පොහොය වර්ණනාව | Mahamegha Magazine

මහ බෝ රජුන් වැඩම වූ ලක්දිව කතුන්ගේ මහා මුනිවරිය.
​උඳුවප් මාසය ලබත් ම ලක්දිවවැසි බොදුනුවන්ට ම විශේෂ වූ අසිරිමත් ශාසන ඉතිහාස ප්‍රවෘත්තීන් කිහිපයක් සිහියට නැගේ. සියලු පාපී අදමිටු බල සෙන් පරාජය කොට ශ්‍රී සම්බුද්ධත්වයෙන් ලැබූ පාරිශුද්ධ විජයග්‍රහණයේ උත්තරීතර සංකේතය වන ජයශ්‍රී මහා බෝධිරාජයාණන් අපගේ උතුම් මාතෘභූමියට වැඩමවීමත්, කාන්තාවන්ට අවශ්‍ය අත්‍යයන්ත නිදහසේ දායාදය හෙළවැසි කතුන්ට උරුම වීමත් ඒ අතර මුල් තැනක් ගනී.

දෙවනපෑතිස් මහ නිරිඳුන්ගේ සොහොයුරුගේ මෙහෙසිය වූ අනුලා දේවියත්, ඇයගේ පරිවාර කන්‍යාවන් පන්සිය දෙනාත්, අන්තඃපුර ස්ත්‍රීන් පන්සිය දෙනෙකුත් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් තථාගත ශ්‍රී සද්ධර්මය අසා මඟ ඵල ලැබ දස සිල් සමාදන් ව කසාවත් පොරවා පිරිසිදු පැවිදි බව අපේක්ෂාවෙන් දහම් මඟ පුහුණු වෙමින් සිටියහ. ‘අපගේ විමුක්තිදායිකා ඒ පරමෝත්තම සංඝමිත්තා මහරහත් උත්තමාවිය කවර නම් සොඳුරු පෙනුමකින් යුක්ත වන්නාහුදැ’යි පුණ්‍ය ස්වප්නයන් දකිමින් දෝළ නමැති අමාත්‍යයාගේ නිවසෙහි රජු විසින් කරවූ රම්‍ය වූ භික්ෂුණී අසපුවෙහි වසන ඒ බ්‍රහ්මචාරී දසසිල් උපාසිකා මාතාවන් නිසා ම ඒ සොඳුරු අසපුව ‘උපාසිකා විහාරය’‍ නමින් ලක්දිව පුරා ප්‍රචලිත විය.

දේවානම්පියතිස්ස රජුගේ නැගණියගේ පුත්‍රයා වන මහා අරිට්ඨ අමාත්‍යතුමා ප්‍රධාන රාජකීය දූත පිරිස විසින් ධර්මාශෝක අධිරජු වෙත මහ අගනා දැකුම් පුද පළකොට ලද අවසරැතිව රාජ සන්දේශයත්, මහ මිහිඳු මහරහත් සන්දේශයත් දැනුම් දුනි. එය ම නැවත සඟමිත් තෙරණින් වහන්සේටත් සැළ කළේ ය. “මෑණියනි, ඔබත් දකින්නට නැතිව ගියොත් මාගේ පුත්‍ර මහින්ද තෙරණුවන්ගේත්, මුණුබුරු සුමන සාමණේරයන්ගේත් වියෝගයෙන් ඉන්නා මම් ශෝකය දුරු කරගන්නේ කෙසේදැ?”යි ධර්මාශෝක මහරජු විමසූයෙන්; “මහ රජ්ජුරුවෙනි, සහෝදරයන් වහන්සේගේ වචනයට මං ගරු කරන්ට ඕනෑ. ඒ වගේම බුදු සසුනෙහි පැවිදි වෙන්ට ආශාවෙන් බොහෝ කාන්තාවන් එහි සිටිනවා නොවැ. එනිසා මා ලක්දිවට යා යුතුයි.”‍ කියා අපගේ සඟමිත් උත්තමාවියෝ වදාළහ.

මහ බෝධීන් වහන්සේගෙන් ශාඛා රත්නයක් වෙන් කර ගැනීමට ආයුධයක් කෙසේ භාවිත කරන්න ද? මහා නැණැති මහාදේව නම් අමාත්‍යවරයාට එය සැළ කරන ලදී. ඒ උපදෙස් පරිදි මහා සංඝරත්නය මාළිගයට වැඩමවා දන් පැන් වළඳවා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් විචාළේ මෙසේ ය.

භන්තේ ලංකං මහා බෝධි – පේසේතබ්බා නු ඛෝ ඉති

ථේරෝ මොග්ගලිපුත්තෝ සෝ – පේසේතබ්බාති භාසිය

“ස්වාමීනී, ලංකාවට මහාබෝධි ශාඛාවක් වඩමවන්නට ඕනෑ නොවේ ද?”‍

අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ, “එසේය මහ රජ්ජුරුවෙනි, වඩම්මවන්නට ඕනෑ.”‍ කියා වදාළ සේක.

(මහාවංශය — 18 පරිච්ඡේදය)

පරිනිර්වාණ මඤ්චකයෙහි වැඩහුන් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් ලක්දිව පිහිටන මහ බෝධීන් වහන්සේ සහ සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳව පිහිටවූ මහා අධිෂ්ඨාන පහ පැහැදිලි කොට වදාළ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ වචනය ඇසූ මහරජාණෝ පන්දහසක් කල් සම්බුදු සසුන සුරැකෙන ලක්දිව් තලය ගැන තව තවත් සෙනෙහසින් වහා සියලු‍ කටයුතු සම්පාදනය කරවූහ. බෝධීන් වහන්සේ වැඩමවීමට විස්කම් දෙව්පුතුන් රන්කරුවෙකුගේ වෙසින් පැමිණ නිමවූ රන් කටාරමේ ගැඹුර අඩි හත හමාරකි. විෂ්කම්භය අඩි හතර හමාරකි. කටාරම් වට රවුම අඩි දහතුන හමාරකි.

දඹරන්හි ඝනකම අඟල් අටකි. එය ඉතා සොඳුරු ය. තරුණ ඇතෙකුගේ සොඬෙහි මුල් හරිය පමණ ය. එය සුවඳ හා ඖෂධ මුසු කළලින් පුරවන ලදී. මහා බෝධි ග්‍රහණ මහෝත්සවයට මහරහතන් වහන්සේලා දහස්නමක් ප්‍රධාන මහා සඟරුවනත්, යොදුන් හතක් දිග යොදුන් තුනක් පළල ඇති චතුරංගනී සේනාවත්, දඹදිව ප්‍රාදේශීය රාජ්‍යවල අබිසෙස් ලැබූ දහසකට අධික රජවරුත් පෙළ ගැසුණාහ. නොයෙක් මාණික්‍යයෙන් විසිතුරු ධජ පතාකයෙන්, මාලාදාමයෙන්, පසඟතුරු ගොසින් හැම දිග බැබළී ගියේ ය. මහා බෝධිය තිරයකින් වටකොට මහරජු ඇඳිලි බැඳ බෝ රජු දෙස බලද්දී ම දක්ෂිණ ශාඛා රත්නය අඩි හයක් පමණට කඳත් සමඟ ඉතිරිව ඉතිරි ශාඛා අතුරුදන් විය. ඒ පෙළහර දුටු මහරජු දඹදිව් මහ රාජ්‍යයෙන් දක්ෂිණ ශාඛා බෝ රජුන් පිදී ය. බෝ රජු අභිෂේක කළේ ය. නොයෙක් පුෂ්පාදී පූජා කළේ ය.

නැවත තුන් වටක් පැදකුණු කොට අට තැනක වැඳ රන් පීඨිකාවකට නැඟ රන් පින්සලෙන් සිරියල් රේඛාවක් ඇඳ සත්‍යක්‍රියා කළ කල්හි අයත්නයෙන් ම වෙන්වූ බෝධීන් වහන්සේ පීඨිකාව මත තැබූ රන් කටාරමෙහි පිහිටා වදාළ සේක. තවත් නොයෙක් පෙළහර සිදු විය. මහ පොළොව කම්පා විය. ෂඩ්වර්ණ බුද්ධරශ්මි ධාරා විහිද ගියේ ය. සක්වළ ම ශෝභමාන විය. රන් කටාරම අහසට පැන නැඟුණි. දින හතක් මහ බෝ පෙළහර පූජා පැවැත්වීය. නැවතත් මහා රාජ්‍යයෙන් බෝධීන් වහන්සේ පිදුම් ලැබීය. පිළිවෙළින් පාටලීපුත්‍ර අග නගරයට වඩමවා සාල වෘක්ෂ සෙවණේ බෝධීන් වහන්සේ වැඩ සිටින කල්හි දින දාහතක් ගත වෙද්දී බෝ අංකුර නවයක් පැන නැඟුණි‍. නැවත දඹදිව්තලයෙන් බෝ රජුන් පිදුම් ලැබීය.

මෙසේ මහරජු මහා පෙළහර පූජා මැද, බෝධි ආරක්ෂාව පිණිස ක්ෂත්‍රිය පවුල් දහ අටකුත් – අමාත්‍ය, බ්‍රාහ්මණ, සිටු ආදී කුලවලින් පවුල් අට බැගිනුත්, රන් කලස් රිදී කලස් ආදී පූජා භාණ්ඩත් අරිට්ඨ අමාත්‍යතුමාට පවරා අපගේ සංඝමිත්තා මහරහත් උත්තමාවිය ඇතුළු එකළොස්නමක් රහත් භික්ෂුණී සඟරුවන බෝධීන් වහන්සේ සමඟින් ම නැවට වඩමවා ගංගා නම් ගඟ දිගේ තාම්‍රලිප්තයට පමුණුවා එයින් ලක්දිවට වැඩම කිරීමට කටයුතු සැලසී ය. අපගේ දෙවනපෑතිස් මහරජු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු සඟ පිරිස් පිරිවරා, අමාත්‍ය පිරිස් පිරිවරා බෝ රජු වඩින තෙක් අපේක්ෂාවෙන් දඹකොළ පටුන්හි හිඳ කරවටක් දියට බැස ලක්දිවවැසි දහසය කුලයක කුල පුතුන් සමඟින් බෝ රජු පිළිගෙන ඉතා යටහත් පහත්ව මහා පුද පූජා පවත්වා ලක්දිව රාජ්‍යයෙන් ද බෝ රජු පිදීය. දෙපස සැරසූ මහ මාවත ඔස්සේ අනුරපුර වැඩමවා උඳුවප් පුර තුදුස්වක පුන් පොහෝ දිනෙක මහා බෝධිය රෝපණය කරන්නට සූදානම් වෙද්දී ම උන්වහන්සේ අහසට පැන නැඟී සවණක් බුදුරැස් විහිදා ප්‍රාතිහාර්ය දක්වා ලක් පොළෝතලය කම්පිත කරවමින් අනුරපුර උඩමළුවේ පිහිටා වදාළ සේක. මහා පුෂ්ප පූජා පැවැත්විණි. එවිට ම මහා වර්ෂාවක් ඇද හැළිණි. හාත්පස සීතල හිම වලා ගැබින් වැසී ගියේ ය. සත් දිනක් එසේ තිබුණි.

සත් දින ඇවෑමෙන් බුදුරැස් විහිදුවමින් බෝ රජු පෙනෙන්නට විය. ඉන්පසු අෂ්ට ඵලරුහ, දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේලාගේ ලැබීම සිදු විය. එදා සිට අද දක්වා ම ලක්දිව් තලය මහ බෝ අනුහසින් සුරැකුණේ ය.

ලක්දිව කතුන් හට අපමණ මෙතින් පැවිදි උපසපන් දායාදය සැලසුවෝ අප මහා සඟමිත් උත්තමාවියෝ ය. ලක්දිව කතුන්ගේ මහා මුනිවරිය ඇය යි. ද්වීපචක්‍රවර්තී අශෝක මහාරාජ දුහිතෘ වූ ඇය ගිහි කල සොළොස් වැනි වියේ දී අග්ගිබ්‍රහ්ම රාජ කුමරු හා සරණ මංගල්‍යය ගෙන නොබෝ දිනකින් සුමන නම් සොඳුරු පුත් රුවන බිහි කළා ය. ඒ සියලු‍ රජ සැප, ගිහි සැප අතැර ස්වාමියා ද පුත් රුවන ද ඒ වන විටත් පැවිදි බව ලබා සිටියෙන් පියරජුගේ අනුමැතිය ගෙන ආයුපාලී මහරහත් තෙරණින් වහන්සේගේ ආචාර්යත්වයෙන්, ධම්මපාලා මහරහත් තෙරණින් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බව ලබා සික්ඛමානා වත් පුරා උපසම්පදාව ද උභතෝසංඝයා වෙතින් ලැබී ය. සඟමිත් තෙරණින් වහන්සේ මහරහත් උත්තමාවියක් බවට පත් වූ සේක.

උපාසිකාරාමයෙහි පිළිවෙත් සරුව සිටි අනුලා දසසිල් මාතාව ඇතුළු දහසක් උපාසිකාවෝ සඟමිත් උත්තමාවිය ඇතුළු භික්ෂුණී සංඝයා වෙතින් පැවිදි බව ලැබූහ. මහරහත් තෙරණින් වහන්සේලාගේ කසාවතින් ද ලක්දිව සැරසී ගියේ ය. මේ සියලු‍ අසිරිය අද වන් පෝ දිනක සිහි කළ යුතු ම ය.

මේ උදා වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් සිරිපා වන්දනා සමය ඇරඹේ. වෙසක් පුන් පොහෝ දින දක්වා සිරිපා තඹර පුදනු රිසි සැදහැතියන්ට අපමණ පින්ඵල උපදවා ගත හැකි ය. මෙවන් අත්‍යුදාර වැදගත්කම්වලින් බබළන මේ උඳුවප් පොහෝ දින ඔබ සැමට සුපින්බර පුන් පොහෝ දිනයක් ම වේවා!

පළමු දහම් සංගායනාව ඇරඹි වගයි.
සරතැසින් පෙළුණු ගිම්හානය නිමාකරමින් සිහිල් වර්ෂාවෙන් මහ පොළොව තෙමා ගහකොළ සතා සීපාවන් නිවා සනහන්නේ වස්සාන ඍතුවේ දී ය. කෙලෙස් ගිමනින් පීඩිත අනවරාග්‍ර සසර සැරිසරමින් පැමිණි සත්වයන් අතුරින්, බුද්ධෝත්පාද යුගයක මිනිස්ලොව ඉපදීමට පින තිබූ, තථාගත ධර්මශ්‍රවණයෙන් ගිහි දිවියට සමු දී පැවිදි දිවියට පත් වීමට පින තිබූ පිනැතියන් බොහොමයක් විවේකීව ශ්‍රමණ ගුණ දම් පුරා සදහටම නිවී සැනසී ගියේත් මෙවැනි ම වූ පින්බර වස්සාන සමයන්හි දී ය.

අංග, මගධ, කාසි, කෝසල ආදී සොළොස් මහා ජනපදයන්ගෙන් යුතු ඒ ජම්බුද්වීපයේ එකල විසූ ආජීවක, පරිබ්‍රාජකාදීන්, ශ්‍රමණයින් සාමාන්‍යයෙන් වැසි සාරමස එක් තැනක වාසය කිරීම සිරිතයි. අපගේ ශාස්තෘන් වහන්සේ සම්බුදු බව ලබා ප්‍රථම දම් දෙසුම වදාරා පස්වග ශ්‍රමණයන් වහන්සේලා සමග බරණැස ඉසිපතන මිගදායෙහි දී ප්‍රථම වස් කාලය ගත කළ සේක.

කලක් යන විට ඇතැම් භික්ෂූහු වස් කාලයෙහි ද චාරිකාවේ වැඩියහ. ගිම්හානයේ දී එකල මෙන් ම මෙකල ද ඉන්දියාව අතිශයින් වියළි දේශගුණයකට බඳුන් වෙයි. නිල් තණකොළ බිඳක්වත් ඇහැ නොගැටෙන පරිදි වියළී ගොස් මංමාවත් දූවිල්ලෙන් පිරී, හමන වියළි කර්කශ සුළඟින් දූලි වලාවන් හැම දිග පැතිර යන පරිසරයකට වැටෙන වැස්ස හැමදෙන ප්‍රිය කරත්. නොබෝ කලකින් පොළොවෙන් මතු වන ළාතණ දකින වැසියන් එයට ප්‍රිය කරයි. වියළි පිදුරු බුදිමින් අතිශය අපහසු කාලයක් ගෙවූ සිව්පාවුන් පිනා ගිය සිතින් නිල් තණ බුදියි. ඒකීන්ද්‍රීය ජීවීන් යැයි ගහකොළ ගැන සිතන එකල දඹදිවවැසි මිනිසුන් ඒ තණ ගහක් පෑගීමටවත් අකමැති වෙයි. ඒ බොහෝ කලකට පසු දැකීමට ලැබුණු නිසාවෙනි. වස්සානයේ චාරිකාවේ වඩින භික්ෂූන් දුටු ඔවුහු මෙසේ පැවසූහ.

“‍කථං හි නාම සමණා සක්‍යපුත්තියා හේමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා, එකින්ද්‍රියං ජීවිං විහේඨෙන්තා, බහූ ඛුද්දකේ පාණේ සංඝාතං ආපාදෙන්තා?…”‍

“‍කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ හේමන්තයෙහිද ගිම්හානයෙහිද වස්සානයෙහිද නිල් තණ මඩිමින්, ඒකීන්ද්‍රීය ජීවීන් වෙහෙසවමින්, බොහෝ කුඩා ප්‍රාණීන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද?…”‍

“අරුත්බර දහම් නොදෙසූ අන්‍යාගාමිකයෝ පවා වැසි කල එක් තැනක සිත් අලවා වසත්. කුරුල්ලන් පවා කැදලි තනා ඒවායේ ඇලී වසයි.

