ පුද්ගලයා අත්කර ගත් ව්‍යසනය සේ ම දැඩි ද්වේෂයකින් ඇවිලගෙන පළි ගැනීමට උත්සුක වීම නිසා තම වටිනා ජීවිතය අඳුරු කර ගත් කෙනෙකුගේ කථාව කියන්නට අද පිටුව වෙන් කෙරේ. කාරුණික බන්ධනාගාර නිලධාරීන්ගේ අනුමැතිය ඇති ව අද මා හමු වන්නේ තවමත් අවුරුදු 33ක වයසේ පසුවන තුෂාර ය. දකුණු පලාතේ ඇල්පිටියෙන් බැහැර ගම්මානයක හැදුණු වැඩුණු තුෂාර බරසාර පවුලක බාලයා ය. වඩුවැඩෙහි නිරත වූ පියාගේ ආදායමෙන් ජීවිකාව ගෙවූ මේ පවුලේ පිරිමි දරුවන් දෙදෙනෙකුට ම ඉගෙනීමට හපන්කම් තිබුණු බව දෙමව්පියන්ට දැණිනි. එනිසා වැඩිමහල් පුතා අම්බලන්ගොඩ නගරයේ බෝඩිමක නවත්වා නගරයේ පාසලක උසස් පෙළ හැදෑරීමට යැවිණ. පහසුකම් අඩු ගමේ පාසලේ ඉගෙන ගත්තත් ගණිතයට හා විද්‍යාවට දැක්වූ දස්කම් නිසා තුෂාර ද අම්බලන්ගොඩ පාසැලකට අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට සූදානම් කරවීමට ඇතුළත් කෙරුණේ පුළුවන්කමකට නො වේ. අයියාගේ නවාතැනේ ම හවුලට නැවතී පාසලට ගියත් ඔහුට වඩා වැදගත් වුණේ නගරයේ පැවති උසස් මට්ටමේ උපකාරක පන්තිවලින් ලැබුන පිටිවහලයි. අරමුණ සපල විය. ඉතා ඉහළින් සාමාන්‍ය පෙළ සමත් වීමට හැකි වුවත් නගරයේ පාසලේ ම උසස් පෙළ හදාරන්නට පවුලේ අගහිඟකම් ඔහුට ඉඩ දුන්නේ නැත. මේ අතර වැඩපලක දී අනතුරකට ලක්වීම නිසා පියා ද එක්තැන් වීමෙන් පවුලේ ආර්ථිකය බිඳ වැටිණි.

ඉගෙනීම ද? රැකියාව ද?

උසස් පෙළ ඉගෙන ගන්නට ගමේ පාසලට ඇතුළත් වූ තුෂාරට උදේ පාසල් යන්නටත්, සවස ජීවනෝපායක යෙදෙන්නටත් සිදු වුණේ පවුලේ නඩත්තුවට ය. සාමාන්‍ය පෙළ ඉගෙනීමේ දී ඔහු තුළ පැවති ජවය කෙමෙන් සිඳී ගොස් ය. උපකාරක පන්තියක පිහිටක් ද නො ලැබුණි. පාඩම් කරන්නට ප‍්‍රමාණවත් වේලාවක් නො වුණේ රැකියාව කාලය කා දැමීම නිසා ය. ගමේ පොහොසත් කුරුඳු මුදලාලි කෙනෙකු යටතේ කුරුඳු තැලීම ඔහු රැකියාව කර ගත්තේ ය. පාසල හැරී කෙළින් ම වැඩට යන ඔහු පලපුරුදු කුරුඳු තලන්නකු දවසට තලා ගන්නා ප‍්‍රමාණය සවස් වරුව තුළ ලබා ගන්නට සමත් ව ගෙදර දවසේ වියදම සරිකර ගත්තේ ය. උසස් පෙළ විභාගයට පෙනී සිටියත් එය සමත් වන්නට ඔහුට නො හැකි විය. දෙවනි වතාවට උසස් පෙළ කිරීමට නො සිතූ ඔහු අධ්‍යාපනය අතහැර දැමී ය. පූර්ණකාලීන ව කුරුඳු තැලීමේ යෙදුණු ඔහුට ටික කලකින් තම උත්සාහවන්තකම නිසා ම මුදලක් ඉතිරි කර ගන්නටත් හැකි විය. රැුකියා රටාවේ වෙනසක් සිදු විය. කුලියට වැඩ කිරීම වෙනුවට කොන්ත‍්‍රාත් පදනම යටතේ කුරුඳු තොගයට ගෙන තලා දීම ආරම්භ කළේ ය. තමාගේ ඥාති සොහොයුරෙකු ද තවත් ගමේ තරුණයෙකු ද වැඩෙහි යොදවා පාන්දර පහට වැඩ පටන්ගෙන රාති‍්‍ර දහය වන තුරු ඔහු කුරුඳු තැලී ය. තුෂාරගේ අතමිට ද සරු විය.

මුදලාලිගේ අගතිය

අධිවේගයකින් කුරුඳු තලා නිෂ්පාදන මුදලාලිට වහවහා දුන්නත් නියමිත පරිදි ගණන් හිලව් බේරීම ක‍්‍රමයෙන් අඩාල විය. මුදලාලි අතින් මුදල් ප‍්‍රමාද වී මාස දෙක තුනක මුදල් හිඟ හිටියේ ය. රුපියල් ලක්ෂ තුන හතරක හිඟයක් මාස ගණනක් දිගින් දිගට ම පැවතිණි. ඉතා සුහද ව එම හිඟ මුදල් ගෙවන ලෙස ඉල්ලූවත් මුදලාලිගෙන් එය සිදුවන පාටක් නැත. මුදල් ඉල්ලා තුෂාර ඇවටිලි කරන්නට විය. 2004 සිංහල අවුරුද්ද ළං වෙමින් පැවතිණි. මේ වන විට තම සහායකයන් දෙදෙනාට ද සෑහෙන මුදලක් ගෙවීමට හිඟ හිටවා තිබිණි. සිංහල අවුරුද්දට පෙර සියලූ ගනුදෙනු නිමා කළ යුතු බවට තුෂාරගෙන් මුදලාලිට වෙනදාට වඩා වෙනස් ස්වරයකින් කියැවුණි. කාරණය දුරදිග යන්නට වුණේ ‘‘මට දැන් දෙන්න සල්ලි නැහැ. පුළුවන් විදියට ගණින්” කියා මුදලාලිගේ මුවින් පිට වීමත් සමග ය. හිතවත්කම් පළුදු විය. අවුරුද්දට පෙර මුදල් ලැබුණේ ද නැත.

