අහස් ගව්ව | Mahamegha Magazine

ශක්තිමත් හිතක් හදාගන්නෙ කොහොමද ?
පින්වත් යොවුන් දූ දරුවනේ,

හිත ශක්තිමත් කරගන්නේ කොහොමද?’ කියන ප්‍රශ්නෙ අපි කාටත් වැදගත්. මොකද ඇඟපත කොච්චර ශක්තිමත්ව තිබ්බත්, හිත ශක්තිමත් නැත්නම් ජීවිතේ ඉක්මනින්ම බිඳ වැටෙනවා. OCD, overthinking, stress වගේ මානසික අසමතුලිතතාවයන් බලවත් වෙනවා. ඒ නිසා ශක්තිමත් හිතක් තිබීම අපි කාටත් අවශ්‍යයම කරුණක්. ශක්තිමත් හිතක් හදාගන්න ඕන වුණත් අපි කොහොමද ශක්තිමත් හිතක් හදාගන්නේ?

අන්න ඒ පැනයට පිළිතුරක් තමයි අද මේ වටිනා ලිපියෙන් කියාදෙන්නේ. ඉතින් වෙනදා වගේම සෙනෙහසින් සිහිපත් කරනවා. මේ ලිපියේ අවසානය තෙක් හොඳ අවානයෙන් කියවන්න. ඔබටත් ශක්තිමත් හිතක් හදාගන්න හැටි තේරුම් ගන්න හැකි වේවි!

තමන්ට තමන්මයි!

ඔව්! පළමුවෙන්ම අපි තේරුම්ගත යුතුම දේ තමයි තමන්ට තමන්මයි කියන දේ. තමන්ගේ අතේපයේ වැඩක් නම් අනුන් ලවා කරවගන්න පුලුවන්. නමුත් හිත සම්බන්ධයෙන් නම් අපි වෙනුවෙන් කිසිම දෙයක් අනුන්ට කරලා දෙන්න බෑ. ඒක කරගත යුත්තේ තමන් විසින්මයි. බුදුරජුන් ඒ ගැන ධම්මපදයේ චිත්ත වර්ගයේදී මෙසේ වදාළා.

න තං මාතා පිතා කයිරා – අඤ්ඤේ වා පි ච ඤාතකා

සම්මාපණිහිතං චිත්තං සෙය්‍යසෝ නං තතෝ කරේ

“මේ වැඩේ තමන්ගේ අම්මා විසින් කරලා දෙන්නෙත් නෑ. තාත්තා විසින් කරලා දෙන්නෙත් නෑ. වෙන ඤාතියෙක් කරලා දෙන්නෙත් නෑ. ඒ වැඩේ තමයි යහපත් කොට ධර්මය තුළ හිත පිහිටුවාගන්න එක. ඒ හේතුවෙන්මයි ඔහු උතුම් කෙනෙක් බවට පත්වෙන්නේ.”

ශක්තිමත් හිතක් කියන්නේ මොකක්ද?

අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන නේද ‘ශක්තිමත් හිතක් කියන්නේ මොකක්ද?’ කියලා. අපි හදාගන්න සූදානම් වෙන්නේ මොන වගේ ශක්තිමත් හිතක්ද කියලා අපිට කල් ඇතුවම යම් වැටහීමක් තියෙන්න ඕන. මම මේ වගේ ශක්තිමත් හිතක් තමයි හදාගන්නේ කියලා.

මුළුමනින්ම ශක්තිමත් සිතක් ඇතිව වැඩහුන් අපගේ බුදුරජාණන් වහන්සේ ශක්තිමත් හිතක ස්වභාවය මෙසේ දේශනා කළා. “(සේලෝ යථා ඒකඝනෝ, වාතේන න සමීරති) තනි කළුගල් පර්වතයක්, කොයිතරම් තදින් හුළං හැමුවත් සෙලවෙන්නේ නෑ. (ඒවං නින්දා පසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා) නුවණැති සත්පුරුෂයොත් අන්න ඒ වගේ තමයි. නින්දා ප්‍රශංසා වලට සෙලවෙන්නෙ නෑ.”

මේ තමයි ශක්තිමත් හිතක ස්වභාවය. හිත ශක්තිමත් නම් අකම්පිතයි. ජීවිතේ ගත කරද්දී කම්පා වෙන්න හේතු වෙන දේවල් ඕනතරම් අපිට මුණ ගැහෙනවා. හිත ශක්තිමත් නොවුණොත් වෙන්නේ ඒ හැම තැනකදීම කම්පා වෙවී, කඩා වැටි වැටී ඉන්න වෙන එකයි.

ලෝකෙක හැටි..!

ජීවිතේ ගත කරද්දී අපි ගොඩාක් දෙනෙක් කල් ඇතුවම සූදානම් වෙලා ඉන්නේ ‘කරදර අඩු ජීවිතයක් තියෙයි, හැමෝම විශ්වාසවන්තව කටයුතු කරයි, මං අත ගහන හැම වැඩක්ම සාර්ථක වෙයි, මට කවුරුත් අවමන් කරන්නෙ නැති වෙයි’ වගේ දේවල් වලට. නමුත් ජීවිතේ ඇත්ත ස්වභාවය ඒක නෙවෙයි.

මේ ලෝකයේ ජීවත් වෙද්දී ලාභත් උපදිනවා. අලාභත් උපදිනවා. ප්‍රශංසාත් ලැබෙනවා. නින්දාත් එනවා. යසසත් ලැබෙනවා. අයසත් ලැබෙනවා. පිළිගැනීමුත් එනවා. ප්‍රතික්ෂේප වීම්, කොන් වීම් ආදියත් එනවා. ඔය විදිහට සැප දුක එක්ක දෝලනය වෙවී යන්න වෙන ජීවිතයක් තමයි ඇත්තටම තියෙන්නේ. නමුත් අපේ හිත් වලින් අපි පෙර සූදානමක් ඇතිව ඉන්නේ සැපය, සුවය, සැනසුම විඳින්ට විතරයි. එහෙම අදහස්වල ඉද්දී දුක, දොම්නස, සන්තාප, තැවුල් සහගත දේ සිදුවෙනවා. එතකොට සැප පතාගෙන හිටපු හිත කම්පා වෙලා, කැළඹිලා යනවා.

ඒ නිසා වඩාත්ම බුද්ධිමත් දේ තමයි අපි ජීවිත යථාර්ථයට පෙර සූදානමකින් ඉන්න ඕන. “මගේ ජීවිතේට ලාභ විතරක් නෙවෙයි එන්නෙ. අලාභ, පාඩු ආදියත් වෙන්න පුලුවන්. ප්‍රශංසා ගුණකථා විතරක් නෙවෙයි, නින්දා, අවමාන, නොකළ වරදට පවා දොස් අහන්න වීම් එන්නත් පුලුවන්. පිරිසේ ආදරය, සෙනෙහස, හිතවත් බව විතරක් නෙවෙයි ලැබෙන්නේ, විශ්වාස කඩකිරීම්, කොන්වීම්, හැරයාම් ආදියත් මට වෙන්න පුලුවන්. සැප විතරක් නෙවෙයි, දුකත් මේ ජීවිතේට උරුමයි” කියලා මේ වගේ පෙර සූදානමකින් අපි ඉන්නවා නම් ඒක හිත ශක්තිමත්ව පවත්වාගන්න ලොකු උදව්වක්.

ඒ නිසා බොළඳ නොවී ඇත්ත කල්පනා කරන්න පටන් ගන්න ‘මේ තමයි ලෝකෙක හැටි!’ කියලා.

මේ වැඩේ තේරුම මොකක්ද?

ජීවිත වලට කරදර කම්කටොළු එද්දී ගොඩක් දෙනෙක් වැටෙන්නෙම බොළඳකමටනෙ. ඔයාල වුණත් ප්‍රශ්න ආපු වෙලාවට මහ බොළඳ වැඩ කරලා ඇති. සමහරු ප්‍රශ්න ඉදිරියේ හඬ හඬා තැවුලෙන් ඉන්නවා. අනිත් අයට තමන්ගේ දුක කිය කියා යනවා. මේ හිතේ දුක නැතිවේවා කියලා පත පතා ඉන්නවා. ෆේස්බුක් ආදියේ තමන්ගේ වේදනාව ගැන එක එක පෝස්ට්ස් දානවා. ඔය වගේ බොළඳ වැඩ තමයි ගොඩක් දෙනෙක් සාමාන්‍ය ප්‍රශ්නයක් ආවත් කරන්නේ.

ප්‍රශ්න දරාගන්න බැරිව ඇතැම්මු හිතලා හිතලාම මානසික ලෙඩ්ඩු බවට පත්වෙනවා. ඇතැම්මු මත්ද්‍රව්‍ය භාවිතේට පෙළඹෙනවා. ඇතැම් අය තමන්ටම වෛර කරගෙන තමන්වම විනාශ කරගන්නවා. සිය දිවි නසා ගන්නවා. මේ ඔක්කොම බොළඳකම්.

ඇයි මේ දේවල් වලට බොළඳකම් කියන්නේ? ඒ කිසිවකින්ම ප්‍රශ්නයකට විසඳුමක් ලැබෙන්නේ නෑ. ඇඬීමෙන් ප්‍රශ්න විසඳෙනවා නම් ඇඬුවට කමක් නෑ. තැවීමෙන් ප්‍රශ්න විසඳෙනවා නම් තැවුනාට කමක් නෑ. ෆේස්බුක් පෝස්ට්ස් දැමීමෙන් ප්‍රශ්න විසඳෙනවා නම් ෆේස්බුක් පෝස්ට් දැම්මාට කමක් නෑ. මේ වර්තමාන සමාජේ අපිට බොළඳ වෙන්න පරිසරේ ඉස්සරටත් වඩා වැඩි වෙලා.

ඒ නිසා ප්‍රශ්න ඉදිරියේ විතරක් නෙවෙයි. තමන්ගේ මුළු ජීවිතේම ඔබ කරන කියන හිතන දේවල් ගැන හොඳ නුවණින් කල්පනා කරලා බලන්න ‘මේ වැඩේ තේරුම මොකක්ද? මං මේ කරන දේ අර්ථවත් දෙයක්ද? මේ කටයුත්තෙන් මට යහපතක් වෙයිද?’ ඔය විදිහට කල්පනා කරලා කටයුතු කළොත් අපිට බොළඳ වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා.

අලබ්භනීය ඨාන නම් වූ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළා. “(න සෝචනාය න පරිදේවනාය අත්ථෝ අලබ්භෝ අපි අප්පකෝපි) ශෝක කිරීමෙන්, හඬා වැළපීමෙන් ස්වල්ප වූ හෝ යහපතක් නොලැබෙන්නේ ය. (සෝචන්තමේනං දුඛිතං විදිත්වා පච්චත්ථිකා අත්තමනා භවන්ති) ශෝක කරන්නා වූ දුක්ඛිත වූ පුද්ගලයා දැක සතුරෝ සංතෝෂයට පත්වෙති. (යතෝ ච ඛෝ පණ්ඩිතෝ ආපදාසු න වේධති අත්තවිනිච්ඡයඤ්ඤූ) යම් කලක අර්ථ විනිශ්චයෙහි දක්ෂ වූ නුවණැති ආර්ය ශ්‍රාවකයා උපද්‍රවයන් මැද නොවැටී සිටියි. (පච්චත්ථිකාස්ස දුඛිතා භවන්ති දිස්වා මුඛං අවිකාරං පුරාණං) ඔහුගේ සතුරෝ නොවෙනස් වූ පැරණි මුහුණ ම දැක දුකට පත්වෙති.”

බලන්න මේ සම්බුදු වදන් මොනතරම් නම් අකාලිකයිද කියලා. ඒ දේශනාවේදී බුදුරජුන් ආපදා කරදර ඉදිරියේ කටයුතු කළ යුතු ආකාරේ ගැන අවසාන වශයෙන් මෙසේ වදාළා “(යථා යථා යත්ථ ලභේථ අත්ථං තථා තථා තත්ථ පරක්කමෙය්‍ය) යම් යම් අයුරකින් යම් ආපදාවක දී යහපත ලැබෙයි නම් ඒ ඒ අයුරින් එහිලා කටයුතු කිරීමට වීර්යය කරන්නේ ය.” කියලා.

ඔබව වටින්න ඕන ඔබටමයි!

හොඳට තේරුම් ගන්න ඒක! ඔබව වටින්න ඕන ඔබටමයි. ඔබ ඔබට වටිනාකමක් දෙන්නේ නැත්නම්, මේ ලෝකෙ කිසිකෙනෙක් ඔබට වටිනාකමක් දෙන්න සූදානම් නෑ. ඒ නිසා මොන විදිහේ ප්‍රශ්න කම්කටොළු ජීවිතේට ආවත් ඔබේ වටිනාකම බාල්දු කරගන්න එපා! ‘ප්‍රශ්න හමුවේ කඩාවැටුණොත් විනාශ වෙන්නේ මගේ ජීවිතේනෙ. මාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් මත්තේම නැහෙන්ට ගියොත් වැනසෙන්නේ මගේ ජීවිතේනෙ. මාව රිදවන මිනිස්සුන්ට අනුව මාත් රිදවාගත් හිතකින් වාසය කළොත් වෙහෙසකර වෙන්නේ මගේ ජීවිතේනෙ’ කියලා හොඳ නුවණකින් කල්පනා කරලා කටයුතු කරන්න.

ඉතින් මේ කරුණු ටික ප්‍රමාණවත් ඔබටත් ශක්තිමත් හිතක් ඇති කරගන්න. ජීවිතේ කියන්නේ බිඳවැටීම්, හැල හැප්පීම් සහිත එකක් බව කල් ඇතුවම කල්පනා කරලා ඒ දේවල් වලට මුහුණ දීමට පෙර සූදානමක් ඇතිව ඉන්න. මොනතරම් කම්කටොළු ආවත් තේරුමක් නැති දෙයක් නම් මම කරන්නේ නෑ කියන අදහස තදින් හිතට දාගෙන ඉන්න. මාව වටින්න ඕන මටයි! මට ආදරේ කළ යුත්තේ මා විසින්මයි! කියන නුවණ ඇති කරගන්න. ඔබට ශක්තිමත් සිතකින් ජීවිතේට මුහුණ දෙන්න වාසනාව ලැබේවා!

අහන්න!

ජීවිතේට එන ප්‍රශ්න ප්‍රමාණයට වඩා

ප්‍රශ්නයේ ප්‍රමාණයට වඩා

ගොඩාක් වැදගත්

ප්‍රශ්නයක් ඉදිරියේ ඔබ

කඩා වැටෙනවාද නැඟී හිටිනවාද කියන එක.

ප්‍රශ්න ඉදිරියේ කඩා වැටෙනවා නම්

ප්‍රශ්න ගොඩාක් එන්න ඕන නෑ.

එක ප්‍රශ්නෙකට පුලුවන්

ඔබව නැත්තටම නැති කරලා දාන්න.

ඒත් ඔබ නම්…,

ප්‍රශ්න ඉදිරියේ කඩා වැටෙන්න එපා!

ප්‍රශ්න ඉදිරියේ අප්‍රමාදීව නැඟී සිටින්න.

ප්‍රශ්න වලට සවිමත්ව මුහුණ දිය හැකි

ශක්තිමත් හිතක් හදාගන්න.

එතකොට එන ප්‍රශ්නයක් ප්‍රශ්නයක් ගානේ

ඔබ ගොඩාක් ශක්තිමත් කෙනෙක් වේවි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

ඔබ ආවේ දිව්‍ය ලෝකෙන් ද ?
පින්වත් යොවුන් දූ දරුවනේ,

අද ලිපියට මාතෘකා කරගත්තේ ලස්සන කතාවක්. “ඔබ ආවේ දිව්‍යලෝකෙන් ද..?” කියලා ඇහුවේ “මේ ජීවිතේ උපදින්ට කලින් හිටියේ දිව්‍යලෝකයක ද..?” කියලයි. ඇත්තටම ඒක අපි හරියටම දන්නේ නෑනේ නේද. නමුත් අපි මේ ලිපිය කියවන මොහොතට හිතමු අපි ආවේ දිව්‍යලෝකෙන් කියලා. හොඳයි! අපි දිව්‍යලෝකෙ ඉඳලා මෙහෙට ආවා නම් අපිට දෙවියන්ගෙන් මොන වගේ අවවාද ලැබෙන්න ඇති ද. අපි අද ලිපියෙන් ඒ ගැන ඉගෙන ගනිමු.

අද මේ ලිපිය ඔයාලට ගොඩාක් උපකාර වෙයි. ඉතින් වෙනදා වගේම බොහොම සෙනෙහසින් සිහිපත් කරනවා ‘වචනයක්වත් මඟ හැර ගන්නේ නැතිව මේ ලිපිය අවසානය තෙක් අවධානයෙන් කියවන්න. ඔයාලගෙ ජීවිතේ ගොඩාක් සාර්ථක කරගත හැකි නුවණක් මේ ලිපියෙන් ලැබේවි!’

සත්ථා දේව මනුස්සානං වූ බුදුරජුන්

ඔයාල දන්නවා බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේත්, මිනිසුන්ගෙත් ශාස්තෘන් වහන්සේනෙ. උන්වහන්සේට මනුලොව මිනිසුන්ගේ ස්වභාවය ගැන වගේම දෙව්ලොව දෙවියන්ගේ ස්වභාවය ගැනත් පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒ හින්දනෙ අපි අපේ බුදුසමිඳුන්ට සත්ථා දේව මනුස්සානං කියලා ගුණ කියමින් වන්දනා කරන්නේ. ඉතින් මේ දෙව්ලොව පුවත භික්ෂූන් වහන්සේලාට කියලා දුන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ විසිනුයි.

පෙරනිමිති පහක්…

එදා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් බණ පදයක් අහන්න බලාපොරොත්තුවෙන් වාඩි වී හිටියා. ඒ වෙලාවේ භික්ෂූන් අමතා බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා.

“පින්වත් මහණෙනි, දෙවිවරුන් දෙව්ලොවින් චුත වෙන කාලයක් එනවා. එතකොට ඔවුන්ට පෙරනිමිති පහක් පහළ වෙනවා. (මාලා මිලායන්ති) මල් මාලාවන් පරවෙලා යනවා. (වත්ථානි කිලිස්සන්ති) ඇඳගෙන ඉන්න වස්ත්‍ර කිලුටු වෙනවා. (කච්ඡේහි සේදා මුච්චන්ති) කිහිලිවලින් දාඩිය ගලනවා. (කායේ දුබ්බණ්ණියං ඔක්කමති) ශරීරය දුර්වර්ණ බවට පැමිණෙනවා. (සකේ දේවෝ දේවාසනේ නාභිරමති) ඒ දෙවියාට තමන්ගේ දිව්‍ය විමානයේ සතුටින් ඉන්න බැරි වෙනවා.”

දෙවියෙක් මිය යන එකට තමයි චුත වෙනවා කියන්නේ. එහෙම මිය යාමට පෙර තමයි ඔය නිමිති පහ ප්‍රකට වෙන්නේ. සාමාන්‍යයෙන් මිනිස් ආයුෂයෙන් සතියකට කලින් තමයි දෙවි කෙනෙක්ට පෙරනිමිති පහළ වෙන්නේ. එතකොට ඒ දෙවියට තමන් මේ දෙව්ලොවින් චුත වෙනවා නේද කියලා භයක් උපදිනවා. දිව්‍ය සැප නැති වෙලා යනවා නේද කියලා දුකක් ඇති වෙනවා. දෙව් පිරිවර අහිමි වෙනවා නේද කියලා ප්‍රිය විප්‍රයෝගයෙන් විශාල ශෝකයක් ඇති වෙනවා.

