highlights of the week
Home » මහාවංශය (page 3)

මහාවංශය

මහාවංශය 21

පිරිනිවන් මංචකයේ වැඩසිටි මුනිරාජයාණන් වහන්සේ විසින්, ලක්දිවට හිතසුව පිණිස ලක්දිව පහදවන්නා වූ ගුණයෙන් ප‍්‍රකාශ කරන ලද, ලක්දිවට ශාස්තෘ සමාන වූ ඒ මහා ස්ථවිරයන් වහන්සේ ලක්දිවට වැඩ පිණිස, ලක්දිවෙහි දෙවියන් විසින් පුදනු ලැබුවේ එහි වැඩ හුන් සේක.

Read More »

මහාවංශය 22

ලංකාද්වීපය පිහිටුවීමෙහි ලා ශාස්තෘ කෙනෙකුන්ගේ ආකාර ඇත්තා වූ, ලක්දිවට පහනක් බඳු වූ ඒ මහා ස්ථවිරයන් වහන්සේ මෙසේ දෙතැනක දී හෙළදිව බසින් දහම් දේශනා කොට ලක්දිව් වැසියන් සද්ධර්මයේ බැස ගැන්වීම සිදු කළ සේක.

Read More »

මහාවංශය 23

රාජ උද්‍යානයේ, ඝන රුක් සෙවණේ නිල් පැහැ ළා තණවලින් වැසීගත් සිසිල් පෙදෙසේ ඒ ආදර සහිත මනුෂ්‍යයෝ තෙරුන් වහන්සේලාට අසුන් පැනවූහ. දකුණු දොරින් නික්මුණු ස්ථවිරයන් වහන්සේ එහි වැඩ සිටි සේක. බොහෝ කුලවත් වූ බොහෝ ස්තී‍්‍රන් ද එහි පැමිණ, උද්‍යානය පුරවාලමින් තෙරුන් වහන්සේට නුදුරුව හිඳගත්තෝ ය.

Read More »

මහාවංශය 24

ආලෝකයෙන් බැබළෙන්නා වූ මුනීන්ද්‍රයාණන් වහන්සේව ද එ් ආලෝකයෙන් බැබළෙන්නා වූ පර්වතය ද දැක රජ තෙමේ ද නගර වැසියෝ ද වහා ළඟට පැමිණියෝ ය.

Read More »

මහාවංශය 25

ආලෝකයෙන් බබළන්නා වූ එ් මුනීන්ද්‍රයාණන් වහන්සේව ද එ් ආලෝකයෙන් බබළන පර්වතය ද දැක රජු ද නගර වැසියෝ ද සැණෙකින් එහි පැමිණියහ.

Read More »

මහාවංශය 26

‘‘යහපති.” යි පැවසූ රජ තෙමේ නඳුන් උයනෙන් නික්මෙන ශක‍්‍ර දේවේන්ද්‍රයා සේ රමණීය වූ මහමෙව්නාව ආරාමයෙන් නික්ම ස්වකීය රජ ගෙයට පිවිසුණේ ය.

Read More »

මහාවංශය 27

‘‘මා විසින් සෑයක් කරවනු පිණිස වූ ඔබ වහන්සේලාගේ අපේක්ෂාව දැන ගත්තෙමි. මම සෑයක් කරවන්නෙමි. ඔබ වහන්සේලා ධාතූන් වහන්සේලාව ලබා දෙන සේක්වා!” රජු පැවසුවේ ය.

Read More »

මහාවංශය 28

මහරජ තෙමේ මහා බෝධිය ද (සංඝමිත්තා නම්) තෙරණින් වහන්සේ ද ගෙන්වනු පිණිස ස්ථවිරයන් වහන්සේ විසින් වදාළ වචනය සිහි කරමින් ස්වකීය ගෘහයේ, වස් කාලය තුළ එක් දිනක ස්ථවිරයන් වහන්සේ සමීපයේ හිඳිමින් ඇමතිවරුන් හා සාකච්ඡා කොට තමාගේ බෑණනු වූ අරිට්ඨ නම් ඇමතිවරයා කැඳවා එ් කටයුත්ත තමා ම මෙහෙයවමින්, කරුණු මෙනෙහි කොට මේ වචනය කීවේ ය.

Read More »

මහාවංශය 29

‘‘මම වනාහී තුන් වරක් මහා බෝධිය රාජ්‍යයෙන් පිදුවෙමි. එසේ ම මගේ යහළු රජ තෙමේ ද (මහා බෝධිය) රාජ්‍යයෙන් පුදාවා!” මේ වචනය කියා මහරජ තෙමේ ඇඳිලි බැඳගෙන ඉවුරේ හිඳිමින් වැඩම කරන්නා වූ මහා බෝධිය දකිමින් කඳුළු වැගිරුවේ ය.

Read More »

මහාවංශය 30

01. ධර්මාශෝක රජුගේ (අභිෂේකයෙන්) දහ වන අවුරුද්දේ දී මහා බෝධි තොමෝ මහාමේඝ වන අරමේ පිහිටියා ය. එයින් දොළොස් වන අවුරුද්දේ දී එ් රජුගේ මෙහෙසිය වූ, සම්බුදු සසුනේ පැහැදුනු අසන්ධිමිත‍්‍රා නම් බිසව කළුරිය කළා ය. එයින් හතරවන අවුරුද්දේ දී ධර්මාශෝක රජ තෙමේ විෂම අදහස් ඇති තිස්සාරක්ඛාව මෙහෙසි තනතුරේ තැබුවේ ය.

Read More »
Page 3 of 6
1 2 3 4 5 6