අපේ මේ පින්බිම වන ශී‍්‍ර ලංකාවේ ජීවත්වෙන යම් කෙනෙක් ඕනෑම ප‍්‍රදේශයකට ගියොත් එ් ඕනෑම පැත්තක ධාතූන් වහන්සේලා වැඩ සිටින සෑයක්, මන්දිරයක් තිබෙනවා. නමුත් මිනිසුන් දන්නේ නැහැ ධාතූන් වහන්සේ ඇසුරු කරගෙන කොහොමද පින් කරන්නේ කියා.

බුදුරජාණන් වහන්සේගේත්, රහතන් වහන්සේලාගේත් ධාතූන් වහන්සේලා ඉතිරි වෙන්නේ සකල සතට සෙත පිණිසයි. අමා මහ නිවන පිණිස පින් පුරාගන්න ඒ තුළින් හැකිවෙනවා. එ් නිසයි තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ඉතිරි වෙන්නේ.

එ් ධාතූන් වහන්සේලා කොහොම ද බෙදුණේ? එ් ධාතූන් වහන්සේලාගේ ස්වභාවය කොහොම ද? හඳුනාගන්නේ කොහොම ද? ධාතූන් වහන්සේලා ඇසුරෙන් පින් කරන්නේ කොහොම ද? එ් වගේ ම ධාතූන් වහන්සේලා පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන්නේ කොහොම ද කියා බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයාට යම් දැනුමක් තිබිය යුතු වෙනවා.

ධාතූන් වහන්සේලාගේ පරම්පරා කථාවේ ආරම්භය සිදුවන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නත් කලින් බෝධිසත්ව කාලයේ දී ම යි. මේ කරුණු ඔබට කියවන්නට, ඉගෙනගන්නට හැකි වුණොත් ඔබගේ සිතේ බලවත් වූ චිත්ත පී‍්‍රතියක් ශ‍්‍රද්ධාවක් ඇති වේවි.
ඔබට ධාතූන් වහන්සේලා දකින්න, වඳින්න, පුදන්න ලැබෙනවා කියන එක පුදුම ලාභයක්. ලෝකයේ ජනගහනයෙන් ඉතාමත් සුළු පිරිසකට තමා ධාතූන් වහන්සේලා දකින්න, ඇසුරු කරන්න ලැබෙන්නේ. එ් නිසා අප සිතනවා මේ දහම් ලිපිය එයට ලොකු අස්වැසිල්ලක් වේවි කියා.
බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා බෙදුන ආකාරය, එ් ධාතූන් වහන්සේලා හඳුනාගන්නා ආකාරය, ධාතූන් වහන්සේලා වැඩ සිටින ආකාරය, ඍද්ධි ප‍්‍රාතිහාර්ය දක්වන ආකාරය ගැන ඔබටත් යම් අවබෝධයක් තිබිය යුතු වෙනවා.
තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා කොටස් තුනකින් හඳුන්වනවා. එ්,

1. ශාරීරික ධාතු
2. පාරිභෝගික ධාතු
3. උද්දේසික ධාතු

වශයෙනි. ශාරීරික ධාතු කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයේ ම තිබෙන කොටස්. එ් තමයි අස්ථි ධාතූන් වහන්සේලා, ලලාට ධාතූන් වහන්සේ, දන්ත ධාතූන් වහන්සේලා සතරනම, අකු ධාතූන් වහන්සේලා දෙනම, ද්‍රෝණ අටක් වූ සර්වඥ ධාතූන් වහන්සේලා, කේශ ධාතූන් වහන්සේලා, නඛ (නිය) ධාතූන් වහන්සේලා. එ් සියල්ල ශාරීරික ධාතූන් වහන්සේලා ලෙසයි හඳුන්වන්නේ.

ඊ ළඟට පාරිභෝගික ධාතූන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පරිභෝගික කළ දේ. එ් අතර බැබළෙන පාරිභෝගික ධාතුවක් තමා විජය ශී‍්‍ර ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ. එ් වගේ ම තථාගතයන් වහන්සේගේ චීවර ධාතුව, පාත‍්‍රා ධාතුව, ඉණ පටිය, අතුරන ඇතිරිල්ල, ඉඳගන්න ඇතිරූ ඇතිරිල්ල… පාරිභෝගික ධාතූන් ලෙස හඳුන්වනවා. එ් වගේ ම බුදුරජාණන් වහන්සේ වැඩි පුණ්‍යභූමිත්
පාරිභෝගික ධාතූන්. එ් ධාතූන් වහන්සේලා වැඳුම් පිදුම් කිරීමෙන් දෙලොව ම යහපත පිණිස අපමණ පින් රැස්වෙනවා.

