Mahamegha | Mahamegha Magazine

ධර්ම දානයක් ලෙස මහාමේඝ විශේෂ වෙසක් කලාපය

මරණය ඉදිරියේ අසරණ නොවෙමු.
දෙවන ලෝක යුද සමයේ දී ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා විසින් ජපානයේ හිරෝෂිමා නාගසාකි නගර ද්විත්වය ඉලක්ක කරගෙන අධි බලැති පරමාණු බෝම්බ ප්‍රහාරයන් එල්ල කරන ලද්දේ මෙයින් වසර හැත්තෑ පහකට පෙරාතුව අගෝස්තු මාසයේ දී ය. අද දක්වාම දෙවන ලෝක යුද්ධයේ ඛේදනීය ම මතක සටහනක් බවට එය පත්ව තිබේ. අගෝස්තු පස්වෙනිදා ලෙබනනයේ බීරූට් අගනුවර වරාය සංකීර්ණයේ වූ ගබඩාවක සිදු වූ පිපිරුම ඒ ඛේදවාචකය යළි සිහි කැඳවන්නට සමත් විය. සතුරු හමුදාවක පහර දීමක් නොවූව ද ප්‍රබලත්වය අතින් පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් අඩක් පමණ වන්නට ඇතැයි ගණනය කිරීමකට මේ වනවිට ලක්ව ඇති බලවත් පිපිරීමක් මෙහි දී සිදු විය.

බීරූට් වරායේ ගබඩාවක රඳවා තැබුණ ඇමෝනියම් නයිට්‍රේට් රසායනිකය ටොන් 2750ක් පමණ මෙසේ පුපුරා ගිය අතර අද දිනය (2020. 08. 06) වන විට පිපිරීමෙන් සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳ විශ්වාසනීය නිර්ණය කිරීමක් සිදු කෙරී නැත. කෙසේ වුවත්, වීඩියෝ හා ඡායාරූප තුළින් දක්නට ලැබෙන්නේ හානිය අතිමහත් බව ය.

දශක තුනකට එපිට දී සිවිල් යුද්ධයේ නිමාව දැක ආර්ථික හා සමාජයීය වශයෙන් යළි නැගී සිටීමේ අඛණ්ඩ අරගලයක යෙදෙමින් සිටින ලෙබනන වැසියනට අනපේක්ෂිත ව පැමිණි මෙම විපත දරා ගැනීම කිසිසේත්ම පහසු නොවනු ඇත. එහෙත්… අප කවුරුනුත් ලබා සිටින්නේ මෙවන් විපත් හිඟ නොවන උපතකි. සසර යනු එවැන්නකි.

මේ දිනයේ ද බීරූට් අගනුවරවැසි පිරිස් ස්වකීය කටයුතු අරඹන්නට ඇත්තේ තම ජීවිත කරා එළඹෙන මහා විපත පිළිබඳ අල්පමාත්‍ර සංවේදනයක් නොමැතිව සහ ජීවිතය මත ගොඩනැගුණු නොයෙක් වුවමනා එපාකම් පිරී ගත් ඉලක්ක සපුරා ගැනීම කෙරෙහි අපේක්ෂා සහගතව වන්නට බව සැක නැත. එදිනත්, ඉන් පසුත් ඉටු කර ගැනීමට යොදාගත් කරුණු කාරණා ඔවුන්ගේ ජීවිතවල ද තිබෙන්නට ඇත. ඔවුන් ද ඔබ අප වැනි ම මිනිසුන් ම ය. අප සියල්ලන්ගේ ම ජීවිත තුළ පවත්නේ කාලසටහනක් තුළට ගත් සිහින සටහනකි. ඒ සිහින අත්හැර හිටිහැටියේ ම මෙලොවින් පරලොව යන්නට සිදු වීම කාගේත් පොදු ඉරණම යි. තණ අග රැඳි පිනි බිඳක් වන් මේ ජීවිතයේ මරණයට ඇති ඉඩකඩ අසීමාන්තික ය. කවරෙකුට වුව ද අන් කවරක් නොලැබෙන්නේ වුව ද නිසැකව ම මරණය ලැබේ. එය අද ද හෙට ද කියා දන්නේ කවුරුන් ද? කෙදින ද නොදන්නා, එහෙත් යම් දිනෙක එළඹෙන බව නිසැකව ම දන්නා එකී ඉරණමට අප සූදානම් ව නොසිටිය යුතු ද?

මේ ජීවිතය තුළ මරණයට බොහෝ ඉඩකඩ තිබේ. එවන් ජීවිතයක් සශ්‍රීකවත් කරලීමට වෙහෙස වන තරමටම අප එයින් මතු ජීවිතය ද යහපත් කරලීමට වෙහෙස විය යුතු ය. නොඑසේ නම්, නොසිතූ මොහොතක මේ ජීවිතය හා සබැඳි අප ගොඩනගා ගත් සියල්ල අහිමි වී යද්දී නිසැකව ම ලැබෙන පරලොව ජීවිතයට සලසාගත් පිළිසරණක් අපට ඉතිරි නොවනු ඇත.

ජරා ව්‍යාධි මරණ ප්‍රමුඛ කොට ගත් බොහෝ විපත්පත් ලෝකයේ විපත්වලින් නිදහස් උපතක් යනු ලැබිය නොහැක්කකි. සම්මා සම්බුදුවරුන් පහළ වී ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවා සියලු දුකින් නිදහස් වූ අමා මහ නිවන කරා ලෝවැසියනට මඟ කියන්නේ එහෙයිනි. ඒ මඟෙහි පිහිටා නිවන කරා යොමු වීම හැර මරණය ඉදිරියේ අසරණ නොවී සිටීමට අන් මඟක් නැත. ජීවිතය ද මරණය ද දිනූවෝ ඒ බුදු මඟ ගත්තෝ ම ය. දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලද මේ මිනිස් ජීවිතය අද ම වුව අහිමි වන්නට පළමු අප එමඟෙහි පිහිටිය යුතු නොවේ ද?

ක්ෂණ සම්පත්තිය නසා නොගනිමු
වාර්ෂික ව ලොව පුරා සිදුවන දරු උපත් ප්‍රමාණය සංඛ්‍යාත්මක ව ලක්ෂ ගණනකි. මරණ ද ලක්ෂ ගණනක් ම වූව ද ලෝක ජනගහනයේ ක්‍රමික වර්ධනයෙන් පෙනී යන්නේ මරණවලට වැඩි උපත් ප්‍රමාණයක් සිදුවන බව යි. එනිසා, බැලූ බැල්මට මනුෂ්‍ය උපත දුර්ලභ බවක් පෙනී යන්නේ නැත. එහෙත්, ලෝකය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිසිඳ දැක වදාළ පරිදි මනුෂ්‍ය උපත අතිශයින් ම දුර්ලභ ය. කොපමණ ද යත්, සියක් වසරකට වරක් මුහුදෙන් උඩට එන කණ කැස්බෑවකු සුළං අතට ඇදෙනා විය ගස් දෙකක් හාව සෑදෙනා විය සිදුර – පෙනුම ඇති ඇසට එක් වී අහස දකිනා අවස්ථාව ලබත් ද, මිනිස් ලොව ලබනා උප්පත්තිය ඊට ද වඩා බොහෝසෙයින් දුර්ලභ ය.

ලොව සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වන්නේ ද අතිශයින් ම කලාතුරකිනි. සියක් කල්පයක ලොව බිහි වූයේ සම්බුද්ධ රාජ්‍යයන් සතක් පමණකි. එහෙයින් ම, සම්මා සම්බුදු යුගයක ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පුරුදු පුහුණු කරන්නට ලැබෙනා පරිසරයක සිහි බුද්ධිය ඇති මිනිසෙකු ව ඉපදීම යනු උපමාවකින් පවා දැක්වීමට දුෂ්කර වන අති විරල අවස්ථාවකි. ක්ෂණ සම්පත්තිය යනු එය යි. ඉදින් අපි එය ලැබුවෙමු.

එහෙත්, ක්ෂණ සම්පත්තිය යනු ලද පමණකින් ම ප්‍රතිඵල උපදවන්නක් නො වේ. එහිලා වීරියෙන් යුතු ව පුරුදු පුහුණු කළ යුතු ප්‍රතිපදාවක් ඇත. ඒ වනාහී, සත්පුරුෂයන් ඇසුරේ සද්ධර්මය ශ්‍රවණය කරමින් තම තමන් නුවණ යොදවා සිදු කරන ධර්මානුකූල හැසිරීම යි. එසේ දහම් පිළිවෙතෙහි මැනැවින් නොයෙදෙන්නේ නම්, ක්ෂණ සම්පත්තිය කිසිදු ඵලයක් නූපදවා ම අහිමි වන්නේ ය.

කල්ප ගණනින් එපිට දුරාතීතයේ ද බුද්ධ ශාසන ලොව පැවතිණි. අධිගම, ප්‍රතිපත්ති, පර්යාප්ති ලෙසින් තෙකොටසක් වූ ඒ සම්බුද්ධ ශාසනයන් ද අතුරුදහන් ව ගොස් සද්ධර්මය අසන්නට, දකින්නට නො වූ කාලයන් ම ඒ දුරාතීතයේ ද බහුල විය. ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ මේ පවත්නා ක්ෂණ සම්පත්ති ලාභය ද බොහෝ කාලයක් පවතින්නක් නො වේ. දැනුදු දෙදහස් හයසිය වසරකට වඩා පැරණි ගෞතම සම්බුද්ධ රාජ්‍යය අතුරුදහන් වන යුගය වසර දසදහස් ගණනින් ඈතට නොයන බව අප සිහි තබා ගත යුතු ය.

තණ අග පිනි බිඳක් වන් ජීවිතයක් ඇති ව, මරණය පමුණුවන විපත් අතරට මැදි ව, කුසලයෙහිලා ප්‍රමාදී ව අප මේ අවස්ථාව මගහරවා ගතහොත් ධර්මය මාත්‍රයකුදු අසන්නට නොලැබෙනා අවාසනාව උරුමය කොටගෙන, සතර අපාය මගනොහැරුණු සසර ගමනට ම ඇද වැටෙනු හැර අන්  යමක් අපට ලැබෙන්නේ නැත.

මොහොතකුදු අත්නොහැර පිනෙන් වැඩී යමින් ධර්මය පුරුදු කිරීම හැර සසර ගමනට පිළිසරණක් නැත. පින, කුසලය, පව, අකුසලය, නිවන් ප්‍රතිපදාව මනාකොට පහදා දෙන්නා වූ සම්බුද්ධ ශාසනයක ම මිස අන් කවර තැනකවත් සසරට පිළිසරණ සලසන්නක් ලද නොහැකි ය. මේ පරම දුර්ලභ අවස්ථාව අප්‍රමාදයෙන් අරුත් ගැන්විය යුත්තේ එහෙයිනි. ඉහළට ගත් හුස්ම පොද පහළට හෙළන්නට පළමු සිදුවිය හැකි මරණය මේ ජීවිතය හා බැඳී තිබිය දී කුසල් දහම්හි ප්‍රමාදී ව ගෙවන්නට කාලයක් තිබිය හැකි ද? අප්‍රමාදය නම් වූ කුසල රාශියට උරුමකම් කියන්නට ලැබුණු මෙවන් දුර්ලභ ජීවිතයක් කල්ප ගණනිකුදු නොලැබෙන්නට ද පුළුවන. එනිසා, සම්බුදුවරුන් පසසනා පිළිවෙතෙහි අප්‍රමාදී වීම දැන් දැන් ම කළ යුතු ය.

දෙදහස් වසර හයසිය පසුවී යන්නේ

සසරේ තවම දුක සේ අපි නම් යන්නේ

නොසිතූ ලෙසින් මෙවර තිසරණ හමුවන්නේ

අතහැරුණොත් මෙයත් යළි සසරට යන්නේ

බුදු නෙතින් දුටු අනාගත භය කවදා සිදු වන්නේ ද?
කලින් කලට අපට නොයෙක් අර්බුදවලට මුහුණ පාන්නට සිදු වේ. ගංවතුර යන කල්හී නාය යෑම් ය. කලකදී වැස්ස නොමැතිව නියඟයෙන් පීඩා විඳිති. ත්‍රස්තවාදී බිය පහව යන විට පෑල දොරින් සොර සතුරු බිය ගෙට වදියි. සමහර අයට ගිනිකඳු නිසා ද ලැව්ගිනි නිසා ද සුළි සුළං නිසා ද නොයෙකුත් ප්‍රශ්න ය. සිතන පතන සියල්ල විනාශ වී නොසිතූ කරදර මිනිසාගේ හිස මතට කඩා වැටේ. මේවායෙහි අඩු වීමක් කෙසේ වෙතත් එන්න එන්න ම වැඩි වෙන බවක සේයාවක් පෙනෙන්නට ඇත. සැබෑවට ම සංසාරගත සත්වයාට මේ සියල්ල උරුම ය. එය අරුමයක් නොවේ. ඉපදීම ඇති කල්හි අප අකැමැති වුව ද මේ සියල්ලට ම මුහුණු පාන්නට සිදු වේ. ඉන් ගැලවීමක් නම් නොමැත්තේ ය. නමුත් අප කවුරුත් කරන්නේ ප්‍රශ්නවලට මුල සොයාගෙන විනාශ කර දැමීම නොව එම ප්‍රශ්නවලට පැලැස්තර ඇලවීම ය; තාවකාලික විසඳුම් සෙවීම ය.

වත්මන් ලෝකය බොහෝ සේ දියුණු වී ඇතැයි බොහෝ අය පවසති. “බිය වන්නට කරුණු නැත්තේ ය. දැන් සියල්ල පාහේ දියුණුවේ හිණිපෙත්තට ම ගොස් ඇත්තේ ය.” යැයි ද උගත් යැයි සම්මත තවත් අය ප්‍රසිද්ධියේ ම කියති. ‘තාක්‍ෂණය දියුණු ය. වෛද්‍ය විද්‍යාව දියුණු ය. ප්‍රවාහනය දියුණු ය. සන්නිවේදනය දියුණු ය.’ යන්න ලොව සම්මතය යි. එහි යම් සත්‍යතාවයක් තිබේ. එලෙස ඔවුන් පවසන්නේ පුද්ගයාගේ දියුණුව ගැන නිගමනය කොට නොව හුදෙක් බාහිර දේ කෙරෙහි පවතින දියුණුව දැකීමෙන් ය. නමුත් සැබෑ ම කාරණය නම් ඒ සියල්ල දියුණු වන කල්හී එකී දේ හේතු කොටගෙන ම මිනිසාගේ අභ්‍යන්තරය පිරිහීමෙන් පිරිහීමට ම පත්ව ඇති බව යි. මිනිසුන් ගුණධර්මයන්ගෙන් බොහෝ දුරස් වී ඇත. සිරිත් විරිත්, සීමා මායිම් ඉක්මවා ගොස් ය. එකල්හී අප දියුණු යැයි පවසන බාහිර දෙයින් ඵලක් නැත්තේ ය. හේතුව, ඒ සියල්ල ම මිනිසාගේ උප පරිභෝග වස්තූන් පමණක් නිසාවෙනි. මේ කිසිවකින් අපට පිහිටක්, සරණක් බලාපොරොත්තු විය නොහැක. කෙතරම් දියුණු යැයි කීවත්, මිනිසාගේ මූලික ම බලාපොරොත්තුව වන බොහෝ කල් ජීවත් වීමට ඇති ආශාව හෙවත් දීර්ඝායුෂවත් සඵල කර ගන්නට මිනිසුනට නොහැක. ආයුෂය දිනෙන් දින අඩු වෙමින් පවතී.

මේ ලෝකයේ සියල්ල සැබෑ ලෙස ම අවබෝධ කළේ අපගේ ශාස්තෘන් වහන්සේ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. එබැවින් ද උන්වහන්සේට ‘ලෝකවිදූ’ යැයි කියයි. යම්තාක් අවබෝධ කළ යුතු දේ ඇත් ද ඒ සියල්ල උන්වහන්සේ අවබෝධ කළ සේක. අතට ගත් නෙල්ලි ගෙඩියක් ඕනෑම පැත්තකට හරවමින් බලන්නට හැක්කේ යම් සේ ද උන්වහන්සේට ලෝකයත් එසේ ම ය. දියුණු යැයි කියන මේ ලෝකයේ උදෑසන සොයා ගත් දේ සවස් වන විට වෙනස් වෙයි. සවස තහවුරු කළ දේ උදෑසන වෙනස් වී ගොස් ය. එය යි අද දියුණුවේ තරම. නමුත් භාග්‍යවතුන් වහන්සේ යම් රාත්‍රියක සියල්ල අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූවා ද යම් රාත්‍රියක පිරිනිවන් පා වදාළ සේක් ද ඒ අතරතුර කාලයේ (යං ඒතස්මිං අන්තරේ) යම් දෙයක් පවසන්නාහු ද (භාසති), ප්‍රකාශ කරන්නාහු ද (ලපති) නිර්දේශ කරන්නාහු ද (නිද්දිසති) ඒ සියල්ල ම ඒ අයුරින් ම වන්නේ ය (සබ්බං තං තථේව හෝති). අන් අයුරකින් නොවන්නේ ම ය (නෝ අඤ්ඤථා). අසිරියක් ම ය. එය සැබෑවක් ම නොවේ ද? අද පවත්නේ ද බුදු ඇසින් දුටු ලෝකය නොවේ යැයි කියා කවුරු නම් අභියෝග කරන්න ද?

