පුංචි දුවේ / පුතේ,
ඔයාලට ගොඩාක් යාළුවෝ ඉන්නවා නේ ද? ඉස්කෝලෙ, දහම් පාසලේ, ගෙවල් ළඟ, උපකාරක පන්තිවල මේ වගේ තැන්වලට ඔයාල නිතර යන නිසා ම ගොඩාක් යාළුවෝ ඔයාලට හම්බ වෙලා ඇති. ඔයාලා එ් අයත් එක්ක යාළුකම් පවත්වා ගෙන යනවා ඇති. එ්ත් හොඳට හිතල බලන්න ගොඩාක් යාළුවෝ හිටියත් සැපේදි විතරක් ඉන්න යාළුවෝ විතරක් නම් ඔයාට ඉන්නේ දුකේදි කවුරුවත් ඔයාට උදව්වට හරි, අඩුම ගානෙ හිත සනසන්න වචනයක් හරි කියන්න නැත්නම් එ් අයගෙන් වැඩක් තියෙනව ද? එ් අය බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙන විදිහට කල්‍යාණ මිත‍්‍රයෝ නම් නෙමෙයි.

විපතේ දී විතරක් නෙමෙයි, තමන් වරදක් කරනව දැක්කම තමාව එ් වරදින් මුදවලා හොඳ මඟට යොමු කරන්නත් කල්‍යාණ මිත‍්‍රයො උදව් කරනවා. නරක යාළුවෙක් නම් එයා කරන්නේ ඔයා වැරදි කරද්දි එ්වා තව තවත් කරන්න අනුබල දෙන එක. එ් කියන්නෙ උදව් දෙන එක. එ්කෙන් ඔයා තව තවත් වැරදිවලට යොමු වෙලා ලොකු කරදරවලට වුණත් මුහුණපාන්න පුළුවන්.

ඔයා හොඳ මිතුරෙක් වුණොත් ඔයාගෙ යාළුවන්ව වරදින් මුදවලා, කරදරයක් වුණ වෙලාවට දුක සැප හොයලා බලලා එයාට හොඳ මඟ පෙන්නලා දුන්නොත් ඔයා හොඳ යාළුවෙක් කියලා එයාලා පිළිගන්නවා. එයාලත් හොඳ දේවල් කරලා ඔයා වගේ වෙන්න උත්සාහ ගන්නවා. එහෙම වුණොත් ඔයාට හම්බවෙන්නෙත් ඔයා වගේ ම හොඳ කල්‍යාණ මිත‍්‍ර ගතිගුණ ඇති යාළුවෝ තමයි. එහෙම වුණාම හැමෝට ම සතුටින් හොඳින් ජීවත් වෙන්න පුළුවන්.

එ් නිසා දුවේ, පුතේ අද ඉඳන් ඔයාලත් හොඳ මිතුරන් ඇසුරු කරන ගමන් ඔයාලත් කල්‍යාණ මිතුරෙක් වෙන්න උත්සාහ කරන්න. නරක මිතුරන් දහස් ගණනක් ඉන්නවට වඩා එක හොඳ මිතුරෙක් තමන්ට හිටියොත් තමන්ගේ ජීවිතය ආලෝකවත් වෙන එක පුදුමයක් නෙමෙයි.

පුංචි ඔයාලට තෙරුවන් සරණයි!

මහාමේඝ 2015 බිනර කලාපය
WWW.MAHAMEGHA.LK

ටනූෂා නැන්දා