සෑම වසරක ම පාහේ අප මුහුණ දෙන බරපතළ සෞඛ්‍ය ගැටලූවක් තමයි ඩෙංගු උණ රෝගය. වාර්ෂිකව අපේ රටේ ඉහළ ජන ප‍්‍රතිශතයක් ඩෙංගු රෝගයට ගොදුරු වෙනවා වගේ ම එයින් සිදුවන මරණ ප‍්‍රමාණයත් සැලකිය යුතු අන්දමේ ඉහළ අගයක් ගනු ලබනවා.

ඩෙංගු මර්ධනය කිරීමේ අරමුණින්, ඩෙංගු වෛරසය මනුෂ්‍ය ශරීරයට ඇතුළු කරන වාහකයා වන මදුරුවන් මර්ධනය කිරීමට රට තුළ බොහෝ විධිවිධානත් ක‍්‍රියාත්මක වෙනවා. පිරිසිදු ජලයේ බිත්තර දැමීමෙන් කීටයන් බිහි කරන මේ ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වන්නට ඊඔෂ වැනි බැක්ටීරියාවන් භාවිත කරන්නට රාජ්‍ය මට්ටමේ වැඩපිළිවෙළවල් පවා සකස් වුණා.

මදුරු මර්ධන ව්‍යාපෘති අතුරෙන් වර්තමානයේ බහුලව භාවිත කෙරෙන්නක් තමයි රසායනික දුම් භාවිතය. එ්ත් මේ රසායනික දුමායනය නිසා මනුෂ්‍යයන්ටත් අහිතකර සෞඛ්‍ය ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දෙන්න සිදු වන්නට පුළුවනි.

වස විස නැතිව මදුරුවන් එළවමු

මදුරු කරදරේ නිසාවෙන් මදුරුවෙක් දෂ්ට කරනවා දැනුනු හැටියේ ම නිරායාසයෙන් ම මදුරුවාට පහරක් ගසන්නට බොහෝ දෙනා යොමු වෙනවා. මොන තරම් කරදරකාරී, අනිටු ප‍්‍රතිඵල උදා කරන සතෙක් වුණත් මදුරුවත් ප‍්‍රාණියෙක් නිසා අපේ එ් ක්ෂණික ප‍්‍රතිචාරය ප‍්‍රාණඝාතයකින් අවසන් වෙන්න පුළුවන්. ‘‘පරපණ නැසුවොත් කවර උපායේ – අපමණ දුක් දෙයි සතර අපායේ” කියලනේ පුරාතන පඬිවරුන් කියලා තියෙන්නේ. නිති සුරැුකිය යුතු ගිහි ශීලය වන පංචශීලයේ පළමු ශික්ෂාපදයත් එයින් බිඳෙනවා.

මදුරුවෝ නො මරා මේ මදුරු කරදරයෙන් නිදහස් වෙන්න අපට යොදා ගන්නට පුළුවන් පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් මොනවාද කියන කාරණය අප සොයා බැලූවේ බරපතළ රෝගාබාධයකින් ජීවිත මුදවා ගැනීමටත්, සීල විපත්තියට පත්වීමේ අවදානමෙන් සියලූ දෙනා මුදවාගැනීමටත් සිදු කරන සත්කාරයක් වශයෙනුයි.

දුමේ බලේ සහ පොලේ බලේ

සතුන්ට වගේ ම මනුෂ්‍යයන්ටත් හානිදායක විෂ රසායනික සහිත දුමක් වෙනුවට ඖෂධීය ශාක කොටස් යොදා ගනිමින් සකස් කරගන්නා දුම් අපට මේ වෙනුවෙන් භාවිත කරන්නට පුළුවන්. නොයෙකුත් රසායනික සංයෝග ගැන අප කිසිවක් නො දැන සිටි කාලයේ දී පවා මදුරුවෝ අපේ ගෙවත්තේ හිටියා. එ් මදුරුවන් නිවසට ඇතුළු වෙලා දෂ්ට කරන එක වළක්වන්න අපේ පැරැුන්නෝ සිද්ධ කළේ දුම් කබලක් භාවිතයෙන් නිවසේ සෑම ස්ථානයකට ම දුම්ගැසීම.

එ් සඳහා ආදි කාලයේ පටන් යොදා ගත්ත අමුද්‍රව්‍ය වුණේ පොල් ගෙඩියෙන් ඉවත් කරගන්නා ලෙල්ල. පොල්ලෙලිවලට ගිනි අඟුරු කිහිපයක් එක් කරලා, මදුරුවන් එළි බසින සවස් කාලයේ නිවෙසට දුම් ඇල්ලීමෙන් එ් මදුරුවන් පළවා හරින්නට පුළුවන් වුණා.

තෙලේ බලේ

මදුරුවන් විකර්ශනය කරන්න පොල්ලෙලි දුම් අල්ලනවා වගේ ම පැඟිරිමානා ගසේ අමු කොළ පොඩි කරලා, දුම් කබලට පැඟිරි තෙල් ටිකකුත් එක්කරලා දුම් ඇල්ලීමත් සිදු කරන්නට පුළුවනි. පැඟිරි තෙල් ශරීරයේ ආලේප කිරීමත් ඈත අතීතයේ පටන් ම මදුරු දෂ්ටයන් වැළැක්වීමේ මාර්ගයක් විදිහට භාවිත වෙනවා.

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුළ සකස් කරන ඖෂධීය තෙල් වර්ග බොහෝමයක් තිබෙනවා. මේ තෙල් වර්ග සකස් කිරීමේ දී භාජනය පත්ලේ තැන්පත් වන ‘තෙල්කහ’, එම තෙල්වල ඖෂධීය ගුණයෙන් ම යුතු වෙනවා. මදුරුවන් එළවා දමන්නට මේ තෙල්කහ දුම්කබලට එක්කර දුම් ඇල්ලීමත් සිදු කරන්නට පුළුවන්.

මදුරුවො නො තලන මදුරුතලා

මදුරුවන් ගැන කියනකොට සඳහන් නො කර ම බැරි ඖෂධීය පැළෑටියක් තමයි ‘මදුරුතලා’. ඉන්දියානු ජන සම්ප‍්‍රදාය තුළ ‘තුල්සි ශාකය’ නමින් ගෞරවයට පාත‍්‍ර වන මදුරුතලා ප‍්‍රභේද දෙකක් අපේ රටේ මුණ ගැසෙනවා. එ් හීන් මදුරුතලා සහ මදුරුතලා වශයෙනුයි. මේ මදුරුතලා ගසෙන් පැතිරී යන ස්වභාවික සුවඳ මදුරුවන් ව විකර්ශනය කරවන්නක්. මදුරුතලා කොළ අමුවෙන් හෝ වියළා හෝ දුම් කබලට එක්කිරීමෙන් නිපැදවෙන දුම මදුරුවන් නිවසේ මායිම්වලින් ඉවතට ම පන්නා දමන්නට සමත් වෙනවා.

නඩත්තු කිරීමට අමතර වියදමක් දැරිය යුතු නො වෙන මදුරුතලා පැළෑටිය ඔබේ ගෙවත්තට හඳුන්වා දීමෙන් ස්වභාවික මදුරු උගුලක් සකසලා මදුරුවන් ඔබේ ගෙවත්තෙන් බැහැර කරවීමට සාර්ථක ක‍්‍රමෝපායක් යොදා ගන්න පුළුවන්කම තිබෙනවා.

වතුර – කුණු එකතු වෙන්න දෙන්න එපා

මේ සියලූ කටයුතු අතරේ නිවෙස හා වටපිටාව පිරිසිදුවට පවත්වා ගැනීමත්, ජලය හා කොළරොඩු එකතු වන්නට නො දී විධිමත්ව බැහැර කිරීමත් මදුරු මර්ධනයට අතිශයින් උපකාරී වන බව සිහි තබාගෙන කටයුතු කිරීම ඉතා යහපත්.

මේ සියල්ල හරහා ඔබට මදුරුවන් මඟින් බෝ වන මාරාන්තික රෝගයන්ගෙන් නිදහස් වන්නටත්, කිලිටි නො වී ඔබේ සීලය සුරක්ෂිත කරගන්නටත් වාසනාව උදාවෙනවා.

අප සියලූ දෙනාටත් උතුම් පංචශීලය සුරක්ෂිත කරගනිමින් මැසි මදුරු ආදි සතුන්ගේ පීඩාවන්ගෙන් නිදහස් වීමේ භාග්‍යය උදා වේවා!!!

ප‍්‍රාණඝාතයෙන් වැළකීම නිසා
මනා අඟපසඟින් යුතුව ඉපදීම, ආරෝහ පරිණාහයෙන් (මනා උස මහතින්) යුක්ත වීම, ජවයෙන් (ශක්තියෙන්) යුතු වීම, පොළොවෙහි මැනවින් පිහිටන යටිපතුල් ඇති බව, මනෝඥ බව, මෘදු බව, පිරිසිදු බව, ශූරභාවය, මහා බල ඇති බව, ඇදහිය හැකි වචන ඇති බව, ලෝකයාට පි‍්‍රය වන බව, නිදොස් බව, නො බිඳිය හැකි පිරිස් ඇති බව, තැති නො ගන්නා බව, විනාශ කළ නො හැකි බව, අන්‍යයන්ගේ උපක‍්‍රමයකින් නො මැරෙන බව, බොහෝ පිරිවර ඇති බව සුරූපී බව, මනා සටහන් (හැඩ) ඇති බව, අල්පාබාධ බව, ශෝක නො කරන බව, පි‍්‍රය මනාප වූවන්ගෙන් වෙන් නො වන බව, දීර්ඝායුෂ සහිත බව බව යන ආනිසංස ලැබෙන්නේ ය….
(පරමත්ථජෝතිකා ඛුද්දකපාඨ අට්ඨකථාව)

පාණාතිපාත සූත්‍රය
සතුන් මැරීම ගැන වදාළ දෙසුම
සැවැත් නුවර දී ය….
මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. එ් කවර සතර කරුණකින් ද යත්;
තමාත් සතුන් මරන්නේ වෙයි. අන්‍යයන් ද සතුන් මැරීමෙහි යොදවන්නේ වෙයි. සතුන් මැරීම අනුමත කරන්නේ වෙයි. සතුන් මැරීමෙහි ගුණ කියන්නේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි.
මහණෙනි, සතර කරුණෙන් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි. එ් කවර සතර කරුණකින් ද යත්;
තමාත් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. සතුන් මැරීමෙන් වැළකීම අනුමත කරන්නේ වෙයි. සතුන් මැරීමෙන් වැළකීමෙහි ගුණ කියන්නේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!
(කම්මපථ වර්ගය – අං. නි.)

විශේෂ පුණ්‍යානුමෝදනාව
විශ්‍රාමික විදුහල්පති
ඩබ්. ආර්. සී. කුලවංශ මහතාට