Category: අපරාධයක තීන්දුව

චෞරයාගේ වැලපුම

සියල්ල සමථයකට පත් වී ලලිත්ට ලසන්ති සමග දීග කන්නට ඉඩ ලැබුණි. නොබෝ දිනකින් ඇය ද ගැබිණියක් වූවා ය. ලැබෙන ආදායම පවුල රැකීමට ඔහුට ප‍්‍රමාණවත් නොවී ය. දුර්වල ආර්ථිකය නිසා ළාබාල බිරිය ජීවත් කිරීම ඔහුට අභියෝගයක් විය. දරුවා ද ලැබුණි. පවුලේ අග-හිඟකම් මතු වන විට මුදල් සෙවීමේ නව මං සෙවීමට ඔහුට සිදු විය.

Read More

පෝරකයෙන් මිදුනු ඔහු…

ඝාතනය සිදු කළේ යයි ගාමිණී, ඔහුගේ භාර්යාව දමයන්ති, ගාමිණීගේ මව සහ මල්ලිලා දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. නඩු විභාගය අවසානයේ දී මාතර මහාධිකරණයෙන් පවුලේ පස් දෙනාට ම මරණීය දණ්ඩනය නියම විය.

Read More

ජීවිත පහකින් වන්දි ගෙවූ වැට මායිම් හබයේ කෝප ගින්න

අභියාචනයේ තීන්දුවෙන් පසු පොලිසැක් හාල් ගෝනියක හීන් පොලිතින් කෙඳි ගලවා ඒවායෙන් ලණු පොටක් හදාගත් විදුර කාටත් හොරෙන් ගෙල වැල ලා මිය ගොස් තිබිණි. අපේ අද කථාවේ ප‍්‍රස්තුත පුද්ගලයාගෙන් කෙළින් ම තොරතුරු ලබා ගන්නට නොහැකි වුනේ එකී විදුර තමා අතින් ම තම දිවි තොර කර ගෙන තිබුණු නිසයි.

Read More

විල්සන් මිය ගියේ ඔහුගේ ම වරදින් ද?

තම පුතාට විල්සන් බැණ වදිනු ඉවසිය නො හැකි වූ ඇය ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරමින් සණ්ඩුවට පැටළුනා ය. බහින්බස් වීම දුරදිග ගියේ ‘තෝ කනවා’ යැයි කියමින් විල්සන් අජිත්ගේ මව පසුපස ලූහුබැඳීමෙනි. අජිත්ගේ මව ‘මෙන්න මාව මරනවෝ’ යැයි මර හඬ දුන්නා ය.

Read More

රාම්දාස් ඝාතන කුමන්ත‍්‍රණයේ සුල-මුල

විස්මය එළවන ලෙස පෝලින්ට ආකර්ෂණය වූ බෝධිපාල තම බිරියගෙන් දික්කසාද වී ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු විය. විවෘත ව ම ගෙන ගිය පෝලින්ගේ සම්බන්ධය නිසා කිරඹකන්ද ගෙදර නිමක් නැති සණ්ඩු සරුවල් ය.

Read More

මාතෘත්වයට නිගා දෙමින් පවුලක් දවා අළු කළ රාග ගින්න

‘‘අපි ළඟට සල්ලි ඉල්ලන්න එන්න එපා. උඹලගේ අම්මාගෙන් සල්ලි ඉල්ලා ගනින්” කියා බැණ වදින විට තරුණ සුරංගට මහත් තරහක් සහ සංවේගයක් ඇති විය. නිහඬ නො වූ සුරංග පෙරලා බාප්පාට ලූණු ඇඹුල් ඇතිව කියන්නට විය. බාප්පා පොල්ලක් අමෝරා සුරංගට ගැසීමට එළියට පැන්නේ ය.

Read More

බොරු කියන්නේ තාත්ත ද? දුව ද?

