කරුණාවෙන් දැනුම්දීම යි.

අපවත් වී වදාළ සේරුවිල මංගල රාජමහා විහාරාධිපති ශ‍්‍රී කල්‍යාණිවංශ නිකායෙහි අනුනායක, අතිපූජ්‍ය සේරුවිල සරණකිත්ති මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ කථාබහ පවතින අතරේ, සේරුවිල රාජමහා විහාරස්ථානයේ අධිපතිභාවය පිළිබඳ දෙපාර්ශවයක් අතර ගැටලූ‍ පැන නැගී ඇති බවට මාධ්‍ය වලින් විවිධ තොරතුරු දැනගන්නට ලැබේ. එහි එක් පාර්ශවයක් ලෙස පූජ්‍යපාද කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂූන් වහන්සේලා කීප නමක් පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු දක්වා ඇත. එනමුදු අනිත් පාර්ශවය පිළිබඳ ව නම සඳහන් නො වන හෙයින් පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නාව භාවනා අසපුව ඈඳා ගන්නට උත්සහ දරන බව දක්නට ඇත.

මෙහි අනෙක් පාර්ශවය නම් පූජ්‍යපාද මුංහේනේ මෙත්තාරාම ස්වාමීන් වහන්සේ ඇතුලූ‍ සඟ පිරිසකි. සේරුවිල අධිපතිභාවය පිළිබඳ අයිතිය අධිකරණයෙන් තීන්දු විය යුත්තක් හෙයින් ඒ පිළිිබඳ ව අපි කිසිවක් නො පවසමු. විශේෂයෙන් ම සැදැහැවත් බෞද්ධ ජනතාවට අප දැනුම් දෙනු ලබන්නේ සේරුවිල විහාරාධිපති පදවිය පිළිබඳ අර්බුදයට පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ හෝ මහමෙව්නාව භාවනා අසපුව කිසිසේත් සම්බන්ධ නැති බවයි. මෙතෙක් කලක් සේරුවිල විහාරස්ථානයේ මහමෙව්නාවේ සඟ පිරිස වැඩ වසමින් වත් පිළිවෙත් කිරීම්, රන්වැට පූජා කිරීම් ආදී සියලූ‍ පින්කම් සිදු කරනු ලැබුවේ අපවත් වී වදාළ ගුරුදේව මාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම අනුව පමණි. එසේ නොමැතිව සේරුවිල අයිතිවාසිකම් කීමේ අදහසින් නොවේ. ඉදිරියෙහි ද එබඳු අදහසක් නැත්තේ ය.

මෙයට
මහමෙව්නාව භාවනා අසපුව.