මේ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් ඇයි මෙසේ චාරිකාවේ හැසිරෙන්නේ?” යැයි කියමින් දොස් නගන මිනිසුන්ගේ වචන ඇසූ භික්‍ෂූහු එය ශාස්තෘන් වහන්සේට සැළ කොට සිටියහ.

“‍අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං”‍

“මහණෙනි, වස්සාන සමයෙහි වස් එළඹෙන්නට අනුදනිමි.” යි අපගේ භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ සේක.

වස් එළඹීම් කෙතෙක් ද?

“‍ද්වේමා භික්ඛවේ වස්සූපනායිකා: පුරිමිකා, පච්ඡිමිකාච. අපරජ්ජුගතාය ආසාළ්හියා පුරිමිකා උපගන්තබ්බා. මාසගතාය ආසාළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා…”‍

“මහණෙනි පෙරවස් එළඹීම, පසුවස් එළඹීම යැයි මේ වස් එළඹීම් දෙකකි. ඇසළ පුන්පොහෝ දිනට පසු දින (අව පෑළවියෙහි) පෙර වස් එළඹිය යුතු ය. ඇසළ පුන්පොහෝ දිනට මසක් ඉක්ම ගිය කල්හි පසුවස් එළඹිය යුතු ය…”‍

මෙසේ අනුමත වූ වස් වාසය සමඟ යෙදුණු ප්‍රායෝගික හේතූන් නිසාවෙන් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් පැනවූ විවිධ ප්‍රඥප්තීනුත්, කලින් සඳහන් විස්තරයත් සියල්ල විනය පිටකයේ මහාවග්ගපාලියේ වස්සූපනායිකක්ඛන්ධකයේ පැහැදිලිව සඳහන් වේ.

අනිවාර්යයෙන් ම හිසට මනා සෙවණක් ඇති සුදුසු සෙනසුනක වස් වැසිය යුතු ය. ගස් බෙනවල, රුක් මුල් වැගිරෙන සෙවණවල, එළිමහන්වල, සොහොන් කුටිවල, කුඩයක සෙවණ යට, අන්‍ය තීර්ථකයින් ඇතැම්විට වාසයට ගන්නා විශාල සැලි තුළ වස් වාසය නොකළ යුතු ය. තමාට ආරාධනා කළ විට එය පිළිගත් සෙනසුනෙහි ම විශේෂ අනතුරක් නැති නම් වස් වාසයට එළඹීම භික්‍ෂුවකගේ සිරිතයි. වස් සමාදන් වූ දින පටන් පවාරණ දිනය දක්වා ඒ භික්‍ෂුව යම් හේතුවක් නිසා ඒ ආරාමයෙන් බැහැරට වඩින්නේ නම් යා යුත්තේ ‘දින හතක් තුළ නැවත මෙහි ම පැමිණෙන්නෙමි’යි, සත්තාහකරණියෙනි. එම පිළිවෙත බිඳීම ආපත්තියකි.

වස් වසන කාලය තුළ භික්ෂූන් වහන්සේලා සිය ප්‍රතිපත්ති මග පිරීමට වෙහෙසී ප්‍රතිවේධයන්ට පත් වීමට උත්සාහ කරති. ඒ කාලසීමාවේ ආරාමයට පැමිණ භික්ෂූන්ට උපස්ථාන කොට, ධර්මශ්‍රවණය කොට, ඒ දහම් මග අනුගමනය කොට වෙනදාට වඩා පින් කුසල් පිරීම ගිහි උවසු උවැසියන්ගේ සිරිතයි. ඇතැම් විට උපාසක උපාසිකාවන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම්වල දී භික්‍ෂූන්ගේ ආශීර්වාදය ලබා ගැනීමට සිය නිවෙස් වෙත වඩින ලෙස ඇරයුම් ලදහොත් එයට ද

භාග්‍යවතුන් වහන්සේ අවකාශ ලබා දී තිබේ. ආරාධනයක් ලද කල්හි පමණක් වැඩිය යුතු ය. ඒත් සත්තාහකරණියෙනි. භික්‍ෂු, භික්‍ෂුණී, සික්ඛමානා, සාමණේර, සාමණේරි, මව, පියා යන හත් දෙනා වෙත යම් යම් හේතුකාරණා මත අනාරාධිතව වුව ද වැඩීමට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සේක.

යම් හෙයකින් ඇසළ පුන්පෝ දිනට පසු දින පෙරවස් වැසීමට නොහැකි වූ භික්‍ෂූන් පසුවස් වැසිය යුතු ය. පෙරවස්වැසි භික්‍ෂූන් වප් පුන්පොහෝ දා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම සිදු කරයි. එයත් වත් පිළිවෙත් සමුදායකින් යුතු විනය පැනවීමකි. ඉන්පසුව ඉල් පොහොය දක්වා එන මාසය චීවර මාසයයි. ඒ මස තුළ කඨින පින්කම් සිදු වේ. බුදු සසුන හරි අසිරිමත් ය. හැම දෙයක් ම ඉතා සංවිධිත ය. අර්ථාන්විත ය. අවිහිංසාවාදී පුණ්‍ය පිළිවෙතෙහි කෝෂ්ඨාගාරය බුදු සසුනයි. මෙසේ පසුවස් සමාදානය නිකිණි පුන්පොහෝ දින සමඟ යෙදේ.

නිකිණි පුන්පෝ දා තවත් වැදගත්කමෙකි. එය ප්‍රථම සංගීතිය හා බැඳුනකි. අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩි පසු, දින හතකින් ආදාහන පූජෝත්සවය යෙදිනි. ආරණ්‍යවාසී ව ශිෂ්‍ය භික්‍ෂූන් සමඟ වැඩ සිටි අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින තුරු චිතකය ගිනි ඇවිලු‍ණේ නැත. වඩින අතරමග එක් රුක් මුලක නතරව සිටින කල්හි බුදුරදුන් පිරිනිවි බව අසා සුභද්‍ර නම් මහලු‍ පැවිද්දා, “‍අප ඒ මහා ශ්‍රමණයාගෙන් මනාව මිදුණා. දැන් අපට මේක කැපයි, මේක අකැපයි කියමින් පනවන්නට කිසිවෙක් නෑ. එනිසා ශෝක කරන්න එපා. හඬන්න එපා.”‍ යයි අභද්‍ර වචන පැවසී ය. එය ඇසූ අපගේ මහා කස්සප මුනිඳුන් ධර්ම සංගායනාවට අදිටන් පිහිටවීය.

“‍හන්ද මයං ආවුසෝ ධම්මඤ්ච විනයඤ්ච සංගායාම පුරේ අධම්මෝ දිප්පති ධම්මෝ පටිබාහීයති. පුරේ අවිනයෝ දිප්පති විනයෝ පටිබාහීයති. පුරේ අධම්මවාදිනෝ බලවන්තෝ හොන්ති, ධම්මවාදිනෝ දුබ්බලා හොන්ති. පුරේ අවිනයවාදිනෝ බලවන්තෝ හොන්ති, විනයවාදිනෝ දුබ්බලා හොන්තී ති.”‍

“‍එහෙයින් ඇවැත්නි; අපි අධර්මය බැබළීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත් වීමටත් ධර්මවාදීන් දුබල වීමටත් පෙර, අවිනයවාදීන් බලවත් වීමටත් විනයවාදීන් දුබල වීමටත් පෙර, ධර්මය ද විනය ද සංගායනා කරම්හ!” යි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වදාළහ.

අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වන විට රහත් වී නැත. සංගායනාවට රහතන් වහන්සේලා තෝරා ගනිද්දී අනඳ තෙරුන්ටත් ඉඩක් තබා, වීර්ය කිරීමට අනුශාසනා කළහ. අනෙක් භික්‍ෂූන් රජගහනුවර වස් නොවිසිය යුතු බවට සම්මත විය.

මහා කාශ්‍යප මුනිඳුන් ප්‍රධාන හාරසිය අනූනවනමක් ෂඩ් අභිඥාලාභී චතුපටිසම්භිදාලාභී නිකෙලෙස් මුනිවරු වස් වැසූ සේක. ඇසළ පුන්පෝ දිනට පසු දින වස් වසා “‍ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුණු, පැළු‍ණු තැන් පිළිසකර කිරීම වර්ණනා කරන ලද්දේ ය. එහෙයින් අපි පළමු මාසය තුළ කුටි සෙනසුන් පිළිසකර කරගෙන මධ්‍යම මාසයෙහි රැස්ව ධර්මය ද විනය ද සංගායනා කරන්නෙමු.”‍ යි සියලු‍ සංඝයා ඒකමතිකව එකඟ වූ සේක.

“අථ ඛෝ ආයස්මා ආනන්දෝ ස්වේ සන්නිපාතෝ, න ඛෝ මේතං පතිරූපං යෝහං සේඛෝ සමානෝ සන්නිපාතං ගච්ඡෙය්‍යන්ති, බහුදේවරත්තිං කායගතාය සතියා වීතිනාමෙත්වා රත්තියා පච්චූසසමයං නිපජ්ජිස්සාමීති කායං ආවජ්ජේසි. අප්පත්තං ච සීසං බිම්බෝහනං, භුමිතෝ ච පාදා මුත්තා, ඒතස්මිං අන්තරේ අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චි. අථ ඛෝ ආයස්මා ආනන්දෝ අරහා සමානෝ සන්නිපාතං අගමාසි.”

“එකල්හි, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ; හෙට රැස්වීම ය. මම සේඛ වූයේ ම රැස්වීමට යන්නේ නම් එය මට නිසි නොවේ යැයි රාත්‍රියෙහි බොහෝ වේලාවක් කායගතාසතියෙන් වාසය කොට රාත්‍රිය පහන් වන වේලාවෙහි හාන්සි වන්නෙමි’යි කය ඇල කළහ. හිස ද කොට්ටය වෙත නොපැමිණියේ ය. පාදයෝ ද පොළොවෙන් මිදුණාහ.

මේ අතරෙහි සිත උපාදාන නොකොට ආශ්‍රවයන්ගෙන් මිදුණේ ය. ඉන්පසු ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රහතන් වහන්සේනමක් ලෙස රැස්වීමට වැඩි සේක.”

(චුල්ලවග්ගපාලි පඤ්චසතිකක්ඛන්ධකය, සංගීති නිදානය)

මෙලෙස නිකිණි පුන්පෝ දා අලු‍යම අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත් බවට පත් වූ සේක. දැන් රජගහනුවර පන්සියනමක් රහතන් වහන්සේලා වැඩ සිටිති. ඉන්පසු පළමු ධර්ම සංගායනාව අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේත්, ආනන්ද මහරහතන් වහන්සේත්, උපාලි මහරහතන් වහන්සේත්, අනුරුද්ධ මහරහතන් වහන්සේත් ප්‍රමුඛ රහතන් වහන්සේලා සමඟ ආරම්භ කොට සත් මසකින් නිම කළහ. තථාගත ධර්ම විනය, නවාංග ශාස්තෘ ශාසනය, සම්බුදු සසුන මැනවින් සුරක්ෂිත විය. ඒ පින්බර සිදුවීමට මූලික ඇරඹුම වූයේ අද වැනි පුන්පොහෝ දිනකයි.

මෙවැනි අරුත්බර වැදගත්කම්වලින් පිරුණු මේ සුපින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දා පින්වත් ඔබ සැමට ප්‍රතිපත්තිය පෙරට ගත් ආමිස ප්‍රතිපත්ති යන දෙයාකාරයේ ම පින් කුසල් පිරෙන පින්බර පොහෝ දිනයක් වේවා!

තෙරුවන් සරණයි!

අධර්මය මැඩී ධර්මයම දිනීය.
සම්බුද්ධත්වය වනාහී වර්ණනා කොට අවසන් කළ හැකි දෙයක් නොවේ. එය වර්ණනාවිෂයාතික්‍රාන්ත ය. කථා කොට අවසන් කළ හැකි දෙයක් නොවේ. එය වාග්විෂයාතික්‍රාන්ත ය. තුන්ලොවෙහි අග්‍ර ඒ උත්තරීත්වය සාක්ෂාත් කරනු වස් මහ බෝසතාණන් වහන්සේනමක් සංසාරය තුළ කරන අපරිමිත කැපකිරීම පුදුම සහගත ය. ඒ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයේ පරම පවිත්‍ර චිත්ත අධ්‍යාශයේ මස්තකප්‍රාප්තිය ශ්‍රී සම්බුද්ධත්වය යි.

ඒ උතුම් සම්බුද්ධත්වය වටා බැඳුණු අතිශය වැදගත් සිදුවීම් සමුදාය අතුරින් වැඩිමනක්; මේ උතුම් ‘වේසාඛ පුණ්ණමා’ ‘වෛශාඛ්‍ය පෞර්ණමී’-‘වෙසක් පුන්පොහෝ’ දිනක ම යෙදීම සම්බුදුරජුන්ගේ ආශ්චර්යයක් ම බව අප කා හටත් වැටහෙන කරුණකි.

මින් විසි අසංඛ්‍යෙයකුත් කල්ප ලක්ෂයකට පෙර මාතුපෝසක ජාතකයෙහි පරිදි මව් කර තබා සැඩ සයුරෙන් එතෙර කොට ගොඩබිම පිහිටවූ වේලේ මෑණියන්ගේ මහා බලැති ආශීර්වාදය සමඟ,

“බුද්ධෝහං බෝධයිස්සාමි – මුත්තෝහං මෝචයේ පරේ

තිණ්ණෝහං තාරයිස්සාමි – සංසාරෝඝා මහබ්භයා”

‘මම ලොව්තුරා බුදුව අන්‍යයන්ට ද අවබෝධ කරවන්නෙමි. මම සසර දුකින් මිදී අන්‍යයන්ව ද එයින් මුදවන්නෙමි. මම මහ බිය ඇති සසර සැඩ පහරින් මිදී අන්‍යයන්ව ද එතෙර කරවන්නෙමි.’ යි නිර්මල සිතින් අධිෂ්ඨාන කරමින් මනෝප්‍රණිධාන පිහිටවූහ. එසේ නන්ද නම් අසංඛෙය්‍යයෙහි සිට පුණ්ඩරීක නම් අසංඛෙය්‍ය දක්වා අසංඛෙය්‍ය හතක් පුරා පහළ වූ බුදුරජාණන් වහන්සේලා හමුවේ අදිටන් කළහ.

එසේ ම සර්වභද්‍ර අසංඛෙය්‍යයෙහි සිට සර්වසේල අසංඛෙය්‍ය දක්වා නවාසංඛෙය්‍යකුත් කල්ප ලක්ෂයක් පෙර ගාථාවේ පරිදි ම වචනයෙන් ප්‍රකාශ කරමින් සම්බුදුවරුන් ඉදිරිපිට වාග්ප්‍රණිධාන පිහිටවූහ.

මෙසේ සෝළස (16) අසංඛෙය්‍යකුත් කල්ප ලක්ෂයක් තිස්සේ මනෝප්‍රණිධාන, වාග්ප්‍රණිධාන සපුරා මින් අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්ෂයකට පෙර සුමේධ තාපසව සිටිද්දී දීපංකර බුදුරජුන්ගේ ශ්‍රී පාද පාමුල නියත විවරණ සිරි ලැබූ සේක. අපගේ මහෝත්තම බුද්ධාංකුරයාණන් වහන්සේ එවක් පටන් පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් සමත්‍රිංශත් පාරමී ධර්මයන් පූරණය කළ සේක.

ඒ සියලු පාරමී ධර්මයන් තුළ උන්වහන්සේගේ හදමඬල තෙමී ගිය කරුණාවත්, මෝහන්ධකාරය නසන ප්‍රඥාවත් උස්ව බැබළී ගියේ ය.

“පඤ්ඤාස්ස සබ්බ ධම්මේසු – කරුණා සබ්බ ජන්තුසු” – සියලු ධර්මයන් පිළිබඳව ප්‍රඥාවත් – සියලු ලෝක සත්වයා පිළිබඳ කරුණාවත් හැම විට ම විද්‍යමාන විය.

බෝධිසත්ව ජීවිතයේ පාරමී පිරූ අවසන් වෙස්සන්තර ආත්මභාවයේ දී මහපොළොව ගුගුරුවමින් මහ දන් දී මින් නික්ම තුසිතයේ සන්තුසිත දෙව්රජුව දිව්‍යරාජ්‍ය පිහිටවූහ. සුදුසු කල පංචමහා විලෝකනය කොට සම්බුද්ධත්වය මනුලොව ම ලැබිය යුතු නිසා මිනිස් ලෝතලයේ පින්වන්ත ම පියාණන්ට දාව සුශීල ශෝභා ඇති මහාමායා දේවීන් කුස පිළිසිඳ ගත් සේක. හරියට ම දසමස් ගෙවුණු තැන උතුම් වෙසක් පුන් පෝ දින එළඹියේ ය.

දිව්‍ය උද්‍යානයක සිරි ගත් ලුම්බිණි සල්වනය අමුතු ශ්‍රියාවකින් උජ්වලිත විය. අතු අග පටන් මලින් පිරී ගිය සශ්‍රීක සාල වෘක්ෂයේ ශාඛාවක් ප්‍රාණිග්‍රහණය කරද්දී ම පින්බර නිමිති පහළව ඒ අපගේ බුද්ධ මාතාවෝ තුන්ලොව මහාර්ඝ මාණික්‍ය රත්නය ලොවට දායාද කළෝය. මහ බඹු උන්වහන්සේ ව පිළිගෙන සිව්වරම් දෙවිවරුන්ට දුන්නේය. ඔවුන් මායා බිසව අතට පත් කරන විට තෙමේ ම පොළොවේ සිඟිති සිරිපා තැබූහ. ඇල් පැනින් හා උණු පැනින් නැහැවී ගියේ සිනහමුසු මුහුණින් උතුරු දිග බලා සත් පියවරක් ඉදිරියට වැඩියහ. දිව්‍ය ශ්වේත ඡත්‍ර ඉහළින් එසවිණි.