තුරන් වූ ඉවසිල්ල

සිංහල අවුරුද්ද නිමා විය. අවුරුද්දෙන් පසු මුදලාලි හමුවට ගිය තුෂාර පසුගිය දේ අමතක කොට තම හිඟ මුදල් දෙන ලෙස නැවතත් ඉල්ලා ඇත. ඒ ඉල්ලීම තරහෙන් ප‍්‍රතික්ෂේප කළ මුදලාලි ‘‘උඹට පුළුවන් විදියකට ගනින්” යැයි තුෂාර පලවා හැර ඇත. තුෂාරගේ කෝපය උත්සන්න විය. මේ වන විට දැඩි කෝපයකින් ඇවිලීගෙන සිටි සගයන් දෙදෙනා ද සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට සැලසුමක් කි‍්‍රයාත්මක විය. තම සගයන් දෙදෙනා ද සමග සැලසුම් කර ගත් පරිදි දහවල් 12ට පමණ ගිය තුෂාර සිල්ලර කඩයේ ගනුදෙනු කරමින් සිටි මුදලාලිගෙන් තම මුදල් ඉල්ලී ය. ප‍්‍රතිචාරය හොඳ නැත. වහා කි‍්‍රයාත්මක වූ තුන් දෙනා පොලූ මුගුරුවලින් ගසා කඩය කුඩු කර විනාශ කරන්නට පටන් ගත්හ. මුලින් ම මුදලාලි සිටි කවුන්ටරයට පහර දෙද්දී මුදලාලි පස්සා දොරෙන් පැන ගොස් ඇත. ඔහු ගියේ ආයුධයක් ගෙනැවිත් තමන්ට හානි කරන්ට යැයි සිතූ තුෂාර සහ සගයන් දිගට හරහට පහර දුන්නේ කඩය කුඩුකර අවසානයක් කිරීමට ය. මුදලාලිගේ පුතා දොර පොල්ලක් ඔසවාගෙන එනු දුටු තුෂාර ගැසූ එක් පහරකින් ඔහු ඇද වැටිණි. දණි-පණි ගා අමාරුවෙන් නැගිටගත් ඔහු ද පස්සා දොරෙන් පැන ගියේ ය. ඇවිල ගිය කෝප ගින්නේ තරම නිසා කඩා බිඳ සුණු විසුණු කළ කඩය ඒ අයුරින් දමා යාමට සිත් නො දුන් තුෂාර කඩයට ගිනි තැබී ය. ගිනි ගන්නා කඩය තුළ සඟවා තිබුණු වටිනා බඩු වගයක් බේරා ගන්නට මුදලාලිගේ බිරිය පසුපසින් ඇතුළු වී තිබුණි. මේ කඩය තුළ හොර රහසේ විකිණීම සඳහා ගබඩා කරන ලද පෙට‍්‍රල් බූලි කීපයක් ද තිබී ඇත. පුපුරා ගිය මෙම පෙට‍්‍රල් බූලි නිසා කිසිසේත් ගින්න නිවන්නට හැකි වී නැත. එළියට පැන ගැනීමට නො හැකි වූ මුදලාලිගේ බිරිය පිළිස්සී මරුමුවට පත් විය.

වරදට දඬුවම

තුෂාරත්, සගයන් දෙදෙනාත් අත්අඩංගුවට ගැනුණි. ඔවුනට විරුද්ධ ව දිගු නඩු විභාගයක් පැවැත්වුණි. අවුරුදු 15ක සිර දඬුවමක් ද රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවීමට ද තුෂාරට හා අනෙක් දෙදෙනාට නියම විය. රුපියල් ලක්ෂ තුනක වන්දිය නො ගෙවීම නිසා සිර ද`ඩුවම අවුරුදු18 වී ඇත. ඔවුනට බන්ධනාගාරයෙන් නිදහස් වීමට ඇත්තේ 2027 වර්ෂයේ ය. එ් වන විට තුෂාරගේ හොඳ වයස හමාර ය. සමාවක් නො ලැබුණහොත් හිරෙන් නිදහස් වන විට ඔහු අවුරුදු 50ක් වයසැති පුද්ගලයෙකි. නඩුව නිමා වී දඬුවම් නියම වන තෙක් ඇප පිට සිටි කාලය තුළ ඔහු විවාහ විය. මේ වන විට අවුරුදු 07 දරුවෙකු ද සිටී.

වැරදි තීරණයේ පාඩුව

තමාට අත්වුණ ඉරණම පිළිබඳ ව අද තුෂාර බලවත් සේ පසුතැවිලි වෙයි. ඔහු තදබල කලකිරීමකින් සිටින බව මුවින් පිට වූ සෑම දෙයකින් ම ප‍්‍රකට විය. මේ මුළු කි‍්‍රයාදාමය දෙස ආපසු හැරී බලන ඔහු දැන් එහි වාසි අවාසි තුලනය කොට දකියි. එහෙත් දැන් ප‍්‍රමාද වැඩි ය. මුදලාලිගෙන් අහිමි වූ මුදල රුපියල් ලක්ෂ හතරක් පමණ විය. නඩුවට විශාල මුදලක් වැය කර ඇති අතර අවසානයේ නීතීඥ උපදෙස් මත තමාට වරදකරු බවට පිළිගැනීමට සිදු ව ඇත. උත්සාහවන්තයෙකු වූ තුෂාරට තම ආර්ථික වශයෙන් සකී‍්‍රය ඵලදායී වයස් සීමාව තුළ කිසිදු වැඩක් නැති පුද්ගලයකු වන්නට සිදුවී ඇත. රුපියල් ලක්ෂ හතර ලැබුණේ ද නැත. ලක්ෂ හතරක මුදල මෙන් සිය ගුණයකට වඩා ඔහුට මුදලින් පාඩු සිදුවී ඇත. එපමණක් නොව මහත් අභිලාෂයන් රැුසක් පෙරදැරි කරගෙන ජීවිතයක් ගොඩ නගා ගන්නට වෙර දැරූ ඔහුට විඳින්නට සිදු වූ සහ මොහොතක් පාසා අද ද අත්විඳින කායික හා මානසික පීඩාවන් අපමණ ය. තම ආදරණීය බිරිය හා දරුවාගෙන් වෙන් ව සමාජයෙන් ද වෙන් ව ජීවත් වන්නට සිදු වී ඇත. මහලූ දෙමව්පියන් වෙනුවෙන් ද ඔහුගේ යුතුකම් සිදු වන්නේ නැත. මුදලාලි ප‍්‍රදේශයත් හැර ගොස් ය. වටිනා මනුෂ්‍ය ජීවිතයක් බිලි ගැණිනි. එ් පවුල ද නන්නත්තාර විය. ලොවුතුරු දහමේ ඉගැන්වෙන ඇවිලෙන රාගය මෙන් ම ඇවිලෙන ද්වේෂය ද මිනිස් ජීවිත බිලි ගන්නා ආකාරය විදහා දක්වන තුෂාරගේ කතාව, අට ලෝ දහමේ ලාභ-අලාභ මැදහත් ව විඳ ගන්නට අප යොමු කරවන්නකි. සියල්ල අමතක කොට රුපියල් ලක්ෂ හතරේ පාඩුව විඳ දරා ගන්නට තරම් සංයමයක් තුෂාරට තිබුණා නම් කොතරම් අගේ ද?