බෞද්ධයන් වූ අප ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ ගියේ පිහිට පිළිසරණ පතාගෙන ය. අසරණ නොවීම පිණිස ය. සැබෑම සරණ හිමි අපි අසරණ වන්නෝ නොවිය යුත්තෙමු. ඒ සඳහා කළ යුතු එක ම දෙය නම් උන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම යි (සද්දහති තථාගතස්ස බෝධිං). එයට ශ්‍රද්ධාව යැයි කියනු ලබන්නේ ය. ශ්‍රද්ධාව හුදෙක් වචන මාත්‍රයක් නොවිය යුතු ය. එකල්හී සැබෑ ම පිහිට, පිළිසරණ, රැකවරණය ලැබෙන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ අතීතය ද මනාකොට දුටු සේක. එලෙසින් ම වර්තමානය ද අනාගතය ද සක්සුදක් සේ දත් සේක. සංසාරගත සත්වයා විඳින්නා වූ අනේක දුක් කන්දරාව දැක මේ සංසාර ගමනින් නිදහස් වන්නට අප්‍රමාදී වන්න යැයි දේශනා කළහ. උන්වහන්සේ වදාළේ හිස ගිනි ගත් අයෙක් එය නිවන්නට වෙහෙසෙන්නේ යම් සේ ද ධර්මය අවබෝධ කරන්නට ද ඒ අයුරින් ම වෙහෙස විය යුතු බව යි.

අපගේ ශාස්තෘන් වහන්සේ තරම් අප්‍රමාදී බව වර්ණනා කළ කෙනෙක් තවත් නැත්තේ ම ය. උන්වහන්සේ වදාළේ, “පාවලින් ඇවිද යන සියලු සතුන්ගේ පා සටහන් ඇතෙකුගේ පා සටහන තුළට දමන්ට පුළුවනි. අන්න ඒ විදියට යම් ධර්මයක් මෙලොව යහපතත් – පරලොව යහපතත් කියන දෙලොව යහපත සදනවා නම් ඒ සියලු ධර්මයන් අප්‍රමාදය නමැති එක ම ධර්මය තුළට ඇතුලත් කළ හැකියි.” යනුවෙනි. සතර අපා බිය සේ ම අනාගත භයත් බුදු නෙතට වසන් කරන්නට නොහැකි ය. උන්වහන්සේ අනාගත භය දුටුවේ මෙයට වසර දෙදහස් පන්සියයකටත් පෙර ය. එදා බුදු නෙතින් දුටු අනාගත භය කවදා සිදුවන දෙයක් ද?

එයට දෙන්නට ඇති ඍජු පිළිතුර නම් ‘අපි සියල්ලෝ ම අනාගත භයට මුහුණ දෙමින් සිටින්නෙමු.’ යන්න යි. අනාගත භය යනු කුමක් ද? යකඩ කෑලි අටවාගෙන සකස් කර ගත් යන්ත්‍ර සූත්‍රවලින් ලෝකය සොයන්නන්ට මේ භය දැනගත නොහැක. අවබෝධයෙන් තිසරණය සරණ නොගිය, උප්පැන්නයට පමණක් බෞද්ධකම සීමා වූවන්ට ද අනාගත භයක් නොමැත. අනාගත භය දකින්නේ ලොව අතලොස්සකි. ඒ අන් කවරෙක්වත් නොව අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් පමණි. සැබැවින් ම අනාගත භය යනු,  ධර්මයේ හැසිරීමට, පුණ්‍ය ධර්මයන් රැස් කර ගැනීමට, කුසල් දහම් දියුණු කර ගැනීමට අවකාශ ලැබෙන පරිසරය අහිමි වීම යි. මේ මොහොත වන විටත් ඒ පරිසර තත්ත්වයන්ට ලෝකය සැකසෙමින් පවතී. ගත වන සෑම තත්පරයක ම එය සිදු වේ. මිනිසාගේ අභ්‍යන්තර ගුණධර්ම එනම් සීලය, සමාධිය, සිරිත් විරිත්, සදාචාරය, ලැජ්ජා භය ආදිය මේ වන විටත් අවසන් හුස්ම හෙළයි. මරණාසන්න ය. එය ද ඉතිරි වී ඇත්තේ මේ භූමියේ යැයි කිවහොත් එය වැරදි නොවේ. හේතුව මෙහි තවමත් ශ්‍රී සද්ධර්මය නොනැසී පවතින නිසාත්, ඒ ගැන කතා කරන, ඉගෙන ගන්නා ගිහි පැවිදි පිරිසක් සිටින නිසාත්, බුද්ධ අධිෂ්ඨානය නිසාත් ය.

අංගුත්තර නිකාය, පංචක නිපාතයේ ‘අනාගත භය’ සූත්‍ර දේශනාවලදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මෙකල (අදට වසර 2564කට පමණ පෙර) දුර්භික්‍ෂ බිය, රෝග බිය, සොර සතුරු බිය, සංඝයාගේ බිඳීම් ආදී අනාගතයේ සිදුවන දේ නැති හෙයින් අප්‍රමාදී ව, කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිසත්, අත්නොදුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිසත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්‍ෂාත් කිරීම පිණිසත් වාසය කරන්නට සුදුසු ය කියා ය. එම සූත්‍ර දේශනාවල සඳහන් සියල්ල ම මේ වන විට සිදු නොවුණත් බොහෝමයක් සිදු වෙමින් පවතී. කලට වැසි නැත. අකලට වැසි වසී. නිසි පරිදි ගොවිතැන් කටයුතු කිරීමට නොහැක. යහපත් වූ ආහාරපාන අල්ප ය. වයස් භේදයකින් තොරව නොයෙකුත් රෝග උවදුරු හටගනී. සොර සතුරු බිය, ත්‍රස්තවාදී කරදර දිනෙන් දින ඉහළ යයි. ඒ සියල්ලට ම වඩා වේගයෙන් පුද්ගල සන්තානයෙන් ලැජ්ජා බිය ඉවත් වෙයි. මේ දිස් වන්නේ එදා බුදු ඇසින් දුටු අනාගත භය නො වේ ද?

මෙරටින් රුදුරු ත්‍රස්තවාදී බිය පහව ගොස් සුළු කලකින් ම නොසිතූ මොහොතක නැවත එය පැමිණියා නො වේ ද? එකල මිනිසුන් මොනතරම් බියකින් ද වාසය කළේ. දහස් ගණනින් නිබඳව ගැවසෙන රුවන්වැලි මහ සෑ භූමිය හිස්ව ගිය බව අමතක ද? වෙහෙර විහාර වසා දමා ආරක්‍ෂක රැකවල් යොදන්නට සිදු වූවා නො වේ ද? වෙසක් පොහොය දින මලක් පහනක් පත්තු කරන්නට, සිල් ගන්නට තිබූ ඉඩකඩ පවා වැළකුණ බව මතක ද? විහාරස්ථානවලට දන්පැන් පවා නොලැබුණි. භික්‍ෂූන් වහන්සේලා පීඩාවට පත් වී ගියහ. පන්සල් පාළුවට ගියේ ය. නැවත සුනාමි වැනි ව්‍යසන නොඒවි ද? ගංවතුර, නියඟ ඇති නොවේවි ද? කොරෝනා වැනි තවත් වසංගත රෝග ඉදිරියේදී ඇති නොවේවි කියා කවුරුන් ද සනාථ කරන්නේ? එවැනි තත්ත්වයන්ට අපි මුහුණ නොදෙන්නෝ නොවෙමු.

චක්‍රවර්ති සීහනාද සූත්‍ර දේශනාවට අනුව මිනිසාගේ ආයුෂ සියය වන විට අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා දෘෂ්ටිය බොහෝ සේ බලවත් වෙයි. එවිට දෙමාපියන්ට නොසැලකීම, ශ්‍රමණයන්ට ගරු නොකිරීම, ගුරුවරුන්ට – කුල දෙටුවන්ට ගරු නොකිරීම බොහෝ සේ පැතිර යයි. මේ වන විට මිනිසාගේ ආයුෂ සියයට වඩා පහත බැස තිබේ. එසේ නම් මෙකී කරුණු අතිශයින් ම උත්සන්නව ඇත. එය එසේ ම ය. අනාථ නිවාසවල, මහලු නිවාසවල දෙමාපියන් පිරී ඉතිරී ගොසිනි. ගුරුවරු ගෝලයන් නිසා පීඩාවෙන් පීඩාවට පත්ව ඇත.

රාග බහුල සිතින් තැන නොතැන අමතකව ගොස් ය. ලැජ්ජා බය අතුරුදහන් වෙමින් පවතී. ශරීරයේ වසා ගත යුතු තැන් ගැන පවා අවබෝධයක් නැත. පන්සල් යන්නේ ද අසංවර ව ය. ගරු කළයුත්තන්ට ගරු කරන්නට නොදනිති. එම දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ “මිනිසුන්ගේ ආයුෂ දස වර්ෂයක් කල්හී පස් හැවිරිදි කුමරියෝ විවාහ වන්නෝ ය. ගිතෙල්, තල, මී පැණි, පැණි රස, ලුණු රස අතුරුදහන් වන්නේ ය. රොඩු මෙන් වූ ආහාර ප්‍රණීත භෝජන සේ සලකන්නේ ය. දස කුසල කර්මපථ සහමුලින් ම අතුරුදහන් වන්නේ ය. දස අකුසල කර්මපථ අතිශයින් ම ඉස්මතු වන්නේ ය. කුසලය යන නමවත් අසන්නට නොලැබෙන්නේ ය. කුසල් කරන්නන් කොහින් නම් ලබන්න ද?” යනුවෙනි. සිතා බලන්න. මේ වන විටත් මේ සියල්ල සිදු වෙමින් පවතිනවා නො වේ ද?

මහා සුපින ජාතකයේ කොසොල් රජතුමා සිහින දහසයක් දුටුවේ යැයි සඳහන් ය. ඒ සියල්ල අනාගතයේ සිදුවන දේවල් නිසා රජතුමාට බිය නොවන ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළහ. නමුත් දැන් අපි බිය විය යුත්තෙමු. මක් නිසා ද යත්, දැන් ඒ සිහින සැබෑවක් වෙමින් පවතින නිසාවෙනි. දියුණු යැයි ඇතැමෙක් අද පවසන කිසිම දෙයකට මේ කිසිත් වළක්වාලිය නොහැක. ඒ දියුණු යැයි කියන්නා වූ බොහෝ දේ ද උපකාර වන්නේ පිරිහීම පිණිස ම ය, අනාගත භය ඉක්මන් කිරීමට ය. ජංගම දුරකථන, රූපවාහිනී, පරිගණක, අන්තර්ජාලය, අවි ආයුධ තුළින් කරන්නේ එයයි. මේවා පුද්ගල සිත් සතන් දූෂිත කරමින්, රාගය බලවත් කරමින්, ද්වේෂය අවුස්සවමින් මෝහය ප්‍රබල කරන්නේ ය.

කෙසේ වෙතත් අප සියල්ලන්ගේ ම පෙර පිනට ද වාසනාවට ද බුද්ධ අධිෂ්ඨානයට ද අනුව මේ පුණ්‍යභූමියේ තවමත් නිර්මල ශ්‍රී සද්ධර්මය ශේෂ ව පවතී. ඒ ධර්මය කියනා කල්‍යාණ මිත්‍රත්වය නිබඳ ව අපට ලැබේ. නමුත් කොයි මොහොතක හෝ ඒ සියල්ල අභිභවා ඔබේ නිවසේ දොරට ද අනාගත භය තට්ටු කරනු ඇත. එය වළක්වාලිය නොහැක්කේ ම ය. එසේ නම් කළ යුත්තේ කුමක් ද? ඒ සඳහා ඇති එකම විසඳුම නම් අප්‍රමාදය යි. වෙන කිසිදු පිළිසරණක් නොමැත. ධර්මයේ හැසිරෙන්නට, සිල් රකින්නට, දන් පුදන්නට හොඳ ම කාලය අද යි. හෙට හිරුත් සමග අනාගත භයක් නැගී එන්නට පුළුවන. ප්‍රමාදී මාරයාට ඔබ ව යටකර යාමට ඉඩ නොදෙන්න. සතර අපායේ උරුමකරුවෝ නොවන්න. සුගති රැකවරණය සලසාගෙන, බිය සැක නැති පිය උරුමයෙන් ලත් තැන්හි වාසය කරන්න.

“ආයුං ආරෝගියං වණ්ණං – සග්ගං උච්චාකුලීනතං

රතියෝ පත්ථයන්තේන – උළාරා අපරාපරා

අප්පමාදං පසංසන්ති-පුඤ්ඤකිරියාසු පණ්ඩිතා”

“ආයුෂත්, නිරෝගීකමත්, ඇඟපතේ පෙනුමත්, සුගතියත්, උසස් කුලයක ඉපදීමත්, උදාර වූ නොයෙක් ආකාරයෙන් සිත් අලවන්නා වූ දේත් කැමති කෙනා විසින් පුණ්‍ය ක්‍රියාවල අප්‍රමාදී වෙන්න ඕන. නුවණැත්තෝ ප්‍රශංසා කරන්නේ එය යි.”

“අප්පමත්තෝ උභෝ අත්ථේ – අධිගණ්හාති පණ්ඩිතෝ

දිට්ඨේ ධම්මේ ච යෝ අත්ථෝ – යෝ චත්ථෝ සම්පරායිකෝ

අත්ථාභිසමයා ධීරෝ – පණ්ඩිතෝති පවුච්චතීති”

“අප්‍රමාදී වූ නුවණැත්තා මෙලොව යම් යහපතක් ඇත්නම් එයත්, පරලොව යම් යහපතක් ඇත්නම් එයත් කියන දෙලොවේ ම යහපත ලබා ගන්නවා. තමාගේ යහපත ඇති කරගන්නා ඒ වීරියවන්ත කෙනාටයි නුවණැත්තා කියන්නේ.”

(අප්පමාද සූත්‍රය – සං. නි. – 1)

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි)

පින්වත් ස්වාමීන් වහන්ස, බුද්ධ පූජාව පූජා කිරීමෙන් පසු එම ආහාරපානවලට කුමක් කළයුතු ද?
යම් හෙයකින් ඔබ බුදුරජාණන් වහන්සේ උදෙසා යම් ආහාර පානයක් පූජා කරන්නේ නම් එම අවස්ථාවේදී ඒ සඳහා පසුව කුමක් කරන්නෙම් දැයි කල්පනා කිරීම නොකළ යුතු දෙයකි. එය ඔබේ පින හීන වීමට හේතුවනු ඇත. ඛුද්දක නිකායට අයත් විමානවත්ථු පාළියෙහි සක්දෙවිඳුන් විසින් පවසන ලද ගාථාවක් අපට හමුවේ.

“තිට්ඨන්තේ නිබ්බුතේ චාපි – සමේ චිත්තේ සමං ඵලං

බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩසිටියදීත් පිරිනිවන් පෑ කල්හිත් යන අවස්ථා දෙකෙහිදී ම සම සිතින් බුදුරජුන් උදෙසා යම් පූජාවක් කරන්නේ නම් එයින් සම විපාක ලැබෙන්නේය.”

මොහොතක් සිතන්න… ඔබට ජීවමාන බුදුරජුන්ට යමක් පූජා කිරීමට අවස්ථාව ලැබුණහොත් මා මේ පූජා කරන දෙයට, පසුව කරන්නේ කුමක්ද කියා කල්පනා කරන්නේ ද? නැත. එසේ නම් ඔබ කරන්නේ උතුම් බුදුගුණ ම මෙනෙහි කරමින් පහන් සිතින් බුදුරජාණන් වහන්සේට දානය පූජා කිරීමයි. බුදුරජුන් පිරිනිවන් පෑ මෙකල ද උන්වහන්සේ උදෙසා දානය පූජා කළයුත්තේ ඒ අයුරිනි.

අනෙක් කරුණ නම්, ‘මං මේ බුද්ධ පූජාව අස්කළාට පස්සේ සතෙකුට මේක දෙනවා’ කියන අදහසින් ඔබ බුද්ධ පූජාව පූජා කළහොත් ඔබට සැබෑ ලෙසින් ම සිත පහදවාගෙන අනර්ඝ අයුරින්, පිරිසිදු, ප්‍රණීත අයුරින් බුද්ධ පූජාව පූජා කිරීමට හැකි වේවිද? කිසිසේත් ම නැත. එසේත් නොමැති නම් ‘මේක අස්කළාට පස්සේ මම ම කනවා’ කියන අදහසින් පූජා කළහොත් ලෝභ මූලික වූ සිතින් පූජා කරන දානයෙන් ඔබට උසස් පිනක් රැස් වේවි ද? නැත. පිනක් මහත්ඵල වීමට ඔබ සිතන පතන ආකාරය විශේෂයෙන් ම බලපායි.

