highlights of the week
Home » මහාවංශය (page 2)

මහාවංශය

මහාවංශය 11

ධර්මපාලා යැයි ප‍්‍රසිද්ධ වූ මෙහෙණි තොමෝ සංඝමිත්තා කුමරියට උපාධ්‍යාය වූ අතර ආයුපාලා නම් මෙහෙණි තොමෝ ආචාර්ය විය. ඒ සංඝමිත්තා මෙහෙණියෝ ද නිසි කාලයේ දී ආශ‍්‍රව රහිත කොට අරහත්වයට පත් වූවා ය.

Read More »

මහාවංශය 12

ඒ මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයෝ ශ්‍රේෂ්ඨ වූ, මනෝඥ වූ ඒ බ‍්‍රහ්ම විමානය ද හැරපියා ශාසනය හේතු කොට ගෙන පිළිකුල් සහගත වූ මනුලොවට අවුත් කරන ලද කටයුතු ඇත්තේ ශාසන කෘත්‍යය ද සිදු කළෝ ය. ඉඳින් අන් කවරෙක් නම් ශාසන කෘත්‍යයෙහි ලා ප‍්‍රමාද වනු කැමැත්තෝ ද?

Read More »

මහාවංශය 13

ලාට රට පිහිටි පෙදෙසේ දී සිංහයෙක් මේ වෙළඳ පිරිස දෙසට දිව ආවේ ය. එවිට පිරිස හිස හැරුණු හැරුණු අත දිවයන්නේ අන්සියල්ලෝ වෙනත් දිශාවන්ට දිව ගිය අතර කුමරිය සිංහයා පැමිණි දිශාවට දිව ගියා ය.

Read More »

මහාවංශය 14

පොකුණු බඩ තැබූ පියවර සටහන් ද ඒ තවුසිය ද දුටු හෙතෙමේ, ‘කිමෙක් ද? මේ තැනැත්තිය විසින් මාගේ භටයන් අල්ලා ගනු ලැබුවේ ද?’ යැයි සිතා, ‘‘පින්වතිය, ඔබ මාගේ භටයන් දුටුවේ නැති ද?” යැයි ඇයට පැවසුවේ ය. යකිනි තොමෝ, ‘‘රාජ පුත‍්‍රය, භටයන්ගෙන් කවර ඵලක් ද? පැන් බොනු මැනව. ස්නානය කරනු මැනව.” යැයි කීවා ය.

Read More »

මහාවංශය 15

නැවෙන් ගොඩ බැස්සා වූ ඒ විජය කුමරු ප‍්‍රමුඛ පිරිස වෙහෙසට පත්ව, ක්ලාන්තව ගිය නිසාවෙන් අත්ල බිම ගසා හිඳ ගත්තෝ ය. යම් අයුරකින් එයින් අත්ල තඹපැහැ ගත්තේ ද ඒ නිසාවෙන් ම ඒ දේශයත්, දිවයිනත් තම්බපණ්ණී නම් විය.

Read More »

මහාවංශය 16

අලාමක වූ රූ ඇති ඒ යහපත් භද්දකච්චානා කුමරිය සිය මෙහෙසි ධූරයේ අබිසෙස් කළ පණ්ඩුවාසදේව රජු ඒ මෙහෙසිය සමඟ පැමිණියවුන්, තමන් සමඟ පැමිණි පිරිසට විවාහකර දී සැප සේ වාසය කළේ ය.

Read More »

මහාවංශය 17

ජලයෙහි වූ ගසක ජලයෙන් වැසී ගත් රුක් සිදුරක් තුළ කිමිදෙන කුමර තෙමේ එතුළ බොහෝ වේලාවක් හිඳ යළිත් එම සිදුරෙන් ම සෙසු දරුවන් වෙත එන්නේ ය.

Read More »

මහාවංශය 18

යුද පිණිස වන්කල්හි ඒ යකිනිතොමෝ මහහඬින් හඬ දුන්නා ය. ඇතුළත ද පිටත ද සිටි කුමරුගේ බල සේනාවෝ ද මහත් අරගල කළහ. කුමරුගේ ඒ සියලූ මිනිස්සු සතුරු සේනාවේ මිනිසුන් වැඩි පිරිසක් ද මාමාවරුන් අටදෙනා ද නසා හිස් එකතු කළෝ ය. ඒ සෙනෙවිතෙමේ පැනගොස් ලැහැබකට වූයේ ය. එනිසා ඔහුට ‘සේනාපති ගුම්බක’ යැයි කියන්නේ ය.

Read More »

මහාවංශය 19

ඒ රජතෙමේ පලතුරු හා මල් ගසින් යුතු වූ ‘මහා මේඝ වනෝද්‍යානය’ නම් වූ අනූන ගුණයෙන් යුතු යහපත් උයනක් කරවී ය. උයනට භූමිය ලකුණු කළ දිනයේ අකල් මහ වැස්සක් ඇදහැළුන බැවින් ඒ උයන ‘මහා මේඝවනය’ නම් විය.

Read More »

මහාවංශය 20

ජිනේන්ද්‍රයන් වහන්සේගේ ශාසනය බබුළුවන්නා වූ ඒ මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ සංගායනාව නිම කරවා අනාගතය බලන සේක. ප‍්‍රත්‍යන්ත දේශයන්හි ශාසනය පිහිටන බව බලා වප් මාසයේ දී ඒ ඒ තෙරුන් වහන්සේලා ඒ ඒ දේශයන්ට යැවූහ.

Read More »
Page 2 of 6
1 2 3 4 6