“චිත්තුප්පාදම්පි ඛො අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. කෝ පන වාදෝ කායේන වාචාය අනුවිධීයනාසු”

“පින්වත් චුන්ද කුසල් දහම් වඩන්නට සිතක් උපදවා ගැනීම පවා බොහෝ උපකාර සහිත බවයි මම කියන්නේ ඉතින් කයින්, වචනයෙන් කුසල් කිරීම ගැන කවර කථා ද?”

ඒ නිසා,
1. අනිත් උදවිය සතුන්ට හිංසා කරන්න පුළුවනි. ඒ වුණාට මම නම් සත්ව හිංසා වෙන් වැළකී ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

2. අනිත් උදවිය ප්‍රාණඝාතය කරන්න පුළුවනි. ඒ වුණාට අපි නම් සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

3. අනිත් උදවිය සොරකම් කරන්න පුළුවනි. ඒ වුණාට මම නම් සොරකම් කිරීමෙන් වැළකී ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

4. අනිත් උදවිය බඹසර සීලයෙන් තොරවෙලා ඉන්න පුළුවන්. ඒ වුණාට මම නම් බඹසර සීලයෙන් යුක්තව ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

5. අනිත් උදවිය බොරු කියන්න පුළුවන්. ඒ වුණාට මම නම් බොරුකීමෙන් කීමෙන් වැළකී ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

6. අනිත් උදවිය කේළාම් කියන්න පුළුවන්. ඒ වුණාට මම නම් කේළාම් කීමෙන් වැළකී ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

7. අනිත් උදවිය හිත් රිදෙන විදිහේ නපුරු වචන කියන්න පුළුවනි. ඒ වුණාට මම නම් මෘදු මොළොක් වචන ම කියනවා කියා සිතක් උපදවා ගත යුතුයි.

8. අනිත් උදවිය වැඩකට නැති හිස් වචන කියන්න පුළුවනි. ඒ වුණාට මම නම් අරුත්බර වචන ම කියනවා කියා සිතක් උපදවා ගත යුතුයි.

9. අනිත් උදවිය අන් සතු දේවල් ගැන ලෝභ සිත් ඇතිව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් අනුන්ගේ දේවලට ආශා කිරීමෙන් වැළකිලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

10. අනිත් උදවිය ද්වේශ සිත් ඇති කර ගන්න පුළුවනි. ඒ වුණාට මම නම් මෙත් සිතින් යුක්තව ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

11. අනිත් උදවිය මිථ්‍යා දෘෂ්ටික ව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් සම්මා දිට්ඨියෙන් යුක්තව ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

12. අනිත් උදවිය මිථ්‍යා සංකල්ප ඇතිව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් සම්මා සංකල්පයෙන් යුක්ත ව ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

13. අනිත් උදවිය මිථ්‍යා වචන කථා කරන්න පුළුවනි. ඒ වුණාට මම නම් යහපත් වචනයෙන් යුක්ත වෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

14. අනිත් උදවිය මිථ්‍යා කටයුතුවලින් යුක්ත වෙන්න පුළුවනි. ඒ වුණාට මම නම් යහපත් ක්‍රියාවලින් යුක්තවෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

15. අනිත් උදවිය මිථ්‍යා ආජීවයෙන් යුක්ත වෙලා ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් සම්මා ආජීවයෙන් යුක්ත වෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

16. අනිත් උදවිය මිථ්‍යා වීරියෙන් යුක්ත වෙලා ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් සම්මා වායාමයෙන් යුක්ත වෙලා ඉන්නවා කියලා සිතක් උපදවා ගත යුතුයි.

17. අනිත් උදවිය මිථ්‍යා සතියෙන් යුක්ත වෙලා ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් සම්මා සතියෙන් යුක්ත වෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

18. අනිත් උදවිය මිථ්‍යා සමාධියෙන් යුක්ත වෙලා ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් සම්මා සමාධියෙන් යුක්ත වෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

19. අනිත් උදවිය මිථ්‍යා ඤාණයෙන් යුක්ත වෙලා ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් සම්මා ඤාණයෙන් යුක්ත වෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

20. අනිත් උදවිය මිථ්‍යා විමුක්තියෙන් යුක්ත වෙලා ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් සම්මා විමුක්තියෙන් යුක්ත වෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

21. අනිත් උදවිය නිදිමත හා අලසකමින් සිටින්න පුළුවනි. ඒ වුණාට මම නම් නිදිමතින් හා අලසබවින් තොර වෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගන්න ඕන.

22. අනිත් උදවිය ආඩම්බරකමින් සිටින්න පුළුවනි. ඒ වුණාට මම නම් ආඩම්බරකමින් තොර වෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

23. අනිත් උදවිය සැකයෙන් යුක්ත වෙලා සිටින්න පුළුවනි. ඒ වුණාට මම නම් සැකයෙන් තොර වෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

24. අනිත් උදවිය ක්‍රෝධ සිත් ඇතිව සිටින්න පුළුවනි. ඒ වුණාට මම නම් ක්‍රෝධ නැති සිතින් ඉන්නවා කියලා සිතක් උපදවා ගත යුතුයි.