“අග්ගෝ හමස්මි ලෝකස්ස” ආදී උදාර වදන් පැවසීය. “ලොවෙහි මුදුනට පැමිණියෙමි මම්, ලොවෙහි දෙටු වූයෙමි මම්, ලොවෙහි ශ්‍රේෂ්ඨ වූයෙමි මම්, මෙය ය අවසන් උපත මාගේ… දැන් නැවත මා හට, උපත සකසන භවය නැත් ම ය.”

ඒ වෙසඟේ ප්‍රථම මංගල්‍යය යි.

අප මහ බෝසතාණෝ සොඳුරු තුන් පහයෙහි දෙව් සැප වන් කාම සම්පත්තීන් විඳිමින් සියලු ශිල්ප හදාරමින් තුරුණු වියට එළඹ කනක ලතාවක් වන් යශෝදරාවන් සමඟ අතිනත් ගෙන තුටින් සිටින කල සිව් පෙරනිමිති දැක නුවණින් විමසා අසාර ජීවිතයට කලකිරී ස්වර්ණ වර්ණ රාහුල පුතුන් උපන් දින සදහටම ගිහි දිවියට සමුදුන් සේක.

විසි නව වස අබිනික්මනින් පසු සය වසක් ආර්ය පර්යේෂණයේ නිමග්නව සිට අන්ත දෙකම අතැර යැපෙන පමණට අහර ගෙන කුඩා කල සසර පුරුදු ලෙස සිත් පිහිටි ආනාපානසතියේ සිහිය පිහිටුවීමට උත්සුක වූහ. නේරංජරාවෙන් සිහිල් පැන් පහසු ව, සුජාතා ව පිදූ පායාස වළඳා නේරංජරාව තරණය කොට සුදෝසුදු වැලිතලාව කෙළවර පිහිටි අශ්වත්ථ වනස්පතිය දැක ඒ මුල කුසතණ අතුරා, ‘සියලු කෙලෙස් දුරු නොකොට නොනැඟිටිමි’යි චතුරංග සමන්නාගත වීර්යයෙන් වැඩ සිටි සේක. නොසිඳිය හැකි මහා අදිටන් බල නිසා ම එම අසුන වජ්‍රාසනය විය.

ලොව සියලු පාපී මිසදිටු බලවේග එක පැහැර එකතුව එකපෙළට එදිරිව සිටිය ද පිරූ අපමණ පෙරුම් දම් බල නැඟී අප පිනට; අධර්මය මැඩී ධර්මය ම දිනී ය.

ලොව, මහා ගැඹුරු නිහැඬියාවක නිමග්න වූයේ ය. ආනාපානසතියේ මැනවින් පිහිටි සිත ඒකාත්මික විය. නීවරණයන් දුරුව ධ්‍යාන වශීකෘත ව ගියේ ය. සිව් දැහැන් පිරිසිදු විය. මත්තෙහි සිත පිහිටියේ පෙර ගත කළ දිවි තතු දකින්නට ය. පෙරයම පූර්වේනිවාසානුස්මෘති ඥානයත්, මැදියම චුතූපපාත ඥානයත්, පැසුළුයම ආශ්‍රවක්ෂය ඥානයත් ලබා මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනි බුදුරජුන් ලෙස සම්බුද්ධාභිෂේකයෙන් අබිසෙස් ලැබූ සේක.

ඒ වෙසඟේ දෙවැනි මංගල්‍යය යි.

මහ බෝ මැඬ ම සිට පෙර මෙනෙහි කළ පටිච්චසමුප්පාද සමුදයේ නිරෝධයේ ඇති තතු දුටු නිරාමිස ප්‍රීතියෙන් “අනේක ජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං” ආදී වශයෙන් උදන් ඇනූ සේක.

ඒත් වෙසක් පොහෝ දිනක යි.

සුදොවුන් මහරජුත්, මහා ප්‍රජාපතී දේවිරාජිණියත්, යශෝදරාවනුත්, සිඟිති රහල් පුතුත්, නන්ද සොයුරාත්, නන්දා සොයුරියත්, ශාක්‍ය-කෝලිය ඥාති පිරිවරත් අමා දියෙන් සනසනු වස් මැදින් මස රජගහින් නික්ම දෙමසක් ගෙවා කිඹුල්වතට වැඩම කළේත්, යමා මහ පෙළහර පා ඥාතීන් දමනය කළේත් වෙසක් පුන්පොහෝ දිනක යි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ සියලු සම්බුදු කෘත්‍ය නිමවා, අප්‍රමාණ සත්වයින් නිවන් සුවයෙන් සනහා ගිජුකුළු පව්වෙන් පරිනිර්වාණ චාරිකාව ඇරඹි සේක. අම්බලට්ඨිකාවේ රාජාගාරකය, නාලන්දාවේ පාවාරික අඹවනය, පාටලී ගම් පියස හරහා ගංගා නම් ගඟින් එතෙරව කෝටිග්‍රාමය, නාදිකා ගම හරහා තවත් ගම් නියම්ගම් පසු කරමින් කුසිනාරාව බලා වැඩම කළහ. යමක මහා සල් රුක් සෙවණේ පිරිනිවන් යහනේ වැඩ හිඳ අවසන් වරට භික්ෂූන් අමතා අප්‍රමාදයේ පිහිටුවා පිළිවෙළින් රූප, අරූප ධ්‍යානයන්ටත් – අනතුරුව නිරෝධ සමාපත්තියටත් අවරෝහණව නැවත ප්‍රථම ධ්‍යානය දක්වාත් සමවැද නැවත සිව්වන ධ්‍යානය දක්වා ගොස් ඉන් නැඟී සිටිනවාත් සමඟ ම මහ පොළව කම්පා කරමින් අසහාය තථාගත බුදුරජාණෝ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් වැඩි සේක.

එය තුන්ලොවට මහා සංවේගයක් වුව ද විසි අසංඛෙය්‍යකුත් කල්ප ලක්ෂයක් මුළුල්ලේ පැමිණි ගමන් මගේ අතිශය නිමාව සනිටුහන් වූ නිසා අප මහා බෝසතුන්ගේ, අප මහා බුදුරජුන්ගේ දෙසින් බලන කල මංගල්‍යයක් ම වන්නේ ය.

ඒ වෙසඟේ තෙවැනි මංගල්‍යය යි.

සම්බුද්ධත්වයෙන් අටවැනි මස මණිඅක්ඛික නා රජුන්ගේ ඇරයුමෙන් බුදුරජාණෝ මහරහතුන් පන්සියයක් පිරිවරා කැලණි පුරයට වැඩියේත්, සුමන සමන් දෙව් නිරිඳුන්ගේ ඇරයුමෙන් සමනොළ ගිරිහිස විමනේ සිරිපා ලකුණු පිහිටවූයේත්, සොළොස්මස්ථාන පින්බිම් බුදු පා පහසින් සනසා අප ලක්දිව පුණ්‍ය ක්ෂේත්‍රයක් කොට වදාළේත් අද වැනි වෙසක් පුන් පොහෝ දිනක යි.

පරිනිර්වාණ මඤ්චකයෙහි වැඩ සිටි අප තිලෝගුරු ශාස්තෘන් වහන්සේ සක් දෙව්රජුන් අමතා ලංකාවත්, සිංහල ජාතියත් රක්නා ලෙස පැවසූයේත් අද වැනි වෙසක් පොහෝ දිනක යි. ලාට රට සිංහපුරයෙහි සිංහබාහු රජුගේ වැඩිමහල් පුත් විජය කුමරු සත්සීයක් පිරිස සමඟින් ලක්දිව ගොඩ බැස්සේත් අද වැනි වෙසක් පොහෝ දිනක යි.

අප අනුබුදු මිහිඳු මහරහතුන් දායාද කළ නිර්මල සම්බුද්ධ ශාසනය වැළඳගෙන ධර්මාශෝක ද්වීපචක්‍රවර්තීන්ගේ සහායෙන් ක්ෂත්‍රිය රාජධර්මානුකූල ව තිස්ස නිරිඳුන් දෙවනපෑතිස් ලෙස ද්විතියාභිෂේක ලද්දේත් අද වැනි වෙසක් පොහෝ දිනක ය. එවක් පටන් නියම සිංහල බෞද්ධ රජවරුන් අභිෂේක ලදුයේත් වෙසක් පුන්පොහෝ දිනයි.

අසදෘශ ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ කටයුතු ඇරඹුමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය වූයේත් පින්බර වෙසක් පුන්පොහෝ දිනක යි.

විසිපස් වසක් සෙවණැල්ලක් සේ අත්‍යන්ත ගෞරවයෙන් බුද්ධෝපස්ථාන කළ, බුදු පිරිනිවනින් තවත් වසර 40ක් වැඩ සිටි අපගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහත් මුනිඳුන් පිරිනිවන් පා වදාළේත් වෙසක් පුන්පොහෝ දිනක යි.

මෙසේ අපමණ සැදැහෙන් සිහි කළ හැකි වැදගත්කම් රාශියකින් හෙබි පින්බර වෙසක් පුන්පොහෝ දින දෙවන පෑතිස් රජ කල සිට ම විශේෂ උත්සවාකාරයෙන් සැමරී ය. අප දුටුගැමුණු මහරජාණන් වෙසක් උත්සව විසි හතරකුත්, භාතිකාභය රජු වෙසක් උත්සව විසි අටකුත්, වසභ රජු වෙසක් උත්සව හතළිස් හතරකුත් පැවැත්වී ය. වෝහාරතිස්ස රජු, ගෝඨාභය රජු, ජෙට්ඨතිස්ස රජු, දළ මුගලන් රජු, දෙවන සේන රජු, මහ පැරකුම්බා රජු, දෙවන පැරකුම්බා රජු ආදී ශ්‍රද්ධා සම්පන්න රජවරු ද ඉතා මැනවින් වෙසක් උත්සවය සැමරූහ.

අපිදු එකිනෙකාගේ වෙසක් සැමරීම් අනුමෝදන් වෙමින් ඉතා ප්‍රතිපත්තිගරුකව මේ පින්බර වෙසඟ සමරමු.

ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

ශාක්‍යයන්ට යහපත පිණිස වැඩම කිරීමට මේ සුදුසු කාලයයි.
හේමන්ත ඍතුවේ මැදින් පුර පසළොස්වක පොහොය සමඟ ම ලබන වසන්ත සමය මේ මහපොළොව මත උපන් මිනිසුන්ගේ පමණක් නොව සතා සිවුපාවුන්ගේ ද සිත්සතන් තුටින් පුරවන්නට සමත් වෙයි. නිකෙලෙස් මුනි වදනින් වසන්තයේ සුන්දරත්වය වර්ණනා වුණු සොඳුරු ගාථාවන් සිහිපත් වන ස්නේහයේත්, කරුණාවේත්, මාතෘ පීතෘ සැබැඳියාවේත්, දේශානුරාගයේත්, ජාතිවාත්සල්‍යයේත් උත්තරීතර වූ නිරාමිස ලෝකාර්ථ චර්යාවක විශ්මය දනවන වෘත්තාන්තය සිහිපත් වන සෞම්‍ය පුන් පොහෝ දිනය මැදින් පුර පසළොස්වකයි.

පොහොය වැදගත්කම

අපගේ භාග්‍යවතුන් වහන්සේ සිය ජන්මලාභය ලැබූ කපිලවස්තුවට වැඩම කිරීමට ගමන් ඇරඹියේ අද වැනි උතුම් දිනකයි. මැදින් පෝ දින ඇති ප්‍රකට වැදගත් සිදුවීම එය පමණක් වුව ද එම දහම් චාරිකාවට ආරාධනා කිරීමේදීත්, කපිලවස්තුවට වැඩම කළ පසුවත් සිදු වූ ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් ම ශ්‍රාවකයාගේ සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් සනසන්නට සමත් වෙයි.

අසීමිත ඉවසීමක්

ගත වෙමින් තිබුණේ තම ප්‍රාණසම පුත්රුවන, ශාක්‍ය රාජමාළිගයෙන් නික්මී හත්වැනි වසරයි. පුත්‍ර වියෝවෙන් හිස් අහස දෙස ම බලා සිට ගෙවුණු රාත්‍රීන් සුදොවුන් මහරජුගේ සිත තුළ සාංකාව වැඩිකරයි. බුද්ධිමත් අමාත්‍යවරයකු ඇමතූ මහරජු “පුත්‍රය, උන්වහන්සේ නික්මී වසර හයක් ම කළ ආර්ය පර්යේෂණය නිමවා ගයාවේ නදීතෙර සම්බුද්ධත්වය සාක්ෂාත් කොට ඇත. ධර්ම චක්‍රය ද කරකවා බොහෝ සව්වන් ද තනා සිය ප්‍රඥා සන්දේශය පතුරවමින් බිම්බිසාර මහ නිරිඳුන්ගේ රටෙහි අගනුවර ගිරිව්‍රජයෙහි වේළුවනයේ වැඩ වසන්නේලු මාගේ පුතණුවෝ. ඔබ ජවසම්පන්න පුරුෂයින් දහසක් සමඟින් ගොස් උන්වහන්සේ අප දේශයට වැඩම කරවාගෙන ආ යුතු ය.”“එසේය මහරජුනි…” දහසක් පිරිවර සමඟ රජගහ නුවරට ගිය අමාත්‍යතුමා ඒ වන විටත් ඇරඹී තිබූ දම් දෙසුම ශ්‍රවණයට පසෙකින් තැන්පත් වූයේ ය.

අහෝ… ඒ විස්මිත දහමේ අසිරිය. ඔවුහු අවබෝධ කළහ. සදාකාලයට ම නිවී ගියාහු ය. ඒහිභික්ෂු පැවිදි උපසම්පදාලාභී එක්දහස් එක්නමක් රහත් තෙරවරු ලොවට දායාද වූහ. විමුක්ති රසයෙහි ම සැනසී ගිය ප්‍රධාන රහතන් වහන්සේගේ සිත සුදොවුන් නිරිඳුගේ රාජකාරිය වෙත යොමු නොවුණි.

රාජකීය දූතයන් නැවත පැමිණෙන හැඩක් නැත. ඔටුන්න හිමි අතිජාත රාජ පුත්‍රයා ද අතහැර ගිය මාළිගයට එය අමුත්තක් නොවී ය. අප සුදොවුන් මහරජාණෝ දෙවැනි වර ද

බුද්ධිමත් අමාත්‍යවරයෙකු කැටිව දහසක් පුරුෂයින් පිටත් කොට යැවූහ. පෙර සේ ම ය. මෙසේ නව වතාවක් ම කරන්නට සිදු විය. සත් වසරක් බලා සිටි මහරජුට එය ද ඉවසිය හැකි විය.

කාළුදායී තෙරණුවෝ මහ බෝසතාණෝ උපන් දිනයේ ම පහළ වූ රත්නයන් සතෙකි. සක්විති රජිඳුන්ට සේ ය.

“බෝධිසත්තේන හි සද්ධිං බෝධිරුක්ඛෝ, රාහුලමාතා, චත්තාරෝ නිධී, ආරෝහනියහත්ථි, අස්සකණ්ඩකෝ, ඡන්නෝ, කාළුදායීති ඉමේ සත්ත ඒකදිවසංයේව ජාතත්තා සහජාතා නාම අහේසුං”

“අප මහා බෝසතාණන් සමඟ බෝධි වෘක්ෂය, රාහුල මාතා යශෝධරාව, සතර මහා නිධානය, ආරෝහනිය හස්තිරත්නය, කන්ථක අශ්වයා, ඡන්න අමාත්‍යතුමා, කාළුදායී අමාත්‍ය පුත්‍රයා යන මේ සත්දෙනම එක ම දින උපන් බැවින් ‘සහජාත’ නම් වේ.”

(කාළුදායී ථේරගාථා වණ්ණනා පරමත්ථදීපනී ථේරගාථා අට්ඨකථා)

කාළුදායී අමාත්‍යතුමා මහා පිනැතියෙකි. මාතෘ දේශයට අප තථාගතයන් වහන්සේ වැඩමවීම පිණිස ප්‍රධාන භූමිකාව සකසනුයේ උන්වහන්සේ ය. කාළුදායී තෙරණුවෝ ‘කුලප්පසාදක’ – කුල පහදවන භික්ෂූන් අතර අග්‍ර වන්නේ ය. පදුමුත්තර බුදුරජුන් කල සිට එන අභිනීහාරයකි. ඔහු පියුමතුරා සසුනෙහි ඒ පිණිස පින් කොට දෙව් මිනිස් සුගතියෙහි සැරිසරන්නේ අපගේ බෝසතුන් මව්කුස පිළිසිඳ ගන්නා දින ම කපිලවස්තුවේ අමාත්‍ය ගෘහයක පිළිසිඳ ගත්තේ ය. බෝසතුන් සමඟ උපන් හෙයින් එදින ම ඉතා සිනිඳු කොට්ටයක සතපා බෝධිසත්වයන්ගේ උපස්ථානයට පැමිණවීය.

“අථස්ස නාමග්ගහණදිවසේ සකලනගරස්ස උදග්ගචිත්තදිවසේ ජාතත්තා උදායීත්වේව නාමං අකංසු, ථෝකං කාළධාතුකත්තා පන කාළුදායීති පඤ්ඤායිත්ථ”

“ඒ කුමරුන්ට නම් තබන දවසේදී මුළු නුවර වැසියන්ම සතුටින් ඔද වැඩී ගිය දිනෙක උපන් බැවින් ‘උදායී’ යන නාමය තබන ලදී. මඳක් සම කළු පැහැයෙන් යුතු නිසා ‘කාළුදායී’ යන නාමයෙන් ප්‍රකට විය.”