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන

තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්

නීතිඥ සිරිපාල විරිතමුල්ල

පේ‍්‍රමය අන්ධ විය දෙලොව ම අඳුරු විය
මඟ හරින්නට අසීරු උපද්‍රව ළඟා වීම අප ජීවිතවල නො වැළැක්විය හැකි අංගයකි. බොහෝ ඒවා අප පෙර භවයන්හි දී රැුස් කරන ලද කර්මයන්ගේ විපාක ලෙස අප කරා එනු ඇත. ඇතැම් පුද්ගලයන් හඹාගෙන අවුත් අපට සතුරුකම් කළ කාල වකවානු නිසා අප දැඩි පීඩාවන්ට පත්වී සිටිය බව ඔබට සිහි ගැන්විය හැකි ය. කිසිදු හේතුවක් නොමැති ව වෛර බැඳගෙන ඔබ පසුපස හිරිහැර කරමින් හඹන සතුරන් මේ මොහොත වනවිටත් ඔබට සිටින්නට පුළුවන. ඇතැම් විට එකම පවුලේ ඉපදී, එකට හැදී වැඩුණු, ලොකු මහත් වූ සහෝදර සහෝදරියන්, ඥාතීන් පෙර පතාගෙන ආ වෛරක්කාරයන් ලෙස හැසිරෙන අවස්ථා අපට නුපුරුදු ඒවා නො වේ. පාරමී පිරූ අපගේ මහ බෝසතුන් පසුපස ලූහු බඳිමින් පැමිණ, සම්බුද්ධත්වයට පත් වූ අවසන් භවයේ දී පවා අප භාග්‍යවතුන් වහන්සේට නා නා විධ සතුරුකම් කරන්නට ගිහි ව සිටිය දී මස්සිනා වූ දේවදත්ත වෙර දැරූ ආකාරය සම්බුද්ධ චරිතයෙන් දැක ගත හැකි ය. හඹාගෙන එන සතුරන් හඳුනාගෙන, ඔවුන් ඉදිරියේ අමාරුවේ නො වැටෙන්නට නම් අප සිහිබුද්ධිය මෙහෙයවාගෙන ඉවසීමේ ප‍්‍රතිපදාව පුරුදු කිරීමට අවශ්‍ය වේ.

ගොඩ නැගෙන පවුල

කරුණාවන්ත බන්ධනාගාර නිලධාරීන්ගේ අවසරය ඇති ව අද මා හමු වන්නේ මේ වනවිටත් යන්තම් අවුරුදු තිහක් වයසැති ප‍්‍රසන්න තරුණයෙකි. අවාසනාවක් ද? වාසනාවක් ද? ඔහු හිරගෙදර සිටින්නේ තනිව ම නො වේ. ඒ බන්ධනාගාරයේ එකම වාට්ටුවේ වෙනත් කාමරයක ඔහුගේ පියා විලියම් ද හිරබත් කන නිසයි. තාත්තාත්, පුතාත් දිනපතා එක ම හිරගෙදර එක ම වාට්ටුවේ හිඳ හමු වුණත්, කථා බහ කරන්නට ඉඩක් ලබා ගත්තත් අත් විඳින්නේ මහා දුක් කරදර රාශියකි. රටට ජාතියට සේවාවක් කරමින් පවුලක් තුළ සතුටින් ජීවත් විය යුතු ව තිබුණ, එහෙත් එකොළොස් අවුරුදු බරපතළ සිර දඬුවමක් අත්විඳින මේ තරුණයා නිශාන්ත ය. අක්කලා තුන් දෙනෙකු සහ නංගිලා තුන් දෙනෙකු අතර වූ පවුලේ එකම පිරිමි දරුවා නිශාන්ත විය. දවස පුරා ඇඟ පත වෙහෙසා මේසන් වැඩ කොට උපයා ගත් සොච්චම නව දෙනෙකුගෙන් යුත් පවුල රැක ගන්නටවත් ප‍්‍රමාණවත් නො වුණි.

නිශාන්ත පාසලට ආයුබෝවන් කියයි

පිය උරුමයෙන් විලියම්ලාට අයිති වී ආ අක්කර කාලක් තරම් ඉඩමේ පවුල් තුනක් ගෙවල් තුනක් තනාගෙන ජීවත් වූහ. අනෙක් නිවෙස් දෙකෙහි ජීවත් වුණේ විලියම්ගේ මල්ලී සහ නංගී ය. මේ පවුල් තුන ආදර්ශවත් ලෙස සමගියෙන් කල් ගෙවූහ. අවුල් වියවුල් කිසිවක් නො වී ය. ගමේ පාසලේ ඉගෙන ගන්නා නිශාන්ත පාසල් හැර කෙළින් ම යන්නේ යාබද ව තිබූ නැන්දාගේ ගෙදරටයි. එක අතකින් ඉගෙනීමට දක්ෂකමක් නොමැති වීම නිසා නිශාන්තට පාසල් අධ්‍යාපනය එතරම් සිත් ගන්නා සුළු එකක් නො වී ය. අනෙක් අතට තාත්තාගේ පවුල් බරින් කොටසකට උර දෙන්නට සිතූ නිශාන්ත නව වැනි පන්තියේ දී පාසැලට ආයුබෝවන් කියා තාත්තා සමග මේසන් වැඩ ඉගෙන ගන්නට ගියේ ය. දැතේ වැඩට දක්ෂකම් පෑ නිශාන්ත කොලූවා ඉතා ඉක්මණින් හොඳින් වැඩ දන්නා මේසන් බාස් උන්නැහේ කෙනෙකු විය. තාත්තා සහ පුතා තම වෘත්තීය ගමන් මඟ වෙනස් කළේ එතෙක් කළ කුලී මේසන් වැඩ නවත්වා මේසන් කොන්ත‍්‍රාත් ගන්නට පටන් ගැනීමෙනි. ක‍්‍රමයෙන් පවුලේ ආර්ථිකය වැඩි දියුණු වූ අතර ගෙදර සතුට ද මතු වී එන්නට විය. කුඩාවට තිබුණ ගේ දොර වැඩි දියුණු කොට ප‍්‍රියමනාප නිවසක් තනා ගන්නට ද ඔවුන්ට හැකි විය.