දෙවියෝ හිත හදනවා…

බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට තවදුරටත් මේ කාරණේ දේශනා කළා “එතකොට පින්වත් මහණෙනි, අනිත් දෙවිවරු දැනගන්නවා ‘මේ දිව්‍ය පුත්‍රයා දෙව්ලොවින් චුත වෙන ස්වභාවයට ඇවිල්ලයි ඉන්නේ’ කියලා. දැනගෙන වදන් තුනකින් (ඒ දිව්‍ය පුත්‍රයාව) අස්වසනවා. “(ඉතෝ භෝ සුගතිං ගච්ඡ) පින්වත, මෙහෙන් චුත වෙලා සුගතියට යන්න. (සුගතිං ගන්ත්වා සුලද්ධලාභං ලභ) සුගතියට ගිහිල්ලා උතුම් ලැබීම ලබන්න. (සුලද්ධලාභං ලභිත්වා සුප්පතිට්ඨිතෝ භවාහි) උතුම් ලැබීම ලබලා ඒකෙ හොඳින් පිහිටන්න” කියලා.”

අස්වසනවා කියන්නේ ඒ චුතවෙන දෙවියාගේ හිතට පහසුවක් දැනෙන විදිහට කියන හිත හැදෙන වචනවලටනේ. බලන්න මේ දෙවියන්ගේ ලෝකෙ තොරතුරු මොනතරම් සුන්දරයි ද කියලා. අපිට මේවා දැනගන්න ලැබුණේ ලෝකය ගැනම අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ නිසයි.

බුදුරජාණන් වහන්සේ අසලම ඉඳගෙන මේ කාරණේ අහද්දි එහි හිටපු එක භික්ෂුවකට මෙහෙම ප්‍රශ්නයක් ආවා. ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

මොකක්ද දෙවියෝ කියපු සුගතිය..?

“ස්වාමීනී, දෙවිවරුන් සුගතියට පැමිණීම කියලා කියන්නෙ මොකක්ද?”

බුදුරජාණන් වහන්සේ වදාළා “(මනුස්සත්තං ඛෝ භික්ඛු දේවානං සුගතිගමනසංඛාතං) පින්වත් භික්ෂුව, මිනිසත් බව ලැබීම තමයි දෙවියන්ගේ සුගතියට පැමිණීම කියලා කියන්නේ”

ඒකෙ අදහස මේ මනුස්ස ලෝකෙ දෙවියන්ගේ ලෝකයටත් වඩා සැපවත් වූ ආරක්ෂිත තැනක් කියන එක නෙවෙයි. දෙවියන් අතරේ ජීවත් වීම පිණිස තිබුණු පුණ්‍ය බලය අවසන් වුණ ඒ දෙවියට නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය වගේ දුගතියක නොවැටී රැකෙන්ට තිබුණ අවසානම වාසනාවන්ත උපත තමයි මනුස්ස ලෝකෙ. සුගති අතරේ පහළින්ම තිබෙන ලෝකය මනුස්ස ලෝකෙ.

මොකක්ද ලැබිය යුතු ලාභය..?

“ස්වාමීනී, දෙවිවරුන්ගේ උතුම් ලැබීම කියලා කියන්නේ මොකක්ද?”

“(යං මනුස්සභූතෝ සමානෝ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ සද්ධං පටිලභති, ඉදං ඛෝ පන භික්ඛවේ දේවානං සුලද්ධලාභසංඛාතං.) ඒ මිනිසත් බවට පත්වෙලා තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්මය ගැන ශ්‍රද්ධාවට පැමිණීම තමයි උතුම් ලැබීම කියලා කියන්නේ.”

සාමාන්‍යයෙන් දරුවනේ මේ ලෝකෙ මිනිස්සු තවත් සාමාන්‍ය මනුස්සයෙක්ව වුණත් හරියට හඳුනාගන්ට දක්ෂ නෑනේ. ඇතැම් වෙලාවට කොයිතරම් නම් මිනිස්සුන්ට

රැවටෙනවා ද. ඒ අතරේ කිසියම් මනුස්සයෙක්ට බුදුරජාණන් වහන්සේ ගැන ගුණ අහලා හිත පහදවා ගන්න තරම් වාසනාවක් තිබුණොත් ඒක නම් මහා ලැබීමක්මයි. මහා වාසනාවක්මයි.

අර භික්ෂුව තුන්වෙනි ප්‍රශ්නයත් බුදුරජුන්ගෙන් විමසුවා. “ස්වාමීනී, දෙවිවරුන්ගේ ඉතා හොඳින් පිහිටීම කියලා කියන්නේ මොකක්ද?”

බුදුරජුන් මෙහෙම පිළිතුරු දේශනා කළා “(සා ඛෝ පනස්ස සද්ධා නිවිට්ඨා හෝති මූලජාතා පතිට්ඨිතා දළ්හා අසංහාරියා සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං. ඉදං ඛෝ භික්ඛවේ දේවානං සුප්පතිට්ඨිතසංඛාතන්ති) ඒ ශ්‍රද්ධාව ඔහුගේ සිත තුළ පිහිටලා මුල් බැසගෙන ස්ථාවර වෙලා තියෙනකොට ලෝකයේ කිසිම ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයා විසින් හෝ ලෝකයේ වෙන කවුරු විසින් හෝ ඔහුගේ ඒ ශ්‍රද්ධාව නැති කරලා දාන්න බැරි නම්, පින්වත් මහණෙනි, මේක තමයි දෙවියන්ගේ ‘ඉතා හොඳින් පිහිටීම’ කියලා කියන්නේ.”

මේ අසිරිමත් දෙව්ලොවේ පුවත පැහැදිලි කර ගනිද්දී එහි සිටි භික්ෂූන්ගේ සිත ප්‍රීතිමත් වුණා. ධර්ම ප්‍රබෝදය ඇති වුණා. ඒ ශාස්තෘ ගෞරවය ඇති භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ ගාථාවලින් මිහිරි අවවාදයක් කළා.

ලස්සන ගාථා

යදා දේවෝ දේවකායා චවති ආයුසංඛයා,

තයෝ සද්දා නිච්ඡරන්ති දේවානං අනුමෝදතං

“ආයුෂ ගෙවී යාමෙන් දෙවි කෙනෙක් දෙව්ලොවින් චුත වෙන්න ළං වෙනවා. එතකොට ඔහුව අස්වසන දෙවිවරුන්ගේ තුන් ආකාරයක අස්වැසිලි වචන නිකුත් වෙනවා.”

ඉතෝ භෝ සුගතිං ගච්ඡ මනුස්සානං සහව්‍යතං,

මනුස්සභූතෝ සද්ධම්මේ ලභ සද්ධං අනුත්තරං

“පින්වත් දෙවිය, ඔබ මෙහෙන් චුත වෙලා මිනිසත් බව ඇති සුගතියට යන්න. මිනිසත් බව ලබලා බුදුරජුන් වදහළ ශ්‍රී සද්ධර්මය ගැන උත්තරීතර ශ්‍රද්ධාව ලබාගන්න.”

සා තේ සද්ධා නිවිට්ඨස්ස මූලජාතා පතිට්ඨිතා,

යාවජීවං අසංහීරා සද්ධම්මේ සුප්පවේදිතේ

“ඒ ශ්‍රද්ධාවට පැමිණිලා ඒකෙ මුල් බැසලා පිහිටන්න. එතකොට බුදු සමිඳුන් විසින් මනා කොට දෙසූ ඒ සදහම් ගැන පිහිටි ශ්‍රද්ධාව ඔබේ ජීවිතේ තියෙන තාක්කල්ම එය කාටවත් උදුරාගන්න බෑ.”

කායදුච්චරිතං හිත්වා වචීදුච්චරිතානි ච,

මනෝදුච්චරිතං හිත්වා යඤ්චඤ්ඤං දෝසසඤ්හිතං

“කාය දුසිරිතත්, වචී දුසිරිතත් අත්හරින්න. මනෝ දුසිරිතත්, වෙන දොස් සහිත වූ අකුසලුත් අත්හරින්න.”

කායේන කුසලං කත්වා වාචාය කුසලං බහුං,

මනසා කුසලං කත්වා අප්පමාණං නිරූපධිං

“කයෙනුත්, වචනයෙනුත් බොහෝ කුසල් කර මනසිනුත් පිරිසිදු වූ කුසල් අප්‍රමාණව කරන්න.”

තතෝ ඕපධිකං පුඤ්ඤං කත්වා දානේන තං බහුං,

අඤ්ඤේ’පි මච්චේ සද්ධම්මේ බ්‍රහ්මචරියේ නිවේසය

“ඒ විදිහට දන් දීමෙනුත් මතුවට සැප ලබාදෙන පින් ගොඩාක් කරන්න. අනිත් මිනිසුන්වත් ධර්මයේ පිහිටුවන්න. බ්‍රහ්මචරියාවේ පිහිටුවන්න.”

ඉමාය අනුකම්පාය දේවා දේවං යදා විදූ,

චවන්තං අනුමෝදන්ති ඒහි දේව පුනප්පුනන්ති

“මේ විදිහට දෙවිවරුන් යම් වෙලාවක චුත වෙන දෙවිකෙනෙක්ව දකිනවා නම් ඔය වචන කියන්නේ අනුකම්පාවෙන්මයි. ඒ වගේම ඒ දෙවියාගේ සිතේ දුක නැති කරන අදහසින් “දෙවිය, ඔබ ආයෙ ආයෙමත් මෙහි එන්න.” කියලා සතුටු කරවනවා.”

අසරණ වෙන්න එපා!

ඔයාලත් ආවේ දිව්‍යලෝකෙන් නම් මේ අවවාද දෙවියන් විසින් ඔයාලටත් කරන්න ඇති. නමුත් අපි දැන් බලන්න ඕන දෙවියෝ කියපු විදිහේ ජීවිතයක් ද මට තියෙන්නේ කියලයි. දෙවිවරු අවසාන වචනේ විදිහට කියනවනේ “දෙවිය, ඔබ ආයෙ ආයෙමත් මෙහි එන්න.” කියලා. එහෙම කිව්වත් දෙවියන් අතරට යන්න නම් කෙනෙක් ඒ උදෙසා කළ යුතු දේවල් කරන්න ඕන. කෙනෙක් දෙවියන් අතරින් මෙහෙට ආවත් මෙහේ පව් කරමින් දුස්සීලව නම් ඉන්නේ එයාට මේ අවුරුදු අසූවක් විතර කෙටි මිනිස් ජීවිතෙන් පස්සේ යන්න වෙන්නේ දුගතියටයි.

නමුත් මෙහෙම දේකුත් තියනවා. මොන ලෝකෙක ඉඳලා මේ මනුස්ස ලෝකෙට ආවත් අද මේ ලිපිය කියවපු ඔයාලා දන්නවා දෙව්ලොවින් ආපු කෙනෙක්ට ලැබුණු වටිනා අවවාද. ඒ අවවාද හිතට අරගෙන පින් – කුසල් කරමින් සිල්වත්ව, ගුණවන්තව ජීවත් වුණොත් මනුස්ස ලෝකෙට ආවේ මොන ලෝකෙන් වුණත් මේ අවුරුදු අසූවක් විතර කෙටි මිනිස් ජීවිතෙන් පස්සේ අනිවාර්යෙන් සුගතියේ උපදින්න පුළුවන්කම ලැබෙයි.

යම් දවසක සජීව අජීව හැමදේම අතහැරලා තනියම මැරෙද්දී තමන් වෙනුවෙන් සුගති ආරක්ෂාවක් සලසාගෙන අසරණ නොවන මනුස්ස ජීවිතයක් ඇති කරගන්න මේ ලිපියේ පණිවිඩය ඔබට ආශීර්වාදයක් ම වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

මිත්‍ර පතිරූපකයෝ.
පින්වත් යොවුන් දූ දරුවනේ,

මිත්‍ර පතිරූපක කියන්නේ මිතුරු වෙස් ගත් අමිත්‍රයන්ට. මිත්‍ර පතිරූපකයෝ හරිම භයානකයි. ජීවිතයක සැනසුම මුළුමනින්ම නැසිලා යන්න එක මිත්‍ර පතිරූපකයෙක්ට අහුවුණත් ඇති. විශේෂයෙන් තරුණ කාලේ අපිට ගොඩක් යාළුවෝ ළං වෙනවා. අද කාලේ සමාජ මාධ්‍යවලින් ගොඩක් යාළුවෝ එකතු වෙනවා.

බොහෝ දෙනෙක් යාළුවෝ තෝරගන්නේ තමන්ගේ රුචිකත්වයට අනුව. යාළුවන්ගේ කතා විලාසේ, විලාසිතා කරන හැටි, එයාලා ආසා කරන දේවල් වගේ තමන් කැමති දේකට තව කෙනෙක් කැමති නම් එයාව තමන්ගේ හොඳම යාළුවා කරගන්නවා. තමන්ගේ රුචිකත්වයෙන් විතරක් මිත්‍රයෝ තෝරගන්න ගියොත් අපිටත් නොදැනී ම අපි මිත්‍ර පතිරූපකයන්ට අහු වෙන්න පුළුවන්.

ඒ නිසා අද මේ ලිපිය ඔයාලට ගොඩාක් උපකාර වෙයි. මිත්‍ර පතිරූපකයෝ හඳුනගන්න හැටිත්, සුහද මිත්‍රයෝ හඳුනගන්න හැටිත් අපි අද ලිපියෙන් ඉගෙන ගමු. ඉතින් වෙනදා වගේම බොහොම සෙනෙහසින් සිහිපත් කරනවා ‘වචනයක්වත් මඟ හැර ගන්නේ නැතිව මේ ලිපිය අවසානය තෙක් අවධානයෙන් කියවන්න. ඔයාලටත් සුන්දර මිතුදම් ඇති කරගැනීමට උවමනා කරන නුවණ මේ ලිපියෙන් ලැබේවි!’

සිඟාල

එක කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවාසය කළා. ඔය රජගහනුවර සිඟාල නමින් තරුණ සිටු පුත්‍රයෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිද්දී සිඟාලගේ නිවස අසලටත් වැඩම කොට වදාළා. ඒ මොහොතේ මහා කාරුණික බුදුරජුන්ගෙන් සිඟාල තරුණයාට වටිනා දහමක් ශ්‍රවණය කරන්ට වාසනාව උදා වුණා. ඒ දහම් කතාවේ දී තමයි බුදුරජාණන් වහන්සේ මිත්‍රයෝ සහ මිත්‍ර පතිරූපකයෝ ගැන පෙන්වා දී වදාළේ.

මිත්‍ර පතිරූපකයෝ…

“පින්වත් තරුණය, මිතුරන්ගේ වේශයෙන් සිටින එහෙත් මිතුරන් නොවන මිත්‍ර පතිරූපකයෝ සතර දෙනා ගැන දැන ගත යුතුයි. එනම්:

1. අඤ්ඤදත්ථුහර නම් මිත්‍ර පතිරූපකයා ගැන දැන ගත යුතුයි.

2. වචීපරම නම් මිත්‍ර පතිරූපකයා ගැන ද දැන ගත යුතුයි.

3. අනුප්පියභාණී නම් මිත්‍ර පතිරූපකයා ගැන දැන ගත යුතුයි.

4. අපායසහාය නම් මිත්‍ර පතිරූපකයා ගැනත් දැන ගත යුතුයි.

1. මිත්‍ර පතිරූපක අඤ්ඤදත්ථුහර

“පින්වත් තරුණය, මිතුරෙකුගේ වෙසින් සිටින අඤ්ඤදත්ථුහර අමිත්‍රයා ගැන මේ කරුණු හතරෙන් තේරුම් ගත යුතුයි.

1. (අඤ්ඤදත්ථුහරෝ හෝති) මිත්‍රයා ළඟ තියෙන වටින දෙයක් ඩැහැගෙන යන්න තමයි උත්සාහ කරන්නේ.

2. (අප්පේන බහුමිච්ඡති) මිත්‍රයාට පොඩි උදව්වක් කරලා මිත්‍රයාගෙන් බොහෝ දේ ගන්න කැමතියි.

3. (භයස්ස කිච්චං කරෝති) තමන්ට කරදරයක් විපතක් වුණ වෙලාවට උදව්වක් ගන්න තමයි මිත්‍රයා ව ඇසුරු කරන්නේ.

4. (සේවති අත්ථකාරණා) තමාගේ ම ලාභ ප්‍රයෝජන උදෙසා තමයි මිතුරුකම පවත්වන්නේ.

2. මිත්‍ර පතිරූපක වචීපරම

“පින්වත් තරුණය, මිතුරෙකුගේ වෙසින් සිටින වචීපරම අමිත්‍රයා ගැන මේ කරුණු හතරෙන් තේරුම් ගත යුතුයි.

1. (අතීතේන පටිසන්ථරති) මිත්‍රයාට උපකාරයක් ඕන කරන වෙලාවට ‘කලින් කිව්වා නම් මේ මේ උදව්ව කරන්ට තිබුණා’ ආදී වශයෙන් අතීතයෙන් සංග්‍රහ කරනවා.

2. (අනාගතේන පටිසන්ථරති) මිත්‍රයාට දැන් උපකාර ඕන කරලා තියෙද්දී ‘ඉදිරියේ දී ඔබ වෙනුවෙන් මං මෙබඳු දේ කරන්නම්’ ආදී වශයෙන් අනාගතයෙන් සංග්‍රහ කරනවා.

3. (නිරත්ථෙක්න සංගණ්හාති) උපකාරයක් අවශ්‍ය කරන වෙලාවේ මිත්‍රයාට උදව් කරනවා වෙනුවට ඔහේ නිරර්ථක වචනවලින් බොරු සංග්‍රහ කරනවා.

4. (පච්චුප්පන්නේසු කිච්චේසු බ්‍යසනං දස්සේති) මිත්‍රයාට උදව්වක් අවශ්‍ය වෙලා කරදරේක ඉන්න වෙලාවේ ඔහුට උදව් දෙනවා වෙනුවට තමාට සිදු වුණ විපත් කරදර කියා පානවා.

3. මිත්‍ර පතිරූපක අනුප්පියභාණී

“පින්වත් තරුණය, මිතුරෙකුගේ වෙසින් සිටින අනුප්පියභාණී අමිත්‍රයා ගැන මේ කරුණු හතරෙන් තේරුම් ගත යුතුයි.

1. (පාපකම්පි’ස්ස අනුජානාති) තමන්ගේ යහළුවා කරන පාපී ක්‍රියා හොඳයි කියලා අනුමත කරනවා.

2. (කල්‍යාණම්පි’ස්ස අනුජානාති) ඔහුගේ යහපත් ක්‍රියාත් හොඳයි කියලා අනුමත කරනවා.

3. (සම්මුඛා’ස්ස වණ්ණං භාසති) යහළුවා ඉන්න තැන්වල ඔහු ඉදිරියේ ප්‍රශංසා කරනවා.

4. (පරම්මුඛා’ස්ස අවණ්ණං භාසති) යහළුවා නැති තැන්වල තමන්ගේ ම යහළුවා හෙළා දැකලා නුගුණ කියනවා.