(පරමත්ථදීපනී)

තුන්ලොවට පහළ වූ අසහාය ශාස්තෘ රත්නය සිය ජාතභූමියට වැඩමවීමේ පුණ්‍යාධිකාරධර කාළුදායී අමාත්‍යතුමාට ස්නේහයෙන් අමතා, “පුතේ, වැලි කෙළියේ පටන් ඔබගේ මිත්‍ර මාගේ පුතණුවන් වහන්සේ මාගේ දෙනෙත් පියවෙන්නට පෙර මාළිගයට පමුණුවන්න.” යැයි සුදොවුන් මහරජු පවසා සිටියේ ය. “උන්වහන්සේ වෙත ශ්‍රමණ දම් පුරන්නට අවසරය ලැබෙන්නේ නම් ඒ වගකීම මම භාර ගනිමි මහරජතුමනි.” මහරජු එකඟ විය.

වේළුවනයේ දී කාළුදායී අමාත්‍යතුමාත්, දහසක් පිරිවරත් අනුත්තර දහම් අසා සදහටම නිවී ගියෝ ය. පැවිදි උපසම්පදාව ලදහ. ශාක්‍ය ජනපදයෙන් ම පැමිණ අරහත් වූවෝ දසදහස්නමකි. අංග මගධ දෙරටින් පැවිදි වූවෝ දසදහස්නමකි. සියල්ලෝ විසිදහස්නමකි. දහම් සක කරකැවී යන්නේ ය. ලෝ සතුන් සුවපත් වන්නේ ය. ගොයුම් සසුන් සිරි පැතිරී යන්නේ ය.

සොඳුරු ඇරයුම

බුද්ධත්වයෙන් දස මසක් ගෙවී ගියේ ය. උදා වූයේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයයි. කාළුදායී තෙරුන් පැවිදිව සත් දිනක් ගත වී තිබුණි. විසිදහසක් රහතන් වහන්සේලා පිරිවරා වැඩ සිටි අප භාග්‍යවතුන් වහන්සේ ඇහැළ මල් විමනක රන් රුවක් සේ ය. කාළුදායී තෙරුනුවෝ දණින් වැඳ වැටී නැඟිට දෑඟිලි එක්කොට අඤ්ජලී කර්මයෙන් සිට මෙසේ වදාළහ. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දැන් වෘක්ෂයෝ පැරණි පත් සලා ගිනි අඟුරු පැහැ දලුයෙන් සොඳුරුව සුවඳ මලින් සැරසී ඵල දැරීමට රිසියෙන් පසුවෙත්. මහා වීරයන් වහන්ස, භගීරථ පරම්පරානුයාත ශාක්‍යයන්ට යහපත පිණිස එහි වැඩම කිරීමට මේ සුදුසු කාලයයි. ඉතා ශීතත් නොවූ – උෂ්ණත් නොවූ මේ වසන්ත ඍතුව සුව ගෙන දෙයි. ගමනට සුදුසු ය. පැසුළු දිගට මුහුණලා රෝහිණී නදියෙන් එතෙර වන ඔබ වහන්සේව ශාක්‍ය කෝලිය රජහු දකිත්වා!”

“වීරෝ හවේ සත්තයුගං පුනේති – යස්මිං කුලේ ජායති භූරිපඤ්ඤෝ

මඤ්ඤාමහං සක්කති දේවදේවෝ – තයා භි ජාතෝ මුනිසච්චනාමෝ”

“යම් කුලයක වීර වික්‍රමාන්විත ගම්භීර ප්‍රඥා ඇති පුද්ගලයෙක් උපදින්නේ ද ඒ උතුම් පුද්ගලයා නිසා සත්මුතු පරම්පරාවක් ම පිරිසුදු වෙතියි ලොව අදහසක් පවතී. ඔබවහන්සේ ආර්ය ජාතියේ උපන් සත්‍ය නාම වූ මුනිවරයා ය. දෙවියන්ට දෙවි වූ භාග්‍යවතුන් වහන්සේට ඊටත් වඩා සත්වයන් පිරිසුදු කරන්නට පුළුවන් බව මගේ හැඟීමයි.” මෙසේ ගාථා හැටකින් කපිලවස්තුවට වැඩම කිරීමට සුදුසු කාලය බව හඟවමින් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළේ ය. විසිදහසක් රහතුන් පිරිවැරූ අපගේ බුදුරජාණන් වහන්සේ යොදුන් හැටක් දුර ගමනට පිළිපන් සේක. සෑම දිනක ම ඍද්ධියෙන් ශාක්‍ය මාළිගයට වඩින කාළුදායී තෙරණුවන් මහරජුට තතු පවසා සිත් පහදවා පිණ්ඩපාත දානය රජු වෙතින් පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් පූජා කරන්නේ ය. ප්‍රථම දින අහසින් මාළිගයට වැඩි තෙරුන් දැක හඳුනාගත නොහැකිව නුඹ කවුදැයි විමසූ රජුට උන්වහන්සේ මෙසේ වදාළ සේක.

“බුද්ධස්ස පුත්තෝම්හි අසය්හසාහිනෝ – අංගීරසස්සප්පටිමස්ස තාදිනෝ

පිතු පිතා මය්හං තුවංසි සක්ක – ධම්මේන මේ ගෝතම අය්‍යකෝසී”

“ශාක්‍ය රජුනි, මම; ඉවසීමට අතිශයින් දුෂ්කර දේ ද ඉවසන, අංගීරස වූ උපමා රහිත අප්පටිම වූ තාදී ගුණැති බුදුපියාණන්ගේ පුත්‍ර වෙමි. නුඹවහන්සේ මාගේ පියාණන්ගේ පියා වන්නේ ය. ගෞතමය, ස්වභාවයෙන් ම ඔබ මාගේ මුත්තණුවන් වන්නේ ය.”

(ථේර ගාථා පාළි)

දිනකට යොදුනක් බැගින් වැඩි බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය දින හැටක් ගිය තැන කිඹුල්වතට සම්ප්‍රාප්ත වූහ. මෙසේ කිඹුල්වත්පුර වැඩි අපගේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම දින ම යමාමහ පෙළහර පා ශාක්‍ය මානය බිඳ, දමනය කළෝ ය. දෙවැනි දින පිඬු සිඟා වැඩි වීථියේ දී, “උත්තිට්ඨේ නප්පමජ්ජෙය්‍ය” ගාථා රත්නය වදාරා සුදොවුන් රජු සෝවාන් ඵලයෙහි පිහිටුවා ඒ දින ම මාළිගයෙහි දී “ධම්මං චරේ සුචරිතං” ගාථාවෙන් දහම් දෙසා සකදාගාමී ඵලයෙහි පිහිටවූහ. එම දහම් ඇසූ ප්‍රජාපතී මෑණියන් වහන්සේ සෝවාන් විය. එසේම නිග්‍රෝධාරාම පූජාවත්, යශෝදරාවන් මුල් කොට චන්දකින්නර ජාතකය දේශනා කිරීමත්, නන්ද කුමරුන් පැවිදි උපසම්පදා කිරීමත්, යශෝධරාවගේ නරසීහ ගාථා අසා බුදුරදුන්ගෙන් දායාද ඉල්ලීමට පැමිණි රාහුල කුමරුන් පැවිදි කිරීමත්, මහා ධර්මපාල ජාතක දේශනාවත්, එම දෙසුම අසා සුදොවුන් රජු අනාගාමී වීමත් යන වැදගත් සිදුවීම් රාශියක් ම සිදු විය.

මෙසේ මැදින් පුර පසළොස්වක දින ඇරඹි කිඹුල්වත්පුර බලා බුදුරජුන්ගේ වැඩමවීම හේතුවෙන් සිදු වූ යහපත හැමවිටම වර්ණනා විෂය ඉක්මවා සිටින්නේ ය. මේ උතුම් පුන් පොහෝ දින ප්‍රතිපත්ති පූජාව පෙරට ගෙන ආමිස, ප්‍රතිපත්ති යන ආකාර දෙකින් ම පින් රැස් කරන්නට, කුසල් වඩන්නට ඔබ සැමට වාසනාව ලැබේවා!

සියලු දෙනාට ම සුපින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

නවම් පොහොය වර්ණනාව.
​අසිරිමත් පුණ්‍ය පාරමී ගුණය මුහුකුරවා ලොවට පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මුළු දිවිය ම ආශ්චර්යයෙන් පිරී පවතී. සම්බුදු සිරිතෙහි වැඩිමනක් විශේෂ සිදුවීම් පොහෝ දිනවලම යෙදීම ද එක්තරා අසිරියකි. නවම් පුන්පොහෝ දින කිහිප කරුණක් නිසා සුවිශේෂී වේ.

1) සාරිපුත්ත, මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවකත්වය ලබා දීම.

2) ප්‍රථම සංඝ සන්නිපාතය සහ ඕවාද ප්‍රාතිමෝක්ෂය.

3) බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම, සිහි කළ යුතු විශේෂ සිදුවීම් ය.

එදින නවම් මස පුන් පොහෝ දිනකි. අප සම්බුදුරජාණෝ බුද්ධාසනය අරා වැඩ සිටිති. උරුවේල කාශ්‍යප තෙරුන්, නදී කාශ්‍යප තෙරුන්, ගයා කාශ්‍යප තෙරුන් සිය පිරිසේ සිට පැවිදි වූ දහසක් භික්ෂු සංඝයා පෙරටුව වැඩ සිටිති. රන්වන් කිනිහිරියා මල් පැහැයෙන් බබළමින් සාරිපුත්ත මුනිඳාණෝ ද, නිල්මහනෙල් මල් පැහැයෙන් බබළමින් මොග්ගල්ලාන මුනිඳාණෝ ද සිය පිරිසෙහි සිට පැවිදි වූ දෙසිය පනහක් භික්ෂු සංඝයා පෙරටු කොට වැඩ සිටිති. එක්දහස් දෙසිය පනහක් වූ ගෞතම සම්බුදු සසුනේ ප්‍රථම සංඝ සන්නිපාතයයි මේ. ධතරාෂ්ට හංසරාජයා පිරිවරා ගත් ශ්වේත රැස්විහිදෙන හංස සමූහයක් සේ, තරු පිරිවරා ගත් පුන්සඳ මඬලක් සේ මගධයේ රජගහනුවර වේළුවනාරාමය බුද්ධ ප්‍රමුඛ මහරහත් මුනිවරුන්ගෙන් බැබළී ගියේ ය. සම්බුදු රජාණෝ ඒ පිරිසෙහි වැඩ සිටි සිය පුත්‍රයන් දෙදෙනෙකුගේ අතීත කෘතපුඤ්ඤ ලක්ෂණයන් බුදු ඇසින් විමසා වදාළහ.

පුෂ්පාසන, පුෂ්ප ඡත්‍ර පිදීමේ පින

මෙයින් එක් අසංඛෙය්‍යකුත් තවත් කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී සම්මා සම්බුදුරජුන් වැඩ සිටි සේක. සරද නම් මානවකයෙක් මහාසාර බ්‍රාහ්මණ පවුලක උපන්නේ පියාගේ ඇවෑමෙන් කුලය සතු ධනය බලා සසරෙහි අස්වැසිලි රහිත බව නුවණින් සලකා සිය ධනය දුගී මගී යාචක ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දන් දී විමුක්තිය පිණිස ගිහි ගෙදරට සමු දී, තවුස් පැවිද්දෙන් පැවිදි විය. හැත්තෑ හතර දහසක් පිරිවර ඔහු සමඟ අභිනික්මන් කළහ. සරද තවුසාණෝ කසින භාවනා වඩා අෂ්ට සමාපත්ති, පංච අභිඥ්ඥා පිරිසිදු කොට සිය පිරිසට ද ඒ සඳහා මග දෙසූහ. සරද තවුසාණන් සිටි අසපුව පෙදෙසට අනෝමදස්සී බුදුරජාණෝ වැඩි සේක. මහා පුරුෂ ලකුණු බලා බුදුවරයකු බව දැන පැහැදී ශිෂ්‍ය තවුසන් ඔහු වෙනුවෙන් ගෙනා ප්‍රණීත ඵලවැල ද මිහිරි සිසිල් පැන් ද පිදූහ. එවිට අග්‍රශ්‍රාවකයින් ඇතුළු ලක්ෂයක් රහතුන් එහි වැඩියහ. අග්‍ර නිහතමානී ගුණයෙන් යුතු සරද තවුසාණෝ සිය ශිෂ්‍ය පිරිස සමඟින් මියුරු සුවඳැති වන මල් රැස්කොට වහ වහා සොඳුරු පුෂ්පාසන තනා පුෂ්ප ඡත්‍රයක් පිළියෙළ කළහ. බුද්ධප්‍රමුඛ මහ සඟරුවන අනුකම්පාවෙන් මල් අසුන්හි වැඩ සිටි සේක. සරද තවුසාණෝ බුදුරදුන් මස්තකයෙහි සුවඳ පුෂ්ප ඡත්‍රය දරමින් සිටියහ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් නිරෝධ සමාපත්තියට සමවන් සේක. ශ්‍රාවකයෝ ද එසේ කළහ. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි බුදුරජුන්ගේ මෙහෙයවීමෙන් අග්‍රශ්‍රාවක නිසභ මහරහතන් වහන්සේ පුෂ්පාසන අනුමෝදනා දේශනාව වදාළහ. ද්විතීය ශ්‍රාවක අනෝම මහරහතන් වහන්සේ ද අනතුරුව දහම් දෙසූහ. පසුව බුදුරජාණන් වහන්සේ දහම් දෙසන කල්හි එහි සිටි හැත්තෑ හතර දහසක් පිරිස අරහත්වයෙහි පිහිටියහ. උන්වහන්සේලා ඒහිභික්ෂු පැවිදි උපසම්පදාව ලදහ.

අග්‍රශ්‍රාවක නිසභ මහ තෙරුන් දෙස බලා උන්වහන්සේගේ පිවිතුරු සීල තේජස, නිහතමානී ගුණ කඳ, මහා ප්‍රාඥ දේශනා විලාසය මෙනෙහි කරමින් උන් සරද තවුසාණන් තුළ ද එවන් මහරහත් උතුමෙක් වීමට සිත පිහිටියේ ය. සතියක් පුරාවට පුෂ්පාසන පූජාව පුදා පුෂ්ප ඡත්‍ර දරා සිටීමේ පින් බලයෙන් ‘නිසභ තෙරුන්ට සේ අනාගත බුදු සසුනක ශ්‍රාවකත්වය ලැබේවා!’ යි පැතීය. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ එය ගෞතම සම්බුදු සසුනේ සඵල වන බව වදාළ සේක.

කලණ මිතුදම

සිරිවඩ්ඪ නම් කුලපුත්‍රයා තම හොඳම මිතුරා කළ මේ උදාර පින්කම ගැන දැනගෙන බුදුපාමොක් සඟරුවනට නිල්මහනෙල් මලින් සැරසූ මණ්ඩපයක් තනා සතියක් මහ දන් දී, ‘මගේ මිතුරු සරදයන් අගසව් ලබන සසුනේ දෙවන සව් වෙම්වා’ යි පැතී ය. බුදුරජාණෝ විවරණ දුන් සේක. අප බුදුරදුන් කල රජගහනුවර උපතිස්ස බමුණුගම සාරි බ්‍රාහ්මණ උත්තමාවිය කුස පිළිසිඳ ගත් සරද තවුසාණෝ මනුලොව උපන්හ. සිරිවඩ්ඪ කුලපුතු කෝලිත බමුණුගම මොග්ගලී බ්‍රාහ්මණතුමියගේ කුසින් බිහි විය. උපතිස්ස-කෝලිත පන්සියය බැගින් පිරිස් සහිතව ශිල්ප ශාස්ත්‍ර උගෙන කාර්යශූර තරුණයින් වූහ. ගිරග්ග සමජ්ජ ප්‍රීති උත්සවය දැකුමට ගොස් ජීවිතය පිළිබඳ විශේෂයෙන් හිතන්නේ කලකිරී විමුක්තිය සොයා චාරිකාවේ පිටත් වූහ.

නුවණැති පැන විමසීම

සංජය නම් ප්‍රසිද්ධ පරිබ්‍රාජකතුමා හමුවේ ඔහු පහදන මග ඉගෙන ඉන් ඵලක් නොවන වග දැන නැවත නිවැරදි මග පෙන්වන්නෙක් සොයමින් ඇවිද ගියහ. ශාන්ත ඉඳුරන් ඇති, නිවී ගිය ඉරියව් ඇති අස්සජී මහරහතන් වහන්සේව උපතිස්ස තරුණයාගේ නෙත ගැටුණි. උන්වහන්සේ පිඬු සිඟා වැඩ ගස් සෙවණක හිඳ දන් වළඳා නිමවූහ.

“ඔබතුමා කවර ශාස්තෘවරයෙකු උදෙසා පැවිදි වූවෙහි ද? ඔබවහන්සේගේ ආචාර්යයන් වහන්සේ කවරහු ද? කිනම් ධර්මයකට රුචි කරන්නේ ද?” කියා ප්‍රශ්න කළේ ය.

“අලුත පැවිදි වූ නිසා ගැඹුරු දහම් විග්‍රහයක් කිරීමට අපහසු ය. කෙටියෙන් ම කිවහොත්; යම් ධර්මයක් හේතූන් නිසා හට ගන්නේ ද ඒ හේතු සහ එම හේතූන්ගේ නිරුද්ධ වීම පිළිබඳ තථාගතයන් වහන්සේ වදාරන සේක. මහා ශ්‍රමණයන් වහන්සේ මෙබඳු අයුරින් දහම් පවසන සේක” යැයි ‘යේ ධම්මා හේතුප්පභවා’ ගාථා රත්නය වදාළ සේක. උපතිස්ස තරුණයා එහි පළමු පද දෙක අසන්නේ සෝවාන් ඵලය පසක් කළේය. අස්සජී තෙරුන් වැඳ නැවත පැමිණෙන බව පවසා කෝලිත මිත්‍රයා හමුව මේ දහම් ගය ම පවසන්නේ ඔහු ද දහම් ඇස ලබා ගත්තේ ය. සාදු! සාදු! මහා නුවණැත්තෝ ලෝකයෙහි දුර්ලභ ය. ඔවුහු වහා ධර්ම රසය හඳුනා ගනිත් ම ය.

