රෝග පිීඩාවන්ට කැදැල්ලක් බඳු වූ මේ ශරීරය වා, පිත්, සෙම් කිපීම හේතු කොට ගෙන සියළු රෝගයන්ගේ උපත සිදුවන බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පෙන්වා දෙයි. රෝග යනු වා, පිත්, සෙම් ත‍්‍රිදෝෂයන්ගේ විෂම භාවයයි.

මිනිසුන් හට දුක් වේදනා ඇති කරවන සමාජය තුළ බහුලව පැතිරී යන රෝගයකි අර්ශස් රෝගය. කුඩාකල පටන් මිය යන මොහොත දක්වා මේ රෝගයෙන් බොහෝ දෙනෙක් පීඩා විඳින බව නොරහසකි.

මේ අර්ශස් රෝගය පිළිබඳ පැරණි වෛද්‍ය ග‍්‍රන්ථයන්හි දක්වා ඇත්තේ මෙසේය.
‘අරිවත් ප‍්‍රාණාන් ගෘණාති හීනස්තීති අර්ශ:’

අර්ශස් රෝගය මිනිසාගේ ගුද මාග_ය මස් දළු වලින් ඇහිරීම හේතුකොට ගෙන සතුරෙකු මෙන් වේදනා දෙන අතර අර්ශස් යැයි කී විට එකී රෝගය ගුද මාග_යට පමණක් සීමා නොවෙයි. එනම් ස්ත‍්‍රී පුරුෂ ශරීරයේ ගුදය ප‍්‍රධාන ලිංග, යෝනි, නාසා, තාලූ, ගෙල, චර්මය, මුහුණ, ඇස්, කන්, අත් පා ආදියේ ද අප‍්‍රධාන වශයෙන් අර්ශස් හටගන්නා බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී දක්වා තිබේ.

මෙලෙස ශරීරයේ නොයෙකුත් ඉන්ද්‍රියයන් ඇසුරුකොට ගෙන අර්ශස් රෝගය හටගත්තත් අර්ශස් යැයි කී විට අපට හැෙඟන්නේ එය ගුද මාර්ගය සම්බන්ධ බරපතල රෝග තත්වයක් බවයි.

ගුදය යනු මහා අන්ත‍්‍රයේ අවසාන භාගයයි. එහි මළ කොටස් බැහැරට ඇද දැමීම සිදු කරන රැුලි ගැසුනු වලි තුනක් පිහිටා තිබේ. එම ගුද වලි තැන පැරණි විකිත්සා ග‍්‍රන්ථයන්හී මෙසේ විස්තර කොට තිබේ.

01. ප‍්‍රවාහිනී – මෙය ගුදය අභ්‍යන්තරවලිය ලෙස හඳුන්වයි. තැටමීමේදී මළ යටට තෙරපා හැරීම ප‍්‍රවාහනීවලියෙන් සිදුවේ. මෙහි සෑදෙන අර්ශස් සුව කිරීමට අපහසු වේ.
02. විසර්ජනී – මෙය ගුදයේ මැදවලියයි. තැටමීමේදී මළ පදාර්ථ නිසා දිගහැරී මළ පිට කිරීම විසර්ජනීවලියෙන් සිදු කෙරේ. මෙහි සෑදෙන අර්ශස් සුව කිරීමට පහසු වන අතර උග‍්‍ර වුවහොත් ශල්‍ය කර්ම කිරීමට සිදුවේ.
03. සංවරණී – මෙය ගුදයේ අවසානවලියයි. තැටවීමේදී මළ පදාර්ථ පිට වූ පසු මළ මාර්ගය වසාලීම සංවරණීවලියෙන් සිදු කරයි.
මෙහි සෑදෙන අර්ශස් කෂාය, ලේප, දූම, ශ්වේද, ගුද වැටි වැනි ක‍්‍රම මගින් සුව කෙරේ.

