දන් දීම යනු කුසලයකි. බුදුරජාණන් වහන්සේ වදාළේ දන් දීම යනු නුවණැතියන්, සත්පුරුෂයන් විසින් ප‍්‍රශංසා කරන දෙයක් බවයි. එහි දී ද නුවණින් කල්පනා කොට සකසා දෙන දානය මහත් ඵල මහානිසංස වේ. වෙසක් පොහොය නිමිති කරගෙනත්, පොසොන් පොහොය නිමිති කරගෙනත් බොහෝ අය දන්සැල් පවත්වන නිසා වඩා ප‍්‍රතිඵල ලැබෙන අයුරින් එය සිදුකිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් ය.

මුලින් ම දන්සැල් පවත්වන පින්වතුන් කල්පනා කළ යුත්තේ තමා මේ සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් බවයි. දානයට තෝරා ගන්නා ද්‍රව්‍ය වස්තූන් ධාර්මිකව සොයාගත් එ්වා විය යුතු ය. තමනුත් අනුන්වත් ණොපෙලා දානය සකස් කිරීමට වග බලා ගත යුතු ය. දානය සකස් කිරීම සම්බන්ධයෙන් ගමේ හෝ නගරයේ පින්වත් ස්වාමීන් වහන්සේනමක් මුණගැසී එ් සඳහා අවශ්‍ය ධාර්මික අවවාද හා අනුශාසනා ලබා ගැනීම වැදගත් ය. දානය සකස් කිරීමට පෙර සියලූ දෙනා තිසරණ සහිත සීලයක් සමාදන් වී තුන් සූත‍්‍රය හා මහා ජයමංගල ගාථා සජ්ඣායනා කොට දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීමෙන් කටයුතු ආරම්භ කිරීම ඉතා වටී. දන්සැල හඳුනාගැනීමට හැකි වන පරිදි බැනරයක් ප‍්‍රදර්ශනය කිරීම ද බෞද්ධ බවේ සංකේතය වන බෞද්ධ කොඩි කිහිපයක් දන්සැල අවට ප‍්‍රදර්ශනය කිරීම ද සුදුසු ය. නමුත් බෞද්ධ කොඩි අතින් රැුගෙන පාරේ යන වාහන නැවැත්වීමට එය යොදාගැනීම නුසුදුසු ය. එය බෞද්ධ කොඩියට සිදුකරන අගෞරවයකි. විවිධ විකාර ඇඳුම්වලින් නො සැරසී චාම් ඇඳුමක් භාවිත කිරීම දන්සැලට මහත් අලංකාරයක් ගෙනදේ. නො ගැළපෙන ගීත හා වාද්‍ය භාණ්ඩ ශබ්ද විකාශන යන්ත‍්‍රවලින් ඇසීමට සැලැස්වීම කිසිසේත් ම නො කළ යුතු ය. නමුත් ශ‍්‍රද්ධාව ඉස්මතුවෙන කවි හා චාම් සරල බෞද්ධ ගීත ඇසීමට සැලැස්වීමේ වරදක් නැත. නමුත් එය ද සිදුකළ යුත්තේ අන් අයට හානියක් නො වන ලෙසට ය. දන් පිළිගැනීමට පැමිණෙන පින්වතුන්ට ප‍්‍රසන්න මුහුණකින් යුතුව සංග‍්‍රහ කළ යුතු ය. අසවල් දන්සැලට වඩා අප වැඩියෙන් කළ යුතුයි යනාදී තරඟකාරී හැඟීමකින් තොරව සාමූහික හැඟීම ඉස්මතු කර ගත යුතු ය.

පාරේ යන වාහන බලෙන් නවත්වා ඔවුන්ට බල කිරීම නො කළ යුතු ය. ඔවුන් කැමති නම් පමණක් සහභාගී කරවා ගත යුතු ය.

දානය අවසන් වූ පසු තමන්ට විශාල පිනක් රැුස්කර ගත හැකි වූවායි සතුටු විය හැකි ය. උදව් උපකාර කළ සියලූ දෙනාට පින් අනුමෝදන් කිරීමට අමතක නො කරන්න. දන්සැල පැවැත්වූ අවට ප‍්‍රදේශය පිරිසිදු කරන්න. අවසානයේ දෙවිවරුන්ටත් පින් අනුමෝදන් කරන්න. මෙලෙස බෞද්ධ වත පිළිවෙත අනුව සකසා දන් දෙන කෙනා මහත් ඵල පින් රැුස්කර ගන්නේ ය.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 071 547 86 55
තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න
ඔබේ ගැටළුවලට පිළිතුරු ඉදිරි මහාමේඝ කලාපයන් ඔස්සේ…