සංජය පිරිවැජියාට ද මේ උතුම් පණිවිඩය පැවසූ නමුත් ඔහු එකඟ නොවූවෙන් “රුචි අයෙක් අප සමඟ ඒවා.” යි වේළුවනය බලා පිටත් වූහ. ඔවුන් පසුපස දෙසිය පනහක්

පිරිස ආවෝ ය. දුරින් ම එන පිරිස දුටු අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රධානියන් දෙදෙනා අග්‍රශ්‍රාවකයින් වන බව හඳුනාගත්හ. ඔවුන් සියල්ල පැවිදි උපසම්පදා කළහ.

ඒ මහා සංඝ සන්නිපාතයේ දී ම සාරිපුත්ත තෙරුන් වහන්සේ සහ මොග්ගල්ලාන තෙරුන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරු ලදහ. කාලය ගතවෙද්දී සාරිපුත්ත තෙරුන් ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍ර යැයි ද මොග්ගල්ලාන තෙරුන් ඍද්ධිමත් භික්ෂූන් අතර අග්‍ර යැයි ද පිළිවෙළින් ධර්ම සේනාධිපති සහ ධර්ම පුරෝහිත වන්නේ යැයි ද දෙව් මිනිසුන් අතර ප්‍රකට වූහ.

ඕවාද ප්‍රාතිමෝක්ෂය

අගසව් තනතුරු දීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දෙසූ සේක. අප බුදු සසුනේ ප්‍රථම වර්ෂ විස්ස ශික්ෂාපද නොපනවා මෙම උතුම් අවවාදයෙන් ම ශ්‍රාවක සඟ පිරිස හික්මී මග ඵල නිවනින් සැනසුනහ. දීර්ඝායුෂ්ක බුදු සසුන්වල සසුන අතුරුදහන් වීම දක්වා ම ඕවාද ප්‍රාතිමෝක්ෂය උදෙසීම වන්නේ ය. ආණා ප්‍රාතිමෝක්ෂයක් නොවන්නේ ය. ආණා ප්‍රාතිමෝක්ෂය යනු ඒ ඒ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ විසන් පනවනු ලබන ශික්ෂාපදයන් ය. එනිසා ම ඒ ශාසන බොහෝ කල් නොපවතී. අප බුදු සසුන දිගුකල් පවතින්නේ බොහෝ ශික්ෂාපදවලින් යුතු ආණා ප්‍රාතිමෝක්ෂය මනාව පවතින නිසා ය.

“ඛන්තී පරමං තපෝ තිතික්ඛා – නිබ්බානං පරමං වදන්ති බුද්ධා

නහි පබ්බජිතෝ පරූපඝාතී – සමණෝ හෝති පරං විහේඨයන්තෝ”

“ඉවසීම තමයි උතුම් ම තපස කියලා කියන්නේ. ඒ අමා මහ නිවන සියල්ලට ම වඩා උතුම් බව බුදුවරු දේශනා කරත්. අනුන් නසන කෙනා පැවිද්දෙක් නොවේ. අනුන්ව වෙහෙසවන කෙනාත් පැවිද්දෙක් නොවෙයි.”

“සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධානසාසනං”

“සියලු පව් නොකිරීමත්, කුසල් දහම් උපදවා ගැනීමත්, තම සිත පිරිසිදු කිරීමත් යන මේවා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා යි.”

“අනූපවාදෝ අනූපඝාතෝ – පාතිමොක්ඛේ ච සංවරෝ

මත්තඤ්ඤුතා ච භත්තස්මිං – පන්තංච සයනාසනං

අධිචිත්තේ ච ආයෝගෝ – ඒතං බුද්ධානසාසනං”

“අන් අයට නින්දා අපහාස නොකිරීමත්, අනුන්ට පීඩා නොකිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වීමත්, භෝජනයේ පමණ දැන වැළඳීමත්, දුර ඈත සෙනසුන් සේවනය කිරීමත්, සමථ විදර්ශනා භාවනාවේ යෙදීමත් යන මේ කරුණු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා යි.”

මේ උතුම් ඕවාද ප්‍රාතිමෝක්ෂය මාස හයකට හෝ තුනකට හෝ මසකට වරක් සියලු සංඝයා රැස්කොට බුදුරජාණෝ වදාරන සේක. ඒ අනුව ශ්‍රාවකයෝ හික්ම ප්‍රතිඵල ලබති. එය මුලින් ම වදාළේ අද වන් උතුම් නවම් පුර පසළොස්වක පොහෝ දිනයක යි.

ආයු සංස්කාරය අත්හැරීම

සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශාවකයින් වහන්සේලා පිරිනිවන් වැඩි පසු අසූවැනි වියේ පසු වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ, ‘මාස තුනකින් පිරිනිවන් පාන්නෙමි. මාස තුනක් දක්වා පමණක් සමාපත්තීන්ට සමවැද ඉන් ඉදිරියට සම නොවදින්නෙමි.’ යි ආයු සංස්කාරය අත්හළ සේක. ඒත් සමඟ ම මහපොළොව සැලී ගියේ ය. අකල් මේඝ හටගත්තේ ය. මෙසේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වී වදාළ සිවුවැනි සම්මා සම්බුදුරජාණෝ ද මාස තුනකට සීමා කොට අනුපාදිශේෂ පරිනිර්වාණයට දින නියම කොට වදාළහ. හටගත් සියලු සංස්කාරයෝ වැනසී යන්නාහ. අප්‍රමාදීව කුසල් දහම් වැඩීම ම එකම රැකවරණය වන්නේ ය. මෙවන් වැදගත්කම් රාශියකින් යුතු නවම් පුර පසළොස්වක පොහෝ දින ප්‍රතිපත්ති පූජාව පෙරට ගෙන, ආමිස ප්‍රතිපත්ති යන ආකාර දෙකින් ම පින් කුසල් පුරමින් බුදු සසුනෙහි යෙදෙන්නට ඔබ සැමට වාසනාව ලැබේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

පොහොය වර්ණනාව
පුන් පොහොය දිනෙක පොහොය පිළිබඳ ඉගෙනීම, උගැන්වීම, පොහොය වර්ණනාව අධ්‍යයනය සැදැහැවත් උවසුවෙකුට සිය ධර්මප්‍රීතිය වඩවාගන්නට මහඟු උපකාරයකි. ව්‍යවහාර වර්ෂ ක්‍රමයට වසරේ ප්‍රථම මාසය ජනවාරිය යි. පුදුමය නම් දුරුතු පුන් පොහෝ දිනය ම, අප ශාස්තෘන් වහන්සේ මේ දිවයිනට වැඩි ප්‍රථම දිනය වීමයි. සම්බුද්ධත්වය සාක්ෂාත් කළ පළමු වසරේම නව මසක් ගිය තැන අප ලක්දිවට වැඩ මේ පොළෝතලය මේ යුගයේ ප්‍රථම වතාවට බුදු පා පහසින් පවිත්‍ර කිරීම සිහි කරමින් වසරේ මුල්ම පුරපසළොස්වක පොහොය දින සිට ම යමෙක් උපෝසථ සිල් පිරීම අරඹන්නේ නම් එය මොනතරම් ආශීර්වාදයක් ද?

ඉතා ඈත අතීතයේ සිට ම යහපත් මිනිස්සු සෑම දිනකම මෙලොව ඇති සාමාන්‍ය කටයුතු ම නොකොට පොහෝ දිනවල වැඩ අත්හැර උපෝසථය ආරක්ෂා කළහ.

බිම්බිසාර රජුගේ ද ඇරයුමෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට උපෝසථ දිනයන්හි රැස්ව ගිහි පින්වතුන් වෙත දහම් දෙසන්නට අනුමත කළ සේක. දිනෙක විශාඛා මහෝපාසිකාවට අටසිල් සමාදන් ව මහත්ඵල අයුරින් රකින ආර්ය උපෝසථය පිළිබඳව දේශනා කළ සේක. එවක් පටන් සැදැහැවත් උවසු උවැසියන් පොහෝ දිනවල ආරාමයන්ට රැස්ව සංඝයා වෙතින් දහම් පද අසමින්, අෂ්ටාංග සිල් පුරමින් ප්‍රතිපත්තිගරුක නිෂ්කාමී දිවියක් ගත කළහ.

‘අනුජානාමි භික්ඛවේ, චතුද්දසේ පණ්ණරසේ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්වා ධම්මං භාසිතුන්ති’

“පින්වත් මහණෙනි, තුදුස්වක, පසළොස්වක, අඩමසක් පාසා එන අටවක දිනයන්හි රැස් වී (ආරාමයට පැමිණෙන ගිහියන්ට) දහම් දෙසන්නට අනුදනිමි.”

(උපෝසථක්ඛන්ධකය – මහාවග්ගපාළි)

දුරුතු පුන් පොහෝ දා

සම්බුද්ධත්වය දිනා සත් සති ගෙවා බරණැස මිගදායේ දහම්සක පෙරළා දහම් දුටු සඟ පිරිස දහම් චාරිකාවේ පිටත්කොට භාග්‍යවතුන් වහන්සේ තුන් බෑ ජටිල දමනය පිණිස උරුවේලාවෙහි වැඩ සිටින කල පෑ තුන්දහස් පන්සියයක් වූ ඍද්ධිප්‍රාතිහාර්ය අතර පස්වැනි ප්‍රාතිහාර්යය ප්‍රථම ලංකාගමනයට පසුබිම සැකසීය. එකල්හි උරුවේල කාශ්‍යප ජටිලයාගේ ආශ්‍රමයෙහි මහා යාගයක් එළැඹුනි. ‘මේ මහා යාගය මැදට මේ ශ්‍රමණයන් වහන්සේ වැඩියහොත්, ඍද්ධීන් පෑවොත් මා වෙත ගලන මේ සියලු සත්කාර ගංගාව ඔහු වෙත ඇදෙන්නේ ය. අනේ හෙට දින මහා ශ්‍රමණයා නොඑන්නේ නම් ඉතා හොඳ ය.’ කියා සිතක් ඔහුට උපනි.

ලක්දිව අහස් කුස පෑයූ හිරු මඬල

අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් නව මසක් ගෙවී ආ ඒ පුන්පොහෝ දින උරුවෙල් කසුප්ගේ සිත දැන ජටිලාශ්‍රමයට නොවැඩ – උතුරුකුරු දිවයිනට වැඩ, එයින් පිණ්ඩපාතය ගෙනවුත් අනවතප්ත විල සමීපයෙහි දී වළඳා එහිම දිවා විහරණයට වැඩහුන් කල්හී අප ලක්දිවවාසීන්ගේ පිනට මේ කුඩා දිවයින ඒ උතුම් බුදු ඇසට පෙනුණේ ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ දුරුතු පුන් පොහෝ දා බින්තැන්නේ මහවැලි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ඉහළ ගුවන් ගැබෙහි පහළ වී හිරු මඬලක් සෙයින් සවණක් ගණ බුදුරැස් විහිදුවමින් දිලිහි දිලිහී වැඩහුන් සේක. මහාවංශයේ මෙසේ සඳහන් වේ.

“පඨමං සෝ ඉධාගන්ත්වා – යක්ඛනිද්ධමනං අකා…” “ඒ අපගේ භාග්‍යවතුන්වහන්සේ පළමුවෙන් මේ දිවයිනට වැඩම කොට යක්ෂයින් දමනය කොට වදාළා…”

වංසත්ථප්පකාසිනී නම් මහාවංශ ටීකාවෙහි එය ඉතා දීර්ඝව විස්තර කොට පවතී. දැන් මහියංගණ සෑ රජුන්ගේ කොත් කැරැල්ල පිහිටි තැනට ඉහළ අහසේ පත්කඩය අතින් ගත් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සේක. ස්වභාවයෙන් ම අති බිහිසුණු, ඝෝර, කර්කෂ, රෞද්‍ර යක් පෙළ දමනයට ඝන අන්ධකාරාදිය මවා සංවේග උපදවා ඔවුන්ගේ අවසරයෙන් මියුගුණ සෑ පිහිටි බිම පත්කඩය අතුරා මේ මහා භද්‍රකල්පයේ සිව්වන වරට ලොව පහළ වී වදාළ අපගේ ධර්මස්වාමී වූ තුන්ලෝකාග්‍ර අසමසම ශාස්තෘන් වහන්සේ පළමුවරට මේ ලක් මහීතලය සුවපත් කරවමින්, පාරිශුද්ධ කරවමින් එහි වැඩ සිටි සේක. ඍද්ධි බලයෙන් පත්කඩයේ වට සීමාවෙන් ගිනි දැල් පිට වී ගියේ ය. යක්ෂ සමූහයා දකුණු දිග මුහුදු තෙරට එක් රොක් වූහ. මහ සයුර රළ දියඹ දෙසට යම් දුරක් ගොස් මහා පවුරක්ව උස්ව නැගුණි. බුදු කරුණා බෙලෙන් මේ ලක්දිව අනාගත මිනිස් වාසයට සුදුසු කරවමින්, එකිනෙකා මරා ගන්නා ඒ රෞද්‍ර ගති ඇති යකුන්ට සමඟියෙන් ප්‍රීතිමත්ව සිටීමට ඉඩ සලසමින් යොදුන් ගණනක් විශාල සශ්‍රීක ‘ගිරි’ නම් දිවයින එහි පමුණුවා – ඔවුන්ගේ කැමැත්තෙන් ම එයට ඇතුළුව ‘අනේ මෙය සොඳුරු බිමකි. ක්ෂේමස්ථානයකි. අපට මෙය ඉතා හොඳ ය.’ යන සිතුවිලි අතර සිටි යක්ෂ සමූහයා සහිත ගිරිදිවයින පෙර තිබූ තැන ම පිහිටුවා වදාළ සේක.

ලක්දිවට සෙත් පතා බුදු මුවින් දෙසූ මහ පිරිත

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ලංකාදීපය ආරක්ෂා වීමට මෙසේ සෙත් පිහිටවූහ.

“භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැලවූ (පිටත්කර) ඉක්බිති තුන් යලක් පැදකුණු කොට මහා පරිත්ත නම් පිරිතක් කිරීමට ඇරැඹි සේක. එවිට දිවයින්වැසි සුර අසුර කිනුරු නා ආදීහු… දසනඛසමවධානයෙන් (දස ඇඟිලි එක් කොට) බබළන ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ව ම නමදිමින් සිටියාහු ය. භාග්‍යවතුන් වහන්සේ පිරිත් කොට අණ පිහිටුවා, පෙර හුන් තැනට ම අවුත් එහි වැඩ හිඳ සමවතට සමවන් සේක. උන්වහන්සේ විසින් පිහිටුවන අණ සියලු කල්හි ඔවුන් හට, වැඩ හුන් පත්කඩ මෙන් විය. (ගිනිගෙන ගිනි දැල් විහිදුණු පත්කඩය වෙතින් ඈත් වන්නට ම සිත පිහිටි අතර ඒ දෙස බලන්නටවත්, ඒ දෙසට එන්නටවත් කිසිවිට නොසිතයි. එසේ ලංකාව වෙත ඔවුන්ගේ පැමිණීම වැළකුණි.) භාග්‍යවතුන් වහන්සේ සමවතින් නැඟී එම අස්නෙහිම වැඩහිඳ එහි රැස්ව සිටි සුර අසුර ගඳඹ කිනුරු ආදීනට දහම් දෙසූ සේක. දේශනා කෙළවර නොයෙක් කෙළ දහස් ගණන් සත්වයනට ධර්මාභිසමය විය. සීලයෙහි පිහිටියාහු වනාහී ගණන් ඉම් ඉක්මවූහ.”

(වංසත්ථප්පකාසිනී)

මෙසේ අප භාග්‍යවතුන් වහන්සේ දුරුතු පුන් පොහෝදා යක්ෂ දමනය කොට ලක්දිවට සෙත් පැතූහ.

ඇයි බුදුරජාණෝ ම ශාසනය නො පිහිටවූයේ?

කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන සම්බුදුරජාණන් වහන්සේලා විසින්ම මේ දිවයිනෙහි සම්බුදු සසුන් පිහිටවා සිව්වනක් පිරිස තනවා මහා බෝධිය වැඩමවීමට මැදිහත් වූ නමුත් අප බුදුරජුන් කල එසේ නොවූයේ එවිට මෙහි මිනිස් වාසය නොතිබුණු හෙයිනි. පළමුවර පමණක් නොව බුදුරජුන් ලක්දිව වැඩි අවස්ථා තුනේ දී ම මිනිස් වාසයක් නොතිබුණි.

ලංකාදීපේ ලෝකදීපෝ – මනුස්සාභාවතෝ තදා

ලෝකයට එකම පිළිසරණ වූ අපගේ මහා මුනින්ද්‍රයාණන් වහන්සේ එකල ලංකාදීපයෙහි මිනිසුන්ගේ වාසයක් නොතිබුණු නිසා,

දීපට්ඨං දේවසංඝඤ්ච – නාගෝ සමනුසාසිය

සසංභෝ නභමුග්ගන්ත්වා – ජම්බුදීපං ජිනෝ අගා

ලංකාවාසී දෙව් පිරිසටත්, නා පිරිසටත් ඔවුන්ගේ යහපත උදෙසා අනුශාසනා කොට සංඝයා වහන්සේලා සහිත වූ අප භාග්‍යවතුන් වහන්සේ අහසට පැන නැගී දඹදිවට වැඩමවා වදාළා.