ඊ ළඟට උද්දේසික ධාතූන් කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් කළ දේයි. එහි දී ප‍්‍රතිමා වහන්සේ මුල් තැන ගන්නවා.
එහි දී ඔබ සිරිපා සටහනක් සටහන් කර වඳිනවා නම් එයත් උද්දේසික ධාතූන් වෙනුවෙන්. ධර්ම චක‍්‍රයක් බුදුරජාණන් වහන්සේ ලෙස සටහන් කර වඳිනවා නම් එය උද්දේසික ධාතූන්. එ් වගේ ම ධාතු තැන්පත් නැතිව කරඬුවක්, සෑයක්, පිළිරුවක්, රූප රාමුවක් කෙනෙක් වඳිනවා නම් එ්වා උද්දේසික ධාතු ලෙසයි හඳුන්වා තිබෙන්නේ. තථාගතයන් වහන්සේ කෙතරම් ආනුභාව සම්පන්නයි ද කියනවා නම් උන්වහන්සේගේ ප‍්‍රතිමාවකට වැන්දත් අපමණ පින් රැුස් වෙනවා. උන්වහන්සේගේ ප‍්‍රතිමාවල පවා භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය පිහිටා තිබෙනවා.

ඈත අතීතයේ කැලණිතිස්ස රජතුමාගේ කාලයේ මුහුද ගොඩ ගැලූදා එ් ගොඩගැලීම නවත්වන්න ශක‍්‍ර දේවේන්ද්‍රයා ශෛලමය ප‍්‍රතිමාවක් මවා වෙරළේ තබා තිබෙනවා. එතැනින් මුහුදු රැල්ල නතර වෙලා. දසමාර සේනා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ සුණු විසුණු වී ගියා වගේ මුහුදු රැල්ල උන්වහන්සේගේ ප‍්‍රතිමාව අබියස දී විනාශ වුණා කියා සඳහන් වෙනවා. එ් වගේ ම අවුරුදු පන්දහසක් ගිය කල සියලූ ප‍්‍රතිමා අතුරුදහන් වෙනවා.

එ් නිසා උද්දේසික ධාතූන් ලෙස බුද්ධ ප‍්‍රතිමා මුල් තැනක් ගන්නවා. එනිසයි සෑම විහාරස්ථානයක ම බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය වෙන්නේ.
අප මෙලෙස පාරිභෝගික ධාතූන් වහන්සේ ගැනත්, උද්දේසික ධාතූන් වහන්සේ ගැනත් ඔබට යම් තරමකට කියා දුන්නා. මෙයට අමතර විශාල විස්තරයක් ශාරීරික ධාතූන් වහන්සේලා සම්බන්ධ ව තිබෙනවා. අප කථා කරන, පැහැදෙන, වඳින පුදන, කඳු ගණන් දානය පූජා කරන බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ අබ ඇටයක් තරම් ධාතූන් වහන්සේ නමකට වඳින්න, පුදන්න එ් විස්තර අසන්න ලැබෙනවා නම් එය ඉතාමත් අසිරිමත්. තමාගේ ඇස්වලින් ධාතූන් වහන්සේ නමක් දැක්කේ නැතත් මේ කරඬුවේ ධාතූන් වහන්සේනමක් වැඩ සිටිනවා කියන පණිවිඩය ම ඇති සිත පහදවා ගන්න. එවැනි ශ‍්‍රද්ධාවක් උපදින්නේ ධාතූන් වහන්සේ ගැන විස්තරය ඔබ අසා ඉගෙනගෙන සිටී නම් පමණයි.

බුද්ධ ශාසනයේ ඉදිවූ පළමු ස්ථූප දෙක

මුලින් ම ධාතූන් වහන්සේ නමක් ගැන මේ බුද්ධ ශාසන ඉතිහාසයේ කථා වෙන්නේ අපගේ තථාගතයන් වහන්සේ බෝධිසත්ව අවධියේ යි. උන්වහන්සේ මායා මව්කුසේ පිළිසිඳ ගත් විට මේ තුන්ලොව ම සලිත වුණා. මහපොළොව කම්පා වුනා. අප‍්‍රමාණ ආලෝකයක් විහිදුනා. එ් වගේ ම එ් මායා බිසව ප‍්‍රකෘතියෙන් ම සීලවන්ත වෙනවා. එ් බිසව දෙස රාග සිතකින් කිසිදු පුරුෂයෙකුට බලන්න බැරිව යනවා. එ් බිසවට තම කුස තුළ සිටින දරුවා දෑසට පෙනෙනවා. එ් වගේ ම සතරවරම් දෙවියෝ සතර කොණේ සිට මවත්, දරුවාත් ආරක්ෂා කරනවා.

