අසභ්‍ය දසුන් නැරඹීමට හුරු වූ අයෙකුට එයින් ගැලවිය හැකි කිසියම් ක‍්‍රමවේදයක් පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මේ සඳහා ඔබ තුළ එයින් වැලකීම පිණිස බලවත් කැමැත්තක් මුලින් ම ඇතිකර ගත යුතුයි. එ් වාගේ ම අධිෂ්ඨානශීලීවීමත්, නුවණින් විමසීමත් අවශ්‍ය වෙනවා. එවිට වීරියෙන් අකුසලයෙන් වැළකී, සංවර බව ඇතිකර ගත හැකියි. එ් සඳහා පහත කි‍්‍රයාමාර්ග උපකාර කර ගත හැකියි.

  • ඔබගේ පරිගණකය කාමරයේ තබා නො ගෙන, නිවසේ කාටත් පෙනෙන පොදු තැනක තබාගෙන පරිහරණය කරන්න.
  • ජංගම දුරකථනය එදිනෙදා අවශ්‍යතා සඳහා පමණක් භාවිත කිරීමට හුරුවන්න. අසභ්‍ය දසුන් සහිත අන්තර්ජාල සම්බන්ධතා විසන්ධි කර භාවිත කරන්න.
  • මේ ශරීරයේ සැබෑ ස්වභාවය ඉස්මතු කර තිබෙන සම්බුද්ධ දේශනා පරිශීලනය කරන්න. “අපේ බුදුසමිඳු තවම වැඩවෙසෙති” නම් සදහම් ග‍්‍රන්ථයේ ඇතුළත් විජය සූත‍්‍රයත්, ථේර ථෙරී ගාථා පොතේ අම්බපාලි තෙරණියගේ ගාථාත් එ් සඳහා ඉතාමත් සුදුසුයි.
  • භාග්‍යවතුන් වහන්සේ, රාගයෙන් ඇතිවන පීඩා සන්සිඳුවාගෙන, විරාගී සුවපත් සිතක් ඇතිකර ගැනීමට අනුදැන වදාළේ අසුභ භාවනාව පුරුදු කිරීම යි (අසුභා භාවේතබ්බා රාගස්ස පහානාය). එම නිසා ශරීරයේ ඇති සැබෑ ස්වභාවය මෙනෙහි කරමින් අසුභ භාවනාව පුරුදු කරන්න.
  • ඔබ අසභ්‍ය දර්ශන නැරඹීමට යෙදූ කාලය දහම් පොත් කියවීමටත්, ධර්ම දේශනා ශ‍්‍රවණය කිරීමටත් යොදා ගන්න. “ශ‍්‍රද්ධා” රූපවාහිනිය නැරඹීම තුළින් ඉතා හොඳ දහම් මනසිකාරයක් ඇතිකර ගැනීමට පුළුවන්.
  • ඉන්ද්‍රිය අසංවරය නිසා, රාගය උත්සන්න වී සමාජයේ සිදුවන නොයෙකුත් අභාග්‍ය සම්පන්න සිදුවීම් නිසා කායික මානසික දුකට පත්වෙන අයුරුත්, පරලොව දුගතිගාමී වීමට සිදුවන බවත් නුවණින් තේරුම්ගෙන තමන් තමන්ට ම පිළිසරණ සදාගැනීමට දැඩි කැමැත්තක්, අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 076 8255 721

තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න