පින්වත් ස්වාමීන් වහන්ස, සමහර ගිහි – පැවිදි අය කරන ප්‍රකාශයක් තමයි අපට තිබෙන්නෙ විවිධ මතවාදවලින් දූෂණය වූ බුදු දහමක් මිස පිරිසිදු බුදු දහමක් නොවෙයි කියලා. මෙහි සත්‍යතාවයක් තියෙනවා ද?
ඒ කියමන්වල සත්‍යතාවයක් තියෙනවා. පසුකාලීන ග්‍රන්ථ ඔස්සේ බුදු දහම දෙස බලන්න ගියොත් එයාට පිරිසිදු බුදු දහමක් ලැබෙන්නෙ නැහැ. විවිධාකාර මතවාදවලින්, ආකල්පවලින්, විවිධාකාර දෘෂ්ටිවලින් විකෘති වී ගිය ධර්මයක් තමයි පසුකාලීන ග්‍රන්ථ ඔස්සේ දකින්ට ලැබෙන්නෙ. ඒ තමයි බුදු බව පැතීම, මෛත්‍රී බුදුරජාණන් වහන්සේව පතාගෙන යන මෛත්‍රී වර්ණනාව, බෝධිසත්ව වර්ණනාවන්, පාරමී පිරීම, තෙසැත්තෑ ඤාණ පූජා, මාර්ග-ඵල ලබන්න ත්‍රිහේතුක ප්‍රතිසන්ධි අවශ්‍ය බව ආදී මතවාද. අපට පැහැදිලිව පේනවා මේවා පසුකාලීන ආකල්ප ඔස්සේ ගොඩනැගිලා තියෙන බව. නමුත් බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනා වන දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකායට අයිති ථේර ථේරී ගාථා, උදාන, ධම්මපදය, ඉතිවුත්තක, සුත්ත නිපාත, පේතවත්ථු විමානවත්ථු ආදී ත්‍රිපිටක ග්‍රන්ථ දෙස බලනකොට අපට පේනවා මේ ජීවිතයේදී ම අත්දකින්න පුළුවන්, ප්‍රගුණ කරන්න පුළුවන් ඉතා පිරිසිදු නිර්මල ධර්මයක් අපට තිබෙනවා.

සමහරවිට කෙනෙකුට මේ නිර්මල ධර්මය තිබෙන බව නොතේරෙන්න පුළුවන්. මොකද අර පසුකාලීන ග්‍රන්ථවලට නිර්මල ධර්මය ඇතුලත් කරලයි අපිරිසිදු ධර්මය ඉදිරිපත් කරන්නෙ. මේ නිසා ධර්මය පිළිබඳ පැහැදිලි දැනුමක් ලබානොගත් කෙනෙක් පැටලෙන්න පුළුවන් පිරිසිදු ධර්මයක් නැහැ කියලා. විශේෂයෙන් ම ඒකට හේතුව තමයි පසුකාලීනව ලියැවුණු පොත් පත් සහ මෑත කාලයේ ද ලියැවුණ පොත්පත්වලින් ධර්මය සොයන්නට යෑම.

අපේ අදහස නම් මේ මෑත භාගයේ තරම්, ඒ කියන්නෙ බුද්ධ වර්ෂ විසිහයවෙනි සියවස තරම් බුද්ධ වචනය සංකීර්ණත්වයට පත්කෙරෙන පොත් පත්, අදහස්, ආකල්ප ඉදිරිපත් වුණ තවත් සියවසක් නැහැ කියලයි. මෙය විශේෂයෙන් ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවැත්මට විශාල හානියක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඒ ශ්‍රාවකයන්ගේ නාමයෙන් සිටින අපි කවුරුත් ගෞතම බුදු සසුනේ තිබෙන පාරිශුද්ධ භාවය රැකගන්නටත්, ඒ පාරිශුද්ධභාවය ඉස්මතු කරන්නටත් උත්සුක විය යුතුයි. එහෙම නැත්නම් අපිත් ඒ ශාසනය විනාශ කරන්න හවුල් වෙන අවාසනාවන්ත පුද්ගලයන් බවට පත්වෙන්නට පුළුවන්. ඒ තත්ත්වයට පත් නොවීමට අපි වගබලාගත යුතුයි.

පින්වත් ස්වාමීන් වහන්ස, අද බෞද්ධ සමාජය තුළ ධර්මයේ ස්වරූපයෙන් නොයෙක් මිත්‍යා මත ප්‍රචාරය වෙනවා. මෙමගින් ගෞතම බුදු සසුනේ පැවැත්මට කොතරම් බලපෑමක් එල්ල වෙනවාද?
ගෞතම බුද්ධ ශාසනයේ පැවැත්මට විශාලතම හානිය සිදුවෙමින් පවතින්නේ අන්න ඒ තුලින් තමයි. මොකද හේතුව, බුදුරජාණන් වහන්සේගේ දේශනා එක එක්කෙනාගේ හිතුමනාපෙට, හිතුවක්කාර ක්‍රමවලට තෝර තෝරා වචන කඩ කඩා විස්තර කරන්න කාටවත් කිසිම අයිතියක් නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය තුළින් දේශනා කළ ධර්මයක් මේ කොහේවත් සංසාරෙ ඇවිද ඇවිද යන කෙනෙක් හිතට අරගෙන ඒ වචන තමන්ට ඕන විදිහට විග්‍රහ කරන්න ගියොත් තමන්ටත් වරදිනවා, අහන අයටත් වරදිනවා. ශ්‍රද්ධාවට පැමිණිලා ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා.

මේ නිසා ගෞතම බුද්ධ ශාසනයට මෑත භාගයේ ඒ කියන්නේ බුද්ධ වර්ෂ විසිහයවෙනි සියවස වනවිට සිදුවෙලා තියෙන හානිය අපි හිතනවා සාසන ඉතිහාසයේ සිදුවෙලා නැති තරම් හානියක් දැනට සිදුවෙලා කියලා.

ඒ තමයි මේ අලුත් අර්ථකථන දිදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ මූලික ස්වරූපය විකෘති කිරීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික ස්වරූපය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවන ආකාරයට මේ ධර්මය විවරණය කරනවා නම් අන්න ඒ තුළින් තමයි මේ බුද්ධ ශාසනයට අනතුරක් වෙන්නෙ. ඒක අද සමාජයේ වැඩිපුර ම දකින්නට ලැබෙන දෙයක්.

පින්වත් ස්වාමීන් වහන්ස, බොහෝ දෙනෙක් කියන්නෙ බුදු දහමේ කතා කරන්නේ දුක ගැන, අනිත්‍ය ගැන, අසුභය ගැන වගේ ඍණාත්මක චින්තනයක් කියලයි. ඒකේ ඇත්තක් තියෙනවා ද?
නැහැ. ඒකේ ඇත්තක් නැහැ. ඍණාත්මක චින්තනය කියලා කියන්නෙ අපට යමක් කරන්න බැහැ කියන එකයි. දැන් දුක ගැන ගත්තොත් මේ මිනිස්සු බුදු දහම ඍණාත්මක චින්තනයක් කිය කියා දුක අවබෝධ කරන්නෙ නැතිව, අසුභය අවබෝධ කරන්නෙ නැතුව මිත්‍යා සංකල්පයක් තුළයි සම්පුර්ණයෙන් ම බැහැගෙන ඉන්නෙ. ඒ තමයි සැපයි නිත්‍යයි ආත්මයි කියන මිත්‍යා සංකල්පය. ඒ සංකල්පය තුළ ඉන්න නිසා තමයි, යථාර්ථයට ප්‍රතිවිරුද්ධව කල්පනා කිරීම නිසා තමයි මේ මිනිස්සු අසහනයෙන් පීඩාවෙන් දුක් විඳින්නෙ.

ඉතින් මේ යථාර්ථයට ප්‍රතිවිරුද්ධව සැපයි සැපයි සැපයි, නිත්‍යයි නිත්‍යයි නිත්‍යයි, තමාගේ වසඟයේ පවත්වන්න පුළුවන් ආත්මයි ආත්මයි ආත්මයි කියල අසත්‍යයක් පුරුදු කළා කියලා කවදාවත් ඒක ධනාත්මක චින්තනයක් වෙන්නෙ නැහැ. ධනාත්මක චින්තනය කෙනෙක් තුළ තියෙනවා කියලා හොයන්න පුලුවන් වෙන්නෙ එයා අට ලෝ දහමින් කම්පා නොවන හිතක් දියුණු කරලා තියෙනවා නම් විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා,

ඵුට්ඨස්ස ලෝකධම්මේහි – චිත්තං යස්ස න කම්පති

අසෝක විරජං ඛේමං – ඒතං මංගලමුත්තමං

කෙනෙකුගේ ජීවිතය කරා අට ලෝ දහම ළං වෙනකොට, අටලෝ දහමින් පහර වදිනකොට ඒ සිත කම්පා වෙන්නෙ නැත්නම්, සෝක රහිත ව, බිය රහිත ව තිබෙනවා නම් අන්න ඒක තමයි නියම ශ්‍රේෂ්ඨත්වය. ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. අන්න ඒ ශ්‍රේෂ්ඨත්වය තමයි කෙනෙක් තුළ ඇතිවන නියම ධනාත්මක චින්තනය වෙන්නෙ. ඒක ඇති වෙන්නෙ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීමෙන්, දුක් දේ දුක් වශයෙන් දැකීමෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන් දැකීමෙන්, අසුභ දේ අසුභ වශයෙන් දැකීමෙන්.

ඒ නිසා යථාර්ථය දැකීම, අනිත්‍ය වශයෙන් සිහි කිරීම ඍණාත්මක ආකල්පයක් යැයි කියන මතය ධර්ම ඤාණයක් නැති අන්ධබාල පෘථග්ජන මිත්‍යා දෘෂ්ටික පිරිසක් විසින් මානසිකව ගොඩ නගා ගත්තු මුළාවක් මිසක් ඒක ආර්ය ශ්‍රාවකයෙකුගේ දර්ශනයක් නම් නෙවෙයි.

ජින දන්තධාතු වංශය
ප්‍රඥාවට ආකරයක් වැනි වූ, මිථ්‍යාවාද නැමැති මහ වනය දවාලන ගිනි කඳක් වැනි වූ, තුන්ලොවට පහනක් වූ, අසම වූ, අසමසම වූ සියලු කෙලෙසුන් දුරුකළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා…!

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නවලෝකෝත්තර වූ උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා…!

දක්‍ෂිණාවට සුදුසු වූ, සන්සුන් ඉඳුරන් ඇති මුනිරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ උතුම් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයට නමස්කාර වේවා…!

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ නොවිසිරුණුධාතූන් වහන්සේලා අතර දළදා වහන්සේලා හතරනමක් වැඩ සිටියා. බුදු සමිඳුන් සිනා පහළ කරන විට මේ දළදා වහන්සේලාගෙන් සුදු සඳරැස් වැනි බුදුරැස් විහිදී සිරස වටා තෙවරක් පැදකුණු කොට නොපෙනී යන සේක. දළදා වහන්සේලා ලෙස ගැනෙනුයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ උඩ හා යට ඇති උල් දත් හතර යි. තව්තිසාවේ සිළුමිණි වෙහෙරේ එක් දකුණු දළදා වහන්සේනමක් වැඩ සිටින අතර අනෙක් දකුණු දළදා වහන්සේ ජයසේන නම් නාරජු විසින් නාලොව පුදන ලැබුවා. මහින්ද මහරහතන් වහන්සේ ලබාගත් එම දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජු කරවූ සෝමාවතී සෑ රජුන් තුළ අදටත් විරාජමාන ව වැඩ සිටිනවා. වම් උඩු දළදා වහන්සේ ගන්ධාරපුරේ වැඩ සිටින අතර, මෙහි සඳහන් වන්නේ කලිඟු රටේ අවුරුදු 800ක් පමණ අපමණ පුද සත්කාර ලබා මේ වන විට නුවර දළදා මැදුරේ වැඩසිටිමින් ලක්දිවට තෙද පතුරුවන අප භාග්‍යවතුන් වහන්සේ යටි වාම ශ්‍රී දළදා වහන්සේගේ කථා විස්තරය යි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවේ යමා සල්රුක් සෙවණේ පිරිනිවන් පා වදාළ පසු ඒ උතුම් සම්බුදු සිරුර අනන්ත වූ පුද පෙළහර මධ්‍යයේ රන්දෙණක බහා රන් පියනකින් වසා සඳුන් දර සෑයේ දැවෙන චිතකයෙන් ඛේම මහරහතන් වහන්සේ වම් දළදාව රැගෙන පසුව එය කලිඟු රජතුමාට භාර දුන්නා. මිථ්‍යාදෘෂ්ටික වූ ඒ රජතුමා පසුව තෙරුවන් සරණ ගොස් දළදා මැදුරක් හදලා මහත් වූ පුද පූජා පැවැත්තුවා.

බුදුරජුන්ගේ ධර්මය නමැති අමෘත සාගරයට බැස ගත් ඒ රජු මසුරුමල ආදී පව් සෝදාහැරියා. මහා වැස්සක් වහිනවා වාගේ නොයෙක් මුතු මැණික් දුගී මගී අයට දීලා දිළිඳු බව නමැති ග්‍රීස්මය දුරු කළා. ඒ රජු විසින් සෑදූ පළමු දළදා මැදුර රන්වන් පාටින් බැබළුණේ හිරුමඬල බබළනවා වගේ. හිරු රැස් වැදුනා ම ඒ රන්වන් දළදා මැදුර බලද්දි එහි කාන්තියට බලන අයගේ ඇස් පියවෙනවා. ඒත් හැමෝම මහා ආශාවෙන් ඒ දෙස බැලුවා. රත්තරන් ආසනයක් කරවලා ඒ මත දළදා වහන්සේ වඩා හිඳුවා අපමණ පුදපූජා පැවැත්වූ ඒ රජතුමා මරණින් මතු දෙව්ලොව උපන්නා.

ඒ රජුගේ පුත් වූ කාසි රජතුමා මලින් සුවඳින් දළදා වහන්සේ පිදුවා. ඒ මැදුරේ තෙල් පහන් දැල්වූවේ නෑ. මැණික් ආලෝකයෙන් ආලෝකවත් කළා. උත්තම වූ බුදුරජුන්ට කළ පුද පූජා බලෙන් මරණින් මතු ඒ රජතුමා ද තව්තිසා දෙවිවරුන්ගේ වාසයට ගියා. ඔහුගේ පුත් සුනන්ද රජුත් සියලු සත්වයන්ට කරුණා මෛත්‍රියෙන් යුතුව මුනිඳු දළදා පුදමින් නින්දා නැති ස්වර්ගයේ උපන්නා.

ඊට පස්සේ මිසදිටු වූ ගුහසීව නම් රජෙක් පහළ වුණා. වැහි කාලේ වලාකුළුවලින් වැහුනු සඳ බබළන්නේ නෑ වගේ ඒ රජු මිසදිටු නිසා බැබළුණේ නෑ. නගරවාසීන් රන් තොරන් බැඳලා, ධජ පතාක හිටවලා, මල්වලින් නුවර සරසලා, රන් රිදී මලින්, සුවඳ සුණු ආදියෙන්, නැටුම් ගැයුම්වලින් දළදා වහන්සේ පුද දෙනකොට කල්ප විනාශයේ මහා සාගරේ හඬ වගේ මහා ඝෝෂාවක් ආවා. රජතුමා පුදුමයට පත්වෙලා ඇහුවා මේ සද්දෙ මොකද්ද කියලා. ඇමතියෙක් කිව්වා, සියල්ල දන්නා වූ, සියල්ල මැඩ පවත්වන්නා වූ, අමා නිවනට වැඩි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ ඛේම මහරහතන් වහන්සේ විසින් වැඩම කරවූ බව… ගුහසීහ රජතුමා බුදු සසුනේ පහන් සිත් ඇති කරගෙන පුදුම එලවන මහා දළදා පූජාවක් කළා. ආශ්චර්යවත් ඒ මහා පූජාව දැකලා බෞද්ධයන් සතුටින් ඉපිල ගියා. තීර්ථකයින් නොසතුටු වුණා.

කිපුණ තීර්ථකයෝ පාටලීපුත්‍රයේ පඬි රජු හොයාගෙන ගියා. ගිහින් කිව්වා ප්‍රාදේශීය රජෙක් වන ගුහසීහ රජු මිනී ඇටයකට මහා පුද පූජා පවත්වන බව. ඒ පඬි රජු තමන්ගේ සාමන්ත රජෙක් වූ චිත්‍රයාන රජුට කිව්වා ඒ ගුහසීහ රජුත්, ඔහු දිවා රෑ පුදන මිනී ඇටයත් අරන් එන්න කියලා.

චිත්‍රයාන රජුට ගුහසීහ රජතුමා නොයෙක් අයුරින් බුදු ගුණ කියමින් පවසා සිටියා “ඒකාන්තයෙන් ම දේවාතිදේව වූ සියලු ප්‍රාණීන්ට පිහිට වූ ඒ බුදුරජුන්ට අවමන් කරන අයට මුළාවක් ම යි, මුළාවක් ම යි.” බුදු ගුණයට සිත පහන් වූ ඒ චිත්‍රයාන රජු දළදා මැදුරට පමුණුවා ගුහසීහ රජතුමා රන් කරඬුව විවෘත කළා. දකුණු දණ මඬල පොළොවේ තබා දොහොත් මුදුන් තබා වන්දනා කරගෙන දසබලධාරී බුදුසමිඳුන්ගේ ගුණ සිහිකොට ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේට මේ විදියට ආයාචනා කළා. “සර්වඥයන් වහන්ස, ඔබවහන්සේ විසින් නොයෙක් තැන්හි දී බොහෝ පෙළහර දක්වා තිබෙනවා. දැනුදු ඔබවහන්සේ විසින් බලන මිනිසුන්ට ස්වර්ග මෝක්ෂ සැප සලසාලන උතුම් පෙළහරක් පා වදාරණ සේක්වා!”