25. අනිත් උදවිය වෛර බැඳගන්නා ස්වභාවයෙන් සිටින්න පුළුවනි. ඒ වුණාට මම නම් වෛර බඳින ස්වභාවයෙන් තොර වෙලා වාසය කරනවා කියා සිතක් උපදවා ගත යුතුයි.

26. අනිත් උදවිය ගුණමකුකමින් සිටින්න පුළුවනි. ඒ වුණාට මම නම් ගුණමකුකමින් තොරවෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

27. අනිත් උදවිය එකට එක කරන්න පුළුවනි. ඒ වුණාට මම නම් එකට එක කිරීමෙන් වැළකිලා වාසය කරනවා කියා සිතක් උපදවා ගත යුතුයි.

28. අනිත් උදවිය ඉරිසියාවෙන් සිටින්න පුළුවනි. ඒ වුණාට මම නම් ඉරිසියාවෙන් තොරවෙලා වාසය කරනවා කියා සිතක් උපදවා ගත යුතුයි.

29. අනිත් උදවිය මසුරුකමින් සිටින්න පුළුවනි. ඒ වුණාට මම නම් දන්දීමෙන් යුක්ත ව වාසය කරනවා කියා සිතක් උපදවා ගත යුතුයි.

30. අනිත් උදවිය කපටිකමින් සිටින්න පුළුවනි. ඒ වුණාට මම නම් කපටිකමින් තොර වෙලා වාසය කරනවා කියා සිතක් උපදවා ගත යුතුයි

31. අනිත් උදවිය ගුණවතුන් හැටියට පෙනී සිටින්නට පුළුවනි. ඒ වුණාට මම නම් ඒ විදිහේ මායා නැතුව ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

32. අනිත් උදවිය සාධාරණ කරුණුවලට එකඟ නො වී දැඩි ව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් සාධාරණ කරුණුවලට එකඟ වෙලා මෘදු ව ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

33. අනිත් උදවිය මාන්නයෙන් යුතුව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් නිහතමානී ව ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

34. අනිත් උදවිය මුරණ්ඩුකමින් යුතුව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් කීකරුවෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

35. අනිත් උදවිය පවිටු මිතුරන් ඇතිව යුතුව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් කලණමිතුරන් ඇතිව වාසය කරනවා කියා සිතක් උපදවා ගත යුතුයි.

36. අනිත් උදවිය ප්‍රමාදී ව වාසය කරන්න පුළුවනි. ඒ වුණාට මම නම් අප්‍රමාදී ව ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

37. අනිත් උදවිය ශ්‍රද්ධාවෙන් තොරව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙලා ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

38. අනිත් උදවිය පව් කරන්න ලැජ්ජා නැතුව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් පවට ලැජ්ජාවෙන් යුක්ත වෙලා වාසය කරනවා කියා සිතක් උපදවා ගත යුතුයි.

39. අනිත් උදවිය පවට භය නැතුව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් පවට බිය උපදවාගෙන වාසය කරනවා කියා සිතක් උපදවා ගත යුතුයි.

40. අනිත් උදවිය අල්ප වූ දහම් දැනුමක් ඇතිව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් බොහෝ සේ අසන ලද දහම් දැනුමකින් යුක්ත වෙලා වාසය කරනවා කියා සිතක් උපදවා ගත යුතුයි.

41. අනිත් උදවිය කම්මැලිකමින් යුතුව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් පටන්ගත් වීරියෙන් ම ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

42. අනිත් උදවිය සිහිමුළා වෙලා ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්නවා කියා සිතක් උපදවා ගත යුතුයි.

43. අනිත් උදවිය ප්‍රඥාවක් නැතුව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් ප්‍රඥාවෙන් යුක්ත වෙලා වාසය කරනවා කියා සිතක් උපදවා ගත යුතුයි.

44. අනිත් උදවිය තමන් ගත් වැරදි දෘෂ්ටියට බැඳිලා එය අත්හැර ගන්න බැරුව ඉන්න පුළුවනි. ඒ වුණාට මම නම් වැරදි දෘෂ්ටිවලට බැඳෙන්නෙ නැතුව ඒ දෘෂ්ටි ඕනෑම මොහොතක අත්හරින්න පුළුවන් විදිහට ඉන්නවා කියලා සිතක් උපදවා ගත යුතුයි.

මේ අයුරින් කුසල් සිත් නිතර නිතර උපදවාගෙන අප සියලුදෙනාටත් උතුම් ගුණධර්ම දියුණුකර ගන්න වාසනාව උදා වේවා!

මජ්ක්‍ධිම නිකාය 01 වෙනි පොත් වහන්සේගේ සල්ලේඛ සූත්‍රය ඇසුරිනි.

සාදු! සාදු!! සාදු !!!