මහා බෝධිසත්වයෝ ලූම්බිණි සල් උයනේ දී වෙසක් පුන් පොහෝදා මහපොළොව කම්පා කරවමින් උපන්නා. උන්වහන්සේගේ පුංචි සිරිපතුල් පිළිගන්න පොළොව දෙදරවා නෙළුම් කුසුමන් පිපුණා. උතුරු දිසාවට පියවර හතක් වැඩම කළා. එ් දරුවා පළමු පියවර තබද්දී මහපොළොවේ එ් සිරිපතුල පිහිටියා. අදටත් ලූම්බිණියේ සටහන් ව ඇති එ් උතුම් සිරිපා සටහනට දෙවි බඹුන් පවා වන්දනා කරනවා.
සඳක් මෝරනවා වගෙයි බෝසතාණන් වහන්සේ ගෘහ ජීවිතයේ වැඩුණේ. උන්වහන්සේ සතර පෙරනිමිති දැක ගෘහ ජීවිතය අත්හැරියා. තමන් වෙනුවෙන් ජීවිතය කැප කරන්න කාලාන්තරයක් සිට පෙරුම් පුරාගෙන ආ යසෝදරා, සිඟිති රහල් කුමරා අත්හැරියා. සසරේ දේ අත්හරිනවා කීම පුදුම දෙයක්. ඔබ ජාතක කථා කියවා ඇති එ් හැම කථාවක ම බිරිඳ යසෝදරා. එ් බොහෝ කථාවල පුතා වෙලා ඉපදුණේ රාහුලයන්. මෙලෙස සසරේ ආ බැඳීම් අත්හැරියා.

උන්වහන්සේ ගිහිගෙය අත්හැර යද්දි මාළිගාවේ වසා තිබුණ සෑම දොරටුවක් ම දෙවියන් විසින් ඇර දුන්නා. අශ්වයා තබන කුර හඬ කිසිවෙකුට ඇසුණේ නැහැ. එය ආශ්චර්යයක්, සසරේ කවදාවත් කවර කෙනෙකුටවත් මහා බෝධිසත්වයෝ දොරක් වහලා නැහැ. එ් නිසා ගිහි ගෙයින් නික්ම යද්දී හඬ නොනගා ඒ සියලූ දොරටු විවර වුණා.

