highlights of the week
Home » පුණ්‍ය චාරිකා

පුණ්‍ය චාරිකා

මයිල්ල පර්වත විහාරස්ථානය

මයිල්ල පර්වත විහාරස්ථානයේ දැනට ශේෂ වෙලා තිබෙන්නේ පුරාණ ගල් ලෙන් පමණයි. එහි කටාරම් කොටා තිබෙනවා. එක් ගල්ලෙනක සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. මෙම සැතපෙන පිළිම වහන්සේ අනුරාධපුර යුගයට අයිති බව කිව හැකියි.

Read More »

වාරණ රජමහා විහාරය

ස්වභාවිකව ම වෙල් යායක් වටකොට පිහිටි භූමියක් මතින් නැඟී සිටිනා ගල් පර්වතයක තල හතරකට පමණ වෙන්ව ඒ මත ගොඩනැගෙන විහාරාරාමය ස්වභාව ධර්මය තැනූ...

Read More »

සිරි දළදා සමිඳු පුද දුන් පින් බිම ය සිත පහදා වඳිමු තැන්නේ මාලිගය

යක්කල රදාවාන පාරේ අඹගස්පිටියේ සැතපුම් තුනේ කණුව අසලින් වැටී ඇති මඟ දිගේ තවත් කි. මී. 2.4ක් පමණ පැමිණ මේ පුද බිම වෙතට ළඟා විය හැකි ය.

Read More »

බුදු ගුණ කැටි වුණ මියුගුණ සෑය

මුළු රැයක් පුරා මිහිමඬල වසා සිටි ගණඳුර පලවා හරිමින් පෙරදිග අහසේ අරුණෝදය උදා වී ඇත. අහස් කුස පුරා පැතිරී යන රන්වන් ආලෝකයෙන් හැඟවෙන්නේ නොබෝ වේලාවකින් හිරුමඬල උදාවන වග ය. හිමිදිරියේ ම අවදි වී තුනුරුවන් වන්දනා කළ අපි, තුන් ලොවක් පුරා ...

Read More »

නැමී නළලත තබා වඳිනෙමු අමා සුව දෙන කැලණියේ

කැලණි නදියේ ජල තරඟ නගමින් මිටියාවත පිස එන මඳනල බෝධිරාජයාණන් වහන්සේගේ ළා දලූ සිලි සිලි හඬ නංවයි. ළා දලූ බෝපත් පිස එන මඳ පවනට මුසු වී සැදැහැවතුන්ගේ වන්දනා හඬ දෙසවන් පත් මත ගැටෙද්දී සිහින් ස්වරයෙන් වැයෙන මියුරු වීණා හඬක් ද ...

Read More »

පින් පුරවන්ට නමදිමු ගිරිහඬු සෑය

‘කළුවත’ ගමේ බොහෝ පිරිසක් පුන් පෝ දිනය උදාවනතුරු සිටින්නේ නො ඉවසිල්ලෙනි. පුන් පෝ දා ට අහස පුරා කිරි බැබළෙන ආකාශ චෛත්‍යය වන්දනා කර ගන්නට යන ගමනට සියල්ලෝ ම සහභාගී වන්නේ හද පිරි ශ‍්‍රද්ධාවෙනි. ගමන තරමක් දුර වුවත් එය ඉතා සුන්දර ...

Read More »

මුහුදු මහ වෙහෙර නමදිමු නැගෙනහිර

මොහඳුරෙහි ගිලී වල්මත් වුණ දනන් හට, අමා දොර විවර කර, යා යුතු මග පෙන්වා වදාළ, අප ගෞතම මුනිරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන උතුම් වු වෙසක් සඳ උදා වන්නට ඇත්තේ තව නොබෝ දිනකි. එ් මහෝත්තමයාණන් වහන්සේගේ පා පහසින් පළමුවෙන් ම ලක් ...

Read More »

ථූපාරාම සෑ රජු නමදිමු සාදු

තඹුත්තේගම තලාව පසු කරමින් කොළඹ සිට වවුනියාව බලා දිවෙන රජරට රැුජිණ දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදේ. දුම්රිය කව්ළුවෙන් ඈත බලා සිටින මට පෙනෙන්නේ ඈතට විහිද යන කෙත්වතු හා තැනිතලා බිම් ය. දුම්රිය ලතාවකට පැද්දෙද්දී ‘දුර පෙනෙන තැනිතලා – අනුරාධපුර දිහා’ ගීතය ...

Read More »

සෝමාවතිය සෑ රජු නමදිමු බැතින

කොළඹින් උදෑසන ගමන් ඇරඹූ අප දඹුල්ල හබරණ හිඟුරක්ගොඩ පසු කොට පොළොන්නරුවට පැමිණෙන විට උදෑසන 10 පසු වී තිබුණි. පොළොන්නරුවේ ගල් විහාරය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කිරීම ආපසු එන දිනයට යොදා ගනිමින් අපි ඉක්මනින් සුංගාවිල පසු කොට ඉදිරියට ඇදුනේ අද දින අපගේ ...

Read More »
Page 1 of 3
1 2 3