දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ ද්වේෂය හෙවත් ව්‍යාපාදය ප‍්‍රහාණය කිරීම පිණිස මෛති‍්‍රය ප‍්‍රගුණ කරන්න කියා යි (මෙත්තා භාවේතබ්බා ව්‍යාපාදස්ස පහානාය). එම නිසා ඔබ පහත කරුණු අනුගමනය කිරීමට උත්සාහ ගන්න. එවිට ක‍්‍රමයෙන් ද්වේෂය පාලනය වී මෙත් සිත බලවත් වේවි.

x දිනපතා තෙරුවන් වන්දනා කොට කරණීය මෙත්ත සූත‍්‍රයත්, ඛන්ධ පිරිතත් අර්ථ මෙනෙහි කරමින් සජ්ඣායනා කරන්න.

x හැකි සෑම විටක දී ම භාවනාවක් වශයෙන්, කරණීයමෙත්ත සූත‍්‍රයේ සඳහන් පරිදි සිව් ඉරියව්වේ දී ම මෛතී‍්‍ර චිත්තය පුරුදු කරන්න උත්සාහ ගන්න.

x එමෙන් ම අන් අය කෙරෙහි නිතර මෛතී‍්‍ර සහගත කි‍්‍රයා (මෙත්තා කාය කර්ම), මෛතී‍්‍ර සහගත වචන (මෙත්තා වචී කර්ම), මෛතී‍්‍ර සහගත අදහස් (මෙත්තා මනෝ කර්ම) පවත්වන්න කැමැත්ත ඇතිකරගෙන එ්වා පුරුදුකර ගන්න.

x සෑම දිනක ම උදෑසනත්, යම්කිසි කටයුත්තක් ආරම්භයේදීත් ‘‘මම තරහ ගන්නේ නෑ” කියා හිතට කලින් ම පූර්ව යෝජනාවක් කර ගන්න.

x භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට නිතර අන් අයගේ ගුණ ම මෙනෙහි කරන්න. අඩුපාඩු වැරදි මෙනෙහි නො කිරීමට උත්සාහ ගන්න.

x භාග්‍යවතුන් වහන්සේ වදාළේ ‘‘දරුණු හොරු දෙන්නෙක් අතපය කපද්දිත් එ් අය කෙරෙහි තරහ සිතක් ඇති කර ගන්න එපා.” කියලයි. ඉතින් මම මේ පොඩි දේට තරහ ගන්නේ ඇයි? කියා සිතන්න පුරුදු වෙන්න.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 071 547 86 55
තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න
ඔබේ ගැටළුවලට පිළිතුරු ඉදිරි මහාමේඝ කලාපයන් ඔස්සේ…