රක්ත අර්ශස් රෝගයද අද සමාජයේ බහුලව දක්නට ලැබෙන අතර ගුද චක‍්‍රයේ ලේ පිරී මළ පිට කිරීමට තටමන විට අධික වේදනාවක් දෙමින් මළ සමඟ ලේ පිටවීමට පටන් ගනී.

අර්ශස් රෝගීන් තුළ බොහෝ විට මළ පිටකිරීමේ අපහසුව (මළ බද්ධය) දක්නට ලැබෙන ලක්‍ෂණයකි. වැසිකිලියට යන රෝගියා මළ පිට කිරීමට අධික වශයෙන් තටමන විට ගුද මාග_ය ඇතුලත අර්ශස් ගෙඩි ඇත්නම් එ් තුළින්ද මළ බැහැරට ඇද දැමීමට බාධා සිදුවන විට රෝගියාට ඇතිවෙන වේදනාකාරී තත්වය අතිමහත්ය. මෙවැනි අවස්ථා වලදී ගුදමාග_යේ අර්ශස් ගෙඩි පැසව ඇත්නම් අධික ලෙස ලේ යාමත් සමඟද සැරවද පිට වෙයි.

මෙකී අර්ශස් රෝගීන් එම රෝගය නිසා විඳවන වේදනාව මෙසේ ලිපියකින් කෙසේ නම් විස්තර කරන්නද? රෝගියාගේ එම රෝ්ගය උග‍්‍ර වීම හේතුවෙන් කායික මානසික සමතුලිත තාවය සහමුලින්ම බිද වැටේ. මෙකී රෝගීන්ට අධික ලෙස කේන්ති යාම, වැඩ කටයුතු වල නොඉවසිලිමත් භාවය හටගන්නා අතර මානසික අසහනය හේතුවෙන් ඇතැම් රෝගීන් දිවිනසා ගැනීමට පවා පෙළඹෙයි. මේ නිසාම අර්ශස් රෝගීන්ට ගම්මුන් කියන්නේ ‘මූලක්ගාය කාරයා’ කියාය.

කෙසේ වෙතත් මෙකී මහා රෝගය සෑදුන මුල් අවස්ථාවේදී ආයුර්වේද ප‍්‍රතිකාරයෙන් හෝ සිංහලයනට ආවේනික වූ දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර තුළින් නිට්ටාවට සුව කර ගත හැකිය. එ් සඳහා ඉතා වටිනා ප‍්‍රතිකාර (අත් බෙහෙත්) කිහිපයක් අපමණ වේදනා විදින අර්ශස් රෝගීන් කෙරෙහි මෙත් සිතින් මෙසේ පෙන්වා දෙමි.

හෙළ වෙද පිළියම්

අර්ශස් රෝගීන්ගේ මළ බද්ධ තාවය (මළ පිට කිරීමේ අපහසුභාවය) මුලින්ම නැතිකර ගැනීමට රෝගියා උනන්දු විය යුතුයි. එ් ස`දහා හැකි පමණ ජලය පානය අත්‍යාවශ්‍යය. එසේම කොහිල, කතුරුමුරුංගා කොළ, කෙසෙල් මුව, කෙසෙල් බඩ, ගස්ලබු, කෙසෙල් ගෙඩි, බෙලි, බතල, කිඩාරන් අල වැනි මල බද්ධය අඩු කරවන පලතුරු හා ආහාරපාන ඉතා යෝග්‍යය වේ. විශේෂයෙන්ම අර්ශස් රෝගයට මහෝඝ ඖෂධයක් වූ කොහිල ශාකය නිසි ලෙස පිළියෙල කර ආහාරයට ගැනීම ඉතා වැදගත්ය. මළ බද්ධතාවය බහුලව පවතී නම් මේ බෙහෙත පාවිච්චි කරන්න.