4. මිත්‍ර පතිරූපක අපායසහාය

“පින්වත් තරුණය, මිතුරෙකුගේ වෙසින් සිටින අපායසහාය අමිත්‍රයා ගැන මේ කරුණු හතරෙන් තේරුම් ගත යුතුයි.

1. (සුරාමේරයමජ්ජප්පමාදට්ඨානානුයෝගේ සහායෝ හෝති) මත් වීමටත්, ප්‍රමාදයටත් හේතු වෙන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය වෙනුවෙන් හිතවත් වෙනවා.

2. (විකාලවිසිඛාචරියානුයෝගේ සහායෝ හෝති) අවේලාවේ වීදි ගානේ ඇවිදින්නට යන්න හිතවත් වෙනවා.

3. (සමජ්ජාභිචරණේ සහායෝ හෝති) සංගීත, නාටක, ක්‍රීඩා සමාජශාලා ආදියෙහි ගැවසෙන්නට හිතවත් වෙනවා.

4. (ජූතප්පමාදට්ඨානානුයෝගේ සහායෝ හෝති) ප්‍රමාදයට හේතුවෙන සූදු ක්‍රීඩාවේ යෙදෙන්නට හිතවත් වෙනවා.

මේ තමයි මිත්‍ර වෙසින් ඉන්න අමිත්‍රයෝ! මිත්‍ර පතිරූපකයෝ. මිත්‍ර පතිරූපක ඇසුර හරිම භයානකයි. මොකද මේ ඉහත කාරණාවලින්ම තේරෙනවා ඔවුන් පවිටුයි. අධමයි. අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ (නිහීයති පුරිසෝ නිහීන සේවි) ‘හීන ගති ඇති අයව ඇසුරු කරන කෙනාගේ ජීවිතේ පිරිහී යනවා’ කියලයි. ඒ නිසා (න භජේ පාපකේ මිත්තේ) පවිටු ගතිගුණ ඇති අයව මිත්‍රයෝ විදිහට ළං කරගන්න එපා! (න භජේ පුරිසා’ධමේ) අධම ගති ඇති උදවිය ඇසුරට ළං කරගන්න එපා! කියලා.

ඉතින් ඒ නිසා තමන් දැන් ඇසුරු කරමින් ඉන්න මිතුරන්වත්, අලුතෙන් මිතුදමක් ගොඩනඟා ගන්න හිතන අයවත් මේ විදිහේ ලක්ෂණවලින් යුක්තයි ද කියලා අවධානයකින් ඉන්න ඕනි. එතකොට මිත්‍ර පතිරූපකයින්ව තේරුම් ගන්න පුළුවන්. මේ දැනගත්ත කරුණුවලින් අපිට මිත්‍ර පතිරූපකයෙක් හඳුනාගන්න පුළුවන් වුණොත් මොකක්ද කළ යුත්තේ?

ඒතේ අමිත්තේ චත්තාරෝ ඉති විඤ්ඤාය පණ්ඩිතෝ,

ආරකා පරිවජ්ජෙය්‍ය – මග්ගං පටිභයං යථා”ති

“නුවණැත්තා මේ සිව් දෙනා මිතුරන් නොවන බව තේරුම් ගෙන භය සහිත මාර්ගයක් දුරු කරන කෙනෙකු වගේ මේ අමිත්‍රයෝ හතරදෙනාව දුරින් ම දුරු කරනවා.”

සුහද මිතුරෝ…

ජීවිතයක් සුන්දර වෙන්න බලපාන්නෙත් මිත්‍රයෝ ම තමයි. නමුත් ඒ හැබෑම සුහද මිතුරෝ ලැබුණොත් විතරයි. ඒ නිසාම සුහද මිතුරෝ තේරුම් ගන්නත් අපිට දැනුමක් තිබිය යුතුයි.

“පින්වත් තරුණය, මිතුරන් කෙරෙහි හැබෑම මිතුදමක් පවත්වන මේ සුහද මිතුරෝ සතරදෙනා ගැනත් දැන ගත යුතුයි.

1. උපකාරී නම් සුහද මිතුරා ගැන දැන ගත යුතුයි.

2. සමානසුඛදුක්ඛ නම් සුහද මිතුරා ගැන දැන ගත යුතුයි.

3. අත්ථක්ඛායී නම් සුහද මිතුරා ගැන දැන ගත යුතුයි.

4. අනුකම්පක නම් සුහද මිතුරා දැන ගත යුතුයි.

1. උපකාරී සුහද මිතුරා

“පින්වත් තරුණය, කරුණු හතරකින් උපකාරී නම් සුහද මිතුරා දැන ගත යුතුයි.

1. (පමත්තං රක්ඛති) ප්‍රමාදයට පත් වුණ මිතුරා ව රකිනවා.

2. (පමත්තස්ස සාපතෙය්‍යං රක්ඛති) ප්‍රමාද වුණ මිතුරා සතු වටිනා දේත් රකිනවා.

3. (භීතස්ස සරණං හෝති) මිත්‍රයාට බියක් ඇති වෙන තැනේ දී පිහිට වෙනවා.

4. (උප්පන්නේ කිච්චකරණීයේ තද්දිගුණං භෝගං අනුප්පදේති) මිතුරාට කළ යුතු දෙයක් තියෙද්දී ඊට අවශ්‍ය පමණටත් වඩා දෙගුණයක් සම්පත් ලබා දීලා උදව් කරනවා.

2. සමානසුඛදුක්ඛ සුහද මිතුරා

“පින්වත් තරුණය, කරුණු හතරකින් සමානසුඛදුක්ඛ නම් සුහද මිතුරා දැන ගත යුතුයි.

1. (ගුය්හමස්ස ආචික්ඛති) තමාගේ පෞද්ගලික දේවල් තම මිතුරාට සඟවන්නේ නෑ. ඒවා මිත්‍රයාට කියනවා.

2. (ගුය්හමස්ස පරිගූහති) මිතුරාගේ යම් පෞද්ගලික කරුණු තමන්ට කියා තිබෙනවා නම් ඒවා පිටතට නොදී සුරකිනවා.

3. (ආපදාසු න විජහති) විපතක දී මිතුරාව මඟ හැරලා යන්නේ නෑ.

4. (ජීවිතම්පි’ස්ස අත්ථාය පරිච්චත්තං හෝති.) මිතුරාගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුවත් පුදන්නට කැමැතියි.

3. අත්ථක්ඛායී සුහද මිතුරා

“පින්වත් තරුණය, කරුණු හතරකින් අත්ථක්ඛායී නම් සුහද මිතුරා දැන ගත යුතුයි.

1. (පාපා නිවාරේති) තමන්ගේ මිතුරා ව පවින් වළක්වනවා.

2. (කල්‍යාණේ නිවේසේති) පිනෙහි යොදවනවා.

3. (අස්සුතං සාවේති) මිතුරා නොඇසූ ධර්මය ඔහුට අසන්නට සලස්වනවා.

4. (සග්ගස්ස මග්ගං ආචික්ඛති) සුගති රැකවරණය ලැබීමට මග කියා දෙනවා.

4. ආනුකම්පක සුහද මිතුරා

“පින්වත් තරුණය, කරුණු හතරකින් ආනුකම්පක නම් සුහද මිතුරා දැන ගත යුතුයි.

1. (අභවේනස්ස න නන්දති) තමන්ගේ මිතුරාගේ පිරිහීම ගැන සතුටු වෙන්නේ නෑ.

2. (භවේනස්ස නන්දති) දියුණුව ගැන සතුටු වෙනවා.

3. (අවණ්ණං භණමානං නිවාරේති) අන්‍යයන් විසින් තමන්ගේ මිතුරාගේ නුගුණ කියන විට එය වළක්වනවා.

4. (වණ්ණං භණමානං පසංසති) මිතුරාගේ ගුණ කියන කෙනා ව පසසනවා.

මිතුදමට මේ වගේ සොඳුරු ලක්ෂණ ඇති අයව ලැබුණොත් ඒ මිතුදම ගැන කටයුතු කළ යුත්තේ කොහොමද?

ඒතේ පි මිත්තේ චත්තාරෝ – ඉති විඤ්ඤාය පණ්ඩිතෝ

සක්කච්චං පයිරුපාසෙය්‍ය – මාතා පුත්තං’ව ඕරසං

නුවණැත්තා මේ කරුණුවලින් මේ මිතුරන් සිව් දෙනා සැබෑම සුහද මිතුරෝ ලෙස හඳුනාගෙන තම කුසෙහි උපන් පුතුට සලකන මවක සේ සකස් කොට ඇසුරු කළ යුතුයි.”

ලෝකයට මිතුරන් සහ මිත්‍ර පතිරූපකයන් හඳුනාගන්න ආකාරය පවා දේශනා කළ මහා කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ වන අපගේ බුදුරජාණන් වහන්සේගේ දහමින් සුන්දර මිතුදම් ඇති කරගැනීමට උවමනා කරන නුවණ අපි මේ ලිපියෙන් ඔබට සමීප කළා. ඒ නුවණින් තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්න ඔබ හැම දෙනෙක්ට වාසනාව ලැබේවා!

තෙරුවන් සරණයි!

මෛත්‍රියේ වටිනාකම හිතාගන්නත් බෑ.
පින්වත් යොවුන් දූ දරුවනේ,

මේ අදහස හිතක කාවද්දගන්න වටිනවා. ‘මෛත්‍රියේ වටිනාකම හිතාගන්නත් බෑ!’ කියන අදහස අපට ඇත්තෙන්ම හිතාගන්න බැරි තරම් ආරක්ෂාවක්. මෛත්‍රිය කියන්නේ හිතක් ලස්සන කරන ලස්සන ම ලස්සන ගුණයක්. මෛත්‍රිය හිතේ තියෙන හැම මොහොතක්ම අපේ ජීවිතේ නැකැත් මොහොතක් කීවොත් වරදක් නෑ. අද මේ ලිපිය හිතාගන්නත් බැරි තරම් වටින මෛත්‍රිය ගැනයි.

ඉතින් වෙනදා වගේම බොහොම සෙනෙහසින් සිහිපත් කරනවා “අවසානය තෙක්ම ඔබ මේ ලිපිය හා රැඳී ඉන්න. ඔබටත් මෛත්‍රිය කියන ලස්සන ම ලස්සන ගුණයේ වටිනාකම දැනේවි!

ගෙයක් පාසා මෙත් වඩන භික්ෂුවක්…

බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලේ ගෙයක් ගෙයක් පාසා මෛත්‍රී ධ්‍යානයට සමවැදෙමින් පිණ්ඩපාතේ වඩින රහතන් වහන්සේනමක් වැඩ හිටියා. ඒ තමයි සුභූති මහරහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ එහෙම කළේ පිණ්ඩපාතේ බෙදන මිනිස්සු ගැන අනුකම්පාවෙන්. ‘මේ සැදැහැවතුන් අප උදෙසා පුදන පිණ්ඩපාතය තවත් බොහෝ මහත්ඵල වේවා!’ කියන හැඟීමෙන් රහතන් වහන්සේ පිණ්ඩපාතය පිණිස එළඹෙන ගෙයක් ගෙයක් පාසා බලවත් මෛත්‍රී සිතක් ඇති කරගෙන ධ්‍යානයට සමවැදී ඉන් නැඟී හිටිනවා. ඉන්පස්සේ තමයි දන් පිළිගන්නේ. ඒ රහත් මුනිඳුන්ගේ මේ ක්‍රියාව නිසාම අපගේ භාග්‍යවතුන් වහන්සේ මහා සඟපිරිස මැද සුභූති මහරහතන් වහන්සේට අග තනතුරක් පිරිනැමුවා.

“ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං භික්ඛූනං දක්ඛිණෙය්‍යානං යදිදං සුභූති,”

“පින්වත් මහණෙනි, මේ පින්වත් සුභූති වනාහී දක්ෂිණාවන්ට සුදුසු භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වන්නේ ය.”

(අංගුත්තර නිකාය – ඒතදග්ගපාළි)

ඇත්තෙන්ම උන්වහන්සේ අරහත්වයට පත් වුණෙත් මෛත්‍රී ධ්‍යාන පාදක කරගෙනයි. ඒ අසිරිමත් මෛත්‍රිය මොන තරම් ආනුභාව සම්පන්න වුණා ද කියන්නේ සුභූති මහරහතන් වහන්සේට දෙවිවරු ගොඩාක් ආදර ගෞරව දැක්වූවා.

මොකෝ මේ වැහි නැත්තේ…?

එක කාලෙක මෙහෙම සිදුවීමක් වුණා. සුභූති මහරහතන් වහන්සේ වස් කාලේ ළං වෙලා තියෙද්දී රජගහනුවරට වැඩම කළා. ඒ වෙද්දී රජගහනුවර පාලනය කළ සේනිය බිම්බිසාර රජුට ආරංචි වුණා උන්වහන්සේගේ වැඩමවීම. ඉතින් රජ්ජුරුවෝ ඉතාම ගෞරයෙන් උන්වහන්සේව වන්දනා කරගන්න ගියා. වස් කාලේ ළඟ නිසා සුභූති මහරහතන් වහන්සේට “ස්වාමීනී, මේ රජගහනුවර වනයේම වස් වසනා සේක්වා! මම ඔබවහන්සේ වෙනුවෙන් සියලු ප්‍රත්‍ය පහසුකම් බලන්නම්!” කියලා බිම්බිසාර රජු උන්වහන්සේට වස් ආරාධනා කළා. සුභූති මහරහතන් වහන්සේත් ඒ ආරාධනාව නිහඬවම පිළිගෙන වදාළා.

නමුත් රජ්ජුරුවන්ට මේක අමතක වුණා. ඔන්න වස් කාලේ පැමිණුනා. සාමාන්‍යයෙන් වස් කාලේ කියන්නේ ඉන්දියාවට අනිවාර්යෙන්ම වහිනවා. ඒ නිසා වැහි දියෙන් කුඹුරු කරන ගොවියෝ භූමි සකස් කරගෙන බලාගෙන ඉන්නවා වැස්ස පටන් ගන්නකං. නමුත් මේ වතාවේ බලාපොරොත්තු වෙන විදිහට වැස්ස පටන් ගත්තේ නෑ.

මොකද හේතුව: ‘මෛත්‍රියෙන් පිරුණු හිතකින් වැඩඉන්න සුභූති මුනිඳුන්ට පීඩාවක් නොවේවා!’ කියන අදහස නිසා කුටියක් නැති රහතන් වහන්සේ තෙමේවි! කියන බයෙන් දෙවියෝ වැහි ඇද හැළීම නැවැත්තුවා. “මොකෝ මේ වැහි නැත්තේ…?” කියලා හිතාගන්න බැරිව මිනිස්සු මේ ගැන රජුටත් දැනුම් දුන්නා. බිම්බිසාර රජු කල්පනා කරද්දී තමයි එකපාර මතක් වුණේ. ‘මම ඒ උතුම් සුභූති මුනිඳුන්ට වස් ආරාධනා කළාට කුටියක් සෙනසුනක් කරවා දුන්නේ නෑනේ’ කියලා. රජු ඉක්මනින් තෙරුන් වහන්සේ ළඟට ගිහින් සමාව ගත්තා. සේවක පිරිසට අණ කරලා ඉක්මනින්ම කුටියක් කරවලා සුභූති රහත් මුනිඳුන්ට පූජා කළා.

උන්වහන්සේ කුටියට පිවිසුණු මොහොතේම දෙවියෝ සතුටු වෙලා රජගහනුවරට වැහි වැටෙන්න සැලැස්සුවා. මෛත්‍රිය මොනතරම් පුදුම දෙයක් ද!

ආනිශංස එකොළහක්…

අපේ සිත තුළ මෛත්‍රිය තිබුණොත් එයින් අපේ ජීවිතේට ලැබෙන පහසුව, ආරක්ෂාව ආනිශංස එකොළහකින් අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළා.

1. සුඛං සුපති – සුව සේ නින්ද යනවා.

මේකත් ජීවිතේකට මොනතරම් පහසුවක් ද! තමන්ට නිදි සුවය අවශ්‍ය වෙලාවේ පහසුවෙන් නින්දට යන්න ලැබීමත් එදිනෙදා කටයුතු පහසුවෙන් කරගැනීමට මොනතරම් සහනයක් වෙනව ද.

2. සුඛං පටිබුජ්ඣති – සුව සේ අවදි වෙනවා.

ඇතැම් අයගේ නින්දෙන් අවදි වීම වෙහෙසකර බර දෙයක්. නිදාගෙන අවදිවෙද්දී ගුටි කාලා නැඟිට්ටා වගේ ඇඟ රිදෙනවා. අවදිවෙද්දී ඔළුව බරයි. ඔය වගේ අපහසුතා දවස පටන් ගද්දිම තිබුණොත් ඒකත් ඇති ජීවිතේ සහනයක් නැති වෙන්න. ඒ මෛත්‍රියෙන් ලැබෙන ඒ ආනිශංසයත් කොතරම් වටිනව ද.

3. න පාපකං සුපිනං පස්සති – පාපී සිහින පේන්නේ නෑ.

නින්ද අතරතුර භයජනක, අප්‍රසන්න හීන පේන්න ගත්තොත් නිදාගෙන ඉන්න හෝරා කීපෙත් පීඩාවක් වෙනවනේ. මෛත්‍රිය මොනතරම් සහනයක් ද! එබඳු සිහින ආදියෙන් ඇතිවෙන වෙහෙසත් මෛත්‍රියෙන් දුරු වෙලා යනවා.

4. මනුස්සානං පියෝ හෝති – මිනිස්සුන්ට ප්‍රිය වෙනවා.

එකට ඉන්න මිනිස්සුන්ට තමන් ව ප්‍රිය වේවා! කියන කාරණේ පතලා යැදලා ඉල්ලලා ගන්න පුළුවන් එකක් නෙවෙයිනෙ. ධනයකින් බලයකින් දක්ෂතාවයකින් ගන්නත් බෑ. නමුත් මෛත්‍රිය අපට ඒ පහසුවත් උපදවා දෙනවා.

5. අමනුස්සානං පියෝ හෝති – අමනුස්සයන් හට ප්‍රියමනාප වෙනවා.

මිනිසුන්ගෙන් වෙන උවදුරු වගේමයි මේ ජීවිතේට නොමිනිස් අමනුස්සයන්ගෙන් උවදුරු තිබෙනවා. මෛත්‍රියේ ආනිශංසයක් විදිහට නොමිනිස් උවදුරු වළකිනවා කියන්නේ ඒක ජීවිතේකට මොන තරම් වටිනව ද.

6. දේවතා රක්ඛන්ති – දෙවියන්ගේ රැකවරණ ලැබෙනවා.

මේ ලෝකෙ බෞද්ධ අබෞද්ධ කවුරුත් පාහේ දෙවියන්ගේ රැකවරණය ගැන හිතනවා. දෙවියන් පිළිගන්නේ නෑ කියමින් තර්ක කරන අය පවා ජීවිතේට විසඳගන්න අමාරු ප්‍රශ්න ආපු වෙලාවට දෙවියන්ගෙන් ආරක්ෂාව පතනවා. නමුත් අපි විශේෂයෙන් දෙවියන්ගෙන් ආරක්ෂාවක් නොපැතුවත් මෛත්‍රිය පුරුදු කළොත් එහි ආනිශංසයක් විදිහට දෙවියෝ අපව රක්ෂා කරනවා. බලන්න! මෛත්‍රියේ වටිනාකම හිතාගන්නත් බැරි තරම් නේද!