(මහාවංශය – 01, පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි)

ඉහත ගාථා රත්නයෙන් සඳහන් වන්නේ තෙවැනිවර අප බුදුරජුන්ගේ වැඩමවීමට අනතුරු සිදුවීමයි. එසේම පළමුවර ද මිනිස් වාසය නොතිබුණෙන් ලක්දිව මග ඵල ලැබුවෝ, සරණසිල්හි පිහිටියෝ දෙවියෝ සහ නාගයෝ ය.

අසිරිමත් කේශ ධාතූන් වහන්සේලා

මහියංගණ පින්බිමෙන් ඇසුණු දහම් ස්වරයෙන් සුවපත්ව සෝවාන් ඵලයට පත් වූ අප ලක්දිව සමන්ගිර පව් විමාන අධිගෘහිත මහා සුමන සමන් දෙව්රජාණෝ ඉතා සැදැහැයෙන්, බුදුරජුන් නැති අඩුව පුරවා බුද්ධානුස්සතිය වඩනු වස් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය…

එවිට භාග්‍යවතුන් වහන්සේ දක්ෂිණ ජාල හස්තයෙන් උත්තමාංගය පිරිමැද මිටක් පමණ වූ මෙනේරි මල්වන් නිල්මිණි සුණු අඳුන් පැහැගත් කේශ ධාතූන් ප්‍රදානය කොට පෙරලා උරුවේලාවට ම වැඩි සේක.

මියුගුණ සෑ විකාශය

සුමන සමන් දෙව්රදාණෝ ඒ නිල්මිණිවන් කේශ ධාතූන් වහන්සේලා රන් කරඬුවෙන් පිළිගෙන (සුවණ්ණචංගෝටවරේන ආදාය) බුදුරජාණන් වහන්සේ වැඩ සිට දහම් අමා වැසි වැස්සවූ බිම රුවන් රැසක් අතුරා ඒ මත දා කරඬුව පිහිටුවා ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් වසා රියන් හතක් උසැති මාණික්‍යමය සෑයකින් බුදුරදුන් පිදූහ.

බුදුරදුන් පහළ වූ පළමු වසරේම ලක්දිව ධාතු සෑයක් බැඳීම මොන තරම් අසිරිමත් ද?

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩි කල සඳුන් දර සෑයේ උණුහුම නිමෙන්නට පෙර අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය, මහාඍද්ධි බලැති සරභූ නම් මහරහතන් වහන්සේ දහසක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ සම්බුදු චිතකය පැදකුණු කරන කල්හි ඍද්ධියෙන් ග්‍රීවාස්ථි ධාතුව ගෙන ඒ දහසක් සඟ පිරිස සමඟ අහසින් වැඩ මහියංගණ ඉඳුනිල්මිණි සුවඳවත් ධාතු ගර්භයෙහි තැන්පත් කළ සේක. ඉනික්බිති සීවලී-සුමන යන මහඍද්ධිමත් ළදරු සාමණේර දෙනම ලවා නාග භවනයෙන් ගෙන්වන ලද මේද වර්ණ පාෂාණයන්වලින් දොළොස් රියන් කොට සෑය බැඳවීය. අප අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩි පසුකලෙක දෙවන පෑතිස් නිරිඳුගේ මලණුවන්, උද්ධචූලාභය කුමරු තිස් රියන් කොට ගඩොලින් සෑය කරවීය. එයින් සියක් වසක් ඇතුළත දුටුගැමුණු මහ රජතුමා අසූරියන් කොට (අඩි 120) මියුගුණ සෑ බැඳවීය.

මියුගුණ සෑ රජුන් ලක්දිව ඉදිවූ පළමු සෑයයි. සිංහල ජාතියේ ඉතිහාසයට ද වඩා පෞරාණික සෑ රජුයි. දෙව්රජෙකුගේම මැදිහත් වීමෙන් තැනවුණු සෑයයි. රහතන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් ලක්දිව තැනුණු මුල් ම සෑයයි. ලංකා සම්බුද්ධ ශාසනයට වඩා පැරණි අඛණ්ඩ ඉතිහාසයක් ඇති ශාරීරික, පාරිභෝගික ලෙස සදා පවිත්‍ර වූ මහා සෑ රජාණෝයි.

මහා ගණ අඳුරෙන් මිදෙනු වස් පුණ්‍ය ක්ෂේත්‍රය සකසා වදාළ අපගේ ප්‍රාණසම ශාස්තෘවර තුන්ලෝකාග්‍ර ශාන්ති නායකයාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය වූ දුරුතු පුන් පොහෝදා ප්‍රතිපත්ති පූජාව පෙරට ගෙන, ආමිස ප්‍රතිපත්ති යන දෙයාකාරයෙන් ම පින් පුරන්නට – කුසල් වඩන්නට ඔබ සැමට තෙරුවන් සරණ, මියුගුණ මහසෑ ආශීර්වාදය සැලසේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

ඇසුර :-

මහාවංශය, සරල සිංහල අනුවාදය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

වංසත්ථප්පකාසිනී මහාවංශ ටීකාව

පොහොය වර්ණනාව – මාපලගම සිරි සෝමිස්සර හිමි

චරථ භික්ඛවේ චාරිකං
සොළොස් කලාවෙන් ම පිරී ගිය පූර්ණ සඳ මඬළ අහස් කුසෙහි නැගෙමින් මේ උදාවන්නේ ඉල් මස පුර පසළොස්වක පොහොය දිනයයි. සැදැහැ සිතින් තෙරුවන් සරණ ගිය ලෝකවාසී බෞද්ධ ජනයාගේ සිත් සතන් සුපහන් කරවන ශාසනික වශයෙන් අනුස්මරණීය වූ සිදුවීම් කිහිපයක් ම ඉල් පුන් පොහොය දිනය මූලික වෙමින් සිදු වී තිබෙනවා.

මෙම ඉල් පුන් පොහොය උදාවත්ම වස්සාන ඍතුව අවසන් වෙනවා. ඉල් පුන් පොහෝ දිනයක දී තමයි අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ධර්ම ප්‍රචාරය සඳහා ප්‍රථම රහතන් වහන්සේලා හැටනම දඹදිව් තලය සිසාරා පිටත් කොට වදාළේ.

ගැඹුරු ප්‍රඥා ඇති අපගේ ශාස්තෘන් වහන්සේ විසින් මේ ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්මයට පත් වී වදාළා. තමන් වහන්සේ ලද ඒ පුළුල් වූ ජීවිතාවබෝධය ගැන ඒ සම්බුදු මුව මඬළින් මෙබඳු උදානයක් පහළ වුණා.

“කිච්ඡේන මේ අධිගතං – හලං’දානි පකාසිතුං

රාගදෝසපරේතේ හි – නායං ධම්මෝ සුසම්බුධෝ.

‘මා විසින් ඉතා දුකසේ ධර්මය අවබෝධ කරන ලද්දේය. එය අන්‍යයන්ට ප්‍රකාශ කිරීමෙන් පලෙක් නැත. රාග ද්වේෂ ආදී කෙලෙසුන්ට යට වී සිටින උදවියට මේ ධර්මය ලෙහෙසියෙන් අවබෝධ කළ නොහැක්කේය’

“පටිසෝතගාමිං නිපුණං – ගම්භීරං දුද්දසං අණුං

රාගරත්තා න දක්ඛින්ති – තමොක්ඛන්ධේන ආවුතා’ති.

‘මේ ධර්මය උඩුගම් බලා යන්නකි. සියුම්ය. ගැඹුරුය. දැකීමට දුෂ්කරය. ඉතා සියුම්ය. රාගයෙන් ඇලුන සත්වයෝ, අවිද්‍යා අඳුරෙන් සිත් වැසුණු සත්වයෝ මෙය නොදකිති’යි.

මෙය දුටු සහම්පතී මහා බ්‍රහ්ම රාජයා ඒ මහා වීර සම්බුදු රජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරමින් ධර්ම දේශනාව සඳහා ආරාධනා කරනු ලැබුවා. එම ඇරයුම නිහඬව පිළිගත් බුදුරජාණන් වහන්සේ මහා කාරුණික සම්බුදු දෙනෙතින් ලෝකය දෙස බලා වදාරන සේක්; මේ සත්ව ප්‍රජාව වනාහී විලක හටගත් නෙළුම් කැකුළු බඳුය. හිරු මඬළක් බඳු සම්බුදු රජුන්ගේ දහම ලොවට විවර කළහොත් ඇතැම් සත්වයෝ හිරු දුටු පියුමක් සේ පිබිදෙන බව උන්වහන්සේ දුටුවා.

අපාරුතා තේසං අමතස්ස ද්වාරා

යේ සෝතවන්තෝ පමුඤ්චන්තු සද්ධං.

‘යම් කෙනෙක් සවන් යොමා අසනු කැමැත්තහුද, ඔවුහු ශ්‍රද්ධාව මුදත්වා! ඔවුන් හට අමා දොර විවර කරන ලද්දේ ය.

යනුවෙන් උදාන වාක්‍ය දේශනා කරමින් ඒ අනුත්තර සිහරජාණෝ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරනු පිණිස බරණැස් නුවර ඉසිපතන මිගදායට වැඩම කොට වදාළා. කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම හා අස්සජි යන පුණ්‍යවන්ත ශ්‍රමණවරු අමතා මේ මහ භද්‍ර කල්පයේ පහළ වූ සිව්වන සම්බුදු රජාණෝ දස දහසක් සක්වළ ඒකාලෝක කරවමින්, කම්පිත කරවමින් උතුම් දම්සක පවත්වා වදාළා. අනතුරුව ඒ පස්වග භික්ෂූන් උදෙසාම අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කොට උතුම් අරහත්වයෙහි හික්මවා වදාළා. මේ අයුරින් ලෝකයට රහතන් වහන්සේලා සය නමක් බිහිවුණා.

එසමයෙහි බරණැස් නුවර යස නම් සිටු පුත්‍රයෙක් වාසය කළා. ඉඳුරන් පිනවන ගෘහ ජීවිතය ගැන කළකිරුණු සිතින් ඔහු සිටු මැදුරෙන් නික්මී බරණැස ඉසිපතන මහ වනයට පිවිසුණා. මහා ඉසිවර බුදුසමිඳුන් විසින් මේ යස තරුණයාවද උතුම් අරහත්වයෙහි හික්මවනු ලැබුවා. ලෝකයට රහතන් වහන්සේලා සත් නමක් බිහි වී වදාළා.

‘යස සිටු පුත්‍රයා ගිහි ගෙදරින් නික්මී කෙස් රැවුල් ඉවත් කොට පැවිදි බවට පැමිණියේය’ යන ආරංචිය විමල, සුබාහු, පුණ්ණජි හා ගවම්පති යන යස සිටු පුත්‍රයාගේ සමීපතම මිතුරන් සතර දෙනාට අසන්නට ලැබුණා. “ප්‍රිය මිත්‍රයෙනි, අපගේ මිත්‍ර වූ යස සිටු පුත්‍රයා පැවිදි බව පිණිස යම් ධර්ම විනයක් තෝරාගත්තේ නම් එය කිසි විටෙකත් ළාමක එකක් නම් විය නොහැක්කේය යයි කතිකා කරගත් ඔවුන් ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයෙහි පැවිදි බවට පත්ව නොබෝ දිනකින්ම නික්ලේශී රහතන් වහන්සේලා බවට පත්වී වදාළා. මේ වනවිට ලෝකයේ වැඩ සිටියේ රහතන් වහන්සේලා එකොළොස් නමක් ම පමණයි.

යස මහරහතන් වහන්සේගේ තවත් මිතුරන් පනස් දෙනෙක් තරමක් දුරින් පිහිටි ගම් දනව් වල වාසය කළා. තම මිත්‍රයා පැවිදි වූ බව අසන්නට ලැබුණු ඔවුන් යස මහ රහතන් වහන්සේ හමු වීමට පැමිණියා. තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මුව මඬළින්ම දහම් ඇසීමේ වාසනාව ලද ඒ මිතුරන් ද බුදු සසුනේ පැවිදිව රහතන් වහන්සේලා බවට පත්වුණා. මේ අයුරින් ලෝකයේ රහතන් වහන්සේලා හැට එක් නමක් පහළ වී වදාළා.

වස්සාන ඍතුව අවසන් වන ඉල් පුන් පොහෝ දිනයේ භාග්‍යවතුන් වහන්සේ ඒ රහතන් වහන්සේලා හැට නම අමතා මේ අයුරින් වදාළා.

“මුත්තෝ’හං භික්ඛවේ සබ්බපාසේහි යේ දිබ්බා යේච මානුසා, තුම්හේ’පි භික්ඛවේ මුත්තා සබ්බපාසේහි යේ දිබ්බා යේච මානුසා.

‘පින්වත් මහණෙනි, දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් මම නිදහස් වූයෙමි. පින්වත් මහණෙනි, නුඹලා ද දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් සදහටම මිදුණේමය’

“චරථ භික්ඛවේ චාරිකං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

‘පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව්මිනිසුන් හට අර්ථය පිණිස හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න’

“මා ඒකේන ද්වේ අගමිත්ථ. දේසේථ භික්ඛවේ ධම්මං, ආදි කල්‍යාණං, මජ්ඣේ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං, සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ.

‘දෙදෙනෙකු එක මගකින් නොගොස්, මහණෙනි, ධර්මය දේශනා කරන්න. ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථවත් වූ, පැහැදිලි ප්‍රකාශන වලින් යුක්ත වූ, මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය (නිවන් මග) ප්‍රකාශ කරන්න’

“සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අහම්පි භික්ඛවේ යේන උරුවේලා සේනානි නිගමෝ තේනුපසංකමිස්සාමි ධම්මදේසනායා’ති.

‘කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය! මහණෙනි, මම ද දහම් දෙසීම පිණිස උරුවේලාවේ සේනානි නියම්ගම වෙත වැඩම කරන්නෙමි’යි පවසා ඒ ගෞතම බුදුරජාණෝ දහම් පණිවිඩය රැගත් තම ශ්‍රාවක පිරිස පිටත් කොට හැරියේ උතුම් ඉල් මස පුන් පොහෝ දිනයේ දීය. ඉතින් අද වැනි උතුම් දිනයෙක ධර්ම ප්‍රචාරය පිණිස චාරිකාවේ වැඩම කළ ඒ පළමු රහතන් වහන්සේලා හැට නමට අපගේ නමස්කාරය වේවා!!!

එකම ස්ථානයක දී දහසක් භික්ෂූන් අරහත්වයට පත් කරවූ තුන්බෑ ජටිල පිරිස දමනය කිරීම පිණිස අනුත්තර පුරිසදම්ම සාරථී වූ භාග්‍යවතුන් වහන්සේ ගේ ගමන් ඇරඹීම සිදු වුණෙත් ඉල් මස පෝය දිනයේදීමයි.

පසුවස් සමාදන් වූ භික්ෂූන්ගේ පවාරණ දිනයත් මෙම ඉල් පොහොය දිනයයි. කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසන් දිනය හෙවත් චීවර මාසයේ අවසාන දිනයත් ඉල් පොහොය දිනයයි.

එමෙන්ම මේ මහා භද්‍ර කල්පයේ මතු බුදු බව ලබන මෛත්‍රීය මහ බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබූ දිනය ලෙස සඳහන් වන්නේත් ඉල් පුර පසළොස්වක් පොහෝ දිනයයි.

මේ උතුම් වූ ඉල් පොහොය දිනයේ සැදැහැබර සිත් සංවේගයට පත් කරවන සිදුවීමකුත් සිදුවුණා. එක් අවස්ථාවක සේල නම් බමුණෙකුට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා “සැබැවින්ම සේලයෙනි, මාගේ ධර්ම රාජ්‍යයේ අභීත සෙන්පතියෙක් ඉන්නවා. ඔහු තථාගතයන් වහන්සේ වගේමයි උතුම් ධර්ම චක්‍රය පවත්වන්නේ. ඔහුට තමයි තථාගත අනුජාත සාරිපුත්ත කියන්නේ.

ඒ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වූ ධර්ම සේනාධිපතීන් වහන්සේ වන සාරිපුත්ත මහ රහතන් වහන්සේට දිනක් මෙබඳු කල්පනාවක් ඇතිවුණා. ‘බුදු සසුනක අග්‍රශ්‍රාවකයින් පිරිනිවන් පාන්නේ තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුවද? නැතහොත් ඊට පෙරද?’ අග්‍ර ශ්‍රාවකයින් තථාගතයන් වහන්සේට ප්‍රථමව පිරිනිවන් පානා බව දුටු උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට වැඩම කොට පිරිනිවන් පෑම පිණිස අවසර ඉල්ලා සිටියා. භික්ෂු සංඝයා හට අම්මා කෙනෙක් බඳුවූ ඒ මහෝත්තම සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ විමසා සිටියා.

“සාරිපුත්තයෙනි, ඔබ කොහිද පිරිනිවන් පාන්නේ?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, නාලක ගමේ මා උපන් නිවසේ දීම අදින් සත් දිනකින් පසු පිරිනිවන් පාන්නෙමි.”

“එසේ වී නම් සාරිපුත්තය, ඔබ වැනි උතුම් භික්ෂුවකගේ දැක්ම යළි මේ භික්ෂු සංඝයාට නොලැබෙන්නේය. එනිසා මේ භික්ෂු සංඝයා උදෙසා ධර්මය දේශනා කරන්න.”

එසැණින්ම සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදු රජුන්ගේ සිරිපා වන්දනා කළ සේක. ඍද්ධි බලයෙන් අහසට පැන නැගුණු සේක. නොයෙක් ප්‍රාතිහාර්යයන් දැක්වූ සේක. කඳු මුදුනක සිට අභීතව ගර්ජනා කරන සිංහ රාජයෙකු පරිද්දෙන් සිරි සදහම් දෙසූ සේක. ඉක්බිති අහසින් බැස සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ සම්බුදු සිරිපා කමල් පිරිමදිමින් තුන්වරක් සිරසින් වන්දනා කරන කල්හි, මේ මිහිකත සෙලවී කම්පා වී ගියේය. අකල් වැසි ඇද හැලූණේය. විදුලි කෙටිලි ඇති වූයේය.

