highlights of the week
Home » කැලණි පුරය බැබලවූ අසිරිමත් කල්‍යාණි මහා සෑ වන්දනාව – 2012

කැලණි පුරය බැබලවූ අසිරිමත් කල්‍යාණි මහා සෑ වන්දනාව – 2012

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන්
මැදින් මස 17 වන සෙනසුරාදා නිශායම බුදු සුවඳින් සුවඳවත් කරමින් සුවහසක් සැදැහැවතුන්ගේ බැතිබර සහභාගිත්වයෙන්
ඓතිහාසික කැලණි මහා සෑ රදුන් අභියස පැවති අසිරිමත් ස්ථූප වන්දනාවේ සොඳුරු දසුන්….
ස්ථූප රාජායාණන් වහන්සේ සුවඳැති සියපතින්, පිච්ච මලින් සහ විසිතුරු අරලියෙන් ගවසා, නිල් මහනෙලින් සැරසූ පුන් කළසින් සෑ රදුන් පුදා
රාත්‍රියේ සිදුකළ මනරම් ආලෝක පූජාවන් දන මන සැදැහැයෙන් පුබුදුවාලූ අසිරිමත් ශ්‍රී සම්බුද්ධ පූජාවන් ම විය.

දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ හමුවේ පීඩාවට පත්වන රට දැයට සත්පතා ගෞතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා
කැලණිය ප්‍රාදේශීය සභාව විසින් මෙම අසිරිමත් මහා සෑ වන්දනාව සංවිධානය කෙරුණු අතර
සියළු අංශ නිසි අයුරින් කළමනාකරණය කොට මනා ලෙස සංවිධානය කර තිබූ මෙම උත්තම පුණ්‍ය කටයුත්ත සියලු දෙනාගේ දැඩි පැසසුමට ලක්විය.