7. නාස්ස අග්ගී වා විසං වා සත්ථං වා කමති – ගින්නෙන් හෝ වස විසෙන් හෝ අවි ආයුධයෙන් හෝ අනතුරක් වෙන්නේ නෑ.

ජීවිතේක වළක්වන්න අමාරු අනපේක්ෂිත ගිනි අනතුරු, අවි ආයුධවලින් වෙන අනතුරු, වස විසෙන් වන අනතුරු පවා වළකිනවා කියන්නේ මෛත්‍රිය හරියට අද්භූත ආරක්ෂක යන්තරයක් වගේ දෙයක්නෙ. ඉතින් බුද්ධිමත් කෙනෙක් මොන තරම් නම් මෛත්‍රියට ආසා කළ යුතුයි ද.

8. තුවටං චිත්තං සමාධියති – වහා සිත සමාධිමත් වෙනවා.

සිතක තියෙන ඒකාග්‍ර බව ජීවිතේකට විශාල පහසුවක්. ඒක නොතේරුණත්, හිතක ඇවිස්සුණු බව ජීවිතේ එදිනෙදා කටයුතුවලට පවා මොන තරම් අපහසුවක් ද කියන එක අපි ඕන කෙනෙක්ට තේරෙනවනේ. එහෙමනම් නුවණින් තේරුම් ගන්න පුළුවන් සිත තැන්පත් නම් ඒක එදිනෙදා ජීවිතේට පවා විශාල පහසුවක් බව. මෛත්‍රිය අපේ සිත පහසුවෙන් ම තැන්පත් කරවනවා.

9. මුඛවණ්ණෝ විප්පසීදති – මුහුණේ පෙනුම පැහැපත් වෙනවා.

හිතක තියෙන වේදනාව මුහුණෙන් පේනවා වගේ, හිතක තියෙන පීඩාව මුහුණෙන් පේනවා වගේ, හිතක අසහනකාරී බව මුහුණෙන් පේනවා වගේ තමයි හිතක මෛත්‍රිය තිබුණොත් ඒකත් මුහුණෙන් පේන්න ගන්නවා. මෛත්‍රිය තියෙන කෙනාගෙ මුහුණ දකිද්දිත් සැනසුමක් ලැබෙන තරම් පියකරු වෙනවා.

10. අසම්මූළ්හෝ කාලං කරෝති – සිහි මුළා නොවී කළුරිය කරනවා.

මේ ලොවෙන් සමුගත යුතු යම් මොහොතක් අපි හැම දෙනාටම එනවා. ඒ මොහොතේ කිසිම ධනයකින්, බලයකින්, උගත්කමකින්, දක්ෂකමකින්, ප්‍රසිද්ධියකින් අපිට සැනසුමක් ලැබෙන්නේ නෑ. නමුත් මෛත්‍රියට පුළුවන් ජීවිතේ අවසන් මොහොතේ පවා අපිට මිතුරෙක් වගේ මුළා නොවුණ හොඳ සිහියකින් මරණය සමීප කරවා දෙන්න.

11. උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති – උත්තරීතර මාර්ගඵල අවබෝධයක් ලබා නොතිබුණත් මරණින් මත්තේ බඹලොවේ උපත ලබනවා.

බලන්න! මෛත්‍රියෙන් ලැබෙන මෙලොව ආනිශංස ගැන කවර කතා ද. මෛත්‍රිය අපේ පරලොවත් රකිනවා. ධනයනට බලයකට කුලයකට උගත්කමට නෑ මිතුරෙකුට ලැබ දිය නොහැකි පරලොව ආරක්ෂාව පවා මෛත්‍රියෙන් උපදවා දෙනවා.

මට නම් වටින්නේ මෛත්‍රිය ම යි!

ඇත්තෙන්ම මෙතරම් කරුණු දැනගත්තාට පස්සේ ඔබට හිතෙන්නම ඕන ඒක. ‘මට නම් වටින්නේ මෛත්‍රිය’ කියලා. ඉතින් සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක්පීඩා නැත්තෝ වෙත්වා! සුවසේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා! ආදී වශයෙන් නිතර මෛත්‍රී සහගත සිතකින් ම වාසය කරන්න. තව තවත් බුද්ධ දේශනා තුළ මෛත්‍රිය ගැන කරුණු හොයන්න.

මෛත්‍රිය නමැති ලස්සන ම ලස්සන ගුණයෙන් හැම දෙනාගේ සිත් සතන් ලස්සන කරගන්න වාසනාව ලැබේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

වාසනාව බිඳගන්ට එපා…!
පින්වත් යොවුන් දූ දරුවනේ,

ගොඩාක් දෙනෙක් තමන්ගේ වාසනාව තේරුම් ගන්න අදක්ෂයි. සමහර විට මේ ලිපිය කියවන ඔබත් ඔබේ වාසනාව තේරුම් ගන්න අදක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අද මේ ලිපිය අවසන් වෙද්දී ඔබට ඔබේ වාසනාව තේරුම් ගන්න පුළුවන් වෙයි. වාසනාව තේරුම් ගත්තොත් එය රැකගන්න පුළුවන් වෙයි. නමුත් ඔබට ඔබේ ම වාසනාව තේරුම් ගන්න බැරි වුණොත් නම් ඉතා ම අවාසනාවන්ත විදිහට වාසනාව බිඳිලා යයි. ඔබ නම් වාසනාව බිඳ ගන්ට එපා!

‘වචනයක්වත් මඟ හැර ගන්නේ නැතිව මේ ලිපිය අවසානය තෙක් අවධානයෙන් කියවන්න’ කියලා සෙනෙහසින් ආරාධනා කරමින් ඔබේ වාසනාව තේරුම් කරන්නයි මේ සූදානම.

එක ම ලෝකෙක ඇයි මෙහෙම වෙනසක්..?

එහෙම හිතුණේ සුභ කියන තරුණයාට. ‘එක ම ලෝකෙක ඇයි මෙහෙම වෙනසක්? කවරෙක් ද මේ වෙනස මැව්වේ?’

සුභ ඒ ප්‍රශ්නෙට විසඳුම හොයාගෙන හරි ම කෙනා ළඟට යන්න වාසනාවන්ත වුණා. ඔව්! සියල්ල දන්නා, සියල්ල දක්නා, සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් සුභ මෙහෙම ඇහුවා.

“ස්වාමීනී, මේ එක ම මිනිස් ලොවේ මිනිසුන් අතරේ මේ විදිහේ උස් පහත් බවක් දකින්ට ලැබෙන්නේ ඇයි? සමහරු දීර්ඝායුෂ විඳිද්දී, සමහරු අඩු ආයුෂෙන් මැරෙන්නෙ ඇයි? සමහරු ලෙඩ රෝග ගොඩකින් පොඩි කාලේ පටන් ම විඳවද්දී, සමහරු නීරෝගී ව සුවපත් ව ඉන්නෙ මොකක් නිසා ද? සමහරු ලස්සන වෙලා උපන්නත්, සමහරු එච්චර ලස්සන නැත්තේ ඇයි? සමහරු හරිම ප්‍රසිද්ධයි, පිළිගැනීම් ගොඩයි. ඒත් සමහරු හරිම අල්පේශාක්‍යයි. කවුරුත් ගණන් ගන්නෙවත් නෑ. සමහරු උසස් ගෙවල්වල ඉපදෙනවා. සමහරු පහත් ගෙවල්වල උපදිනවා. සමහරු ධනවත්. සමහරු දුප්පත්. සමහරු නුවණක්කාරයි. සමහරු මෝඩයි. ඇයි ස්වාමීනී, එක ම මිනිස් ලොවේ මෙහෙම වෙනසක්?”

තමන් ම යි තමන්ගේ නිර්මාණකරුවා…

බුදුරජාණන් වහන්සේ සුභගේ ප්‍රශ්නෙට මෙහෙම පිළිතුරු දුන්නා. “(කම්මස්සකා මාණව සත්තා) පින්වත් තරුණය, මේ සත්වයා තමන්ගේ දේ කරගෙන ඉන්නෙ කර්මයයි. (කම්මදායාදා) කර්මය තමයි දායාදය. (කම්මයෝනි) කර්මය තමයි උප්පත්ති ස්ථානය. (කම්මබන්ධූ) කර්මය තමයි ඤාතියා. (කම්මප්පටිසරණා) කර්මය තමයි පිළිසරණ. (කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතා) කර්මය තමයි මේ උස් පහත් වූ බෙදීම කරන ලද්දේ.”

මේ කරුණ බුදුරජාණන් වහන්සේ වදාළේ චූල කම්මවිභංග දේශනාවේ දී. ඉතින් කර්මයෙන් නම් මේ උස්පහත් බව බෙදුණේ, ඔබ අද ඉන්න විදිහට නිර්මාණය වුණේ කුමක් නිසා ද! ඇත්තෙන්ම ඔබ ම අතීතේ කරපු කර්ම නිසා. ඒක තවදුරටත් තේරුම් ගන්න මෙහෙම.

අතීතේ ප්‍රාණඝාතයෙන් වැළකුණු අයයි, මේ ජීවිතේ දීර්ඝායුෂ විඳින්නේ. අතීතේ ප්‍රාණඝාත කළ අය මේ ජීවිතේ අඩු ආයුෂෙන් මැරෙනවා. සත්ව හිංසාවේ යෙදුණු අය ලෙඩ රෝග ගොඩකින් පොඩි කාලේ පටන් ම විඳවනවා. සතුන්ට ආදර දයා කරුණා දැක්වූ අය නීරෝගී ව සුවපත් ව ජීවත් වෙනවා. හොඳින් මෛත්‍රී වැඩූ අය ලස්සන වෙලා උපදිනවා. කේන්තියෙන් අමනාපෙන් කර්ම කරගත්ත අය අවලස්සනට උපදිනවා. අනුන්ට ඉරිසියා නොකර පිදිය යුත්තන් පුදපු අය මේ ජීවිතේ හරි ම ප්‍රසිද්ධයි, පිළිගැනීම් ගොඩයි. අනුන්ට ඉරිසියාකාරකම් කර කර, අනුන්ගේ ගුණ මකමින් කර්ම කරගත් අය මේ ජීවිතේ හරි ම අල්පේශාක්‍යයි. කවුරුත් ගණන් ගන්නෙවත් නෑ. පෙර සසරේ දන් දීපු අය උසස් ගෙවල්වල ඉපදෙනවා, ධනවත් ව උපදිනවා. දන් නොදී මසුරු ව හිටපු අය දුප්පත් ව උපදිනවා. පෙර සසරේ නුවණැත්තන් ආසාවෙන් ඇසුරු කරමින් නුවණ උපදන අවවාද ඇසුරු කරපු අය මේ ජීවිතේ නුවණැත්තන් වෙලා උපදිනවා. පෙර සසරේ නැණවතුන්ගේ ඇසුර සොයා නොගිය අය මේ ජීවිතේ අනුවණ වෙලා උපදිනවා. පෙර සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වී හිටපු අය මේ ජීවිතේ මන්දබුද්ධික වෙලා, එහෙම නැත්නම් උමතු වෙලා උපදිනවා. පෙර සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකළ අය මේ ජීවිතේ හොඳ සිහි කල්පනාවක් ඇති ජීවිත ලබනවා.

ඉතින් මේ විදිහට කරුණු දැනගනිද්දී තේරෙනවා නේද තමන්ගේ නිර්මාණකරුවා තමන් ම යි කියලා.

මට වැරදුණු තැන – මම හදා ගනිමි…

ඔයාල අහලා ඇති පසේනදී කෝසල රජු ගැන. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ මුළු කෝසලයේ ම පාලකයා තමයි කොසොල් රජු. ඔය රජුගේ අගමෙහෙසිය තමයි මල්ලිකා දේවි. මල්ලිකා දේවි ගොඩාක් ලස්සන කෙනෙක් නෙවෙයි. දවසක් ඇය බුදුරජාණන් වහන්සේ හමු වීමට ඇවිත් මේ විදිහේ කතාබහක් ඇති වුණා.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම දකිනවා මේ සමාජයේ ඇතැම් ස්ත්‍රීන්, ඔවුන් හරි ම ධනවත්. නමුත් ස්වාමීනී, ඇතැම් ස්ත්‍රීන් ඉතා දුප්පත්. ඇයි ස්වාමීනී එහෙම වෙනසක් වුණේ?”

“මල්ලිකාවෙනි, ගොඩාක් ධනවත් ව උපන් ස්ත්‍රීන් අතීතේ දන් දුන් අයයි. ඔය දුප්පත් ස්ත්‍රීන් අතීතෙ දන් නොදුන් මසුරු ව සිටි අයයි.”

“ස්වාමීනී, මම දකිනවා මේ සමාජෙ ඇතැම් ස්ත්‍රීන්, ඔවුන් හරි ම ලස්සනයි. එහෙත් ස්වාමීනී, ඇතැම් ස්ත්‍රීන් එහෙම ලස්සන නෑ. ඇයි ස්වාමීනී, එහෙම වෙනසක් වුණේ?”

“මල්ලිකාවෙනි, අතීත ජීවිතවල මෙත් සිත වැඩූ අය තමයි මේ ජීවිතේ ලස්සන වෙලා ඉපදී සිටින්නේ? අතීත ජීවිතවල මෙත් සිත නැති කරගෙන තරහා කේන්තිය පුරුදු කරපු අය මේ ජීවිතේ අවලස්සනයි.”

මේ අර්ථය තේරුම් ගත්තාට පස්සේ මල්ලිකා දේවි බුදුරජාණන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, එසේ නම් මට තේරෙනවා මම අතීතෙ හොඳට දන් දුන් කෙනෙක්. මම මසුරු වෙලා නෑ. ඒකනේ ස්වාමීනී, මට මේ ජීවිතේ මෙතරම් ධනවත්කමක් ලැබුණේ. ස්වාමීනී, මම ඒ අතීතෙත් දන් දුන් පුරුද්ද මම මේ ජීවිතේත් අඛණ්ඩව පුරුදු කරමි.

එහෙත් ස්වාමීනී. මට තේරෙනවා, මට අතීතෙ වැරදිලා තියෙනවා මෛත්‍රිය. මං තරහ අමනාපෙ පුරුදු කර කර ආපු එකියක්. මට වුණ ඒ වරද නිසානෙ මේ ජීවිතේ මං ලස්සන නැත්තෙ. ස්වාමීනී, ඒ මට වැරදුණු තැන, මම දැන් හදමි. මේ ජීවිතේ මම මෙත් සිතින් වාසය කරමි.”

ඔබත් ඔබව හඳුනගන්න…

ඉතින් මල්ලිකා දේවි තමාව හඳුනගත්තා වගේ ඔබත් ඔබව හඳුනගන්න. මව්කුස තුළ දී පවා මැරෙන මිනිස්සු අතරේ, අපි මේ තරම් කලක් හෝ නොමැරී ජීවත් වුණේ අපි පෙර සසරේ සතුන් නොමැරූ නිසා කියලා තේරුම් ගන්න. උපතින් ම මන්දබුද්ධික, උම්මන්තක මිනිස් ජීවිත ලබන අය අතරේ, අපි යමක් තේරුම් ගන්න පුළුවන් විදිහට උපන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයක් අතීත සසරේ නොකළ නිසා කියලා තේරුම් ගන්න. සත්පුරුෂ ඇසුරක් ලේසියෙන් හමු නොවෙන මිනිස් පියසේ අපි සත්පුරුෂ ඇසුරක් ලබන්න වාසනාවන්ත වුණෙත් අපි විසින් ම පෙර සසරේ කරන ලද යම් හෝ වටිනා යහපත් පින් කුසල් නිසා කියලා තේරුම් ගන්න. ඉතින් මේ වගේම තව තවත් පුළුවන් උපරිමයෙන් තමන්ව ම හඳුනගන්න දක්ෂ වෙන්න.

ඊළඟට තියෙන්නේ රැකගන්ටයි…

තමන් තමන්ගේ වාසනාව හඳුනගත්තොත් අපිට පුළුවන් ඒක රැකගන්න. හරියට මල්ලිකා දේවිය තමන් ව හඳුනාගෙන හොඳ දේ අඛණ්ඩ ව පුරුදු කරන්නත්, වැරදුණු තැන හදාගෙන නිවැරදි වෙන්නත් හිතට ගත්තා වගේ.

මොකද සුන්දර දෙයක් ගොඩනඟා ගන්නත්, රැකගන්නත් ගොඩාක් අමාරුයි. නමුත් ගොඩාක් කල් අරගෙන හදාගත්ත සුන්දර දෙයක් පවා බිඳෙන්ට යන්නේ මොහොතයි.

ඒ කාරණේ තේරුම්ගන්න මේ උපමාවෙන්. පස් ගොඩකින් මැටි කළයක් හදාගන්න කෙනෙක්ට උවමනා වුණොත් ඒක කරන්න යම්කිසි වෙහෙසක් දරන්න වෙනවා. ඒ කෙනා කළයක් හදන්න සුදුසු පසක් හඳුනගන්නත් දක්ෂයෙක් වෙන්න ඕන. ඒ පස සුදුසු පදමට සකස් කරගන්නත් දක්ෂයෙක් වෙන්න ඕන.

ඒ මැටි ගුලිය සකපෝරුවේ කරකවමින් ඇඟිලි හසුරුවන්න දක්ෂතාවය ඇති කරගෙන කළයක් නිර්මාණය කරගන්න දක්ෂයෙක් වෙන්නත් ඕන.

සකපෝරුව මත සකස් කරපු මැටි කළේ ඒකෙන් ගලවගන්න දක්ෂයෙක් වෙන්නත් ඕන. ඒ මැටි භාජනේ අවශ්‍ය ප්‍රමාණෙට අව්වේ වේළගන්නත් දක්ෂ වෙන්න ඕන. වේළා ගත්ත මැටි කළය සුදුසු පදමට පෝරණුවේ දාලා සකස් කරගන්නත් දක්ෂයෙක් වෙන්න ඕන. ඔය දක්ෂතා ඔක්කොම තිබුණොත් තමයි හොඳට පිළිවෙළට මැටි කළයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ.

නමුත් හිතන්න…, හොඳට ලස්සනට හදපු මැටි භාජනයක් බිඳින්න විශේෂ දක්ෂතාවයක් ඕන ද? සුළු වෑයමකින් හැඩට හදාගත්ත මැටි භාජනයක් කෑලි කෑලි වලට බිඳලා දාන්න පුළුවන්.

ඔබ අද ලැබූ වාසනාව ලස්සන මැටි කළයක් වගේ දකින්න. මනුෂ්‍ය ජීවිතේ ලැබීම, අකාලේ නොමැරී ජීවත් වෙන්න ලැබීම, ගොඩාක් ලෙඩරෝග නැති ඇඟක් ලැබීම, අංගවිකල නොවුණ සිරුරක් ලැබීම, හොඳ නරක තේරුම් ගන්න පුළුවන් මානසික හැකියාවක් ලැබීම, සත්පුරුෂ ඇසුරක් ලැබීම ආදී මේ හැමදේම ලස්සනට ලැබුණේ ඉබේ අහම්බෙට නෙවෙයි. මේ තමයි ඔබ වෙහෙසී හදාගත්ත වාසනාව. දැන් තියෙන්නේ ඒ වාසනාව හඳුනාගෙන රැකගන්නයි.

