‘උයනවා-උයනවා, හෝදනවා-හෝදනවා, අස් කරනවා-අස් කරනවා…. මොන වදයක් ද මේක? මේවගෙ ඉවරයක් නැද්ද?’ කියලා ගෙදර දොර වැඩ කටයුතු කරද්දි ඔබටත් හිතිල ඇති.
බලන්න. අඬාගෙන මව් කුසින් එළියට මනුස්සයෙක් විදිහට එන හැම කෙනෙකුගේ ම ජීවිතයේ රටාවක් තියෙනවා.

පුංචි දරුවෙක් විදිහට දණ ගාපු දරුවා ටික කාලයකින් අත් අල්ලගෙන ඇවිදින්න පටන් ගන්නවා. අත් අල්ලගෙන ඇවිදින කෙනා තරුණ වයසට එනවා. එයා වැඩිහිටි වෙනවා. වයසක කෙනෙක් වෙනවා. ටික කාලයකින් මැරිලා යනවා. ඔන්න ඔය රටාව තුළ ජීවිතය ගෙවන මනුස්සයාට හැමදා ම කරන්න වෙන දේවල් මොනවද කියල ඇහුවොත් ඔබට මොනවද මතක් වෙන්නෙ?

ඔව්…! අපි ගොඩක් දේවල් හැමදා ම කරනවා. හැමදා ම කරන දේවල් හැමදා ම කරද්දි ඇත්තටම එ්ක වදයක් කියල ඔබට හිතෙන්න පුළුවන්. එ්ත්…. ඔබට එ්වා නොකර අත් හරින්න බෑ නේ ද?එ් නිසා ඔබ හිතන්නෙ එ් නොකර බැරි දේවල් ගැන තරහ හිතක් ඇති කරගෙන තරහෙන් පුපුර පුපුරා එ්වා කරන එක හොඳයි කියල ද?, නැත්නම් අකමැත්ත නැති කරගෙන එ් දේවල් කළොත් හොඳයි කියල ද? සැබෑවට ම එ්වා මඟ අරින්ට බැරි දේවල් නම් තරහ අරගෙන අපට ලැබෙන දෙයක් තියෙනව ද? ඇත්තටම ලැබෙන එක ම දේ ‘තරහව’ නිසා හිතට එකතුවෙන අකුසල් ටික විතරයි. එ් නිසා අපිට පුළුවන් නම් තරහව, අකමැත්ත නැති කරගෙන එ් දේවල් කරන්ට, එතකොට හිතත් පිරිසිදුයි නේ ද?

එහෙනම් මේ හිතේ එන තරහව, අකමැත්ත බැහැර වෙන විදිහට අපි එ් එ් වෙලාවල්වලදි කල්පනා කරන්ට ඕන. ඉතින් එ්කට ඔබට කරන්න තියෙන්නෙ හරිම පුංචි දෙයක්. ඔබ දැන් දන්නවනෙ අපි මේ මනුස්ස ලෝකෙට ආවෙ කවුරුත් කියපු නිසාවත්, කාගෙවත් අණක් නිසාවත්, කාගෙ හරි බල කිරීමක් නිසාවත් නෙමේ කියල. ඔව්…! මනුස්ස ලෝකෙට අපිව අරගෙන ආවේ අපි කලින් ජීවිතවල කරපු පිනයි. එහෙනම් මනුස්ස ලෝකෙට ආපු අපි ජීවත් වෙන්නෙත් පිනෙන් ම යි. එහෙනම් බලන්න පින අපිට මොන තරම් වැදගත් ද කියල. එ් නිසා අපි නිතර නිතර අපේ ජීවිතයට පින් එකතු කරගත්තොත් හොඳයි කියල ඔබට හිතෙන්නෙ නැද්ද?

එහෙනම් ඔන්න ඔබට එ් සඳහා අවස්ථාව උදා වෙලා. අලූත් ඉරක් පායද්දි ඔබටත් දැන් පුළුවන් පින් වරුසාවක් ඔබේ ජීවිතයට එකතු කර ගන්න. එ් සඳහා ඔබට කරන්න තියෙන්නේ පුංචි දෙයයි. හැමදා ම උදේ නැගිටිද්දි කල්පනා කරන්න ‘පින් රැුස්කර ගන්න මට අලූත් දවසක් උදා වුණා’ කියලා. එතන ඉඳලා ඔබට ගොඩක් පින් කර ගන්න අවස්ථා උදා වේවි.

බලන්න නැගිටපු ගමන් ම ඔබේ ගෙදර අය බලාගෙන ඉන්නේ තේ කෝප්පය ළඟට ගෙනත් දෙනකම් නේ ද? තේ කෝප්පය ගිලන්පස දානයක් කර ගත්තොත් ඔබට පිනක් එකතු කර ගන්න පුළුවන්. ‘අනේ මේ අය ? ඉඳලා බඩගින්නේ ඉන්න අයනේ. එ් නිසා මම එයාලගේ බඩගින්න නිවෙන්න ගිලන්පස දෙනවා’ කියලා හිතලා ඔබ හැමදා ම හදන තේ කෝප්පයෙන් පිනක් එකතු කර ගන්න.

එ් වගේ ම ගෙදර ඉන්න අයට උදේ – දවල් – ? තුන් වේලට ම උයන්නත් ඔබට තියෙනවා නේ ද? එ් කෑම වේල ඔබ රසට උයන්න. උයන ගමන් ‘අනේ මේක රසට කාලා මේ අය සතුටු වෙනවා නම්, බඩගින්න නිවාගෙන සුවපත් වෙනවා නම්’ කියලා හිත හිත ඔබ හැමදා ම හදන ආහාර වේල දාන වේලක් කරගෙන එ් පිනත් ඔබට එකතු කර ගන්න.

එ් විතර ද? සැමියාගේ – දරුවන්ගේ රෙදි පොට්ටනිය ඔබ එනකල් හැමදා ම බලාගෙන ඉන්නවා නේ ද? එ් හැම රෙද්දක් ම හෝදද්දි ඔබ ‘අනේ මේ කිලූටු ඇඳුම් ටික ලස්සනට හෝදලා, වේළලා, නමලා තියද්දි එ් අයට කොයි තරම් පහසුවක් ද?’ හිතලා, එ් අය අපහසුවක් නැතුව එ්වා අඳින පලඳින විදිහ දැකලා සතුටු වෙන්න. එතකොට එ් පිනත් ඔබට එකතු වේවි. එ් වගේ ම ගේ දිහා බලද්දි ඇඳුම් ගලවපු ගලවපු තැන දාල තියෙන කොට, සපත්තු මේස් ගලවපු ගලවපු තැන දාල නම් තියෙන්නේ-වාඩි වෙන පුටු මේස ඇදලා දාලා තියෙද්දි, ගේ දොර හැඩි වෙලා අපිළිවෙළට තියෙන කොට එ්ක දකිද්දි ඔබට සුව පහසුවක් නෑ නේ ද? එ් වෙලාවට ඔබ හොඳට අතුපතු ගාලා, දූවිලි පිහදාලා, ගේ දොර ලස්සන කරන්න. එ් හැම එක ම අනිත් අයගේ පහසුවට, සතුටට උපකාර වේවි කියලා හිත හිතා ඔබ එ්වා කළොත් එ්වත් පින් විදිහට ඔබේ ජීවිතයට එකතු වේවි.

ආදරය – කරුණාව – සෙනෙහස – උපකාරය අහේනි වුණ ලෝකයක ජීවත් වෙන අපි අපිට පුළුවන් නම් මෛත‍්‍රිය -කරුණාව – උපකාරය – මුදිතාව පෙරට අරගෙන අපිට කරන්න වෙන, මඟ හරින්න නො හැකි හැමදේ ම පිනක් බවට පත් කර ගන්න, අන්න එතකොට අපි හැමදා ම ඔහේ කරපු දේවල්වලින් අර්ථවත් යමක් එකතු කර ගන්න අපිට පුළුවන්.

එ් නිසා ඔබ ඉන්න තැන, කටයුතු කරන තැන ඔබට හිමිවෙන හැම කටයුත්තක් ම පිනක් බවට පත් කරන පුංචි සිතිවිල්ල ඔබ තුළ ඉපදුණොත් දවසක් උදාවෙන මොහොතේ ඉඳලා ඉර බැහැලා යන මොහොත දක්වා පින් උල්පත් ගොඩක් පාදාගන්න ඔබට අවස්ථාව උදා වේවි….!

-උපකාර කරන්න කැමති පිරිසක්-