පළමු දළදා පෙළහර

චන්ද්‍රරේඛාව සේ මනහර දළදා වහන්සේ අහසට පැනනැගුනා. රිදීවන් සුදු බුදු රැස් විහිදුවමින්, දුම් දමමින් දිලිසි දිලිසී පෙළහර පා වදාළා. ඒ චිත්‍රයාන රජු බොහෝ කලක් පුරුදු කළ සියලු මිසදිටු හැර අසම වූ බුදුරජුන් සරණ ගියා. එනමුත් පඬි රජුගේ නියෝගය බැහැර කළ නොහැකිව ගුහසීහ රජු සමඟ දළදා වහන්සේ පඬි රජු වෙත වැඩම කෙරෙව්වා. කළිඟු රජු වූ ඒ ගුහසීහ රජතුමා මග දිගට දළදා වහන්සේට පුදපූජා පවත්වමින් ම ගියා. කිසිම බියක් තැතිගැනීමක් සැකයක් නැති සිතින් සිටි ගුහසීහ රජු දුටු පඬි රජු කෝපයට පත් වුණා. තීර්ථකයන්ට කිව්වා, “වැඳිය යුතු, පිදිය යුතු දෙවියන් හැර මොහු මිනී ඇටයකට වඳිනවා. ඒ නිසා මේ මිනී ඇටය දිලිසෙන ගිනි අඟුරු වළකට දමන්ට.” කියා. නිගණ්ඨයෝ මහා සතුටට පත් වෙලා රජ මිදුලේ මහා ගැඹුරට, පහ වූ ගිනි සිළු ඇති, ගිනි අඟුරුවලින් පිරුණු වළක් පිළියෙළ කළා. මෝහයෙන් අන්ධ වූ ඒ තීර්ථකයෝ හාත්පසින් දිලිසෙන රෞරව නරකය සේ භයංකාර වූ ගිනි අඟුරු වළට දළදා වහන්සේ විසි කළා.

සැදැහැවත් මහජනයාගේ හදගැස්ම මොහොතකට නැවතුනා. ඉහළට ගත් හුස්ම පොද එහෙම්ම රඳවා බලා සිටියා.

දෙවන දළදා පෙළහර

සියලු දෙනා අමන්දානන්දයට පත් කරවමින් ඒ දළදා වහන්සේගේ අනුභාවයෙන් ගිනි අඟුරු වළ පලාගෙන රිය සකක් වැනි නෙළුම් මලක් මතු වුණා. හාත්පසින් රේණුවලින් පිරුනු ඒ පියුම් කෙමිය මත දළදා වහන්සේ පිහිටියා. කොඳ මල් සේ ඉතා සුදු, දීප්තිමත් වූ බුදුරැස් විහිදුවමින් සියලු දිසා සුදු පැහැයෙන් බැබළෙව්වා, ආලෝකවත් කොට වදාළා. මේ පෙළහර දුටු බොහෝ මිසදිටු අය තෙරුවන් සරණ ගියා.

පඬි රජතුමාට බොහෝ කලක් ආ මිසදිටුව බැහැර කළ නොහැකි වුණා. දළදා වහන්සේ නසන්ට තව උපායක් හිතුවා. “මිනී ඇටය කිණිහිර මත තබා කුළු ගෙඩියෙන් වැරෙන් පහර දෙන්න.” කියා නියෝග කළා.

තෙවන දළදා පෙළහර

දෙව්මිනිසුන්ගේ සිත් සලිත කරවමින් දළදා වහන්සේ කිණිහිර මත තබා කුළු ගෙඩියෙන් වැරෙන් පහර දුන්නා. සතුටට පත් වූ රජු කුඩු වූ මිනී ඇටය බැලීමට ළං වුණා. අසිරියක්මැයි…! දළදා වහන්සේගෙන් භාගයක් කිණිහිරේ ගිලුනා. නිරුපද්‍රිත ව හාත්පස දසදිසා බබුළුවමින් සුදු සඳ රැස් වගේ බුදු රැස් විහිදෙව්වා. පඬි රජු පුදුමයට පත් වුණා. ශරීරයේ රෝමෝද්ගමනය වුණා. ඉරිසියාවෙන් පෙළුනු නිගණ්ඨයින් හණිකට රජු ළඟට ආවා. මේ තරම් ආනුභාවයක් ඇති මෙය නම් මිනී ඇටයක් නොව මේ නම් විෂ්ණු අවතාරයක් ම යි කියලා කපටි නිගණ්ඨ පිරිස විෂ්ණු දෙවියන්ගේ ගුණ කිය කියා ස්තූති පූජා කර කර පැන් වැඩුවා “උඩට වඩින්ට” කියලා. දළදා වහන්සේ නොසෙල්වී වැඩ සිටි සේක.

ඊට පස්සෙ පඬි රජතුමා නුවර පුරා අඬබෙර පැතිරෙව්වා දළදා වහන්සේ කිණිහිරෙන් පිටතට ගත්තොත් මහා සම්පත් දෙනවා කියලා. ඒ නගරයේ හිටියා පිනට කැමති, බුද්ධානුභාවයට පැහැදුන සුභද්‍ර නම් සිටුවරයෙක්. අනේපිඬු සිටුතුමාගේ මුණුපුරෙක් වූ ඒ සුභද්‍ර සිටුතුමා සිත්කළු වචනයෙන් බුදු ගුණ වර්ණනා කළා.

■“අපගේ භාග්‍යවතුන් වහන්සේ පූර්ව භවයක ඡද්දන්ත ඇතෙක් වෙලා සිටිද්දී විෂ පෙවූ ඊ පහර වැදී ලේ වැකුණු ශරීර ඇතිව ඉද්දිත් ෂඞ් වර්ණයෙන් බබළන දළ දෙක කපා සෝණුත්තර නම් වැද්දාට දන් දුන් සේක් ද…

■අපගේ භාග්‍යවතුන් වහන්සේ පූර්ව භවයක හාවෙක් වෙලා සිටිද්දී පිරිසිදු සිල් ඇතිව, දානයෙහි ඇලී, සා දුකින් පෙළුණු බමුණාට ගිනි අඟුරු ගොඩට පැන තම ශරීරය දන් දුන් සේක් ද…

■සිවි රජු ව සිටියදී අපගේ භාග්‍යවතුන් වහන්සේ බුදු බව පතා තම දීප්තිමත් නෙත් සඟල අන්ධ බමුණාට දන් දුන් සේක් ද…

■ක්ෂාන්තිවාදී තාපස ව සිටිය දී අත් පා කප්පවා වදයට පැමිණවූ කලාබු රජු කෙරෙහි මෙත් සිතින් ඉවසූ සේක් ද…

■මාස 7ක් වයසැති ධර්මපාල කුමරුන් ව සිටියදී කිපුණු පිය රජු අසිමාල නම් වධය කරන කල්හිත් සිත දූෂිත නොකළ සේක් ද…

■යම් සර්වඥ බුදුරජාණන් වහන්සේනමක් වඳුරු ව ඉපිද සිටිය දී ප්‍රපාතයෙන් ගොඩ ගත් අසත්පුරුෂයා ගැසූ පහරින් හිස පැලී ලේ වැගිරෙද්දීත් නොකිපී මාර්ගය පෙන්වූ සේක් ද…

■අපගේ භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධ මුවා ව සිටි සමයේ මුවදෙන මරණින් මුදවා දං ගෙඩියේ තම හිස තබා අනිත් සියලු සත්වයින් ද මරණෙන් මුදවූ සේක් ද…

■වටු පැටියෙක් ව සිටියදී සත්‍ය වචනයේ බලයෙන් ලැව් ගින්න නිවා මේ කල්පය පුරාවට ම එතැන ගිනි නොහටගන්නා තැනක් බවට පත් කළ සේක් ද…

■අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතා බිහිසුණු වූ ආලවක යක්‍ෂයා දමනය කළ සේක් ද…

■අපගේ භාග්‍යවතුන් වහන්සේ මිනිස් ලෙයින් රතු පාට අත් පා ඇති, කඩුවක් ඔසවාගෙන ලුහුබඳින්නා වූ, බිහිසුණු වූ අංගුලිමාල නම් සොරා දමනය කළ සේක් ද…

■අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතා දරුණු වූ, මදයෙන් මත් වූ, අති බිහිසුණු වූ නාලාගිරි නම් ඇතු දමනය කළ සේක් ද…”

මේ ආදී අනේක අයුරින් බුදුගුණ වර්ණනා කළ සිටුපුත්‍රයා, “මේ උත්තම දළදා වහන්සේ අපගේ සද්ධර්ම නායක වූ, අප්පටිපුග්ගල වූ, අනන්ත නුවණ ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ ම ය. මේ සත්‍යානුභාවයෙන් බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ මහජනයාගේ සැකසංකා දුරු කරන සේක්වා! වහා අහසට නැගී පෙළහර පා වදාරණ සේක්වා!” යි අධිෂ්ඨාන කළා. එසැණින් ජින දන්තධාතූන් වහන්සේ අහසට පැන නැග ඕෂධී තාරකාවක් සේ සියලු දිසා බැබළෙව්වා. ඉක්බිති දළදා වහන්සේ සිටුපුත්‍රයා අමෘතයෙන් අභිෂේක කරන ලද්දාක් මෙන් ඔහුගේ සිරසෙහි පිහිටියා.

නිගණ්ඨයෝ මේ ආශ්චර්යය දැක බියට පත් වී පඬි රජු ව ආයෙමත් මිසදිටු ගැන්වුවා. “මේ දළදා මහිමයක් නොව මොහු මායාකාරයෙකි. මායා බලෙන් තමන් කැමති දේ පෙන්වා අන් අය මුළා කළ හැකි ය. නොරැවටෙනු මැනව.” ඔවුන්ගේ වචන ඇසූ රජු තවත් ඉර්ධියක් පෙන්වන ලෙස සිටු පුත්‍රයාට නියෝග කළා.

සිව්වන දළදා පෙළහර

සිටු පුත්‍රයා බුදුරජුන්ගේ අසිරිමත් බුද්ධ චරිතය සිහි කරමින් රන් පාත්‍රයක සුවඳ සිසිල් පැන් පුරවා ඒ මතට දළදා වහන්සේ වැඩමෙව්වා. දළදා වහන්සේ සුවඳ දියේ දක්‍ෂිණාවර්ත ව සීඝ්‍ර ව දිවෙමින්, උඩට නැගෙමින් දියෙහි ගිලෙමින් වටේට ප්‍රදක්‍ෂිණා කළ සේක. මෙසේ දකින ජනයන්ගේ දෙනයන සතුටු කඳුළු පුරවමින් රාජ හංසයෙකු සේ පෙළහර පා වදාළා. පඬි රජුගේ බොහෝ කාලයක් තිබූ මිසදිටුව පිඹ හරින්නට ඒ පෙළහරත් සමත් වුණේ නෑ. ආයෙමත් දළදා වහන්සේ විනාශ කරන උපායක් සිතුවා.

පස්වන දළදා පෙළහර

වීථියේ මහා වළක් හෑරෙව්වා. දළදා වහන්සේ වළට දමා මනාකොට පස් පුරවා ඇතුන් ලවා පෑගෙව්වා. සැණෙකින් ස්වර්ණමය පෙති සහිත, මැණික්වලින් සුසැදි කෙමියක් ඇති, රිදීවන් රේණු ඇති, දීප්තිමත් රන් මලක් පොළොව පලාගෙන පැන නැංගා. දළදා වහන්සේ ඒ මලෙහි පිහිටා සියලු දිශාවන් බබුළුවන්නට වුණා. සතුටට පත් වූ මිනිස්සු වැස්සක් සේ මලින් පුද දුන්නා. නුවර පිරී යන පරිදි අහස ගිගුම්දෙන සේ සාදුකාර නාද පැවැත්වුවා.

තීර්ථකයෝ පඬි රජුට සැල කළා ඒ ප්‍රාතිහාර්යයත් වංචාවක් බව. ඉන් පසු පඬි රජු විසින් දේව මිනිස් කැල මුදුන් මල්කඩක් සේ පුදදෙන ඒ  උත්තම දළදා වහන්සේ මළමුත්‍ර, සෙම්සොටු, ඉඳුල්, අපවිත්‍ර දේ එකතු වන දිය අගලට දැම්මා.

හයවන දළදා පෙළහර

දළදා වහන්සේගේ අනන්ත ආනුභාවයෙන් ඒ දිය අගල පස් පියුමින් සුසැදි සුන්දර පොකුණක් බවට පත් වුණා. රතු නෙළුම්, සුදු නෙළුම්, මානෙල්, නිල් මානෙල්, ඕලු මලින් පිරී ගියා. මේ පෙළහර දුටු ඇත්තු පවා මහ හඬින් කුංචනාද කළා. අශ්වයෝ හේෂාරව කළා.

මිනිස්සු ප්‍රීතිඝෝෂා කළා. ඔද වැඩුනු සිතින් අත්පොළසන් දුන්නා. සළු පිළි හිස වටා කරකවමින් මත් වූවන් සේ ප්‍රීතිඝෝෂා කළා. පුද දුන් කළුඅගිල් සුවඳ දුමින් අහස වැසී ගියා. වස්ත්‍රවලින් කරන ලද්දාක් මෙන් නගරය කොඩිවලින් වැසී ගියා.

මේ අචින්තනිීය වූ ආශ්චර්ය වූ පෙළහර දැක සතුටට පත් වූ ඇමති පිරිස එක් වෙලා තම රජුගේ යහපත කැමති ව මෙසේ සැලකර සිටියා. “රජතුමනි, පැහැදිය යුතු ගුණයන්ගේ පැහැදීම සත්පුරුෂ ජනයන්ගේ ස්වභාවයක්. සඳ රැස් වැටුනු විට කුමුදු මල් පිපෙන සේ පැහැදිය යුතු ගුණ ඇති කල්හි සත්පුරුෂයෝ තෙමේ ම පහදිත්. මේ මිසදිටුවන්ගේ වචන අහලා සුගති මාර්ගය අත්හරින්න එපා. අන්ධයන්ගෙන් යහපත් මාර්ගය විමසන්නේ කවුරුන් ද? මහාකප්පින, බිම්බිසාර, සුද්ධෝදන ආදී රජවරු ධර්මරාජ වූ අපගේ බුදුරජාණන් වහන්සේ ආදරයෙන් සරණ ගියා. දෙදෙව්ලොවට අධිපති වූ සක්දෙව් රජුන් පවා ආයුෂ පිරිහී ඉද්දී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා දීර්ඝායුෂ ලැබුවා. ඒ නිසා මිනිසුන්ට අධිපති වූ රජතුමනි, දේවාතිදේව වූ උත්තම වූ සර්වඥයන් වහන්සේ කෙරෙහි ස්වර්ග මෝක්ෂ සැපය පිණිස සිත පහදවා ගත මැනව.” මේ විදියට බුදු ගුණ අහනකොට පඬි රජු සතුටට පත් වුණා. තම යහපත කැමති ඇමතියෙකුට මෙහෙම කිව්වා.

“ත්‍රිවිධ රත්නයේ ගුණ හඳුනා නොගෙන බොහෝ කාලයක් මා මිථ්‍යාදෘෂ්ටියෙන් රැවටී සිටියා. ප්‍රඥාවට ආකරයක් බඳු බුදුරජුන් මහා ගිනි කඳක් සේ දිලිහි දිලිහි වැඩ සිටිද්දී ම මෝහයෙන් මුළා වුණ මම කණාමැදිරි එළි පස්සේ ගියා. පිපාසාවට ගංගා දිය අතැර මිරිඟු දිය බොනවා වගේ… ජීවිතය කැමැත්තෙන්, අමෘතය අතහැර නපුරු විෂක් අනුභව කරනවා වගේ… සුවඳැති සපුමල් දාමයක් අත්හැර නා සිරුරක් පැළඳ ගත්තා වගේ මංමුළාවට පත් වුණා. වහ වහා දිය අගල සමීපයට ගොස් ආරාධනා කොට බුදුරජුන්ගේ දළදා වහන්සේ වැඩම කරවාගෙන එන්න. සියලු සැප එළවන උතුම් දළදා වහන්සේ පුදා පින් කරන්නෙමි.”

එවිට ඒ රජුගේ යහපත කැමති වූ සෙනෙවිතෙම අතිශයින් ම සතුටට පත් වුණා. දිය අගල සමීපයට ගොස් දළදා වහන්සේට වැඳ වැඳ මෙහෙම කිව්වා. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපගේ රජතුමා බොහෝ කාලයක් පැවති මිසදිටුව පිඹ හැරියා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්තා. එනිසා මේ රජුගේ ප්‍රාසාදයට වැඩමවා රත්නත්‍රය කෙරෙහි පැහැදීම දියුණු කළ මැනවි.”

ඒ සර්වඥ දළදා වහන්සේ හංස පෝතකයෙකු මෙන් පියුමෙන් පියුමට වඩිමින්, කිරි සයුර මෙන් මුළු නගරය ම සුදු බුදු රැස්වලින් ආලෝකවත් කළ සේක. ඉන් පසු ඇමතියාගේ දොහොත් නමැති රතු පියුමෙහි පිහිටා මහජනයාට පෙනෙමින් මිනිසත් බව මහත්ඵල කළ සේක. දළදා වහන්සේ මලින් මලට වඩිමින් සුදු බුදු රැස් විහිදවූ පුවත ඇසූ රජු මහා සතුටට පත්ව පා ගමනින් ම පෙරමගට ගොස් ඇදිලි බැඳ වන්දනා කොට මෙසේ කීවා.