අද දීර්ඝායුෂ ලැබූ කෙනෙක් ජීවත් වෙන්නේ සත්තු මරමින් නම් එයා තමන්ගේ වාසනාව බිඳ ගන්නවා. ලෙඩරෝග අඩු කෙනෙක් දැන් සතුන්ට හිංසා කරනවා නම් එයා වාසනාව බිඳ ගන්නවා. සිහි කල්පනාව ඇති කෙනෙක් දැන් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරනවා නම් එයා වාසනාව බිඳ ගන්නවා. ලස්සන රුවක් ඇති කෙනෙක් දැන් කේන්තියෙන් ක්‍රෝධයෙන් ඉන්නවා නම් එයා වාසනාව බිඳ ගන්නවා. මේ විදිහට තේරුම් ගත්තොත් ඔබට පුළුවන් වෙයි වාසනාව බිඳ ගන්නෙ නැතිව රැකගන්න.

ඔබට ඒ උදෙසා වාසනාව ලැබේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

සිහින සහ ඉලක්ක.
පින්වත් යොවුන් දූ දරුවනේ,

ගොඩාක් දෙනෙකුට තමන්ගේ ජීවිතේ නොයෙක් සිහින තියෙනවා. විශේෂයෙන් තරුණ වයසේ දී බොහෝ සිහින තියෙනවා. ඒත් සිහින දකින ගොඩාක් අය අතරේ ඉලක්ක තියෙන්නේ ටික දෙනෙකුටයි.

ඒ වචනේ කියවපු ගමන් ඔයාලට හිතෙන්න ඇති ‘ඒ කියන්නේ සිහින කියන්නේ ඉලක්කවලට නෙවෙයි ද’ කියලා. අද අපි මේ ලිපියෙන් තේරුම් කරගමු සිහින සහ ඉලක්ක ගැන. මේ ලිපිය සිහින දකින ගොඩාක් අයට ඒ සිහින ඉලක්ක කරගන්න උපකාර වෙයි. සිහිනයක්වත් ජීවිතේ නැති අයටත් ජීවිතේ ඉලක්කයකට අරගෙන යන්න උපකාර වෙයි. ඒ නිසා වෙනදා වගේම ආරාධනා කරනවා බොහෝම සෙනෙහසින්, මේ වටිනා ලිපිගත අවසානය තෙක්ම හොඳින් කියවන්න.

සිහිනයක් ම වෙන සිහින…

බොහෝ අයට තියෙන්නේ එහෙම සිහින තමයි. ඒ කිව්වේ ඒ ජීවිත සිහින අවසානේ සිහිනයක් ම තමයි. සැබෑවක්, යථාර්ථයක් වෙන්නේ නෑ. මොකද හේතුව, බහුතරයක් දෙනා කැමති සිහින දැක දැක, සිහින මව මවා සිහින ලෝකෙක ජීවත් වෙන්නයි.

එයාලා තමන්ගේ සිහිනේ සඵල වෙයි කියලා පිටු හතළිහේ අසූවේ පොත් පුරාවට එකම සිහිනේ යළි යළි ලියනවා. විශ්ව ආකර්ෂණ නීතියෙන් මගේ සිහින සාර්ථක කරයි කියලා හැමදාම තමන්ගේ සිහිනේ පතනවා.

එක්කෝ තමන්ගේ සිහින ගැන අනෙක් අයට කියව කියවා ඉන්නවා. සමහරු ලොකු අකුරෙන් තමන්ගේ නිදන කාමරේ බිත්තියේ ඒ සිහිනේ ප්‍රින්ට් කරලාම ගහ ගන්නවා. සමහර විට ඔයාලත් මේ දේවල් කරලා ඇති. නමුත් ඒ දේවල් කළේ සිහින කියලා හිතාගෙන නෙවේ. අනාගත ඉලක්ක, අනාගත අරමුණු කියලා හිතාගෙන ඔය දේවල් ඔයාලා කරන්න ඇත්තේ.

ඔයාලා ඉලක්ක කියලා හිතපු දේවල් ඇයි මේ ලිපියේ සිහින කියලා හඳුන්වන්නේ? ඒක තේරුම් කරන්නයි මේ උපමා කථාව. බලන්න!

බිත්තර දාපු කිකිළියක්…

ඔන්න එක කිකිළියක් බිත්තර හතක් දැම්මා. මේ කිකිළි තමන්ගේ බිත්තර හත දිහා බලලා සිහිනයක් ගොඩ නගා ගත්තා ‘මගේ පැටව් තව ටික දවසකින් මේ බිත්තර පලාගෙන එළියට එන්න ඕනි’ කියලා. නමුත් මේ කිකිළි බිත්තර රකින්නේ නෑ. සිහින දැක දැක, සිහිනේ ගැන කියව කියව, යම් විශ්ව නීතියකින් හෝ මාගේ පැටව් ලැබේවා! කියල පත පතා කිකිළි ඔහේ ඇවිදිනවා.

ඔය විදිහට කාලේ ගත වුණා. ඒ අවාසනාවන්ත කිකිළිගේ සිහින සිහිනයක් ම වුණා. මොකද හේතුව, අර බිත්තර හත අවශ්‍ය උණුසුම, රැකවරණය, මව් කිකිළිගේ කුකුල් ගඳ නැති වීම නිසා කුණුවෙලා ගියා.

ඔන්න ඔය විදිහටමයි ගොඩාක් අයගේ සිහින සිහිනයක් ම වෙන්නේ. ලෝකය ම අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක මෙසේ වදාළා. “පින්වත් මහණෙනි, පැතුමකින්, යැදුමකින් පමණක් යමක් සඵල වේ නම්, මේ ලෝකයේ කවරෙක් කවර දේකින් පිරිහේවි ද!”

ඒ නිසා නිකම්ම නිකන් සිහින දැක්කා දැන් හොඳටෝම ඇති. ඔබ ඔබේ ජීවිතේ සිහින, ජීවිතේ ඉලක්ක කරගන්න.

කළ යුතු දේ කරන්න…

ඔව්! සිහින ඉලක්ක බවට පත් වෙන්නේ ඒ තුළින් ම යි. සිහින විතරක් දකින උදවිය සිහිනේ යථාර්ථයක් කරගන්න කළ යුතු දේ කරන්නේ නෑ. නමුත් ඉලක්කයක් තියෙන කෙනා හැම තිස්සෙම මහන්සි වෙන්නේ තමන්ගේ ඉලක්කය මල්ඵල ගන්වා ගන්න කළ යුතු දේ කිරීමටයි. හරියට මේ කිකිළි වගේ. බලන්න!

ඔන්න තවත් කිකිළියක් බිත්තර හතක් දැම්මා. මේ කිකිළිටත් ඇති වුණා සිහිනයක්. ‘මගේ පැටව් තව ටික දවසකින් මේ බිත්තර පලාගෙන එළියට එන්න ඕනි’ කියලා. නමුත් ඒ කිකිළි තමන්ගේ සිහිනය ඉලක්කයක් කරගත්තා. මේ කිකිළි තැන තැන තමන්ගේ සිහිනේ ගැන කියවමින් ගියේ නැති වුණාට ඇය කළ යුතු දේ කළා.

තමන් ඔය මොනවා හරි ටිකකින් ඉක්මනින් බඩ පුරවාගෙන, අර බිත්තර උඩ ඉඳගෙන කුකුල් ගඳ ගස්සලා, අවශ්‍ය උණුසුම දුන්නා. ඉතින් කාලේ ගත වෙද්දී ඇය සිහින මැව්වා වගේ ම ලස්සන පැටව් හත් දෙනෙක් ඇයගේ බිත්තරවලින් බිහි වුණා.

ඒ නිසා තේරුම් ගන්න, ඔබේ ජීවන සිහින සැබෑවක් බවට පත් වෙන්නේ හොඳ ඉලක්කයකින් යුක්තව කළ යුත්ත කිරීමෙන් ම යි. මේ ලෝකයේ සියලු ජයග්‍රහණ ඔබ වෙත ආකර්ෂණය කරවන අසිරිමත් ආකර්ෂණ බලය අන් කිසිවක් නොවේ, එය ඔබ ම උපදවා ගත යුතු ‘අප්‍රමාදී ව කළ යුත්ත කිරීමේ දක්ෂතාවයයි!’

කළ යුතු දේවල් හතක්…

පැතුමකින්, බලාපොරොත්තුවකින්, සිහින මැවීමකින් පමණක් ජීවිතේ ලෞකික හෝ ලෝකෝත්තර ජයග්‍රහණයක් ලැබූ කිසිවෙක් ඇත්තේ නෑ. පැතුමකින් පමණක් ජීවිතේ දිනපු මිනිස්සු අතීතේ හිටියෙත් නෑ. අනාගතේ පහළ වෙන්නෙත් නෑ. දැන් ඇත්තෙත් නෑ. ඒ නිසා පැතුමකට සීමා නොවී කළ යුතු දේ කරන්න පටන් ගත යුතුයි.

කළ යුතු දේ කරමින් ජීවිතේ දිනන්න ඉලක්ක තියෙන කෙනෙක්ට මේ තමයි කළ යුතු ම දේවල් හත.

නැගී සිටින වීරිය

නැගී සිටින වීරිය නැති දුර්වලයෙකුට අවුරුදු ගානක් දැකපු සිහිනයක් මුළුමනින්ම අවසන් වෙන්න යන්නේ එක ම එක බිඳ වැටීමක් විතරයි. ඒ නිසා ජීවිතේ දිනන්න නම් අවශ්‍ය ම දෙයක් තමයි පැමිණෙන කම්කටොළු හමුවේ නොවැටී නැගී සිටීම. මනුස්සයෙක් තුළ නැගී සිටීමේ වීරිය තියෙනවා නම්, බිඳ වැටීමකදීවත් ඔහුව වට්ටන්ට බෑ. ඒ නිසා ජීවිතේ පැමිණෙන ඕනෑම අභියෝගයක්, අර්බුදයක්, අසාර්ථක වීමක් හමුවේ වැටෙන්න නම් එපා! වීරියවන්තයෙක් විදිහට නැගී සිටින්න.

මොකද වැටුණ හෝ වට්ටපු කෙනෙක් යළි ගමන පටන් ගන්න නම් මුලින්ම කළ යුත්තේ නැගිටින එකයි. නැගිටින්න නම් මුලින්ම තිබිය යුත්තේ ‘මම වැටිලා ඉන්නේ නෑ. මං නැගිටිනවා’ කියන වීරියවන්ත සිතයි!

සිහිය

2. සිහිය කියන්නේ අවධානයට. තමන් කරන කියන දේවල් ගැන කරන්න පෙරත්, කරද්දිත්, කළාට පස්සෙත් අවධානයක් නැති මනුස්සයෙක් කොහොම නම් සාර්ථක වෙන්න ද. හැම තිස්සෙම සිහියෙන් කතාබස් කරන, සිහියෙන් වැඩ කරන, හිතන හිතුවිලි පවා සිහියෙන් හිතන කෙනා වේගවත් ව සාර්ථකත්වයට පැමිණෙනවා.

සීලය

3. සීලයෙන් තමයි මනුස්සයෙක්ගේ ආධ්‍යාත්ම පිවිතුරු බව නිර්මාණය වෙන්නේ. සීලය සහිත කෙනෙක්ගේ ඉලක්ක සාර්ථක කරගැනීමේ දී හරියට ආශීර්වාද ලැබෙනවා. පෙනෙන ලෝකෙන්, නොපෙනෙන ලෝකෙන් විතරක් නොවේ සොබාදහමෙන් පවා ආශීර්වාද ලැබෙන්නේ සිල්වතාටයි. ඒ නිසා ජීවිතේ සීලය තුළින් පිරිසිදු කරගත්තොත් ඒක ගොඩාක් වටිනවා.

නුවණ

4. තමන්ගේ ජීවිතේ තීරණ ගැනීමේ දී මූලික ම සාධකය වෙන්නේ නුවණ. නුවණින් තමයි අපි තීරණ ගන්නේ. නුවණ මඳ මිනිස්සු මෝඩ තීරණ ගන්නත්, නුවණැති අය නුවණක්කාර තීරණ ගන්නත් හේතුව එයයි. ඒ නිසා නුවණ උපදවන සත්පුරුෂ ඔවදන් නිතර ඉගෙන ගන්න. නුවණින් ගන්න තීරණ ඔබව සාර්ථකත්වයට සමීප කරවනවා.

සංවරය

5. ජීවිතේ දිනන කෙනෙක්ට ප්‍රධාන ම කරුණක් තමයි සංවර වීම. කෙනෙක් අසංවරයි කියන්නේ ඒ කෙනාට තමන් ව පාලනය කරගන්න බැරිකමනේ. යමෙක් සංවර නම් ඒ කෙනා තමන් ව තමන්ට අවශ්‍ය විදිහට දමනය කරගන්න දක්ෂයෙක්. ඒ සංවරයට තියෙන දක්ෂකම ඔබ ව සාර්ථකත්වයට පමුණුවනවා.

ධාර්මික ජීවිතේ

6. දහමේ හැසිරෙන කෙනාව දහම විසින් රකින්නේ ම ය. මේක තමයි ලෝකයේ ධර්මතාවය. හරියට මහා වැස්සක් ඇද හැළෙද්දී කෙනෙක් කුඩය අල්ලාගෙන ඉන්න තාක් කුඩය විසින් ඔහු ව වැස්සෙන් රැක ගන්නවා වගෙයි. නමුත් ඔහු කුඩය අතහැරියොත් කුඩේට පුළුවන්කමක් නෑ

ඔහු ව රකින්න. ඒ නිසා ජීවිතේ තුළ අපි හදා ගත යුතු ම දේ තමයි මේ දැහැමි බව. ධාර්මික කායික ක්‍රියා, ධාර්මික වචන, ධාර්මික අදහස් ආකල්ප, ධාර්මික ආජීවය ඔබේ ජීවිතේ ආරක්ෂා කරන ගුණධර්මයි.

අප්‍රමාදය

7. අනිත් හැම දේ ම පවතින්නේ මේ අප්‍රමාදය මතයි. කෙනෙක්ට යහපත අයහපත තේරුණත් යහපත කරන්න ප්‍රමාද නම් එයාට යහපත උදාවෙන්නේ නෑ. අප්‍රමාදයෙන් තමයි තමන්ගේ ජීවිතේට යහපත සමීප කරවා දෙන්නේ. මොකක්ද අප්‍රමාදය කියන්නේ?

කල් නොදැමීමට. පින් කිරීම කල් දාන්නේ නෑ, ඉක්මනින් කරනවා. පවින් වැළකීම කල් දාන්නේ නෑ, ඉක්මනින් කරනවා. කුසල යහපත, සුචරිත ධර්මයේ හැසිරීම කල් දාන්නේ නෑ, ඉක්මනින් කරනවා. මේ ලිපියෙන් ඉස්මතු කරවපු ගුණදම් පවා කල් දාන්නේ නෑ, ඉක්මනින් කරනවා. මේ තමයි අප්‍රමාදී බවේ ස්වභාවය.

බිත්තර හත

ඔය කරුණු හත කිකිළිය දැමූ බිත්තර හත කියලා හිතන්න. කිකිළි ඒ බිත්තර හත දැම්මත්, රකින්නේ නැතිනම් ඒ බිත්තරවලින් පැටව් බිහිවෙන්නේ නෑ. ඒ වගේ ම යි මේ කරුණු හත නොරැක්කොත් මොන තරම් සිහින දැක්කත් ඒ සිහින සිහිනයක් ම වෙයි. අන්තිමේ පසුතැවිල්ලක් කණගාටුවක් විතරක් ඉතුරු වෙයි.

නමුත් ජීවිතේ තිබෙන සිහින ඉලක්ක වෙනුවෙන් වීරියෙන් උත්සාහයෙන් යුතුව ඔබ කළ යුත්ත කළොත් ඔබ රැකෙනවා ම යි. යම් දවසක තමන්ගේ සාර්ථකත්වය දකිමින් සතුටින් ප්‍රීතිමත් වෙන්න පුළුවන් දවසක් එනවා ම යි!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

ඇබ්බැහිවීම් පාලනය කරගන්නේ කොහොමද ?
පින්වත් යොවුන් දූ දරුවනේ,

ලිපියේ මාතෘකාව දකිද්දීම ඔබටත් හිතෙන්න ඇති ‘මේ කාරණේ දැනගන්න එක නම් මටත් වටිනවා’ කියලා. මොකද ඔබටත් ඇති පාලනය කරගත්තොත් හොඳයි කියලා හිතන ඇබ්බැහි වීම්. ගොඩාක් අයට ඇබ්බැහි වීම්වලින් ඇතිවුණ වෙහෙස තියෙනවා. ඒ ඇබ්බැහි වීම් නවත්තගන්න, පාලනය කරගන්න තිබ්බා නම් හොඳයි කියලත් හිතෙනවා. නමුත් ඒක කරගන්නේ කොහොමද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්.

ඔබට වාසනාවක්. මේ ලිපිය ඒ ලොකු ප්‍රශ්නයට පිළිතුර. ඉතින් වෙනදා වගේම බොහොම සෙනෙහසින් ආරාධනා කරනවා “අවසානය තෙක්ම ඔබ මේ ලිපිය හා රැඳී ඉන්න. ඔබට ‘ඇබ්බැහි වීම් පාලනය කරගන්නේ කොහොමද?’ කියන ප්‍රශ්නයට පිළිතුර ලැබේවි!”

සරල පියවර දෙකක්…

ඔව්! ප්‍රශ්නෙ ලොකු ප්‍රශ්නයක් වුණාට, පිළිතුර විදිහට තියෙන්නේ සරල පියවර දෙකක්. සරල වුණාට මේ පියවර දෙකෙන් ඇබ්බැහි වීම් පාලනය කරගන්න පුළුවන් ම යි!

පළමු පියවර

‘මට ඇබ්බැහි වීම් පාලනය කරගන්න බෑ!’ කියන අදහස අතහරින්න. ‘මට බෑ!’ කියන අදහසත් තියාගෙන නම් කොහොමටවත් ඇබ්බැහි වීමක් පාලනය කරගන්න බෑ. ඒ නිසා මුලින්ම අතහළ යුතුමයි ‘මට බෑ!’ කියන අදහස.

මේ සමාජේ පවා ගොඩාක් වපුරන්නේ ඔය වැරදි අදහසමනේ. සමහර දේවලට ඇබ්බැහි වුණොත් නම් ආයේ ගොඩ එන්න බෑ වගේ අදහස් මොන තරම් නම් මේ සමාජය ගිලගෙන තියෙනවා ද? ඔබ නම් ඒ මානසික බෙලහීනත්වයට එන්න එපා! ඇබ්බැහි වුණ දේකට එච්චර වටිනාකමක් දෙන්න එපා!

ඔබ නම් ඇබ්බැහි වුණේ, ඒ ඇබ්බැහියෙන් ඔබව පාලනය කරගන්න ඔබට බැරි වෙන්නේ කොහොමද? ඔබට පුළුවන්. ඉතින් ඇබ්බැහි වීමක් පාලනය කරගැනීම සම්බන්ධයෙන් ‘මට බෑ!’ කියන අදහස අතහරින්න. ඒ තමයි පළමු පියවර.

දෙවැනි පියවර

‘සම්පූර්ණයෙන්ම මං මේ ඇබ්බැහි වීම අතහරිනවා. අදින් පස්සේ කවදාවත් කරන්නේ නෑ.’ වගේ අදහස් ඔළුවට ගන්න එපා! කාලයක් තිස්සේ තිබුණ ඇබ්බැහියක් අතහැරගන්න මහන්සි වෙන කෙනෙක් තමන් ගැන එච්චර බලවත් අදහස් හිතට ගැනීමෙන් වෙන්නේ පටන් ගැන්මෙන්ම මහා වෙහෙසක් එන එක.

ඒ නිසා යම්කිසි කාලවකවානුවකට මං මේක අතහරිනවා කියන අදහසට එන්න. ‘මං සතියක් මේ ඇබ්බැහිය අතහරිනවා. සති දෙකක් අතහරිනවා. මගේ විභාගේ කටයුතු ඉවර වෙනකම් අතහරිනවා’ වගේ යම්කිසි කාලයක් උදෙසා ඇබ්බැහිය නවත්තන බවට හිතට ගන්න. ඒ තමයි දෙවැනි පියවර.

විශ්වාස කරන්න… ඔය පියවර දෙකෙන් අපට ඇබ්බැහි වීමක් පාලනය කරගන්න පුළුවන් ම යි.

අහන්න මේ කතාව…

ඔන්න එක කැළෑවක වටු කුරුල්ලෙක් හිටියා. මෙයා හරිම නිදහසේ ඔය මොනවා හරි කාලා සැහැල්ලුවෙන් හිටියේ. නමුත් දවසක් මේ වටු කුරුල්ලා කුරුලු වැද්දෙක් අටවපු දැලකට අහු වුණා. ඒ කුරුලු වැද්දා මේ වටු කුරුල්ලාව අරගෙන ඇවිත් කූඩුවකට දැම්මා.

ඒ කූඩුවේ තවත් වැද්දට අහුවුණ ගොඩාක් වටු කුරුල්ලෝ හිටියා. වටු කුරුල්ලෝ කියන්නේ මසට ගන්න සතෙක්නේ. මේ වැද්දා කරන්නේ තමන්ගේ දැලට අහුවෙන වටු කුරුල්ලන්ව ගෙනැවිත් මේ කූඩුවේ දාලා උන්ට හොඳට කන්ට බොන්ට දෙනවා. එතකොට උන් ලොකු වෙනවානේ. හොඳට ලොකුමහත් වෙලා බර හැදෙනකොට මස් ඉල්ලාගෙන එන මිනිස්සුන්ට හොඳ ගාණකට විකුණනවා.

මේක තමයි මෙතන වෙන්නේ…

අර අලුතෙන් කූඩුවට ආපු වටු කුරුල්ලාට වැද්දාගේ වැඩේ තේරුම් ගන්න පුළුවන් වුණා. ‘මේ වැද්දා අපිව මේ කූඩුවේ දාගෙන කන්ට බොන්ට දෙන්නේ අපිට ආදරේට නෙවේ. අපිව මහත් කොරලා හිට මස් බර වැඩි කොර ගන්ටයි. ඉන්පස්සේ අපිව හොඳ ගාණකට ඉල්ලුම්කාරයන්ට මසට දෙන්ට පුළුවන්. මේක තමයි මෙතැන වෙන්නේ.’

මේ වටු කුරුල්ලාට පේනවා අනිත් වටු කුරුල්ලෝ වැද්දා කෑම දාන වෙලාවට හැසිරෙන හැටි. තමන් අහුවෙලා හිරවෙලා වැද්දෙකුට ගොදුරු වෙලා කියලා වගක්වත් උන්ට නෑ. කෑම දාපු ගමන් පොර කාගෙන ඒවා කනවා. කන්ට කන්ට තමන් මරණයට ළං වෙනවා කියලා මේ ඈයන්ට තේරෙන්නේ නෑ. අලුත් වටු කුරුල්ලාට අනුකම්පා හිතුණා අනෙක් වටු කුරුල්ලෝ ගැන. උන්ට කතා කරලා තේරුම් කළා. “මිත්‍රවරුනි, මෙතැන වෙන්නේ මේකයි! මේ වැද්දා අපිට කන්ට බොන්ට දෙන්නේ අපි ගැන ආදරේකට නෙවෙයි.

අපි මේ කූඩුවේ ලැගගෙන කාලා එකතැන ම ඉද්දී සතියෙන් හමාරෙන් මහත් වෙනවා. එතකොට අපේ මස් බර වැඩි වෙනවා. මේ වැද්දාට එතකොට අපිව හොඳ ගාණකට මසට විකුණන්ට පුළුවන්. ඒ නිසා තේරුම් ගනිල්ලා. ඔය පොර කාගෙන කන්නේ තමන්ගේ ම මළබත. මේකෙන් බේරෙන්න නම් මිත්‍රවරුනි කෑම අඩු කරාපල්ලා.”

විශ්වාසෙ නැති කරගත්තෙ නෑ…

අනුකම්පාව නිසා ඒ වටු කුරුල්ලා අනෙක් උන්ට එහෙම කිව්වට අනිත් වටු කුරුල්ලන්ට මේ කූඩුවෙන් බේරෙන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණේ නෑ. ‘මේ ශක්තිමත් කූඩුවෙන් දුර්වල වටු කුරුල්ලෝ වෙන අපි කොහොම නම් බේරෙන්න ද?’ උන් හිතුවේ එහෙමයි. ඒ හින්දම බේරෙන්න උත්සාහයක් ගත්තේ ම නෑ. උන් වෙනදා වගේම වැද්දා කෑම දාද්දී පොරකාගෙන කෑවා.

නමුත් අර අලුතෙන් කූඩුවට ආපු වටු කුරුල්ලා මෙතරම් ශක්තිමත් කූඩුවකට අහුවෙලත් විශ්වාසෙ නැති කරගත්තෙ නෑ. ‘බෑ’ කියලා හිතුවෙ නෑ. ඌ කල්පනා කළේ ම මේ කූඩුවෙන් පැනගන්න මට පුළුවන් කියල ම යි. ඒ නිසා ම බේරෙන්ට ගත යුතු උත්සාහය අරගත්තා.

‘මං මේ වැද්දා කන්ට දැම්මට පොර කාගෙන කන්නේ නෑ. බඩගිනි තදටම දැනුණත් මං කෑදරකමින් කන්නේ නෑ. ජීවත්වෙන්න විතරක් ටිකක් කනවා. මං මෙතැනින් පැන ගන්නකම් මම බඩගින්න ඉවසනවා’ කියලා හිතට තද අධිෂ්ඨානයක් ගත්තා.

දැන් වැද්දා කන්ට දානකොට මේ වටු කුරුල්ලා පැත්තකට වෙලා ඉන්නවා. පොර කාගෙන යන්නේ නෑ. අනෙක් වටු කුරුල්ලො පොර කද්දී ඔය පැත්තකට වීසි වෙන කෑම ටිකක් විතරක් මූ කනවා. යන්තං ජීවත් වෙන්න ගාණට කෑවා.

මේකට මක් වෙලා ද..?

සතියක් දෙකක් ගත වුණා. වැද්දාට කූඩුව දිහා බලද්දී පේනවා අල්ලගෙන එනකොට කෙට්ටුවට හිටපු අනිත් වටු කුරුල්ලෝ නම් ගෙනත් දවස් පහෙන් හයෙන් මහත් වෙනවා. ඒ වුණාට මේ එකෙක් විතරක් අසාමාන්‍ය කෙට්ටුයි නොවැ. මේකට මක් වෙලා ද?

එහෙම හිතලා වැද්දා කූඩුව ඇතුළට අත දාලා අර කෙට්ටු වුණ වටු කුරුල්ලා ව එළියට ගත්තා. ‘මූට මේ අසනීපයක්වත් ද?’ කියලා හිත හිත වැද්දා මේ වටු කුරුල්ලා ව එහෙට මෙහෙට හරව හරවා බැලුවා. වටු කුරුල්ලා හොඳ අවධානයකින් ම හිටියා යන්තමට හෝ වැද්දගෙ අත ලිහිල් වෙන මොහොතක් ලැබෙනකං.

වැද්දගෙ අත ලිහිල් වුණේ මොහොතයි. වටු කුරුල්ලා තමන්ට ගන්න පුළුවන් සියලු ජවය ගත්තා. වේගෙන් වැද්දාගෙන් ගැලවී පැන ගත්තා. මේ අසිරිමත් අධිෂ්ඨානයක් තිබුණ වටු කුරුල්ලා වෙන කවුරුත් නොවේ. ඒ සසරේ පෙරුම් පුරාගෙන ආපු අපේ බෝධිසත්වයෝ. මේ විස්තරේ තියෙන්නේ වට්ටක ජාතකයේ.

ඇබ්බැහිය කියන කූඩුව…

හිතන්න ඇබ්බැහි වීමත් කූඩුවක් කියලා. වටු කුරුල්ලා කූඩුවේ හිරවුණා වගේ ඔබත් ‘වීඩියෝවලට, ගේම්වලට, මත්ද්‍රව්‍යවලට ආදී’ ඔය මොනවා හෝ සවුත්තු දේකට ඇබ්බැහි වෙලා, හිර වෙලා. ඉතින් ඇබ්බැහිය කූඩුවක් නම් ඔය කූඩුවෙන් පැනගන්න බෑ කියන අදහසට එන්න එපා! ඒක තමයි ඇබ්බැහි වීමකින් ගැලවෙන්න බැරි වෙන්න තියෙන ප්‍රධාන ම බාධාව.

බෑ කියන අදහස ආපු ගමන් අපිව ඇබ්බැහි වීම්වලින් බේරගන්න කවුරු හරි ඕනමයි. අපි බලාගෙන ඉන්නවා තමන්ව ඇබ්බැහියෙන් ගලවා ගන්න කෙනෙක් එනකම්.

එහෙම කෙනෙක් ආවේ නැත්නම් ඉතින් දිගටම ඇබ්බැහියේ තමයි. ඒ නිසා තේරුම් ගන්න. ඔබ ඇබ්බැහි වුණ ඕනම ඇබ්බැහියක වගකිවයුත්තා ඔබ ම යි. ඒකෙන් බේරෙන්න තියෙන්නෙත් ඔබට ම යි. බෑ කියන අදහස නම් අතහරින්න ම ඕන.

උහුලගන්න බැරි බරක් ගන්න එපා!

ඕක තමයි ඊළඟ අවුල. මේ මොකක් හරි ළාමක ඇබ්බැහියක් අතහැර ගන්න බැරිව අසරණ වෙච්චි කෙනා තමන්ට ම තද අදහස් දාගන්නවා ‘මම නම් අදින් පස්සේ මේක කරන්නේ නෑ’ කියලා. ඒක හරියට දුර්වල මනුස්සයෙක් තමන්ට උස්සනවා තියා හිතන්නවත් බැරි බරක් ඔළුවට ගත්තා වගේ. වෙහෙසක් විතරයි. කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.

ඒ නිසා තේරුම් ගන්න මෙහෙම. අපි හිතමු යම්කිසි බරක් යම් දුරකට උස්සගෙන යන්න තියෙනවා. ඒක ඒ තරම් දුරකට එකපාර උස්සගෙන යන්න බැරි කෙනෙක් එතෙන්ට එනවා. එයා කල්පනා කළොත් ‘හාපෝ! මෙච්චර බරක් මේ තරම් දුරක් මං කොහොම අරගෙන යන්න ද? මේක නම් මට කරන්න බෑ’ කියලා. එයා පටන් ගද්දි ම අසාර්ථකයි.

එයා ‘මං මේක කොහොම හරි උස්සගෙන අරං යනවා’ කියලා තමන්ට අරගෙන යන්න බැරි බරක් එකදිගටම අරගෙන යන්න හැදුවොත් එයා අතරමඟ දී අනතුරකට පත් වෙනවා.

එහෙනම් මොකක්ද කළ යුත්තේ..?

එයා කල්පනා කළොත් මෙහෙම. ‘මං මේ බර අවශ්‍ය තැනට අරගෙන යනවා. මට ඒක කරන්න පුළුවන්. නමුත් මට එක දිගට ම උස්සගෙන යන්න බැරි වෙයි. මං මේ බර මගින් මගට තිය තිය අරගෙන යනවා’ කියලා. අන්න එයා ඒ කටයුත්ත සාර්ථක කරගන්නවා.

දැන් ඔබ දන්නවා

ඔව්! දැන් ඔබ දන්නවා ඇබ්බැහියක් පාලනය කරන හැටි. ඉතින් මේ සරල පියවර දෙක විශ්වාසෙන් අනුගමනය කරන්න.

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

ඔබ ඔබම වෙන්න.
පින්වත් යොවුන් දූ දරුවනේ,

‘ඔබ ඔබ ම වෙන්න’ කියන මේ ආමන්ත්‍රණයෙන් ම ඔබ අමුතු ම ජවයක් ලබන්න ඇති කියලා හිතනවා. මොකද මේක සමාජයේ ගොඩක් දෙනෙක්ගේ මූලික තේමාවක්.

‘තවත් කෙනෙක් එක්ක ඔයාව සසඳන්න Compare  කරන්න යන්න එපා! ඔයා වෙන කෙනෙක් වගේ වෙන්න ඕන නෑ. ඔයා ඔයාට වෙන්න පුළුවන් හොඳ ම කෙනා වෙන්න’ මේ වගේ අදහස් හරියට මේ සමාජේ තියෙනවා. තරුණ හිතකට මේ වගේ අදහසක් අහපු ගමන් ඒක ඇත්ත වගේ ම හිතෙනවා.

නමුත් දරුවනේ, අපි තේරුම් ගන්න ඕන ඒක හරි වගේ පේන අදහසක් වුණාට කිසිම පදනමක් නැති අදහසක්. පෞර්ෂ හීන මිනිස්සුන් ව නිර්මාණය කරන අදහසක්. ඒ නිසා ඒ වගේ අදහස් නම් ඔබේ ජීවිතේ සාරවත් දේවල් විදිහට අරගන්න එපා!

ඇත්තෙන්ම අපිට තව කෙනෙක් වගේ වෙන්න බෑ. අපිට පුළුවන්කම තියෙන්නේ අපිට වෙන්න පුළුවන් හොඳ ම කෙනා වෙන එක තමයි. නමුත් මේ සමාජේ අනිත් මිනිස්සු එක්ක තමන්ව සංසන්දනය කරන්න බැරි කෙනෙක්ට කිසිම අයුරකින් තමන්ට වෙන්න පුළුවන් හොඳ ම කෙනා වෙන්න බෑ.

අද මේ ලිපිගත ඔයාලගේ නෙත ගැටීම ඔයාලට වාසනාවක්. මොකද මේ ලිපිය අවසන් වෙද්දී ‘ඔබ ඔබ ම වෙන්න’ කියන අදහසට අරුත්බර ප්‍රාණයක් එක් කරගන්න අනිවාර්යෙන් ම ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා වෙනදා වගේම බොහොම සෙනෙහසින් සිහිපත් කරනවා “අවසානය තෙක් ම ඔබ මේ ලිපිය හා රැඳී ඉන්න. ඔබට ඔබ ම වෙන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න හැකි වේවි!”

අසවලා වගේ වෙන්න…

ලෝකය අවබෝධ කළ සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසට අනුකම්පාවෙන් වදාළ මේ අවවාද දෙස බලන්න. “මහණෙනි, මාගේ පැවිදි ශ්‍රාවක වූ භික්ෂූන් මිනුම් දණ්ඩ කරගත යුත්තේ සාරිපුත්ත මොග්ගල්ලාන භික්ෂූන්වයි. ‘මම සාරිපුත්ත තෙරුන් වගේ වෙනවා, මම මොග්ගල්ලාන තෙරුන් වගේ වෙනවා’ කියා අදහස් කරමින් පැවිදි දිවිය සාර්ථක කරගැනීමට වෑයම් කළ යුතුයි. මාගේ පැවිදි ශ්‍රාවිකා වූ භික්ෂුණීන් මිනුම් දණ්ඩ කරගත යුත්තේ ඛේමා උප්පලවණ්ණා භික්ෂුණීන්වයි. ‘මම ඛේමා තෙරණිය වගේ වෙනවා, මම උප්පලවණ්ණා තෙරණිය වගේ වෙනවා’ කියා අදහස් කරමින් තම පැවිදි දිවිය සාර්ථක කරගැනීමට වෑයම් කරගත යුතුයි.

මගේ ගිහි ශ්‍රාවක වූ උපාසකයින් මිණුම් දණ්ඩ කරගත යුත්තේ චිත්ත ගෘහපති, හත්ථක ආලවක යන උපාසකයින්වයි. ‘මම චිත්ත ගෘහපතිතුමා වගේ වෙනවා, මම හත්ථක ආලවක ගෘහපතිතුමා වගේ වෙනවා’ කියා හිතමින් උපාසක දිවිය සරු කරගැනීමට වෑයම් කළ යුතුයි. මාගේ ගිහි ශ්‍රාවිකා වූ උපාසිකාවන් මිණුම් දණ්ඩ කරගත යුත්තේ නන්දමාතා ඛුජ්ජුත්තරා යන උපාසිකාවන්වයි. ‘මම නන්ද මාතා වගේ වෙනවා, මම ඛුජ්ජුත්තරා වගේ වෙනවා’ කියා හිතමින් උපාසිකාවෝ තම ශ්‍රාවිකා ජීවිතය සරු කරගැනීම පිණිස වෑයම් කළ යුතුයි.”

අසවලා වගේ වෙනවා කියා මනුස්සයෙක්ට මිනුම් දණ්ඩක් තිබීම බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ දෙයක්. යම්කිසි මනුස්සයෙක්ට මිනුම් දණ්ඩක් ලෙස සැසඳීම පිණිස කෙනෙක් නැත්නම් හරියට ඒ ජීවිතේ රුවල් සිඳුණු නැවක් වගේ. යා යුතු මානයක් නොදැන ඔහේ යන ජීවිතයක්.

Compare කරන්ට බය වෙන්න එපා..!

බුදුමුවින් වදාළ මේ වචන ඉස්මතු කරමින් පෙන්නුවේ ඔබට මේ ගැන ලොකු විශ්වාසයක් ඇති කරවන්නයි. ඉතින් ඔබව අනෙක් මිනිස්සු එක්ක සසඳන්න බය වෙන්න එපා! ඔබට වඩා යහපත් මිනිස්සු එක්කත්, ඔබට වඩා අයහපත් මිනිස්සු එක්කත් ඔබ බය නැතිව ඔබව සසඳන්න. ඒ උදෙසා අවශ්‍ය වෙන්නේ කාරණා තුනක් පමණයි.

1. අවංකකම

මේ සමාජේ මිනිස්සු එක්ක තමන්ව සසඳලා බලද්දී Compare කරද්දී ඔබට අවශ්‍ය තමන්ගේ ස්වභාවය ගැන විවෘතව තේරුම් ගැනීම පිණිස අවංකකම.

2. පෞර්ෂය

තමන්ට වඩා ගුණවත්, යහපත් මිනිස්සු දකිද්දී අවංකව තමන් ගැන බලන කෙනාට පේනවා මේ මේ දේවල් මං ළඟ තියෙන දුර්ගුණ කියලා. ඒ දොස් සහගත දේවල් දෝෂයක් ලෙස ම දකින්න නම් අවශ්‍ය වෙන්නේ පෞර්ෂයයි. පෞර්ෂය නැති කෙනාට පේන්නේ තමන්ගේ වැරදි සාධාරණීකරණය වෙලා. ඒ නිසා හොඳ පෞර්ෂයකින් තමන්ව හඳුනාගත යුතුයි.