චාන්දනීගේ අමන තීන්දුව

වැඩි දවසක් ගෙවුණේ නැත. ගෙදර අර්බුදයක් පැන නැගුණේ නිශාන්තට ළඟ ම වැඩිමහල් සොහොයුරිය චාන්දනී යාබද ගමේ පදිංචි සමන්ත නම් තරුණයෙකු සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කරගෙන බව ගෙදරට ආරංචි වීමෙනි. සමන්ත හැඩරුව ඇති අක්කා සමග මිතුරු වූයේ ඇය පාසල් යද්දී ම ය. සමන්ත කල්ක‍්‍රියාවෙන් අයහපත් පුද්ගලයෙකු බව දන්නා විලියම් සහ බිරිය තම දියණියගේ පෙම් සබඳතාවයට බලවත් සේ විරුද්ධ වූහ. ඒ වනවිටත් සමන්ත මිනීමැරුම් නඩුවක සැකකරු වී රිමාන්ඞ් භාරයේ සිට ඇප පිට පැමිණ සිටි කෙනෙකි. මත්පැන්, දුම්වැටි මෙන් ම මත්ද්‍රව්‍ය ද පාවිච්චි කළ ඔහු හැම දුෂ්චරිතයක ම නියැළුණු කෙනෙකු ලෙස ගම් ප‍්‍රදේශයේ කවුරුත් දැන සිටියහ. පෙමින් අන්ධ වූ නිශාන්තගේ අක්කා දාසය හැවිරිදි වියේ දී ම සමන්ත සමග පැන ගියා ය. දින ගණනක් ආගිය තැනක් නැති ව සිට මාසයකට පමණ පසු ව ගම කිට්ටුවට පැමිණ සිටි ඔවුන් අල්ලා ගැනීමට වැඩිහිටියෝ සමත් වූහ. වෙනත් කළ හැකි දෙයක් නො වූයෙන් ළාබාල දියණිය සමන්තට නීතියෙන් විවාහ කර දුන් අතර අලූත් ජෝඩුව සමන්තගේ ගෙදර පදිංචියට ගියහ. වැඩි කලක් නො ගොස් ම සමන්තගේ ගෙදර චාන්දනීට ප‍්‍රියමනාප ස්ථානයක් නො වූයේ සමන්තගේ මවගේ වෙනස්කම් නිසා ය. ළාබාල වියේ දී ම චාන්දනී ගැබ්බර වූ අතර දරා ගැනීමට අපහසු වූ ඒ අත්දැකීම අතරේ ඇයට සමන්තගෙන් ද ගුටි බැට එල්ල විය.

අවුලෙන් අවුල

‘වැලට ගෙඩිය බරක් නො වේ ය’ කියූ විලියම් තමන්ගේ දියණිය ගෙදරට ගෙන්වා ගත්ත ද ඇය සමඟ ආ සමන්ත තවත් ගැහැනු දරුවන් පස් දෙනෙකු ඉන්නා තම නිවසේ තබා ගැනීමට ඔහුගේ වැඩි සතුටක් නො වී ය. මහ ගෙදරට ටිකක් කිට්ටුව ඉඩමේ පහළට වෙන්නට පොඩි කාමරයක් සහිත ගෙයක් තනා, ඇයත් සමන්තත් එහි පදිංචි කෙරිණි. සමන්තගේ ආවේණික ගති ලක්ෂණ ඉස්මතු වන්නට පටන් ගැනුණි. දිනපතා ම මත්පැන් පමණක් නො ව මත්ද්‍රව්‍ය ද පාවිච්චි කොට ගෙදර එන සමන්ත ගැබිණියක වූ චාන්දනීට නොයෙකුත් වද හිංසා කරන්නට පටන් ගත්තේ ය. චාන්දනී සිටියේ හැඬූ කඳුළෙනි. මෙය විලියම්ටත්, පවුලේ සෙසු සාමාජිකයන්ටත් බරපතළ ප‍්‍රශ්නයක් විය. තම දියණියට ඇණුම් බැණුම් මෙන් ම කෙස් වැටියෙන් ඇද බිම දමාගෙන පහර දෙනවා දකින විට විලියම්ලා ඇඬූ කඳුළෙන් කීවේ ‘‘අනේ දුවේ හිතුවක්කාරකමට උඹ කරගත්ත දේ” කියා ය.

චාන්දනීට ද ජීවිතය තිත්ත වුවත් ඉවසා සිටියේ ලැබෙන්නට සිටි දරුවා පිළිබඳ ව පුංචිකමට තබා තිබුණු බලාපොරොත්තු නිසා ය. සිඟිති පුතෙකු ද ලැබුණි. ඒ හරහාවත් සමන්ත හොඳ මිනිසෙකු බවට පත් කරගන්නට විලියම් වෑයම් කළේ ය. තමන්ගේ ගෙදරට අඩුපාඩු තිබුණත් දුවගේ ගෙදරට හාල් පොල් ටිකක් දිනපතා ගෙනැවිත් දීමට අමතක නො කළ විලියම් තම බෑණා තමා වෙත අවනත පුද්ගලයෙකු බවට පත් කරගැනීමේ චේතනාවෙන් දුම්වැටි දෙකක් සාක්කුවේ දමාගෙන ඇවිත් හොර රහසේ දීමට ද පුරුදු වී සිටියේ ය. සිහි කල්පනාවෙන් සිටින විට කරදරයක් නැතත් සමන්ත මත්පැන් පානය කළවිට හැසිරෙන්නේ තිරිසනෙකු මෙන් ය.

නරකෙහි හොඳක් නැත

මේ අතර සමන්තගේ අම්මා තමාට විවාහක දරුවන් සිටිය දී වුවත් සැමියා අත් හැර දමා වෙනත් පුරුෂයෙකු සමග දීග කන්නට වූවා ය. කළ වරදෙහි ආදීනව වැඩි වැඩියෙන් මතු වන්නට වූයේ සමන්තගේ එක ම නැගණිය අජන්තාට අලූත් බාප්පාගෙන් අතවර වන්නට පටන් ගැනීම නිසා ය. වරදක ඍජු විපාක මෙන් ම අතුරු විපාක ද පුද්ගලයන් පෙළන බවට මෙය හොඳ ම නිදසුනකි. මේ ගැන සමන්තගේ මව විලියම්ට ඇඬූ කඳුළින් කියූ විට ඔහුගේ සිත උණු විය. ‘‘මට තවත් කෙල්ලෝ පස් දෙනෙක් ඉන්නවා. අජන්තා මට වැඩියක් නැහැ. මෙහෙ එවන්න.” යැයි විලියම්ගෙන් විසඳුමක් ලැබුණි. අජන්තා විලියම්ගේ මහ ගෙදර වාසයට පැමිණියා ය.

මෙල්ල නො වූ සමන්ත

දරු පැටියා ටික ටික වැඩෙද්දී සමන්ත දවල් කාලයේ සිකියුරිටි රැකියාවක් ලබා ගත්තේ ය. හැන්දැවට වැඩ ඇරී ඔහු ගෙදර එන්නේ කටගොන්නක් බීගෙන ය. මේ වනවිට තත්ත්වය වඩාත් බැරෑරුම් අතට පෙරළී තිබුණේ සමන්ත තම ගොරහැඩි බව ගෙදරින් පිටතටත් පතුරන්නට වීම නිසා ය. අහල පහළ අය සමග ද සණ්ඩු සරුවල් කරන්නට පටන් ගත් සමන්තගෙන් විලියම්ටත්, පවුලේ අයටත් මහත් හිරිහැර ගෙන දෙන්නට විය. වරෙක නිශාන්තගේ අම්මාට ආයුධයකින් කරන ලද පහර දීමක් නිසා ඇය දින ගණනක් රෝහල්ගත වී සිටියා ය. දැඩි නීති ක‍්‍රියාමාර්ගයක් නො ගෙන ඔවුන් එය ඉවසා දරා ගත්තේ තම දියණිය චාන්දනී ගැන සිතා ය.