සම්බුදු රජාණන් වහන්සේ ගේ ගන්ධ කුටියෙන් එළියට වැඩම කළ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ ගන්ධ කුටියේ සිවු දිශාවෙන්ම නළල බිම තබා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ සේක. යළි පියවර කිහිපයක් ඉදිරියට ගමන් කළ සේක. මුළු කයම හරවා ඒ ගන්ධ කුටිය දෙස අවසන් වරට බැලූ සේක. දොහොත් මුදුනේ තබා යළිත් වතාවක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ ආදරයෙන් වන්දනා කළ සේක.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පසුගමන් පැමිණි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා පිරිස දහම් කතාවෙන් සතුටු කොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනුරුද්ධ, චුන්ද ආදී මහ රහතුන් ප්‍රමුඛ පන්සීයක් භික්ෂු සංඝයා සමග නාලක ගම බලා වැඩම කළ සේක. ඒ වන විට ලේ අතීසාර රෝගය උග්‍ර ලෙස වැළඳී තිබූ උන්වහන්සේ උපරේවත නමැති ඥාති තරුණයා අත තම මව් බැමිණියට රාත්‍රියක් විවේක ගැනීම පිණිස නිවසට වැඩම කරන බවට පණිවිඩයක් යැවීය. සාරී බැමිණිය කල් දැන්වූ කල්හි භික්ෂු සංඝයා සමග නිවසට වැඩම කොට සකසා තිබූ සේනාසනයේ සැතැපුන සේක.

එදින රාත්‍රියේ ගිලන් වූ සාරිපුත්තයන් වහන්සේට උපස්ථාන කිරීමට නිවස ඒකාලෝක කරමින් සතර වරම් දෙවිවරුත් සක් දෙවිඳුත් මහා බ්‍රහ්මයාත් පැමිණ පිටවී යන අයුරු සාරී බැමිණිය දුටුවේය. ඒ පිළිබඳ විමසූ ඇයට කරුණු පහදා දෙන කල්හි ‘සතර වරම් දෙවිවරුන්ගෙන් සක් දෙවිඳුන්ගෙන් එපමණක් නොව මහා බඹුන්ගෙන් පවා මාගේ පුත්‍ර රත්නයත් උපස්ථාන ලබයි නම් ඔහුගේ ශාස්තෘන් වහන්සේ කොපමණ ශ්‍රේෂ්ඨ වන සේක්දැ’යි සිත පහන් විය. ඒ මොහොතේ සම්බුදු ගුණ පහදා දෙමින් ධර්ම දේශනා කළ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තම මව් බැමිණිය ද සෝතාපන්න ශ්‍රාවිකාවක් ලෙස හික්මවා වදාළ සේක.

අනතුරුව පූර්ණ චන්ද්‍රයා අහස් ගැබ පෑයූ ඒ ඉල් පුන් පොහෝ දිනයේ අළුයම ගෞතම බුදු සසුනේ අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පහන් සිලක් නිවී යන්නා සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. ඒ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවීමෙන් පසු දිනක් උක්කචේලා නුවරදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මෙසේ වදාළ සේක.

‘අත්තදීපා භික්ඛවේ විහරථ, අත්තසරණා අනඤ්ඤසරණා. ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා’

“පින්වත් මහණෙනි, තමාව දූපතක් කොට ගෙන තමාව ම සරණ කොටගෙන වසව්. අන් කිසිවෙක් සරණ කරගන්ට එපා! ධර්මය ම දූපත කොට ධර්මය ම සරණ කොට වසව්. අන් කිසිවක් සරණ කරගන්නට එපා!

(උක්කචේල සූත්‍රය)

මේ උතුම් ඉල් පුන් පොහෝ දිනයේ ඒ මහා කාරුණික අනුශාසනාව සිත්හි දරාගෙන අපට ද ධර්මය ම පිහිට කරගෙන ධර්මය ම දූපත කරගෙන ධර්මයෙන් උපන් ජීවිත ගොඩනගා ගැනීමේ වාසනාව උදාවේවා!

තුටු වව් ! මහරජ තුටු වව් !
​පහව ගිය වලාගැබ නිසා අහස් තලයෙහි ශෝභමාන ව බැබළුණු පුන් සඳ මඬලෙහි සිරියෙන් රාජ මාලිගය ආලෝකමත් වී තිබිණි. මහරජු උඩුමහල් තලයෙහි සඳ සිරි විඳිමින් කල්පනාබරිත ව සිටිනු දුටු කුම්භීර යක් සෙනෙවි අහස් ගමනින් බැස රජු ඉදිරියෙහි පෙනී සිටියේ ය.

“කිමද මහරජ, ශෝකාකූල ව හුදකලාවෙහි?” “දෙවිඳ මාගේ නියෝගයෙන් මා පියාණන් ඝාතනය වූ බැව් සිහිපත් වන විට මා හද දරාගත නොහැකි ශෝකයකින් පෙළී යයි.”

හේ අජාසත් මහරජ ය. දෙව්දත් නැමැති අසත්පුරුෂයා නිසා නොමගට වැටී පවින් බර විය. මෙසේ සිතූ කුම්භීර සෙනෙවි රජු තුටු කරනු රිසියෙන් මෙසේ පවසන්නට වූයේය.

“මහරජ, තුටු වව්! තෙපි කෙරෙහි මහත් විශ්වාසයක් තබා අරහත් මුනිවරු මේ රජගහ නුවරට එක් වී, ධර්මය සුරකිනු පිණිස අද සංගායනාව ඇරඹුවා නොවෙද? සිහි කරව, අප සම්මා සම්බුදුරජාණෝ මේ සිදුවන සියල්ල සම්බුදු නුවණින් දැක වදාළ සේක් ම ය. තෙපි ධර්ම සංගායනාව පිණිස වැඩම කළ පන්සියයක් රහත් මුනිවරුන් හට උවටැන් කරන්නේ නොවෙද? දෙව් විමනක් බඳු මණ්ඩපයක් වේභාර පර්වත පාමුල තනවා සංගායනාවට වැඩි මහ සඟරුවනට පිදුවා නොවෙද?”

“තුටු වව් මහරජ, අප සම්බුදු රජුන්ගේ සෙවණැල්ල බඳු වූ ධර්ම භාණ්ඩාගාරික අපගේ අනඳ තෙරුන් අරහත්වයට පත් වන තුරු, සක් දෙවිඳුන් ඇතුළු අපි සියලු දෙනා අනඳ තෙරුන්ගේ අබියසට වී බලා සිටියෙමු. අනාගතයේ දී, ධර්ම සංගායනාවේ මුලසුන හෙබවූවේ අරහත් උතුමෙකු නොවේ යැයි කියා චෝදනා එල්ල වේ යැයි කියා බියෙන් ඒ මුනිඳුත්, අපිත් බලා සිටියෙමු.

අප සම්බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිබඳව දැඩි විශ්වාසයකින් අපි පසු වූයෙමු. අභිභූ සූත්‍රය දේශනා කරන කල්හී දීත්, පරිනිර්වාණ මංචකයේ දීත් අප සම්බුදුරජාණෝ වදාළ සේක් මයි, ‘ආනන්දය, ඔබ මේ ජීවිතයේ දී ම අරහත්වයට පත් වන්නේය.’ මහරජ, මෙයයි අපගේ අනඳ තෙරුන්ට කමටහන වූයේ. අද හිමිදිරියෙහි සංගායනාව ආරම්භ වීමට සූදානම් ව, ඔබ විසින් තනන ලද මණ්ඩපයෙහි සම්බුදු රජුන් උදෙසා අසුනක් පනවා තිබුණා නොවෙද? එක් පසෙක මහා කස්සප මහරහත් මුනිඳුන්ටත්, අනෙක්පස උපාලි මහරහත් මුනිඳුන්ටත්, අපගේ අනඳ තෙරුන්ටත් අසුන් පනවා තිබුණා නොවෙද? සංගායනාවට අනඳ තෙරුන්ගේ පැමීණීම බලාපොරොත්තුවෙන් සිටි සක් දෙවිඳුන් ඇතුළු අපි අනඳ තෙරුන්ගේ කුටියට පැමිණියෙමු. මහරජ, අප දුටුවේ රැය පුරා සක්මන් කොට අනඳ තෙරුන් ඇඳෙහි සැතපෙන්නට සැරසෙන දසුනයි. සිතෙහි වූයේ අප සම්බුදු රජුන්ගේ බුද්ධ වචනය යි.

‘ආනන්දය, ඔබ මේ ජීවිතයේ දී ම අරහත්වයට පත් වන්නේය.’ මෙය ම සිහි කළ අප අනඳ තෙරුන්ගේ සිත බුද්ධානුස්සතියෙහි වැඩී ගියේය. මහරජ, අපගේ අනඳ තෙරුන් පා ඔසවා ඇඳෙහි සැතපෙන්නට පළමු අරහත්වයට පත් වූ සේක. දෙවිවරුන් වූ අපි ඒ දැක සාදුකාර දුන්නෙමු. මේ අසිරිමත් සිදුවීම දුටු අපගේ මහා කස්සප මහරහත් මුනිඳාණෝ අපගේ ආනන්ද මහරහත් මුනිඳුන් වඩින තුරු සංගායනාව ආරම්භ නොකළ සේක් ම ය. මොහොතින් පොළොවෙහි කිමිදුණු අපගේ ආනන්ද මහරහත් මුනිඳාණෝ ඔබ විසින් තනවන ලද වූ මණ්ඩපයෙහි පැන වූ අසුනෙන් මතු වී සිටි සේක. අපගේ මහා කස්සප මහරහත් මුනිඳාණෝ, ‘අද භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියා නම්, අපගේ ආනන්දයන් හට සාදුකාර පවත්වන සේක. එබැවින් ඒ කෘත්‍යය මා විසින් ම සිදු කළ යුතු ය.’ යැයි සිතා තුන් වරක් සාදුකාර පැවැත්වූ සේක.

මහරජ, තුටු වව්! අද නිකිණි පුන් පොහෝදා හිමිදිරියේ ම ඔබගේ උවටැන් ලබා, ඔබ පූජා කළ කුටියෙහි වැඩ සිටිමින් අපගේ අනඳ තෙරුන් වහන්සේ අරහත්වයට පත් වූ සේක. මහරජ තුටු වව්! ධර්මය සුරකිනු පිණිස පන්සියයක් මහරහත් මුනිවරු එක් ව, තුන් මසක් පුරා මේ ධර්ම සංගායනාව ඔබගේ උවටැන් මැද, ඔබ පිදූ මණ්ඩපයෙහි වැඩ සිටිමින් පවත්වන සේක.

මහරජ, අප මුනිඳුන්ගේ අසිරිමත් සසුනෙහි පනවන ලද ශික්ෂා පද උපාලි මහරහත් මුනිඳුන් පළමුව සංගායනා කිරීම ආරම්භ කළ සේක්. විනය සිල් පදයක් සිල් පදයක් පාසා සංගායනා කොට අවසන් වීමත් සමඟ සාගරය සීමා කොට පවතින මිහිකත තොමෝ කම්පා වී යන්නීය. අපගේ අනඳ තෙරුන් ධර්මය සංගායනා කිරීම අරඹන කල්හී දෙසුමක් දෙසුමක් පාසා මිහිකත තොමෝ සාදුකාර දෙන්නියක මෙන් කම්පා වී යන්නීය. මහරජ, තුටු වව්! ඔබගේ උවටැන් මැද මේ සංගායනාව මැනවින් සිදු වන්නේ ය. අපගේ මහා කස්සප මහරහත් මුනිඳුන්ගේ අදිටන් බෙලෙන් මේ ධර්මය හා විනය පන්දහසක් කල් පවතින්නේය.

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අදිටන් බලයත් මෙය මැයි මහරජ. එහෙයින් මහරජ, අප හට බොහෝ කටයුතු ඇත්තේය. තෙප ි අප්‍රමාදී වව්. කියා අහසට නැගී කුම්භීර සෙනෙවියා අතුරුදහන් වී ගියේය.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

ගැටුමකට ඉඩ නොමදී නාග පිරිසේ – බුදු සමිඳු වැඩියා නා දිවයිනට මෙලෙසේ.
සුදෝ සුදුවන් මීදුම් පටල අතරින් කසාවත් පොරවා දහස් ගණනින් රහතන් වහන්සේලා හිමිදිරියේ ම පිඬුසිඟා වඩිනු දකින සැමට පහන් සංවේගය උපදවයි. සම්බුදු යුගයක සිරියෙන් දිලෙමින් දෙව් බඹුන්ගේ ද සැදැහැවතුන්ගේ ද නෙත් සිත් මෝහනය කරමින් දිස්වන මේ මනස්කාන්ත දර්ශනය දෙව්රම් මහ වෙහෙරයි. පසේබුදුවරුනට පාත්‍රා පිසදා ගැනීමට කිරිපලු පත් පුදා රැස්කළ පිනෙන් කිරිපලු රුක්ෂයක විමනක් ලද රුක් දෙවියකුගේ දර්ශනීය විමානය, දෙව්රම් වෙහෙරෙහි ප්‍රාකාරයට පිටුපසින් ඇත්තේ, දෙව් බඹුනට දෙව්රම තව තවත් දර්ශනීය කළේය.

මේ දෙවිඳාණෝ සෑම උදෑසනක ම විමනෙන් බැස පිඬුසිඟා වඩින රහතන් වහන්සේලා දැක, සිත පහදවා වැඳ නමස්කාර කරත්. දිනක් හේ දිටි සම්බුදු පියාණෝ හුදෙකලාවේ දුරකට වඩින්නට සූදානම් වන අයුරක්. හේ විමනෙන් බැස සම්බුදු පාමුල වැතිර අයැදින්නට වී යමක්. සැණෙකින් ඔහුට අවසර ලැබිණි.

සුදු මීදුම් වලා පටල අතරින් අහසට පැන නැගි අප සම්බුදු සමිඳාණෝ දෙව්රමෙහි වැඩසිටි සඟ පිරිසෙහි නමස්කාර පූජා මධ්‍යයෙහි දර්ශනීය දසුනක් සේ සැමගේ නෙත් සිත් පහන් කරවන්නට වූහ. මොහොතකින් සම්බුදු පියාණන් පසෙක, දෙව්රම පිටුපස කිරිපලු වෘක්ෂය දෝතින් මුතුකුඩයක් සේ ගත් මනස්කාන්ත දෙවියෙකු දිස් විය. සැණෙකින් අතුරුදන් වී..

මහ සයුරු රළ ඉහළ අහසෙහි මීදුම් වලා පටල අතරින් නැගෙන හිරු අන්තර්දාන වී ඝනඳුරෙන් වැසී ගියෙන්, හිරු පරදා දිලෙන රශ්මියකින් සයුරු රළ සහිත දිවයින් ප්‍රභාවත් වී.. යළි අඳුර මතු කරමින් සම්බුදු පියාණෝ ගුවන් ගැබෙහි දිලෙන්නට වන් සේක. යුද පිටියක ඝෝෂාව සැණෙන් අතුරුදන් වී දැඩි නිහැඬියාවකින් හාත්පස සන්සුන් වී ගියේය. කවරෙක් නම් අදහම්දෝ, සාදු නාදයෙන් ගිගුම් දී සම්බුදු පියාණෝ පිළිග-න්ට යුද බිමට වන් සියල්ලෝ දොහොත් මුදුනෙහි තබා සූදානම් වූහ. කිරිපලු රුක් සෙවණින් ම පොළවට වැඩි අප සම්බුදු පියාණෝ මිණි පළඟෙහි වැඩ හුන් සේක.

බ්‍රහ්ම ස්වරයෙන් හාත්පස නින්නාද වන්නට විය. “නාගයිනි, තෙපි කුමක් පිණිස යුද වදිව් ද?” “ස්වාමීනී, අපි මිනිසුන් නොවූ නා ලොව උපන් නාගයෝ වෙමු. මම වනාහී මහෝදර වන්නෙමි. මාගේ මව්ගේ පියා වූ නා රජු සතුව මේ සොඳුරු මිණි පළඟ තිබිණි. හේ කලුරිය කරන කල්හි මාගේ නැගණිය වන තිරච්ඡිකාහට එය පැවරුවේය. ඈ කණ්හාවඩ්ඪමාන පර්වතයෙහි නා රජු හා විවාහ වූවාය.

ඇගේ පුතු වූ චූළෝදරට මේ මිණි පළඟ අයිති වන්නට තිබිණි. ස්වාමීනී, මේ මිණි පළඟ වෙනුවෙන් යුද වදින්නට යි අප සූදානම් වූයේ.

ස්වාමීනී, යොදුන් පන්සියයක් පමණ වූ මේ මහා සමුද්‍රයේ වෙසෙන නොමිනිස් වූ නාගයින් වන අප සමඟ අසූ කෝටියක් වූ මුහුදුවැසි සහ ගොඩබිම්වැසි නාගයෝ විනාශයට යෑමට පෙරාතුවයි ඔබ වහන්සේ වැඩම කළේ.”

මොහොතින් බ්‍රහ්ම ස්වරයෙන් මුසු වී දහම් පද වාතලයට එක් වී නාගයින්ගේ සිත් තුළ පහන් සංවේගය උපදවමින් අවසන් විය. යළි පෙරට පැමිණි නා රජෙකු දොහොත් මුදුනෙහි තබා වැඳ මෙසේ පවසන්නට විය.