3. අනතිමානීකම

අනෙක් මිනිස්සු ළඟ නැති ගුණවත්කම් තමන් ළඟ තියෙනවා දකිද්දී හිතට ආඩම්බරයක්, මාන්නයක් ඇති වුණොත් ඒක තමන්ට අලාභයක්. ඒ නිසා ඇති කරගත යුතු ම කරුණක් තමයි අනතිමානීකම. තමන්ගේ ගුණවත්කම්වලින් ආඩම්බර නොවී ඉදිමෙන්නේ නැතිව ඉන්ට නම් අනතිමානීකම අවශ්‍යයි.

බුද්ධිමතුන් ව හැඩකරන නවීන ක්‍රමවේදය…

ඔව්! ඒක යල් පැන නොයන නවීන ක්‍රමවේදයක්. බුද්ධිමත් මනුස්සයෙක්ගේ ජීවිතේ ම හැඩ කරන්න ඒ අපූරු ක්‍රමවේදයට පුළුවන්. මේ ක්‍රමවේදය බුදුරජාණෝ දේශනා කොට වදාළේ අතට හමු වූ ශාසන ලාභය වනසාගත් දේවදත්තගේ අවාසනාවන්ත ඉරණම මුල් කරගෙනයි. දේවදත්තට අත් වූ විනාශය වෙනත් භික්ෂුවකට නොවීම පිණිස කරුණාවෙනුයි බුදුරජුන් පියවර හතරකින් යුතු ‘බුද්ධිමතුන් හැඩකරන නවීන ක්‍රමවේදය’ පෙන්වා දී වදාළේ.

1. සාධු භික්ඛවේ භික්ඛු කාලේන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතබ්බං

“මහණෙනි, භික්ෂුවක් කලින් කලට තමන්ගේ විපත් නුවණින් විමසා බැලීම හොඳයි” කියලයි බුදුරජාණන් වහන්සේ මෙහි පළමු පියවර වදාළේ. තමන්ට ජීවිතේ වැරදුණු තැන් තමන් විසින් ම අමතක වෙන්න නොදී කලින් කලට මතක් කරගන්න ඕන. ඒක අත්දැකීමක් සහිත පාඩමක් කරගන්න ඕන. ‘මට මේ නිසා වැරදුණා, මේ තීරණ නිසා වැරදුණා, මේ පිරිස ඇසුරු කළ නිසා වැරදුණා, මේ කෙනා ඇසුර කළ නිසා වැරදුණා’ ආදී වශයෙන් තමන්ගේ ම ජීවිතේට වුණ අතීත විපත් නුවණින් සලකා බැලිය යුතුයි.

2. සාධු භික්ඛවේ භික්ඛු කාලේන කාලං පරවිපත්තිං පච්චවෙක්ඛිතබ්බං.

මේ සමාජයේ ජීවිත අසාර්ථක කරගත්ත, විනාශ කරගත්ත බොහෝ දෙනෙක් අපිට දකින්න ලැබෙනවා. ඒ අයවත් තමන්ගේ දිවි ගමනට පාඩමක් කරගන්න බුද්ධිමත් කෙනෙක් දක්ෂ වෙන්න ඕන. “මහණෙනි, භික්ෂුව කලින් කලට අනුන්ට සිදු වූ විපත් ගැනත් නුවණින් කල්පනා කර බැලීමයි හොඳ” කියලයි බුදුරජාණෝ දේශනා කොට වදාළේ. බොහෝ දෙනෙක් අනෙක් මනුස්සයන්ට වැරදුණු තැන් ගැන ඔහේ කතා වෙවී නම් ඉන්නවා. තමන්ට කවදාවත් වරදින්නේ නැති වෙයි වගේ හිතාගෙන වැරදුණු මිනිස්සුන්ව විවේචනය කර කර ඉන්නවා.

නමුත් බුද්ධිමත් කෙනෙක් කළ යුත්තේ විවේචනය වෙනුවට විමසීමට දක්ෂ වීමයි. ‘මේ මනුස්සයාට වැරදුණේ මොකක් නිසා ද? ඔහු වැරදි ඇසුරක් නිසා නේද වරද්දගෙන තියෙන්නේ?’ වැරදුණු තැන නුවණින් තේරුම් අරගෙන ඒක පාඩමක් කරගන්න ඕනි. වැරදුණ උදවිය පවා තමන්ගේ ජීවිතේ සංසන්දනාත්මක තැනක් බවට පත් කරගන්න දක්ෂ විය යුතුයි. බලන්න මේ ක්‍රමවේද මොනතරම් නම් නවීනයි ද…!

3. සාධු භික්ඛවේ භික්ඛු කාලේන කාලං අත්තසම්පත්තිං පච්චවෙක්ඛිතබ්බං.

තමන්ගේ වැරදුණු තැන් විපත් විතරක් නොවේ, තමන්ගේ ජීවිතේ යම් සම්පත්තියක්, සාර්ථකත්වයක් ලැබුණා නම් ඒ ගැනත් කලින් කලට නුවණින් බලන්න ඕන. “මහණෙනි, භික්ෂුව කලින් කලට තමන්ගේ සම්පත්තීන් ගැනත් නුවණින් විමසා බැලීම හොඳයි” කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ‘මම මේ ඇසුර නිසයි යහපත් වුණේ, අසවලාගේ ඇසුර බැහැර කිරීම නිසයි මට හරියන්න පටන් ගත්තේ, මං අසවල් මාධ්‍ය පරිහරණය නැවැත්වීම තමයි මේ යහපතට හේතුව’ ආදී වශයෙන් තමන්ගේ ම සාර්ථකත්වයනුත් නිතර හොඳින් විමසා බලන්න ඕන.

4. සාධු භික්ඛවේ භික්ඛු කාලේන කාලං පරසම්පත්තිං පච්චවෙක්ඛිතබ්බං.

ඒ වගේමයි අන් අයගේ දියුණුව, සාර්ථකත්වය, ජයග්‍රහණ ආදියත් පිරිසිදු හිතකින් විමසා බැලීමේ දක්ෂතාවක් අපි ඇති කරගත යුතුයි. බොහෝ දෙනෙක්ට වෙන්නේ තව කෙනෙක්ගේ දියුණුව බලන්න බෑ, ඇස්වල කටු අණිනවා වගේ. ඉරිසියාව ඇති වෙනවා. අකුල් හෙළනවා. අනෙක් කෙනාගේ සාර්ථකත්වය ගැන දකිමින් එක්කෝ තමන් දුක් වෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළේ “මහණෙනි, භික්ෂුව කලින් කලට අනුන්ගේ සම්පත්ති ගැනත් නුවණින් විමසා බැලීම හොඳයි” කියලයි. නුවණින් විමසා බලන කෙනෙක්ට සාර්ථක කෙනෙක් ගැන ඉරිසියා ආදිය ඇති වෙන්නේ නෑ. ‘ඒ කෙනා තමන්ගේ සාර්ථකත්වයන්ට, ජයග්‍රහණයන්ට, දියුණුවට උදව් කරගත්තේ මොන වගේ දේවල් ද එයා ඇසුරු කළේ කොයි වගේ දේවල් ද, කොයි වගේ පිරිසක් ද, ඒ වෙනුවෙන් කරපු කැපකිරීම් මොනවා ද’ ආදී වශයෙන් ජීවිතේට පූර්වාදර්ශ කරගත හැකි ගොඩක් දේවල් නුවණින් විමසන කෙනාට පේන්න ගන්නවා.

ඔබ ඔබ ම වෙන්න…

මේ කරුණු පැහැදිලි කරගත් කෙනෙක්ට නම් ඒ වචනේ ගොඩක් සුදුසුයි. තේරුම් ගන්න මේ විදිහට. ‘සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ වෙන්න ඕනි’ කියලා උත්සහවත් වෙන භික්ෂුවකට සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේම වෙන්න බැරි වෙයි. නමුත් ඒ භික්ෂුව කිසිසේත් දේවදත්ත වගේ වෙන්නේ නෑ කියන එක නම් ස්ථිරයි.

ඉතින් ජීවිතේ සාර්ථක කරගැනීම පිණිස මේ තරම් සාර්ථක ඵලදායී ක්‍රමයක් දැනගත් ඔබ පමා වෙන්න එපා! සසඳමින් බල බලා ජීවිතේ ලස්සන කරගන්න. ඔබ ඔබට පුළුවන් උපරිමයෙන් ඔබට වෙන්න පුළුවන් හොඳ ම කෙනා වෙන්න මහන්සි වෙන්න.

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

විඳවන සිත් වලට සැනසුමක්.
පින්වත් යොවුන් දූ දරුවනේ,

‘විඳවන සිත්’ කියන වචනේ ගොඩාක් අයට ආගන්තුක නෑ. මේ ලිපිය කියවන්න පටන් ගන්න ඔබත් ඇතැම් විට මේ වචනේ නිසාම ලිපිය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඇති. නමුත් මේ නම ලිපියට යොදන්නේ ඔබේ අවධානය ගන්න අදහසින් නොවේ. ඔබට විඳවන කරුණක් තිබේ නම් සැනසුමක් දෙන අදහසින්.

ඉතින් ආරාධනා කරනවා බොහෝම සෙනෙහසින්, විඳවන සිතක් ඇතිව වුණත් ඔබ අවසානය තෙක් මේ ලිපිය කියවන්න. ඔබට සැනසුමක් ලැබේවි!

අදහන්න…

ඔව්! අදහන්න ඔබ කම්ඵල. හැම කර්මයකට ම විපාකයක් තිබෙනවා කියන කරුණ අදහන්න. අපගේ සම්බුදුරජුන් කරජකාය සූත්‍ර දේශනාවේ දී මෙසේ වදාළා.

“මහණෙනි, මම දැන දැන කරන ලද, රැස්කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ එය නැති වී යන බවක් නොකියමි. ඒ විපාකය වනාහී මේ ජීවිතයේ දී හෝ ඊළඟ ජීවිතයේ දී හෝ අනාගත සසරෙහි කිනම් අවස්ථාවක හෝ විපාක දෙන්නේ ය. මහණෙනි, මම දැන දැන කරන ලද, රැස්කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ දුක අවසන් කිරීමක් ගැන නොකියමි.”

මේක ඇතැම් විට ඔබට නුවණින් කල්පනා නොකළොත් බියක් ඇති කරන කරුණක් වෙන්න පුළුවන්. නමුත් හොඳ නුවණින් කල්පනා කරද්දී දැනෙන්නේ මේ කර්ම විපාක ගැන කථාව අදහා ගත හැකි නම් ඒක මහා සැනසුමක් කියලා.

වපුරපු විදිහට තමයි පැළ වෙන්නේ…

වී වැපිරුවොත් පැළ වෙන්නේ වී. බණ්ඩක්කා තවාන් දැම්මොත් පැළ වෙන්නේ බණ්ඩක්කා. අඹ ඇටයක් හැදුවොත් පැළ වෙන්නේ අඹ ගහක්. මේ වගේ අපි වපුරන දේට අනුව ඵල හටගන්න එක අපේ ම අත්දැකීමක් නේද? කවදාවත් අපි වපුරපු දේට වඩා වෙනස් දෙයක් පැළ වෙයි කියලා බයෙන් ඉඳලා තියෙනවා ද?

ඔයාලා ඔයාලගේ අතින් ගෙදර වත්තේ තැනක අඹ ඇටයක් හිටෙව්වා කියලා හිතන්න. කවදාවත් ඔයාලා අනපේක්ෂිත හැඟීමක ඉඳලා තියෙනවා ද ‘මං හිටෙව්වේ නම් අඹ ඇටයක්. නමුත් මොකක් පැළ වෙයි ද දන්නේ නෑ’ කියලා.

අපි දන්නවා හොඳටම, අපිට විශ්වාසයි, අපි අදහනවා නේද අඹ ඇටයක් හිටෙව්වොත් පැළ වෙන්නේ අඹ ගහක් ම බව. අන්න ඒ වගේමයි, ඔබේ ම ක්‍රියාවට අනුරූප වූ විපාකයක් තමයි ලැබෙන්නේ. පිනක් නම් කළේ, විශ්වාස කරන්න පුණ්‍ය විපාකයක් තමයි ලැබෙන්නේ. යහපත නම් කළේ යහපත් විපාකයක්මයි ලැබෙන්නේ. කුසල් නම් කළේ විපාකය කුසල විපාකයක්මයි. හොඳක් කළොත් විපාකය හොඳ විපාකයක්මයි.

යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං

කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං

පවුත්තං තාත තේ බීජං – ඵලං පච්චනුභොස්සසීති

“වපුරන්නේ යම් ආකාර බීජයක් ද අස්වැන්නට ලැබෙන්නේ එබඳු බීජයන්මයි. යහපත් දේ කරන කෙනා, යහපත් විපාක ලබනවා. පව් කරන කෙනා පව් විපාක ලබනවා. දරුව, ඔබත් යම් කිසි බීජයක් වැපුරුවා. ඒකෙ ඵලය ඔබ ම යි ලබන්න ඕන.”

(ඉසයෝසමුද්දක සූත්‍රය – සං. නි.)

දැන් අස්වැන්න සවුත්තු නම්…

ඇත්තෙන්ම දැන් අස්වැන්න සවුත්තු නම් කරන්න තියෙන හොඳ ම ප්‍රායෝගික දේ තමයි අලුතෙන් වපුරන දේ හොඳ උනන්දුවකින් වටිනා විදිහට වපුරා ගැනීම. මෙතැනින් තමයි විඳවන සිතට සැනසුමක් උපදින්නේ.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ සැවැත්නුවර අයත් කෝසල රාජ්‍යය පාලනය කළේ පසේනදී කෝසල කියලා නිරිඳෙක්. ඔය නිරිඳුන්ගේ අගමෙහෙසි වුණේ මල්ලිකා. මල්ලිකා අගබිසව් කොසොල් රජු සමඟ විවාහ වෙද්දී වයස දහසයයි. ඒ කාලේ ඈ ගොඩාක් ලස්සන රූ සපුවක් තිබුණ තැනැත්තියක්.

නමුත් විවාහයෙන් ටික කලෙකින් ඇයගේ සිරුර තරබාරු වුණා. අංගපුලාවක් නැති ශරීරයක් වුණා. මොනතරම් වෑයම් කළත් ඇයගේ ශරීර හැඩය ලස්සන කරගන්න බැරි වුණා. ඇය මේකෙන් ගොඩාක් මානසිකව විඳෙව්වා.

විඳවපු හිත නිවුණා…

දවසක් ඇය බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ආවා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා මෙහෙම ඇහුවා. “ස්වාමීනී, මේ සමාජේ ඇතැම් කාන්තාවෝ හරිම ධනවත්. නමුත් ස්වාමීනී, ඇතැම් ස්ත්‍රීන් හරිම දුප්පත්. ස්වාමීනී, ඇයි මෙහෙම වෙනසක්?”

බුදුරජාණන් වහන්සේ වදාළා “මල්ලිකා සසරේ දන් දීපු ස්ත්‍රීන් තමයි මේ ජීවිතේ ධනවත් ව සිටින්නේ. මල්ලිකා පෙර ජීවිතවල දන් නොදුන් තැනැත්තියන් මේ ජීවිතේ දුප්පත් වී සිටිනවා.”

මල්ලිකා දේවිය එය අනුමෝදන් වෙලා දෙවැනි ප්‍රශ්නයක් විමසුවා. “ස්වාමීනී, මේ සමාජයේ ඇතැම් ස්ත්‍රීන් හරිම සම්භාවනීයයි. ප්‍රසිද්ධයි. පිළිගැනීම් බහුලයි. මහේශාක්‍යයයි. ඒත් ස්වාමීනී, ඇතැම් ස්ත්‍රීන් ඉන්නවා කිසි පිළිගැනීමක් නැති, අප්‍රසිද්ධ, අල්පේශාක්‍යය. ඇයි ස්වාමීනී, මේ වගේ වෙනසක් තිබෙන්නේ?”

“මල්ලිකා, පෙර ගෙවා ආ සසරේ අනුන්ට ඉරිසියා නොකළ නිසා, අනුන්ගේ දියුණුවට අතහිත දුන් නිසා, පිදිය යුත්තන් පිදූ නිසා, ගරු කළ යුත්තන්ට ගරු කළ නිසා තමයි ස්ත්‍රීන් ප්‍රසිද්ධ සම්භාවනීය මහේශාක්‍ය තැනැත්තියන් වී ඉපදී සිටින්නේ. අතීතේ අනුන්ගේ දියුණුවට ඉරිසියා කරමින්, අකුල් හෙළමින්, පිදිය යුත්තන්ට වැඳිය යුත්තන්ට නිගරු කරමින් පැමිණි තැනැත්තියන් මේ ජීවිතේ අල්පේශාක්‍ය තැනැත්තියන් වී සිටිනවා.” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

එතකොට මල්ලිකා බිසව් අවසාන ප්‍රශ්නය විමසුවා. “ස්වාමීනී, ඇතැම් ස්ත්‍රීන්ගේ රූ සපු ඉතා ම ලස්සනයි. ඔවුන්ට උපතින් ම ලැබිලා තියෙන්නේ සුන්දර රුවක්. නමුත් ස්වාමීනී, ඇතැම් ස්ත්‍රීන්ගේ රුව හරි ම අවලස්සනයි. උපතින් ම අවලස්සන රූ සපු තියෙන ස්ත්‍රීනුත් ඉන්නවා. ඇයි ස්වාමීනී මෙහෙම වෙනසක්?”

බුදුරජාණන් වහන්සේ වදාළා “මල්ලිකා, ඇතැම් ස්ත්‍රීන් ගොඩාක් ලස්සන රූ සපු ඇතිව ඉපදී සිටින්නේ ඔවුන් සසරේ මෙත් සිතින් සිටපු නිසා. ගොඩාක් දුෂ්කර තැන්වල දී පවා නොකිපී සිටි නිසා. ක්‍රෝධ බහුලව වාසය නොකළ නිසා. ඒත් ඇතැම් ස්ත්‍රීන් ක්‍රෝධ බහුලව මෙත් සිතින් තොරව ජීවත් වුණ නිසා තමයි මේ ජීවිතේ රූපය අවලස්සන වෙලා තියෙන්නේ.”

හොඳ දේ තවත් හොඳින් කරමි…

මල්ලිකා අගබිසව මේ දහම් සංවාදයෙන් පසුව බණපදේ ජීවිතේට ගත් විදිහ හරි ම වටිනවා. ඇය බුදුරජුන්ට මෙහෙම පැවසුවා.

“ස්වාමීනී, මට තේරෙනවා මං කලින් ජීවිතවල ගොඩාක් දන් දීපු තැනැත්තියක්. මොකද ස්වාමීනී, මේ කෝසලයේ ම මම ගොඩක් ධනවත් ස්ත්‍රියක්. ස්වාමීනී, මම ඒ සසරේ දන් දුන් පුරුද්දෙන් තමයි මේ ජීවිතේ සැපවත් වුණේ. ඒ මම ඒ දන් දීමේ පුරුද්ද මේ ජීවිතේත් අඛණ්ඩව පවත්වනවා.”