බෙහෙත් වට්ටෝරුව

වැල්මී චූර්‍ණය, අරළු චූර්‍ණය, සූකිරි, මුද්‍රප්පලම් සම ප‍්‍රමාණයෙන් ගෙන එකට අඹරා නෙල්ලි ගෙඩි ප‍්‍රමාණයෙන් රාත‍්‍රියට ගිල උණුජලය පානය කරන්න.

මීට අමතරව කොහිල අල, දඬු හා දළු, හීන් ගොටුකොල සමව ගෙන කොටා ඉස්ම මිරිකා රතු ළුෑනු ද දමා කැඳ පිස ගිතෙල් සමඟ වැලදීම අර්ශස් රෝගීන්ට මනා සුවපහසුවක් සලසයි.

සියළුම අර්ශස් රෝග වලට අත් බෙහෙත්

x අළු කෙසෙල් අල උණු අළු පල්ලේ තම්බා ගිතෙලින් අඹරා බුළු ගෙඩියක් පමණ දවල්ට / රෑට ගිල හී ගොටුකොල තැම්බූ දිය බොන්න.
x ගස් කරල් හැබ සහ මුල්, හීන් කොහිල අල දඬු හා කොල, වැල් කොහිල කොල, සූදුරු, රතුළුෑනු, බේත් අනෝදා කොල කලං 2 බැගින් ගෙන වතුර කෝප්ප 2/1 ට හිඳ උදේ / සවස එළඟිතෙල් දමා වැළඳීම ඉතා යෝගය්‍යයි. මෙකී ඖෂධ තම්බා නිතර වැළදීමද රෝග සුවයට මහෝපකාරී වෙයි.
x අරළු, බුළු, නෙල්ලි, හීරැස්ස පලූ, හීන් කොහිල අල කෂාය ද මැනවි.

අර්ශස් ගෙඩි සෑදි වේදනා දෙන විට.

x අර්ශස් ගෙඩි තද වී වේදනා දෙන විට උණු දිය භාජනයකට ලූළු කැට කීපයක් දියකර මද රස්නය තිබියදී අධෝමඟ වැසෙන පරිදි විනාඩි 15ක් 20ක් පමණ වාඩි වී සිටීම මැනවි.
x ගංසූරිය පොතු හෝ කරඳ පොතු බාගෙට කොටා එම තැම්බූ දිය මද රස්නය තිබියදී භාජනයක දමා ගුද මාග_ය වැසෙන පරිදි වාඩි වී සිටීම අර්ශස් ගෙඩි වලට ඉතා ගුණයි.
x එසේම බෙහෙත් අනෝදා කොල කොටා පොට්ටනි බැඳ වංඩුවේ තම්බා අර්ශස් ගෙඩි තැවීමෙන් වේදනාව අඩුවන අතර පසුව සව_ විෂාදී තෛලය හා ගිතෙල් සමව කවලම් කර ගැල්වීමෙන් අර්ශස් ගෙඩිවල වේදනාව හා ඉදිමීම අඩු වී යයි.
රක්තඅර්ශස් වලට (ලේ අර්ශස්)
x නෙළුම් රේණු ගිතෙලින් අඹරා වරකට බුළු ගෙඩියක් ප‍්‍රමාණයට ගිලින්න.
x හාතාවාරිය අල අඹරා එය හාල්පානු දියට දියකර කලතා වැලදීමද හොඳය.
x ගොටුකොල, රතුළුෑනු, කොහිල අල කෂාය මැනවි.
දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ මෙකී රෝගය සුවකර ගැනීම සදහා ඉතා ප‍්‍රත්‍යක්‍ෂ චිකිත්සා ක‍්‍රම රාශියක් දක්වා තිබෙයි. ඉහත ස`දහන් අත් ප‍්‍රතිකාරද ඔබ කරන්නේ නම් එ් අතරතුර සුදුසු වෛද්‍යවරයෙක් හමුවී රෝගය පරීක්‍ෂා කර බලා වෛද්‍ය උපදෙස් පැතීම ඉතා වැදගත්ය.
මෙකී අර්ශස් රෝගය නොසලකා හැරීම හේතු කොටගෙන ගුදඝ‍්‍රංශය (මළ මඟ පහත් වීම) භගන්දරය, මළ බද්ධය, කාමලාව, පාණ්ඩු, අත් පා ඉදිමීම වැනි බොහෝ ව්‍යාධීන්ට හේතු වන බැවින් අද අදම නිසි ප‍්‍රතිකාර කර ගැනීමට වගබලාගත යුතුය. මෙකී අර්ශස් රෝගීන් ප‍්‍රත්‍ය සලකා කටයුතු කිරීම රෝග සුවයට මනා පිටුවහලකි.