සිළුමිණ සෑ ධාතු කථාව

මහා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක‍්‍රමණය කර පළමු කෙස් වැටිය වම් අතින් අල්වාගෙන දකුණු අතින් මංගල කඩුවෙන් කපා උන්වහන්සේ අධිෂ්ඨාන කරනවා ‘මට ගෘහ ජීවිතයේ තමා මේ සියලූ බැඳුම් තිබෙන්නේ. මාගේ කෙස් වැටිය සිඳී යනවා වගේ ගෘහ බන්ධනය සිඳී යනවා නම් එය කොතරම් හොඳ ද?’ කියා. කපා දැමූ නිල්වන් කේශ කලාපය සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ හස්තයේ තිබිය දී එ් දෙස බලමින් කල්පනා කරනවා, ‘සසරේ කෙතරම් නම් කෙස් පොළොවට පස්වෙලා යන්න ඇද්ද? මේ පොළොවට පස් එකතු කරන ජීවිතය මෙයින් නතර වෙනවා නම්, මම අදහස් කරන ගමන සඵල වෙනවා නම් මෙම කෙස් කළඹ බිම නො වැටේවා!’ මෙසේ කියා අධිෂ්ඨාන කරමින් එ් කෙස් ඉහළට විසි කළා. පුලූන් රොදක් වගේ රැස් දහරා විහිදවමින් බෝධිසත්වයන්ගේ කෙස් රොද ආකාසයේ ඉහළට වැඩියා.
මහා බෝධිසත්වයෝ කේශ කලාපය මඟුල් කඩුවෙන් සිඳින විට එ් සෑම කෙස් ගහක් ම අඟල් දෙක ගණනේ ඉතිරි වෙන්නයි කැපුනේ. එ් සියලූ ම කෙස් දක්ෂිණාවර්තව සිරසේ කැරකුණා. එය පිරිනිවන් පාන තෙක් බුදු සිරසේ තැන්පත් ව තිබුණා. අලූතින් කෙස් වැවීමක් සිදුවුණේ නැහැ. අඟල් දෙකක් දිගට කේශ ධාතූන් වහන්සේ කැරකිලා පිහිටියා. චාතුම්මහාරාජික දෙවියන්ගේ දෙව්ලොව එ්කාලෝක කරමින් කෙස් කළඹක් ඉහළට යනවා. තව්තිසාවේ සක්දෙවිඳු බැලූවා කුමක් ද මේ විහිදෙන නිල්වන් රශ්මි දහරාව. දුටුවා අභිනිෂ්ක‍්‍රමණය කළ බෝසතාණන්ගේ කේශ කලාපය යි. එ් මොහොතේ ම රන් කරඬුවක් මැව්වා. එ් රන් කරඬුව තුළ නීලවර්ණ කේශ ධාතූන් වහන්සේ තැන්පත් කළා. ඉන්පසු යොදුන් තුනක් උස සෑයක් තැනවූවා. එ් සෑය ‘සිළුමිණ සෑය යි’. එ් සිළුමිණ සෑය දෙවියන්ට පින් පුරන්න මහා වස්තුවක් වුණා. මුළු දෙව්ලොවට ම තිබෙන එක ම සෑය සිළුමිණ සෑය යි. එ් සෑ රජාණන් වහන්සේට පැරැණි මුතුන් මිත්තන් කවිවලින් පවා වන්දනා කර තිබෙනවා.

බෝධිතෝ පුරිමඤ්ඤේව – චූළා දුස්සමණීරිතේ
තාවතිංස මුනින්දස්ස – තිදසින්දේන පූජිතා

බුදුවීමට පෙර ම තව්තිසා දෙව්ලොව සක් දෙවිඳු විසින් අප මුනිඳුන්ගේ කේශ ධාතූන් වහන්සේ පුදන ලද්දේ ය.

චූළා තියෝජන ගබ්භේ – මණිථූපේ පතිට්ඨිතා
තහිං දක්ඛිණදාඨා ච – දක්ඛිණක්ඛක මේව ච

තුන් යොදුන් එ් මැණික් ථූපයෙහි අභ්‍යන්තරයේ දකුණු දළදා වහන්සේ ද අකු ධාතූන් වහන්සේ ද නිධන් විය.

පරිනිබ්බුතම්භි සම්බුද්ධේ නිහිතා ධාතුයෝ දුවේ
තං චූළාමණි චේත්‍යංච – නමාමි සිරසා අහං

එ් ධාතූන් වහන්සේ දෙනම නිධන් වූයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පසුවයි. එ් උතුම් සිළුමිණ සෑය මම සිරසින් වන්දනා කරමි.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ දකුණු දළදා වහන්සේ තැන්පත් වුණා. ධාතූන් වහන්සේගේ පරම්පරා කථාව මෙසේ සිළුමිණ සෑයෙන් ආරම්භ වෙනවා.

සළුමිණ සෑය

එ් වගේ ම මහා බෝසතාණන් වහන්සේට වස්ත‍්‍ර දෙකයි. එ් තමයි උතුරු සළුව සහ ජෝතිය ලෙස ඉණට ඇඳපු ඇඳුම. බඹ ලොව වැඩ සිටියා ඝටීකාර බ‍්‍රහ්මරාජයා. කාශ්‍යප බුද්ධ ශාසනයේ ශ‍්‍රමණයන් වහන්සේලා දැකල තිබුණ උත්තමයා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග‍්‍ර උපාසකයා. එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ ජෝතිපාල නමින් සිටි ඝටීකාර බ‍්‍රහ්මයාගේ පි‍්‍රය මිත‍්‍රයා අභිනික්මන් කරනවා. බැලූවා මුනිවරු මොනව ද පාවිච්චි කළේ. අඳනය, දෙපට සිවුර, තනිපට සිවුර. එ් වගේ ම පිණ්ඩපාතයට පාත‍්‍රයක් ඕන. කෙස් රැුවුල් බාන්න උපකරණයක් පාවිච්චි කළා. එ් වගේ ම සිවුරු මැසීමට ඉඳිකටුවයි නූල් බෝලය යි, පැන් පෙරන්නට පෙරහන්කඩ යි, අඳනය තද කර ගැනීමට ඉණ පටිය, එ්කට එකතු වුණා. මුලින් ම අටපිරිකරය කියන දේ බිහිවුණා. ඝටීකාර බ‍්‍රහ්මයා තමා ශ‍්‍රමණයෙකුට මේ පිරිකර අට පූජා කළේ. උන්වහන්සේ අඳනය සිරුරට පොරෝගත්තා. ගිහි සළු දෙක අතට අරගෙන කල්පනා කළා .‘සසරේ කෙතරම් නම් ගෘහ ඇඳුම් ඇඳ ඇද්ද? එ් එක ඇඳුමක්වත් මගේ අවසාන ඇඳුම වුණේ නැහැ.’ මහාබෝධිසත්වයෝ අධිෂ්ඨාන කරනවා ‘මාගේ මේ හස්තයේ තිබෙන්නේ මේ ජීවිතයේ අවසාන ගෘහ වස්ත‍්‍ර නම් මේ වස්ත‍්‍ර පොළොවට නො වැටේවා!’ මෙසේ කියා එ් වස්ත‍්‍ර ආකාසයට විසි කළා. සුදු පාට රශ්මි විහිදවමින් සළුවක් අහසට යනවා. එය නවතාලන්නට චාතුම්මහාරාජික, තාවතිංස, තුසිත, නිම්මානරතී, පරනිම්මිතවසවත්තී දෙවියන්ටත් බැරිවුණා. දෙව්ලොව අභිබවා ශ්වේතවර්ණ සිත් ඇති බ‍්‍රහ්මයන්ගේ ලෝකයට සළුව යනවා. බ‍්‍රහ්ම කායික දෙවියෝ, බ‍්‍රහ්ම පුරෝහිත දෙවියෝ, මහා බ‍්‍රහ්ම දෙවියෝ දෝත නළලේ තබා සාදුකාර පවත්වනවා මුනිවරයෙක්ගේ සළුවක් එනවා කියමින්. අවසානයට ගෘහ ජීවිතයේ ඇඳපු සළුව සහම්පති මහා බ‍්‍රහ්මයා මැණික් කරඬුවක් මවලා එ් කරඬුවේ තැන්පත් කරනවා. කරඬුව යොදුන් දොළහක් උස සෑයක් හදලා එහි තැන්පත් කරනවා. එ් සෑය ‘සළුමිණ සෑය’. ධාතුන් වහන්සේගේ පරම්පරා කථාවේ ඉදිවෙන දෙවන සෑය. පසු කාලයක වම් අකු ධාතූන් වහන්සේත් තැන්පත් වුණේ බ‍්‍රහ්ම ලෝකයේ. අදටත් බ‍්‍රහ්මයෝ අකු ධාතූන් වහන්සේ වන්දනා කරමින් මහා පින් පුරෝගන්නවා. සියලූ ම බ‍්‍රහ්මලෝකවලට තිබෙන එක ම එක සෑය සළුමිණ සෑය යි. ශක‍්‍ර දෙවියන්වත් තවම එ් සළුමිණ සෑය වන්දනා කර නැහැ. දෙවියන් සිළුමිණ සෑයත්, බ‍්‍රහ්මයෝ සළුමිණ සෑයත් වන්දනා කරනවා. සියලූ ම බ‍්‍රහ්මයන්ගෙන් වැඳුම් පිදුම් ලබන සළුමිණ සෑය කෙතරම් ආනුභාව සම්පන්න ද? කොතරම් තේජවන්ත ඇති ද? එ් උතුම් සළුමිණ සෑයටත් අපගේ නමස්කාරය වේවා!

බ‍්‍රහ්මලෝකේ දුස්සවරං – වාම අක්ඛකධාතුයා
සද්ධං පූජෙන්ති බ‍්‍රාහ්මණෝ – ථූපේ ද්වාදසයෝජනේ
අහංපි තං නමස්සාමි – දුස්සචේතිය මුත්තමං

බෝසතුන් මුදාහළ සළුව ද වම් අකු ධාතූන් වහන්සේ ද නිධන් කොට කරවූ දොළොස් යොදුන් ථූපය බ‍්‍රහ්මයෝ වන්දනා කරන්නාහු ය. එ් උතුම් සළුමිණ සෑය මම වන්දනා කරමි.

විශේෂ පුණ්‍යානුමෝදනාව
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේලාට