dharmadana-headeradd-1add-2නමෝ බුද්ධාය!

සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ නිසා ම යි බුද්ධ රාජ්‍යයන් ලෝකයේ දුර්ලභ වන්නේ. කල්ප සියයකට ම බිහි වූයේත් බුද්ධ රාජ්‍යයන් හතක් පමණයි. ඒ සත්වන බුද්ධ රාජ්‍යයේ පුරවැසියන් වෙලා දහම් සිහනදින් ජීවිතය අරුත් ගන්වන්නට අපට ලැබුණ ලාභය නම් සුළුපටු නැහැ….

පින්වන්ත මිනිසුනේ,
මිනිස් ජීවිතයක් ලබලා අපි මේ ලෝකෙට එද්දි පතිරූප දේශයක ම ඉපදෙන්න අප වාසනාවන්ත වුණා…

පතිරූප දේශයන්ගේ පවා කලින් කල දහම නෑසෙන යුගයන් එළඹෙනවා. නමුත් අපි මේ ලෝකයේ ඉපදෙද්දි නිර්මල ව පිවිතුරු ව දහම කියා දෙන කල්‍යාණමිත්‍රයාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වුණා. දහම් සිහනද රැව් පිළිරැව් දිදී ඇසෙන්නට වුණා. නිර්මල සම්බුදු දහම පොත් පත්වල කියවන්නට අපට වාසනාව ලැබුණා..

ඒ විතරක් නෙමෙයි… ඒ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ නිසාවෙන් ම සිය ගණනින් නිර්මල දහම කියා දෙන සාමීචිපටිපන්න සඟරුවන බිහි වුණා.

ඒ සංඝයා වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබමින් සුභාවිත මාධ්‍ය භාවිතයක පෙරගමන්කරුවන් දහම් සන්දේශය සිව් දිග දනන් වෙත ගෙන එන අපූර්ව මාධ්‍ය මෙහෙවරක කොටස්කරුවන් වන්නත් අපට භාග්‍යය උදා වුණා…

ව්‍යවහාරික වර්ෂ 2010 නිකිණි පුන් පොහොය දවසේ අපගේ කල්‍යාණමිත්‍ර ගුරු දේවෝත්තම අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ආශීර්වාදයෙන් ‘මහාමේඝ’ පවුලේ පුවත් සඟරාව ඔබ සුරතට පත් වුණේ ඒ අයුරින්.

මේ උඳුවප් පොහොය දවසේ එළි දැක්වෙන්නේ මහාමේඝ 77 වන සඟරාව. මේ තාක් මහාමේඝ ඔබට කල්‍යාණමිත්‍රයෙකු වෙමින් නිවන් මඟ පිළිවෙත් පුරන්නට බොහෝ උපකාර කළ බව නිසැකයි. ඔබ ලැබූ ඒ උත්තම ලාභය තවත් බොහෝ දෙනෙකු හට සමීප කරවන්නට මහාමේඝ අරඹන නවතම ව්‍යාපෘතිය ‘මහාමේඝ ධර්මදාන’

තව කෙනෙකුට මේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය හිමි කර දීමේ පුරෝගාමියෙකු වෙමින් ඔබට මාසික ව මහාමේඝ සඟරාවක් ධර්ම දානයක් ලෙස ලබා දෙන්නට මූල්‍ය අනුග්‍රහ දැක්විය හැකි නම් අපට පුළුවනි දේ දහම් සන්දේශය මෙතෙක් නොඇසූ, නොදුටු තැනකට ඒ සඟරාව ලබා දෙන්න.

ඔබට පුවත් සඟරා පහක දායකත්වය දැරිය හැකි නම් අපට පුළුවනි පස් තැනකට සඟරාව ලබා දෙන්න.

ඔබ පුවත් සඟරා දහයක දායකත්වය දරනවා අලුත් ම තැන් දහයකට ඒ සඟරා යවන්නට අපට පුළුවනි.

මේ විදිහට ඔබ දායකත්වය දරන්නේ යම් සඟරා ප්‍රමාණයකට ද ඒ සඟරා සියල්ල ධර්ම දානයක් ලෙස රට පුරා ව්‍යාප්ත කරන්නට අපට පුළුවනි.

ඔබ දන් දුන් මහාමේඝ සඟරාවක් කියවා එක ම එක අයෙකු හෝ මේ ධර්ම මාර්ගයට බැස ගත්තොත් ඒක ඔබටත් මහා ලාභයක් ම යි….

එන්න… මේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය සමඟ එක්වන්න…

පුන් පොහෝ දිනයට ඔබට මහාමේඝ පත්තර කීයක් දන් දෙන්න පුළුවනි ද….?

bank-details

footer-3

විමසීම්:-
මහාමේඝ ධර්මදාන පුණ්‍ය ව්‍යාපෘතිය,
බුදු පසේබුදු අරහන්තක මහා විහාරය,
නවනුවර පාර,
පිට්ටුගල,
මාළඹේ.                                                                                                                                                                                                                     downloadbuttonapplication

Email – dharmadana@mahamegha.lk

දුරකථන – 071 151 7000