“සර්වඥයන් වහන්ස, වෙළඳාම් කිරීමේ දක්‍ෂ වූ මනුෂ්‍යයෝ රන්බඩුවල රත්රන් නියම රන්දැයි පරීක්‍ෂා කිරීමට හණ ගලෙහි උරගා බලති. මෙය පුරාණයේ සිට ම එන සිරිතකි. අද ද එසේ කරත්. මැණික් ආකරයන්හි නොයෙක් මැණික් ගල් ලැබේ. ඒවායේ නියම තත්ත්වය අවබෝධ කර ගන්ට මැණික් ඔප දමා ගත යුතු ය. රජදරුවන්ගේ ඔටුන්නේ මුදුන්හි අලංකාරයට යොදන මැණික් පවා ගින්නෙහි දමා මනා කොට ඔපදමා ගනිති. ඒ නිසා මහා මුනිඳුනි, අප විසින් ද ඔබවහන්සේ තව තව විමසීම පිණිස මේ සියල්ල කරන ලදී.

ප්‍රඥාවට ආකරයක් වූ මුනිඳුනි, මා විසින් කරන ලද මහා අපරාධයට සමාව දෙන සේක්වා…! ලොවෙහි සමාව දෙන අය අතර අධිපති වූ මුනිඳාණෙනි, මට සමාව ලබා දී මාගේ සිරස මත වැඩ සිටින සේක්වා…!”

සැණෙකින් දළදා වහන්සේ රජුගේ මාණික්‍ය ශෝභාවෙන් බබළන ඔටුන්නෙහි පිහිටි සේක. සියලු සත්වයන් කෙරේ උපන් මහා දයානුකම්පාවෙන් කිරි දහර මෙන්, සුදු සඳ රැස් මෙන් සුදු බුදු රැස් විහිදවූ සේක. පඬි රජු දළදා වහන්සේ සිරසින් උසුලමින් නුවර ප්‍රදක්‍ෂිණා කොට මලින් සුවඳින් පුදමින් මනා ව සැරසූ ඇතුළු නුවරට වැඩමෙව්වා. රජතුමා ශ්වේත ඡත්‍රයක් යෙදූ ස්වර්ණමය පළඟක දළදා වහන්සේ වඩා හිඳුවා රන් රිදී මුතුමැණික් ආදියෙන් පුදනු ලැබුවා. රජතුමා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගොස් අවිහිංසාවෙන් හා කරුණා ගුණයෙන් මහජනයාගේ සිත් දිනා ගත්තා.

පඬි රජතුමා හිරු මෙන් බබළන රන්වන් පැහැ ඇති අලංකාර දළදා මැදුරක් කරවා සියලු නුවර ම සරසා දළදා වහන්සේ ව දළදා මැදුරට වැඩම කරවූවා. අවශේෂ පූජාවලින් තෘප්තිමත් නොවූ රජතෙම ධන ධාන්‍ය සහිත වූ රට ම දළදා වහන්සේ උදෙසා පිදුවා.

ඒ පඬි රජතුමා මිසදිටුවන් හා එක් වීම අත්හැර දමා බුදු වදන් නැමැති පහනින් සුමගෙහි ගමන් කොට තමාටත්, අනුන්ටත් හිත වැඩ කරමින් කාලය ගත කළා. දසරාජ ධර්මයෙන් රට පාලනය කළ පඬි රජු සමඟ යුද පිණිස ඛීරධාර නම් රජු පැළලුප් නුවරට පැමිණියා.

පඬි රජු ඇත් රජෙකු දැක ද නොබියව ඉදිරියට යන සිංහරාජයෙකු මෙන් මහ වතුරක් වන් යුද සෙන් පිරිවරා සිය නුවරට පැමිණි ඛීරධාර රජු ඉදිරියට ගියා. යුද හමුදාවේ ගමනින් නැගුණු දූවිල්ලෙන් ආවරණය වූ අහස ඇතිව මහ බලවත් යෝධයන් ඇති ඊතල වර්ෂාවෙන් යුත් මහා යුද්ධයේ දී ඛීරධාර රජු පරදවා පඬි රජු ජය ගත්තා. අනතුරුව පඬි රජතුමා රට සශ්‍රීක කොට සිය පුතුට රාජ්‍යය දී ගුහසීව රජුට ද සත්කාර කොට සිය රටට යැව්වා. පඬි රජතුමා නොයෙක් වස්තු දන් දී, යදියන් සතුටු කොට තවුස් ජීවිතයක් ගතකොට මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නා.

ගුහසීව රජතුමා නැවතත් දළදා වහන්සේ සිය නුවරට වැඩමවා මනා ව පූජා සත්කාර කරමින් ජනයා සුගති මාර්ගයෙහි යොදවමින් මහා පින්කම් කරමින් වාසය කළා. ඒ කාලේ බොහෝ තේජස් ඇති උදේනි රජුගේ පුත්‍ර වූ දන්ත කුමරු දළදා පිදීම පිණිස ගුහසීව රජුගේ රටට ගියා. ඛීරධාර රජු යුද බිමෙහි මිය ගිය කල්හි ඔහුගේ බෑණනුවන් දළදා වහන්සේ ගැනීම පිණිස දන්තපුරය වෙත ගියා. ඉක්බිති ඒ කුමරුන් නුවර සමීපයෙහි කඳවුරු බැඳ “බුදුන්ගේ දළදාව දෙව, නැතහොත් යුද්ධ කරව.” යි හසුනක් එව්වා.

ගුහසීව රජු ඒ අසා දන්ත කුමරුට රහසිගතව මෙසේ කීවා. “මගේ දිවි තිබෙන තුරු දළදා වහන්සේ අනෙකෙකුට දිය නොහැක්කෙමි. දෙවි මිනිසුන් නිරත්තරයෙන් පුද දෙන ඒ දළදා වහන්සේ රැගෙන බමුණු වෙස් ගෙන ලක්දිවට යන්න.” එකල්හි දන්ත කුමරු ගුහසීව රජුට මෙසේ කීවා. “ලක්දිව ඔබේ ද මගේ ද නෑ කෙනෙක් නොමැත. මහා සාගරයෙන් එතෙර කුඩා දේශයක් වූ ලක්දිවට දළදා වහන්සේ මම කෙසේ ගෙන යම් ද?” එවිට ගුහසීව රජු දන්ත කුමරුන්ට මෙසේ කීවා. “දසබලධාරී බුදුරජුන්ගේ ශාරීරික ධාතු ලක්දිව පිහිටියාහු ය. සසර භය නැසීමේ දක්ෂ වූ ඒ බුදුරජුන්ගේ ධර්මය ද ලක්දිව පිහිටියාහු ය. බොහෝ භික්ෂූන් වහන්සේලා ද ලක්දිව වැඩ වසන්නාහු ය. හැම කල්හි ම නුවණැති මාගේ මිත්‍ර වූ මහසෙන් රජතුමා දළදා පුදන්නට ද නුපුරුදු රටකට ගිය ඔබට මනාව සංග්‍රහ කිරීමට ද පොහොසත් ය.” මෙසේ ගුහසීව රජතුමා තම බෑණනුවන් සතුටු කොට සේනා සහිතව යුද බිමට ගොස් යුද බිමේ දී මරණයට පත් වුණා.

ඉක්බිති දන්ත කුමරු මාමාගේ මරණය පිළිබඳ කනට අමිහිරි ඒ පුවත අසා හේමමාලා කුමරිය සමඟ බමුණු වෙස් ගෙන දළදා වහන්සේ රැකීම පිණිස නගරයෙන් පිට වුණා. ඉතා විශාල ගංගාවක් තරණය කොට ගං ඉවුරෙහි වැලිගොඩක් මැද දළදා වහන්සේ සඟවා තැබුවා. සතුරන්ට අසු වේ යැයි බියෙන් පිට වී යාමට අවස්ථාවක් එළැඹෙන තුරු වැලි දාගැබ තුළ දළදා වහන්සේට පුද සත්කාර කරමින් සිටියා.

එකල්හි ඉර්ධි බලයෙන් අහසින් වඩින එක්තරා රහතන් වහන්සේනමක් වැලි දාගැබෙන් විහිදෙන රශ්මි මාලාවන් දැක අහසින් බැස දළදා වහන්සේට වන්දනා කළා. ඒ තෙරුන් වහන්සේ දැක සතුටට පත් වූ අඹුසැමි දෙදෙනා තමන් ලංකාවට යන තොරතුරු දැන්වූවා. එවිට උන්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළා. “ඔබ නොබියව දළදා වහන්සේ හෙළදිවට රැගෙන යන්න. අතරමග දී යම් උවදුරක් ඇති වුවහොත් උවදුරු දුරුකිරීමට දක්‍ෂ වූ මා සිහි කළ මැනව.”

ඉක්බිති ඒ ගංගාවේ නා විමනේ සිටි පණ්ඩුහාර නම් නා රජෙක් නා විමනෙන් පිට වී ඔබ මොබ යමින් එතැනට පැමිණියා. වැලි දාගැබෙන් නික්මෙන්නා වූ සුදු සඳරැස් වන් සුදු බුදු රැස් දැක සැක සහිතව නැවත නැවත බලද්දී ඒ වැලි සෑය තුළ පිහිටි සර්වඥ දළදා වහන්සේ දැක්කා. ඒ ක්ෂණයෙහි ම ඒ නා රජු ඉතා ගෞරව සහිතව දළදා වහන්සේ සහිත රන් කරඬුව ගිල මහාමේරු පර්වතය වෙලාගෙන වැතිරුණා.

අඹුසැමි දෙදෙනා ද සමීපයේ පිහිටි මුහුදු තීරයට යනු කැමතිව වැලි දැගැබ තුළ තැබූ දළදා වහන්සේ නොදැක මහා දුකට පත්ව හඬ හඬා කඳුළු වගුරුවමින් ශාක්‍යපුත්‍ර වූ ඒ මහා රහතන් වහන්සේ සිහි කළා. එවිට ඒ උත්තම රහතන් වහන්සේ ඔවුන්ගේ සිතිවිල්ල දැක ශෝකයෙන් බර වූ ඔවුන් වෙත වැඩම කළා. ඔවුන් විසින් වැලි ගොඩ යට තබා පුදන ලද දළදා වහන්සේ එහි නැති බව රහතන් වහන්සේට දන්වා සිටියා.

අප මහා තෙරුන් වහන්සේගේ දිව්‍ය නේත්‍රයට දළදා කරඬුව ගිල මහමේරු පර්වතය වෙලා සිටි නා රජු දර්ශනය වුණා. ඒ ක්ෂණයෙන් අප මහරහතන් වහන්සේ මහා පියාපත් ඇති ගුරුළු වේශයක් මවා ගත්තා. තම පියාපතින් උපන් පවන් වේගයෙන් මුහුද දෙබෑ කොට බියකරු වේශයෙන් වහා ගොස් මහමෙර පාමුල නිදා සිටි නා රජු වෙත පැමිණියා. එවිට නා රජු බියෙන් තැතිගෙන නාග වේශය අත්හැර පෙණය හකුළුවාගෙන රහතන් වහන්සේගේ දෙපා වැඳ මෙසේ කීවා.

“බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාටම යහපත පිණිස ම හිතසුව පිණිස ම පහළ වන්නාහු ය. ධාතු වන්දනාව ද සියල්ලන්ගේ ම සැප පිණිස ම පවතී. එහෙයින් මම ද සියලු ආකාරයේ වන්දනාවට පූජාවන්ට සුදුසු අග්‍ර දක්ඛිණෙය්‍ය වූ සම්බුදුරජුන්ගේ දළදාව පුදා පින් රැස් කර ගැනීම පිණිස ම එය ලබා ගත්තෙමි.”

එවිට අප මහරහතන් වහන්සේ නා රජුට මෙසේ වදාළා. “පින්වත් නා රජුනේ, ඔබ දිවි ඇති තෙක් ධාතු පූජාවේ යෙදුණත් මේ ජීවිතයේ ම මග ඵල ලැබිය නොහැකියි. මග ඵල සාක්ෂාත් කළ හැකි මනුෂ්‍යයන්ගේ වාසස්ථානය වූ සීහලදීපයට යි මේ දළදා වහන්සේ වැඩම කරවන්නේ. එනිසා අප මුනිරජුන්ගේ දළදාව මා හට ලබාදෙනු මැනව.” එවිට නා රජු මහත් ශෝකයෙන් නමුදු ධාතු කරඬුව රහතන් වහන්සේට ලබා දුන්නා. ගුරුළු වේශය අතැර අප තෙරුන් වහන්සේ මහා සාගරයෙන් නැගී, රාජශ්‍රීය ලද්දාක් මෙන් දළදා වහන්සේ අඹුසැමි යුවළට ලබා දුන්නා.

මෙසේ බොහෝ උපකාර ඇති රහතන් වහන්සේ වැඩම කළ පසු ඔවුන් දළදා වහන්සේ හිස් මුදුනේ තබාගෙන වන මාර්ගයෙහි ගමන් කරන විට වන දේවතාවුන් විසින් අනේකප්‍රකාර වූ පුද පූජාවන්, වන්දනාවන් පැවැත්වූවා. අප භාග්‍යවතුන් වහන්සේගේ දළදා වහන්සේගේ මහිමයෙන් මාර්ගයේ සියලු තැන්හි මුදු මොළොක් සුවඳ ඇති සුළං හමා ගියා. මහමගෙහි තිබූ ගල් බොරළු කටු ආදී අපවිත්‍ර දෑ සියල්ල තොමෝ ම ඉවත් වී අප භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා පිළිගන්නට මෙන් සිනිඳු සුමුදු වැලි ඇතිරුනා. ඒ දළදා වහන්සේගේ මහිමයෙන් නියම්ගම් වැසියන්, නුවර වැසියන් ඔවුන්ට මනා කොට පුද සත්කාර කළා.

මලින්, සුවඳ රේණුවලින් පුරවා ගත් දෑත් ඇති වන දේවතාවුන් ද දළදා වහන්සේ දකිනු කැමති ව ඔවුන් අනුව ම නිරන්තරයෙන් ගමන් කළා. පර්වත වන දුර්ග ගෙවූ ඔවුන් තාම්‍රලිප්ති පටුනට පැමිණියා. එවිට ලක්දිවට යන වෙළෙඳුන් නැගුණු නැවක් ඔවුන්ට දක්නට ලැබුණා. ඉක්බිති බමුණු වෙස් ගත් අඹුසැමි දෙදෙනා වහා නැවියා හමු වී ලක්දිවට යෑමට කැමැති බව පවසා සිටියා. නැවියා ද ඔවුන්ගේ මිහිරි වචනයෙන් ද මනා පැවැත්මෙන් ද සතුටුව ඔවුන් ව නැවට නංගා ගත්තා.

ඔවුන් විසින් දළදා වහන්සේ ද රැගෙන නැවට නැගි විට මුහුදු දිය රළ සන්සිඳී ගියා. උතුරු දිශාවෙන් සුගන්ධය පතුරුවමින් සුවඳ පවන් හමා ආවා. සියලු දිශාවක් ම ශෝභාවත් වුණා. නිල් අහසේ ගුරුළු රාජයෙක් මෙන් බලවත් සුළං වේගයෙන් ගමන් ගත් නැව වෙරළ ඉක්මවා සයුර මැදට පැමිණුනා. වාත වේගයෙන් කම්පා වූ මහා සමුද්‍රයේ පර්වත වැනි උස් වූ රළ පතර ඇති වුණා. කන් බිහිරි කරවන නාදයෙන් යුතු වුණා. රාත්‍රිය ඉක්මවා හිරු මඬල උදාවෙද්දී සාගර කුණාටුව සන්සිඳී නිල් මැණික් ඇතිරූ වේදිකාවක් මෙන් මුහුද බැබළුණා.

එවිට සමහර නාගයින් පෙණ මඬුළු දරා, බිය තැති ගැනීම ඇති කරමින් නැගී සිටියා. සමහර නාගයින් සුවඳ මල් ඇතිව සිත්කළු මැණික් පහන් දරාගෙන නැගී සිටියා. කිසිවෙක් කඩුපුල් මල් හිසෙහි කරකවමින් නැගී සිටියා. තවත් නාගයින් පිපුණු කුමුදු මල් ගෙන නැගී සිටියා. තවත් නාගයින් රන්වන් පුන්කළස් ගෙන නැගී සිටියා. තවත් නාගයින් සුළඟට ලෙළදෙන ධජ පතාක ගෙන නැගී සිටියා. තවත් අය රන්සුණු පිරවූ රන් කරඬු ගෙන නැගී සිටියා. තවත් නාගයින් රමණීය ලෙස නටමින් නැගී සිටියා. කිසිවෙක් ළයාන්විත මිහිරි ගී ගයමින් නැගී සිටියා. කිසිවෙක් මියුරු ලෙස වාද්‍ය භාණ්ඩයන් වයමින් අප මුනිරජුන්ගේ ධාතු පුදන්නට නැගී සිටියා.

දළදා වහන්සේ ඒ රාජ කන්‍යාවගේ සිත්කළු කෙස් කළඹින් අහසට පැණනැගී චන්ද්‍ර ලේඛාවක් සේ සුදු බුදු රැස් විහිදවූ සේක. දළදා වහන්සේගේ අසදෘශ මහිමයෙන් සතුටු වූ නාගයින්ගේ ප්‍රතිරාවයෙන් හා සාදු නාදයෙන් අහස නොපොහොනා සේ වුණා. ඒ සර්වඥ දළදා වහන්සේ ආකාසයෙන් බැස නැවත ඇගේ කෙස් වැටිය තුළට පිවිසි සේක. ඒ නා පිරිස නැව නවත්වාගෙන සතියක් පුරාවට මහත් වූ පූජාවන් කළා.