බේරෙන්නට බැරි විය

2002 වර්ෂයේ එක්තරා දිනයක අරක්කු, ගංජා ආදි මත්ද්‍රව්‍ය පානය කොට ගෙදර පැමිණි සමන්ත මුලින් ම කෙස්වැටියෙන් අල්ලා බිම ඇදගෙන ගියේ ඔහුගේ බිරියයි. ඒ ගැන ලතෝනි දී කෑ ගැසූ ඇගේ අම්මා දෙසට හැරුණු සමන්ත පොල්ලක් අමෝරා ගෙන ආවේ යක්ෂයෙකු පරිද්දෙනි. සමන්තගේ නිවසත්, විලියම්ගේ නිවසත් අතර පොල් ගසක් යට මහා කෝලාහලයකි. අසරණ වූ චාන්දනීට විලාප දෙනවා විනා කරගත හැකි කිසිවක් නො වී ය. ඉන්පසු මරු විකාරයෙන් මෙන් සමන්ත හැරුණේ විලියම් දෙසට ය.

පරුෂ වචනයෙන් බැණ වදිමින් මාමණ්ඩිය පසු පස ලූහුබැඳ ගිය සමන්ත නැවතුණේ විලියම්ගේ ඉස්තෝප්පුවේ ය. වෙරිමරගාතේ උදලූ මිටක් වනමින් පැමිණි සමන්ත මෙල්ල කොට තල්ලූ කර දැමීමට විලියම් සමත් වුවත් ඔහු ඉන් වැළකුණේ නැත. විලියම්ගේ ඇෙඟ් එල්ලූණු සමන්ත ඔහු සමඟ පොර බදා බිම හෙළුවේ ය. යට වූ විලියම්ගේ ඇඟ උඩ හිඳ ගත් සමන්ත ඔහුගේ ගෙල මිරිකන්නට පටන් ගත්තේ ය. මේ මහා කාලගෝට්ටිය ඇසුණු, ඉඩමේ ම නිවසක පදිංචි ව සිටි විලියම්ගේ මල්ලී දිව එද්දී තම සහෝදරයා මරණය අභිමුඛ ව සිටින බව වටහා ගත්තේ ය. නිශාන්ත කියන ආකාරයට අසල තිබුණු උදලූ මිට අමෝරා ඔහුගේ බාප්පා සමන්තට ගසා ඇත. හිසට වැදුණු පොලූ පහර නිසා සමන්ත මැරී වැටී ඇත. කිසිවක් කර කියා ගත නො හැකි ව මේ සියල්ල නො සන්සුන් ව බලා සිටියේ ඒ වනවිට නිවසේ නවාතැන් ගෙන සිටි සමන්තගේ සොයුරිය අජන්තා ය. සෙසු සියලූ දෙනා පවුලේ ඇතුළත සාමාජිකයන් ය.

සාක්ෂියක බලගතුකම

අජන්තාගේ සාක්ෂිය මෙම අපරාධය පිළිබඳ නඩුවේ දී බලගතු ම සාක්ෂිය විය. නිශාන්ත දිවුර දිවුරා මට කියූ ආකාරයට තමා ඒ වනවිට වැඩට ගොස් ය. නිවසේ සිටියේ ද නැත. එය සත්‍යය නම් ඔහු මේ කිසිවක් ගැන නො දන්නා අහිංසකයෙකි. සියලූ සාක්ෂි අභිබවා බලගතු වූ අජන්තාගේ සාක්ෂියෙන් එක දිගට ම කියා ඇත්තේ තම අයියා මැරීමට සතර දෙනෙකු හවුල් වූ බවයි. ඒ විලියම්, ඔහුගේ බිරිය, ඔහුගේ සොහොයුරා හා නිශාන්ත ය. විලියම් පොර බදමින් කලහ කර ඇත. නිශාන්ත කියන ආකාරයට පොලූ පහර ගසා ඇත්තේ තම බාප්පා ය. එහෙත් පළාත පත්තුවක නො සිටි තමා ද ඇතුළු හතර දෙනෙකු මෙයට පැටලූවේ අජන්තා ය. එයට හේතුවක් දක්වන්නට ද ඔහු අසමත් ය. නිශාන්තගේ කියමනේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිගමනයක් කිරීම මගේ වගකීම නො වේ යැයි සිතමි. කෙසේ හෝ සමන්ත මැරීමේ චෝදනාවට විලියම්, ඔහුගේ බිරිය, ඔහුගේ සොහොයුරා සහ පුතා නිශාන්ත චුදිතයන් බවට පත් වූහ. අවාසනාවකට මෙන් නඩු විභාගය අතරතුර දී විලියම්ගේ මල්ලී අනතුරකින් මිය ගියේ ය. දීර්ඝ නඩු විභාගයකින් පසු ව එකම පවුලේ තාත්තාත්, අම්මාත්, පුතාත් සාවද්‍ය මනුෂ්‍ය ඝාතන වරදට වැරදිකරුවන් වී එක් එක්කෙනා බරපතළ වැඩ සහිත සිරදඬුවමකට ලක් වූහ. අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළත් එයින් ද වැරදිකරු වූ ඔවුන් තිදෙනාට ම අවුරුදු එකොලහ බැගින් නියම කරන ලද සිර දඬුවමෙන් මේ වනවිට අවුරුදු තුනක් ගෙවී අවසන් ය.

බන්ධනාගාරය තුළ අම්මා මරුට

බන්ධනාගාරගත වී අවුරුද්දකින් පමණ නිශාන්තගේ අම්මා මිය ගියා ය. දැනට නිශාන්තත්, තාත්තාත් සිරබත් කති. නිශාන්තගේ පවුල ම අනතුරේ ය. පවුලේ සොයුරියක් විවාහ කරගත් තරුණයා මෙලොව නැත. පවුලේ හතර දෙනෙක් තම ජීවිතවල හොඳ ම කාලය තුළ බන්ධනාගාරගත වූහ. පවුල ම සී සී කඩ යන සේ විසිරුණු මේ අභාග්‍යය ආරම්භ වුණේ දෙමාපියන්ගේ බසට අකීකරු ව නො හොබිනා පුද්ගලයෙකු සමග චාන්දනී පැන යාමත් එක්ක ය. ඉන් පසු ඇය විඳි දුක්ගැහැට අපමණ ය. සමන්ත තවත් ජීවත් වුණා නම් ඇයගේ ඉරණම කුමක් විය හැකි ව තිබුණි ද? නිශාන්තගේ අම්මාත්, බාප්පාත් අද වනවිට මිය ගොස් ය. ඒ මරණ දෙක ද මේ සමස්ත සිද්ධි දාමයේ ම ප‍්‍රතිඵලයන් ය.

විෂම චක‍්‍රයක් ද?

අගහිඟකමත්, ඒ නිසා ම අධ්‍යාපනයක් නිසි ලෙස නො ලැබීමත්, ඒ නිසා ම අමන තීරණවලට එළඹීමෙන් ඇති කර ගන්නා විෂම චක‍්‍රයත් නිසා මීට සමාන කරදරවලට පැටලෙන පවුල් කොතෙකුත් අද සමාජයේ ඇත. දහමට අනුව නම් මේ සියල්ල ගුණ දහමත්, ප‍්‍රඥාවත් මඳකම නිසා උදා කරගත් අභාග්‍යයන් ය. හොඳ මෙයයි, නරක මෙයයි යන්න වටහා ගන්නට තරම් බුද්ධියක් චාන්දනීට නො වී ය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක්වත් කුඩා කල සිට ස්පර්ශ කර ගන්නට ඇයට වාසනාව නො මැති විය. පවුල් කීයක් අනාථ වී ද? විලියම්ගේ පවුල, චාන්දනීගේ පවුල, බාප්පාගේ පවුල සී සී කඩ විසිරී ඇත. නිශාන්ත කියන දෙය සත්‍යයක් නම් කිසිදු වරදක් නො කළ තමා මේ දුක විඳින්නේ නිරපරාදේ ය. ඔහු වඩාත් තැවෙන්නේ දරුවන් හත් දෙනෙකු බිහිකොට ගොඩනගන්නට වෙර වෑයම් කළ තම අම්මා මුළු ජීවිත කාලය පුරා ම දුකෙන් කාලය ගත කොට, ලොකු මහත් වූ දරුවන්ගෙන් සැලකීමක් ලබන්නට නිසි කාලයේ දී චිත්ත පීඩාව නිසා ම රෝගි වීමෙන් මියයාම පිළිබඳවයි. කඳුළු බිඳුවක් පිස දමමින් ඔහු කීවේ අම්මාගේ දේහයට ගෞරව දක්වන්නට තමාත්, පියාත් එකට දැත් බැඳ දැමූ මාංචු සහිත ව බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ගෙදර ගෙන ගිය බවයි.

පරලොව දී විපාක

මියගිය තුන්දෙනා මෙලොව වශයෙන් විඳි දුක් අපමණ බව අපට වටහා ගත හැකි ය. එමතු නොව, මේ වනවිටත් සමන්ත තමන් කළ පාපකර්මයන්ගේ විපාක නිරා දුක් ලෙස අත්විඳිනවා නිසැක ය. නිශාන්තගේ මියගිය මව සහ බාප්පා කවර නම් චිත්ත පීඩාවකින් දැස් පියා ගන්නට ඇති ද? එසේ නම් අද ඔවුන් කොතැන විය හැකි ද? එදා පටාචාරාවන්ට වූ විපත මෙන් මේ විපත කියා පිළිසරණක් ලබා දෙන්නට ලොවුතුරා බුදුන් වහන්සේ මිස කවරෙකු සමත් වේ ද? කුඩා කල සිට දරුවන් ගොඩනගන දෙමාපියන් තම දරුවන් නැණ නුවණින් මෙන් ම ගුණ දහමින් ද පරිපූර්ණ ව තැනීමේ වගකීම මේ පුවතින් ගම්‍ය වේ.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන

තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්

නීතිඥ සිරිපාල විරිතමුල්ල

පොලු පහර
ගොරෝසු මිහිහෙක්

මනුෂ්‍යයෙකු විසින් සිදු කරනු ලැබිය හැකි මහා සාහසික අපරාධ පහක් අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාපකර්ම ලෙස අනුදැන වදාළ සේක. මව මැරීම, පියා මැරීම, බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සිරුරෙන් ලේ සෙලවීම, රහතන් වහන්සේ කෙනෙකු මැරීම සහ සංඝ භේදය යන නිමක් නැති නිරා දුක් දෙන පවක් මිනිසෙකු අතින් සිදුවීම කෙතරම් අවාසනාවන්ත ද? කර්මය සහ එහි විපාකය නිර්ණය කිරීම අපි චේතනාවට ම භාර කරමු. හරියට ම වයස අවුරුදු හතළිහක් වන ඉසුරු මට පෙනුනේ අවුරුදු 32ක 33ක තරුණයෙකු මෙනි. අඩි හයකට කිට්ටු උසකින් ද ඊට සරිලන මනා ව වැඩුණු දේහයකින් ද හෙබි කළු පැහැති සමකින් යුතු ඔහු මොණරාගල ප‍්‍රදේශයේ දුෂ්කර ගම්මානයක කටුක දිවි පෙවතකට හුරු පුරුදු වූ කෙනෙකි. මුහුණේ සිනහ පොදක්වත් නැති ඔහු මුල දී මට මුහුණ දුන්නේ බියකින් හා සැකයකින් මෙනි. මගේ මෙහෙවර කියා දී තරමක අපහසුවෙන් ඔහු කථා කරවීමි. ‘‘මොකද වුණේ?” යන මගේ ප‍්‍රශ්නයට ඉසුරුගේ පිළිතුර වුණේ ‘‘දැන් කරන්න දෙයක් නෑ මහත්තයා. කරපු වරදට මම දඬුවම විඳිනවා.”

මව් සෙනෙහස හා කෙලෙසුන මිනිස්කම

දස මසක් මුළුල්ලේ අනේකවිධ දුක් පීඩා අත්විඳ තම ලේ කිරට හරවා, කවා පොවා නාවා, ගිලන් වූ කල සුවපත් කරවා හරි හැටි නිදි නැති ව රැය පහන් කරමින් අප ඇති දැඩි කරන්නේ අම්මා ය. ආදරයෙන් හදා වඩා තමා ම ලොකු මහත් කළ තම කුසින් මෙලොවට බිහි කළ තම පුතු අතින් ඝාතනය වන්නට තරම් අවාසනාවන්ත වන මවක් මේ පුවතේ දී අපට අසන්නට ලැබේ. ඒ ඉසුරුගේ අම්මා ය.

මුල හොඳ නැද්ද?

‘‘මහත්තයා, අපි පවුල් දෙකක දරුවෝ. ලොකු පවුලක්” ඉසුරු කථාව ඇරඹී ය. තම මව කිසියම් පුද්ගලයෙකු සමඟ විවාහක ව සිට ඔහුගෙන් දරුවන් හතර දෙනෙකු ලබා සිටිය දී වෙනත් පුද්ගලයෙකු සමඟ රහස් සම්බන්ධයක් ඇති කරගෙන ඔහු සමඟ පැනගොස් තවත් දරුවන් සය දෙනෙකුගේ ද මවක් වූ බව ඉසුරු කියයි. කලින් පවුලෙන් පුතුන් දෙදෙනෙකුත් දියණියන් දෙදෙනෙකුත් දෙවැනි පවුලෙන් පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගෑනු දරුවන් තිදෙනෙකුත් තම මවට ලැබුණු බවත්, දරුවන් දස දෙනාගෙන් තමා බාල ම පිරිමි දරුවා වූ බවත් නංගිලා දෙදෙනෙකුගේ අයියා බවත් පැවසී ය. දරුවන් දස දෙනා ම වැඞී ඇත්තේ ඉසුරුගේ පියාගේ සෙවණ යටතේ ය. කෙසේ වුවත් කලින් පවුලේ පියා ඔහුගේ දරුවන් සතර දෙනාට දේපල දායාද කර දුන් බව කියන ඉසුරු, දස දෙනාගෙන් වැඩිමහල් අයියාට කුඹුරක් මෙන් ම අක්කර දෙකක ගොඩ ඉඩමක් ද ලැබී ඇත.

නැන්දා – ලේලී ගැටුම

තම කුඩා කාලයේ විස්තර සිහිපත් කළ ඔහු කීවේ තමාට කිසි ම පාසල් අධ්‍යාපනයක් නො ලැබුණු බවයි. ඒ නිසා ඔහුට හරිහැටි ලියන්නට කියවන්නටවත් නො හැකි ය. ඒ නිසා කුඹුරු ගොවිතැන හැරුණ විට වෙනත් ජීවනෝපායක් ඉසුරුට හිතන්නට නො හැකි විය. තමා ළඟ වැඩිමහල් අයියා තනිකඩයකු ව ජීවත් වුණ අතර සෙසු නව දෙනා ම විවාහ වී පවුල්කාරයින් වී සිටිති. ඉසුරු තනිකඩ අයියාත් සමඟ කුඹුරු වැඩ කරමින් මහ ගෙදර ජීවත් විය.

1988 වර්ෂයේ දී තම මවගේ සහ අක්කලාගේ දැඩි උනන්දුව පිට යාබද ගම් ප‍්‍රදේශයකින් තරුණ කාන්තාවක් ඉසුරුට විවාහ කර දුන්නේ ය. මේ විවාහයෙන් ඉසුරුට පුතෙකු ද දුවක ද ලැබුණි. මහ ගෙදර එකට ජීවත් වන නැන්දා සහ ලේලි අතර ගැටුම් ඔහුට මහත් හිසරදයක් විය. ‘‘අම්මා එක්ක කෙනෙකුට ලේසියෙන් ඉන්න බැහැ. හොඳට මඟුල් කාලා කැන්දගෙන ආ ලේලි සමඟ අඬ දබර වීම මට රිස්සුවේ නැහැ” ඉසුරු කියාගෙන ගියේ ය. ලැබුණු ආදායම පවුලේ වියදමට ප‍්‍රමාණවත් නො වුණ නිසා අඟ හිඟකම් ද ඉසුරුට දැනෙන්නට විය. අම්මාගේත් බිරියගේත් ආරවුල්වලට තමා මැදිහත් වුණොත් විය හැකි අනතුර ගැන සිතූ ඔහු නිවසින් පිට වී යාමට තීරණය කළේ ය. ඒ අනුව 2004 වර්ෂයේ දී කොළඹ රක්ෂාවකට පැමිණි ඉසුරු මේසන් අත් වැඩ දෙමින් ගමේ දී ලැබූ ආදායමට වඩා වැඩි යමක් උපයා ගත්තේ ය. මාස තුන හතරක් නගරයේ වැඩ කළ ඔහු මුදල් ටිකක් ද ඉතිරි කර ගෙන ගියේ අම්මාටත් බිරියටත් දරුදෙදෙනාටත් තෑගි බෝග ද රැගෙන ය.

පවුලත් කලඹයි

අම්මා සමඟ ආරවුල් කර ගත් තම බිරිය දරුවන් දෙදෙනා ද කැටි ව තමාටත් නො දන්වා දෙමාපියන්ගේ නිවසට ගොස් සිටියේ ය. දරුවන්ට දැඩි ලෙස ආදරය කළ ඉසුරු වහාම ගියේ තම බිරිඳත් දරුවනුත් දැක බලා ගෙන ඔවුන් කැඳවාගෙන නැවත මහ ගෙදරට ඒමට ය. නැන්දම්මා සමඟ දැඩි ව උරන වී සිටි බිරිය ඉසුරුගේ නිවසට යළි පැමිණීම එකහෙළා ප‍්‍රතික්ෂේප කළා ය. ඇවිටිලි කළත් කිසිදු පලක් නො වී ය. ආපසු හැරී ආ ඔහු සතියකට පසු නැවත ද ඒ උත්සහය ගත්තේ ය. සපල නො වූ තැන තවත් වතාවක් ද ඒ සඳහා බිරිඳ හමුවන්නට ගියේ ය. හිත දැඩිකර ගත් ඉසුරු තවත් තම බිරිය වුවමනා නැතැයි අත්හැර දැමී ය. ඉදහිට දරුවන් බැලීමට ගොස් මුදල් ටිකක් දී ආවත් භාර්යාව සමඟ කිසිදු කථාවක් ඔහුගේ නො වී ය. කොළඹ රැකියාව ද අත්හැර දැමූ ඔහු මහගෙදර ඉඳිමින් ම ගමේ කුලී වැඩ හා ගොවිතැන් වැඩ කොට ජීවත් විය. ඉසුරු මත්පැනට ක‍්‍රමයෙන් ඇබ්බැහි වුණේ ජීවිතයේ පැහැදිලි ඉදිරි මඟක් පෙනෙන්නට ද නො වූ නිසා ය. තරමක කලකිරීම් ස්වභාවයක් තිබුණත් තමා මානසික ව නො වැටෙන්නට ඉටා ගත් බව ද කියයි.

අයියා නැති කළ සහෝදරකම

ඉසුරු පවසන අන්දමට පවුල් දෙකේ ම ලොකුම අයියා ටිකක් කපටි ය. තම කුලූඳුල් දරුවා නිසා ඔහුට කාටත් වඩා අම්මා ආදරය දක්වා ඇත. අයියාගේ පියා ඔහුට දී තිබුණු කුඹුරු දෙකත් ගොඩ ඉඩමත් විකුණා දැමූ මේ ලොකු අයියා හිමින් හිමින් තමන්ගේ මහ ගෙදරට රිංගා ගන්නට මාන බැලූ බව ඉසුරු කියයි. ‘‘අපි පදිංචි ඉඩම අක්කරයක එකක්. ඒක දෙකට වෙන් කරපු අම්මා ගෙදර පිහිටි පහළ අක්කර භාගය මට ලියා දීලා උඩහ අක්කර භාගය ලොකු අයියාට ලිව්වා. මම තදින් ම විරුද්ධ වුණා. නැති කෙනෙක්ට නම් කමක් නෑ. තමන්ගේ දේවල් විකුණලා අපේ තාත්තාගේ දේවල්වලින් බුක්තියත් ගන්න එන එක වැරදියිනෙ. ‘‘එයාට දුන්නු උඩහ කෑල්ලේ ගෙයක් හදාගෙන අයියා පවුලත් එක්ක පදිංචි වුණා.” ඉසුරු කියාගෙන ගියේ කෝපයෙනි. ඉසුරු මත්පැනින් මත් වූ විට අයියා සමඟ නිතර නිතර කෝලාහල කරන්නට පටන් ගත්තේ ය. විරසකය දැන් විවෘත ය.

කෙලෙසුණු මිනිස්කම

දිනක් දවසේ මහන්සි වී කුඹුරු වැඩ අවසන් කළ ඉසුරු වැඩිපුර මත්පැන් බී ගෙදර පැමිණියේ ය. අම්මා පිසූ බත් මාළු ටිකත් පිඟානට බෙදාගෙන එළිපත්තේ කොටයක් උඩ වාඩි වී බුදින්නට පටන් ගත් ඉසුරුට තම නිවස දෙසට පියමන් කරන අයියා දැක මහත් කෝපයක් ඉපදුනි. අයියාගේ මුහුණ බලා ‘තුඃ’ කියා කෙළ ගැසූ විට අයියා, ‘‘අදත් කට ගොන්නක් බීගෙන ඇවිත් නේ දැ”යි අසා ඇත. ‘‘මගේ බීම තොට මොකටදැ” යි ඇසූ ඉසුරු බත් පිඟාන පසෙකට වීසි කොට අයියා සමඟ බහින් බස් වීමට එළියට පැන්නේ ය. අම්මාත් එළියට අවුත් ආරවුලට මැදිහත් විය. අම්මා අයියාගේ පැත්තේ බව ඉසුරු දනී. ඉන් අම්මා සමඟ ද ඉසුරුගේ කෝපය වැඩි විය. ඉසුරු කියන විදියට නම් තමාගේ ඉඩම් ද කොල්ල කාගෙන තවත් තමන්ට ඔච්චම් කරන්නට ඒම නිසා අයියා කෙරෙහි ඇති වූ දැඩි කෝපය නිසා අතට හසු කරගත් යකඩ පොල්ලකින් දෑත ඔසවා අයියාගේ හිසට ගැසූ බවයි. ඒත් අයියා බේරා ගැනීමට මැදට පැන්න අම්මාගේ හිසට යකඩ පොලූ පහර වැදී එතැන ම අම්මා මිය ගොස් වැටුණ බව ඔහු කියයි. සැබැවින් ම ඔහු පහර ගැසුවේ අම්මාට ද නැතිනම් අයියාට ගැසූ පහර අම්මාට වැදුණා ද යන්න දන්නේ සැබවින් ම ඔහු පමණි. නඩුවේ එක ම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරු වූ අයියා එක හෙලා සාක්ෂි දෙමින් කියා ඇත්තේ කෝපාවිෂ්ට වූ ඉසුරු බහින් බස් වී අම්මාගේ හිසට චේතනාන්විත ව ම යකඩ පොල්ලෙන් ගැසූ බවයි. ඒ ගැන විනිශ්චයක් දීමට අපි සමත් නො වෙමු. වෙනස් වන එක ම දෙය නම් චේතනාන්විත ව ඔහු තම ඝාතනය කළා ද? නැතිනම් අයියාට ගැසූ පහර මවට වැදී ඇය මැරුණා ද යන්නයි. ඒ කෙසේ වෙතත් තමා ආදරයෙන් හදා වඩා එදා දවසේත් කෑම වේල උයා පංගුව බෙදා දුන් අම්මා තම පුතා අතින් මරුමුවට පත් වී ඇත.

දෙලොව දී ම පිරිහෙයි

‘‘මගේ අතින් නේ ඒ දේ සිද්ධ වුණේ. ඒ නිසා පහළ උසාවියේ දීත් මහාධිකරණයේ දීත් මම වැරදිකාරයා කිව්වා. මම කළේ නෑ කියන්නට ගියේ නෑ. මම ඇපෑල් ඉල්ලූවේත් නැහැ.” ඉසුරු කීවේ ය. වරද භාර ගත් නිසා ඉසුරුට අවුරුදු විස්සක සිර දඬුවමක් නියම වී ඇත. තීන්දුව ලැබුණේ පසුගිය මාසයේ ය. මුළු දඬුවම ම ගෙවීමට ඉතිරි ව ඇත.

අම්මාගේ මරණය ගැන සිතන්නේ කුමක් ද? දැන් ඒ ගැන දුක් වනවා දැයි මා ඇසූ ප‍්‍රශ්නයට රකුසු කර ගත් මුහුණින් යුතු ව ඔහු කීවේ ‘‘නැහැ මම ඒ ගැන හිතන්නේ නැහැ. ඒ ගැන හිතුවොත් මම මානසික ව වැටෙනවා. ඒකට මම ඉඩ තියන්නේ නැහැ” යනුවෙනි.

මෙලොවින් සමු ගන්නා ඉසුරුට නිරය මඟ හරින්නට නම් කිසිදු මාවතක් තිබේ ද යන්න දන්නේ ඔහුගේ කර්ම චේතනාව පමණි. ලොව්තුරා බුද්ධ ශාසනයේ ඍද්ධි ලාභීන් අතරින් අග‍්‍ර වූ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේට පවා පෙර සසරේ සිදු වූ මෙබඳු වරදක් නිසා අනේකවිධ දුක් අත් විඳින්නට සිදු විය.

දහමේ ආලෝකය අහිමි වීම

අවාසනාවක මහිම! ඉසුරුට ආගම දහමක් ගැන කිසිදු හැඟීමක් නැත. උපතින් ම බෞද්ධයෙකු වුවත් කුඩා කාලයේ දී වුව ද කාබී ජීවත් වුණා මිස ලොව්තුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ගැන අල්ප මාත‍්‍රයක දැනුමක් හෝ හැඟුමක් ඔහුට නො වී ය. ඔහුට ඉතා සරල පිළිතුරක් තිබුණි. ‘‘ආගම ගැන මට හැඟීමක් නැහැ. මම අකුරු දන්නේ නැති නිසා ආගම ඉගෙන ගන්නත් බැහැ. මට අධ්‍යාපනයක් නෑනේ. දෙමව්පියෝවත් අපි ව ආගම ධර්මයකට අනුව හදා වඩන්නට උත්සහයක් ගත්තේ නැහැ” යනුවෙනි.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන

තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්

නීතිඥ සිරිපාල විරිතමුල්ල