කුඩා දියණියට අම්මා සොයාගෙන යාමට අවශ්‍ය වූවත් ඇයට ඉඩක් ලැබුණේ නැත. ඇයගේ පාසල් අධ්‍යාපනය ද කඩාකප්පල් විය. තාත්තාත් අයියාත් වැඩට ගිය විට යාබද නිවෙස්වල දැරියන් සමග සෙල්ලම් කිරීමට පැන ගිය ඇය ඔවුන්ගේ දෙමාපියන් සමග තම ඛේදවාචකය ඇඬූ කඳුලින් කියුවා ය.

Read More

ජීවිත වන්දියෙන් කෙළවර වූ කුරුඳු හබය

මුදලාලිගේ පුතා දොර පොල්ලක් ඔසවාගෙන එනු දුටු තුෂාර ගැසූ එක් පහරකින් ඔහු ඇද වැටිණි. දණි-පණි ගා අමාරුවෙන් නැගිටගත් ඔහු ද පස්සා දොරෙන් පැන ගියේ ය. ඇවිල ගිය කෝප ගින්නේ තරම නිසා කඩා බිඳ සුණු විසුණු කළ කඩය ඒ අයුරින් දමා යාමට සිත් නො දුන් තුෂාර කඩයට ගිනි තැබී ය.

Read More

පේ‍්‍රමය අන්ධ විය දෙලොව ම අඳුරු විය

සමන්තගේ අම්මා තමාට විවාහක දරුවන් සිටිය දී වුවත් සැමියා අත් හැර දමා වෙනත් පුරුෂයෙකු සමග දීග කන්නට වූවා ය. කළ වරදෙහි ආදීනව වැඩි වැඩියෙන් මතු වන්නට වූයේ සමන්තගේ එක ම නැගණිය අජන්තාට අලූත් බාප්පාගෙන් අතවර වන්නට පටන් ගැනීම නිසා ය.

Read More

පොලු පහර

අයියාගේ මුහුණ බලා ‘තුඃ’ කියා කෙළ ගැසූ විට අයියා, ‘‘අදත් කට ගොන්නක් බීගෙන ඇවිත් නේ දැ”යි අසා ඇත. ‘‘මගේ බීම තොට මොකටදැ” යි ඇසූ ඉසුරු බත් පිඟාන පසෙකට වීසි කොට අයියා සමඟ බහින් බස් වීමට එළියට පැන්නේ ය.

Read More

බුද්ධිමතා මහ උළු ගෙදරට

තම බිරිය බලා රෝහලෙන් පිටත් ව තම වාහනය වෙතට ආ බණ්ඩාරට පුදුම එළවන අයුරින් වසර 3කට පසු යළි සෞම්‍යා මුණ ගැසුණි. සබඳතාව අලූත් විය. නුගේගොඩ ප‍්‍රදේශයෙන් ඇනෙක්ස් එකක් කුලියට ගෙන සෞම්‍යා එහි නවත්වා දෙවැනි පවුල හොර රහසේ නඩත්තු කරන්නට බණ්ඩාර පියවර ගත්තේ ය.

Read More

මල් පැළයෙන් සොර දෙටුවෙක්

‘මහත්තයා මට ඕනෑ ම අගුලක්, ඉබ්බෙක්, දොරක්, ජනේලයක් ඉතා සුළු මොහොතකින් අරින්න පුළුවන්.’ යැයි ඔහු සොරකම් ගැන විස්තර කළේ ගුරුවරයෙකු ගෝලයෙකුට ශිල්පයක් උගන්වන්නා සේ ය. මහත්තයා මං කොයිතරම් මිනිස්සුන්ට දුක් දීලා ඇද්ද? අහිංසක මිනිස්සු දුක් මහන්සියෙන් ජීවිත කාලයක් උපයා ගත්තු දේවල් මම එක රැයෙන් සොරකම් කළා. මංකොල්ල කන්නට ගියා ම මං මිනිස්සුන් ව බය ගැන්වූවා. ඒ වගේ වෙලාවට මිනිස්සු කොයිතරම් බයට පත් වන්නට ඇද්ද? අනේ මං වගේ පවුකාරයෙක්.’

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up