අර්ශස් රෝගීන් ඉස්සන්, දැල්ලෝ, බලමාළු, අච්චාරු, තක්කාලි, දෙල් වැනි සියළු උෂ්ණාධික ආහාර පාන වලින් වැලකිය යුතුය. එසේම අධික අම්ල, ලවණ ගතියෙන් යුත් ආහාර පාන, තෙල් අධික ලෙස යෙදූ බැදුම් වර්ග, ස්වාභාවිකත්වය ඉක්මවාගිය සියළු කෘතිම ආහාරපාන අපත්‍ය වන්නේය. එසේම අධිකව කය වෙහෙසීම, බර ඉසිලීම, එක තැන බොහෝ වේලා හිඳ සිටීම හෝ බොහෝ වේලා ඇවිදීම, මල වේග, වාත වේග ධාර්ණය කර ගෙන සිටීම වැනි විහරණ වලින් වැලකිය යුතුය. මෙයාකාරයෙන් නිසි වෛද්‍ය උපදෙස් මත ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර මඟින් අර්ශස් රෝගය නිට්ටාවට සුවකර ලීමේ හැකියාව ඇත. එහෙත් මෙකී රෝගයට කෙතෙක් නම් ප‍්‍රත්‍යක්‍ෂ චිකිත්සාවන් දක්වා තිබූවත් එ්වා රෝගීන්ට යොදා සුව නොවන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ වදාල ‘කම්ම විපාකජා ආබාධා’ කර්ම විපාකයන් හේතුවෙන් හටගන්නා ආබාධයන්ගේ ගණයට එකතුවීම නොවැලැක්විය හැකිය. ජාති, ජරා, මරණ, ව්‍යාධි ආදී අනේක විධ දුක්ඛයන් ගෙන් පීඩිත වූ සංසාරය නැමැති කටු ලැහැබේ අතරමං වූ සත්වයාගේ ව්‍යාධි දුක් කිසි අයුරකින් නිෂ්ඨාවටම සුවකල නොහැක්කේමය. එම පරම සත්‍යයකි.

එහෙත් සත්වයාගේ භව දුකට පිළියම් කොට රාග, ද්වේෂ, මෝහ නැමැති රෝග නිධානයන්ට ප‍්‍රතිකාර කොට එකී සියළු කායික මානසික දොස් ශරීරයෙන් විරේඛනය කරවූ සියළු දෙව් මිනිස් ප‍්‍රජාවන්ගේ එකම වෛද්‍යවරයාණන් වූ, මහා සෘෂි, සම්බුදුරජාණන් වහන්සේ සංයෝග කොට වදාළ ශ‍්‍රී සද්ධර්මය නැමැති අමෝඝ ඖෂධය වැළඳීමෙන් සකලවිධ රෝග ව්‍යාධීන් නිෂ්ඨාවටම සුව වන බව නම් ඉඳුරාම පැවසිය හැක. එය අත්දුටු ප‍්‍රත්‍යක්ෂ පරම සත්‍යයකි. සකල සත්වයෝ ම එකී ඖෂධය වළඳත්වා….!
සියළු සත්වයෝ සුවපත් වෙත්වා!

සටහන
ආයුර්වේද වෛද්‍ය
පුලස්ති අධිකාරී