“ඒ වගේමයි ස්වාමීනී, මම පෙර ජීවිතවල ඉරිසියා කරලත් නෑ. පිදිය යුත්තන් පිදීම, ගරු කළ යුත්තන්ට ගරු කිරීම පුරුදු කරපු තැනැත්තියක්. ස්වාමීනී, ඒ මම මේ ජීවිතේ මුළු කෝසලයේ ම සම්භාවනීය ම මහේශාක්‍ය ස්ත්‍රිය වී උපන්නේ ඒ නිසානේ. ඒ මගේ හොඳ පුරුද්ද වන ඉරිසියා නොකිරීම මම දිගට ම පුරුදු කරනවා. දියුණු වෙන අයට අතහිත දෙනවා. පිදිය යුත්තන් පුදනවා. ගරු කළ යුත්තන්ට ගරු කරනවා.”

වැරදුණු තැන මේ වතාවේවත් හදමි.

“ඒ වගේමයි ස්වාමීනී, මට තේරෙනවා මේ සසරේ අතීත ජීවිතවල මම ක්‍රෝධ බහුලව ඇවිත් තියෙන්නේ. මට මෙත් සිත වඩාගන්න බැරි වී තිබෙනවා. නමුත් ස්වාමීනී, මම මේ ජීවිතේ මගේ ඒ වැරදුණු තැන හදාගන්නවා. මම ස්වාමීනී, මෙත් සිතින් ම ඉන්නවා. ගොඩාක් කියද්දී පවා නොකිපෙන කෙනෙක් වෙනවා. ඉවසීම පුරුදු කරනවා. හිතේ ඇතිවන කේන්තිය ඉක්මනින් අත්හරින කෙනෙක් වෙනවා.”

තමන්ගේ ජීවිතේ නොයෙක් දේවල් නිසා තැවි තැවී ඉන්න අය අතරේ මේ මල්ලිකා දේවිය මොන තරම් බුද්ධිමත්ව තමන්ගේ ජීවිතේ ගැන හිතන්න පටන් ගත්තා ද? පසුතැවීමෙන් අපට ලැබෙන කිසි දෙයක් නෑ. ඒ නිසා පසුතැවි තැවී විඳවන සිතක් නම් ඔයාල පවත්වන්න එපා!

ඔබ මේ වෙද්දී විඳවන, ප්‍රශ්න කරදර පීඩාවලින් බැටකන කෙනෙක් නම් හිතන්න මේ විදිහට. ‘මේ නම් එකත් එකට ම මම අතීතේ වපුරාගත් දේවල දෝෂයක්මයි. දැන් මං මේ විඳවමින් භුක්ති විඳින්නේ අතීතේ වැරදුණු දේවල්නේ. කමක් නෑ. මම ඉවසීමෙන් මගේ අතීතේ දී වැරදුණු කර්ම විඳවලා ගෙවලා දානවා. නමුත් මං මේ ජීවිතේ නම් අසුන්දර දෙයක් වපුරන්නේ නෑ.’

ඔබ දැන් හොඳට පින් කරන්න. පින් කර කර විශ්වාසෙන් ඉන්න ‘මං කරන පින්වලට මට ලැබෙන්නේ පුණ්‍ය විපාකයක්මයි.’ ඔබ දැන් කුසල් කරන්න. විශ්වාසෙන් ඉන්න ‘මං කරන කුසල්වල විපාක ඒකාන්තයෙන් මට ලැබෙනවාමයි.’ ඔබ දැන් ධර්මයේ හැසිරෙන්න. විශ්වාස කරන්න ‘ඒ ධර්මයේ හැසිරීමේ සැප විපාක මට ලැබෙනවාමයි!’

ඉතින් තේරුම් ගන්න…

ජීවිතේ ආපහු හරවන්න බෑ!

ඒ නිසා අතීතේ වැරදුණු දේවල් ගැන

තැවිලා තේරුමක් නෑ!

දැන් කරන කියන හිතන දේට

ලොකු වටිනාකමක් දෙන්න.

හොඳ උනන්දුවකින් මනුස්සකම් පිරුණු

පින් කුසල්වලින් පිරුණු

ලස්සන සුන්දර ජීවිතයක් දැන් හදන්න.

ඔබට අනාගතේ ඔබේ ජීවිතේ දෙස

යළි හැරී බලද්දී

සැනසුමක් දැනෙන විදිහේ ජීවිතයක්

ඔබ ම දැන් හදා ගන්න.

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

ඉවසුවා කියලා ලැබෙන්නේ මොනවාද ?
පින්වත් යොවුන් දූ දරුවනේ,

ඔය වචනේ ඔබට නුහුරු නෑ. ඕනතරම් මේ සමාජේ ඔය වචනේ අහන්න ලැබෙනවා. මොකද ඉවසීමට අදක්ෂ බොහෝ දෙනෙක් ‘ඉවසුවා කියලා මොනවද ලැබෙන්නෙ?’ කියලා තමයි තමන්ගේ ඉවසීමක් නැතිකම ප්‍රකට කරන්නේ.

නමුත් මේ ලිපිය නම් ඔබට ඉවසීම පිණිස ආශීර්වාදයක් වේවි! මේ ලිපිය ආදර්ශයක් කරගෙන ඔබ ඉවසීම හදාගත්තොත්, ඒ ඔබේ ඉවසීම ඔබේ මුළු ජීවිතයටම ඒකාන්තයෙන් ආශීර්වාදයක් වෙනවාමයි!

ඉතින් වෙනදා වගේම ආරාධනා කරනවා ඔබට බොහොම සෙනෙහසින් “ඉවසීමට ආසාව ඇති කරගෙන, ඉවසීමෙන් මේ ලිපිය අවසන් වන තෙක්ම ඉදිරියට යන්න” කියලා. ඔබට ‘ඉවසුවාම මොනවද ලැබෙන්නේ’ කියලා තේරුම් ගන්න පුළුවන් වේවි!

නිවටයෙක් කියලා හිතයි…

ඔව්! ගොඩක් අය හිතන්නේ ඉවසුවොත් ලැබෙන්නේ නිවටකම කියලනේ. ‘අපි ඉවසන්න ගියොත් ඒක අපේ නිවටකම කියලා හිතාවි, බැරිකම කියලා හිතාවි, බියගුලුකම කියලා හිතාවි, අදක්ෂකම කියලා හිතාවි’ කියලා අවිචාරවත් අදහසක් මේ සමාජේ පැතිරෙනවා. ඒකට අවිචාරවත් කියලා කියන්නේ ඒ කියන අදහසේ බරපතළකමවත් නොහිතා තමයි ඇතැමුන් ඒක කියන්නේ.

ඉවසීම නිවටකමක් නම් මහා පුළුවන්කාරකම කියන්නේ ඉවසීමක් නැතිකම ද? ඉවසීම බැරිකමක් නම් මහා හැකියාව ඉවසීම නැතිකම ද?

ඉවසීම බියගුලුකමක් නම් නිර්භීතකම කියන්නේ ඉවසීමක් නැතිකම ද? ඉවසීම අදක්ෂකමක් නම් මහා දක්ෂකම ඉවසීමක් නැතිකම ද?

ඔය විදිහට හොඳ නුවණින් විචාරය කර ගන්නකොට තමයි වැරදි අදහස්වල තිබෙන හිස් බව තේරෙන්නේ. ඒ නිසා ‘ඉවසන්නා නිවටයෙක්’ කියලා ඔබේ හිතේ දශමයක් හෝ අදහසක් තිබ්බා නම් මෙතැන් පටන් එය නැති කරගන්න. ඒ උදෙසා නුවණැත්තන් ඉවසීම රැකගැනීම පිණිස දැක්වූ මේ අදහස ඔබට ඉතාම වටීවි!

කාමං මඤ්ඤතු වා මා වා – භයා ම්‍යායං තිතික්ඛති

සදත්ථ පරමා අත්ථා – ඛන්ත්‍යා භිය්‍යෝ න විජ්ජති

“මෙයා මේ ඉවසන්නෙ මට භයෙන් ය කියලා, කෙනෙක් හිතුවත් කමක් නෑ, නැතත් කමක් නෑ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇතිකර ගැනීමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ.”

(වේපචිත්ති සූත්‍රය – සං. නි.)

සුන්දරත්වය හදන සුන්දරත්වය…

ඇත්තෙන්ම ඉවසීම ගැන තේරුම්ගන්න තියෙන්නේ එය සුන්දරත්වය හදන සුන්දරත්වය කියලයි. ඒක තේරුම් ගන්න මේ විදිහට.

ඔන්න දක්ෂ ගල් වඩුවෙක් කටුවයි මිටියයි අරගෙන නිකම්ම නිකං ගලකින් යම්කිසි සුන්දර ප්‍රතිමාවක් නිර්මාණය කරනවා. ලෝකයට පෙනෙන්නේ නිකං ඔහේ තිබුණු ගලක් දැන් සුන්දර ප්‍රතිමාවක් වෙලා තියෙනවා විතරයි. ඒ ප්‍රතිමා නිර්මාණය කරපු කලාකරුවා විතරයි. සියලු ප්‍රශංසා ලැබෙන්නෙත් නිර්මාණයට හෝ කලාකරුවාට විතරයි. ඒ කලාකරුවාටවත් තමා තුළ තිබුණු ඉවසීම කියන සුන්දරත්වය නොතිබුණා නම් තමාට මේ වගේ නිර්මාණයක් කරන්න ලැබෙන්නේ නෑ කියලා තේරෙන්නේ නෑ.

මේ උපමාව ඇසුරෙන් හිතද්දී අපිට කියන්න පුළුවන් නේද,

හිත්පිත් නැති ගලක්

– කලක් ඉවසීමෙන් හැඩ කොට

– ගලකුත් සුන්දර කළා නම්

සජීවී මිනිස් සිතක්

– කලක් ඉවසීමෙන් හැඩ කළොත්

– ඒ සිත මොනතරම් සුන්දර වේවි ද

යමෙකුගේ සිත සුන්දර වුණොත්

– ඒ සුන්දර සිතැත්තා

– සුන්දර මිනිසෙක් නොවේවි ද!

ඉවසුවොත් බොහෝ දෙනෙක්ට ප්‍රිය වෙනවා…

එකට ඉන්න අයට ප්‍රිය මනුස්සයෙක් වෙනවා කියන කරුණ මේකප් ආදියෙන් හදාගන්න පුළුවන් එකක් නොවේ. ධනයකින් බලයකින් හදාගන්න පුළුවන් එකකුත් නොවේ. ‘අනේ ඔයාලා මට ප්‍රිය වෙන්නකෝ’ කියලා ඉල්ලලා ගන්න පුළුවන් දේකුත් නොවේ. නමුත් ඔබේ ඉවසීමට පුළුවන් ඔබට බොහෝ දෙනෙක්ට ප්‍රිය බව ලබාදෙන්න.

බුදුරජාණන් වහන්සේ මේ බව දේශනා කළේ අක්ඛන්ති සූත්‍ර දේශනාවල දී. ඉවසුවොත් ලැබෙන පළමුවෙනි ප්‍රතිලාභය විදිහටයි බුදුරජුන් (බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ) බොහෝ ජනයාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා කියන මේ කරුණ පෙන්වා දුන්නේ. අපි තමන් ගැනම හිතුවොත් අපි වුණත් ගොඩක් ප්‍රිය කරන්නේ අපිත් එක්ක යම් ඉවසීමකින් කටයුතු කරන අයට නේද? කිසි ඉවසීමක් නැති අයට අපිත් අකැමැතියි නේද? ඉතින් ඒ නිසා ඔය කරුණ මුල්කරගෙනත් ඔබ ඉවසන්න.

ඉවසුවොත් වැරදි අඩු වෙනවා…

(න වජ්ජබහුලෝ හෝති) ජීවිතවල වැරදි බහුල වෙන්නේ නෑ. ඒ තමයි දෙවැනි ආනිශංසය. අපි කාගෙත් ජීවිත ගැන ආපසු හැරිලා බලද්දී පෙනේවි ජීවිතේ වැරදුණු තැන් බොහෝමයක් වැරදුණෙත් ඉවසීම නැතිකම නිසා කියලා.

ඉවසීම නැති කෙනාට වතාවක් දෙවතාවක් වැරදිලා නවතින්නේ නෑ. ඉවසීම නැති තාක් යළි යළිත් වෙන්නේ වරදින එකමයි. ඒ නිසා ජීවිතේ වැරදි අඩුවෙන්න නම් ඉවසීම වැඩි කරගන්න.

ඉවසුවොත් පසුතැවිලි වෙන්න සිදුවෙන්නේ නෑ…

වැරදුණු කෙනෙක්ට අනායාසයෙන්මයි පසුතැවීම එන්නේ. ‘අයියෝ මට අර දේ නොකරන්න තිබුණා. අර වචනේ නොකියා ඉන්න තිබුණා. අර විදිහේ තීරණයක් නොගෙන ඉන්න තිබුණා’ ආදී වශයෙන් පසුතැවීම හිත දවාගෙන එනවා. ඒ කියන්නේ වැරදි බහුල කෙනෙක්ට පසුතැවිල්ලත් බහුලයි. ඉතින් එබඳු ජීවිතේ මොනතරම් නම් වෙහෙසකර වේවි ද!

ඒ නිසාමයි ඉවසීමේ ආනිශංස ලෙස බුදුරජුන් (න විප්පටිසාරී හෝති) හිත විපිළිසර වෙන්නේ නෑ කියලා වදාළේ. ඒ කියන්නේ පසුතැවෙන්න වෙන්නේ නෑ. ඉවසීමෙන් කටයුතු කරද්දී වරදිනවා අඩුයි. ඒ නිසාම තමන් කරපු කියපු දේවල් ගැන, ඉවසීමෙන් ගත්ත තීරණ ගැන සතුටක්මයි උපදින්නේ. පසුතැවීම් නැති වෙලා යනවා.

ඒ නිසා පසුතැවෙමින් වෙහෙසෙන පීඩාව විඳින්න අකමැති නම් පසුනොතැවෙමින් සැනසෙනු පිණිස ඔබත් ඉවසන්න.

ඉවසුවොත් වෛර අඩු වෙනවා…

(න වේරබහුලෝ හෝති) වෛර අඩු බවත් ඉවසීමේ ආනිශංසයක්. ඉවසීමක් නැති කෙනාට යන යන තැන හැදෙන්නේ ම වෛරක්කාරයෝ. අවසානේ තමන්ට වෛර කරන පිරිස බහුල කරගෙන ගත කරන්ට වෙන්නේ පීඩාකාරී ජීවිතයක්. හතුරු උවදුරුත් වැඩි වෙනවා. නමුත් ඉවසීමේ සුන්දරත්වය ජීවිතේ හදාගත්තොත් ඒ කෙනාට වෛර අඩුවෙන්න පටන් ගන්නවා. ඉවසීම නිසාම පිරිසගේ ප්‍රිය බව ඇතිවෙලා මිතුරෝ ගොඩාක් හැදෙනවා. සතුරු පිරිස් පවා මිතුරුකම් කරන්න පටන් ගන්නවා.

ඉවසුවොත් රෞද්‍ර වෙන්නේ නෑ…

වෛරක්කාරයෝ ගොඩාක් හැදෙනකොට හැමතිස්සෙම හිතේ තියෙන්නේ පටිඝයක්. ගැටීමක්. ඒ ගැටුණු හිත නිසාම තමාටත් නොදැනී රෞද්‍ර අදහස් එන්න පටන් ගන්නවා. ඒ වගේ දේවල් ඇතැම් විට දලුලා ගිහින් භයානක ඛේදවාචක වෙන අවස්ථා අපි මොනතරම් නම් අතීතේ ඉඳලාම මේ සමාජ තලය තුළ අසා තිබෙනවා ද?

ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක් හදිසියේ කිපුණත් එයා ඉවසීමෙන් ම තමන්ව පාලනය කරගන්න නිසා රෞද්‍ර බවට තියෙන ඉඩ ගොඩාක් අඩු වෙනවා. (න ලුද්දෝ හෝති) රෞද්‍ර කෙනෙක් වෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ ඉවසීම ගැන ආනිශංසයකුත් ඉස්මතු කළා.

ඉවසුවොත් මරණාසන්න වෙද්දිත් ආරක්ෂිතයි!

ඔය කරුණු පහ ලැබෙනවා නම් ඒක මේ ජීවිතේ ගත කරද්දී කෙතරම් සුව සහනයක් ද! තමන්ව ඇසුරු කරන බොහෝ දෙනෙක්ට ප්‍රිය නම්, වෛරක්කාරයෝ අඩු නම්, වැරදි සිදුවෙනවාත් අඩු නම්, පසුතැවිල්ලත් නැති නම්, රෞද්‍රකමකුත් නැති නම් ඒක ජීවිතේට විශාල පහසුවක්. ඔය විදිහට ජීවත් වෙලා ඉවසපු කෙනෙක් මරණාසන්න වෙද්දී (අසම්මූළ්හෝ කාලං කරෝති) සිහි මුළා නොවී කලුරිය කරනවා කියලත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා.

අපි හැම දෙනෙක්ම මේ ජීවත් වෙන්නේ යම් දිනෙක මිය පරලොව යන්නමනේ. නොමැරෙන කිසි කෙනෙක් මේ ලෝකේ නෑනේ. මරණය කල් ඇතිව දැනුම්දීලා එන්නෙත් නෑනේ. ඒ නිසා අපි වෙනුවෙන් අපිට හදාගන්න තියෙන අත්‍යාවශ්‍යම ආරක්ෂාවක් තමයි මරණයේ දී සිහි මුළා නොවීම කියන්නේ. ඉතින් ඒක හදාගන්න නම් කරන්න තියෙන්නේ ඉවසීම පුරුදු කර ගැනීමයි.

ඉවසුවොත් පරලොවත් සුවපත්…!

(කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති) මේ මිනිස් සිරුර බිඳිලා මිය පරලොව යද්දී සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා කියලත් බුදුරජාණන් වහන්සේ ඉවසීමේ ආනිශංස දේශනා කොට වදාළා.

කෙනෙක් තරුණ කාලේ ඉඳන්ම බොහෝ ධනය උපයලා, ඒවා ආරක්ෂිතව තැන්පත් කරගෙන මහා ධනවතෙක් වුණත්, මරණ මොහොතේ ඒ සියලු ධනය අහිමියි. ඒ ධනයෙන් සුගතිය හදාගන්නත් බෑ. මහා බලවතෙක් වුණත් මරණ මොහොතේ බලයත් අහිමියි. බලයෙන් සුගතිය හදාගන්නත් බෑ. විෂය දැනුම ගොඩක් තිබීමත් මරණ මොහොතේ අහිමියි. අනෙක් ශිල්ප දැනුමකිනුත් සුගතිය හදාගන්න බෑ. නමුත් ඔබේ ඉවසීමට පුළුවන් ඔබව සුගතියට අරගෙන යන්න. ඒ නිසා ඔබ ධනයන් අතරේ මහා ධනයක් වූ ඉවසීමෙන් ධනවත් වෙන්න. බලයන් අතරේත් ප්‍රබල බලයක් වූ ඉවසීමේ බලයෙන් ඔබ බලවත් වෙන්න. ඉවසන්න. ඉවසීමෙන් සුවපත් වෙන්න.

ඉවසුවොත් ලැබෙන්නේ ඔය දේවල්. ඉතින් ඔබ ඒ දේවලට ආසා නම්, ඒ දේවල් වටිනවා කියලා හැඟෙනවා නම්, ඔබට කරන්න ගොඩාක් දේවල් නෑ. ඉවසීම නම් වූ එකම එක දේ කරන්න. ඔබ හැම දෙනාට ඉවසීම පිණිස අවශ්‍ය සිහියත්, නුවණත්, වීරියවන්තකමත් උපදීවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.