ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකළ සිරි ශාක්‍යපුත්‍ර මහාකස්සප මහ සෑ රජාණන් වහන්සේ ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය මෙම මස 11 වන දින සිදු කිරීමට නියමිතයි.

මෙම සෑ ගර්භය තුළ අලංකාර බුද්ධ ප්‍රතිමාවකුත් සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කස්සප, ආනන්ද, උපාලි යන උතුම් මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලාත් තැන්පත් කොට තිබෙනවා. එමෙන්ම අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේත් මහා කස්සප මහරහතන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත් දෙවිවරුන්ගේත් සිතුවම් වලින් සෑ ගර්භය අලංකාර වී තිබෙනවා.

2016-06-04 සහ 05 දින වල උදෑසන 6.30 සිට සෑ රජුන් තුළ තැන්පත්වන ධාතුන්වහන්සේලා, නිධන්වස්තු සහ සිතුවම් කරනලද ධාතුගර්භය ප්‍රදර්ශනය කිරීම

2016-06-11 වන දින උදෑසන 8.00 ට සෑ රජුන්ගේ කොත් නිරාවරණය

2016-06-11 වන දින සවස 4.00 ට මහා සෑ වන්දනාව

මෙම උතුම් පින්කමට සහභාගී වීමට සැදැහැති ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

විමසීම් – 0715837745 / 0912233061