“ස්වාමීනී, මම වනාහී මණිඅක්ඛිත නම් නා රජු වෙමි. මෙයින් දකුණු දෙස කල්‍යාණී පෙදෙසෙහි රජු වූ මාගේ විමන එහි ඇත්තේය. ස්වාමීනී, ඔබ වහන්සේ සම්බුද්ධත්වයෙන් නව වන මස දුරුතු පුන් පොහෝ දා මියුගුණුවට වැඩම කොට බිහිසුණු රෞද්‍ර අමනුෂ්‍ය වූ යකුන් ගිරි දිවයිනට පන්නා දමන අයුරු මම දුටුවෙමි. ඔබ වහන්සේගේ අසිරිමත් සම්බුදු ප්‍රාතිහාර්යය ගැන අපි බොහෝ පැහැදුණෙමු. එදා සියලු දෙව් බඹුන් රැස් කරවා නිර්වාණ සම්ප්‍රයුක්ත ධර්මය වදාළ අයුරු අද මෙන් මා සිත පිනවයි.

ස්වාමීනී, එදින මම දිවිහිමියෙන් තිසරණයෙහි පිහිටියෙමි. පංච සීලය ද සුරැක්කෙමි. අද මා යුද පිටියට පැමිණියේ කිසිවෙකුට හෝ හිංසාවක් කිරීමට නොවේ. ස්වාමීනී, ඔබ වහන්සේ කෙරෙහි පහන් සිතින් දිවිහිමියෙන් සරණ ගිය මා හට අනුකම්පා පිණිස මාගේ කල්‍යාණී පුරවරයට ද වැඩම කරන සේක්වා…! ස්වාමීනී, අද වනාහී ඔබ වහන්සේගේ සම්බුද්ධත්වයෙන් පස් වෙනි වසර බක් පුර පස තුදුස්වක දිනයයි. ස්වාමීනී, ඔබ වහන්සේට පහසු දිනයක කැලණි පුරවරයට වැඩම කරන සේක්වා!”

අපගේ සම්බුදුරජාණන් වහන්සේ නිහඬතාවයෙන් යුතු ව එකරුණ ඉවසා වදාළ සේක. නා රජවරුන් පූජා කළ දිව්‍ය භෝජනයන් වැළඳූ අපගේ සම්බුදුරජාණෝ දහම් දෙසා සියලු නාගයන් තිසරණ සහිත පංච සීලයෙහි සමාදන් කරවූ සේක්. මහෝදර නා රජු, “ස්වාමීනී, මේ මිණි පළඟ අපි ඔබවහන්සේට පූජා කළෙමු. එමෙන් ම ස්වාමීනී, අපි දහම් අසා දිවි හිමියෙන් තිසරණයෙහි පිහිටියෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් අපට පුද පූජා කිරීම පිණිස යමක් ලබා දුන මැනවි.”

බ්‍රහ්ම ස්වරයෙන් මුසු වූ වදන් පෙළක් නින්නාද වී.. “නාගයිනි, මේ මිණි පළඟ සම්බුද්ධ පරිභෝග වස්තුවකි. එබැවින් මෙය තැන්පත් කොට සෑයක් තනවා පුද පූජා සිදු කොට මෙලොව පරලොව සැප සලසන පින් රැස් කරව. එමෙන් ම නාගයිනි, මේ සමිද්ධි සුමන දෙව් රජු පෙර බොහෝ වර්ෂ ගණනකට පෙර මේ නා දිවයිනෙහි මිනිසෙකු ව සිටියේය. මේ පින්බිමෙහි දී පසේබුදුවරුන්හට දන් පැන් පුදා පාත්‍රා පිසදා ගැනීමට කිරිපලු පත් පිදූ පිනෙන් රුක් දෙවියෙක් ව උපන්නේය. ඔහුගේ විමන පිහිටි මේ කිරිපලු රුක ද තථාගතයන්හට සෙවණ සැලසූ පූජනීය වස්තුවකි. මෙය මෙහි රෝපණය කොට පුද සත්කාර කරව. එය තෙපිහට බොහෝ කලක් හිත සුව පිණිස වන්නේය.”

සියලු නාගයින් දොහොත් මුදුනෙහි තබා සාදුකාර දෙන කල අප සම්බුදුරජාණෝ විමන සහිත වූ සමිද්ධි සුමන දෙව් රජු එහි රඳවා නිල්වන් අහස් කුස දිලිසෙමින් වැඩ සිටි සේක. සියලු නා රජවරුන්ගේ සාදුකාර මධ්‍යයෙහි අප සම්මා සම්බුදුරජාණෝ සැවැත්නුවර බලා වැඩි සේක.

බක් මස තුදුස්වක දින අප මාතෘභූමියට වැඩි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා..!

වඳිම් වඳිම් නා දිවයින මව්බිම

බුදු පහසින් පිරි මිණි පළඟ රැඳී

පුදන් පුදන් ලක්දිව මුනි ධාතුන්

අවසන් වර රැඳි බිමට වඳිම්

මීදුම් වලා රළ පහස සිසාරා

දිලෙන නුවන් බුදු රැස් මාලා

ඝෝර අඳුර පිරි නාගදීපයට

බුදු සිරියක අසිරිය දැනිලා

චූල මහෝදර ඝෝර විසැති නයි

බුදු කරුණා පවනින් නිවිලා

මිණි පළඟෙන් ආ සම්බුදු සරණින්

සුගති මගට මංපෙත් ලබලා

නීල ගුවනෙ රැඳි බුදුරැස් මාලා

මව්බිම වටකොට පවන් සලා

පන් දහසක් කල් සසුන රකින්නට

බුදු බලයෙන් ආසිරි ලබලා

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

කිඹුල්වත්පුරයට වඩිනු මැන සමිඳාණෙනි
රන්වන් අහස්ගැබ දිලෙන සන්ධ්‍යා යාමයේ උණ රුක්ගොමු අතරින් මෝරා එන පුන්සඳ පහන් සිළක් සේ අඳුර මකාලයි. හිරු බැසයාමට සූදානම් නිමේෂයක හිරු එළියටත් සඳ එළියටත් නොදෙවෙනි, ජීවිත ගන අඳුර මකාලන සූරිය වංශයෙහි ම උපන් සම්බුදු සමිඳාණෝ සඟ පිරිවර මැදිකොට දහම් දෙසමින් වැඩ සිටී. කුර ගැටෙන ශබ්දයෙන් යුතුව අශ්වසේනාවක් සමඟ පැමිණි මහා බලසේනාවක් නිසාවෙන් මොහොතකින් නිහැඬියාව බිඳී ගියේය. යළි මොහොතකින් පරිසරය නිහඬ විය. එකල්හි බ්‍රහ්ම ස්වරයෙන් යුතු බුදු වදන් පෙළක් වාතලයට මුසු වී සඟ පිරිස පසු කොට, පැමිණි පිරිසගේ සවන්පත් පිනවමින් හමා ගියේය.

තණ්හා ක්ලේශ මද මාන ඉච්ඡා සිඳී බිඳී ජීවිත ගන අඳුර දුරලමින්, ගමන් විඩාව ද නිවා, සැමසිත් නිවී පහන් වී නිකෙලෙස් රහත් උතුමන් දහස්නමක් ලෙසින් සඟ පිරිස පිටුපස දිස් වී ගියේය. සඟ පිරිස මැදින් ඉදිරියට වන් මේ දහසක් වූ රහත් උතුමෝ දෑත් නළලත තබා වැඳ පැවිදි බව ඉල්ලා සිටියෝය. “පින්වත් මහණෙනි, මෙහි එන්න.” යැයි ඇමතූ ශාස්තෘන් වහන්සේගේ එම වදනින් ම කෙස් රැවුල් ඉවත් වී ගියේය. සිවුරු පෙරවී ගියේය. පාත්‍ර දෝතට ආවේය. දෑත් එක්කොට නළලත තැබූ එක් රහතන් වහන්සේනමක් බුදු සමිඳුන් ඉදිරියේ වැඳ මෙසේ පවසා සිටියේ ය.

“ස්වාමීනී, මම කාළුදායි… ස්වාමීනී, මම කාළුදායි… ඔබවහන්සේ උපන් මොහොතෙහි උපන් මම කුඩා කල සිට ඔබවහන්සේට උවටැන් කළෙමි. සක්විති රජ සිහිනයක සිර වූ අප ඒ සිහිනයෙන් මුදවා ඔබවහන්සේ අභිනිෂ්ක්‍රමණය කළ සේක් දැන් ලොව්තුරා සම්බුදු පදවියට පත්ව වැඩ සිටින සේක.

ස්වාමීනී, ඔබවහන්සේගේ පිය රජු වූ සුදොවුන් මහ නිරිඳුන් ඇතුළු ශාක්‍ය කෝලිය වූ අපි, ඔබවහන්සේ වඩිනා තුරු බලා සිටියෙමු. ඔබවහන්සේ මේ වේළුවනයෙහි වැඩ සිටින බව ඇසූ අප මහරජාණෝ ඔබවහන්සේ කපිලවස්තුපුරයට වැඩමවාගෙන ඒමට දහසක පිරිවරක් එවූහ. අප හට දැනගන්නට ලැබුණේ ඒ දහසම ඔබවහන්සේගෙන් දහම් අසා අමා පැන් බී පැවිදි බව ලද වගයි.

ස්වාමීනී, සුදොවුන් නිරිඳාණෝ තවත් දහසක පිරිවරක් එවූහ. ඒ සියල්ලෝමත් පැවිදි බව ලැබූහ. මේ අයුරින් නව වාරයක දී නව දහසක් එවූ අතර ඒ සියලු දෙනා පැවිදි බව ලද නමුත් ඔබවහන්සේ කපිලවස්තුවට නොවැඩි සේක.

ස්වාමීනී, සුදොවුන් මහරජාණෝ මා අමතා මෙසේ කීවෝය. ‘දරුව, මා කොතෙකුත් පණිවුඩ යැවූ නමුත් මා පුතණුවන්ට කපිලවස්තුවට වඩින්නට යවන ඇරයුම නොලැබෙයි. එබැවින් පුත, ඔබ මා පුතණුවන් උපන් මොහොතෙහි ම උපත ලද කුඩා කල පටන් උවටැන් කළ මා පුතණුවන්ගේ මිතුරෙකි. යව, දහසක් සේනාව සමඟ ගොස් මා පුතණුවන්ට කපිලවස්තුවට වඩින්නට ඇරයුම් කරව.’

ස්වාමීනී, බොහෝ දුෂ්කර වූ සැටයොදුන් මග ගෙවාගෙන අපි පැමිණියෙමු. ඔබවහන්සේගේ අමා වදනින් අපගේ සිත් නිවී නිකෙලෙස් බව පසක් කළෙමු. අපිදු උතුම් පැවිදි බව ලදිමු.”

මෙසේ පැවසූ කාළුදායී මහරහතන් වහන්සේ කිඹුල්වත්පුර පරිසරය වසන්තයට සූදානම්ව පවත්නා අයුර සිහිපත් කළහ.

“ස්වාමීනී, දැන් ගස්වල කොළ හැලිල තියෙන්නෙ. අලුතින් ගෙඩි හටගන්න ළඟයි. අතු අග පිපිල තියෙන මල් දිලිසෙන ගිනි අඟුරු පාටයි. ඒ ගස් බබළනවා ගිනි සිළු වගේ. මහා වීර මුනිඳාණෙනි, ශාක්‍යයන්ටත් පිහිට වෙන්න දැන් කල් පැමිණිලා.

ස්වාමීනී, දැන් ගොඩාක් සීතලත් නෑ. ගොඩාක් රස්නෙත් නැහැ. දීර්ඝ ගමනකට හොඳ සනීප දේශගුණයක් තියෙන්නෙ. ඔබවහන්සේ රෝහිණී ගංගාවෙන් එතෙර වෙලා වඩිනකොට බටහිර පැත්තෙ ඉන්න ශාක්‍ය කෝලිය වංශිකයන්ට ඔබවහන්සේව දැකගන්නට ලැබේවා!

ස්වාමීනී, හරිම ආසාවෙනුයි ගොවියෙක් කුඹුරක් හාන්නෙ. බිත්තර වී වපුරන්නෙත් ආසාවෙන්මයි. වෙළෙන්දන් මහ මුහුදෙ ගමන් යන්නෙ සල්ලි හොයන්නට ආසාවෙන්. මා තුළ තිබෙන මේ ආසාවත් ඉටුවේවා!

ස්වාමීනී, යම් පවුලක මහා ප්‍රඥාවන්ත, වීර්යවන්ත උත්තමයෙක් ඉපදුණොත් ඇත්තෙන් ම හත් වරිගෙට ම සැනසීම ලැබෙනවා. දේවාතිදේව වූ භාග්‍යවතුන් වහන්සේට ඊටත් වඩා සැනසීමක් ලෝකයට දෙන්න පුළුවන් කියලයි මම හිතන්නේ. ‘සත්‍යය’ කියල කියන්න පුළුවන් වෙන්නෙ ඔබවහන්සේට විතරයි.

ස්වාමීනී, අසහාය වූ, පිළිමයකට නගාලිය නොහැකි වූ, අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්ගේ පුත් රුවනකි මමත්.

ස්වාමීනී, ඒ නිසා සුදොවුන් රජු ඒ මගේ පියාගේ පියා ය. පින්වත් ගෞතම ශාක්‍ය රජු වූ සුදොවුන් රජු මාගේ දැහැමි සීයා ය.

ස්වාමීනී, මේ ඇරයුම පිළිගෙන කපිලවස්තුවට වඩින සේක්වා…!”

ඇරයුම පිළිගත් බුදු සමිඳාණෝ ‘හෙට එළඹෙන මැදින් පුන් පොහෝ දිනයෙහි ගමන් අරඹමි’යි සියල්ල සූදානම් කළ සේක.

විසිදහසක් වූ මහා ස ඟගණ පිරිවරා අප මහා මුනිඳාණෝ ගිනි අඟු‍රු සේ දිලි මලින් පිරි රුක් ගොමු අතරින් කපිලවස්තුවට ගමන් ඇරඹි සේක්, දුටු මනස්කාන්ත දසුනෙන් දෙව් බඹහු විත් පුෂ්පෝපහාර දක්වත්. දිව සුවඳ විහිදුවත්. සැදැහැතියෝ මග දෙපස පෙළගැසී දන් පැනින් පූජෝපහාර දක්වත්.

බුදු සමිඳුන්ගේ පසෙක පසඟ පිහිටුවා වැඳි කාළුදායී මහරහත් මුනිඳාණෝ මල් පිපි රුක් ගොමු අතරින් පාත්‍රය දෝතට ගෙන අහසට පැන නැඟුණහ. වලා ගැබ අතරින් කපිලවස්තුවට වැඩි හේ රජ මාලිගයෙහි සුදොවුන් මහරජ ඉදිරියේ පෙනී සිටියේය. විස්මයට පත් රාජසභාවෙහි අසුන්ගත මහරජාණෝ සැණෙන් මේ කාළුදායී මුනිඳුන් යැයි හඳුනා ගත්තේය. වහා සිට ගත් මහරජුට රහත් මුනිඳාණෝ පැවසූහ මෙසේ.

“මහරජුනි, මා සමඟ පිරිවර සේනාවෝ උතුම් රහත් බව ලබා පැවිදි උතුමෝ බවට පත් වූහ. මාගේ ඇරයුමින් විසිදහසක් රහත් මුනිවරු පිරිවරා බුදු සමිඳාණෝ කපිලවස්තුපුරය බලා පිටත් වූ සේක.”

රජුගේ ඇඟ කිලිපොළා ගොස් නිම්හිම් නැති සතුටෙන් මහරහත් මුනිඳාණෝ සිංහාසනයේ වඩා හිඳුවා දන් පැනින් පුද දුන්හ. දාන පාත්‍රය දෝතට ගත් අප රහත් මුනිඳාණෝ වඩින්නට සූදානම් වූ සේක්, රජු “කිම පුතණුවනි, තෙපි නොවළඳාම වඩින්නහු ද?”යි ඇසීය. උන්වහන්සේ රජු පහදවනු රිසියෙන් ඉර්ධි බලයෙන් අහසෙහි යමක් මවන්නට විය. තිර පටයක දිස්වන්නා සේ බුදු සමිඳාණෝ විසිදහසක් රහතුන් සමගින් වඩින අයුරු අහසේ දිස් විය. නිම්හිම් නැති සතුටෙන් ඉපිල ගිය මහරජු, බුදු සමිඳුන් කපිලවස්තුවට වඩිනා තුරු බුදු සමිඳුන්ගේ දාන පාත්‍රය රැගෙන යන්නට කාළුදායී මහරහතන් වහන්සේට ඇරයුම් කළේය. අප බුදු සමිඳාණෝ මේ අයුරින් මැදින් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ ඇරඹි ගමන වෙසක් පුන් පොහෝ දිනයෙහි අවසන් කළ සේක.

ශාක්‍යසිංහ වූ අප බුදු සමිඳාණන්ටත්, කාළුදායි මහරහත් මුනිඳුන් ඇතුළු මහා සඟ පරපුරටත් අපගේ නමස්කාරය වේවා!

ශාක්‍යසිංහ වූ බුදු සමිඳාණෙනි

මේ සොඳුරු කාලයයි

කාලයයි මේ කාලයයි මේ

මව්බිමට වඩින කාලයයි…

දිලි දිලී තුරු ළපළු මලින් පිරි

ගිනිසිළුවන් ලියගොමු අතරේ

හමා හමා මඳපවන් සිසිල දී

පවනින් බුදුරැස් ගුණ පැතිරේ

රෝහිණියෙන් එතෙරට වඩිනා මුනි

සත්වරිගෙට සැනසුම දේවී…

වඳී වඳී සුරනරන් දෙපා මුල

එතෙර වෙමින් බියකරු සසරේ

නිවී නිවී හද ගුණෙන් පිරී ගිය

ලොව්තුරු සුවඳක් ලොව පැතිරේ

ශාක්‍යයන් මදමාන සිඳින මුනි

පෙළහර දකිනට කල් එළඹී…

ශාක්‍යසිංහ වූ බුදු සමිඳාණෙනි

මේ සොඳුරු කාලයයි

කාලයයි මේ කාලයයි මේ

මව්බිමට වඩින කාලයයි…

(මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)