අහසෙහි නිශ්චල වූ විමානයක් මෙන් සයුර මැද ගමන් රහිතව නැව පිහිටියා. ඒ දැක බියට පත් අඹුසැමියන් විසින් ඍද්ධිමත් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ සිහි කළා. එකෙණෙහි බුද්ධපුත්‍ර වූ ඒ රහතන් වහන්සේ ඔවුන්ගේ සිත් දැක ගුරුළු වෙසක් මවාගෙන නාගයින් බිය ගන්වා පළවා හැරියා. භය දුරු කොට රහතන් වහන්සේ වැඩි කල්හි තෙරුන්ගේ අධිෂ්ඨාන බලයෙන් ඔවුන් නිරුපද්‍රිතව ලක්දිවට පැමිණියා.

ඒ කාලයේ මහසෙන් රජුගේ පුත් වූ කිත්සිරිමෙවන් රජු රජ වී අවුරුදු 9ක් වී තිබුණා. ලක්දිවට ගොඩබැස්සා වූ ඒ දම්පතීහු සිත්කළු දෙවොලක නැවතුණා. එක්තරා බමුණෙක් ඔවුනට ආහාරපාන දී අනුරාධපුරයට යන මඟ පෙන්වූවා. ඒ මඟ අසා ඔවුන් අනුරාධපුර සමීප ගමකට පැමිණුනා. යම් රජෙක් පතා ඔවුන් මෙහි පැමිණියා ද ඒ රජු කළුරිය කොට බොහෝ කල් ගත වූ බව දැනගත්තා. ශෝකයෙන් හඬා වැළපුණු මුළා වූ සිත් ඇති ඔවුන්ට සියලු දිශාවන් අඳුරු වූ සෙයක් වැටහුනා. කිත්සිරිමෙවන් රජුට රත්නත්‍රය කෙරේ මමත්වය ඇති බව අසා ඇවිළෙන ගිනි කඳක් මහා වර්ෂාවකින් නිවී යන සේ ඔවුන් සැනසිල්ලට පත් වුණා.

මේඝ ගිරි විහාරයේ එක් භික්‍ෂුවක් රජු හා ඉතා විශ්වාසී බව අසා ඔවුන් දෙදෙන ඒ භික්‍ෂුව වෙත ගොස් දළදා වහන්සේ ගැන කියා සිටියා. දළදා වහන්සේ ගැන ඇසූ ඒ භික්‍ෂුව, අමා රසයෙන් අභිෂේක කරන ලද ශරීර ඇත්තෙක් මෙන් වඩ වඩාත් සතුටට පත් වී පට වියනින් සැරසූ තම විහාරයට දළදා වහන්සේ වැඩම කරවූවා. ඒ භික්‍ෂුව අඹුසැමි දෙදෙනාට මහත් සංග්‍රහ කොට දළදා පුවත ගැන රජුට දන්වා සිටියා.

දළදා වහන්සේ පිළිබඳ ඇසූ රජු සක්විති රුවන ලද කලක මෙන් අප්‍රමාණ සතුටට පත් වුණා. ඒ සැදැහැති රජතුමා මහ සෙනඟ පිරිවරා අනුරාධපුරයට ඊසාන පැත්තෙන් පිහිටි මේඝ ගිරි විහාරයට පයින් ම ගමන් කළා. දළදා වහන්සේ දැක පහන් වූ රජුගේ සතුටු කඳුළුවලින් මුතුහර ද තෙමී ගියා. රෝමෝද්ගමනය වුණා. නමස්කාර පූර්වක ව මෙසේ සිතුවා. ‘නොයෙක් රන් රුවන්වලින් බබළන ඔටුනු පලන් සිරස පුදන්නෙමි නම් තුන්ලොවට අසහාය සරණ වූ බුදුරජුන්ගේ දළදා වහන්සේට සුදුසු පූජාවක් කළා වෙන්නේ නෑ.

බොහෝ රන් රුවන් සහිත ධන ධාන්‍ය සහිත මහා පෘථීවිය පුදන්නෙමි නම් සුදුසු පූජාවක් වේ ද..?’ ඔහු යළි මෙසේ සිතුවා. ‘මාගේ මේ ලංකා රාජ්‍යය ඉතා සුළු ය. බුදුරජාණන් වහන්සේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇති සේක. අල්ප වූ සම්පත් ඇතිව ම සීල, සමාධි, ප්‍රඥා ආදී අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජුන් කෙසේ පුදම් ද..?’ යි මෙසේ නැවත නැවත එය ම සිතන්නා වූ ඒ ධෛර්යය සම්පන්න වූ රජු විසඥ බවට පත් වුණා. එකල්හි සේවක ජනයා විසින් පවන් සලන රජු සිහි ලැබුවා. පූජා විධි ගැන අධිකව සිතීමෙන් තමයි රජු සිහි මුළා වුණේ.

‘නුවණැත්තා මහා පොළොවේ ස්වල්ප වූ බීජයක් සිටුවා කලකින් කොළ, දලු, මල්, ගෙඩි ආදී බොහෝ ඵල ලබයි. මෙසේ අනේක ගුණයෙන් පමණ කළ නොහැකි වූ බුදුරජාණන් වහන්සේට අප ස්වල්ප වූ ද පූජාවක් කොට කල් ඇවෑමෙන් සිත්කළු වූ සගමොක් සැප ලබන්නෙමි’ යි මෙසේ සිතා ප්‍රීතියෙන් පිනා ගිය පුන් සඳ බඳු මුහුණ ඇති ඒ රජතුමා මේ ශ්‍රී ලංකාද්වීපය දළදා වහන්සේට පූජා කළා. ඉක්බිති රජතුමා පිරිස මැද මෙසේ පැවසුවා. “බුදුරජාණන් වහන්සේ ඉතා සුදු දත් ඇති සේක. සර්වඥ දළදා වහන්සේ ඕෂධී තාරකාව මෙන් ශ්වේත වර්ණයෙන් යුතු වන්නේ ය. මේ දළදාව කුමක් නිසා කිලිටි පැහැයෙන් යුක්ත ද?” ඒ ක්‍ෂණයෙහි ම දළදා වහන්සේ පියාපත් විදා යන රාජ හංසයෙකු සේ අහසේ නැගී මොහොතක් දක්‍ෂිණාවර්ත ව කැරකුණ සේක. රජතුමා අනර්ඝ සුදු ඇතිරිල්ලක් සිංහාසනය මත අතුරා දළදා වහන්සේ ඒ මත පිහිටුවා සරත් කාලයේ අහසේ ඇති ඉතා සුදු වළාකුළු වැනි සමන් මල් ගොඩකින් වසනු ලැබුවා.

එවිට අප මුනිරජුන්ගේ දළදා වහන්සේ වහා උඩට නැගී මල් ගොඩ මුදුනෙහි පිහිටා කිරි සේ සුදු සඳ රැස් සේ සුදු බුදු රැසින් බබළමින් මහජනයා සොම්නසින් ආනන්දයට පත් කළ සේක. රජු තවත් පරීක්‍ෂා කිරීමට කැමති බැවින්, සිංහාසනයේ පිහිටි කිරි සයුරේ පෙණ පටලයක් හා සම වූ සියුම් වස්ත්‍රයක දළදා වහන්සේ පිහිටුවා මාහැඟි සිනිඳු සළු සිය ගණනකින් වසනු ලැබුවා. ඒ දළදා වහන්සේ සුදු වලා ගැබින් නික්මුණ පුන්සඳ මෙන් ඒ ක්‍ෂණයෙහි සළු සිය ගණනක් බිඳගෙන උඩට නැගි සේක. ඒ මතුපිට හිඳ සුදු බුදු රැස් විහිදුවමින් දස දිසාවන් බැබළවූ සේක.

එසැණින් මහාමේරු, යුගන්දර ආදී පර්වත සහිත මේ මහා පෘථිවී තොමෝ සාදුකාර දෙන්නියක මෙන් කම්පා වුණා. මේ ආශ්චර්යය බැලීමට මෙන් මහා සාගරය නිශ්චල වුණා. මද වැගිරෙන හස්තියෙක් විසින් සොලවන ලද මනා ව පිපුණු සල් රුකකින් මල් වැගිරෙන්නාක් මෙන් අහසින් දිව්‍ය මල් වරුසාවක් ඇද හැළුණා. දෙවියන් සතුටට පත් වී දිව නැටුම්වලින් දළදා වහන්සේ පුද දුන්නා. සතුටට පත් දෙවියන් මිහිරි හඬින් නින්නාද වන පරිදි දිව්‍ය බෙර වැයුවා, දිව්‍ය ගායනා ගැයුවා. අහසේ පහන් දැල්වූ කලක මෙන් විදුලිය ලෙළ දුන්නා. දළදා වහන්සේට පූජා පිණිස අහස ගුගුරා මහවැසි ඇද හැළුණා. සුපිපි මල් ද රැගෙන සුවඳ සීතල සුළං හමා ගියා.

දළදා වහන්සේගේ ආශ්චර්යයට සිදු වූ මහා පොළොව කම්පා වීම, මහා සයුර නිශ්චල වීම, දිව මල් අහසින් වැටීම, දෙවඟනන් මිනිසුන්ට පෙනෙන සේ නෘත්‍ය දැක්වීම, දිව්‍ය ගාන්ධර්වයන් මනහර ගී ගැයීම, දිව්‍ය බෙර වැයීම. වැසි ධාරා වැටීම, විදුලියෙන් දිසා ආලෝකවත් වීම, සුවඳ පවන් හැමීම ආදී අසිරිමත් දේ දැක රජතුමා සැක දුරු කොට නොයෙක් අයුරින් දළදා වහන්සේ පිදුවා. පෙර නොදුටු විරූ අසිරිමත් පෙළහර දුටු රජතුමා ඉමහත් ප්‍රීතියට පත්ව රන් රුවන් ආදියෙන් මහා පූජාවක් කළා.

ඉක්බිති රජතුමා දළදා වහන්සේ හිසින් දරාගෙන සේසත් සහිත විසිතුරු ඇතිරිලි යෙදූ සුදු අසුන් යෙදූ උතුම් රියක නැගී අනුරාධපුරයට පැමිණියා. මහානුභාව සම්පන්න වූ ඒ රජතුමා සක්දෙවිඳුගේ විමන වැනි වූ සිය මැදුරෙහි සිනිඳු සුදු ලොම් ඇතිරිලි, කොඳ පලස් අතුරා සිංහාසනය මත දළදා වහන්සේ තැන්පත් කළා. මාහැඟි වූ දළදා මැදුරක් කරවා දළදා වහන්සේ පිහිටුවා ස්වර්ග මෝක්ෂ සැප කැමතිව දිවා රෑ අනේක ප්‍රකාර වූ පුද පූජා පැවැත්වූවා.

ත්‍රිසිංහලාධිපති වූ ඒ රජ තෙමේ ඒ අඹුසැමි දෙදෙනාට ම බොහෝ රන් රිදී ආදිය ලබා දී කුලවතුන්ට නිවාස වූ ගම් ද පුද පඬුරු ද දී සංග්‍රහ කළා. නුවර වැසියන් දළදා වහන්සේ නොදැක උකටලීව රජු සමීපයේ උද්ඝෝෂණය කළා. “අපගේ භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝ වැසියන්ට හිත වැඩ පිණිස ම උපන් සේක. සියලු ජනයාට හිත පිණිස ම හැසිරුණ සේක. බොහෝ ජනයාට හිතසුව පිණිස ම ධාතූන් වහන්සේලා විසිරීම පිණිස අදිටන් කළ සේක. එනිසා සගමොක් සුව පතා අපිදු දළදා වහන්සේ පුදන්ට කැමති වන්නෙමු.”

එවිට රජතුමා අනුරපුර සමීපයෙහි භික්‍ෂු සංඝයා රැස්කොට බුදුරජුන්ගේ දළදා වහන්සේ පිදීමට මහජනයාගේ ඇති කැමැත්ත දන්වා සිටියා. ඒ අතර සිටි මහා ප්‍රඥා ඇති, කරුණාවට නිවාස වූ එක් මහතෙරුන් වහන්සේනමක් රජුට මෙසේ පැවසුවා.

“යමෙක් තමන් යටතේ සිටින රටවැසියාට අභිවෘද්ධියක් කරත් ද හේ උතුම් ගති ඇති කෙනෙකි. එහෙයින් වසන්ත කාලයේ දළදා වහන්සේ පිටතට වැඩම කරවා මහජන ප්‍රදර්ශනය කිරීම මැනව.”

රජු විසින් තෙරුන්ගේ බස් අසා මහජනයාට දළදා වැඳීමට කිනම් තැනක් ඉතා සිත්කළු වේ දැයි නැවත සංඝයා වෙතින් විමසා සිටියා. ඉක්බිති ඒ සියලු නිකායවාසී භික්‍ෂූන් ආදර භක්තියෙන් තම තමන් වසන තැන් වර්ණනා කළා. උන්වහන්සේලා ඔවුනොවුන් වෙන් වෙන් වචන ඇති කල්හි රජු විසින් ඒ කිසිදු වචනයක් ප්‍රතික්‍ෂේප නොකළ අතර, පිළිගත්තේ ද නැහැ. මධ්‍යස්ථ සිත් ඇති රජතුමා භික්‍ෂු සංඝයාට මෙසේ පැවසුවා. “බුදුරජුන්ගේ දළදා වහන්සේ ම තමන් වහන්සේට සුදුසු තැනකට වඩින සේක.”

ඉක්බිති රජතුමා දළදා වහන්සේ වන්දනාව පතන මහජනයා පුබුදුවමින් නුවර ද විහාරයට යන මාවත ද වහා සරසන ලෙස දැන්වූවා. වීදිය මනාකොට හැමද දිය ඉසීමෙන් දූවිලි සන්සිඳුවා සිනිඳු වැලි අතුරා සිත්කළු ලෙස සකසනු ලැබුවා. රත්තරනින් විසිතුරු කළ ව්‍යාඝ්‍ර රූප ආදීන් ඔබ්බන ලද තොරන් නංවනු ලැබුවා. හිරු රැස් තාපය සුළඟින් ලෙළදෙන කොඩිවල සෙවණින් වළක්වනු ලැබුවා. මඟ දෙපස පුන් කළසින් අලංකාර වුණා. කපුරු, තුවරලා, අගිල්වලින් සෑදූ සුවඳ දුමින් මාවත පිරී ගියා. සුදු මුතු දැල් එල්ලෙන නන් වැදෑරුම් මණ්ඩප ද පිළියෙළ කළා. මල් ඇගෑයන්වල සුවඳට ලොල් වූ බඹර සමූහයා මිහිරි නාද නැංවූවා. ඇතැමෙක් සුවඳ මල් දෝතින් ගෙන, ඇතැමෙක් සුවඳ සුණු ගෙන, ඇතැමෙක් විසිතුරු ඡත්‍ර ගෙන එහි පැමිණියා.

ඉක්බිති රජතුමා සඳ මෙන් සුදු වූ අශ්වයන් යෙදූ රුවන් පැහැ ඇති උතුම් රියක තුන් ලොවට තිලකයක් බඳු වූ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ පිහිටුවා නමස්කාර පූර්වක ව මෙසේ පැවසුවා.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ අභිමතය පරිදි ම සම්මා සම්බුද්ධත්වය පිණිස ජය ශ්‍රී මහා බෝ සෙවණේ වජිරාසනයට යම් අයුරින් වැඩි සේක් ද දම්සක කැරකැවීමට යම් ආකාරයෙන් ඉසිපතන මිගදායට වැඩි සේක් ද තීර්ථකයන් දමනය පිණිස ගණ්ඩබ්බ රුක් මුලට යම් අයුරින් වැඩි සේක් ද එසේ ම අද ද සුදුසු පෙදෙසකට ඔබවහන්සේ ම වැඩම කොට වදාරණ සේක්වා!” ඉක්බිති සුදුසු ක්‍රියාවන්හි දක්‍ෂ වූ ඒ නුවණැති රජ තෙමේ රථාචාර්යයෙකු නැති ඒ රාජ රථය සුදුසු පෙදෙස පිණිස පිටත් කර හැරියා. මහත් වූ පිරිස සමඟ තමා ද මහත් වූ පුද පූජා පවත්වමින් රථයට පසු ගමන් කළා.

එකල්හි මහජනයාගේ සාදු නාදයෙන් ද අශ්වයන්ගේ හේෂාරවයෙන් ද මහත් වූ බෙර හඬින් ද හස්තීන්ගේ කුංචනාදයෙන් ද නගරය උදම් සාගරය හා සමාන වුණා. වීථිය දෙපස සිටි කුලාංගනාවන් සතුටට පත් සිතින් කවුළුවලින් රන් ආභරණ පුදනු ලැබුවා. මහජනයා සතුටට පත්ව හිස වටා සළුපිළි කරකවමින් දළදා වහන්සේට පූජා පිණිස සියලු තැන්හි වැස්සක් සේ මල් වැස්සවූවා. මුහුදේ ගමන් ගත් නැවක් වැනි වූ ඒ රථය පෙරදිග වාසල වෙත පැමිණි කල්හි භික්‍ෂූන් වහන්සේලා ද සියලු මනුෂ්‍යයෝ ද සතුටු සිතින් නා නා පුද පූජා පැවැත්වූවා.

නැවත ඒ උතුම් රථය නුවර පැදකුණු කොට උතුරු වාසල් දොරින් පිටතට නික්ම අපගේ මහෝත්තම මහා මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම දේශනයෙන් පවිත්‍ර වූ තැනට පැමිණ, තොටට පැමිණි බඩු නැවක් සේ නතරව සිටියා. දෙවනපෑතිස් රජතුමා විසින් මහජනයා උදෙසා ඉඩකඩ ඇතිව නන්දන වනයේ පනවන ලද ආසනයේ සිට අපගේ මහෝත්තම මිහිඳු මහරහතන් වහන්සේ බාලපණ්ඩිත සූත්‍රය දේශනා කොට දහසක් පමණ මග ඵල ලැබූ, දහම් දෙසීමෙන් බැබළවූ තැන වූ ජෝති වනයේ, එනම් නන්දන උයනේ, ප්‍රථම දළදා ප්‍රදර්ශනය පවත්වනු ලැබුවා.

ඉක්බිති රජතුමා විසිතුරු රන් කරඬුවෙන් සැඳෑ වලායෙන් නික්මුණු සඳ සේ දළදා වහන්සේ පිටතට ගෙන ජනයා හට දක්වනු ලැබුවා. එකෙණෙහි අතිශයින් ම සතුටට පත් මහජනතාව රන්රුවන් ආභරණ වැස්සක් සේ දළදා වහන්සේට පුදමින්, බුදුගුණ ගායනා කරමින් දෑත් හිස්මුදුන්හි තබා වැඳ වැඳ සොම්නස් සිතින් සිත් පුරා, නෙත් පුරා ධාතූන් වහන්සේ දකිමින් සිටිද්දී දළදා වහන්සේ සුදු සඳ රැස් වැනි බුදු රැස් විහිදුවමින් මහ පෙළහර දැක්වූ සේක. ඒ පෙළහර දුටු සියල්ලන්ගේ සිරුරු ලොමුදැහැ ගැන්වුනා. සියලු දෙනා තම තමන්ගේ සියලු ආභරණ දළදා වහන්සේට පිදුවා. බුද්ධානුස්සතිය වඩා ඇතැම් අය සක්කාය දිට්ඨිය දුරු කොට සතර අපා දුකින් සදහට ම මිදී ගියා. මේ අසිරිය දුටු හැමදෙනා මසුරු මල ආදිය දුරුකොට දිවි ඇති තාක් ත්‍රිවිධ රත්නය ම සරණ ගියා.

කිත්සිරිමෙවන් රජතුමා නව ලක්‍ෂයක වියදමින් දළදා වහන්සේ පුදා නැවත ඇතුළු නුවර දළදා මැදුරට වැඩම කරවා දිනපතා දළදා වහන්සේ පුදනු ලැබුවා. වසරක් පාසා අභයගිරි විහාරයට දළදා වහන්සේ වැඩම කරවා නව ලක්‍ෂයක වියදමින් මේ අයුරින් ම පුදපූජා පවත්වන ලෙස සිරිත් ලේඛනයක් පිහිටෙව්වා. ශ්‍රද්ධා, කරුණා ආදී ගුණයන්ගෙන් පිරි බුද්ධදාස රජතුමා ප්‍රධාන අන් සියලු රජවරු ද චාරිත්‍රානුකූල ව දළදා වහන්සේ නන් අයුරින් පුදනු ලැබුවා.

මේ වනාහී ශ්‍රද්ධා ධනයෙන් යුතු, මොළොක් තෙපුල් ඇති ධර්ම කීර්ති නම් වූ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කරවන ලද, අසන්නවුන්ගේ චිත්තප්‍රසාදය උපදවන සර්වඥයන් වහන්සේගේ ආනුභාවය ප්‍රකාශ කිරීමට පහනක් බඳු වූ ජින දන්තධාතු වංශය යි. බුද්ධ දළදා වංශය යි.

අද දක්වා ම විහිදුවන බුදු රැසින් හෙළදීපය ම බබුළුවමින් අනන්ත ආනුභාවය පතුරුවන, නුවර දළදා මැදුරේ වැඩසිටින වාම ශ්‍රී දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන් අප භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයත්, සීහලදීපයත්, බුදු සසුන සුරකින සිංහල ජාතියත්, චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා…! බුදු සසුන සුරකින, ධර්මයට දිවි දෙන ධීර වීර ගුණ ඇති සිංහල බෞද්ධ රජවරු ම පහළ වේවා…!

සියලු සත්වයෝ සියලු තැන්හි සියල්ලන් කෙරෙහි ම මෛත්‍රී සිත් ඇත්තෝ වෙත්වා! අමා නිවනින් නිවී සැනසෙත්වා!

සාදු! සාදු!! සාදු!!!

(මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසින් සම්පාදිත යි)

අවසන් මොහොත (කෙටි කථාව)
වෙලාව රාත‍්‍රී නවයයි තිහට ආසන්න ය. පසළොස්වක පෝය සඳෙන් ඉතිරෙන සඳවතුරෙන් හාත්පස පරිසරය ම නැහැවෙයි. සිය කුඩා පෙති විහිදන සේපාලිකාවන්ගෙන් පැතිරෙන සුවඳින් හමා එන මඳ සුළඟ සුවඳවත් වෙයි. දැල්වෙන නියෝන් එළි සහිත, අහස උසට නැගුණු ගොඩනැගිලිවලින් යුත් කොන්ක්‍රීට් පුරවරයේ පවා අපූර්ව වූ ආස්වාදජනක බවක් පැවතියේ එලෙසිනි.

විඩාබර මනසක වුව ද කිසියම් සංහිඳියාවක් ඇති කරනට සමත් ඒ පරිසරයේ සිය බාලපුතුගේ මහල් නිවසේ එළිමහන් තැනක හිඳ සිටින මහල්ලෙකි. ඔහුගේ මුහුණ ශෝකාකූල, නොසන්සුන් හැඟීම් පළ කරයි. හෙතෙම හිඳ සිටින අසුනේ එක ඉරියව්වක හිඳසිටීමට අපොහොසත් කලෙක මෙන් ඒ මේ අත ඇඹරෙන්නට විය.

විදාන ආරච්චිගේ දොන් අල්මේදා නම් වූ ඔහු පිටුපා සිටි බිත්තියට අනෙක් පසින් වූ විසිත්ත කාමරයේ රූපවාහිනිය නරඹමින් සිටි සපුමල්ට සිය පියා ව නෙත ගැටිණි. රූපවාහිනිය නොවසා ම සිය පියා වෙතට පැමිණි ඔහු පළමුව දුරක සිට තම පියා ව නිරීක්‍ෂණය කරන්නට විය.

“අප්පච්චි මොකද ලොකු කල්පනාවක?” සපුමල්ගේ හඬින් ගැස්සුණ මහල්ලා බොහෝ දුර කල්පනාවක සිට කඩිනමින් පියවි ලොවට පැමිණීමෙන් කතාකරන්නට විය.

“මම මේ කල්පනා කර කර හිටියෙ බාලසූරියට දරුවො සලකපු විදිහ හොඳ මදි. රජෙක් වගේ අවසන් ගමන් යන්න ඕන මිනිහෙක් බාලසූරිය.”

පියාගේ කතාව සපුමල්ට නොතේරුණි. ඔහු දන්නා තරමට බාලසූරිය මහත්මාට තරම් වෙන කිසිවෙකුටත් දරුවන්ගෙන් සැලකිලි නොලැබිණි. පියා තමාට ඇණුම්පදයක් කියන්නේදැයි සැකයක් ක්‍ෂණිකව සපුමල් තුළ ඉපදිණි.

“ඇයි අප්පච්චි එහෙම කියන්නේ? මම දන්න විදිහට අන්කල්ට තරම් කාටවත් දරුවො සැලකුවෙ නැති තරම්. මම හිතන්නේ ලක්‍ෂ ගාණක් වියදම් කළා ඒ අය.”

“පුතා මං කියන්නේ ඒ ගැන නෙවෙයි. බාලසූරියගේ අවසන් කටයුතු කරපු විදිහ ගැන… පෙට්ටිය වුණත් මහ ලොකු ගාණක් වෙන්න බැහැ. අනික දරුවො හතර දෙනෙක් ඉන්න තාත්තගෙ මිනිය තිබ්බෙ මල් ශාලාවක. ඒකත් එක දවසයි. මිනිය පස්සෙන් යන්න නෑදෑයෝ, යාළුවෝ කවුරුත් නැහැ. කොල්ලවයි බල්ලවයි ඔක්කොම දාලා පුච්චන ආණ්ඩුවෙ පෝරණුවට දාලා ආවා. අන්තිම කටයුතු සිද්ධවුණේ මොකුත් කර කියාගන්න බැරි හිඟන්නෙක්ගේ විදිහට.”

දහසක් සිතිවිලි සපුමල් තුළ ඇති වුව ද ඔහු ඒවා පියා සමඟ කියන්නට නොගියේ පියාගේ සිත රිදේවි යැයි සිතූ නිසාවෙනි. සිය පියා තමන් වෙතින් කවර අන්දමේ සැලකිල්ලක් අවසන් වශයෙන් බලාපොරොත්තු වනවාදැයි දැනගැනීමේ කුහුලක් සපුමල් තුළ ඉපදුණි.

“අප්පච්චිගෙන් මං කාරණයක් අහන්න ද?”

“මොකක්ද?”

“අප්පච්චි මැරුණ දවසට කටයුතු කරන්න ඕන විදිහ මට කියනව ද?”

සපුමල් විවෘතව ම ඇසුව ද සිය පියා ඊට කෙසේ ප‍්‍රතිචාර දක්වාවිදැයි ඔහු තුළ උපන්නේ කිසියම් සැකයකි.

“මගේ අවසන් කටයුතු කෙරෙන්න ඕන විදිහ මම දිග ලියුමක ලියල මගේ අල්මාරි ලාච්චුවේ දාල තියෙන්නෙ. මං මැරුණ දවසට ඒක කියවල ඒ විදිහටයි කෙරෙන්න ඕන.”

මහල්ලා සිය පුතු දෙස බලා කීවේය. සපුමල් හිස සලා එය පිළිගත්තේය.

“අප්පච්චි කෑම කාලත් නැහැනෙ.”

සපුමල් ආයෙම කීවේය.

“මට කන්න තරම් පිරියක් නැහැ. බාලසූරියගේ අවසන් කටයුතු සිද්ධ වෙච්ච විදිහ කොහොම කිව්වත් මගේ හිතට හරි නැහැ. අපි දෙන්න හැම දෙයක් ගැන ම හිතුවෙ එක ම විදිහට. කොහොම වුණත් දරුවන්ට මීට වඩා ඒ ගැන හිතන්න තිබුණා.”

පියා පිළිබඳ ව සපුමල් තුළ උපන්නේ අනුකම්පා සහිත කණගාටුවකි. දැඩි මාන්නය හා පුහු ආටෝපය නිසා සිය පියා ජීවිතයේ බොහෝ විඳවන බව ඔහු මනාව දැන සිටියේ ය.

“හෙට පෝයනේ. සිල් ගත්තම ඔක්කොම අමතක වෙලා යාවි.” යි සපුමල් කීවේ කථාව වෙනතකට හැරවීමේ අදිටනෙනි.

“මං ආයෙ සිල් ගන්නේ නෑ.” යි මහල්ලා කිීවේ තරමක් වේගයෙනි. සපුමල් පියා දෙස බැලු‍වේ විමතියෙනි.

“මාව දායක සභාවේ සභාපතිකමින් අස්කරල වෙන එකෙකුව දාගෙන. හාමුදුරුවන්ටත් කෙළෙහිගුණයක් නැති ලෝකයක් මේක. මුල ඉඳලම මමයි මේ හැමදේට ම හිටියෙ. දැන් අලුත් සල්ලිකාරයෙකු ව දාගෙන. මං මේ පැත්තකට වෙලා බලන් ඉන්නේ මං නැතුව කොහොමද කරන්නෙ කියල. බලන්න පුතා, පරණ අය ඔක්කෝව ම අයින් කරල. සිරිනන්ද ඇර අනෙක් අය ඔක්කොම ආරාමෙ පස් පාගන්නෙ නෑ කියල කතාවෙලයි ඉන්නෙ.”

පොදුවේ සියලු දෙනා ම කිසියම් අවාසනාවන්ත ඉරණමකට ගොදුරුව ඇතැයි යන්න පමණක් සපුමල්ට සිතුණි. ඒ ගැන සිතත් ම තමාගේ ද හිස කැරකෙන්නට මෙන් පීඩාවට පත්වෙන බව තේරුම්ගත් ඔහු ආපසු හැරුණේ නිවස තුළට යාමට ය.

“පුතාට හෙට නිවාඩු නේද?”

“ඔව් අප්පච්චි.”

“අපි හෙට ගමේ ගිහින් එමු. මැරෙන්න කලින් ගමට එක වතාවත්වත් ගිහින් එන්න ඕන. අපි මෙහෙට වෙල හිටියට ගම්වල අපිට තාමත් හරි සැලකිලි.”

සපුමල් එක්වර ම පිළිතුරක් නොදී කල්පනා කරන්නට විය. එක තැනකින් නොලැබෙන පිළිගැනීම තව තැනකින් සෙවීමට තම පියා උත්සාහ කරති’යි සිතූ ඔහු තුළ කිසියම් නොපහන් හැඟීමක් මතු වන්නට විය. එහෙත් එය පොදු මිනිස් ස්වභාවයක් ලෙස සිතමින් එකී සිතිවිල්ලට මෝරා වැඩෙන්නට සපුමල් ඉඩ හැරියේ නැත.

“අපි යමු අප්පච්චි.”

සපුමල් නිවස තුළට ඇතුල් වුණේ නොසන්සිඳීමෙනි. ඔහු එනතුරු වෙරෝනිකා නොනිදා බලා සිටියා ය.

“හෙට ඔයාගෙ ගමන යන්න වෙන්නේ නෑ.” යි කාමරයට ඇතුල් වෙමින් ම සපුමල් බිරිඳට කීවේ ය.

“ඇයි?”

“අප්පච්චි ගමේ යන්න කතා කළා.”

“ඉතිං ඔයා හා කිව්ව ද? මේ කොරෝනා අස්සේ. අනෙක හෙට අප්පච්චි සිල් ගන්නවනේ.”

වෙරෝනිකා කීවේ කේන්තියෙන් නොවන බව සපුමල්ට වැටහිණි. ඉන් ඔහුට තරමක සහනයක් සැලසින.

“දායක සභාවෙන් අස්කරල.. ආයෙ යන්නේ නෑ කියන්නේ.” යි සපුමල් කීවේ සිනාසෙමිනි.

“ඇයි අප්පච්චි මෙච්චර කල් සිල් අරගෙන තියෙන්නේ සභාපති වෙලා ඉන්න ද? නිවන් දකින්න නෙවෙයි ද?”

“ඒකට නම් මටත් හිනා ගියා තමයි අහපු ගමන්.”

“අනේ ඒගොල්ලන්ගෙ සීලෙත් එකයි, නිවනත් එකයි, වැඩත් එකයි. මට නම් දැන් එපාවෙලයි තියෙන්නේ.” කාලයක සිට කියන්නට තිබුණු දෙයක් වෙරෝනිකා කීවේ ඉවසීමෙනි.

“මිනිස්සුන්ගේ දුර්වලකම්වලට ධර්මයට ගරහල නිකන් පව් පුරවගන්න එපා. වයසක උදවිය හදන්න අපට බැහැ. අපි හැදෙනවා මිසක. මං හිතන්නෙ ඒ විදිහට.”

සපුමල් කීවේ බිරිඳගේ සිත නොරිදෙන ආකාරයෙනි.

“ඔයත් එනව ද?”

“කමක් නැහැ අපි ගමේ යමු. ගිහිල්ලත් නැහැනෙ මම.”

මහල්ලා මේ ගමට යන්නේ වසර දහසයකට පසුව ය. සපුමල් නීතීඥ වෘත්තියට පිවිස නගරයේ පදිංචියට යාමත්, බිරිඳගේ අභාවයත් නිසා මහගෙදර තනි වූ ඔහුට දැඩි පාළුවක්, තනිකමක් දැනෙන්නට විය. වැඩිමහල් සහෝදරයා මහගෙදරට නඩු කියන්නට සුදානම් වීම නිසා පරම්පරාවේ ගෞරවය ආරක්‍ෂා කිරීමට නඩු නොකියා ම සියලු දේපළ සහෝදරයාට පවරා හෙතෙම සපුමල් සමඟ පදිංචියට ගියේ හිතේ සතුටිනි.

අතැර දා ගිය දේ ගැන නැවත සිතාබැලීමක් ද ඔහු තුළ මෙතෙක් නොතිබුණි. සපුමල් ද දේපළ ගැන කිසිදා උනන්දුවක් නොවූයේ වෙරෝනිකා සතු විශාල බූදලයක් ඔහුට හිමිව තිබූ නිසාත්, ස්වභාවයෙන් ම සපුමල් නිවුනු ගති ස්වභාවයක් ඇත්තෙකු වීමත් නිසාවෙනි.

වසර දහසයක් යනු විශාල කාලයක් නොවූව ද ගමේ පරිසරය වෙනස් වී ඇති ආකාරය දකිද්දී මහල්ලා තුළ ඇති වූයේ පුදුමයකි. ගම අර්ධ නාගරික තත්ත්වයට පත්ව ඇත. ගමේ හන්දියේ ප‍්‍රාදේශීය බැංකු ශාඛා දෙකක් ද තිබෙණු දුටු ඔහුගේ සිතට එක්වර ම පිවිසියේ ගමේ දේපළ අත්හැරීම යනු තමා කළ ගොන්කමක් ය යන හැඟීම යි.

“දැන් මේවයේ ඉඩම් හරි ගණන් ඇති.” ඔහු කීවේ එහෙයිනි. සපුමල් වෙනසක් නොපෙන්වා රිය ධාවනය කරන්නට විය. පිටුපස අසුනේ සිටි වෙරෝනිකා හා දරුවන් දෙදෙනා අවට පරිසරය තුළ කිමිදෙමින් ගමේ හැඩතල සොයන්නට උත්සුක වූහ.

වාහනය අතුරු පාරකට හැරවිණි. එතැන් සිට වලව්වට යා යුතුව තිබුණේ කුඩා ගුරුපාරකිනි. ගුරුපාර දිගේ මඳ දුරක් යද්දී සපුමල්ට වාහනය නතර කරන්නට සිදු වූයේ පාර මැද තරුණ පිරිසක් කි‍්‍රකට් සෙල්ලම් කරමින් සිටි නිසාවෙනි.

“හෝන් එක ගහන්න.” යි මහල්ලා කීවේ ය. සපුමල් එසේ නොකළේ සිතිවිලි අතීත මතක සැමරුම් දිගේ සැරිසරන්නට වූ නිසාවෙනි. මහල්ලා වාහනයෙන් බැස තරුණයන් අතරට ගියේ ය.

“කොල්ලනේ, අපට පාරෙ ඉඩදියල්ලා. මමත් මේ ගමේ තමයි.”

“ඕවරේ ඉවර වෙන්න බෝල දෙකයි තියෙන්නෙ. ඩිංගක් ඉවසල ඉන්න. කව්රු ආවත් ඉන්න ම වෙනවා.” තරුණයෙකු කීවේ මහල්ලා ව නොසලකමිනි. මහල්ලා තුළ උපන්නේ කෝපයකි. ඉස්සර නම් ගමේ උන් ඔළුව ඔසවාවත් තමන් දෙස බැලූ‍ බවක් හෝ මහල්ලා නොදනී.

“තොපේ අප්පව එක්ක වර මම කවුද කියලා උඹට කියල දෙන්න.” මහල්ලා කීවේ සැරෙනි.

“පප්පට ළඟදි අප්පව මුණගැහෙයි. එතකොට කියන්න. මේ ළඟදි තමයි අප්ප පරලොව ගියේ.”

තරුණ පිරිස ම කොක්හඬලා සිනාසෙන්නට වූහ. ඉස්සර තිබුණු සැලකිලි ද අද නැත. මහල්ලා තුළ ශෝකයත්, කෝපයත් එකවර නැගුණි. හෙතෙම පසුබැස ගොස් වාහනයට ගොඩ වී ය.

“අපරාදෙ ගමේ ආවේ.” යි තමාට පමණක් ඇසෙන සේ කීවේ ය.

පන්දුවාරය අවසන් වූ පසු තරුණ පිරිස ක්‍රිකට් කූරු ගලවා පාරේ ඉඩ දී ඉවත් වූහ. සපුමල් සියලු දෙනා සමඟ සිනාසීගෙන වාහනය ඉදිරියට ධාවනය කළේ ය. මොහොතින් මොහොත මහල්ලා තුළ හටගත් සංවේගය ද කෝපය ද උත්සන්න වෙමින් පැවතිණි.

වලව්වට හැරෙන හැම වංගුවක ම Rooms යැයි සඳහන් බෝඩ් එකක් ඇත. අවසානයේ වලව්වේ ගේට්ටුවේ සවිකර තිබුණේ ද එවැනි විශාල බෝඞ් එකකි. ඒ දුටු මොහොතේ මහල්ලාගේ කෝපය පුපුරා ගියේ විය.

“මුන්ට හෙණ ගහපුදෙන්. මුන් අපේ වලව්ව වේස ගුබ්බෑයමක් කරලා.” කෝපය වැඩිකමට මහල්ලාගේ තොල් අතරින් වචන පිට නොවිණි. ඔහුගේ දෑස් දෙස බැලීමට බිය උපදවන තරමට විශාලව පැවතිණි.

ආරක්ෂක නිලධාරියා පැමිණ ගේට්ටුව විවර කළේ තරමක සැකයකිනි. මෙවන් නවීන වර්ගයේ වාහනයක් කිසි දිනෙක මෙහි පැමිණ නැත. යතුරුපැදි තුනකුත්, නිශාන් වර්ගයේ පරණ මෝටර් රථයකුත් වලව්ව ඉදිරිපිට නතරව ඇති බව මහල්ලාටත්, සපුමල්ටත් දැකගන්නට හැකි විය.

“එපා අපි ආපහු යමු. අපි පන්සලට යමු.” මහල්ලා සපුමල්ගේ අත මත තම අත තබමින් කීවේ ය. ඒ අතේ වෙව්ලන ස්වභාවයෙන් පියා තුළ ඇතිව ඇති මානසික විපර්යාසය සපුමල්ට වැටහින.

“අපි අතහැරපු දේනේ. අප්පච්චි ආයෙ ඒ ගැන හිත නරක් කර ගන්න දෙයක් නැහැ.”

“මං මැරිල ඇවිත් හරි මේකෙ වාඩුව නම් ගන්නවා.” මහල්ලා නොකියා සිතාගත්තේ විය.

වාහනය පන්සල් වත්තට ඇතුල් විය. පන්සලේ නම් ලොකු වෙනසක් නැත. එදා බෝධිය ම ය. එදා සෑය ම ය. පරණ බණ මඩුවේ විසි තිස්දෙනෙකි. බණ අහන අතරේ පිරිසක් වාහනය දෙසත්, වෙරෝනිකා දෙසත් බලනු මහල්ලා දුටුවේ ය.

ආවාසය තරමක් නවීකරණය වී ඇත. පැරණි බුදු මැදුර වෙනුවට නව බුදු මැදුරක් ඉදිවෙමින් පවතී. ඒ නම් මහල්ලාගේ සිත් නොගත්තේ විය. ‘අපි හදවපු පිළිමෙ, අන්දවපු චිත්‍ර තාම තියෙනව ද දන්නේ නැහැ.’

“අප්පේ… මේ අපේ විදානෙ රාළහාමි නෙ.”

බොහෝ කලක සිට පන්සලේ ඇබිත්තයා ලෙස කටයුතු කරන හින්නි අප්පු මහල්ලා හැඳිනගෙන කෑගැහුවේ සතුටිනි. ‘හැමදේම වෙනස් වෙලා නැහැ.’ මහල්ලා තුළ ද සතුටක් ඉපදිණි.

“අප්පුවා, නායක හාමුදුරුවෝ වැඩ ඉන්නව ද?”

අප්පුගේ සතුට අතුරුදහන් විය. ඔහුගේ දෑස් තෙත්වෙද්දී මහල්ලාට කෙසේ වෙතත් සපුමල්ට නම් කාරණය වැටහිණ.

“නායක හාමුදුරුවෝ නිවන් දැක්කා.” අප්පුවා කීවේ ගොත ගසමිනි. මහල්ලා තුළ ද කම්පනයක් ඇති විය.

“ළඟදි ද?”

“අවුරුද්දක් විතර ඇති.”

“අපි පරක්කු වුණා බං. දැන් කවුද ඉන්නේ?”

“පොඩි හාමුදුරුවෝ. රාළහාමිට මතක ද?”

“ඒ හැටි මතකයක් නැහැ. මම කව්ද කියලා කියා දීලා එක්ක වරෙං.”

මහල්ලා හින්නි අප්පු සමඟ ආවාසය දෙසට ගියේ ය. සපුමල් වෙරෝනිකා හා දරුවන් සමඟ බෝ මළුව දෙසට ඇවිද ගියේ යාන්ත්‍රිකව මෙනි. සපුමල් පන්සලේ වඩාත් ම ප්‍රිය කරන ස්ථානය බෝ මළුව විය.

“ඇයි මේ බැමිවලයි, පිළිම යටයි හැම තැනක ම මිනිස්සුන්ගේ නම් ගහල තියෙන්නේ?” වෙරෝනිකා ඇසුවේ බෝ සෙවණේ පිළිමයට යටින් ලියා තිබු ‘ලීලාවතී වීරසිංහ’ යන නම සපුමල්ට පෙන්වමිනි.

“ඒක කරවපු කෙනාගේ නම. නම ලියන්නේ නැත්නම් සල්ලි දෙන්නේ නැහැ. ඔහොම තමයි ගොඩක් තැන්වල වැඩ කෙරෙන්නේ.” සපුමල් ඇත්ත ම කීවේ ය. වෙරෝනිකා දිගු සුසුමක් පිටකොට නිහඬ වූවා ය.

“හාමුදුරුවෝ පස්සේ කථා කරන්නම්, අපිට විහාරෙ වන්දනා කරල එන්න කිව්වලු‍. ලොකු හාමුදුරුවෝ හිටියා නම් අපිව එක්කගෙනයි යන්නේ.”

මහල්ලා පිටුපසින් පිරිස විහාර මන්දිරයට ඇතුල් විය. පැරණි විහාරය කොටස් වශයෙන් ඉවත් කරමින් නව විහාරය ගොඩනඟයි. පැරණි සිතුවම් බදාමය පිටින් ම ගලවා දමා තිබේ. කඩන ලද පැරණි ප්‍රතිමාවල සිමෙන්ති කෑලි විහාරය කෙළවරේ ගොඩගසා ඇත.

මහල්ලාගේ දෑස එක්වර ම යොමු වූයේ සිය පියා විසින් කරවන ලද පැරණි විහාරයේ ප්‍රධාන පිළිම වහන්සේ වැඩසිටි තැන වෙත ය.

ඇත්තේ ආසනය පමණකි. එහි ද නම සමඟින් ම මුළු බදාම තට්ටුව ම ගලවා දමා ඇත. ඉදිවෙමින් පවතින නව පිළිමයේ අනුරුවක් සහිත සිතුවමක් අසල එල්ලා ඇත. එයට ධනය පරිත්‍යාග කොට ඇත්තේ තම වලව්වේ කුලී වැඩ කළ උක්කුවාගේ පරම්පරාවේ එකෙක් විය යුතු ය. හේවාවසම්ලාට ගමේ සිටියේ උක්කුවා පමණකි.

“අපි යමු. බලන්න ඒ හැටි දෙයක් නැහැ. අනික මෙතන දූවිලි පිරිල හුස්ම ගන්න අමාරු තරමට.”

මහල්ලා කීවේ ඇත්තක් වුව ද ඔහුගේ සිතේ පැවතියේ වෙනත් අදහසකි. සපුමල් දරුවන් ද රැගෙන පියා පසුපසින් එළියට පැමිණියේ ය. වෙරෝනිකා කොහොමටත් විහාරය තුළට නොපැමිණියා ය.

ගමේ එකෙක් දෙන්නෙක් හිනාවීගෙන ළඟින් ගියත් වචනයක්වත් කථා කළේ නැත. ඒ හැම දෙනාම බැලු‍වේ මෝටර් රථය දෙසත්, වෙරෝනිකා දෙසත්, සපුමල් දෙසත් පමණකි. මහල්ලා තුළ නොසන්සුන් හැඟීම උත්සන්න විය.

“අපි යමු. පොඩි හාමුදුරුවො නිදියාගෙන ඇති. නැත්නම් එන්න බැරි මොකෝ.”

මහල්ලාට කේන්තිය වැඩිකමට ශාසන ව්‍යවහාරය ද අමතකව ගොස් තිබුණි. සපුමල් පියාට අවනත ව වාහනයට ගොඩවිය.

“ඔයාලගෙ සීයට තියෙන්නේ පුදුම හදිස්සියක්.” යැයි දරුවන්ට කියමින් වෙරෝනිකා වාහනයට ගොඩ වූයේ කැමැත්තකින් නො වේ.

හවස් වීමටත් පෙරාතුව සපුමල්ලා නිවසට පැමිණියේ ය. ගමනෙන් අන් අයට ඉතිරි වූයේ ගමන් වෙහෙස පමණකි. මහල්ලාට නම් නොසන්සිඳෙන කෝපයක් හා ශෝකයක් ඉතිරි විය.

රාත්‍රිය උදා වෙද්දී මහල්ලා උණ රෝගයෙන් පෙළෙන්නට විය. මධ්‍යම රාත්‍රිය වෙත්දී හේ බොහෝ සෙයින් ම නන්දොඩවන්නට විය.

දායක සභාවේ සභාපතිකම, බාලසූරිය මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ ව, ගමේ කොල්ලන්ගේ උසුළු විසුළු, මහගෙදරට ඇතිව ඇති ඉරණම පිළිබඳ ව, පන්සලේ සිය පියා විසින් ඉදිකළ බුදු පිළිමය ඉවත් කිරීම පිළිබඳ ව එකිනෙකට නොගැළපෙන දේවල් ඔහුගේ මුවින් පිට විය.

සපුමල් පත්වූයේ ඉතාමත් අපහසුතාවයකට ය. එක් පසෙකින් පියාට අත්ව ඇති ඉරණම ය. අනෙක් පසින් වෙරෝනිකා පියා පිළිබඳ ව කෙසේ සිතන්නේ ද යන පැනය යි.

උදෑසන වෙත්දී මහල්ලාට හොඳටම නින්ද ගියේ ය. අවදි වෙත්දී තරමක සුවයක් ලැබී තිබුණෙන් සපුමල් උසාවි ගියේය. මහල්ලා දවස පුරා ම පෙර කී සිතුවිලි දාමයේ ම පැටලී සිටියේ විය.

“අප්පච්චි කෑම කන්නේ නැහැ.”

වෙරෝනිකා දහවල් සපුමල්ට දුරකථනයෙන් කීවා ය. රාජකාරි කටයුතු හමාර කළ සපුමල් වෛද්‍යවරයෙකු මුණගැසුණි. පිළිතුර වූයේ මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත්, දින කිහිපයකින් මඟහැරී යන බවත් ය.

දින විස්සක් මේ තත්ත්වය එලෙස ම පැවතුනි. විසිඑක් වන දිනය වෙත්දී මහල්ලාගේ උණ තත්ත්වය බෙහෙවින් ඉහළ ගියෙන් ඇඳිරි නීතිය මධ්‍යයේ වුව ද ඔහුව රෝහල්ගත කරන්නට සපුමල්ට සිදු විය. පෞද්ගලික රෝහල් දෙකකින් ම රෝගියා ව භාර ගැනීම ප්‍රතික්ෂේප වූ නිසා රජයේ රෝහලකට රෝගියා ව ඇතුළත් කිරීමට ඔහුට සිදු විය.

මහල්ලා ව කඩිනමින් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළේ කොරෝනා රෝගියෙකු වශයෙන් සැක කරමිනි. කිසිවෙකුටවත් ඔහුව බැලීමට අවසර නොලැබුණි.

තමා සිටින්නේ කොතැනකදැයි නිනව්වක් මහල්ලාට නොවුණි. කෙසේ වෙතත් තමා කිසියම් අන්ධකාර ලෝකයක් තුළ තනි වී අසරණව ඇතැයි ඔහුට සිතේ. ඉඳහිට වචනයක් දෙකක් ඇසේ. ඒ හඬ නුපුරුදු ය. සියොලඟ කකියවාගෙන එන වේදනාව ඉවසිය නොහැක.

මහල්ලා රෝහල් ගත කොට අටවන දිනය ද උදාවිය. මහල්ලා සිය අවසන් මොහොතට මුහුණ දෙමින් සිටින බව දැන උන්නේ ඔහු පමණකි. ඔහුට විශාල බියක් ඉපදුණි. සියල්ල දමා තමාට යන්නට සිදුවෙන බව ඔහුට ඉඳුරාම සිතිණි. ඔහු කිසියම් දෙයක් මතකයට නඟා ගැනීමට උත්සාහ කළේ මුත් මතකයට නැගෙන්නේ අහිමි වූ සභාපතිකම ගැන ය. මහ ගෙදර ගැන ය. කඩා දැමු බුදු පිළිමය ගැන ය. ගමේ කොල්ලන්ගේ සිනා හඬ ය. මහල්ලා තුළ දැඩි කෝපයක් ඉපදුණි. ‘මං තොපෙන් පළිගන්නවා.’ යි ඔහුට සිතිණි. ඒ විදාන ආරච්චිගේ දොන් අල්මේදාගේ අවසන් සිතුවිල්ල විය.

සපුමල් කොතෙක් උත්සාහ කළේ මුත් කොරෝනා නීතිරීති නිසා ඔහුට මළමිනිය නොලැබුණි. සපුමල්ගේත්, වෙරෝනිකාගේත් සහභාගීත්වයෙන් පමණක් කොටිකාවත්ත ආදාහනාගාරයේදී මහල්ලාගේ අවසන් කටයුතු සිදු වූයේ ඔහුගේ අවසන් ඉල්ලීම්වලින් එකක් හෝ ඉටුකිරීමට අවස්ථාවක් නොතබමිනි.

මහල්ලාගේ භූත ආත්මය ඒ ගැන සපුමල් හා උරණ නොවුණි. සපුමල් ඒ සඳහා ගත් උත්සාහය ඔහු දුටුවේ ය. මිනී පෙට්ටිය ආදාහනාගාරයට ඇතුල් කරත්දී භූතයා මිනී පෙට්ටියෙන් බැස ගත්තේ ය. සපුමල් නික්ම ගිය පසු භූතයා මිනිසුන්ගෙන් තොර මහ මාර්ගයට පිවිසියේ දුර ඈත මහගෙදර බලා යන අදහසිනි.

පසු සටහන :-

‘මැරෙන මොහොතේ මම සිහි කරන්නේ කුමක් ද? මරණින් මතු මම යන්නේ කොහේ දැ?’ යි කවුරු කවුරුත් ආයෙ ආයෙම සිහි කරමින් පින් රැස්කර ගනිත්වා! මරණයට මුහුණ දෙන්නට ධර්මය පුරුදු කර ගනිත්වා! මෙලොව තැනක් නොව පරලොව තැනක් හදාගැනීමට උත්සුක වෙත්වා!

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි.